Translate

Saturday, October 10, 2015

ගස් වර්ග 15 - අවසාන කොටස (බාලදක්ෂයින්ට අවශ්‍ය)

මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම.ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිද විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිද විද්‍යාව ප්‍රධානවශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය, සශ්‍ය විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත. අහාර අථත්‍යයෙන් සියළු මානව පෝෂණය කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.

බොහෝ මානව පෝෂණය ධාන්‍ය වර්ග විශේෂයෙන් බඩ ඉරිඟු ,තිරිඟු සහ සහල් මත හෝ වෙනත් ප්‍රධාන ආහාර බෝග වන අර්තාපල් මඤ්ඤොක්කා සහ රනිල මත රඳා පවතී.ශාකවල ආහාරයට ගන්නා වෙනත් කොටස් අතරට පළතුරු, එළවළු, කජු, ඖෂධ, කුළු බඩු සහ ආහාරයට ගතහැකි මල් වර්ග අයත් වේ.ශාක වලින් ලබාගන්නා බීම වර්ග වලට කෝපි,තේ, වයින්, බියර් සහ මධ්‍යසාර අයත්වේ. ප්‍රධාන වශයෙන්ම සීනි ලබාගන්නේ උක් සහ බීට් වළිනි. අහාර පිසින තෙල් සහ මාගරින් ලබාගන්නේ බඩඉරිඟු, සොයා බෝංචි, කැනෝලා, සැෆ් මල් , සූරියකාන්ත, ඔලිව් සහ වෙනත් ශාක වලින්ය.අහාර ආකලන වලට ගම් ඇරබික්, ගුවාගම්, ලොඅකස්ට් බෝංචි ගම්, පිෂ්ඨය සහ පෙක්ටීන් අයත් වේ.

ගොඩනැගිලි තැනීමට්, ලී බඩු, කඩදාසි, කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ, හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනි.ශාක වලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ.

 ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය. ශාක කෙඳි වර්ග ,සගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක, ඉටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග, ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිශ්පාදන වල ප්‍රභවයන් ශාකවේ. ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රව‍ය, ටර්පන්ටයින්, රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්, ලිනොලියම්, ප්ලාස්ටික්, තීන්ත, චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ. අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මික ව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසයන ද්‍රව්‍ය වල ප්‍රාථමික ප්‍රභවය වන්නේ ද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.


අැතැම් ශාක මිනිසාට හානිදායක වේ. ශාක විසින් නිපදවන සුලඟේ පාවී යන පරාග නිසා පීනස් රෝගීන් හට ආසාත්මිකත ඇතිවේ. විෂ සහිත ශාක වර්ග පුළුළ් විවිධත්වයකින් පැතිර ඇත. විෂ සහිත අයිවි වැනි ශාක වර්ග සමෙහි ගැටුන විට කැසීම් ඇතිකරයි. දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවන අතර මරණය පවාසිදුවේ.ශාක වලින් උපදවාගන්නා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ආර්තිකය කෙරෙහි සෘණාත්මකව බලපාන අතර එය වැඩකරන්නාගේ නිෂ්පදිතතාවට හා බලාත්මක කිරීමේ වියදම් අඩුකිරීම කෙරෙහි බලපායි. ඇතැම් ශාක වර්ග ශරීරයට උකහාගත් විට මිනිසාට හා සතුන්ට ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකරන අතර තවත් ශාක ආහාර අපත්‍ය වීමක් ඇතිකරයි. එය සෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.

වල් පැළෑටි යනු මිනිසාට අනවශ්‍ය ස්ථාන වල වැඩෙන ශාකයන්ය. මිනිසුන් විසින් ශාක ඔවුන්ගේ උපන් භූමියට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලට පතුරුවාහරිනු ලබන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශාක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි. ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ. ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.

