Translate

Monday, November 11, 2024

“මීදුම තරණය” බාලදක්ෂ චිත්‍රපටිය - ලක්ෂ්මන් පුෂ්පකුමාර නැමති බාලදක්ෂයා

ශ්‍රී ලංකා බාලදක්ෂයන් සම්බන්ධ කරගනිමින් චිත්‍රපට නාට්‍ය තැනී ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. ලෝක ව්‍යාප්ත ළමා ව්‍යාපාරයක් ලෙස මිලියන 41ක් ඉක්මවූ සාමාජිකත්වය අගයමින් ලොව පුරා බොහෝ කලා කෘති අතරින් බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ කලා නිර්මාණ බිහිවනුයේ අතලොස්සකි. ඒ අතරින් සීමිත චිත්‍රපට සංඛ්‍යාවක් අතරින් හෙළවුඩයේ නිර්මාණය වූ චිත්‍රපට කීපයක් තිබේ. ගෙවුණු බාලදක්ෂ සියවස් ඉතිහාසයෙහි බාලදක්ෂයන් වෙනුවෙන් සිනමා ඉතිහාසයෙහි ඉතාම සීමිත ඉඩක් වෙන්ව තිබේ. මෙරට නිර්මාණය වූ බාලදක්ෂ චිත්‍රපට අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. රූපවාහිනී නාට්‍ය ඇත්තේද සීමිත සංඛ්‍යාවකි. ඒ සඳහා වගකිවයුතු බලධාරීන් හෝ කිසිවෙකුගේත් සහයෝගයක් ලැබී නොමැති තරම්ය. මීට අමතරව බාලදක්ෂ කටයුතු තරමක් හෝ ඉතිරිව ඇත්තේ මුහුණු පොතෙහි සහ යූටියුබ් වීඩියෝ තුළ පමණකි. එලෙසින් හෝ බාලදක්ෂ අතීතය එක්රැස්කර පවත්වා ගැනීමට SCOUTING MAGAZINE යූ ටියුබ් නාලිකාව සහ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකා දක්වන දායකත්වය මේ දක්වාත් කිසිවකුගේ ඇගයීමට ලක් වී නොමැතිවීම කණගාටුදායක කරුණකි.
 
 
බාලදක්ෂ කටයුතු නිර්මාණාත්මක බාවිතයක් සහිතව මුද්‍රිතව හා සජීවීව සමාජ ගතවීම කෙරෙහි කිසිඳු අවධානයක් නොතිබුණු යුගයක ඒ සඳහා scouting සඟරාවේ අපි ප්‍රමිතියක් නිර්මාණය කලෙමු. පර්යේෂණ අංශයක් හා බාලදක්ෂ ඉතිහාසය ගවේශණය කරමින් වඩාත් පුළුල් වේදිකාවක් තැනුවෙමු. ඒ ඔස්සේ බොහෝ නිර්මණශීලී රචකයන්, නලුවන්, සංගීත, නර්තන, මුද්‍රිත, නාට්‍ය ශිල්පීන් රැසකට සුදුසු පරිසරයක් නිර්මාණය කලෙමු. බොහෝ කෙනෙහිලි කම් මධ්‍යයේ බාලදක්ෂ මුද්‍රණ කටයුතු, බාලදක්ෂ මුහුණු පොත, සහ බාලදක්ෂ යූ ටියුබ් අවකාශයත් දිග් විජය කලෙමු.
 
