Pages

Monday, April 29, 2019

‘වරක් බාලදක්ෂයකු සැමදා බාලදක්ෂයෙකි'

ජනාධිපති බාලදක්ෂයෝ යනු බාලදක්ෂ ව්‍යාපාරයේ සෑම සාමාජිකයකුම බැඳී සිටින බාලදක්ෂ පොරොන්දු සහ බාලදක්ෂ නීතිවලට අනුකූලව තම ජීවිතය සකස් කර ගැනීමට අවංක පරිශ‍්‍රමයක් දරමින්, බාලදක්ෂ ක‍්‍රම හා ශිල්ප අනුව මනා ශිල්පීය පුහුණුවක් ලබා ගත්, තමාටත් අන්‍යයන්ටත් ප‍්‍රයෝජනවත්ව සැම විටම අන්‍යයන්ට උපකාර කිරීමට සූදානම්ව සිටින යෞවන යෞවනියන්ය.

එසේම ඔවුන්ගේ බාලදක්ෂ පොරොන්දුවේ පළමුවන අංගය ලෙස තම ආගමට හා රටට යුතුකම් ඉටු කිරීමට බැඳී සිටී. ඒ අනුව බාලදක්ෂ ව්‍යාපාරය තම ආගමට හා රටට යුතුකම් ඉටු කිරීම ප‍්‍රමුඛස්ථානයේලා සලකන ව්‍යාපාරයකි.

ලෝකයේ දැවැන්තම ළමා හා තරුණ ව්‍යාපාරය වන බාලදක්ෂ ව්‍යාපාරය 1907 වසරේ මහා බි‍්‍රතාන්‍යයේදී ‘‘ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල්.. යන ගෞරව නාමයෙන් පසු කලෙක හඳුන්වන ලද ‘‘බේඩන් පවල්.. නම් යුද්ධ සේනාධිපතිවරයා විසින් ළමුන් 20 දෙනකුගෙන් ආරම්භ කරන ලදී.

මේ වනවිට රාජ්‍යයන් 169 ක ඉතා ආකර්ශනීයව මෙම ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන අතර සාමාජික සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ඇත.

තම රටවල බාල පරපුර අනාගත ප‍්‍රයෝජනවත් දක්ෂතා සපිරූ යහපත් පුරවැසියන් ලෙස පුහුණු කරවා ගැනීමට බාලදක්ෂ පුහුණුව උපයෝගී කර ගනී.

ශී‍්‍ර ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය 1912 වර්ෂයේදී මාතලේ කි‍්‍රස්තුදේව විද්‍යාලය කේන්ද්‍රස්ථානය කරගෙන එෆ්. ජී. ස්ටීවන්ස් නම් බි‍්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා විසින් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපාරය 1957 අංක 13 දරන පනතින් නීතිගත කර ඇති නිසා බාලදක්ෂ ව්‍යාපාරයට බැඳෙන බාලක බාලිකාවන්ට සහ පුහුණුකරුවන් වන වැඩිහිටි ස්වෙච්ඡා සේවයේ යෙදෙන පුද්ගලයන්ට රාජ්‍ය ආරක්ෂාව හිමි වී ඇති අතර ව්‍යාපාරයේ ප‍්‍රධානත්වය දරන ‘‘ ප‍්‍රධාන බාලදක්ෂ Chief Scout . තනතුර රාජ්‍ය නායක වෙත පැවරී ඇත.

ශී‍්‍ර ලංකාව බාලදක්ෂ දිස්ති‍්‍රක්ක 37 කට ව්‍යුහගත කර දිසා කොමසාරිස්වරුන් 37 දෙනකු වෙත ව්‍යාපාරයේ පරිපාලනය විමධ්‍යගත කර ඇත. සියලූම කොමසාරිස්වරුන්ගේ ප‍්‍රධානත්වය දරන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ‘‘ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්.. තුමාය.

ඕනෑම දරුවකුට වයස අවුරුදු 5 දී මෙම ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගත හැකිය. ඔහු හෝ ඇය තම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර සාමාජිකත්ව පදක්කමේ සිට ඉදිරියට පුහුණුව සම්පූර්ණ කරමින් නියමිත විෂය නිර්දේශ සමත් කරමින් ‘ජනාධිපති ප‍්‍රදානය. 'Presidents Scout Award' ලෙස හැඳින්වෙන උසස්ම ප‍්‍රදානය දක්වා පුහුණුවීම්වල නිරත විය හැකිය.

මේ පුහුණු කි‍්‍රයාවලියේදී දරුවකු උපරිම ලෙස වසර 13 ක පමණ කාලසීමාවක් අධ්‍යාපනයේ විෂය බාහිර කටයුත්තක් ලෙස විවිධ ‘ප‍්‍රගති පදක්කම්. හා තම රුචිකත්වයට අනුව තෝරාගත හැකි ප‍්‍රවීණතා පදක්කම් රාශියකට අදාළ විෂය නිිර්දේශ පිළිබඳ ප‍්‍රවීණත්වයක් අත්පත් කර ගනී.

වයස අ. 5 දී බාලදක්ෂ ව්‍යාපාරයේ ‘සිඟිති අංශයට. ඇතුළත් වන දරුවකු එතැන් සිට ක‍්‍රමයෙන් උසස් ‘ප‍්‍රගති පදක්කම්. Progressive Badges සහ ප‍්‍රදානයන් Awards කරා යොමු වීමට තමා අයත් වන අංශය හා වයස් සීමාවන් මෙසේය.
  • සිඟිති බාලදක්ෂ අංශය අවුරුදු 5 -7
  • පෝතක බාලදක්ෂ අංශය අවුරුදු 7 - 11
  • කනිෂ්ඨ බාලදක්ෂ අංශය අවුරුදු 10 1/2 - 15
  • ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය අවුරුදු 14 1/2 - 18
  • මානවක බාලදක්ෂ අංශය අවුරුදු 17 1/2 - 24

ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයේ විෂය නිර්දේශයට පිවිසුණු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක බාලිකාවන් නියමිත දක්ෂතා පුහුණුවීම අවසානයේ සමාජයේ ප‍්‍රජාව වෙත යොමු වී ‘ප‍්‍රජා සේවාවක්. හඳුනාගෙන එම ප‍්‍රජා සේවාව ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කර කි‍්‍රයාත්මක කර ඇගයීමකට යටත් කර ඉදිරිපත් කරන ව්‍යාපෘති වාර්තාව සමග තම බාලදක්ෂ පුහුණුවේ විවිධ කඩඉම්වලදී ප‍්‍රගති පදක්කම් දිනාගත් සහතික කළ වාර්තාව ඇතුළත් ජනාධිපති බාලදක්ෂ අයැදුම්පත‍්‍රය අදාළ දිසා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා වෙත තම 18 වන උපන් දිනයට මාසයකට පෙර භාරදිය යුතුය. ජාතික බාලදක්ෂ මූලස්ථානයේ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ව්‍යාපෘති වාර්තාව පරීක්ෂා කර සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සාර්ථකව කටයුතු කර ඇති බාලදක්ෂ බාලක බාලිකාවන් ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානය. සඳහා සුදුසුකම් ලබා ඇති බවට ප‍්‍රධාන කොමසාරිස්තුමාට නිර්දේශ කරයි.

එසේ සුදුසුකම් ලැබූ ශී‍්‍ර ලංකාවේ විවිධ බාලදක්ෂ දිසාවන්ට අයත් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක බාලිකාවන් 1195 ට වත්මන් ‘ප‍්‍රධාන බාලදක්ෂ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් 2018 ඔක්තෝබර් 20 දින මහනුවර පොල්ගොල්ල පිහිටි මහින්ද රාජපක්ෂ ශ‍්‍රවණාගාරයේදී ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයන්. ප‍්‍රදානය කරන ලදී.

බාලදක්ෂ දිවියේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන යෞවන යෞවනියන්ට ‘මානවක බාලදක්ෂ. Rover Scout අංශයට ඇතුළත්ව තවදුරටත් බාලදක්ෂ සේවයේ නිරත වීමට දොරටු විවෘතව ඇත.

‘වරක් බාලදක්ෂයකු සැමදා බාලදක්ෂයෙකි. 


විශේෂ ස්තූතිය
එස්. ඒ. අමරසිංහ
සහාය ප‍්‍රධාන කොමසාරිස් (සංවර්ධන)
කුරුණෑගල දිසාව

12 වන බාලදක්ෂ කබෝරියේ ජනාධිපතිතුමා කළ කථාව

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනපති පවසයි.
දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019.04.06 වන දින වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී)
12 වන බාලදක්ෂ කබෝරියට ඔබ සියලුදෙනා සමඟ එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

බාලදක්ෂ ව්‍යාපාරය ජාත්‍යන්තර ස්වෙච්ඡා ව්‍යාපාරයක්. ලෝකයේ ස්වෙච්ඡා සංවිධාන අතර ඉතාමත්ම ප්‍රබල වූත් ප්‍රමුඛ වූත් විශිෂ්ට වූත් ගෞරවනීය වූත් අන්තර්ජාතික ස්වෙච්ඡා ව්‍යාපාරයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ. ජාත්‍යන්තර බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව කතා කරන විට එහි නිර්මාතෘ බේඞ්න් පාවුල් සාමිතුමා පිළිබඳව අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. මේ වන විට ලෝකයේ රටවල් 172 ක පමණ බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල් 172 ක බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ දරුවන් සහ තරුණයින් දස ලක්ෂ පනස් දෙකක් පමණ සංඛ්‍යාවක් වනවා. ස්වෙච්ඡා ව්‍යාපාරයක් විදියට බාලදක්ෂ ව්‍යාපාරයට ඒ තරුණයින් අතර තිබෙන්නේ අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක්.