ගසක්‌ සිටවමු

යමෙකු සෙවණ පිණිස යම් ගසක්‌ සිටුවයිද හෙතෙම එම කුසලය හේතුකොටගෙන දෙව්ලොව වාසයට සුදුසුකම් ලබන බවත් කොහොඹ, නුග, සියඹලා, නා, දිවුල්, බෙලි, නෙල්ලි ආදී කල් පවතින ගස්‌ වර්ග රෝපණය කිරීමෙන් නරකාදිය නොදකින බවත් කියැවේ. මෙලෙස රෝපණය කරන්නාවූ ගස්‌ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලා තම වාසස්‌ථාන සඳහා තෝරාගන්නා බවත් ඒවායෙහි අධිගෘහිතව වැඩවසමින් ජන්මීන් වෙත සෙත සලසන බවත් පුරාණයේ සිට එන විශ්වාසයකි. ඒ අනුව ගෙවත්තක බෙලිගසක්‌ රෝපණය කිරීමෙන් ශ්‍රියාකාන්තාවගේ ආකර්ෂණය ද අඹ ගසක්‌ රෝපණය කිරීමෙන් පත්තිනි දේවියගේ ආකර්ෂණය ද මදුරුතලා ශාක රෝපණයෙන් විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය ද සමන්පිච්ච, ගැටපිච්ච, සේපාලිකා ආදී සුවඳ හමන මල් වර්ග රෝපණයෙන් සියලු දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන බවද දෙහි, දොඩම් වැනි පැඟිරි ශාක ගෙවත්තක සිටුවීමෙන් නිවැසියන්ට ආරක්‍ෂාවද, කෝමාරිකා ශාක සිටුවීමෙන් නිරෝගීභාවයද දුටුසතුටු පඳුරක්‌ සිටුවීමෙන් ඇස්‌වහ කටවහ දෝෂ ද ඊතණ ශාක රෝපණය කිරීමෙන් සෞභාග්‍යයද හිමිවන බව සත්‍යයකි.

මීට අමතරව බාලදක්ෂයන්ට අවශ්‍ය වියහැකි තවත් ශාක පිළිබද කෙටි විස්තර හමුවෙන විදිහට වරින් වර මෙහි ඒකතු කිරීමට බලාපෙරොත්තු වෙමු.

මූලාශ්‍ර : ඖෂධීය ශාක සංග්‍රහය

මාදම් ශාකය (දඹ ගස)

MYRTACEAE කුලයට අයත් Syzygium cumini යන උද්භිදය මාදම් ලෙස හදුන්වයි.විටමින් c, ලෝහ,සිනි වලින් අනුන මාදම් ශාකයේ සෑම අංගයක්ම ඔසු පිණිස ගනී,මල බුරුල් ව යන ග්‍රහනියට ඉතාමත් ගුණය, මුදු බඩ වැලි සහිත, පෙදෙස් වල බහුලව ඇත. මාදම් ඇට මුත්‍ර සමග සිනි යන දියවැඩියාවට අවශ්‍යම බේතක් උවද අප රටේ කෙතරම් මාදම් ඇට ගස් යට දිරා යනු දැකිය හැක. කැවුත්තේ සිනි එකතු වන්නට නොදී ශරීර ගත කර දිරවා ගුණ දෙන ගතිය මෙහි ප්‍රදාන වශයෙන් පවතී. ජුලි මාසයෙන් පසු මේ ඇට ගස් යට වැටි දිරන්නට කලින් අහුලා සෝදා වෙලා තබා ගත යුතුය,මේ ඇට කෝපි මෙන් බැද කුඩු කර වෙලා ගත යුතුය. මෙය රණවරා හා කොතල හිඹුටු වලටත් වඩා ගුණ දායකය. පළතුරක් වශයෙන් අප අහාර වේලට එක් කරගත යුතු වටිනා ශාකයකි.
-----------------------------------------------------------------------------------------------------------------

යකිනාරං (Atalantia ceylanica)

