Translate

Monday, November 11, 2024

“මීදුම තරණය” බාලදක්ෂ චිත්‍රපටිය - ලක්ෂ්මන් පුෂ්පකුමාර නැමති බාලදක්ෂයා

ශ්‍රී ලංකා බාලදක්ෂයන් සම්බන්ධ කරගනිමින් චිත්‍රපට නාට්‍ය තැනී ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. ලෝක ව්‍යාප්ත ළමා ව්‍යාපාරයක් ලෙස මිලියන 41ක් ඉක්මවූ සාමාජිකත්වය අගයමින් ලොව පුරා බොහෝ කලා කෘති අතරින් බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ කලා නිර්මාණ බිහිවනුයේ අතලොස්සකි. ඒ අතරින් සීමිත චිත්‍රපට සංඛ්‍යාවක් අතරින් හෙළවුඩයේ නිර්මාණය වූ චිත්‍රපට කීපයක් තිබේ. ගෙවුණු බාලදක්ෂ සියවස් ඉතිහාසයෙහි බාලදක්ෂයන් වෙනුවෙන් සිනමා ඉතිහාසයෙහි ඉතාම සීමිත ඉඩක් වෙන්ව තිබේ. මෙරට නිර්මාණය වූ බාලදක්ෂ චිත්‍රපට අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. රූපවාහිනී නාට්‍ය ඇත්තේද සීමිත සංඛ්‍යාවකි. ඒ සඳහා වගකිවයුතු බලධාරීන් හෝ කිසිවෙකුගේත් සහයෝගයක් ලැබී නොමැති තරම්ය. මීට අමතරව බාලදක්ෂ කටයුතු තරමක් හෝ ඉතිරිව ඇත්තේ මුහුණු පොතෙහි සහ යූටියුබ් වීඩියෝ තුළ පමණකි. එලෙසින් හෝ බාලදක්ෂ අතීතය එක්රැස්කර පවත්වා ගැනීමට SCOUTING MAGAZINE යූ ටියුබ් නාලිකාව සහ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකා දක්වන දායකත්වය මේ දක්වාත් කිසිවකුගේ ඇගයීමට ලක් වී නොමැතිවීම කණගාටුදායක කරුණකි.
 
 
බාලදක්ෂ කටයුතු නිර්මාණාත්මක බාවිතයක් සහිතව මුද්‍රිතව හා සජීවීව සමාජ ගතවීම කෙරෙහි කිසිඳු අවධානයක් නොතිබුණු යුගයක ඒ සඳහා scouting සඟරාවේ අපි ප්‍රමිතියක් නිර්මාණය කලෙමු. පර්යේෂණ අංශයක් හා බාලදක්ෂ ඉතිහාසය ගවේශණය කරමින් වඩාත් පුළුල් වේදිකාවක් තැනුවෙමු. ඒ ඔස්සේ බොහෝ නිර්මණශීලී රචකයන්, නලුවන්, සංගීත, නර්තන, මුද්‍රිත, නාට්‍ය ශිල්පීන් රැසකට සුදුසු පරිසරයක් නිර්මාණය කලෙමු. බොහෝ කෙනෙහිලි කම් මධ්‍යයේ බාලදක්ෂ මුද්‍රණ කටයුතු, බාලදක්ෂ මුහුණු පොත, සහ බාලදක්ෂ යූ ටියුබ් අවකාශයත් දිග් විජය කලෙමු.
 
ඒ අතරින් නැගුණු අංකුර අතර බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනකින් හා නිර්මාණාත්මකව යොදාගනිමින් නිර්මාණය වූ පළමු බාලදක්ෂ චිත්‍රපටිය වනුයේ පවන් අංජන නැමති බාලදක්ෂයා විසින් නිර්මාණය කරනු ලැබූ සූදානම්ව සිටිනු චිත්‍රපටය නිර්මාණය වීම සිදු විය. ඒ සඳහා සුරාජ් මාපා, දිමුතු චින්තක, කෞෂල්‍යා සමරසිංහ, රිචඩ් අබේවර්ධන වැනි ජනප්‍රිය නළු නිලියන් සහ පාසල් වයසේ ළමා රංගන ශිල්පීන් ගොඩක් චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබුණා. එම වකවානුවේ පැවති කොරෝනා තත්වයත් සිනමාශාලා ප්‍රදර්ශනයට අධික මුදලක් වැයකලයුතු වූ නිසාත් තාක්ෂණික කාරණා මෙන්ම ජාතික බාලදක්ෂ මූලස්ථානයෙන් හෝ කිසිදු සහයෝගයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය වූ මෙවැනි නිර්මාණයන් සඳහා සහයෝගයක් දැක්වීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති වීමත් පැවති මුදල් අපහසුතාවත් හේතුවෙන් මෙම චිත්‍රපටය අඩු වශයෙන් බාලදක්ෂයන් අතර ජනගත කිරීමට ද හැකියාවක් නොලැබීම කණගාටු දායක කරුණක්. මෙවැනි නිර්මාණ සම්බන්දයෙන් සාධනීය සහයෝගයක් දැක්වීම කෙරෙහි ජාතික බාලදක්ෂ මූලස්ථානයෙහි වැඩි අවධානයක් ද යොමු වියයුතුමයි. මක් නිසාද එහි පූර්ණ වාසිය හා ලාභය හිමිවනුයේ සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයටම බැවිනි.

අලුත්ම බාලදක්ෂ චිත්‍රපටියක්

එසේ තිබියදී කොළඹ 15, මුට්වාල් හි ලසාල් විවෘත බාලදක්ෂ සමූහයේ හිටපු ජනාධිපති බාලදක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා විසින් නව බාලදක්ෂ චිත්‍රපටයක් නිර්මාණය වෙනුවෙන් දෙවැනි පියවර ගනු ලබනවා. ඒ “මීදුම තරණය” චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අත්දැකීම් සහිත  ජනාධිපති බාලදක්ෂයෙක් විසින්. බාලදක්ෂයෙකු ලෙස ඔහු “වට රවුම” නාට්‍යයෙන් පටන්ගෙන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඔහු ලාංකික ටෙලිනාට්‍ය කලාව තුළ තම මුද්‍රාව තැබූ අධ්‍යක්ෂවරයෙකි. වේදිකාව තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු ආන්දෝලනාත්මක නාට්‍යයක හිමිකරුවා වන මොහු ලාංකික ටෙලිනාට්‍ය කලාවෙහි සිටින විශිෂ්ට තිරපිටපත් රචකයෙකි. ඉතින් Scouting සඟරාවේ අපි සුබ පතනවා මෙම බාලදක්ෂ චිත්‍රපටය සාර්ථක වේවා කියලා. ඒ වගේම තව තවත් බාලදක්ෂ නිර්මාණ නාට්‍ය, චිත්‍රපට නිර්මාණය කිරීමය හැකියාව ලැබේවා කියලා.
 

