ශත සංවත්සරය සමරන ගාල්ල රිච්මන්ඩ් බාලදක්ෂයෝ...
 රිච්මන්ඩ් විදුහල් බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම 
නිමිත්තෙන් අාරම්භ කෙරුණු වැඩසටහන් මාලාවේ අාකර්ශනීයම අංගය වූයේ දැවැන්ත 
බාලදක්ෂ පාගමනකිනි.
රිච්මන්ඩ් විදුහල් බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම 
නිමිත්තෙන් අාරම්භ කෙරුණු වැඩසටහන් මාලාවේ අාකර්ශනීයම අංගය වූයේ දැවැන්ත 
බාලදක්ෂ පාගමනකිනි. 1915 -2015 වසර දක්වා විහිද යන පෞඩ ඉතිහාසයක් ඇති දක්ෂිණ ලංකාවේ ප්‍රමුඛ පෙළ අධ්‍යාපන ආයතනයක් වන රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සියවස් සැමරුම, බාලදක්ෂ ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත JAMBORICH - 2015 නමින් අති උත්කර්ශවත් ජම්බෝරියක් පසුගිය දා පැවැත්වූහ. පෝතකයන් බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් 1500ක පමණ පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් කඳවුරට සහභාගී වූ අතර මෙම සියවස් ජම්බෝරිෙය් කඳවුරු ප්‍රධානි ලෙස වර්තමාන රිච්මන්ඩ් විද්‍යාලෙය් නියමුවා වන විදුහල්පති ඒ්කනායක මහතා කටයුතු කරනු ලැබීය.
සියවස් ජම්බෝරියට පැමිණි බාලදක්ෂ පිරිසට රිච්මන්ඩ් විද්‍යාලයේ දී හා ගාලු කොටුව, නාවික හමුදා කදවුර, කොග්ගල අාදී ප්රෙද්ශ වල බාලදක්ෂ ක්‍රියාකාරකම් රැසක් සූදානම් කර තිබුණු අතර සංස්කෘතික සංදර්ශන, නිපුණතා වැඩසටහන් හා ගිනිමැල සංදර්ශන ඇතුළු විශේෂාංග රැසක් දිනපතා රාත්‍රී කාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.
දෙවැනි ගාලු රිච්මන්ඩ් බාලදක්ෂ සමූහයට SCOUTING සගරාවේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු.

No comments:
Post a Comment