Translate

Thursday, October 15, 2015

තරිඳු විජේසේකර නැමති බාලදක්ෂයා

ගප්පියා ඉතින් බාල කාලේ ඉදන් ම දක්ෂයෙක්!

ගුණ නුවණින් පිරි ශ්‍රේෂ්ඨයන් ලොවට දායාද කරලීමේ ඒ උතුම් මෙහෙවර පෙරදැරි කරගනිමින් ක්‍රියාකරන්නා වූ නාලන්දා විදුහල් මාතාව ලොවට දායාද කල විශිෂ්ටයන් අතර විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, යුද විරුවන්, දේශපාලඥයන් මෙන්ම කලාකරුවෝද වෙති. එවන් කලාකරුවන් අතරින් එක් සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳ ව ද නොකියාම බැරිය. වර්තමානය වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතය 'ගප්පියා' යනු කොළඹ නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරී ම සාමාජිකයෙකි. ඔහු නමින් ඩී.පී. තරිඳු විජේසේකරය.

තරිඳු යනුවෙන් කිසිවෙකුත් හදුනා නොගත්තත් "ගප්පියා" කියූ සැනින් ලංකාවේ පමණක් නොව දෙස් විදෙස්හි ද සුප්‍රසිද්ධයක් ලැබූ ඔහු සිය නිර්මාණාත්මක හැකියාවන් හා අදහස් උපයෝගී කරගනිමින් සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරවීම විනෝදාංශය කරගත්, වර්තමාන තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය චරිතයකි.

නාලන්දාවෙන් තම අධ්‍යාපනය හදාරන තරිඳු විජේසේකර, එවකට නාලන්දා බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. කුඩා කල පටන් ම බාලදක්ෂ සමූහයේ වාර්ෂික කඳවුරුදී කැපී පෙනෙන දස්කම් දැක් වූ ඔහු තුළ තිබූ හැකියාව හා කැපවීම අතිමහත් විය. මෙහි දක්වා ඇත්තේ 1997 වර්ෂයේ ඔහු සහභාගි වූ කොත්මලේ පැවති වාර්ෂික කඳවුරේදී ගනු ලැබූ සමූහ ඡායාරූපයයි.

පසුගිය දවස් වල බුකියේ මුල් පුවත උනේ ගප්පියා. ගප්පියා නම් වූ පුද්ගලයා සමාජයේ කෙටිකාලයක් තුල දී ජනාදරයට පත් වූයේ ඔහු සතු හාස්‍යමය උපහාසාතමක නිර්මාන හේතුවෙන්. ගප්පියා පිලිබදව කාලයකට පසු නැවත කතා බහට ලක් වූයේ ඔහු විසින් පසුගිය පොසොන් දින කල පල කිරීමක් හේතුවෙනි.
සැබැවින්ම ගප්පියා කලේ දුරදිග නොබලා තර්කයක් මතු කිරීම පමනකි. එහි එක්තරා අකාරයක තර්කානුකූලත්වයක් ද තිබේ. ඒහි සැබෑ උපහාසය අැත්තේ හැම දේම රූපයට ගන්නා සෙල්ෆි ගන්න නුතන පරම්පරාව වෙතය. ගප්පියා සමාජයට ආවේ විහිලු කාරයකු හටියට ය. ඔහුව සමාජය අදටත් දකින්න කැමති ඔහුගේ හාස්‍ය මත සිට මිසක් ඔහුගේ දර්ශනය තුල සිට නොවේ. ගප්පියාගේ දර්ශනයේ වංගු කොතෙකුත් ඇත. එක වරක් දෙවරක් පමනක් නොව ඔහු අතින් මීට පෙර අවස්තා කිහිපයකදී ද මෙවැනි පලකිරීම් සිදු ව තිබේ. නමුත් ඒ ඒ අවස්තාවලදී ඔහුට තෙරුම් කිරීමේ න්‍යාය අනුගමනය නොකර නිතර සමාජයේ බහුතරයක් ආගම් ලේබලයක් කරහත් මිනිසුන් කලේ බැන වැදීමයි. තර්ජනාත්මක අපහාස බැනීම් මැද ගප්පියා තවමත් සිය කටයුතු කරමින් තිබේ.



