Pages

Tuesday, February 22, 2022

බාලදක්ෂ ආදි කර්තෘ සිහිපත් කරමු - 165 වන බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2022


බාලදක්ෂ ව්‍යාපාරය ළමුන් මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරන අතර ම නිර්මාණාත්මක පුද්ගලයකු ලොවට දායාද කිරීම අරමුණු කරගත් ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි. 1907 එංගලන්තයේ බ‍්‍රවුන්සී දුපතේ දී ආරම්භ වුණු බාලදක්ෂ ව්‍යාපාරයට මේ වන විට වසර සියය ඉක්මවා ඇති අතර මෙහි නිර්මාතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිතන් ජෙනරාල්වරයෙකු වූ රෝබට් ස්ටීවන් ස්මිත් බේඩන් පවල් සාමිවරයා වේ. ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා යනු බාලදක්ෂ ව්‍යාපාරය මෙන්ම බාලදක්ෂිකා ව්‍යාපාරයේ ද නිර්මාතෘවරයා විය. බාලදක්ෂයින් එතුමාව හඳුන්වන්නේ බී.පී යන ආදරනීය කෙටි අන්වර්ථ නාමයෙනි. සෑම වසරකම පෙබරවාරි 22 වන දාට යෙදෙන බේඩ්න් පවෙල් සාමිවරයාගේ ජන්මදිනය හෙවත් “ආදිකර්තෘ දිනය”, ‘බී.පී දිනය” ලෙස බාලදක්ෂයින් විසින් හඳුන්වනු ලැබේ. මෙවර එහි 165 වන අභිමානවත් සැමරුම සනිටුහන් වන්නේ 2022 වසරේ පෙබරවාරි මස 22 වන දාට යි. බාලදක්ෂිකා ව්‍යාපාරයට නම් මෙම දිනය තවත් ආකාරයකින් සුවිශේෂී වේ. ඒ බේඩ්න් පවෙල් ආර්යාවගේ උපන්දිනයද එදිනට යෙදී තිබීමයි. මෙය සුවිශේෂී අහඹුවක් වේ. කෙසේ හෝ 1926 වසරේ සිට “Thinking Day “හෙවත් “බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය” ද ආදිකර්තෘ දිනයේදීම සැමරීම හේතුවෙනි.


බාලදක්ෂ රේඩියෝ ශ්‍රී ලංකා, සඟරාවට ශ්‍රී ලංකාවේ තවත් දක්‍ෂ අත් දෙකින් හා පාදයෙන් සිතුවම් ඇදිය හැකි කලාකරුවෙකු හමුවිය. කොළඹ සෞන්දර්ය අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන පද්මසිරි රණවීර මහතා බලාපොරොත්තු තැබිය හැකි කලාකරුවෙකි. ඔහුගේ අකුණු පැන්සල් ආලේඛ්‍ය චිත්‍ර, චිත්‍ර සහ සිතුවම් සියුම් නිරීක්ෂණ, නිරවද්‍යතාවය සහ සමබරතාවය හෙළි කරයි. ඔහු අනෙකුත් මාධ්‍යයන් සමඟ මෙන්ම තෙල් සිතුවම් මාධ්‍යයෙන් ද එකසේ නිදහස් ය. පත්මසිරි මහතා ඇදහිය නොහැකි තරම් දක්ෂ චිත්‍ර ශිල්පියෙකු අත් දෙකම එකවර භාවිතා කරමින් චිත්‍ර මාලාවක් නිර්මාණය කර ඇත. එනම් ඔහුට අත් දෙකම එක හා සමානව භාවිතා කිරීමේ හැකියාව ඇත, නමුත් ඔහුට අත් දෙකම එකවර භාවිතා කර විශිෂ්ට කලා කෘති නිර්මාණය කිරීමටද හැකිය. ඔහු කීර්තිමත් පුද්ගලයින්, සතුන් සහ සොබාදහමේ සිත් ඇදගන්නාසුළු පින්තූර නිර්මාණය කරයි, අත් දෙකෙන්ම එකවර ඇඳීමට ඔහුට ඇති හැකියාවට ස්තූතිවන්ත වන්නට කාලයෙන් සුළු කොටසක් පමණි. චිත්‍ර ශිල්පියා පින්තූරයක් සම්පූර්ණ කිරීම සඳහා එක් එක් අතෙහි එක් වර්ණයක් භාවිතා කරමින් අඳින නමුත් ඉඳහිට එකවර වෙන වෙනම චිත්‍ර දෙකක් නිර්මාණය කරයි. මෙම වසරේ ලෝක නිර්මාතෘ දිනයේ (2022.පෙබ.22) රන්වීර මහතා අපගේ නිර්මාතෘ බීපී සහ ඔලේව් ආර්යාවගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඔහුගේ අත් දෙකෙහි පින්තාරු කළේය.

