Translate

Showing posts with label Remarkable Scouts. Show all posts
Showing posts with label Remarkable Scouts. Show all posts

Tuesday, January 14, 2020

20වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්

 ශ්‍රී ලංකාවේ 20 වන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා (RWP, RSP, VAV, USP , LOM, NDC, PSC) ඊයේ (13දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ විශේෂ උත්සවයක් පැවති අතර ඒ සඳහා පැමිණි හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාද සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතා ද සහභාගී වූහ.

 

හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රසේන බටුවන්ගල මහතා, ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා සහ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් තිදෙනාම කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ හිටපු බාලදක්ෂයෝ වෙති. අභිනවයෙන් පත් වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා කොළඹ නාලන්දාවෙන් බිහි වූ තුන්වන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිසවරයා වේ.

මිලින්ද පීරිස් මහතා මේ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කරමින් විශිෂ්ඨ සේවයක් ඉටුකළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ජනාධිපති බාලදක්ෂයෙක් වෙන ඒ මහතා මූලස්ථාන කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මැතිතුමාට Scouting සඟරාවේ සුබ පැතුම්





More News one -
http://scouting.lk/new-chief-scout-commissioner-of-sri-lanka/

Tuesday, January 7, 2020

Y- 12 සැහැල්ලු ගුවන් යානයේ සිටි සැබෑ බාලදක්ෂයෝ!

දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමු. 
නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා

වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් Y- 12 නමැති සැහැල්ලු ගුවන් යානයක් ගමන් ඇරැඹූයේ ඉකුත් 3 වැනි දින පෙරවරු 8.55ට පමණය. ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා මෙම යානය පිටත්විණි.

මෙරට නැඟෙනහිර ප්‍රදේශය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන්ට අණ ලැබී තිබිණි. එම නිරීක්ෂණ කටයුතු අවසන් කර නැවත ගුවන් යානය ගොඩබැස්සීමට නියමිතව තිබුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුරෙනි.

එම ගමන අදියර දෙකකින් නිම කිරීමට නියමුවන්ට අණ ලැබී තිබිණි. රත්මලානේ සිට වීරවිලටත් නැවත වීරවිල සිට යළි රත්මලානටත් පරීක්ෂණ කටයුතුවල නිරතවීම ඔවුන්ගේ එදින රාජකාරිය විය. එදින ඔවුනට නියමව තිබුණු නිරීක්ෂණ කටයුතු අතර මහ වන මැද නීති විරෝධීව පවත්වාගෙන යන ජාවාරම් පිළිබඳව තොරතුරු සොයා බැලීමද වූ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් රත්මලානේ සිට වීරවිල බලා යද්දී එම ගුවන් ගමන් මඟ සකසා ඇත්තේ හපුතලේ හරහා යන පරිදිය. ඒ අනුව මෙම ගුවන් යානය මුලින්ම රත්මලාන කඳවුරෙන් පෙරවරු 7.00ට වීරවිල කඳවුර බලා පිටත්වී ඇත. පෙරවරු 7.55ට පමණ වීරවිල කඳවුර වෙත පැමිණි ගුවන් යානය පැයක පමණ කාලයක් කඳවුරේ සිට නිරීක්ෂණ මෙහෙයුම සඳහා වීරවිල කඳවුරෙන් නැවත පිටත්ව ගොස් ඇත.

මෙම නිරීක්ෂණ මෙහෙයුම සඳහා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලඝන නායක බුද්ධි වීබැද්දය. ඔහුගේ සහායක නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංගය. නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ නායක ගුවන් භට ඒ.සී. හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් ආර්. ඩබ්ලිව්. කුමාරය.

වීරවිල සිට රත්මලාන බලා නැවත පියාසර කළ ගුවන් සාමාජිකයන් සිවුදෙනාගේ ගුවන් ගමන විනාඩි විස්සකට පමණක් සීමා විය. හදිසියේම ගුවන් ගමන් මාර්ගය වෙනස් වෙමින් සැහැල්ලු ගුවන් යානය පොළොව දෙසට ඇදෙන්නට විය. ගුවන් යානයේ අවසන් ගමන ගුවන් යානය පොළොවට පතිත වීමට මිනිත්තු කිහිපයකට පෙර නිවෙසක සවි කර තිබූ සීසීටීවී දර්ශනවලද සටහන් විණි. ගුවන් හමුදාව පමණක් නොව මුළු රටම කම්පා කරමින් පෙරවරු 9.15ට ගුවන් යානය හපුතලේ නගරයට යාබද පාළු ස්ථානයකට පතිත විය. අනතුරක් දැක ගුවන් නියමුවා විසින් ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශ පසුකර පාළු ස්ථානයකට රැගෙන ආවාදැයි යන්න පැහැදිලි බව එම අනතුර දුටු ගම්වාසීහු පවසති.

"එකපාරටම ගුවන් යානයක් අපි ඉන්න පැත්තට ආවා. ගහක අත්තකත් වැදුණා. අපි හිතුවා ගුවන් යානය ආයේ හරවලා පිටත් වෙයි කියලා. ඒත් ගුවන් යානේ දිගටම ඇවිත් බිම වැදුණා. ඒත් එක්කම විශාල පිපිරීම් හඬක් ආවා..." ඒ සිද්ධිය දුටු ගම්වාසියෙකි.

හපුතලේ නගරය මෙම අනතුරින් බේරුණේ අනූ නවයෙනි. ගුවන් නියමුවාගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනිණි. ගුවන් යානය පතිත වූ ස්ථානයට නුදුරින් නිවාස කිහිපයක්ද පිහිටා ඇත. ඉන් එක් නිවාසයක වීදුරු බිඳී ගොස් සුළු හානි සිදුව තිබිණි. තවද අනතුර සිදුවූ ස්ථානයට යාබදව සිටි කාන්තාවක්ද මින් සුළු තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණි.

අනතුරට පත් මෙම ගුවන් යානය චීනයේ නිෂ්පාදිත ගුවන් යානයකි. එහි නිෂ්පාදිත වර්ෂය 1980 දශකය දක්වා දිව යයි. මෙම යානය ගුවන් හමුදාව විසින් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා භාවිත කරනු ලැබීය.

අනතුරෙන් පසු එම යානය ගිනිගෙන විනාශ විය. යානය තුළදීම ගුවන් හමුදා රණවිරුවන් සිවුදෙනා දිවි පිදීය. අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර, එනම් පෙරවරු 9.02ට පමණ ප්‍රධාන නියමුවා මත්තල පිහිටි පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මත්තල ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වමින් ගුවන් මෙහෙයුමේ නිරත වූහ. මෙම ගුවන් මෙහෙයුම්වලදී සම්බන්ධතා පවත්වන්නේ මත්තල ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමගය. රේඩාරයේ මේ මොහොතේ සිටි නිලධාරියා වූයේ හර්ෂය. ඔහු සමග බළඝන නායක බුද්ධි වී බැද්ද සම්බන්ධ වෙමින් තම යානය ඉහළට ගන්නට අවසර ඉල්ලුවේය.

 ‘‘අපි යානය අඩි 8500ට ඉහළට ගන්නවා’’ බළඝන නායක බුද්ධි වීබැද්ද අවසන් වරට මත්තල රේඩාරයේ සිටි නිලධාරියාට දුන් පණිවුඩය විය.

ඉන් මිනිත්තු අටක් යන්නටත් මත්තෙන් ගුවන් යානයක් කඩාවැටුණු බව ගුවන් හමුදා මූලස්ථානයට පණිවුඩ ගලා ආවේය. ගුවන් යානයේ කිසිදු දෝෂයක් ඇති බවක් ඔහු එහිදීද මත්තල ගුවන් ගමන් පාලන කුලුන වෙත වාර්තා කර නැත. නමුත් අවසන් මොහොතේ නියමුවා හදිසි ගොඩබෑමකට ජන ශූන්‍ය ස්ථානයක් සොයා යමින් සිටි බව අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි නිවෙසක සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලි වෙයි. කන්ද මතින් පහළට පියාසර කරන යානය නිවෙස් මඟහරිමින් පහතට එන ආකාරය අනුව එය නිරීක්ෂණය කරගත හැකිවූ බව පරීක්ෂණ කණ්ඩායම්වල මතය වී තිබේ.

අනතුර සැලවූ සැණින් විනාඩි දහයක් යන්නටත් මත්තෙන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගුවන් කොමදෝරු වරුණ ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ අනතුරට ලක්ව ගිනිගනිමින් තිබූ යානයේ ගින්න නිවා දමන්නට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කටයුතු කළහ.

ඒඅනුව බලන විට කිසිවකුටත් හානියක් සිදු නොවන පරිදි තමන්ගේ ජීවිත රට දැය වෙනුවෙන් කැප කරන්නට යානයේ ප්‍රධාන නියමු වීබැද්දත් සහාය නියමු කුලතුංගත් අවසන් මිනිත්තුවේදී තීරණය කරන්නට අතැයි පැහැදිලිය. එහිදී තමන්ගේ දිවි බේරා ගැනීම පසෙකලා ඔවුන් සැබෑ විරුවන් ලෙසින් සිය දිවිය කැප කරන්නට තීරණය කළා විය හැකිය. 
මෙම යානයේ ගුවන් නියමුවා වූ බලගන නායක බුද්ධි වීබැද්ද 2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී වන්නි මානුෂීය මෙහෙයුමේදී වයි ටුවෙල් ඇතුළු සැපයුම් ගුවන් යානාවලින් යුද බිමට සෙබළුන් හා අත්‍යවශය දෑ රැගෙන යන්නට දයාක වූ අත්දැකීම් පරිපූර්ණ ගුවන් නියමුවෙකි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නම ඉතිහාසයට ගෙනගිය නියමුවකු වූ ඔහු ගුවන් පැය තුන්දහසක ගුවන් කාලයක් ගුවනේ සැරිසැරූ අත්දැකීම් බහුල නියමුවෙක්ද විය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වූ සහායක නියමු පියාසර ලුතිනන් ලංකාපුරත් පාඨමාලා අංක තිහ යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද ගුවන් නියමුවෙකි.

ගුවන් ගමන් පථයේද කිසිදු වෙනසක් නැත. මේ දිනවල හපුතලේ ප්‍රදේශයේ අධික මීදුමක් පෙරවරුවේ පැවැතියද අනතුර සිදුවන මොහොත වන විට එම ප්‍රදේශයේ පැහැබර කාලගුණික තත්ත්වයක් තිබී ඇත.

අනතුර වාර්තා වීමත් සමඟම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කරනු ලැබීය. ගුවන් හමුදා නියමුවන්, ගුවන් හමුදා ඉන්ජිනේරුවන්, ගුවන් හමුදා වෛද්‍යවරුන් ඇතුළු සාමාජිකයන් කිහිපදෙනකු එම විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ වෙති. එම කමිටුවද විමර්ශන ආරම්භ කිරීම සඳහා හපුතලේ ප්‍රදේශයට පිටත්ව ගියහ.

ඊට අමතරව අනතුර සිදුවූ ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රජයේ රස පරීක්‍ෂකවරයාද ඉකුත් 03 වැනි දින පැමිණ තිබිණි. ඉකුත් 03 වැනි දින රාත්‍රිය වන විටත් එම අදාළ විමර්ශන කටයුතු අවසන්ව නොතිබිණි.

ගුවන් හමුදාවට අමතරව මේ සම්බන්ධයෙන් බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට, බදුල්ල දිසා භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්.ඩී.ආර්. කන්දෙවත්ත යන නිලධාරීන් වහා පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

අනතුරින් දිවි පිදූ ප්‍රධාන ගුවන් නියමු බුද්ධි වීබැද්ද ගුවන් පැය තුන්දහසකට අධික කාලයක් පියාසර කර ඇති ගුවන් හමුදාවේ දක්‍ෂ නිලධාරියකුද වෙයි.

ගුවන් නියමු සහයක ලෙස කටයුතු කළ ලංකාපුර කුලතුංග මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. 28 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ 30 වැනි කණ්ඩායමේ සාමාජිකයකුද වේ. ඔහු එළැඹෙන මාසයේ විවාහ වීමට නියමිතව තිබිණි.

නිරීක්‍ෂකයන් ලෙස කටයුතු කළ නායක ගුවන් භට හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් කුමාර ගුවන් හමුදාව වෙනුවෙන් විශාල සේවයක් කළ සෙබළුන් වේ.

කෙසේ වෙතත් මෙම ගුවන් අනතුර තවත් අබිරහසකි. ගුවන් අනතුරට හේතු ඉදිරි විමර්ශන හරහා හෙළිවනු ඇත. දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමි. නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා යැයි අප ප්‍රාර්ථනයයි.

