ශ්‍රී ලංකාවේ පළමු ගුවන් බාලදක්ෂ සාමාජිකාවෝ
මෙරට ඉතිහාසයේ පළමු වතාවට ගුවන් බාලදක්ෂ සාමාජිකාවන් හට ලාංඡන ප්රදානය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ පසුගිය දා ගුවන්පුරයේ දී පැවැති, ගුවන් බාලදක්ෂයින්ගේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයේ දී යි. එහි දී ගුවන් බාලදක්ෂයින් අට දෙනෙකු (08) සහ ඉතිහාසයේ ප්‍රථම වරට බාලදක්ෂිකාවන් අට දෙනෙකුට (08) මෙලෙස සාමාජික ලාංඡන ප්රදානය කර තිබුණා.
මෙම අවස්ථාවට, ගුවන් බාලදක්ෂ සමූහයේ නියෝජ්‍ය සභාපති ගෲප් කැප්ටන් ඊ.එස්.පොන්නම්පෙරුම, ජාතික බාලදක්ෂ මූලස්ථානයේ කොමසාරිස් සහ ගුවන් බාලදක්ෂ සමූහයේ ලේකම් විංග් කමාන්ඩර් එල්.එස්.ආර් පාගොඩ ඇතුළු බාලදක්ෂ පුහුණුකරුවන් සහභාගි වී සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ගුවන් බාලදක්ෂ ක්ෂේත්රයේ පුරෝගාමියා වන අතර 57 වැනි කොළඹ ගුවන් බාලදක්ෂ බළකායේ පළමු ගුවන් බාලදක්ෂ කණ්ඩායම 1972 දී හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් පැඩි මෙන්ඩිස් නිළධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වී තිබෙනවා.
2nd team
The membership badges for newly enlisted Air Scouts were awarded on today at Air Scout Headquarters Sri Lanka Air Force Colombo. Chairman of the Air Scout Group, Group Captain Paminda Jayawardana Secretary of of the Air Scout Group , Group Captain Dr. Rajeev Pagoda Scout leader of the 57th Air Scout Troop Colombo Corporal Sanjeewa and other scout masters with some parents were participated for the Badge Awarding Ceremony. The new team of scouts got the first step in their scout journey on that occasion.