යකිනාරං බොහෝ සෙයින් අතු බෙදෙමින් මීටර් 2 දක්වා උසට වර්ධනය වන පැඟිරි සහිත කුඩා ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන් දැක ගත හැකිය. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්‍ර ළා කොළ කහ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොල පැහැයක් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. ඵලය මංසල බදරියකි. ඵලය තුල බීජ රැසක් පිහිටා ඇත. ඵලාවරණය පැඟිරි සහිත ග්‍රන්ථීමය වේ. බීජ මගින් සහ මුල් මගින් ව්‍යාප්තිය සිදු වේ. යකිනාරං RUTACEAE කුලයට අයත් ශාකයකි.
ප්‍රතිශ්‍යා, ඇදුම, අජීර්ණය, ආමාතිසාර, උණ, ආහාර අරුචිය, පක්ෂඝාත, සන්ධි ඉදිමුම්, චර්ම රෝග, සන්නි රෝග, සර්ප විෂ, අර්දිත (මුහුණේ කොටසක් අකර්මන්‍ය වීම වැනි) රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී යකිනාරං ශාකයේ කොළ, පොතු, මුල්, ගෙඩි ආදිය භාවිතා කරයි. යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්‍රහණය කිරීම ප්‍රතිශ්‍යාවට සහනය ගෙනෙයි. මෙම කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්‍රතිශ්‍යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය. අර්දිත රෝගයට ප්‍රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි. සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි. යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්‍රතිකාරයකි. මෙලෙස ප්‍රතිකාර සඳහා යකිනාරං ඒකියව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි.
යකිනාරං කොළ දුම් ඇල්ලීමෙන් මඳුරුවන් පලවා හැරිය හැකිය. මෙම ගෙඩි යාග හෝමවලදී පැඟිරි පස්පංගුව සඳහා ගනී. ගම්බදව බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සඳහා ද යොදා ගනී. යකිනාරං ගෙඩි විනාකිරි යොදා සකස්කරන ලද රසකාරක ව්‍යංජන රසවත් කිරීමට භාවිතා කරයි. එය උණ නිසා ඇතිවන අරුචියට යෙදීමද යොග්‍ය වේ.

 -----------------------------------------------------------------------------------------------------------------



දෙළුම් Pomergranate (Punica granatum L)

අප ආහාරයට ගන්නා පළතුරු අතර ඉතා ඉහල පෝෂණ ගුණයකින් හෙබි පළතුරක් හැටියට "දෙළුම්" හැදින්විය හැකිය.අනෙකුත් පළතුරු මෙන් නොව දෙළුම් වල මුලු පංචාගයම ඹෟෂධ සදහා ගනි. (මුල්, කොළ, දළු, පොතු, ගෙඩි, මල්) දෙළුමි ගෙඩියේ වැඩි වශයෙන් ගුණයක් පවතින්නේ මදයේ නොව දෙළුම් ඇට වලය. දෙළුම් ඇට ආහාරයට ගැනීමෙන් 80% ක් පමණ යකඩ සහ කැල්සියම් ශරීරයට එකතු වෙි. මෙම පළතුර කොලෙස්ටරෝල් ඇති කරන සන්තෘප්ත මෙිද අම්ල රහිත පළතුරකි. තවද දෙළුමි අත් බෙහෙතක් ලෙසින්ද බොහෝ විට ගනු ලැබෙි.

දෙළුම් ගෙඩියක ඇති පෝෂකකැලරි 63 - 78 (ග‍්‍රෑම් සියයක)තෙතමනයප්‍රෝටීන මේදය කාබෝහයිඩ්‍රේට්ස් කෙදි කැල්සියම් පොස්පරස්යකඩ සෝඩියම්පොටෑසියම් විටමින් බී කාණ්ඩවිටමින් සී සිටි‍්‍රක් අම්ලයබෝරික් අම්ලයදෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි.දෙළුම් ගෙඩියේ ලෙල්ල ඩයරියා රෝගයට හොඳ ප‍්‍රතිකාරයකි. දෙළුම් ගෙඩියේ ලෙලලේ ග‍්‍රෑම් 20 ක් කරාබු නැටි හෝ කුරුදු ග‍්‍රෑම් 3 ක් ජලය මිලි ලීටර් 250 තම්බන්න. නිවුණු පසු මෙම මිශ‍්‍රණය දිනකට තුන් වරක්, දින කිහිපයක් යන තුරු බෝන්න. උගුර බැරැන්ඩිවී ඇති විට වතුර මිලි ලීටර් 250 ක දෙළුම් ලෙලි ග‍්‍රෑම් 20 ක් තම්බන්න. එම මිශ‍්‍රණයන් උගුර සෝදන්න. දත් හා විදුරු මස් රෝග ඇති විට - දෙළුම් ලෙලි වේලා කුඩු කර දත් හා විදුරු මස්, දත් බෙහෙතකින් මදිනවාක් මෙන් හොඳින් මදින්න. ගි‍්‍රක පුරා වෘත්තයන්ට අනුව දෙළුම් ආදරයේ හා සුන්දරත්වයේ දෙවඟනග් සංකේතයයි. අරාබි ජාතිකයන්ගේ විශ්වාසයන්ට අනුව දෙළුම් ගසට යක්ෂයා මර්දනය කළ හැකි බලයක් තිබේ. දෙළුම් ගසක් යටදී බියක් නැතිව, ආරක්ෂිතව නිදා ගන්නට හැකියයි යන්න ඔවුන් තුළ ඇති තවත් මතයකි.