ඒ අතරින් නැගුණු අංකුර අතර බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනකින් හා නිර්මාණාත්මකව යොදාගනිමින් නිර්මාණය වූ පළමු බාලදක්ෂ චිත්‍රපටිය වනුයේ පවන් අංජන නැමති බාලදක්ෂයා විසින් නිර්මාණය කරනු ලැබූ සූදානම්ව සිටිනු චිත්‍රපටය නිර්මාණය වීම සිදු විය. ඒ සඳහා සුරාජ් මාපා, දිමුතු චින්තක, කෞෂල්‍යා සමරසිංහ, රිචඩ් අබේවර්ධන වැනි ජනප්‍රිය නළු නිලියන් සහ පාසල් වයසේ ළමා රංගන ශිල්පීන් ගොඩක් චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබුණා. එම වකවානුවේ පැවති කොරෝනා තත්වයත් සිනමාශාලා ප්‍රදර්ශනයට අධික මුදලක් වැයකලයුතු වූ නිසාත් තාක්ෂණික කාරණා මෙන්ම ජාතික බාලදක්ෂ මූලස්ථානයෙන් හෝ කිසිදු සහයෝගයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය වූ මෙවැනි නිර්මාණයන් සඳහා සහයෝගයක් දැක්වීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති වීමත් පැවති මුදල් අපහසුතාවත් හේතුවෙන් මෙම චිත්‍රපටය අඩු වශයෙන් බාලදක්ෂයන් අතර ජනගත කිරීමට ද හැකියාවක් නොලැබීම කණගාටු දායක කරුණක්. මෙවැනි නිර්මාණ සම්බන්දයෙන් සාධනීය සහයෝගයක් දැක්වීම කෙරෙහි ජාතික බාලදක්ෂ මූලස්ථානයෙහි වැඩි අවධානයක් ද යොමු වියයුතුමයි. මක් නිසාද එහි පූර්ණ වාසිය හා ලාභය හිමිවනුයේ සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයටම බැවිනි.

අලුත්ම බාලදක්ෂ චිත්‍රපටියක්

එසේ තිබියදී කොළඹ 15, මුට්වාල් හි ලසාල් විවෘත බාලදක්ෂ සමූහයේ හිටපු ජනාධිපති බාලදක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා විසින් නව බාලදක්ෂ චිත්‍රපටයක් නිර්මාණය වෙනුවෙන් දෙවැනි පියවර ගනු ලබනවා. ඒ “මීදුම තරණය” චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අත්දැකීම් සහිත  ජනාධිපති බාලදක්ෂයෙක් විසින්. බාලදක්ෂයෙකු ලෙස ඔහු “වට රවුම” නාට්‍යයෙන් පටන්ගෙන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඔහු ලාංකික ටෙලිනාට්‍ය කලාව තුළ තම මුද්‍රාව තැබූ අධ්‍යක්ෂවරයෙකි. වේදිකාව තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු ආන්දෝලනාත්මක නාට්‍යයක හිමිකරුවා වන මොහු ලාංකික ටෙලිනාට්‍ය කලාවෙහි සිටින විශිෂ්ට තිරපිටපත් රචකයෙකි. ඉතින් Scouting සඟරාවේ අපි සුබ පතනවා මෙම බාලදක්ෂ චිත්‍රපටය සාර්ථක වේවා කියලා. ඒ වගේම තව තවත් බාලදක්ෂ නිර්මාණ නාට්‍ය, චිත්‍රපට නිර්මාණය කිරීමය හැකියාව ලැබේවා කියලා.
 

 
‘මීදුම තරණය’ චිත්රපටය

අධ්‍යක්ෂණය | ලක්ෂ්මන් පුෂ්පකුමාර
නිෂ්පාදනය | සරත් ගුණසේකර
රංගන ශිල්පී | Senith Sathviru
කැමරාකරණය | Sujith Nishantha
drone operator | Manoj Edirisinghe
සංගීතය | Dinesh Subasinghe
කැමරා උපකරණ | Horizon Media Production PVT Ltd

 
මේ දිනවල මීදුම තරණය කරමින් තම කුලුඳුල් සිනමා ආගමනයට ලැහැස්ති වෙන මොහු අභියෝග හමුවේ ඉදිරියට ම යන කලාකරුවෙක්. මේ එතුමා සමඟ කල පිළිසඳරක්.

ඔබ මේ ක්ෂේත්‍රයට අත්පොත් තබන්නෙ වේදිකා නාට්‍ය හරහා. ඒ මතකය අවදි කරනවා නම්?

