Pages

Wednesday, February 15, 2017

ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් නැමති බාලදක්ෂයා

සිංහල සිනමාවට විශේෂ ප්‍රයෝග හඳුන්වා දුන් කාර්මික ශිල්පියකු ‘පෙරළිකාරයෝ’ තුළින් අධ්‍යක්ෂවරයකු බවට පත් වූ දිනේශ් ප්‍රියසාද්ගේ ජීවිත කතාවෙහි කතා නායකයා වූ ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් මහතා ගැන මෙරට වැඩි දෙනා නොදන්නා බව නිසැකය. කිසිවෙකුගේ අයවධානයට ලක් නොවුණු මේ තොරතුරු අප සොයා ගත්තේ එතුමා සරසවිය හා රාවය පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡා ඇසුරින්.

"ගිවන්ත අර්ථසාද් අයියයි දිනේෂ් ප්‍රියසාද් මල්ලියි සිංහල සිනමාවේ තවත් සුවිශේෂි අධ්‍යක්ෂවරු දෙපළක්. ගිවන්ත අර්ථසාද් අපේ රටේ ප්‍රමුඛතම කාටුන් චිත්‍රපටකරුවා ලෙසින් විශේෂ වෙනවා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය මෙන්ම කැමරාකරණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග ආදි අංශ රැසක ප්‍රවීණයෙක්. 'දුටුගැමුණු' සහ මහදැනමුත්තා කාටුන චිත්‍රපට නිර්මාණය වුණේ ඔහු අතින්. මේ චිත්‍රපට දෙකටම සොයුරු දිනේෂ් සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා. දිනකට පසු දුටුගැමුණු ප්‍රදර්ශනය තහනම් වුණා. ගිවන්ත අර්ථසාද් අධ්‍යක්ෂණය කළ වෘතාන්ත චිත්‍රපටය 'ඉන්දු සයුරේ මුතු ඇටය' තිරගත කෙරුණේ නැහැ. ක්ෂේත්‍රයේ තතු දන්නා අය පවසන්නේ ගිවන්ත අර්ථසාද්ගේ බාල සොයුරු දිනේෂ් ප්‍රියසාද් චිත්‍රපටවල වෙනස් අලුත් යමක් කරන කෙනෙක් කියලයි. අපේ රටේ අංක එකේ දෘෂ්‍ය ප්‍ර යෝගකරුවා ලෙසින් ඔහුට නම පටබැඳීලා. 'පෙරළිකාරයෝ', 'දොමෝදර පාලම', 'ඩබල් ට්‍රබල්', 'වරදට දඬුවම', 'පාරාදීසේ', 'කොළොම්පූර්', 'නොම්මර එකයි' වැනි චිත්‍රපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කළා. අර්ථසාද් - ප්‍රියසාද් අයියයි මල්ලිය් මහදැනමුත්තා කාටුන් චිත්‍රපටය සම අධ්‍යක්ෂණය කළා. "

ශ්‍රී ලාංකික සිනමාව ඇතුලෙ කාටූන් චිත්‍රපට වලට ඇති තැනක් නැත්තේම තරම්. කාටූන් චිත්‍රපට නිර්මාණය වෙන්නේද නැති තරම්. අද තත්ත්වය එසේ වුවත් ලංකාවේ මුල්ම කාටූන් චිත්‍රපටය බිහිවීම 1979 වර්ෂය වැනි ඈත කාලයකට දිව යන්නක්. ඒ තමයි අපි මේ කියන්න යන දුටු ගැමුණු චිත්‍රපටය එළිදැක්වූ වර්ෂය. ප්‍රවීණ සිනමාවේදී ගිවන්ත අර්ථසාද් මහතාගේ නිර්මාණයක් වන දුටුගැමුණු චිත්‍රපටය තුළින් දුටුගැමුණු රජ චරිතය නවීන සහ වෙනස්ම ආරකින් යුතුවයි ඉදිරිපත් කර තිබෙන්නේ. කෙසේ වෙතත් 1979 වර්ෂයේ ඔක්තෝම්බර් 19 වැනිදා තිරගත කිරීම අරඹන දුටුගැමුණු විත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට ලැබෙන්නේ එකම එක දවසකට පමණයි. හේතුවක් නැතිවම එහි ප්‍රදර්ශනය අත්හිටවනු ලබනවා. අදටත් මේ චිත්‍රපටය තහනම් කිරීම ගැන විවිධ අර්ථකතන සැපයෙනවා. සුරනිමල යෝධයා විසින් අලියෙක්ව කරකවා විසිකිරීමේ දර්ශනයකින් එවක පැවති ආණ්ඩුවට පහරක් වැදීම නිසා මෙය වූයේයයි යන්න සමහරු විසින් දරන මතයක්. දුටු ගැමුණු වැනි වීර චරිතයක් කාටූනයකට නැගීම මගින් ඒ චරිතයට අපහාසයක් වන නිසා තහනමට ලක් වුණිය යන්න තවත් මතයක්.


