Translate

Tuesday, March 10, 2020

බාලදක්ෂයන් පැරද වූ වේගා ප්‍රවේගය

ලෝකෙ මිනිස්සු හැමදාම කතා කරපු ලැම්බොගිනි, ෆේරාරි, බුගාටි වාගේ අතිශ්‍ය මිල අධික සුපිරි පැලැන්තියේ වාහන ගැන මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් හැටියට අපට කතා කරන්නට අවශ්‍ය නොවේවි. ඒ ඊට සමකල හැකි, ශ්‍රී ලංකාවේම නිෂ්පාදනයක් ලෙසින් මෙම සුපිරි ‘VEGA EVX’ මෝටර් රථය ජිනීවා මෝටර් ෂෝ 2020 අන්තර්ජාතික වෙළඳපොලට හදුන්වා දෙනු ලැබුවා.


ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රදර්ශනයක දී ශ්‍රී ලංකාවේ නිපදවූ මෝටර් රථයක් ප්‍රදර්ශනයට එක්වන්නේ පළමු වතාවවටය. අති සුපිරි තාක්ෂණයෙන් යුත්, ශ්‍රී ලංකාවේ නිපද වූ මෙම වේගා රථය සැලැසුම් කර සංවර්ධනය කරනු ලැබුවේ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ උප සමාගමක් වන වේගා ඉනොවේශන් සමාගම විසිනි. ලැම්බෝගිනි, බුගාටි,ෆෙරාරි මෝටර්රථ වැනි අන්තර්ජාතික මෝටර් රථ හා සමාන හැඩයක් ලබා ගැනීමටද සිය පිරිස එකඟ වූ බවද සඳහන් කරයි. නමින් VEGA නමැති මෙම අති සුඛෝපබෝගී මෝටර් රථය නිපදවීමට මූලික අදහස දීඇත්තේ කොඩේජන් (CODEGEN) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ සුබසිංහවිසිනි. එහි පසු පසින් සිටි අනෙක් දැවැන්ත හස්තයක් වූ ආචාර්ය බෙශාන් කුලපාල, අපගේ බාලදක්ෂ කථානායකයා වී තිබේ. වේගා ඉනොවේශන් සමාගමේ සම සමාරම්භක ආචාර්ය බෙශාන් කුලපාල 16 කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ ලී පදක්ම්ධාරී නායකයෙකු වේ.

සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික රේසිං වර්ගෙයේ මොටර් රථයක් වන මෙම ”වේගා” නම් මෝටර් රථය සඳහා ඉතා දියුණු හා සුපුරිම තාක්ෂණයත්, කල්පැවැත්මෙන් හා මිලෙන් අදිකම අමුද්‍රව්‍ය යොදා ගෙන ඇත. ඒ අනුව මිලෙන් අධික කාබන් ෆයිබර් යොදා ගනිමින් ”වේගා” නිපදවෙන බැවින් අවශ්‍ය විටෙක වර්ණය හා හැඩයද වෙනස් කළ හැකි බව පැවසෙනවා. මේ වන විටත් නිෂ්පාදන කටයුතු කොළඹ, මරදානේ නොලේජ් පාක් භූමියේ නවීකරනය කරන ලද පැරණි ට්‍රිපෝලි ගොඩනැගිල්ලේ සිදුකෙරෙමින් පවතී.
















ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන ලෝකයේ මෘදුකාංග සමාගම් අතර ඉහලින්ම සිටින එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් මෙම සුපිරි ”වේගා” නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේන් බැහැරව විදේශ රටවලට සේවය සැපයූ ශ්‍රී ලාංකික මහාචාර්යවරු, ආචාර්යවරු, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුවරු, තාක්ෂණික ශිල්පීන් මෙරටට ගෙන්වාගෙන ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී වි‍යාපෘතියේ සාර්ථකත්වයට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ යන මැතිතුමන්ලා මහත් අත්වැලක් ලබා දී ඇත.

වේගා සුපිරි මෝටර් රථයේ නිර්මාණ පිරිස

CodeGen හි විධායක සුබසිංහ මහතා මෙම අදහස යථාර්තයක් කරගැනීම සඳහා මූලික සංවර්ධන වියදම් සඳහා ඩොලර් 500,000 කට වඩා ආයෝජනය කර තිබෙනවා. Intel හි අවුරුදු 13 ක කාලයක් සේවය කළ විදුලි ඉංජිනේරු බෙෂාන් කුලපාල (electrical engineering Ph.D.) මෙහි ව්‍යාපෘති කළමනාකරු වනවා.

