ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ආදිකතෘ එෆ්. ජී. ස්ටීවන්ස් සලකුණ
1912 වසරේ දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විදයාලයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ස්වර්ණමය ඉතිහාසය හා ආදිකතෘ දිනය ලෙස ජුනි 02දා සලකනු ලැබේ.
කෝල්බෘෘක් කොමිසමේ නිර්දේශ 1833 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමත් සමග මෙරට පුළුල් ආර්ථීක පරිවර්තනයකට මග සැලසිණ. පෞද්ගලික ව්‍යවසාය දිරිමත් කිරීම කෝල්බෘෘක්ගේ ආර්ථීක ප්‍රතිසංස්කරණවල අරමුණ වූවත් ඒවන විට විශාල වශයෙන් ධනය ආයෝජනය කළ හැකි ධනවතුන් පිරිසක් මෙරට නොසිටි හෙයින් සුදුජාතික ධන ආයෝජකයන්ට අක්කර දහස් ගනනින් ඉඩම් මිල දී ගැනීමට හැකියාව ලැබිණ. මෙම වකවානුවේදී එංලන්තයේ ධනවත් ආයෝජකයින් කෝපි වැවිලිකරුවන් ලෙස මෙරටට පැමිණියහ. කෝපි උන්මාදය මෙරට පැතිරෙමින් තිබුණු අවධියක මෙරට ප්‍රථම කෝපි වතුයාය 1823 දී හිටපු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරියෙක් වූ ජෝර්ජ් බර්ඞ් විසින් ගම්පොල සිංහපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද්දේ ය. 1824 දී ලංකා ආණ්ඩුකාර බවට පත් වූ එඩ්වඩ් බාන්ස්, 1825 දී ගන්නෝරුව (වත්මන්
පේරාදෙණිය රාජකීය උද්භිද උද්යානයේ කොටසක) හා තවත් වතු කිහිපයක කෝපි වගාව
ස්ථාපනය කරන ලද්දේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තවත් යටත් විජිතයන් වූ ජැමෙයිකාව, ගයනාව වැනි
කැරිබියානු කලාපයේ රටවල්වලද කෝපි වගාව ඉතා සරුසාර ලෙස කෙරුණු අතර එය ඉතා ලාභ ඉපදවිය හැකි වගාවක් ලෙස පිළිගැනීමක් තිබුණි. දුම්බර මිටියාවත, ගම්පොළ, පේරාදෙණිය, මාතලේ, බදුල්ල හා මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවල සාර්ථකව කෝපි වගාව පැතිරී ගියේය. එකල මාර්ග පහසුකම් නොවූ බැවින් ඝන වනාන්තර මැදින් මධ්‍ය කඳුකරයට පැමිණිමට
සිදුවිය. ගමන් වෙහෙස, මැලේරියාව සහ එකල දකුණු ඉන්දියාවේ සුලබව පැවති
වසූරිය, කොලරාව වැනි වසංගත රෝග නිසාද මහ මගදී වන අලි හා සතුන්ට ගොදුරුවීම හේතුවෙන් බොහෝ පිරිස් මරණයට පත්වූහ. 1830-1850 කාලය තුළ කෝපි නිෂ්පාදනය ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහායට
ප්‍රබල සහයක් දැක්වූ අතර පසුකාලිනව ධනේශ්වර මධයම පන්තියේ ඉස්මතු විම සදහාද
මෙය බලපාන ලද්දේය. කෝපි කොළ මලකඩවිමේ වසංගත රෝගය හේතුවෙන් කෝපි වගාව අසාර්ථකවිය. ඉංග්‍රීසි ජාතික වැවිලි කරුවෝ සින්කෝනා සහ තේ වැනි වෙනත් ආදේශක වගාකෙරෙහි අවධානය යොමු කළහ. ලූල් කඳුර වතුයායේ ජේම්ස් ටේලර්ගේ තේ වගා ව්‍යාපෘතිය ක්‍රමයෙන් සාර්ථක වීමත් සමඟ තේ ප්‍රධාන අපනයන භෝගය බවට පත්විය. තේ මිල පහත වැටීමත් සමඟ වැවිලි කරුවන්ගේ අවධානය රබර් වගාව සඳහා ද යොමු විය. මෙලෙස ලංකාව තුළ වතු වගාව පදනම් කර ගත් ආනයන අපනයන ආර්ථික රටාවකට පසුබිම සකස් වන්නට විය.
