Translate

Tuesday, October 22, 2019

ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය JOTA/JOTI

ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරියට සහභාගිවීමට අපේක්ෂා කරන බාලදක්ෂයන් JOTA JOTI 2019 නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වියයුතුය. ඔබත් නොමිලයේම ලෝක ජම්බෝරි අත්දැකීමක් විදීමට කැමති නම් දැන්ම https://www.jotajoti.info වෙත පැමිණ තොරතුරු ගවේෂණය කළහැකියි.

කෙතරම් දැනුවත් කිරීම් සිදුකලත් JOTA JOTI ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ගේ ආකර්ශනීය උනන්දුව ඇති බවත් දක්නට නැහැ. වාර්ෂිකව ලොව පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂයන් සහභාගීවන මෙවැනි පසුවෙන් සහභාගී විය හැකි ජාත්‍යන්තර වැඩ සටහන් සඳහා සියලු බාලදක්ෂ කණ්ඩායම් සහභාගී කිරීමේ වගකීම පැවරෙනුයේ ඔබගේම කණ්ඩායමට විනා අන් අයෙකුට නොවේ. ඉතින් අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම බාලදක්ෂ කණ්ඩායමකට JOTI ජම්බෝරියට සහභාගී විය හැකියි.

මෙවර බාලදක්ෂ, බාලදක්ෂ බාලිකා, මානවක, ගුවන් බාලදක්ෂ කණ්ඩායම් 21 ලියාපදිංචි වී සිටි අතර මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ අවිධිමත් ආකාරයෙන්ද බාලදක්ෂ, බාලදක්ෂිකා පිරිස් අන්තර්ජාල ජම්බොරියට සහභාගී වූහ.
1. 21st colombo
2. 25th Moratuwa Air Scout Group - Ratmalana
3. 4th Moratuwa Scout Group - St. Sebastian's College
4. 50th Colombo Scouts Sri Lanka - St.John's College
5. 60th Colombo - D.S.S.College
6. Air scout Sri Lanka
7. Amal International School
8. An-Nusar Open Scout Group, Kalmunai
9. Ethugalpura Pioneers District Girls Rover Crew
10. Ethugalpura Pioneers' District Rover Crew
11. Kurunegala Green Scouts
12. Hambantota District Scout Association
13. Joes of srilanka
14. Kamburawala scouts
15. Guwahati district rally - Kamrup district
16. Maliyadeva Adarsha Scout
17. Panadura ROYAL SCOUTS
18. Air Force Colombo
19. Horana Taxila Central College
20. Taxila Central College girl scout
21. Wayamba Royal Scout Group
සෑම වසරකම ජාත්‍යන්තර ජොටා ජොටී වැඩසටහනට රටවල් 170 කින් බාලදක්ෂයෝ මිලියන 2.5 ක් පමණ ලියාපදිංචි වෙති. වැඩිහිටි බාලදක්ෂයකුගේ උපදෙස් ලබා ගනිමින් ඔබත් තනි තනිවම හෝ සමූහයේ, කාණ්ඩයේ තොරතුරු නිවැරදිව ලබාදීමෙන් “ජොටා - ජොටී 2019" වැඩසටහනට පහසුවෙන් ලියාපදිංචි විය හැකියි.  එසේ ලියාපදිංචි වන සෑම බාලදක්ෂයකුටම ජොටා ජොටී සහතික පත්‍රයක් ද ලබා ගැනීමට පුළුවන්.

වීසා නොමැති ජාත්‍යන්තර ජම්බෝරිය

බාලදක්ෂයින් වැඩි දෙනකු මීට සහභාගි කරවීම සඳහා විජය බාලදක්ෂ කඳවුර වසර ගණනාවක සිට ගන්නා උත්සාහය අගය කළයුතුම වේ. ඒ සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගිය වසර 15 ක් තිස්සේ පවත්වා තිබේ.

JOTA JOTI පවත්වන්නේ කෙසේද ?

