හෙලිකොප්ටරයක් හදාගෙන   ගුවන්ගත වෙන්න හීන දකින   කුරුවිට කොල්ලා 
අපි රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය වෙත යමින් සිටියෙමු. අප යන්නේ බාලදක්ෂ පුතෙකු මුණගැසෙන්නටය. ඔහු ඒ.එල්.තරුෂික දිලංක ය. තරුෂ හොයාගෙන යන්නට තරම් වටිනා දරුවෙක් විය. හොයාගෙන ගොස් ලියාතබන්නට තරම් තරුෂ අරුම දරුවෙක් වූයේය. මේ කොලු පැටියා හෙලිකොප්ටරයක් නිර්මාණය කෙළේය. ගුවන්ගත විය හැකි එම හෙලිකොප්ටරය නිර්මාණය කර තිබුණේ යතුරුපැදි එන්ජිමක් උපයෝගී කරගෙනය. 
VIDEO 
තරුෂ දිලංක අධ්‍යාපනය ලබන්නේ රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ දහතුන් වැනි වසරේය. ඒ තාක්ෂණ අංශයෙනි. තරුෂ මේ හෙලිකොප්ටරය නිර්මාණය කරන්නේ පාසලේ පැවති තාක්ෂණ ප‍්‍රදර්ශනයක් සඳහාය. බයිසිකල් එන්ජිමකින් තැනූ හෙලිකොප්ටරයේ පෙනුම නියමය. ඒත් යාළුවන් කීවේ එය තැනුවේ පාරේ යන්න කියාය. සිනා වෙවී සිටි තරුෂ ප්රදර්ශනය අතරමැද හෙලිකොප්ටරය ක‍්‍රියාත්මක කර අවශ්‍ය නම් එයට ගුවන්ගත විය හැකි බව පෙන්නුවේය.
විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයත්, යහළු යෙහෙළියනුත් ඇස් උඩ තියාගත්තේ එය ක‍්‍රියාත්මක වන ආකාරය දුටු විටය. එදා සිට මේ අපූරු කොලුපැටියා ගැන විවිධ කතා ඇසිණි. පුවත්පත්වල ඔහු ගැන වාර්තා පළ වූයේය. තරුෂ සොයාගෙන යෑමේ නොනිත් ආශාව අප තුළ හටගන්නේ ඒ කතා වටින් පිටින් ඇසෙන විටය.
 
 
අප පාසලට යන විට ඔහු සිය අධ්‍යයන කටයුතුවල නිරතව සිටියේය. ලද මද විරාමයකින් අනතුරුව විදුහල්පතිතුමාගේ අවසරය මත ඔහු සමඟ සංවාදයක් ඇති කරගැනීමට අපට හැකි විය. ඔහු හඬ අවදි කළේය.
" මම කොහොමත් පුංචි කාලයේ ඉඳල ම පොඩි පොඩි විදුලි උපකරණ කඩලා ඒවා වෙනස් කරල වෙනත් නිර්මාණ බවට පත් කරනවා. එසේ කිරීමට මට ලොකු ආසාවක් තිබුණා. මෙහෙම කරන කොට මුල දී ගොඩක් නිර්මාණ අසාර්ථක වුණා. ඒ වේලාවට මම ගොඩක් ඉවසීමෙන් වැරදුණු තැන නිරීක්‍ෂණය කළා. ඊට පස්සෙ නැවත උත්සාහ කළා. අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව කවදාහරි මම අලුත් නිමැවුමක් කරන්න උත්සාහ කළා. ඒ අදහස සැබෑ කර ගන්න ගොඩක් කැප වුණා. හෙලිකොප්ටරයක් හදන එක කාලයක් තිස්සෙ මගේ හිතේ තිබුණු ලොකු ආසාවක්. ”
“ඒක ඉලක්ක කරගෙන මීට කලින් අවස්ථා කිහිපයක දී නිර්මාණ කීපයක් කරන්න උත්සාහ ගත්තා. වාහන කීපයක්ම හදන්න වෙහෙසුණා. බොහොම දැඩි වෙහෙසකින් පස්සේ ඒ උත්සාහයන් සියල්ල සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඒ හින්දා මගේ හිතේ තිබුණු ලොකුම හීනය වුණ හෙලිකොප්ටර් එකක් හදන්න හිතා ගත්තා. ඒ අරමුණ ඔස්සේ වැඩ කළා. මගෙ අරමුණ වුණේ ඉස්කෝලෙ තියන තාක්‍ෂණික ප්‍රදර්ශනයට මේ හෙලිකොප්ටරය හදලා ඉදිරිපත් කිරීමයි. ”
“ මගේ අප්පච්චි කාර්මික ශිල්පියෙක්. එයා ගාමිණි පුෂ්ප කුමාර. අප්පච්චි මට මේ නිර්මාණය කරන්න ලබාදුන් සහයෝගය කියලා නිම කරන්න බෑ. එයාගේ ප්‍රායෝගික දැනුම මට නම් පුදුමයි. තාත්තගේ වැඩපොළේ සේවය කරන සියලුම දෙනාත් මේ වැඩේට උදව් කළා. ඉතින් මම වැඩේ පටන් අරන් කරගෙන ගියා.”