ඒවගේම ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ දරුවන් සහ තරුණයින් 72,000 ක් සිටිනවා. අපේ රටේ පාසල් දරුවන් ලක්ෂ 40 ක් පමණ සිටිනවා. නමුත් ඒ පාසල් දරුවන්ගෙන් හතළිහෙන් එකක් වත් බාලදක්ෂ ව්‍යාපාරය තුළ නියෝජනය වන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපතිතුමනි, ප්‍රධාන කොමසාරිස්තුමනි, එහි සහාකාර සහායක නියෝජ්‍ය කොමසාරිස්තුමාලා ඇතුළු මෙහි නායකත්වය ගන්නා ඔබ සියලුදෙනාට විශේෂයෙන්ම මා කරන යෝජනාව තමයි බාලදක්ෂ ව්‍යාපාරයත් කාලානුරූපව යුගයෙන් යුගය යම් යම් වෙනස්කම්වලට භාජනය කළ යුතු වෙනවා. එහි තිබෙන මූලික ප්‍රතිපත්ති මූලධර්මවලට හානියක් නොවන විදියට මේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා අඩු වශයෙන් පාසල් දරුවන්ගෙන් 25% ක් වත් බඳවා ගැනීම සඳහා ක්‍රියාකිරීම ඉතාමත් අවශ්‍යය යි.

මේ පෝතක බාලදක්ෂයින් නියෝජනය කරන්නේ වයස අවුරුදු හතත් එකොළහත් අතර වයස් කාණ්ඩවලට දරුවන්. මේ දරුවන් තමයි සමාජය තුළ සිටින ඉතාම සුන්දර දරු පිරිස වෙන්නේ. ලෝකයේ ජීවත්වන මිලියන ගණනක් සතුන් අතරේ සුන්දරම මිහිරිම හඬ තිබෙන්නේ මිනිස් දරුවන්ගේ බව අපි අසා තිබෙනවා. ඒ මිහිරි සුන්දර හඬට තමයි අපි මේ සවන් දෙන්නේ.

සාමාන්‍යයෙන් අපේ ගමේ කතාවක් තිබෙනවා කුඩා දරුවයි අලි පැටියයි දෙන්නම එක වගේ කියලා. අලි පැටියා කිසිම වෙලාවක එකම විදියකට ඉන්නේ නැහැ. ඒ පුංචි සුන්දර අලි පැටියෙකුගේ තිබෙන ලක්ෂණ තමයි මේ අවුරුදු හතේ එකොළහේ පෝතක බාලදක්ෂයින්ගෙන් අපි දකින්නේ. අපි ඒ සුන්දරත්වය අගය කරන්න ඕනෑ. ඊට ඉඩ දෙන්නට ඕනෑ. මේ වගේ ඉතාමත්ම වටිනා ජාතික සම්පතක් තමයි අද මේ 12 වන කබෝරියට සම්බන්ධ වී සිටින්නේ. ඒ නිසා අපි සැමවිටම කල්පනා කරන්නට ඕනෑ මේ සුන්දර දරුවන්ගේ ජීවිත තව තවත් සුන්දර කර ගන්නේ කොහොමද කියලා. අපට එය අභියෝගයක්.

මම පසුගිය දිනවල ප්‍රකාශ කළ කාරණයක් තමයි මේ රටේ පවත්වන පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව. පහේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන්නේ මේ සිටින පෝතක බාලදක්ෂයෝ තමයි. මේ අවුරුදු 7 ත් 11 ත් දරුවෝ තමයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉතාමත් විශිෂ්ටයි. මේ නිදහස් අධ්‍යාපනය නිසා ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත් මහා විද්වතුන් අපේ රටෙන් බිහි වෙලා තිබෙනවා. ලෝකයේ සිටින උගතුන්ට විද්වතුන්ට නොදෙවෙනි උගතුන් විද්වතුන් බිහි කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. එහි තිබෙන්නා වූ ගුණාත්මකභාවය සහ උසස් ප්‍රමිතිය රැක ගනිමින් කාලානුරූපීව දරුවන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, හැසිරීම් තේරුම් ගනිමින් තාක්ෂණික ලෝකය ජය ගැනීම සඳහා අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා.

මම ඊයේ හවස පුංචි දරුවකුගේ උපන්දින සාදයකට සහභාගි වුණා. මේ වගේම පුංචි දරුවෝ තමයි එතන සිටියේ. ඒ උපන්දිනය සැමරූ දරුවාගේ වයස අවුරුදු 07 යි. එතන පුංචි දරුවෝ 50 ක් විතර සිටියා. මම ඒ දරුවන්ගෙන් ඇහුවා පහේ ශිෂ්‍යත්වය ගැන දන්නව ද කියලා. ඒ දරුවෝ එක හඬින් කිව්වා අපි දන්නවා කියලා.

මම කිව්වා පහේ ශිෂ්‍යත්වයට කැමති අය අත උස්සන්න බලන්න කියලා. එක් කෙනෙක් වත් අත ඉස්සුවේ නැහැ. මම කිව්වා පහේ ශිෂ්‍යත්වය අවලංගු කරනවට කැමති අය අත උස්සන්න කියලා. සියලුදෙනාම එක සැරේ අත ඉස්සුවා. මම මේ අහන්නේ කලින් කියලා දීලා ද පුරුදු කරල ද එහෙම නැත්නම් පෙර පුහුණුවක් දීල ද එහෙම නැහැ. එතන හිටපු දෙමව්පියන්ට මම කිව්වා පේනවා නේද දරුවන්ගේ ඉල්ලීම. අන්න දරුවන්ගේ මානසිකත්වය. අන්න දරුවන් ඉල්ලන දේ. තාක්ෂණික ලෝකය ජය ගන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය තව තවත් ශක්තිමත් කළ යුතුයි. එසේම දරුවා විශිෂ්ටයෙක් කරන්න මේ අධ්‍යාපන ක්‍රමය ජාතික අවශ්‍යතාව වගේම අන්තර්ජාතික වෙනස්කම් අප විසින් තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අධ්‍යාපන විශේෂඥයින්ට පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි කියලා යෝජනා කළේ ඒ නිසයි. මම මේක කිව්වට පස්සේ ඇතැම් අම්මලා මට දොස් කියනවා කියලා ආරංචි වුණා. එතකොට කොහොමද දරුවාට හොඳ පාසලක් හොයා ගන්නේ. අපිට හොඳ පාසලකට දරුවෙක් දා ගන්න තිබුණු අවස්ථාව මේ නිසා නැතිව යනවා නේද කියලා සමහර අම්මලාගේ දුක් ගැනවිල්ලක් මට ආරංචි වුණා.

නමුත් මම දෙමව්පියන්ට කියන්න ඕනෑ අපි මේ අලුත් වැඩපිළිවෙළක් හදන්නේ පහේ ශිෂ්‍යත්වය අවලංගු කරලා 08 පන්තියට අලුත් විභාගයක් තියලා මේ දරුවෝ ලෝකයම ජයගන්න විශිෂ්ටයින් බවට පත් කරන්නයි.

විශ්වවිද්‍යාලයට ගිහින් කලා උපාධිය අරගෙන රැකියා ඉල්ලලා පාරවල්වල උද්ඝෝෂණ කරන තත්ත්වයට පත් කරන්නේ නැතිව මේ අධ්‍යාපන ක්‍රමයේ කළ යුතු වෙනස්කම් කිරීම සඳහා තමයි අප මේ ප්‍රවේශ වී සිටින්නේ.

ලෝකයේ දියුණු රටවල වගේ විභාගයක් පවත්වලා ඉන්පසුව සම්මුඛ පරික්ෂණයකට ලක් කරලා ඒ සම්මුඛ පරීක්ෂණයෙත් විභාග ප්‍රතිඵලත් අනුව දරුවන් වර්ග කිරීමක් අවශ්‍ය වෙනවා. එක් එක් විෂයන් තේරීමේදී කලා විෂයන් සඳහා අපේ රටේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙන් වාර්ෂිකව 5% දක්වා අඩු කරන්න ඕනෑ. අපි බලන්න ඕනෑ සංවර්ධනයට අවශ්‍ය මොන විදියේ දැනුමක් ද? සංවර්ධනය සඳහා දරුවන්ට ලබාදෙන්න සුදුසු දැනුම කුමක්ද? ඒ සඳහා සුදුසු විභාග කුමක්ද? දරුවාගේ බුද්ධිය වර්ධනය වන්නේ කොයි ආකරයට ද? මේ තරගකාරි ලෝකය ජයග්‍රහණය කරන්න අප විසින් කළ යුතු සමාජමය වෙනස්කම් මොනවද? නව ආර්ථික ක්‍රම රටාවන් තේරුම් අරගෙන තාක්ෂණික විෂයන්ට මෙන්ම එක් එක් විෂය ක්ෂේත්‍රවලට දරුවන් යොමු කළ යුතුයි. මේ විදියට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරලා ඔබට ඵලදායි මාර්ගයක් පෙන්වා දෙන්නයි අප බලාපොරොත්තු වන්නේ.

අද පහේ ශිෂ්‍යත්ව විභාගයත් එක්ක දරුවෝ පන්තියට කොටු වෙලා. අම්මාගේ හිර කාරයෙක් වෙලා. අම්මාත් දුක් විඳිනවා. දරුවත් දුක් විඳිනවා. හොඳ පාසල් කියලා හොයනවා නම් පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවාව දා ගන්න එහෙම නම් මේ රටේ නරක පාසල් කියලත් දෙයක් තියෙන්නට ඕනෑ. හොඳ පාසල් සහ නරක පාසල් කියලා දෙකක් රටක තියෙන්න පුළුවන්කමක් නැහැ. මෙයින් අපි දන්නවා පැහැදිලිවම දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ සිය දරුවන්ට ඉගෙන ගන්න අංගසම්පූර්ණ සියලු සම්පත් තිබෙන පාසලක්. එහෙම නම් අපි මේ සඳහා සුදුසු විභාග ක්‍රමයක් හදන්නට ඕනෑ. පාසල්වලට සියලු සම්පත් ලබා දෙන්නට ඕනෑ. එයින් තමයි දරුවා නිවැරදි තැනකට ගෙනියන්න පුළුවන්කම තිබෙන්නේ.

