මෙරට පත‍්‍ර
කලාවේ ස්වර්ණමය අවධිය 1960 දශකය විය. කලාවේදීන්, කතුවරුන් හා පාඨකයන් අතර ගනුදෙනුව ප‍්‍රශස්ත
මට්ටමකට පත් ව සැමගේ නිම්වලලූ පුළුල් වූ කාලයක් විය. දවස නිවසේ ආරම්භය (1960) හා ඇත්ත පත‍්‍රයේ ආගමනයට (1964) අමතරව ප‍්‍රධාන
පෙළේ පත‍්‍ර සමාගම් වෙතින් වාරික ප‍්‍රකාශන ගණනාවක් එළිදුටුවේ ද එම
දශකයේදීය. මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් ලේක්හවුස් ආයතනය පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය.
සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (Associated Newspapers of Ceylon
Limited - ANCL) හෙවත් ලේක්හවුස් (LakeHouse) ආයතනය මෙරට ක්‍රියාත්මක වන
ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ දී සිංහල,
දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන මෙම
ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන ආයතනය විය.
1973 අංක 28 දරණ විශේෂ විධිවිධාන පනත ප‍්‍රකාරව ලේක්හවුස් ආයතනයේ
කොටස්වලින් 75% ක ප‍්‍රමාණයක් රජයට පවරා ගන්නා ලදි. ඒ අනුව වර්තමානයේ දී
මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින පුවත්පත් ආයතනයක් ලෙස
ක‍්‍රියාත්මක වේ.
නාලක ගුණවර්ධනයෙඋපුටා ගැනීමක්....
ලේක්හවුස් ආයතනයෙන් සරසවිය, මිහිර, තරුණි හා සුබසෙත වැනි සතිපතා
පත්තර ආරම්භ කෙරුණා. ඒ අනුව මිහිර පුවත්පත ආරම්භ කරන ලද්දේ 1964 වර්ෂයේදීය.
1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට
මතක තිබෙන බලපෑමක් කළේ ළමයින්ට කැපවුණු පත්තර කීපය අතරින් එකක් වූයේ මිහිර
ළමා පුවත්පතයි. 1964 ජූලි 27 අරඹන ලද මේ සතිපතා පත්තරයට වසර 50ක් පිරුනේ
ගිය මාසයේයි.
මිහිර මා දැන හඳුනාගත් හා නිතිපතා කියැවූ මුල් ම පත්තරය නිසාවෙන් මිහිර
ගැන ඇත්තේ සුමිහිරි මතකයකි. මිහිර බිහි වන විට මා ඉපදී සිටියේ නැහැ. මගේ
පියා මට මුල් වරට මිහිර පිටපතක් ගෙනැවිත් දෙන විට මගේ වයස අවුරුදු තුන
හමාරක් පමණ වන්නට ඇති. 1969 අගදී.
පින්තූර බලමින් අමාරුවෙන් වචන
ගලපා ගනිමින් නමුත් මහත් උද්‍යොගයෙන් මා මිහිර කියවූවා. මිහිර මගේ නිම්වළලූ
පුළුල් කළා. මට නව ලෝකයක් විවර කළා. පසු කලෙක මා දැන ගත්තේ මගේ සමවයස්
කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද මේ අත්දැකීම ලැබූ බවයි. මිහිරේ පරිකල්පනය හා
වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස්
විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා
හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ
හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා.
|
Mihira children’s newspaper first issue – 27 July 1964 |
අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ
සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම
ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.)
එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි
ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි
කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ
හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.
දැනුම් ලෝකයෙන් විසිතුරු තොරතුරු නිතරම මිහිරට ගෙනා ලේඛකයකු වූයේ
එඞ්වින් ආරියදාසයි. අභ්‍යවකාශ ගවේෂණය, තාරකා විද්‍යාව, නව නිපැයුම්, ලෝක
ප‍්‍රවෘත්ති අතරින් වැදගත් සිදුවීම් ආදිය ගැන සරල හා රසවත් ලෙස ඔහු ළමුන්
සඳහා කථා කරන සිංහලෙන් ලිපි රචනා කළා. ඔහුගේ ලිපිවල හෙඩිම් සමහරක් මට තවම මතකයි. අහසේ තරු ගැන ලියන විට ‘තාරකා
ලස්සනයි: ගන්න බෑ – දෙන්න බෑ’ කියා තිබුණා. හෙලිකොප්ටරයේ ඉතිහාසය ඔහු
විග‍්‍රහ කළේ ‘එදා බමරේ – අද හෙලිකොප්ටරේ’’ වශයෙන්.
මෙරට මාධ්‍ය හරහා පාරිසරික සන්නිවේදනයේ පුරෝගාමියකු වූ ආරියදාස සූරීන්
1970 දශකය මුලදී ලොව පුරා පැන නැගී ආ පරිසර සංරක්‍ෂණ උනන්දුව ළමා පාඨකයන්ට
පහදා දුන්නේ නවීන විද්‍යා දැනුමත් දේශීය සොබා සම්පත් රැක ගැනීමේ උරුමයත්
සංකලනය කරමින්.
වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ
චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන
ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන්
කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින්
එන්න’’ යන්නයි. (වසර 40කට පසුවත් එය තවමත් මට මතකයි.)
