Translate

Showing posts with label බාලදක්ෂිකා. Show all posts
Showing posts with label බාලදක්ෂිකා. Show all posts

Monday, April 8, 2024

සිලෝනා පෙරවදන - CEYLONA ජත්‍යන්තර බාලදක්ෂිකා කදවුර 2024

2024 වර්ෂය ශ්‍රී ලංකා බාලදක්ෂිකාවන්ගේ 107 වැනි ස්මරණීය වර්ෂයයි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ගැහැණු ළමයින් උදෙසා ම පිහිටවනු ලැබූ සංවිධානයකි. ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා කටයුතු ආරම්භ වූයේ 1917 මාර්තු 21 දිනය.  මහනුවර උසස් බාලිකා විදුහලේ එවකට විදුහල්පතිනිය වූ Miss F.R. Samson සැන්සම් මෙනෙවියගේ උනන්දුව මත ජෙනී කැල්වර්ලි Mrs. Jenny Greene Calverley මෙනෙවිය විසින් මෙම ව්‍යාපාරය ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ඇය විසින් මෙරටට නෙට්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමට කටයුතු කලබව ද පැවසේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ තරුණ ගැහැණු ළමුන් 40 ක් බඳවාගෙන 1වන මහනුවර බාලදක්ෂිකා සමාගම 1st Kandy Guide Company පිහිටුවන ලදී.

ලෝක බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. මේ වනවිට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකා සාමාජික සංඛ්‍යාව මිලියන 41 ඉක්මවා ඇති බව වාර්තාවේ. මොවුන් සියල්ලටම සෙවණ සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement - (WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts - WAGGGS) හැදින්විය හැකිය.

මෙසේ ආරම්භ වූ  බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් වී තිබේ. එසේම මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකිය. 1917 දී ජෙනී කැල්වර්ලි මෙනෙවිය විසින් විසින් රෝපණය කරන ලද බාලදක්ෂිකා බීජය 2017දී ශත සංවත්සරය ජම්බෝ '17 ලෙස 2017 අගෝස්තු 23 සිට 27 දක්වා මින්නේරිය යුද හමුදා කඳවුරේදී සමරනු ලැබිණ. ශ්‍රී ලාංකීය බාලදක්‍ෂිකා ව්‍යාපාරයේ සියවස් සැමරීමෙන් අනතුරුව නැවත වරක් දැවැන්ත කඳවුරු අත්දැකීමක් බෙදා දීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ජාත්‍යන්තර අංශය සූදානම් වෙමින් සිටිති.  

Ceylona පදක්කම

සිලෝනාව කරලියට

ඈත අතීතයෙහි සිට ම විදේශික වෙළෙන්දෝත් දේශාටකයෝත් අපේ රටට ආහ.  "සමුද්‍ර" යන සංස්කෘත පදයට නෑකමක් ඇති "සිමුන්දු" හෙවත් "සිමොන්දු" (Simoundu) යන නම ද ප්ලිනි (Pliny) නමැති ග්‍රීක ලේඛකයා ලියූ "Periplus of the Erythrean Sea " නම් පොතට අනුව ග්‍රීකයන් අපේ රට හැඳින්වීමට "Palaisimundu" (පලයිසිමන්දු) හෙවත් "පාරසමුද්‍ර"යෙදූ බවත් පැවසේ.
 
යුරෝපයෙන් පැමණි දේශාඨකයේ බොහොමයක් මේ රට හැඳින්වීමට වැඩිපුර ම යොදා ගත්තේ "සිංහල දේශ" යන නාමය ආශ්‍රයෙන් සදා ගත් පද වලිනි. "සාලිකේ" (Salike) යන නම ග්‍රීකයන් යෙදූ බව කියවේ. "ස්වර්ණ ද්වීප" යන නාමය හෝ "සිංහල ද්වීපය" යන නාමය ඊට පාදක කොට අරාබි ජාතික වෙළන්දෝ "සෙ‍රන්ඩිප්" (Serendip) හෝ "සෙරෙන්ඩිබ්" (Serendib) කීහ. මේ "සෙරෙන්ඩිප්" යන පදය අනුසාරයෙන් ඉංග්‍රිසි ශබ්දකෝෂයට ද අලුත් පදයක් එක් විණ. ඒ "serendipity" (සෙරෙන්ඩිපිටි) යන පදය යි. මේ පදය ඉංගිරිසි භාෂාවට එක් කිරීමේ ගෞරවය හිමි වන්නේ හොරස් වොල්පෝල් ( Horace Walpole) නමැති ගත්කතුවරයාට ය. 1754 දී ඔහු ලියූ "Three Princes of Serendip" නමැති කෘතියෙහි "සෙරෙන්ඩිපිටි" යන පදය යෙදුවේ "අහම්බෙන් මුහුණ දීමට සිදු වන සතුටුදායක සිද්ධි" හැඳින්වීමට ය. ඒ නාමපදය ඇසුරින් "serendipitous" යනුවෙන් ගුණ පදයක් ද "serendipitously" යනුවෙන් විලාස පදයක් ද ඉංගිරිසියට එක් විණ.
 
පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රිසි යන යුරෝපීය ජාතීන් අපේ රට හැඳින්විමට යොදා ගත් නම් සමහරක් අතර Zeilan (සෙයිලාන්), Zeylan (සෙයිලාන්), Seylan (සෙයිලාන්), Ceilao (සෙයිලාඕ), Ceylan (සිලාන්), Ceylon (සිලෝන්) දැක්විය හැකිය. මේ අතුරින් පෘතුගීසීන් යෙදුවේ "සෙයිලාඕ" යන්න යි. එහි අවසානයෙට එන "ඕ" ශබ්දය උච්චාරණය කෙරුණේ නාසික්‍ය ශබ්දයක් වශයෙනි. ලන්දේසීන් වැඩිපුර යෙදුවේ "සෙයිලාන්" යන නාමය යි. එමේ අතුරින් අවසානයට ම අසන්නට ලැබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් යෙදූ "සිලෝන්" යන නාමය යි. ඒ නාමය ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වුණේ ඔවුන් ලෝකයට ගෙන ගිය ලංකා තේ නිසා ය. අද වුවත් විදේශිකයන් අපේ රට ගැන දන්නේ "Ceylon Tea" (සිලෝන් ටී) නිසා ය. මීට අමතරව ලංකාවේ එක් බැංකුවක් ද මේ නාමය තවමත් ආරක්ෂා කොට ගෙන සිටි. ඒ "ලංකා බැංකුව" හෙවත් "Bank of Ceylon" (බෑන්ක් ඔෆ් සිලෝන්) ය. කෙසේ හෝ සිලෝන් යන්න ලොවක් දන්නා සන්නාමයක් බවට අදවන විට පත්ව තිබේ. 
CEYLONA කඳවුරු ලෝගෝව

සිලෝන් යන්න සිංහලේ යන වදන ඉංග්‍රීස් උරුවට යොදා ගනු ලැබූවකි. එතෙක් සිංහලේ නම් වූ දූපත් රාජ්‍ය එක්සත් රාජධානියේ යටත් විජිතයක් බවට පත් වූ වකවානුවේදී හඳුන්වනු ලැබූ "බ්‍රිට්ශ් සිලෝන්" නාමයෙන් බිඳි ආ නාමපදයකි. ඒ අනුව රටේ නිල නාමය "සිලෝන්" නම්විය. මෙම තත්වය 1956 දක්වා පැවති අතර 1956 දී පනතක් මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වූ අතර රටේ නිල නාමය ලංකා බවට පත්විය. එනමුත් ඉංග්‍රීසි බස කථාකරන්නන් දිගටම සිලෝන් වදන භාවිතා කරන ලදී. 1972 දී ජනරජ ව්‍යවස්ථාවෙන් රටෙහි නම ශ්‍රී ලංකා ලෙස වෙනස්කරන ලදී.

සිලෝනා යනු සිංහල බසින් නිරුප්පත්ති වූ වදනක් නොවේ. ලොවක් දන්නා සන්නාමය වූ සිලෝන් නාමයට 'ආ' ප්‍රත්‍ය එක් කිරීමෙන් 'සිලෝනා' 'CEYLONA' නාමය නිර්මාණය වී තිබේ. මෙවර පැවැත්වෙන බාලදක්ෂිකා කඳවුරට පූර්ව සාක්ඡා වට කීපයකදීම කරලියට ආ නම් අතරින් වඩාත් ආකර්ශනීය වූ මේ නම ඇසුනේ අහම්බෙනි. ඒ නදීශානි ජයරත්න මෙනවියගේ අදහසකි. මෙම පෙරවදන කදවුරු ලෝගෝව වෙනුවෙනි.

සිලෝනා බාලදක්ෂිකා ජාත්‍යන්තර කඳවුරක් 2024 අගෝස්තුවේදී..

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය තරුණ නායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් සිලෝනා - 2024 නමින් ජාත්‍යන්තර කඳවුරක් පැවැත්වීමට තීරණය කර ඇත. එය කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේදී 2024 අගෝස්තු මස 18 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙම කඳවුර පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තුන්දහසකට අධික බාලදක්ෂිකාවෝ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආසියා ශාන්තිකර කලාපීය කමිටුවේ උපසභාපතිනි ප්‍රාර්ථනා ලියනගේ මෙනෙවිය සහභාගිවීමට නියමිතය.