ඔහු you-tube හරහා  කාගෙත් කතා බහට ලක්වන වීඩියෝ කිහිපයක්ම එළිදැක් වූ බැවින් වැඩි දෙනා අතර කතාබහට ලක් වුනා. කතාවක තිබෙන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතු අතර සංස්කරණය කිරීමේ හැකියාව ද ඔහුගේ ඉහල මට්ටමක පවතී. විටෙක සිනහවත් විටෙක හිතන්නට යමකුත් ඔහුගේ නිර්මාණ තුළ අන්තර්ගත ය.


You Tube එකේ වැඩදාන කවුද මේ ගප්පියා

එක දවසකට You Tube එකට කීයක් නම් වීඩියෝ අප්ලෝඩ් වෙනව ද? ඒත් ගප්පියට චැලේන්ජ් කරන්න කාටවත් බෑ. මොකද ගප්පියා ජෝක් කරන්නේ මුළු ඇඟෙන්ම. බොක්කෙන්ම. මේ ඉන්නේ එහෙම සතයක්වත් අය කරන්නේ නැතිව ඉල ඇදෙනකල් අපිව හිනස්සපු ගප්පියා.

කවුද මේ ගප්පියා?
මොකක්ද මේ ගප්පියා කධභ ඊභඡඥ එකේ කරන පෙරළිය?
පෙරළිය කියන්නේ මෙහෙමයි. ඒක පෙරළියක්ම නෙවෙයි. මගේ ආශාව ඉෂ්ට කරගන්න ගත්ත පොඩි උත්සාහයක්.

උත්සාහය පොඩි වුණාට දැන් වැඩේ ජනප්‍රියයිනේ. මේ වගේ වැඩක් කරන්න හිතුණේ ඇයි?
ඔව්.. ජනප්‍රියයි නේද? නිකං මට හිතුණ දෙයක්. ඕක ඉතින් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. නිකං හිතුණා. කළා. වැඩේ අල්ලලා ගියා.

නළුවෙක් වෙන්න අවස්ථාවක් නැති නිසා නළුවෙක් වෙන්නද මේ උත්සාහ කරන්නේ...?
අපෝ නැහැ. මට නළුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. මගේ වචනයෙන් කිව්වොත් මේක ආතල් එකට කරන වැඩක්.

එතකොට ගප්පියා කියන නම?
ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුවෝ මට කතා කරපු නම. ඊට පස්සෙත් ඒ නම තමයි කට්ටිය පාවිච්චි කළේ. ඉතින් ඒ නමම මම මේකටත් දාගත්තා.

ගප්පියාගේ උප්පැන්න සහතිකේ තියෙන නම මොකක්ද?
තරිඳු විජේසිංහ. ඊට වඩා ගප්පියා කියන නම හොඳයි. මම කැමැතියි.

ගප්පියා කාවද ඛ්ධනර කරන්නේ?
මේක මම සාමාන්‍ය කතා කරන විදිය. මට කාවවත් ඛ්ධනර කරන්න ඕනේ නැහැ. කරන්නෙත් නැහැ. මම සාමාන්‍ය ඉන්න විදියටම තමයි වීඩියෝවල ඉන්නෙත්. ඉතින් සමහරු හිතනවා මම රඟපානවා කියලා. මම ඛ්ධනර කරනවා කියලා. මට ඉතින් ඒ අයගේ සිතුවිලි වෙනස් කරන්න බෑනේ ඕනෑ එකක් හිතපුවාවේ.
කොහොමද මේ වීඩියෝ කරන්නේ? කාගෙද තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය කාගේද?
99% මම තනියම කරන්නේ. පිටපත ලියන්නෙත් මම. අවශ්‍යම වුණොත් විතරක් තව එක්කෙනෙක් දෙන්නෙක් සහභාගි කරගන්නවා. ඒ හදිස්සියේවත් චරිතයක් ඕනෑ වුණොත් විතරයි.

රඟපාන්නයි, කැමරා කරන්නයි දෙකම එකට කරන්න බෑනේ..
අපෝ පුළුවන්.. කැමරාවයි, නෝට් පෑඩ් එකයි ඔන් කරලා මට ඕන තැන්වලින් තිබ්බා. රඟපෑවා. කවුද කියන්නේ බැහැ කියලා.

