Translate

Sunday, May 31, 2020

Digital Scouting Era Begun!

Tools for Digital Scouting: A Scout Leader’s discoveries in this unusual time
Digital Scouting | LinkedIn

 

Since I was a child and came to know Scouting, my life has been centered on the words of our Founder: The most worthwhile thing is to try to put happiness into the lives of others. When I came across this principle, I grasped it and lived it each day, as a true Scout, and still portray this in my adult years through Scouting.

Having the privilege of being a Scout Leader taught me an important lesson, aside from discipline and aiming for excellence, which is to be a friend to my young Scouts. That’s why staying connected is a must for an adult leader. With this pandemic, Scouting events and activities suddenly stopped and social distancing was imposed, leaving many feeling disappointed about missed plans, activities and gatherings. As Scouts, we spend much of our lives outdoors, we continuously make friends from all around the world, and we are not used to being confined in one place. 
For an adult leader like myself, the need to be connected with our young people and fellow leaders is hugely important. Now, more than ever, our young people need our support. And thanks to all the technology available today, Scouting adventures never really stop, as we move online. With all these digital tools, we resume our usual programming, but just do it in a new way. Besides, learning new things is part of Scouting!

I found joy in providing social connections among our young people online, and want to share some of the interactive tools we are using in our Scout groups to keep us active and mentally healthy:

Live streaming events
This is a powerful way to connect with your audience. You can use livestreams to host simple one-way events via your social media channels. Only the host is on camera, delivering content in real time. Remember to promote and schedule your live broadcasts ahead of time so your audience is aware and to more easily connect when your stream begins. 

You have a few options:
  1. Instagram Live (this is so far our biggest viewership since we started doing live events)
  2. Facebook Live
  3. YouTube Live
Virtual meetings
What is useful about these tools is that a free account enables us to record the session, so we can share with others to view later. Depending on the tool, participants can also be on camera or audio, so these options are better for two-way events. Here are some of the tools we’ve seen used with success:

  1. Zoom
  2. Skype 
  3. WhatsApp
  4. Google Hangouts
  5. GoToMeeting
  6. Webex
  7. FaceTime
Interactive feedback and game tools
These tools helps make online meetings more interactive and fun for everyone!
  1. Sli.do 
  2. Kahoot!
Collaboration tools
These tools allow you to work on developing content together, or sharing folders such as documents, photos or presentations:
  1. Google Drive 
  2. Slack 
  3. Yammer
Brainstorming tools
Capturing ideas is important in brainstorming and strategy meetings. Sticky note tools can also be used as prompts to return to ideas mentioned that do not directly fit the present agenda:
  1. Padlet 
  2. IdeaFlip  
  3. Noteapp 
  4. Bloomfire
Project management tools
If you have many projects on the go, a project management tool can help you and your team keep track of assignments:
  1. Basecamp 
  2. Trello

While we are enjoying this online Scouting – virtual meetings, webinars, live streaming, we remain vigilant in always considering our Safe from Harm policy and protocols. In whatever, platform you are using, always check the security settings and teach your Scouts about
online safety.
As a leader, it is our duty to keep our Scouts safe from harm at all times.

Happy (digital) Scouting! 


Written by:
Rio Ashadi, Adult leader and National Commissioner of Gerakan Pramuka 


https://www.scout.org/node/580330?fbclid=IwAR2H-o6ekCD8lozYmcDufHYxJ7OUHsjCZ-DsQgOj8IANL_m0dJQ8hzyg9bQ

Wednesday, May 27, 2020

පශ්චාත් කොරොනා සහ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු

 

පශ්චාත් කොරොනා ලෝකය තුළ පෘතුවියේ අනාගතය පිළිබඳ වගකිම තරුණ පරපුර ගැඹුරු අවබෝධයකින් තම දෑත් වලට පවරාගත යුතුය. එහිදි අප සාමාන්‍ය ජන ජිවිතය ලෙස ඇරඹිය යුත්තේ කලින් පැවැති ජීවිතයම නොවේ. වෙනස් ජීවිතයකි. ලෝකයේ සාමාන්‍ය ජන ජීවිතය නැවති මාස 2 ක් ඉක්ම යමින් තිබේ. අභියෝගය වන්නේ නැවත සාමාන්‍ය ජන ජිවිතය ඇරඹීම නොවේ. සාමාන්‍ය ජන ජීවිතය වෙනදාට වඩා වෙනස් ආකාරයට පටන් ගැනීමයි.

 

කොරොනා එන්නට පෙර යුගයේ පැවැති අති ධාවනකාරි අධි පරිභෝජනවාදි දැඩි විෂමකාරි ජීවන රටාව නැවත වැළඳ ගැනීම නම් එය කොරොනා ඉගැන්වූ සමාජ ආර්ථීක පාරිසරික දේශපාලනික පාඩම් අමතක කර දැමීමකි. කොරොනා කාලයට පෙර තිබු පාරිභෝජනවාදි සිහින වෙනුවට වෙනස් සාමුහිකවාදි පරිසර හිතවාදි සිහින ඇති තරුණ තරුණියන් ලෙස සාමාන්‍ය ජන ජිවිතය පටන් ගැනීමට සිදුව තිබේ. මාස දෙකක තුනක ඇරියස් කවර් කිරීමට යැයි සිතා කොරොනා කාලයට පෙර සිටියාටත් වඩා අතිධාවනකාරිත්වයකට ඔබට ඇතුල් වීමට සිදුවනු නියතය. මිලිටරිවාදය, ජාතිවාදය වැනි අඳුරු මතවාදයන්ගෙන් නිදහස් විය හැකි නම්... 