වේගා ඉනොවේශන් සමාගමේ සම සමාරම්භක ආචාර්ය බෙශාන් කුලපාල 16 කොළඹ ශාන්ත තෝමස් විද්ල‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ ලී පදක්ම්ධාරී නායකයෙකු වේ.



පැයට සැතපුම් 150හක වේගයකින් සමන්විත මෙම ”වේගා” මෝටර් රථය අති නවීන තාක්ෂණයෙන් සමන්විත වන අතර ලෝකයේ මිලෙන් අධික මෝටර් රියක් වූ බුගාටි මෝටර් රථයේ මිලට සමානය. එනම්, ලංකා මුදලින් ලක්ෂ 3000කට පමණ මුදලකට ලෝක වෙළඳ පොලට නිකුත් කිරීමට සූදානම් බවයි පැවසෙන්නේ.

නවීන තාක්ෂණය යොදා ගැනිමින් සම්පූර්ණ්යෙන්ම දැතේ ශක්තියෙන් කොඩ නැගෙන මෙම ”වේගා” රිය ලෝකයේ ධනවතුන්ගේ ඉල්ලුමට පමණක් සැපයුම් ලබා දෙන රියක් බව තවදුරටත් සඳහන් කළ යුතුය.

ඔබ ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ලොකු අභිමානයක් දැනේවි. වෙගා හරහා ශ්‍රී ලාංකිකයන් සිත් ඇදගන්නා සුළු ස්ථාවරත්වයක් සහ නව්‍යකරණයක් පෙන්නුම් කර ඇති අතර, ඕනෑම රටක් කඩාවැටුණු අවස්ථාවකට යළි නැගීසිටීමට සන්නද්ධව සිටින බවක් පෙන්නුම් කරන්නාක් මෙන් කුරිරු සිවිල් යුද්ධයකින් පසුව සහ විනාශකාරී සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවද එවැන්නක් පෙන්නුම් කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

”වේගා” සුපිරි රියේ නිෂ්පාදන කාර්ය පිටුපස ශ්‍රී ලාංකික මොළ කරුවන් බොහොමයක් සිටී. ඒ අතර කෝට්ජෙන් සමාගමේ ප්‍රධානියෙකු වන හර්ෂ සුභසිංහ, මෙම වි‍යාපෘතියට සම්භන්දව සිටින ඉන්ටෙල් කියන සී.පී.යු. එකේ සැලසුම් ශිල්පියා ලෙස ඇමරිකාවේ රැකියාව කළ ආචාර්ය දේශාන් කුලපාල වැනි මහත්වරුන් මුදල් ගැනවත් සිතන්නේ නැතිව එතෙර කරමින් සිටි සියලු වි‍යාපෘති පසෙකලා මෙරටට පැමිණ මේ සිදු කරන්නා වූ මෙහෙවර අප අගය කළ යුතුය. ඔවුනට අප ස්තූතිවන්ත විය යුතුය.


ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලාංකික අපට මේ වගේ විශ්වකර්ම කළ තාක්ෂණික අතීතයක් තියෙනවා. එසේ තිබියදී ඇයි අප තවදුරටත් සුද්දා වවපු තේ, පොල්, රබර් ගැන විතරක් හිතන්නෙ. කාන්තාවො පිටරට යවල සල්ලි හම්බකරන්න හිතන්නෙ. ඊට වඩා යමක් මේ රත්තරන් මාතෘ භූමියේ අපට සිදු කළ හැකීයි. 

ඒ බව ඔබට සිතෙන්නේ නැද්ද..? Made in Sri Lanka VEGA ඊට කදිම නිදසුනක්.



-----------------------------------

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙලෙස සුභ පැතුම් එක්කර තිබුණා...

වේගා සුපිරි ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වාදුන් කෝඩ්ජෙන් සමාගම වෙත මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමි. ව්‍යවසායකයන්ට නිදහස්ව ක්‍රියාත්මක වීමට පහසුකම් සැපයීම සහ ඔවුන් බලගැන්වීම මගින් රටට සීඝ්‍ර සංවර්ධනයක් ළඟාකර ගතහැකි බව මම විශ්වාස කරමි.


புதிய மின்சார சூப்பர் கார் வேகாவின் வெளியீட்டுக்கு Codegenற்கு எனது மனமார்ந்த வாழ்த்துக்கள். தொழில்முனைவோரிற்கு அதிகாரம் மற்றும் செயலாக்கம் வழங்குதல் நம் நாட்டை அடுத்த கட்டத்திற்கு கொண்டு செல்லும் என்று நான் நம்புகிறேன்.

-----------------------------------



No comments:

Post a Comment