 
‘මීදුම තරණය’ චිත්රපටය

අධ්‍යක්ෂණය | ලක්ෂ්මන් පුෂ්පකුමාර
නිෂ්පාදනය | සරත් ගුණසේකර
රංගන ශිල්පී | Senith Sathviru
කැමරාකරණය | Sujith Nishantha
drone operator | Manoj Edirisinghe
සංගීතය | Dinesh Subasinghe
කැමරා උපකරණ | Horizon Media Production PVT Ltd

 
මේ දිනවල මීදුම තරණය කරමින් තම කුලුඳුල් සිනමා ආගමනයට ලැහැස්ති වෙන මොහු අභියෝග හමුවේ ඉදිරියට ම යන කලාකරුවෙක්. මේ එතුමා සමඟ කල පිළිසඳරක්.

ඔබ මේ ක්ෂේත්‍රයට අත්පොත් තබන්නෙ වේදිකා නාට්‍ය හරහා. ඒ මතකය අවදි කරනවා නම්?

මම මුලින්ම නිර්මාණය කළේ වටරවුම කියන වේදිකා නාට්‍යය. ඉන් පසුව මම ප්‍රසිද්ධ පාරක් නොවේ කියන වේදිකා නාට්‍යය වේදිකා ගත කළා. මම ඉන්පසුව නිර්මාණය කළ ‘ෂා’ කියන නාට්‍යය තමයි මහත් ආන්‍ෙදා්ලනාත්මක ලෙස කතාබහට ලක්වුණේ. එහි තිබෙන දේශපාලනය පිළිබඳව එකල විසල් විධියට බොහෝදෙනෙක් කතාබහ කළා. මේ නාට්‍යයෙන් පසුව මම රූපවාහිනිය පිළිබඳව හදාරන්න පටන් ගත්තා. ටෙලිනාට්‍ය කලාවට පිවිසෙන්නෙ ඉන්පසුව. මම සිනමාව පිළිබඳව හදාරන්න පටන් ගන්නෙ සහ මගේ දායකත්වය සිනමාවට ලබා දෙන්න ආරම්භ කරන්නෙ ඉන්පසුව. මේ දවස්වල මගේ කුලුඳුල් සිනමාපටය නිර්මාණය කිරීම වෙනුවෙන් මහන්සි වෙනවා. මම දැන් මගේ ටෙලිනාට්‍ය දිවියට මඳ විරාමයක් ලබා දී බලා සිටිනවා. නමුත් මම මගේ දායකත්වය හැකි සෑමවිටෙකම ලබා දෙන අතර මගේ සිනමාපටය වන මීදුම තරණය වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා.

මීදුම තරණය සිනමාපටය නිර්මාණය වෙන්නෙ කොහොම ද?

මෙම සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ සරත්  ආර්. ගුණසේකර. මේ කතාව ගොඩනැඟෙන්නෙ බාලදක්ෂ ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන. ලෝකයේ පවා බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරෙන් සිනමාපට නිර්මාණය වෙනවා ඉතා විරලයි. මම ජනාධිපති සම්මාන ලබපු බාලදක්ෂයෙක්. මට අවශ්‍ය වුණා මේ ළමයි කේන්ද්‍ර කරගෙන සිනමාපටයක් නිර්මාණය කරන්න. ඔවුන් ගැටලුවලට මුහුණදෙන ආකාරය ඒවා සමඟ තම වැඩ කටයුතු කරගෙන යන ආකාරය, මට සිනමාවට ගෙන ඒමට අවශ්‍ය වුණා. මෙහි තිරපිටපත රචනා කළේ සෙනලි ගයාරා, සෙනත් සවිරු නිසුමි සඳකිණි කියන දරුවන් තිදෙනා. . මෙම කතාවෙහි එන ළමයි ඉදල්ගස්හින්නෙන් බැහැලා ඔහිය හරහා ලෝකාන්තය බලන්න යන ගමනක කතාවක් තමයි මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ ළමයි දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන බලවේගවලට මුහුණදෙන අයුරු සහ එම බාධක මඟහරින අයුරු තමයි මෙම කතාවෙ අන්තර්ගත වෙන්නෙ. මේ දරුවන්ට අද්භූත මායාකාරියක් මුණගැසෙනවා. ඇය මොවුන් සිර කරගෙන සිටිනවා. අවසානයේ මේ දරුවො මොන වගේ ඉරණමකට මුහුණ දෙයිද කියන චකිතය මුළු කතාව පුරාවටම තිබෙනවා. මේක තනිකරම බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරින් නිර්මාණය වුණු සිනමාපටයක්. මේක ආශ්වාදජනක සිනමාපටයක්.

 
 

නිර්මාණයට දායක වූ පිරිස් කවුරුන්ද?

නදීෂා හේමමාලි, 
පානදුර රාජකීය විද්‍යාලයේ නවය ශ්‍රේණියේ තමයි ඉගෙනුම ලබන අබිරු දින්තරු කරුණාතිලක, කෑගල්ල මංදාකිණි රංගන පාසලේ මතීෂ ඉඳුවර බණ්ඩාර, කුම්භී,

මේ සිනමාපටය නිර්මාණය වෙන්නෙ කදුකර පෙදෙසක් කේන්ද්‍රගත කරගෙන. මෙවැනි පරිසරයක මෙය රූගත කරන්න බලපෑවේ කුමක්ද?

ලංකාවේ වෙනත් සිනමාපටයක නැති පරිසරයක් තෝරාගන්න තමයි මට වුවමනා වුණේ. ඉදල්ගස්හින්න කියන පෙදෙසෙන් ඇතුළට ගියහම හමුවන බඹරකන්ද දිය ඇල්ලෙත් මුදුන වන ලංකා ඇල්ල කියන කවුරුත් වැඩිය නොගිය තැනක් තමයි මම මේ නිර්මාණයට යොදා ගත්තෙ. මීදුම් තරණය චිත්‍රපටයේ  රඟපෑම් කටයුතු අතරේදී අපි බඹරකන්දේ ඉහළටම ගියා. ඒ යන ගමනේදී ලෙස්සලා වැටුණු අවස්ථාවන් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.

මේ පරිසරයෙදි සිනමාපටයේ කාර්ය මණ්ඩලය සහ කලාකරුවන් මුහුණ දුන් අභියෝග මොනවාද?