මම’ ගැනම සිතන පෞද්ගලිකවාදයේ ආත්මාර්ථකාමි ජීවිතයට පසු නොබැස ජීවිතයේ කොටසක් පවුල වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් වැය කිරිමට අදිටන් කරගත් තරුණයෙකු තරුණියක ලෙස සාමාන්‍ය ජන ජීවිතය පටන් ගමු. වඩාත් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ගෙවතු වගාව වැනි දැ සඳහාත් දෛනික ජීවිතයේ කාලයන් වෙන් කරගත්, තරුණ තරුණියන් ලෙස සාමාන්‍ය ජන ජීවිතය පටන්ගමු. වත්මන් ජිවන ශෛලියේ වෙනසක් සමඟ මුළු ලොවටම නවෝදයක් උදා කිරිමට තරුණ පරපුර තුළ නොනවතින ක්‍රියාන්විතයක් දියත් කිරිමට පහසුකම් සැපයීම වැඩිහිටි සියලු දෙනාගේ යුතුකමක්. නමුත් තරුණ තරුණියන් දැනගත යුතුයි. ඒ සහය නොලැබෙන තත්වයකදි වූවත් උකටලි නොවි ඔබට භාරව ඇති මේ විනාශ වෙමින් පවතින අපේ පොදු නිවහන රැක ගැනිමේ දූත මෙහෙය ඉදිරියට ගෙනියන්න.

වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට මෙරට සෞඛ්‍ය අංශ නව ක‍්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. දෙදෙනෙකුට වැඩි පිරිසක් එකතු වන පොදු හමුවීම් තහනම් වී තිබේ. කෙසේ වුවද ප්‍රබල රටවල් පවසන පරිදි විදේශයන්හි සිට එම රටවලට පැමිණෙන අයගෙන් වෛරසය ආසාදනය වූවන් හඳුනා ගැනීමත් සමඟ "කොරෝනා දෙවැනි රැල්ලක්" නැගෙනු ඇතිදැයි බියක් ඇති වෙමින් තිබේ. 

දැනට පෙනෙන්නට ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්වී ඇති බවකි. මේ වන විටත් වෛරසයේ ව්‍යාප්ත වියහැකි මංගල අවමංගල උත්සව අවස්ථාවන් සඳහා එක්වන පිරිස සීමා කිරීමටත් කෞතුකාගාර හා පූජනීය ස්ථාන ආදී පොදු ස්ථාන වසා දමා සීමාකර ඇති පසුබිමක දුවන ලෝකයට නතරවන්නට බල කර මිහිතලය සොබා දහමේ රිද්මයට ඉඩ දී තිබේ. 

පළමුවරට මෙරට බාලදක්ෂ වැඩසතිය පැවැත්වීමට නොහැකිවීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බාලදක්ෂ වැඩ සතියක් පවත්වන ලද්දේ 1950 වර්ෂයේ දීය. එවකට ප්‍රධාන කොමසාරිස් සී. පී. ජයවර්ධන මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන රුපියලේ වැඩ සතිය ලෙස නම් කළේය.  එම වකවානුවේදී සෑම බාලදක්ෂයකු විසින්ම රුපියලක්වත් එකතු කර අරමුදලට දායකත්වය ලබා දිය යුතුව තිබුණි. ජාතික වැඩසතිය ලෙසින් හැඳින්වූ අරමුදල් රුස් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන කොමසාරිස් සී.බටුවන්ගල මහතාගේ වකවානුව තුළදී ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතිය ලෙස වෙනස් කරන ලදී. සතියකට සීමා නොකළ දින දහයක් ක්‍රියාත්මක කළ අතර ජාතික සේවා සතිය මේ දක්වාත් ක්‍රියාත්මක වේ. මෙය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙසද හැදින්විය යුතුවේ. එය 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම දැඩි අභියෝගයක් වනු ඇත.

ජාතික ජම්බෝරිය තවදුරටත් ඉදිරියට කල්යනු ඇත

ත්‍රිකුණාමලය බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පුවැත්වීමට යොජිතව තිබූ 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය හිටපු ප්‍රධාන කොමසාරිස්තුමාගේ යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට යෝජනා වී දින වකවානු ස්තීර වී තිබුණ ද නව ප්‍රධාන කොමසාරිස් ප්‍රධාන කොමසාරිස් මිලින්ද පීරිස් මහතාගේ ආගමනය හේතුවෙන් නැවතත් ජම්බෝරිය ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට කෙටුම්පත් ස්තීර විය. එයට සමගාමීව ජාත්‍යන්තර ආකර්ශනය දිනාගනිමින් සිව්වැනි දකුණු ආසියාතික සහයෝගිතා ජම්බෝරියට (SAANSO) සන්සෝ ජම්බෝරිය පැවැත්වීමට සූදානම් වූ අතර මේ වනවිට දින නියමයකින් තොරව 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීම අවිනිශ්චිත තත්තවයකට පත්ව ඇත.