රේන්ද, වතු වගාව, සේවා හා භාණ්ඩ සැපයිම ඇතුලු විවිධ ක්රම ඔස්සේ ධනය එක රැස්කර ගත් ලාංකික යටත් විජිත ධනේශ්වර පන්තිය වතු වැවිලි ආර්ථිකය මගින් ප්රාග් ධනය රැස්කර ගත්හ. මිනිරන් පතල්, වෙළදාම, ප්රවාහනය, රජයට භාණ්ඩ හා සේවා සැපයිම, රේන්ද ලබා ගැනිම ආදි ක්රම වලින් මොවුනගේ මුල්ම ධනොපායන ක්රම විය. මෙහිදි රේන්ද විශාල ලෙස ධනය ඉපයිමට හේතු විය. අරක්කු රේන්ද එ අතර ප්රමුකත්වය දැරිය. වංශවතුන් ලෙස පෙනි සිටි බලවතුන් හා යටත්විජිත නිලධාරීන් ලෙස පැමිණි සුදුජාතිකයින්ගේ අධි පරිභෝජන බ්රිතාන්ය ඉහළ පැලැන්තියේ ජිවන රටා ගොඩ නැගුණ අතර ඉංග්‍රීසි පන්නයට අනුව ජීවත්වීම ධනේශ්වර පන්තිය බවට පත් කරගත්තේය. ප්‍රවාහනය හා සන්නිවේදය තරමක් අපහසු යුගයක ලංකාවේ සිටි සුදුජාතික වැවිලි කරුවන් විසින් එංගලන්තයේ මුද්‍රිත පුවත්පත් මෙන්ම සැපයුම්ද ඇතැම් ගොඩනැගිලි අමුද්‍රව්‍යද එංගලන්තයෙන් ආනයනය කරනු ලැබිණ. මෙලෙස පැමිණෙන පුවත්පත් තුළින් දේශපාලනික හා ආර්ථික තොරතුරු හා යුධ තොරතුරු ආදී ලොව වෙනත් යාවත්කාලීන තොරතුරු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරනු ලැබීය. ආසියාවේ ප්‍රථම වරට අශ්ව කෝච්චි ධාවනය වූයේ ලංකාවේ වූ අතර එය 1832 වසරේ සිට කොළඹ හා මහනුවර තෙක් සිදු විය. අශ්ව කෝච්චි මඟින් තැපැල් යැවීමද මේ අවධියේදී දැක්විය හැකි විය.
කන්ද උඩරට ප්‍රදේශයේ හුදකලා භාවය තුරන් කිරීමේ අරමුණින් මෙන්ම කොළඹ, නුවර
හා ත්‍රිකුණාමලය යන නගර ඒකාබද්ධ කිරීමේ අරමුණිනුත් ලංකාව තුල මහාමාර්ග
පද්ධතියක් ඇති කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරනු ලැබීය. මෙහි දී ලංකාවේ
ප්‍රධානතම මහා මාර්ගය වූ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීම කරවනු ලැබූවේ
එඩ්වඩ් බාන්ස් (1820-1822) ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ය. ඊට අමතරව මේජර්
ස්කිනර් හා කැප්ටන් ඩෝසන් පුරෝගාමත්වයෙන් කුරුණෑගල
සිට මහනුවර දක්වා ගලගෙදර දුර්ගය ඔස්සේ ද, දඹුල්ලේ සිට මහනුවර දක්වා නාලන්දා
දුර්ගය ඔස්සේ ද, අඹේපුස්සේ සිට දඹුල්ල දක්වා අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල
හරහා ද මහා මාර්ග ඉදි කෙරිණි. හෙන්රි
වෝඩ් ආණ්ඩුකාරයා විසින් ලංකාවේ දුම්රිය මාර්ග තැනීමේ ආරම්භක පියවර ගැනීම හේතුවෙන් ලංකාවේ ප්‍රවාහන අංශයේ වැදගත් ම වර්ධනය සිදුවිය. බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට අල්ලා ගැනීමෙන් අනතුරුව ඉදි කල මහා පරිමාණ
මාර්ගය වූයේ 1821-1831දී අවසන් කළ කොළඹ-නුවර
මාර්ගයයි. තේ වගාවත් සමග මහා මාර්ග ඉදි කිරීම ශීඝ්‍රයෙන්
වර්ධනය විය. බොහෝ පාරවල් කළු ගල් දමා සකස් කරන ලද
අතර සෙස පාරවල් බොරලු අතුරා සකස් කරන ලද්දෙය. දුම්රිය මාර්ග ව්‍යාප්තිය බොහෝ සෙයින් ම වතු වගාවේ ව්‍යාප්තිය සමඟ බැඳී