මිහිර ගැන මිහිරි මතක
මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමින්. එහි රචකයා සුප‍්‍රකට කාටුන් චිත‍්‍රශිල්පි ඩබ්ලියු. ආර්. විජේසෝම
බව මා දැන ගත්තේ වසර ගණනාවකට පසුව ඔහුත් මාත් උපාලි පුවත්පත් සමාගමේ එකට
වැඩ කළ අවධියේයි. වනජීවීන්ට මහත් සේ ඇලූම් කළ ඔහු, විවේක ඇති හැම විටකම
පාහේ කැමරාවකුත් රැගෙන වනාන්තර ප‍්‍රදේශවලට යාමට පුරුදු වී සිටියා. ඔහු
මිහිරට කථා ලියා තිබුණේ තමන්ගේ දරුවන් කුඩා වියේදී වන චාරිකාවලට ගෙන ගිය
අත්දැකීම් මතයි.
මා කියවන කාලයේ මිහිර විෂය මාලාවට සෘජුව අදාල ලිපි පළ කළේ නැතත්,
විද්‍යා සිසුන්ට උපකාර වන අමතර කියවීම් ලෙස විද්‍යා ලිපි එහි හමු වූවා. වසර
ගණනක් ‘විද්‍යාමාමා’ ලෙස ලියූ කේ. ආරියසිංහයන් හා තවත් අමතර විද්‍යාලිපි
සම්පාදනය කළ තිලක් වීරසිංහයන් යන දෙදෙනාම දක්‍ෂ විද්‍යා ගුරුවරුන්.
පෘථිවියේ දිගු ජෛවීය පරිනාම ඉතිහාසයේ බිහි වී පසු කලෙක වඳවී ගිය
ප‍්‍රාග්ඓතිහාසික ජීවින් ගැන විසිතුරු ලිපි පෙළක් මිහිරේ පළ වුණා. විවිධ
ඩයිනසෝර් විශේෂ හා අනෙකුත් ආදි සත්ත්වයන් ගැන ජීවිත කාලයක් පවතින උනන්දුවක්
මගේ මනසේ ඇති කළ මේ ලිපි ලියුවේ කවුදැයි මට දැන් සිහියට නගා ගත නොහැකියි.
අද මෙන් දැනුම පොතපත සුලබ නොවූ, ඉන්ටර්නෙට් නොතිබි එකල අපට මේ
දැනුම බෙදා දෙන්නට මිහිරේ ලේඛක ලේඛිකාවන් ගත් උත්සාහය ඉතා වටිනවා. මේ තරම්
දස්කම් තිබූ පිරිසක් මිහිර වටා ඒකරාශී කර ගන්නට එහි කතුවරුන්ට දක්‍ෂකමක් හා
කැපවීමක් තිබුණා.
මිහිර කියවූ අපේ සිත් වඩාත්ම ඇද ගත්තේ ඇස්. ඒ. දිසානායක චිත‍්‍ර ශිල්පියා නිර්මාණය
කළ අසාමාන්‍ය ගණයේ චිත‍්‍රකථායි. මිහිර ආරම්භයේ පටන් ඔන්න බබො නම් වූ මහ
දිග චිත‍්‍රකථාවක් ඔහු වසර 15ක් පමණ සතිපතා ඇන්දා. බූ, බබා හා තුල්සි නම්
එඩිතර දරුවන් තිදෙනෙකුගේ වික‍්‍රම ගැන කියවෙන ඔන්න බබො කථාව අප අපූරු
පරිකල්පන ලෝකයකට රැගෙන ගියා. හොඳ හා නරක අතර නිරන්තර අරගලය මේ කථාවෙන්
සංකේතවත් වූයේ පොඩියක්වත් බණ කියන ඔවදන් ශෛලියක් නොවී ඉතා සියුම් ලෙසින්.
ඔන්න බබො චිත‍්‍රකථාවට අමතරව දිසානායක සූරින් යෝධයා හා පඬිතුමා නම්
හාස්‍යජනක චිත‍්‍රකථාවක් ද, ලෙඩ සුව කිරීමේ හාස්කම් තිබූ ඕලූ නම් දැරියක්
වඩා ගෙතුණු ඕලූ චිත‍්‍රකථාව ද මිහිරට ඇන්දා.
දිසානායකයන් තරම් මිහිරේ තම නිර්මාණ සළකුණු රැුඳවූ තවත් ශිල්පියකු මට
සිතා ගත නොහැකියි. මුල් යුගයේ මිහිර ගැන ආවර්ජනය කරන බොහෝ දෙනා වැඩිපුරම
කථා කරන්නේ ඔහුගේ කථා ගැනයි. එදා මෙදා තුර වසර 50ක් තිස්සේ ඔහු තවමත්
මිහිරට කථා අඳිනවා. මෙය සුවිශේෂී සබඳතාවක්. ඔහු ගැන අප වෙනම යළිත් කථා කළ
යුතුයි.
1970 දශකය මුල යම් වකවානුවක කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා
ද මිහිර ඔප කළේය. ඒ ටික්කා නම් හාස්‍ය චිත‍්‍රකථා නිර්මාණයෙන්. කටකාර
කොලූගැටයකු වන ටික්කාට පැහිච්ච කථා කියන්නට සමත් පැටෝ නම් සුරතල් ගිරවකු
සිටිනවා. මේ දෙදෙනා ළමා ලෝකයේ කෝණයෙන් වැඩිහිටි ලෝකය දකින හැටිත්, සියුම්
ලෙස වැඩිහිටියන් කරන දේ සරදමට ලක් කරන සැටිත් ටික්කා කථාවේ මූලික හරයයි.