ඇතැම් අවස්ථාවල කවුරුවත් කාටත් නොදැනෙන්න පොඩි ළමයි කියන දේවල් මම හොරෙන් අහගෙන ඉඳලා තිබෙනවා. ඊයේ දරුවකුගේ උපන්දින සාදයකට ගිය වෙලෙත් ඒ අය කතා කරන ඒවා මම වෙන පැත්තක් බලාගෙන අහගෙන සිටියා. ඒ දරුවන් කතා කරන දේවල් මොනතරම් සුන්දර ද බලන්න. ඒ ගැන පොත් කීයක් ලියන්න පුළුවන් ද? ඒ අයගේ පුංචි පුංචි අපේක්ෂාවන් අසීමිතයි. මේ දරුවෝ ළඟ ඊර්ෂ්‍යාව නැහැ. කුහකකම නැහැ. ක්‍රෝධය වෛරය නැහැ.

මමත් වසර ගණනක් බාලදක්ෂයෙක් විදියට ඉඳලා අත්දැකීම් රාශියක් ලබා තිබෙනවා. මම පාසල් යන කාලේ ශිෂ්‍ය භටයෙක් විදියට කටයුතු කර තිබෙනවා. පාසලක බාලදක්ෂයෙක් ශිෂ්‍ය භටයෙක් ලෙස සිටීම මෙන් ම ක්‍රීඩා කටයුතුවලට යොමු වීම ඉතාමත් වැදගත්. පොත අතට අරගෙන පන්ති කාමරයට හිර වෙලා එකම තැනක සිටිනවාට වඩා දැනුම ලබා ගන්න ඕනෑ. දැනුමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොමු වෙන්න ඕනෑ. සමාජය සමග ගැටෙන්න ඕනෑ. පරිසරයට දරුවා විවෘත කළ යුතු යි. පරිසරය හඳුනාගැනීම පරිසරයේ අභියෝග තේරුම් ගැනීම දරුවාට ඉතාමත් අවශ්‍යය යි.

මේ කබෝරිය මගින් ජිවිත කාලය පුරාවටම අමතක නොවන සුන්දර අත්දැකීම් මේ දරුවෝ ලබනවා. මේ දරුවන්ට අවුරුදු හැටක් පිරුණු විටත් කතා කරයි අපි පුංචි කාලේ මේ බාලදක්ෂ කබෝරියකට ගියා. ඒ කබෝරියේදි අපි මේ මේ වගේ අත්දැකීම් ලැබුවා කියලා.

මෙම උත්සවයේ කටයුතු ඉතාමත් හොඳින් සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපතිතුමා, ප්‍රධාන කොමසරිස්තුමා ඇතුළු සහකාර කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු, මැති ඇමතිවරු අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු මේ 12 වන ජාතික කබෝරිය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක් වූ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

ඒවගේම ජාත්‍යන්තර බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු ඉතාමත් අගය කරමින් ඔබ සියලුදෙනාට වාසනාවන්ත අනාගතයක් සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබේ අනාගතය සුන්දර කරන්නට රජයක් විදියට පෞද්ගලිකවත් සැමවිටම කැපවෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.

සියලු දෙනාටම ස්තූතියි.

-------------


ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ දී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25%ක් වත් නියෝජනය වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විනයෙන්, හික්මීමෙන් මෙන්ම ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරය ඉතා වැදගත් බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විශිෂ්ට අනාගත පරපුරක් රට තුළ ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය “අපේ උරුමය මව්බිමයි” තේමාව යටතේ අද සිට අප්‍රේල් 08 වනදා දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පැවැත් වේ.
මෙම කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි වයස අවුරුදු හතත්, එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින් 7500 ක් ද ආචාර්යවරුන් හා වරියන් 750 ක් පමණ එක්ව සිටින අතර ප්‍රථම වරට දකුණු ආසියාතික රටවල්වල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ඊට එක්ව සිටී.

තෙදිනක් පුරා පැවැත්වෙන කබෝරිය විශේෂාංග රැසකින් සමන්විත අතර එම දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

කබෝරි පදක්කම් කට්ටලය කබෝරි සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

කබෝරි සමරු ඵලකය කබෝරි ලේකම් රේණුකා සිල්වා මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















විශේෂ ස්තූතිය - ජනාධිපති මාධ්‍ය අංශයට

Sunday, April 28, 2019

මියුරු ඔබට සුබගමන්!

දශකයකට ඉහත දී මෙරටින් තුරන් කළ සිවිල් යුද්ධයේ භීතියයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙය විය. මරණයට පත් පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයෝ වෙති. එමෙන්ම විදේශිකයන් තිස් අට දෙනෙකුවත් ප්‍රහාරවලට හසුව මරණයට පත්ව තිබේ.


ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම අහිංසක විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් 500 කට වැඩි පිරිසක් තුවාලකරමින් පාස්කු ඉරිදා දිනය වූ 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් වැල මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් මෙහෙවා තිබේ. 

බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑම’ හේතුවෙන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්වූ අතර බලධාරීන් විසින් එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීමට කරුණු සොයද්දී මෙම ප‍්‍රහාරය පසුව අයිසිස්’ හෙවත් අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානය විසින් භාරගනු ලැබිණ. ප්‍රහාරයට සහභාගි වූ බව පැවසෙන පුද්ගලයන්ගේ සමූහ ඡායාරූපයක් 'අමාක්' නමැති මාධ්‍ය ඒකකය විසින් පසුව ප්‍රකාශයට පත් කර තිබිණි. 

සිතියම

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි සංචාරක හෝටල් ඒ අතර වේ. ඉල්හාම් ෂැන්ග‍්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරවා ගත් අතර ඉස්සාෆ් සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී සිය බෝම්බය පුපුරුවා ගත්තේය. මොවුන්ගේ ප‍්‍රහාරවලින් විදේශිකයන් 41 දෙනකු මරණයට පත්විණ. ඒහිදී එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, පෘතුගාලය, ඉන්දියාව, තුර්කිය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ජපානය, ස්විට්සර්ලන්තය , ස්පාඤ්ඤය, බංග්ලාදේශය, ඇමරිකාව සහ චීනය යන රටවලට අයත් විදේශිකයන් ද මරණයට පත් පිරිස අතර වූහ.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළ සංචාරක හෝටල් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව 350 කට අධිකය. නිරායුධ අහිංසක සිවිල් පුරවැසියන් ඉලක්ක කරමින් 500කට වැඩි ප්‍රමාණයකට තුවාල සිදුකරමින් සිදුකරනු ලැබූ අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙලාදැකිය යුතුය.


Image result for ෂැන්ග්‍රිලා බෝම්බයෙන් මියුරු
http://mawbima.lk/entertainment/1/news-more/9930

ෂැංග්‍රිලා බෝම්බය
 
කොළඹ ෂැංග්‍රිලා හෝටලේ පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණිය ද මිය ගියා. පසුව කොළඹ ෂැංග්‍රිලා හෝටලය, නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ෂැංග්‍රීලා හෝටලය තුළ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එහි සිටි විදේශිකයින් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකුට වැඩි පිරිසක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වු බවයි හෝටල් ආරංචි මාර්ග කියා සිටියේ.

බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන 46 හැවිරිදි  ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්  වැඩිම ආදායම් ලබන ASOS නමින් හැඳින්වෙන අන්තර්ජාල රෙදිපිලි ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමියා හැටියට සැලකේ. ඔහු Zalando නමැති ඒවැනි ජර්මානු සමාගමේද හිමිකරුය. ඊට අමතරව ඩෙන්මාර්කයේ ඉඩම් ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඔහු අක්කර 220000 ක හිමිකරුවෙකි. ලංකාවේ සංචාරය පිණිස ඇන්ඩර්ස් පොව්ල්සන් නමැති මෙම වයාපාරිකයා බිරය හා දරුවන් 4 දෙනා සමග පැමිණ තිබේ. ඔවුන් මුලින් සංචාරය ගොස් ඇත්තේ තංගල්ලේ හෝටලයකටය. පසුව කොළඹ නතරවී එක් රැයක් ගතකර පසුදාම ‌ඩෙන්මාර්කය බලා පිටත්ව යාම සැලසුම වී ඇත. මේ නිසා තංගල්ලෙ සිට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටි ඔවුන් එදින පිටවී යාමට සියලු කටයුතු සුදානම් කර  ඇති අතර උදෑසන ආහාරය ලබාගැනීමෙන් පසු දහවල් පිටත්ව යාමට නියමිතව තිබූ අතර උදේ ආහාරයට ෂැංග්‍රිලා හෝටලයේ 3 වන මහලේ පිහිටි 'ටේබල් වන්' නමැති අවන්හල වෙත පොව්ල්සන් මහතා ගැහැණු දරුවන් දෙදෙනකු හා පිරිමි දරුවා  සමග ගොස් ඇති අවස්ථාවේ මෙම ඉරණමට ගොදුරු වී ඇත. මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මගින් ඊයේ(26) ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.


කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ භෝජනාගාරය තුළදී මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු විසින් පුපුරුවා ගත් බෝම්බයකට හසුවී මරුමුවට පත්වූ එම හෝටලයේ භෝජනාගාර සේවකයකු වන රාගම වල්පොල සෝමවීර මාවතේ පදිංචි වයස 29ති මියුරු යසකැළුම් (පැතුම්) සහ තවත් අයෙකු මියගියේ ය. ඔවුන්ගේ අවසන් කටයුතු බෞද්ධාගමික වත් පිළිවෙත් අනුව වල්පොල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.










Monday, April 22, 2019

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය ලන්ඩන් බාලදක්ෂ මුලස්ථානයේ


බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරියවන කේට් මිඩ්ල්ටන් ලන්ඩන් නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වෙයි. 2012 වර්ෂයේ සිටම බාලදක්ෂ ව්‍යාපාරය සඳහා සම්බන්ධ වී සිටින කේම්බ්‍රිජ් ආදිපාදවරිය එහි ස්වේච්ඡා නායිකාවක් ලෙසද කටයුතු කරයි. 
මෙහිදී ඇය වයස අවුරුදු 5 සහ ඊට අඩු දරුවන් බාලදක්ෂයින් ලෙස පුහුණු කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියකට සම්බන්ධ වුණි. තරුණ ප්‍රජාව සහ සහ ඔවුන්ගේ සමකාලීනයන්ගේ සමාන අවස්ථා අතර පරතරය අවම කිරීම මේ ආකාරයේ නියමු ව්‍යපෘති සංවිධානය කිරීම මගින් අපේක්ෂා කරන බව කෙන්සිංටන් මාළිගය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කේම්බ්‍රිජ් ආදිපාදවරිය සිය වැඩිමහල් දරුවා වන පස් හැවිරිදි ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරියද නුදුරේදීම බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් ද සිටින බව වාර්තා වෙයි. 
 

‘The Children’s Princess’: Playful Catherine gets stuck in with the Scouts

Catherine has been dubbed 'The Children's Princess' by royal fans. Source: Getty.
The Duchess of Cambridge has earned herself a nickname as ‘The Children’s Princess’ due to her down to earth nature when interacting with youngsters whilst carrying out her royal duties.
And Catherine’s latest visit was no different as she showed off her playful side on Thursday during a visit to Scouts UK headquarters in Essex where she got involved with activities such as den building and rocket testing with young members.
The mother-of-three was also given a guided tour by a group of four teenage Explorer Scouts including 17-year-old Tahseen Patel, who told Hello! magazine that Catherine said she “wants her children to grow up in the Scouting movement”, adding that she’d love five-year-old Prince George to sign up.
Catherine dressed down for the occasion, opting for a slim pair of black jeans and a turtleneck jumper in a deep shade of red. The practical royal also donned a pair of sturdy walking boots and a blue and red traditional neckerchief for the occasion.


The Duchess of Cambridge revealed she'd love her children to join the Scouts. Source: Getty.
The Duchess of Cambridge revealed she’d love her children to join the Scouts.
Catherine’s visit marked the 100th anniversary of scouting at Gilwell Park and the duchess learned about UK Scouting’s pilot scheme which explores the potential of providing Scouting to young children aged four and five.

Fans of the duchess were quick to praise her manner on social media, with one writing: “Think it’s wonderful how she treats the young. She respects all citizens and deserves all our respect and admiration.”

Another said: “So cute!! She is the Children’s Princess.” While a third wrote: “The Children’s princess. I can totally understand why they love her!”

"It's very waterproof, isn't it?" — The Duchess of Cambridge joins in with den building @UKScouting Gilwell Park 🍂 pic.twitter.com/NWGtreqEbb

— Kensington Palace (@KensingtonRoyal) March 28, 2019

Catherine’s solo outing came just hours after Buckingham Palace announced that Prince William, the Duke of Cambridge, would visit Christchurch, New Zealand, on behalf of the Queen.

The announcement of the duke’s visit comes just two weeks after the devastating terror attack in the city which saw 50 Muslim worshippers killed at two mosques as they took part in Friday Prayer.

“His Royal Highness The Duke of Cambridge will visit New Zealand on behalf of Her Majesty The Queen to honour the victims of the Christchurch mosques terrorist attack,” a palace statement read.

“The Duke will meet with those affected by the attack and will pay tribute to the extraordinary compassion and solidarity that the people of New Zealand have displayed in recent weeks.”

 

 

Wednesday, April 17, 2019

රුජිනගේ බාලදක්ෂයෝ

රජුගේ බාලදක්ෂයා සහ රජුගේ බාලදක්ෂ පදක්කම ගැන පසුගිය සතියේ පළවූ ලිපියේ ඉතිරි කොටස මෙහි දැක්වෙයි. මෙහි එන කරැණු ඔබගේ ලොග් සටහන් පොතෙහි ලෝක බාලදක්ෂ ව්‍යාපාරය යන මාතෘකාව යටතේ සටහන් කර ගැනීම මැනවි. සර් වින්ඩ්ස්ර පිට්ටනියට බාලදක්ෂයෝ 35000 ක් එති.

පස්වැනි ජෝර්ජ් රජතුමාගේ උපදෙස් පරිදි සංවිධාන කළ බාලදක්ෂ රුජින රුළිය 1934 දී පැවැත්විණ. එංගලන්තයේ වින්ඩ්සර් පිටියට බාලදක්ෂයෝ 35000 ක් රුස්වූහ. එංගලන්තයේ බාලදක්ෂයින්ට අමතරව තවත් විදේශීය රටවල බාලදක්ෂයෝ ද එහි වූහ. රජුගේ බාලදක්ෂ ප්‍රදානය දිනාගත් බාලදක්ෂයින් සංඛ්‍යාව 2937 ක් බව ගණන් බලා තිබුණි. මෙම රුළියට බාලදක්ෂයින් මෙන්ම සාමාන්‍ය ජනතාව ද සහභාගි වීම විශේෂ තත්ත්වයකි.

රජ පවුල බාලදක්ෂ ව්‍යාපාරයට ඉමහත් ගෞරවයක් දැක්වීය. බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කිරීමට බේඩ්න් පවෙල් සාමිවරයාට උදවු කළේය. ඔවුන්ගේ අදහස් ද ව්‍යාපාරයට එක් කෙරිණ. පස්වෙනි ජෝර්ජ් රජතුමා හඳුන්වා දුන් ජාතික බාලදක්ෂ සේවා ප්‍රදානයට විශේෂ තැනක් ලැබිණ. එය වින්ඩ්සර් ජාතික බාලදක්ෂ සේවා ප්‍රදානය වශයෙන් නම් කෙරිණ. ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේදී ප්‍රධාන දේවගැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පැවැත්විණ. 1946 වසරේ දී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය පිහිටුවීමට කටයුතු සම්පාදනය කෙරිණ. එහි ප්‍රතිඵලය වූයේ කුඩා බාලදක්ෂයින්ට මෙන්ම වැඩිහිටි බාලදක්ෂයින් වෙත ද රජුගේ බාලදක්ෂ ප්‍රදානය අන් කරගැනීමට තිබුණු අවස්ථාව සීමා කිරීමයි. වයස අවුරැදු 15ට වැඩි බාලදක්ෂයින් හට පමණක් ලබාගත හැකි ප්‍රදානයක් බවට පත් කරමින් රජුගේ බාලදක්ෂ ප්‍රදානයට වටිනාකමක් එකතු කළේය.

ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයා බාලදක්ෂ ශිල්ප හා මහජන සේවා යන ප්‍රධාන කොටස් දෙකට අයත් නියමිත අවශ්‍යතා සපුරාලිය යුතු විය. එසේ කරමින් අදාළ අංශවල ප්‍රවීණතා පදක්කම් දිනාගත යුතු විය. මහජන සේවා කාණ්ඩය වෙනුවෙන් ගිලන්රථ පදක්කම ද බාලදක්ෂ ශිල්ප කාණ්ඩය වෙනුවෙන් වනවාසියාගේ රුහැන ද දිනාගත යුතුය. ඒවා අනිවාර්යයෙන් දිනාගත යුතු පදක්කම් ලෙස නිර්දේශ කෙරිණ. එදා සිට අදටත් එම නිර්දේශ වලංගුය.

නව විෂය නිර්දේශයට අනුව ප්‍රථම රජුගේ බාලදක්ෂ ප්‍රදාන උත්සවය පැවැත්වෙයි.

එංගලන්තයේ බකිංහැම් මාලිගය පිහිටා ඇති මාර්ගයේ කෙළවර ඉම්පීරියල් මූලස්ථානය පිහිටියේය. බේඩ්න් පවෙල් සාමි තුමන්ගේ නිල කාමරයේ දී චාම් උත්සවයක් පැවැත්වීය. 1947 අප්‍රේල් 26 වෙනි දින පැවැත්වූ එම පදක්කම් උත්සවයේ දී නව විෂය නිර්දේශයට අනුව දිනාගත් ප්‍රථම රජුගේ බාලදක්ෂ ප්‍රදානය පිරිනමන ලදී. එම උත්සවයට ප්‍රචාරයක් නොදීමට හේතුව අදටත් අබිරහසක්ය. කෙසේ මුත් පස්වෙනි ජෝර්ජ් රජුගෙන් පසු රජ කළ හයවෙනි ජෝර්ජ් රජුගේ මෙම වකවානුව තුළ වාර්ෂිකව රජුගේ බාලදක්ෂ ප්‍රදාන උලෙළක්, වින්සර් බාලදක්ෂ සේවා ප්‍රදාන උත්සවයත් ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ නොකඩවා පවත්වන ලදී.