මොරටුවේ උපත ලබා වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන සමයේ චිත්‍රපට කලාවට ඇලුම් කළ ඔහු දිනේෂ් ප්‍රියසාද්ය. සිනමාශාලාවලින් ඉවත දමන ලද සැලෝලොයිඩ් පටවල රූප ඇඳීමෙන් ඒවා එහාට මෙහාට කරමින් කුඩා කල ඔහු බොහෝ සේ සතුටට පත්විය. පුංචි මොළෙන් පුංචි ‍ප්‍රොජෙක්ටරයක් සාදාගෙන පාසල් ළමුන්ට චිත්‍රපට පෙන්වන ඔහු පසු කලෙක බාප්පා කෙනකු ළඟ ‍ප්‍රොජෙක්ටරයකින් සැලෝලොයිඩ් පට එහාට මෙහාට කරමින් මිතුරන්ට චිත්‍රපට පෙන්වූයේ ය.

පාසලෙන් අස්වූ පසු රත්මලානේ කනිෂ්ඨ කාර්මික ආයතනයට පියා සමග ගිය ඔහු එහි ශිෂ්‍යෙයක් බවර පත් වූයේ ය. ස්වයං ක්‍රියා මෝටර් මැකෑනික් විද්‍යාව ගැන පාඨමාලාවක් හැදෑරූ ඔහු එහි දී වඩාත් උනන්දුව දැක්වූයේ එම ආයතනයේ තිබූ චිත්‍රපට අංශය කෙරෙහිය. ලියවන පට්ටල් වැඩ, මෝටර් මැකෑනික් ගැන තැනූ කෙටි චිත්‍රපට පෙන්වන ‍ප්‍රොජෙක්ටර් යන්ත්‍රය අබලන්ව පසෙක දමා තිබෙනු දුටු දිනේෂ් එය අලුත්වැඩියා කළේය. ඉන් පසු එහි චිත්‍රපට පෙන්වීමට ද පටන් ගත්තේය.

"එවකට මොරටුවේ රාවතාවත්තේ විසූ විදුහල්පතිවරයෙකු සහ බාලදක්ෂ කොමසාරිස්වරයකු වන මාගේ පියාණන් ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් බව අද ද සෙනෙහසින් මා සිහිපත් කරමි යනුවෙන් රෝයි ද සිල්වා පසුගිය දිනක සිය පියා පිළිබද අතීතය සිහිපත් කලේය."

චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවීමට හැකිවීමත් දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන් එවකට සිංහල චිත්‍රපට තැනීම ආරම්භ කිරීමත් ඉන්දීය හැඩතල සහිත කඩවසම් රුවක් හිමිවීමත් පියාගෙන් ලැබූ දායදයන් වූ අතර භාෂා භේදයකින් තොරව චිත්‍රපට නැරැඹීමවිනෝදාංශය කරගත්තේ ය. මොරටුවේ සිට කොළඹට පැමිණ චිත්‍රපටයක් නැරඹීම සඳහා මා හට රුපියල් පහක් හෝ අටක්පියාගෙන් ලැබූ සහයෝගයක් වූයේය.
Image result for dinesh priyasad
කාටූන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ මගේ වැඩිමල් සොයුරු ගිවන්ත අර්ථසාද් සමග ලංකා චිත්‍රාගාරයට ගිය දිනේෂ්ට එහි දී ටයිටස් තොටවත්ත මහතා මුණ ගැසිණ. මෙම තරුණයාගේ දක්ෂකම් තේරුම් ගත් ටයිටස් තොටවත්ත ඔප්ටිකල් (විශේෂ ප්‍රයෝග) යන්ත්‍රයක් සාදාගන්නා අන්දම කියා දුන්නේය. දිනේෂ්ගේ සොහොයුරු ගිවන්ත අර්ථසාද් නිෂ්පාදනය කරන ලද ලංකාවේ ප්‍රථම කාටූන් චිත්‍රපටය වූ දුටුගැමුණු චිත්‍රපටයේ කැමරාව මෙහෙයවමින් විශේෂ ප්‍රයෝග රැසක් කිරීමේ අවස්ථාව දිනේෂ් ප්‍රියසාද්ට අවස්ථාව ලැබිණි.

