Pages

Wednesday, May 28, 2014

8 වැනි ජාතික බාලදක්‌ෂ ජම්බෝරිය

8 වැනි ජාතික බාලදක්‌ෂ ජම්බෝරියේ උපුටා ගැනීම
 
දරුවන් සතුටින්නම්, විනයගරුකනම්, දක්‌ෂනම්,
රටේ අනාගතය අනිවාර්යයෙන්ම සුබදායකයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂයා


 













අඟුණකොළපැලැස්‌සේදී 2010 දෙසැම්බර් 27 වැනිදා ඇරැඹි 08 වැනි බාලදක්‌ෂ ජම්බෝරියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බාලදක්‌ෂයන් විසින් පිළිගෙන උත්සව භූමියට රැගෙන යන අයුරු.

රටක අනාගතය කෙබඳුදැයි තීරණය කළ හැක්‌කේ එම රටේ දරුවන් දෙස බැලීමෙනි. දරුවන් සතුටින් නම්, ඔවුන් විනයගරුක නම්, දක්‌ෂ නම් එම රටේ අනාගතය අනිවාර්යයෙන්ම සුබදායක බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

08 වැනි ජාතික බාලදක්‌ෂ ජම්බෝරිය රන්න, අඟුණුකොලපැලැස්‌ස, එරමිණියාය ක්‍රීඩාංගණයේදී ඊයේ (27 දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අදහස්‌ දැක්‌වූ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් බාලදක්‌ෂයින් 15,000 ක්‌ පමණ මීට සහභාගි වී සිටියහ. බාලදක්‌ෂයන්ගේ දක්‌ෂතා වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මෙම බාලදක්‌ෂ ජම්බෝරිය 30 වැනිදා දක්‌වා පැවැත්වේ.

ළමුන් වෙනුවෙන් ලොව බිහිවූ විශාලතම ස්‌වෙච්ඡා සංවිධානය වන බාලදක්‌ෂ සංගමය 2012 වසරේ දී සිය ශත සංවත්සරය සමරයි. ඒ නිමිත්තෙන් මෙය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබිණි. වයස 07-11 අතර කුඩා දරුවන් මෙවර ජාතික බාලදක්‌ෂ ජම්බෝරියට එක්‌වන අතර ප්‍රථම වරට කාන්තා බාලදක්‌ෂ කණ්‌ඩායම් ද මේ සඳහා එක්‌වනු ඇත.

මෙයට සමගාමීව අවුරුදු 7-11 ත් අතර බාලදක්‍ෂයන්ගේ 9 වැනි බාලදක්‌ෂ ජම්බෝරිය අම්බලන්තොට ලුනම දුටුගැමුණු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙම බාලදක්‌ෂ ජම්බෝරියට උතුරු නැගෙනහිර ඇතුළුව බාලදක්‌ෂයන් 9000 ක්‌ සහභාගි වූහ.

ජනාධිපතිවරයා මෙසේද කීවේය (- මේ රටේ ප්‍රධාන බාලදක්‌ෂයා විදියට අද මේ පවත්වන අටවැනි ජාතික ජම්බෝරියට මම සහභාගි වෙන්නේ බොහෝම සතුටින්. සම්මාන දෙන්න වගේම ජම්බෝරි පැවැත්වෙන අවස්‌ථාවලට සහභාගි වෙලා ඉන්න මේ සමහර බාලදක්‌ෂයන්ගේ මුහුණු මට හොඳට මතකයි. මේ දරුවන්ගේ මුහුණු දැක්‌කම මේ රට පිළිබඳ විශාල බලාපොරොත්තු අපට ඇති වෙනවා.

රටක අනාගතය කොයි වගේද කියලා තීරණය කරන්න නම් ඒ රටේ දරුවන්ගේ මුහුණ බලන්න ඕනෑ කියලා කියමනක්‌ තියෙනවා. දරුවෝ සතුටින් නම්, ඔවුන් විනයගරුක නම්, දක්‌ෂ නම්, උගත්කම් තියෙනවා නම් ඒ රටේ අනාගතය සුබදායකයි. ඒ නිසා අපි විශාල බලාපොරොත්තු තියලා තියනවා මේ දරු පරපුර විනයගරුක දරු පරපුරක්‌ බවට පත් කරන්න මේ බාලදක්‌ෂ ව්‍යාපාරය තුලින් හැකිවනු ඇතැයි කියලා. එය සිදුකරන්න ඔවුන් කැපවෙලා තියෙනවා.

මේ බාලදක්‌ෂ ව්‍යාපාරය ආරම්භ කරලා 2012 වසරට වසර 100 ක්‌ සම්පූර්ණ වෙනවා. නමුත් බාලදක්‌ෂ ව්‍යාපාරය ආරම්භ කළේ විසි දෙනකුගෙන්. අද වෙනකොට මේ බාලදක්‌ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව 48,000 ක්‌ ඉන්නවා. මෙතනදී මම සතුටු වෙන එක කාරණයක්‌ තියෙනවා.

බාලදක්‌ෂයන්ට ඔවුන්ගේ වැඩ කටයුතුවලට කාගේවත් චෝදනාවක්‌ එල්ල වෙලා නැහැ. චෝදනා එල්ල වෙන විදියට මේ දරුවෝ තමන්ගේ සේවය සපයලා නැහැ. මට මතකයි 1978 මහා සුළි සුළඟ ආ කාලය. එදා හිටපු බාලදක්‌ෂයෝ විපතට පත්වුන ජනතාවට දැවැන්ත සේවයක්‌ කළා.

ඒ වගේම අපට මතකයි මේ රට සුනාමි ව්‍යසනයට ගොදුරු වුණු අවස්‌ථාවේ පීඩාවට පත්වෙච්ච අසරණ ජනතාව වෙනුවෙන් මේ දරුවෝ කොතරම් සේවය කළාද කියලා. බාලදක්‌ෂයෝ සේවය කරන කොට කවදාත් බාල, මහලු, වැඩිහිටි, දුප්පත්, පොහොසත්, උස්‌, මිටිකම් බැලුවේ නැහැ. ජාතියක්‌ හැටියට අපට ඉතා ඉක්‌මනින් නැගිටින්න හැකි වුණෙත් ඒ නිසයි.