අපිට කිලෝමීටර් දෙක හමාරක් පමණ උඩට කඳු නඟින්න සිද්ධ වුණා. මම ළමයි හය දෙනෙක් සමඟ මේ දුෂ්කර කන්ද තරණය කළේ. ඊට සති දෙකකට කලින් ඒ රූගත කිරීම් කළ ස්ථානය සමීපයේ තරුණයෙක් මිය ගිහින් තිබුණා. මේක ඉතා සැලසුම් සහගතව කළ වැඩක්. මේ මහන්සිය නිසාම අපේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයන්ටත් මුහුණ දුන්නා. අපි අශ්වයන් සමඟ රූගත කිරීම් සිදු කළා. පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයෙන් තමයි අපිට එම අශ්වයන් ලබාදුන්නෙ. මේ කටුක පරිසරය තුළ අශ්වයන් නොසන්සුන් වීම හේතුවෙන් අපි බේරුණේ අනූ නවයෙන්. අපි අධික ශීතලකට මුහුණ දුන්නා. තොල්වලින් ලේ එන තරමට මේ සීතල දරුණු වුණා. නමුත් අපි අවසානයේ මේ අභියෝග සියල්ල ජයගත්තා.

ඔබ ලංකාවෙ සිටින ප්‍රවීණ තිරපිටපත් රචකයෙක්. ඒ ගැන කතා කරමු?

තිරපිටපත කියන දෙය නිර්මාණයක ප්‍රධානම දෙය ලෙස පෙන්වා දෙන්න පුළුවන්. වේදිකාව කියන දෙය රංගන ශිල්පීන්ගේ කලාව. සිනමාව කියන දෙය අධ්‍යක්ෂවරයාගේ කලාව. ටෙලිනාට්‍ය කියන්නෙ තිරපිටපත් රචකයන්ගේ කලාව. ටෙලිනාට්‍ය කියන දෙය රඳා පවතින්නෙ තිරපිටපත් රචකයාට.

ඔබ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ලාංකික ටෙලිවිෂන් කලාව පිළිබඳව දරන මතය කෙසේ ද?

මම ටෙලිනාට්‍ය හැටක පමණ ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි මම තමයි ලංකවේ වැඩිම එපිසෝඩ් ගණනක් රචනා කළ සහ අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවා වෙන්නේ. මම මෙගා නාට්‍ය විශාල ප්‍රමාණයකට දායකත්වය සපයලා තිබෙනවා. මේ ටෙලිනාට්‍ය කලාවේ අවසන් කාලය. එය විශාල ගැටලු රැසකට මුහුණපා තිබෙනවා. ඒ නිර්මාණකරුවන්ගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. පරිපාලනයේ සහ නාළිකාවල තිබෙන ආකල්ප ඉතා පසුගාමීයි. ඒ වගේම විෂමයි. ඔවුන්ට ඕන අම්මා තාත්තව හරි විකුණලා රේටින් ලබාගන්න. අද නාළිකා රේටින් ලබාගන්න ලිංගිකත්වය පවා හුවා දක්වන්න පෙලඹෙනවා.

ලාංකික කලාකරුවාගේ මහන්සියට නිසි ඇගයීමක් ලැබෙනවා ද?

කිසිම ඇගයීමක් ලැබෙන්නෙ නැහැ. නමුත් දේශපාලකයන්ට කඩේ යනවා නම් නිසි ඇගයීමක් ලැබෙනවා. කලාකරුවට සම්මාන උළෙලකදී පවා සාධාරණ විනිශ්චයක් ලැබෙන්නෙ නැහැ. මැරුණට පස්සෙ තමයි මල් වඩම හම්බ වෙන්නෙ. මම කියන්නෙ නැහැ කලාකරුවට ගෙවල් හදලා දෙන්න, පින් පඩි දෙන්න කියලා. කලාකරුවන්ගේ නිර්මාණ කරගෙන යන්න නිසි ක්‍රමවේදයක් හැදුවා නම් කලාකරුවා තමන්ගෙ දේවල් කරගෙන යයි.

ඉදිරි වැඩකටයුතු ගැන කතා කරනවා නම්?

මම මේ වනවිට ටෙලිනාට්‍ය දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ඒවා ඉක්මනින්ම විකාශය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් වර්තමාන දේශපාලනය සිදු කරන පුද්ගලයන්ගේ දිවිය සහ ඔවුන්ගේ අතීතය වටා නිර්මාණය වුණු කතාවක්. එහි නම ධවල රාක්ෂ. තව ගැමි තරුණයෙක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණ කේශර කියලා ටෙලිනාට්‍යයක් විකාශය වීමට නියමිතයි. තව චරිත් අබේසිංහ කියන අධ්‍යක්ෂවරයාට සිනමාපටයකට තිරපිටපතක් රචනා කරලා අවසන් කළා. තවත් සිනමාපටයකට තිරපිටපතක් ලියමින් මේ දවස් ගෙවමින් සිටිනවා. එයත් ඉක්මනින්ම අවසන් වෙයි කියලා සිතනවා.

 
 “මීදුම තරණය” මුහුරත් උළෙල

සරත් ගුණසේකර විසින් මීදුම තරණය චිත්‍රපටය නිෂ්පාදනය කරන අතර මෙම චිත්‍රපටය ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණයයි.  එහි මුහුරත් මංගල්‍යය 2023 අගෝස්තු 3 වන දින කොළඹ 7, තරංගනී, චිත්‍රපට සංස්ථා මැදිරියේදී පෙරවරු 9.15 ට සිනමා හා නාට්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් කලාකරුවන් විශාල පිරිසක් මධ්‍යයේ පැවැත්විණි. 

 ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්.මුහීඩ්, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි සහ සහාය ප්‍රධාන කොමසාරිස් රුවන් ආරියරත්න යන කොමසාරිස් වරු සහභාගි වූහ. වැඩසටහන් කොමසාරිස්වරයා රැස්ව සිටි පිරිස අමතා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ අතර බාලදක්ෂ වෙළෙඳ පොළට චිත්‍රපටයක් නිර්මාණය කිරීම අගය කළේය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සහ ජාතික වැඩසටහන් කොමසාරිස් සහ නිෂ්පාදක සරත් ගුණසේකර විසින් නිල ගිවිසුම අත්සන් කරන ලදී. වක්‍ර ලෙස බාලදක්ෂ කටයුතු ප්‍රවර්ධනය හා සමාජගත කිරීමද මෙමඟින් සිදුවේ.



