Translate

Friday, October 12, 2018

100 Years of Scouting at Zahira

Zahira College celebrating 100 years of scouting this year 2018, organized a Singithi Scout Day on Saturday 5th May 2018 at the College Grounds from 8.00 a.m. to 12 Noon as the first of a series of events for the Centenary.

 

Presentation of memento to Chief Guest Dr. Rajeeva Pieris by the Principal of Zahira College Mr. Trizviiy Marikkar along with Mr Alavi Mukthar Secretary , Board of Governors and Mr. M.F.S. Muheed Scout Committee Chairman.  - Singithi Scout Day
Singithi Scouts from Royal, St. Peter’s , Mahanama, Nalanda, Lumbini, Amal International and Belvoir along with Zahira the host school participated. The 550 Scouts took part in a very interesting programme of Handwork, Art, Story Telling and Singing amidst a large gathering of Parents, Scout Officials of the District, Staff of Zahira College, Past Scouts, Old Boys and Well Wishers.

The Chief Guest for the occasion was Dr. Rajeeva Pieris, Member of the National Training Team of Sri lanka Scouts and also former International Commissioner and former Asst. District Commissioner of Colombo District. The Chief Guest on Arrival was welcomed by the Principal of Zahira College Mr. Trizviiy Marikkar along with Mr Alavi Mukthar- Secretary of the Board of Governors and Mr. M.F.S. Muheed - Chairman of the Scout Committee.

The Principal in his address stressed on the importance of the co-curricular activities which would help the students in their academic work. Mr.Alavi Mukthar said he was happy to see the development of Scouting at College. Dr. Rajeeva Pieris made a very inspirational speech with great advice to the parents. Mr. M.F.S. Muheed Chairman of the Scout Committee proposed the Vote of Thanks.







Mr. Shiraz Salih– Special Scout Commissioner in Charge of Singithi Scouts and Mr Suren Wikkrematilleke the District Scout Commissioner were also present among the large number of distinguished invitees.

Thursday, October 11, 2018

බාලදක්‍ෂිකා ශත සංවත්සර උත්සවය

පසුගිය දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති බාලදක්‍ෂිකා ශත සංවත්සර උත්සවයට සහභාගී වෙමින් අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළ අතර එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
efa30af2f78d20ac2089aaf8ce0
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
1948 වසරේ මෙරට නිදහස ලබන විට ජාතිවාදයක් තිබුණේ නැති බවත් දේශපාලන මත දෙකක් තිබුණ බවත්
දේශපාලනයේදී ඉඩදිය යුත්තේ ආගම්වාදයට, ජාතිවාදයට නොවන බව පෙන්වා දුන් අගැමැතිවරයා ආර්ථික ප්‍රශ්න විසඳීමට ගත යුතු ප්‍රතිපත්ති මාර්ග මොනවාදැයි අප එක්ව සැලසුම් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පළමුවෙන්ම ලංකාවේ බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කළ මිස් ජේ. ව්ලැරි මැතිනිය ඇතුළු එදා මෙදා තුර මේ සේවය සඳහා තම කාලය කැප කළ බාලදක්‍ෂිකාවන් ලෙස ක්‍රියා කළ උදව් උපකාර කළ සියලු දෙනා සිහිපත් කළ යුතුයි. සියවසක් යනු ඉතා වැදගත් කාලයක්. අතීතය දෙස ආපසු හැරී බලන්න. ඉන්පසුව අනාගතයට යන්න.

බේඩින් පවෙල් සාමි බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කළේ ශිෂ්‍යයන් සඳහායි. එදා බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳ ප්‍රසිද්ධ කරද්දී, ඒ පිළිබඳව හැදින්වීමේ පොතක් මුද්‍රණය කරද්දී එහි කියවීම පිරිමින්ට පමණක් සීමා වුණේ නැහැ. කාන්තාවන් ද බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳව පොත් කියවූවා. එම පොත්පත්වල සඳහන් ක්‍රියාදාමයන් පිරිමින් පමණක් නොව කාන්තාවන් ද අනුගමනය කළා. බේඩින් පවෙල් සාමිවරයා 1909 වසරේදී පළමුවරට බාලදක්‍ෂ ව්‍යාපාරය කැදවූ අවස්ථාවේ ඊට පිරිමි පක්‍ෂය පමණක් නොව කාන්තාවන් ද සහභාගී වුණා. ඇතැම් උත්සව සඳහා කාන්තාවන් බලහත්කාරයෙන් පැමිණි බව ඇතැමුන් පැවසුවා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවන් වෙනුවෙන් ද බාලදක්‍ෂිකා ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි.

පළමුවෙන්ම කාන්තාවන් ඉදිරියට පැමිණියේ ඒ සමයේදීයි. තමන්ට සමාජයේ තැනක් හිමි බව කතා කළේ, අයිතිවාසිකම් පිළිබඳව කතා කළේ ඒ යුගයේදීයි. 1910, 1911 වසරවල කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඉන්පසුවයි. 1917 වසරේ මහනුවර ගර්ල්ස් හයි ස්කූල්හිදී පළමුවෙන්ම බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කළා. ඒ සඳහා මූලික වූ විදුහල්පතිනියත් අප මතක තබා ගත යුතුයි. ඉන්පසුව බාලදක්‍ෂිකා ව්‍යාපාරය ලංකාවේ ප්‍රධාන නගරවල ප්‍රධාන කාන්තා පාසල්වලට ව්‍යාප්ත වුණා. ඒ යුගයේදී සමහර කාන්තාවන් තමන්ට උරුම වූ අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියා. නොයෙක් අංශවලින් කාන්තාවන් ඉදිරියට පැමිණියා. ඇතැම් අය නීති වෘත්තීයට පිවිසුණා. උසස් අධ්‍යාපනය ලබා ගත්තා.

බාලදක්‍ෂිකා ව්‍යාපාරය තුළින් ද කාන්තාවන්ට තම දක්‍ෂතා පෙන්වීමට අවස්ථාව ලැබුණා. වර්තමානයේ පිරිමි බාල දක්‍ෂ ව්‍යාපාරය මෙන්ම කාන්තා බාලදක්‍ෂ ව්‍යාපාරයත් දියුණුවට පත්වී තිබෙනවා. මේ ව්‍යාපාරය මගින් කාන්තාවන්ට වෙනම නිදහසක් ලැබුණා. තමන්ට වෙනම අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබුණා.
 
සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිනිය වන ඩේසි ඩයස් බණ්ඩාරනායක මැතිනිය 1929 වසරේදී ඩොනමෝර් කොමිසමෙන් කාන්තාවන්ට ඡන්ද බලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. ඇය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මිත්තනියයි. අපගේද ඥාතිවරියක වන ඇඩ්ලින් මොලමුරේ මැතිනිය පළමුවෙන්ම මැතිවරණයට ඉදිරිපත් වී රුවන්වැල්ල ආසනයෙන් තේරී පත් වුණා. මේ සියලුම දෙනා කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතු බවට කල්පනා කළ අයයි.

එක් අංශයකින් බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් වුණා. බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකියි. 2012 වසරේ එක්සත් රාජධානියේ බාලදක්‍ෂිකා ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ජුලී බෙට්නි මහත්මිය පැවසූයේ මෙය ස්ත්‍රීවාදයේ ව්‍යාපාරයක් බවට පත් වී ඇති බවයි.
 
මෙම ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ සියලූ දෙනා ස්වෙච්ඡාවෙන් සේවය කිරීමයි. ලාභ අපේක්‍ෂාවකින් තොරව කැපවීමෙන් ඔවුන් සේවය සලසනවා. මෙම ව්‍යාපාරය ඇරඹූ දා සිට කාන්තාවන් මීට එක්වීම සඳහා විශේෂ උනන්දුවක් දැක්වූවා. ඇතැම්විට පාසලෙන් නික්ම ගොස් රැකියාවක් කරන විටත් මේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දැක්වූවා. ස්වෙච්ඡා සේවයක් නැති නම් අද මේ ව්‍යාපාරයත් නැහැ. එම කැපවීමට විශාල විනයක් තිබිය යුතුයි. මේ ව්‍යාපාරය ඉදිරියට ගියේ ඒ අනුවයි.

යුද සමයේදී බාලදක්‍ෂිකා ව්‍යාපාරයේ වැදගත්කම හොදින්ම තේරුම් ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් හැමවිටම ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව කටයුතු කළා. කිසිවිටක එයින් ඈත් වුණේ නැහැ. උතුරේ යුද සමයේ මෙවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මකවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඉතා අසීරුවෙන් හෝ මේ ව්‍යාපාරයේ කටයුතු සාර්ථකව ගෙන යාමට හැකියාව ලැබුණා.

වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් දෙදහසක පමණ මේ ව්‍යාපාරය තිබෙනවා. මෙම බාලදක්‍ෂිකා ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන් අධ්‍යාපනය ලබන සියලූම පාසල්වල ක්‍රියාත්මක කළ යුතු බව මගේ අදහසයි. සියලූම සිසුන් සඳහා වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අප කටයුතු කරනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසලෙන් පිටවී යන්නේ නැහැ. විශ්ව විද්‍යාලයට යෑමට බලාපොරොත්තුවත් නැති වුවත් උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබෙනවා. එහිදී වෘත්තීය පාඨමාලා හැදෑරීමට හැකියි. එලෙස උසස් අධ්‍යාපනය ලබන සිසු පිරිස වැඩි වන විට මෙම බාලදක්‍ෂ ව්‍යාපාරය එම සිසුන් අතරත් ව්‍යාප්ත කළ හැකියි.

අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කොට ඊළඟ වසර පහ ඇතුළත මේ ව්‍යාපාරය පාසල් මට්ටමින් රටපුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන මට භාරදෙන්නැයි ප්‍රධාන කොමසාරිස් තුමියගෙන් ඉල්ලා සිටිනවා. බාලදක්‍ෂිකා ව්‍යාපාරය තුලින් එහි සාමාජිකාවන්ට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. වත්මන් සමාජයේ තනිවම ක්‍රියා කිරීමට, තනිව ජීවත්වීමට තම රැකියාවෙන් ඉදිරියට යාමට අප සියලු දෙනාම ශක්තිමත් විය යුතුයි. වත්මන් සමාජයේ ස්වාධීනව ක්‍රියා කිරීමට ශක්තියක් තිබීම විශාල වාසියක් බව කිව යුතුයි. අද රැකියා අතර තරඟයක් තිබෙනවා. විවිධ ව්‍යාපාර තිබෙනවා. එවැනි සමාජයක කාන්තා හැකියාවන් දියුණු කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි. බාලදක්‍ෂිකා ව්‍යාපාරය තුළින් සෑමවිටම ක්‍රියාවක යෙදෙන්නට උගන්වනවා. එමෙන්ම අනුකම්පා කළ යුතු පිරිසට අනුකම්පා කරන්න උගන්වනවා. තමාට මෙන් වත්කමක් නැති අයට උදව් කිරීමට මෙන්ම අනුන්ගේ ප්‍රශ්න දැක ඔවුන් අතහැර නොයන ගුණය මෙම ව්‍යාපාරය තුළින් ලැබෙනවා. එවැනි ලක්‍ෂණ තම දියුණුවට මෙන්ම රටේ දියුණුවට ද ඉතා වැදගත් වන බව කිව යුතුයි.
 
මේ රට විවිධත්වය මෙන්ම එකමුතු බවට යන කාරණා දෙකටම තැනක් ලබා දිය යුතුයි. වසර 30 ක යුද්ධයකින් පසුව මෙරට ජනතාව ශ්‍රී ලාංකිකයින් ලෙස පෙළ ගැස්වීමට ශ්‍රී ලංකාවක හැඟීම ඇති කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලූම අනන්‍යතාවයන් ආරක්‍ෂා කර ගත යුතුයි. අප මොනම ජාතියකට, ආගමකට අයත් වුවත් අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට අමතක කළ යුතු නැහැ. අපට එක සමාන අයිතිවාසිකම් තිබෙනවා. ශ්‍රී ලංකාව නැති නම් අපට යන්නට තැනක් නැහැ. සිංහල මෙන්ම දෙමළ, මුස්ලිම් ජනතාවටත් යන්න තැනක් නැහැ.
 
මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවයි. ඔවුන්ට වෙනත් රටවල්වලට යන්න බැහැ. මෙහි මුස්ලිම් ජනතාවට අරාබි රටවල්වලට යන්න බැහැ. ඒ නිසා අප සියලූදෙනාම ලාංකිකයි. එය කවුරුත් දැනගත යුතුයි. ඒ සංස්කෘතික විවිධත්වය අප තේරුම් ගත යුතුව තිබෙනවා. අපට ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් සංස්කෘතික වෙනසක් පමණක් නොවෙයි. නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය, සබරගමු, උඩරට, උතුරු මැද ආදී වශයෙන් සංස්කෘතීන් රාශියක් තිබෙනවා. මඩකලපුවේ සංස්කෘතිය යාපනයේ සංස්කෘතියට වඩා වෙනස්. සංස්කෘතියක විවිධත්වය යනු එයයි. අප වැඩකළ යුත්තේ එම සංස්කෘතික විවිධත්වය තේරුම් ගෙනයි. අපේ රට එකතු කර එකාමෙන් වැඩකරමු.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ජාතික ආණ්ඩුවක් ඇති කළේ ඒ සඳහායි. ඒ ජාතික ආණ්ඩුවේත් වෙනස්කම් තිබෙනවා. බලය සඳහා තරග කිරීම් තිබෙනවා. 2018 යනු ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහසේ වසරයි. 2018 වන විට 1948 වසරේ තිබූ ආකාරයටම සියලූම ජාතීන්ට එක්ව ජීවත් වන්නට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එම ශ්‍රී ලාංකික චින්තනය වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි ව්‍යාපාරවලට ද විශාල වගකීමක් පැවැරී තිබෙනවා. අපට ඇති ප්‍රශ්න විසඳාගෙන අඩිතාලම දැමූ පසු අපට ඉදිරියට යාමට ඉතා පහසුයි.
 
දේශපාලනයේදී ඉඩදිය යුත්තේ ආගම්වාදයට, ජාතිවාදයට නොවේ. ආර්ථික ප්‍රශ්න විසඳීමට ගත යුතු ප්‍රතිපත්ති මාර්ග මොනවාදැයි අප එක්ව සැලසුම් කළ යුතුයි. 1948 වසරේ මෙරට නිදහස ලබන විට ජාතිවාදයක් තිබුණේ නැහැ. දේශපාලන මත දෙකක් තිබුණා. ඩී.එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්‍ෂය ධනවාදී ආර්ථික සැලැස්මක් යෝජනා කළා. එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. සිල්වා, පිලිප් ගුණවර්ධන, පීටර් කෙනමන් ආදී නායකයින් මාක්ස්වාදී දර්ශනය යෝජනා කළා. ඒ කිසිවකුත් ජාතිවාදය ගැන කතා කළේ නැහැ. ජාතිවාදය ගැන සිතුවේවත් නැහැ. අප සිංහල, අප දෙමළ කියා වෙළෙන්දන් කිව්වේ නැහැ. ඉන්පසුව රට ජාතිවාදය ආගම්වාදය නිසා බෙදී ගියා. අප දැන් එම බෙදීම්වලින් ඈත්වී රට එක්සත් කිරීමේ යුගයට පැමිණ තිබෙනවා. රට ඉදිරියට ගෙන යා හැක්කේ එක්සත් කිරීමෙන් පමණයි.

බාලදක්‍ෂිකා ව්‍යාපාරය පතුරවන එක්සත් භාවය, එකමුතුකම මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට සංස්කෘතික විවිධත්වය පිළිගැනීමට ආගමික සහ ජාතීන් අතර, විවිධත්වය පිළිගෙන ගෞරව කරන අවස්ථාවක් අප සැමටම උදාවී තිබෙනවා. මෙරට දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමයෙන් සේවය අගය කළ යුතුයි. ඔබට සුභ අනාගතයක් ලැබේවා යැයි යන්න අපේ ප්‍රාර්ථනයයි.

Tuesday, October 9, 2018

මහාචාර්ය ගිහාන් ඩයස් නැමති බාලදක්ෂයා

කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ගිහාන් ඩයස් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියා (ඩේවිස්) විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙක් වේ. .LK වසම් (.LK Domain Registry) අධිකාරියේ සමාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහු 1990 පමණ සිට ඉහළ මට්ටමේ වසම් (TLD) කළමනාකරණ කටයුතුවල නියැලී සිටි. ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) පිහිටුවීමේත්, ක්‍රියාත්මක කිරීමේත් පුරෝගාමියෙක් වන මහාචාර්ය ගිහාන් ඩයස්, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්, ගුරුවරුන් හා වෘත්තිකයන්ගේ ලාභ නො ලබන ස්වේච්ඡා සංවිධානයක් වූ ලංකා අධ්‍යයන ජාලයේ (LAcNet) සමාරම්භක හා පළමුවැනි සභාපතිවරයා ද වේ. අන්තර්ජාල සේවා සපයන්නන් ගණනාවකට ඔවුන්ගේ ජාල පිහිටුවා ගැනීමට ද මහාචාර්ය ඩයස් සහාය වී තිබේ.


රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීමේ වගකීම පැවරී ඇති රජයේ ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA), මහාචාර්ය ඩයස් ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් විය. ඒ 2003 හා 2004 වර්ෂ වලයි. මේ කාලයේ ඔහු දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීමේ වැඩසටහනට නායකත්වය දුන් අතර යුනිකෝඩ් අනුකූල ෆොන්ට සංවර්ධනය පිළිබඳව ද කටයුතු කළේය. ඔහු සකස් කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සිංහල ප්‍රමිතිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ලදුව ශ්‍රීලංප්‍ර 1134 : 2004 ලෙස පළ කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආංශික කමිටුවේ සභාපතිත්වය දරන්නේ ද මහාචාර්ය ගිහාන් ඩයස්ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කටයුතු කරද්දී මහාචාර්ය ඩයස් ෆොන්ට සංවර්ධකයන් හා අනිකුත් පාර්ශවකරුවන් සඳහා යුනිකෝඩ් ප්‍රමිතිය පිළිබඳ දැනුවත් කිරීමේ හා ධාරිතා ගොඩනැගීමේ පුළුල් වැඩසටහන් ගණනාවක් ම සංවිධානය කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජාත්‍යන්තර වසම් නාම (IDN) කාර්ය සාධන බලකායට නායකත්වය දුන් මහාචාර්ය ඩයස් සාකච්ඡාමය ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවට (සිංහල හා දෙමළ සඳහා) ඉහළ මට්ටමේ වසම් නාම දෙකක් ලබා ගැනීමට සමත් විය. මේවා LKNIC මගින් ක්‍රියාත්මක කරන ලදී. ඔහු අන්තර්ජාල සමාජයේ ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය දියුණු කිරීමේ පුරෝගාමි කටයුතු වෙනුවෙන් 2013 වර්ෂයේ දී මහාචාර්ය ඩයස් අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරන ලදී.

වර්තමානයේ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ කටයුතු කරන මහාචාර්ය ගිහාන් ඩයස් කුඩා කළ සිට ම පරිගණක පිළිබඳව උනන්දු විය. ඔහුගේ පියාට ලැබුණු ඉන්ජිනේරු සඟරා පිරික්සා බැලීමට පුරුදු වී සිටි ගිහාන් ඩයස්, ඉන්ජිනේරුවෙක් වීමට කුඩා කාලයේම තීරණය කර තිබුණි. ඔහුට පරිගණක සමග කටයුතු කිරීමට ලැබුණේ 1979 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුවයි. බේසික් (BASIC) ක්‍රමලේඛනය පිළිබඳ පොතක් ඔහුට ලැබුණු නමුත් පරිගණකයක් නො තිබුණි. මේ අතර බාට්ලීට් ඉලෙක්ට්‍රොනිකස් සමාගම සංවිධානය කරන ක්‍රමලේඛනය පිළිබඳ පරිගණක පාඨමාලාවක් ගැන සඳහන් වූ පුවත්පත් දැන්වීමක් ඔහු දුටුවේය. මෙයට ඇයදුම් කල ගිහාන් ඩයස් ශිෂ්‍යයා පාඨමාලාවට තෝරා ගනු ලැබූ අතර එහි දී ක්ෂුද්‍ර පරිගණකයක් භාවිතා කරමින් ඔහු ක්‍රමලේඛනය ඉගෙන ගත්තේය. ඉන් පසු ඔහුගේ තීරණය වූයේ දිගටම පරිගණක සමග කටයුතු කළ යුතු බවයි.

මොරටුව විශ්ව විද්‍යලයේ ඉන්ජිනේරු පාඨමාලාවට තෝරා ගනු ලැබූ ගිහාන් ඩයස් 1986 දී උපාධිය ලබා ගත්තේය. පරිගණක විද්‍යා අංශයක් ආරම්භ කිරීමට විශ්ව විද්‍යාලය තීරණය කළේ මේ කාලයේමයි. අලුත් අංශයට ගිහාන් ඩයස් බඳවා ගැනීමට එම අංශය භාරව සිටි මහාචාර්ය අභය ඉඳුරුව එකඟ වූ බැවින් එම අංශයට බැදුණු පළමු පුද්ගලයා වූයේ ගිහාන් ඩයස්ය. 1986 අග භාගයේදි ගිහාන් ඩයස් මහතා ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ගියේය.

ඔහු අන්තර්ජාලය දුටුවේ කැලිෆෝනියාවේදිය. මේ කාලයේ විශ්ව විද්‍යාලවලට අන්තර්ජාල පහසුකම් තිබූ නමුත් අන් අයට ලබා ගත හැකි නොවීය. ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ විශ්ව විද්‍යාලවල සිටි ශ්‍රී ලාංකිකයන් ඉලෙක්ට්‍රොනික තැපෑල භාවිතා කරමින් තොරතුරු හුවමාරු කර ගත්හ. මෙම කණ්ඩායම ක්‍රමයෙන් වැඩිවූ අතර එය ශ්‍රී ලංකා ජාලය (SLNET) ලෙස නම් කරන ලදී. ඔවුන් අවබෝධ කර නො ගත් කරුණ වූයේ මෙය මුල් සමාජ මාධ්‍ය ජාලවලින් එකක් බවයි. අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවට සම්බන්ධ වීමට පසුව තීරණය කරන ලදී.

මේ සඳහා එවකට තිබූ එකම තාක්ෂණය වූයේ දුරකථන මාර්ගයක් යොදා ගනිමින් මෝඩමයක් හරහා සම්බන්ධ වීමයි. නමුත් එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට දුරකථන ඇමතුමක වියදම ඉතා අධික විය. මෙම ජාලයේ තිරසරබව සහතික කිරීමට ගිහාන් ඩයස් මහතා ලංකා අධ්‍යයන ජාලය (LAcNET) නම් ලාභ නො ලබන ස්වේච්ඡා සංවිධානයක් ආරම්භ කළේය.

මහාචාර්ය ඩයස්ගේ වෘත්තිය ජීවිතයේ ඉතාම වැදගත් සිදුවීම වන්නේ ඉහළ මට්ටමේ වසම් සඳහා දේශික කේත ලබා ගැනීමයි. මේ වන විට බොහෝ රටවල් අක්ෂර දෙකේ කේත භාවිතයට ගෙන තිබුණි. (ජපානය .jp හා එක්සත් රාජධානිය .uk යනාදී වශයෙනි) ශ්‍රි ලංකවට .lk යන දේශික තේකය ලබා දෙන ලෙස ගිහාන් ඩයස් ඉල්ලීමක් කළේය. මේ අනුව ජෝන් පොස්ටෙල් මහතා විසින් .lk ගිහාන් ඩයස් මහතාට ලබා දුනි. මහාචාර්ය ඩයස් .LK වසම් අධිකාරියේ (LKNIC) ලේඛනාධිකාරි ලෙස කටයුතු කළ අතර පසුව එහි ප්‍රධාන විධායක නිලධාරියා විය.

ගිහාන් ඩයස් මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ 1992 වර්ෂයේ දීය. මොරටුව, කොළඹ හා විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ කර පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් අන්තර්ජාල සබඳතාවක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යයන ජාලය වූ ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (LEARN) ආරම්භය මෙයයි. එය පිහිටුවීමට දායක වූ මහාචාර්ය ඩයස් අවුරුදු 10ක් එයට නායකත්වය දුන්නේය. 2002 වර්ෂය වන විට විශ්ව විද්‍යාල 12 ක පමණ ශිෂ්‍යයන් හා ආචාර්ය මණ්ඩල එයට සම්බන්ධ වී තිබුණි.ශ්‍රී ලංකා රැජන හා ස්නාධිපති බාලදක්ෂ සංසදයේ

2003 දි මහාචාර්ය ඩයස් සප්තවාර්ෂික නිවාඩුව ලබා ගත්තේය. කලින් පැවති රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඉහළම ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුවේ ඔහු සාමාජිකයෙක් විය. ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ප්‍රවර්ධනය කිරීමේ ගැටලු ගැන අවධානය යොමු කළ මෙම කමිටුව අන්තර්ජාලය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට තීරණය කළේය. මෙහි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තොරතුරු ඇතුළත් කිරීම අවශ්‍ය වුවත් ඒ සඳහා සුදුසු (ප්‍රමිතීන්ට අනුගත) සිංහල ෆොන්ට නැති බව කමිටුවට පෙනී ගියේය. එකිනෙකට නො ගැලපෙන එකිනෙකට උරුම (legacy) ෆොන්ට ඒ වන විට භාවිතයේ තිබුණි. මේවායින් ඉ-තැපැල් පණිවුඩයක් යවන විට ෆොන්ටය ද යැවීම අවශ්‍ය විය. ෆොන්ටය නොමැති විට එය දිස් වූයේ තේරුම් ගත නො හැකි සංකේත මාලාවක් ලෙසයි. මාර්ග ගත සිංහල පුවත්පත් කියවීම සඳහා විවිධ ෆොන්ට බාගත කිරීම අවශ්‍ය විය.

මේ නිසා දීර්ඝ සාකච්ඡාවකින් පසුව කමිටුව තීරණය කළේ සිංහල ෆොන්ට, යුනිකෝඩ් අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල විය යුතු බවයි. මෙම යුනිකෝඩ් කේතයට සියලුම භාෂාවලින් කටයුතු කළ හැකි වූ අතර ෆොන්ට ඇමුණුම් ලෙස යැවීමෙන් හෝ බාගත කිරීමෙන් තොරව තොරතුරු හුවමාරු කර ගැනීමටත් වෙබ් අඩවි බැලීමටත් හැකි විය. මේ නිසා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි බොහෝ පාර්ශවකරුවන්ගෙන් සමන්විත ෆොන්ට කමිටුවක් මහාචාර්ය ගිහාන් ඩයස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ (CINTEC) පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව වසා දමා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ආරම්භ කිරීමෙන් පසු මෙම කමිටුව ද අලුත් නියෝජිතායතනයට ගෙන යන ලද අතර එය දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම ලෙස නම් කරන ලදී. වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට බැදුණු මහාචාර්ය ඩයස්, දේශීය භාෂා කණ්ඩායමේ කටයුතුවලට නායකත්වය දුන්නේය. මහාචාර්ය ගිහාන් ඩයස් අවධාරණය කළේ දැන් යුනිකෝඩ් අනුකූල සිංහල ෆොන්ට භාවිතා කරමින් පරිගණකයෙන් ඕනෑම දෙයක් ලිවීමේ හැකියාව ඇති බවයි. මෙම ප්‍රයත්නය ඉතා සාර්ථක වූ අතර සිංහලෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම අද සාර්වත්‍රික දෙයක් බවට පත් වී තිබේ.

අන්තර්ජාල සමාජයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවීමට මහාචාර්ය ගිහාන් ඩයස් සම්බන්ධ වූ අතර ඔහු එහි හිටපු සභාපතිවරයෙක් ද වේ. සුරක්ෂිත ලෙස අන්තර්ජාලය භාවිතා කිරීමට පහසුකම් සපයමින් ජනතාව දැනුවත් කිරීමට මෙම සමාජයේ සාමාජිකයෝ කටයුතු කරති. ශ්‍රී ලංකාව, අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි රටවල් අතරින් එකක් යයි මහාචාර්ය ඩයස් වැඩිදුරටත් කියා සිටී. ඕනෑම ස්ථානයක සිටින ඕනෑම කෙනෙකුට නිවසේ, කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම තැනකින් අන්තර්ජාලය භාවිතා කළ හැකි වේ.

ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ සභාපතිවරයෙකු ද වූ ආදි ජනාධිපති බාලදක්ෂ මචාර්යගිහාන් ඩයස් මහතා දැනට මහචාර්ය පදවි උසුලන ශ්‍රී ලංකවේ සිටින අසහාය බාලදක්ෂයෙකු ද වේ. දශක ගණනාවක සිට නිහඩ බාලදක්ෂ සේවයක නියැලෙන එතුමා වාර්ජාෂිකව පැවැත්වෙන් ජාත්‍යන්තර JOTA JOTI ජම්බෝරි වෙනුවෙන් අතිමහත් සහයෝගයක් ලබා දෙන්නා වූ සම්පත් දායකයෙකු ද වේ.


1995 සිටම අන්තර්ජාල සමාජයේ කටයුතු කළ මහාචාර්ය ගිහාන් ඩයස් 2013 වර්ෂයේ දී අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය ගිහාන් ඩයස්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමකි. නමුත් මහාචාර්ය ඩයස් කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවේ කෙරුණු කටයුතුවලට ලැබුණු පිළිගැනීමක් බවයි. එය ඔහු පමණක් නොව ඔහු සමග කටයුතු කළ සියලු දෙනාට ම ලැබිය යුතු ගෞරවයකි. මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට අපේක්ෂා කරන අයට මහාචාර්ය ඩයස්ගේ උපදෙස වන්නේ ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් කර ගැනීම ආරම්භ කළා පමණක්ය, නමුත් ඊළඟ අවුරුදු 10 තුළ එය සියල්ලම ඇතුළත් දෙයක් වන බැවින් අන්තර්ජාලය වඩාත් වේගවත් හා වඩාත් විශ්වාසී ලෙස ගොඩනැගීමත් හා ඒ සඳහා ප්‍රයෝජනවත් යෙදුම් සංවර්ධනය කිරීමත් අවශ්‍ය බවයි.

අවසාන වශයෙන් මහාචාර්ය ගිහාන් ඩයස් කියා සිටියේ වර්තමානයේ ඔහු කටයුතු කරන්නේ ඉ-ඉගනුම සම්බන්ධව බවයි. විශේෂයෙන්ම සිංහලෙන් හා දෙමළෙන් ඉගෙන ගන්නා අයට ඉ-ඉගනුම් පහසුකම් ලබා දෙන්නේ කෙසේ ද යන්න ගැනයි. මහාචාර්යවරයාගේ අවධානය යොමුව අනිත් කරුණ වන්නේ භාෂාවයි. ඔහු කියා සිටියේ අපේ උරුමය ගැන අප ආඩම්බර විය යුතු බවත් සිංහලෙන් හා දෙමළෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීම පහසු කිරීමට තවත් බොහෝ දේ කළ යුතුව ඇති බවත් ය.

Tuesday, October 2, 2018

ඊගල් බාලදක්ෂයෝ - බෝයි ස්කෞට්ස් ඔෆ් ඇමරිකා

Boy Scouts of America = Scout BSA

Image result for Scout BSA

පිරිමි දරුවන්ට පමණක් සීමා වී තිබුණු ඇමරිකාවේ බාලදක්ෂ සම්මේලනය දැරියන්ද වෙනුවෙන් ද විවෘත කිරීමට එම සම්මේලනය පසුගිය දා තීරණය කර තිබේ. මේ ප්‍රතිපත්ති වෙනසත් සමඟ "බෝයි ස්කෞට්ස් ඔෆ් ඇමරිකා" ලෙස මෙතෙක් භාවිතා වූ එම සම්මේලනයේ නාමය "ස්කෞට්ස් බීඑස්ඒ" ලෙස වෙනස් කරනු ලැබීය.

රොබට් බේඩන් පවල් සාමිවරයා විසින් 1908දී බ්‍රිතාන්‍යයේදී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ අතර එයින් දෙවසරකට පසුව 1910දී ඇමරිකා එක්සත් ජනපදය තුළ ද බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී වැඩි කලක් යන්නට මත්තෙන් පිරිමි දරුවන්ට ලැබෙන මේ අවස්ථාව දැරියන්ට ද ලැබිය යුතු බවට ඉල්ලීම් මතු වූ අතර ඒ ඉල්ලීම් වලට රොබට් බේඩන් පවල් ඇහුම්කන් දුන්නේය. එහෙත්, ඔහුගේ අදහස වූයේ බාලදක්ෂ ව්‍යාපාරයට දැරියන් එකතු කර නොගෙන දැරියන් වෙනුවෙන් එවැනි වෙනත් ව්‍යාපාරයක් ඇති කළ යුතු බවයි. මේ අනුව රොබට්ගේ සොහොයුරිය වූ ඇග්නස් බේඩන් පවල්ගේ මූලිකත්වයෙන් 1910දී බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ වූ අතර, 1912 වෙද්දී බාලදක්ෂිකා ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයටද පැමිණියේ ය. මෙම කථාව Scouting සඟරාවේ 8වැනි කලාපයේ ඇගීගේ කතාව ලෙස රචනා වී තිබේ.

එතැන් සිට ඇමරිකාව තුළ පිරිමි දරුවන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරයකුත්, දැරියන් සඳහා බාලදක්ෂිකා ව්‍යාපාරයකුත් පැවති අතර කිසියම් දරුවෙකුට තමන්ගේ ලිංගික අනන්‍යතාවය අනුව මේ දෙකෙන් එකක් තෝරා ගන්නට සිදුවී තිබුණේය. ඇමරිකානු ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය සම්මත වී ගැහැණුන්ට ඡන්ද බලය හිමි වූයේ 1920දීය. බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාර ආරම්භ වන කාලයේ ඇමරිකාව තුළ ගැහැණුන් හා පිරිමින් අතර සාමාජීය ලෙස පැහැදිලි හා විශාල පරතරයක් තිබුණේය. එහෙත්, එතැන් සිට ගත වූ සියවසකට වැඩි කාලය තුල ලිංගික අනන්‍යතාවය පිළිබඳ බටහිර ලෝකයේ අදහස් විශාල ලෙස වෙනස් වී තිබේ.