දැන් ඔය ඔක්කොම සෙල්ලම් දාන්නේ ලංකාවේ ඉඳන් නෙවෙයිනේ?
ඔව්නේ... මට ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න ඕන වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ගියා. ඒක කෙළ වුණානේ. ඉතින් මම අතරමඟ ඉගෙන ගැනිල්ල නැවැත්තුවා.

ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට වෙලා මොකද කළේ?
පිඟන් කොප්ප හේදුවා. ලංකාවෙ භාෂාවෙන් කිව්වොත් වළං හෝදනවා. ලංකාවට ආවේ ඒ බ්ධඡ එකෙන් අයින් වෙලා. ආයේ ගියාම කරන්නේ වළං හෝදන එකම තමයි.

දැන් හිටි හැටියේ ලංකාවට ආවේ....?
අවුරුදු 10කට පස්සේ ලංකාවට ආවේ. පසුගිය කාලේ මට එන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. කාලය ආවාම ඉතින් මම ආවා. මට හිතුණා එන්න ඕන හොඳම කාලය මේක කියලා.

කවද්ද ආපහු යන්නේ?
තව මාසෙකින් යනවා.
කොහොමද ලංකාවට ආවාට පස්සේ ලැබෙන ප්‍රතිචාර?
ඉහළයි... මට හිතාගන්නත් බැරිවුණා. සතුටුයි.

ඉතින් කාගෙන්ද ප්‍රතිචාර වැඩි?
කොල්ලන්ගෙන් තමයි. කෙල්ලෝ වැඩිපුර මගේ ඍඪඤඥධ බලන්නේ නැහැ මම හිතන්නේ. මොකද ප්‍රසිද්ධ මාධ්‍යවල කියන්න බැරි වචන මගේ ඍඪඤඥධ වල තියෙනවා. ඉතින් කෙල්ලෝ හිතනවා ඇති මූට පිස්සු, මූ මහ වලෙක් කියලා.

ගප්පියාට, රූපවාහිනි වැඩසටහන් කරන්න ආරාධනා ලැබුණේ නැද්ද?
ආවා. ඒ වුණාට මම කැමැති නැහැ. නිකං බැරි වැඩ කරන්න ගිහිල්ලා මම නෝණ්ඩි වෙන්න ඕනේ නැහැ.

එතකොට නළුවෙක් වෙන්න?
ආරාධනා නම් ලැබුණා ඕවා මට ඉඥබ වෙන එකක් නැහැ.
වීඩියෝ කරලා යූටියුබ් දාන්නේ ආසාව නිසාම වෙන්න බෑනේ. ආර්ථික වාසියකුත් ඇතිනේ?
කිසිම වාසියක් නැහැ. ඇඟේ අමාරුවට කරන්නේ.

ඇත්තටම මේ වගේ වීඩියෝ කරලා බලාපොරොත්තු වන්නේ මොනවාද?
මිනිස්සුන්ව හිනස්සන එක තමයි. ඒක හරි අමාරු වැඩක්නේ. ඒක තමයි එකම අරමුණ. වෙන දෙයක් නෑ.

ආදරවන්තියක් නැද්ද?
මොකෝ නැත්තේ. ඉන්නවා ඉන්නවා.

කවුද කියලත් කියමුද?
කිව්වට දන්නේ නැහැනේ... මගේ ඍඪඤඥධවල ඉන්න සුදු කෙල්ල තමයි මගේ් කෙල්ල.

ගෙදර විස්තර කොහොමද?
මම ඉන්නේ මහරගම. අම්මයි තාත්තායි, අයියයි, නංගියි පවුලේ ඉන්නේ.

සංවාදය - රෂිණි මෙන්ඩිස්
http://mawbima.lk

කෙල්ලන්ට ආලය කිරීම නිසා කොල්ලන්ට සිදුවන , වඩාත් සුදුසයි “සිදුකරගන්නා “, ගොන් වැඩ සහ ඒවායේ පලවිපාක ගැන ගැඹුරින්ම කතා කරන තාත්වික විඩීයෝ එකකි.ඊට අමතරව , විවිධාකාර විෂම මනුෂ්‍ය චරියා රටා , කැන්ටිමේ මාළු බනිසේ මාළු කැල්ල වාගේ ඉතාමත්ම සියුම් ව මෙහි කතා කෙරේ. මට ඉතාමත්ම රසට හදන්න පුළුවන් එකම traditional ශ්‍රී ලාකික dish එක වන මැගී noodles එකක් සෑදීමට යන කාලයට සහ , අලුත බැඳපු ජෝඩුවක්  climax එකට ලගාවීමට ගතකරන කාලයටත් සමාන විනාඩි 2 තත් 54 වැනි ඉතාම සුළු කාලයකින් , මෙවැනි අර්ථවත් සිනමා කෘතියක් කිරීම ගැන ප්‍රථමයෙනම් ගප්පියා පැසසිය යුතුය.