කොරොනා අභියෝගය සහ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු

පාසල් ආරම්භ කළ සැණින් දරුවන් විෂය බාහිර වැඩ වලට සහභාගී කර ගැනීමේදී ගැටලු ඇතිවිය හැකියි. පාසලේ අතිරේක පන්ති පැවැත්වීම අනිවාර්යෙන් ම සිදුවේවි. මාස 3ක්වත් ඉක්ම යනතුරු කිසිදු බාලදක්ෂ ක්‍රියාකාරකමක් සිදුකිරීමට නොහැකි වනු ඇත.

අසීරු ලෙස පවත්වාගෙන යන බාලදක්ෂ කණ්ඩායම්

මේ වකවානුව අවසන්වන විට දැනටත් අසීරුව පවත්වාගෙන යමින් සිටින 15-25 සීමා වි ඇති සාමාජික කණ්ඩායම් සිටින බාලදක්ෂ කණ්ඩායම්වලට අත්වියහැකි අසීරුතා කෙරෙහි සංවේදීව අවධානය යොමුකළයුතුය. 

ජනාධිපති සම්මානය සඳහා කල් ඉකුත්වීම

අනෙක් ගැටලුව පාසල් නිවාඩු නිසා ඉදිරියේදී ජනාධිපති සම්මානය සඳහා සූදානම්වන බාලදක්ෂ දරුවන්ට පදක්කම් කටයුතුවල දී වයස ගැටලුවක් විය හැකිය. 

Adventure Bingo - Susquehanna Council

නායකත්ව පුහුණුව

වාර්ෂිකව ක්‍රියාත්මකවන සිව්වන අදියර ලී පදක්කම් පුහුණු පාඨමාලා පැවැත්වීම ද අසීරු තත්තවයකට පත්ව ඇත. අප්‍රේල් සහ අගෝස්තුවේ මීරිගම හා පීඩෘෘ ක්‍රියාත්මක වීමට නියමිත පුහුණු කටයුතු මෙන්ම 1 අදියර, දෙවන අදියර පුහුණු කටයුතුවලද ප්‍රමාණාත්මක අඩුවක් පළමු කාර්තුව තුළ දක්නට ලැබේ. මෙය බාලදක්ෂයන් ලක්ෂය දක්වා වැඩිකිරීමේ වැඩපිළිවෙලට ඍජුව බලපානු ඇත.

අන්තර්ජාල බාලදක්ෂ කටයුතු

අන්තර්ජාල වේදිකා කරගනිමින් "සමාජ ජාල" ඔස්සේ අද වනවිට ඩිජිටල් ෆොටෝ, වීඩියෝ, අදහස්, තොරතුරු, පිංතූර, හුවමාරුවීමට අමතරව සූම්, චැට්, ඩිජිටල් කන්ෆරන්ස් හරහා හෝ වට්ස් ඇප්, වයිබර් ආදී ජාල ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කළ ද බාලදක්ෂ වැනි සෑබෑ ලෝකයේ ක‍්‍රියාකාරකම් පූර්ණ වශයෙන් අන්තර්ජාලය තුළින් සිදුකිරීමට තිබෙන ඉඩකඩ සීමිතය.

පවතින අන්තර්ජාල ගාස්තු සහ දේශීය බාලදක්ෂ දරුවන්ගේ සමාජජාල ක්‍රියාකාරීත්වය සීමා සහිත වීමත්, බහුතර බාලදක්ෂ නායකයින් ප්‍රමාණයක් අන්තර්ජාල භාවිතයෙන් තොරවීමත් හේතුවෙන් 100% අන්තර්ජාල බාලදක්ෂ මෙහෙයුම් සිදුකිරීමේ ප්‍රතිඵලය 30% තරම් සීමිත වී ඇත.

දිසා බාලදක්ෂ සංගම් කීපයක් හැරෙන්නට අන්තර්ජාලයේ සැරිසරන බාලදක්ෂ ප්‍රජාව සීමිතබව කිව යුතුම වේ. බාලදක්ෂ නායකයන් සහ ආචාර්යවරුන් මෙම සංවේදී කරුණ කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අප සිතමු.

ඒ සදහා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

කොරෝනා වසංගතය අනාගත ලෝකයේ ගමන් මග තීරණය කරන හැරවුමක් වනු ඇති බව පැහැදිලිය. කෙසේ වුවද වසංගතය පරාජය කළ යුතුය. දෙවනුව කොරෝනා අභියෝගය ජය ගත යුතුය. එය කිරීමට නම් සංචරණයට විරාමයක් දී අප නිවසේ සිටිය යුතුය.