අදත් උතුරු නැගෙනහිර පළාත්වල බාලදක්‌ෂයෝ දහස්‌ ගණනක්‌ විපතට පත් ජනතාවට සේවය කරනවා. ඒ නිසා මේ ව්‍යාපාරයෙන් ජාතීන් අතර සමගියටත් විශාල සහයෝගයක්‌ ලැබෙන බව මම කියන්න ඕනෑ.

අද බාලදක්‌ෂ ව්‍යාපාරය නායකත්වයට ඔබව හුරුපුරුදු කරනවා. නායකයා කියන්නේ තමන්ගේ ප්‍රජාවට වැඩිපුරම ආදරය කරන කෙනා. තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් වැඩිපුරම කැපවීම් කරන තැනැත්තාට තමයි නායකත්වය ලැබෙන්නේ. ඒ කැපවීම පුරුදු පුහුණු වෙන්න ඕනැත් බාල කාලයේදීමයි.

"වතාවක්‌ බාලදක්‌ෂයකු වූ කෙනෙක්‌ මුළු ජිවිත කාලය පුරාම බාලදක්‌ෂයකු වේ" කියලා බාලදක්‌ෂ ව්‍යාපාරයේ ප්‍රකාශයක්‌ තියෙනවා. එහෙම කියන්න හේතුව තමයි අපි කුඩා කාලයේ හොඳ දේවල් ප්‍රගුණ කළොත් ඒවා අපේ මුළු ජීවිත කාලය පුරාම රැඳිලා තිබීම.

ඔබ හැම දෙනාවම දකිනකොට මට ලොකු සතුටක්‌ ඇති වෙනවා. බාලදක්‌ෂ ව්‍යාපාරය ආරම්භ කළේ බේඩන් පවල් සාමිවරයා. මේ බාලදක්‌ෂ ව්‍යාපාරය ඉතාමත්ම හොඳ සංවිධානයක්‌.

අද ලෝකය පුරාම මේ බාලදක්‌ෂ ව්‍යාපාරය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. "සූදානමින් සිටින්න" - මේක තමයි බාලදක්‌ෂ ව්‍යාපාරයේ තේමා වැකිය. (ද්‍රවිඩ).

ආදරණීය දරුවනි, ජීවිතයේ ඕනෑම අභියෝගයක්‌ ආවත් අපි එයට මුහුණ දෙන්න ඕනෑ. එතකොට තමයි අපට ජීවිතයේ දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. අද ඔබ සැමටම බිය සැක නැතිව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. (ද්‍රවිඩ)

ආදරණීය බාලදක්‌ෂයිනි, ඔබ හැමෝම හොඳින් ඉගෙන ගන්න ඕනෑ. අනාගතයේ දී හොඳ නමක්‌ ලබා ගන්න ඕනෑ. කීර්ති ප්‍රශංසා ලැබෙන විදියට ජීවත් වෙන්න ඕනෑ. හැමදෙනාගෙම ගෞරවයට ඔබ පාත්‍ර වෙන්න ඕනෑ. (ද්‍රවිඩ)

මේ බාලදක්‌ෂ ජම්බෝරියේ ඉන්නවා වගේ හැමෝම සහෝදර ප්‍රේමයෙන් ජීවත් වෙන්නට ඕනෑ. එකම මවකගේ දරුවන් හැටියට ජීවත් වෙන්න ඕනෑ. ඒකයි මගේ ආශාව. උතුරු නැගෙනහිර පළාත්වල බාලදක්‌ෂයෝ දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ සේවය කරනවා.

මම දන්නවා උතුරු නැගෙනහිර ත්‍රස්‌තවාදය තිබුණ කාලෙත් ඒ පළාත්වල හිටිය දරුවෝ බාලදක්‌ෂ ව්‍යාපාරයට බැඳුණා. අපි එකම සහෝදරයෝ වගේ එකට ජීවත් වෙන්න ඕනෑ කියන අදහස මේ දරුවෝ තුළ තියෙනවා.

ආදරණීය දරුවනි, ඔබ හැමෝටම සුබ අනාගතයක්‌ අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඒ පිළිබඳ මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා. (ද්‍රවිඩ)

දරුවනේ, ඔබ බාලදක්‌ෂයෙක්‌ විදියට මේ රටේ ජනතාව ඉස්‌සරහා දෙන පොරොන්දුවේ තිබෙනවා "මගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද බාලදක්‌ෂ නීතියට කීකරු වීමට ද මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සාහය යෙදීමට පොරොන්දු වෙමි" කියලා.

දරුවනේ, අපේ ජීවිතයේ කොටසක්‌ තමයි රට සහ ආගම අද ඔබට නිදහසේ ජීවත් වීමට නිදහස්‌ රටක්‌, අපි උරුම කරදී තිබෙනවා. මේ නිදහස්‌ රටට සහ අපගේ ආගමට අවංකව ඔබ සේවය කරන්න ඕනෑ. ඒ වගේම මේ රටේ සංස්‌කෘතිය, සභ්‍යත්වය පිළිබඳ අවබෝධයක්‌ ලබාගෙන එය ආරක්‌ෂා කරගෙන ඉදිරියට යන්න ඕන.

08 වැනි ජාතික බාලදක්‌ෂ ජම්බෝරියට සහභාගි වුණ සියලුම බාලදක්‌ෂ දරුවන්ට මම කියන්නේ දරුවනේ ඔබ ලෝකයට වැඩකරන්න, නමුත් කිසිදවසක ලාභයක්‌, ප්‍රශංසාවක්‌ බලාපොරොත්තු වෙන්න එපා. අද ඔබ කරන සේවයට කව්රු හෝ දොස්‌ කිව්වත් අනාගතයේ ඔබ කළ සේවය අගය කරාවි. ඒ නිසා ඔබ කරන සේවය අවංකව කරන්න හිතා ගන්න.
ඔබ සැමට සුබ අනාගතයක්‌

බාලදක්‌ෂ කොමසාරිස්‌ සී. බටුවන්වල මහතා (- 1917 දී ඇරඹූ බාලදක්‌ෂ ව්‍යාපාරය මේ වන විට වසර 100 කට ළඟාවී තිබෙනවා. 1912 දී ශ්‍රී ලංකාවේ බාලදක්‌ෂ ව්‍යාපාරය ආරම්භ වුණා. යහපත් ආකල්ප වර්ධනය කරමින් දරුවන්ගේ දක්‍ෂතා වර්ධනය කරමින් රටට යහපත් පුරවැසියන් රැසක්‌ බාලදක්‌ෂ ව්‍යාපාරය තුළින් තිළිණ කර තිබෙනවා.