චිත‍්‍රකථා නිසා ළමා මනස මොට වනවා හා දුෂණය වනවා යයි බිය පහළ කළ අපේ
බක පණ්ඩිත සුචරිතවාදීන්ට දිසානායක හා කැමිලස් දෙපළ මිහිරෙන් ඉතා හොඳට
පිළිතුරු දුන්නා. මිහිර අසිිරිමත් කළේ මෙසේ කෘතහස්ත ලිපි රචකයන් හා චිත‍්‍ර ශිල්පීන්ගේ
ඒකරාශී වීමයි. මිහිරේ සිතුවම් හැඩ වූයේ කනංකේ කේ. ප්‍රේමචන්ද්‍ර, කුමුදු තාරක, ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් අතිනි. ළමා මනසට ගැලපෙන ලෙසින් බොහෝ දේ හරබරව ඉදිරිපත් කිරිමට ඔවුන්
සමත් වුණා. එයට සමාන්තරව මිහිර නවක ලේඛකයන්ට ද අතහිත දුන්නා. පාසල් දැරියන්ගේ
නිර්මාණවලට එහි ඉඩ තිබුණා. මගේ ජීවිතයේ පළමු වතාවට පුවත්පතකට මා ලියූ
නිර්මාණයක් පළ වුයේ මිහිර පත‍්‍රයේයි.
කොළඹ අශෝක විද්‍යාලයයේ තුන්වන ශ්‍රේණියේ සිසුවකු ලෙස මා ලියූ කවි
පංතියක් 1975 ඔක්තෝබර් මස මිහිර පත‍්‍රයක පළ වුණා. ඔරලෝසුවක් ළමයකු දකින
ආකාරය කැටි කර ගත් එය පළ වීමෙන් මා අතිශයින් උද්දාමයට පත් වූ සැටි මතකයි.
ඉන් පසු මා ලියූ කෙටි රචනා හා කවි රැසක් මිහිරට යැවූ අතර ඉන් සමහරක් විටින්
විට එහි පළ කරනු ලැබුවා. (එහෙත් මා නිතිපතා මාධ්‍යවලට ලිවීම අරඹා එයට
ගෙවීමක් ද ලැබුවේ මිහිරට තරගකාරිව 1980දී අරඹන ලද විජය පුවත්පතින්.)
මිහිර දැනුම කෝෂ්ටාගාරයක් බවට සීමා නොවී ළමා මනස පරිකල්පනයෙන් ද සරු කළ
බව මගේ අදහසයි. අවසාන විනිශ්චයේදී දැනුමටත් වඩා වටින්නේ පරිකල්පනයයි. දැනුම
ගවේෂණයට අතහිත දෙන විශ්වකෝෂ, පාඨමාලා හා CD/DVDවලට වඩා මිහිර සුවිශේෂී
වූයේ මේ නිසායි.
මිහිර ගැන මා මතක් කලේ හුදෙක් අතීතකාමය සඳහාම නොවෙයි. ලක් සමාජය
ජනමාධ්‍යවලට වඩාත් සමීප වීම ඇරැඹුණේ 1960 ගණන්වලදී. එහි එක් අතුරු ඵලයක්
වුයේ මාධ්‍ය හරහා ජනප‍්‍රිය සංස්කෘතියක් බිහිවීම. එයට එක් උදාහරණයක් නම්
සතුට, සිත්තර වැනි චිත‍්‍රකථා පත්තර හරහා පැන නැගී කලකට පසු බැස ගිය
චිත‍්‍රකථා උන්මාදය.
තමන්ට ආවේණික වූත් අහිංසකවූත් බලපෑමක් කරන්නට මිහිර පත‍්‍රයට
හැකිවුණා. මිහිර කියවමින් අකුරු කළ හා ලෝකය හඳුනාගත් මුල් පරම්පරාවේ ඇත්තෝ
අද මේ රටේ ලොකු තැන්වල සිටිනවා. ඔවුන්ගේ සංස්කෘතික පොදු සාධකය මිහිරයි.
ඔන්න බබො හා යෝධයා වැනි චරිතයි.
පත්තර සංඛ්‍යාව ඉහළ ගිය 1980 දශකයෙන් පසු මෙබඳු පොදු බලපෑමක් තනි
ප‍්‍රකාශනයකට කළ හැකියාව ද අඩු වුණා. පත්තර මහගෙදරින් කළ මතක සිටින ලොකු
වැඩක් හැටියට 50 සපිරුණු මිහිර පත්තරය සිහිපත් කළ හැකියි.
|
Mihira 50th anniversary issue – 28 July 2014 |
මංජුල දිසානායකගෙන් තවත් උපුටා ගැනීමක්....
සුබසෙත කර්තෘ පදවියට පත් අජිත් අයියා පසු මිහිර කතු පදවියට පත් ජගත්
හේවාපන්න මහතාට මිහිර නගා සිටුවීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු විය. ඒ
අභියෝගය සාර්ථකව බාරගත් ඔහු ඒ වෙනුවෙන් සුවිසල් පියවරක් කීපයක්ම තැබීය.