“Meeduma Tharanaya” The film to be produced to market scouting Directed by our own former President scout of LaSalle Open Scout Group of Mutwal, Colombo 15, Lakshman Pushpakumara who had risen to fame in the Teledrama field starting with his own Drama ” Wata Ravuma” as a scout. This film is produced by Sarath Gunasekera and directed by Lakshman Pushpakumara as his first film. The muhurath Mangalya was held today 3 August 2023 at Tharanganee, Film Corporation Studio in Colombo 7 at the auspicious hour of 9.15 a.m. in the midst of a large and distinguished gathering of artists in the Film and Drama field.

Officially Movie Title and The Cast has revealed on MUHURATH CEREMONY… Scouts face off with the Mysterious ADVENTURE.. From the Veteran Director Lakshman Pushpakumara. produced by Sarath R. Gunasekara..

 
The Sri Lanka Scout Association was represented by Deputy Chief Commissioner M. F.S.Muheed, National Program Commissioner Sarath Matararachchi, and Asst. Chief Commissioner Ruwan Ariyaratne. Program Commissioner addressed the gathering and gave references and details of the Scout Movement and appreciated the making of a Film to market scouting. The official Agreement was signed by the Deputy Chief Commissioner and National Program Commissioner on behalf of the Sri Lanka Scout Association and Sarath Gunasekera the Producer.

Tuesday, November 5, 2024

♪♫ ♪♫ අපි වෙමු එක මවකගේ දරුවෝ ♪♫ ♪♫

එකිනෙකාගේ අත් අල්ලාගෙන දෙපැත්තට පැද්දී පැද්දී 'අපි වෙමු එක මවකගේ දරුවෝ' ගීතය ගයද්දී හදවතට දැනෙන හෘදයාංගම බව කදුළුවලට පෙරළෙන එක සාමාන්‍ය දෙයක්... ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහත්මයා මීට වසර 40 කට විතර කලින් ලියපු මෙම ගීතය බාලදක්ෂ නායක පුහුණු පාඨමාලා අවසන් රැළියෙදි වෙන්වයාමේ ගීතය වශයෙන් බාලදක්ෂ නායක නායිකාවන් ගායනා කරලා ඇති. වර්ගවාදී, ආගම්වාදී අදහස් අත හැරලා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම ජන වර්ගයක්ම එකට එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් විදිහට ගායනා කරන්න පුළුවන් ලස්සන ගීතයක්...  
 

♪♫ ♪♫ අපි වෙමු එක මවකගේ දරුවෝ ♪♫ ♪♫
අපි වෙමු එක මවකගේ දරුවෝ
එක නිවසෙහි වෙසෙනා
එක පාටැති එක රුධිරය වේ
අප කය තුළ දුවනා
එබැවිනි අපි වෙමු සොයුරු සොයුරියෝ
එක ලෙස එහි වැඩෙනා
ජීවත් වන අප මෙම නිවසේ
සොඳින සිටිය යුතු වේ
සැමට ම මෙත් කරුණා ගුණෙනි
වෙළී සමගි දමිනි
රන් මිණි මුතු නො ව එය ම ය සැපතා
කිසි කල නොම දිරනා
 
 Momento de pura magia Velhos Lobos cantando a Canção da Despedida!
 
ආනන්ද සමරකෝන්  නැමති කවියා
 
මෙම කතාවේ කතා නායකයා 1911 ජනවාරි 13 වැනිදා කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක ප්රදේශයේ වටරැක ලියන්වල නම් ග්රාමයේ පිරිමි දරුවන් සතර දෙනෙකුන් වූ පවුලක දෙවැනියා වශයෙන් එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්රඞ් අල්විස් සමරකෝන් නමින් ඔහු උපත ලැබුවේය. පියා එකල යුරෝපීයයන් සතුව පැවැති මතුරට සමූහ ව්යාපාරයේ අනුබද්ධ වග වතුයායේ ප්රධාන ලිපිකරුවූ සැමිවෙල් සමරකෝන් මහතාය. ආගම කතෝලික විය. මාතාව නුගේගොඩ නාවල ප්රදේශයේ ගුරුවරියකවූ ඩොමින්ගා පීරිස් මහත්මියයි. සැම්සන්, සිරිල්, බර්ටි යනුවෙන් අනෙක් සහෝදරයන් නම් කෙරිණ. කුඩා කළ තම සීයාගේ නිවසේ සිටිමින් පිළියන්ද වෑවල රජයේ පාසලේ මුලින්ම ඔහුට ඉගෙන ගන්නට ඉඩ සැලසිණි.
 

මේ ශිෂ්යාගේ ගීත රචනයේ දක්ෂතා පළමු වරට ප්රකට වූයේ වයස අටේදීය. එම පාසලේ ගණන් පාඩම තිබෙන අවස්ථාවේදී ගණන් නොහදා ඒ අසලින් ගලා යන වේරැස් ගඟ දෙස බලමින් කොපි පොතේ ගීයක් ලියන්නට කුඩා දරුවා සමත්විය. මෙය දුටු ගුරුතුමා පොතේ ගණන් වෙනුවට ලියැවුණු ගීපද දැක දරුවා ඉදිරියට ගෙන්වා ඔහුට යස දඬුවමක් දුන්නේය. එවේලේම ඔහු ලද දඬුවම නම් තමන් ලියූ ගීතය පන්තියේ සෙස්සන්ට ඇසෙන්නට ගායනා කිරීමය.
 
මෙවන් අවස්ථාවලදී වෙනත් ගුරුවරයකු නම් මේ ශිෂ්යයා කළ කටයුත්තට බරපතළ දඬුවමක් දෙන නමුදු මෙසේ මෙවේලේ එම ගුරුතුමා ඔහුට දුන් දඬුවම නිසා එවන් කුඩා කලදීම ගීත නිබන්ධනය කිරීමත් ගායනයත් සඳහා දක්ෂතා ඇත්තෙකු මෙන් කුඩා දරුවා ප්රකට වූවේය. පසුව එම විදුහලෙන් ඉවත් කර කෝට්ටේ ක්රිස්තියානි විදුහල වන වර්තමානයේ CMS ශ්රී ජයවර්ධනපුර විද්යාලයට ඇතුළත් කරනු ලැබූ අතර පසු කලෙක ඔහුගේ දෙවැනි ප්රකට ගීත රචනය වශයෙන් ගණන් ගැනෙන්නේ වයස දහහතරේදී 1925දී තම මාතාව ඉගැන්වූ නාවල ක්රිිස්තියානි පාසලක ළමුන් සඳහා එකල අධ්යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගීත තරගයක් සඳහා ලියාදෙන ලද ගීතයකි. කුඩා රචකයාගේ මත පෙළද සපුරමින් එය එම ගීත තරගයෙන් ප්රථම ස්ථානය දිනා ගත්තේය.