බාලදක්ෂයින් හට කිසිදු මුදල් ගෙවීමක් නොකොට නොමිලේම ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියට අත්දැකීමක් වසරක් පාසා ලබා ගත හැකි එකම අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර ගුවන් ජම්බෝරිය( JOTA) සඳහා මධ්‍යස්ථානයක් ඔබ විසින් ස්ථානගත කළ යුත්තේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පියකුගේ උපදෙස් මතය. අන්තර්ජාල ජම්බෝරිය සඳහා එසේ කිරීම අනවශ්‍යය. ස්කයිප්, ෆේස්බුක්, ඊමේල් පණිවිඩ හුවමාරුව මේ සඳහා යොදාගත හැකියි. ලෝක බාලදක්ෂ මූලස්ථානය මේ සඳහා ඉදිකරන රූපවාහිනී මධ්‍යස්ථානය සමග ද බාලදක්ෂ ඔබට සම්බන්ධ විය හැකියි. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින බාලදක්ෂයින් සමග ද කථා කිරීමට පුළුවන්.

ජොටා උපන්නේ කවදාද? 

අන්තර්ජාලය පැමිණීමට පෙර මෝස් සංඥා සමගින් අදහස් හුවමාරැ කළ ජාත්‍යන්තර ගුවන් බාලදක්ෂ ජම්බෝරියට දිගු ඉතිහාසයක් ඇත. බාලදක්ෂ ව්‍යාපාරය ලෝකයට හඳුන්වා දී වසර 50 ක් ගත වීමේ සංවත්සරය යෙදී තිබුණු 1957 වර්ෂයේ දී “ජොටා" උපත ලැබීය. එයට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ආධුනික ගුවන්විදුලි සම්ප්‍රේෂණ ශිල්පි ලෙස්ලි ආර්.මිචෙල් මහතායි. එතුමා ඒ වෙනුවෙන් “CQ Jamboree 50 Years Scouting" කෘතිය එළිදැක්වීය. එතුමා කළ මෙහෙවර වෙනුවෙන් 132 වෙනි ලෝකඩ වෘක සම්මානය පිරිනමමින් ලෝක බාලදක්ෂ මූලස්ථානයේ ඇගයීමට පාත්‍ර කෙරිණ. එතුමන් හඳුන්වා දුන් කෙටි නාමය වූවේ “G3BHK" යන්නය. ආධුනික ගුවන්විදුලි සම්ප්‍රේෂක සෑම ශිල්පියෙක්ම තමන් හඳුන්වන කෙටි නමක් යොදා ගැනීම අද දක්වාම සිදු කරයි. එය හඳුන්වනු ලබන්නේ “Call Sign" ලෙසින්ය.

ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය

මේ සන්නිවේදන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට ඔබ කුතුහලයකින් පසු වනවා ඇත. මේ සඳහා ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය කළ හැකි හා ප්‍රතිග්‍රහණය කළ හැකි රේඩියෝ උපකරණයක්‌ තිබිය යුතු ය. අපට භාවිත කළ හැකි සංඛ්‍යාත පරාසයන් උච්ච සංඛ්‍යාත (High Frequency -HF)” ඉතා උච්ච සංඛ්‍යාත (Very High Frequency-VHF)) හා අති උච්ච සංඛ්‍යාත (Ultra High Frequency-UHF) යන සීමාවන්හි පවතී. උපකරණයේ අදාළ සම්ප්‍රේෂණ සංඛ්‍යාතය සැකසීමෙන් අනතුරුව එහි ඇති ඇමතුම් බොත්තම ක්‍රියාත්මක කර මෙහි දී භාවිත වන විශේෂිත ඇමතුම් සංඥා අනුසාරයෙන් ඇමතීම ආරම්භ කළ හැකි ය. එවිට එම සංඛ්‍යාතය ප්‍රතිග්‍රහණය කිරීමට සුසර කර ඇති උපකරණ ඔස්‌සේ මෙයට සවන් දීමට හා ප්‍රතිචාර දැක්‌වීමට පිළිවන. වඩාත් හොඳින් ක්‍රියාත්මක වීම සඳහා නිවැරැදිව සකසා ගත් ඇන්ටෙනා පද්ධතියක්‌ සම්බන්ධ කර තිබීම වැදගත් ය. මේ සඳහා ක්‍රියාත්මක ප්‍රතිවිකාශනාගාරයක්‌, යටියන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති ස්‌වාධීන රූපවාහිනි කුලුන මත සවි කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය 1982 පනත් අංක 17 දරන සමාගම් පනත යටතේ 1950 දී ස්‌ථාපිත ලාභ නො ලබන සංවිධානයකි. එහි සාමාජිකත්වය බලපත්‍රලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන් ගෙන් හා ඒ පිළිබඳ උනන්දුව දක්‌වන පුද්ගලයන් ගෙන් සමන්විත ය. මෙය අන්තර්ජාතික ආධුනික ගුවන් විදුලි සංගමයේ (IARU) සාමාජිකත්වය දරයි. තේමා පාඨය වන්නේ "අන් සැම බිඳ වැටුණු කල ආධුනික ගුවන් විදුලිය" යන අරුතැති ‘When all else fails Amateur radio' යන්නයි.

