Pages

Sunday, March 10, 2024

වසර 110 සැතපුම පසුකරන බාලදක්ෂ කණ්ඩායම්

මෙය ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ 110 වන වසරයි. 1907 දී  එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයවසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. 


ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලදී. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වූ ඒ මහතා සේවය කළ සෑම පළාතකම බාලදක්ෂ කටයුතු ආරම්භ කළේය. එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. 

එෆ්.ජී.ස්ටීවන්ස් මහතා මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1912 දී 1වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය ද, 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද 1916දී 1st Jaffna කණ්ඩායම ද, බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. 

1912 වකවානුවේදී ආරම්භක අවධිය වන විට මෙරට බාලදක්ෂයන් සඳහා නිල ඇදුමක් හෝ විශේෂ පදක්කම් බාවිතයක් නොතිබුණු අතර ක්‍රමයෙන් බාලදක්ෂ කටයුතු සංවර්ධනය වීමත් සමග එංගලන්තයේ පවත්වාගෙන ආ ක්‍රියාකාරකම් පොතපත ඇසුරින් අධ්‍යයනය කරමින් ශිල්පීය කොටස් එකතු කිරීමත් නවක පෙළ "Tenderfoot badge" සිට පළමු පෙළ දක්වා පදක්කම් ක්‍රමයට අනුගත කෙරිණ. 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදු වීමෙන් අනතුරුව එංගලන්ත බාලදක්ෂයන් භාවිත කල ලෝකඩ පදක්කම මධ්‍යයෙහි CEYLON නැමති අකුරු සහිත ලෝකබාලදක්ෂ පදක්කම සාමාජික පදක්කම වීමෙන් අනතුරුව හඳුන්වාදෙනු ලැබිණ. මෙම වකවානුවෙහිදී එංගලන්තයෙන් ලෝකඩ පදක්කම්, ඉනපටි, විසිල්, හිස්වැසුම්, කාර්යක්ෂමතා ප්‍රසාදන ගෙන්වීම අධික මිලක් වැයවීම හේතුවෙන් පදක්කම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තරමක් අසීරු විය. 

බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.  1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය ආණ්ඩුකාරතුමා උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ. බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. 

1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු අතර පසුව මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ හෙයින් F.G පියර්ස් මහතා බාලදක්ෂ කටයුතු භාරව ක්‍රියා කළේය. එතුමාද ඉන්දියාවේ සේවයට ගිය අතර සර් එඩ්වඩ් ඩෙන්හැම්, J.H ද සේරම්, වර්නන් ග්‍රේනියර් යන ත්‍රිත්වය බාලදක්ෂ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්හ. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය.

1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ.

පළමුවන සමස්ත ලංකා රැලිය 1917දී ද, හැව්ලොක් කොළඹ හැව්ලොක් පිටියේදී ද, 2 වන සමස්ත ලංකා රැලිය 1918 දී මහනුවර බැරැක්කයේදී ද, 3 වන සමස්ත ලංකා රැලිය 1919 මහනුවරදී ද පැවැත්විය. 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට 4th All Ceylon Rally කොළඹ ගාලූ මුවදොර පිටියේ රැළියක් පැවැත්විය. වේල්ස් කුමරුගේ නැගෙනහිර සංචාරය 23 මාර්තු 1922 5වන සමස්ත ලංකා රැලිය මහනුවරදී ද, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර විලියම් මැනිංගේ උතුමාණන්ගේ සමුගැනීමේ උත්සවය නිමිත්තෙන් 1924 - 6වන සමස්ත ලංකා රැලිය කොළඹදී ද පැවැත්විය. 1934 බී.පී. තුමා තම මෙනෙවිය සමග දෙවන වරටත් ලංකාවට පැමිණීම සිදුවිය.

ලෝක බාලදක්ෂ පදක්කම ඇසුරින් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආරියසේන මහතා විසින් 1962දී ලංකා බාලදක්ෂ 50වෙනි සංවත්සරය සඳහා නිර්මාණය වූ ස්වර්ණ ජයන්ති මුද්දරය සඳහා නිර්මාණය කෙරුණු පදක්කම පසුකාලීනව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සාමාජික පදක්කම වූ බව ශ්‍රී ලංකා ස්කවුටින් සඟරාව විසින් පළමු වරට වාර්තා කරන ලද්දේය. දේශීයත්වය හා සෞභාග්‍ය නිරූපනය කිරීම සඳහා නෙළුම් පෙති වටයකින් යුක්ත වන අතර ලෝක බාලදක්ෂ සලකුණ මධ්‍යයෙහි රාජ්‍ය ලාංඡනයෙහි සිටින කඩුවක් අතින් ගත් සිංහයා යොදා තිබේ.

