Pages

Wednesday, February 21, 2024

167 වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2024

ලෝක බාලදක්ෂ නිර්මාතෘ බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2024
 
රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා යනු බාලදක්ෂ ව්‍යාපාරය මෙන්ම බාලදක්ෂිකා ව්‍යාපාරයේ ද නිර්මාතෘවරයායි. බාලදක්ෂවරු එතුමාව හඳුන්වන්නේ ” බී.පී ” යන සෙනෙහෙබර කෙටි අන්වර්ථ නාමයෙනි. එමනිසා සෑම වසරකම පෙබරවාරි 22 වන දාට යෙදෙන බේඩ්න් පවෙල් සාමිවරයාගේ ජන්මදිනය නොඑසේ නම් “ආදිකර්තෘ දිනය” , ‘බී.පී දිනය” ලෙසින්ද බාලදක්ෂයින් විසින් හඳුන්වනු ලැබේ. එහි 167 වන අභිමානවත් සැමරුම සනිටුහන් වන්නේ 2024 වසරේ පෙබරවාරි මස 22 වන දාට යි. බාලදක්ෂිකා ව්‍යාපාරයට නම් මෙම දිනය තවත් ආකාරයකින් සුවිශේෂී වේ. ඒ 1926 වසරේ සිට “Thinking Day “හෙවත් “බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය” ද ආදිකර්තෘ දිනයේදීම සැමරීම හේතුවෙනි. මේ ලිපිය පළකෙරෙන්නේ ඒ ආදිකර්තෘ දිනය සහ බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය නිමිත්තෙනි. රොබට් බේඩ්න් පවෙල් සාමිවරයාගේ චරිතය පිළිබඳව සුපුරුදු තොරතුරු වලට වඩා අප්‍රකට තොරතුරු කීපයක් අද ඉදිරිපත් කරනු කැමැත්තෙමි.
 

බේඩ්න් පවෙල් සාමිවරයා උපත ලබා ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දිනදී එංගලන්තයේ ලන්ඩන්හි පෙඩින්ටන් නම් ප්‍රදේශයේදීයි. ඔහුගේ මව්පියන් වීමේ භාග්‍යය උදාකරගනු ලැබුවේ බේඩ්න් පවෙල් දේවගැතිතුමා සහ හෙන්‍ේරියේටා ග්‍රේස් ස්මිත් මැතිනිය විසිනි. ඔහුගේ පියා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු ද විය. එහෙත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ පියාගේ හදිසි අභාවයත් සමඟින් පිය සෙනෙහස අහිමි වී ගිය අතර, එතැන් සිට හැදී වැඩුණේ තම මවගේ සෙවණෙහි ය. බී.පී තුමාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුද සිටි බව කියැවේ. ඒ අතරින් එක් නැඟණියක් වූ ඇග්නස් ස්මිත් මැතිනිය පසු කාලීනව බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භය සඳහා සුවිශේෂී දායකත්වයක්ද ලබා දී තිබේ.ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් අනතුරුව බී.පී තුමා ” Charerhouse “නම් වූ එකල බ්‍රිතාන්‍යයේ පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට වරම් ලද්දේය. ඔහු අධ්‍යාපනයට එතරම් දක්ෂයෙකු නොවූ බව සඳහන් වූවත්, විනෝදකාමී සහ ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා දැඩි ඇල්මක් සහ වුවමනාවක් දැක්වූ අයෙකු බව පැවසේ. එපමණක්ම නොව සිය මවගේද නොමඳ දායකත්වය හමුවේ ඔහු සෞන්දර්ය හා කලාත්මක කටයුතු කෙරෙහිද කුඩා කල සිටම දැඩි නැඹුරුවක් දැක්වූයේය. චිත්‍ර ඇඳීම , පියානෝ සහ වයලීන් වාදන නිපුණතාවය ඒ අතරින් කැපී පෙනෙන ඒවා වේ. පසු කාලීනව හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහාද මෙම කුසලතාවයන් ඔහුට අත්වැලක් විය.