තිබිණි. මේ සියලු මාර්ග තැනීම හා නඩත්තු කිරීම භාරව තිබූයේ රජයේ ප්රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවටය. උඩරට ප්‍රදේශයේ ජනතාව වතු වගාව ආශ්‍රිතව දුම්රිය මාර්ග නඩත්තුව
දුම්රිය එන්ජින් යාන්ත්‍රික ශිල්පීන්, යකඩ කම්හල්කරුවන්, වඩුවන්,
වෑද්දුම්කරුවන්, බොයිලේරු තැනීම ආදී පුහුණු නුපුහුණු වෘත්තීන් රැසක් එහි සේවය කලේය. සංවර්ධන කටයුතු හා ප්‍රවාහනය, දුම්රිය, මං මාවත් ඉදිකිරීම, වාරිමාර්ග නඩත්තුව, හා එංගලන්ත කිරීටයේ දේශපාලනික බලය ලංකා රාජ්‍ය පුරා ව්යාප්ත කර පවත්වා ගැනීමටත් ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලන කටයුතු පහසු කර ගැනීම සඳහා සර්වේ ජනරාල් කාර්යාලය, රජයේ ප්රසිද්ධ
වැඩ දෙපාර්තමේන්තුව (PWD), ප්රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව, මාහාමාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව,
විදුලි සංදේශ හා තැපැල් දෙපාර්තමේන්තුව, වරාය, රජයේ කර්මාන්තශාලාව, රජයේ
මුද්රණාලය, වැනි රාජ්ය ආයතන ආදී
බොහෝ ස්ථානවල රාජකාරී සඳහා ලංකාවේ බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයේ නිරත ව සිටි
සිවිල් නිලධාරීන් හා විශ්‍රාමික සුදුජාතික නිලධාරීන් හා සුදු ජාතික
යුධහමුදා නිලධාරීන් යෙදවීය.
1901 ජන සංගණනයට අනුව පාසල් යා යුතු වයසේ ළමයින්ගෙන් 3/4 ක් ම පාසල් නො ගිය ළමයින් අතර විය. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ගේ නායක්ත්වය යටතේ 1905 දී ඉංග්රීසි උගත් ලාංකිකයන් පිරිස් එක්ව “ලංකා ප්රතිසංස්කරණ මණ්ඩලය” පිහිටුවා ගැනුණ අතර භාෂාව හා අධ්යාපනය සම්බන්ධයෙන් ජනමතය දිරි ගැන්වෙමින් පැවතියේය. ස්වභාෂාවෙන් අධ්යාපනය ලැබීමට පහසුකම් නො තිබුණු ගම්බද හා වතුකර ප්රදේශවල
ගුරුවරුන්ට පහසුකම් සැලසීමත්, දෙමළ හා මුස්ලිම් දරුවන්ට අධ්යාපනය අනිවාර්ය කිරීම ආදී අධ්‍යාපන ප්‍රතිසංස්කරන ඇතිවෙමින් පැවතියේය. ලංකාවෙ 20 වන ආන්ඩුකාර වරයා වූ සර් හෙන්රි එඩ්වඩ් මැක්ලම්
මහතා වර්ෂ
1912 දී ලංකාවේ ආන්ඩුකාර වරයාව සිටියේ ය. එතුමා අතර මේ වනවිට ලංකාව යටත්
විජිතයට නතුවීමත් සමඟම රටේ වෙරළ බඩ පලාත් මෙන්ම රට අභ්යන්තරයේද ක්රිස්තියානි මිෂනාරි අධ්යාපනය ක්රියාකාරීව පැවතුණි. 1912 දී “ප්රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව” යන නම වෙනුවට “අධ්යාපන දෙපාර්තමේන්තුව” යනුවෙන් බිහිවිය. මේ පසුබිම යටතේ බාලදක්ෂ කටයුතු සාමාන්‍ය පාසල් තුළ පැවැත්වීමට හැකියාවත් නොතිබිණ. ඉංග්‍රීසින් විසින් 1848 මාතලේ කැරැල්ල යුද්ධ නීතිය පනවා දරුණු ලෙස මර්දනය
කරනු ලැබීමෙන් පසු නිදහස සඳහා සන්නද්ධ අරගල ක්‍රියාත්මක නොවූ වකවානුවක
ව්‍යවස්ථාදායක සභාව තුළ 1912දී මැකලන් ප්‍රතිසංස්කරණ සිදුකරමින් අලුත්ම
දේශපාලන සංස්කෘතියක් ලංකා රාජ්‍ය තුළ බිහිවෙමින් පැවති පසුබිමක බාලදක්ෂ
ව්‍යාපාරයේ බීජය මුල්වරට මෙරට රෝපණය වූවක් විය.
ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා එංගලන්තයේ ඩෙවොන් නුවර ටැවිස්ටොක්හි
1891 ජූනි 02 දින උපත ලැබූ අයෙකි. එතුමා මහා බ්‍රිතාන්‍ය පාලනය පැවති අවධියෙහි
බ්‍රිරිතාන්ය ඉංජිනේරු සහ සිවිල් සේවකයෙකු ලෙස ලංකා රජයේ ප්රසිද්ධ වැඩ
දෙපාර්තමේන්තුවට (Public Works Department, PWD) මෙලෙස සේවයට පැමිණි සුදු
ජාතිකයෙක් විය. මෙම වකවානුවේදී එංගලන්ත පුවත්පත් දිගින් දිගටම වාර්තා කරනු ලැබූ බාලදක්ෂ
කටයුතු සම්බන්ද පුවත් තරමක ප්‍රමාදයක් සහිතව යටත් විජිත රාජ්‍යයන් පුරාද පැතිරෙමින් තිබිණ. 1901 දී දකුණු අප්‍රිකාවේ යුද්ධයෙන් ආපසු පැමිණි ශ්‍රීමත් බේඩ්න් පවෙල් විසින් ලියනු ලැබූ ‘බාලදක්ෂයට ආධාරක පොත’ එංගලන්තය පුරා තරුණ තරුණියන් අතර ජනප්‍රිය වෙමින් පැවතියේය. 1907 දී බ්‍රවුන්සී දූපතේ පැවති එම පළමු ආදර්ශ කඳවුරේදී බාලදක්ෂයින් අතළොස්සක් සිට ලෝක සාමාජිකත්වය ක්‍රමයෙන් වර්ධනය වූ අතර එංගලන්තය පුරා මෙම ළමා ව්‍යාපාරය වේගයෙන් ව්‍යාප්ත විය. 1908 ජනවාරි 24 දින බී.පී. නිශ්චිත බාලදක්ෂ ව්‍යාපාරයක් දියත් කරන බව ප්‍රසිද්ධියේ නිවේදනය කළේය.
1911 දී එවකට මාතලේට අනියුක්ත ව
ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස්
මහතා විසින් එංගලන්ත රැගෙන ආ ප්‍රවෘත්ති පත්‍රයක තිබූ පුවත් සටහනක් කියවීමෙන් පසු බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල් නැමැත්තෙකු විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ඉන් වසර 5කට පසු ලංකාවේ ලාංකේය දරුවන්
වෙත හදුන්වාදීමේ මූලික අදහසක් ඇති විය.
(දුම්රිය ඉතිහාසය තුළ ඉමහත් පෙරළියක් ඇති කළ වාෂ්ප දුම්රිය එන්ජීම නිෂ්පාදනය කල එංගලන්තයේ නොදම්බර්ලන්ඩ්හි උපත ලද ජෝර්ජ් ස්ටීවන්සන්ගේ නාමය හා මේ දෙදෙනා සමග පවතින අහඹු සම්බන්ධය සොයා බැලිය යුත්තකි.)
එෆ්.ජී.ස්ටීවන්ස් හට බාලදක්ෂ කටයුතු පිළිබඳ පෙර අත්දැකීම් නොතිබූ නමුත්
ප්‍රායෝගික විෂය පිළිබඳ තිබූ කැමැත්ත හා පිරිමි ළමුන් සඳහා එංගලන්තයේ
ව්‍යාප්ත වෙමින් පැවති මෙම වැඩසටහනේ වටිනාකම හොඳින් වටහා ගෙන තිබුණේය. එංගලන්තයේ බාලදක්ෂ ව්යාපාරය
හා සම්බන්ධ මුල් මුද්‍රිතයන් වන Scouting for Boys නම්වූ පොත් කට්ටලය හා
Scout සඟරාවේ පිටපත් කීපයක් තමන් වෙත ගෙන්වා දේශනා පැවැත්වීම සඳහා මෙම නව ව්යාපාරය පිළිබඳව මූලික අවබෝධයක් ලබාගනු ලැබීය.
මෙම කටයුත්ත ආරම්භ කිරීම සඳහා තම ඉංජිනේරු නිල නිවාසයට යාබඳව
පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය තෝරා ගත්තේ ය. මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ විදුහල්පති ඩී. ඇල්ප්‍රඩ් ජයසිංහ මහතා
සමග ද සාකච්ඡා කොට
නියම කරගත් දිනක දී විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් අමතා බේඩන් පවල්
සාමිවරයා හා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව තමා දන්නා අන්දමින් කරුණු ඉදිරිපත් කරමින්
දේශණයක් ද පවත්වනු ලැබිණ. මෙම දේශණයෙන් පසු පාසලේ සිසුන් තුළ මෙන්ම ආචාර්ය
මණ්ඩලය තුළ ද බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව උනන්දුවක් ඇති වූ බව පාසල් ඉතිහාසයෙහි වාර්තා වී තිබේ. එම දේශණාවෙන් ඔද වැඩුණු සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර්
ජාතික සිසුන් 07 දෙනෙකු ජාති ආගම් භේදයෙන් තොර ව මෙතෙක් කිසිවෙකුත් නො දත් මේ නව වැඩසටහනට
ඇතුලත්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව ඇත. තම්බෝ නඩරාජා, පීටර් බෝලින්, ආර්.ඩී.කොටුවේගෙදර,
ආර්.බී.කපුවත්ත, ඒ.එම්. හමීඩ්, එම්. සහබ්ඩීන් සහ ජෝන් කරුණාරත්න යන සිසුන්
07දෙනා මේ පිරිසට අයත් විය. ලංකාවේ ප්‍රථම බාලදක්ෂයින් ලෙස බාලදක්ෂ
ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ රෝපණය කිරීමේ මුල් පියවර මෙසේ ආරම්භ විය.
ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපති වූ විලියම් ගොපල්ලව මහතාද, කොළඹ විශ්ව විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දයා රෝහණ අතුකෝරාළ මහතා ඇතුළු කීර්තිමත් බාලදක්ෂයින්
විශාල ප්‍රමාණයක් මෙම ලංකාවේ පළමු බාලදක්ෂ කණ්ඩායම විසින් දැයට දායාද කර ඇත.
එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම
ආරම්භ කරනු ලැබූව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ සදහා
ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය
කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත මෙම වගකීම පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම
බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා විය. මුල් බාලදක්ෂ කණ්ඩායමට එවකට රජයේ හා යුධ නිලධරයන් බොහෝ ගණනකගේ සහය ලැබුණ බව පැරණි වාර්තා වල දැක්වේ. මේ වනවිට ස්ටීවන්ස් මහතා තරමක කාර්ය බහුල තත්වයක් මත මුල්
කාලයේ පලමු බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ කටයුතු තැපැල් මගින් සිදුකළ බවද පැවසේ. කියවා ලබා ගත් දැනුමින් ලබාගත් අවබෝධය අනුව බාලදක්ෂ කටයුතු ආරම්භ කල ද තවදුරටත් පවත්වා ගැනීම සඳහා අවබෝධයක් නොවූ බැවින් පදක්කම් ලබා ගැනීම හා සෙසු ප්‍රායෝගික කටයුතු සඳහා බ්රිතාන්ය ඉම්පීරියල් බාලදක්ෂ මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමේ අවශ්‍යතාව තිබුණද ඒ සදහා ප්‍රමාණවත් සම්බන්ධයක් නොවූ බැවින් එංගලන්තයේ සිටි මිතුරන්ගෙන් අසා දැනගත් තොරතුරු හා ගෙන්වා ගනු ලැබූ මුද්‍රිත පතපොතේ දැනුම අනුව මෙරට බාලදක්ෂ කටයුතු ක්‍රියාත්මක කිරීමට සිදුවිය.
|
The
first Scout trpop of Christ Church College, Matale (seated in the right is Mr.T A Sahabdeen) |
බාලදක්ෂයන් ලෙස සැලකූවද ආරම්භයේදී සුදුසු නිලඇදුමක් හා පදක්කම් නොවූ අතර මේ ගැටලුව නිරාකරණය කර ගැනීම බෙහෙවින් අසීරු වූ බව පැවසේ. බකල් සහිත හම්පටි ඉනපටි, ගැටියක් සහිත බාලදක්ෂ තොප්පියක් හා පිත්තල පදක්කම් එංගලන්තයෙන් බාලදක්ෂ නිලඇදුම් ආනයනය කිරීම මිලාධික කරුණක් විය. මෙරට පොලිස් නිලධාරීන්ගේ කාකි ඇඳුමට බෙහෙවින් සමාන වූ මුල් නිලඇඳුමක් හඳුන්වා දුන් අතර බාලදක්ෂ යෂ්ඨිය වෙනුවට කොහුමිටක් ගෙනයනු ලැබිණ. මෙය බොහෝ දෙනාගේ සමච්චලයට ලක් වූ අතර කොහුමිටි බාලදක්ෂයන් ලෙස උසුළු විසිළු කලහ.
1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත්
සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා රාජකීය නාවික හමුදාවේ සේවයට අනුයක්ත කරනු ලැබූ බැවින් මාතලේ සිට කොළඹට මාරු කරනු ලැබු හෙයින් එතැන් සිට මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය හා පැවති එතුමාගේ සම්බන්ධතාවය ගිලිහී ගියේය.
1914දී බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදු වූ අතර බ්රිතාන්ය ඉම්පීරියල් බාලදක්ෂ මූලස්ථානය විසින් පරිපාලන කටයුතු සඳහා එෆ්.ජී.ස්ටීවන්ස් මහතා යටත් විජිත කොමසාරිස් ධුරයට (1st Colonial Commissioner of Ceylon) පත්කරනු ලැබිණ. 1915 වනවිට
ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248ක් සිටි බව සංගණන වාර්තා වල සදහන් වේ.