ශ්‍රී ලාංකික බාලදක්ෂයාට නිදහස ලැබීම.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුණි. එතෙක් ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් වෙතද පිරිනමන ලද්දේ රජුගේ බාලදක්ෂ ප්‍රදානයයි. එහෙත් ඒ සමග ක්‍රමිකව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට දේශීයත්ව හැඩතල ලබා දීමේ සමාජ වටපිටාවක් නිර්මාණය විය.
රුජිනගේ බාලදක්ෂයෝ කරළියට එති.
වර්ෂ 1952 දී හයවැනි ජෝර්ජ් රජතුමා අභාවප්‍රාප්ත විය. ඔහුගෙන් පසු දියණිය එලිසබෙත් කුමරිය. දෙවන එලිසබෙත් මහ රුජින ලෙසින් අභිෂේක ගන්වනු ලැබුවාය. එදින සිට රජුගේ බාලදක්ෂ ප්‍රදානය රුජින බාලදක්ෂ ප්‍රදානයලෙස නම් කරන ලදී.

රුජින බාලදක්ෂ ප්‍රදානයට අලුත් විෂය

රුජින බාලදක්ෂයකු වීම සඳහා පදක්කම් කිහිපයක් අලුතින් සමත් කළ යුතු විය. ඒ සඳහා පෙරදී තිබුණු ප්‍රවීණතා පදක්කම් වන මහජන සේවා හා බාලදක්ෂ ශිල්ප යන විෂය ක්ෂේත්‍රයට අමතරව කඳවුරැ සහ ගවේෂණ යන අංශ හඳුන්වා දෙන ලදී. වර්තමානය වන විට මෙම විෂය ක්ෂේත්‍ර තවත් පුළුල් කොට ඇත.

වත්මන් රුජින බාලදක්ෂයෝ

1952 වසරේ සිට මෙම වසර දක්වා නොනවත්වා වසර 66 ක් වාර්ෂිකව රුජින බාලදක්ෂ ප්‍රදාන උලෙළ පවත්වාගෙන එන ලදී. එංගලන්තයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පවත්වන එම උලෙළට දෙවන එලිසබෙත් මහ රුජින නොවරදවාම සහභාගි වන්නීය. ඇයගේ අත්සනින් නිකුත් කරන රුජින බාලදක්ෂ සහතිකය ලබා ගැනීමට එංගලන්ත බාලදක්ෂයෝ යුහුසුළුව වැඩ කරති. සහතික පත්‍ර කෙතරම් ප්‍රමාණයක් තිබුණත් බාලදක්ෂයින් වෙත රුජිනම ඒවා ප්‍රදානය කරන්නීය. එසේ කරනුයේ බාලදක්ෂ පුහුණුව නිමාකරන අනාගතයේ රටට සේවය කරන තරැණ තරැණියන් දිරිමත් කිරීමේ පූර්වාදර්ශයක් ලබා දීමේ අරමුණින් යුතුවය.








Friday, April 12, 2019

නිවරැදි කළ නො+හැකි අත්වැරදීම්

SCOUTING යනු තරුණ තරුණියනියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතදීම ආරම්භක අරමුණ සේ පවත්වාගනිමින් ඇරඹුනු ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා යොදා ගනුයේ අවිධිමත් අධ්‍යාපනය මූලික කරගත්, කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රීඩා, පාගමන් සහ ක්‍රීඩා වැනි එලිමහන් ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහිත රීතියකින් යුත් වැඩසටහනකි.

බාල යන්නට තේරුම් කීපයක් ම තිබේ. වයසින් අඩු යන් අරුතට අමතරව මෝඩ, පහත් වැඩ සඳහා ද බාල යන අරුත් ගැන් වී ඇතත් බාල + දක්ෂයා යනු කවරෙක් ද යන්න ඔබ හොඳාකාරව හඳුනනු ඇතැයි අපි සිතමු. ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හදුන්වා දී වසර 100ක් ඉක්ම වී ඇති අවධියක බාලදක්ෂ/බාලදක්ෂිකා ව්‍යාපාරය විසින් කුමක් ද කරන්නේ ද යන්න නැවත නැවතත් තේරුම් කර දියයුතු නොවේ.

බාලදක්ෂයන් ලෙස ඔබ ඔබේ කාර්යයන් නිවරදිව කලාදැයි සිහි නුවණින් සිහිපත් කර බැලීමට කාලය එළැබ තිබේ.  පසුගිය වකාවානුවේ දී බෙහෝ දෙනා අතර සාකච්ඡාවට බදුන් වූ යළිත් නිවරැදි කළ නොහැකි අත්වැරදීම් ගණනාවක් හේතුවෙන් නිස්කාරණයේ ජීවිත අහිමිවූ, ජීවිතාවදානමට ලක්වූ අවස්ථා මාධ්‍ය ඔස්සේ වාර්තාවීම අභාග්‍යට කරුණකි. මේ පසු විපරම ඒ සම්බන්ධයෙනි.

මේ සඳහා බාලදක්ෂ නායක නායිකා, ආචාර්යවරු, පුහුණු කිරීමේ නිලධාරීන්, ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය හා ජාතික මූලස්ථානය කිසියම් වැඩ පිළිවෙලකට කඩිනමින් යොමුවියයුතු කාලය එළැබ තිබේ.

--------------------------------------------

2019

---------------------------------
පුවත උපුටා ගැනීම - https://www.newsi.lk
---------------------------------
ලණුව බාල්කයට දැම්මේ ගැට පුහුණුවට – නමුත් යන්න වුනේ මරු තුරුලට


බාල දක්‍ෂ කඳවුරකට අවශ්‍ය ලණු මගින් සිදුකරනු ලබන විවිධ වර්ගයේ ගැට දැමීමට නිවසේදී පුහුණු වෙමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යයකු එම ගැට සහිත තොණ්ඩුවක් ගෙලට දමා පුහුණු වීමට යෑමේදී ගෙල සිරවී මියගොස් ඇතැයි ගම්පොල කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව තිබෙන්නේ, කරගල මීතලාව පදිංචි නිමෝන් ඉෂාන් චන්ද්‍රරත්න නමැති ශිෂ්‍යයායි. ගිරාඋල්ල විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ශිෂ්‍යයෙක් වන පාසල් බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයෙකු වේ. සිද්ධිය වූ දා සවස 4 වන තුරු පාසලේ බාලදක්‍ෂ පුහුණුවේ නිරතව සිට නිවසට පැමිණි ඔහු නිවසේ තිබූ ලණුවක් රැඟෙන කාමරයකට ගොස් එම ලණුවෙන් නැවතත් ගැටගැසීම් පුහුණු වූ බව මව පවසයි.


එම පුහුණුව අතරතුර රුවල් ගැටේ යොදා ලණුව බෙල්ලට දමා ගැනීමෙන් පසු කාමරයේ වහලේ බාල්කයට ලණුව දමා පහළට බැසීමට උත්සාහ ගැනීමේදී ගෙල සිරවී මරණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. පසුගිය සිකුරාදා සවස 5.30 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මරණයට පත්වූ සිසුවාගේ සිරුර කුරුඳුවත්ත පොලිසිය පැමිණ ගම්පොල රෝහලට රැඟෙන ගොස් තිබේ.


මේ සම්බන්ධව මාධනී සමන්තා කුමාරි (35) නැමැති සිසුවාගේ මව පවසා ඇත්තේ, එදින පාසල් ගොස් සවස 4.00 ට පමණ නිවෙසට පැමිණ ,ඇඟ පත සෝදාගෙන ආහාර ගැනීමෙන් පසුව නිවසේ තිබූ ලනුවක් රැඟෙන කාමරයට ගිය බවයි. දරු තිදෙනෙකු සිටිනා නිවසේ වැඩිමහල් දරුවා වූ ඉෂාන් ලනුවක් රැඟෙන කාමරයට යද්දී, ඒ ඇයිදැයි විමසන්නට මව පසුබට වී නොමැත. එවිට ඔහු මවට පවසා ඇත්තේ,බාලදක්ෂ පුහුණුවක් ඇති හෙයින් එයට පුරුදු වන බවයි.


දරුවා බාලදක්ෂ පුහුණුව සිදුකරද්දී මව අල්ලපු කාමරයේ වූ මුළුතැන්ගෙයට ගියේ රාත්‍රී කෑම සූදානම් කිරීමටයි. සිවිලිමක් නොමැති නිවසේ වහළේ බාල්කයට ලනුව දමනවා මව දුටු බවත්, එම අවස්ථාවේ ‘මොකද කරන්නේ ‘යැයි මව සැර වෙද්දී ‘ මට මේ පුහුණුව කර ගන්නට බැරිවෙනවා, අම්මා කෑනුගහ ඉන්නකෝ’ යනුවෙන් පවසමින්, ගැට පුහුණුවේ නිරතව හිඳී දරුවා පිළිබඳව තැවෙමින් නැවතත් ඔහු කුමක් කරන්නේදැයි බැලීමේදී දුටු දෙයින් මව භීතියට පත්විය. දරුවා ලණුවෙන් එල්ලී සිටිනවා දුටු මව එළියට ගිහින් කෑ ගසද්දී දරුවාගේ බාප්පා හා ගම්වැසියන් පැමිණ ඇත. දරුවා එල්ලී සිටිනු දැකීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබේ.


කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දික ශ‍්‍රී කාන්ත මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරින් මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. බී. එම්. අයිසාල් මහතා ප්‍රකාශ කර ඇත්තේ ගෙල සිරවීමෙන් ශ්වාසනාලය අවහිර වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.