නිසර්ග සිද්ධ කුසලතා දක්වමින් සිංහල භාෂාවෙහි නිවැරදිව භාෂා හරඹද දක්වමින් එදා කුඩා සමරකෝන් අතින් ලියවුණු එම ගීතය පසු කලෙකද ඔහුගේ ගීත රචනා අතර මුල් තැනක් ගන්නට සමත්විය. එය නම් ‘අපි වෙමු එක මවකගේ දරුවෝ’ නම් ගීතයයි. එදා එවන් දස්කම් පා ඉගෙනගත් සමරකෝන් පසුව 1929දී විභාගවලින් සමත්ව වර්ෂ 1934දී කෝට්ටේ ක්රිස්තියානි විද්යාලය වන වර්තමානයේ CMS ශ්රී ජයවර්ධනපුර විද්යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳෙන්නේ එහි චිත්ර හා සංගීත ගුරුවරයා වශයෙනි.
 
ඉන්දිය මහා කවි රවින්ද්රනාත් තාගෝර්තුමා විසින් සංගීත හා නාට්ය කණ්ඩායම සමඟ ලංකාව පැමිණි එම වර්ෂයේදී සමරකෝන් ඇතුළු සිංහල කලා ශිල්පීන් කිහිපදෙනෙකුටම එතුමන් යටතේ අධ්යාපනය ලබන්නට සිතැඟි පහළ වන්නේ එම දස්කම් දැකීම නිසාය. මේ හේතුව නිසා වර්ෂ 1936දී ඔහු පන්නිපිටියේ චන්ද්රා සෙනෙවිරත්න නම් යුවතියක රහසේ කසාද බැඳගෙන ඇයත් සමඟ ඉන්දියාවට ගියේ තාගෝර්තුමා යටතේ සංගීත සහ චිත්ර කලාව වැඩිදුරටත් ඉගෙන ගන්නටයි. 
 
එහෙත් කිසියම් හේතුවක් නිසා සිය අධ්යාපනය අඩක් සම්පූර්ණ කිරීමෙන් පසුව ඔහු ආපසු සිය බිරිඳ සමඟ ලංකාවට එන්නේ තම ජීවිතයේ විශාල පරිවර්තනයකටද ලක් කර ගැනීමෙන් අනතුරුය. උත්පත්තියෙන් කතෝලිකයෙකු වූ, නමින් ජෝර්ජ් විල්ෆ්රඞ් අල්විස් සමරකෝන් යැයි උප්පැන්නයේ ලියවුණු නම ආනන්ද සමරකෝන් යැයි වෙනස් කරගත් ඔහු තම ආගමද වෙනස් කරගෙන බෞද්ධයෙකු වශයෙනි ආපසු පැමිණියේ. එය ඔහු ඇසුරු කළ කාටත් පුදුමයටද විස්මයටද හේතුවක් විය.
 
සියරට පැමිණි පසු ආනන්ද සමරකෝන් හට ප්රකට අධ්යාපන ආයතන විදුහල් කිහිපයකට සංගීත හා චිත්ර උපදේශකයකු ලෙස කටයුතු කරන්නට ඉඩ සැලසිණි. මරදානේ ආනන්ද මහා විද්යාලය ඉන් එකකි. එතැන් පසුව ගාල්ලේ මහින්ද විද්යාලයේ සංගීත හා චිත්ර කලා ගුරු පත්වීම ලැබ ඔහුට එහි යන්නට ඉඩ සැලසිණි. පළමු බිරියගේ දරුවකුද නොලද ඔහු ඇය දික්කසාද කොට ගාල්ලේදී හමුවූ කර්ලැයින් ද සිල්වා නම් තරුණිය දෙවන බිරිඳ ලෙස විවාහ කරගත්තේය. ඇයට වසරකට පසු උදේ පාන්දරක පිරිමි දරුවෙකු ලැබිණ.
 

‘රංජිත් අරුණදීප’ යැයි ක-ුඩා පුතු නම් කෙරිණි. එහෙත් දරුවා අසනීපව සිට වසර ගණනකට පසු හදිසියේ මියයාම ඔහුට දරාගත නොහැකි වූ දුකක් විය. ‘නිවී පහන නිවී ගියා’ යනුවෙන් වූ ගීතය ආනන්ද සමරකෝනුන් අතින් ලියැවුණේ එම පුතුගේ අකල් වියෝව නිසයි.
 
මෙකල ගාල්ලේ මහින්ද විද්යාලයේ සංගීත හා චිත්ර ගුරුවරයා ලෙස කළ ඉගැන්වීම ඔහුට වඩාත් ප්රියමනාප විය. එසේ මහින්ද විද්යාලයේ සිසුන් හා ප්රියමනාප වූ හිතවතුන් ගැන ඔහු සඳහන් කරන්නේ සහෘද ගැස්මෙනි. ඒ සමඟම ආනන්ද සමරකෝනුන් තමනට මෙසේවූ දේශාභිමානි ගීතයක් ලියන්නට සිදුවුණු දිනය ගැනද මෙසේ සඳහන් කළේය.
 
‘ඉන්දියාවෙන් මෙරටට පාතැබූ හැටියේ පටන්ම මගේ හදවතේ බුර බුරා, නැගි හැඟීම් නිසා මට කිසි සැනසිල්ලක් නොවී. ස්වදේශානුරාගික හැඟීමෙන් මහජනයා පුබුදු කරවිය හැකි ගීතයක අඩුපාඩුවද මගේ සිතේ තදින් බලපැවැත් වූයේය. ඩී.ටී. ජයසූරිය මහතාද එවැනි ගීතයක ඇති අවශ්යතාව පෙන්නුම් කළ දින මම හොඳම පිස්සකු වීමි. 
 
ලංකා ජාතික ගීය
 
1940 ඔක්තොම්බර් මාසයේ 20 වැනි දින සවස ගෙදර ගියෙමි. මාගේ දිවයින පිළිබඳව ඇතිවූ උදාර සිතිවිලි හා සෞන්දර්ය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්රියේ දහයේ පමණ සිට පහන් නිවා කළුවරේම කල්පනා කළෙමි. ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පද මාලාවක් සමඟ මේ ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණ. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීය ප්රබන්ධ වුණු හැටියි.
 