මම මුලින්ම නිර්මාණය කළේ වටරවුම කියන වේදිකා නාට්‍යය. ඉන් පසුව මම ප්‍රසිද්ධ පාරක් නොවේ කියන වේදිකා නාට්‍යය වේදිකා ගත කළා. මම ඉන්පසුව නිර්මාණය කළ ‘ෂා’ කියන නාට්‍යය තමයි මහත් ආන්‍ෙදා්ලනාත්මක ලෙස කතාබහට ලක්වුණේ. එහි තිබෙන දේශපාලනය පිළිබඳව එකල විසල් විධියට බොහෝදෙනෙක් කතාබහ කළා. මේ නාට්‍යයෙන් පසුව මම රූපවාහිනිය පිළිබඳව හදාරන්න පටන් ගත්තා. ටෙලිනාට්‍ය කලාවට පිවිසෙන්නෙ ඉන්පසුව. මම සිනමාව පිළිබඳව හදාරන්න පටන් ගන්නෙ සහ මගේ දායකත්වය සිනමාවට ලබා දෙන්න ආරම්භ කරන්නෙ ඉන්පසුව. මේ දවස්වල මගේ කුලුඳුල් සිනමාපටය නිර්මාණය කිරීම වෙනුවෙන් මහන්සි වෙනවා. මම දැන් මගේ ටෙලිනාට්‍ය දිවියට මඳ විරාමයක් ලබා දී බලා සිටිනවා. නමුත් මම මගේ දායකත්වය හැකි සෑමවිටෙකම ලබා දෙන අතර මගේ සිනමාපටය වන මීදුම තරණය වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා.

මීදුම තරණය සිනමාපටය නිර්මාණය වෙන්නෙ කොහොම ද?

මෙම සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ සරත්  ආර්. ගුණසේකර. මේ කතාව ගොඩනැඟෙන්නෙ බාලදක්ෂ ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන. ලෝකයේ පවා බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරෙන් සිනමාපට නිර්මාණය වෙනවා ඉතා විරලයි. මම ජනාධිපති සම්මාන ලබපු බාලදක්ෂයෙක්. මට අවශ්‍ය වුණා මේ ළමයි කේන්ද්‍ර කරගෙන සිනමාපටයක් නිර්මාණය කරන්න. ඔවුන් ගැටලුවලට මුහුණදෙන ආකාරය ඒවා සමඟ තම වැඩ කටයුතු කරගෙන යන ආකාරය, මට සිනමාවට ගෙන ඒමට අවශ්‍ය වුණා. මෙහි තිරපිටපත රචනා කළේ සෙනලි ගයාරා, සෙනත් සවිරු නිසුමි සඳකිණි කියන දරුවන් තිදෙනා. . මෙම කතාවෙහි එන ළමයි ඉදල්ගස්හින්නෙන් බැහැලා ඔහිය හරහා ලෝකාන්තය බලන්න යන ගමනක කතාවක් තමයි මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ ළමයි දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන බලවේගවලට මුහුණදෙන අයුරු සහ එම බාධක මඟහරින අයුරු තමයි මෙම කතාවෙ අන්තර්ගත වෙන්නෙ. මේ දරුවන්ට අද්භූත මායාකාරියක් මුණගැසෙනවා. ඇය මොවුන් සිර කරගෙන සිටිනවා. අවසානයේ මේ දරුවො මොන වගේ ඉරණමකට මුහුණ දෙයිද කියන චකිතය මුළු කතාව පුරාවටම තිබෙනවා. මේක තනිකරම බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරින් නිර්මාණය වුණු සිනමාපටයක්. මේක ආශ්වාදජනක සිනමාපටයක්.

 
 

නිර්මාණයට දායක වූ පිරිස් කවුරුන්ද?

නදීෂා හේමමාලි, 
පානදුර රාජකීය විද්‍යාලයේ නවය ශ්‍රේණියේ තමයි ඉගෙනුම ලබන අබිරු දින්තරු කරුණාතිලක, කෑගල්ල මංදාකිණි රංගන පාසලේ මතීෂ ඉඳුවර බණ්ඩාර, කුම්භී,

මේ සිනමාපටය නිර්මාණය වෙන්නෙ කදුකර පෙදෙසක් කේන්ද්‍රගත කරගෙන. මෙවැනි පරිසරයක මෙය රූගත කරන්න බලපෑවේ කුමක්ද?