කිසියම් අයෙකුගේ ලිංගික අනන්‍යතාවය යනු ගැහැණු හා පිරිමි ලෙස තනි ඉරකින් බෙදිය හැකි දෙයක් ලෙස බටහිර ලෝකය තුළ තවදුරටත් සැලකෙන්නේ නැත. අවිවාදිතව මේ කාණ්ඩ දෙකෙන් එකකටවත් සෘජුව අයිති නොවන සංක්‍රාන්ති ලිංගිකයින්, ගැහැණු අනන්‍යතාවයකට කැමති පිරිමින් හා පිරිමි අනන්‍යතාවයට කැමති ගැහැණුන් වැනි කොටස් වල අයිතීන් ගැන ඇමරිකාව ඇතුළු බටහිර සමාජය සංවේදී වන්නට පටන්ගෙන දැන් කලක් ගත වී තිබේ.

"ඊගල් ස්කෞට්" 

ඇමරිකාවේ "ඊගල් බාලදක්ෂ" පදක්කම බාලදක්ෂයෙකුට හිමි කරගත හැකි ඉහළම පදක්කම වන අතර මෙය ලංකාවේ ජනාධිපති පදක්කමට සමාන කළ හැකිය. "ඊගල් ස්කෞට්" කෙනෙකු ඇමරිකානු හමුදාවකට එක් වූ විට අනෙක් අයට වඩා එක් ශ්‍රේණියක් ඉහළින් තැබෙන අතර වෙනත් රැකියා සඳහා බඳවා ගැනීමේදීද එවැන්නෙකුට කිසියම් වාසියක් ලැබේ. දැන් ඇමරිකාවේ දැරියකට තමන් කැමති පරිදි බාලදක්ෂිකාවක් වන්නට හෝ බාලදක්ෂයෙක් වන්නට අවස්ථාව තිබේ. ඇමරිකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයනම් මේ තීරණය ගැන එතරම්ම සතුටු නැත.


Image result for Scout eagle

මෙහි බලපෑමෙන් ගැලවෙන්නට ඇමරිකාවේ බාලදක්ෂ සම්මේලනයටද හැකි වී නැත. ඇමරිකානු බාලදක්ෂ ව්‍යාපාරය තුළ සමලිංගිකයින්ට (ප්‍රසිද්ධයේ සමලිංගිකයින් ලෙස පෙනී සිටින වැඩිහිටි පිරිමින්ට බාලදක්ෂ නියමුවන් වීමට) තිබුණු තහනම 2015දී ඉවත් කෙරුණු අතර ලබන වසරේ සිට දැරියන්ටද පිරිමි දරුවන් සමඟ හරි හරියට බාලදක්ෂ ක්‍රියාකාරකම් වල යෙදෙමින් "ඊගල් ස්කෞට්" කෙනෙකු වීමට ඉඩ ලැබේ.

ලිංගික අනන්‍යතාවය හා අදාළව ඇමරිකාවේ බාලදක්ෂ සම්මේලනය මෙවැනි තැනක සිටියත් ආගමික අනන්‍යතාවය හා අදාළව එම සම්මේලනය තවමත් සිටින්නේ සියවසකට පෙර සිටි තැනමය. කිසියම් බාලදක්ෂයෙකු ව්‍යාපාරය තුළ ඉදිරියට යාම සඳහා ආගමික සේවාවන්ද සම්පූර්ණ කළ යුතු අතර ක්‍රිස්තියානි නිකායකට හෝ ක්‍රිස්තියානි නොවන යුදෙවු, ඉස්ලාම්, බෞද්ධ හෝ හින්දු ආගමිකයකුටද තමන්ගේ විශ්වාස අනුව යමින් මේ ආගමික සේවා කොටස සම්පූර්ණ කළ හැකි වුවත්, අදේවවාදියෙකුට හෝ අඥෙයවාදියෙකුට​ තවමත් ඒ අවස්ථාව නැත. මේ නිසා, නිරාගමික පවුලක දරුවෙකුට තමන්ටම අවංක වෙමින් ඇමරිකාවේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඉදිරියට යාම අසීරුය. පියු පර්යේෂණ ආයතනයේ අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව ඇමරිකානුවන්ගෙන් 70.6%ක් කිසියම් හෝ නිකායකට අයත් කිතුණුවන් වන අතර තවත් 5.9%ක් යුදෙවු, ඉස්ලාම්, බෞද්ධ හෝ හින්දු වැනි ක්‍රිස්තියානි නොවන ආගමික අනන්‍යතාවයක් දරති. ඉතිරි පිරිස එවැනි ආගමික අන්‍යතාවයක් නොදැරුවත් ඔවුන් අතරින් තමන් අදේවවාදියෙකු හෝ අඥෙයවාදියෙකු ලෙස හඳුනා ගන්නේ පිළිවෙලින් 3.1%ක් හා 4.0%ක් පමණි. මීට අමතරව අදේවවාදියෙකු හෝ අඥෙයවාදියෙකු ලෙස හඳුන්වා නොගන්නා නමුත් ආගම තමන්ට වැදගත් දෙයක් නොවන බව පවසන තවත් 8.8%ක් සිටිති. ජනගහනයෙන් 15.9%ක් යනු විශාල ප්‍රතිශතයකි.

විශේෂ ස්තූතිය
http://economatta.blogspot.com

Monday, September 17, 2018

එම්. එම්. පී. සේනාරත්න නැමති බාලදක්ෂයා

 ඡායාරූපය:  අපි ඔහු මුණගැසීමට ගියේ පානදුර ඔහුගේ නිවසටය. පිළිවෙල හා අසීමිත නිහැඩියාවකින් යුතු නිවෙසක ඔහු බොහොම සාමකාමී විශ්‍රාම දිවියක් ගෙවන බැව් බැලූ බැල්මට පෙනුණි. වයස අවුරුදු 89ක් වුවද ප්‍රසන්න සිනහවකින් හා නිරෝගී දිවි පැවැත්මකින් හෙබි මොහු මීට ප්‍රථම අපට හමු වූ කිහිප අවස්ථාවකම සිටියේ බාලදක්ෂ ඇඳුම පැළඳ තමා සතු පදක්කම් කරලාගෙනය. මෙම අවස්ථාව එබැවින් යම් තරමකට වෙනස් අත්දැකීමක් විය. එම්. එම්. පී. සේනාරත්න මහතාගේ උපන්ගම නුවරඑළිය වූ අතර නුවරඑළිය ශාන්ත සේවියස් විද්‍යාලයෙහි ඔහු ඉගෙනුම ලබා තිබේ. 1929 වර්ෂයේ උපත ලබා ඇති ඔහු වර්ෂ 1939 දී ප්‍රථමයෙන් බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ වී ඇත. හයවැනි ජෝර්ජ් රජතුමාගේ රාජකීය පදක්කම ලත් දැනට ක්‍රියාකාරී එකම බාලදක්ෂයා ඔහුය.

ඔබ අවුරුදු දහයෙදිත් බාලදක්ෂයෙක් නේද? 

ඔව්. මම බාලදක්ෂ ව්‍යාපාරය එක්ක සම්බන්ධවෙන්නේ බාලාංශ පන්තිවල. ඒ කාලෙ පාසලේ අනිවාර්යෙන්ම එවැනි අමතර ව්‍යාපාරයක් සමග සම්බන්ධ වී සිටිය යුතුමයි. 

බාලදක්ෂ ව්‍යාපාරය ඒ කාලේ මොන වගේද? 

ලංකාවේ සුද්දගේ කාලෙ තමයි බාලදක්ෂ ව්‍යාපාරය නියමෙටම කෙරුණේ. දැන් ඒ මොකුත් නැහැ. අපි බ්‍රිතාන්‍ය රජය යටතේ හිටියේ. 1946 දී මම ගවනර් (ආණ්ඩුකාරවරයා) අතින් පදක්කම ගනිද්දිත් ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍යයන්. 

ඒ කාලේ ලංකාවේ තත්ත්වය කෙහොමද? 

අපි ඉස්කෝලෙ යන කාලෙ තමයි දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තේ. ඒ කියන්නේ 1939 සැප්තැම්බර් මාසයේ. හිට්ලර් පෝලන්තය අල්ලගන්න එකෙන් තමයි යුද්ධය පටන් ගත්තේ. ඒ කාලේ ලංකාවේ හමුදාවක් තිබුණේ නැහැ. ස්වේච්ඡා පදනමකින් ගත්තු හමුදාවක් තමයි ඒ කාලෙ හිටියේ. ස්ථිර පදනමකින් ගත්තු හමුදාවක් හිටියෙ නැහැ. 

බාලදක්ෂ ව්‍යාපාරයට හිත යන්න තරම් ඇතිවුණු බලපෑම වුණේ මොකක්ද? 

බලපෑම මගේ තාත්තා. ඔහු රෙජිමේන්තු සාජන් මේජර් සේනාරත්න. මගේ තාත්තත් බාලදක්ෂයෙක්. එයා බාලදක්ෂයන්ට ඉස්කෝලේ ඉගැන්නුවා. අපේ පුහුණුකරු. ඒ නිසාම මම බොහොම ආසාවෙන් මේ හැමදේටම සහභාගි වුණා. 

බාලදක්ෂයෙක් වීම ළමයෙකුගෙ ජීවිතේට මොනවගේ වටිනාකමක්ද එකතු කළේ? 

මට මතකයි ඉස්සර අපි කෑම්ප්වලට ගියාම අපිට ලැබුණේ ජීවිත පුහුණුව. ඒ වගේම අපි ඒ කාලේ කෑම්ප් ගැහුවේ කැලේ. කැලේ කොළ, දඬු අරගෙන අපි මේස හැදුවා. පුටු හැදුවා. පාලම් හැදුවා. ගස් කපලා අපි ඒ දේවල් බොහොම සුහුරුවට කළා. 

බාලදක්ෂයෙක් මොනවද මූලිකවම දැනගන්න ඕන? 

තනියම කෑම්ප් එකක් හදනහැටි මුලින්ම දැනගන්න ඕන. ඒවට කියන්නේ පැට්‍රෝල් කියලා. ඒ කියන්නේ එක කාණ්ඩයක් කියන එක. එක කාණ්ඩයක සාමාජිකන් හය දෙනෙක් පමණ හිටියා. මම හිටියේ කින්ග් ෆිෂර් පැට්‍රෝල් කියන කණ්ඩායමේ. 

මොනවද බාලදක්ෂයෙකුට ලැබෙන පදක්කම්? 

අපේ ෆ්ස්ට් බැජ් එක ටෙන්ඩර් ෆුට් බැජ් එක. ඒක ගහන්නේ සාක්කුවේ. ඊළඟට සෙකන්ඩ් ක්ලාස් බැජ් එක. ඊටත් පස්සේ ෆ්ස්ට් ක්ලාස් බැජ් එක. ඒක තමයි අමාරුම බැජ් එක. 

ෆ්ස්ට් ක්ලාස් බැජ් එක ගන්න මොනවද කරන්න අවශ්‍ය වුණු ක්‍රියාකාරකම්? 

අපිට මුලින්ම මැප් එකක් දෙනවා. ඒ මැප් එකේ අදාළ ස්ථාන හොයාගෙන අපි යන්න ඕන. අපි තනියම යන්න ඕන. අපේ ටෙන්ට් එක කරේ බැඳගෙන යන්න ඕන. මම ගියේ බදුල්ලට. මම මුලින්ම බදුල්ලට යද්දි බැරියර් එකක හැප්පුණා. යුද්ධ කාලේ හාල් ගෙනියන්න දෙන්නේ සීමා සහිත ප්‍රමාණයක්. ආමි එකෙන් බැරියර් දාලා තිබුණේ. හයික් එකක් යන්න තිබුණේ. හග්ගල මීදුම හොඳටම වැටිලා තිබුණා. මම වැටුණා. මම දන්නේ නැහැ මොකක්ද වුණේ කියලා. මට ඒ වෙද්දි අවුරුදු 16ක් වගේ. මම සුමාන දෙකක් වගේ ඉස්පිරිතාලේ හිටියා.'කින්ග් ස්කවුට්' වෙන්න බෑ ෆ්ස්ට් ක්ලාස් නොගෙන. ඒක තමයි ඒ කාලෙ හීනේ. හැමෝම ඒකට තමයි ට්‍රයි කළේ. 

ඔබ කියනවා හයවැනි ජෝර්ජ් රජතුමාගේ පදක්කම කියලා. ඒ ගැන පැහැදිලි කරමුද? 

ඒ කාලේ අපි හිටියේ බ්‍රිතාන්‍ය කිරීටය යටතේ. ඉතින් බ්‍රිතාන්‍යයේ පාලනය ගෙනයන පුද්ගලයාට අනුව පදක්කම නම් කෙරෙනවා. හයවැනි ජෝර්ජ් රජුගේ යුගයේ බාලදක්ෂයන්ට ලබා දුන්නේ කිස්ග්ස් ස්කවුට් පදක්කම. ඔහුගේ ඇවෑමෙන් එළිසබත් රැජිනගේ යුගයේ බාලදක්ෂයන්ට ලබා දුන්නේ ක්වීන්ස් ස්කවුට් පදක්කම. 

ඔබට ලැබුණේ කින්ග්ස් ස්කවුට් පදක්කම නේද? 

ඔව්. කින්ස්කවුට් හෙවත් රාජකීය පදක්කම්ලාභියෙක් වෙන එක හරිම අමාරුයි. නුවර එළිය දිස්ත්‍රික්කයටම පළමුවැනි රාජකීය බාලදක්ෂ පදක්කම්ලාභියා වෙන්නේ මම. ඒ 1946 අවුරුද්ද. ඒ කාලේ හිටියේ හෙන්රි මොන්ක් මේසන් මුවර් කියන ආණ්ඩුකාරවරයා. එයා අතින් තමයි මම පදක්කම ගත්තේ. පාසල් කාලය ඇතුළතදිම රාජකීය පදක්කම්ලාභියෙක් වෙන එක කළ යුතු දෙයක්. 

ඔබ ඇරුණම මේ වෙද්දි කින්ස්කවුට් පදක්කම ගත්තු කී දෙනෙක් ඉන්නවද? 

මම ඇරුණම තව දෙදෙනෙක් ජීවතුන් අතර ඉන්නවා. ඒත් මම විතරයි දැනට ක්‍රියාකාරිකයෙක් විදියට ඉන්නේ. මොකද මම අද වනතුරුම හැම බාලදක්ෂ කඳවුරකටම ආරාධිතයෙකු ලෙස සහභාගි වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් විවිධ බාලදක්ෂ සංගම්වලින් මට විවිධ පදක්කම් ලැබෙනවා. 

බාලදක්ෂයෙක්ට මොනවගේ තැනක්ද තිබුණේ? 

ඒ කාලේ බාලදක්ෂයෙක් කිව්වම රස්සාවට ගියාම ආයෙ වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒක ඉහළම සුදුසුකමක් වෙනවා. රස්සාවට ගියාට පස්සේ මට බාලදක්ෂ වැඩ මගහැරුණා. ඒත් ඒ ලබපු පන්නරයෙන් මම ස්වේච්ඡා හමුදා සේවයට බැඳුණා. ඒ අවශ්‍යතාව හා ඒ ඇම්ම මට ආවේ බාලදක්ෂ වැඩ නිසා. ඒකට ගන්නේ ආණ්ඩුවේ සේවය කරන අය. යුද්ධය ආවොත් යන්න වෙනවා. 1910දි අප්‍රිකාවේ බෝව යුද්ධයට පිරිසක් යැව්වා. 

බාලදක්ෂයෙකු විදියට අමතක නොවන අත්දැකීම් ඇති නේද බොහොමයක්? 

ඔව්. ඒ අතරේ යුද්ධයට මිනිස්සු පුහුණු කිරීම තමයි මට තවමත් අමතක නොවනම මතකය. සුනාමි සයිරන් නළාව වගේ එකක් තිබුණා. ඒ සද්දේ තාමත් ඇහෙනවා වගේ. අපි ඉස්කෝලවල ළමයින්ට ඉගැන්නුවා ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන විදිය. අපි ඒ කාලේ ඉස්කෝලේ ගියෙත් බාලදක්ෂ ඇඳුම ඇඳගෙන. හදිසි පිපිරීමක් ආවොත් කළ යුතු දේවල් පිළිබඳ පෙර පුහුණුවීම් කළා. කන් දෙක වහගෙන, හදිසියක් වුණොත් ඩෙස්ක් යටට රිංගන්න කියන දේ අපි හුරු කළා. ඒ වගේම බැංකුවල, රාජ්‍ය ආයතනවල භූගත උමං මාර්ග හදලා තිබුණා. ඒවට යන්න හුරුකළා. ලංකාවේ තිබුණු පළමුවෙනි ජැම්බොරියටත් මම සහභාගි වුණා. ඒ 1939දි. 