කොවිඩ් සමයේ පවා මිහිර මුද්‍රණය කිරීමට අපට හැකි වූයේ ඒ නිසා ය. ඉන් ටික
කළකට පසු ජගත් අයියා විශ්‍රාම ගත්තේ ය. මිහිරේ අනාගතය ගැන ඒ වන විටත් අපට පැහැදිළි චිත්‍රයක් මැවී තිබිණි. ජගත්
අයියා විශ්‍රාම ගත් පසු පත්තරේ නැත්තට නැතිවන ඉඟි ඒ වන විටත් පෙනෙමින්
තිබිණි. ඊටත් පෙර අපට සිටි හොඳම විශේෂාංග
ලේඛිකාවක වූ ඉරූෂා අදිසි හස්තයකින් මාරු කරනු ලැබ අවසානයේ පත්තර රස්සාවට
සමු දුන්නාය. නියෝජ්‍ය කතුවරිය වූ ආත්මාට තනතුර අහිමි විය. හිටපු
සභාපතිවරයකුගේ අනුහසින් කොහේදෝ සිට නියෝජ්‍ය කතුවරියක් අහසින් පහත් විය.
එතැන් සිට මිහිර වල්මත් විය. එතැන් සිට මිහිරේ ගමන ගැන කතාකිරීමෙන් පලක් නැත. පාලකයන්ගේ ගො බ්බ තීරණ
හේතුවෙන් වසර 70කට ආසන්න කාලයක් රටට දරුවන්ට දැනුම බෙදූ වටිනා පුවත්පතක්
එලෙස ඉතිහාසයට එක් විය.
කාලයට ගැළපෙන ලෙස මිහිරේ හැඩය වෙනස් කරමින් දිගු ගමනක් පැමිණි මිහිරේ
මිහිරට කණ කොකා හඬන්නට වූයේ පත්තර ගැන නොදත් පාලනාධිකාරින් ලේක්හවුසියට පත්
වීමත් සමඟ ය. දේශපාලන පළිගැනීම්වලින් මාරු කෙරෙන අයගේ තාවකාලික
නවාතැන්පළක් බවට මිහිර කර්තෘ මණ්ඩලය පත් විය. මිහිරේ උන්නතිය වෙනුවෙන්
යෝජනා කළ අදහස් බොහොමයක් කුණු කූඩයට එක් විය.
දශක ගණනක් මෙරට දුවා දරුවන්ගේ දැනුම් තක්සලාව බවට පත් වූ ‘මිහිර’ පුවත්පත අවසන් ගමන් යයි
1964 ජූලි 27 වැනිදා එළිදැක්වුණු පළමු මිහිර පුවත්පත සඳහා මහින්ද කරුණාරත්න, හරිප්‍රිය ගුණසේකර, නිව්ටන් පින්තු සහ අනුලා ද සිල්වා දායක වූහ. එදා එලෙසින් එළිදුටු පළමු පුවත්පතේ පටන් මිහිර ළමා ළපටින්ට සැබැවින්ම මිහිරක් ගෙන දුන්නේය. ආරම්භක මිහිර පත්‍රයේ මිල සත 25ක් විය. මුල් පිටුව හැඩ වූයේ දළදා පෙරහරේ වර්ණ සිතුවමකිනි. කතුවැකිය පළවූයේ මුල්පිටුවේය. එය කලක් යනතුරුම එසේම විය. වත්මනෙහි පුවත්පතක කතුවැකිය ලියැවෙනුයේ පත්‍රයේ ප්‍රධාන කතුතුමා අතිනි. එහෙත් දෙවැනි මිහිර පත්‍රයේ පටන් මිහිර කතුවැකිය ළමා කතුවැකියක් බවට පත්විය. එම ළමා කතුවැකි ළමා පරපුර යහමඟ යැවීම සඳහා දෙන ඔවදන්වලින් සමන්විත වූයේය. මේ කතුවැකි බොහෝවිට ලියා එවනු ලැබූයේ පාසල්වල ආචාර්යවරුන් විසිනි. එසේම සාමණේර භික්ෂූන් වහන්සේ අතින් මෙන්ම සිසුන් අතින් ද මේ කතුවැකිය හැඩ විය.
සිළුමිණ ළමා පිටුවෙන් ආරම්භ වූ ‘කමලක්කාගෙන් අහන්න තීරය’ මෙන්ම මිහිර ආරම්භ කළ කමලා ළමා සමාජය ද ළමයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේය. ‘මා ආදරණීය පුතේ’, මුහුදෙන් එතෙරට, විද්‍යා මාමාගේ විද්‍යා, විද්‍යාගාරය, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ විත්ති, ඉංග්‍රිසි පාඩම යනාදී ලෙසින් මිහිරට එක්වූ විශේෂාංග දරුවන්ගේ දැනුම පෝෂණය සඳහා බෙහෙවින් ඉවහල් විය. ළමා කවි නිර්මාණය සඳහා මුල් පත්‍රයේ සිටම දරුවනට ඉඩහසර සැලසුණු අතර ළමා නිර්මාණ කුසලතා වර්ධනය සඳහා දිරිදෙමින් ළමා රචනා තරග ද මුල්ම පත්‍රයේ සිට ආරම්භ කර තිබිණි. එකල රචනා තරගයේ මුල්ම ත්‍යාගය රුපියල් 75ක් විය.