නවක සාමාජිකයන්ට අවශ්‍ය මඟපෙන්වීම, අත්දැකීම් මෙන්ම ප්‍රවීන ශිල්පීන් ගේ නොමඳ සහාය බලපත්‍ර ලබා ගැනීම සඳහාත්, ඉන් අනතුරුවත් නිරන්තරයෙන් ලබා දීමට ගුවන් විදුලි සංගමය සැදී පැහැදී සිටී. සංගමය මඟින් මාසික රැස්‌වීම්, විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම, දැනුම වඩවන නොයෙක්‌ ක්‍රියාකාරකම් හා ක්‌ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීම ද සිදු කරයි. අන්තර්ජාතික ප්‍රදීපාගාර සති අන්තයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය ද බේරුවල බාබේරියන් දිවයිනෙහි මනරම් පරිසරයක පිහිටා ඇති ප්‍රදීපාගාරයේ සිට වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එසේ ම අන්තර්ජාතික ගුවන් බාලදක්‌ෂ ජම්බෝරිය (JOTA - Jamboree On The Air) සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරන්නකි. මේ ජම්බෝරිය පැවැත්වීම සඳහා ආධුනික ගුවන් විදුලි ශිල්පීන් ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. ඊට අමතරව ඉල්ලීම් අනුව අවශ්‍ය ප්‍රදර්ශන කුටි හා අවශ්‍ය තාක්‌ෂණික දැනුම ලබා දීම සිදු කරයි.

බලපත්‍රලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන්

බලපත්‍රයක් සහිත පුද්ගලයකුට තම නිවසේ, මෝටර් රථයේ හෝ ජංගම ලෙස ගුවන් විදුලි පද්ධතියක්‌ පවත්වාගෙන යා හැකි ය. ලෝකය පුරා මිලියන 3කට අධික ශිල්පීන් පිරිසක්‌ අතරින් 300කට අධික පිරිසක්‌ ශ්‍රී ලාංකිකයෝ වෙති. බලපත්‍රයක්‌ ලබා ගැනීමට වයස අවුරුදු 14 සම්පූර්ණ කළ යුතු ය. බලපත් ලත් විට තමන්ට අවශ්‍ය උපකරණ, ඇන්ටෙනා ආදිය තමාට ම සකසාගත හැකි ය. අද අප භාවිත කරන බොහොමයක්‌ එවන් උපකරණ පෙර ප්‍රවීණයන් විසින් නිර්මාණය කරන ලද ඒවා ය. මේ විනෝදාංශයේ පරතෙරට ම යන්නන් චන්ද්‍රිකා නිපදවීම, සඳ වෙත ගුවන් විදුලි සංඥා මුදා හැරීම, අන්තර්ජාලය ඔස්‌සේ ගුවන් විදුලි පද්ධති ලොව වටා සම්බන්ධ කිරීමේ ආධුනික රූපවාහිනි ක්‍රම (එකිනෙකා ඇමතිය හැකි) අත්හදා බැලීම වැනි සංකීර්ණ පර්යේෂණයන්හි නිsරත වනු දැකිය හැකි ය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය (International Space Station - ISS) තුළ ගමන් ගන්නා ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමඟ පෘථිවියේ සිට පණිවිඩ හුවමාරු කර ගැනීමට ද බලපත්‍රලාභීන්ට අවකාශ සැලසේ. මේ යානය ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් ගන්නා විට අපට ඇමතීම් කළ හැකි ය. 

