Translate

Monday, January 20, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා දිව්රුම්දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ජනපති වෙත 

බාලදක්ෂ සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නායකයා, එහි සභාපති සහ අනුශාසක ධුරයන් සඳහා පත්වෙයි.  එසේම, බාලදක්ෂ සංගමය විසින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත විශේෂ වැඩසටහන් සහ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළේය. ඒ් අනුව ජාතික බාලදකෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය. සංගමයේ ප්‍රධාන අනුශාසක ධූරය ද ඔහුට පිරිනැමිණ. රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල්වන බව ජනාධිපති රාජපක්ෂ මහතා එහිදී පැවසීය. මේ පරමාර්ථය සපුරා ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියා කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දෙන බව ද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය, ක්‍රමයෙන් වෙනස් කොට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට අවශ්‍ය හා අභියෝග ජයගැනීමට සමත් පුරවැසියන් බිහි කළ හැක්කේ එමගින් පමණකැයි පෙන්වා දුන්නේය.


“ අද තිබෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. එය ශිෂ්‍ය කේන්ද්‍රීය දිසාවට යොමු කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය ඒ සඳහා දායක කර ගන්න පිළිවන්.” ජනාධිපතිතුමා පැවසීය.

ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කර තිබෙනවා. එහිදී සංගමයේ අනුශාසක ධුරය ද ජනාධිපතිවරයාට පිරිනැමුණි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සංගමයේ ප්‍රධාන අනුශාසක ධුරය ද ජනාධිපතිවරයාට පිරිනැමුන බවයි. රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල් වන බවයි ජනාධිපතිවරයා එහිදී පැවසීය. මෙම පරමාර්ථය සපුරා ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියා කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබාදෙන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මෙරට වත්මන් අධ්‍යාපන ක්‍රමය ක්‍රමිකව වෙනස් කර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. රටට අවශ්‍ය සහ අභියෝග ජයගැනීමට සමත් පුරවැසියන් බිහි කිරීමට හැකියාව පවතින්නේ එමගින් පමණක් බව ද ඔහු සඳහන් කලේය.
බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති චන්ද්‍ර වාකිෂ්ට, ප්‍රධාන කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය කොමසාරිස් ආනන්ද මෙල්පිටිය යන මහත්වරු සමග ජ්‍යෙෂ්ඨ සහ පෝතක බාලදක්ෂ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

The investiture Ceremony of the Chief Scout of Sri Lanka His Excellency Gotabaya Rajapaksha President of the Democratic Socialist Republic of Sri Lanka was held on 17th January 2020 at the Presidential Secretariat Ceremonially. His Excellency The President also accepted the invitation to be the Patron of the Sri Lanka Scout Council. Singithi, Cub Scouts, Junior Scouts, Senior Scouts and a Rover Scouts representing several districts were present as Flag Bearers . The Investiture Ceremony was conducted by the Chief Commissioner Major Gen. Milinda Peiris and Deputy Chief Commissioner Mr. Janaprith Fernando .Also present on the occasion were The President of SLSA Mr. C N Wakista , Secretary Mr. Rajawasam, National Programme Commissioner Mr. Sarath Maththaarachchi, National Training Commissioner Mr. S A Amarasinghe, Asst. Chief Commissioners.


A Discussion was held with His Excellency the President on the steps taken to develop Scouting in Sri Lanka to which His Excellency assured the support and cooperation of the government.
 
 
රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසියෙකු වීමට මුල් පියවර තබන බාලදක්ෂයෙකු සමග පිළිසඳරක්....

No comments:

Post a Comment