ඔබේ ගෙමිදුලේත් මේ ඖෂධීය ශෘකය සිටුවා ගැනීමට අමතක නොකරන්න. දිගු කලක් ගබඩා කළ හැකියි. දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුය. ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගත හැකියි.දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 - 42 ක උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගත හැකියි. හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස 2 ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්. දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප‍්‍රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියයි. පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්, දිලිසීමක්, තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්න.

අතීසාරය ඇති වූ අවස්ථාවකදී පැසුණු දෙළුම් ගෙඩියක් ගන්න පසුව එහි ඇස්ස කපා හරින්න. හැන්දක් භාවිතා කර එහි ඇට ඉවත් කර ගන්න. පසුව කබලේ බැද ගත් සූදුරු ස්වල්පයක් ගෙන දෙළුම් ගෙඩියට පුරවා කපා ඉවත් කළ ඇස්සෙන් නැවත වසන්න. දැන් කෙසෙල් කොළයකින් ඔතා ගැට ගසා ගන්න. පසුව එය උණු අළු යට දමා හෝ හුමාලයේ තම්බා ගන්න.පසුව කෙසෙල් කොළය ඉවත් කර සම්පූර්ණ දෙළුම් ගෙඩිය වතුර ස්වල්පයක් දමා කොටා ඉස්ම ටික මිරිකා ගන්න. මිරිකා ගත් ඉස්ම කුඩා ළමයෙකුටනම් තේ හැදි 1 ක් ද වැඩිහිටි කෙනෙකුටනම් අඩු කෝප්ප ½ ක් ද බිමට දෙන්න. පසුව රෝගය සුව වනු ඇත. නාසයෙන් ලේ ගලන විට දෙළුම් මලෙහි යුෂ බිදු දෙකක් නාසයට දමන්න. ඇස් රෝග ඇති අවස්ථා වලදී දෙළුම් කොළ තම්බා ගත් වතුරෙන් ඇස් දෙක හොදින් හෝදන්න. කුඩා දරුවන්ගේ පණු අමාරුවට දෙළුම් ගසේ පොතු තම්බා බීමට දෙන්න. උගුර බැරැන්ඩිය ඇති වූ විට වතුර මිලි:ලී 250 ක් සමග දෙළුම් ලෙලි 20g ක් තම්බන්න.පසුව එයින් උගුර සෝදා හරින්න. දත් හා විදුරු මස් රෝග ඇති වූ විට දෙළුම් ලෙලි වෙිලා කුඩු කර ගත් පසු එයින් දත් හා විදුරුමස් හොදින් මදින්න. ලේ ගැලීමක් සිදුවන සෑම අවස්ථාවකදීම දෙළුම් ගසේ පොතු තම්බා ගත් වතුර පානය කිරීම සුදුසුය. එමෙන්ම කාන්තාවන්ගේ මාසික ඔසප් විම වැඩි වශයෙන් සිදු වෙි නම් මේ ප්‍රතිිකර්මය සුදුසු වේ.