විදුහල්පති එස්.අතුල සිරිමෙවන් මහත්මයා තාත්තා කෙනෙක් වගේ කෙනෙක්. එතුමා ඉස්කෝලෙ ළමයින්ට හොඳ අවස්ථාවක් ලබා දුන්නා නව නිර්මාණ ඉදිරිපත් කරන්න. ඒ තමයි විද්‍යාලයීය වාර්ෂික තාක්‍ෂණික ප්රදර්ශනය. වර්ෂ 2018 දී මේ ප්රදර්ශනය පැවැත්වුණේ නෑ. ඒත් කවදා හරි ප්‍රදර්ශනයට තියන්න හිතාගෙන මම මෝටර් රථයක් හදන්න පටන් ගත්තා.
 
 
මේ අතරෙ තමයි මගේ හෙලිකොප්ටර් හීනය ආයෙත් එළියට ආවේ. ඒකට නිමිත්තක් තිබුණා. දවසක් කුරුවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් යානයක් ආවා. ඒක දැකලා මගේ ආශාව ගොඩාක් වැඩි වුණා. මම ළඟටම ගිහින් හෙලිකොප්ටරය බැලුවා. එදා තමයි මට මුල්ම වතාවට හෙලිකොප්ටරයක් ළඟට ගිහින් නිරීක්‍ෂණය කරන්න ලැබුණේ. ඒ වේලාවෙ මම හිතුවා කොහොම හරි හෙලිකොප්ටරයක් හදනවා කියලා. මෝටර් රථය හදන එක පැත්තකින් තියලා ඒ ගැන මම අම්මට කිව්වා. අම්මා කිව්වා " අනේ හෙලිකොප්ටරයක් දැකලත් නැති අපි කොහොමද ඕක හදන්නේ" කියලා. මම කිව්වා " නෑ මට පුළුවන්... මම හෙලිකොප්ටරයක් දැක්කා ”කියලා. පස්සෙ හිත ශක්තිමත් කරගෙන පාසලට ගිහින් විදුහල්පතිතුමාට විස්තරය කිව්වාම විදුහල්පතිතුමා කිව්වා "හරි පුතා ... ඔයාට පුළුවන්... වැඩේ පටන් ගන්න කියලා මාව දිර්මත් කළා”. යහපත් ගුරුවරයෙකුට දරුවෙකුට ලබා දිය හැකි වචන මාත්‍රයක දිරිමත් මඟපෙන්වීම ලෝකයක් වෙනස් කළ හැකි තරමටම ප්රබලය.
