Translate

Wednesday, April 13, 2016

ඇවිල්ලා ! ඇවිල්ලා ! සිංහල අවුරුද්ද ඇවිල්ලා !!



ලැබුවා වූ නව වසර ඔබ සැමට සතුට, සෞභාග්‍ය, සහ නිරෝගිබව, සපිරි සුභ නව වසරක් වේවා..!!!
Best wishes for a prosperous Sinhala & Tamil New year..!!!
புத்தாண்டு உஙக‌ளுக்கு மகிழ்சியாக மலர வாழ்த்துக்கள்..!!!

සිංහල, දෙමළ අපි හැමෝ ම එකට එකතු වෙලා මේ පාර අළුත් අවුරුද්ද සතුටින් සමරමු. දිසා බාලදක්ෂ, බාලදක්ෂිකා සංගම් හා එක් ව සංවිධානය කරනු ලබන බක්මහ උළෙල පිළිබද ව හැමෝට ම දැනගන්නත් එක්ක 'බාලදක්ෂ සගරාවෙ' අපිට කියන්න. හැමෝමත් එක්ක අවුරුදු බෙදා ගන්න. මුද‍්‍රිත මාධ්‍ය අත්වැල අපෙන්. දැන් ම අපට ලියන්න. 


කර්තෘ scoutingmagazine@gmail.com | http://baladakshaya.blogspot.com/
 

Friday, April 8, 2016

අපූරු ජාතික ධජ

ජාතික කොඩිය ගැන ඔබ දන්නවා ද?

සෑම ජාතික කොඩියකම අපූරු දේවල් සැඟවිලා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික කොඩියයත් සුවිශේෂී තැනක් හිමිවී තිබෙනවා. තමන් ලෝකයේ විවිධ රටවල කොඩි ගැන ගොඩක් දේවල් දන්නවා කියා ඔබ හිතනවා වෙන්න පුළුවන්. ඒත් ඔබ නොදන්නා දේවල් කොතරම් තියෙනවාද කියා දැනගත්තොත් ඔබට පුදුම හිතේවි. උදාහරණයක් ලෙස භූතානයේ කොඩිය ගැන ඔබ දන්නවාද?