 
 


පසුවදා මට එකළ ඉගැන්වූ මහින්ද විද්යාලයේ ළමයින්ට මේ ගීය උගැන්වූයෙමි. පසුව මේ ‘නමෝ නමෝ මාතා’ ගීය පිළිබඳ ගුණදෝෂ පිළිබඳ විවේචනයක් මාර්ටින් වික්රමසිංහ මහතාගෙන් බලාපොරොත්තු වූයෙමි. එහි කිසි අඩුපාඩුවක් ඒ මහතා සඳහන් නොකළේය.
 
මා විසින් ලියූ ‘කුමුදිනී’ පොතෙන් මේ ගීය ප්රචාරයට පත්වූ හැටියේම වාගේ 1946 දී එච්.ඇම්.වී. සින්දු තැටි කොම්පැණියේ ඉල්ලීමක් පරිදි එය තැටියකට දුන්නෙමි. ගුවන් විදුලියෙන්ද කිහිපවතාවක් ප්රචාරය කර හැරියෙමි.
එන්න එන්නම මහා ජනප්රියතාවය මේ ගීයට ලැබුණේය. බොහෝ දෙනා මේ ගීය ගයමින් උදම් වන අන්දම එකල මා දැක තිබේ.
 
“නමෝ නමෝ මාතා
අප ශ්රී... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්යා
අපහට සැප සිරි සෙත සදනා - ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා - නමෝ නමෝ මාතා
ඔබවේ අප විද්යා-ඔබමය අප සත්යා
ඔබවේ අප ශක්තී-අප හද තුල භක්තී
ඔබ අප ආලෝකේ-අපගේ අනුප්රානේ
ඔබ අප ජීවන වේ-අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ - නැවත අප අවදිකරන් මාතා
ඥාන වීර්ය්යවඩ වමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවෙකුගෙ දරු කැල බැවිනා - යමු යමු වී නොපමා
පේම වඩා සැමභේද දුරැරදා
නමෝ නමෝ මාතා”
 
 
කෙසේ වුවත් ‘නමෝ නමෝ මාතා’ ගීය මේ රටේ ජාතික ගීතය වශයෙන් පිළිගනිතැයි මොහොතකට මම නොසිතුවෙමි. එහෙත් එය පිළිගැණුනේ මහා ජනප්රියතාවය එයට එතරම්ම බලවත්වූ දෙයකැයි මම දැන් සළකමි.
මා මේ ගීය වැඩි වැදගත් එකක් හැටියට සලකන්නේ නැත. එහෙත් එය ස්වදේශානුරාගික හැඟීම් උපදවන හා එය කෙරෙහි ඇති ඇල්මෙන් ප්රබෝධවන සමූහ ගීයක් බව මම දනිමි.
 
බොහෝ දෙනා මේ ගීයේ ප්රාණවත්කම මඳ බව ගණ වැරදි බව පෙන්නුම් කරති. මට කරන්නට දෙයක් නැත.
ගයා, වයා මගේ අසිරිමත් සිරිලංකා දිවයින මෙය කියා ආඩම්බර විය හැකි ගීයක් මගේ පිස්සුව නියා එදා රෑ පාන්දර මහකළුවරේම ප්රබන්ධ වුණේය.
 
ගීය ප්රබන්ධ කරන මොහොතේ මා තුළ ඇතිවූ හැඟීම් හා ප්රාර්ථනාව පරිදිම ලංකා මාතාවට ගීතයෙන් කළ ඇයැදුමෙන් මහජනතාවට ශක්තියක් වේවා මෙන්න ඒ ගීය.
 
මෙම ගීතය ලංකාවේ ජාතික ගීතය වශයෙන් තෝරා ගැනීම ගැනද කියන්නට තිබෙන්නේ රසබර පුවතකි. ඉදිරි යුගයේදී නිදහස්වූ ලංකාවක් උදෙසා ජාතික ගීයක් තෝරා ගතයුතු යැයිද එයට සුදුසු රචනා සැපයිය යුතු යැයිද ආණුඩුවෙන් මහජනයා වෙත නිවේදනයක් නිකුත්කර තිබිණ. ඒ අනුව සමහරු තම රචනා ඉදිරිපත් කළහ.
 
එම තරගයේ දී රටේ ජාතික ගීය ලෙස තෝරා ගැනීමට තරම් අභිමානවත් නිර්මාණයක් නොවූයෙන් කමිටුවේ සභාපති විසින් සුදුසු ගීයක් නිර්මාණය කර දෙන ලෙස ඉලංගසිංහ නොතාරිස් රාලහමිගෙන් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීම ඉටු කරීමට නම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට අවශ්ය බව දැන් වූ නොතාරිස් රාලහාමි ඉන් ඉවත්ව ශ්රී ලංකා මාතා ගීය නිර්මාණය කළේය. එසේම රාලහාමිගේ ඉල්ලීම අනුව කමිටුවෙන් ඉල්ලා අස්වූ ලයනල් එදිරිසිංහ මහතා ඊට තනුව නිර්මාණය කළේය. එම ගීතය මුල්ම ජාතික නිදහස් උත්සවයේදී ගායනා කර තිබිණ. එහෙත් ඒ සමයේ එයට විරුද්ධව නැගුණු විරෝධතාවක් නිසා එය ඉවත් කෙරිණි. එම විරෝධය වූයේ මෙම ගීතය රචනා කළ ඉලංගසිංහ නොතාරිස් රාළහාමිත් සංගීතඥ ලයනල් එදිරිසිංහ මහතාත් ගීත තෝරා ගැනීමේ කමිටුවේ සාමාජිකයෝ වූ බව කියමිණි. 
 
එම විරෝධය මත පදනම්ව මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන මහතා ‘නමෝ නමෝ මාතා’ ගීය ජාතික ගීය වශයෙන් තෝරා ගැනීමට කටයුතු කළේය. මෙම කාලය වනවිට ඉන්දියාවේ චිත්ර ප්රදර්ශන පවත්වමින් සිටි ආනන්ද සමරකෝන් මහතාගේ මේ ජයග්රහණය පිළිබඳව කර්ලැයින් සමරකෝන් මැතිනිය විසින් දන්වා යවන ලද්දේය. එහෙත් එයට ප්රතිචාර වශයෙන් එතුමන් ලංකාවට පැමිණියේ නැත. 
 