Ceylona කඳවුරේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව 2024.04.08 දින පැවති අතර එහිදී නිල කඳවුරු කාර්‍යාලය විවෘත කරනු ලැබිණ. කඳවුර සඳහා ලියාපදංචි කටයුතු නිලවශයෙන් ආරම්භ කෙරුණ අතර එහිදී කඳවුරු නායිකාව ලෙස ප්‍රධාන කොමසාරිස්තුමිය හා පළමු බාලදක්ෂිකාව නිල වශයෙන් කඳවුර සඳහා ලියාපදිංචිකරගනු ලැබිණ.

Ceylona කඳවුරේ ලාංජනය සහ කඳවුරු ගීතය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණ අතර කදවුරු සුරතලා ලෙස Celly නැමති අලි පැංචිය හඳුන්වා දී තිබිණ. මෙම කුළුදුල් මැස්කොට් නිර්මාණය රන්දිනී ප්‍රනාන්දු බාලදක්ෂිකාවගේ ය. එදා මෙදාතුර බාලදක්ෂිකා ඉතිහාසයෙහි කඳවුරු සුරතලෙකු හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය වේ. සිලෝනාව හා බැඳුණු කඳුවරු සුරතලා සමග ඡායාරූපයක් ගැනීමට ලැබීම ඔබටත් අපූරු සිහිවටනයක් වනු ඇත.

සැලී නම් බාලදක්ෂිකාව - සිලෝනා කඳවුරු සුරතලා

2D සජීවී කරනය සුප්‍රකට මල්මාමා කොමික් කාටූන් ශිල්පියා වන පියල් උදය සමරවීර මාමා සහ පසක් සමරවීර මහතා විසින් බාලදක්ෂිකාවන් වෙත ලබාදුන් දායකත්වකි.

සෙලී නම් කුඩාමිතුරිය - සිලෝනා කඳවුරු සුරතලා
 
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ඉතිහාසයෙහි මෙවැනි දැවැන්ත කඳවුරක් සංවිධානය කිරිම වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ කටයුත්තක් පසුගිය දා කොළඹ බාලදක්ෂිකා මුලස්ථානයේදි සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමයේ උපසභාපතිනි ස්වර්ණිකා පිටිගල සහ ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂාන්ති හේරත් ඇතුලු බාලදක්ෂිකාවෝ රැසක් සහභාගි වූහ. ඒ සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වී සිටි අතර CEYLONA ජාත්‍යන්තර කඳවුරේ සහයෝගීතා අනුග්‍රාහකත්වය ලංකාදීප පුවත්පත් සමාගමේ විජය බාලදක්ෂිකා කඳවුර, Scouting Magazine සඟරාව සහ ස්කවුටිං යූටිබ් නාලිකාව විසින් සිදුකරනු ලැබේ.
 

සිලෝනා SDG goals

2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය සහ එහි තිරසර සංවර්ධන ඉලක්ක - ජාත්‍යන්තර සහයෝගීතාවයේ වර්තමාන ප්‍රමුඛ ගෝලීය රාමුවේ පදනම වන්නේ තිරසරභාවයයි. බාලදක්ෂිකා තිරසර සංවර්‍ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයකි.

2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කළහ. ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට මාවතක් සකස් කළහ. මෙම “2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) Sustainable Development Goals වන අතර එමඟින් අපට අවශ්‍ය ලෝකය ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත - කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ වේ.


නව ගෝලීය ඉලක්කයන් ආරම්භයේ සිටම ව්‍යාපාර, සිවිල් සමාජය සහ පුරවැසියන් සම්බන්ධ කරගත් රජයන් සමඟ වෙන කවරදාටත් වඩා සංයුක්ත වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ලෝකය යා යුත්තේ කොතැනටද යන්න පිළිබඳව අපි සියලු දෙනා එකඟතාවයක සිටියි. මෙම අභිලාෂයන් සපුරාලීම සඳහා සමාජයේ සෑම අංශයක්‌ම පෙර නොවූ විරූ උත්සාහයක් ගත යුතු අතර, තිරසර සංවර්ධන සභාව වශයෙන් අපි සැම දෙනාටම තිරසර සංවර්ධන රටක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට බාලදක්ෂිකා අපි කැපවී සිටින්නෙමු.

සිලෝනා කඳවුරු බිම

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික වැදගත්කම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන අතර ඉහතින් සඳහන් කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන රාජධානි හතරට අමතරව බදලත්ථලි නම් උප රාජධානියක් ඉබ්බාගමුව බතලගොඩ වැව ආශ්‍රිතව පිහිටා තිබී ඇත. අතීතයේ බතලගොඩ ප්‍රදේශයේ මංගලපුරය ලෙස ද හඳුන්වා දී ඇත. පළමුවන පැරකුම් රජුගේ අමාත්‍යවරයකු වූ බදලත්ථලි විසින් දැදුරු ඔය හරස් කර අමුණක් බැඳ වේලක් ඔස්සේ ලබාගත් ජලයෙන් පිර වූ බැවින් මෙම වැව “බදලත්ථල වාපි“ වශයෙන්ද හැඳින් වේ. මෙම ප්‍රදේශය 'බදලත්ථලි පුර' වශයෙන්ද හැඳින් වූ බවට මතයක් ඇත. පසුකාලීනව කල්‍යාණවතී රැජින (ක්‍රි.ව.1202-1208) විසින් බතලේගොඩ වැව ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. බතල උඩ වැවේ සොරොව්ව අසල ඇති සෙල් ලිපියෙන් මෙම තොරතුරු සනාථවේ. 

ශ්රී ලංකා ඉතිහාසයේ නිදහස් අධ්යාපන පනත සම්ම්මත් වීමෙන් පසු එය තවදුරටත් සමාජගත කිරීමේ ප්රතිඵලයක් ලෙස ඇති මධ්ය විද්යාල සංකල්පයෙන් බිහිකල ජාතික පාසැල් අතරින් ශ්රී ලංකාවේ තුන්වන ජාතික පාසල වන ඉබ්බාගමුව මධ්ය විද්යාලය 1942 දි ඉබ්බාගමුවෙන් ජාතියට දායද වී ඇත.  

CEYLONA කඳවුරු භූමිය අතීතයේ බදලත්ථලි නුවර මංගල පුරය පිහිටා තිබූ මනරම් ඉබ්බාගමුව මධ්ය විද්යාලය පුරා විහිදී තිබේ. බතලේගොඩ වැවට මායිම්ව පිහිටි ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය අක්කර 5කට ආසන්න පාසල් භූමිය පුරා  බාලදක්ෂිකා කඳවුරු බිම විහිදී තිබේ.

ක්‍රියාකාරකම් ව්‍යාප්තවන බතලේගොඩ වැව්පිටය

උපකඳවුරු 07ක් යටතේ බාලදක්ෂිකා පලාත් 09 බෙදා කෝටා ක්‍රමයක් යටතේ තෝරාගන්නා ලද බාලදක්ෂිකාවන් කදවුරු බැදීමට යෝජිතය.

ඉබ්බාගමුව මධ්ය විද්යාලයේ සිලෝනා කඳවුරු භූමිය
 
සිලෝනා කදවුරු කාර්යාලය

Ceylona කඳවුරේ නිල කඳවුරු කාර්‍යාලය කොළඹ බාලදක්ෂිකා මුලස්ථානයේ විවෘත කර තිබේ. සිලෝනා කඳවුරු නායිකා, ප්‍රධාන කොමසාරිස්තුමිය විසින් ප්‍රධාන කඳවුරු කාර්‍යාලයේ සිට කඳවුරේ සියලු මෙහෙයුම් කටයුතු මෙමගින් සිදුකෙරේ. කඳවුර සඳහා දෙස් විදෙස් ලියාපදංචි කටයුතු, ප්‍රචාරණ කටයුතු, ප්‍රවර්ධන කටයුතු, සංවිධාන කටයුතු ඇතුලු සියලු මෙහෙයුම් සම්බන්ධීකරනය මෙම ප්‍රධාන කඳවුරු කාර්‍යාලය මගින් සිදුකෙරේ.

සිලෝනා ලියාපදිංචිය

දේශීය හා විදේශීය බාලදක්ෂිකාවන්ගේ ලියාපදිංචි කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සෑම ප්‍රාදේශිකයකම බාලදක්ෂ කඳවුරු නායිකාවන් වෙත යොමුකර ඇත. මෙම කඳවුර සඳහා සහභාගීවීම සීමා සහිත බැවින් ප්‍රමාදයකින් තොරව බාලදක්ෂිකා කණ්ඩායමේ නායිකාවන් විසින් ලියාපදිංචි කටයුතු සඳහා යොමුවීමෙන් ඇතිවිය හැකි අපහසුතා මඟහැරවා ගත හැකි බව කාරුණිකව සළකන්න. 