‘අයිල් ඔෆ් මෑන්’
Isle-of-man
දිවයිනේ කොඩියේ තියන අද්භූත සංකේතය කුමක්ද කියා ඔබ දන්නවාද? මේ සංකේතය අවුරුදු දහස් ගණනකට කලින් මයිසීනීය සහ ලයිසියාව කියන ප්‍රදේශවල භාවිතා වෙලා තිබෙනවා. ඒක තමන්ගේ කොඩියට යොදාගන්නට ‘අයිල් ඔෆ් මෑන්’ තීරණය කළේ ඇයි කියන්නට කවුරුවත් දන්නේ නැහැ.
මොන්ගෝලියාව
mongolia
මොන්ගෝලියානු කොඩියේ තියන නිල් පටියෙන් අහසත්, රතු පටියෙන් තමන්ගේ රටේ රළු පරිසරය මැද වුණත් මොන්ගෝලියාව සතුව තියෙන දරාගැනීමේ හැකියාවත් නිරූපණය වෙනවා.
සවුදි අරාබිය
saudi-arabia
සවුදි අරාබියේ කොඩියේ කඩුවෙන් සංකේතවත් වෙන්නේ රටේ ආරම්භක රාජවංශය වන House of Saud රාජවංශයයි. කොළ පැහැයෙන් රටේ ඉස්ලාම් බලපෑම නිරූපණය වෙනවා.
මොසැම්බික්
mozambique
මොසැම්බික් රටේ කොඩියේ තුවක්කුව, නගුල සහ පොත යන සංකේතවලින් නිරූපණය වෙන්නේ ආරක්ෂාව, ගොවිතැන සහ අධ්‍යපනය ගැන රට දක්වන කැපවීමයි.
ඇන්ගෝලා
angola
ඇන්ගෝලාවේ කොඩියේ ඇත්තේ දැති රෝදයක් සහ මන්නා පිහියක්. එයින් රටේ කාර්මික නැඹුරුව සහ යුද්ධ කෝලාහල නිරූපණය වෙනවා.
ඉක්වදෝරය
ecuador
රාජාලියගෙන් නිරූපණය වෙන්නේ ඉක්වදෝරයේ බලයයි.
වර්ජින් අයිලන්ඩ්ස්
Virgin-Islands
V සහ I අකුරු ‘වර්ජින් අයිලන්ඩ්ස්’ නමේ මුල් අකුරු දෙකයි. ඊතලවලින් ප්‍රධාන දූපත් තුන සංකේතවත් වෙනවා
බෙලිස්
belize
බෙලීසියේ කොඩියේ මහෝගනී කොළ 50 න් වගේම පොරෝ වලිනුත් රටට ගොඩක් වැදගත් වෙන ලී කර්මාන්තය සංකේතවත් වෙනවා.
බාබඩෝස්
barbados
බාබඩෝස් රටේ කොඩියේ ත්‍රිශූලයෙන් නිරූපණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග තුනයි. කාම්බෝජයේ විශාලම පන්සල වෙන අන්ග්කෝර් පන්සලේ රූපයක් ඒ රටේ කොඩියට ඇතුළත් වෙලා තිබෙනවා.
ස්වාසිලන්තය
swaizland
ස්වාසිලන්තයේ කොඩියේ තියන හෙල්ල සහ පළිහ සංකේතවත් කරන්නේ රටේ දැඩි බවයි. කොඩියේ තිබෙන පිහාටු පාවිච්චි කරන්නට පුළුවන් රජ්ජුරුවන්ට පමණයි.
කෙන්යා
kenya
කෙන්යාවේ කොඩියේ කළු පැහැයෙන් රටේ ජනතාවත්, රතු පැහැයෙන් නිදහස් වෙනුවෙන් හෙලූ රුධිරයත්, කොළ පැහැයෙන් රටේ පරිසරයත් නිරූපණය වෙනවා.
වේල්ස්
wales
වේල්ස් හි කොඩියේ මකරාගෙන් නිරූපණය වන්නේ 7 වැනි සියවසේ රට පාලනය කළ Cadwaladr කියන රජුයි.
සයිප්‍රස්
cyprus
සයිප්‍රස් රටේ කොඩියේ ඔලිව් අතුවලින් සාමයත් තැඹිලි පැහැයෙන් තඹ ලෝපසුත් නිරූපණය වෙනවා.
උගන්ඩා
uganda
උගන්ඩාවේ කොඩියේ ඉන්නේ එක් කකුලක් ඔසවා ගත් කොකෙක්. ඒ රූපයෙන් රටේ ඉදිරි ගමන සංකේතවත් වෙනවා.
භූතානය
bhutan
භූතානයේ කොඩියේ ඉන්නේ රටේ පුරාවෘත්තවල එන ඩ්‍රක් කියන මකරායි. ඊට අමතරව තැඹිලි පාටින් සහ රතු පාටින් රටේ හැදියාව සහ බෞද්ධ දර්ශනය පෙන්නුම් කෙරෙනවා.
ටර්ක්මෙනිස්තානය
turkmenistan
ටර්ක්මෙනිස්තානයේ කොඩියේ චන්ද්‍ර වංකයෙන් සංකේතවත් වන්නේ ඉස්ලාම් ධර්මයයි. තාරකා පහෙන් රටේ ප්‍රාන්ත 5 නිරූපණය වෙනවා.
ජිබ්රෝල්ටර්
gibraltar
ජිබ්රෝල්ටර් රටේ කොඩියේ ඇති යතුරෙන් සංකේතවත් වන්නේ මධ්‍යධරණී ප්‍රදේශයට ප්‍රවේශයක් යන්නයි.
නේපාලය
nepal
ලෝකයේ හතරැස් නැති එකම ජාතික කොඩිය ඇත්තේ නේපාලයටයි.
පැපුවා නිව් ගිනියා
papua new guinea
පැපුවා නිව් ගිනියාවේ තරුවලින් නිරූපණය වෙන්නේ ඒ රට දකුණු අර්ධ ගෝලයේ පිහිටා ඇති ස්ථානයයි. රටේ දකින්නට ලැබෙන කුරුළු වර්ග නිරූපණය කරන්නට කුරුල්ලෙකුගේ රූපයක් එහි යොදා තිබෙනවා.
ශ්‍රී ලංකා
sri-lanka
සියලුම සංස්කෘතීන්ගෙන් යුත් මිනිසුන් එක්ව වාසය කරන බවත් මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයෙන් යුත් සුචරිතවත් ශ්‍රේෂ්ඨ ජාතියක් බවත් නිරූපනය වී තිබෙනවා.
කිර්ගිස්ථානය
kyrgystan
කිර්ගිස්ථානයේ කොඩියේ රැස් වළලු 40 න් පෙනෙන්නේ මොන්ගෝලියාවට එරෙහිව රටේ ගෝත්‍ර 40 එක්සත් වූ බවයි
ග්‍රනෙඩා
grenada
ග්‍රනඩාවේ කොඩියේ තරුවෙන් රටේ අගනුවර වන ශාන්ත ජෝර්ජ් නගරය සංකේතවත් වෙනවා. කොඩියේ පසෙකින් තියෙන්නේ සාදික්කා ගෙඩියක්. ඒවා රටේ ආර්ථිකයට බොහොම වැදගත්.

විශේෂ ස්තූතිය
maarai.lk වෙත