මෙම බාලදක්‌ෂ ජම්බෝරිය සඳහා අවුරුදු 12-18 අතර බාලදක්‌ෂයන් 9000 බාලදක්‌ෂ දිස්‌ත්‍රික්‌ 37 න්ම සහභාගි වෙනවා. වසර සියය සමරන 2012 දී විදේශීය බාලදක්‌ෂයන් 3000 ක්‌ හා ශ්‍රී ලංකාවේ බාලදක්‌ෂ 12000 ක්‌ සහභාගි වන බාලදක්‌ෂ ජම්බෝරිය මාතලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. බාලදක්‌ෂ ව්‍යාපාරය නැංවීමට රජයේ උපකාරය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා බාලදක්‌ෂ සංගමයේ සභාපති ලෙස්‌ලි රූපසිංහ මහතා (- සියලු පාසල්වලින් තවත් බාලදක්‌ෂයන් ලක්‌ෂයක්‌ බඳවා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. එදා සිට මේ දක්‌වා බාලදක්‌ෂයන් ලක්‍ෂ 5 ක්‌ මේ රටින් බිහිකර තිබෙනවා. රජයෙන් මෙම ව්‍යාපාරයට ලැබෙන මූල්‍ය දායකත්වය ප්‍රමාණවත් නෑ. මේ නිසා රජයේ දායකත්වය බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්‌ථාවට ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, මර්වින් සිල්වා හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්‌මුල්ල යන මහත්වරු හා බාලදක්‌ෂ නිලධාරීන් සහභාගි වූහ. 



විශේෂ ස්තූතිය
නෝනාගම - රංජිත් මතඟවීර
ඡායාරූපය -සුදත් සිල්වා
දිවයින අතිරේකය 2010/12/28

8th National Scout Jamboree declares open by President Rajapaksa in Hambantota

8th National Scout Jamboree declares open by President Rajapaksa
The Eighth National Scout Jamboree organized by the Sri Lanka Scouts Association commenced today on 27 December at the International Stadium in Eraminiyaya, Angunakolapelessa in Hambantota under the patronage of President Mahinda Rajapaksa as the Chief Guest. The President was received by the Chief Commissioner of the Sri Lanka Scouts Association Mr C.Batuwandala. Later he was escorted by a Scout and a guild guide in to the Jamboree and received the Guard of Honour by senior Scouts and Cadets. As the chief guest President Rajapaksa hoisted the Jamboree flag and made the announcement of the commencement of the 8th National Scout Jamboree in Hambantota.
Addressing the participants President Rajapaksa said that the aim of scouting is to train young children from the beginning in character building to become self-dependent and useful citizens and dedicate themselves for the society and country. The President further said that Sri Lanka’s future depends on the young generation and if they are happy, skillful, educated and properly disciplined the country would have a bright future.

Mr Shiras Sali, The Jamboree Organizer and Assistant Chief Commissioner (International) said that the closing ceremony will take place on 30th December. Around 15,000 Scouts from all districts have participated the event without ethnic, gender and religious differences and first time in the history 500 girl guides also joined this year Jamboree, he further added.

This year more than 650 Scouts representing Northern districts have participated in the Jamboree. It coincides with a special cycle parade “Yaalpanamen Magampurayata” by the Scouts from the North to the South organised by the Association from 19 December and ended today (27) with the opening ceremony of the National Jamboree, with the participation of the Chief Scout of Sri Lanka, President Mahinda Rajapaksa. It started from Point Pedro in Jaffna and proceeded towards Angunakolapelessa via Vavuniya Kandy, Colombo, Matara and reached the eighth National Jamboree today to hand-over National Flag to Chief Scout, the President of Sri Lanka.
The Sri Lanka Scout Association will celebrate its centenary of scouting in 2012. Scouts Commissioner C. Batuwangala said this Jamboree would strengthen the Asia – Pacific Scouts Jamboree that is to be staged in Dambulla, Sri Lanka in next year. Ministers Mahinda Amaraweera and Mervin Silva also participated the Jamboree opening ceremony.

By Janaka Alahapperuma (Pix by: Chandana Perera)

ගෙරිට් ලෝෂ් (gerrit losch)

මගේ තාත්තා ඉපදුණේ 1899 ඔස්ට්‍රියාවේ ග්‍රාස් කියන නගරෙයි. 1939දී පටන්ගත්ත දෙවෙනි ලෝක මහා යුද්ධයේදී එයාට සිද්ධ වුණා ජර්මන් හමුදාවට බැඳිලා යුද්ධ කරන්න. තාත්තා 1943 රුසියාවේ යුද්දෙකදී මිය ගියා. එයා මැරෙනකොට මට අවුරුදු දෙකක් විතර ඇති. තාත්තා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න, තාත්තාගේ ආදරේ ලබන්න මට පුළුවන් වුණේ නැහැ. ඉස්කෝලෙ මාත් එක්ක හිටපු ළමයින්ගේ තාත්තලා ඒ අයට ආදරේ කරන විදිහ දැක්කම තාත්තා නැති අඩුව මට තදින්ම දැනුණා. පිය සෙනෙහස අහිමි වෙලා දුකෙන්, පාළුවෙන් හිටපු මට සැනසීමක් ලැබුණේ කවදාවත් මිය යන්නේ නැති මගේ ආදරණීය දෙවි පියාණන්ව මට හම්බ වුණු නිසයි.

බාලදක්ෂයෙක් විදිහට

ගෙරිට් ලෝෂ් කුඩා කාලේදී
කුඩා කාලේදී
මට වයස හතක් විතර වෙනකොට බාලදක්ෂ ව්‍යාපාරය ලෝකෙ හුඟක් රටවල ව්‍යාප්ත වෙලා තිබුණා. ඒක 1908දී පටන් අරගෙන තිබුණේ රොබට් බේඩ්න් පවෙල් කියන බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයායි. 1916දී මගේ වයසේ හිටපු පිරිමි ළමයින්ටත් බැඳෙන්න පුළුවන් බාලදක්ෂ ව්‍යාපාරයටම අයිති තවත් කාණ්ඩයක් පටන්ගත්තා. මම බැඳුණේ පෝතක බාලදක්ෂ කියන ඒ කාණ්ඩයටයි.