යුද්ද කාලේ බාලදක්ෂයෙක්ට තිබුණ වගකීම කුමක්ද? 

බාලදක්ෂයෙක් විදියට යුද්දෙ කාලෙ අපිට හරියට වැඩ තිබුණා.ජපන්නු බෝම්බ දානකොට ලංකාව සන්නද්ධ කළා. ඒ කාලේ ප්‍රධාන මහජන ආරක්ෂක කොමසාරිස්වරයා වුණේ සර් ඔලිවර් ගුණතිලක. බෝම්බ දාද්දි ළමයි පුහුණු කරන එකත් අපේ වගකීම්වලින් කොටසක්. හැම ඉස්කෝලෙකම යටින් අගල් කපලා තිබුණා. ඒ කාලේ බෝම්වලින් බොහෝ වෙලාවට සිද්දවුණේ කම්පනයන් ඇති වෙන එක. කන් පුපුරනවා. නුවරඑළියේ බාලදක්ෂයන් තමයි මුලින්ම මේකට පුහුණු කළේ. ඊට පස්සේ බාලදක්ෂයෝ අනිත් ළමයින්ව පුහුණු කළා. අපි ඉස්කෝලෙ ගියෙත් බාලදක්ෂ යුන්ෆෝම් එක ඇඳගෙන. පොලිසියෙන් මහ සයිරන් එක ගැහුවම අපිට දීලා තියෙන සයිරන් එක ගහනවා. පැන්සල්, පොත් එහෙම මේසේ උඩින් තියලා, දත් පූට්ටු වෙන නිසා පැන්සලක් කටේ ගහගෙන දුවනවා. 

ප්‍රථමාධාර පිළිබඳ විශේෂ පුහුණුවක් ඔබ ලබලා තියෙනවා නේද? 

බාලදක්ෂයෙක්ට හැමදේම පුළුවන් වෙන්න ඕන ට්‍රේනින් වුණ අය අනිත් අයට පුහුණු කළා. හදිසි තුවාලවලට බෙහෙත් දාන හැටි, රෝගියෙක් ප්‍රථමාධාරවලට අරගෙන යන හැටි, වගේ දේවල්. ඒ වගේම තෙරතුරු හුවමාරුවත් අපි කළා. ඒ කාලේ දැන් වගේ දුරකතන නැහැ. තිබුණත් ඒක තැපැල් කාර්යාලයක හෝ පොලිසියක පමණයි. අපි තමයි ඒ පණිවිඩ අරන් ගියේ. ඊට අමතරව මට ආහාර නිෂ්පාදනය පිළිබඳවත් විශේෂ පුහුණුවක් ලැබිලා තියනවා. 

නුවරඑළිය ඒ කාලේ මොනවගේද? 

නොවැම්බර්, දෙසැම්බර් කාලවල නුවරඑළියට ශීත කාලය. දැන් වගේ නෙවෙයි ඉස්සර, එහේ අයිස් මිදෙනවා. අපි පොල්කටුවලට වතුර දාලා පාටකරලා එළියෙන් තියනවා. උදේට හකුරු බෑයක් වගේ ගන්නවා. දැන් ඒ සුන්දරත්වය නුවරඑළියෙ නැහැ. 

රැකියාවට අඩිතාලම වැටුණේ කොහොමද? 

මම කොළඹට ආවේ 1948 දී. ඒ කාලේ මට අවුරුදු 20යි. මම සීනියර් පාස් වුණා. ඒ නිසා වැඩකරපු තැනින් රුපියල් 50කින් පඩි වැඩි කළා. මගේ පඩිය එකසිය විසි පහක් වුණා. ඒක ලොකු මුදලක්. ජෝන් වයිට් සපත්තු, ඇඩෝනිස් හෝ ඇරෝ ෂර්ට්, සැන්ෆොරයිස් රෙඩිමේඩ් කලිසම් වැනි ඉස්තරම් ඇඳුම් කට්ටලයක් ගන්නත් රුපියල් 25යි ගියේ. මම 1949 දි මුලින්ම වාරිමාර්ග දෙපාරතමේන්තුවේ පත්වීම ගත්තේ. දැන් උගත් මිනිහට තැනක් නැහැ. සුද්දා රට කරන කාලේ නූගතෙක් කවදාවත් තීරණ ගන්න තැනක ලොක්කෙක් වුණේ නැහැ 

පොඩි කාලේ ජීවිතේ ගැන මොනවගේ මතකයක්ද තියෙන්නේ? 

නුවරඑළියෙ තමයි පිදුරුතලාගල (උසම කන්ද) කන්ද තියෙන්නේ. මේක නිම්නයක්. ඒ කාලේ පිදුරුතලාගල කන්ද ළඟ අපි හිටියේ. ගෙදර ඉන්න බැහැ. සත්තුන්ගේ හඩවල්, වතුර පාරෙ සද්දේ. අපි කෑම්පින් කරනවා කන්දේ. අපි ඉර සේවය බලන්න උදේ 4ට යනවා. ලන්තෑරුමක් අරගෙන යන්නේ. අපි යද්දි දිවියෝ පාර හරහා යනවා. ඒ සත්තු එද්දි නිසොල්මනේ ඉන්න ඕන. දිව්වොත් තමයි අපිව හපන්නේ. මේ 1943 විතර. ඒ කාලේ ආමරි තිබුණා. 

ආමරි කියලා කියන්නේ ආයුධ තියෙන පොලිස් නවාතැන්පළවල්. උදේට ඒවා ඇතුළේ ඉන්න බල්ලන්ව බැඳලා දාලා තියෙන්නේ. රෑට ලිහනවා. නැත්නම් දිවියො ඇවිත් බල්ලන්ව මරලා දාලා යනවා. ඒත් දවසක් හැමෝම ට්‍රිප් එකක් ගිහින්. බල්ලන්ව ලිහලා දාලා යන්න අමතකවෙලා.ඇවිත් බලද්දි දම්වැල් 7ක් තියෙනවා. බල්ලෝ නැහැ. 

පවුලේ විස්තර ගැනත් කියමු? 

මගේ අම්මයි තාත්තයි ගහයි පොත්තයි වගේ. එකටමයි හිටියේ. තාත්තා නැතිවෙද්දි අවුරුදු 100ට මාස දෙකයි අඩු. අම්මත් තාත්තා නැතිවෙලා මාස 6කින් නැතිවුණා. මගේ බිරිඳ කලුතර බාලිකා. මම සීනියර් විභාගෙ කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. එහෙම තමයි අපි දැන අඳුනගත්තේ. මට දූවරු පස් දෙනෙකුයි එක පුතෙකුයි ඉන්නවා.

විශේෂ ස්තූතිය
සටහන - නදී මාණික්කගේ / ඡායාරූප - සුදම් ගුණසිංහ
http://www.resa.lk

12 වැනි බාලදක්ෂ කැන්බෝරිය

2018 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික් 12 වෙනි බාලදක්ෂ කැන්බෝරිය පැවැත්වීමේ සංවිධාන කටයුතු මධ්‍යම පළාත් ප්‍රධාන හා මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සභාපති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී පැවැත්විය. 

12 වෙනි බාලදක්ෂ කැන්බෝරිය “පුහුණුවට ජවයක් ” තේමාව යටතේ සැප්තැම්බර් 13,14,15,16, යන දිනයන් හි මහනුවර අධ්‍යාපන කලාපයේ හේවැහැට මාධ්‍ය මහා විද්‍යාලයේදී කණිෂ්ඨ,ජේෂ්‍යඨ ,මානවක,බාල දක්ෂකයින් 1500 දෙනෙක් කදවුරු බැදීමට නියමිතය.

ඊට අමතරව පොතක බාලදක්ෂ දිනය සැප්තැම්බර් 26 වෙනිදාට හා සිගිති බාලදක්ෂ දිනය සැප්තැම්බර් 27 වෙනිදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයෙදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර පි.බි දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන හා මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සභාපති සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්චාව සදහා පාතහේවැහැට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පුජ්‍ය උඩත්තව පඤ්ඤානන්ද හිමියන්,මන්ත්‍රී මහේෂ් බණ්ඩාර,මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන්,පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, ජාතික බාලදක්ෂ මුලස්ථාන කොමසාරිස් සරත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය. 

ධර්මරාජ බාලදක්ෂ 105 සැමරුම

ධර්මරාජ බාලදක්ෂ 105 සැමරුමට ලංකාවේ බාලදක්ෂයන්ට ආපදා කළමනාකරණ පුහුණුවක්


මහනුවර ධර්මරාජ විද්යාකලයීය බාලදක්ෂ සමූහයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට බාලදක්ෂයින් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇතග ආපදා කළමනාකරණ අමාත්යංරශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීම යටතේ ලබන සැප්තැම්බර් මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යාන්තර බාලදක්ෂ මධ්යනස්ථානයේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන (SERTORA - 2018 (Scouts Emergency Response Training Of Rajans) ලෙසින් නම් කර ඇත. 

දිවයින පුරා විසිර සිටින බාලදක්ෂයින් සහ නායකයින් 750 දෙනකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිත වන අතර එහිදී ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සෑම අංශයක් පිළිබඳව ම විධිමත් පුහුණුවක් මෙම දින කිහිපය තුළ ලබා දීමට නියමිතයග මේ අනුව ආපදා කළමනාකරණයේ ඒ ඒ විෂය සම්බන්ධ විශේෂඥයන් වෙතින් නාය යාම්ල ගංවතුරල සුළි සුළං, සුනාමි, ගිනි, කෘමි සතුන් දෂ්ඨ කිරීම, විවිධ වසංගත රෝග ගැටුම් නිසා රට අභ්‍යන්තරයේ අවතැන් වන ජන කොටස් කළමනාකරණය ආදී ආපදා සම්බන්ධ පුළුල් විෂය ක්ෂේත්රම ගණනාවක් ආවරණය වන පරිද්දෙන් බාලදක්ෂයන් හට මෙම පුහුණුව ලබා දීමට කටයුතු මේ වනවිට සංවිධානය වෙමින් පවතීග දිනෙන් දින වර්ධනය වන ආපදා තත්ත්ව හමුවේ ඒවායෙන් සිදුවන විපත් අවම කිරීමේදී මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් විශාල සහනයක් අත්වන බවත් විශේෂයෙන්ම බාලදක්ෂයින් වෙත මෙම පුහුණුව ලබා දී‍මෙන් ඉදිරි ආපදා කළමනාකරණයේදී ඔවුන්ගෙන් රටට විශාල සහයක් ලබා ගත හැකි වන බවද ජාතික ආපදා කළමනාකරණ මධ්යඔස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගෙඩියර් අතුල ආරියරත්න පැවසීය. දිවයිනේ බාලදක්ෂයන් සඳහා පළමු වතාවට පැවැත්වෙන මෙම වැඩසටහනට මේ වනවිට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපය විසින්ද පිළිගෙන ඇත.


1913 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ බාලදක්ෂ කටයුතු ආරම්භ වූ අතර ඒ සඳහා මුල පුරන ලද්දේ එවකට විද්‍යාලයයේ ආචාර්යවරයකු සහ බාලදක්ෂ කොමසාරිස්වරයකු වූ ජේ. එච්. ද සේරම් මහතා විසිනි. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමි වරයා ද දෙවරක්ම ධර්මරාජ විද්යාරලයීය ලේක්වීව් පාර්ක් බාලදක්ෂ මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර මහනුවර ධර්මරාජ විද්යාමලයට 1917-1918 සහ 1919 යන වසරවලදී බ්‍රිතාන්‍ය රජුගේ ධජය ද දිනාගෙන ඇත. වසර ගණනාවක්ම ජාත්‍යාන්තර බාලදක්ස ඉසව් ගණනාවක් සිදුකොට ලෝකයේ නම රැන්දූ මෙම සමූහය තම සියවස වෙනුවෙන්ම රිස්ගෝ 2013 නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය.


Friday, September 7, 2018

කඳවුරට අවශ්‍ය කාලීන උපකරණ

සාර්ථක බාලදක්ෂ කඳවුරක දී බාලදක්ෂයෝ සතුටින් සිටිති. එවැනි අවස්ථාවක් සලසා දීමට බාලදක්ෂ ආචාර්යවරයා මග පෙන්විය යුතුය. බාලදක්ෂ පුරෝගාමී දැනුම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදර්ශනාත්මක කාලීන උපකරණයක් නිර්මාණය කළ හැකි ය. එළඹෙන නිවාඩු කාලයේ ඉදිකරන බාලදක්ෂ කඳවුරු බිම්වල කඳවුරකට අත්‍යවශ්‍ය &කාලීන උපකරණ ස්ථාපිත කිරීම පිළිබඳව බාලදක්ෂ ඔබ දැනුම්වත් විය යුතුමය. එබැවින් පහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 

පුරෝගාමී දැනුම ප්‍රදර්ශනය කරන ක්‍රියාකාරකමක් නිර්මාණය කිරීම

දර මැස්සක් ඉදිකිරීම

එළිමහන් බාලදක්ෂ කඳවුරක තිබිය යුතුම දේවල් අතර දර මැස්ස ප්‍රධාන තැනක් ගනියි. ඔබ කඳවුරැ බැඳි භූමියෙන් අහුලා ගන්නා විශාල, මධ්‍යම සහ කුඩා ප්‍රමාණවල දර, දර මැස්සෙහි සංචිත කළ යුත්තේ මෙහි දැක්වෙන ආකාරයටයි. වියළි දර පින්නෙන් සහ වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීමට පියස්සක් ඉදි කිරීමට බාලදක්ෂයින් කටයුතු කළ යුතුය.

රෙදි වියළා ගැනීමට මැසි

කාණ්ඩ කඳවුරක හෝ කණ්ඩායම් කඳවුරක දිවිගෙවන බාලදක්ෂයින්ගේ ඇඳුම් පැලඳුම් අපවිත්‍ර වීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතුය. එහෙත් එය කඳවුරේ &පිරිසුදු භාවයට* හානියක් නොවිය යුතුය. එම නිසා කඳවුරැ බැඳි බාලදක්ෂයින් සෑම දිනකම සන්ධ්‍යා කාලයේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතුය. තමන්ගේ කිලිටි ඇදුම් සෝදා පිරිසුදු කර කඳවුරේ රෙදි වියළා ගැනීමට ඉදි කළ මැස්සේ දමා වියළා ගත යුතුය.
සැ. යු. - එදිනෙදා නිවසේ දී ප්‍රයෝජනයට ගන්නා රෙදි වැලක් කඳවුරේ ඉදිකිරීමට උත්සාහ නොගෙන එය, කාලීන උපකරණයක් ලෙස නිර්මාණය කිරීමට බාලදක්ෂයින් උත්සාහ කළ යුතුය.


කඳවුරු දොරටු ඉදිකිරීම


එළිමහන් බාලදක්ෂ කඳවුරකට අත්‍යවශ්‍යම කාලීන උපකරණයක් ලෙස කඳවුරැ දොරටුව හැඳින්විය හැකි ය. කඳවුරැ දොරටුව බාලදක්ෂ කණ්ඩායමේ අභිමානය හා පුරෝගාමී කුසලතා විදහා පෙන්විය හැකි අවස්ථාවක් වන බැවින් එය ඉදි කිරීමට බාලදක්ෂයින් වඩා නිර්මාණශිලීව දායක විය යුතුය.


කඳවුරේ කෑම මේසය

එළිමහන් බාලදක්ෂ කඳවුරක කෑම මේසයක් අනිවාර්යයෙන් ඉදිකළ යුතුය. බාලදක්ෂයින් සකස් කරගත් ආහාරපාන, ප්‍රසන්නව, හුරැබුහුටිව ආහාරයට ගන්නා ආකාරය බාලදක්ෂ ආචාර්යවරයා කියා දෙන්නේ එළිමහන් කෑම මේසයේ දීය.

කඳවුරේ මුළුතැන්ගෙය

වර්ෂාවෙන් ආරක්ෂා විය හැකි පියස්සක් ඇතිව මුළුතැන් ගෙයක් ඉදිකළ හැකි නම් වඩාත් සුදුසුය. එහෙත් එය අපහසු අවස්ථාවක තම තමන්ගේ ආහාර පාන සකස් කරගැනීමට, භාජන එල්ලීමට සුදුසු රාක්කයක් බාලදක්ෂයන් විසින් නිර්මාණය කළ යුතුය. ඔබ ඉගෙන ගත් &ලිප් සහ උදුන්* එම මුළුතැන්ගෙහි නිර්මාණය කර ඒවා අත්හදා බැලිය හැකි ය.

මුර අට්ටාල ඉදිකිරීම

එළිමහන් කඳවුරක ආරක්ෂාව තහවුරැ කිරීමට මුර අට්ටාලයක් ඉදිකෙරේ. එය දිසා කඳවුරක දී මෙන්ම වනාන්තරයක එළිමහනේ කඳවුරැ බදින විටකදී ද නිර්මාණශිලීව ප්‍රයෝජනයට ගත හැක. වනගත ගවේෂණයක දී කූඩාරමේ ජීවත්වීම අනාරක්ෂිත වූ විටක මුර අට්ටාලයේ රාත්‍රිය ගතකිරීම වඩාත් ආරක්ෂාකාරී විය හැකි ය. එමෙන්ම සේවා මුරයක් ක්‍රියාත්මක කිරීමෙන් බාලදක්ෂයින් හට මුර අට්ටාලයේ ගත කරන හෝරා කිහිපයේ දී, නව ජීවිත අත්දැකීමක් ලැබිය හැකිය.