 
“මේ සඳහා මම භාවිතා කළේ යතුරුපැදියක ඇන්ජිමක්. ඉතිරි උපාංග සඳහා ඉවතලන යකඩ කෑලි ආදිය යොදා ගත්තා. පෙති වල ප්‍රමාණයන් අවස්ථා කිහිපයක දීම වෙනස් කළා. අන්තර්ජාලය පාවිච්චි කරලා නොදත් දේවල් ගොඩක් දැන ගත්තා. අන්තිමට මම මගේ ඉලක්කය ජය ගත්තා. දැන් තියෙන්න මම හදාපු හෙලිකොප්ටරය ඉහළට ඔසවන්නයි. ඒ අවස්ථාව නෛතිකව ලැබෙනතුරු මම ඇඟිලි ගනිනවා. ඊට අවශ්‍ය ලේඛණ මේ වනවිට මා මගේ වැඩිහිටියන් මාර්ගයෙන් සම්පූර්ණ කරමින් ඉන්නවා. මොකද හෙලිකොප්ටරයක් වගේ මෙවලමක් ලංකාවේ නිෂ්පාදනය කළාම රටේ නීතියට අනුව වැඩ කරන්න ඕන. ඒ නිසා විදුහල්පතිතුමා මගින් කුරුවිට පොලිස් ස්ථානාධිපතිතුමාට මේ බව දැනුම් දුන්නා. ඔහු කීවේ ගුවන් යානයක් හදන්න පුලුවන් වුණාට එය ගුවන්ගත කරන්න නම් ගුවන් හමුදාවෙන් අවසර ගන්න වෙනවා කියලා. පොලිසියෙන් කරන්න තියෙන දේවල් මම කරලා දෙන්නම් කිව්වා. තව දුරටත් කිව්වෙ කිසිම හේතුවක් නිසා අනවසරයෙන් ගුවන්ගත කරන්න එපා කියලා.”
ඉතින් තරුෂගේ හෙලිකොප්ටරය තවම ගුවන්ගත වුනේ නැත. එය අඩියක් දෙකක් හෝ උඩ යන්නට බලාගෙන බිමට වී හිඳී. එය අතිශයින් ප්රවේශයමෙන් දියත් කළ යුතු බැරෑරුම් කටයුත්තක් බව සැබෑය. නමුත් තරුෂ මේ නිර්මාණය හරහා කියන්නේ අපේ රටේ අනාගත මානව සම්පතේ ප්‍රභාමත් බවය. අවශ්‍ය මගපෙන්වීම හා පහසුකම් ඇත්නම් මේ රටේ අනාගතය මේ තරුණයන් විසින් සමෘද්ධිමත් කරනු ඇති බවය.
මේ නිර්මාණයට මට උදව් කළ මගේ අම්මාටත් අප්පච්චිටත් පාසලේ විදුහල්පතිතුමා, තාක්ෂණ අංශභාර ගුරුතුමා සහ තාක්ෂණ අංශයේ සැමටත් උෂාන් මල්ලී මාධව ඇතුළු සියලු දෙනාමත් ස්තුතිවනත් වෙනවා. ඔවුන්ව ඉතා ආදරයෙන් සිහිපත් කරනවා. රටපුරා ඉන්න මගේ පාසල් යාලුවො හැමෝටම මම කියන්නෙ උත්සාහවන්තව තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න කියලා. ඒක අපේ අද දවසේ යුතුකම හා වගකීම කියන එක තේරුම්ගත යුතුයි. නවීන තාක්‍ෂණය භාවිතා කරලා අපේ ජීවිතය ට වටිනාකමක් එකතු කරගන්න පුලුවන් බව මම පෙන්වලා දුන්නා. අවසාන වශයෙන් ඔහු කියා සිටියේය.
 
 
 
 
 
 
-------------------------------
අහසින් යන්න මට පුලූවන්... හෙළිකොප්ටරයක් හැදූ කුරුවිට මධ්‍ය විද්‍යාලයේ දිලංක....       
අදින් මාස 06
 කට පමණ පෙර එක්තරා දිනයක් ය. පළාතම දෙවනත් කරමින් ඉහළ අහසින් ශබ්දයක් 
ඇසෙන්නට ගන්නා අතර, තවත් මද වේලාවකින් ප‍්‍රදේශවාසීන්ට දැක ගන්නට ලැබෙන්නේ 
කුරුවිට මහජන ක‍්‍රීඩාංගණය වෙත හෙලිකොප්ටර් යානාවක් ගොඩබස්සවන ආකාරයක් ය. 
මෙම දර්ශනය නරඹන පිරිස අතර පාසල් ශිෂ්‍යයන් ප‍්‍රදේශවාසීන් ඇතුළු තවත් බොහෝ
 පිරිසක් වූහ. ඒ අතර වූ එක් පාසල් ශිෂ්‍යයෙක් ජීවිතයේ පළමු වරට තමන් 
දකිමින් හිඳින මෙම දර්ශනය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට විය. ඉහළ අහසේ 
සිට ගුවන් නියමුවන් විසින් හෙළිකොප්ටරය ක‍්‍රමිකව පහළට ගන්නා ආකාරයත්, ඉන් 
අනතුරුව එය ක‍්‍රීඩාංගණය මතට ගොඩබස්සවන අයුරු සහ යෝධ කුරුල්ලකුගේ හැඩයෙන් 
යුත් එම යානයේ ස්වභාවය ආදිය හොඳින් නිරීක්‍ෂණය කරන මෙම පාසල් ශිෂ්‍යයා ඉන් 
අනතුරුව උත්සාහ දරන්නේ හෙළිකොප්ටර් යානය අසලට ගොස් එය අතපත ගා බැලීමටය. 