සති අන්තවල ගම්බද පළාත්වලට ගිහින් කූඩාරම් ගහගෙන රෑ ගත කරලා, නිල ඇඳුම් ඇඳලා, ආචාර පෙළපාළිවල ගමන් කරලා මං ලොකු සතුටක් ලැබුවා. ඉර බැහැගෙන යද්දී ගිනිමැලයක් වටේ ඉඳගෙන යාළුවෝ එක්ක සිංදු කියලා, කැලෑවල සෙල්ලම් කරලා මං හුඟක් සතුටු වුණා. ඒ අතරේ පරිසරය ගැනත් මං ඉගෙනගත්තා. අපේ දෙවි නිර්මාණය කරපු දේවල් ගැන මගේ හිතේ ලොකු අගයක් ඇති වෙන්න පටන්ගත්තෙත් ඔය කාලෙදීම තමයි.

බාලදක්ෂයන්ට උනන්දු කරන්නේ හැම දවසකම අනිත් අයට උදව්වක් වෙන දෙයක් කරන්න කියලයි. ඒක තමයි අපේ ආදර්ශ පාඨය වුණෙත්. අපි එකිනෙකාට ආචාර කළේ “හැම වෙලාවෙම සූදානමින් ඉන්න” කියන වචනවලින්. ඒකට මං හුඟක් කැමතියි. පිරිමි ළමයි සීයකටත් වඩා හිටපු අපේ කණ්ඩායමේ භාගයක්ම කතෝලික. ඉතුරු භාගේ රෙපරමාදු. එක් කෙනෙක් බෞද්ධ.

1920 ඉඳන් බාලදක්ෂ ව්‍යාපාරය අවුරුදු කීපයකට සැරයක් ජාත්‍යන්තර සම්මේලනයක් පවත්වනවා. 1951 අගෝස්තු මාසේ ඔස්ට්‍රියාවේ පවත්වපු 7වෙනි සම්මේලනයටත් 1957 අගෝස්තු මාසේ එංගලන්තයේ පවත්වපු 9වෙනි සම්මේලනයටත් මං සහභාගි වුණා. එංගලන්තයේ පවත්වපු ඒ සම්මේලනයට රටවල් සහ ප්‍රදේශ 85කින් බාලදක්ෂයන් 33,000ක් විතර ඇවිත් හිටියා. ඒක බලන්න ආපු 7,50,000ක විතර සෙනඟ අතරේ එලිසබෙත් රැජිනත් හිටියා. ඒ දවස්වල මට දැනුණේ ලෝකෙ පුරාම ඉන්න එකම සහෝදර කැලක් එක්ක ඉන්නවා වගේ හැඟීමක්. ඒත් ඊට වඩා දහස් ගුණයකින් එකට බැඳුණු පවුලක සාමාජිකයෙක් වෙන්න මට අවස්ථාව ලැබෙනවා කියලා මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ.

අතීතය සිහි කරමින් අනාගතය දෙස බැලීම

ගෙරිට් සහ මෙරෙටෙ ලෝෂ් බෘක්ලින්වලදී
මගේ බිරිඳ එක්ක බෘක්ලින්වලදී
අතීතයේදී මම වේටර් කෙනෙක් විදිහට හෝටලයට ආපු අයට කෑම පිළිගැන්නුවා. දැන් ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට අවශ්‍ය පෝෂණය දෙන කාර්යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. (මතෙ. 24:45-47) අවුරුදු 50කටත් වඩා වැඩි මගේ පූර්ණකාලීන ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට දෙවි ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන ලොකු අගයක්, ලොකු සතුටක් මගේ හිතේ ඇති වෙනවා. අපේ දෙවි පියාණන් ගැනත් බයිබලේ සඳහන් සත්‍යයන් ගැනත් උගන්වන ජාත්‍යන්තර සමුළුවලට යන්න මට තියෙන්නේ පුදුම ආසාවක්.

මගේ බලාපොරොත්තුව තවත් මිලියන ගාණක්දෙනා බයිබලය ගැන ඉගෙනගෙන සත්‍යයට එයි කියලයි. ලෝකෙ පුරාම ඉන්න අපේ සහෝදරයන් එක්ක එකතු වෙලා ඒ අයත් යෙහෝවා දෙවිට සේවය කරයි කියලයි. ඒ ගැන මම හැමදාම යාච්ඤා කරනවා. (1 පේතෘ. 2:17) ඉදිරියේදී ස්වර්ගයේ ඉඳන් මේ පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීම බලන්න මම ඉන්නේ ලොකු ආසාවකින්. එදාට මට මගේ තාත්තාවත් දකින්න පුළුවන් වෙයි. මගේ තාත්තාත් අම්මාත් මගේ අනිත් නෑදෑයොත් පාරාදීසයේදී යෙහෝවා දෙවිට නමස්කාර කරයි කියන බලාපොරොත්තුව මට තියෙනවා.

විශේෂ ස්තූතිය

මුරටැඹ (පාඩම් කලාපය) 2014 ජූලි

 

 ඌවේ දෙවැනි ජනාධිපති බාලදක්ෂිකාව

 ඌව කැරැල්‍ලේ දී කැප්පෙටි‍පොළ, විල්බාවේ වැනි මහා ජාතික වීරයන් සමග සටන් පෙරමුණට ගිය අපේ ඌවේ පියවරුන් දහස් ගණනක් ජීවිත පූජා කළේ ජීවිතය හා තමන්ගේ ප්‍රාණය හා බැඳුණු දරු පවුලට වඩා මාතෘ භූමියේ අනාගත පරපුරට නිදහස සාක්ෂාත් කර දීම උතුම් කොට සැලකූ නිසාමය. ඒ ජීවිත පූජාව නිසා ඌවේ තනි වූ අසරණවූ මව්වරු, දූ දරුවෝ දස දහස් ගණනින් එදා ඒ උත්තම පූජාවන්ට ගරු කරමින්, ජීවිත සටනට තනිවම මුහුණ දුන්හ.