විශේෂ ස්තූතිය
චාමර අමරසූරිය - මව්බිම පුවත්


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත වයි. ටුවෙල් හාර්බින් (Y12 - Harbin) යානාවක් රත්මලානේ සිට සිකුරාදා (03 වැනිදා) උදෑසනම වීරවිල ගුවන් පථයට ගමන් ගත්තේ තවත් ගුවන් මෙහෙයුමකටය. බළඝන නායක බුද්ධි වීබැද්ද එහි නියමුවා විය. සහායක නියමුවා වූයේ පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංගය. ගුවන් නියමුවන් දෙදෙනාගේ සහායට ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් වන ආර්. ඩබ්ලිව්. කුමාර හා ඒ. සී. හෙට්ටිආරච්චි යානයට නැග ගත්තේ වීරවිල ගුවන් පථයෙනි. දෛනිකව සිදුකරන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමේ තවත් එක් මෙහෙයුමකටයාමට මොවුන්ගේ මේ සූදානමය. ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය කොටස්වලට බෙදා ගුවනින් අවේක්ෂණ රාජකාරී කරමින් ඔත්තු බැලීම මොවුන්ට පැවරුණ රාජකාරියයි.  පිදුරුතලාගල සිට බණ්ඩාරවෙල, බදුල්ල, පානම ප්‍රදේශවල ගුවනේ සිට ඔත්තු බැලීමේ කාර්යයටය. ගුවනේ බෙදූ කලාප අතරින් අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශවල සැරිසරා තොරතුරු රැස් කිරීම මොවුන්ට පැවරෙන වගකීමය. ගුවනින් ගොස් ගංජා හේන්, පස් කපන ජාවාරම්, කැලෑ කපන ජාවාරම්වල තොරතුරු සොයා බලා ගුවන් හමුදා මූලස්ථානයට තොරතුරු වාර්තා කිරීම මෙම මෙහෙයුමේ වගකීමය. රටපුරා කැලෑ මැද ඇති ගංජා හේන්වටලන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට බුද්ධි තොරතුරු දෙන්නේත්, ගුවනින් ආවේක්ෂණ රාජකාරී කර ලබා ගන්නා තොරතුරුවලිනි. ඇතැම් දිනවල පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ද වීරවිල සිට ගුවනින් කරන මෙවැනි බුද්ධි මෙහෙයුම්වලට එක්වේ. ගුවනට නැගුන මොහොතේ පටන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් දෙදෙනා සමග අඩි දෙදහසේ සිට හාරදහස දක්වා උසකින් ගුවනේ සැරිසරමින් තොරතුරු සොයා යන්නට ගුවන් නියමුවෝ යානාව පැදවූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වයිටුවෙල් යානයක් ගුවන් අනතුරකට ලක් වූ පළමු අවස්ථාව මෙයද විය. මීට පෙර 1990 දී මෙහෙයුම් කලාපවලදී ගුවන් නියමුවන් සමග යානාවක් අතුරුදන් වුවද, එය මුහුදට වැටුණු බව කියවුණත් සොයාගත නොහැකි විය. මෙවැනි අනතුරක් වූ පළමු අවස්ථාව මෙයය.

ත්රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්රථම Y-12 යානයක් ශ්රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව. අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්රමාණයක් අදටත් භාවිතා කරනවා. චීනයේ Harbin Aircraft Industry Group විසින් නිශ්පාදිත ද්විත්ව එන්ජින් සහිත මෙම අනතුරට පත් Herbin Y - 12 යානයේ වයස අවුරුදු ම 33ක්. ඒ වගේම මෙම ගුවන් යානය සඳහා FAA සහතිකියත් ලැබී තියෙනවා.
Y-12 යානය ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ 1986 වර්ෂයේ සිටයි. එවකට පැවති යුධ සමයේ හෙලිකොප්ටර් වලට අමතරව ගුවන් හමුදාවේ Work Horse උනේ මෙම ගුවන් යානයයි. අදටත් ගුවන් හමුදාවේ පියාසර කටයුතු වලින් ¼ වඩා දායක වෙන්නේ හද්ද පරණ ගුවන් යානයයි. Y-12 යානය ඉතාම කෙටි දුරකින් ගුවන්ගත කරන්න පුළුවන් වගේම ගොඩ බාන්නත් පුළුවන්. Unpaved Surface එකකින් උනත් ගුවන්ගත කරන්න පුළුවන්. අනෙක් විශේෂත්වය තමයි මෙම ගුවන් යානය Basic Aircraft එකක්. ඒ නිසා නඩත්තු කටයුතු ඉතා පහසුයි. ශ්රී ලංකාවට මනාව ගැලපෙන ගුවන් යානයක්. එවකට ගුවන් හමදාවේ සිටි ඉහල නිලයන්ගේ ඉතාමත් හොද තේරීමක්.

ත්රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්රථම Y-12 යානයක් ශ්රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව.
අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්රමාණයක් අදටත් භාවිතා කරනවා. Air Frame එකට නිශ්චිත පියාසර පැය ප්රමාණයක් සහ භාවිතා කරන්න පුළුවන් කාල සීමාවක් තියනවා. පියාසර පැය අවසන් නොවී භාවිතා කරන්න පුළුවන් උපරිම කාලය එළැඹි ඇතිනම් ගුවන් යානයේ Airframe එක නැවතත් නිෂ්පාදකයා ලව්වා පරික්ෂා කරන්න ඕනේ. ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවන් ඉන්නේ මේ සඳහා. ඕනෑම ගුවන් ගමනකට ප්රථම ගුවන් යානය පියාසැරිය සඳහා සුදානම් බවට ලිඛිත සහතිකයක් ඔවුන් ලබාදිය යුතුයි. කාටවත් වගකීමෙන් ගැලවෙන්න බැහැ. එහිදී ඔවුන් සෑහීමකට පත් නොවේ නම් එම ගුවන් යානය භාවිතයෙන් ඉවත් කරනවා. ඒවගේම එංජින් overhaul කරන්න ඕනේ, Y-12 යානයේ එංජින් පියාසර පැය 3000 කට පසුව නැවතත් නිෂ්පාදකයා ලවා overhaul කරනවා. නැතිනම් Replace කරනවා. මිට අමතරව නිශ්චිත පියාසර පැය ප්රමාණ වලින් නිර්දේශිත සේවා හා නඩත්තු කටයුතු කලට වෙලාවට සිද්ධ වෙනවා (උදා: පැය 25 සේවා හා නඩත්තුව).

ගුවන් යානය පරණ ද අලුත් ද යන්න වැදගත් කමක් නැහැ. ඕනම අවස්ථාවක අනතුරක් වෙන්න පුලුවන්. Y-12 ගුවන් යානයේ අදාළ කාල සිමාව අවසන් වූ පසු මෙම යානා භාවිතයෙන් ඉවත් කරයි. වෙලාවට කලාවට නඩත්තු හා සේවා කටයුතු කරනවනම්, නිෂ්පාදකයාගේ උපදෙස් නිවැරදිව පිළිපදිනවනම් මෙම ගුවන් යානා භාවිත කරන්න පුළුවන්. ඒ සියලුම දේ සිදු කරන්නෙ නිශ්පාදකයා නිකුත් කරන Maintenance Manual, Service Manual, Structure Repair manual, Overhaul manual යනාදී පොත් පත් වල සදහන් ආකාරයට මිස අනතුරක් උන සැනින් අනේ අපොයි මේක පරණයි කියලා ගුවන් යානා ඉවත් කරන්නේ නැහැ. හසුරුවන්නේ මිනිසුන් විසින්, ඔවුන්ට අතපසුවීම් වෙන්න පුළුවන්.

පියාසර කරලා තියන්නේ ඉහල උන්නතාංශයක, කඳු බෑවුම් සහිත ප්රදේශයක, කාලගුණය ගැන අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේ.

 




ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් ඉකුත් 3 වැනිදා හපුතලේ ප්‍රදේශයට කඩා වැටිමෙන් මියගිය තිදෙනාගෙන් කෙනෙකු වූයේ ළගදී විවාහ අපේක්ෂාවෙන් සිටි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී ලංකාපුර කුලතුංගයි. ඔහුගේ වැඩිමහල් සොයුරු බණ්ඩාර කුලතුංග මෙසේ පැවසීය.

'මගේ එකම මල්ලි අද උදේ අපේ මහ ගෙදරටයි එයා බඳින්න ඉන්න නංගිටයි කතා කරලා කියලා තියෙනවා. "දැන් අපි ගුවනට යන්න ලෑස්තියි. මේ ගමන ගිහින් ඇවිත් හවස ගෙදර එනවා. රැට කන්න රසට මොනවා හරි හදලා තියන්න. මම ඉක්මනට එනවා" කියලා. ඒත් එයා අද රෑ එන්නේ පෙට්ටියකින් බව අපි කවුරුවත් හිතුවේ නෑ.

මියගිය කුලතුංග හොඩියාදෙණිය වේගිරිය ප්‍රදේශයේ උපන් අයකු වන අතර ඔහු මහනුවර ධර්මරාජයේ අධ්‍යපනය ලැබීමෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයට බැඳී කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වී තිබේ. ගුවන් නියමුවකු වූ කුලතුංග වසර 4කට අධික කාලයක් එම කටයුතුවල නිරත වූ බව ඔහුගේ සොයුරා පවසයි.

'අපේ ගෙදර අම්මයි අප්පච්චියි මල්ලියි මායි විතරයි ඉන්නේ. එයා පොඩි කාලේම ගුවන් නියමුවකු වන ආසාවෙන් හිටියේ. ඒ ආශාව නිසාම මල්ලි කොතලාවල විද්‍යා පීඨයට බැදුණා. මල්ලිට දැන් වයස අවුරුදු 26 යි. එයා විවාහ වෙන්නයි හිටියේ. ඒ නංගි අපේ ගමේම රාජ්‍ය බැංකුවක රැකියාව කරනවා.

එයාගේ විවාහය මාර්තු 3 වැනි දින කරන්නයි සැලසුම් කරලා තිබේ. අම්මයි අප්පච්චියි විශ්‍රාමික ගුරුවරු. ඒ දෙන්නාම මල්ලි ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මේ අනතුර කොහොම වුණාද කියලා අපි තාම හරියට දන්නෑ. අපට දවල් තමයි පණිවිඩය ලැබුණේ. මට මල්ලි ගෙදර එනවා කියලා දුරකතන ඇමැතුමක් ආවාම අම්මා හරියට සතුටු වෙනවා. එයා අලුත් අවුරුද්ද ලබන්න පෙරත් ගෙදර ඇවිත් අපි බලලා ගියා.'

අනතුරින් මියගිය විරවිල ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට නුවන් ළහිරු දර්ශන හෙට්ටිආරච්චි (31) මහතාගේ බිරිය වන ඩයනි චතුරිකා (28) මහත්මිය මෙසේ පැවසුවාය.

"උදැසන 8.30ට පමණ මම වැඩට යන්න ලෑස්තිවෙලා ඉද්දී මහත්තයාගෙන් දුරකතන ඇමතුමක් ආවා. ලබන 15 වැනිදා නිවාඩු දමා එන බවත් වැඩට යන්න සුදානම් වන නිසා දවල් 12න් පස්සේ කෝල් එකක් ගන්නම් කීවා. මම බස් එකෙන් මාතර වැඩට එද්දී ෆේස්බුක් එකෙන් හපුතලේ ගුවන් යානා අනතුරක් සිදු වි ඇති බව දැන ගත්තා. ඒ සමඟම මහත්තයාගේගේ මිතුරකු කතා කර කරා මම ඉන්න තැන අසා ආපසු හැරි ගෙදරට යන්න කීවා. ඒ වේලාවේ මහත්තයගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් එය වැඩ කළේ නැහැ."

සිදුවීමට තිබූ විශාල අනතුරක් වළක්වා තම සහෝදර ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනකු සමඟ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වු හෙට්ටිආරච්චි මහතා මාතර තෙලිජ්ජවිල මුරුතමුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ නුවන් දම්පැල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා වන එච්.ඒ. ප්‍රේමදාස (61) මහතා හා මව වන පුෂ්පා අයිරංගනි (58) මහත්මිය කුලි වැඩකොට බොහෝ දුක් මහන්සි වී නුවන් ඇතුළු එම දරුවන් සිවිදෙනා හදා වඩාගෙන තිබුණි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන චම්පික දර්ශන (38) බස් රථ රියැදුරෙකි. වැඩිමහල් සහෝදරිය අචලා හෙට්ටිආරච්චි (36) විවාහ වී වෙනම පදිංචි වී සිටී. අනෙක් සහෝදරිය ගීතා ශානිකා (34) රැකියාවක් නොකරයි. එම පවුලේ රජයේ රැකියාවක් කළේ නුවන් පමණි. ඔහුගේ බිරිඳ මතර නගරයේ පෞද්ගලික රෝහලක හෙදියකි. ඇය සමඟ නුවන් යෝජිත විවාහයක් අනුව යුග දිවියට එක්ව තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදාය. ඔවුන්ගේ ඒ සතුටු කැදැල්ලට අවුරුද්දයි මාස තුනක් ගත එන්නටත් පෙර කණකොකා හඩක්නට විය. තම පුතුගේ මතකය පිළිබඳව අවදි කළ නුවගේ මව වන පුෂ්පා අයිරාංගනී මහත්මිය මෙසේ කීවාය.

"පාසල් අධ්‍යාපනයෙන් පසු පුතා අකුරැස්ස යොවුන් සේනාංකයට ඇතුළත් වී පුහුණුව ලැබුවා. පසුව ඔහු වායු සමීකරණ අලුත්වැඩියා පාඨමාලාවක් ද හැදෑරුවා. 2009 වසරේ දී පුතාගේ වුවමනාවටම තමයි ඔහු ගුවන් හමුදාවට බැඳුණේ. කොග්ගල හා එකල කඳවුරුවල පුහුණුව ලැබු පුතාගේ විසිරයාමේ උත්සවය තිබුණේ දියතලාව ගුවන් හමුදා කඳවුරෙයි. පසුව ඔහු පිදුරුතලාගල, නුවරඑළිය, මඩකළපුව ආදී ප්‍රදේශ රැසක රංජකාරි කළා. මීට මාස හයකට විතර කලින් තමයි පුතා විරවිල කඳවුරට ආවේ.

ඉඩ ලද හැමවිටම ඔහු නිවඩු ලබා ගෙදර එනවා. බිරිය සමඟ හොඳ පවුල් ජීවිතයක් ගත කළා. පළමුවැනිදා රෑ ගෙදර ආපු පුතා 02 වැනිදා උදේ 5.00ට පමණ රැකියාවට යාමට සුදානම් වුණා. මම කිරි තේ කොප්පය හදා ගෙනැවිත් දුන්නම පුතා උගුරු දෙකක් බීලා ඉතිරි ටික මට බොන්න කීවා. පරක්කු වෙන නිසා මට වැඳ ඉක්මණින් ඔහු පිටත්ව ගියා. පසුව තමයි දැනගත්තේ මගේ රත්තරං පුතා ගුවන් යානා අනතුරකට ලක්වෙලා කියලා. අපි බොහොම දුක් මහන්සිවෙලයි ඔහු හදාගත්තේ. අන්තිමට මට මගේ දරුවාගේ මුහුණවත් බලාගන්න බැරිවෙලා.”