ලංකාවේ වෙනත් සිනමාපටයක නැති පරිසරයක් තෝරාගන්න තමයි මට වුවමනා වුණේ. ඉදල්ගස්හින්න කියන පෙදෙසෙන් ඇතුළට ගියහම හමුවන බඹරකන්ද දිය ඇල්ලෙත් මුදුන වන ලංකා ඇල්ල කියන කවුරුත් වැඩිය නොගිය තැනක් තමයි මම මේ නිර්මාණයට යොදා ගත්තෙ. මීදුම් තරණය චිත්‍රපටයේ  රඟපෑම් කටයුතු අතරේදී අපි බඹරකන්දේ ඉහළටම ගියා. ඒ යන ගමනේදී ලෙස්සලා වැටුණු අවස්ථාවන් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.

මේ පරිසරයෙදි සිනමාපටයේ කාර්ය මණ්ඩලය සහ කලාකරුවන් මුහුණ දුන් අභියෝග මොනවාද?

අපිට කිලෝමීටර් දෙක හමාරක් පමණ උඩට කඳු නඟින්න සිද්ධ වුණා. මම ළමයි හය දෙනෙක් සමඟ මේ දුෂ්කර කන්ද තරණය කළේ. ඊට සති දෙකකට කලින් ඒ රූගත කිරීම් කළ ස්ථානය සමීපයේ තරුණයෙක් මිය ගිහින් තිබුණා. මේක ඉතා සැලසුම් සහගතව කළ වැඩක්. මේ මහන්සිය නිසාම අපේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයන්ටත් මුහුණ දුන්නා. අපි අශ්වයන් සමඟ රූගත කිරීම් සිදු කළා. පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයෙන් තමයි අපිට එම අශ්වයන් ලබාදුන්නෙ. මේ කටුක පරිසරය තුළ අශ්වයන් නොසන්සුන් වීම හේතුවෙන් අපි බේරුණේ අනූ නවයෙන්. අපි අධික ශීතලකට මුහුණ දුන්නා. තොල්වලින් ලේ එන තරමට මේ සීතල දරුණු වුණා. නමුත් අපි අවසානයේ මේ අභියෝග සියල්ල ජයගත්තා.

ඔබ ලංකාවෙ සිටින ප්‍රවීණ තිරපිටපත් රචකයෙක්. ඒ ගැන කතා කරමු?

තිරපිටපත කියන දෙය නිර්මාණයක ප්‍රධානම දෙය ලෙස පෙන්වා දෙන්න පුළුවන්. වේදිකාව කියන දෙය රංගන ශිල්පීන්ගේ කලාව. සිනමාව කියන දෙය අධ්‍යක්ෂවරයාගේ කලාව. ටෙලිනාට්‍ය කියන්නෙ තිරපිටපත් රචකයන්ගේ කලාව. ටෙලිනාට්‍ය කියන දෙය රඳා පවතින්නෙ තිරපිටපත් රචකයාට.

ඔබ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ලාංකික ටෙලිවිෂන් කලාව පිළිබඳව දරන මතය කෙසේ ද?

මම ටෙලිනාට්‍ය හැටක පමණ ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි මම තමයි ලංකවේ වැඩිම එපිසෝඩ් ගණනක් රචනා කළ සහ අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවා වෙන්නේ. මම මෙගා නාට්‍ය විශාල ප්‍රමාණයකට දායකත්වය සපයලා තිබෙනවා. මේ ටෙලිනාට්‍ය කලාවේ අවසන් කාලය. එය විශාල ගැටලු රැසකට මුහුණපා තිබෙනවා. ඒ නිර්මාණකරුවන්ගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. පරිපාලනයේ සහ නාළිකාවල තිබෙන ආකල්ප ඉතා පසුගාමීයි. ඒ වගේම විෂමයි. ඔවුන්ට ඕන අම්මා තාත්තව හරි විකුණලා රේටින් ලබාගන්න. අද නාළිකා රේටින් ලබාගන්න ලිංගිකත්වය පවා හුවා දක්වන්න පෙලඹෙනවා.

ලාංකික කලාකරුවාගේ මහන්සියට නිසි ඇගයීමක් ලැබෙනවා ද?