 







බීපී තුමාගේ ජීවිත කතාව

බේඩ්න් පවෙල් සාමිවරයා උපත ලබා ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දිනදී එංගලන්තයේ ලන්ඩන්හි පෙඩින්ටන් නම් ප්‍රදේශයේදීයි. ඔහුගේ මව්පියන් වීමේ භාග්‍යය උදාකරගනු ලැබුවේ බේඩ්න් පවෙල් දේවගැතිතුමා සහ හෙන්‍ේරියේටා ග්‍රේස් ස්මිත් මැතිනිය විසිනි. ඔහුගේ පියා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු ද විය. එහෙත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ පියාගේ හදිසි අභාවයත් සමඟින් පිය සෙනෙහස අහිමි වී ගිය අතර, එතැන් සිට හැදී වැඩුණේ තම මවගේ සෙවණෙහි ය. බී.පී තුමාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුද සිටි බව කියැවේ. ඒ අතරින් එක් නැඟණියක් වූ ඇග්නස් ස්මිත් මැතිනිය පසු කාලීනව බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භය සඳහා සුවිශේෂී දායකත්වයක්ද ලබා දී තිබේ.ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් අනතුරුව බී.පී තුමා Charer house නම් වූ එකල බ්‍රිතාන්‍යයේ පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට වරම් ලද්දේය. ඔහු අධ්‍යාපනයට එතරම් දක්ෂයෙකු නොවූ බව සඳහන් වූවත්, විනෝදකාමී සහ ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා දැඩි ඇල්මක් සහ වුවමනාවක් දැක්වූ අයෙකු බව පැවසේ. එපමණක්ම නොව සිය මවගේද නොමඳ දායකත්වය හමුවේ ඔහු සෞන්දර්ය හා කලාත්මක කටයුතු කෙරෙහිද කුඩා කල සිටම දැඩි නැඹුරුවක් දැක්වූයේය. චිත්‍ර ඇඳීම , පියානෝ සහ වයලීන් වාදන නිපුණතාවය ඒ අතරින් කැපී පෙනෙන ඒවා වේ. පසු කාලීනව හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහාද මෙම කුසලතාවයන් ඔහුට අත්වැලක් විය.