ගුවන් අනතුරින් මියගිය තිස්සමහරාම සේනපුර අංක 681, ලිපිනයේ පදිංචිව සිටි දික්වැල්ල විදානගේ චමින්ද කුමාර නමැති 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයාගේ දේහය සිය නිවස වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ බිරිඳ වූ කලවාන කොස්වත්තගේ ඉරේෂා මධුවන්ති 36 හැවිරිදි දෙදරු මව මෙසේ පැවසුවාය.

'මගේ මහත්තයගෙ ජීවිතය දරු දෙන්නයි මමයි. අපේ අනාගතය ගැන මහත්තයට අහස උසට බලාපොරොත්තු තිබුණා. මේ දෙවැනිදා උදේ ඔහු විරවිල ගුවන් තොටුපළේ සේවයට වාර්තා කරන්න යන්න පිටත් වෙන්න ඉස්සර දරු දෙන්නම වඩාගෙන ඉඳලයි ගියේ. මහත්තයගෙ වියොවෙන් අපේ සියලු බලාපොරොත්තු සිහින බවට පත් වුණා.

ගුවන් හමුදා සැරයන් චමින්ද කුමාර මහතාගේ දේහය ඔහුගේ නිවසට ගෙන එන අවස්ථාවේ නිවසේ හා ඒ අවට ප්‍රදේශයේ දේහය දැකබලා අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව ඒකරාශී වී සිටියහ. එම මාර්ගයේ දෙපස සුදු පැහැති ධජ හා ශෝක පුවරුද ප්‍රදර්ශනය කර තිබිණි. දේහය නිවස තුළ තැන්පත් කළ අවස්ථාවේ ඔහුගේ දරු දෙදෙනා වූ පස් හැවිරිදි නෙතුක දම්සිහ හා සිව් හැවිරිදි උදුලා තිහාරි දෙදෙනා නැඟු විලාප හඬ අවට රැස්ව සිටි අයගේ නෙත් කඳුළින් පුරවාලීමට සමත් විය.

ජිවිතය පිළිබඳ දහසක් සිතුම් පැතුම් පොදි තිබුණා. බැඳගෙන සසර ගමනේ දිගු ගමනක් යෑමට සිටි චමින්ද කුමරගේ බිරිඳ වූ මධුවන්ති යුද සමය මෙසේ කියමින් හඬා වැටුණාය. වසර කිහිපයක් ආදරය කරල තමයි අපි විවාහ වුණේ. අපේ එක්වීම සංසාරගත බැඳීමක් ලෙසටයි මට හිතෙන්නේ. ඔහු මට ඒ තරමට ආදරය, දයාව, කරුණාව දැක්වුවා. වැඩිමහල් පුතා මේ වසරේ පාසලට පළමු වසර ඇතුළත් කිරීමටයි සුදානමින් සිටියි. ඒ පිළිබඳ මගේ මහත්තයා නිතර නිතරම කතා කළා. පුතාගේ පාසල් ගමන ගැන ඔහුට තිබුණේ ලොකු බලාපොරොත්තුවක් ආසාවක්.

දෙවැනිදා උදේ වීරවිල ගුවන් හමුදා කඳවුරට රාජකාරි චාරිකාව කරන්න තිබුණා. එදා උදේ ගෙදරින් පිටවීමට ඉස්සර දරු දෙන්නා ළගට අරගෙන දුව වඩාගෙන පුතාට කිව්වා පුතේ පාසලට යන්න ඕන කරන හැම දෙයක්ම මම අරගෙන එන්නම් කියලයි ගෙදරින් පිට වුණේ. මහ්තතයට හත්වැනිදා ඉදල කොළඹට මාරුවක් ඇවිත් තිබුණා. ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක තම රාජකාරිය ඉටු කරන්න යන්න ඔහු මැලි වුණේ නැහැ. මට යුද සමයේත් මත්තයා උතුරෙත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදිල හිටියා. ඔහුට රට පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඔහු නිතරම කිව්වේ අපේ අනාගත දරු පරපුරට නිදහස් රටක් තිබිය යුතු බවයි.

දෙවැනිදා උදේ ගෙදරින් පිටවන විට මම හිතුවෙ නැහැ මේ වගේ හමුදා ආචාර මධ්‍යයේ ඔහුට අවසන් ගමන් යන්න වෙයි කියලා. නමූත් අපි කවුරුවත් නොහිතපු අවාසනාවත්ත ඛේදවාචකයක් අපට සිදු වුණා යැයි ඇය පැවසීය.

Sunday, January 5, 2020

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2019 (අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ)

විශ්වවිද්‍යාල ප්‍රවේශය හා උසස් අධ්‍යාපනය අරමුණු කරගනිමින් පැවැත්වෙන මේ තරග විභාගයෙන් තම අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේ ඉතා සීමිත පිරිසකටය. මෙවර උසස් පෙළ විභාගයෙන් 24,057 දෙනකු අසමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 9.01%කි. පසුගිය වසරේ (2017) මේ ප්‍රමාණය 8.69%කි. 2016 වසරේ අසමත් ප්‍රමාණය 8.67 %ක්ද, 2015දී 9.15%ක්ද, 2014දී 8.24%ක්ද වාර්තා වූ අතර, 2013 වසරේ අසමත් ප්‍රමාණය 11.56%ක ඉහළ අගයක් ගෙන තිබිණි.

උසස් පෙළ විභාග ඉතිහාසයේ පසුගිය වසර කිහිපය හා සංසන්දනයේදී වැඩිම අපේක්ෂක පිරිසක් උසස් ‍පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ පසුගිය වසරේය. ඒ 2,67,111 දෙනෙකි. මෙයිනුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ එයින් 1,67,907 දෙනෙක් පමණි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත හොත් 62.86 %කි. මෙසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරේ 64.38 % ක්ද, 2016 වසරේ 62.17 %ක්ද, 2015 වසරේ 60.91 %ක්ද, 2014 වසරේ 60.43 %ක්ද, 2013 වසරේ 58.35 % ක්ද වේ.

මේ අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කළද 2013 වසරේ සිට මේ ප්‍රතිශතය අනුක්‍රමයෙන් වැඩි ව ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 'ඒ' සාමර්ථ්‍ය 3ක් හිමි කරගැනීමේ ප්‍රතිශතය 2018 වසරේ 1.99 %කි. මෙහිද පසුගිය වසරට සාපේක්ෂව කරන සංසන්දනයේදී යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර, 2017 වසරේ මේ ප්‍රමාණය 3.26 %ක්ද, 2016 වසරේ 2.76 %ක්ද, 2015 වසරේ 2.57 %ක්ද, 2014 වසරේ 2.36 %ක්ද වී ඇත. මේ අනුව 2013 වසරේ සිට 2017 වසර තෙක් විෂයයන් තුනටම ඒ සාමර්ථ්‍ය 3ක් ගැනීමේ ප්‍රතිශතය වසරින් වසර වැඩී වී ඇති අතර, අඩුම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ මේ වසරේදීය.

වැඩියෙන්ම අසමත් පළාත් පිළිවෙළින් නැ‍ඟෙනහිර, උතුරුමැද, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වන අතර, අඩුවෙන්ම අසමත් ප්‍රමාණයන් දක්වා ඇති පළාත වන්නේ උතුරු පළාතයි. පසුගිය වසරේදීද වැඩියෙන්ම අසමත් ප්‍රතිශතයක් දක්වා ඇත්තේ නැ‍ඟෙනහිර පළාතින් වන අතර, අඩුවෙන්ම වාර්තා වී ඇතතේ උතුරු පළාතින් වන අතර, පසුගිය වසරේ හා මෙවසරේ අසමත් ප්‍රතිශත අතරද කිසිදු වෙනසක් වී නැති වීම විශේෂත්වයකි.

2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සමත්-අසමත් වීම් දිස්ත්‍රික් පාදකව විමසුව හොත් පාසල් අපේක්ෂකයන් වැඩිම ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

(සංඛ්‍යාලේඛන: විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් සකස් කළ '2018 අපොස උසස් පෙළ විභාග විශ්ලේෂණ වාර්තාව' ඇසුරෙනි)

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 5,18,184 ක් අතරින් 71.66% ක් අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ අතර සියලුම විෂයන්වලට A සාමාර්ථ ගත් ළමෝ 9,412 ක් වූහ. ඔවුන් අතරින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ කොළඹ විශාඛා විදුහලේ නිලක්නා දිසිවරි වරුෂවිතාන ශිෂ්‍යාවයි. දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ තිදෙනෙක් වෙති. කොළඹ විශාඛා විද්‍යාලයේ සවිති හංසදි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිල්කා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබෙකා දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ වූහ. දිවයිනේ පස්වැනි ස්ථානය දිනා ගත්තේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකබුආරච්චි ශිෂ්‍යාවයි.

Image result for අංශයෙන් තෙවැනියා තෙවිඳු

ගණිත අංශයෙන් තෙවැනියා තෙවිඳු

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සමත්විය. පාසලේ වැඩවලට අමතරව ක්‍රීඩා, සෞන්දර්ය, බාලදක්ෂ සහ අනෙකුත් සියලු බාහිර ක්‍රියාකාරකම්වල නිරතවූ බවත් ජයග්‍රහණය පිටුපස සිටියේ සෑම දිනම පාසල් පැමිණීම බව ඔහු ඉතා සතුටින් කියා සිටියේය.
මේ ඔහුගේ ජයග්‍රහණයේ ගමන් මඟයි, සාමන්‍ය පෙළ විභාගය A9 ක් ලැබුණා. 12, 13 වසරවල දී මගේ පාසල් පැමිණීම සියයට 90ක් ලබා ගත්තා. ඉගෙනුම ලබනවිට මට ඇති වූ ගැටලු මගේ ගුරුවරුන් සමඟ සාකච්ඡාකර විසඳා ගත්තා. ඒ වගේම අමතර පොත්පත් කියවා මගේ විෂය දැනුම පුළුල් කරගත්තා. උසස්පෙළ ශ්‍රේණිවල දී අවශ්‍ය ප්‍රායෝගික දැනුම පාසලේ විද්‍යාගාරවල දී මට උපරිමෙන් ලැබුණා.

අධ්‍යාපන කටයුතුවලට අමතරව මම පාසලේ පෝතක බාලදක්ෂයෙක්ව සිටියා. පාසලේ ගණිත සංගමයේ සාමාජිකයකුව සිටියා. එයට අමතරව මම සංගීතය වයලීන් වාදනය භාත්කණ්ඩ විභාගය සමත්වුණා. ඒවගේම මම ජාතික හා ජාත්‍යන්තර ගණිත හා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගවලට සහභාගි වී ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. 2018 මැයි මාසයේ දී ද මම ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වියට්නාමයට ගියා.

සැමදා මාගේ සෙවනැල්ල මෙන් සිටි මාගේ ආදරණීය දෙමාපියන්, පළවෙණි ශ්‍රේණියේ සිට මට ඉගැන් වූ මාගේ සියලුම දයාබර ගුරු මෑණිවරු, පියවරු මම ඉතාමත් භක්තියෙන් ආදරයෙන් සිහිපත් කරනවා‍‍. මේ හැම අවස්ථාවක දී ම අප පාසලේ වර්තාමාන විදුහල්පති බී.ඒ. අබේරත්න මැතිතුමා ලබාදුන් උපදෙස් හා නායකත්වය ගැන කෘතඥ පූර්වකව සිහිපත් කරනවා.

මම ගුරුවරුන් උගන්වන විට එය ඉතා හොඳ අවධානයෙන් අසා සිටියා. විෂය දැනුම ග්‍රහණයට මට එය ඉතා පහසුවක් වුණා. විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කරගැනීමට මාගේ සියලුම ගුරුවරුන් උපකාර කළ නිසා මගේ පාසලේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ඉතා ඉහළ ප්‍රමිතියකින් ගුරුවරුන් සකසා දෙන නිසා මුල සිටම එම ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී හොඳ ලකුණු ලබා ගැනීමට කළ පුහුණුව නිසා උසස් පෙළ විභාගයට අලුතින් සූදානම් වීම මට පහසු වුණා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැඩි සංඛ්‍යාවක් කරගැනීමට මට හැකි වුණා. එමෙන්ම ඉතා සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට මට හැකි වුණා. එය මගේ ජයග්‍රහනයට විශාල පිටිවහලක් වුණා. මේ සඳහා කැපවීමෙන් වැඩ කළ උසස් පෙළ අංශ ප්‍රධාන තමරා කුමාරිහාමි ගුරුතුමියත්, ශ්‍රේණි ප්‍රධාන ජගත් පටබැඳිගේ ගුරුතුමාත්, පන්තිභාර නිහාල් හැළඹගේ ගුරුතුමාත්, ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

----------------------------------------------------------------------------------------------------------------

 

ජනාධිපති බාලදක්ෂිකාවක වන හංසනී ඉන්ද්‍රචාපා මැදිවක දියණිය මෙවර අ.පො.ස. උසස්පෙළ ගණිත අංශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අංක එකට පත්ව තිබෙනවා.විෂය භාහිර විෂය සමගාමි කටයුතු අධ්‍යාපනයට බාධාවක් ලෙස සලකා ඒවායෙන් බැහැර වන සිසුන්ටත් තම දරුවන් එම කටයුතු වලින් ඈත් කරවන දෙමාපියන්ටත් ඇය හොඳ ආදර්ශයක් සපයා තිබෙනවා.මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ශිකා කණ්ඩායම හා සම්බන්ධ වෙමින් ඇගේ අරමුණ ජයගත්තා.