වසර 110 සැතපුම පසුකරන බාලදක්ෂ කණ්ඩායම්

ලෝක බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 02 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ. 

1907 දී  එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලදී. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වූ ඒ මහතා සේවය කළ සෑම පළාතකම බාලදක්ෂ කටයුතු ආරම්භ කළේය. 

එෆ්.ජී.ස්ටීවන්ස් මහතා මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1912 දී 1වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය ද, 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද 1916දී 1st Jaffna කණ්ඩායම ද, බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය අාණ්ඩුකාර උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ. 

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට 110 වසරක් (1912-2022) සම්පූර්ණ කිරීමෙන් පසු දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂ කණ්ඩායම් විසින් ස්වකීය අභිමානවත් 110 වසර සම්පූර්ණ කරමින් සිටිති. ගතවූ වසර 110 තුළ ශ්‍රී ලංකාව තුළ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්තවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට 100000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින සුවිශාලතම ස්‌වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ බාලදක්ෂ දිස්ත්‍රික් තිස් හතක් කේන්ද්‍ර කරගනිමින් සිඟිති, පෝතක, බාදක්ෂ මෙන්ම මානවක බාලදක්ෂ අංශ ඉතා විනයානුකූලව පිළිගත් ප්‍රමිතීන් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලෝකයේ රටවල් 172ක මිලියන 57කට අධික බාලදක්ෂයන් ලෝක බාලදක්ෂ ව්‍යාපාරය වටා එක් රොක් වී සිටියි.

110 වන සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා සෑම බාලදක්ෂ දිස්ත්‍රික්කයකම සංවත්සර පාගමනක් ගිනිමැල සංදර්ශනයක් පැවැත්වීම එහි සුවිශේෂී අංගය වී තිබේ.

කළුතර දිසා  110 වන සංවත්සර වැඩසටහන

හෝමාගම බාලදක්ෂ දිසාව
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය නිමිත්තෙන් හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කල විශේෂ වැඩසටහනක් 2022 දෙසැම්බර් 23, ගොඩගම සුභාරතී විද්‍යාලයේදී පැවැත්විනි. එහි සමාරම්භය සදහා හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව යටතේ ඇති පාසල් වල බාලදක්ෂයින් ප්‍රධාන මාර්ග 3 ක් ඔස්සේ පෙළපාලියක් ලෙසට ගොඩගම නගරය වෙත පැමිණි අතර ගොඩගම නගරයේදී එකට එක් වූ බාලදක්ෂයින් ගොඩගම සුභාරතී විද්‍යාලයේදී ප්‍රධාන උත්සවය පවත්වන ලදී. වැසි දිනයක් වූ බැවින් ඉතා අසීරු ආකාරයෙන් අවසානයේදී ගිනිමැල සංදර්ශනයක් ද පැවැත්විය. 
 
 
රත්නපුර බාලදක්ෂ දිසාව
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ 110 වන සංවත්සරය වෙනුවෙන් රත්නපුර බාලදක්ෂ කලාපයේ සංවිධානය කල වැඩසටහන සදහා අප බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයින්,බාලිකා බාලදක්ෂයින් සහ බාලදක්ෂ ආචාර්යවරුන් සහභාගි විය..


 

කුරුණෑගල බාලදක්ෂ දිසාව 

110 සංවත්සරයට සමගාමීව කුරුණෑගල බාලදක්ෂ දිසාව මගින් මෙහෙයවන ලැබූ ගිනිමැල සංදර්ශනය 2022-12-24 දින ලක්දාස ද මැල් විද්යාලයේදී පැවැත්විනි. එහි ප්රධාන ආරාධිත අමුත්තන් ලෙස සහය ප්රධාන කොමසාරිස් දිස්ත්රික් සම්බන්දීකරන රුවන් ආරියරත්න මහතා සහභාගි විය. විද්යාලයේ විදුහල්පතිතුමා, දිසාවේ හිටපු දිසා කොමසාරිස් ඇතුළු සහය දිසා කොමසාරිස්වරුන්, බාලදක්ෂ ආචාර්යවරුන් සහ දෙමාපියන්ගේ භාගීත්වයෙන් පවත්වනු ලැබීය. 



දසත විසිරී ඇති බාලදක්ෂ 110වස් සමරුව වෙනුවෙන් නිර්මාණය වූ බාලදක්ෂ ගීත එකතුකර Scouting සඟරාවේ අන්තර්ජාල බාලදක්ෂ ගීත පොතෙහි 110 සමරු පරිච්ඡේදය තුළ එකතුවක් ලෙස ලියා තැබීම වෙනුවෙන් ගත් උත්සාහයයි.

 
blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො,

No comments:

Post a Comment