මෙසේ කටයුතු කෙරීගෙන යද්දී ප්රථම රාජ්ය නිදහස් උත්සවය වර්ෂ 1949 පෙබරවාරි 4 වැනිදා කොළඹ ටොරින්ටන් පිටියේදී (දැන් නිදහස් පිටිය) පැවැත්වීමට ගරු ඩී.ඇස්. සේනානායක අග්රාමාත්යතුමා විසින් පත්කරන ලද අමාත්ය කමිටුව තීරණය කර තිබිණි. එම අමාත්ය කමිටුවේ ප්රධානත්වය දැරූ මුදල් අමාත්ය ජේ.ආර්. ජයවර්ධන මහතාට මෙහිදී ප්රශ්නයක් වූයේ ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය පුහුණු කරවා ගන්නේ කාටද කියාය. රචක ආනන්ද සමරකෝන් මහතා රටේ නැති නිසාවෙනි. මෙහිදී ජයවර්ධන ඇමතිතුමා කළේ ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ රාජකාරී කරමින් සිටි තම හිතවත් විජේමාන්න මහතාට කතා කොට මෙය සිදුකර ගැනීමට සුදුස්සකු ගැන විමසීමය.
 
‘ආ ඔය කටයුත්තට ඉතාම සුදුසු පුද්ගලයා තමා පෙරඅපර දෙදිගට සංගීතය හදාරලා සිටින ගරු මර්සලින් ජයකොඩි පියතුමා. එතුමා බොරැල්ලේ සියලු සාන්තූවරයන්ගේ දේවස්ථානයේ ඉන්නේ. එතුමා හමුවුණාම ඔය වැඬේ අගේට කරවා ගන්න පුළුවනි.’යි ඒ මහතා කියා සිටියේය. තම මෝටර් රථයෙන් බොරැල්ලේ සියලු සාන්තූවරයන්ගේ දේවස්ථානයට ගිය ජයවර්ධන ඇමතිතුමා පියතුමා හමු වූයේය. කරණාව කියා සිටියේය. මෙය පුහුණුකර දිය හැකිදැයි විමසා සිටියේය. මම බොහොමත්ම කැමැත්තෙන් මේ කාරණාව ඉටු කරලා දෙන්නම්. මේක අපේ රටට ජාතියට උරදීමේ අවස්ථාවක්නේ.’ ඇමතිතුමාගේ ආරාධනය ගැන සතුටටපත් ජයකොඩි පියතුමෝ කියා සිටියහ.
 
‘බොහෝ ස්තූතියි පියතුමා. මං කල්පනා කරනවා මේක මියුසියස් බෞද්ධ බාලිකා විද්යාලේ සිසුවියන් ලවා පුහුණු කරවනවා නම් ඒ ගැන ඔබතුමාගේ අදහස කොහොමද?’යි එවර ඇමතිතුමා අසා සිටියේය. ‘මමත් ඒකට වඩාත්ම කැමතියි. එතකොට අපේ ජාතික ආගමික සබැදියාවන් තව තවත් වැඩි වෙන්න පුළුවන්.’යි පියතුමාගේ කීමෙන් සතුටට පත් ඇමතිතුමා එතුමා තම මෝටර් රථයේ නංවාගෙන කුරුඳුවත්තේ මියුසියස් බෞද්ධ බාලිකා විද්යාලයට එක්කරගෙන ගියහ.
 
ජයවර්ධන ඇමතිතුමා කෙසේ වෙතත් මෙසේ තම විදුහල්බිමට කතෝලික පූජකවරයෙකු වන ගරු මර්සලින් ජයකොඩි පියතුමා පාතැබූ බව එහි එවකට අධිපතිනියව සිටි ක්ලේරා මොව්වානි මැතිනියත් බාලිකාවනුත් අතිශය විස්මයට පත්වූහ. එවේලේ ජයවර්ධන ඇමතිතුමා කළ ආරාධනය අනුව මියුසියස් බාලිකාවන් පනස් තුනක්ද තෝරාගෙන ඔවුනට ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය පුහුණුකර වර්ෂ 1949 පෙබරවාරි 4 වැනිදා ප්රථම රාජ්ය නිදහස් උත්සවය අවසානයේ ගායනා කරවූයේ සංගීතඥ වී.ඇල්.ඒ. සෝමපාල, සංගීතයෙන් යුතුවය.
 
එහිදී එම මියුසියස් බාලිකාවන් පනස්දෙනා අතර සිටි නීටා කුමාරි තෙන්නකෝන් මෙනෙවියත් පසු කලෙක පිලපිටිය මැතිණිය වී මියුසියස් විද්යාලයේ විදුහල්පතිනි වූවාට පසුව ගරු මර්සලින් ජයකොඩි පියතුමා හමුවට පැමිණි අවස්ථාව අපට මතකය.
 
ඉන්දියාව, සිංගප්පූරුව මලයාසියාව ආදි රටවල චිත්ර ප්රදර්ශන පවත්වමින් සිටි ආනන්ද සමරකෝන් මහතා ලංකාවට පැමිණියේ මේ සිද්ධියෙන්ද පසුවය. ඒ වනවිට ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීම වෙනුවෙන් තිළිණයක් ලෙස රුපියල් 1250/-ක (එක්දහස් දෙසිය පනහක) මුදලක් පිරිනමන්නට රජයෙන් තීරණය කර තිබිණි. එය එකල හැටියට සෑහෙන මුදලකි.
 
එහෙත් එම ජාතික ගීතය පළමු “කුමුදිනී” නම් ගීත සංග්රහය තමන්ට අයිතිවාසිකම් ඇති ග්රන්ථයක් හෙයින් එම ත්යාග මුදලද හිමිවිය යුත්තේ තමන්ට බව එම පොතේ ප්රකාශක මරදානේ ටී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන ප්රකාශක මහතා උසාවියෙන් ඉල්ලීමක් කර තිබිණ. මේ වනවිට පෞද්ගලික කරණු කීපයක් නිසා බලවත් සේ සිත් අමාරුවට පත්ව සිටි ආනන්ද සමරකෝන් මහතාට මෙයද හිත් වේදනාවට කාරණයක්ද විය.
 
නඩුවේදී කොපිරයිට් - නීතියට එකඟව “කුමුදිනී”හි සංග්රහයේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමි ප්රකාශක සිරිවර්ධන මහතාට පක්ෂව තීන්දුව දුන් විනිශ්චකාරතුමා “නීතියට අනුව කරුණු මෙසේ වුවත් මෙය ජාතික නිර්මාණයක් නිසා මෙම මුදලින් භාගයක්වත් සමරකෝන් මහතාට දුන්නොත් හොඳයි නේද?”යි සිරිවර්ධන ගෙන් මහතා අසා සිටියේය.
 
“ස්වාමීනි, මා එම අදහසට එකඟයි. මා කලින්ද සිතා සිටියේ මෙයින් භාගයක් සමරකෝන් මහතාට දෙන්නයි” යනුවෙන් සිරිවර්ධන මහතා කියා සිටියේය එය එසේම සිදුවිය.
 