ඒ සඳහා බාලදක්ෂ ඔබ සූදානම් ද?

Friday, May 15, 2020

Proficiency Badge Challenge (බාලදක්ෂ/බාලදක්ෂිකා ප්‍රවීණතා පදක්කම් අභියෝගතා)

How to Earn Boy Scout Merit Badges

Like scouting itself, earning merit badges can be an adventure. But truth be told, some badges that are required for special Badge Requirement are considerably more fun to earn than others. Some can also be earned in a matter of days, while others take three months or weeks, minimum. And some are best done at Scout camp, not at home.

Badge-o-rama

Here are insider tips on how to get those Cub/Scouts required Merit badges done in a timely fashion, without making the process too overwhelming for the Gold star/President award hopeful or his or her parents. Earning merit badges takes time and effort. A Scout can navigate this process best when he or she makes a plan and minds important guidelines. Some overall strategies to keep in mind. Although civics, life skills, and wilderness survival comprise the knowledge base every Scout Awards should have, some of the Higher Awards-required merit badges are pretty dry affairs. Important, yes, but not necessarily thrilling.

Scout Skill-O-Rama Challenge! on Corona Curfew Time. 

These tips will help you and your prospective Scout Proficiency Badge choose which badges to go for, as well as when and where.
who is the best Proficiency Badge challenger? tag the 5 friends in the challenge.

බාලදක්ෂ ප්‍රගති පදක්කම් මාර්ගය

ඕනෑම දරුවකුට වයස අවුරුදු 5 දී මෙම ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගත හැකිය. ඔහු හෝ ඇය තම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර සාමාජිකත්ව පදක්කමේ සිට ඉදිරියට පුහුණුව සම්පූර්ණ කරමින් නියමිත විෂය නිර්දේශ සමත් කරමින් ‘ජනාධිපති ප‍්‍රදානය. 'Presidents Scout Award' ලෙස හැඳින්වෙන උසස්ම ප‍්‍රදානය දක්වා පුහුණුවීම්වල නිරත විය හැකිය. මේ පුහුණු කි‍්‍රයාවලියේදී දරුවකු උපරිම ලෙස වසර 13 ක පමණ කාලසීමාවක් අධ්‍යාපනයේ විෂය බාහිර කටයුත්තක් ලෙස විවිධ ‘ප‍්‍රගති පදක්කම්. හා තම රුචිකත්වයට අනුව තෝරාගත හැකි ප‍්‍රවීණතා පදක්කම් රාශියකට අදාළ විෂය නිිර්දේශ පිළිබඳ ප‍්‍රවීණත්වයක් අත්පත් කර ගනී.

වයස අ. 5 දී බාලදක්ෂ ව්‍යාපාරයේ ‘සිඟිති අංශයට. ඇතුළත් වන දරුවකු එතැන් සිට ක‍්‍රමයෙන් උසස් ‘ප‍්‍රගති පදක්කම්. Progressive Badges සහ ප‍්‍රදානයන් Awards කරා යොමු වීමට තමා අයත් වන අංශය හා වයස් සීමාවන් මෙසේය.
  • සිඟිති බාලදක්ෂ අංශය
  • පෝතක බාලදක්ෂ අංශය
  • කනිෂ්ඨ බාලදක්ෂ අංශය
  • ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය
  • මානවක බාලදක්ෂ අංශය

ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමය

සිඟිති අංශය (බාලක/බාලිකා) අවුරුදු 5 -7

  1. සාමාජික පදක්කම
  2. සතුට
  3. දිනුම

පෝතක අංශය (බාලක/බාලිකා) අවුරුදු 7 - 11

  1. සාමාජික පදක්කම්
  2. රන්තරු පදක්කම්
  3. රිදීතරු පදක්කම්
  4. රිදීතරු පදක්කම්

. බාලදක්‍ෂ අංශය (බාලක/බාලිකා) අවුරුදු 10 1/2 - 15

  1. ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම
  2. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
  3. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
  4. දිසා කොමසාරිස් ප්‍රදානය

ජේ. බාලදක්‍ෂ අංශය (බාලක/බාලිකා) අවුරුදු 14 1/2 - 18

  1. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය ප්‍රදානයක් නොවේ)
  2. වනවාසියාගේ රැහැන
  3. ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය

මානවක අංශය (මානවක/මානවිකා) අවුරුදු 17 1/2 - 24

  1. සාමාජික පදක්කම
  2. බී.පී.ප්‍රදානය
ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයේ විෂය නිර්දේශයට පිවිසුණු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක/බාලිකාවන් නියමිත දක්ෂතා පුහුණුවීම අවසානයේ සමාජයේ ප‍්‍රජාව වෙත යොමු වී ‘ප‍්‍රජා සේවාවක් හඳුනාගෙන එම ප‍්‍රජා සේවාව ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කර කි‍්‍රයාත්මක කර ඇගයීමකට යටත් කර ඉදිරිපත් කරන ව්‍යාපෘති වාර්තාව සමග තම බාලදක්ෂ පුහුණුවේ විවිධ කඩඉම්වලදී ප‍්‍රගති පදක්කම් දිනාගත් සහතික කළ වාර්තාව ඇතුළත් ජනාධිපති බාලදක්ෂ අයැදුම්පත‍්‍රය අදාළ දිසා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා වෙත තම 18 වන උපන් දිනයට මාසයකට පෙර භාරදිය යුතුය. ජාතික බාලදක්ෂ මූලස්ථානයේ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ව්‍යාපෘති වාර්තාව පරීක්ෂා කර සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සාර්ථකව කටයුතු කර ඇති බාලදක්ෂ බාලක බාලිකාවන් ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානය. සඳහා සුදුසුකම් ලබා ඇති බවට ප‍්‍රධාන කොමසාරිස්තුමාට නිර්දේශ කරනු ලැබේ.

බාලදක්ෂ දිවියේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන යෞවන යෞවනියන්ට ‘මානවක බාලදක්ෂ. Rover Scout අංශයට ඇතුළත්ව තවදුරටත් බාලදක්ෂ සේවයේ නිරත වීමට දොරටු විවෘතව ඇත.

කොරෝනා කාලේ ස්කවුට් ස්කිල්-ඔ-රාමා වැඩසටහන

කොරෝනා බලපෑම නිසා බාලදක්ෂ දරුවන් ගේ විෂය නිර්දේශය .ප්‍රවීණතා පදක්කම් සම්පූර්ණ කිරීමේදී වන බලපෑම කළමනාකරණය කර ගැනීම සඳහා ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම්වලට සූදානම් වෙන්න දරුවො උනන්දු කරන්න SCOUTING සඟරාවේ අපි හිතුවා.

ඒක කරන්න පුළුවන් දෙයක් ද?

ගෙදර ඉන්න ගමන් ප්රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද? කොහොමද ගෙදර ඉන්න ගමන් ප්රවීනතා පදක්කම් වලට සූදානම් වෙන්නේ කෝමද කියලා ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව සිටින පෝතකයෝ, බාලදක්ෂයෝ විතරක් නෙමේ බාලදක්ෂිකාවොත් කියල දෙන වීඩියෝ පහළින් තියෙනවා. ඔබත් නොදන්න දැනුම වැඩි කරගන්නත් දන්නෙ නැතිනම් අලුතින් පදක්කමක් කරන හැටිත් හැමෝටම වඩා ලස්සනට නිර්මාණශීලී විදිහට කරන්නත් මෙහෙිදී කියලා දෙනවා. මේ හැම දේම සූදානම් කරලා තියෙන්නේ බාලදක්ෂ දරුවෝ. හැමදාම කලා වගේ දන්න විදිහට පදක්කම් විෂය නිර්දේශය කියවලා ඒකට සූදානම් වෙන විදිහට තමා මෙය සූදානම් කලේ. එක එක දිසාවල පදක්කම් සමත්කරන විදිහ වෙනස් ඇති. එත් හැමෝටම ලැබෙන්නෙ එකම පදක්කමක් නිසා... ඒ ඒ බාලදක්ෂයගේ මට්ටම් අනුව පදක්කමේ ගුණ දොස් දකීවි බොහෝ දෙනා. මේවගේ කාලවකවානුවක දොස් දකිනවට වඩා දරුවෝ උනන්දු කරන්න හිතන බාලදක්ෂ නායකයින්ට මේ අදහස ප්‍රයෝජනයට අරන් වඩාත් නිර්මාණශීලීව ප්‍රවීනතා පදක්කම්වලට යොමුකරන්න උත්සාහ ගන්න. පහත වීඩියෝ බලලා ඔබේ අදහස් එකතු කරන්න. ඒ දරුවන්ට උනන්දු වෙන්නත් එක්ක.

කොරෝනා සමයේදී දැනට දිනා සූදානම්ව ඇති ප්‍රවීණතා පදක්කම් ගොනුව



Video thumbnail: Scout Skill-O-Rama Challenge #Senior Astronomer (S.H./04)Video thumbnail: Scout Skill-O-Rama Challenge #Hobbies Video thumbnail: Scout Skill-O-Rama Challenge #Master SportsmanVideo thumbnail: Scout Skill-O-Rama Challenge #Junior Gardener (J.G./02)Video thumbnail: Girl Guides Skill-O-Rama Challenge #EntertainerVideo thumbnail: Scout Skill-O-Rama Challenge #House Orderly Video thumbnail: Scout Skill-O-Rama Challenge #Aircraft ConstructorVideo thumbnail: Scout Proficiency Badge challenge #Gardener & #Herbalist Video thumbnail: Scout Skill-O-Rama Challenge #EntertainerVideo thumbnail: Scout Proficiency Badge challenge #Music Maker