Thursday, August 30, 2018

53 වැනි කොළඹ බාලදක්ෂ කැම්පෝරිය

කැම්පෝරියේ අපි..!


ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ 53 වැනි වරට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය සාර්ථකව අද නිමාවට පත් කෙරිණ. කඳවුර පසුගිය 9 වැනිදා ආරම්භ විය. කොමසාරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබා දී තිබිණ. 

මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්, බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.

හෙට 12 වැනිදා සිඟිති බාලදක්‍ෂයන්ට ද, 13 වැනිදා පෝතක බාලදක්‍ෂයන්ටද කඳවුර විවෘත කර ඇති අතර, පෝතක බාලදක්‍ෂයන් විසින් එදින කඳවුර වටා පෙළපාළියක්ද සංවිධානය කර ඇත. මෙම කඳවුරේ ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන බාලදක්‍ෂයන්ට විශේෂ ප්‍රවීණතා පදක්කම් 06ක් දිනා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, එයින් බලාපොරොත්තු වන්නේ වීරත්ව්‍යය, ධෛර්යයසම්පන්න බව, විනයගරුක බව, අභියෝග ජයගැනීම ආදී කරුණු ඔවුන් තුළ වර්ධනය කිරීමය. කඳවුර තුළ විශේෂ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇත.

මුද්දර එකතුකරන්නා - කනිෂ්ඨ/ජ්‍යෙෂ්ඨ ප්‍රවීණතා පදක්කම

මුද්දර එකතුකිරිම යනු තැපැල් මුද්දර එකතුකිරිම හා බැදුනු විනෝදාංශයකි. මෙය ලොව වඩාත්ම ප්‍රකට විනෝදාංශයකි. මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්! ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි. 

සංස්‌කෘතියක ප්‍රධාන අංග ලක්‍ෂණ වන රටේ භාෂාව, මුදල් වර්ගය සඳහන් කිරීමට ඕනෑම තැපැල් මුද්දරයකම කොටසක්‌ වෙන් වේ. මේ අනුව සෑම තැපැල් මුද්දරයකටම දේශීය අනන්‍යතාවක්‌ හිමිවේ. එමෙන්ම රටකට ආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග නිරූපණය කිරීම් තුළින් මෙම අනන්‍යතාව තවදුරටත් තහවුරු කරගෙන ඇත. මෙය අධ්‍යයනය කළයුතු අංගයක්‌ නිසා මෙම විනෝදාංශය තෝරාගන්නා අය මුද්දරයක ශිල්පීය අංග ලක්‍ෂණවලට අමතරව එම ලක්‍ෂණත් අධ්‍යයනය කරති. එමෙන්ම මෙම කුඩා කලා කෘති සුරක්‍ෂිතව තබාගැනීමේ ක්‍රම ශිල්පයක්‌ ද අනුගමනය කරති. මෙම හේතු මත මුද්දර එකතු කිරීමේ විනෝදාංශයට ලොව අද්විතීය ස්‌ථානයක්‌ හිමිවේ.

විනෝදාංශයක්‌ පිළිබඳ ලියෑවුණු පොත්පත්, සඟරා ප්‍රමාණය තරම් විශාල ප්‍රමාණයක්‌ වෙනත් කිසිම විනෝදාංශයක්‌ පිළිබඳව ලියවී නොමැත. මෙයින් විශාලම පොත් ප්‍රමාණයක්‌ නිකුත් කරන්නේ එංගලන්තයේ ස්‌ටැන්ලි ගිබන්ස්‌ ආයතනයයි. වාර්ෂිකව ලොව සෑම රටකටම අදාළ මුද්දර නාමාවලි 24 ක්‌ මෙම ආයතනයෙන් නිකුත් කෙරේ. මෙපමණක්‌ නොව Collecting Stamp කෘතියේ සඳහන් කරන අන්දමට මුද්දර එකතු කිරීම, විනෝදාංශ අතර රජ කිරුළ හිමිකරගෙන ඇති අතර රජවරුන් ද විනෝදාංශය ලෙස මුද්දර එකතු කිරීම තෝරාගෙන ඇත. (The King of hobbies and The hobby of King) එයට හේතුව මුද්දර එකතු කිරීමේ නිරතව සිටින ලෝක ජනතාව මිලියන 100 ඉක්‌මවීමත් ඪග ජෝර්ඡ් ෆැන්ක්‌ලින් රුස්‌වෙල්ට්‌, ෆාරුක්‌ වැනි රාජ්‍ය නායකයන් ද ප්‍රධාන විනෝදාංශය ලෙස මෙය තෝරාගෙන තිබීමත් බව එම කෘතියේ සඳහන් වේ.

කාර්මික විප්ලවය සමඟ ලෝක ජාතීන් සමීප වීමත්, සන්නිවේදන ප්‍රවාහන ජාලවල පුළුල් ව්‍යාප්තියත් සමඟ තැපැල් මුද්දරයට හිමිවනුයේ සුවිශේෂී තැනකි. එයට හේතුව බ්‍රිතාන්‍ය ජාතික සර් රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා දුන් මෙම පැන්ස මුද්දරයට ලෝක ව්‍යාප්ත පණිවුඩ සේවාවකට අවශ්‍ය ශක්‌තිය හිමිවීම යයි කිය හැකිය. මුද්දරය ප්‍රදේශයෙන් ප්‍රදේශයට හා දේශයෙන් දේශයට ගොස්‌ දැවැන්ත දූත මෙහෙවරක්‌ කරන පුංචි දූතයෙකි. 1840 මැයි 06 සිට භාවිතයට ගත් "පෙනී බ්ලැක්‌" නමැති ප්‍රථම මුද්දරය මෙම කාලයේදී මිලියන 60 ක පමණ අලෙවි වීමත් සමඟ මෙහි වටිනාකම ලොවට හෙළිවිය. මේ සමඟම කෙටි කාලයකදී මුද්දර එකතු කිරීමේ විනෝදාංශය ද ලොව ජනප්‍රිය විය. බොහෝ විට ඓතිහාසික සිහිවටන ලෙසත්, බිත්ති සැරසිලි ලෙසත් මුද්දර එකතු කිරීමට බොහෝ අය පෙළඹුණි. නමුත් එම යුගයේ භාවිත තැපැල් මුද්දර සහ කවර අද දවස වන විට රුපියල් මිලියන ගණනකට තක්‌සේරු වී තිබේ. 2001 මැයි Stamp magazine සඟරාව හෙළි කරන පරිදි රාජකීය මුද්දර එකතුවට අයත් "පෙනි බ්ලැක්‌" මුද්දරය සහිත කවරයක්‌ පවුම් 8,000 කට අලෙවි වී ඇත. මුද්දර 10 ක්‌ සහිත කවරයක්‌ පවුම් 2,50,000 කට අලෙවි වී ඇත. මේ අනුව අද දවස වන විට මුද්දර එකතුව තුළින් මුල්‍යමය ප්‍රතිලාභයක්‌ හිමිකර ගැනීමට අවස්‌ථාවක්‌ තිබීමත් වැදගත් දෙයකි.



මුද්දර එකතු කිරීමේ විනෝදාංශය හඳුන්වන්නේ ෆිලටලි (PHILATELY) යන ග්‍රීක්‌ වදනකි. මෙය කලින් ප්‍රකාශ කළ පරිදි මුදල්මය වටිනාකම මතම තක්‌සේරු වන විනෝදාංශයක්‌ නොවේ. ඒ තුළින්ම දැනුම, අවබෝධය පුළුල් වන අතර සෞන්දර්යාත්මක ඇගයීමක්‌ ද සිදු කෙරෙයි. මුද්දර එකතු කිරීමක්‌ යනු හුදෙක්‌ භාවිත තැපැල් මුද්දර එකතුවක්‌ ළඟ තබාගැනීමට නොවේ. එය එක්‌තරා අයුරකින් පුළුල් අධ්‍යයනයකි. තමා එකතු කරන සෑම මුද්දරයක්‌ම එහි ශිල්පීය තොරතුරු සමඟ එනම්, නිකුත් කළ දිනය, වටිනාකම, වර්ණ දැති දිය, සලකුණු සැලසුම් ශිල්පීය කඩදාසි වර්ගය. ගම් වර්ගය ආදී තොරතුරු අනුව මුද්දර නාමාවලියකට අනුව සිදු කෙරෙන විධිමත් එකතුවක්‌ නම්, එය මැනවින් සුරක්‍ෂිතව තබා ගැනීමේ ක්‍රමයක්‌ පවතී නම් එහි වටිනාකම මෙන්ම අර්ථාන්විත බව වැඩි කෙරේ. මේ අනුව මුද්දර එකතු කරන්නකු තම කටයුතු විධිමත් කිරීමට මුද්දර ඇල්බමය, මුද්දර අඬුව, කාචය ආදී උපකරණ රැසක්‌ භාවිතයට යොදා ගනියි. තමාගේ වයස අනුව වටිනාකමෙන් ද වැඩි වන මුද්දර සැරැකුම් පොතක්‌ හිමි අයෙකුට ඒ විවේක කාලයේදී අගනා වින්දනයට ද උපකාරී කොට ගත හැකිය. ඒ එම රටේ සංස්‌කෘතික චාරිකාවකට එය උපයෝගි කර ගැනීමෙනැයි කිවහොත් වඩා නිවැරැදිය.

first-stamp

ලොව පළමු මුද්දරය යළි ලංකාවේ මුද්‍රණය කරයි

ලෝකේ මුල් ම මුද්දරය නිකුත් වුණේ 1840 අවුරුද්දේ. ඒ එංගලන්තෙදී. ඒ වෙද්දී ඉඳපු බ්‍රිතාන්‍ය මහ රැජින, එහෙමත් නැත්තන් වික්ටෝරියා රැජිනගේ මුහුණ දක්වලා තිබුණු මේ මුද්දරය හැඳින්වුණේ “පෙනී බ්ලැක්" නමින්. පෙනී එකක මිලකට අලෙවි වුණත්, අද වෙද්දී මේකේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 50000ත් ඉක්මනවනවා. වික්ටෝරියා රැජිණගේ උඩුකය රුව සහිත ලොව ප්‍රථම තැපැල් මුද්දරය වසර 175කට පසු නව තැපැල් මුද්දරයක් ලෙස ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංය මගින් සිකුරාදා (9) නිකුත් කිරීමට නියමිතය. ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් නිකුත් කරන එම මුද්දරයේ වටිනාකම රුපියල් 10කි. 1840 මැයි 6 වැනිදා නිකුත්වූ ලොව ප්‍රථම තැපැල් මුද්දරයේ වටිනාකම පැන්ස එකකි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

ලොව වඩාත් වටිනාම මුද්දරය

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.


මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා විසින් කළ හදිසි ඇණවුමක් මත මේ මුද්දරය මුද්‍රණය කර සපයන ලද්දේ රාජකීය ගැසට් පත‍්‍රය මුද්‍රණය කරන මුද්‍රණාලය මගින්.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් වූ බි‍්‍රතාන්‍ය ගයනාව විසින් ශත එකක වටිනාකමක් ඇති දම් පැහැයෙන් යුත් මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. මෙය සොයා ගන්නා ලද්දේ 1873 දී බි‍්‍රතාන්‍ය ගයානාවේ පාසල් සිසුවකු විසින්.

මේ මුද්දරය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ‘ශත එකේ රතු මුද්දරය (One-Cent Magenta) කියායි. මෙය අයත් වන්නේ එවකට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති බි‍්‍රතාන්‍ය ගයානාවටයි. එරටට සිරිත් පරිදි එංගලන්තයෙන් ලැබෙන මුද්දර තොගය ප‍්‍රමාද වීම නිසා එය ලැබෙන තෙක් භාවිත කරන්නට එරට ප‍්‍රධාන තැපැල් මහතා විසින් මෙය හදිසියේ කරන ලද ඇණවුමක් අනුව නිකුත් කළ එකකි. මේ මුද්දර තොගයට ශත හතරේ මැජෙන්ටා පැහැති මුද්දරයක් හා ශත හතරේ නිල් පැහැති මුද්දරයක් ද අයත් වුණා. 

මේ ශත එකේ මැජෙන්ටා (රතු) මුද්දරය මැජෙන්ටා පැහැති කඩදාසියක කළු පැහැයෙන් මුද්‍රණය කළ එකක්. එහි මුහුදේ යාත‍්‍ර කරන නැවක චිත‍්‍රයක් දැක්වෙනවා. එහි ඒ යටත්විජිතයට අයත් ආදර්ශ පාඨය වූ ‘ඩැමුස් පෙටිමුස් කුවේ විසිසිසම්’ (Damus Petimus Que Vicissim) යනුවෙන් ලතින් බසින් සඳහන් වෙනවා. එහි අරුත ‘අපි දෙන්නෙමු එසේම ආපසු බලාපොරොත්තු වෙන්නෙමු’ යන්නයි. 

මුද්දරය නිකුත් කළ රට ලෙස දක්වා ඇත්තේ බි‍්‍රතාන්‍ය ගයානාවයි. එහි මිල කළු පැහැයෙන් දාරයේ මුද්‍රණය කර තියෙනවා. 

වර්තමාන ලෝකයේ වඩාත් වටිනාම මුද්දරයේ ඉතිහාසය

බි‍්‍රතාන්‍ය ගයානාවේ ශත එකේ මැජෙන්ටා මුද්දරය 1856 දී රාජකීය ගැසට් පත‍්‍ර මුද්‍රණාලයේ දී මුද්‍රණය කරනු ලැබුවා.

එය පසුව 1873 දී ඩෙමෙරාරා ප‍්‍රදේශයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවකු විසින් සොයා ගෙන තියෙනවා. ඒ ප‍්‍රදේශය එහි තැපැල් මුද්‍රාවෙන් තහවුරු වෙනවා.

පසුව එය ප‍්‍රාදේශීය මුද්දර එකතු කරන්නකු විසින් එම සිසුවාගෙන් සිලිං හයකට මිල දී ගෙන තියෙනවා. 1878 දී ඔහු එය ඩොලර් 200කට එංගලන්තයේ ලිවර්පූල්වල තෝමස් රිඞ්පාත් (Thomas Ridpath) නම් මුද්දර අලෙවි කරන්නාට අලෙවි කළා. ඒ වසරේදීම රිඞ්පාත් එය පිලිප් වොන් පෙරාරි (Philip von Ferrary) නම් මුද්දර එකතු කරන්නාට ඩොලර් 250කට විකුණුවා. 

1922 දී එය ආතර් හින්ඞ් (Arthur Hind) විසින් ඩොලර් 36,000කට මිල දී ගත්තා. ඊළඟට එය ඩොලර් 40,000කට ෆ්‍රෙඞ් ස්මෝල් (Fred Small) විසින් පුද්ගලිකව මිලට ගෙන තියෙනවා.

1970 දී ස්මෝල් මේ මුද්දරය එයාගේ මුළු මුද්දර එකතුවත් සමග වෙන්දේසියේ දැම්මා. එහි දී මේ මුද්දරය පමණක් අර්වින් වීන්බර්ග් (Irwin Weinberg) විසින් ඩොලර් 2,80,000කට මිල දී ගනු ලැබුවා. 

එයින් දශකයකට පසු ජෝන් ඊ. ඩු පොන්ට් (John E. du Pont) ඒ මුද්දරය ඩොලර් 9,35,000කට මිලට ගෙන එයාගෙ පුද්ගලික මුද්දර එකතුවට එක් කළා. එය ඔහු 2010 දී මිය යනතුරුම තිබුණේ ඒ මුද්දර එකතුවෙයි.

දැන් ඒ මුද්දරය ඩු පොන්ට්ගේ අභාවයෙන් පසු ඔහුගේ දේපළත් සමග වෙන්දේසියට දමන්නට තීරණය කර තියෙනවා. ඒ අනුව ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ දී මේ මුද්දරය වෙන්දේසි කිරීමට නියමිතයි. ඔවුන් මේ මුද්දරය සඳහා ඩොලර් 20,00,000ක මුදලක් අවම වශයෙන් බලාපොරොත්තු වෙනවා. 

පසුගිය මාර්තුවේදී ලන්ඩනයේ රාජකීය මුද්දර සංගමයේ (Royal Philatelic Society) විශේෂඥයන් පිරිසක් මෙම මුද්දරය පිළිබඳ පුර්ව අලෙවි තක්සේරුවක් කළා. ඒ අනුව මේ මුද්දරයේ වටිනාකම ඩොලර් මිලියන 10ත් 20ත් අතර විය යුතු යැයි ඔවුන් විසින් නිගමනය කර තියෙනවා.


විශේෂඥයන් හය දෙනකු ඉතා සූක්ෂමව අධ්‍යයනය කර වර්ණාවලීමානයකින් (spectrometer) පවා විමර්ශනය කොට මෙය සැබෑ එකක් බව තහවුරු කර තියෙනවා. මේ ලෝක ප‍්‍රකට මුද්දරය සැබෑ එකක් බව මීට කලින් තහවුරු කරනු ලැබුවේ 1935දියි. එදා සිට මේ දක්වා එය තිබුණේ පුද්ගලික මුද්දර එකතුවකයි.