විශේෂ ප්‍රයෝග යොදමින් අමුතු මාදිලියේ ප්‍රචාරක පටියක් සකස් කර දෙන්න යැයි ටයිටස් තොටවත්ත දිනේෂ්ට නෙගටිව් අඩි 1000ක් ලබා දුන්නේය. “මේ අඩි 1000ම නාස්ති කරලා හරි හොඳ වැඩක් කරපල්ලා.” යැයි ටයිටස් අයියා මලෝ දෙදෙනාට පැවසීය. දිනේෂ් තමා විසින්ම තැනූ විශේෂ ප්‍රයෝග යන්ත්‍රයක් ආශ්‍රයෙන් ‘දුටුගැමුණු’ කාටූන් සිනමාස්කෝප් චිත්‍රපටය තැනීය. රාජ් රණසිංහගේ ‘නොම්මර එක’ චිත්‍රපටය අඩු වියදමකින් නිපදවනු බලා සිටි තිලක් අතපත්තු දිනේෂ්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට භාර දුන්නේය.

හාස්‍යයෙන් පිරි ප්‍රේක්ෂකයන් කැමැති අන්දමේ චිත්‍රපට අතර ටෙනිසන් කුරේ ලවා තිරනාටකයක් ලියූ චිත්‍රපට වර්තමාන සිංහල සිනමාවේ තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළියමක් විය. මේලෙස සැකසුණු සිනා චිත්‍රපට, රැල්ලක් නිර්මාණය කලේය. එම්.එස්. ආනන්දන්ගේ ‘චණ්ඩි ශ්‍යාමා’ ඇතුළු චිත්‍රපට 40ක දිනේෂ් විශේෂ ප්‍රයෝග උපයෝගී කරගනිමින් සිය හැකියාවන් විදහා දැක්වීය. දිනේෂ් ප්‍රියසාද් හා හා පුරා කියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ‘නොම්මර එකයි’ චිත්‍රපටයයි. පෙරළිකාරයෝ චිත්‍රපටය සඳහා බේරුවල ලයිට්හවුස් එකක් ඉදිකර එය පුපුරවා හැර ඇත. එම චිත්‍රපටය මේ තරම් සාර්ථක කර ගැනීමට හැකි වූයේ නිෂ්පාදක තිලක් අතපත්තු අපගැන තිබූ විශ්වාසයත් නිසා කාගෙනුත් සහයෝගයත් ලැබුණ නිසා බව ප්‍රියසාද් පවසයි.

තිරපිටපත් රචකයකු සහ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් සිය සිනමා භාවිතය හරහා යුග කීපයක් බැබළවූවෙකි. විද්වත් මඬුල්ලක් වෙනුවෙන් හෝ ජූරි සභාවක් වෙනුවෙන් හෝ සම්මාන අපේක්ෂාවෙන් හෝ චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළ ඔහු මෙරට සිනමා ලෝලයින්ගේ ආදරය හා ගෞරවය හිමිකර ගත් මිනිසෙකි. ‘පෙරළිකාරයෝ’ ‘නොම්මර එක’ ‘වරදට දඬුවම’ ‘හිතේ දුකක් නැති මිනිහා’ ‘දෙමෝදර පාලම’ ‘අපායේ තප්පර අසූහාරදහසක්’ ‘කොලොම්පූර්’ සහ ‘ඔන්න බබෝ’ ඇතුළු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ නොම්මර එකේ අධ්‍යක්ෂවරයෙකි.

ඔහුගේ සිනමාපට ප්‍රශස්ත තලයේ, හාස්‍ය තලයේ විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙකි. ජනප්‍රිය නළුවකු වශයෙන් ඔහු ලැබූ ජනතා ප්‍රසාදයට වඩා චිත්‍රපට නිර්මාණකරුවකු වශයෙන් ඔහු අද ලබන කීර්තියත්, ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් විශේෂයෙන් ඔහු ලබන තෘප්තියත් අති විශාලය. එඩී ජයමාන්න, රුක්මණී දේවි, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, එච්.ආර්. ජෝතිපාල, සුමනා අමරසිංහ, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ මෙන්ම නව පරපුරේ නළු නිළියන් ගණනාවක් අධ්‍යක්ෂණය කිරීමට රෝයි ද සිල්වා හට හැකි විය. පෙර සැලසුමෙන්, අඩු දින ගණනකින් භාෂා ත්‍රිත්වයෙන්ම චිත්‍රපට නිම කිරීමේ දක්ෂතාව ඔහු සතුව ඇත. වැරැදි අවම කරගනිමින් අඩු දළ සේයා පට ප්‍රමාණයකින් රූප ගත කළ හැකි අධ්‍යක්ෂවරයකු වීම ඔහුගේ විශේෂත්වයකි.