ජවනිකා අංක 1

ගප්පියා පන්සලේ හෙන සෑදෑහෑ සිහින් වැදගෙන සිටි.බැලූ බැල්මට අපට හිත්නෙන්නේ “යකෝ මුට මේ වැරදිලා කව්රු හරි යෝදයෙක් ජාතික රූපවාහිනියේ සිත නිවන කතා එකේ role එකක් වත් දුන්නද?” කියායි.නමුත් ගප්පියාගේ video කෘති වල නිතරම සිටින, අදිසි ගොළු,එහෙත් සියල්ලම හොඳින් අසාගෙන ඉන්නා ප්‍රේක්ෂක නියෝජිතයා ගේ ප්‍රශ්න කිරීමෙන්,ඔහුගේ පන්සල් ගමනේ සැඟ වුනු ව්‍යවස්ථාව, නැතිනම් තේරෙන සිංහලෙන් කිව්වොත් hidden agenda එක අපට හෙළිවේ.ගප්පියා තමා පන්සල් පැමිණියේ උපාසක කම් කිරීමට නොවන බවත් , තමා හොඳට අඩි පුඩි ගසන , වැල පත්තර බලන සාමාන්‍ය පොරක් බවත් අපට පවසයි.ඔහු පන්සල් ආවේ, තමා දිවි හිමියෙන් ආලය කරන , gappiya trademark coin and minted වදනකින් කිව්වොත් ඔහු “Lau” කරනා හංසිකා දැක ගැන්මට බවත් හේ පවසයි. ( හේ ද හෙතම ද , මේ වෙලාවට ව්‍යාකරණ මතක නැ බන්).

මෙය චිත්තරපටියේ Prologue එක ( that’s what it`s called right ? Movie buffs , need some help over here !!!) වන අතර , title එක තිරයේ දක්වා ඉනික්බිතිව කතාව දිග හැරේ...

ජවනිකා 2 

ගප්පියා පැදුරේ ඇලවෙලා මල් කල්පනාවක , ඔහු මෙසේ පවසයි..

“වෙලාව පාන්දර 3යි , ඒත් මට නින්ද යන්නේ නෑ , මොකෝ මගේ පුක මකුණෝ කනවනේ ...”  නැ නැ දුන්නේ පොඩි ආතල් එකකි.එහෙම කියයිද ඌ..

original dialog ( or monologue , since there is only gappiya who is talking to him self ? or is he talking to the audience directly and breaking the forth wall ??? or am I talking to myself within brackets , “Hello gaba , is there anybody in there” … මට තේරෙන්නේ නෑ ඕයි ! )

original dialog : “වෙලාව පාන්දර 3යි , එත් මට නින්ද යන්නේ නෑ , මොකෝ මම හනිසිකාට *lau* නේ.”

( gappiya if you are reading this , lau කියන වදන මරු ඕයි (y) )

ඒ වගේම ගප්පියාගේ පැදුරේ , ශරීරයේ වැදගත්ම අවයවය තබන තැන... නෑ නෑ , උඹල හිතන එක නෙමෙයි ! ( ඒකත් වැදගත් තමයි හැබැයි ) .. . එනම් හිස තබන තැන , හිස අද්දරම , ඔහුගේ සිත අද්දරම ඉන්න ඔහුගේ ආදර බර පෙම්බරිය "හංසිකා" ගේ නම ලියාතිබීමෙන් , කොල්ලා "ඇන්නා පැන්නා" strategy එකේ නොව , බොක්කෙන්ම love මෝල් එකේ සිටිනා බව අපට පසක් වේ.