කොළඹට මාරුවීමෙන් පසු අගනුවර 1914 ජූනි මස 14 දින පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒ සඳහා උනන්දුවක් දැක්වූ බොහෝ දෙනාගෙන් ඉල්ලීම් හා උනන්දු කිරීම් මත මෙම කණ්ඩායම ආරම්භ කල අතර එය පසුකාලයේදී ආණ්ඩුකාර උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් විය. එය එවකට ලංකාවෙ පළමුවන විවෘත බාලදක්ෂ කණ්ඩායම හා ලංකාවෙ තුන්වෙනි බාලදක්ෂ කණ්ඩායම විය. මෙම කණ්ඩායම පිහිටුවීමේදී එවකට කොළඹ වානිජ සමාගම හෙවත් Colombo Commercial Company - CCC අනුග්රහය දැක්වූ බව පැවසේ.
බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව ලංකාව පුරා දැනුවත් කිරීමේ අරමුණින් සිලෝන්
ඉන්ඩිපෙන්ඩන්ස් (Ceylon Independence) පුවත්පතෙහි සතිපතා බාලදක්ෂ
ප්‍රවෘත්ති තීරයක් වෙන් කරගැනීමට ද පසු ව The Ceylon Scout නමින් ප්‍රථම
නිල පුවත්පත නිකුත් කිරීමට ද එතුමාට හැකි විය. මෙම පුවත්පත් මඟින් මෙන් ම
අනෙකුත් ජාතික පුවත්පත් මඟින් ද ව්‍යාපාරයේ අරමුණු හා ප්‍රතිපත්ති
එළිදක්වමින් ද බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස බැඳෙන ලෙස ඉල්ලා එකල සිරිලක
ප්‍රභූන් වෙත ආයාචනය කරමින් ද ලිපි පළ කරන ලද්දේ ය. මේ සඳහා බී. ඒ.ආර්.
හියුස් මහතාගේ දායකත්වය අතිමහත් වේ. ගරු ජේ. ටී. ස්මෝල් (Rev.J.T.Small) දේවගැතිතුමාගේ
ද ජේසු නිකායික ගරු සී. රිචඞ් (Rev.C.Reichard) පියතුමාගේ ද රජයේ රස
පරීක්ෂක සී. ටී. සීමන්ස් (C.T.Symonds) මහතාගේ ද සහයෝගය එතුමාට ලැබිණ.
මින්පසු මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම්
ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. ස්ටීවන්ස්
මහතා බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිටුවීමට සමගාමීව 1913 දී
මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත
කළේ ය. ගාලුදිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා
කළේ ය.
1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ.
“සුදු රාජාලියා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මෙතුමාට එහි සේවය කළ හැකි වූයේ වසර 20 ක් පමණි. 1917 දී යටත්විජිත ආණ්ඩුව විසින් මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ අතර යුද
සේවය නිමා වූ වහා ම ලංකාවට පැමිණෙන විට මෙරට බාලදක්ෂ කටයුතු මුළුමනින්ම
වෙනස්කම් රැසකට භාජනය වී පැවතියේ ය. කොළඹ හැව්ලොක් තුරග තරග පිටියෙහි 1917 දී පැවති සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ බටහිර දිසාරැළිය මෙරට බාලදකෂයින්ට නවමු අද්දැකීමක් විය.
නවවසරක රාජකාරියෙන් පසුව ලද නිවාඩුවෙන් පසු එංගලන්තයට ගිය එතුමා ග්ලැඞ්ස්
ක්‍රොක්වෙල් (Gladys Crockwell) මෙණෙවිය හා විවාහ වී 1920 දී යළිත් ලංකාවට
පැමිණියේය.
1920දී ලන්ඩනයේදී පළමු වන ජාත්‍යන්තර සම්මේලනය ජමිබෝරිය ලන්ඩනයේ කෙන්සිංටන් හි
ඔලිම්පියාවේදී පැවැත්විණි. පළමු ලෝක ජම්බෝරිය රටවල් 34 කින් බාලදක්ෂයින් 8,000 ක් මෙම
අවස්ථාවට සහභාගී විය.