කාටුන් චිත්‍රපට නිපදවීම සඳහා කිසිදු පහසුකමක්‌ ශ්‍රී ලංකාව තුළ නොමැති බැව් ගෙන හැර පාමින් රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාව විසින් තිඹිරිගෙයිම මරා-වළලා දමා තිබු ශ්‍රී ලංකාවේ ප්‍රථම කාටුන් චිත්‍රපටය වන ගිවන්ත අර්ථසාද්ගේ "දුටුගැමුණු" සිනමා පටයේ මා අත දරා සිටි පළමු එතුම්පටය (1sඑ Reel) ගාමිණි මහතා වෙතට දිගු කොට පෙන්වමින් "දුටු ගැමුණු" ට සංස්‌ථාව කළ හදිය පිළිබද දිර්ඝ විස්‌තරයක්‌ කළෙමි. මාගේ නීරස කතාවට එතුමා ඇහුම්කන් දුන්නද - නැද්ද මම නොදනිමි. කෙසේ වෙතත් ළගන්නා සුඵ කඩවසම් විලාසයකින් මට පිටුපා, ඔහු මගෙන් ඉවත්ව යමින්.... Meet me tomorrow morning, at Ratmalana... යනුවෙන් පැවසුවා ඊයෙ වගේ මතකයි. 

නොම්මර එකේ (CLASS 1) දුම්රිය රියදුරෙකු වන මගේ මාමා (ඕවන් පීරිස්‌) මගේ ජීවිතයේ මා කුඩා කල සිටම සැබෑම වීරයෙකි. එබැවින් දුම්රිය රියදුරෙකු වීම සහ ගාමිණි ෆොන්සේකා රඟන චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීම යන කරුණු දෙකම කුඩා කල සිටම මා වෙලාගත් අභිප්‍රායන් සහ තදබල - අහිංසක ආශාවන් දෙකය කීවොත් මා නිවැරදිය. "එන්ජින් ඩ්‍රයිවර්" වැඩේ කෙසේ වෙතත් - දැන්, අනිත් වැඩේ නං හරි වගේ... පමණට වඩා දිගටි - නොදැල්වු සිගරැට්‌ටුවක්‌ ඔහුගේ දෙතොලග රැඳී නොවැටී පවති.

How are You..?

Fine... Thank You... ගාමිණි අයියා... මා රැගෙන ආ මි.මී.35 මුද්‍රිත චිත්‍රපට "දර්ශන ප්‍රයෝග" සේයා පටල පටය අඩියෙන්-අඩිය දිග හරිමින් පිරික්‌සමින්, ඔහු වරින් වර මදෙසද බැලීම මට මහත් කුතුහලය ගෙන දෙන්නක්‌ විය. දර්ශන ප්‍රයෝග ගැනත් දුටුගැමුණුට වු අසාධාරණය ගැනත් මා නොනවත්වාම කතා කරයි.... මාගේ කථාවට බධා කරමින්, මගේ වම් උරහිසින් අල්ලා තමුසෙට කොහෙන්ද ටෙක්‌නිල් නොලෙ- එක...? ගාමිණි අයියාගේ එම පැනයට අදටත් මට හරිහැටි පිළිතුරක්‌ නොමැත.


පියාණන්ගේ සෙනෙහසත් මගපෙන්වීමත් නොවන්නට මෙතරම් දුරක් මා හට පැමිණෙන්නට නොහැකි බව අද ද සෙනෙහසින් මා සිහිපත් කරන බව දිනේශ් ප්‍රියසාද් මහතා අවසන් වරට සදහන් කළේය.
------------
මෙම සටහනෙහි තිබූ තොරතුරු යාවත් කාලීන කරමින් පුවත්පත් සටහනක් යොමුකළ ප්‍රවීන බාලදක්ෂ නායක මොරටු දිසාවේ බාලදක්ෂ අරටුව බදු ඩබ්ලිව්.ජේ.ඩයස් ගුණරත්න මහතාට සහ බීඩ් පෙරේරා මහතාට අපගේ ස්තූතිය.


--------------------------
පසු සටහන
කිසිදු තොරතුරක් හෝ සැලකිල්ලක් නොදක්වමින් අතීතයෙන් ගිලිහී යන බාලදක්ෂ බාලදක්ෂික කටයුතු වල නිරත වූ දැවැන්ත චරිත බොහෝමයක් තිබේ. ඔබ සතුව මෙවැනි තොරතුරු තිබේනම් අපට යොමුකරන්න. scoutingmagazine@gmail.com






No comments:

Post a Comment