Pages

Saturday, February 22, 2025

මීග­මුව දිසා මූල­ස්ථාන භූමි­යේ BPතුමාගේ ජීව­මාන ප්‍රමා­ණයේ පිළි­රු­වක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහන ආරම්භ කෙරිණි. මීට සමඟාමීව ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල් ස්වාමිවරයගේ 168 වැනි ජන්ම දිනය අනුස්මරණය කරමින් සැමරුම් ද පැවැත්විණි. ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතියට සමඟාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් ප්‍රධාන උත්සවය ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය මූලික කරගනිමින් පැවැත්විණි. 168වන බී.පී. දින සැමරුම හා ක්ලීන් ශ්රී ලංකා ව්යාපෘතියට සමගාමිව දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනේ ගාල්ලබෙලිඅත්ත ඇතුලු දුම්රිය පරීශ්රය 33 අතරින් ප්රධාන වැඩසටහන රැසක් ක්රියාත්මක කෙරිණ. දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම හා පැළ රෝපණයද සිදු කෙරිණි.



බාල­දක්ෂ සංග­මයේ මීග­මුව ශාඛාව පිහිටි කඩො­ල්කැලේ මූල­ස්ථාන භූමි­යේදී බාල­දක්ෂ ව්‍යාපා­රයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමි­ව­ර­යාගේ ජීව­මාන ප්‍රමා­ණයේ පිළි­රු­වක් විවෘත කිරීම, බාල­දක්ෂ ප්‍රධාන කොම­සා­රිස් නීතිඥ ජන­ප්‍රිත් ප්‍රනාන්දු මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­කෙ­රිණි. 

බේඩන් පවෙල් සාමි­ව­ර­යාගේ 168 වැනි සැම­රුම් දිනය නිමි­ත්තෙන් මෙම උත්ස­වය පැවැ­ත්වුණු අතර පෝතක බාල­ද­ක්ෂ­යින් හත්දෙ­නකු ජනා­ධි­පති බාල­දක්ෂ නිල ලාංඡන පැලැ­ඳ­වීම ද මෙහිදී සිදු­විය. 

මීග­මුව ප්‍රාදේ­ශීය ලේකම් රසිකා මල්ල­වා­රච්චි මහ­ත්මිය, මීග­මුව ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ කපි­තාන් ආදි බාල­දක්ෂ පාමින්ද ජය­ව­ර්ධන මහතා, උප ප්‍රධාන බාල­දක්ෂ කොම­සා­රිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මහ­ත්මිය, මූල­ස්ථාන කොම­සා­රිස් දර්ශන රණ­තුංග මහතා, මීග­මුව දිසා බාල­දක්ෂ කොම­සා­රිස් රොමේෂ් රොඩ්රිගෝ මහතා, මීග­මුව දිසා බාල­දක්ෂ සංග­මයේ නිල­ධාරී මඬුල්ල, සහාය දිසා කොම­සා­රි­ස්ව­රුන්, බාල­දක්ෂ නාය­ක­යන්, බාල­ද­ක්ෂ­යන් හා විදු­හ­ල්ප­ති­ව­රුන් ඇතුළු පිරි­සක් මෙම උත්ස­ව­යට සහ­භාගී වී සිටි­යහ.

No comments:

Post a Comment