 -----------------------------------------------------------------------------------------------------------------


නෙල්ලි (Phyllanthus embilica)

අඩි තිහක් පමණ උසට වැවෙන ගසකි. Euphor Biaaceac කුලයට අයත් සිංහල නාමයෙන් ඇඹල ලෙස ද දෙමළ නෙල්ලිකායි ඉංග්‍රීසියෙන් Indian Goosberry යන නාමයෙන් මෙය හඳුන්වයි. මෙම ශාකයේ අතු බෙදෙනේ අක්‍රමවත්වය. පොත්ත අළු පාටය. අතුවල කුඩා පත්‍ර රාශියකි. එක්‌ එක්‌ ශාකාවක සරල පත්‍ර රාශියක්‌ ඒකාකාරව පිහිටා තිබේ. මල් ඒකලිංගිකය. ස්‌ත්‍රී හා පුරුෂ මල් එකම ගසෙහි සඳහන් බැව් ප්‍රකාශිතය. ගෝලාකාරයෙන් යුක්‌ත සෙ. මි. 1.2, 1.6 විෂ්කම්භයක්‌ ඇති මාංශයකින් යුක්‌තය. ලා කොළ පැහැයක්‌ ඇති ගෙඩිය. පලාවර්ණ පියලි තුනකට බෙදී ඇත. එය තුළ බීජ හයක්‌ පමණ දැකිය හැක. මල් ඒක ලිංගිකය. පුරුෂ හා ස්ත්‍රී මල් එකම ගසේ පිහිටා ඇත. ඵලය ගෝලාකාර වන අතර මාංශල වේ. බීජ ඉතා දැඩිය. ඵලයේ ආවරණය කණ්ඩිකා තුනකට බෙදී ඇත. එක කණ්ඩිකාවක බීජ දෙක බැගින් පිහිටා ඇත. අප රටෙහි තෙත් කලාපයේ සුලභව වැවේ. මැදරට මධ්‍යම පළාත ඌව හා සබරගමුව විශේෂයි. නෙල්ලි වල විටමින් C බෙහෙවින් අන්තර්ගතය.

Fruit of Phyllanthus acidus
ත්‍රිපලා නමින් හඳුන්වන ආයුර්වේද ඖෂධ සංයෝගයෙහි එක් සංඝටකයක් වන්නේ නෙල්ලිය. නෙල්ලි කුඩු තුනක (03) අනුපාතයට අරළුදෙකයි (02) බුලු කුඩු එකයි (01) යනුවෙන් කිරාගෙන එම කුඩු තුන් වර්ගය ගිතෙලෙන් අනා මී පැණි මිශ්‍ර කරමින් අඹරා කල්කයක්‌ සාදාගෙන පස්‌ ලෝහ තැටියක දමා තුනීකර අව්රශ්මිය නොවැටෙන ලෙසට දින තුනක්‌ පවනේ වේලාගත යුතුය. නෙල්ලි දැවිල්ල නසයි, ඇසට හා හෘදයට හිතකරය, කෙස් වඩයි, රුධිරය පිරිසිදු කරයි, මුත්‍ර වැඩි කරයි, ආහාර අරුචිය නසයි. අමු හා වියළි නෙල්ලි ගෙඩි, කොළ, පොතු, මල් හා ඇට ඖෂධ වශයෙන් භාවිතයට ගැනේ. මුඛයේ තුවාලවලට කොළ තැම්බූ වතුරෙන් කට සේදීම ගුණදායකය, ශරීරගත සුදයැමේ රෝගයට නෙල්ලිපිටි හෝ යුෂ මීපැණි දමා බීම හොඳය. අර්ශසයට නෙල්ලි, රසකිඳ එකට අඹරා එම කල්කය එල මෝරු දමා බීම ගුණදායකය. වාත රක්‌ත කුෂ්ඨයට නෙල්ලි යුෂය ගිතෙල් සමඟ කකාරා බීමද මුත්‍ර දාහයට නෙල්ලි යුෂයට කහ කුඩු ස්‌වල්පයක්‌ දමා බීමද, මුත්‍ර අඩස්‌සියට නෙල්ලි උණුවතුරෙන් අඹරා යටි බඩේ ගෑමද, නාසයෙන් ලේ යනවාට නෙල්ලි ගිතෙලෙන් බැද අඹරා හිසෙහි ගෑමද, හිස්‌හොරිවලට නෙල්ලි දෙහිඇට, උළුහාල්, ගොඩපර තම්බා හිස සේදීමද හොඳ බැව් ආයුර්වේදයෙහි සඳහන් වීම නිසා අත්දැකීම් ලද පුද්ගලයන් සමඟ මේ ලියුම්කරු සාකච්ඡාකර තිබේ.