වර්ෂ 1876 සැප්තැම්බර් 11 වන දිනදී බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවේ සේවය සඳහා බේඩ්න් පවෙල් තරුණයා ඇතුළත් විය. ඒ ඉන්දියාවේ 13 වන “හුසාර්ස්” රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද නිලධාරියකු වශයෙනි. ඉන්දියාවෙන් පසු බෝල්කන්, මෝල්ටාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ගණනාවකම සේවයෙහි යෙදුණු ඔහු දක්ෂ හමුදා නිලධාරියෙකු වශයෙන් විවිධ තනතුරු සහ නිලතල ගණනාවක් හොබවා ඇත.1899 දී පමණ හමුදා සේවයේ නිරත වන අතරතුරදී “Aids to Scouting “නම් ග්‍රන්ථයක් ඔහු විසින් රචනා වී තිබිණ. එම ග්‍රන්ථය එකල සමාජයේ යොවුන් ප්‍රජාව අතර වේගයෙන් ජනප්‍රිය වී ඇති බවත්, එහි සඳහන්ව තිබෙන දැව ශිල්පය වැනි කරුණු ඔවුන් ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නා බවත් බී.පී තුමාට දැන ගැනීමට ලැබිණ.මෙම නව ප්‍රවණතාවය නිසි නියාමනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම හඳුනාගත් බේඩ්න් පවෙල් මහතා 1907 ජුනි මස 31 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් බාලදක්ෂ කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. සමාජයේ විවිධ තරාතිරම් වල දරුවන් එංගලන්තයේ Brownsea දූපත් ප්‍රදේශයට කැඳවා සිදු කරන ලද මෙම පර්යේෂණාත්මක ව්‍යායාමය එතුමා අපේක්ෂා කළ මට්ටමටත් වඩා සාර්ථක විය. එමනිසා මෙය ලොව ප්‍රථම බාලදක්ෂ කඳවුර ලෙස ඉතිහාසගත වේ.වර්ෂ 1908 මැයි මාසයේදී බාලදක්ෂයින්ගේ පරිහරණය සඳහාම ඔහු ග්‍රන්ථයක් එළි දැක්වූයේය. “Scouting for boys” නම් එම ග්‍රන්ථය, අද දක්වාම බාලදක්ෂයින්ගේ අත්පොත ලෙස පරිහරණය කෙරේ.එසේම, මේ වනවිට එහි පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වී ඇති බවද වාර්තා වේ. “Scouting for boys” කෘතියෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, එහි අඩංගු වන සියලු රූප සටහන් , චිත්‍ර සහ කාටූන් බී.පී තුමාගේ අතින්ම හැඩ ගැන්වුණු ඒවා වීමයි.බාලදක්ෂ ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් සමඟ 1909 වසරේදී බී.පී තුමාගේ ප්‍රධානත්වයෙන් පළමු ජාතික බාලදක්ෂ රැළිය එංගලන්තයේදී පැවැත්විණ. ඔහු හමුදා සේවයෙන් ඉවත් වී විශ්‍රාම ලබාගත්තේ වර්ෂ 1910 දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53 ක්ද ඉක්මවා ගොස් තිබිණ.


බේඩ්න් පවෙල් සාමිවරයා හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම සිවිල් පුරවැසියකු වශයෙනුත් සමාජය පිළිබඳ වඩාත් පුළුල් ඇසින් දකින්නෙකු විය.එමනිසා, පිරිමි ළමුන්ගේ බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ගැහැනු දරුවන් සඳහාද සංවිධානයක් පිහිටවීමේ වැදගත්කම ඔහු හඳුනාගෙන සිටියේය.1910 වසරේදී ගැහැනු ළමුන් සඳහා බාලිකා නියමුවරියන්ගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ ඒ අනුවයි. එහි ප්‍රධානත්වය බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැඟණිය වූ ඇග්නස් ස්මිත් මැතිනියට පැවරිණ. අනතුරුව 1915 දී එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය ඔහු විසින්ද හොබවා තිබේ.1918 වසරේ සිට සිය බිරිඳ වූ සෝමර්ස් මැතිනිය වෙත එය පවරා දීමට බේඩ්න් පවෙල් සාමිවරයා කටයුතු කළේය. වර්තමානය වන විට බාලදක්ෂිකා ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම සංවිධානයයි.සිය තරුණ කාලය රාජකාරි කටයුතු සඳහාත් සමාජ සේවා කටයුතු සඳහාත් කැපව සිටි බී.පී තුමා විවාහ දිවියට එළඹියේ වසර 1912 දී එනම්, වයස අවුරුදු 55 දී පමණය. ඒ ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝ්මර්ස් මැතිනිය සමඟයි. ඇයද බේඩ්න් පවෙල් මහතා මෙන්ම ඉතා උත්සාහවන්ත අයකු වූ අතර සිය සැමියාගේ කටයුතු සඳහා අනුපමේය දායකත්වයක් දැක්වූවාය. ඉහත දැක්වූ පරිදි, බාලදක්ෂිකා ව්‍යාපාරය ලෝකයට තිළිණ කිරීමේදී එම මහත්මිය ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී සිහිපත් කළ යුතුමය. තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ සෝමර්ස් මැතිනියගේ ජන්ම දිනය ද පෙබරවාරි 22 වන දාට යෙදී තිබීමයි. ඇය උපත ලබා ඇත්තේ 1889 වසරේදීය. එබැවින් “ආදි කර්තෘ දිනය” පෙබරවාරි 22 වන දා සැමරීම බාලදක්ෂ-බාලදක්ෂිකා දෙපිරිසටම එකසේ වැදගත් වන බව ගම්‍ය වේ.