----------------------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------


Wednesday, December 18, 2019

නුවන් ප‍්‍රසාද් තලගල සුබ ගමන්!

scout

‘‘අයියගේ අත වීදුරුවට කැපිලා වේදනාවෙන් ඉන්න වෙලාවේ එතනට අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ වාහනයෙන් රෝහලට යමු කියලා. එතකොට අයියා කියලා තියෙනවා ඔයාගේ වාහනේ ලේ ගෑවිලා අපිරිසිදුවෙයි ඇම්බියුලන්ස් එකෙන්ම රෝහලට යනවා කියලා. එහෙම කියපු මගේ රත්තරං අයියා අද මට නැතිවෙලා... යැයි දිල්කි තාරකා තලගල මෙනෙවිය දැඩි කම්පනයෙන් යුතුව පැවසුවාය.

සීට් එකේ ලේ ගෑවෙයි කියා අයියා වාහනේට යන්න කියලා ඇම්බියුලන්ස් එක එන විට විනාඩි 30 ක් පරක්කු වෙලා - එකම සොහොයුරිය හඬා වැළපෙමින් කිය.

වීදුරුවකට අතකැපී සිදුවූ අනතුරින් මියගිය බාලදක්‍ෂ ආචාර්යවරයාගේ ශෝකාන්තය

සිය ව්‍යාපාරික ස්ථානයේදී සවිකිරීමට ගිය වීදුරුවක කොටසක් දෙකට කැඞී වම් උරහිස හා වැලමිට අතර ප‍්‍රදේශයට වැදී කැපී බරපතළ තුවාල ලබා අවාසනාවන්ත අන්දමින් බාලදක්‍ෂ ආචාර්යවරයකු මියයෑම සම්බන්ධයෙන් තොරතුරු සොයා අගෝස්තු 03 වැනිදා දහවල් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 වැනි කොළඹ බාලදක්‍ෂ සමූහයේ ආචාර්යවරයකු මෙන්ම නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකුද වූ නුවන් ප‍්‍රසාද් තලගල මහතාය. ඒ මහතා මියයන විට 34 වැනි වියේ පසුවිය. ඔහුගේ මෙම අවාසනාවන්ත වියෝවෙන් පියාවන සරත් තලගල මහතාත්, මවුවන රෝහිණී පෙරේරා මහත්මියත්, එකම නැගණිය වන දිල්කි තාරකා තලගලත් දැඩි කම්පාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිවිය. එසේම තලගල මහතාගේ අකල් වියෝව දැනගත් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් මෙන්ම එගොඩවත්ත ප‍්‍රදේශයේ විශාල පිරිසක් නිවසට පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.

මෙහිදී තවදුරටත් කතාකළ තලගල මහතාගේ එකම නැගණිය මෙසේද කියා සිටියාය.

‘‘මේ සිද්ධිය වුණේ 2019.07.30 වැනිදා හවස 5.30 ට විතර. සිද්ධිය වෙන්න පැය 2 කට කලින් අයියා රෝල්ස් වගයක් අරන් ගෙදර ආවා. ඒ ඇවිත් අයියයි, මායි තාත්තාට විහිළුවක් කළා. ඊට පස්සේ අයියා රෝල්ස් කාලා තේ බීලා පිළියන්දල ලී බඩු ෂොප් එකට යනවා කියලා ගියා. අනේ දෙයියනේ ඊට පස්සේ තමයි ආරංචි වුණේ අයියට ෂොප් එකේදී අනතුරක් වෙලා කියලා.

‘‘අයියගේ ලී බඩු වෙළෙඳ සලට අමතරව ? කෑම කඩයක් කෙනකුට කරන්න දෙන්නයි හිටියේ. අන්න ඒකේ ෂෝකේස් එකට වීදුරුවක් සවිකරන්න අයියා වීදුරුවක් උස්සලා තියෙනවා. එතන අයියගේ සේවකයකුත් ඉඳලා තිබෙනවා. අයියා ඒ වීදුරුව උස්සලා තියන්න හදනවාත් එක්කම වීදුරුව දෙකට කැඩිලා තියෙනවා. එහිදී ඒ වීදුරු කොටසක් අයියගේ උරහිසයි වැලමිටයි අතර ප‍්‍රදේශයේ වැදිලා කැපිලා තියෙනවා.

‘‘එහිදී අයියා රෙදි කැබැල්ලකින් ලේ ගලන තැන තදකරගෙන ඉඳලා තියෙනවා. මේ වෙලාවේ එතනට ආපු අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා යමු මං රෝහලට ගිහින් දාන්නම් කියලා. නමුත් අයියා ඒකට කැමති වෙලා නැහැ. එයා කියලා තියෙනවා වාහනයේ ලේ ගෑවෙයි ඇම්බියුලන්ස් එක ආවාම යනවා කියලා. කොහොම හරි ඇම්බියුලන්ස් එක එනකොට විනාඩි 35 ක් විතර ගිහින්. පස්සේ එතන හිටපු අය අයියව ඇම්බියුලන්ස් එකට දාලා තියෙනවා. කොහොම හරි පිළියන්දල රෝහලට අයියාව ගෙනියනකොටත් අයියා මියගිහින්. අයියට මේ අනතුර වෙච්ච වෙලාවෙම අයියව රෝහලට ගෙනිච්චනම් අයියාගේ ජීවිතය බේරාගන්න තිබුණා. දැන් මට මගේ අයියා නැහැ දෙයියනේ.... අයියා නැතුව මම දැන් ගෙදර ඉන්නේ කොහොමද දෙයියනේ...

‘‘අයියා බාලදක්‍ෂ සමූහය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළේ. අයියා මෑතක් වෙනකම් රැකියාවක් කළේ නැහැ. අයියා කළේ නවක බාලදක්‍ෂයන්ට මගපෙන්වන එකයි. අයියා පිළියන්දල ටිම්බර් වර්ක්ස් ආයතනය පටන් ගත්තේ ළඟදී. මම අවුරුදු තුනක්ම හිටියේ ජපානයේ. ඒ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. අයියා මට කෝල් කරලා කිව්වා මාව බලන්න ඕනේ ලංකාවට එන්නේ නැද්ද කියලා. අයියගේ ඒ ඉල්ලීම නිසා මම පසුගිය ජුනි 14 වැනිදා ලංකාවට ආවේ.

මෙහිදී හැඬූ කඳුළින් කතාකළ තලගල මහතාගේ මෑණියන් වන රෝහිණී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය.

අවුරුදු 25 ක්ම එයා බාලදක්‍ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපකළා. මගේ පුතාට මෙහෙම විපතක් වෙයි කියලා මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ.

බාලදක්‍ෂ දරුවන් සිය ආචාර්යවරයාගේ නිසල දේහය අසල නිසොල්මන්ව රැඳී සිටිමින් ගෞරව බුහුමන් දක්වන අයුරු දැකගත හැකිවිය. එපමණක් නොව ඔහුගේ සමකාලීන මිතුරෝ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වූහ.

1994 වර්ෂයේදී පෝතක බාලදක්‍ෂයකු ලෙසින් එක්වුණු තලගල මහතා 1996 දී පෝතක බාලදක්‍ෂයකු ලබන ඉහළම තරුව වන රන් තරුව හිමිකර ගත්තේය. පසුව ඔහු බාලදක්‍ෂයකු ලෙස දිවුරුම් දුන්නේය. එහිදී කනිෂ්ඨ බාලදක්‍ෂයකු ලෙස ඔහු කොළ රැහැනද දිනා ගත්තේය.

2000 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ අංශයට යොමුවෙන ඔහු 2003 වර්ෂයේදී බාලදක්‍ෂයකුට ලබාගත හැකි උසස්ම පදක්කම වන ජනාධිපති ප‍්‍රදානය ලබා ගත්තේය.

ඉන් අනතුරුව මානවක බාලදක්‍ෂයකු ලෙස දිවුරුම්දී බාලදක්‍ෂ නායකයකු වශයෙන් අදියර 5 ක පාඨමාලාව හිමිකර ගත්තේය. පසුව බාලදක්‍ෂ නායකයකු වශයෙන් ලබාගත හැකි ලී පදක්කම 2016 වසරේදී ඔහු හිමිකර ගත්තේය.

අනතුරුව 2017 වසරේදී ඔහු කොළඹ දිසාවේ බාලදක්‍ෂ පුහුණු කිරීමේ මණ්ඩලයට පත්වේ.

බාලදක්‍ෂ නායකයකු වශයෙන් බාලදක්‍ෂ පුහුණුව සඳහා යොමුවන නවකයින්ට දැනුම ලබාදී ඔවුන්ට ජනාධිපති පදක්කම දක්වා මෙහෙයවීමේ භාරදුර කටයුත්ත මෙහෙයවීමේලා ද ඔහු ප‍්‍රමුඛව කි‍්‍රයා කළේය.

තලගල මහතා සිය 34 වැනි උපන් දිනය පසුගිය 20 වැනිදා සිය මිතුරන් සමඟ නිවසේදී සැමරීය.

තලගල මහතා පෙරේදා (03 වැනිදා) මලහිරු බැසයන යාමයේ උඩහමුල්ල පොදු සුසානභූමියේ විශාල පිරිසකගේ ශෝකාලාපයන් මැද සමුගෙන ගියේය.

Tuesday, October 29, 2019

බාලදක්ෂයන්ට අභිමානයක් ගෙනදෙන දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල

කොළඹට උඩින් පිපෙන නෙළුම

සීඝයෙන් දියුණුවන කොළඹ අගනගරයේ අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරුවා බාලදක්ෂයෙකු බව බොහෝ දෙනා නොදන්නවා විය යුතුය. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස නිර්මාණය වන මෙම ගොඩනැගිල්ල පොලොන්නරු නිශ්ශංකමල්ල රජුගෙන් පසු නෙළුම් දඩුව බාවිත කරමින් විසිඒක්වන සියවසෙහි ඉතිහාසෙයහි ස්වර්ණමය සංධිස්ථානයක් සනිටුහන් කරන නවීන යුගයේ ඉදිකිරීමකි. පෝතක බාලදක්ෂයෙකු හා ලීපදක්කම්ධාරී නායකයෙකු හා ශ්‍රී ලංකාවේ 18වැනි ප්රධාන කොමසාරිස්වරයා මෙන් ම වරලත් වාස්තුවිද්‍යාඥයෙකු වන හිටපු ප්‍රධාන කොමසාරිස් මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ සහ වරලත් වාස්තුවිද්‍යාඥ සමිත මානවඩු හා වරලත් වාස්තුවිද්‍යාඥ චිත්‍රා වෙඩික්කාර යන වාස්තුවිද්‍යාඥයන්ගේ මූලික සැළසුම් මෙහි පදනම වී තිබේ.

මහාචාර්යතුමාගේ මූලික සැකිල්ලට අනුව එම කුලුනේ ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර චීනයේ “චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් ඉන්‍පෝර්ට් ඇන්ඩ් එක්ස්‍පෝර්ට් කෝපරේෂන්” සහ “ඒරෝ ස්පේස්” යන සමාගම් දෙක විසින්. ඉදිරියේදී මෙම සමාගම් දෙක ඉවත්ව ගොස් නව සමාගමක් මාර්ගයෙන් ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ඇති ඉඩකඩ බොහෝය. ඉදි කිරීම් පිරිවැය ඈ.ඩො. මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ. මෙම කුලුන ඉදිකිරීමේදී ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 1147කි. මෙහි සැලසුම්කළ උස මීටර් 150ක් වූ නමුත් ඒ මුල් සැලසුම තරමක් දුරට වෙනස් කොට මීටර් 165ක් උසකට මෙම කුලුන විහිදී යනු ඇත. ඒ් අනුව නෙළුම් කුළුණ මිටර් 350 ක් උසට ඉදිකෙරේ. දැනට ලොව උසම කුළුණු පහ වන්නේ ෂැන්හයි කුළුණ, බෙයිජිං කුළුණ, බර්ලින් කුළුණ, ටෆ්කන්ට් කුළුණ හා අයිෆල් කුළුණයි. අයිෆල් කුළුණේ උස මිටර් 324 කි. ඒ අනුව ලොව උසම කුළුණු පහ අතරට ඉදිරියේදි නෙළුම් කුළුණ අයත් වෙයි. ඉදිකිරීම් නිමවීමෙන් අනතුරුව මෙම කුළුන ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ අයිෆල් කුලුනද අභිබවා යනු ඇත.