ආරක්‍ෂක අංශ විසින් ඊට ඉඩ ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් තවත් මදවේලාවක් ඒ 
ස්ථානයේ රැඳී සිටින පාසල් ශිෂ්‍යයා එම ස්ථානයෙන් පිටව යන්නේ යානය නැවත 
ගුවන්ගත වී ඉහළ අහසට නැග තිතක් සේ නොපෙනී ගිය පසුවය.  
විශේෂ ස්තූතිය 
රුවන් ජයවර්ධන  
https://divaina.com 
December 01 2019      
  
------------------------- 
නැගෙනහිර දෙසින් වූ සිරිපා අඩවියේ
 කඳු වළල්ලේ වැදී දෝංකාර දෙන හෙලිකොප්ටර් යානයේ හඬ විදුහල් බිම පසුකර අවට 
පුරා පැතිර යයි.
‘කුරුවිට ඉස්කෝලේ පිට්ටනියට හෙලිකොප්ටරයක් ඇවිත් වගේ... මේ
 පැත්තෙන් යනවා ඇහුණේ නෑ.... එහා පැත්තෙන් පාතින් ඇවිත් පිට්ටනියට බාන්න 
ඇති.....’ 
කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය අවට පදිංචි කොල්ලෝ කුරුට්ටටෝ වගේම වැඩිහිටියෝ ද කතා වෙති. 
‘කොහෙන්වත්
 ආපු හෙලිකොප්ටරයක් නෙවෙයි... අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් හදපු 
එකක්. ඒක ඉස්කෝලේ පිට්ටනියේ ඉඳලා ස්ටාර්ට් කරලා තියන සද්දේ ඔය ඇහෙන්නේ.. ඒක
 හදපු අයියා ඒකේ වාඩිවෙලා ස්ටාර්ට් කරලා තියනකොට හදිසියේ ගොඩබාපු ඇත්ත 
හෙලිකොප්ටරයක්ම තමයි....’ ඉස්කොලේ දරුවෙක් මේ හඬ ගැන පැහැදිලි කරයි. 
‘කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෙක් හෙලිකොප්ටරයක් හදලාලු. ඒක උඩ යවන්න 
අවසර දෙන්නේ නැතුලු’ මේ තොරතුර මුලින්ම වැඩි දෙනෙක් දැනගත්තේ මුහුණු පොත 
හරහාය. වැඩිදුර තොරතුරු දැනගන්නට විදුහල්පති අතුල සිරිමෙවන් මහතා 
ඇමතුවෙමි. 
‘ඔව් කතාව ඇත්ත. අපේ ඉස්කෝලේ දරුවෙක් හෙලිකොප්ටරයක 
ආකෘතියක් හදලා තියනවා. 
මේ දිනවල අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා ප්‍රදර්ශනය වෙනුවෙන් උසස්පෙළ 13 
තාක්‍ෂණ අංශයේ ඒ.එල්. තරුෂික දිලංක පුතා ඒක හදලා තියෙන්නේ.’ 
විදුහල්පතිවරයාගේ පිළිතුර විය. කවුරුත් කතාවෙන හෙලිකොප්ටරය සොයාගෙන කුරුවිට
 මධ්‍ය මහා විද්‍යාලයට ගියෙමි. 
විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය දෙසට යද්දී ඈත තියාම දැක්කේ එහි ගොඩබා ඇති 
නියමුවාට පමණක් ගමන් කළ හැකි කුඩා හෙලිකොප්ටර් යානාවකි. කතරගම යද්දී වීරවිල
 ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති හෙලිකොප්ටරය මට සිහිවිය. 