 පෝතක අංශය
  1. Entertainer විනෝදකරු - https://youtu.be/g3k9fDLV_i4 , https://youtu.be/_XiEfe7fR8Q  
  2. Gardener - https://youtu.be/eEV7vvyp89E
  3. Book Reader -
  4. House Orderly - https://youtu.be/eI1DyBXg2nc
  5. Hobbies - https://youtu.be/HRIzdmrxiAM  , https://youtu.be/xZaUweNY53s ,
  6. Cub Folk Dance - https://youtu.be/_XiEfe7fR8Q

  1. Junior Happy Home (J.M./01) පසන් නිවැසි - https://youtu.be/iSgJ2iL7qpo
  2. Junior Book Reader (J.C./01) - 
  3. Junior Gardener (J.G./02) ගෙවතු කරු - https://youtu.be/0wSBx3PsrfQ
    , https://youtu.be/eEV7vvyp89E ,
  4. Junior Herbalist (J.G./05) පැළෑටි නිරීක්ෂක -
    https://youtu.be/0wSBx3PsrfQ 
  5. Junior Aircraft Modeller (J.J./01) ගුවන් යානා ආකෘතිකරු -  https://youtu.be/FR97JTg1l2o
  6. Music Maker (J.F./02) සංගීතඥ - https://youtu.be/Bgb-I3hc3F8
  7. Junior Happy Home (J.M./01) - 
  8. Junior Sportsman (J.D./03) -
  9. Junior Stamp Collector (J.L./01) ක. මුද්දර රැස්කරන්නා - https://youtu.be/xZaUweNY53s
  10. Book Reader (J.C./01) පාඨක - https://youtu.be/5xM8pSUZHBQ
  11. Junior Scholar (J.C./03) අධ්‍යනශූරී - 
  12. Music Maker (J.F./02) සංගීතඥ - https://youtu.be/5u0xjxTE82I
  13. Information Technology (J.C./05) කණිෂ්ඨ තොරතුරු තාක්ෂණ - https://youtu.be/2QjP_Fb0EQE
  14.  
  15.  
 

  1. Senior Happy Home (S.M./01) පසන් නිවැසි - https://youtu.be/iSgJ2iL7qpo ,https://youtu.be/_kM_wRppgFk ,  ,
  2. Senior Master Sportsman (S.D./03) - https://youtu.be/vUvOfQzyzoA
  3. Senior Aircraft constructor (S.J./01) - 
  4. Senior Astronomer (S.H./04) - https://youtu.be/jJUaCsOqIB8
  5. Senior Happy Home (S.M./01) - 
  6. Senior Horticulturist (S.G./02) - 
  7. Senior Book man (S.C./01) ග්‍රන්ථාකාර (පොත්කියවන්නා) - https://youtu.be/5xM8pSUZHBQ
  8. Senior Scholar (S.C./03) ජේ.අධ්‍යනශූරී-
  9. Senior Philatelist (S.L./01) ජේ. මුද්දර රැස්කරන්නා -
  10. Musician (S.F./02) සංගීතඥයා -
  11. Management Information System (S.C./05) ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ - 


  1. Entertainer - https://youtu.be/ReGuYgAsyDs 
  2.  
බාලදක්ෂිකා අංශය

 

මේ අභියෝගය නිවාසවලට වී සිටින දක්ෂ පෝතක, බාලදක්ෂ, බාලදක්ෂ බාලිකා,  කුඩාමිතුරි, බාලදක්ෂිකා කටයුතු කරන දරුවන් සඳහාමයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවාස වලට කොටුවී සිටින පෝතක බාලදක්ෂයන්, කණිෂ්ඨ බාලදක්ෂයන්, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ට, බාලදක්ෂිකාවන්ට සිය වටිනා කාලය ප්‍රවීනතා පදක්කම් සඳහා යෙදවීමට කාලය ඇති තරම් ඉතිරි වෙලා. පාසල් වසා දමා ඇති බැවින් අධ්‍යයන කටයුතු මදක් ඈත් වී ඇති පසු බිමක මානසික ආතතිය, හුදකලාව සහ ආර්ථික දුෂ්කරතා ගෘහස්ථ හිංසනය, ළමා හිංසනය ආදී බොහෝ ආතතීන්ට සිට වී දුක්වීදීමට විකල්පයක් ලෙස දරුවන්ගේ ගුණාත්මක කුසලතා වර්ධනයක් උදෙසා බාලදක්ෂ ප්‍රවීනතා පදක්කම් කෙරෙහි අවධානය යොමු කල හැකිව තිබේ.

ප්‍රවීනතා පදක්කම් දිනා ගැනීමට ඔබත් සූදානම් ද?

දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් පෝස්ටුවට එක් කරන්න. අදාල ප්‍රවීණතා පදක්කම මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට whatsapp මගින් 0774526262ට එවන්න..

Wednesday, May 6, 2020

ඇරෝ උද්‍යානයේ මඩ ජම්බෝරිය 1929 - 3වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය

බී.පී. ගේ පයට පෑගුනු මඩටත් වටිනාකමක්... 