කඳවුර සඳහා සමනලියන් හා කුඩාමිතුරි ලියාපදිංචි ගාස්තුව  – Rs 1000.00

කඳවුර සඳහා බාලදක්ෂිකා ලියාපදිංචි ගාස්තුව – Rs 2000.00 (Registration fee will be includes the Camp patch,Activity patches, ID card , certificate, and a water bottle)

කඳවුර සඳහා බාලදක්ෂිකා නායිකා ලියාපදිංචි ගාස්තුව – Rs 1500.00 (Registration fee will be includes the camp patch, ID card , certificate, and a water bottle)

කඳවුර සඳහා ජාත්‍යන්තර සේවා කණ්ඩායම (IST) International Service Team ලියාපදිංචි ගාස්තුව – Rs 6000.00 (Registration fee will be includes the camp patch, ID card, certificate, and a water bottle)

ලියාපදිංචි කටයුතු සඳහා

Account Name - Sri Lanka Girl Guides Association Account Number – 017560000197
Bank and Branch name – Sampath bank, Colombo super


 

Tuesday, March 26, 2024

බාලදක්ෂිකා සංගමයේ 107 වන සැමරුම වෙනුවෙන් වෙබ් අඩවියක් විවෘත කරයි (1917-2024)

කැපවීම, සේවය සහ ස්වේච්ඡා සේවයේ 107 වසර සැමරීමට අපි උද්යෝගිමත් සහ උනන්දු වෙමු!



 
තරුණ කාන්තාවන් සවිබල ගැන්වීමේ 107 වසර සමරමින්, ශ්‍රී ලංකා බාලිකා බාලදක්ෂිකා සංගමය එහි ඔරොත්තු දීමේ, නායකත්වය සහ සේවා ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වසර 107 කට පෙර එහි ආරම්භයේ සිටම, SLGGA ශ්‍රී ලංකාව පුරා සිටින අසංඛ්‍යාත ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත හැඩගස්වාලීම, ධෛර්යය, දයානුකම්පාව සහ ප්‍රජා ආත්මය යන වටිනාකම් ඇති කිරීමෙහිලා ඉදිරියෙන්ම සිටී. මෙම වැදගත් අවස්ථාව සමරන අතරතුර, අතීතයේ කැපී පෙනෙන ජයග්‍රහණ ගැන මෙනෙහි කරමින් SLGGA හි මෙහෙවර ඉදිරියට ගෙන යාමට අපගේ කැපවීම අලුත් කර ගනිමු. එක්ව, සෑම ගැහැණු ළමයෙකුටම දියුණු වීමට, නායකත්වය දීමට සහ වෙනසක් කිරීමට අවස්ථාව ඇති අනාගතයක් අපි සිතමු. මෙන්න තවත් වසර ගණනාවක ආශ්වාදය, බලගැන්වීම සහ සහෝදරත්වය වෙනුවෙන් සුභ 107 වැනි සංවත්සරයක්, ශ්‍රී ලංකා බාලදක්ෂිකා! 
 




107වැනි සංවත්සරය සමරණ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට SCOUTING සගරාවේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු. මේ ඒ වෙනුවෙන් අප විසින් සකස් කරනු ලැබූ පද පෙළකි.  


බාලදක්ෂිකා......ආලෝකයයි... (ශ්‍රී ලංකා....)
ශ්‍රී ලංකා........ආ....( ශ්‍රී ලංකා....)
ලෝකයයි... ආ....ලෝකයයි...
ශ්‍රී ලංකා බාලදක්ෂිකාලෝකයයි...

එක් වෙමු - රොක් වෙමු
රොද බැද - ජයගමු
එක්සිය හත්වසරක අභිමානයයි... මේ...
ශ්‍රී... ලංකා....ආ....(ශ්‍රී ලංකා....)
බාලදක්ෂිකාලෝකයයි...

තරු දිලෙනා ආකාසේ
එක්වෙමු අපි මීමැසුන් සේ  
ලෝකයයි... ආ....ලෝකයයි...
බාලදක්ෂිකාලෝකයයි...
ශ්‍රී ලංකා........

ශ්‍රී ලංකා......ආ....ආ....
ශ්‍රී ලංකා බාලදක්ෂිකා...
ශ්‍රී ලංකා......


2024 වර්ෂය ශ්‍රී ලංකා බාලදක්ෂිකාවන්ගේ 107වැනි ස්මරණීය වර්ෂයයි. SLGGA මෙම ඓතිහාසික පියවරක් ලෙස බාලදක්ෂිකා නිල වෙබ් අඩවිය ද අන්තර්ජාලයට මුදාහරිනු ලැබිණ.

 

Wednesday, March 20, 2024

ශ්‍රී ලංකා බාලදක්ෂිකාලෝකය - බාලදක්ෂිකා සංගමයේ 107 වන සැමරුම (1917-2024)

බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කළේ පිරිමි ළමුන් උදෙසායි. නමුත් බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳව මූලධර්ම ඇතුලත් කොට බේඩින් පවෙල් විසින් රචිත ‘පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ’ (Scouting for Boys) මුල් පොත කියවීම, පිරිමි දරුවන්ට පමණක් ම සීමා වුණේ නැහැ. තම සහෝදරයින් සිදුකරන බාලදක්ෂ පුහුණු කටයුතු පිළිබඳ සහෝදරියන් මහත් උනන්දුවක් දැක්වූවා. එළිමහන් කටයුතු කෙරෙහි ඔවුන් වඩාත් ආකර්ශනය කරගනු ලැබුවා. තමාටත් හැකි පමණින් එම කටයුතු අත්හදා බැලීමටත් එළිමහනේ පිසීම, කඳවුරු ගතකිරීම ආදී බාලදක්ෂයින් විසින් සිදුකරන ක්‍රියාකාරකම් කටයුතු සිදුකරමින් බාලදක්‍ෂ ව්‍යාපාරය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වීමට දැරියන්ද උනන්දු වුණා. ස්කවුටිං ‍ෆො බෝයිස් පොතෙහි සඳහන් ක්‍රියාදාමයන් පිරිමින් දරුවන්ට පමණක් නොව තමන්ට ද අනුගමනය කළ හැකි බව ප්‍රදර්ශනය කරනු ලැබුවා. මේ හේතුවෙන් එංගලන්තයේ මෙම දැරියන් ටොම් බෝයිස් ලෙස පාසල් ළමුන් හිරිහැර අඩම්තේට්ම් හා උසුළු විසිළු ද කරනු ලැබුවා. එංලන්තය ඇතුලු රටවල් බොහෝමයක කාන්තාවන් දිරියෙන් ඉදිරියට පැමිණෙමින් සිටියේ මේ සමයේදීයි. තමන්ට සමාජයේ තැනක් හිමි බව කතා කළේ, අයිතිවාසිකම් පිළිබඳව කතා කළේ ඒ යුගයේදීයි. 1910 - 1911 වසරවල කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඉන්පසුවය. 

එංගලන්තයේ මේ වකවානුවෙහි පැවති බොහෝ උත්සව සඳහා කාන්තා බාලදක්ෂයින් බලහත්කාරයෙන් පැමිණි බව පැවසෙනවා. 1909 වසරේදී ලන්ඩනයේ ක්‍රිස්ටල් මාලිගයේදී පළමු බාලදක්ෂ රැලිය සදහා පිරිමි ළමුන් 10000 පමණක් නොව ගැහැණු ළමුන් ද අනාරාධිතව බලෙන් ම සහභාගී වී තිබුණා. බේඩින් පවෙල් සාමිවරයා ඔවුන් දැකීමෙන් මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය ගැන වැඩිදුරටත් උනන්දුවක් දැක්වියයුතු යැයි කල්පනා කරනු ලැබුවා. බාලදක්ෂ ව්‍යාපාරයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟම ගැහැනු ළමුන්ටද එහි සාමාජිකයන්වීමට අවශ්‍යතාවය මතුවෙමින් පැවතුණා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවන් වෙනුවෙන් ද බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කිරීමයි. 

ක්‍රිස්ටල් මාළිගයේ පැවති පලමු බාලදක්ෂ රැලියට සහභාගි වූ ගැහැනු ළමුන්ගේ ආයාචනය මත ඇරඹුණු බාලදක්ෂිකා ව්‍යාපාරයේ පළමු සභාපතිනිය ලෙස බේඩින් පවෙල්ගේ නැගණිය වන ඇග්නස් බේඩ්න් පොයෙල් මෙනෙවිය 1910 දී පත්විය. 1914 දී රෝස්බඩ්ස් යන නමින් ආරමිභව පසුව බ්‍රවුනීස් ලෙස නම වෙනස් විය. බේඩ්න් පවෙල් සාමිතුමාගේ ලෝක සංචාරය අතරතුරදී 1912 දී Arcadian නෞකාව ජැමෙයිකාව බලා යාත්‍රා කරමින් සිටි අතරතුරදී, අහම්බයක් ලෙද BP තුමා සහ ඔලෙව් සෝම්ස් මෙනවියෙගේ හමුවීම සිදුවිය. පසුව එම වසරේදීම ඔවුහු ගිවිස ගත්තෝය. ඔවුන් එම වසරේදී අප්‍රසිද්ධියේ විවාහ වූ අතර B-P ආර්යාව බාලදක්ෂ හා බාලදක්ෂ ව්‍යාපාර සමඟ ඇගේ සැමියාගේ වැඩවලට සම්බන්ධ වූවාය. ඇය 1918 දී එංගලන්තයේ ප්‍රධාන බාලදක්ෂිකාව ලෙස පත් කෙරිණ. 1920 වසරේදී ඇග්නස් බේඩින් පවෙල් විසින් සභාපතිනි ධූරයෙන් ඉල්ලා අස්විය. ඇය විසින් එම තනතුර බේඩින් පවෙල් ආර්යාව වූ ඔලෙව් බේඩින් පවෙල් වෙත ප්‍රදානය කරණු ලැබීය. එ අනුව 1930 දී ලෝක ප්‍රධාන බාලදක්ෂිකාව ලෙසද පත්විය. 