පළමු ලෝක යුධ සමයේදී යම්තාක් දුරට බාලදක්ෂ ව්‍යාපාරය අකර්මණ්‍ය වී තිබිණ. ක්‍රමයෙන් ප්‍රතිජීවනය ලබමින් යළිත් 1920 පමණ වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා රටවල් 34 ක පමණ ප්‍රචලිත සංවිධානයක් බවට පත්විය. සාමාජික සංඛ්‍යාවද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පැවති මෙම වාතාවරණය බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වීමට ඉතා සුදුසුම කාල සීමාවක් විය. ඒ අනුව බේඩ්න් පවෙල් සාමිවරයා ලොවපුරා විසිර සිටි 8000 ක පමණ බාලදක්ෂයන් පිරිසක් ලන්ඩන් නුවරට ගෙන්වා ලොව ප්‍රථම බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වූයේය. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි නිර්මාතෘ සහ ප්‍රධානියා වශයෙන් බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ සාමාජිකයින් විසින් ඇගයීමටද පාත්‍ර විය.ලන්ඩන්හි පැවති එම ප්‍රධාන ජම්බෝරියට සමගාමීව තවත් සමුළු 21 ක් ලොව පුරා රටවල් ගණනාවක සංවිධානය කෙරුණු බවද වාර්තා වේ.1921 දී ප්‍රථම ලෝක බාලදක්ෂ කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ නිලවරණයද පවත්වන්නට කටයුතු සම්පාදනය කෙරුණු අතර, ඒ වන විට ලොව පුරා බාලදක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයකටත් වඩා අධික වූ බව පැවසේ.

සිය යොවුන් කාලය ත්‍රාසජනක කටයුතු සමඟ විනෝදකාමීව ගතකළ, තරුණ කාලය මව්බිම වෙනුවෙන් කැප කළ මෙම සොඳුරු මිනිසා තම ජීවිතයේ ඉතුරු අර්ධය බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැප කර සිටියේය. වර්ෂ 1937 පමණ වන විට බී.පී තුමා කෙමෙන් සිය ජීවීතයේ සැඳෑ සමයට පා තබා තිබිණ. එමනිසා බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් ඔහු ජීවිතයේ අවසන් භාගය විවේකීව ගත කිරීම සඳහා 1938 දී කෙන්යා දේශය බලා පිටත් වූයේය. වයස අවුරුදු 83 ක් සම්පූර්ණ කර සිටි බේඩ්න් පවෙල් සාමිවරයා 1941 ජනවාරි මස 8 වන දා සිය අවසන් හුස්ම වාතලයට නිදහස් කළේය. එතුමාගේ දේහය කෙන්යාවේ Nyeri හි තැන්පත් කරන ලද අතර එහි පිහිටුවා ඇති ස්මාරකය වර්තමානය දක්වාම ලොව පුරා බාලදක්ෂ-බාලදක්ෂිකාවන්ගේ ගරුබුහුමන් ලබන ස්ථානයක් ලෙසද ප්‍රචලිත ය. බේඩ්න් පවෙල් සාමිවරයා අනුගමනය කරමින් ඔහුගේ බිරිඳ වූ සෝමර්ස් මැතිනියද සිය ජීවිතයේ අවසන් භාගය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරයේ සුබසිද්ධිය පිණිස කටයුතු කළාය.