අපි අදත් ඒ ඌවේ වීර දූ පුතුන් මෙන්ම වීර අම්මලා ගෞරවයෙන් සිහි කරමු. ඒ උත්තුංග පරපුරෙන් පැවත එන වීර මව්වරුන්, දියණිවරුන් අදත් ඌවේ අප අතර සිටිති. එවැනි චරිත කතාවන් අදත් ඌවේ අපට අසන්නට දකින්නට ලැබේ. ඌවට එවන් අභිමානයක් ගෙන දුන් දක්ෂ දියණියක, දිරිය සම්පන්න මවක් පිළිබඳ කතාවකි මේ.

තම කුලුඳුල් දියණියගේ පින්වත් මුහුණ නොබලාම මේ ලක්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූවෙකි බදුල්‍ලේ මැදපතනේ ඩබ්.එම්. සුසන්ත රණවිරුවා. ඔහු ඉතාම තරුණ වියේදීම ශ්‍රී ලංකා යුද හමුදා ‍පොලිසියට බැඳී මව්බිම සුරකින්න කැප වූවෙකි. 1994 දී මඩකලපුව ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය දී ම්‍ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් සදහටම ඔහුව අප සැමට අහිමි විය. ඒ වන විට ඔහු වයස අවුරුදු විසි හතර සම්පූර්ණ කළා පමණි. අපේ කථානායිකා මුදිතා නදීෂානි දියණිය මෙලොව එළිය දකින්නේ එවන් අතිශය ශෝකජනක වාතාවරණයකය. මේ දියණියට මහමෙරක් තරම් වටිනා ආදරණීය පියාගේ මුහුණ ද, ඒ අප්පච්චිට මේ රටක් වටින දියණියගේ මුහුණ කිසිදාක දකින්න නොලැබිම අපි කාට නම් පිරිමැසිය හැකි අඩුවක් ද?

රට, දැය, සමය සහ මව්බිමේ නිදහස වෙනුවෙන් එදා වගේම මෙදා ජීවිතය පූජා කළ සුසන්ත රණවිරුවාගේ අභාවයෙන් පසු එසේ තම දියණිය සමග මෙලොව තනි වූ ඒ.කේ. රම්‍යලතා මාතාව තමන් ඉදිරියට ආ කිසිදු බාධකයක් තමන්ගේ දියණියගේ අභිවෘද්ධියට හරස් කර නොගත්තාය. ඇය ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් කර උර මත දරා ගනිමින් දියණිය මේ රටේ ඉහළටම රැගෙන යාමට අධිෂ්ඨානගතව ක්‍රියා කළාය. මවගේ නොපසුබස්නා දිරිය සිතට ඉහළම වටිනාකමක් එක් කරමින් බාලදක්ෂිකා ව්‍යාපාරයේ මෙරට දී ලැබිය හැකි ඉහළම ජයග්‍රහණය දක්වා යාමට මුදිතා නදීෂානි දියණිය සමත් වූවාය. ඌව පළාත් ඉතිහාසයේ ජනාධිපති පදක්කම් ලබාගත් දෙවැනි බාලදක්ෂිකාව ලෙස කිරුළු පැලඳීමට පසුගිය දා මුදිතා නදීෂානි දියණිය සමත් වූවාය. ඇයට එම ජනාධිපති බාලදක්ෂිකා පදක්කම හා සහතිකය පිරිනැමීම බදුල්‍ලේ ආදි බාලදක්ෂ නායකයකු වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය 10 දා සිදු කෙරිණි.

1995 අගෝස්තු 26 වැනි දින බදුල්‍ලේ මැදපතන ගම්මානයේ උපත ලද එච්.එම්. මුදිතා නදීෂානි මැදපතන පෙර පාසලින් අකුරු කියවා බදුල්‍ලේ විශාඛා උසස් බාලිකා විද්‍යාලයට ඇතුළු වූවාය. පහ වසර ශිෂ්‍යත්වයේ දී ලකුණු 173ක් ලබා දිස්ත්‍රික්කයේ පස්වැනි ස්ථානයට ඉහළින්ම සමත් වූ ඇයට කොළඹ ඉහළම බාලිකා විද්‍යාලයකට යාමට ලැබිණි. එහෙත් ප්‍රායෝගික ජීවින ගැටලු නිසා ඇයට කොළඹට පැමිණීමට හැකි වූයේ නැත. ඉන් පසු දීෂානි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය. අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නදීෂානි දියණිය සියලු විෂයන්ට ‘ඒ’ සාමාර්ථ ලබා සමත් වූවාය. දැන් ඇය අ.‍පො.ස. උසස් පෙළ විද්‍යා අංශයෙන් ලබන අගෝස්තු මාසයේ දී විභාගයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටින්නීය.

6 වසරේ දී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ ඇය සිය පන්ති භාර ගුරුතුමිය වූ නිශාන්ති බස්නායක මහත්මියගේ මගපෙන්වීම යටතේ බාලදක්ෂිකා ව්‍යාපාරයට එක් වූවාය. නවක පෙළ බාලදක්ෂිකාවක් ලෙස එසේ බාලදක්ෂිකා ලෝකයට ඇතුළු වූ පුංචි නදීෂානි දෙවැනි හා පළමු පෙළ බාලදක්ෂිකා පියවර ජය ගනිමින් සර්ව දක්ෂතා තීරුව ලබා ගත්තාය. ඉන් අනතුරුව ජනාධිපති බාලදක්ෂිකා අභියෝගතා පරීක්ෂණයට පෙනී සිට, බදුල්ල මධ්‍ය මහා විද්‍යාල ඉතිහාසයට ස්වර්ණමය පරිච්ජේදයක් එක් කරමින් එම විද්‍යාලයේ ප්‍රථම ජනාධිපති සම්මානලාභී බාලදක්ෂිකාව ලෙසත්, ඌව පළාතේ දෙවැනි ජනාධිපති බාලදක්ෂිකාව ලෙසත් ඉමහත් ගෞරවයක්, අභිමානයක්, කීර්තියක් සිය දෙමව්පියන්ටත්, පාසලටත්, උපන් ගමටත්, පළාතටත් ලබා දුන්නාය. ඇය ජනාධිපති සම්මාන අභියෝගතා පරීක්ෂණයට පෙනී සිටියේ අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියදී බව සිහි කළේ විද්‍යාලයේ බාලදක්ෂිකා ගුරු නිශාන්ති බස්නායක මහත්මියයි. බස්නායක මහත්මිය බදුල්ල දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස්වරිය ද වන අතර එම විද්‍යාලයේම ආදිශිෂ්‍යාවක් ද වීම සුවිශේෂිතය. මුදිතා නදීෂානි දියණියට ජනාධිපති සම්මාන පිරිනැමීමට එක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහි දී අපූරු අදහස් කිහිපයක් පළ කළේය. “මමත් ධර්මදූතේ ඉගෙන ගන්න කා‍ලේ බාලදක්ෂයෙක්. අපි ඒ දවස්වල අරමුදල් එකතු කරන්න වැඩ කරන්න ගියේ ස්ප්‍රිංවැලි, නමුණුකුල පැත්තේ වතුවල සුදු මහත්තුරුන්ගේ බංගලාවලට.