fleur-de-lis සහ ත්‍රිපත් ලාංඡනය මගින් නිල ඇදුම විශේෂ වන අතර දක්ෂතා පදක්කම් එයට වැඩි අරුතක් ලබාදුන්නේය. ගැහැනු ළමුන් බාලදක්ෂිකා කටයුතු කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා ලෙස ව්‍යාප්ත කෙරිණ. මෙම බාලදක්ෂිකා ව්‍යාපාරය බේඩ්න් පොයෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් සෙන්ට් ක්ලෙයා සෝම්ස් මහත්මියගේ කැපවීම මත තව දුරටත් දියුණු විය. එකල වයස අවුරුදු 11-18 අතර පිරිමි ළමුන් ඉලක්ක කොට ආරම්භ කෙරුනද කල්යත්ම ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරයේ වර්ධනය සමඟ එම වයස් මට්ටමෙන් එපිට පිරිමි සහ ගැහැනු ළමුන් සදහා නායකත්ව පුහුනු වැඩසටහන් දියත් කරලීමේ අවශ්‍යතාවය මතුවිය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා යොදා ගනුයේ අවිධිමත් අධ්‍යාපනය මූලික කරගත්, කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රීඩා, පාගමන් සහ ක්‍රීඩා වැනි එලිමහන් ප්‍රයෝගික ක්‍රියාකාරකම් මේ සඳහා එක්විය. ‍


ආරම්භක වකවානුවේදී සමාජීය සම්මුතීන් නිසා පිරිමි ළමුන් ගැහැණු ළමුන්ගෙන් වෙන් කර තැබුවද විෂය සමගාමී කටයුතු වලදී එකට එකතුව කටයුතු කරන ලදී. 1990 වනවිට බාලදක්ෂ සංගම් 2/3 ක අයිතිය ලෝක බාලදක්ෂ සංගමය සතු වූ අතර එය විෂය සමගාමී වැඩසටහනක් බවට පත්විය.

බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් විය. මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකිය. මේ වනවිට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යාව ලෝකයේ රටවල් 172ක මිලියන 57 ඉක්මවා සිටිති. 

මොවුන් සියල්ලටම සෙවණ සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement - (WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts - WAGGGS) පිළිගනු ලැබේ.

 

Wednesday, February 21, 2024

167 වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2024

ලෝක බාලදක්ෂ නිර්මාතෘ බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2024
 
රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා යනු බාලදක්ෂ ව්‍යාපාරය මෙන්ම බාලදක්ෂිකා ව්‍යාපාරයේ ද නිර්මාතෘවරයායි. බාලදක්ෂවරු එතුමාව හඳුන්වන්නේ ” බී.පී ” යන සෙනෙහෙබර කෙටි අන්වර්ථ නාමයෙනි. එමනිසා සෑම වසරකම පෙබරවාරි 22 වන දාට යෙදෙන බේඩ්න් පවෙල් සාමිවරයාගේ ජන්මදිනය නොඑසේ නම් “ආදිකර්තෘ දිනය” , ‘බී.පී දිනය” ලෙසින්ද බාලදක්ෂයින් විසින් හඳුන්වනු ලැබේ. එහි 167 වන අභිමානවත් සැමරුම සනිටුහන් වන්නේ 2024 වසරේ පෙබරවාරි මස 22 වන දාට යි. බාලදක්ෂිකා ව්‍යාපාරයට නම් මෙම දිනය තවත් ආකාරයකින් සුවිශේෂී වේ. ඒ 1926 වසරේ සිට “Thinking Day “හෙවත් “බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය” ද ආදිකර්තෘ දිනයේදීම සැමරීම හේතුවෙනි. මේ ලිපිය පළකෙරෙන්නේ ඒ ආදිකර්තෘ දිනය සහ බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය නිමිත්තෙනි. රොබට් බේඩ්න් පවෙල් සාමිවරයාගේ චරිතය පිළිබඳව සුපුරුදු තොරතුරු වලට වඩා අප්‍රකට තොරතුරු කීපයක් අද ඉදිරිපත් කරනු කැමැත්තෙමි.
 

බේඩ්න් පවෙල් සාමිවරයා උපත ලබා ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දිනදී එංගලන්තයේ ලන්ඩන්හි පෙඩින්ටන් නම් ප්‍රදේශයේදීයි. ඔහුගේ මව්පියන් වීමේ භාග්‍යය උදාකරගනු ලැබුවේ බේඩ්න් පවෙල් දේවගැතිතුමා සහ හෙන්‍ේරියේටා ග්‍රේස් ස්මිත් මැතිනිය විසිනි. ඔහුගේ පියා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු ද විය. එහෙත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ පියාගේ හදිසි අභාවයත් සමඟින් පිය සෙනෙහස අහිමි වී ගිය අතර, එතැන් සිට හැදී වැඩුණේ තම මවගේ සෙවණෙහි ය. බී.පී තුමාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුද සිටි බව කියැවේ. ඒ අතරින් එක් නැඟණියක් වූ ඇග්නස් ස්මිත් මැතිනිය පසු කාලීනව බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භය සඳහා සුවිශේෂී දායකත්වයක්ද ලබා දී තිබේ.ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් අනතුරුව බී.පී තුමා ” Charerhouse “නම් වූ එකල බ්‍රිතාන්‍යයේ පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට වරම් ලද්දේය. ඔහු අධ්‍යාපනයට එතරම් දක්ෂයෙකු නොවූ බව සඳහන් වූවත්, විනෝදකාමී සහ ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා දැඩි ඇල්මක් සහ වුවමනාවක් දැක්වූ අයෙකු බව පැවසේ. එපමණක්ම නොව සිය මවගේද නොමඳ දායකත්වය හමුවේ ඔහු සෞන්දර්ය හා කලාත්මක කටයුතු කෙරෙහිද කුඩා කල සිටම දැඩි නැඹුරුවක් දැක්වූයේය. චිත්‍ර ඇඳීම , පියානෝ සහ වයලීන් වාදන නිපුණතාවය ඒ අතරින් කැපී පෙනෙන ඒවා වේ. පසු කාලීනව හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහාද මෙම කුසලතාවයන් ඔහුට අත්වැලක් විය.

වර්ෂ 1876 සැප්තැම්බර් 11 වන දිනදී බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවේ සේවය සඳහා බේඩ්න් පවෙල් තරුණයා ඇතුළත් විය. ඒ ඉන්දියාවේ 13 වන “හුසාර්ස්” රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද නිලධාරියකු වශයෙනි. ඉන්දියාවෙන් පසු බෝල්කන්, මෝල්ටාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ගණනාවකම සේවයෙහි යෙදුණු ඔහු දක්ෂ හමුදා නිලධාරියෙකු වශයෙන් විවිධ තනතුරු සහ නිලතල ගණනාවක් හොබවා ඇත.1899 දී පමණ හමුදා සේවයේ නිරත වන අතරතුරදී “Aids to Scouting “නම් ග්‍රන්ථයක් ඔහු විසින් රචනා වී තිබිණ. එම ග්‍රන්ථය එකල සමාජයේ යොවුන් ප්‍රජාව අතර වේගයෙන් ජනප්‍රිය වී ඇති බවත්, එහි සඳහන්ව තිබෙන දැව ශිල්පය වැනි කරුණු ඔවුන් ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නා බවත් බී.පී තුමාට දැන ගැනීමට ලැබිණ.මෙම නව ප්‍රවණතාවය නිසි නියාමනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම හඳුනාගත් බේඩ්න් පවෙල් මහතා 1907 ජුනි මස 31 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් බාලදක්ෂ කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. සමාජයේ විවිධ තරාතිරම් වල දරුවන් එංගලන්තයේ Brownsea දූපත් ප්‍රදේශයට කැඳවා සිදු කරන ලද මෙම පර්යේෂණාත්මක ව්‍යායාමය එතුමා අපේක්ෂා කළ මට්ටමටත් වඩා සාර්ථක විය. එමනිසා මෙය ලොව ප්‍රථම බාලදක්ෂ කඳවුර ලෙස ඉතිහාසගත වේ.වර්ෂ 1908 මැයි මාසයේදී බාලදක්ෂයින්ගේ පරිහරණය සඳහාම ඔහු ග්‍රන්ථයක් එළි දැක්වූයේය. “Scouting for boys” නම් එම ග්‍රන්ථය, අද දක්වාම බාලදක්ෂයින්ගේ අත්පොත ලෙස පරිහරණය කෙරේ.එසේම, මේ වනවිට එහි පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වී ඇති බවද වාර්තා වේ. “Scouting for boys” කෘතියෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, එහි අඩංගු වන සියලු රූප සටහන් , චිත්‍ර සහ කාටූන් බී.පී තුමාගේ අතින්ම හැඩ ගැන්වුණු ඒවා වීමයි.බාලදක්ෂ ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් සමඟ 1909 වසරේදී බී.පී තුමාගේ ප්‍රධානත්වයෙන් පළමු ජාතික බාලදක්ෂ රැළිය එංගලන්තයේදී පැවැත්විණ. ඔහු හමුදා සේවයෙන් ඉවත් වී විශ්‍රාම ලබාගත්තේ වර්ෂ 1910 දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53 ක්ද ඉක්මවා ගොස් තිබිණ.