* Lotus Tower Grand Opening Ceremony Fireworks! - https://youtu.be/smsHTIA3WL4

* Highest TV Tower in South Asia - Unseen Panoramic Views of the Drone Video Update - https://youtu.be/xXHmgEU5fMg

ශ්‍රී-ලාංකීය අනන්‍යතාව පිළිඹිඹූ වන ආකාරයට නෙළුම් ‍පොහොට්ටුවක් හැඩැති මෙම කුලුන මුලින්ම ඉදිකරන්නට සැලසුම්කර ඇත්තේ මුතුරාජවෙල ආශ්‍රිතවය. එහෙත් පසුව එහි ඉදිකිරීම් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැවට ආසන්නයේ සිදුවන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයද අරමුණු කර ගනිමිනි. මීටර් 20ක් ‍පොළොවේ ගැඹුරට හාරා කළුගල දක්වා පාදම තනිකරම කොන්ක්‍රිට්වලින් පුරවන අතර එම පාදම හාරන විට පැරණි නෞකාවක නටබුන් ද හමු වී තිබිම විශේෂත්වයකි. මෙම නැව මෙහි ඉදිකෙරෙන කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තක් සඳහා වෙන් වේ. පහත මාලයේ අවන්හලක් හා ටෙලි සන්නිවේදන කෞතුකාගාරයක් ඉදි කෙරේ. කුළුණේ පීඨිකාව මහල් 6 කින් සමන්විත වන අතර පලමු මහලේ කෞතුකාගාරයක්ද ප්‍රදර්ශන ශාලා 2 ක්ද ඉදි කෙරේ. දෙවන මහලේ 400 කට වැඩි පිරිසකට අසුන් ගත හැකි සම්මන්ත්‍රණ ශාලාද තෙවන මහලේ අවන්හල් හා සුපිරි වෙළෙඳ සැල්ද ඉදි කිරීමට නියමිතය. 4 වන මහලේ 1000 කට පමණ පහසුකම් සපයන ශ්‍රවනාගාරයක්ද 5වන මහලට සුපිරි හෝටලයක්ද ඉදි කෙරේ. 7 වන මහලේ නිරික්ෂණ වේදිකාව වේ. ඉහළ ම මහ‍ලේ ප්‍රභූවරු වෙනුවෙන් අධි සුඛෝපභෝගී කාමර හයක් ඉදි වේ. එම ප්‍රභූවරුන් බොහෝවිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් වනු ඇත. දකුණු ආසියාවේ වැඩිම උසකට දිවෙන සෝපානය සවිකරනුයේ ද විනාඩියකටත් අඩු කාලයකින් ගමන් කිරීමට හැකිවන ආකාරයෙනි. එසේම යම් ආපදාවකදී විනාධි 30ක් ඇතුළත මෙම ගොඩනැගිල්ලෙහි සිටින සෑම අයෙකු ම පිටතට ගැනීමේ හැකියාවක් තිබිමද විශේෂිතය. මීටර් 365ක් උසැති ගොඩනැගිල්ලෙහි එකවර පුද්ගලයන් 1500කට රැඳී සිටීමට හැකියාව පවතින අතර දරුණු ගින්නකදී වූවත් එහි රැඳී සිටින්නන් ආරක්ෂාවන ආකාරයේ ආරක්ෂක ක්‍රම මෙහි සකස් වෙනු ඇත.

නෙළුම් කුළුණ, කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදිකර ඇත. පාදම පළමු මහල සහ දෙවැනි මහල මෙන්ම විවෘත මහල් වේ. එහි පළමු මහල් දෙක සාප්පු සංකීර්ණ සඳහා වෙන්වනු ඇත. මීටර් 365 ක් උසැති නෙළුම් කුලුනේ ඇත්තේ මහල් 09කි. එම මහල් 09ම ඇත්තේ මීටර් 200ට වැඩි උසකිනි. පළමු සහ දෙවැනි මහල් වෙන්වන්නේ ගුවන් විදුලි, රූපවාහිනී සහ දුරකථන සම්ප්‍රේක්ෂණ  මධ්‍යස්ථාන වෙනුවෙනි. කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා සදහා බදු දීමෙනි. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මකවීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. මෙරට සෑම ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානයකම සම්ප්‍රේෂණ සවි විය යුතු වන්නේ මෙහිය. තෙවැනි සහ සිව් වැනි මහල් වෙන්වන්නේ අමුත්තන් හා සියයකට පහසුකම් ඇති අවන්හලක් වෙනුවෙනි. පස්වැනි මහ‍ලේ ඇත්තේ කැරකැවෙන අවන් හලකි. අති සුඛෝපභෝගී කාමර හය ඇත්තේ හයවැනි මහ‍ලේය.  හත්වැනි මහල වෙන්ව ඇත්තේ නැරඹුම් මධ්‍යස්ථානයක් වශයෙනි. සෙසු මහල් දෙක වෙන්වන්නේ ගොඩනැගිල්ලෙහි ජලය ගබඩා කිරීමේ ටැංකි මෙන්ම විදුලිය, වායුසමීකරණ යන්ත්‍ර පහසුකම් වෙනුවෙනි.

මෙහි මහල් නවයට පසුව ඇත්තේ ඇන්ටනාවකි. මීටර් 40ක් උසැතිය එය නිර්මාණය කෙරෙන්නේ ජපානයේදීය. තවමත් එම ඇන්ටනාව සවිකර නැති අතර එය සවිකරනුයේ ශක්තිමත් සැහැල්ලු විශේෂිත කොන්ක්‍රීට් බදාමයකිනි. නුදුරු දිනයකදීම එම ඇන්ටනාව සවිකෙරෙනු ඇත. මීටර 350 ක් උස වන නෙළුම් කුළුණ ඉදිකළ පසු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස විදුලි සන්දේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා 50 කට පමණ විකාශන තරංග විසුරුවාහැරීමට නියමිත ය. ඒ මගින් කොළඹ අවට තැන තැන ඉදිකර තිඛෙන සන්නිවේදන කුළුණ රැසක් ඉවත්කොට තනි තැනක සිට සම්ප්‍රේෂණ කටයුතු පවත්වා යාමට අවස්ථාව උදාවේ.

මෙහි නෙළුම් පෙති තවමත් සවිකර නැති අතර ඒවා මේවන විට කර්මාන්ත ශාලාවල සකස්කර අවසන්ය. නෙළුම්පෙති සවිකරනුයේ කොටස් වශයෙනි. කැරකෙන අවන්හල නැරඹුම් කොටස සුඛෝපභෝගී කාමර ඇත්තේ එම නෙළුම්පෙති නැතිනම් නෙළුම් ‍පොහොට්ටුව තුළය. මෙම දැවැන්ත ඉදිකිරීමේ පාදම් කොටසේ පවා නෙළුම් පෙති හැඩයට සකස් කෙරෙන අතර මේ තුළින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් මෙන්ම සශ්‍රීකත්වය, නිර්මලත්වය සංස්කෘතත්වය පෙන්නුම්කරන බව සදහන්ය. නෙළුම් කුළුණ ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශය වාහන නැවැත්වීමේ පහසුකම්ද සහිතව අවශ්‍ය යටිතල පහසුකම්ද සමඟින් විනෝද උයනයක් වශයෙන් සංවර්ධනය කිරනු ලැබේ.

මෙකී දැවැන්ත ඉදිකිරීමේ කටයුත්තට බැසිල් රාජපක්ෂ මහතාගේ අතින් 2012 වසරේ ජනවාරි 20 වෙනිදා මුල්ගල තැබෙන්න අතර 2015දී වැඩ අවසන් වීමට නියමිතය. කුළුණේ ව්‍යුහාත්මක කටයුතු 2015 ජූනි මස වනවිට නිම කිරීමට සැලසුම් කර ඇත.

Sunday, October 6, 2019

ලෝකඩ වෘකයා (The bronze wolf) සහ රිදී වෘකයා (silver wolf)

බාලදක්ෂයකු ලෙස ලබාගතහැකි ඉහලම ප්රධානය 



ලෝකඩ වෘකයා (The bronze wolf) පදක්කම

මුල් කාලීනව BP තුමා පුද්ගලිකවම ඉහලම ප්රධානය හැටියට රිදී වෘකයා (silver wolf) පදක්කම ප්රධානය කරල තිබුනත් පසුව ලෝක බාලදක්ෂ සංවිධානය බිහිවුනාට පස්සෙ එතුමා ඒ කටයුතු ඒකට භාර කලා. මේ වෙනකොට සෑහෙන දෙනෙක් රිදී වෘකයා පදක්කම ලබල තිබුනා. නමුත් ලෝක බාලදක්ෂ සංවිධානයට ඕනෙවුනා ඊට වඩා පුලුල් විදිහට අධ්යනය කරල ඉහලම ප්රධානය ලබාදෙන්න. ඒ අනුව 1935 අගෝස්තු 02 වෙනිදා ජාත්යන්තර කොමිටිය (wsc)මගින් ඉහලම ප්රධානය ලෙස ලෝකඩ වෘකයා (bronze wolf ) පදක්කම හදුන්වා දෙනු ලැබූ අතර BP තුමාට පලමු පදක්කම ප්රධානය කෙරුනා.

කිංස්ලි සී දිසානායක මහතාගේ කාලයේ කොළඹ දිසා කොමසාරිස් ඩයිමොක්ග්රීන් මහතාය. (බීපී ගිල්වෙල් උද්යානය සොයා ගිය ගමනට එක්වී සිට චාල්ස් ඩයිමොක්ග්රීන් මහතාගේ පුත් )
කිංස්ලි මහතට බ්රොන්ස් වුල්ෆ් සම්මානය පුඳනු ලැබුවේ එතුමා අන්ධ ජනතාව වෙනුවෙන් කල මෙහෙවර උදෙසායි.


No photo description available.
තද කොල පැහැති රිබන් පටියේ දෙපසම කහ පැහැති පටි දෙකක්සහිත, ලෝකඩ වෘකයා පදක්කම

පලමුව පදක්කම් 12 ක් නිර්මානය කෙරුනත්, වසරකට එකකට වඩා නිකුත් නොකරන්නත්, බාලදක්ෂ සේවයේ නියුතු 2,000,000 කින් එක් අයෙක් විතරක් මේක ලබන විදිහටත් මේක සීමා කෙරුනෙ ඒකෙ අගය ඉහලින්ම පවත්ව ගන්න. නමුත් පසු කාලීනව බාලදක්ෂයින් සංබ්යාත්මකව වර්ධනය වෙනකොට වසරකට ප්රධානයන් කීපයක් නිකුත්කරල තියන බව පේනවා.අද වෙනකොට පදක්කම් 371ක් නිකුත් කරල තියනවා, එයින් 76 වෙනි ප්රධානය අපේ රටට හිමිවෙලා තියනවා...

ඒ 1973 දි කිංස්ලි සී දසනායක මහතාට...

ඉතින් මොනවටද ඒක දුන්නෙ කියන එකත් කෙටියෙන් කියන්නම්.
1914 ඡූනි මාසෙ 19 වෙනිද ඉපදුන එතුමා, 1919 ජූනි මාසෙ 19 වෙනිදම පෝතකයෙක් හැටියට මේකට සම්බන්ධ වෙනවා. ඔය කියන විදිහට වයස අවුරුදු පහයි, උපන් දිනේ දවසෙමයි. 15 වෙනි කොළඹ කන්ඩායම, ප්රමුඛ නායකයෙක් වුන, සී. පී. ධර්මකීර්ති මහතා යටතෙ. 1947 වෙනකොට රත්මලානෙ අන්ධ විධ්යාලෙ පලවෙනි දේශීය විදුහල්පති හැටියට කටයුතු කරමින්, ඉංග්රීසි බේල් ක්රමය පාදක කරගෙන සිංහල බේල් ක්රමය (braille system) නිර්මානය කරනවා. 1952 වෙනකොට යුනෙස්කෝව මේ ක්රමය ලෝකෙටම හඳුන්වල දෙනකොට මෙතුමා පත්වෙනවා අන්ධ පුද්ගලයින් සඳහා වන ලෝක සුභසාධන සම්මේලනයෙ උප සභාපති හැටියට. 1957 නමවෙනි ලෝක ජම්බෝරිය වෙනකෙකොට, ආබාධිත බාලදක්ෂයින් සඳහා වූ විශේෂ කමිටුවේ ජාත්යන්තර උපදේශක වරයෙක් ලෙස කටයුතු කරනවා. පසුව බාලදක්ෂ විද්යාව (scouting for boys) පොත සිංහලට පරිවර්තනය කරන්නත් ඉහල දායකත්වයක් ලබාදීල තියනවා. නමුත් මේව තැනින් තැනින් හොයාගත්ත තොරතුරු, ඊට එහා යමක් කියන්නම්.

පොදු රාජ්ය මණ්ඩලීය බාලදක්ෂ නායක චාර්ල්ස් මැක්ලින් මහතා හමු වූ කිංස්ලි සී දසනායක මහතා
1968 කොළඹ කැම්පරිය වෙලේ චාල්ස් මැක්ලින් මහතාව පිලිගත් අවස්ථාව පත්තරේ ගිය විදිහ. බොහොම දෙනෙක් හොයන ඒත් හොයාගන්න බැරිවුන යමක් එතන තියනවා. Sprite of the scouting, නැත්නම් මේකෙ ආත්මය හෝ ජීවය. නැටුම් කන්ඩායම් ගේන්න පුලුවන්, බෙර ගහන්නත් පුලුවන්. නමුත් බාලදක්ෂයෙක් යුනිෆෝම් එක ඇඳන් මඟුල් බෙරේ ගහනකොට එන ගතිය ඒවයින් ගන්න බෑ.

සාමාන්යයෙන් 1- රන්, 2-රිදී, 3-ලෝකඩ. ඇයි රිදී වෘකයට වඩා ලෝකඩ වෘකයා ඉහල පදක්කමක් වුනේ...

පලමු ප්‍රධානය ලැයිස්තුවේ සටහන්ව ඇති අයුරු, වැඩි විස්තර මෙහි පෙනෙන පිටුව හරහා හෝ අන්තර් ජාලයෙන් ලබාගත හැකිය
76 වන ප්‍රධානය ලැයිස්තුවේ සටහන්ව ඇති ආකාරය
විශේෂ ස්තූතිය 
Gampaha Scout

Scouting Magazine අපි 2016දී විකි පිටුවක් අප්ඩේට් කලා සෑහෙන කාලෙකට කලින්.. බාලදක්ෂ ඉතිහාසයෙන් අතුරුදහන් වී යන තොරතුරු යාවත්කාලීන කරන්න ඔබටත් දායක වෙන්න පුළුවන්. https://en.wikipedia.org/wiki/Kingsley_C._Dassanaike

Sunday, August 25, 2019

W.P.P.N රේණුකා සිල්වා නැමති බාලදක්ෂ ආකේලා

මෙරට පෝතක බාලදක්ෂ කටයුතුවල පුරාවෘත්තයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි රේණුකා මහත්මිය මෙරට සිඟිති කටයුතු වලද පුරෝගාමිනියකි. 2014 වසරේදී මෙරට සිඟිති බාලදක්ෂ අංශය ස්ථාපිත කරන අතර එම අංශයට සම්බන්ධ වැඩසටහන නිර්මාණය කිරීමෙහිලා මහඟු සේවයක් සිදුකලේ එවකට ප්‍රධාන කොමසාරිස් සම්මානිත මහචාර්ය නිමල් ද සිල්වා මැතිතුමාට සහ එම සංකල්පයට ප්‍රබල ශක්තියක් වෙමිනි. එවකට කළමනාකරණ අංශය භාර සහාය ප්‍රධාන කොමසාරිස්තුමන් වූ නිතීඥ කපිල කල්යාන පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් එදා එම සිඟිති අංශය හඳුන්වාදීමේ සහ එම වැඩසටහන් නිර්මාණය කිරීමේ කමිටුව ක්‍රියාත්මක විය.
 
