Translate

Saturday, February 22, 2020

ශ්‍රී ලංකා බාලදක්ෂ පදක්කමේ නිර්මාණ කරු

ශ්රී ලංකා බාලදක්ෂ පදක්කමේ නිර්මාණ කරු ආචාර්ය W.A.ආරියරත්න මහතා පිලිබද scouting සඟරාවේ පලවූ ලිපි

ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනය

1912 වකවානුවේදී ආරම්භක අවධිය වන විට මෙරට බාලදක්ෂයන් සඳහා නිල ඇදුමක් හෝ විශේෂ පදක්කම් බාවිතයක් නොතිබුණු අතර ක්‍රමයෙන් බාලදක්ෂ කටයුතු සංවර්ධනය වීමත් සමග එංගලන්තයේ පවත්වාගෙන ආ ක්‍රියාකාරකම් පොතපත ඇසුරින් අධ්‍යයනය කරමින් ශිල්පීය කොටස් එකතු කිරීමත් නවක පෙළ "Tenderfoot badge" සිට පළමු පෙළ දක්වා පදක්කම් ක්‍රමයට අනුගත කෙරිණ. 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදු වීමෙන් අනතුරුව එංගලන්ත බාලදක්ෂයන් භාවිත කල ලෝකඩ පදක්කම මධ්‍යයෙහි CEYLON නැමති අකුරු සහිත ලෝකබාලදක්ෂ පදක්කම සාමාජික පදක්කම වීමෙන් අනතුරුව හඳුන්වාදෙනු ලැබිණ. මෙම වකවානුවෙහිදී එංගලන්තයෙන් ලෝකඩ පදක්කම්, ඉනපටි, විසිල්, හිස්වැසුම්, කාර්යක්ෂමතා ප්‍රසාදන ගෙන්වීම අධික මිලක් වැයවීම හේතුවෙන් පදක්කම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තරමක් අසීරු විය.

ශ්රී ලංකා බාලදක්ෂ පදක්කමේ නිර්මාණ කරු ගැන කිසිදු තොරතුරක් නැති කාලෙක scouting සඟරාවේ අපි කරපු අනගි සොයා ගැනීම තමා එතුමා. අද වනතුරුත් ඒ වෙනුවෙන් එතුමාට ප්රමාණවත් ස්තූතියක් කර නෑ. එතුමාගේ නම ආචාර්ය W.A.ආරියරත්න. මෙම පදක්කම යොදා ලංකාවේ පළමු සාමාජික පදක්කම නිර්මාණය කෙරෙනවා. ලෝක බාලදක්ෂ පදක්කම ඇසුරින් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආරියසේන මහතා විසින් 1962දී ලංකා බාලදක්ෂ 50වෙනි සංවත්සරය සඳහා නිර්මාණය වූ ස්වර්ණ ජයන්ති මුද්දරය සඳහා නිර්මාණය කෙරුණු පදක්කම පසුකාලීනව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සාමාජික පදක්කම වූ බව ශ්‍රී ලංකා ස්කවුටින් සඟරාව විසින් පළමු වරට වාර්තා කරන ලද්දේය. දේශීයත්වය හා සෞභාග්‍ය නිරූපනය කිරීම සඳහා නෙළුම් පෙති වටයකින් යුක්ත වන අතර ලෝක බාලදක්ෂ සලකුණ මධ්‍යයෙහි රාජ්‍ය ලාංඡනයෙහි සිටින කඩුවක් අතින් ගත් සිංහයා යොදා තිබේ.

 

ශ්‍රී ලංකා බාලදක්‍ෂ ලාංඡනයේ අර්ථය

  • කඩුවක් සුරතින් ගත් සිංහයා - ශ්‍රී ලංකේය අනන්‍යතාව 
  • තරුකොන් දහය - බාලදක්ෂ නීති දහය 
  • පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන 
  • කොළ පාට - සොබා දහමට ඇති ලැදි බව / එළිමහන් දිවිය 
  • ලා රෝස පාට - නිහතමානී බව / සමානාත්මතාව / උපේක්ෂශීලී බව 
  • පලා පෙති දහසය - දේශීය සංස්කෘතික ලක්ෂණ

ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනය

ශ්‍රී ලංකා ස්කවුටින් සඟරාවේ පර්යේෂණ අංශය විසින් දීර්ඝ කාලයක සිට සිදුකරනු ලැබූ හඹායෑමෙන් අනතුරුව සියවසක් පැරණි බාලදක්ෂ අතීතයෙහි සම්පූර්ණයෙන්ම අතුරුදහන්වී තිබූ බාලදක්ෂ පදක්කමක් පිළිඹද තොරතුරු අනාවරණය කරනු ලැබුවා.

ලෝක බාලදක්ෂ පදක්කම ඇසුරින් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආරියසේන මහතා විසින් 1962දී ලංකා බාලදක්ෂ 50වෙනි සංවත්සරය සඳහා නිර්මාණය වූ ස්වර්ණ ජයන්ති මුද්දරය සඳහා නිර්මාණය කෙරුණු පදක්කම පසුකාලීනව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සාමාජික පදක්කම වූ බව මෙරට බාලදක්ෂයන් දැනුගනු ලැබුවේ ඉන් අනතුරුවයි. මේවනවිට මෙම මුද්දරයෙහි පළමු සැලසුම් පිටපත් අපසතුව තිබේ.  නිර්මාණකරුගේ නොදැනුවත් බව හා අතපසුවීමක් හේතුවෙන් මෙම මුද්දරයට පස්මුළු තරු එකතුවීම පසු කාලීනව නිවැරදි කරනු ලැබුවා.

දේශීයත්වය හා සෞභාග්‍ය නිරූපනය කිරීම සඳහා නෙළුම් පෙති වටයකින් යුක්ත වන අතර ලෝක බාලදක්ෂ සලකුණ මධ්‍යයෙහි රාජ්‍ය ලාංඡනයෙහි සිටින කඩුවක් අතින් ගත් සිංහයා යොදා බව වාර්තා වෙනවා.

 

No comments:

Post a Comment