 -----------------------------------------------------------------------------------------------------------------

* මෙම කොටසට ඉදිරියේදී වරින් වර  අලුත් ශාක පිළිබද ඒකතු කිරීම් සිදු කෙරෙනු අැත.

31 comments:

  1. මෙය බ්ලොග් පවර් සින්ඩියට ඇතුලත් කලා . නෙලුම් යායට ඉදිරි සතියේදී ඇතුලත් කර ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම විටම!

      Delete
    2. Dating for everyone is here: ❤❤❤ Link 1 ❤❤❤


      Direct sexchat: ❤❤❤ Link 2 ❤❤❤

      tV...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. avira-antivirus-pro-crack is the best software to kill viruses and malware in your system for your protection. It is full of safety tools. Therefore, you can scan the system in a short time. Besides, it is suitable for both Mac and Windows operating systems.
    freeprokeys

    ReplyDelete
  4. dr-fone-crack
    can be a productive and fantastic tool for assigning all one of those misplaced data out of the own system. It may operate on different hardware systems, for example, cellular apparatus, and is very flexible.
    new crack

    ReplyDelete
  5. Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far.Ultraiso Premium Crack

    ReplyDelete
  6. I use this software and no errors or errors were discovered, so I think this is the best choice.
    Multilingual skills and collaboration have been very helpful to me.

    aeroadmin crack
    riffstation crack
    sam broadcaster pro crack
    textaloud crack

    ReplyDelete
  7. I use this software and no errors or errors were discovered, so I think this is the best choice.
    Multilingual skills and collaboration have been very helpful to me.
    junkware removal tool crack soundtap streaming audio recorder crack
    spotify crack
    amolto call recorder crack

    ReplyDelete
  8. It is time to establish some longer-term goals and it is time to be happy.
    I have learned this post, and if I can only recommend some questions or recommendations.
    You may be able to write the next articles on this subject.
    I want to learn more stuff about it!
    long tail pro platinum crack
    avast cleanup premium crack
    ytd video downloader pro crack
    folderguardcrack

    ReplyDelete
  9. And I appreciate your work, I'm a great blogger.
    This article bothered me a lot.
    I will bookmark your site and continue searching for new information.
    sam broadcaster pro crack
    gameloop crack
    uninstall tool crack
    imageranger pro edition crack

    ReplyDelete
  10. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    ReFX Nexus VST Crack
    Forza Horizon 2
    DeskSoft EarthView Crack

    ReplyDelete
  11. Dating for everyone is here: ❤❤❤ Link 1 ❤❤❤


    Direct sexchat: ❤❤❤ Link 2 ❤❤❤

    mn

    ReplyDelete
  12. Thanks to the free offer, I was able to get my hands on it right away, and it's running smoothly and intuitively.https://hdlicense.net/zenmate-vpn-crack-torrent/

    ReplyDelete
  13. I am very impressed with your post because this post is very beneficial for me and provide a new knowledge to me. this blog has detailed information, its much more to learn from your blog post.I would like to thank you for the effort you put into writing this page.
    I also hope that you will be able to check the same high-quality content later.Good work with the hard work you have done I appreciate your work thanks for sharing it. It Is very Wounder Full Post.This article is very helpful, I wondered about this amazing article.. This is very informative.
    “you are doing a great job, and give us up to dated information”.
    ukeysoft-spotify-music-converter-crack/
    videosolo-video-converter-ultimate-crack/
    wondershare-pdfelement-pro-crack-2/
    imazing-crack/
    magix-acid-pro-crack/

    ReplyDelete
  14. This is also a very good post which I really enjoyed reading. It is not every day that I have the possibility to see something like this..
    pro evolution soccer crack
    europa universalis iv cradle civilization crack
    NBA 2K Playgrounds 2 Crack

    ReplyDelete
  15. Frame the flower well, ensuring that you are photographing just one flower without any deformities. The app then uses its powerful, proprietary artificial intelligence to identify the flower instantly. The app also tells you its percentage certainty that it has correctly identified the flower.
    webstorm crack
    typing master pro crack
    vso convertxtodvd crack
    mackeeper crack
    teamviewer crack with torrent

    ReplyDelete
  16. Thanks a lot for sharing such a nice content. AutoCAD Electrical is a best tool for device electrical designing puepose. Again thanks to allow my comment.

    ReplyDelete