සිසුන් මෙවැනි අනතුරුදායක ක‍්‍රියාවලට යොමු කිරීමේදී ගුරුවරු හා දෙමාපියන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු අතර, පුහුණුකරුවකු ඉදිරියේ පමණක් මෙවැනි අනතුරුදායක ක‍්‍රීඩා සිදුකිරීමට වගබලා ගැනීමෙන් මෙවන් ශෝචනීය සිදුවීම් වාර්තා නොවනු ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

---------------------------------

පුවත උපුටා ගැනීම - http://www.lankadeepa.lk/news

--------------------------------------------

බාල දක්ෂ කඳවුරට යන්න පුහුණුවීම් කළ සිසුවා ගෙල සිරවී මියයයි


බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා නිවසේදී පුහුණුවීම් සිදුකළ පාසල් සිසුවෙකු ගෙල සිර වී ජිවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පැවසීය.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය කුරුදුවත්ත කරගල පදිංචි නිමොද් ඉෂාන් චන්ද්‍රරත්න නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

නාවලපිටිය කුරුදුවත්ත ගිරාඋල්ල මධ්‍යම මහ විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන ජිවිතක්ෂයට පත් සිසුවා ඔහුගේ නිවසේ කාමරය තුළ ලණුවක් ආධාරයෙන් බාලදක්ෂ කඳවුරට සහභාගි වීම සඳහා පුහුණුවීම් සිදුකර ඇත.

අවදානම්ව එම පුහුණුවීම් සිදු කරන අවස්ථාවේ මිය ගිය සිසුවාගේ මව විසින් සිසුවාට අවවාද කර ඇති බව පොලිසිය පැවැසීය.

මවගේ අවවාද නොපිලිගත් සිසුවා ලණුවක් ආධාරයෙන් සිදු කරන බාල දක්ෂ ක්‍රියාවක් පුහුණු වීම සිදු කරමින් සිටින අවස්ථාවේ ඔහු පුහුණුවීම් සිදු කළ ලණුව ඔහුගේ ගෙලේ සිර වී සිසුවා ජීවිතක්ෂයට පත් වී ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවැසීය.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර එම මරණය ගෙල සිර වී සිදු මරණයක් බවට අධිකරණ වෛද්‍යයවරයා සඳහන් කර ඇත.

---------------------------------

පුවත උපුටා ගැනීම - http://www.lankadeepa.lk/news

--------------------------------------------

බාලදක්ෂ ගැටය වැරදීමෙන් අවසන් ගමන් ගිය පාසල් සිසුවා

“මගේ අවුරුදු පහක පොඩි පුතාට මම කීවා අයියා මොනවද කාමරේ කරන්නෙ බලන්න කියලා. එයා කාමරයට ගිහින් ඇවිත් කීවා අයියා ලණුව දාලා ඔන්චිලි පදිනවා කියලා. ටික වෙලාවකින් ශබ්දයක් නැති නිසා මම ආයෙත් එයාට බලන්න කීවාම පොඩි පුතා ඇවිත් කීවා අයියා ශබ්දයක් නැතිව එල්ලිලා ඉන්නවා කියලා.”
බාලදක්ෂ කඳවුරකට අවශ්‍ය ක්‍රියාකාරකමක් සඳහා ලණුවකින් ගැට දැමීමට නිවෙසේදී පුහුණු වෙමින් සිටියදී හදිසියේ මියගිය 14 හැවිරිදි කේ.පී. නිමෝත් ඉෂාන් දරුවාගේ මව මාධනී සමන්තා හඬමින් පැවසුවාය.
මෙසේ මියගොස් ඇත්තේ කරගල, මීතලාව ගිරාඋල්ල මහා විද්‍යාලයේ 10 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.
මාධනී මහත්මිය දරු තිදෙනකුගේ මවකි. ඇයගේ වැඩිමහල් දරුවා වූ නිමෝත් පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ පුහුණුව ලබමින් පසුවිය. පසුගිය 22 වැනි සිකුරාදා පාසල් වේලාවෙන් පසුව පුහුණුවීම් සඳහා කාලය ගතකළ ඔහු නිවෙසට පැමිණියේ පස්වරු 04 ද පසුවීය. පැමිණි මොහොතේම ඇඟපත සෝදා ආහාර ගෙන තිබුණේ සිය මවගේ බලකිරීමටය. කෑම කා අවසන් වූ විගසම නිමෝත් නිවෙසේ පසෙක තිබූ ලණුවක් රැගෙන නිදන කාමරයට ඇතුළු විය. ලණුවක් රැගෙන කාමරයට යන නිමෝත් දුටු ඔහුගේ මව විමසුවේ “ලණුවක් අරගෙන මොනවාද කරන්නේ?” යනුවෙනි. එවිට නිමෝත් පැවසුවේ “අපිට බාලදක්ෂ පුහුණුවක් තියෙනවා. ඒකට පුරුදු වෙන්න ලෑස්ති වෙනවා.” කියාය. නිමෝත්ගේ කතාව අසා සිටි මව, ඔහු රැඳී සිටි කාමරයට යාබදව පිහිටි පිහිටි මුළුතැන්ගෙට වී රාත්‍රී ආහාරය සූදානම් කරන්නට වූවාය. ඒ අතරතුර නිමෝත් කාමරයේ බිත්තිය මතට නැග අත වූ ලණුව බාල්කයක ගැටගසන්නට වූවේය. සිවිලිමක් නොමැති නිසා ඒ බව මුළුතැන්ගේ සිටි මවට දැකගත හැකි විය.
“මොකද කරන්න හදන්නේ? බහිනවා බිමට මගෙන් ගුටි නොකා..” යැයි මව දරුවාට සැර කළාය. ඒත් සමඟම ප්‍රතිචාර දැක්වූ නිමෝත්, “අම්මා කෑනොගහ ඉන්නකො. මට මේ පුහුණුව කරගන්නත් බැරිවෙනවා. බාලදක්ෂ පුහුණුවේදී කරපු එක පුරුදු වෙන්න තියෙනවා” යැයි පැවසීය.
නිමෝත්ගේ එම ප්‍රකාශය නිසා මව යළිත් වරක් යමක් සිතන්නට ගියේ නැත. ටික වේලාවකින් නිමෝත්ගේ ශබ්දයක් නොවුණු නිසා මව සිය කුඩා දරුවාට කීවේ අයියා මොනවද කරන්නේ කියලා බලන ලෙසය. එවිට ඔහු “අයියා ඔන්චිලි පදිනවා” යැයි පිළිතුරු දුන් අතර තවත් මොහොතකට පසුව කීවේ “අයියා ශබ්දයක් නැතුව ලණුවේ එල්ලිලා ඉන්නවා” කියාය.
ඒ සමඟම නිමෝත් සිටි කාමරයට එබී බැලූ මවට දෑස් අදහාගත නොහැකි විය. ඒ වනවිටත් ඔහුගේ ගෙල ලණුවේ සිරවී එල්ලෙමින් තිබුණු අතර දුටු දසුනෙන් බියට පත්වූ ඇය ගෙමිදුලට බැස කෑ ගැසුවාය. ඇගේ හඬ නැගීම අසා දරුවාගේ බාප්පා සහ ඥාති හිතවතුන් කිහිප දෙනෙක් නිවෙසට දුව ආහ. මොහොතකට පසුව ඔවුන් දරුවාගේ මව හමුවේ පැවසුවේ “වැඩක් නෑ. පොලීසියට කියමු” යනුවෙනි.
පසුගිය 22 වැනිදා පස්වරු 5.30ට පමණ වූ සිදුවීම පිළිබඳ ගම්පොළ කුරුඳුවත්ත පොලිස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දික ක්‍රිශාන්තගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සමඟ පොලිස් කොස්තාපල් (67117) තිලකරත්න යන නිලධාරීන් ගොස් පරීක්ෂණ පවත්වා සිසුවාගේ සිරුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
ගම්පොළ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට සූදානම් වුවත් එහි අධිකරණ වෛද්‍යවරයකු නොමැතිකමින් සිරුර නාවලපිටිය රෝහලට රැගෙන ගොස් පරීක්ෂණ සිදුකෙරුණි. එහිදී ගඟ ඉහළ කෝරලේ හදිසි මරණ පරීක්ෂක එස්.බී.ඩී. ආනන්ද තිලක ඉදිරියේ මරණ පරීක්ෂණය සිදුකරන ලදී.
ඒ අවස්ථාවේදී මියගිය නිමෝත්ගේ මව ප්‍රකාශ කළේ දරුවා මීට දෙසතියකට පමණ ඉහතදී කුරුඳුවත්ත රෝහල් විද්‍යාලයේදී පැවති බාලදක්ෂ පුහුණුවක් සඳහා සහභාගී වූ බවය. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.බී.එම්. ෆයිසල් ප්‍රකාශ කළේ දරුවාගේ ගෙල සිරවීමෙන් ශ්වාසනාලය අවහිර වීම නිසා මරණය සිදුවී ඇති බවය. එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැනි අනතුරුදායක ක්‍රියාවලදී ගුරුවරුන් හා මව්පියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවය. එසේම දරුවන්ට එවැනි දෑ තනිවම සිදුනොකිරීමට උපදෙස් දෙන ලෙසද ප්‍රකාශ කළේය. මෙවැනි පුහුණු ක්‍රියාවන් පුහුණුකරු ඉදිරියේ පමණක් සිදුකළේ නම් මෙවන් විපතක් සිදුනොවන බවද අවධාරණය කළේය.

සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ – ගම්පොළ සුරංග රාජනායක
---------------------------------

පුවත උපුටා ගැනීම - http://newshub.lk/2019/04/01/%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85/

--------------------------------------------

බාලදක්‍ෂ ගැට පුරුදු වෙමින් සිටි පුතා කාමරයේ බාල්කයේ එල්ලී සිටියා -ලණුවට ගෙල සිරවී මියගිය ගම්පොල සිසුවාගේ මව කියයි

බාල දක්‍ෂ කඳවුරකට අවශ්‍ය ලණු මගින් සිදුකරනු ලබන විවිධ වර්ගයේ ගැට දැමීම නිවසේ පුහුණු වෙමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යයකු එම ගැට සහිත තොණ්ඩුවක් ගෙලට දමා පුහුණු වීමට යෑමේදී ගෙල සිරවී මියගොස් ඇතැයි ගම්පොල කුරුඳුවත්ත පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කරගල මීතලාව පදිංචි කරුණාපේඩිගෙදර නිමෝන් ඉෂාන් චන්ද්‍රරත්න නමැති ශිෂ්‍යයාය.