බේඩ්න් පවෙල් සාමිවරයා සිය සමීපතමයින් සමඟ නිර්මාණය කරන ලද බාලදක්ෂ – බාලදක්ෂිකා ව්‍යාපාරයන් ද්විත්වය, ලෝක යුද්ධ සමයේදී සමාජ සේවා කටයුතු සඳහා මෙන්ම සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහාද මහඟු සේවාවක් ඉටු කිරීමට සමත් විය. ලෝක යුධ සමයේදී නාසිවාදය හමුවේ ඇතැම් රටවල බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණු නමුත්, සාමය උදාවීමෙන් පසුව එය නැවත ජීවය ලැබුවේ පෙර පැවතියාටත් වඩා සවි ශක්තියකිනි.එතැන් සිට වර්තමානය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරය සමාජ සුබසාධනය සඳහා ළමා සහ යොවුන් ජවය ඒකරාශී කරන ලොව ප්‍රමුඛතම සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.මත්ද්‍රව්‍ය නිවාරණය, පරිසර සංරක්ෂණය , සාමය මෙන්ම ප්‍රජාව තුළ අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය ඊට නිදසුන් කිහිපයකි. ඉතා සුළු පිරිසක් සම්බන්ධ කරගත් කඳවුරකින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය, සියවසක්ද ඉක්මවා ගොස් ඇති තැන ලබා ඇති ප්‍රගතියත්, ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ඉටුකරන අඛණ්ඩ සේවාවත් ඉතා ප්‍රශංසනීය බවද මෙහිදී සඳහන් කළ යුතුම වේ.