පසු කලෙක සංගීතඥයකු වශයෙන්, චිත්රපට ගීත රචකයකු වශයෙන්, චිත්ර ශිල්පියෙකු වශයෙන් ආනන්ද සමරකෝන් සූරීන් රටේ සහෘද කලාකාමීන් අතර බෙහෙවින්ම ජනප්රියත්වයට පත්වූ නමුදු තමන්ටත් නොදන්වා පසුව ‘නමෝ නමෝ මාතා’ ගීයේ පද වචන වෙනස් කිරීම පිළිබඳව එතුමන් සිටියේ බලවත් කනස්සල්ලෙන් යුතුවය. එය එතුමන් සැලකුවේ ජාතික ගීයේ ගෙල සිඳ දමන්නක් ලෙසිනි. මේ වනවිට එතුමන්ගේ ආදායමද කෙමෙන් පහළට බැසගෙන ගොස් සිටි නිසාය. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් තමනට ජීවත් වීමට රස්සාවක් හෝ දීමනාවක් හෝ ඉල්ලා ලිපියක් ලියන ලද්දේ එහෙත් එම ඉල්ලීම් දෙකින් එකක්වත් ඉටුවූයේ නැත. මේ තත්ත්වය යටතේ තම කලා ජීවිතය ගැනද අතිශයින්ම කලකිරීමටපත් සමරකෝන් මහතා වරෙක - මියයන්නට සුළු කලෙකට පෙර ජාතික ගීයේ පද රචනය වෙනස් කිරීම ගැන සඳහන් කරමින් “මෙයින් මගේ සිත තුළ හටගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදාමුත් කෙලවර වන්නේ මගේ මරණයෙන් පමණක් බව මම දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත්පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවනවාට වඩා මෙම මොහොතේම මියයෑම සැපතකි” යනුවෙන් ලියා තිබිණි. 
 
ඉන් අනතුරුව ගතවූ දින කිහිපයකින් පසුව සිදුවූයේද එයමය. වර්ෂ 1962 අප්රේල් 2 වැනිදා සිය සොයුරන් සමඟ මාතාවගේ උපන්දින සාදයට සහභාගී වූ ඔහු එදින රාත්රියේ නුගේගොඩ පාගොඩ පාරේ “මාලනී” නම් වූ සිය නිවෙසට පැමිණ නින්දට ගියේය. පසුදා හෙතෙම අවදිවූයේ නැත. යාබද කාමරයෙහි නිදාහුන් කර්ලැයින් සමරකෝන් විසින් සොහොයුරු බර්ටි සමරකෝන් කැඳවනු ලදුව කාමරයෙහි දොර කඩා බලනවිට ඔහු බලවත් ලෙස නිද්රෝසහගතව හුන් බව දක්නට ලැබිණි. මද්යසාර බදුනක්, සිගරට් කොටයක්, නිදිපෙති කුප්පියක් ඒ අසල තිබෙනු දක්නා ලද්දේය. මෙයට පෙරද සමරකෝන් නිදිපෙති වැඩිපුර ගැනීම නිසා රෝහල් ගතකොට ප්රතිකාර ලබා සිටියේය. ඉන් එක් වරක් සිව් දිනක්ම සිහිසුන්වද සිටි බව හෙළිවිණ. 
 
මේ හෙයින් වර්ෂ 1962 අප්රේල් 3 වැනිදා දහවල් 12.10 කොළඹ මහ රෝහලේ අංක 23 දරන වාට්ටුවට ඇතුළත් කරනු ලැබූ ආනන්ද සමරකෝන් මහතා 1962 අප්රේල් 5 වැනිදා සවස 6.15ට සිහි නොලබාම මියගියේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 51කි. 
 
නිදිපෙති 25ටත් 30ටත් අතර ප්රමාණයක් ගැනීම මරණයට හේතුව යැයි දොස්තර ඇම්. මනෝදරන් විසින් පෙන්වා දෙන ලදුව වුවද මෙය සියදිවි නසාගැනීමක් නොව අත්වැරැද්දකින් සිදුවූ මරණයකැයි හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.පී. කිරුචෙල්වම් මහතා තීරණය කරන ලද්දේය.
 
මෙහිදී මෙම ද්රවිඩ ජාතික වෛද්යවරුන් දෙදෙනා විසින් ගන්නා ලද්දේ රටේ මුළු කලා සංහතියටම අනුවේදනීය තත්ත්වයක් ඇති කරන ලද තීරණයකි.
 
නිදිපෙති වැඩියෙන් ගැනීම සියදිවි නසා ගැනීමක් ලෙස තීරණයක් ගැනීමට ප්රධාන වශයෙන්ම මුල්වන කාරණයක් වූ නමුදු එම වෛද්යවරුන් දෙදෙනා මෙසේ “අතපසු වීමකින් සිදුවූ මරණයක්” බවට වාර්තා තබා ඇත්තේ රටට ඉමහත් සේවයක් කළ ජාතික වීරයකුවන් පුද්ගලයකුගේ මරණය හෑල්ලු නොකිරීමේ සද්භාවයකිනි. එහෙයින් එම ද්රවිඩ වෛද්යවරුන් දෙදෙනාට කලාකාමී සිංහලයන්ගේ ප්රණාමය පුදකළයුතු වන්නේය.
 
අන්තිමයේ එතුමන්ගේ අවසාන කටයුතු - කලා භවනේ එතුමන්ගේ මිනිය තබා ගෞරව කිරීමෙන් අනතුරුව කොළඹ කනත්තේදී මහ සෙනගක් මැද ආදාහනය සිදු කෙරිණ. එකල ප්රකට ලේඛකයකුව සිටි පියල් වික්රමසිංහ මහතා රිවිදින පත්රයට ලියූ ලිපියක් අවසන්කර තිබුණේ “සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මලවුන් අතරය. අප මරුවන් අතරය.” යනුවෙනි. 
 
පසු කලෙක ගුවන් විදුලිය ‘ආනන්ද සමරකොන්’ මැදිරියක් - රැස්වීම් ශාලාවක් ඇතිකර එතුමන්ට ගෞරව දැක්වූහ. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයක් ඇති කළහ. ලියන්වල-වෑවල ආනන්ද සමරකෝන් විද්යාල දෙකක් නම් කර පවත්වාගෙන ගියහ. එහෙත් සහජ කලාකරුවකු අමු අමුවේම මරා දැමීම ගැන අපේ රටට ජාතියට කිසිදු සමාවක් දෙන්නට නම් බැරිය.
 
උපුටා ගැනිම
ලංකාදීප - සෝමසිරි කස්තුරිආරච්චි