මොහු ගිරාඋල්ල විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන සිසුවෙකි.

පාසලේ සවස 4 වන තුරු බාලදක්‍ෂ පුහුණුවේ නිරතව සිට නිවසට පැමිණ පසුව නිවසේ තිබූ ලණුවක් රැුගෙන කාමරයකට ගොස් එම ලණුවෙන් නැවත ගැටගැසීම් පුහුණු වී තිබේ. පසුව එම පාඩමට අයත් රුවල් ගැටේ යොදා ලණුව බෙල්ලට දමා ගැනීමෙන් පසු කාමරයේ වහලේ බාල්කයට ලණුව දමා පහළට බැසීමට උත්සාහ ගැනීමේදී ගෙල සිරවී මෙම සිසුවා මියගොස් තිබේ.

සිකුරාදා (22 දා) සවස 5.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර කුරුඳුවත්ත පොලිසිය පැමිණ සිසුවාගේ සිරුර ගම්පොල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

සෙනසුරාදා (23 දා) දින එම සිසුවාගේ මරණ පරීක්‍ෂණය එහිදී සිදුකිරීමට සූදානම් වුවත් එහි අධිකරණ වෛiවරයකු නොමැති කමින් එම සිරුර නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලට රැුගෙන යෑමට සිදුව තිබේ. එහිදී ග`ග ඉහළ කෝරළේ හදිසි මරණ පරීක්‍ෂක එස්. බී. සී. ආනන්දතිලක මහතා විසින් මෙහි මරණ පරීක්‍ෂණය සිදුකළ අතර කුරුඳුවත්ත පොලිසියේ පොලිස් සැරයන් (20772) චන්ද්‍රසිරි මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම මත සිසුවාගේ මව වන බුළුගහ කොටුවේ ගෙදර මාධනී සමන්තා කුමාරි (35) මෙසේ පැවසුවාය.

‘මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මියගිය දරුවා තමයි වැඩිමහල් පුතා. එයා ඉස්කෝලේ ගිහින් හවස 4.00 ට විතර ගෙදර ආවා. ඇඳුම් ගලවලා ඇ`ගපත හෝදාගෙන කෑම කාලා ගෙදර තිබුණු ලණුවක් අරන් කාමරයට ගියා.

මම ඇහුවා මොනවද කරන්න ලෑස්ති කියලා. අපට බාලදක්‍ෂ පුහුණුවක් තියෙනවා. ඒක පුරුදු වෙන්න ලෑස්ති වෙනවා කීවා. මම ඒ කාමරයට අල්ලපු කුස්සියේ ?ට කෑම හදන්න ලෑස්ති වුණා. ගෙදර වහලේ සිවිලිමක් නෑ. එයා කාමරයේ උඩට නැ`ගලා p3 3බාල්කයට ලණුව දානවා මම දැක්කා. මම සැර වෙන කොට කීවා අම්මා කෑගහන්නැතුව ඉන්නකෝ මට මේ පුහුණුව කරගන්න බැරි වෙනවා කියලා. ටික වේලාවක් යනකොට සද්දයක් නැති නිසා මගේ අවුරුදු 5 ක් වයස පොඩි පුතාට කීවා අයියා මොනවද කරන්නේ කියලා බලන්න කියලා. එයා කාමරයට ගිහින් ඇවිත් කීවා අයියා ලණුව දාලා ඔංචිලි පදිනවා කියලා. තව ටිකක් වෙලා ගියාම කිසිම ශබ්දයක් නැති නිසා මම ආයෙත් එයාට බලන්න කීවාම පොඩි පුතා ඇවිත් කීවා අයියා සද්දයක් නැතිව එල්ලිලා ඉන්නවා කියලා.

මියගිය සිසුවාගේ නිවස.

මම ගිහින් බලනකොට එයා ලණුවෙන් එල්ලිලා හිටියා. මම එළියට ගිහින් කෑ ගැහුවා. එතකොට දරුවාගේ බාප්පයි ගමේ අයයි ඇවිත් බලලා කීවා වැඩක් නෑ පොලිසියට කියමු කියලා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති පො. ප. චන්දික ශ‍්‍රී කාන්ත මහතාගේ උපදෙස් මත උ.පො.ප. රාජපක්‍ෂ හා පො. කො. (67117) තිලකරත්න යන නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ පවත්වා සිරුර රෝහල වෙත යවා තිබුණි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ නාවලපිටිය අධිකරණ වෛi නිලධාරි ඒ. බී. එම්. අයිසාල් මහතා ගෙල සිරවීමෙන් ශ්වාසනාලය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව ප‍්‍රකාශ කොට තිබුණි.

මෙහිදී අධිකරණ වෛi නිලධාරිවරයා පැවසුවේ සිසුන් මෙවැනි අනතුරුදායක ක‍්‍රියාවලට යොමු කිරීමේදී ගුරුවරු හා දෙමාපියන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. පුහුණුකරුවකු ඉදිරියේ පමණක් මෙවැනි අනතුරුදායක ක‍්‍රීඩා සිදුකරන්නේ නම් ආධුනිකයෝ අවදානමකට පත් නොවන බව ඔහු සඳහන් කළේය.

ගම්පොල - සුරංග දිල්හාන්, කුරුඳුවත්ත - ජගත් ජනප‍්‍රිය

 

--------------------------------------------

පුවත උපුටා ගැනීම - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/25759-2019-03-22-14-29-64

--------------------------------------------

”බාලදක්‍ෂ ගැටේ” නිශාන්ගේ මරණයේ තොණ්ඩුව විය 

පුහුණුවටත් ගියේ ගෙදරටත් හොරෙන්
 
baladakshaහදිසි අනතුරක් යනු ඕනෑම මොහොතක ඕනෑම අයෙකුට සිදු විය හැකි දෙයකි. එහෙත් හදිසි අනතුරු වළක්වා ගැනීම අපහසු වුවත් නිසි අවධානයක් තුළින් එම අනතුරු අවම කර ගැනීමට හැකියාවක් ඇත.

 සාමාන්‍යයෙන් ළමා වයසේදී තම දරුවන්ගේ කි‍්‍රයා කලාපය ගැන දෙමාපියන් විශේෂ සැලකිල්ලක් දැක්වුව ද ක‍්‍රමයෙන් යෞවන වියට පැමිණෙන විට එකී අවධානයේ යම් අඩුවීමක් දැකිය හැකිය.

 ළමයින් ළමා වයසේදී අනතුරුවලට ලක්වීමට හේතුවකි. නොදන්නාකම. එසේ යෞවනත්වයෙන් ආවේගකාරීත්වය, කුතුහලය, ත‍්‍රාසයට, අභියෝගවලට ඇති ආසාව විටක ඔවුන් අනතුරු වෙත මෙහෙයවනු ඇත.

 බාලදක්‍ෂ ව්‍යාපාර, ශිෂ්‍ය භට බලකාය වැනි විෂය බාහිර කි‍්‍රයාකාරකම් සිසුන් තුළ ඇති කරන විනය ගරුක බව, දරා ගැනීමේ හැකියාව අති මහත්ය. එකී පන්නරය ඔවුන්ගේ ජීවිත කාලයටම බලපෑම් කරනු ඇත. එහෙත් නිසි මග පෙන්වීමක් නොමැතිව සිදු කරන එවන් කි‍්‍රයාකාරකම්වලට වුවද ඇතැම් විට මරණයෙන් වන්දි ගෙවීමට පවා සිදුවන දරුණු අනතුරු ඇති කළ හැකිය.

 මීතලාව ගිරාඋල්ල විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන කේ. පී. නිමෝත් නිශාන් පසුගිය 22 වැනිදා පාසල් නිමවී පැවැති බාලදක්‍ෂ පුහුණුවීම් අවසාන කර නිවසට පැමිණියේ හවස හතරට පමණය.

 ඇඟ සෝදා දහවල බත කෑ ඔහු ඊළඟට කළේ ගෙදර තිබුණු ලණුවක් සොයාගෙන ඔහුගේ කාමරය වෙත යෑමය.

 ‘පුතා... පුතා....’

 ඇයි අම්මේ කෑගහන්නේ’

 ‘මොකක්ද ඔය කරන්න හදන්නේ’

 ‘අපිට බාලදක්‍ෂ පුහුණුවක් තියෙනවා. ඒකට පුරුදු වෙන්න ලෑස්ති වෙනව.’

 ඊළඟට ඇය නික්ම ගියේ රාති‍්‍ර‍්‍ර ආහාරය තැනීමට සැරසීමට. ඒ අතර ඔහු සිවිලිම නොගැසූ වහලෙ බාල්කයට ලණුව දැම්මේය. කාමරය අසලින් ගිය අම්මා ඔහුගේ මේ කි‍්‍රයාව දුටුවේය.

 ‘මොනවද දරුවො ඔය කරන්න හදන්නේ? යැයි තදින් ඇසීය.

 ‘අම්ම කෑ ගහන්නෙ නැතුව ඉන්නකෝ. මට මේක හරියට ප‍්‍රැක්ටිස් කරගන්න බැරිවෙනව.’