දැනුම දියුණුවට අමතරව දරුවන් සඳහා රසවත් කතා ද වර්ණ පිටු මඟින් සිතුවම් සහිතව ඉදිරිපත් කෙරුණු අතර දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් ලියූ ලිපි ද බොහෝය. මුල සිට ම ප්‍රහේලිකාවක් ද, ක්‍රීඩා තොරතුරු, සතුන් ගැන තොරතුරු සහ අපේ රට ගැන දැනුම දෙන ලිපි, ළමා කතා, පාසල් පුවත්, චිත්‍ර ඇඳීමේ පාඩම්, ළමා තරග එකල තිබූ අටවැන්නේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ලිපි පෙළක් ළමා මානසික සංවර්ධනය සඳහා අවශ්‍ය ලිපි යනාදී ලෙසින් කලින් කලට විවිධත්වයෙන් යුත් විශේෂාංග මඟින් මිහිර දරුවන් ආහ්ලාදයට පත් කළේය. ඉතිහාසයක් නොමැතිව අනාගතයක් ගොඩනොනැඟෙන්නා සේ මිහිර එදා සිටම හෙළ විරුවන් පිළිබඳව ළමා දැනුම පෝෂණයට මිහිර පියවර ගත්තේය. එදා එලෙස ආරම්භ වූ මිහිරේ පළමු පත්‍රයේ පිටපත් ලක්ෂයකට වැඩියෙන් අලෙවි වූ අතර සත විසිපහේ දැනුම කෝෂය යන නම එදා මිහිරට පට බැඳුණේය.
මිහිරට එකතු වූ බාලදක්ෂයෝ
මිහිර පුවත් පතට තරඟකාරී ලෙස විජය පුවත් පත කරළියට එක් වූවද ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් වසර 30කට වැඩි සේවයක් කරනු ලැබුවේ
විජය බාලදක්ෂ කඳවුර විසින් බව නොරහසකි. සිඟිති, පෝතක, බාලදක්ෂ දරුවන්ට සිය හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත්,
බාලදක්ෂ ව්‍යාපාරය දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කිරීමටත් ලබා දී ඇති අමිල සේවය වචනයකින් හෝ අගය කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මේ දක්වාත් කටයුතු කර නොමැත. පසුගිය වසර කීපය තුළදී මිහිර පුවත් පත විසින් කාලයට ගැළපෙන ලෙස මිහිරේ හැඩය වෙනස් කර ගැනීමත් සමඟ බාලදක්ෂ කටයුතු වෙනුවෙන් ද ඉඩක් වෙන් කරනු ලැබූ අතර ජාතික මූලස්ථානයේ මාධ්‍ය අංශයේ ආශිර්වාදය ඇතිව විවිධ බාලදක්ෂ නායකයන් විසින් ලිපි ලිවීම සිදුකෙරිණ.
පුවත්පත් වාර්තාකරුවකු හා මාධ්‍යව්දියෙකු ලෙස කටයුතු කල නුවන් කොඩිකාර මහතා බාලදක්ෂ කටයුතු සඳහා එක්කර ගැනීමත් සමඟ මිහිර පුවත් පතේ බාලදක්ෂ කටයුතු සඳහා වැඩි ඉඩක් වෙන් විය. ඒ අනුව පසු ගිය වසරක පමණ කාලය පුරාවට මුද්‍රණය වූ පුවත් පත් තුළ බාලදක්ෂයන් සඳහා පිටුවක පමණ ඉඩක් වෙන් කරනු ලැබිණ.
ජාතික බාලදක්ෂ මූලස්ථානයේ නිල මාධ්‍ය පුවත් පත ආකාරයෙන් කටයුතු කරනු ලබන බව පෙනෙන්ට ඇති මිහිර පුවත් පතේ බාලදක්ෂ තීරය වෙනුවෙන් පමණක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේ නිල මුහුණු පොතේ නිරන්තරව ඉඩක් වෙන් කෙරේ. මෙවර ජම්බෝරියේද මිහිර වෙනුවෙන් වැඩි ඉඩක් හා පෙළගැස්මක් වෙන්කර තිබෙනු දක්නට ලැබිණ. කිනම් කරුණක් නිසාවෙන් හෝ විජය බාලදක්ෂ කඳවුර වෙනුවෙන් ඒ ඉඩකඩ වෙන් නොකරීමට තරම් සිත් නොදෙන්නේ මන්ද යන්න අපට ඇත්තේ කණගාටුවකි.