1929 දී එංගලන්තයේ බකන්හෙඩ් හි ඇරෝ උද්‍යානයේ පැවති 3වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය හැඳින්වූයේ "මඩ ජම්බෝරිය " නමිනි. රටවල් 35ක බාලදක්ෂයන් 30,000 ක් සහභාගි වූ මෙය මඩ ජම්බෝරිය ලෙස හැඳින්වූයේ ආරම්භයේ සිටම ධාරානිපාත මහ වැසි හේතුවෙන් අක්කර 450ක් පමණ වූ ජම්බෝරි භූමියට දැඩි හානි පැමිනි අතර එය මඩ ගොහුරක් විය.මේ අවස්ථාවේදී බීපී කල ප්‍රකාශය බාලදක්ෂ ලොවේ කියමනක් විය.
"ඕනෑම කෙනෙකුට කඳවුවෙනුවෙන් කල හැකි වූවත් මෙවැනි මඩ වගුරක කඳවුරු බැඳිය හැක්කේ බාලදක්ෂයන්ට පමණි "
මෙම ජම්බෝරිය උප කඳවුරු 8කට බෙදා තිබූ අතර එහි මද්‍යයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉඳිකර තිබුනි.
 
3rd World Scout Jamboree.svg
 
 
කඳවුරට සහභාගි වූ බීපී එක් ඇමරිකානු කඳවුරක් නැරඹීමට ගිය අතර එහි වූ හොඳම කඳවුරු භූමිය තේරීම එතුමාට භාර විය. එහිදී වුල්වරීන් නම් කණ්ඩායම තෝරාගත් අතර ජේම්ස් ඊ වෙස්ට් හා ඇමරිකානු උප ජනාධිපති සමඟ කතාබහක යෙදී සිටියදී චාල්ස් මැකින්ටයර් නම් ඇමරිකානු ප්‍රාදේශීය කොමසාරිස් වරයෙකු බීපීගේ සපත්තුවක ඇලී තිබූ මඩ පිඬක් ගෙන ලියුම් කවරයක බාහා සීල් තැබීය. මෙම ඓතිහාසික මඩ පිඬ මොන්රෝ ප්‍රාන්තයේ බාලදක්ෂ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
 
3rd World Scout Jamboree - Wikipedia
 

බාලදක්ෂයන්ගේ කඳවුරු කොතනද වැස්ස එහි ඇත

2වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවතුනේ ඩෙන්මාර්කයේ කොපන්හේගන් හිදීය. එය 1924 අගෝස්තු 9 දා සිට 17 දක්වා පැවති අතර එය කඳවුරු ආකෘතිය අනුව පැවැත්වූ පලමු ලෝක බාලදක්ෂ ජම්බෝරිය විය. එහි සමාරම්භක උළෙලේදී බේඩ්න් පවෙල් සාමිවරයා තම කතාව ආරම්භ කරත්ම ධාරානිපාත වර්ෂාව ඇදහැලෙන්නට ව්ය. අධික වර්ෂාව හේතුවෙන් ජම්බෝරියේ කොටසක් ඉවත් කල අතර එහි වූ බාලදක්ෂයන් නවාතැන් ගත්තේ අවට ගෙවල් වලය. ජම්බෝරි සමාප්ත අවස්ථාවේදී බාලදක්ෂයන් ඇමතු බේඩ්න් පවෙල් සාමිතුමා කියා සිටියේ මම කෙතරම් විශාල බාලදක්ෂ සංඛාවක් දැක ඇති මුත් මේ තරම් තෙත් බරිත වූ බාලදක්ෂයන් මීට පෙර දැක නැති බවයි.
 

බාලදක්ෂයන් සේම බේඩ්න් පවෙල් සාමිවරයාද තෙත් බරිතව සිට හෙයින් බාලදක්ෂයන් විසින් බීපීට "නාන මාස්ටර් " යන නම පටබඳුනු ලැබීය. එංගලන්තයේ බක්න්හේඩ් හි පැවති 3 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේදී ද පෙර පරිදිම සිදුවිය. 1929 ජූලි 31 සිට අගෝස්තු 13 දක්වා බක්න්හේඩ් හි ඇරෝ පාර්ක් හි පැවති ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවේදී බේඩ්න් පවෙල් සාමිතුමා සිය කතාව ආරම්භ කරත්ම ධාරානිපාත වැසි ඇද හැලෙන්නට විය.අක්කර ගනනාවක කඳවුරු භූමිය දණහිස දක්වා එරෙන මඩ ගොහොරුවක් බවට පත්විය." මඩ ජම්බෝරිය" ‍ලෙස අන්වර්ථ නාමයෙන් 3 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය අදටත් හඳුන්වන්නේ එහෙයිනි. 