ජවනිකා 3

ගප්පියා අසල කඩයක මුදලාලි කෙනෙක් ගෙන් උදව්වක් ඉල්ලයි , මුදලාලිගෙන් සහයක් නොලැබුනත්, වැඩේ අත නොඅරින ගප්පියා , පොඩ්ඩක් වත් නොකිපී , අසල්වැසියාට උදව් කිරීමට අපොහොසත් වීම ගැන අවංකවම කණගාටු වන මුදලාලි  "කමක් නෑ මුදලාලි" කියා සනසා , තමා ඉස්සරහ ගෙදර ඇන්ටිගේ ගෙදරින් එය දමන බව පවසයි. උඹලා හිතන හිතන ඒවා දාන්න නෙමෙයි ,  හංසිකා කන්නේ strawberry ice cream නේ , ඉතින් ගප්පියත් කන්නේ strawberry ice cream , මොකෝ ගප්පියා හංසිකාට *Lau* නේ.

ගප්පියා පැදුරක නිදාගැනීමෙනුත් , ඔහුගේ ඇඳුම් පැළදුම් වල ස්වාභාවයෙනුත් , ගෙදර fridge එකක් ගැනීමට වත්කමක් නැතිවීමෙනුත් , ඔහුට එතරම් සරුවක් නැති බව අපට පසක් වේ.යකෝ මුගේ අතේ සතේ නෑ , හැබැයි කන්නේ strawberry ice cream! Have you guys ever compared prices of Vanilla and Strawberry ice cream ? , i have , strawberry එක vanilla එකට වඩා රුපියල් 30ක් විතර ගණන් ! යකෝ වැනිලා එකක් අරන් ඉතුරු 30න් තව යෝගර්ට් එකකුත් ගනින්කෝ , නැත්තම් උඹ අඩි ගහනවා කිව්ව් එකේ ගනින් gold leaf එකක් ??  නෑ , උට ඕනේ strawberry ම කන්න , ඇයි අරකි කන්නේ strawberry නේ.

මෙලෙස ගප්පියා තම ප්‍රියාවියට තවත් එක් පියවරකින් ලංවීමේ pseudo ව්‍යායාමයක් ලෙස , තමාට afford කිරීමටත් අපහසු සුපෝකභෝගී භාණ්ඩයක් වන strawberry හිම කිරම බාල්දියක් ( ඇයි tub කියනවනුම් බාල්දි කියන්න බැරිද ) මිලට ගෙන , කිරම ලෙවකමින් ගොන් ආතල් එකක් ගනී.

මතු පිටින් පෙනෙන දෙය මෙය වුනත් , මෙය ඔබ අප සැමටම අදාළ දෙයකි.කොල්ලන් සමග තොසේ කඩේ ඉට්ලි කෑවත් , කෙල්ලන් අප අරන් යන්නේ subway , mcdonalds , kfc වැනි සුද්දන්ගේ දේශයේ තොසේ කඩ හා සමාන පොට් වලටයි. ලොකු සමාජය හා පැහිමට ආසාවෙන් හතර වටේ ණය වෙලා ලොකු car ගනිති. ( පස්සේ ගෙවාගන්න බැරුව පුක ඉරාගනිති ),  *අල්ලපු ගෙදර එකා cat scan machine එකක් ගත්තත් , ඌත් එක්ක ගේමට ඒකත් ගනිති.

*Note : From the movie "The Ten" , watch it if you haven't , highly recommended on a high.

මෙවන් ගැඹුරු මනුෂ්‍ය ගති ගප්පියා ගැඹුරින් ස්පර්ෂ කරයි.විශිෂ්ටයි උතුමනි ! *salute*

ජවනිකා 4

ගප්පියා නැවතත් පන්සලේ , අදත් හංසිකා බලන්න ආ හැඩයි , හංසිකා නැති හැඩයි , පොල්ල තියනා හැඩයි , මුවින් ඔහු නොහැඩුවත් , නෙතින් ගප්පිය හඬයි. සිනා සුසුමක් සලයි , අව්ලක්ම නෑ කියයි , දිනක් වූවත් බලන් , ඉන්න බව ඔහු කියයි.

අනේ පවු , ඒකි එන්නේ නැ බන් !