හෙලිකොප්ටරය පණගන්වා නොතිබුණ නිසා එහි වූ අවර පෙතිද නිසොල්මනේය. අත්දිග 
සුදු කමිසය ඇඳ රතු ටයි පටිය පැලඳ ශිෂ්‍ය නායක ලාංඡනය පැලඳගෙන සිනහ මුහුණින්
 යුතු තරුෂික දිලංක පුතා ආයුබෝවන් කියා අප පිළිගත්තේ හෙළ සිරිතට ගරු 
කරමිනි. විදුහල්පති අතුල සිරිමෙවන් මහතා ද අප සමඟ එහි ආවේය. 
දුඹුරු පැහැති කමිසයකින් සහ නිල් දිග කලිසමකින් සැරසුණු කෙසඟ සිරුරක් ඇති 
අවුරුදු හතළිහක් පමණ වයසැති කාර්මිකයෙක් හෙලිකොප්ටරයේ එංජිමේ යම් 
අලුත්වැඩියාවක් කරමින් සිට අප දෙස බලා මඳ සිහනවක් පෑවේය. 
‘ඒ තරුෂික දිලංක පුතාගේ තාත්තා’ විදුහල්පතිතුමා අපිව දැනුම්වත් කළේය. 
‘බැලූ
 බැල්මට ඇත්ත හෙලිකොප්ටරයක්’ යැයි මේ නිර්මාණය දකින ඕනෑම කෙනෙක් රැවටෙයි. 
‘මේක උඩ නංවන්න පුළුවන්නද?’ මගේ හිතේ තිබූ සැකය දුරු කරගැනීමේ අටියෙන් එහි 
නිර්මාණ ශිල්පියා වූ තරුෂික පුතාගෙන් විමසුවෙමි. 
‘උඩ නංවන්න බෑ... මේක හෙලිකොප්ටරයක ආකෘතියක්. හැබැයි පණ ගන්වන්න පුළුවන්. 
අවර පෙති, පිටුපස තියන පෙති කැරකෙනවා.’ තරුෂිකගේ පිළිතුර විය. 
නියමුවාට පමණක් එහි ආසනයක් විය. ආසනයට ඉදිරියෙන් ගියර් ලිවරයකි. ඊට 
ඉදිරියෙන් වූ පුවරුවේ ස්විච් විශාල ප්‍රමාණයකි. ජීපීඑස් තාක්‍ෂණය ලබාගත 
හැකි ආකාරයේ උපකරණයක හැඩය ගත් යමක් ද විය. ආසනය කැරකවිය හැකි එකකි. 
‘අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා අංශයේ උසස් පෙළ හදාරණ දරුවන්ගේ නිර්මාණ 
ප්‍රදර්ශනයට තමයි තරුෂික පුතා මේක හැදුවේ. එයාගේ තාත්තාත් හොඳ කාර්මික 
ශිල්පියෙක්. තරුෂික පුතා ශිෂ්‍ය නායකයෙක් වගේම බාලදක්‍ෂ සමූහයේ ක්‍රියාකාරී
 බාලදක්‍ෂයෙක්’ විදුහල්පති අතුල සිරිමෙවන් මහතා තරුෂික පුතාව හඳුන්වා 
දුන්නේය. 