අව්‍යාජ සිනහවකින් නිරතුරුවම මුව සරසාගෙන, චාම් සරල ගති පැවතුම් වලින් යුත් අහිංසක යැයි කටපුරා කිවහැකි රේණුකා මහත්මිය යනු අප කවුරුත් දන්නා ළමා මිතුරු චරිතයකි.

ඇය කොළඹ විශාකාවෙන් සහ කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් දීප්තිමත් ශිෂ්‍යාවක ලෙස අකුරු කර, පසුව උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ද සාර්ථකව නිමා කොට ගුරු වෘත්තියට පිවිසුනාය. කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, පයාගල බණ්ඩාරනායක විද්‍යාලය, වේලාපුර විද්‍යාලය, කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලය වැනි විද්‍යාල රාශියක ගුරුවරියක, නියෝජ්‍ය විදුහල්පතිනියක, වැඩබලන විදුහල්පතිනියක වශයෙන් සේවය කළ ඇය අද විශ්‍රාම සුවයෙන් පසු වෙන්නිය.

ලාංකීය බාලදක්ෂ ව්‍යාපාරයට අනුපමේය සේවයක් කල 1960 වකවානුවේදී කළුතර දිසා කොමසරිස්තුමන් ලෙස කටයුතු කල නැසීගිය හිලරි ද සිල්වා මහතා එතුමියගේ දායබර පියා විය. හිලරි ද සිල්වාකලුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමුහයේ ආදී කතෘවරයා විය. පියාගේ අභාශයත්, නිවසේ පසුබිමත් බාලදක්ෂ ව්‍යාපාරයට පෙම්බඳින්නට රේණුකා මහත්මිය ව පොළඹවන්නට ඇත. තම දයාබර පියාණන් මෙලොවින් සමුගෙන ගිය ද තම පියාගේ අඩි පාරේ යමින් දිරිය දියණියක ලෙස අද වන විට ඇය, බාලදක්ෂ ලෝකය විශිෂ්ඨ ජයගෙන තිබේ.
 ඇය අද අපට සිටින ජ්‍යේෂ්ඨතම පුහුණු කිරීමේ නායිකාවන් අතර අයෙකි. බොහෝ පෝතක උසස් පාඨමාලාවල නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක ලෙස සහ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවක ලෙස ඇය සුවිශේෂී කාර්යභාරයක් සිදුකල අතර මෙරට පෝතක කබෝරි ඉතිහාසය වර්ණවත් කරන ඓතිහාසික චරිතයක් ද වේ. 1993 පැවති 4 වන ජාතික කබෝරියේ සිට මේ වසරේදී පැවති 12 වන ජාතික කබෝරිය දක්වා එතුමිය කැපව කටයුතු කල ආකාරය ප්‍රශංසනීයයි. බොහෝ කබෝරිවල එතුමිය කබෝරි ලේකම් විය.

කළුතර දිස්ත්‍රික්කයේ පෝතක බාලදක්ෂ කටයුතු වල නිරත වු එතුමිය, සහාය අකේලාවරියක, අකේලාවරියක, දිස්ත්‍රික් පෝතක නායිකාවක ලෙස කටයුතු කර පසුව පෝතක අංශය භාර සහාය දිසා කොමසාරීස්වරිය ලෙස තම දිස්ත්‍රික්කයේ පෝතක කටයුතු වර්ධනයට ලබාදුන් නායකත්වය පිළිබඳව අවධානයෙන් සිටි එවකට කළුතර දිසා කොමසාරිස් සජීව අබේවර්ධන මහතා රේණුකා මහත්මියව එවකට ගරු ප්‍රධාන කොමසාරිස් සම්මානිත මාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමන්ට හඳුන්වා දෙන්නේ ජාතික බාලදක්ෂ සේවයට මං පහදමිනි. දක්ෂයින්ට සහ හැකියාවෙන් පෝෂිත පුද්ගලයන්ට නිරතුරුව අවස්ථාව ලබාදුන් ගරු මහාචාර්යතුමා 2013 අප්‍රේල් 23 වන දින රේණුකා මහත්මියව ජාතික මුලස්ථාන කොමසරිස්වාරියක ලෙස පත්කරන්නට කටයුතු කලේ ඇය කෙරෙහි වූ ප්‍රබල විස්වාසකිනි. අද ඇය එම විශ්වාසයට කර ඇති සාධාරණය සැමට ආදර්ශයකි. එමෙන්ම එතුමිය කලක් කළුතර දිසාවේ වැඩබලන දිසා කොමසාරිස්වරිය වුවාය. 

 

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මුලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මහත්මිය සිගිති බාලදක්ෂ අංශය භාර මූලස්ථාන කොමසාරිස් ලෙස, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් වරලත් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා විසින් පත්කරන ලදී. එතුමිය මෙරට සිඟිති අංශය සඳහා පත්වන තෙවන අංශ භාර කොමසාරිස්වරිය යි. මෙරට සිඟිති අංශය භාර ප්‍රථම ජාතික කොමසාරිස්වරයා වුයේ එවකට කළමනාකරණ අංශය භාර සහාය ප්‍රධාන කොමසාරිස්තුමන් වූ නිතීඥ කපිල කල්යාන පෙරේරා මහතායි. එතුමන්ට පසුව හිටපු නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයෙකු සහ විශේෂ කොමසාරිස්වරයෙකු වූ නැසීගිය ශිරාස් සාලි මහතා එම තනතුරේ කටයුතු කළේය. ශිරාස් මහතාගේ අභාවයත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා, ගරු ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මැතිතුමන් විසින් රේණුකා සිල්වා මහත්මියව ඊයේ අගෝස්තු 24දින ජාතික මුලස්ථානයේදී පත්කරන ලදී.
 
 

Friday, April 5, 2019

කාවින්ද්‍යා තෙන්නකෝන් නැමති බාලදක්ෂිකාව

ජීවිතය ගලන ගගක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල් පර වලට අහුවෙලා තැලෙන පොඩි වෙන වාර ගාන අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම් වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම රිදුම කොයිතරම් ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා. ඒකට තමයි ජීවිතය කියන්නේ. එහෙම ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින් දවසක ලස්සන විල් තෙරක් ගාව අපුරු අන්තයක් අපිට හමුවෙනවා.
සමහර විට ඒ අනන්තයක් ම නොවෙන්න පුළුවන්. තවත් එක අපුරු ආරම්භයක් තාවකාලික නැවතුමක් වෙන්න පුළුවන්. එහෙමයි මේ ජීවිතයට උරුම අත්දැකීම් අහුර ලියවෙන්නේ.

එහෙම ගලාගෙන ජිවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුනාට ජිවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්.


මේ ඇගේ කතාව…

“…මම ඉපදුනේ නුවර. මගේ තාත්තා වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදියට කටයුතු කරේ. එයා නිතිය අකුරටම කරපු කෙනෙක්. ඒ නිසාම මට අවුරුදු දෙකක් වෙද්දී තාත්තා ව වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම වුන දැරණියගල ටික කාලයක් ජිවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ස්කෝලයක් හොයා ගන්න බැරි වෙන නිසා මාව ඇතුල් කරන්නේ ලයිසියම් එකට. ස්කොලෙන් අවුට් වෙලා කැම්පස් යන්න මන් බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්ව වලට ඉල්ලුවාට ලොකු සපෝර්ට් එකක් හම්බුනේ නැහැ. ඉතින් ඉගෙන ගෙන ඉවර වෙලා ටික දවසකට ආපහු දැරණියගලට යනවා. පුංචි කාලේ ගමේ මන් එක්ක සෙල්ලම් කරපු මගේ යාලුවා ඒ වෙද්දී බැදලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුනා. එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්.එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ හිතුනා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න. මන් ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා පොඩියට ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නවා. එහෙම තමා 2014 දී Without Borders පලවෙනි පියවර බිහි වෙන්නේ.
https://www.newsfirelk.com/wp-content/uploads/2017/10/18644805_431792493859303_7005045278424170496_n.jpg

පුංචි කාලේ ඉදන් මගේ අම්ම මට තනියම ජිවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා. අම්මා ආපහු දැරණියගල පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජිවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මන් තනියම කාමරයක් අරගෙන රස්සාවක් කරගෙන උයාගෙන ජිවත් වෙන ගමන් මගේ යාලුවෙක් වුන සකි ආරියවංශ එක්ක Without Borders හරහා ඈත ගම්වලට ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නවා. අධ්‍යාපනය, නිර්මාණශීලිත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද ජීවිතය ප්‍රශ්න හැමදේම එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදියට කටයුතු කරනවා. ඒ කාලේදී එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders – 2015 සදහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක් අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා මම ලංකාවේ කරන දේවල්. මට කියන්න පුළුවන් වුණා මන් කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන. රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.
https://www.newsfirelk.com/wp-content/uploads/2017/10/21107715_462335427484829_2951588236905938944_n.jpg

ඊළගට ඇමරිකාවේ බොස්ටන් වල චෙල්සි කොලේජ් එකේ අවුරුදු දෙකක් ඉගෙන ගෙන තුන්වෙනි අවුරුද්ද සම්පුර්ණ කරන්න මන් එංගලන්තේ ඔක්ස්පර්ඩ් සරසවියට එනවා. ඒ මානව විද්‍යාව ගැන උපාධිය හදාරන්න. ඒ කිසිම දෙයක් ලේසි වුනේ නැහැ. මොකද මගේ ළමා කාලේ පාසල් ගාස්තු පවා හරි වෙලාවට ගෙවන්න අසීරු වුන කාලයක්. අපිට තිබුනේ තාත්තාගේ පෙන්ෂන් එක විතරයි. ඒ කාලේ දවසකට කෑම වේල් දෙකක් හම්බෙනවා කියන්නේ ලොකු දෙයක්. අපිට ලොකුවට දේපල බැංකු වල සල්ලි තිබුනේ නැහැ. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ මගේ අම්මා එක්ක ගෙව්ව ජිවිතෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

https://www.newsfirelk.com/wp-content/uploads/2017/10/10311352_10154091371610613_3562664649796212030_n.jpg

මන් පුංචි කාලේ ඉදන් සැහෙන්න පොත් කියෙව්වා. නුගේගොඩ ඉදන් ස්කොලේ ඇරිලා බස් එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ (Janaka Inimankada ) අන්කල්ගේ බුක් ෂොප් එකට ගිහින් පොතක් කියවන්න මන් පුරුදු වෙලා හිටියා. ජනක අන්කල් ඒ අවස්තාව දුන්න එක මගේ ජිවිතේට කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. මගේ ජිවිතේට ගොඩක් දේවල් එකතු වුනේ මන් ලබා ගත්තු දැනුමෙන් අත්දැකීම් වලින්. මට තාම අවුරුදු විසි පහයි. ඒත් ප්‍රශ්න දිහා සමාජේ දිහා මන් දැක්ක විදිය අවුරුදු 16, 19, 22 දී එකිනෙකට වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇදලා ප්‍රශ්න වලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.

මට හිතෙන විදියට ලංකාවේ තරුණ පරපුර තනියම ජිවත් වෙන්න බයයි. දෙමව්පියන්ගේ සල්ලි වලින් හැමදේම කරන්න බලන්නේ. ඒ වගේ ලංකාවේ මිනිස්සුන්ව මනින්නේ වාසගමින් බැංකුවේ සල්ලි වලින් ගම්පලාතෙන්. මන් හිතන්නේ ඒක හරි වැරදි. ස්කොලේ කාලේ වුනත් මන් අපහසුතාවයට පත් වුනා ඒ දේවල් නිසා. පිටරටක මිනිසුන්ට වැදගත් මන් කවුද කියන එක නෙවෙයි මන් කරන දේ. මගේ හැකියාව. තරුණ පරපුර වුනත් රැල්ලට යන්නේ නැතිව ජිවිතේට අලුත් අත්දැකීම් එකතු කරගෙන නිදහස් විදියට හිතලා තමන් ආස දේවල් කරොත් මන් හිතන්නේ හැමදේම ගොඩක් වෙනස් වෙයි. මමත් කිසිම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුනා. ඒ වගේම දේවල් වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න අපිට පුළුවන් කම තියෙන්න ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුනත් එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජිවතුන් අතර. අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන් ඒත් හරි දේ කරන්න කියන එකයි මගේ අරමුණ “.