වර්ෂ 1876 සැප්තැම්බර් 11 වන දිනදී බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවේ සේවය සඳහා බේඩ්න් පවෙල් තරුණයා ඇතුළත් විය. ඒ ඉන්දියාවේ 13 වන “හුසාර්ස්” රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද නිලධාරියකු වශයෙනි. ඉන්දියාවෙන් පසු බෝල්කන්, මෝල්ටාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ගණනාවකම සේවයෙහි යෙදුණු ඔහු දක්ෂ හමුදා නිලධාරියෙකු වශයෙන් විවිධ තනතුරු සහ නිලතල ගණනාවක් හොබවා ඇත.1899 දී පමණ හමුදා සේවයේ නිරත වන අතරතුරදී “Aids to Scouting “නම් ග්‍රන්ථයක් ඔහු විසින් රචනා වී තිබිණ. එම ග්‍රන්ථය එකල සමාජයේ යොවුන් ප්‍රජාව අතර වේගයෙන් ජනප්‍රිය වී ඇති බවත්, එහි සඳහන්ව තිබෙන දැව ශිල්පය වැනි කරුණු ඔවුන් ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නා බවත් බී.පී තුමාට දැන ගැනීමට ලැබිණ.මෙම නව ප්‍රවණතාවය නිසි නියාමනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම හඳුනාගත් බේඩ්න් පවෙල් මහතා 1907 ජුනි මස 31 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් බාලදක්ෂ කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. සමාජයේ විවිධ තරාතිරම් වල දරුවන් එංගලන්තයේ Brownsea දූපත් ප්‍රදේශයට කැඳවා සිදු කරන ලද මෙම පර්යේෂණාත්මක ව්‍යායාමය එතුමා අපේක්ෂා කළ මට්ටමටත් වඩා සාර්ථක විය. එමනිසා මෙය ලොව ප්‍රථම බාලදක්ෂ කඳවුර ලෙස ඉතිහාසගත වේ.වර්ෂ 1908 මැයි මාසයේදී බාලදක්ෂයින්ගේ පරිහරණය සඳහාම ඔහු ග්‍රන්ථයක් එළි දැක්වූයේය. “Scouting for boys” නම් එම ග්‍රන්ථය, අද දක්වාම බාලදක්ෂයින්ගේ අත්පොත ලෙස පරිහරණය කෙරේ.එසේම, මේ වනවිට එහි පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වී ඇති බවද වාර්තා වේ. “Scouting for boys” කෘතියෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, එහි අඩංගු වන සියලු රූප සටහන් , චිත්‍ර සහ කාටූන් බී.පී තුමාගේ අතින්ම හැඩ ගැන්වුණු ඒවා වීමයි.බාලදක්ෂ ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් සමඟ 1909 වසරේදී බී.පී තුමාගේ ප්‍රධානත්වයෙන් පළමු ජාතික බාලදක්ෂ රැළිය එංගලන්තයේදී පැවැත්විණ. ඔහු හමුදා සේවයෙන් ඉවත් වී විශ්‍රාම ලබාගත්තේ වර්ෂ 1910 දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53 ක්ද ඉක්මවා ගොස් තිබිණ.

බේඩ්න් පවෙල් සාමිවරයා හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම සිවිල් පුරවැසියකු වශයෙනුත් සමාජය පිළිබඳ වඩාත් පුළුල් ඇසින් දකින්නෙකු විය.එමනිසා, පිරිමි ළමුන්ගේ බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ගැහැනු දරුවන් සඳහාද සංවිධානයක් පිහිටවීමේ වැදගත්කම ඔහු හඳුනාගෙන සිටියේය.1910 වසරේදී ගැහැනු ළමුන් සඳහා බාලිකා නියමුවරියන්ගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ ඒ අනුවයි. එහි ප්‍රධානත්වය බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැඟණිය වූ ඇග්නස් ස්මිත් මැතිනියට පැවරිණ. අනතුරුව 1915 දී එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය ඔහු විසින්ද හොබවා තිබේ.1918 වසරේ සිට සිය බිරිඳ වූ සෝමර්ස් මැතිනිය වෙත එය පවරා දීමට බේඩ්න් පවෙල් සාමිවරයා කටයුතු කළේය. වර්තමානය වන විට බාලදක්ෂිකා ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම සංවිධානයයි.සිය තරුණ කාලය රාජකාරි කටයුතු සඳහාත් සමාජ සේවා කටයුතු සඳහාත් කැපව සිටි බී.පී තුමා විවාහ දිවියට එළඹියේ වසර 1912 දී එනම්, වයස අවුරුදු 55 දී පමණය. ඒ ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝ්මර්ස් මැතිනිය සමඟයි. ඇයද බේඩ්න් පවෙල් මහතා මෙන්ම ඉතා උත්සාහවන්ත අයකු වූ අතර සිය සැමියාගේ කටයුතු සඳහා අනුපමේය දායකත්වයක් දැක්වූවාය. ඉහත දැක්වූ පරිදි, බාලදක්ෂිකා ව්‍යාපාරය ලෝකයට තිළිණ කිරීමේදී එම මහත්මිය ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී සිහිපත් කළ යුතුමය. තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ සෝමර්ස් මැතිනියගේ ජන්ම දිනය ද පෙබරවාරි 22 වන දාට යෙදී තිබීමයි. ඇය උපත ලබා ඇත්තේ 1889 වසරේදීය. එබැවින් “ආදි කර්තෘ දිනය” පෙබරවාරි 22 වන දා සැමරීම බාලදක්ෂ-බාලදක්ෂිකා දෙපිරිසටම එකසේ වැදගත් වන බව ගම්‍ය වේ.