හිටපු ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රසේන බටුවන්ගල මහතා නොවන්නට ජාතික බාලදක්ෂ මූලස්ථානයක් ඉදි නොවන්නා සේම එතුමාගේ දූරදර්ශී අදහසක් නොවන්නට ස්කවුටිං සඟරාවක්ද බිහි නොවන්නට ඉඩ තිබිණ. එතුමාගේ පූර්ණ ආශීර්වාදය හා සහයෝගය නොවන්නට එය ආරම්භ කල ස්ථානයේම නවතින්නට ද ඉඩතිබිණ. කෙසේ හෝ scouting සඟරාව පවත්වා ගැනීම වෙනුවෙන් සෙසු සියල්ලන්ගෙන්ම උදව් උපකාර ඉල්ලා සිටියද කිසිවෙකුත් ඊට උදව් නොකල බව සැබෑය. පිටුපුරා මුහුණු යෙදූ ඇතැම් නායකයන්ද රස කර යෙදූ කතාන්දර ද හැරෙන්නට සෙසු පිටු අතිශය බරසාර මෙන්ම නොදුටු බාලදක්ෂ ඉතිහාසය හා නොලිය වුණු බොහෝ විෂය කරුණු ද එහි අන්තර්ගත විය. නිර්මාණ කරුවකු නොමැතිව සිටි බාලදක්ෂ සළකුණ සොයාගැනීම එවැන්නකි. අලංකාරව නිර්මාණය කල එෆ්.ජී.ස්ටීවන්ස් දියසායම් රුවත්, සහල් ඇටය මත අඳිනු ලැබූ ලොව ඇති එකම බී.පී. යුවලගේ ආලේඛයන් ද හිරු සිතුවමින් කල බී.පී. ආලේඛය, මුල්ම සමරු මුද්දරයේ අත්පිටපත්, ඉහළ ගුණත්වයෙන් යුත් බී.පී.රූප, බාලදක්ෂ සලකුණු සඳහා ප්‍රමිතියක් ඉදිරිපත් කිරීම, නිශ්චිත වර්ණ යෙදීම ආදී බොහෝ දෑ එහි අන්තර් ගත විය.
ජාතික ජම්බෝරි ඉතිහාසයට සීමා වී තිබූ බාලදක්ෂ ඉතිහාසයෙහි සමස්ත ලංකා රැළි පැවැත්වීම පිළිබඳ ඉතිහාසය යාවත් කාලීන කලේ අප විසිනි. මැකීගිය බාලදක්ෂ තොරතුරු සොයා යමින් ආරියඅසේන මහතා විසින් අඳින ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සලකුණ පිළිබඳ සංවාදය නැඟුවේද මීරිගමදී විනාශයට පත් කරමින් පවතින ඩේවිට් පේන්ටර්ගේ සිතුවමෙහි ඉතිරිව ඇති High Res. මුල් ඡායාරූපය ඇත්තේ ද අප සතුවය. එය බේරා ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් දිවංගත සිරාස් සාලි මහතා හැරෙන්නට කිසිවකුත් අප හා එක් නොවූහ. මේ හේතුවෙන් කෝටි ගණනක් වටිනා ඩේවිට් පේන්ටර් විසින් අදින ලද තෙල් සායම් සිතුවමක් නොහික්මුණ දේශපාලඥයෙකු හා වටිනාකමක් නොහඳුනන නායකයින් විසින් විනාශයේ මුඛයට ඇඳ දමා ඇති අතර ඒ මත ඇක්රලික් සායම් යොදා පිළිසකර කිරීම හේතුවෙන් විරූපී වී ඇත. අද දක්වාම මේ සම්බන්දයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැත.
ලොව පළමු අශ්වාරෝහක බාලදක්ෂයින් හඳුන්වා දෙනු ලැබුවේ දඹුල්ල APR
ජම්බෝරියේදීය. බාලදක්ෂයන් වෙනුවෙන් AERO කඳවුරු හඳුන්වාදීම, ARO Jamboree
පැවැත්වීමෙන් කණ්ඩායම් කීපයකට සීමා වී තිබූ ගුවන් බාලදක්ෂ ව්‍යාපාරය දිසා
අතරට වයාප්ත වීම සඳහා ජවයක් ලබා දුන්නෙමු. බාවිතයෙන් ඉවත්වෙමින් තිබූ JOTA
JOTI වෙනුවෙන් ජවයෙන් යුත් වේදිකාවක් සපයා දෙනු ලැබුවේ අප විසිනි. දුනු
විදීම මෙන්ම ප්‍රාෙයා්ගික බාලදක්ෂ කටයුතු හා ප්‍රවීනතා වෙනුවෙන් බාලදක්ෂ
දරුවන් දිරිමත් කිරීමටද අප ගත් උත්සාහය අපරිමිතය. අද වනතුරුත් බාලදක්ෂ විද්‍යාව පොතට මේ දක්වාත් මුද්‍රණ පිරිවිතර ලෙස බාකෝඩ් ලබාගෙන නොමැත. මේ හේතුවෙන් අවම වශයෙන් පුස්තකාල පොතක් ලෙස බාලදක්ෂ විද්‍යාව බාවිතා කල නොහැකි අතර අවම වශයෙන් ජාතික ලේඛණාරක්ෂණයෙහිද එහි එක් පිටපතක් හෝ සුරක්ෂා වී තිබීමට ඇති හැකියාවද මගහැරී තිබේ. අතීතයේදී එහි පරිවර්තනය වෙනුවෙන් දායක වූවන්ගේ නම් සඳහන් වූවද මෑත මුද්‍රණවලට එම ඉතිහාසයෙන් ඉවත් වී ඇත. පාරිභාෂික වාග් මාලාවටද අත් වී ඇත්තේ මේ ඉරණමය. මේ දක්වාත් කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ බාලදක්ෂ පාරිභාෂික වදන් පෙළ ගොඩ නැඟීම සදහා දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ සහයෝගය ලබා ගත්තද එය සම්පූර්ණ කිරීමට හෝ යාවත්කාලීන කිරීමට කිසිවකුන් නොමැති බව ඉඳුරාම දනිමු. මෙරට බාලදක්ෂයන් පිළිබඳ විකි තොරතුරු බොහෝමයක් මෙන්ම අන්තර්ජාල අවකාශයේ බොහෝ බාලදක්ෂ තොරතුරු යාවත් කාලීන කිරීමේ නිහඩ පරිශීලකයා අප වෙමු.