 ඔහුගේ පිළිතුරෙන් පසු ඇය කුස්සියට ගියාය. පුතාගේ කාමරය පැත්තෙන් කිසිදු ශබ්දයක් නෑසුණු නිසා ඇය සිය පස් හැවිරිදි පොඩි පුතාට කතා කළාය.

 ‘පුතා... පුතා කාමරේට ගිහින් බලල එන්න අයිය මොනවද කරන්නෙ කියල.’

 ඇගේ වදනට අවනත වූ ඔහු අයියා බැලීමට අයියාගේ කාමරය ගොස් පැමිණියේය.

 අම්මේ අයිය ලණුවක් දාලා ඔන්චිලි පදිනව.’

 පොඩිත්තාගේ වදනෙන් සැනසුණ ඇය, නැවතත් සිය කටයුත්තට අවධානය යොමු කළාය. කාලය ගෙවී ගියේය. එහෙත් නිශාන්ගේ කාමරය පැත්තෙන් කිසිදු ශබ්දයක් ඇසුණේ නැත. ඇය යළිත් සිය පොඩි පුතුට කතා කර කියා සිටියේ’ අයියා මොකද කරන්නෙ කියලා බලා එන්න’ කියාය.

 ‘අම්මේ! අම්මේ අයියා කිසි සද්දයක් නැතුව එල්ලිල ඉන්නව.’

 ඇගේ හිත තුළ නැඟී ආවේ දැඩි සැකයකි.

 ඇය අඩිය ඉක්මන් කොට නිශාන් සිටි කාමරයට ගියාය.

 දුටු දෙයින් ඇයට ඇගේ නෙත් අදහා ගැනීමට නොහැකි විය. ගොළුවතින් මිදුණු මොහොතේම ඇය ඇති වීරිය යොදා කෑ ගැසුවාය. ඒ හඬින් ගම්මුන් එතැනට රැස් වුවද ඒ වනවිටත් නිශාන් මෙලොව හැර දමා ගොස් අවසානය.

 දැනුම්දීම මත සිද්ධියවූ ස්ථානයට පැමිණි කුරුඳුවත්ත පොලිසිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා ගම්පොළ රෝහලට රැගෙන ගියද ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු නොමැති හෙයින් එම සිරුර නාවලපිටිය දිස්ති‍්‍රක් මහ රෝහලට රැගෙන යෑමට සිදු විය. පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. බී. එම්. ෆයිසාල් මහතා ගෙල සිරවීමෙන් ශ්වාස නාලය අවහිර වීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව ප‍්‍රකාශ කළේය.

 ‘‘සිසුන් මෙවැනි අනතුරුදායක කි‍්‍රයාවලට යොමු කිරීමේදී ගුරුවරු හා මවුපියන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතුයි.

 ‘‘ පුහුණුකරුවකු ඉදිරියේ පමණක් මෙවැනි අනතුරදායක කී‍්‍රඩා සිදු කරනවා. නම් ආධුනිකයන් මේ ආකාරයට අනතුරට පත් වන්නෙ නෑ’ යැයි අධිකරණ වෛද්‍ය නිලධාරියා ප‍්‍රකාශ කළේය.

 කායික හා මානසික සෞඛ්‍යයෙන් පිරිපුන් දරුවකු තැනීම උදෙසා කී‍්‍රඩාව අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන්ම බාලදක්‍ෂ ව්‍යාපාරය තුළින් විශිෂ්ට විනයක් ගොඩනඟන්නේය. එහෙත් ළමුන් යනු කුඩා වැඩිහිටියන් නොව ළමුන් ය. අනතුරක අවදානම ඔවුන් නොදකින්නේ ඒ නිසාය. ඔවුන් ගැන වැඩිහිටියන් නිතර දෙවේලේ ඇස ගසා සිටිය යුත්තේ ඒ නිසාය.

 මධුෂාණි කොඩිතුවක්කු

 

--------------------------------------------

පුවත උපුටා ගැනීම - http://divaina.com/sunday/index.php/visheshanga1/9071-2019-03-28-06-15-77

--------------------------------------------

 

බාලදක්ෂ කඳවුරට යන්න පුහුණු වූ සිසුවා ගෙල සිරවී අවසන්ගමන් යයි

 

March 23, 2019   11:08 pm
බාලදක්ෂ කඳවුරකට සහභාගි වීම සඳහා නිවසේ පුහුණු වීම් සිදුකරමින් සිටි පාසල් සිසුවෙක් ගෙල සිර වී ජීවිතක්ෂයට පත් වී ඇති පුවතක් නාවලපිටියෙන් වාර්තා වෙයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය කුරුඳුවත්ත කරගල පදිංචි නිමොද් ඉෂාන් චන්ද්‍රත්න නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි
10 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇති ජීවිතක්ෂයට පත් සිසුවා ඊයේ (22) පස්වරුවේ ඔහුගේ නිවසේ කාමරය තුල ලණුවක් ආධාරයෙන් බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා  පුහුණුවීම් සිදු කර ඇත.
බාලදක්ෂයින් ලණුවක් ආධාරයෙන් සිදු කරන ක්‍රියාකාරකමක් පුහුණු වීමට ගොස්  ඇති සිසුවා ලණුව ගෙලේ සිරවී ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුදුවත්ත පොලීසිය ප්‍රකාශ කර ඇත.
මිය ගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකර ඇති අතර, එම මරණය ගෙල සිර වී සිදු වූ මරණයක් බවට පශ්චාත් මරණ පරික්ෂණයේ සඳහන් කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.
---------------------------------
http://sinhala.adaderana.lk/news

--------------------------------------------

http://mawbima.lk/
---------------------------------
2017
--------------------------------- 

තරඟයට පොල් ගස් නැග්ග තරුණියකට වෙච්ච වැඩක් කැමරාවේ සටහන් වෙයි

සූදානම්ව සිටිනු තේමාව කරගත් පිරිසක් සූදානම් නොවී කටයුතු කළ පුවතක් අත්තනගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සංවිධානය කළ  සමස්ත ලංකා අත්තම්මාගේ කුසලතා තරගය ඊයේ අත්තනගල්ල - රතඹලේ - පොලොන්හේන වලව්වේදී පැවැත්වුණා.මෙහිදී දිවයිනේ නන් දෙසින් පැමිණි බාලදක්ෂිකාවන් වෙනුවෙන් විවිධ තරග ඉසව් පැවැත්වුණු අතර වැඩි අවධානය යොමුවූයේ පොල් ගස් නැගීමේ තරගයටයි.
පොල් ගසේ වැඩිම උසක් නගින අනුපිළිවෙළට එහි ලකුණු ලබාදීම සිදුකෙරුණා.
නමුත් ඊට සහභාගී වූ යාපනයේ පදිංචි තරුණියක පොල් ගසේ ඉහළට නැගි අවස්ථාවේදී ඉන් ඇදවැටී අනතුරකට ලක්වුනා.ආරක්ෂාවල සූදානම සිය තේමාව කරගත් සංවිධායනයක මේ තරගය සඳහා එවන් කිසිදු සූදානමක් නොමැති වීම අවාසනාවට කරුණක්.
ඇය ගස උඩටම නැගි අවස්ථාවකදී මේ අනතුර සිදුවූයේනම් ඇයට මීට වඩා හානියක් සිදුවීමට ඉඩ තිබුණා. අනෙකාගේ ආරක්ෂාව ගැන කටයුකු කරන බාලදක්ෂ ව්‍යාපාරය තම උත්සවයට අවශ්‍ය ආරක්ෂක විදිවිධාන සපයා නොගත්තේ ඇයි දැයි විමතියට කරුණක්.

https://www.youtube.com/embed/78qWh4YR7GY  - Video

https://www.youtube.com/watch?v=RmTMilvoTqA - Video

---------------------------------

2015

------------------------------------------- 


කොඩි කණුවක් වැටී බාලදක්ෂිකාවන් දෙදෙනෙකුට තුවාල

බාලදක්ෂ සැමරුම් උත්සවයකදී කොඩි කණුවක් කඩාවැටීම නිසා තුවාල ලැබූ පෝතක බාලදක්ෂිකාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අද පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණා. ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාල පරිශ්‍රයේ පැවති බාලදක්ෂ සැමරුම් උළෙලකදියි මෙම අනතුර සිදුව ඇත්තේ. තුවාල ලැබූ පෝතක බාලදක්ෂිකාවන් දෙදෙනා  මහනුවර - උණුවින්න - ඉහකුටිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

---------------------------------

පුවත උපුටා ගැනීම - http://www.hirunews.lk/sinhala/print-sinhala/103665

------------------------------------------- 

--------------------------------------------

http://gossip.hirufm.lk/15180/2017/04/attanagalla-news-year-gilr.html
---------------------------------

2014

--------------------------------------------

අයියාගේ බාලදක්ෂ ටයි පටියට ගෙළ සිරවී මල්ලී මරුට

සිය වැඩිමහල් සහෝදරයාගේ බාලදක්ෂ ලේන්සුව සෙල්ලමට ගෙලෙහි ගැට ගැසූ මොහොතේ එය සිර වී අනතුරට ලක් වූ දොළොස් හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
ජාතික රෝහල් ප්‍රකාශකයකු පැවසූයේ දරුවා රෝහලට ඇතුළත් කරන විට බරපතල තත්වයේ සිටි බවය. ලේන්සුව ඇඳ ඉහළ එල්ලා තිබූ මදුරු දැල් කොක්කක සිර වී ඇති අතර එය ගැලවීමට යාමේදී එය තව තවත් ගෙලට සිර වී තිබේ. මිය ගිය දරුවා කොළ්ඹ නාලන්ද විදුහලේ ඉගෙනුම ලබමින් සිටි අයකු වේ.

---------------------------------

පුවත උපුටා ගැනීම - http://www.24newslanka.com

-------------------------------------------