ජවනිකා 5 

ගප්පියා නැවතත් පැදුරේ , අන්තිමට කාටත් හූල්ලන්න තියෙන තැන ඒකනේ. ඔබ පැදුරක බුදියගත්තත් තෙල් බෙහෙත් සුවඳ එන අම්මගේ පරණ කොට්ටයක් හිස තියාගෙන, spring mattress එකක සැතපුනත් anti-bacterial ආතල් සැප කොට්ටයක් බදාගෙන , සිහිතියාගෙන ඇවිත් වැටුනත් සෝ සුසුම් හිරකරන් , හතරගාතෙන් ඇවිත් වැටුනත් 200ක් අමුවෙන් දමන් , ඔබේ සෝ සුසුම් ඔය කාටත් වඩා හොඳට ඔබේ කොට්ටය අසාගෙන ඇති  ( එච්චර දැනගෙනත් කටවහං ඉන්නවානේ **කපා දමන ලද කුණුහරපයක්** ).

Also note . හංසිකාගේ නමින් ලියවුනු නූතන සිගිරි ගීයේ , ඒ කිව්වේ ගප්පියගේ බිත්තියේ ලියවුනු "හංසිකා" යන නම ,එම නම කටුගා ඊට යටින් මයිකල් යන තවත් rice-raft කෙනෙක් ගේ , එනම් හාල් පාරුවෙක් ගේ , නමක් ලියා ඇත.මොකද්ද වෙලා තියෙන්නේ ගප්පියා ..?, දුමියා කිව්වා හංසිකා මයිකල් අයියා එක්ක ඉන්නවා දැක්ක කියල ? ඔව් ඔව් මම දන්නවා උඹට ඒක අව්ලක් නෑ කියලා , උඹ හංසිකාට lau නේ!

ජවනිකා 6 

ගප්පියා Enrique ගේ  Hero සින්දුවේ කොල්ලා මෙන් , නාග සලන් වෙන්න ගුටිකාලාය.
( හරි හරි මම metal scene එකේ ඉන්නවා වගේ තමයි ඉන්නේ , ඒ වුනාට මේවත් අහනවා බන් ඉඳහිට ! And for heaven`s sake people , its pronounced En-ree-kay not En-reek  )

පීටර් අයියගේ මදාවි set එක , ගප්පියට හොඳටම ගහල. ඔහොම තමයි බන් සාධාරණේ ලංකාවේ , ඇඟේ අමාරුවට joint එකක් ගහන්න ගිය සියදෝරිස් අයියා , පොලිසිය අතින් බඩු දාලා ඇතුලේ.ලංකාවට කුඩු ගේන අර ලොකු මහත්තයා ? දන්නවනේ ? , අන්න මම දැක්ක ඊයෙත් අසරණ ළමයින්ට පොත් ටිකක් බෙදල.අනේ වාසනාවන් !

කෙසේවෙතත් , දැන් කියා කියා හිටපු ඒකත් අමතක වෙනවා , ආහ ඔව්..ehem.. අසරණ ගප්පි පුතා , හංසිකා දුව සමග සර්ව රාත්‍රික මල් කැඩීම් වලට reload දමාගැනීම සඳහා ගමේ මරුසි පීටර් අයියගෙන් ණයට ගත් rs. 1000 ගෙවා ගැනීමට බැරි වීමයි මේ mafia සැලකිල්ලට හේතුව.

හතර වටේ ණය වෙලා ගත් ලොකු වාහන , හන්දිය මැද්දේ ගමේ මිනිස්සුත් බලන් ඉද්දී සීසර් ලා ඇවිත් උදුරාගෙන යති , ඇඟට නම් අතවත් තිබ්බේ නැ , හැබැයි මින්සුත් බලන් හිට්යා ශිහ් ! වස ලැජ්ජාවයි ! "මහත්තයා මොකෝ වුනේ , අරුන් මහත්තයාගේ වාහනේ ඉස්සුවා නේද? " , කොච්චර case දාගත්තත් , ඕනෑම හන්දියක ඕනෑම කරදරයකදී ඕනෙම කෙනෙකුගේ සහයට එන , අමරසිරි පිරීස් මහත්තයගේ ළඳුනේ සින්දුවේ කියනවා වගේ , පොත්ත විතරක් පිටට පෙනෙන , බොක්ක නොපෙනන , ගින්දර වගේ බොක්කට ඉන්න ත්‍රීවීල් මල්ලිලා මහත්තයාගේ සහයට එති,"මහත්තයා , මොකෝ scene එක ? අපි දෙන්නද follow පාරක් ? ගෙදට්ට ගිහින් දාන්නද? " , රුපියල් සත bitcoins වලින් බැහැරව ත්‍රීවීල් මල්ලිලා බොක්කෙන්ම අසති ,"නෑ ඕනේ නෑ අයිසේ , මේ ඔෆිස් එකේ යාලුවෝ වගයක් වාහනේ ඉල්ලන් ගියා , දන්නේ නැද්ද ඉතින් හෙහ් හෙහ් , ඕනේ නෑ මට cab එකක් ගන්න පුළුවන් , හරි හරි.. ". පෙනේද මෙච්චර කෙලවෙලත් මුගේ තියෙන උද්දච්ච කම ? ගප්පියා ගුටි කා , ලේ පෙරාගෙන , ගිලන් ඇඳේ වැටී සිටිද්දීත් , සියලුම දුක් ඉවසාගෙන "ඕක මොකද්ද . මම හංසිකාට *Lau* නේ" යයි කියයි, with a smile on his face :) !

