Translate

Wednesday, December 19, 2018

රන්වන් පාටයිි සමනලයා....

සුන්දර සමනල ලෝකය

භූගෝලීය පිහිටීම අනුව ඝර්ම රටක් වන ශ්‍රි ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ ස්ථරයකට පත්ව සිටී. මේ ලෙස ජෛව විවිධත්වය අනුව ඉතා ඉහළ අඟයක් ගනු ලබනුයේ සමකයට ආසන්න රටක් නිසා සුර්යයා ලෝකය හා වර්ෂා පතනය අප රට නොවඩුව ලැබෙන නිිසා වෙනි. ශ්‍රි ලංකාවේ සමනල ප්‍රජාවට පාරාදීසයක් ලෙස මෙය අපට පෙන්වා දිය හැක. ඒ පමණක් ද නොව පරිසර අලංකාර කරණ සත්ව හා ශාක කොට්ඨාශ අතරින් සමනලුන් ට අද්විතීය ස්ථානයක් නිතැතින්ම හිමි වී ඇත. මිනිසාගේ ජීවිතයට සමීපම හිතවත් සතෙකු බවට පත් ව ඇත. මොකද සමනලයා සතු අලංකාරය පමණක් නිසා නොව , පුෂ්ප පරාගනයේ කොටස් කරුවකු වීමද නිසාය. 

සත්ව ලෝකයේ සන්ධි පාදක හෙවත් ආත්‍රපෝඩා වංශයට අයත් වන සමනලයා ඉන්සෙක්ටා හෙවත් කෘමීන් වර්ගයට අයත්ය. මෙලෙස සමනලයා කෘමීන් වර්ගයට අයත් වන්නේ සමනලයාගේ ශරීරය ප්‍රධාන කොටස් තුනකට බෙදීමයි. (හිස, උරස, උදරය) 

හිසෙහි සංයුක්ත ඇස් යුගලක් ද සරළ ඇස් ද , ස්පර්ශක 02 ක්ද, මුඛෝපාංග හෙවත් ශූණ්ඩාවක් පිහිටා ඇත.උරසෙහි චරපාද යුගල 03 ක් ඇති අතරම පියාපත් යුගල 02 ක් ඇත, ශරීරයේ අනෙක් කොටස නම් උදරයේ බහිස්‍රවී ඉන්ඳ්‍රියන් හා ප්‍රජනන පද්ධතිය පිහිටා ඇත.

01, ස්පර්ශක 02 (සූත්‍රිකා) , 02, ශුණ්ඩාව
03, සංයුක්ත ඇස් යුගල. , 04, උරස
05, උදරය, , 06, පූර්ව පියාපත්
07,අපර පියාපත් , 08, හිස

සමනල වර්ගී කරණය

රාජධානිය(kingdom ) - සත්ව (Animalia)
වංශය (Phylum) - ආත්‍රපෝඩා (Arthropoda)
වර්ගය ( Class ) - කෘමීන් (Insecta)
ගෝත්‍රය ( Order) - ශල්ක ධාරින් ( Lepidoptera)
සුපිරි කුළය ( Supper family) - සමනලයින් ( Papilionodea)

සමනලයාගේ ජීවන චක්‍රය 

Image may contain: plant, flower and outdoor

සමනලයාගේ ජීවන චක්‍රය සම්පුර්ණ රූපාන්තරයකින් යුක්තය . එනම්
බිත්තර - කීටයා - පිළවා - සුහුඹුල් සමනලයා.
අවස්ථා වන් යටතේ ඉතා සාර්ථක ලෙස ගත කරන ජීවීයෙකි. ඒ අනුව සෑම සමනල විශේෂයක්ම සුහුඹුල් ගැහැණු සතා තමාට සීමිත වූ ශාකයක යටි පැත්තේ් මදක් ඇලෙන සුළු ගතියෙන් යුත් බිත්තර දමන අතර, එම බිත්තර දින 05 ක් පමණ මෝරා දළඹුවකු බිහි වෙයි. මෙම දළඹු අවස්ථාවේ ඔවුන් ගේ ප්‍රධාන තම කාර්යය වන්නේ ශාකයේ ළපටි පත්‍ර ආහාරයට ගනිමින් ජීවත් වීමයි.
සාමාන්‍යයෙන් දින 14 කදි 05 වරක් පමණ හැව ඇරීමෙන් ලොකු වන දළඹුවා තමා විසින්ම ශ්‍රාවය කරන ප්‍රෝටීනයන් ගෙන් කෝෂය තනා ගෙන ඒඩතුළට වී පිළවා අවස්ථා ව ගත කරණු ලබයි. මෙම පිළවා අවස්ථාව තුළදි ශරීරයේ වෙනස් කම් රැසක් නො පෙන්නනුවද බාහීර වැඩිමක් නොපෙන්නුවද, අභ්‍යන්තර වශයෙන් විශාල වෙනස් කම් රැසක් සිදුවේ . මෙලෙසින් දින 14 ක් තුළ දී පමණක් කෝෂය පැළී සමනලයෙකු එළියට එයි. සති ගණනාවක් තුළ සිදු වන මෙම ක්‍රියා දාමයට අනුව බිහිවන සමනලයා නැති නම් වැඩුණු සමනලයාගේ ප්‍රධානතම කාර්යය වන්නේ ඉදිරි පැවැත්ම සදහා තම වර්ගය බෝ කිරීමයි.