පසුගිය මාර්තුවේදී ලන්ඩනයේ රාජකීය මුද්දර සංගමයේ (Royal Philatelic Society) විශේෂඥයන් පිරිසක් මෙම මුද්දරය පිළිබඳ පුර්ව අලෙවි තක්සේරුවක් කර මෙහි වටිනාකම ඩොලර් මිලියන 10ත් 20ත් අතර යැයි නිගමනය කර තියෙනවා. ඉහත දැක්වෙන්නේ 1935 දී ඒ සඳහා දුන් සහතිකයයි.


ලෝක ප‍්‍රකට සූත්බිස් පොත් ආයතනයේ (Sotheby's Books Department) සභාපති හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඬේවිඞ් රෙඞ්න් (David Redden) මේ මුද්දරය වෙන්දේසි කරන අවස්ථාව ගැන සඳහන් කරමින් මෙසේ අදහස් දක්වනවා: ”මාත් පාසල් ශිෂ්‍යයකු ලෙස මුද්දර එකතු කළා. මේ මුද්දරය ගැන අපි අසා තිබුණා. අප එය විස්මය දනවන එකක් ලෙසයි සැලකුවේ. කීයටවත් මිලදී ගත නොහැකි දුර්ලභ එකක් ලෙසයි එදා අප දැන සිටියේ. මෙය දුර්ලභ මුද්දරයකට හොඳම උදාහරණය ලෙසයි අප දුටුවේ.”

එදා ඒ මුද්දරය සොයා ගත් දරුවා අද නැතත් ඔහුගේ නෑයකු හරි ඉන්නවා නම් මේ දුර්ලභ වටිනා ලෝක වස්තුව එදා කෙටි කලෙකට හෝ තමගේ නෑයා ළඟ තිබුණාය කියා අසා ආඩම්බර වෙනවා නිසැකයි. 

1856 දී බි‍්‍රතාන්‍ය ගයනාවේ දී නිකුත් කළ දුර්ලභ ශත එකේ මුද්දරය සමග තවත් මුද්දර වර්ග දෙකක් මුද්‍රණය කර තියෙනවා. ඉහතින් දැක්වෙන්නේ ඒ සමග ඇණවුම් කළ ශත 4 මැජෙන්ටා පැහැති මුද්දරයයි.

ලංකාවේ මුද්දර වර්ගීකරණය සිදු වන්නේ කුමනාකාරයෙන්ද?

ශ්‍රී ලංකාව ගැන සුවිශේෂ අවධානය යොමු කළහොත් සංස්‌කෘතික චාරිකාව පිළිබඳ ඉඟියක්‌ හෝ යම් තරමකට ලබාගත හැකිය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ව පැවැති ශ්‍රී ලංකාව සිය ප්‍රථම මුද්දරය 1857 අප්‍රේල් 01 වැනි දින නිකුත් කෙරිණි. වික්‌ටෝරියා රැජිනගේ උඩුකය රුව රැගත් පැන්ස 6 ක්‌ වටිනා මෙම මුද්දරය ලොව ප්‍රථම මුද්දරය නිකුත් වී වසර 17 කට පසුව නිකුත් කිරීම සුවිශේෂී දෙයකි. එයට හේතුව ලෙස ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ සිට ගෙවී ගිය වසර 161 තුළ ලෙස නිකුත් කොට ඇති මුද්දර 3,60,000 ක ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව වසර 144 දී නිකුත් කළ මුද්දර 1857 ක ප්‍රමාණයට ලොව සෑම රටකම මුද්දර ලෝලීන්ගේ ඉමහත් රුචිකත්වයක්‌ හිමිවීම නිසාත් කිව හැකිය. තවද තවත් ක්‍ෂේත්‍රයක්‌ යටතේ ද මේ වටිනාකම විග්‍රහ කළ හැකිය.

පොදු රාජ්‍ය මණ්‌ඩලීය රටක්‌ ලෙස වසර 144 ක කාලයක්‌ තුළ ශ්‍රී ලංකාව නිකුත් කොට ඇති මුද්දර ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදිය හැකිය.

01. යටත් විජිත යුගයේ මුද්දර
02. ස්‌වාධීන යුගයේ මුද්දර යනුවෙනි.

මින් යටත් විජිත යුගයේ මුද්දර නැවතත්
01. පැන්ස මුද්දර
02. රුපියල් ශත මුද්දර

ලෙස නැවත වර්ග කළ හැකිය. මින් පැන්ස හා සිලිං වටිනාකම සහිත මුද්දර 1870 දක්‌වා නිකුත් කළ අතර මෙම සෑම මුද්දරයකින්ම වික්‌ටෝරියා රැජිනගේ උඩුකය රුව නිරූපණය වූ අතර වර්ණයෙන් සහ මුහුණත වටිනාකමෙන් පමණක්‌ විවිධ විය. මෙම මුද්දර අතර කෞතුක වටිනාකමක්‌ සහ දුර්ලභ ගණයේ මුද්දර රැසක්‌ තිබීම ශ්‍රී ලංකාවටම ගෞරවය ගෙන දෙන්නක්‌ 1859-04-22 නිකුත් කළ පැන්ස 04 ක්‌ වටිනා මුද්දරය (රෝස පැහැති) 1999 මුද්දර නාමාවලියට අනුව පවුම් 50,000 ක්‌ වටිනාකම තීරණය වූ මුද්දරයකි. එමෙන්ම ලොව නිකුත් කළ දුර්ලභ ගණයේ මුද්දර තෝරාගැනීමකට අනුව තෝරාගත් මුද්දර 100 න් 1859 නිකුත් කළ සිලිං 1 පැන්ස 9 වටිනා මුද්දරයට 1 වෙනි ස්‌ථානය හිsමිවීම තවත් සුවිශේෂී සිදුවීමකි.

1872 න් පසු රුපියල් සහ ශත ක්‍රමය අනුව නිකුත් කළ මුද්දර තුළින් ද ඒ යුගවල බ්‍රිතාන්‍ය පාලකයන්ගේ රුව නිරූපණය වූවා මිස දේහ ලක්‍ෂණයක්‌ ඒ තුළින් විද්‍යමාන වූයේ නැත. 1934 න් පසු මෙම ලක්‍ෂණ වෙනසකට ලක්‌විය. 1935 න් පසු නිකුත් කළ මුද්දර තුළින් අපේම සංස්‌කෘතික අනන්‍යතාව පිළිබිඹු විය කීවොත් නිවැරැදිය. මේ අනුව මුද්දර එකතු කරන අප මෙතැන් සිට මුද්දර එකතු කිරීමට පෙළෙඹෙන්නේ නම් මෙම ශ්‍රී ලාංකික සංස්‌කෘතික අනන්‍යතාව ද යම් තරමකට හෝ අධ්‍යයනය කළ හැකිය.


1. වික්ටෝරියා රැජිනගේ රජ සමයේ නිකුත් වුණු මුද්දර

Image Source : wikipedia.org

මේ කතා කරන්නේ 1857 – 1900 කාල වකවානුව ගැන. ලංකාවේ පළමුවෙනි මුද්දරේ බිහිවෙන්නේ 1857දී. ඒක විකිණුනේ පැන්ස 6කට. වික්ටෝරියා රැජිනගේ බලය පැවතුණු කාලයේදී හැදුණු මුද්දරයක් නිසා ම, මේකෙත් තිබුණේ ඇයගේ මුහුණේ පින්තූරයක්. මේ වෙද්දී මේකේ වටිනාකම සැලකෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 7500ක් විතර වෙනවා.

Image Source : wikipedia.org

1872න් පස්සේ මුද්දරවලට වටිනාකම දුන්නේ පැන්ස, සිලිංවලින් විතරක් නෙවෙයි. රුපියල්, ශතවලින් මිල පෙන්වපු මුද්දරත් බිහිවෙන්න පටන්ගත්තා. මේ විදියට නිර්මාණය වුණු පළමුවෙනි මුද්දර පෙළ විකිණුනේ ශත 2, 4, 16, 24, 32, 36, 48, 64 වගේ ගණන්වලට. අලුත් මුද්දර මුද්‍රණය කරනවා වෙනුවට, පාවිච්චි කරපු මුද්දර ම ආයෙත් භාවිතා කිරීමකුත් මේ කාල සීමාවේ සිද්ධවුණා. එහෙම වුණේ මුද්දරවලට තිබුණු ඉල්ලුම වැඩිවීමයි. නැවත පාවිච්චියට ගත්ත මුද්දර, ඒවයේ මුල් මිලෙන් අඩකට අලෙවි වුණා. කොහොම වුණත්, මේ හැම මුද්දරේ ම තිබුණේ වික්ටෝරියා රැජිනගේ උඩුකය රුවයි (පින්තූරයේ දක්වලා තියෙන මේ මුද්දරය හැඳින්වෙන්නේ “ඩල් රෝස්” නමිනුයි).
2. හත්වෙනි එඩ්වඩ් රජ සමයේ නිකුත් වුණු මුද්දර

Image Source : colnect.com

වික්ටෝරියා රැජිනගෙන් පස්සේ එංගලන්තේ ඔටුන්න ලැබුණේ හත්වෙනි එඩ්වඩ් රජතුමාටයි. 1903න් ඇරඹුණු ඔහුගේ රාජ්‍ය කාලය 1910 වෙනතුරු පැවතුණා. මේ කාලයේ ලංකාවේ නිකුත් වෙච්ච හැම මුද්දරේක ම තිබුණේ ඔහුගේ මුහුණේ පින්තූරයකුයි. මුද්දර 36ක් මේ විදියට නිර්මාණය වුණා.
3. පස්වන ජෝජ් රජ සමයේ නිකුත්වුණු මුද්දර

1910දී බ්‍රිතාන්‍ය ඔටුන්නේ හිමිකාරයා ආයෙත් මාරු වුණා. මේ සැරේ ඒක ලැබුණේ පස්වෙනි ජෝජ් රජතුමාට. ජෝජ් රාජ්‍ය සමයේ මුල් කාලයේ බිහිවුණු හැම මුද්දරයේ ම වගේ තිබුණේ ඒ රජතුමාගේ උඩුකය පින්තූරයයි. ඒත් කාලය ගත වෙද්දී, මෙච්චර කාලයක් පැවතගෙන ආව මුද්දරවල විලාසිතාවේ පැහැදිලි වෙනසක් දැකගන්න ලැබුණා.


රජතුමාගේ උඩුකය රුවෙන් හැදුණු මුද්දර වෙනුවට, ලංකාවේ කර්මාන්තයක්, ඓතිහාසික වටිනාකමක් ඇති තැනක පින්තූරයක් ඇති මුද්දර මුද්‍රණය වුණා. කිරි කපන කාන්තාවකගේ රූපයත්, දළදා මාළිගාවේ රූපයත් ඇති මේ මුද්දර දෙක ඒකට හොඳ ම නිදසුනක්. හැබැයි බ්‍රිතාන්‍ය රජතුමාගේ රූපය සම්පූර්ණයෙන් ම මේවයින් අයින් වුණේ නැහැ. මේවයේ පැත්තකින් ජෝජ් රජතුමාගේ රූපය ඇති විදියෙන් ඒ බව තහවුරු වෙනවා.

ජෝජ් රජතුමා ඔටුන්න දරපු 1910 - 1935 කාලය ඇතුළේ ලංකාවේ වැදගත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හතරක් සිද්ධවුණා. ඒ මැකලම් (1910), පළමුවෙනි මැනිං (1920), දෙවැනි මැනිං (1924), සහ ඩොනමෝර් (1931). ලංකාවේ පුද්ගලයන්වත් පාලනයට පත්වුණු මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, ඒ කාලේ මුද්‍රණය වුණු මුද්දරවල පෙනුම වෙනස් වෙන්න හේතු වෙන්න ඇති.


ජෝජ් රජතුමාගේ අවුරුදු 25ක රාජ්‍ය කාලය සැමරීම දීලා තිබුණේ 1935 මැයි 6 වෙනිදටයි. මෙන්න මේ වෙනුවෙන් ලංකාවෙත් සිහිවටන මුද්දර පෙළක් නිකුත් වුණා. ශත 6, 09, 20, හා 50 මිල ගණන්වලට අලෙවි වුණු මේ මුද්දර සැලකෙන්නේ ලංකාවේ මුල් ම සිහිවටන මුද්දර පෙළ විදියටයි.
4. හයවෙනි ජෝජ් රජ සමයේ නිකුත් වුණු මුද්දර

1935දී බ්‍රිතාන්‍ය රජකම හයවෙනි ජෝජ් රජතුමාට හිමිවුණා. පස්වෙනි ජෝජ් රජතුමාගේ අන්තිම කාලෙදී හැදුණු මුද්දරවල පෙනුම, මේ කාලෙදී නිකුත් වෙච්ච මුද්දරවලත් දැකගන්න පුළුවන්. ලංකාවේ දර්ශන, කර්මාන්ත මේවයිනුත් නිරූපණය වුණා. හයවෙනි ජෝජ් රජගේ උඩුකය රුවත් මේවයේ පැත්තකින් තිබුණා.

1937 අවුරුද්දේදී, ජෝජ් රජතුමා ධූරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් සමරු මුද්දරයක් බ්‍රිතාන්‍ය යටත් විජිතවල නිර්මාණය වුණා. ලංකාවත් මේ වැඩේට දායක වුණේ ශත 6, 9 සහ 20 වටිනාකමෙන් යුතු මුද්දර පෙළක් නිකුත් කරලයි.

නිදහසෙන් පස්සේ බිහිවුණු මුද්දර

ලංකාවට නිදහස ලැබුණේ 1948දීනේ. මේ නිසා ම තවදුරටත් බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයන්ගේ පින්තූර ලංකාවේ මුද්දරවල අඩංගු වුණේ නැහැ. අපට නිදහස ලැබුණු පෙබරවාරි හතරවෙනිදා සනිටුහන් කරන්නත් ශත හතරක මුද්දරයක් නිකුත් කෙරුණා.
"අපේ සංස්‌කෘතිය" නම් කෘතියේ සඳහන් අන්දමට සමාජයක ඇති දේ, කරන දේ, කියන දේ යන සියල්ල සංස්‌කෘතියක්‌ විග්‍රහ කර බැලීමෙන් සොයාගත හැකිය. බොහෝ විට විවිධ මුද්දර තුළින් චිත්‍ර නිරූපණය වෙයි. මෙවැන්නක්‌ උදාහරණයක්‌ ලෙස ගතහොත් එම මුද්දර සැලසුම් ශිල්පියාගේ අනන්‍යතාව අපට හඳුනාගත හැකිය. ඒ අයුරින්ම එම වාස්‌තු විෂය තුළින් අපේ සංස්‌කෘතික අනන්‍යතාව හඳුනාගත හැකිය. මෙපමණක්‌ නොව සමාජයක දියුණුව, පිරිහීම ගැන සෙවීමේදීත් එම රටේ සංස්‌කෘතිය විමසීම වැදගත් වෙයි.

කිසියම් ජාතියකට ආවේණික සංස්‌කෘතික ලක්‍ෂණ විමසා බැලීමේදී අධ්‍යයනය කළයුතු කරුණු නවයක්‌ ගැන කියවෙයි. ඒ අනුව,

1. පරිහරණය කළ දේවල්
2. කතා ව්‍යවහාරය
3. ජනතා හා මිත්‍යා විශ්වාස
4. විද්‍යාමය බුද්ධිය
5. කලා ශිල්ප
6. ගෘහ ජීවිතය හා සමාජය
7. ආර්ථික ක්‍රමය හා තත්ත්වය
8. පාලන ක්‍රමය
9.යුද්ධ ක්‍රම හා අවි ආයුධ

මෙම සියලු අංග විමසීම ජාතික සංස්‌කෘතික අනන්‍යතාව විමසීමක්‌ ද වෙයි. මුද්දරය රහස්‍ය ලියවිල්ලක්‌ මෙන්ම රටින් රට යන කුඩා දූතයෙක්‌ ද වෙයි. ඒ අනුව තැපැල් මුද්දරය හුදෙක්‌ වටිනාකම ගෙවූ බව සඳහන් කඩදාසි කැබැල්ලක්‌ම ද නොවෙයි. 1935 මැයි 01 දින නිකුත් කළ වී ජෝර්- රජුගේ ශීර්ෂය සහිත මුද්දර 11 කින් යුක්‌ත මුද්දර කට්‌ටලය තුළින් ශ්‍රී ලාංකික සංස්‌කෘතික වටිනාකම නිරූපණය කරන සංධිස්‌ථානයක්‌ සනිටුහන් කරයි. මෙරට ආර්ථිකයේ පැතිකඩ නිරූපණයේ ලෙස තේ, රබර්, පොල් වගා පිළිබඳ දර්ශන (තේ දලු නෙලීම ශත 09, පොල් වගාව ශත 20, රබර් කිරි කැපීම ශත 02) ඓතිහාසික ශ්‍රී විභූතිය පෙන්වන දළදා මාළිගය (ශත 25) ශ්‍රී පාදය (ශත 03) සහ ඇත්තු (ශත 50) පුරාණ වැවක්‌ (ශත 30) යනාදියෙන් බොහෝ කරුණු පැහැදිලි වෙයි. මින් පසු විCධු ජෙනරා- රජු සමයේ නිකුත් කළ මුද්දර 14 කින් යුත් කට්‌ටලය ද ඉහත දර්ශනවලට අමතරව අනුරාධපුර මුරගල් (රු. 2) සීගිsරිය (ශත 10) නිරූපණය කිරීම නිසා අපේ ඉතිහාසගත උරුමයක්‌ ලෙසටම කියාපෑ අවස්‌ථාවන් විය. මින් පසු 1947 නොවැ. 25 දින නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිකුත් කළ මුද්දර 4 තුළින් නැවත වරක්‌ දළදා මාළිගය (ශත 15) රුවන්වැලි සෑය (ශත 25) ශ්‍රී පාද කන්ද (ශත 10) සහ පාර්ලිමේන්තුව (ශත 06) මුද්දර වස්‌තු විෂයයක්‌ වීම රජුගේ ශීර්ෂය සහිත මුද්දර පෙළක අවසානය සනිටුහන් කරයි. එයට හේතුව සෝල්බරි ව්‍යවස්‌ථාව සමඟ අප රටට ස්‌වාධීනව ලැබීමයි.