අපි ගොඩාක් වැඩ කළාට අපිට සමහරු දුන්නේ සොච්චම් මුදලක්. ඒත් අපි තරහ වුණේ නැහැ. බාලදක්ෂයකු කියන්නේ ඉතාම සංවර්ධනය වූ චරිතයක්. දේශපාලනයට එන්න ඕනේ බාලදක්ෂයන් තමයි. එවිට ප්‍රචණ්ඩ නොහික්මුණු අය දේශපාලනයෙන් මතු වන්නේ නැහැ. අධ්‍යාපනය පමණක් ලබා දරුවකු සම්පූර්ණ වෙන්නේ නැහැ. ක්‍රීඩාව, කලාව හෝ මෙවැනි බාහිර ක්‍රියාකාරකම්වලට සිසුන් යොමු වුණොත් පමණයි අපට හොඳ පරිපූර්ණ සමබර චරිතයකින් හෙබි පුරවැසියන් බිහි කළ හැකි වන්නේ. අතිරේක කටයුතු කිරීම අධ්‍යාපනයට බාධාවක් යැයි සිතන දෙමව්පියන්ට මේ නදීෂානි දියණිය හොඳ පිළිතුරක් දී තිබෙනවා. ඇය රටටම ආදර්ශයක්.

නදීෂානි දියණිය ක්‍රිකට්වලට දක්ෂ බව කීවේ ඇයගේ මව ඒ.කේ. රම්‍යලතා මහත්මියයි. එසේම දියණිය ආධ්‍යාත්මික අංශයේ වැඩකටයුතුවලට විශේෂ ඇල්මක් දක්වන බවත්, බණ දහම් ‍පොත් කියැවීමට විශේෂ කැමැත්තක් දක්වන බව ද රම්‍යලතා මැණියරෙ කියා සිටියාය. ඇය කතා කරද්දී සතුට සිත පිරුණ ද දෑස් කවෛණි අග දෝර් ගැලීමට ආසන්න කඳුළු ගංගාවක් සිරවී තිබූ නිසා පවු‍ලේ ආගිය තොරතුරු විමසීමට අපි පසුවට තැබුවෙමු. එහෙත් ඇයගේ ජීවිතය ද, දියණියගේ ජීවිතය ද මේ සා ජයග්‍රාහී ඉසව්වක් වෙත රැගෙන ඒමට තම මෑණියන් ද, සහෝදරයන් ද මහත් සේ උදව් වූ බව කතාබහ අතරේ දී කියැවුණි.

උත්සව සභාව අවසන් වී යෑමට පෙර නැවත වේදිකාවට නදීෂා දියණිය හා ඇගේ මව කැඳවූ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා එම ගෞරවණීය දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නිමල් සිරිපාල ද සිල්වා පදනමින් විශේෂ මූල්‍ය ආධාරයක් ද පිරිනැමුවේය. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දයාසේන කපුරුසිංහ මහතා ද ඇයට විශේෂ ත්‍යාගයක් පිරිනැමුවේ තමන් උගත් පාසලට මහත් ගෞරවයක් ගෙන දුන් මේ දියණියට කෘතගුණ දැක්වීමටය.

විශේෂ ස්තූතිය
උපුල් ජනක ජයසිංහ

රිවිර ඉරිදා සංග‍්‍රහය  - 24 February 2014

Tuesday, May 27, 2014

දර්ශන කරුණාතිලක නැමති බාලදක්ෂයා

ඔහු වෘත්තීය ජීවිතය ඇරැඹියේ චිත්‍ර ශිල්පියකු ලෙසය. කලක් ඔහු මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කළේය. ඒ කටයුතු කරන අතරේ ඔහු වෙළෙඳ ලාංඡන කිහිපයක් ද නිර්මාණය කළේය. ශ්‍රී ලංකා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ලාංඡනයේ නිර්මාතෘ ඔහුය. වර්තමානයේ කාටුන් ශිල්පියකු ලෙස ද නිර්මාණකරණයේ නියැළෙන ඔහු තෙල් සායම් චිත්‍රයට වැඩි අවධානය යොමු කරයි. මෙවර අප ඔබට හඳුන්වාදෙන චිත්‍ර ශිල්පියා දර්ශන කරුණාතිලකය.

මම ශ්‍රී ලංකා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ලාංඡනය අඳින්නට පෙර ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ ලාංඡනය ඇඳලා තිබුණා. විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ලාංඡනය අඳින්නට මට ඇරයුම් කළේ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා. කළු කොටුව ඇතුළේ කහපාටින් තමයි මේ ලාංඡනය නිර්මාණය කරලා තියෙන්නේ.