ශ්‍රි ලංකාවේ කුළ 06 කට අනුව සමනල විශේෂ 248 වාර්තා වන අතර , මෙයින් සමනලයින් 31 ආවේණික වේ. රට තුළ පර්යටනය වන සමානල රටා සමයන් 67 ක් වාර්තා වීම ද මෙවැනි සමනල විශේෂ සංඛ්‍යාක් ලෝකයේ කිසිදු රටක වාර්තා නොවීමද විශේෂත්වයකි. 
අප රටේ ආවේනික සමනල් විශේෂ ගණන 23 කි. එනම් ලංකාවේ මුළු සමනල විශේෂ ප්‍රමානය වන 245 න් 9% ක් පමණ ප‍්‍රතිශතයක් වේ. ඉන් වැඩිම ආවේණික සමනල විශේෂ ප‍්‍රමාණයක් අඩංගු වන්නේ ලයිසැනිඬේ කුලයේය. 

ලංකාවෙ ඉන්න සමනල්ලු 

සමනල පවුල් විශේෂ 06

  1. Papilionodea - ලිහිණි පෙඳ (15 )
  2. Pieridea - සුදු හා කළු (28)
  3. Nymphalidae - බුරුසු පාද (68)
  4. Lycaenidae - නිල් සමනලයිනි ( 84)
  5. Riodinidae - ලෝහමය සලකුණු ඇති (01)
  6. Hespenniidae - පැණුම් සමනලයින් (49)

මෙම සමනල කුළ 06 තුළ මෙම විශේෂ සංඛාත්මකව අයත් වේ. (අද දවස අනුව මෙම ප්‍රමාණයන් වෙනස් විය හැක.) මෙම කුළ වලට අදාලව එම කුළ වලට ආවේණික සමනලයින් ඇතුලත් වන අතර , කුළ අනුව සලකා බැලීමේදි