1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත්වීම සිදු විය. ඒ වන විට ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි පසුබිම බෙහෙවින් වෙනස් වී තිබිණ. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවති රැළියෙන් අනතුරු ව බොහෝ හැල හැප්පීම් මධ්‍යයේ යටත්විජිත කොමසාරිස් ධුරයෙන් ඉවත් වූ අතර බොහෝ කණස්සල්ලෙන් ද සිටි බව වාර්තා වේ. යටත්විජිත කොමසාරිස් ධුරය හේතුවෙන් යටත්විජිත සංකල්පය තවදුරටත් පවත්වා ගැනීමට එරෙහිව ප්‍රසිද්ධියේ විවේචන සිදු කෙරුණු අතර එවකට දේශපාලනික නැගිටීම් අනුව දේශීය වශයෙන් විවිධ සම්බන්ධතා අනුව බාලදක්ෂ සංගමය නියෝජනය කරනු ලැබූ නිලධාරීන් පිරිස් බලයෙන් වැඩිවීම හේතුවෙන් එෆ්. ජී.
ස්ටීවන්ස් මහතා නාම මාත්‍රික ධූරයක් දරන්නෙකු ලෙස පසෙකට කර තැබූ අතර අනතුරව ක්‍රමයෙන් නොසලකා හැරීමට කටයුතු කලේය. මේ පිළිබඳ හැඩූ කඳුලින් යුක්තව ලෝක බාලදක්ෂ නායකයා දැනුවත් කිරීමට අවස්ථාවක් උදාකගැනීමට හැකි වූ බවත් අතිශය කම්පනයට පත් එතුමා විසින් ලංකාවේ බාලදක්ෂ කටයුතු අරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් එෆ්. ජී.
ස්ටීවන්ස් මහතාගේ හිත සනසවමින් වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය
අගයමින් බී.පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’
සම්මානය ද ප්‍රදානය කරන ලද බවත් පැවසේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු බලදක්ෂ කන්ඩායම BP
තුමාගේ විශේෂ අවසරයක් යටතේ 1926 අරම්භය කල බව සදහන්ය. වැලිකඩ බන්ධනාගාරයෙහි රැඳවියන් සඳහා මානවක
බාලදක්ෂ කණ්ඩායමක් බ්‍රිතාන්‍ය ඉම්පීරියල් බාලදක්ෂ මූලස්ථානයෙහි ලියාපදිංචි
කළ බවත් මේ සියල්ල බාලදක්ෂ ඉතිහාසයෙහි නොලියවුනු ස්ටීවන්ස් යුගයට අයත් බව සඳහන් කලයුතුම වේ. දෙවන ලෝක ජම්බෝරිය 1924 ඩෙන්මාර්කයේදී ද තුන්වන ලෝක ජම්බෝරිය 1929 එක්සත් රාජධානියේ බර්කන්හෙඩ් හි ඇරෝ පාර්ක් හි ද 4 වන ලෝක ජම්බෝරිය 1933 හංගේරියාවහි ද 5 වන ලෝක ජම්බෝරිය 1937 නෙදර්ලන්තයේ දී ද පැවති අතර 81 හැවිරිදි වියේ පසු වූ බේඩන් පවෙල් සාමිවරයා මෙහිදී බාලදක්ෂයින්ට සමු දුන්නේය.
බේඩන් පවෙල් සාමිවරයාගේ දෙවන සංචාරය 1934 නැව් මඟින් සිදු කෙරුණු අතර කොළඹ වරාය ජැටියේදී ඔවුන්ට මහත් හරසරින් පිළිගැනීම සිදුකෙරිණ.
විවිධ ඝට්ටන හමුවේ මෙතුමා නැවත 1939 දී ගිහි සංගමයේ සභාපතිත්වයට පත්විය.
මෙම වකවානුවේ දී ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් එතුමා ගරු ප්‍රධාන
කොමසාරිස් වශයෙන් ද පත් කරනු ලැබිණ. ඒ අනුව ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු
ප්‍රධාන කොමසාරිස් වරයා වන්නේ ද මෙතුමා ය.
මේ වකවානුවේදී ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ
කණ්ඩාම පෙර තිබු උද්යෝගයෙන් අඛණ්ඩ ව පවත්වාගෙන ගොස් ඇති බව එම කණ්ඩායමේ
පැරණි ලොග් සටහන් වලින් පෙනේ. 1940 වර්ෂයේ දී එෆ්.ජී.ස්ටීවන්ස් මහතා එම
කණ්ඩායම නැරඹීම සදහා ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පැමිණි බවත් එය විද්‍යාලීය
බාලදක්ෂ ලොග් පොතේ අත්සන් සහිත ව සටහන් තබා තිබේ. 1940.07.30 දින තබන ලද
ලොග් සටහනකින් කියවෙන්නේ එතුමාට ගෞරව පිණිස එදින පාසලේ දරුවන් අමතා
කතා කිරීමට ද එතුමාට අවස්ථාව ලබා දී ඇති බව ය. කෙසේ හෝ ජේ. එච්. ද සේරම් යුගය දක්වාම නිලනොලත් මට්ටමින් මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ කිසියම් බලපෙරළියක් සිදුවී ඇති බව පෙනෙන්ට තිබේ.