බේඩ්න් පවෙල් සාමිවරයා හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම සිවිල් පුරවැසියකු වශයෙනුත් සමාජය පිළිබඳ වඩාත් පුළුල් ඇසින් දකින්නෙකු විය.එමනිසා, පිරිමි ළමුන්ගේ බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ගැහැනු දරුවන් සඳහාද සංවිධානයක් පිහිටවීමේ වැදගත්කම ඔහු හඳුනාගෙන සිටියේය.1910 වසරේදී ගැහැනු ළමුන් සඳහා බාලිකා නියමුවරියන්ගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ ඒ අනුවයි. එහි ප්‍රධානත්වය බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැඟණිය වූ ඇග්නස් ස්මිත් මැතිනියට පැවරිණ. අනතුරුව 1915 දී එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය ඔහු විසින්ද හොබවා තිබේ.1918 වසරේ සිට සිය බිරිඳ වූ සෝමර්ස් මැතිනිය වෙත එය පවරා දීමට බේඩ්න් පවෙල් සාමිවරයා කටයුතු කළේය. වර්තමානය වන විට බාලදක්ෂිකා ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම සංවිධානයයි.සිය තරුණ කාලය රාජකාරි කටයුතු සඳහාත් සමාජ සේවා කටයුතු සඳහාත් කැපව සිටි බී.පී තුමා විවාහ දිවියට එළඹියේ වසර 1912 දී එනම්, වයස අවුරුදු 55 දී පමණය. ඒ ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝ්මර්ස් මැතිනිය සමඟයි. ඇයද බේඩ්න් පවෙල් මහතා මෙන්ම ඉතා උත්සාහවන්ත අයකු වූ අතර සිය සැමියාගේ කටයුතු සඳහා අනුපමේය දායකත්වයක් දැක්වූවාය. ඉහත දැක්වූ පරිදි, බාලදක්ෂිකා ව්‍යාපාරය ලෝකයට තිළිණ කිරීමේදී එම මහත්මිය ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී සිහිපත් කළ යුතුමය. තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ සෝමර්ස් මැතිනියගේ ජන්ම දිනය ද පෙබරවාරි 22 වන දාට යෙදී තිබීමයි. ඇය උපත ලබා ඇත්තේ 1889 වසරේදීය. එබැවින් “ආදි කර්තෘ දිනය” පෙබරවාරි 22 වන දා සැමරීම බාලදක්ෂ-බාලදක්ෂිකා දෙපිරිසටම එකසේ වැදගත් වන බව ගම්‍ය වේ.

පළමු ලෝක යුධ සමයේදී යම්තාක් දුරට බාලදක්ෂ ව්‍යාපාරය අකර්මණ්‍ය වී තිබිණ. ක්‍රමයෙන් ප්‍රතිජීවනය ලබමින් යළිත් 1920 පමණ වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා රටවල් 34 ක පමණ ප්‍රචලිත සංවිධානයක් බවට පත්විය. සාමාජික සංඛ්‍යාවද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පැවති මෙම වාතාවරණය බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වීමට ඉතා සුදුසුම කාල සීමාවක් විය. ඒ අනුව බේඩ්න් පවෙල් සාමිවරයා ලොවපුරා විසිර සිටි 8000 ක පමණ බාලදක්ෂයන් පිරිසක් ලන්ඩන් නුවරට ගෙන්වා ලොව ප්‍රථම බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වූයේය. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි නිර්මාතෘ සහ ප්‍රධානියා වශයෙන් බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ සාමාජිකයින් විසින් ඇගයීමටද පාත්‍ර විය.ලන්ඩන්හි පැවති එම ප්‍රධාන ජම්බෝරියට සමගාමීව තවත් සමුළු 21 ක් ලොව පුරා රටවල් ගණනාවක සංවිධානය කෙරුණු බවද වාර්තා වේ.1921 දී ප්‍රථම ලෝක බාලදක්ෂ කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ නිලවරණයද පවත්වන්නට කටයුතු සම්පාදනය කෙරුණු අතර, ඒ වන විට ලොව පුරා බාලදක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයකටත් වඩා අධික වූ බව පැවසේ.

සිය යොවුන් කාලය ත්‍රාසජනක කටයුතු සමඟ විනෝදකාමීව ගතකළ, තරුණ කාලය මව්බිම වෙනුවෙන් කැප කළ මෙම සොඳුරු මිනිසා තම ජීවිතයේ ඉතුරු අර්ධය බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැප කර සිටියේය. වර්ෂ 1937 පමණ වන විට බී.පී තුමා කෙමෙන් සිය ජීවීතයේ සැඳෑ සමයට පා තබා තිබිණ. එමනිසා බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් ඔහු ජීවිතයේ අවසන් භාගය විවේකීව ගත කිරීම සඳහා 1938 දී කෙන්යා දේශය බලා පිටත් වූයේය. වයස අවුරුදු 83 ක් සම්පූර්ණ කර සිටි බේඩ්න් පවෙල් සාමිවරයා 1941 ජනවාරි මස 8 වන දා සිය අවසන් හුස්ම වාතලයට නිදහස් කළේය. එතුමාගේ දේහය කෙන්යාවේ Nyeri හි තැන්පත් කරන ලද අතර එහි පිහිටුවා ඇති ස්මාරකය වර්තමානය දක්වාම ලොව පුරා බාලදක්ෂ-බාලදක්ෂිකාවන්ගේ ගරුබුහුමන් ලබන ස්ථානයක් ලෙසද ප්‍රචලිත ය. බේඩ්න් පවෙල් සාමිවරයා අනුගමනය කරමින් ඔහුගේ බිරිඳ වූ සෝමර්ස් මැතිනියද සිය ජීවිතයේ අවසන් භාගය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරයේ සුබසිද්ධිය පිණිස කටයුතු කළාය.


බේඩ්න් පවෙල් සාමිවරයා සිය සමීපතමයින් සමඟ නිර්මාණය කරන ලද බාලදක්ෂ – බාලදක්ෂිකා ව්‍යාපාරයන් ද්විත්වය, ලෝක යුද්ධ සමයේදී සමාජ සේවා කටයුතු සඳහා මෙන්ම සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහාද මහඟු සේවාවක් ඉටු කිරීමට සමත් විය. ලෝක යුධ සමයේදී නාසිවාදය හමුවේ ඇතැම් රටවල බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණු නමුත්, සාමය උදාවීමෙන් පසුව එය නැවත ජීවය ලැබුවේ පෙර පැවතියාටත් වඩා සවි ශක්තියකිනි.එතැන් සිට වර්තමානය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරය සමාජ සුබසාධනය සඳහා ළමා සහ යොවුන් ජවය ඒකරාශී කරන ලොව ප්‍රමුඛතම සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.මත්ද්‍රව්‍ය නිවාරණය, පරිසර සංරක්ෂණය , සාමය මෙන්ම ප්‍රජාව තුළ අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය ඊට නිදසුන් කිහිපයකි. ඉතා සුළු පිරිසක් සම්බන්ධ කරගත් කඳවුරකින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය, සියවසක්ද ඉක්මවා ගොස් ඇති තැන ලබා ඇති ප්‍රගතියත්, ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ඉටුකරන අඛණ්ඩ සේවාවත් ඉතා ප්‍රශංසනීය බවද මෙහිදී සඳහන් කළ යුතුම වේ.