 
1857පෙබරවාරි 22 - 2023 පෙබරවාරි 22
  • බේඩ්න් පවෙල් සාමිතුමා බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු ලෙසින් කටයුතු කල අතර ලුතිනන් ජෙනරාල් වරයෙකු ලෙසින් විශ්‍රාම ගනු ලැබූ අයෙකි. එහෙත් බේඩ්න් පවෙල් සාමිවරයා සිය සුපුරුදු හමුදා නිල ඇඳුමෙන් හෝ වෙනත් අයුරින් සීරුවෙන් සිටින ජයාරූපයක් ඔබ මෙතෙක් දැක තිබේද ?  
  • බේඩ්න් පවෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් ආර්‍යාවගේ වැඩිමහල් සොහොයුරිය වූ ඔරියල් මිය යනවිට ඔවුන්ට දරුවන් තිදෙනකු විය.ඇයගේ සැමියා ඒ වනවිට ශ්‍රීලංකාවේ තේ වැවිලි කර්මාන්තයට එක්වී සිටි අතර එම දරුවන්ගේ භාරකාරත්වය බේඩ්න් පවෙල් හා ඔලෙව් ආර්‍යාව හට හිමිවිය.එම දරුවන් තිදෙනා හැදී වැඩුනේ බේඩ්න් පවෙල්ගේ නිවසේ එම දරුවන් සමඟ වූ නමුත් ඔවුන් හා බේඩ්න් පවෙල්ගේ හෝ ඔලෙව් ආර්‍යාවගේ ජායාරූපයක් නොමැති අතර එම දරුවන් බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කල බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් ආර්‍යාව හට තම මව ඉදිරියේ බාලදක්ෂ නිලඇඳුමෙන් පෙනී සිටීම ඇයගේ මව විසින් තහනම් කර තිබූ බව ඔබ දන්නවාද ?
  • අයිලීන් කේ වේඩ් මහත්මිය යනු බේඩ්න් පවෙල්ගේ රහස්‍ය ලේකම් වරිය ලෙස වසර ගනනාවක්ම එනම් හෙතෙමගේ අභාවය දක්වාම සේවයේ සිටි තැනැත්තියක් වූ අතර ඇය විසින් බේඩ්න් පවෙල් සාමිතුමා පිළිබඳව ලියන ලද චරිතාපදානය බීපීගේ බොහෝ චරිතාපදානයන්ට අත්වැලක් වූ අතර ගිල්වෙල් උද්‍යානය ලබාගැනීම ඇතුළු බොහෝ ඓතිහාසික අවස්ථාවන්හිදී තිරයෙන් පිටුපස සිටි චරිතයක් වූයේ ඇය නමුත් ඇය හා බේඩ්න් පවෙල්ගේ ජායාරූපක් මෙතෙක් නොමැති බව ඔබ දන්නවාද ?
  • "" සූදානම්ව සිටිනු "" යන්න බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාථය ලෙස බේඩ්න් පවෙල් තෝරා ගත් නමුදු හෙතෙමගේ විවාහ දිනයේදී රැවුල බෑමට අවශ්‍ය දැලිපිහිය ඔහුට අමතක වූ අතර එය ඉල්ලා ගනු ලැබුවේ ඔහුගේ සහායක ගෙනි.එනම් හෙතෙම ඊට සූදානම්ව සිටි නොමැති බව ඔබ දන්නවාද ?
  • තම ශරීර සෞඛ්‍ය පිළිබඳව විශ්වායෙන් සිටි බේඩ්න් පවෙල් සාමිවරයා තම විවාහයෙන් පසු කොන්දේ අමාරුවක් මත සති දෙකක නිවාඩුවක් ලබා ගත්බව ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් සාමිවරයාගේ දින චර්‍යාවේ සුපුරුදු අංගය වූ උදෑසන ස්නානය හා රැවුල බෑම අතර තුර නව අදහස් පහල වන අතර ඒවා ලියන ලද්දේ වැසිකිළි කඩදාසි මත බව ඔබ දන්නවාද ?
  • වල් ඌරු දඩයම වෙනුවෙන් "" the pig stick "" නමින් පොතක් ලියූ බේඩ්න් පවෙල් සාමිවරයා එම දඩයම පිළිබඳව වූ ""කදීර් "" කුසලානයේ වසර ගනනාවකම සාඩම්බර හිමිකරු වූ වූ නමුත් පසුව එය පිළිකුලෙන් යුතුව බැහැර කල හෙයින් එම කරුණ මත බාලදක්ෂ ව්‍යාපාරය තුල කුසලාන ප්‍රදානයන් ඇතුලත් නොකල බවත් ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් හෙවත් බීපී පොත් ගනනාවක්ම ලියා ඇතිමුත් හෙතෙම පොත් ලිවීමට හේතුව ඔබ දන්නවාද ? 
  • බේඩ්න් පවෙල් පොහොසත් පවුලකින් පැවත එන කෙනෙක් නොවූ අතර හෙතමගේ ප්‍රියතම විනෝදාංශය වූ පෝලෝ ක්‍රීඩාව වෙනුවෙන් අශ්වයන් හා පෝනීන්ගේ සුභ සාධනය වෙනුවෙන් යම් මුදලක් උපයා ගතයුතු අතර ඒ සඳහා ඔහු තෝරා ගත්තේ පොත් ලිවීම හා ඉන් අතිරේක මුදලක් උපයා ගැනීමය.එබැවින් බේඩ්න් පවෙල් සාමිතුමා පොත් ලිවීමේ ආරම්භය ළමුන් උදෙසාම නොවන බව ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ විෂය නිර්දේශයන්ට පා ගමන් ඇතුලත් කල මුත් එය පරීක්ෂණ ස්වාභාවයකට පත් නොකරන මෙන් දන්වා සිටි අතර ළමුන්ට එමඟින් ස්වකීය ශරීර සෞඛ්‍ය පිළිබඳව විශ්වසය සෑහීමකට පමණක් පත්වූවද වර්ථමානයේ ශ්‍රී ලංකාවේ වූවද ඇතැම් පදක්කම් හා ප්‍රදානයන් සඳහා වූ පා ගමන් පරීක්ෂණ මට්ටමින් පවතින බව ඔබ දන්නවාද ?
  • ලෝක බාලදක්ෂ නායකයාට ත්‍යාගයක් ලෙස මෝටර් රථ දෙකක් හිමිවී තිබුනද එය පැදවීමට ඔහු කම්මැලි කමක් දැක්වූ අතර ඒ සඳහා බේඩ්න් පවෙල් ආර්‍යාවගේ හා රියදුරකුගේ සහාය ලබා ගත් බව ඔබ දන්නවාද ?

#KD

 
blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො,

No comments:

Post a Comment