කිසිම ඇගයීමක් ලැබෙන්නෙ නැහැ. නමුත් දේශපාලකයන්ට කඩේ යනවා නම් නිසි ඇගයීමක් ලැබෙනවා. කලාකරුවට සම්මාන උළෙලකදී පවා සාධාරණ විනිශ්චයක් ලැබෙන්නෙ නැහැ. මැරුණට පස්සෙ තමයි මල් වඩම හම්බ වෙන්නෙ. මම කියන්නෙ නැහැ කලාකරුවට ගෙවල් හදලා දෙන්න, පින් පඩි දෙන්න කියලා. කලාකරුවන්ගේ නිර්මාණ කරගෙන යන්න නිසි ක්‍රමවේදයක් හැදුවා නම් කලාකරුවා තමන්ගෙ දේවල් කරගෙන යයි.

ඉදිරි වැඩකටයුතු ගැන කතා කරනවා නම්?

මම මේ වනවිට ටෙලිනාට්‍ය දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ඒවා ඉක්මනින්ම විකාශය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් එකක් වර්තමාන දේශපාලනය සිදු කරන පුද්ගලයන්ගේ දිවිය සහ ඔවුන්ගේ අතීතය වටා නිර්මාණය වුණු කතාවක්. එහි නම ධවල රාක්ෂ. තව ගැමි තරුණයෙක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණ කේශර කියලා ටෙලිනාට්‍යයක් විකාශය වීමට නියමිතයි. තව චරිත් අබේසිංහ කියන අධ්‍යක්ෂවරයාට සිනමාපටයකට තිරපිටපතක් රචනා කරලා අවසන් කළා. තවත් සිනමාපටයකට තිරපිටපතක් ලියමින් මේ දවස් ගෙවමින් සිටිනවා. එයත් ඉක්මනින්ම අවසන් වෙයි කියලා සිතනවා.

 
 “මීදුම තරණය” මුහුරත් උළෙල

සරත් ගුණසේකර විසින් මීදුම තරණය චිත්‍රපටය නිෂ්පාදනය කරන අතර මෙම චිත්‍රපටය ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණයයි.  එහි මුහුරත් මංගල්‍යය 2023 අගෝස්තු 3 වන දින කොළඹ 7, තරංගනී, චිත්‍රපට සංස්ථා මැදිරියේදී පෙරවරු 9.15 ට සිනමා හා නාට්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් කලාකරුවන් විශාල පිරිසක් මධ්‍යයේ පැවැත්විණි. 

 ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්.මුහීඩ්, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි සහ සහාය ප්‍රධාන කොමසාරිස් රුවන් ආරියරත්න යන කොමසාරිස් වරු සහභාගි වූහ. වැඩසටහන් කොමසාරිස්වරයා රැස්ව සිටි පිරිස අමතා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ අතර බාලදක්ෂ වෙළෙඳ පොළට චිත්‍රපටයක් නිර්මාණය කිරීම අගය කළේය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සහ ජාතික වැඩසටහන් කොමසාරිස් සහ නිෂ්පාදක සරත් ගුණසේකර විසින් නිල ගිවිසුම අත්සන් කරන ලදී. වක්‍ර ලෙස බාලදක්ෂ කටයුතු ප්‍රවර්ධනය හා සමාජගත කිරීමද මෙමඟින් සිදුවේ.



“Meeduma Tharanaya” The film to be produced to market scouting Directed by our own former President scout of LaSalle Open Scout Group of Mutwal, Colombo 15, Lakshman Pushpakumara who had risen to fame in the Teledrama field starting with his own Drama ” Wata Ravuma” as a scout. This film is produced by Sarath Gunasekera and directed by Lakshman Pushpakumara as his first film. The muhurath Mangalya was held today 3 August 2023 at Tharanganee, Film Corporation Studio in Colombo 7 at the auspicious hour of 9.15 a.m. in the midst of a large and distinguished gathering of artists in the Film and Drama field.

Officially Movie Title and The Cast has revealed on MUHURATH CEREMONY… Scouts face off with the Mysterious ADVENTURE.. From the Veteran Director Lakshman Pushpakumara. produced by Sarath R. Gunasekara..