 
1857පෙබරවාරි 22 - 2023 පෙබරවාරි 22
  • බේඩ්න් පවෙල් සාමිතුමා බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු ලෙසින් කටයුතු කල අතර ලුතිනන් ජෙනරාල් වරයෙකු ලෙසින් විශ්‍රාම ගනු ලැබූ අයෙකි. එහෙත් බේඩ්න් පවෙල් සාමිවරයා සිය සුපුරුදු හමුදා නිල ඇඳුමෙන් හෝ වෙනත් අයුරින් සීරුවෙන් සිටින ජයාරූපයක් ඔබ මෙතෙක් දැක තිබේද ?  
  • බේඩ්න් පවෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් ආර්‍යාවගේ වැඩිමහල් සොහොයුරිය වූ ඔරියල් මිය යනවිට ඔවුන්ට දරුවන් තිදෙනකු විය.ඇයගේ සැමියා ඒ වනවිට ශ්‍රීලංකාවේ තේ වැවිලි කර්මාන්තයට එක්වී සිටි අතර එම දරුවන්ගේ භාරකාරත්වය බේඩ්න් පවෙල් හා ඔලෙව් ආර්‍යාව හට හිමිවිය.එම දරුවන් තිදෙනා හැදී වැඩුනේ බේඩ්න් පවෙල්ගේ නිවසේ එම දරුවන් සමඟ වූ නමුත් ඔවුන් හා බේඩ්න් පවෙල්ගේ හෝ ඔලෙව් ආර්‍යාවගේ ජායාරූපයක් නොමැති අතර එම දරුවන් බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කල බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් ආර්‍යාව හට තම මව ඉදිරියේ බාලදක්ෂ නිලඇඳුමෙන් පෙනී සිටීම ඇයගේ මව විසින් තහනම් කර තිබූ බව ඔබ දන්නවාද ?
  • අයිලීන් කේ වේඩ් මහත්මිය යනු බේඩ්න් පවෙල්ගේ රහස්‍ය ලේකම් වරිය ලෙස වසර ගනනාවක්ම එනම් හෙතෙමගේ අභාවය දක්වාම සේවයේ සිටි තැනැත්තියක් වූ අතර ඇය විසින් බේඩ්න් පවෙල් සාමිතුමා පිළිබඳව ලියන ලද චරිතාපදානය බීපීගේ බොහෝ චරිතාපදානයන්ට අත්වැලක් වූ අතර ගිල්වෙල් උද්‍යානය ලබාගැනීම ඇතුළු බොහෝ ඓතිහාසික අවස්ථාවන්හිදී තිරයෙන් පිටුපස සිටි චරිතයක් වූයේ ඇය නමුත් ඇය හා බේඩ්න් පවෙල්ගේ ජායාරූපක් මෙතෙක් නොමැති බව ඔබ දන්නවාද ?
  • "" සූදානම්ව සිටිනු "" යන්න බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාථය ලෙස බේඩ්න් පවෙල් තෝරා ගත් නමුදු හෙතෙමගේ විවාහ දිනයේදී රැවුල බෑමට අවශ්‍ය දැලිපිහිය ඔහුට අමතක වූ අතර එය ඉල්ලා ගනු ලැබුවේ ඔහුගේ සහායක ගෙනි.එනම් හෙතෙම ඊට සූදානම්ව සිටි නොමැති බව ඔබ දන්නවාද ?
  • තම ශරීර සෞඛ්‍ය පිළිබඳව විශ්වායෙන් සිටි බේඩ්න් පවෙල් සාමිවරයා තම විවාහයෙන් පසු කොන්දේ අමාරුවක් මත සති දෙකක නිවාඩුවක් ලබා ගත්බව ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් සාමිවරයාගේ දින චර්‍යාවේ සුපුරුදු අංගය වූ උදෑසන ස්නානය හා රැවුල බෑම අතර තුර නව අදහස් පහල වන අතර ඒවා ලියන ලද්දේ වැසිකිළි කඩදාසි මත බව ඔබ දන්නවාද ?
  • වල් ඌරු දඩයම වෙනුවෙන් "" the pig stick "" නමින් පොතක් ලියූ බේඩ්න් පවෙල් සාමිවරයා එම දඩයම පිළිබඳව වූ ""කදීර් "" කුසලානයේ වසර ගනනාවකම සාඩම්බර හිමිකරු වූ වූ නමුත් පසුව එය පිළිකුලෙන් යුතුව බැහැර කල හෙයින් එම කරුණ මත බාලදක්ෂ ව්‍යාපාරය තුල කුසලාන ප්‍රදානයන් ඇතුලත් නොකල බවත් ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් හෙවත් බීපී පොත් ගනනාවක්ම ලියා ඇතිමුත් හෙතෙම පොත් ලිවීමට හේතුව ඔබ දන්නවාද ? 
  • බේඩ්න් පවෙල් පොහොසත් පවුලකින් පැවත එන කෙනෙක් නොවූ අතර හෙතමගේ ප්‍රියතම විනෝදාංශය වූ පෝලෝ ක්‍රීඩාව වෙනුවෙන් අශ්වයන් හා පෝනීන්ගේ සුභ සාධනය වෙනුවෙන් යම් මුදලක් උපයා ගතයුතු අතර ඒ සඳහා ඔහු තෝරා ගත්තේ පොත් ලිවීම හා ඉන් අතිරේක මුදලක් උපයා ගැනීමය.එබැවින් බේඩ්න් පවෙල් සාමිතුමා පොත් ලිවීමේ ආරම්භය ළමුන් උදෙසාම නොවන බව ඔබ දන්නවාද ?
  • බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ විෂය නිර්දේශයන්ට පා ගමන් ඇතුලත් කල මුත් එය පරීක්ෂණ ස්වාභාවයකට පත් නොකරන මෙන් දන්වා සිටි අතර ළමුන්ට එමඟින් ස්වකීය ශරීර සෞඛ්‍ය පිළිබඳව විශ්වසය සෑහීමකට පමණක් පත්වූවද වර්ථමානයේ ශ්‍රී ලංකාවේ වූවද ඇතැම් පදක්කම් හා ප්‍රදානයන් සඳහා වූ පා ගමන් පරීක්ෂණ මට්ටමින් පවතින බව ඔබ දන්නවාද ?
  • ලෝක බාලදක්ෂ නායකයාට ත්‍යාගයක් ලෙස මෝටර් රථ දෙකක් හිමිවී තිබුනද එය පැදවීමට ඔහු කම්මැලි කමක් දැක්වූ අතර ඒ සඳහා බේඩ්න් පවෙල් ආර්‍යාවගේ හා රියදුරකුගේ සහාය ලබා ගත් බව ඔබ දන්නවාද ?

#KD

 

A letter from the world chief guide - A february 22nd Penny to the “World Captain”

Letter of Lady Olave Baden Powell for the thinking day!

Olave Baden-Powell was the only person to ever hold the title of World Chief Guide.  She helped her husband build the Scouting Movement, continued the development of the Guiding Movement, and formed the organisation that became the World Association of Girl Guides and Girl Scouts (WAGGGS).

Olave visited 111 countries during her life, attending jamborees and other Guide and Scout activities.  She was known as the "Mother of Millions" for her active role in the World Organisation of Girl Guides and Girl Scouts.

Olave Soames was born on February 22nd, 1889. Her parents were Harold and Katherine Soames. They were a wealthy, upper-middle class family (their fortune was built in the brewery business). Olave grew up in Chesterfield, England.  She enjoyed the outdoors, especially rowing, riding, cycling, tennis and swimming. She also loved horses, dogs and birds.

When Olave was old enough, she began to accompany her father on his winter holidays. They were on board the RMSP Arcadian on their way to Jamaica when she was introduced to Robert Baden-Powell. He was on his way to New York then Australia in support of Scouting. She was 23 and he was 55 so there was a 32 year age difference. They were engaged in the same year and married in secret in Dorset on October 30, 1912.  They had three children:

  • Arthur Robert Peter Baden-Powell - 1913
  • Heather Grace Baden-Powell - 1915
  • Betty St. Clair Baden-Powell - 1917

It is interesting that Betty also met her husband aboard a ship, shared the same birthday as her husband, and had a big age-difference (10 years).  Betty was involved in Guiding in Northern Rhodesia and England.

When Olave's sister Auriol died, Olave raised her 3 nieces as if they were her own children.

Their grandson Michael Baden-Powell (son of Peter) lived in Australia.  He visited the Pax Hill Scout Camp in Ballarat and attended some of our Queen's Guide presentations at Government House.



1st november, 1934

Dear Guides and girls scouts,

This is a most exiting letter to write as it is the first time that I have ever written to my whole family of Guides and Girls Scouts all over the world, and as I write I am trying to picture in my mind where this letter will get to, how it will be read – in wich language I mean – by whom, and where !

But wherever it is I hope that all of you who read it will take it as being written to each of you personnally, as it contains a little idea which I want you to think about, if you will, all to yourself.

You Guides have heard from your Captain, now and again I expect, something about this wonderful sisterhood of ours which was invented by the Chief Scout about twenty-one years ago, soon after he had started the Scout Movement for boys.

The idea of playing the game of Guiding and Girl Scouting has been taken up by a million girls in many different parts of the world, and now there are girls like you in over thirty seven countries all doing the same sort of thing, wearing much the same uniform and badges, and living up to the same Law and Promise that you made when you first joined.

It is nice, isn’t it, to feel that such a gigantic family, tied together like a bunch of strong twigs of the great strong tree; and what do you think ties us together ? Interest in each other’s doings -yes; love for our fellow-players in the great game - yes. But there is an actual string that holds us together in the shape of a group, of older Guiders called the "World comitee" made up of Girl and Girl Scout Leaders from different countries.

Just as your captain or leader helps you and your company or troop to do Guiding or Girl Scouting and to have all the advantages and fun of it all, so these nine members of the World Committee are all helping this vast company of over a million girls scattered over the whole world.

Now a car does not run without a good supply of petrol and your company or troop does not run without having a little food and drink in the shape of "company funds" - just as you body requires food ans drink to keep it well alive.

Well, this World committee - or shall we call it your "World Captain" - is at this moment feeling rather hungry and thirsty for a little support in her work of helping to encourage and direct the groth of her huge company.
So I have a suggestion to make you all; Quite soon-on february 22nd - we come to a day that has been named "Thinking Day" for us Guides and Girls Scouts.

It happends to be the birthday of the Chief Scout and myself, and on that day we turn our thoughts specially to the Guides of other lands, whom have never seen, but for whom we have a real affection as sisters in a great adventure.