පළමු ලෝක යුධ සමයේදී යම්තාක් දුරට බාලදක්ෂ ව්‍යාපාරය අකර්මණ්‍ය වී තිබිණ. ක්‍රමයෙන් ප්‍රතිජීවනය ලබමින් යළිත් 1920 පමණ වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා රටවල් 34 ක පමණ ප්‍රචලිත සංවිධානයක් බවට පත්විය. සාමාජික සංඛ්‍යාවද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පැවති මෙම වාතාවරණය බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වීමට ඉතා සුදුසුම කාල සීමාවක් විය. ඒ අනුව බේඩ්න් පවෙල් සාමිවරයා ලොවපුරා විසිර සිටි 8000 ක පමණ බාලදක්ෂයන් පිරිසක් ලන්ඩන් නුවරට ගෙන්වා ලොව ප්‍රථම බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වූයේය. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි නිර්මාතෘ සහ ප්‍රධානියා වශයෙන් බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ සාමාජිකයින් විසින් ඇගයීමටද පාත්‍ර විය.ලන්ඩන්හි පැවති එම ප්‍රධාන ජම්බෝරියට සමගාමීව තවත් සමුළු 21 ක් ලොව පුරා රටවල් ගණනාවක සංවිධානය කෙරුණු බවද වාර්තා වේ.1921 දී ප්‍රථම ලෝක බාලදක්ෂ කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ නිලවරණයද පවත්වන්නට කටයුතු සම්පාදනය කෙරුණු අතර, ඒ වන විට ලොව පුරා බාලදක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයකටත් වඩා අධික වූ බව පැවසේ.

සිය යොවුන් කාලය ත්‍රාසජනක කටයුතු සමඟ විනෝදකාමීව ගතකළ, තරුණ කාලය මව්බිම වෙනුවෙන් කැප කළ මෙම සොඳුරු මිනිසා තම ජීවිතයේ ඉතුරු අර්ධය බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැප කර සිටියේය. වර්ෂ 1937 පමණ වන විට බී.පී තුමා කෙමෙන් සිය ජීවීතයේ සැඳෑ සමයට පා තබා තිබිණ. එමනිසා බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් ඔහු ජීවිතයේ අවසන් භාගය විවේකීව ගත කිරීම සඳහා 1938 දී කෙන්යා දේශය බලා පිටත් වූයේය. වයස අවුරුදු 83 ක් සම්පූර්ණ කර සිටි බේඩ්න් පවෙල් සාමිවරයා 1941 ජනවාරි මස 8 වන දා සිය අවසන් හුස්ම වාතලයට නිදහස් කළේය. එතුමාගේ දේහය කෙන්යාවේ Nyeri හි තැන්පත් කරන ලද අතර එහි පිහිටුවා ඇති ස්මාරකය වර්තමානය දක්වාම ලොව පුරා බාලදක්ෂ-බාලදක්ෂිකාවන්ගේ ගරුබුහුමන් ලබන ස්ථානයක් ලෙසද ප්‍රචලිත ය. බේඩ්න් පවෙල් සාමිවරයා අනුගමනය කරමින් ඔහුගේ බිරිඳ වූ සෝමර්ස් මැතිනියද සිය ජීවිතයේ අවසන් භාගය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරයේ සුබසිද්ධිය පිණිස කටයුතු කළාය.