එයින් අදහස් කිහිපයක් මතුකර ගන්නට පුළුවන්. එක් අදහසක් තමයි සර්පයෙක් දිව එළියට දාගන ඉන්න එක. අනෙක ශාක පත්‍රයක් ලෙස මතුකර බලන්න පුළුවන්. අනෙක මුඛ ආවරණයක් පැලඳ සිටින මුහුණක්. මේ විදිහට තමයි එය නිර්මාණය කළේ. විෂ තොරතුරු මධ්‍යස්ථානයේ මූලික අවධානය යොමු වන්නේ සර්පයන්ගෙන් සතුන්ගෙන් වන විෂ, ශාක, කෘමිනාශකවලින් වන විෂ වගේම ගෙදර දොරේ දී පරිසර‍යේදී මිනිසුන් විසින් නිෂ්පාදනය කරන දෙයින් ඇතිවන සියල්ල ආදිය මේ ලාංඡනයෙන් අර්ථ ගැන්වීමට මං උත්සාහ දැරුවා. කහපාට හා කළුපාට යොදා ගත්තේ ජාත්‍යන්තරය අනතුරුදායක බව හැඟවීමට යොදා ගන්නා වර්ණයක් නිසා. මං හිතන දෙයක් තමයි ලෝගෝ එකක් කියන්නේ දුටුව ගමන් හිතට වදින්න තියෙන්න ඕන එකක්. මං උත්සාහ දැරුවේ ඒ දේ කරන්න.”
මේ විදිහට අදහස් දක්වන්නේ අද අපේ වෙළෙඳ ලකුණ විශේෂාංගයේ කතානායකයා වන දර්ශන කරුණාතිලකය.

මාතර අකුරුබැවිල කනිෂ්ඨ විද්‍යාලයේත්, සපුගස්කන්ද රෝමානු කතෝලික මිශ්‍ර පාසලේත් ඉගෙනුම ලැබු දර්ශන කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්වය සමත් වීමෙනි. ඔහු හැදී වැඩෙන්නේ නේවාසිකාගාරයේය. ගමට යන්නට ලැබෙන්නේ පාසල් නිවාඩු සමයටය. මම තමයි අපේ පවුලේ වැඩිමලා. මට බාල නංගිල හතරයි මල්ලියි ඉන්නවා. අපි මුලින්ම හිටියේ මාකොළ ප්‍රදේශයේ. එහෙම ආවේ තාත්තගෙ රැකියාව නිසා. නමුත් තාත්තා ගමට යනකොට අපිත් දික්වැල්ලට ගියා. ඒ යනකොට මට අවුරුදු අටක් නවයක් විතර ඇති. ගමේ පාසලේ ඉගෙන ගනිද්දි තමයි මම ශිෂ්‍යත්වය සමත් වුණේ. අපි පුංචි කාලේ ගමට ගියාම මට ඕන වුණේ කොළඹ එන්න. ඒකට හේතුව තමයි ගමේදී පත්තරයක් බලන්න වුණත් හුඟක් දුර යන්න ඕන.

නමුත් කොළඹදී එහෙම නැහැ. මම පාසල් යන කාලේ චිත්‍ර විෂයට දක්ෂයි. මට මතකයි ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගෙන උසස්පෙළ හදාරලා අපි අයින් වෙන කාලේ තමයි ආනන්ද විද්‍යාලයට අවුරුදු සියය පිරුණේ. ඒ වෙනුවෙන් මම විද්‍යාලයේ එතෙක් සිටි විදුහල්පතිවරුන්ගේ මුහුණු චිත්‍රයට නැඟුවා.”
ඔහු පාසල් වියේදීම තමන්ටම කියා ආදායම් මාර්ගයක් සකසා ගැනීමට උනන්දු වූයේය.
මම කොළඹ නේවාසිකව ඉගෙන ගත්තේ. අම්මා තාත්තා මගේ වියදම් දැරුවත් මට ඕන වුණා ගෙදරට කරදර නොකර වියදම හොයා ගන්න. මට මතක හැටියට ඒ අසුතුන අසූහතර කාලය.

මම දවසක් විජය ළමා පුවත්පතේ කර්තෘ තුමා හමුවන්නට ගියා. ඒ කාලේ හිටියේ දෙල්තොට චන්ද්‍රපාල මහත්තයයි සුබසිංහ මහත්තයයි. මගෙන් ඇහුවා ඇඳපුවා ගෙනාව ද කියලා. නමුත් මා ළඟ තිබුණේ නැහැ. ඊට පස්සේ දෙල්තොට මහත්තයා කිව්වා එහෙනම් මාව අඳින්න කියලා. මම එතන හිටපු කිහිප දෙනෙක්වම චිත්‍රයට නැඟුවා. මගේ චිත්‍ර බලලා ඔවුන් කිව්වා පත්තරවලට ඇවිත් නාස්ති වෙන්න එපා ඉගෙන ගන්න ඒවට උදව් කරන්නම් කිව්වා.

නමුත් මගේ හිත තිබුණේම රැකියාවක් ලබා ගන්න. මං ඔවුන්ට ඒ බව කිව්වා. ඉන් පස්සේ මාව ආනන්ද රණතුංග කියන චිත්‍ර ශිල්පියාට බාර දුන්නා. ආනන්ද රණතුංගත් අපේ පාසලේ අපට වඩා ඉහළ පන්තිවල ඉගෙන ගත් අයෙක්. ඔහු මට කතා පොත් අඳින්න පැවැරුවා.” දර්ශන වෘත්තිය චිත්‍ර ශිල්පියෙක් ලෙස ජීවිතය අරඹන්නේ එතැනිනි. එහෙත් තවත් චිත්‍ර ශිල්පීන් ඒ වන විටත් චිත්‍ර කතා පොත් ඇඳි නිසා ඔහුට නිතර නිතර අඳින්නට අවස්ථාව නොලැබිණි.

එකල ඔහුට තවත් විනෝදාංශයක් තිබුණි. ඒ තමන් කැමැති පුද්ගලයන් චිත්‍රයට නඟා ඔවුන් ලවා එහි අස්සන් තබා ගැනීමය. ඒ කාලය වන විට ඔහු ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ද චිත්‍රයට නැඟුවේය. එවකට දිවයින පුවත්පතේ කර්තෘව සිටි එඩ්මන් රණසිංහ මහතාගේ රුව ද ඔහු ඇඳි චිත්‍ර අතර විය. ඔහු එඩ්මන් රණසිංහයන් හමුවීමට දිවයින කන්තෝරු වට ගියේය.