Does thinking with us not usually lead to action, and wouldn’t it be nice if this year we could perhaps give some thing - as well as our thoughts- to help develop the world friendship which is growing slowly each year and which we hope to see growing larger and larger all the time. Could we not each on Thinking Day send a tiny gift to our World Captain to help her with her work ?

There are a million of us. I am not good at arithmetic and I will not make any calculations which may not come true. But a penny, or two cents, or four annas, or enough centimes or groshen or Heller or Filler or ore to make the same value, is not an immense amount, especially when it is perhaps saved or earned and given with a willing hand.

What a great help we should give the world’s Company Funds if -as I belive may happen- every Guide and Girl Scout will want to share in this Thinking Day offering this year. Then we should have to call it "Thanking Day" instead !

A Guider in Belgium thought of this idea and gave it to me to hand on to you. So I am talking to you as a Guide to a Guide, or a Girl Scout to a Girl Scout, and if you feel that you can spare just a tiny personal offering for your sister Guides and Girl Scouts of other lands, then give your penny, or your cents or centimes, straight away to your Captain or Leader and ask her to send it to the World Captain.

The thanks for the gift will not be sent in words at all but the amounts received will be shown in the World Captain’s quarterly magazine "The Council Fire" and the reward to you for your generosity will be that, in your heart, you will know that you have done a good turn and celebrated "Thinking Day" in the best Guide and Girl Scout way, by helping to give out Game to children who have not yet had the chance of enjoying it as we have.

Your affectionnately,

Olave Baden Powell


 

Monday, March 20, 2023

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් - 2023

ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.03.21පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.



1917 දී ශ්‍රී ලංකාවට බාලදක්ෂිකා සංගමය හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජාතික තරුණ ගුරුවරියක් වන ජෙනී කැල්වරි මෙනවිය විසින් පළමු බාලදක්ෂිකා කණ්ඩායම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආරම්භ කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ආරම්භ කර 2023.03.21 දිනට වසර 106ක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ කොඩි දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ආචාර්ය ශාන්ති විල්සන්, සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් සහ විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ අංශයේ බාලදක්ෂිකා නායිකාවක් වන වසන්තා සරෝජනි හේමසිංහ මහත්මිහු ජනාධිපතිවරයා වෙත කොඩිය පිළිගැන්වූහ.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය නියෝජනය කරමින් බාලදක්ෂිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන් අධ්‍යාපනය ලබන සියලු පාසල්වල බාලදක්ෂිකා ව්‍යාපාරය ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ ශත සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය. අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඊළඟ වසර පහ ඇතුළත බාලදක්ෂිකා ව්‍යාපාරය පාසල් මට්ටමින් රටපුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන තමාට බාරදෙන ලෙස බාලදක්ෂිකා ව්‍යාපාරයේ ප්‍රධාන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටින බවද ජනපතිවරයා සඳහන් කළේය.         


Tuesday, February 21, 2023

166 වන බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2023

රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා යනු බාලදක්ෂ ව්‍යාපාරය මෙන්ම බාලදක්ෂිකා ව්‍යාපාරයේ ද නිර්මාතෘවරයායි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත වන්නන් එතුමාව හඳුන්වන්නේ ” බී.පී ” යන සෙනෙහෙබර කෙටි අන්වර්ථ නාමයෙනි. එමනිසා සෑම වසරකම පෙබරවාරි 22 වන දාට යෙදෙන බේඩ්න් පවෙල් සාමිවරයාගේ ජන්මදිනය නොඑසේ නම් “ආදිකර්තෘ දිනය”, ‘බී.පී දිනය” ලෙසින්ද බාලදක්ෂයින් විසින් හඳුන්වනු ලැබේ. එහි 166 වන අභිමානවත් සැමරුම සනිටුහන් වන්නේ 2023 වසරේ පෙබරවාරි මස 22 වන දාට යි. බාලදක්ෂිකා ව්‍යාපාරයට නම් මෙම දිනය තවත් ආකාරයකින් සුවිශේෂී වේ. ඒ 1926 වසරේ සිට “Thinking Day “හෙවත් “බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය” ද ආදිකර්තෘ දිනයේදීම සැමරීම හේතුවෙනි. මේ ලිපිය පළකෙරෙන්නේ ඒ ආදිකර්තෘ දිනය සහ බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය නිමිත්තෙනි.
 

බේඩ්න් පවෙල් සාමිවරයා උපත ලබා ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දිනදී එංගලන්තයේ ලන්ඩන්හි පෙඩින්ටන් නම් ප්‍රදේශයේදීයි. ඔහුගේ මව්පියන් වීමේ භාග්‍යය උදාකරගනු ලැබුවේ බේඩ්න් පවෙල් දේවගැතිතුමා සහ හෙන්‍ේරියේටා ග්‍රේස් ස්මිත් මැතිනිය විසිනි. ඔහුගේ පියා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු ද විය. එහෙත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ පියාගේ හදිසි අභාවයත් සමඟින් පිය සෙනෙහස අහිමි වී ගිය අතර, එතැන් සිට හැදී වැඩුණේ තම මවගේ සෙවණෙහි ය. බී.පී තුමාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුද සිටි බව කියැවේ. ඒ අතරින් එක් නැඟණියක් වූ ඇග්නස් ස්මිත් මැතිනිය පසු කාලීනව බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භය සඳහා සුවිශේෂී දායකත්වයක්ද ලබා දී තිබේ.ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් අනතුරුව බී.පී තුමා ” Charerhouse “නම් වූ එකල බ්‍රිතාන්‍යයේ පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට වරම් ලද්දේය. ඔහු අධ්‍යාපනයට එතරම් දක්ෂයෙකු නොවූ බව සඳහන් වූවත්, විනෝදකාමී සහ ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා දැඩි ඇල්මක් සහ වුවමනාවක් දැක්වූ අයෙකු බව පැවසේ. එපමණක්ම නොව සිය මවගේද නොමඳ දායකත්වය හමුවේ ඔහු සෞන්දර්ය හා කලාත්මක කටයුතු කෙරෙහිද කුඩා කල සිටම දැඩි නැඹුරුවක් දැක්වූයේය. චිත්‍ර ඇඳීම, පියානෝ සහ වයලීන් වාදන නිපුණතාවය ඒ අතරින් කැපී පෙනෙන ඒවා වේ. පසු කාලීනව හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහාද මෙම කුසලතාවයන් ඔහුට අත්වැලක් විය.

වර්ෂ 1876 සැප්තැම්බර් 11 වන දිනදී බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවේ සේවය සඳහා බේඩ්න් පවෙල් තරුණයා ඇතුළත් විය. ඒ ඉන්දියාවේ 13 වන “හුසාර්ස්” රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද නිලධාරියකු වශයෙනි. ඉන්දියාවෙන් පසු බෝල්කන්, මෝල්ටාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ගණනාවකම සේවයෙහි යෙදුණු ඔහු දක්ෂ හමුදා නිලධාරියෙකු වශයෙන් විවිධ තනතුරු සහ නිලතල ගණනාවක් හොබවා ඇත.1899 දී පමණ හමුදා සේවයේ නිරත වන අතරතුරදී “Aids to Scouting “නම් ග්‍රන්ථයක් ඔහු විසින් රචනා වී තිබිණ. එම ග්‍රන්ථය එකල සමාජයේ යොවුන් ප්‍රජාව අතර වේගයෙන් ජනප්‍රිය වී ඇති බවත්, එහි සඳහන්ව තිබෙන දැව ශිල්පය වැනි කරුණු ඔවුන් ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නා බවත් බී.පී තුමාට දැන ගැනීමට ලැබිණ.මෙම නව ප්‍රවණතාවය නිසි නියාමනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම හඳුනාගත් බේඩ්න් පවෙල් මහතා 1907 ජුනි මස 31 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් බාලදක්ෂ කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. සමාජයේ විවිධ තරාතිරම් වල දරුවන් එංගලන්තයේ Brownsea දූපත් ප්‍රදේශයට කැඳවා සිදු කරන ලද මෙම පර්යේෂණාත්මක ව්‍යායාමය එතුමා අපේක්ෂා කළ මට්ටමටත් වඩා සාර්ථක විය. එමනිසා මෙය ලොව ප්‍රථම බාලදක්ෂ කඳවුර ලෙස ඉතිහාසගත වේ.වර්ෂ 1908 මැයි මාසයේදී බාලදක්ෂයින්ගේ පරිහරණය සඳහාම ඔහු ග්‍රන්ථයක් එළි දැක්වූයේය. “Scouting for boys” නම් එම ග්‍රන්ථය, අද දක්වාම බාලදක්ෂයින්ගේ අත්පොත ලෙස පරිහරණය කෙරේ.එසේම, මේ වනවිට එහි පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වී ඇති බවද වාර්තා වේ. “Scouting for boys” කෘතියෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, එහි අඩංගු වන සියලු රූප සටහන් , චිත්‍ර සහ කාටූන් බී.පී තුමාගේ අතින්ම හැඩ ගැන්වුණු ඒවා වීමයි.බාලදක්ෂ ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් සමඟ 1909 වසරේදී බී.පී තුමාගේ ප්‍රධානත්වයෙන් පළමු ජාතික බාලදක්ෂ රැළිය එංගලන්තයේදී පැවැත්විණ. ඔහු හමුදා සේවයෙන් ඉවත් වී විශ්‍රාම ලබාගත්තේ වර්ෂ 1910 දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53 ක්ද ඉක්මවා ගොස් තිබිණ.