1948 පෙබරවාරි 04 දින නිකුත් කළ සිංහ ධජය (ශත 04, 15) ඩී. එස්‌. සේනානායක මැතිතුමාගේ රුව (ශත 15, 25) මුද්දර තුළින් ජාතික අභිමානය පිළිබඳ සිහිවටනයක්‌ ගෙන දෙයි. මෙතෙක්‌ මුද්දරවල සටහන් වූ CEYLON යන්න සමඟ "ශ්‍රී ලංකා" යන්න ද සටහන් වීම අපේ ජයග්‍රහණයකි. එමෙන්ම මෙතෙක්‌ මුද්දර දිය සලකුණු ලෙස සී. ඩබ්. හෝ ඔටුන්න වෙනුවට "ශ්‍රී" අක්‍ෂරය සඳහන් වීම ද වැදගත්ය. මින් පසු නිකුත් කෙරුණු බොහෝ මුද්දර කිසියම් සැලැස්‌මකට අනුව ශ්‍රී ලාංකික අභිමානය මෙන්ම අනන්‍යතාව ද ප්‍රකාශ කෙරෙන සේ නිකුත් කිරීම් අධ්‍යයනය කළ යුතු ක්‍ෂේත්‍රයකි. මෙහිදී 1967 දක්‌වා විදේශීය මුද්දර නිකුත් කරන ආයතනයක්‌ නිකුත් කළ මුද්දර නිවේදනයත් 1967 සිට ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිකුත් කළ මුද්දර නිවේදන පත්‍රිකාත් වඩාත් හොඳින් උපයෝගී කොටගත හැකියි. ශ්‍රී ලංකා මුද්දරවල සංස්‌කෘතිකමය අනන්‍යතාව සෙවීමට ශීර්ෂ 4 ක්‌ යටතේ ගොනුකර ගැනීම අධ්‍යයන පහසුවක්‌ වෙයි.

I. කලා ශිල්ප හා පරිහරණය කළ දේවල්
II. විද්‍යාමය බුද්ධිය, අධ්‍යාපනය
III. ගෘහ ජීවිතය, සමාජය, ආගම
IV. ආර්ථිකය හා පාලන ක්‍රම

යන ක්‍ෂේත්‍ර යටතේ විග්‍රහ කළ හැකිය. මින් පළමු ක්‍ෂේත්‍රය ගතහොත් මේ අනුව ගොනු කළ හැකි විශාල මුද්දර නිකුත්ව ඇති බව කිව හැකියි. විවිධ සැමරුම් අවස්‌ථා අනුව අධ්‍යාපන සියවස සහ පුරා විද්‍යා සියවස (1969) අනුව නිකුත් කිරීම් කෞතුකාගාර සියවස අනුව නිකුත් කිරීම, විහාර බිතුසිතුවම් ආදිය සැමරුම් සිහිවටන ලෙස වැදගත් වේ. 1972 මැයි 22 ජනරජයක්‌ වීමේ තැන් සිට මුද්දරවල මෙතෙක්‌ තිබූ (CEYLON) යන්න ඉවත්ව "SRI LANKA" යන්න යෙදීම අපේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක්‌ පැවැති කඩඉම පුළුල්වීමක්‌ මෙතැන් සිට ලොව පුරා සිටින මුද්දර ලෝලීන් ඇතුළු බොහෝ අය යනුවෙන් විමසූ ප්‍රකාශය වෙනුවට ශ්‍රී ලංකා යනුවෙන් විමසීම කුඩා දිවයින මුතුඇටයක්‌ සේ ප්‍රචලිත වීමට හේතු විය. 1973 බිතුසිතුවම් මුද්දර, 1977 කෞතුකාගාර සියයට නිකුත් කළ මුද්දර සහ ඔටුන්න, සිංහාසනය රුව නිරූපිත මුද්දර අපේ ඉතිහාසය ගැන විමසීමට කිසිසේත් පොළඹවන විට සැක නැත. මීට පසු අවස්‌ථා කීපයකදීම 1976 න් පසුව මේ දක්‌වා සෑම වෙසක්‌ පොහොය දිනයක්‌ වෙනුවෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බිතු සිතුවම් සහිත මුද්දර එකතු කිරීම බොහෝ දෙනෙක්‌ රුචිවෙති. එම මුද්දරවල මුහුණත වටිනාකම මෙන් දෙගුණ තෙගුණ කෞතුක වටිනාකම හිමිවීම තුළින් ඒ ගැන සිතාගත හැකිය. 1980 සිට නත්තල වෙනුවෙන් නිකුත් කළ මුද්දර ආගමික සහජීවන මෙන්ම අපේ චිත්‍ර කලාවේ වැදගත් අංග ද සිතා ගැනීමට ඉඩ සලසයි. මේ හැර විවිධ අවස්‌ථාවලදී ආගමික වශයෙන් අපමණ වෙහෙසක්‌ ඉටුකළ ජාතික මෙහෙවරක්‌ ඉටුකළ පුද්ගලයන්ගේ රුව රැගත් මුද්දර ඒ තොරතුරු සෙවීමට අප පොළඹවා 1982 තරුණ ක්‍රිස්‌තියානි සංගම් ශත සංවත්සරය වෙනුවෙන් (Y.M.C.A) රු. 2.50 නිකුත් කළ ප්‍රථම ත්‍රිකෝණ මුද්දරය ඉහළ වටිනාකමක්‌ අත්කර ගන්නා මුද්දරයකි.

ආර්ථිකය හා පාලන ක්‍රම සම්බන්ධයෙන් සලකා බලන විට අවස්‌ථා කීපයකදීම ජගත් සහයෝගිතාව සහ කීර්තිධර දේශපාලකයන් රැසකගේ රුව රැගත් මුද්දර නිකුත් කිරීම වැදගත් ඒ වගේම ලෝක ජාතීන් අතර ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ සම්බන්ධතා පිළිබිඹු කරන මුද්දර ඉතා වැදගත් වේ.

1981 බ්‍රිතාන්‍ය රැජිනගේ චාරිකාව වෙනුවෙන් නිකුත් කළ මුද්දර 2001 ඇමරිකා ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය සාක්‌ සමුළුව වෙනුවෙන් නිකුත් කළ මුද්දර, පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවෙන් නිකුත් කළ මුද්දර මේ අනුව වැදගත් වේ.

සමස්‌තයක්‌ ලෙස ගෙන බලන විට අවස්‌ථා ගණනාවකදී දළදා මාළිගය, දළදා පෙරහැර, රාජා ඇතා, උඩරට නැටුම්, සරසන ලද හස්‌තියා ආදිය තුළින් මෙන්ම විහාර බිතු සිතුවම් තුළිනුත් ශ්‍රී ලංකාවේ සිතියම සහිත මුද්දර තුළිනුත් සෑම අවස්‌ථාවකදීම බෞද්ධ සංස්‌කෘතිය, ශ්‍රී ලාංකික බව ලොව පුරා ගෙනයැමට මේ පුංචි දූතයා සමත්ව ඇත. ශ්‍රී ලංකා මුද්දර විධිමත්ව එකතු කළ යුත්තේ මේ ගැන ද යම් තරමකට හෝ මුද්දර නාමාවලියක්‌, මුද්දර සඟරා ආශ්‍රිත විග්‍රහ ආදිය පිටුවහල් කර ගත්තේ මුද්දර එකතු කරන අයෙකුට අප රටේ සංස්‌කෘතික අනන්‍යතාව ආදී දැනුමක්‌ අවබෝධයක්‌ මෙන්ම යම් දිනක ආර්ථිකමය ප්‍රතිලාභයක්‌ හිමිකර ගැනීමට ලැබීම ද වාසනාවකි. එම මුදල් පැත්ත ගැන සිතීමකින් තොරව ශ්‍රී ලංකාව ගැන වෙනත් රටවල් ගැන ද තොරතුරු සෙවීමේ දැනුම අවබෝධය, විනෝදය මුල්කොටගෙන මෙයට පෙළඹෙන්නා සැබෑ ප්‍රතිලාභය හිමිකර ගනියි.


මුද්දර රැස් කිරීම ආරම්භ කළ හැක්කේ කෙසේද? 

ඔබට පහසු ආකාරයෙන් මුද්දර රැස් කිරීම ආරම්භ කරන්න පුළුවන්. 
ප්‍රධාන වශයෙන් එය මේ අයුරින් බෙදා දැක්විය හැකිය. 

1. අවලංගු කළ මුද්දර එකතු කිරීම 
2. මුද්‍රිත තත්ත්වයේ මුද්දර එකතු කිරීම‍ 
3. මුල් දින කවර එකතු කිරීම‍ 
4. සිහිවටන පත්‍රිකා එකතු කිරීම

මුද්දර එකතු කිරීමේදී සැලකිය යුතු කරුණු

1. නැමුණු, ඉරුණු, පළුදුවුණු හෝ පිටුපස පතුරු ගැලවුණු මුද්දර එකතු නොකරන්න.
2. මුද්දර දැති ඉතා හොඳින් තිබෙන ඒවා පමණක්‌ තෝරාගන්න.
3. ඉතා හොඳින් පිරිසිදුව මධ්‍යගතව සටහන් වුණු මුද්‍රාව ඇති මුද්දර පමණක්‌ තෝරාගන්න.
4. තෝරාගත් මුද්දර ගම් කඩදාසි කැබලි (හින්ජර්ස්‌) වලින් සුරැකුම් පොතේ (ඇල්බමයේ) රඳවන්න. නම් හෝ රටවල් අනුව.
5. මුද්දර එකතු කිරීම ඵලදායී ආයෝජනයකි.

මුද්දර අලවන පොත

අපි exercise පොතක මේ මුද්දර ඇලෙව්වට මේකටම විශේෂයෙන් හදපු පොත් තියෙනවා. ebay එකෙන් නං මේ stockbooks මිලදී ගන්න පුළුවන්

Tuesday, July 31, 2018

මහාචාර්ය සෝමරත්න බාලසූරිය නැමති බාලදක්ෂයා

මෙරට සිටින ප්‍රවීණ සාහිත්‍යධරයකු ද වන මහාචාර්ය සෝමරත්න බාලසූරිය සිය මතක අවදි කරමින් අද අප සමඟ මෙලෙස සංවාදයට එක් වේ.

• ඔබේ ළමාවියේ මතකවලින් ම අපි මේ සංවාදය අරඹමු?
මම ඉපදුණේ කුලියාපිටියට ආසන්න එළතලව ග්‍රාමයේ. ඒක විශාල ගමක්. ගමෙන් බාගයක් ම කුඹුරු තිබුණෙ. වැඩිදෙනාගේ ජීවනෝපාය ගොවිතැන. මං කුඩා කාලයේ හැදුණේ වැඩුණේ වැව් කුඹුරු කැලෑ ඇසුරේ. ඒ නිසා මම නිතර ම ගහකොළට සතා සීපාවාට ආදරය කරනවා. අපේ ගමේ විශාල ගව සම්පතකුත් තිබුණා. බොහෝ පවුල්වලට ගව පට්ටියක් තිබුණා.
මම පස්වැනි පන්තිය දක්වා ගියේ ගමේ පාසලට. ඒ අවධිය ගැන මගේ මතකය අඩුයි. හේතුව විශේෂිත සිදුවීම් නොමැතිවීම. ඉස්කෝලෙ ඇරිල පයින් ම ගෙදරට එන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මොකද අතරමඟදි වෙරළු, දිවුල්, දං, හිඹුටු වගේ ගමේ පලතුරු කඩාගෙන කාලා හෙමින් එන්නෙ. මේ පමාව ගැන‍ අම්මා, තාත්තා ප්‍රශ්න කළෙත් නෑ. හැමදාම මෙහෙම තමයි ආවෙ. කැලෑවෙ ඇවිදින්න සතුන් බලන්න අපි හුඟක් ආස කළා. වැවේ පීනුවා නෑවා. වැවට නැමුණු අතුදිගේ ගිහින් තමයි වැවට පැන්නෙ.



• 5 වැනි පන්තියෙන් පසුව ඔබේ පාසල වෙනස් වෙනවා?

ඔව්! කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය. එහාට ගියාට පස්සෙ මට සෑහෙන දුරට ගමෙන් ඈත් වුණා. හැබැයි පිළිවෙළට වැඩක් කරන හැටි ගැන වගේ ම විනය ගැනත් අපි හරියට ඉගෙන ගත්තා. මේ පාසල මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේ වුණා. විශේෂයෙන් සෑම ඉසව්වක ම වගේ ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. ස්කවුටින්, කැඩෙටින් කළා. බාලදක්ෂ කණ්ඩායම භාරව හිටියෙ විජේසිංහ සර්. එතුමා තරුණ ආචාර්යවරයෙක්. විජේසිංහ සර් නිසා මගේ ජීවිතයෙ යම් වෙනසක් ඇති වුණා. මොකද අපිව පොතපත පත කියැවීමට නැඹුරු කළා. ඒ දිනවල භාෂා තුනේම යම් දැනුමක් ලබන්න පුළුවන් වුණා.

මම වඩාත් ප්‍රිය කළේ බාලදක්ෂ කටයුතුවලටයි. විජේසිංහ සර් අපිව ශ්‍රමදාන ව්‍යාපාරවලටත් මෙහෙයවූවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා ගම්මාන දෙකක් දියුණු කිරීම ඒකෙ අරමුණ. ඉතින් අපි හැම සිකුරාදාම කැති උදලු වගේ ආම්පන්න අරගෙන ඒ ගම්වලට ගිහින් ශ්‍රමදාන කටයුතු කළා.

• ඔබ බාහිර කටයුතුවලදි කැපීපෙනුණු ශිෂ්‍යයෙක් වුණා ද?
ක්‍රීඩා නම් හැම ඉසව්වක් ම වගේ කළා. නේවාසිකාගාර ජීවිතය ප්‍රියජනකයි. බොහෝ නේවාසිකාගාර වල සිදුවන දෙයක් තමයි, කෑම වලට උද්ඝෝෂණ කිරීම. මෙහෙත් එහෙම උද්ඝෝෂණ තිබුණා. මම ශිෂ්‍ය නායකයෙක්. මුලින් කනිෂ්ඨ, පසුව ජ්‍යෙෂ්ඨ හා ප්‍රධාන ශිෂ්‍ය නායකත් වුණා. පරිපාලනය අපව කැඳවලා මේකට විසඳුම් යෝජනා කරන්න කිව්වා. අපි ආහාර කමිටුවක් හැදුවා. ඒ කමිටුව ආහාර වට්ටෝරු හැදුවා. ඒ ගැන වාද - විවාද කළා. ඉරිදට කහබත්, තේ වෙලාවට අතුරුපසක්, පාඩම් කරන වෙලාවට තේ එකක් ලබා දෙන්න තීරණය වුණා. අනෙක පිරිසුදුකමත් ඉහළින් ම බැලුවා. මේ වෙනස්කම් සිදුවු‍ණත් සමඟ උද්ඝෝෂණත් නතර වුණා.