“එඩ්මන් මහත්තයා මගෙන් විස්තර අහලා චිත්‍රය බලලා මට සල්ලි දුන්නා. නමුත් මං කිව්වා මට සල්ලි එපා කියලා. ඒ ගමන ඔහු කිව්වා “එනවා එහෙනම් මෙහෙ වැඩ කරනවා” කියලා ආරාධනයක් කළා. ඒ කාලේ විජිත යාපා මහත්මයා තමයි ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණි වීරකෝන් මහතා තමයි නියෝජ්‍ය කර්තෘ. ඔවුන් මට බොහෝ දේ අඳින්නට දුන්නා. ඒ කාලේ නවලිය පුවත්පතේ කළ සිනමා අතිරේකයටත් මම චිත්‍ර ඇන්දා. එහි සංස්කාරක ලෙස කටයුතු කළේ ජයන්ත චන්ද්‍රසිරි.”
ඔහු චිත්‍ර අඳින අතරේම අධ්‍යාපන කටයුතු ද කරගෙන ගියේය. උසස් පෙළ ඉහළින් සමත් වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සමාජ විද්‍යා විශේෂ උපාධියක් ලබා ගත්තේය.

මේ අතර කාලයේ විදුසර විද්‍යා පුවත්පත ආරම්භ විය. දර්ශන විදුසර පුවත්පතේ චිත්‍ර ඇඳීම මෙන්ම පිටු සැකසීම ද කළේය. නිදහස් චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ ඔහු පසුව සේවයේ ස්ථිර වූයේය. දිවයින පුවත්පත හා අයිලන්ඩ් පුවත්පත අන්තර්ජාලයට එක්වීමත් සමඟම දර්ශනගේ තනතුර වෙබ් මාස්ටර් දක්වා ඉහළ ගියේය. දර්ශන ඒ සියලු කටයුතු අතරේ ලාංඡන නිර්මාණය කිරීම අතරේම අත්පත්‍රිකා සැකසීම මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දෙනගම සිරිවර්ධන ආදි ප්‍රවීණ ලේඛකයන්ගේ පොත් පිටකවර සැරසුවේය. ඊට අමතරව විද්‍යාව, දේශපාලනය සම්බන්ධ කාටුන් නිර්මාණ ද කළේය.
“මම දිගටම වෛද්‍යවරුන් පිළිබඳව කාටුන් චිත්‍ර ඇන්දා. ඒ වෛද්‍යවරු වැඩ වර්ජනය කරන කාලයක්. මේකට ඇතැම් වෛද්‍යවරුන්ට කේන්ති ගිහිල්ලා තිබුණා. එක් වෛද්‍යවරයෙක් මට ලියුමක් එවලා තිබුණා සමාව ගන්න කියලා. ලියුම දුටුව මම හිතා ගත්තා සමාව ගන්නෙ නැහැ රස්සාවෙන් අස්වෙලා යනවා කියලා. නමුත් කර්තෘ තුමා කිව්වා ටික දවසක් නිහඬව ඉන්න කියලා. ඒක එහෙම්මම යට ගියා.”
ඔහුට ආයතනයක හිරවී රැකියාව කිරීමට ඕනැකමක් නොතිබිණි. ඒ සියලු කටයුතු අතරේ ඔහු තෙල් සායම් චිත්‍ර ඇඳීම ද කරගෙන ගියේය. ඇඹිලිපිටිය ජාත්‍යන්තර නායකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ‘කැත්රිච් ෆුඩ් ට්‍රේනින්’ වැඩසටහනේ ලාංඡනය නිර්මාණය කළා. ඒ වගේම ‘වර්ෂා’ වැසි ජලය එකතු කිරීමේ සංසදයේ ලාංඡනය නිර්මාණයත් මගේ. 

“මට අවශ්‍ය හැමදේම නිදහසේ කරගෙන යන්න. මට මේ දේවල් කරන්න ගෙදරින් නිදහස ලැබුණා. බිරිය චින්තා මුණසිංහ මට උපරීම නිදහස දීලා තියෙනවා මගේ කලා කටයුතු කරගෙන යාමට. ඇය තමයි මට යෝජනා කළේ චිත්‍ර වැඩ නිදහසේ කරගෙන යන්න අවශ්‍යයි කියලා දැනෙනවා නම් රැකියාවෙන් ඉවත් වුණත් කමක් නැහැ කියලා. මං රැකියාවෙන් ඉවත්වුණා. ඇත්තටම මං නිදහසේ බොහෝම සැනසිල්ලකින් ඒ කටයුතු කරගෙන යනවා. මගේ ආර්ථිකයට ඒකෙන් හානියක් වුණෙත් නැහැ.”

ඔහු දැන් පූර්ණකාලීන චිත්‍ර ශිල්පියෙකි. බාල වියේදී තාත්තා නිවෙසට පැමිණෙන හැම විටම ඔහුට සුදු කොළ විස්සක් පමණ ගෙන එයි. මොහොතක් ගතවීමට පෙර ඒ සියල්ලේම චිත්‍ර ඇඳ අවසන් වෙයි. යන අතක යන්නට දුන්නා මිස අම්මා තාත්තා ඔහුගේ ගමන්මඟ වෙනස් කළේ නැත. ඇතැම් විට ඔහු බිත්ති පුරා ද චිත්‍ර ඇන්දේය. වයසින් වැඩෙනවාත් සමඟම ඔහු තම පියාගේ පුස්තකාලයේ තිබු විවිධ විෂයන් ගැන ලියැවුණ පොතපත කියැවූයේය.

පාසල් කාලේ මං බාලදක්ෂයෙක්. ඒ කාලේ මම, බාලදක්ෂ කදවුරු කීපයක් ම වෙනුවෙන් බැජ් හැදුවා. ” ඔහු බොහෝ ලාංඡන නිර්මාණ කර ඇත්තේය. ඒ සියලු කටයුතු කරන අතරේ ඔහු සමාජ සේවා කටයුතුවල ද නිරත වෙයි.

“මම පාසලේදී සංගීත විෂය තෝරගන්න ගියාම එතැනදී නම් අම්මා විරුද්ධ වුණා. අම්මා කිව්වා දන්න දේ කරන්න. ඔයාට ඉදිරියට යන්න පුළුවන් කියලා. මගෙ තාත්තා නැතිවුණේ මීට අවුරුදු තුනකට විතර කලින්. අද මට හිතෙනවා මං මගෙ අම්මටයි තාත්තටයි ආඩම්බර හිතෙන විදිහට ජීවත් වුණා කියලා.





විශේෂ ස්තූතිය