විදුලි සංදේශ හා නියාමන කොමිසම නිකුත් කරන බලපත්‍රයක් ලබා ගත යුතුය.ඒ සදහා වසරක් පාසා විභාග දෙපාර්තමේන්තුව විභාගයක් පවත්වයි. පසුගිය වසර පහළොවක් තුළ විජය බාලදක්ෂ කඳවුරේ මග පෙන්වීමෙන් බාලදක්ෂ ආධුනික ගුවන් විදුලි ශිල්පීන් පන්සියයක් විභාගය සඳහා ඉදිරිපත් කරන ලදී. ඒ අතරින් සමත් වූ බාලදක්ෂයෝ වර්තමානයේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පීන් බවට පත් ව සිටිති. 

ආධුනික ගුවන් විදුලි බලපත්‍රය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් පවත්වනු ලබන, ගුවන්විදුලි ශිල්පය හා ඉලෙක්‌ට්‍රොන විද්‍යාව පිළිබඳ කරුණු අඩංගු බහුවරණ ප්‍රශ්න පත්‍ර දෙකකින් යුතු සරල විභාගයට පෙනී සිට ඉන් සමත් වීම අනිවාර්ය වේ. අනතුරුව බලපත්‍රය ලබා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලුම් කළ හැකි වන අතර එය ආරක්‌ෂක අමාත්‍යංශයේ ද අධීක්‌ෂණයට ලක්‌ ව නීතිමය හා ආරක්‌ෂක තත්ත්වයේ සදුසුකම් පරීක්‌ෂාවට ලක්‌ කිරීමෙන් අනතුරුව ඔබට බලපත්‍රය නිකුත් කරනු ලබයි. කාණ්‌ඩ 3ක්‌ යටතේ බලපත්‍ර ලබා දේ. 

නවක, සාමාන්‍ය හා උසස්‌ පන්තියයි. ඒ එක්‌ එක්‌ පන්තිය සඳහා අනුමත ගුවන් විදුලි සංඛ්‍යාත පරාස ඔස්‌සේ ක්‍රියා කිරීමට හා පර්යේෂණ කිරීමට බලය ඇත. වසරකට දෙවරක්‌ විභාගය පවත්වනු ලබන අතර එය රජයේ ගැසට්‌ පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. එක්‌ ප්‍රශ්න පත්‍රයක්‌ මඟින් විද්යුතය, ගුවන් විදුලි හා ඉලෙක්‌ට්‍රොන විද්‍යාව පිළිබඳ දැනුම උරගා බැලෙන අතර අනෙක්‌ ප්‍රශ්න පත්‍රය බලපත්‍ර කොන්දේසි, උපකරණ ක්‍රියා කරවීම හා හැසිරවීම සම්බන්ධයෙනි. මීට අමතරව උසස්‌ පන්තිය සඳහා මෝස්‌ සංඥා පරීක්‌ෂණයක්‌ ද පැවැත්වේ. බලපත්‍රයක්‌ ලබා ගත් පසු එකිනෙකාට ආවේණික ඇමතුම් සංඥාවක්‌ ලැබේ. එය ‘4S' නම් ශ්‍රී ලාංකිකයකුට අදාළ කොටසකින් ද, අදාළ පන්තිය හඳුනා ගැනීමේ කොටසකින් ද (5, 6 හෝ 7) තමා හඳුනාගැනීමට ඉංග්‍රීසි අක්‌ෂර 3ක්‌ නවක හා සාමාන්‍ය පන්තියටත් 2ක්‌ උසස්‌ පන්තියටත් ලෙස ද සැකසී ඇත. (උදා නවක පන්තිය - 4S5xxx, සාමාන්‍ය පන්තිය - 4S6xxx, උසස්‌ පන්තිය - 4S7xx)