බේඩ්න් පවෙල් සාමිවරයා හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම සිවිල් පුරවැසියකු වශයෙනුත් සමාජය පිළිබඳ වඩාත් පුළුල් ඇසින් දකින්නෙකු විය.එමනිසා, පිරිමි ළමුන්ගේ බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ගැහැනු දරුවන් සඳහාද සංවිධානයක් පිහිටවීමේ වැදගත්කම ඔහු හඳුනාගෙන සිටියේය.1910 වසරේදී ගැහැනු ළමුන් සඳහා බාලිකා නියමුවරියන්ගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ ඒ අනුවයි. එහි ප්‍රධානත්වය බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැඟණිය වූ ඇග්නස් ස්මිත් මැතිනියට පැවරිණ. අනතුරුව 1915 දී එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය ඔහු විසින්ද හොබවා තිබේ.1918 වසරේ සිට සිය බිරිඳ වූ සෝමර්ස් මැතිනිය වෙත එය පවරා දීමට බේඩ්න් පවෙල් සාමිවරයා කටයුතු කළේය. වර්තමානය වන විට බාලදක්ෂිකා ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම සංවිධානයයි.සිය තරුණ කාලය රාජකාරි කටයුතු සඳහාත් සමාජ සේවා කටයුතු සඳහාත් කැපව සිටි බී.පී තුමා විවාහ දිවියට එළඹියේ වසර 1912 දී එනම්, වයස අවුරුදු 55 දී පමණය. ඒ ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝ්මර්ස් මැතිනිය සමඟයි. ඇයද බේඩ්න් පවෙල් මහතා මෙන්ම ඉතා උත්සාහවන්ත අයකු වූ අතර සිය සැමියාගේ කටයුතු සඳහා අනුපමේය දායකත්වයක් දැක්වූවාය. ඉහත දැක්වූ පරිදි, බාලදක්ෂිකා ව්‍යාපාරය ලෝකයට තිළිණ කිරීමේදී එම මහත්මිය ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී සිහිපත් කළ යුතුමය. තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ සෝමර්ස් මැතිනියගේ ජන්ම දිනය ද පෙබරවාරි 22 වන දාට යෙදී තිබීමයි. ඇය උපත ලබා ඇත්තේ 1889 වසරේදීය. එබැවින් “ආදි කර්තෘ දිනය” පෙබරවාරි 22 වන දා සැමරීම බාලදක්ෂ-බාලදක්ෂිකා දෙපිරිසටම එකසේ වැදගත් වන බව ගම්‍ය වේ.

පළමු ලෝක යුධ සමයේදී යම්තාක් දුරට බාලදක්ෂ ව්‍යාපාරය අකර්මණ්‍ය වී තිබිණ. ක්‍රමයෙන් ප්‍රතිජීවනය ලබමින් යළිත් 1920 පමණ වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා රටවල් 34 ක පමණ ප්‍රචලිත සංවිධානයක් බවට පත්විය. සාමාජික සංඛ්‍යාවද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පැවති මෙම වාතාවරණය බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වීමට ඉතා සුදුසුම කාල සීමාවක් විය. ඒ අනුව බේඩ්න් පවෙල් සාමිවරයා ලොවපුරා විසිර සිටි 8000 ක පමණ බාලදක්ෂයන් පිරිසක් ලන්ඩන් නුවරට ගෙන්වා ලොව ප්‍රථම බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වූයේය. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි නිර්මාතෘ සහ ප්‍රධානියා වශයෙන් බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ සාමාජිකයින් විසින් ඇගයීමටද පාත්‍ර විය.ලන්ඩන්හි පැවති එම ප්‍රධාන ජම්බෝරියට සමගාමීව තවත් සමුළු 21 ක් ලොව පුරා රටවල් ගණනාවක සංවිධානය කෙරුණු බවද වාර්තා වේ.1921 දී ප්‍රථම ලෝක බාලදක්ෂ කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ නිලවරණයද පවත්වන්නට කටයුතු සම්පාදනය කෙරුණු අතර, ඒ වන විට ලොව පුරා බාලදක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයකටත් වඩා අධික වූ බව පැවසේ.

සිය යොවුන් කාලය ත්‍රාසජනක කටයුතු සමඟ විනෝදකාමීව ගතකළ, තරුණ කාලය මව්බිම වෙනුවෙන් කැප කළ මෙම සොඳුරු මිනිසා තම ජීවිතයේ ඉතුරු අර්ධය බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැප කර සිටියේය. වර්ෂ 1937 පමණ වන විට බී.පී තුමා කෙමෙන් සිය ජීවීතයේ සැඳෑ සමයට පා තබා තිබිණ. එමනිසා බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් ඔහු ජීවිතයේ අවසන් භාගය විවේකීව ගත කිරීම සඳහා 1938 දී කෙන්යා දේශය බලා පිටත් වූයේය. වයස අවුරුදු 83 ක් සම්පූර්ණ කර සිටි බේඩ්න් පවෙල් සාමිවරයා 1941 ජනවාරි මස 8 වන දා සිය අවසන් හුස්ම වාතලයට නිදහස් කළේය. එතුමාගේ දේහය කෙන්යාවේ Nyeri හි තැන්පත් කරන ලද අතර එහි පිහිටුවා ඇති ස්මාරකය වර්තමානය දක්වාම ලොව පුරා බාලදක්ෂ-බාලදක්ෂිකාවන්ගේ ගරුබුහුමන් ලබන ස්ථානයක් ලෙසද ප්‍රචලිත ය. බේඩ්න් පවෙල් සාමිවරයා අනුගමනය කරමින් ඔහුගේ බිරිඳ වූ සෝමර්ස් මැතිනියද සිය ජීවිතයේ අවසන් භාගය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරයේ සුබසිද්ධිය පිණිස කටයුතු කළාය.

බේඩ්න් පවෙල් සාමිවරයා සිය සමීපතමයින් සමඟ නිර්මාණය කරන ලද බාලදක්ෂ – බාලදක්ෂිකා ව්‍යාපාරයන් ද්විත්වය , ලෝක යුද්ධ සමයේදී සමාජ සේවා කටයුතු සඳහා මෙන්ම සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහාද මහඟු සේවාවක් ඉටු කිරීමට සමත් විය. ලෝක යුධ සමයේදී නාසිවාදය හමුවේ ඇතැම් රටවල බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණු නමුත්, සාමය උදාවීමෙන් පසුව එය නැවත ජීවය ලැබුවේ පෙර පැවතියාටත් වඩා සවි ශක්තියකිනි.එතැන් සිට වර්තමානය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරය සමාජ සුබසාධනය සඳහා ළමා සහ යොවුන් ජවය ඒකරාශී කරන ලොව ප්‍රමුඛතම සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.මත්ද්‍රව්‍ය නිවාරණය, පරිසර සංරක්ෂණය , සාමය මෙන්ම ප්‍රජාව තුළ අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය ඊට නිදසුන් කිහිපයකි. ඉතා සුළු පිරිසක් සම්බන්ධ කරගත් කඳවුරකින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය , සියවසක්ද ඉක්මවා ගොස් ඇති තැන ලබා ඇති ප්‍රගතියත්, ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ඉටුකරන අඛණ්ඩ සේවාවත් ඉතා ප්‍රශංසනීය බවද මෙහිදී සඳහන් කළ යුතුම වේ.

ආදිකර්තෘ දිනය සමරමින් ලොව පුරා වෙසෙන බාලදක්ෂ-බාලදක්ෂිකාවෝ විවිධ සමාජ සත්කාරක සහ සේවා වැඩසටහන් සංවිධානය කරති. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ-බාලදක්ෂිකා දරුවන් 166 වන බී.පී දින සැමරුම මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ වැඩසටහන සංවිධානය කරඇත.බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පවසා තිබිණ. ඒ ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න” යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 166 වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන් වෙත සුභාසිංශනයද මෙසේ එක්කෙරන වගයි..!

ධම්මික දිසානායක

Monday, March 21, 2022

බාලදක්ෂිකා ව්‍යාපාරය වසර 105ක් සපුරයි

ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ  සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21දා) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.


බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක් ද  ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් මෙනවිය විසින් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදි.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ  රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැගණිය වූ ඔලිව් බේඩින් පවෙල් මෙනෙවිය ගේ මූලිකත්වය ඇතිව 1910 දී  බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ විය. ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය හිමිවූයේ 1917 මාර්තු 21 වෙනිදාය. ඒ එවකට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ සැන්සන් මෙනවියගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජෙනී කැල්වර්ලි මෙනවියගේ නායකත්වයෙනි.

මේ වන විට ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය තුළ රටපුරා හැත්තෑදහසක පමණ බාලදක්ෂිකාවන් පිරිසක් සම්බන්ධව සිටින අතර විශේෂ අවශ්‍යතා සහිත බාලදක්ෂිකා කණ්ඩායමක් ද ඒ අතර වේ. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බාලදක්ෂිකා ව්‍යාපාරයේ ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර, ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ  සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්ම මහත්මීහු ඇතුළු විවිධ වයස් කණ්ඩායම් නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.