පැපිලියොනිඩේ කුළය

1 Common Bird wing - සියොත් පියා Troides darsius

2, Ceylon Rose - හෙළ සෙව්වන්දියා Pachliopta jophon

නිම්ෆාලිඩේ කුළය


01, Ceylon Tree Nymph - රජ පති - Idea iasonia

02, Ceylon Tiger - හෙළ ගෝමරයා - Parrantica taprobana

03, Blue Oakleaf - පිට නිල් කොළයා Kallima philarchus

04, Ceylon Tree Brown - හෙළ රුක් ගුරුවා - Lethe daretis

05, Ceylon Forester - හෙළ වන සරා- Lethe dynsate

06, Cingalese Bushbrown - හෙළ පඳුරු ගුරුවා - Mycalesis rama

07, Jewel Four-ring- නෙත් මිණි සෙව්වා- Ypthima singhala

08, Ceylon Palm Fly- හෙළ රතඹලයා- Elymnias singhala

ලයිකනීඩේ කුළය

01, Ormistons oakblue- සිදුරු නිලයා- Arhopala ormistoni

02, Green's Silvarline - ශ්‍රීනිගේ රජ තාලියා - Spindasis greeni

03, Clouded Silverline - රජතාලියා - Spindasis nubilus

04, Ceylon Indigo Royal- හෙළ නීල පරමයා- Tajuria arids

05, Woodhouse Four Lineblue- වනස්නීලයා - Wacaduba ollyetti

06, Pale Ceylon Six Lineblue - හෙළ ඉරි නිලයා - Nacaduba sinhala

07, Ceylon Cerulean- හෙළ සෙරුලියා - Jamides coruscans

08, Milky Cerulean - සෙරුලියා - Jamides lateata

09, Ceylon Hedge Blue- ලක් ගොමු නිලයා - Udara lanka

පියරිඩේ කුළය

01, Lesser Albatross- කුදු දිගු.පත් සමනලයා- Appias galene

02, One Spot Grass Yellow - තනි පුල්ලී තෘණ පීතයා - Eurema ormistoni

හෙස්පෙරිඩේ කුළය

01, Black Flat- කාල කුණ්ඩිකා - Celaenorrhinus spilothyrus

02, Decrated Acc- සිති රාසියා - Thoressa decorata

මෙම ආවේණික සමනල විශේෂ වලින් වැඩිම සමනල සං්‍යාවක් අයත් වන්නේ ලයිකනීඩේ කුළයටය. තම වර්ගයාගේ පැවැත්ම සදහා දායාද කර ඇති ක්‍රියා කලාපයන් හේතුවෙන් සමනලයා අනෙක් සත්වයින්හා සාපේක්ෂව බලන කළ වඩාත් වැදගත් සත්වයන් වේ. තම පැවැත්ම හා රදා සිටිම අතින්ද මෙම සමනලයින් ⁣වේශාන්තරණය අනු කරණය බියබවැද්වීම හා රවටමින් ප්‍රධාන තැන් ගනු ලබන අතර, සමනලයින්ගේ ජීවන චක්‍රය ගෙවා ගැනීමට එක් එක් සමනලුන් ආදේශක ශාක තෝරා ගැනීමද සමනලුන්ට ආවේණික ලක්ෂණය කි.

මෙහෙදි තෝරා ගත් එක් එක් සමනලුන්ගේ අ⁣දේශක ශාක තෝරා ගනී. Common mime දිවුල් කුරුදු බොඹුවැනි ශාක වල ළපටි දළු අතර රන්වන් පැහැති ගෝලාකාර බිත්තර දමන අතර, එම බිත්තර පුපුරා එළියට එන කුඩා දළඹුවා දිළිසෙන කහ පාටකින් යුක්තය. එම දළඹුවා බැලු බැල්මට කුරුළු වසුරු පිඬක් මෙන් දිස්වෙයි. එම නිසා කිසිදු සතෙක් ආහාරයට නොගන්නා අතර එක් ආකාරයකට රැවටීමකි. ආරක්ෂක ක්‍රමයක් මෙම දළඹුවා නැති නම් කිටයා වැඩුණු පසු ඉතා තද වර්ණටයෙන් එනම් කළුපසහපකහ පසුබිම් රතු ලප වලින් හැඩ වෙමින් අන් සතුන් බියබවද්දන ස්වරූපයක් ගනී . ඉන් පසු වියලි ගසක කඳින් වෙන් වු කෝටුවක ඉතිරි කොටස ලෙස දිස් වෙන ආකාරයටම කෝෂය තනා ගනී. මෙය අනඟි වේශාන්තරණයකි. 

Common crow, Double banded crow සහ Brown king crow, යන සමනලයින් අනු කරණ දුඹුරු සමනලයින් ද Blue glassy tiger, Dark blue tiger , Glassy tiger , වැනි සමනල විශේෂ අනුකරණය කරණ නිල් සමනලයින්ද දින 14: ක් පමණ කාලයට පසු මෙම කෝෂයෙන් එළියට එන සමනලයා වෙනත් සමනල විශේෂවල පියඹීම හා වර්ණ රටා අනුගමනය කරයි. එම අනුගමනය කරන්නේ විෂ සහිත ශාකයන් අනුභව කරණ දළඹුවන්ගෙන් බිහිවනපසමනලයින්ගේ අනුකරණයයි. එබැවින් මෙම සමනලියින් ගොදුරු කර ගැනීමට අනෙක් අසතුන් එතරම් පෙළඹෙන්නෙ නැත. තවද වේශාන්තරණය අනුවර්තනය පෙන්නුම් කරණ සමනල.විශේෂ ගොඩාක් ඇති අතර එහි ප්‍රධ⁣ා තැනක් ගනුයේ වියළි පත්‍ර යක් ආකාරයට සතුරාගෙන් ආරක්ෂාව සලසා ගැනිමට වියළි පත්‍රයක ස්වරූපය ගන්න Blue Oak leaf සහ Autumn leaf සමනලයාත් සතුරන්ගෙන් ආරක්ෂා වීමට ලගම තිබෙන වියළි පත්‍ර මත හෝ එවනි අන් දෙයක් මත.වසා සිටිනු ලබයි. එවිට සමනලයා දිස් වන්නේ වියළි ගිය පත්‍ර ආකාරයටය.