Related imageඇත්තටම ඇය වයසට වැඩිය හිතන අත්දැකීම් වලින් පරිණත දක්ෂ ගැහැණු ළමයෙක්. හැමෝමටම ආදර්ශයක් දෙන්න පුලුවන් කෙනෙක්. ජිවිතේ හම්බුන විදියට බාර ගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවට වැඩිය. විදවන ජිවිත විදින්නේ කොහොමද කියලා අත්දැකීමෙන් ළඟා කරගත්තු කෙනෙක් . අපුරු චරිතයක්. වටිනා හදවතක්.
---------------------------------------
කාවින්ද්‍යා තෙන්නකෝන්, තේජිත සෞභාග්‍ය එදිරිසිංහ සහ නුෂෙල් ද සිල්වා පසුගිය වසරවලදී 'රැජිනගේ තරුණ නායකයන්' වශයෙන් සම්මාන ලැබූහ. සෙනෙල් වන්නිආරච්චි සහ රඛිත මාලේවන ලබන ජුනි මාසයේ ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය රැජින හමුවීමට නියමිතයි.
---------------------------------------
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සඳහා වූ තරුණ නායකත්ව වැඩසටහනෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පසුගියදා බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබා ගත්හ.
ලන්ඩනයේදී එලෙස සම්මාන දිනා ගත්තේ කාවින්ද්‍යා තෙන්නකෝන් සහ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනායි.

 https://www.newsfirelk.com/wp-content/uploads/2017/10/inside-post-1.jpg
"රැජින විතරක් නෙවෙයි, තව මේ වගේ අපේ ක්ෂේත්‍රයේ වැඩ කරන, අපිට වඩා සේවයක් කරලා තියන අයවත් හම්බ වෙන්න පුළුවන් වුණා," ලන්ඩනයේ පිහිටි බීබීසී මූලස්ථානයට පැමිණි කාවින්ද්‍යා තෙන්නකෝන් පැවසුවාය.
සමාජ අරමුණක් සහිත ව්‍යාපාරයක් වශයෙන් තම මිතුරකු සමග එකතු වී පවත්වා ගෙන යන 'Without Borders' නමැති ආයතනය විසින් දැරණියගල සහ ඒ අවට ගම්මාන පහක අඩු ආදායම් පවුල් ඉලක්ක කොට ව්‍යාපෘති දියත් කර ඇති බවයි ඇය කියා සිටියේ.
"මම හිතන්නේ අපි ඒ කරන යන වැඩේ තියන වෙනස තමයි මේ සම්මානය අපට දිනා ගන්න මූලික වෙච්ච කාරණය," කාවින්ද්‍යා තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියාය.
තමන් වෙසෙන ජන කොට්ඨාශවල ජන ජිවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් 60 දෙනකු මෙසේ සම්මාන ලැබීමට සුදුසුකම් ලබා තිබේ.
සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී ඔවුහු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද මුණ ගැසුනහ.
---------------------------------------

මෛති‍්‍රපාල සිරිසේන

“ගැහැණු ළමයෙක් දුෂණය කර තිබුණා, ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න” 

– ජනපතිට අභියෝගකළ තරුණිය

මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම හා මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම පසුගියදා රජය විසින් ඉවත් කළා.

හැබැයි ඒ අවසරය තිබුණේ දවසක් දෙකක් විතරයි. ජනාධිපතිවරයා විසින් එම චක්‍රලේඛනය අහෝසි කරන්න කියලා නියෝගයක් ලබාදුන්නා. එම නියෝගයෙන් පස්සේ සමාජජාල මාධ්‍යවල විවිධ කතා පැතිරෙන්න පටන් ගත්තා.
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ට්විටර් පණිවුඩයක් ඔස්සේ සටහනක් තබා තිබුණා.
ඇය පවසා තිබුණේ “ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න.” යනුවෙනි
අවුරුදු 60 කට වැඩි කාලයකට පස්සේ කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න වගේම අලෙවිසැල්වල සේවය කරන්න අවසර හිමිවුණා.
හැබැයි අපේ සංස්කෘතිය හා සදාචාරය ගැන හිතලා ජනාධිපතිතුමා එය අහෝසි කළා. මේ ගැන බොහෝ දෙනෙක් කැමැත්ත පලකළත් ඇතැම් පිරිස් එය පුරුෂෝත්තමවාදය ලෙස සඳහන් කර තිබෙනවා.
එම ට්වීටර් පණිවිඩය පහතින්.
---------------------------------------

https://www.newsfirelk.com/wp-content/uploads/2017/10/17862472_1045634162237916_7835280835963066746_n.jpg
‌අවුරුදු 22 දී එංගලන්තයේ රැජිනගෙන් සම්මානයට
පාත්‍ර වූ ශ්‍රි ලංකාවේ කාවින්ද්‍යා
ජීවිතය, ගලන ගඟක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල්පරවලට අහුවෙලා, තැලෙන පොඩිවෙන වාර අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම්වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම, රිදුම කොයිතරම්ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව, නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා.ඒකට තමයි ජීවිතය කියන්නේ. එහෙම ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින්, දවසක ලස්සන විල් තෙරක් ගාව අපූරු අන්තයක් අපිට හමුවෙනවා. සමහර විට ඒ අනන්තයක් ම නොවෙන්න පුළුවන්.තවත් එක අපූරු ආරම්භයක්, තාවකාලික නැවතුමක් වෙන්න පුළුවන්. එහෙමයි මේ ජීවිතයට උරුම අත්දැකීම් අහුර ලියවෙන්නේ.
එහෙම ගලාගෙන යන ජීවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුණාට ජීවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්. ඇය ගැන ඇයට ම කියන්න මං ඉඩ දුන්නා.
මම ඉපදුණේ නුවර. මගේ තාත්තා තමයි වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදිහට කටයුතු කරේ. එයා නීතිය අකුරට ම කරපු කෙනෙක්. ඒ නිසා ම මට අවුරුදු දෙකක් වෙද්දී තාත්තාව වෙඩි තියලා මරලා දානවා.ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම වුණ, දැරණියගල ටික කාලයක් ජීවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ඉස්කෝලයක් හොයාගන්න බැරි වෙන නිසා මාව ඇතුළු කරන්නේ ලයිසියම් එකට. ඉස්කොලෙන් අවුට් වෙලා, කැම්පස් යන්න මං බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්වවලට ඉල්ලුවාට ලොකු සපෝර්ට් එකක් හම්බුණේ නැහැ.
ඉතින් ඉගෙනගෙන ඉවර වෙලා ටික දවසකට ආපහු දැරණියගලට ගියා. පුංචි කාලේ ගමේ මං එක්ක සෙල්ලම් කරපු මගේ යාළුවා ඒ වෙද්දී බැඳලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුණා. එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ හිතුණා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න. මං ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා, පොඩියට ඉංග්‍රීසි පංතියක් පටන් ගන්නවා. එහෙම තමා 2014 දී “without boarders”පළවෙනි පියවර බිහි වෙන්නේ.
පුංචි කාලේ ඉඳන් මගේ අම්මා මට තනියම ජීවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා, මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා, අම්මා ආපහු දැරණියගල පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජීවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මං තනියම කාමරයක් අරගෙන, රස්සාවක් කරගෙන, උයාගෙන කාලා, ජීවත් වෙන ගමන් මගේ යාළුවෙක් වුණ සකි ආරියවංශ එක්ක “without boarders”හරහා ඈත ගම්වලට ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නනවා.
අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද? ජීවිතය, ප්‍රශ්න, හැමදේම එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ කාලෙදියි එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders – 2015 සඳහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක්, අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා, මං ලංකාවේ කරන දේවල්. මට කියන්න පුළුවන් වුණා මං කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන. රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.
ඊළඟට ඇමරිකාවේ බොස්ටන්වල චෙල්සි කොලේජ් එකේ අවුරුදු දෙකක් ඉගෙනගෙන, තුන්වෙනි අවුරුද්ද සම්පූර්ණ කරන්න මං එංගලන්තේ ඔක්ස්පර්ඩ් සරසවියට එනවා. ඒ මානව විද්‍යාව ගැන උපාධිය හදාරන්න. ඒ කිසිම දෙයක් ලේසි වුණේ නැහැ. මොකද මගේ ළමා කාලය, පාසල් ගාස්තු පවා හරි වෙලාවට ගෙවන්න අසීරු වුණ කාලයක්. අපිට තිබුණෙ තාත්තාගේ පෙන්ෂන් එක විතරයි. ඒ කාලේ දවසකට කෑම වේල් දෙකක් හම්බෙනවා කියන්නේ ලොකු දෙයක්. අපිට ලොකුවට දේපල, බැංකුවල සල්ලි තිබුණෙ නැහැ. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ මගේ අම්මා එක්ක ගෙව්ව ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
Image result for කාවින්ද්‍යා තෙන්නකෝන්
මං පුංචි කාලේ ඉඳන් සෑහෙන්න පොත් කියෙව්වා. නුගේගොඩ ඉඳන් ඉස්කොලේ ඇරිලා, බස් එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ අංකල්ගේ බුක්ෂොප් එකට ගිහින් පොතක් කියවන්න මං පුරුදු වෙලා හිටියා. ජනක අංකල් ඒ දුන්නු අවස්ථාව මගේ ජීවිතේට කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණේ මං ලබාගත්තු දැනුමෙන්, අත්දැකීම්වලින්. මට තාම අවුරුදු විසි දෙකයි. ඒත් ප්‍රශ්න දිහා, සමාජේ දිහා මං දැක්ක විදිහ අවුරුදු 16,19,22 දී එකිනෙකට වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇඳලා ප්‍රශ්නවලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.
මට හිතෙන විදිහට ලංකාවේ තරුණ පරපුර තනියම ජීවත් වෙන්න බයයි. දෙමව්පියන්ගේ සල්ලිවලිනුයි හැමදේම කරන්න බලන්නේ. ඒ වගේ ම ලංකාවේ මිනිස්සුන්ව මනින්නේ වාසගමින්. බැංකුවේ සල්ලිවලින්. ගම්පළාතෙන්. මං හිතන්නේ ඒක වැරදියි. ඉස්කොලේ කාලේ වුණත් මං අපහසුතාවට පත් වුණා ඒ දේවල් නිසා. පිටරටක මිනිසුන්ට වැදගත් මං කවුද කියන එක නෙවෙයි, මං කරන දේ. මගේ හැකියාව. තරුණ පරපුර වුණත් රැල්ලට යන්නේ නැතිව ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරගෙන, නිදහස් විදිහට හිතලා, තමන් ආස දේවල් කරොත් මං හිතන්නේ හැමදේම ගොඩක් වෙනස් වෙයි.
මමත් කිසි ම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුණා. ඒ වගේ ම දෙයක් වෙනුවෙන් කතා කරන්න, පෙනී සිටින්න අපිට පුළුවන්කම තියෙන්න ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුණත් එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජීවතුන් අතර. අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. ඒත් හරි දේ කරන එකයි මගේ අරමුණ.
පුංචිකමට කාවින්ද්‍යා වචන ගලපන විදිහට මමත් ආසාවෙන් ඇහුම්කම් දුන්නා. ඇත්තට ම ඇය වයසට වැඩිය හිතන, අත්දැකීම්වලින් පරිණත, දක්ෂ ගෑනු ළමයෙක්. හැමෝටම ආදර්ශයක් දෙන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ හම්බුණ විදිහට භාරගෙන, වෙන දෙයක් බලාගෙන ඉන්නවට වැඩිය… විඳවන ජීවිත විඳින්නේ කොහොමද කියලා අත්දැකීමෙන් දැන අඳුර ගත්තු කෙනෙක්. අපූරු චරිතයක්. වටිනා හදවතක්. අන්න ඒ නිසයි, ඇය ගැන මං සටහනක් තියන්නෙ.

---------------------------------------

 

කාන්තාව, සදාචාරයක හිර කරලා ජනපති ගත් තීරණය ව්‍යවස්ථා විරෝධීයි – කාවින්ද්‍යා තෙන්නකෝන්


ඔබ අධ්‍යාපනය හදාරන්නේ කොහේද ?

මම ශිෂ්‍යත්වයකින් ඇමරිකාවේ වෙල්ස්ලි විදුහලට ඇතුලත්ව එහි අධ්‍යාපනය හදාරා දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව විද්‍යාව ඉගෙන ගන්නවා.

අධ්‍යාපනය හදාරණ ගමන් රැකියාවකත් නිරත වනවාද ?

ඔව්, මම අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක නිරත වෙනවා. මම සාමන්‍ය පවුලක කෙනෙක්. ඒ නිසා මට අධ්‍යාපනය හදරණ ගමන් රැකියාවකත් නිරත වෙන්න වෙලා තියෙනවා . මම පහුගිය අවුරුදු තුන පුරාම අර්ධ කාලීන රැකියාවක නිතර වෙනවා. ඒ බාර් එකකසහ ආපන ශාලාවක.

කාන්තාවක් මත්පැන් අලෙවි හලක රැකියාවක් කිරීම කවරාකරවද ඔබ දකින්නේ ?

බාර්වල වැඩ කරන පිරිමි අය ඉන්නවා. ඒ වගේම ඒවායෙහි සේවය කරන කාන්තාවන්ද සිටිනවා. ඒ නිසා එවැනි ස්ථානවල කාන්තාවක් සේවය කිරීම තුළ මා කිසි වරදක් දකින්නේ නැහැ. එය මිනිසෙකු සඳහා හොඳ රැකියාවක් නම්, එය කාන්තාවක් කළායැයි පවසා එය පහත් කොට විවේචන කරන්නේ කුමක් නිසාද යන්න මම දන්නේ නෑ .

ලංකාවේ රජය විසින් පසුගිය 10 වන දා පනතක් මගින් මෙතෙක් මත්පැන් අලෙවි හල් හි රැකියා නොකරන ලද කාන්තාවන්ට ඒ සදහා අවස්ථාව හිමි වුනා. එසේම කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබූවා.. මෙය කාන්තාවන්ට කරන අගෞරවයක් ලෙසයි ඇතැමුන් දැක්කේ.. කුමක්ද මේ සම්බන්ධයෙන් දරණ අදහස ?