‘මේ ප්‍රදර්ශනයට හෙලිකොප්ටර් එකක ආකෘතියක් හදන අදහස මගේ හිතට ආවේ ටවුමේ 
පිට්ටනියේ බාලා තිබුණ හෙලිකොප්ටරයක් දැකලා. හෙලිකොප්ටරයක ආකෘතියක් හදන අදහස
 කියපු හැම කෙනාම කිව්වේ ඒක අමාරු දෙයක් කියලා. කාර්මිකයෙකු වූ මගේ 
තාත්තාත් කිව්වේ හැබෑ හෙලිකොප්ටරක් ළඟට දැකලා සහ එහි ක්‍රියාකාරීත්වය 
නොදන්නා නිසා ඒක අමාරු වැඩක්. නමුත් උත්සාහ කරමු කියලා, තාත්තා මාව දිරිමත්
 කළා.’ තරුෂික මේ හෙලිකොප්ටර් ආකෘතියේ උපත ගැන සිහිපත් කළේය. හෙලිකොප්ටරක ක්‍රියාකාරීත්වය ගැන අන්තර්ජාලය හරහා තොරතුරු රැස්කර ගැනීම 
තරුෂිකගේ මූලික කාර්යය විය. ඉන්පසු පියා වූ ඒ.එල්. ගාමිණී පුෂ්ප කුමාර (40)
 මහතා සමඟ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුවලින් දැනුවත්ව මේ ආකෘතිය හැදීමට 
වැඩ ඇරඹුවේය. ‘අපිට මුලින්ම සැකිල්ලක් හදාගන්න ඕනෑ වුණා. ඒ සඳහා යඩක බට යොදාගත්තා. ඒවා 
වෑල්ඩිං කරලා සැකිල්ල හැදුවා. ඊට පස්සේ තාත්තාගේ වැඩපොළේ තිබුණ යතුරුපැදි 
එංජිමක් ඒකට සවිකළා. ඒක ජලයෙන් සිසිල්වෙන යතුරුපැදි එංජිමක්. ඒකේ රේඩියටර් 
එකට ටිකක් ලොකු රේඩියේටර් එකක් තිබ්බා. ඉන්ධන ටැංකියට වෙනත් ප්ලාස්ටික් 
ටැංකියක් තිබ්බා.’ තරුෂික දිලංක ශිෂ්‍යයා නිර්මාණයේ පටන්ගැන්ම විස්තර 
කළේය. 
‘ආරම්භයේ දී ගැටලු ගොඩාක් ආවා. මම ඉස්කෝලේ බාලදක්‍ෂ සමූහයේ ඉන්න හින්දා 
ඉන් ඉගෙනගත් උත්සාහය අත්නොහැරිය යුතුය කියන කරුණ මගේ මේ නිර්මාණය අවසානයක් 
දකින්න හේතුවුණා. ඒවගේම තාත්තාත් මාව උනන්දු කළා. ඉවත දාන රේසර්, මෝටර් වගේ
 වෙනත් ප්ලාස්ටික් වගේ දේවල් යොදාගත්තේ. සැහැල්ලු තහඩු යොදලා අවර පෙති 
නිර්මාණය කළා. යකඩ ලීවර, යතුරුපැදිවල එංජිම්වලදී භාවිතයට ගත්තා. චේන් ආදිය 
භාවිත කරලා පණගැන්වූ විට අවර පෙති කැරකවෙන්න නිර්මාණය කළා. මුළු නිර්මාණයටම
 ගියේ දවස් එකොළහයි.’ තරුෂික දිලංක තවත් විස්තර කළේය. 
‘මේ හෙලිකොප්ටර් ආකෘතියේ වැඩ අවසන් වෙනවිට වැඩ කුලී නොමැතිව දෙලක්‍ෂ පනස් 
දහසක පමණ මුදලක් ඊට වැය වී ඇති බව’ පැවසුවේ තරුෂිකගේ පියා වූ ගාමිණී 
පුෂ්පකුමාර මහතායි. 
අපේ කතාබහෙන් පසු හෙලිකොප්ටර් යානය පණගැන්වීමට තරුෂික සූදානම් විය. තරුෂික 
නියමු ආසනයේ වාඩිවූ අතර පියා එක්පැත්තකින් එය අල්ලා ගත්තේය. තවත් සහායකයෙක්
 එහි වූ යතුරුපැදි එංජිම පණගැන්වීය. ඒ සමඟම අවර පෙති ද කැරකෙන්නට විය. එහි 
හඬ හැබෑ හෙලිකොප්ටරයක හඬට සමාන විය. විවේක වෙලාවේ පාසලේ තැන තැන සිටි ළමයි 
පිට්ටනියට දිව ආවේ හෙලිකොප්ටරය ඉහළ නංවන්නට හදනවා යැයි රැවටිලාය. එංජිමේ 
වේගය වැඩිවෙන විට හෙලිකොප්ටර් ආකෘතිය දෙදරයි. කෙනෙකුට සිතෙන්නේ අහසට
 නැංවීමට සූදානම් බවකි. එහෙත් තරුෂිකගේ පියා හිස පහත් කරගෙන නියමු කුටිය 
අසලින් ඇති යකඩ බාර් එකක් අල්ලාගෙන ඊට ආරක්‍ෂකයෙක්ව සිටී. 