• හොස්ටල් ඉන්න අතර පුංචි දඟකාරකම් කරන්නත් ඇති?
මෙහෙමයි, අගමැති ඩඩ්ලි ඒ කාලෙ ශිෂ්‍යයන්ට බස් පාස් එකක් දුන්නා. අපි කණ්ඩායමකුත් බස් පාස් ඉල්ලුවා. අපට එය ලැබුණේ නෑ. මොකද අපි හොස්ටල් නිසා. කොහොම හරි මේකත් අරගෙන පන්ති මඟ හැරල බස්වල කුරුණෑගල, හලාවත වගේ යාබද ප්‍රදේශවලට ගියා. අපි කළේ ඇවිදීම. මේක හැමදාම කරන්න බෑ. අවේලාවෙ යන නිසා අල්ලගන්නවා. අපේ මිතුරෙක් වතාවක් අල්ලා ගත්තා. ඊට පස්සෙ අපි බයිසිකල් අරන් ගියා. කඳු නැග්ගා, පන්සල්වලට ගියා. ඔය අතරවාරයේ අපේ නේවාසිකාගාර ජීවිතය වඩාත් පූර්ණත්වයට පත්කරන්න විවිධ අදහස් දස්කම් දරන අය අපත් සමඟ සිටීම බලපෑවා. අපේ ජීවිතාවබෝධ වැඩි වුණා කියන්න පුළුවන්. විහිළු තහළු කිරීමටත් ආසයි. නේවාසිකාගාරෙ තිබුණේ ‘බෝනෝ’ ස්ප්‍රිං මෙට්ට. යකඩ ඇඳන් තිබුණෙ ශාලාව එක දිගට. අපි 3 - 4 දෙනෙක් එකතු වෙලා එක තැනකින් පුංචි කරන්ට් එකක් දුන්නා. මේක කළේ මොහොතකටයි. ඔය වගේ අන්තරාදායක විහිළුත් කළා. නේවාසිකාගාරයෙ කලා කවයකුත් තිබුණා. කලා අංශයට දක්ෂ අය ගායන වාදන නර්තන නාට්‍ය කළා. කලා කටයුතුවලදි ගැහැනු - පිරිමි නේවාසිකාගාර දෙකේ ම ළමයි එකතු වෙනවා. මේ නිසා පුංචි පුංචි ආදර සම්බන්ධතාත් ළමයි අතර ඇතිවුණා.

• බාහිර වැඩ හුඟක් කරන අතරේ ඉගෙනීමේ කටයුතු වලට මොකද වුණේ?
ඉගෙනීම කරන අතර බාහිර වැඩ කළේ. බාහිර වැඩ වැඩිවීමත් එක්ක මුලදි පන්තියෙ 1, 2, 3 වුණු මම 5, 6 ට බැස්සා. එස්.එස්.සී. විභාගය සමත් වුණේ යන්තම්. එච්.එස්.සී කරන්න පුළුවන් වුණා. හැබැයි දැනුම තිබුණා. මොකද විජේසිංහ සර් පොත - පත කියවන්න අපව නැඹුරු කරල තිබුණ. පුස්තකාලයට අලුතෙන් පොත් ගෙනාවම අපට දෙනව කියවල ගෙනැත් දෙන්න කියලා. කියෙව්වද බලන්න ආපහු බාරදෙන කොට ප්‍රශ්න අහන සිරිතකුත් සර්ට තිබුණා. ඉතිං අපේ දැනුම හොඳයි. සිංහල ඉංගිරිසි දෙකම කියෙව්වා.

• විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පදනම වැටෙන්නේ කොහොමද?
සඟරාවල ලිපි කියවීම නිසා විශ්වවිද්‍යාලයට යන්න තරම් දැනුමක් අපි ලැබුවා. ආසාවකුත්, උනන්දුවකුත් ඇතිවුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබන්නත් විභාගයක් ලියන්න ඕන. අපට තවත් අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා. මමත් තවත් මිතුරන් දෙදෙනකුත් කල්පනා කළා. හැබැයි පාස‍ලේ නීති - රීති වලට පටහැණියි. අපට හැඳුනුම්පත් තිබුණෙත් නෑ. කොහොමහරි හැඳුනුම්පත් ප්‍රශ්නය විසඳාගන්න අපේ ආචාර්යවරයෙක් ම අපට මඟ පෙන්වුවා. තැපැල් හැඳුනුම්පත ලබාගත්තා. සඟරාවලින් කරුණු හැදෑරුවා. ප්‍රශ්න පත්‍ර කළා. අන්තිමේ අපට විභාගයට ප්‍රවේශපත්‍ර ලැබුණා. විභාග මධ්‍යස්ථානය කුරුණෑගල. සැතපුම් 20ක් විතර තිබුණා. නවාතැන් ප්‍රශ්නයත් විසඳාගෙන අපි විභාගයට ලිව්වා. ඊට පස්සෙ විනෝදයට හා ආසාවට කළ මේ වැඩේ අපටත් අමතක වුණා. අපි ආයෙමත් ඉගෙනීමේ කටයුතු කළා.
ඔහොම ඉන්න අතර දවසක් ලිපියක් ලැබුණා අපිට විශ්වවිද්‍යාලයට යන්න තුන්දෙනාගෙන් දෙදෙනෙක් ම සුදුසුකම් ලබලා කියලා. මේක රහසක් ලෙස තියාගත්තෙ නැත්නම් දඬුවම් ලැබෙන්න තිබුණා. ඒ නිසා ප්‍රසිද්ධියක් නොදී හෙමින් ම අපි විශ්වවිද්‍යාලයට ගියා.

• විශ්වවිද්‍යාල ජීවිතය කොහොමද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, මහචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය ආරිය රාජකරුණා ව‍ගේ අයත් හමුවුණා. මම කළේ සිංහල, ආර්ථික විද්‍යාව සහ ඉන්දියා - ලංකා ඉතිහාසය. විශේෂයෙන් ඉන්දියානු ඉතිහාසයට මම හුඟාක් ප්‍රිය කළා.
මේ අතරවාරයේ සඟරාවක් කිරීමට අදහසක් ඇති වුණා. තනිය ම බැරි නිසා තවත් දෙදෙනකුත් එක්ක ‘වීමංසා” සඟරාව පටන් ගත්තා. පාසල් කාලයේ හුරුව තිබුණා. ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුණෙ ‘සංස්කෘති’ සඟරාව. අපේ වීමංසා සඟරාවත් ඉල්ලුමක් ඇති මට්ටමට ගේන්න හැකිවුණා. සරච්චන්ද්‍ර, සිරිගුණසිංහ, රාජකරුණා වගේ මහාචාර්යවරුන්ගෙනුත් විශ්වවිද්‍යාලයට බාහිර බුද්ධිමතුන්ගෙනුත් ලිපි ලබාගත්තා. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගෙන් එහෙමත් ලිපි ලබාගැනීමට හැකිවුණා.

• විශ්වවිද්‍යාලයෙදි දේශපාලනය ගැන උනන්දුවක් තිබුණේ නැති ද?
මම ශිෂ්‍ය සංගමයකට බැඳුණෙ නැතත් මහජන එක්සත් පෙරමුණට සම්බන්ධව ක්‍රියාකාරීව වැඩ කළා. දේශපාලනය ගැන උනන්දුවක් තිබුණේ පාසල් වියේ පටන්මයි. 56’ දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා බලයට පත්වුණා. ම.එ.පෙ. රැස්වීම බලන්න නොවැරදී ම යනවා.

• බාහිර වැඩ නිසා අධ්‍යාපනයට බාධා වුණේ නැද්ද?
පන්ති සාමර්ථ­්‍යයක් සහිතව මම සමත් වුණා.
බාහිර වැඩ නිසා මට වැදගත් චරිත ගණනාවක් හඳුනාගන්න ලැබුණා. ඒක මගේ ජීවිතයේ හැරවුමක් වුණා කියල මට හිතෙනවා.

• ඔබ ප්‍රංසයට ළැදි බවක් පෙන්වනවා?
ඔව්! මට ප්‍රංසයට යන්න ආශාවක් තිබුණා. පස්සෙ ආචාර්ය උපාධිය කරන්න විදේශගත වීමට සිදුවුණා. ශිෂ්‍යත්ව 8ක් සඳහා කැඳවීම් කර තිබුණත් ප්‍රසිද්ධ කරද්දි එකක් අඩුවෙලා. මට අයදුම්කරන්න බැරිවුණා. පසුව මේ ගැන එවක අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහත්මයා මගෙන් ඇහුවා. සිදුවුණ දේ කීවා ම මට කියන්නනෙ තිබුණෙ. එහෙනම් මම මේක කරනවනෙ කිව්වත් මං කැමැති වුණේ නෑ. ඊළඟ අවුරුද්දෙ අයදුම් කරල පැරිසියට ගියා සෝබෝන් විශ්වවිද්‍යාලයට. පැරිසිය හරියට කලාගාරයක් වගේ නගරයක්. මං නතර වුණේ විශ්වවිද්‍යාල නගරයේ. රටවල් අනුව නේවාසිකාගාර තිබුණා. මට ලැබුණේ ඉන්ටර්නැෂනල් හොස්ටල් එක. ඒ නිසා විවිධ රටවලින් ආ අය මට හමුවුණා. මේ සරසවි නගරයේ සියලු පහසුකම් තිබුණා. මං නගරයේ, කලාගාරවල ඇවිද්දා. එහෙදි වල්පොල රාහුල හිමියන් හමුවීම විශාල ශක්තියක් වුණා. මහාචාර්යවරයා හමුවුණාද කියල උන්වහන්සේ මගෙන් විමසුවා. ඉන්පසුවයි මම එතුමා හමුවීමට ගියේ. උමං දුම්රියෙන් යද්දි ස්ටේෂන් එකක් මඟ හැරිලා නියමිත වේලාවට පැය 1/2 ක් ප්‍රමාද වුණා. මං යද්දි එතුමා කොරිඩෝරයේ ඒ මේ අත ඇවිදිමින් ඉන්නවා.
හමුවෙලා මා ගැන කීවාම ප්‍රංසයේ සිතියමක් පෙන්වලා කොයි පළාතෙ තියෙන විශ්වවිද්‍යාලයටද යන්න කැමැති ඇහුවා. මං ටිකක් මවිත වුණා. මොකද මං සෝබොන්වලට ගියේ. මට කිව්වා අවුරුද්දක් මේ විශ්වවිද්‍යාලෙ වැඩ කරලා ඉතිහාසය ප්‍රංස භාෂාව එහෙම ඉගෙනගෙන එන්න කියලා. ඒ සියලු කටයුතු විශ්වවිද්‍යාලයට කතා කරල පිළියෙල කළා. මම අවුරුද්දක් එහෙම ගත කරල ආපහු සෝබොන් ආවා. ඒ කාලයේ පැරිසියේ සිංහල අය 50ක් වත් සිටියේ නෑ. ශිෂ්‍යයො නම් 10 - 12ක් වගේ ඉන්න ඇති.
ඒ අතර අපට යාබද නේවාසිකාගාරයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකත් සිටියා. සිංහල සිසුන් අපි කවුරුත් දෙසතියකට වරක් එකතු වෙනවා. කෑම හදාගෙන කාලා අධ්‍යාපන කටයුතුත් සාකච්ඡා කළා.
මේ හොස්ටල් එකේ ඉන්නැද්දි උදෑසන ව්‍යායාමයට ඇවිදින්න එන අතර වල්පොල රාහුල හාමුදුරුවො මට හමුවෙනවා. වෙලාවට වැඩ කරන්න මට කියල දුන්නෙ හාමුදුරුවො. මම චිත්‍රපට නාට්‍ය බලන්නත් කාලය සොයා ගත්තා.

• 71 කැරැල්ල ගැන ඔබට මොන වගේ මතකයක්ද තියෙන්නේ
මම ප්‍රංසයේ ඉන්නකොටයි ලංකාවේ 1971 කැරැල්ල ඇතිවුණේ. මම ප්‍රංසයේ ‘ල මොන්ද’ පුවත්පතේ වාර්තාකරුවකු ‍හැටියට ඒ විස්තර වාර්තා කළා. මේ තරුණ පිරිස ඝාතනය නොකර පුනරුත්ථාපනය කළ යුතු බවට අපි එහෙ බුද්ධිමතුනුත් සම්බන්ධ කරගෙන හඬක් නැඟුවා. අගමැතිතුමියගෙනුත් ඉල්ලීම් කළා. චන්ද්‍රිකාත්, මමත් සන් පෝල් සාත්‍රෙ හමුවෙලා ඒ සඳහා සහාය ඉල්ලා සිටියා. ඒත් ලංකාවේ මේ ප්‍රශ්නය ගැන ඔහුට අව‍බෝධයක් නැති බව ඒ වෙලාව සාත්‍රෙ අපට කිව්වා. මේ ගැන හදාරන්න ඕනෑ බවත් දැන්වුවා.
මගේ අධ්‍යයන කාලසීමාව වන වසර 4 අවසන් වෙද්දි මට තව ටික කලක් ප්‍රංසයේ ඇවිදීමට නතර වෙන්න ආසා හිතුණා. මේ කැමැත්ත ගැන මගේ මහාචාර්යතුමාට කීවාම එතුමා මට තවත් මාස 6 ක් අනුමත කරන බව මෙහෙට දන්වා එව්වා. ඉතින් මං කළේ හොඳට ඇවිදපු එක. චිත්‍රපට බැලුවා, කලාගාරවලට ගියා. විශාල දැනුමක් ලැබුවා.
මාස 6 අවසන් වෙලා ආපහු ලංකාවට ආවම මෙහෙ මහාචාර්යවරයා මගේ සහතිකය බලලා “මාස 6 කට කලින් උපාධි ලබල තියෙන්නෙ ඉතිරි මාස 6 මොකද කළේ” නිදහසට කරුණු විමසුවා. උසස්වීම ලබාදුන්නෙත් නෑ. මං කිව්වා රජයට හෝ විශ්වවිද්‍යාලයට ඒ වෙනුවෙන් අලාභයක් සිදුනොවූ බව. පිළිගත්තේ නෑ. කාලයක් ගතවූ පසු මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි අවස්ථාවක එවක ලේකම්ව සිටි ආචාර්ය කමල් කරුණානායක මේ බව ලිපිවලින් දැන සිටීම නිසා මගෙන් විමසුවා. එතුමා මැදිහත්වෙලා මගේ උසස්වීම ලබා දුන්නා.

• නිර්මාණකරණයට යොමුවුණේ?
පාසල් කාලයේ පටන් ම නිර්මාණ කළා. විශ්වවිද්‍යාලයෙදි වැඩිපුර නැඹුරු වුණා. මගේ උසස් පෙළ සාහිත්‍ය ගුරුතුමා ප්‍රේමචන්ද්‍ර දිසානායක. එතුමාත් මට විශාල මඟ පෙන්වීමක් කළා. පළමු කෙටිකතා සංග්‍රහය “පඳුරු ගසා කිරිවැදිලා”. පළමු නවකතාව “ගරා වැටුණු බිත්ති”. පළමු කෙටි කතාව ලියල අපේ කුලපතිව වැඩ සිටි යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ට බලන්න දුන්නා ම පසු දිනෙක මට එන්න කියල පොත අතට දෙමින් කිව්වෙ මේකෙ වැරැදි අඩුපාඩු මම හැදුවා. අවුරුදු 40ක් විතර වෙද්දි හොඳට ලියයි කියලා. ඉතින් මම ඒ වයස වෙනකල් දීර්ඝ නිහැඬීයාවක සිටියා. ඊට පස්සෙ ලියූ ‘කරත්තය’ ට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.
• ඔබ වරෙක අත්අඩංගුවටත් පත්වුණා නේද?

ඔව්. 1989 - 90 යුගයෙදි. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ පත්‍රිකාවක මගේ නම පළවුණා. පොල්හේන්ගොඩ නි‍ෙවසට සරසවි සිසුන් ආවා ගියා. දවසක් සී.අයි.ඩී. යෙන් බව පවසමින් ගෙදරදි මාව අත්අඩංගුවට ගත්තා “වප්මඟුල” පොත ලිවීමත් හේතුවක්. මරා දමපු තරුණ තරුණියන්ගෙ ඡායාරූප රාශියක් මා ගාව තිබුණා. ඒවාත් මගේ කැමරාවත් සමඟ අරගෙනගියා. දීර්ඝව ප්‍රශ්න කරලා සී.අයි.ඩී. යෙ අධ්‍යක්ෂවරයා ඒ නිලධාරීන්ට කිව්වා මාව පරිස්සමින් නිවෙසට ම ඇරලවන්න කියලා.
ඉන්පසු අවස්ථාවක මං නගරයේ ඇවිදිමින් සිටියදී එක්වර ම ජීප් රියක් නතර කළා. එය පොලිස් ජීප් රියක් බව මා දැනගත්තා. එයින් බැහැලා ආවෙ මගෙන් ප්‍රශ්න කළ එක් නිලධාරියෙක්. ඔහු මට කිව්වා මේ කාලයේ මෙහෙම ඇවිදින්න සුදුසු නෑ. විවිධ සන්නද්ධ කණ්ඩායම් සිටිනවා. ඔබට අනතුරක් වෙන්න පුළුවන්. වහාම නිවෙසට යන්න මෙහෙ ඉන්නත් එපා කියලා. ඉතින් අපි කාලයකට රටින් පිටවුණා. මමත් බිරිඳත් පුතාත් භීෂණ සමය අවසන් වෙලා ඉන්දියාවේ සිට ආපසු ලංකාවට පැමිණියා.

• ඔබ විවිධ රාජ්‍ය ආයතනවල නිලතල දැරුවා?
ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපති, ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආදී තනතුරු ගණනාවක් දැරුවා.

• පවුලේ තොරතුරු කොහොමද?
මගේ බිරිය සෝමා බාලසූරිය. පුතා වසබ විදේශගතව ඉන්නෙ.


ස්තූතිය
සටහන – තුෂාර ප්‍රනාන්දු / ඡායාරූප - ධම්මික සෙනෙවි­රත්න 
http://www.silumina.lk/2018/06/23