ඒක විහිළුවක්. අපේ රටේ කන්තාවන් 60% ක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. මින් අදහස් වෙන්නේ සෑම කාන්තාවන් 10 දෙනාගෙන් 6 දෙනෙක් තම නිවසේ ආරක්ෂාව සහිතවත් අපයෝජනයට ලක්ව ඇති බවයි. පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව 2005 සහ 2016 අතර කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 33,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය වසර දහය තුළදී පොලීසිය විසින් වාර්තා කරන ලද ලිංගික දූෂණය හා දිරි ගැන්වීම් 40% කින් ඉහළ ගොස් තියෙනවා. කන්තාවන් හා ගැහැණු ළමයින් තම පුරුෂයන්, පියවරුන්, සුළු පියවරුන් විසින්ම දූෂණය කරන රටක ස්ත්‍රීන්ගේ ගෞරවය ගැන කතා කිරීමම විහිලුවක්.

ශ්‍රී ලංකාවේ විවාහක ස්ත්‍රී දූෂණය තවමත් නීත්‍යානුකූලයි – එනම් අපගේ නීතියේ ස්වාධීනව තමාගේම භාර්යාව ලිංගික දූෂණය කිරීමට සැමියාට ඉඩ සලසන නීතියක් ලෙසයි පවතින්නේ. මේ කාන්තා ගෞරවයක් ගැන කතා කරන මහත්වරු පසුගියදා දූෂණය කර මිය ගිය අවුරුදු 14 ක දැරියගේ දූෂණය පිළිබද කිසිවක් කියන්නේ නෑ.. අපේ ජනාධිපති සහ අපේ කැබිනට් ඇමතිවරු කාන්තාවන් ගැටලු සඳහා අවංක සැලකිල්ලක් දක්වන්නේ නම්, මේ රටේ කාන්තාවක් සෑම මිනිත්තුවකටම සිය ජීවිත අවදානමට ලක් වෙමින් පවතින දැවෙන ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් නිහඬව සිටීම පුදුම සහගතයි..මෙපමණ ගෞරවයක් කාන්තාවට ලබා දෙන්නෙ නම් ඇයි ඔවුන් නිහඬ ?

රජය විසින් ගත් මෙකී පනත රටේ ජනාධිපතිවරයා විසින්ම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔබ සමාජ ජාලා හරහා සෘජුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න කර සිටිනවා.. කාන්තාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකි බව ජනපතිවරයා විසින් දැන නොසිටි බවත් එසේම ස්ත්‍රියක් දින දෙකක් තිස්සේ දූෂණය කිරීමක් සම්බන්ධයෙන් ජනපතිවරයා නිහඩ වීම සම්බන්ධයෙන් එහිදී අවධාරණය කර සිටිනවා … මෙසේ කරන්නේ ඔබ බටහිර සංස්කෘතිය වැළද ගෙන ඒ මත ජීවත් වෙන නිසා ද ?

කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න පිළිබද අන්ධ භාවයකින් සිට ඒවා නොසලකා හැර ඇඳුමේ ප්‍රමුඛතාවයන්ට අනුව කාන්තා ප්‍රශ්න දෙස ජනාධිපතිවරයාගේ හඬ නැගීම සහ මත්පැන් මිලදී ගැනීම පමණක් කාන්තාවන්ට තහනම් කිරීම හෝ බාර් එකේ වැඩ කිරීම තහනම් කිරීම දෙබිඩි පිළිවෙතක් විදියටයි මා දකින්නේ. ඒ නිසා මා සාමාන්‍ය මිනිසුන්ගේ බුද්ධියට කතා කරනවා. මෙම නීතිය වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී වන බව පෙන්වා සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මට කතා කිරීමේ අයිතියක් තිබෙනවා .

මම හැදී වැඩුණේ දැරණියගල නම් කුඩා ගමක. . සංස්කෘතිය ආත්මීයයි. සංස්කෘතිය නීතිය නොවේ. ඕනෑම යල් පැන ගිය අසාධාරණ ක්‍රියාවක් නැති කර දැමිය නොහැක්කේ ඇයිද යන්න තර්කානුකුල හේතුවක් නොමැති විට ඔවුන් භාවිතා කරන පොදු නිදහසට දෙන අර්ථය කුමක්ද ? සංස්කෘතිය යනු සංස්කෘතියයි. ගමකින් ගමකට පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙනවා. ඔබේ සංස්කෘතිය මාගේ සංස්කෘතිය නොවේ. අප සියලු දෙනාම අපගේ සංස්කෘතීන් නිර්මාණය, හැඩය වෙනස්. එය සිදුකරගන්නා ආකරයද වෙනස්. ඒක පුද්ගලික දෙයක්. කිසිවෙකු වෙනත් සංස්කෘතියක් මත පැටවිය නොහැකියි. ඒ සංස්කෘතිය අනුගමනය කිරීම හෝ නොකිරීම මගේ පෞද්ගලික දෙයක්.

ලංකා සමාජය තුළ ලිංග භේදය අනුව දේවල් තීරණය වීම සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් ගොඩ නැගෙමින් තිබෙනවා.. ඔබ මේ සම්බන්ධයෙන් දක්වන අදහස ?

ඇත්තටම මේ ප්‍රශ්න සියල්ලම එකකට එකක් සමානයි. ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ සමාජ සැකැස්මක් එය පෞද්ගලික දෙයක්. ඉතිං ස්ත්‍රී පුරුෂ භාවය පදනම්ව ඇඳුම් ඇඳීම, කන කෑම, මත්පැන් පානය කරනවාද නොකරනවාද , අප විවාහ විය යුත්තේ කවුරුන් සමගද , අප දරුවන් හදන්නේද නොහදන්නේද , දරුවන් ඇති දැඩි කිරීම, ලිංගික කාර්යයේ නිරත වීම යන්න සම්බන්ධයෙන් රජයට තීරණය කළ නොහැකියි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්ව වෙනස්කම් කිරීම අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ශ්‍රී ලංකාව ඉතා ප්‍රබල , ශක්තිමත් කාන්තා නායකත්වයක් බිහිකරපු තැනක් එම තත්වය දියුණු කිරීමටයි අපි කටයුතු කළ යුත්තේ ..

මැතිවරණයේදීද කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම මගින් කාන්තාවන්ට පරිපාලනය සදහා ඉඩක් විවර කර දීමට රජය කටයුතු කරනු ලැබූවා .. එය මෙතෙක් කාන්තාවන්ට හිමි නොවූ ස්ථානයක් හදා දීමක් ?

අපට අත්දැකීම් , ඉදිරි චින්තනය ඇති ප්‍රගතිශීලී කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ තිබිය යුතුයි. අපේ දේශපාලනය ස්වභාවයෙන්ම ලිංගිකත්වය මත පදනම් වෙලා තියෙන්නේ දේශපාලනය කරනවා නම් සාධක දෙකක් බලපානවා එකක් තමයි පවුල් සබඳතා අනෙක තමයි කොපමණ බැංකුවේ මුදල් තියෙනවාද කියන කාරණය ප්‍රතිපත්ති පදනම් දෙශපාලනික පරිසරයක් අපට අවශ්‍යයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා කාන්තාවන්ට වැඩි ප්‍රතිපාදන වෙන් කළ හොත් පශ්චාත් මැතිවරණයට කිසිවෙකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඉටු කිරීමට ඔවුන් බැදී නොසිටිනවා

එසේම ගැහැණු හා පිරිමි අපේක්ෂකයින් සඳහා වඩාත් ගැඹුරු දේශපාලන, නීතිමය හා සමාජ අවබෝධය ලබා දීම සහ කාර්යක්ෂම, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යාම සදහා වඩාත් ඵලදායි පුහුණු වැඩසටහන් අවශ්‍යයි.

පවසන්න, ලංකාව තවමත් ගෝත්‍රික වටපිටාවක හිද ස්ත්‍රියට සලකනවා යන්න ඔබ පිළිගන්නා කරුණක් ද ?

අපි සමාජයක් ලෙස බොහෝ දුරක් පැමිණ තිබෙනවා. මේ කරුණට අදාළව බොහෝ ඇමතිවරු රාජ්‍ය ආයතන හා පුද්ගලයින් බොහෝ දෙනෙක් ධනාත්මක අදහස් පළ කොට තිබෙනවා. ඔවුන් කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් නිශ්චිත වැඩ කොටසක් ඉටු කරනවා මම දැක තිබෙනවා.. එහෙත් කනගාටුයි කියන්න රටේ ජනාධිපති තුමා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ අදහස් දැක්කම ඇත්තටම අපි ගෝත්‍රික භාවයකට තල්ලු කොට ඇති බව පසක් වෙනවා. ඒ අනුව සෑම ප්‍රගතිශීලී පියවරක් සමගම පියවර කිහිපයක් පසු පසට ගනිමින් සිටිනවා. මේ නිසා ස්ත්‍රින්ගෙ ශරීරය, ඔවුන්ගේ සායේ දිග හෝ ස්වාධීනත්වය පුටු දේශපාලනික අවශ්‍යතාවයන් සදහා යොදාගනිමින් සංස්කෘතිය ආරක්ෂා කරනවා යන්න පවසා ඡන්දයට පෙර මිනිසුන් සතුටු කිරීම නතර කළ යුතුමයි. මේ නිසා ඔබ ඉහතින් දැක්වූ අදහසට මදක් හෝ එකග වෙන්න වෙනවා…

එහෙත් බෞද්ධ භික්ෂූන් සදහන් කොට සිටින්නේ .. කාන්තාවන්ට හිමිව තිබූ ගෞරවය නැති කිරීමට මෙවැනි දෑ ඉදිරිපත් වීමෙන් සිදුවන බවයි.. ඒ අනුව බෞද්ධ සමාජයක් තුළ කාන්තාවන්ට නිසි ගෞරත්වය ලැබෙනවා නේද ?

කාන්තාවන්ගේ සන්දර්භය තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් නිවැරදිව අනුගමනය කළ බොහෝ ප්‍රගතිශීලී බෞද්ධ භික්ෂූන් වහන්සේ මම දැක තිබෙනවා. කෙසේ වෙතත්, උසස් තනතුරු සුරක්ෂිත කිරීම සඳහා උත්සාහ කළ භික්ෂූනීන් වහන්සේලා මුහුණ දුන් විරුද්ධත්වය හොඳින් පෙනෙන්නට තිබුනා. මම දකින ආකාරයට එය කාන්තාවකට පෙන්විය හැකි ඉහළම ආකාරයේ අගෞරවයක්.

කාන්තාවන් සම්පූර්ණයෙන්ම දුර්වලව සිටින බවට පිළිගත් වෙනස්කම් කරන ලද මෙවැනි ව්‍යවස්ථාපිත නීතියක් සම්මත කරගන්නේ කෙසේද යන්න මා දැක නැත. කාන්තාවන් මුලුමනින් ම දුර්වල බවත්, තමන්ගේම තීරණයක් ගැනීමට කිසිදු ස්වාධීනත්වයක් නොමැති බවත්, දුරස්ථව සිටීම සඳහා ගෞරවයක් ලෙස සැලකිය හැකි බවත් මෙහිදී උපකල්පනය කරයි. මත්පැන් සමාජයට ප්‍රශ්නයක් නම් එය ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයටම එය තහනම් කරන්න.

ම‍ට පුදුම ඇයි, අපේ මහානායක අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා මේ ගනන් කළ නොහැකි තරම් අසභ්ය සිදුවීම් හා ළමා අපචාර සිද්ධීන් අතරතුර දී කතා නොකළේ ඇයි කියන එක. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා සහිතව ශ්‍රී ලංකාවට වැඩැම්මුවේ කාන්තාවක් විසින් ඒත් දැන් මාලිගාවේ ඇතුළු කුටිවලට කාන්තාවන්ට ඇතුළු වීම පවා තහනම් කරල තියෙනවා එහෙම වෙන්නේ ඇයි කියන එකයි මං හිතන්නේ ..





ඔබ යෝජනා කරන අන්දමට ලංකාව තුළ නිදහස් කාන්තාවක් , ස්වාධීනව වැඩ කළ යුතු කාන්තාවක් නිර්මාණය වීම සදහා කුමක් විය යුතුද ?

අප පළමුවෙන්ම ආරම්භ කළ යුත්තේ අපේ රටේ පාසල් පද්ධතියෙන්, තාමත් අපෙ පාසල් තුළ විධිමත් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය විෂය මාලාවක් නැහැ. ළමා අපචාර සිද්ධි වලදි අපි නිතරම දකින දෙයක්, කුඩා දරුවන් ඔවුන්ට සිද්ද වෙන්නෙ අපචාරයක් කියාවත් ඔවුන් දන්නේ නැති එක. එවන් අවස්ථාවන් වලදි ඔවුන් කළ යුත්තෙ මොනවාද යන්නවත් ඔවුන් දන්නේ නෑ. අපි මෙවැනි ප්‍රශ්න පිළිබද පාසල් තුළ විවෘතව කතා කළ යුතුමයි. මම දැක්කා ජනාධිපති තුමන්ගේ මේ තීරණයට එරෙහිව කතා කරපු, මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරපු කන්තාවන්ට ඉතා පහත් විදිහට කතා කරනවා, එක හිටපු යොවුන් පාර්ලිමේන්තු නියොජිතයෙක් එම කන්තාවන් ‘බඩුවක් ‘ බවද කියා සිටියා. එහෙත් මෙම ප්‍රශ්නය පිලිබදව කතා කරපු සමාජ ක්‍රියාකරිනියන් බොහෝ දෙනෙකුම කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවන් ක්‍රියා කළේ , පාරට බස්සේ , නඩු කිවුවේ අද ඊයේ නොවෙයි. එ සිද්ධිවල්දි දැන් මේ නින්දෙන් බය වෙලා ඇහැරුණාවගේ කෑ ගහන විවේචනය කරන මහත්වරු හිටියේ කෝහේද කියන එක ප්‍රශ්නයක්.

විශේෂ ස්තූතිය – තුසිත පතිරණ

 -----------------------