‘ගොඩාක් අය හිතනවා මේක උඩයන්න පුළුවන් එකක් කියලා. මේක හෙලිකොප්ටර් 
ආකෘතියක් විතරයි. මේකට හයිඩ්‍රොලික් තාක්‍ෂණයක් යොදලා නෑ. මේ ආකෘතිය හැදුවට
 පස්සේ අඩි කිහිපයක් හෝ ඉහළට ඔසවන්න පුළුවන් හෙලිකොප්ටර් ආකෘතියක් හැදීමට 
මගේ ආශාවක් ඇති වුණා. ඒක මීට වඩා ඉහළ තාක්‍ෂණයක්. විද්‍යාත්මකවත් වෙනස් 
ක්‍රමවේදයක්. මගේ ඊළඟ උත්සාහය ඒක.’ විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ අංශ ප්‍රධානී ඊ.ඒ.ටී.සී.පී. එදිරිසිංහ, නියෝජ්‍ය 
අංශ ප්‍රධානී එච්.පී. දන්දෙණිය යන ගුරු භවතුන් ප්‍රධාන තාක්‍ෂණ අංශයේ සියලු
 ගුරුභවතුන් තරුෂිකගේ නිර්මාණය පමණක් නොව විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ හැම 
දරුවෙකුගේම දැනුම වර්ධනයට උදව් කරති. 
කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තරුෂික 
හය වැනි ශ්‍රේණියේ සිට ඉගෙනුම ලබන්නේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේය. 
තරුෂිකගේ මල්ලී පසඳ සත්සර පුෂ්පකුමාර (12) ද ඉගෙන ගන්නේ කුරුවිට මධ්‍ය මහා 
විද්‍යාලයේම අට වැනි ශ්‍රේණියේය. මිනාලි නිවර්තනා (08) නංගී හිග්ගස්වත්ත 
ප්‍රාථමික විදුහලේ තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මව ඩී. ඉනෝකා දිල්හානි
 වීරකෝන් (39) තරුෂිකගේ නව නිර්මාණවලට උදව් කරන්නීය. 
මේ හෙලිකොප්ටර් ආකෘතිය තැනීමෙන් පසු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හා
 සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ගුවන් හමුදාවෙන් යැයි කියූ දෙදෙනෙක්
 යතුරු පැදියකින් පැමිණ තරුෂිකගේ සහ ඔහුගේ මව්පියන්ගේ ජාතික හැඳුනුම්පත් 
අංක ද ඇතුළු පවුලේ සියලු තොරතුරු රැගෙන යාමෙන් පසු යම් තැතිගැන්මකට පත්වූ 
බව තරුෂිකගේ පියා පැවසුවේය. 
‘ඒ ආපු දෙන්නා ගුවන් හමුදාවෙන් කිව්වා මිසක් අපිට අනන්‍යතාව පෙන්නුවේ නෑ. 
හමුදාව ගැන තියන ගෞරවය නිසා අපි තොරතුරු දුන්නා. ඊට පස්සේ ඉමෝ තාක්‍ෂණය 
හරහා අපේ නෝනාගේ දුරකතනයට කතාකරලා හෙලිකොප්ටර් ආකෘතිය සම්බන්ධයෙන් තියන 
වීඩියෝ දර්ශන එවන්න කිව්වා. ඒකෙන් පස්සේ පුතාත් මමත් අපි හැමෝමත් තවත් 
බයවුණා. පුතා බාලදක්‍ෂයෙක් නිසා පාසලේ බාලදක්‍ෂ සමූහයේ ගුරුවරිය වූ වසන්ති 
හේමකුමාරි මිස්ට ඒ බව දැන්වූවා. පස්සේ කුරුවිට පොලිසියටත් පැමිණිලි කළා. 
බාලදක්‍ෂ ව්‍යාපාරයට සම්බන්ධ හැමදෙනාමත්, පොලිසියේ ඕඅයිසී මහත්තයා ඇතුළු 
නිලධාරීන් ආපු අය ගැන හොයලා අපේ බිය නැති කළා. නැත්නම් ඒ සිද්ධියෙන් පස්සේ 
පුතා ටිකක් මානසිකව වැටිලා හිටියේ.’ තරුෂිකගේ පියා මේ හෙලිකොප්ටර් ආකෘතිය 
හැදීමෙන් පසු ඇතිවූ තත්ත්වයක් පැහැදිලි කළේය.
ලංකාදීප
https://www.sithmalyaya.lk/article/gossip/findings-and-inventeries/175