බේඩ්න් පවෙල් සාමිවරයා සිය සමීපතමයින් සමඟ නිර්මාණය කරන ලද බාලදක්ෂ – බාලදක්ෂිකා ව්‍යාපාරයන් ද්විත්වය , ලෝක යුද්ධ සමයේදී සමාජ සේවා කටයුතු සඳහා මෙන්ම සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහාද මහඟු සේවාවක් ඉටු කිරීමට සමත් විය. ලෝක යුධ සමයේදී නාසිවාදය හමුවේ ඇතැම් රටවල බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණු නමුත්, සාමය උදාවීමෙන් පසුව එය නැවත ජීවය ලැබුවේ පෙර පැවතියාටත් වඩා සවි ශක්තියකිනි.එතැන් සිට වර්තමානය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරය සමාජ සුබසාධනය සඳහා ළමා සහ යොවුන් ජවය ඒකරාශී කරන ලොව ප්‍රමුඛතම සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.මත්ද්‍රව්‍ය නිවාරණය, පරිසර සංරක්ෂණය , සාමය මෙන්ම ප්‍රජාව තුළ අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය ඊට නිදසුන් කිහිපයකි. ඉතා සුළු පිරිසක් සම්බන්ධ කරගත් කඳවුරකින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය , සියවසක්ද ඉක්මවා ගොස් ඇති තැන ලබා ඇති ප්‍රගතියත්, ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ඉටුකරන අඛණ්ඩ සේවාවත් ඉතා ප්‍රශංසනීය බවද මෙහිදී සඳහන් කළ යුතුම වේ.

 2021 ‘Plant A Hope’ Scout Tree Planting Song:Scouting Founders Day Song


BP Day 2021 : English Mandolin Playing


Micro Pencil Carving Art of BP Day 2021


Carves Miniature Scouting Artworks


THINKING DAY cartoon Illustration


FOUNDER’S DAY cartoon Illustration


Graphite pencils Portrait Art


Water Color Art of Founder’s Day


Wood Burning Pyrography Portrait art


Wood Burning Portrait of founder of Boy Scouting 


 Pencils Portrait of Chief Guide

165වන බී.පී. දින සැමරුම 2022

ආදිකර්තෘ දිනය සමරමින් ලොව පුරා වෙසෙන බාලදක්ෂ-බාලදක්ෂිකාවෝ විවිධ සමාජ සත්කාරක සහ සේවා වැඩසටහන් සංවිධානය කරති. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ-බාලදක්ෂිකා දරුවන් 164 වන දින බී.පී දින සැමරුම සඳහා දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනකින් පරිසරය සුවපත් කිරීමට සූදානම්ව සිටී. බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පවසා තිබිණ. ඒ ” ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න” යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 165 වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන්ට සුබ දඩයම්!

Girl Guides around the world celebrate World Thinking Day 2022 - ලෝක සිහිකිරීමේ දිනය - ලෝක බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ සැමරුම

"Our World, Our Equal Future" Sri Lanka Girl Guides Association wishes a very happy World Thinking Day to our membership and sister guides and scouts around the world!!!!
 

Millions of Girl Guides around the world celebrate World Thinking Day on February 22  every year. It’s because of the joint birthdays of Lord Baden Powell, the founder of the Girl Guides and Scouts Movement and the World’s Chief Guide, Olave St. Clair Soames. 
 
The Scouts Movement, started by Lord Baden-Powell (Lord B.P.) in 1908, unexpectedly became popular among children and teenage boys. Lord BP was encouraged by this enthusiasm and organized a rally on September 4, 1909 at Crystal Palace in England to get everyone together. Among the thousands of boys, a group of girls dressed in similar attire could be seen. 
 
The girls requested Lord BP to include them as well. The main objective of this group, which attracted the attention of all, was to highlight that it is acceptable to have “a similar process for girls”. The very fact that at that time, only men had the right to vote and to think of agreeing to such an idea in a male-dominated society explains Lord BP’s personality. 
 
