Translate

Monday, October 7, 2019

ජනාධිපති බාලදක්‍ෂ ප‍්‍රදානය දක්වා ගමන් මග

ජනාධිපති බාලදක්ෂයෝ යනු බාලදක්ෂ ව්‍යාපාරයේ සෑම සාමාජිකයකුම බැඳී සිටින බාලදක්ෂ පොරොන්දු සහ බාලදක්ෂ නීතිවලට අනුකූලව තම ජීවිතය සකස් කර ගැනීමට අවංක පරිශ‍්‍රමයක් දරමින්, බාලදක්ෂ ක‍්‍රම හා ශිල්ප අනුව මනා ශිල්පීය පුහුණුවක් ලබා ගත්, තමාටත් අන්‍යයන්ටත් ප‍්‍රයෝජනවත්ව සැම විටම අන්‍යයන්ට උපකාර කිරීමට සූදානම්ව සිටින යෞවන යෞවනියන්ය. එසේම ඔවුන්ගේ බාලදක්ෂ පොරොන්දුවේ පළමුවන අංගය ලෙස තම ආගමට හා රටට යුතුකම් ඉටු කිරීමට බැඳී සිටී. ඒ අනුව බාලදක්ෂ ව්‍යාපාරය තම ආගමට හා රටට යුතුකම් ඉටු කිරීම ප‍්‍රමුඛස්ථානයේලා සලකන ව්‍යාපාරයකි. 
 
Image result for president scout award

ලෝකයේ දැවැන්තම ළමා හා තරුණ ව්‍යාපාරය වන බාලදක්ෂ ව්‍යාපාරය 1907 වසරේ මහා බි‍්‍රතාන්‍යයේදී ‘‘ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල්.. යන ගෞරව නාමයෙන් පසු කලෙක හඳුන්වන ලද ‘‘බේඩන් පවල්.. නම් යුද්ධ සේනාධිපතිවරයා විසින් ළමුන් 20 දෙනකුගෙන් ආරම්භ කරන ලදී. මේ වනවිට රාජ්‍යයන් 169 ක ඉතා ආකර්ශනීයව මෙම ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන අතර සාමාජික සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ඇත.

තම රටවල බාල පරපුර අනාගත ප‍්‍රයෝජනවත් දක්ෂතා සපිරූ යහපත් පුරවැසියන් ලෙස පුහුණු කරවා ගැනීමට බාලදක්ෂ පුහුණුව උපයෝගී කර ගනී.

ශී‍්‍ර ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය 1912 වර්ෂයේදී මාතලේ කි‍්‍රස්තුදේව විද්‍යාලය කේන්ද්‍රස්ථානය කරගෙන එෆ්. ජී. ස්ටීවන්ස් නම් බි‍්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා විසින් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපාරය 1957 අංක 13 දරන පනතින් නීතිගත කර ඇති නිසා බාලදක්ෂ ව්‍යාපාරයට බැඳෙන බාලක බාලිකාවන්ට සහ පුහුණුකරුවන් වන වැඩිහිටි ස්වෙච්ඡා සේවයේ යෙදෙන පුද්ගලයන්ට රාජ්‍ය ආරක්ෂාව හිමි වී ඇති අතර ව්‍යාපාරයේ ප‍්‍රධානත්වය දරන ‘‘ ප‍්‍රධාන බාලදක්ෂ Chief Scout . තනතුර රාජ්‍ය නායක වෙත පැවරී ඇත.

ශී‍්‍ර ලංකාව බාලදක්ෂ දිස්ති‍්‍රක්ක 37 කට ව්‍යුහගත කර දිසා කොමසාරිස්වරුන් 37 දෙනකු වෙත ව්‍යාපාරයේ පරිපාලනය විමධ්‍යගත කර ඇත. සියලූම කොමසාරිස්වරුන්ගේ ප‍්‍රධානත්වය දරන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ‘‘ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්.. තුමාය.

ඕනෑම දරුවකුට වයස අවුරුදු 5 දී මෙම ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගත හැකිය. ඔහු හෝ ඇය තම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර සාමාජිකත්ව පදක්කමේ සිට ඉදිරියට පුහුණුව සම්පූර්ණ කරමින් නියමිත විෂය නිර්දේශ සමත් කරමින් ‘ජනාධිපති ප‍්‍රදානය. 'Presidents Scout Award' ලෙස හැඳින්වෙන උසස්ම ප‍්‍රදානය දක්වා පුහුණුවීම්වල නිරත විය හැකිය.