ජවනිකා 7 

අන්තිම ජවනිකාව , මේකේ නම් වැඩි දෙයක් නැත , හංසිකා මයිකල් අයියා සමග ඊයේ රෑ පැනලා ගොසින්ය.( surprise surprise ! ) , සිත් තැවුලට පත් වත්මන් පරපුරේ go-to ක්‍රියාමාර්ගය වන Violence වෙත ගප්පියා නිතැතින්ම යොමු වෙයි.පිටිපස්සේ ඇති AC machine එකේ "පුක" කියා ලියා ඇත. ඔව් ඉතින් බලන් ගියාම පුකත් එක්තරා ආකාරයක Air Conditioner එකක් තමයි හික් හික්.

එතනින් කතාව ඉවරයි , as in credits roll in and the catchy song plays , gappiya always does a good job with songs by the way.

හැබැයි ඉවරයි කිව්වට ඉවර නෑ , තව තියෙනවා , මම හිතන්නේ මේ කෑල්ලට කියන්නේ epilogue , ද ? දන්න එකෙන් ඉන්නවාම් පොඩ්ඩක් දාපන්කෝ comments section එකේ මටත් යමක් කමක් ඉගෙන ගන්න.

ජවනිකා 8 , පාශ්වාත් සිත් තැවුල් period එකේ ගප්පියා. මේක තමයි මගේ favorite ම වගේ ජවනිකාව , සහ මේක විහිලු කතාවක් කියන කෝණෙන් බලපු වෙලාවේ මට වැඩියෙන්ම හිනා ගිය scene එක , හරි විනෝදයි!

මෙන්න යකෝ මෙච්චර වෙලා පන්සල් ගිය ගප්පියා , දැන් පල්ලි ගිහින් හැමෝටම "god bless you" කියනවා! මේ කවර mumbo jumbo එකක් ද ?

ආහ , බැලින්නම් මූ Jenifer කියල ආගමේ කෙල්ලෙක්ට line *Lau* ! Jenifer ආගමේනේ , ඉතින් මාත් ආගමේ !

කලින් හොඳ සිංහල ක්‍රමයට සිංහලෙන් love කරපු ගප්පියා , දැන් අලුතෙන් set වෙච්ච posh සමාජෙට පෑහෙන්නත් එක්ක කඩ්ඩෙන්ම "god bless" කියනවා , never scene that before heh heh.

ගප්පියා ඇත්තටම ආගම මාරු කලේ ඌට තමන්ගේ ආත්මය පාවා දීලා හරි කොහෙන් හරි කැල්ලක් දාගන්න ඕනේ වුනු හින්දද ? නැත්තම් තමන්ට එක එක කෙල්ලන්ගෙන් වුනු සිත් තැවුල නිසා , ඔහු සැබවින්ම සාධාරණයක් පතා ආගම මාරු කරාද ? ඔය සමහර ක්‍රීඩකයෝ , ජනප්‍රිය පුද්ගලයෝ එහෙම ආගම් ,මාරු කරා කියන්නේ ? එහෙම කලේ ඇත්තටම තමන්ගේ වාසියටද ? නැත්තම් ඇත්තටම යම්කිසි කුල ක්‍රමයක අවාසනාවන්ත victims ලා වෙලාද?  I guess we`ll never know !
 
විශේෂ ස්තූතිය
Gaba`s තකතීරු ලිපි
 

No comments:

Post a Comment