 
The Sri Lanka Scout Association was represented by Deputy Chief Commissioner M. F.S.Muheed, National Program Commissioner Sarath Matararachchi, and Asst. Chief Commissioner Ruwan Ariyaratne. Program Commissioner addressed the gathering and gave references and details of the Scout Movement and appreciated the making of a Film to market scouting. The official Agreement was signed by the Deputy Chief Commissioner and National Program Commissioner on behalf of the Sri Lanka Scout Association and Sarath Gunasekera the Producer.

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Colombo Scouts, JOTA JOTI, ජොටා ජොටී වැඩසටහන, Jota Joti Sri Lanka | Colombo, ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය,  බාලදක්ෂයා, ⚜️, The Scouter, ලෝක බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාර, බේඩන් පවල් සාමිතුමා, බාලදක්ෂ නීතිය, Scouting Life Sri Lanka, බාලදක්ෂ, බාලදක්ෂිකා, ලංකා බාලදක්ෂ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ, ආදිකතෘ, ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ලෝකයේ ජාතික බාලදක්ෂ සංගම්, Red Flower Show, Scout Camp Fire, කඩිසර බාලදක්ෂයා, රතුමල, කඳවුරු ගිනිමැල, ස්වාධීන බාලදක්ෂ,  ළමා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, විජය බාලදක්ෂ කඳවුර, දිසාකොසාරිස්, ශිෂ්‍ය භට බළකාය, බාලදක්ෂ කොඩියසිගිති දරුවන්, විවෘත බාලදක්ෂ සමුහ, බාලදක්ෂ සංගණනය, #ColomboScouts #ScoutAward ආදි කර්තෘවරැන්, experimental camp, ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ, බාලදක්ෂ ඉතිහාසය, දිස්ත්රික් බාලදක්ෂ ලාංඡනය, පෝතක බාලදක්ෂ නිල ඇදුම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බලධක්ශ, දේශීය දරුවන්, පුරෝගාමී, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, කොමසාරිස්, නීතිඥ, History of Scouting, බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය, මානවක බාලදක්‍ෂ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ජාතික බාලදක්ෂ, සේවා සහ සම්බන්ධතා මාසය, ඡාතික බාලදක්ෂ මූලස්ථානය, ශ්‍රීලංකා බාලදක්ෂ, ජම්බෝ සමළුව, ලෝක බාලදක්ෂ ජම්බෝරිය, බාලදක්ෂ මාවත, බාලදක්‍ෂ කණ්ඩායම, ජනාධිපති පදක්කම, බාලදක්ෂ ව් යාපාරය, බාලදක්ෂ කොඩිය, බාලදක්ෂ ලාංජනය, බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාරය, ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්ස් සී දූපත, BP තුමා, இலங்கைச் சாரணர் சங்கம், Sri Lanka Baladaksha Sangamaya, බේඩන් පවල් සාමිතුමා, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංවිධානය, එෆ්. ජී. ස්ටීවන්ස් මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ස්වර්ණමය ඉතිහාසය, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම්, Scouting in Sri Lanka, Scout Sri Lanka, ආදි කර්තෘ, ළමා හා ව්‍යාපාරය, අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත, බාලදක්ෂ ගීත පොත, ලෝ පතල බාලදක්ෂ ගීත, මුද්‍රිත බාලදක්ෂ ගීත පොත, මේක බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, Scouting සඟරාවේ බාලදක්ෂ ගීත, Scout Vespers Song, Senior Scout Song Book, Girl Scout Song, Scouting Facts, Listen to Scout Song, Camp fire song, කදවුරු ගිනිමැල ගීතය #scout #song #kulasiriyapa මාශ බිලි බිලි & ගිං ගැන් ගුලි, Masha Bili Bili & Ging Gang Golie, #campfiresong බාලදක්ෂ චිත්‍ර, නිර්භීත බාලදක්ෂ, බාලදක්ෂ ගීතය, සිඟිති මිණිමුතු, Rampe Neluma, scout song, Scout Group, බාලදක්ෂ ටේලර්, බාලදක්ෂ සටන, කොළඹ දිස්ත්‍රික්කය, බාලදක්ෂ කැම්බෝරිය, බාලදක්ෂ ජම්බෝරිය, එළකිරි බාලදක්ෂ, සිඟිති මිණිමුතු, මීදුම තරණය, මීදුම් තරණය

No comments:

Post a Comment