ඉදින් නිරන්තරයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් හඳවතින් හිතැති සුලු පිරිසක් නොවන්නට කලාප 08කින් යුත් වර්ණ පිටු 68 ශ්‍රී ලංකා බාලදක්ෂ සඟරාවක් මුද්‍රණය කිරීමට අපට නොහැකි වනු ඇත. අනේක ගැටලු ඉදිරිපත් කරමින් අලෙවි කල සඟරාවල මුදල් ද ලබා නොදුන් බාලදක්ෂ නායකයකයින් වර්තමානය වන විට බාලදක්ෂ ව්‍යාපාරය ද හැර ගොස්ය. නමුත් අප ලියා තැබූ බාලදක්ෂ ඉතිහාසය අදටත් ශේෂ වී ඇත. මුද්‍රණ තාක්ෂණයේ ඇති වටිනාකම එය වේ. ඒ ඔස්සේ ගොඩ නැගෙන බාලදක්ෂ ඉතිහාස තොරතුරු තවත් වසට 100කට ප්‍රයෝජනවත්ය. එහි පූර්ණ ප්‍රතිලාභය හිමිවනුයේ සමස්ත බාලදක්ෂ පරපුරටම ය.
පුවත්පතක් අවසන් ගමන් යනතුරු නොසිට සමස්ත බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන නිහඩ සේවය වෙනුවෙන් කිසියම් අගය කිරීමක් සිදු කලයුතු බව සිහිපත් කරනු ලබන අතර මෑත කාලීන ඉතිහාසය පුරාවට විවිධ
නාලිකාවන්හි මාධ්‍ය සගයන් ලෝක ජම්බෝරි ආවරණය වෙනුවෙන් රැගෙන යාමත් එකම පුවත්පත ලෙස මිහිර පුවත් පත වෙනුවෙන් පමණක් ජාතික බාලදක්ෂ මූලස්ථාන මුහුණු පොත වෙන් කිරීමත් වැනි අතිශය කුහක ප්‍රතිපත්ති අනුගමණය කරමින් තීන්දු තීරණ ගන්නා නායකයින් විසින් මැදහත්ව කටයුතු කලයුතු බවත් වැඩිදුරටත් සිහිපත් කරනු කැමැත්තෙමු.
මිහිරේ අවසානය "☉" මම ගෙදර ගියෙමි
අපගේ අත්දැකීමේ හැටියට ලේඛනයේ අසීරුම කාර්යය දරුවන්ට ලිවීම ය. අපට පවා එයට
හුරු වීමට කාලයක් ගත විය. මුහුණු පොත දිගහැරි විට මුලින් ම දුටුවේ අප සැමදා ආදරය කළ මිහිර පුවත්පත
මුද්‍රණය නතර කර ඇති බව ය. මුහුණු පොතේ පුරා ශෝකාලාප දසතින් නැගෙන්නට විය. කවදා
හෝ සිදුවන බව දැනසිටියත්, මෙතරම් ඉක්මනින් සිදු වේ යැයි නොසිතූ
කනගාටුදායක පුවත අද අසන්නට ලැබුණි. සාමාජ මධ්‍ය පුරා මෙම පුවත වයිරල් වන්නට වූයේය.
කොවිඩ් අර්බුදය සමඟින් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ගණනාවක්
මුළුමණින් මුද්‍රණය නතර
කරන්නට හෝ සතිපතා පළවූ පත්තර මාසිකව මුද්‍රණය කරන්නට 2022 ජුනි මාසයේදී
තීරණය කර තිබුණි. ඒ අනුව දීර්ඝ කාලයක් පුරා අඛන්ඩව පළවූ ‘සරසවිය‘ හා
‘සුබසෙත‘ පත්තර දෙකම 2022 ජුනි 01 වනදා සිට මුද්‍රණය නතර වූ අතර ආරෝග්‍යා,
වන්නවානිවිල් (දමිළ), කුට්ටිමුට්ටි (දමිළ) පුවත්පත්ද මුද්‍රණය මුළුමනින්
නතර
කර අන්තර්ජාල කලාප වලට පමණක් සීමා කෙරිණි. බුදුසරණ, තරුණි
හා මිහිර පත්තර තුනම 2022 ජුනි සිට මුද්‍රණය වුවත් ඒවා පළවුයේ මසකට වරක්
පමණකි. නමුත් දිනමිණ, සිළුමිණ ආදී පුවත්පත්වල වෙනස්කම් නොකෙරිණි. වසර
දෙකක් ඇවෑමෙන් මෙම තීරණ වෙනස්කම් වලට ලක්කර ඇති අතර සුබසෙත නැවත මුද්‍රණය
ඇරඹී ඇත. 1964 ජූලි 27 වැනිදා එලෙසින් ආරම්භ වූ ‘මිහිර’රටේ
පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් හා කඩදාසි හිඟය කඩදාසි මිල ඉහළයාම ආදී
හේතුවෙන් මෙතෙක් මසකට වරක් පළවූ 'මිහිර' මුද්‍රණය නතර කර අන්තර්ජාල
කලාපයකට පමණක් සීමා කරනු ලැබීය.