ඉන් වසර 4 කට පසුව එනම් 4 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේදී සැම දෙනාම බලාපොරොත්තු වූයේ පෙර පරිදිම බේඩ්න් පවෙල්ගේ කතාව ආරම්භ කරත්ම වැසි ඇදහැලෙනු ඇතැයි යනුවෙනි .එහෙත් එහි වු කාලගුණික තත්වය මත කාලගුණ අනාවැකි කරුවන් කියා සිටියේ වැසි ඇතිවීමේ අවදානමක් නොමැති බවයි. 1933 අගෝස්තු 2 දා සවස 4 වන ලෝක ජම්බෝරියේ ආරම්භක කතාව පිණිස බේඩ්න් පවෙල් නැඟිට්ටා පමණි අහස් කුස කළු වළාවන්ගෙන් පිරී යන්නට විය.අනාවැකි කරුවන් බියෙන් වෙවුලා ගියේය. සොබා දහමේ හාස්කමක් මෙන් බීපීගේ කතාව අතර තුර එකඳු වැසි බිඳුවක් හෝ වැටුනේ නැත.හෙතෙමගේ කතාව අවසන් වත්ම කළුවන් අහස හිරු එලියෙන් දීප්තිමත්ව බැබළෙන්නට විය.

 
විශේෂ ස්තූතිය
Dharmalal Gunawardena

--------------------------------------------------------------------

3rd World Scout Jamboree

The 3rd World Scout Jamboree was held in 1929 at Arrowe Park in Upton, Merseyside, United Kingdom. As it was commemorating the 21st birthday of Scouting for Boys and the Scouting movement, it is also known as the Coming of Age Jamboree. With about 30,000 Scouts and over 300,000 visitors attending, this jamboree was the largest jamboree so far. From 29 July to 12 August 1929, the third World Scout Jamboree was held at Arrowe Park, in Birkenhead, United Kingdom. This jamboree commemorated the 21st birthday of Scouting, counting from the publication of the book Scouting for Boys by General Baden-Powell. Therefore, this jamboree is also known as the Coming of Age Jamboree.

 
The Jamboree on a site of 450 acres (1.8 km2) was opened by the Duke of Connaught, the president of the Boy Scout Association, and thirty thousand Scouts and Girl Guides of many countries attended. During the first week, the weather was poor, turning the park grass into ankle deep mud, gaining the jamboree its nickname jamboree of mud. The camp was organized in eight subcamps, around a specially built town in the middle, called Midway, where Scouts could purchase materials. Each subcamp provided pitches for a contingent of Scouts troops. The organization of daily chores such as cooking, campfire collecting, etc. were done in turn by the groups.

The Girl Guides in Cheshire were asked to run a hospital under canvas. There were 321 cases admitted and 2323 out-patient cases during the Jamboree. Only 52 cases had to be sent to other hospitals. Staff dealt with a range of problems from minor cuts, burns and sprains to fractures and head injuries. Two Guiders ran a dispensary providing both prescription and non-prescription medicines. There was also a dental clinic and an operating theatre. The hospital canteen provided meals for patients and the 50 members of staff, including many special diets, all cooked on open fires. Staff were asked to accommodate lost boys after the Wolf Cub rally. The hospital was also proud to be asked to provide the bedding and equipment for the Prince of Wales' tent. This hospital had the far-reaching effect that many heads of Boy Scout movements from other countries saw the excellent work of the Girl Guides and changed their attitudes towards them.
 
 
This photograph shows the South African contingent at the Boy Scouts’ third World Jamboree, held in England in 1929. The jamboree was known as the “Coming of Age” Jamboree, since it marked twenty-one years since the foundation of the Boy Scouts. The photograph provide insights into the core ideals of the Boy Scouts and, more broadly, representations of masculinity and boys’ roles as future empire builders. It reflects the heavy emphasis on militarism, rugged masculinity, and having boys experience “frontier” or outdoors life. 
 
A copy of The Arrowe, for the 3rd World Jamboree 1929, reportedly 50,000 scouts attended.

On Baden-Powell a peerage was to be conferred by King George V, as was announced on 2 August by the Prince of Wales who attended the Jamboree in Scout uniform. The formal title of Baron Baden-Powell, of Gilwell, co. Essex was granted on 17 September 1929, confirming the high notion Baden-Powell had of education and training, after Gilwell Park where the international Scout Leader training in the Wood Badge course took place.

In the morning of Sunday 4 August, an open air thanksgiving service was held, presided by Cosmo Lang, Archbishop of Canterbury, and by Francis Bourne, Archbishop of Westminster, for Protestant and Catholic Scouts; and later that day a service was also held in Liverpool Cathedral.

On 10 August, the Chief Scout Sir Robert Baden-Powell was given special attention. On behalf of all Scouts worldwide, he was presented with a Rolls-Royce motor car and a caravan trailer. The caravan was nicknamed Eccles and is now on display at Gilwell Park. These gifts were paid for by penny donations of more than 1 million Scouts worldwide. The car, nicknamed Jam Roll, was sold after his death by Olave Baden-Powell in 1945. Jam Roll and Eccles were reunited at Gilwell for the 21st World Scout Jamboree in 2007. Recently it has been purchased on behalf of Scouting and is owned by a charity, B–P Jam Roll Ltd. Funds are being raised to repay the loan that was used to purchase the car. Also he was given an oil painted portrait by David Jagger, which since has been used as a publicity picture by many Scout organizations. It is on display in the Baden-Powell House. Lastly, Baden-Powell was given a cheque for £2,750 and an illuminated address.

wiki පිටුව