මේ සෑම සමනලයින්ටම ජීවත්වීමට හා පැවැත්මට ආධාරක ශාකයක් හෙවත් පෝෂණ ශාකයක් අවශ්‍ය වේ . සමනලුන්ගේ ජීවන චක්‍රයේ ආහාර පෝෂණය ජීවත් වීම ආධාරක වෙන්නේ මෙම තෝරා ගත් ශාක වේ.
ඒ අනුව බැලීමේ දිි සමනලුන්ගේ ආදේශක පොෂණ ශාක ලෙස,
  • සස්සද - Common birdwing crimson rose, common rose ද
  • බුරුත, දෙහි, දොඩම්- Banded peacock
  • කටුකීන-Red helen
  • කරපුංචා - Common morman
  • කුරුදු - Mime
  • කපුරු ,රත්කෑලිය - Blue bottele
  • වෙල්ලන්ගිරිය- Chocolate albatrose,
  • Yellow orange tip
  • Great orange tip
  • Lemon migran
  • නෙලු Blue oakleaf
  • කනේරු Common crow
  • හොඬල The Clipper
  • කටු හිඟුරු Blue glassy tiger
  • අනෝදා Tailed jay
  • මහත බරැස Blue admiral
  • කිරිවැල් Double banded crow
  • හුලං මාර,දොඩම් වැන්න Common lascar
නමුත් අපේ ලංකාව තුළ ලෝකය සමඟ සසදද්දි සැළකිය යුතු සමනල විශේෂ ගණනක් වාර්තා වුවත් මිනිසාගේ නොපහත් කම් නිසා දැනට සමනල විශේෂ සිඝ්‍රයෙන් වදවෙමින් පවති, කෘෂි කර්මයට රසායනික පොහොර භාවිතය , සමහර පරිසර සංවේද පද්ධති විනාශ වීම, වනාන්තරය හෙළි පෙහෙළි කිරිම හා අ⁣ාදේශක හෙවත් පෝෂක ශාක නොමැති වීමත් මිනිස්සු සමනලයන්ට ආදරය කරත් දළඹුවන් විනාශකිරිම සමනලයින් වඳ වීමට මුලික හේතු වයි. 1999 අන්තර් ජාතික රතු දත්ත පොතෙහි ඇතුලත් තර්ජනය ලක් වී ඇති සමනලයින් ලෙස Ceylon bird wing, Ceylon rose, Red helen, Five bar sword tai Clipper, Blue oakleaf ,Tawny raja,Nawab, Cruiser,Small leopard,Ceylon tree brown, Ceylon forester, Cingallees bushbrown , Jewel four ring. Long banded silverline, Common silver line, හා මිට වඩා ප්‍රමාණයක විශේෂයන් වදවීමේ තර්ජනයට මුහුණ පා ඇත, අති සංවේදි සත්ව විශේෂයක් වන සමනලුන් ඔවුන්ගේ ජීවන චක්‍රයේදි වඩාත් තර්ජනය වන අවධිය දළඹු අවස්ථා වයි, මිනිසුන් දළඹුවා ප්‍රතික්ෂේප කරන නිසා විනශ කිරිමට තැත් කරණු ලබයි, තවද ආදේශක පෝෂක ශාක හිග විමත් මෙම සමනලුන් වදවීමේ තර්ජනයට මුහුණ පාණ සෘජු හා වක්‍ර ගැටළුවයි.

බි‍්‍රතාන්‍යයේ Butterfly Conservation ආයතනය විසින් වසර 5කට වරක් නිකුත් කරනු ලබන සමනලුන් පිළිබද වාර්තාව (Butterfly Report) අනුව ඔවුන් දක්වන්නේ 1976 සිට මේ දක්වා වන අවුරුදු 40ක කාලය තුළ සමනල්ගහනය ක‍්‍රමක‍්‍රමයෙන් අඩු වී යමින් පවතින බවයි. සමනලුන්ගේ සංසරණය 70%කින් අඩු වී ඇති බවත් 1976 දී සිටි සමනල්ගහනයට සාපේක්‍ෂව මේ වන විට 4/3ක් අඩු වී ඇති බවට වාර්තා වේ.
  • නව සමනල් වාසභූමි  ඇති කිරීම, යාවත්කාලීන කිරීම සහ ආරක්‍ෂා කිරීම හා ඒ සදහා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම.
  • වදවී යාමට මුහුණ දෙමින් පවතින සමනල් වර්ග ප‍්‍රතිවර්ධනය කිරීමට විද්‍යාත්මක කි‍්‍රයාමාර්ග ගැනීම.
  • සමනලුක් සංරක්‍ෂණය ප‍්‍රවර්ධනය සදහා මූල්‍ය දායකත්වය ඉහළ දැමීම.
  • නව පරිසර රක්‍ෂණ ක‍්‍රමවේද ඇති කිරිම සහ හයිබි‍්‍රඩ් පරිසර නිර්මාණය කිරීම.
  • මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටන් කි‍්‍රයාත්මක කිරීම.
  • පරිසර සංරක්‍ෂණය උදෙසා නව බදු ක‍්‍රම හදුන්වා දීම.
එම නිසා අප සමනලුන්ට හිතකර පරිසර යක් තැනිමට පෝෂක.ශාකයන් ආදේශක ශාක වඩාත් ව්‍යාප්ත කිරිම තුළින් එම පෝෂණ ශාක මත සමනලයින් වැඩෙන අතර,සමනලයින් සොබා දහමේ අපූර්වතම යුතු නිර්මාණයකි, එසේ නම් පරිසර හිතකාමී වන අප සියළු දෙනාම පරිසරයේ පවතින මෙබඳු ආශ්චර්ය මත් නිර්මාණ රැක ගැනීම අපගේ පරම වඟකීම හා යුතුකම කර ගනිමු.