මෙරට බාලදක්ෂ කටයුතු සඳහා
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා මනා පිළිගැනීමක් ලැබෙමින් පැවති අතර ප්‍රධාන
කොමසාරිස් සී. බෲක් එලියට් 1922-1925 (2nd Colonial Commissioner of Ceylon) ශ්‍රිමත් වර්නන් ග්‍රේනියර් මහතා ධූරයෙන් 1925-1930 (3rd Colonial Commissioner of Ceylon) ඉල්ලා අස්වීමත් සමග එතුමා
විසින් ඒ සඳහා නම්කල ජේ. එච්. ද සේරම් මහතාද 1930-1942 (4th Chief Commissioner) ඇමරිකාවට යාම සඳහා ශිෂ්‍යත්වයක් දිනාගනු ලැබිණ. අනතුරුව පත් වූ කේ.සෝමසුන්දරම් මහතාගේ 1942-1948 වකවානු දක්වාම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා කොළඹ ජීවත් වූ බව පැවසේ.
රට පුරා පැවති සියළු ම බාලදක්ෂ ගිහි සංගම්වලට යමින් සහ ඒවායේ පවතින අඩුපාඩු අවම කර ගැනීමට සහාය වෙමින් බාලදක්ෂ මූලධර්ම අනුව ම බාලදක්ෂ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නායකයන්ට උපදෙස් දෙමින් ද 1945 වසරේ දී නැවත එංගලන්තය බලා යන තුරු ම ඉතා ප්‍රශංසනීය ආදර්ශවත් සේවාවක් කරන්නට එතුමාට හැකි විය.
|
SCOUTING MAGAZINE® - SRI LANKA | VOLUME 02 | ISSUE 02 | ISSN 2279-1310 | Page 5, 6 | |
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100ක් ගත වන 2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ් වෙනුවෙන් සියවස ජම්බෝරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ කණ්ඩලම ඩී.එස්.සේනානායක පිටියේ දී පැවැත් විය. මීට සමගාමී ව ආසියා පැසිෆික් අන්තර්ජාතික බාලදක්ෂ ජම්බෝරිය ද දඹුල්ලේ දී පැවැත්විය. බාලදක්ෂ ව්‍යාපාරය පවතින ලෝකයේ සෙසු රටවල් 161 අතරින් සුවිශේෂි ස්ථානයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. 1912 සිට මේ වන විට ශ්‍රී ලංකා ජාතික ජම්බෝරි 09ක් ද, පෝතක බාලදක්ෂයින් සඳහා කබෝරි 09ක් ද, විශේෂ අවශ්‍යතා ඇති (ආබාධිත) බාලදක්ෂයින් සඳහා 'අගුනරියක්' ද පවත්වා තිබේ. එමෙන්ම සෑම දිස්ත්‍රික්කයක් පාසා ම වාර්ෂික දිසා බාලදක්ෂ රැළි, ප්‍රජා සේවා, කඳවුරු, ගවේෂණ, පුරෝගාමී, පා ගමන්, කඳවුරු ගිනිමැල ආදී බොහෝ දෑ තුළින් පුළුල් ව මහජන සම්බන්ධතා පුළුල් කරගෙන ඇති අතර, ප්‍රජාව ද මහත් ආදරයෙන් හා සෙනෙහසින් යුතු ව බාලදක්ෂ ව්‍යාපාරයට සමීප වී ඇත. ගතවූ වසර 100 තුළ ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට 46000කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් විශාලතම ස්වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව ඇත. මෙහි නිරත සියලුම නිලධාරීන් ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම අනෙකුත් ස්වේච්ඡා ව්‍යාපාර අතර බාලදක්ෂ ව්‍යාපාරයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.
ශ්‍රී ලාංකීය
ප්‍රථම බාලදක්ෂ කොමසාරිස් මෙන් ම ක්‍රිස්තු දේව බාලදක්ෂ සමූහයේ
නිර්මාතෘතුමා වශයෙන් ද එතුමා සිහිකිරීම පිණිස එම විද්‍යාලෙයහි ඉදිකල
බාලදක්ෂ උයනෙහි එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ උඩුකය ප්‍රතිමාවක් ද ඉඳිකර
තිබේ. එතුමන් වෙනුවෙන් ලංකාවේ ඉදි වූ ඒකම සිහිවටන ප්‍රතිමාව ද මෙය වේ.
මෙම නිර්මාණය මාතලේ හිටපු බාලදක්ෂ කොමසාරිස් රෙජිනෝල්ඩ් විල්සන් මහතාගේ
ය.
එෆ්. ජී. ස්ටීවන්ස් මහතා සහ ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය ගැන වැඩි විස්තර සදහා SCOUTING MAGAZINE බලන්න...