මේ පුහුණු කි‍්‍රයාවලියේදී දරුවකු උපරිම ලෙස වසර 13 ක පමණ කාලසීමාවක් අධ්‍යාපනයේ විෂය බාහිර කටයුත්තක් ලෙස විවිධ ‘ප‍්‍රගති පදක්කම්. හා තම රුචිකත්වයට අනුව තෝරාගත හැකි ප‍්‍රවීණතා පදක්කම් රාශියකට අදාළ විෂය නිිර්දේශ පිළිබඳ ප‍්‍රවීණත්වයක් අත්පත් කර ගනී.

වයස අ. 5 දී බාලදක්ෂ ව්‍යාපාරයේ ‘සිඟිති අංශයට. ඇතුළත් වන දරුවකු එතැන් සිට ක‍්‍රමයෙන් උසස් ‘ප‍්‍රගති පදක්කම්. Progressive Badges සහ ප‍්‍රදානයන් Awards කරා යොමු වීමට තමා අයත් වන අංශය හා වයස් සීමාවන් මෙසේය.

අංශය වයස
  • සිඟිති බාලදක්ෂ අංශය අවුරුදු 5 -7
  • පෝතක බාලදක්ෂ අංශය අවුරුදු 7 - 11
  • කනිෂ්ඨ බාලදක්ෂ අංශය අවුරුදු 10 1/2 - 15
  • ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය අවුරුදු 14 1/2 - 18
  • මානවක බාලදක්ෂ අංශය අවුරුදු 17 1/2 - 24

ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයේ විෂය නිර්දේශයට පිවිසුණු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක බාලිකාවන් නියමිත දක්ෂතා පුහුණුවීම අවසානයේ සමාජයේ ප‍්‍රජාව වෙත යොමු වී ‘ප‍්‍රජා සේවාවක්. හඳුනාගෙන එම ප‍්‍රජා සේවාව ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කර කි‍්‍රයාත්මක කර ඇගයීමකට යටත් කර ඉදිරිපත් කරන ව්‍යාපෘති වාර්තාව සමග තම බාලදක්ෂ පුහුණුවේ විවිධ කඩඉම්වලදී ප‍්‍රගති පදක්කම් දිනාගත් සහතික කළ වාර්තාව ඇතුළත් ජනාධිපති බාලදක්ෂ අයැදුම්පත‍්‍රය අදාළ දිසා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා වෙත තම 18 වන උපන් දිනයට මාසයකට පෙර භාරදිය යුතුය. ජාතික බාලදක්ෂ මූලස්ථානයේ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ව්‍යාපෘති වාර්තාව පරීක්ෂා කර සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සාර්ථකව කටයුතු කර ඇති බාලදක්ෂ බාලක බාලිකාවන් ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානය. සඳහා සුදුසුකම් ලබා ඇති බවට ප‍්‍රධාන කොමසාරිස්තුමාට නිර්දේශ කරයි.

එසේ සුදුසුකම් ලැබූ ශී‍්‍ර ලංකාවේ විවිධ බාලදක්ෂ දිසාවන්ට අයත් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක බාලිකාවන් ප‍්‍රධාන බාලදක්ෂක ගරු ජනාධිපතිතුමා අතින් ස්වකීය ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයන්, ලබා ගැනීමේ අවස්ථාව ලබා ගැනීම එහි කූටප්‍රාප්තිය වේ. 


බාලදක්ෂ දිවියේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන යෞවන යෞවනියන්ට ‘මානවක බාලදක්ෂ. Rover Scout අංශයටත් අනතුරුව ලී පදක්කම්ධාරී බාලදක්ෂ අචාර්යවරුන්, ආකේලාවන් හා සහය පුහුණු නායකයන්,  පුහුණු නායකයන්, ලෙස ඇතුළත්ව තවදුරටත් බාලදක්ෂ සේවයේ නිරත වීමට දොරටු විවෘතව ඇත.ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට කැමති නායක්ව ලක්ෂණ ඔපවත් කරගන්නා පිරිස් සදහා දිසා මට්ටමින් බාලදක්ෂ නිලධාරීන් ලෙසත්, සහය දිසා කොමසාරිස්වරුන්, දිසා කොමසාරිස්වරුන්,ලෙසත් ජාතික මට්ටමින් සහය මූලස්ථාන කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන්, විශේෂ කොමසාරිස්වරුන්,ලෙසත් එක්වීමට හැකියි.

‘වරක් බාලදක්ෂයකු සැමදා බාලදක්ෂයෙකි.

විශේෂ ස්තූතිය
එස්. ඒ. අමරසිංහ
ජාතික පුහුණු කොමසාරිස්

1 comment:

  1. මෙය නැවත යාවත්කාලීන කළ යුතුය

    ReplyDelete