ශී‍්‍ර ලංකාවේ සමනල් සංරක්‍ෂණය

සමනලුන් සුරැකීම සදහා ව්‍යාපාරයක් (Butterfly Conservation Society of Sri Lanka) ලංකාවේද කි‍්‍රයාත්මක වේ. සමනලුන් ශ‍්‍රී පාද නමස්කාරය සදහා පිටත්ව යන බව ඈත අතීතයේ පටන් මෙරට ජනකතා තුළ පැවත එන්නකි. නමුත් අද වන විට වනහරණය සහ සමනල් වාසස්ථාන විනාශ වීම යන ගැටලුව නිසාවෙන් ලංකාවේ සමනල්ගහනය ද විශාල වශයෙන් අඩුව ඇති බව BCSSL නිල වෙබ් අඩවියේ (www.bcssl.lk) දක්වා ඇත.
මෙම සංගමය විසින් කන්නෙලිය, නිල්ගල, පොකුණුතැන්න හා යාගිරල වැනි ප‍්‍රදේශවල ක්‍ෂේත‍්‍ර චාරිකා (field visits) සිදු කරන අතර ඒ සදහා උනන්දුව දක්වන ඔ්නෑම අයෙකුට සහභාගී වීමට හැකි අතර  එහිදී සමනලුන්ගේ ඡයාරූප ගැනීමටද අවස්තාවක් ලැබේ. එසේම සෑම මාසයකම අවසාන සෙනසුරාදා දිනයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා (Zoology) අධ්‍යයන අංශයේදී මේ විෂය සම්බන්ධයෙන් ආරාධිත විද්වත් දේශනයක් පැවැත්වෙන අතර ඒ සදහාද ඔ්නෑම අයෙකුට සහභාගී වියහැකි බව ඔවුන් වැඩි දුරටත් දක්වා සිටී.

ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා


“ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” කියන නම. විද්‍යාත්මක නාමය වෙන්නේ Troides darsius. සාමාන්‍ය ඉංග්‍රීසි ව්‍යවහාරයේදී හඳුන්වන්නේ Sri Lankan Birdwing නමින්. පළාතෙන් පළාතට සුළු සුළු වෙනස්කම්වලට ලක් උනත් සියොත් පියාසැරියා, සියොත්වැන්නා සහ සියොත්පියා විදිහට මේ සමනලයා හැඳින්වෙනවා.  “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” ලංකාවට ආවේණික විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ හම්බවෙන විශාලතම සමනලයාත් වෙනවා. 2010 දී කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් පසුව නිල වශයෙන් “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” ගැහැනු සත්තු බිත්තර දැමීමට තෝරාගන්නේ සප්සඳ (Aristolochia indica) කියන වැල් වර්ගයම පමණයි. ඒ වැල් උඩ දාපු තැඹිලි පාටට හුරු කුඩා බිත්තරයකින් පිටතට එන දම් පැහැයට හුරු දලඹුවන් සප්සඳ කොළ  ආහාරයට ගනිමින් වැඩෙනවා. කහපාට කෝෂයක දිගු කෝෂ කාලයක් ගත කරලා ඒකෙන් ලස්සනම ලස්සන සමනලයෙක් එළියට එනවා. මෙයාලා මල්පැණි හොයද්දි වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ ඉද්ද, රත්මල්, තිත්ත වෙරළු වගේ ගස්වල හැදෙන මල්වලට. ගෙවල් ආශ්‍රිත පරිසරවලදී වදමල්, පින්න, බෝගන්විලා වැනි ගස්වල මල් ඔවුන්ගේ තේරීම වෙනවා.


No comments:

Post a Comment