ආධුනික ගුවන් විදුලි සංගමය සහ ජොටා - ජොටී

ආධුනික ගුවන්විදුලි ශිල්පය යනු බලපත්‍ර ලත් ශිල්පීන් දෙදෙනකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් තරංග ඔස්‌සේ සන්නිවේදනය කළ හැකි අපූරු විනෝදාංශයකි. ගුවන් විදුලි උපකරණ සැකසීම, උපාංග එකලස්‌ කිරීම ආදී දේට ඇලුම් කරන, විනෝදාංශ කොටගත් ඔබට ලොව පුරා විසිරී සිටින එවන් බොහෝ මිතුරන් හා සබඳතා ගොඩනඟා ගත හැකි කදිම තෝතැන්නක්‌ ලෙස ආධුනික ගුවන් විදුලි ශිල්පය හඳුන්වා දිය හැකි ට. මෙහි දී හුදෙක්‌ විනෝදාස්‌වාදය ලැබීම පමණක්‌ ම නො ව ගංවතුර, භූමිකම්පා වැනි ජාතික ආපදාමය තත්ත්වයන්හි දී සන්නිවේදන කටයුතු සඳහා ද ගුවන් විදුලි ශිල්පීහු නිරන්තර ස්‌වේච්ඡා සේවය ලබා දෙති.

බොහෝ දෙනා විනෝදාංශයක්‌ ලෙස ගුවන් විදුලි ශිල්පය අරඹා පසුව ඒ ඔස්‌සේ යමින් ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව හා සන්නිවේදනය ආශ්‍රිත රැකියාවල නිරත වන අයුරු අපට දැකගත හැකි ය. ලොව පරසිදු ආධුනික ගුවන් විදුලි ශිල්පීන් අතර ස්‌පාඤ්ඤයේ ජුවාන් කාර්ලෝස්‌ රජු, මොරොක්‌කෝවේ මවුලි හසන් රජු, තායිලන්තයේ භූමිපෝල් අදුලයාදේඡ් රජු, නළු මාලන් බ්‍රැන්ඩෝ, ඉන්දියාවේ රජීව් ගාන්ධි හා ඉන්දිරා ගාන්ධි, නේපාලයේ බිරේන්ද්‍ර රජු, ජෝර්දානයේ හුසේන් රජු හා ගගනගාමී යූරි ගගාරින් ආදීහු ද වෙති.

අන්තර්ජාල බාලදක්ෂ කඳවුර

ආදි බාලදක්ෂ මහාචාර්ය ගිහාන් ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරිය ක්‍රමිකව බාලදක්ෂයින් අතර ප්‍රචලිත විය. ඉදිරි “ජොටා ජොටී" වැඩසටහන් සමග ඔබගේ බාලදක්ෂ කණ්ඩායම සහභාගීවීමට කැමති නම් JOTA JOTI SRI LANKA මුහුණු පොත හා එක්විය හැකියි.

දේශීය බාලදක්ෂ ගීත කලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා. එසේ ආරම්භ කළ අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත ඩිජිටල් කඳවුරු ගිනිමැලය දක්වා අප විසින් වර්ධනය කරනු ලැබුවා.

ඩිජිටල් කඳවුරු ගිනිමැලය

ගුවන්විදුලි නාට්‍ය ආකෘතිය භාවිත කරමින් බාලදක්ෂ ගීත සහ බාලදක්ෂ රස කථා අන්තර්ජාලයට එකතු කිරීම විජය බාලදක්ෂ කඳවුරේ අදහසක් මත සිදු විය. එය නම් කර තිබුණේ ඩිජිටල් කඳවුරැ ගිනිමැලය යනුවෙනි. දිනෙන් දින අලුත්වන බාලදක්ෂ රසකථා ස්කවුටින් යූ ටියුබ් නාලිකාවෙන් දැන් ඔබට රසවිඳීමට පුළුවන. එයට සමගාමීව ආරම්භ කළ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකාව ඔස්සේ බාලදක්ෂ ඔබගේ නව පර්යේෂණ සහ අත්හදා බැලීම් රූපරාමු සහිතව අන්තර්ජාලයට එකතු කෙරේ. පර්යේෂණ විකාශයක් ලෙස ජාත්යන්තරය වෙත මෙවර දෙස් විදෙස් බාලදක්ෂ, බාලදක්ෂිකා ගීත අන්තර්ජාලව සිසාරා ගීතවත් කරමින් ඩිජිටල් කඳවුරු ගිනිමැලය අප මේවන විට දල්වා තබන්නෙමු. මීට අමතර ව සැමගේ පහසුව තකා off line  රේඩියෝවක් ද අප විසින් හඳුනවා දී තිබෙන්නෙමු.