Lord BP handed over his handwritten copy of the Girl Guide Law to his sister, Agnes, who, like himself, was very good at extracurricular activities and was fluent in almost 11 languages. He asked  her help in starting a new movement for Girls:  Girl Guiding 
 
In the midst of numerous obstacles, setbacks and protests against the empowerment of girls, Lord BP and Miss. Agnes’s unwavering commitment and later Mrs. Olave’s relentless efforts helped the Girl Guide movement to become the largest voluntary campaign for girls and young women around the world . The membership has crossed 11 million. They also set an example to girls and young women around the world by overcoming the gender barriers around them and becoming more and more empowered. The idea of commemorating that great man and women who changed the lives of tens of thousands of girls and young women was mooted at the World Conference in 1926, and Lord BP and his wife agreed to use February 22 as their joint birthday. It was also agreed by the majority that this day should be used as a day to remember and explore fellow Girl Guides and Girl Scouts around the world. The Thinking Day Fund was created in 1932 by Lady Olave St Claire Soames, the World’s Chief Guide. The fund aims to empower girls and young women around the world by allocating as much funds as possible where the need is most genuinely felt. The Thinking Day logo was introduced on World Thinking Day in 1975, which has been changing and evolving through the years. It has been active under a single theme and will continue to be celebrated with the hope of ensuring a better tomorrow for girls and young women.
 
This year the World Association for Girl Guides and Girl Scouts  decided to hold World Thinking Day on February 22nd, under the theme “Our World, Our Equal Future, the Environment and Gender Equality”. The Sri Lanka Girl Guides Association launched three locally tailored activity packs based on this theme. This was launched online on February 18th, 19th and 20th . We were able to successfully implement this exciting and innovative activity with over 5,000 participants from the three branches of the Sri Lanka Girl Guides Association: Little Friends, Girl Guides and Rangers participated actively to complete the challenges incorporated in the activity packs: on the 18th February the activities were based on the theme “Does Gender Limits You?”, on the 19th – “Your Voice Against Climate Change” and on the 20th – “Beat Plastic”. The members who participated in these activities shared their experiences under each theme and on the last day they collected as much waste plastic as they could and handed it over to the plastic collection centers. 






To coincide with World Thinking Day on the 22nd, we took action to celebrate World Thinking Day on the 26th of February at the National Training Centre of the Sri Lanka Girl Guides Association in Kadawatha. The Chief Commissioner Miss Sulari Jayawardena was our Chief Guest and the keynote address on Climate Change was delivered by Mr. Menaka Wijesinghe, an activist on Climate Change.
 
The National Celebration was organized respecting all health guidelines and saw the participation of nearly 100 Butterflies, Little friends, Guides, Senior Guides and Leaders representing all 9 provinces of the country. Another significant feature of the day was the planting of fruit saplings in the grounds around the Kadawatha National Training Center for the next generation to protect, nurture and enjoy. Furthermore, with the aim of setting an example to those who organize events locally, we created the backdrop of our Thinking Day event using discarded cement bags, old newspapers and disposable CDs and waste plastic bottles and bottle tops.
 
It is our responsibility to commemorate Lord Robert Stevenson Baden-Powell, Agnes Baden-Powell and Olave St. Claire Soames, who gifted the world with a valuable movement that has opened the doors for a brighter and better future for girls and women and  helped them build self-confidence, leadership qualities and skills to positively face the challenges of today’s world. The worldwide movement of Guiding will continue to further enrich these qualities in the women of today and those of the future thus upholding our aim:  to bring about positive change to create a better world strengthened by the bonds of friendship and unity, through a more empowered society where Women of the future take on a more prominent lead role.

Be Prepared

#slgga #guide #littlefriend #butterfly #ranger #guider #DifferentlyAbledGuides #CommunityGuides #exco #commissioners #lendahand #behappy #beprepared #volunteer #srilankagirlguides #srilankagirlguidesassociation #WTD’22 #worldthinkingday #WorldThinkingDay2022 #ourworldourequalfuture #environmentandgenderequality 

 

ලෝක බාලදක්ෂ දින සැමරුම සහ සහතික ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

 

ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ලෝකයේ ළමුන් වෙනුවෙන් ඇති විශාලතම ස්වේච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරය වන අතර රටවල් 172ක මිලියන 52ක් ළමුන් එහි සාමාජිකත්වය දරති. ඊට සම්බන්ධ වන බාලදක්ෂයෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය ජනාධිපති බාලදක්ෂ පදක්කමයි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් උත්සව සභාවට පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් බාලදක්ෂ කරලේන්සුව පළඳවා පිළිගනු ලැබීය.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම, සෑම දිස්ත්‍රික්කයකින්ම එක් අයෙකු නියෝජනය වන සේ තෝරාගත් බාලදක්ෂයන්ට ජනාධිපති බාලදක්ෂ සම්මානය පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සමගාමීව පළාත් මට්ටමින් වැඩසටහන් 09ක් පැවති අතර ජනාධිපති බාලදක්ෂයින් 700 දෙනෙකුට එහිදී සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. සියලු පළාත් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ කෙරෙමින් වැඩසටහන පැවැත්විණ.

පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම් දීමේ වාර්තාව සහාය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළේය.

සෑම බාලදක්ෂයෙකුගේම නිවසක හරිත ගෙවත්තක් ඇති කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් පැළ බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 















පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. කර ලේන්සුව පළඳවා ජනාධිපතිතුමා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කෙරිණ. ජනාධිපතිතුමා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැලය ලියාපදිංචි කරනු ලැබීය.


රට පුරා විසිරී සිටින 70,000 ට අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ 02 බැගින් තම ගෙවත්තේ සිටුවා රැක බලා ගනී. “තුරු” ජංගම යෙදුම මගින් වැඩසටහන ඇගයීම සිදු කෙරේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.


ஒரு லட்சம் மரக்கன்றுகளை நாட்டும் தேசிய சாரணர் நிகழ்ச்சித்திட்டம் இன்று (22) முற்பகல் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களின் தலைமையில் கொழும்பு கோட்டையில் உள்ள ஜனாதிபதி மாளிகையில் ஆரம்பமானது.
உலக சாரணர் இயக்கத்தின் ஸ்தாபகர் பேடன்-பவல் பிரபுவின் 164 வது பிறந்த நாளை நினைவுகூரும் வகையில் இந்த நிகழ்ச்சித்திட்டம் திட்டமிடப்பட்டுள்ளது.
தலைமை சாரணர் ஆணையாளர் மேஜர் ஜெனரல் மிலிந்த பீரிஸ் ஜனாதிபதி அவர்களை வரவேற்றார். ஜனாதிபதி அவர்களினால் சிகப்பு சந்தன மரக்கன்றொன்று நடப்பட்ட பின்னர் கையடக்க தொலைபேசி மூலம் அது பதிவு செய்யப்பட்டது. இத்திட்டத்தின் படி நாடளாவிய ரீதியில் உள்ள 70,000 க்கும் மேற்பட்ட சாரணர்கள் ஒவ்வொருவரும் தங்கள் வீட்டுத் தோட்டங்களில் இரண்டு மரக்கன்றுகளை நட்டு அவற்றை கவனித்துக்கொள்வார்கள். “துரு“ கையடக்க தொலைபேசி செயலியின் மூலம் இந்நிகழ்ச்சித்திட்டம் மதிப்பீடு செய்யப்படும். இந்நிகழ்ச்சியில் இலங்கை சாரணர் இயக்க அதிகாரிகளும் கலந்து கொண்டனர்.

 

The project by the National Scouts Movement to plant 100,000 trees was inaugurated today (22) under the patronage of President Gotabaya Rajapaksa at the President’s House premises in Colombo.
The project has been designed to mark the 164th Birth Anniversary of Lord Baden Powell, the founder of the Scouts Movement.
Chief Commissioner of Sri Lanka Scout Association Major Gen. Milinda Peiris welcomed President Rajapaksa by adorning him with the scarf.The official inauguration took place with the planting of a red sandalwood sapling by President Rajapaksa. Later the plant was registered via mobile phone. More than 70,000 scouts across the country are expected to participate and achieve the target of 100,000 by planting two plants by each in their home garden. Every tree thus planted will have to be registered in the ‘Thuru’ Mobile application under Sri Lanka Scout Association. Continuous assessment will be done to ensure that plants are well looked after.
Members of the Sri Lanka Scout Association participated on this occasion.
Photography By: Sagara Lakmal de Mel & Shamika Wakwella (President’s Media Division)

#thepresidentofsrilanka #GotabayaRajapaksa #GR #SriLanka #vistasofprosperityandsplendor #WorldThinkingDay #worldscoutingday #plantahope