|
මිහිරේ මුද්‍රණය වන බාලදක්ෂ පාඩම් මාලාවේ අවසන් ලිපිය |
දැයේ දූ දරුවන්ට සැබැවින්ම විශ්ව කෝෂයක් වූ මිහිරේ
වයස මේ වනවිට දශක 7කට
ආසන්න ය. මිහිර ඇරඹියේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ජ්‍යෙෂ්ට
පුවත්පත්කලාවේදියාණන්ගේ කර්තෘත්වයෙනි. දීර්ඝ කාලයක් මිහිරේ කටයුතු කළ
මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඉතා පළපුරුද්දක් තිබූ අය වූහ. ලාල් හික්කඩුව මහතාගෙන් පසු පිළිවෙලින් බන්දුල සමරසිංහ,
අනුලා ද සිල්වා, එස්. සුබසිංහ, සුමනා සපරමාදු, නිව්ටන් පින්තු, ඉන්ද්‍රා ද අල්විස්, අජිත් ධර්මසිරි, ජගත් හේවාපන්න
ආදී ප්‍රවීණයන් මිහිර කතුවරු ලෙස කටයුතු කළහ. මෙරට පැරණිම ළමා පුවත්පතක් වූ ‘මිහිර’ මුද්‍රණය නතර කිරීමට ලේක් හවුස්
පාලනාධිකාරිය අවසානයේදී තීරණය කරනු ලැබීය.
මුද්‍රිත යනු ලිඛිත ඉතිහාසය ගොඩනැගෙන හොඳම සාක්ෂිය වේ. පිටු 68කින් යුත් මෙරට නිර්මාණය කෙරෙුණු scouting සඟරාව මගින් බාලදක්ෂ ලෝකයේ ඉදිරි වසර 100 පුරාවට සිදු නොකළ මෙහෙවරක් ඉතිහාසය වෙනුවෙන් අප ඉතිරි කර ඇත්තෙමු. පිටපතක් ඇතොත් කියවා එය පසක් කර ගන්නා මෙන් අපි අදටත් අභියෝග කරන්නෙමු. ඒ ඔස්සේ බාලදක්ෂ මුද්‍රණ ක්ෂේත්‍රෙය් සිදු වූ පෙරළිය කෙසේදැයි අපි හොඳින් හඳුන්නෙමු. බාල කොළවල කලුසුදු මුද්‍රණයන්ට සීමා වූ ඉතිහාසයත් පුනා පුනා එකම කරුණ ලියැවුණ සඟරා කලාවපත් අතර මෙරට බාලදක්ෂ ලෝකය නවමු මාර්ගයකට ගෙන ඒමට ස්කවුටිං සඟරාවේ පර්යේෂණ අංශය සුවිසල් මෙහෙවරක් කර තිබේ. එය ප්‍රාෙයා්ගිකව අප විසින් අත්දැක තිබේ. ඇගයීමකින් හෝ සහයෝගයකින් තොරව අප කල මෙහෙවරෙහි වටිනා කම යම් දිනක ආනාගත බාලදක්ෂයන් අත්දකිනු ඇත. අන්තර්ජාලයේ, යූටියබ් සහ මුහුණු පොතට අමතරව තොරතුරු සොයා බලන ඕනෑම ස්ථානයකින් අප විසින් උඩුගත කල බාලදක්ෂ තොරතුරු අදටත් 75% හමුවීමේ ප්‍රවණතාවය අප ලැබූ විජයග්‍රහණයකි. සමාජ ජාල අතික්‍රමණය කරමින් අදවනවිට වැඩි ම ග්‍රාහක පිරිසක් සිටින බාලදක්ෂ යූ ටියුබ් නාලිකාව
Scouting Magazine වේ.
නඩත්තුව සඳහා පිරිවැය දරා ගත නොහැකි තත්වයකදී මුද්‍රණය නතර කිරීමට ලේක්
හවුස්
පාලනාධිකාරිය අවසානයේදී තීරණය කරනු ලැබීය. මෙරට පැරණිම ළමා පුවත්පතක් වූ
‘මිහිර’ අවුරුදු හැටක් ආයු වළදා අවසන් ගමන් යාමට සිදුවීම ගැන ඉතාමත් කණගාටු
විය යුතුම වේ. මේ වන විට වෙළඳපොළට
නිකුත් කර ඇත්තේ එහි අවසන් මුද්‍රිත පිටපතයි. මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ
මිහිර ඊ පුවත්පතක් ලෙස පමණක් එළිදැක්වෙනු ඇතැයි වාර්තා වේ. ළමා පුවත්පතක් අන්තර්ජාලය ඔස්සේ පමණක් පළවීම එතරම් ප්‍රයෝගික කාරණයක් නොවුණත් වසඳිය නොහැකි මට්ටමේ යම් යම් ආයතනික ගැටලු නොවන්නට එවන් ඉරණමක් අත් නොවනු ඇත. ඉදින් මෙලෙස අවසන් වන මිහිරේ අවසාන බාලදක්ෂ හුස්ම පොඳ වෙනුවෙන් තවත් කවි ගී
ලිවීමෙන් පලක් නොවේ. නැවත මුද්‍රිත ළමා පුවත් පතක් ලෙස මිහිර නිකුත්
කිරීමට ලැබේවායි පතන්නෙමු.