-----------------------------------

ON-AIR 🔴 SCOUTING 📻

වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර හා අන්තර්ජාල ජම්බෝරිය මෙවර ද ලෝක බාලදක්‍ෂ සංගමය විසින් ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය වශයෙන් ලොව පුරා පවත්වනු ලැබේ. මෙවර 2019 ජොටා ජොටී ජම්බෝරිය වෙනුවෙන් තවත් පියවර කීපයක් ඉදිරියට පිය නැගීමට අප මෙවර අදිටන් කර ගත්තෙමු.

scouting Radio

Sound of Scouting 'බාලදක්ෂ හඬ'  බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙන්ව තිබුණු ඉඩකඩ ගිලිහීයාමෙන් වසර ගණනාවකට පසු දීර්ඝ නිහැඬියාව බිඳිමින් අවදිවන අන්තර්ජාලයේ 'බාලදක්ෂ හඬ' රේඩියෝ විකාශය මෙතැන් සිට සෑම වර්ෂයකදීම JOTA JOTI ජම්බෝරිය සමග ක්‍රියාත්මක වීම සිදු කෙරේ.

බාලදක්ෂ රේඩියෝව! අන්තර්ජාලයේ මෙතෙක් දේශීය බාලදක්ෂයන් අත නොගැසූ නවමු මානයන් කරා SCOUTING සඟරාවේ අපි, නිඹඳව ඔබ රැගෙන ගිය බවට අපත් සමඟ එක්ව යන බාලදක්ෂ සහෘදයන් හොඳින් දන්නා කරුණකි.
SCOUTING WEB RADIO 
 
ඔබේ අදහස් අප හා බෙදා ගනු ඇතැයි බලා පෙරොත්තු වෙමු.ඔබේ විවේක කාලය අපේ බාලදක්ෂ වෙබ් අඩවියට බ්ලොග් අඩවිය කරා පැමිණ දිරි ගැන්වීමට කැමති නම්... එක්වන්න... මේ ඊට සුදුසුම හෝරාවයි... 

-----------------------------------

බාලදක්ෂ මාධය සහකරු වශයෙන් SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර හා එක් ව මෙවර කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා ඔබ සැමට ආරාධනා කරමු.

ශී‍්‍ර ලංකා ආධුනික ගුවන් විදුලි සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇතුලූ ව රට පුරා ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානක් පවත්වා ගැනීමට කැමති ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවස්ථාවක් ලබා දීමට ජාතික බාලදක්ෂ මූලස්ථානයේ අවධානය යොමු වී ඇත.  අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්ධතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් මසතෙවන සතියේ සති අන්තයේ යෙදන දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගෙනයෑමට හැකියාවක් ඇති සම්පත්දායකයින් හා සමූහයන් හැකි ඉක්මනින් මෙම මහගු අවස්තාවෙන් ප‍්‍රයෝජන ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු. 


 -----------------------------

වැඩි තොරතුරු සඳහා විමසන්න 

චමින්ද වාරියප්පෙරුම - (0774 52 62 62)
මූලස්ථාන කොමසාරිස්
ජාතික බාලදක්ෂ මූලස්ථානය
කොළඹ 02

 -----------------------------

 
58th JOTA~19th JOTI~7thJOTS~2015 

57th JOTA~18th JOTI~6thJOTS~2014

56th JOTA~17th JOTI~5thJOTS~2013

No comments:

Post a Comment