Translate

Monday, February 16, 2015

 

 'අයි එස් අලුගෝසුවා ටිං ටිං පස්සෙත් පන්නයි' - ටින් ටින්ගේ ඉරාක ගමන


සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. හෙවත් ඉස්ලාමීක් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. ටින්ටින් යනු මාධ්‍යවේදියෙකි. රට රටවල සංචාරය යෙදෙමින් වීර වික්‍රමවල යෙදෙන ටින්ටින් චරිතය නිර්මාණය කරනු ලැබුවේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී විසිනි. ඔහු ටින්ටින් කතා නිර්මාණය කළේ 'හර්ජ්' යන අනුවර්ථ නාමයෙනි. පළමු වරට ටින්ටින් වික්‍රමයක් එළිදැක්වූයේ 1930 දීය. හර්ජ් බාලදක්ෂයෙකි. මේ නිසාවෙන් ටින් ටින් ද බාලදක්ෂයෙක් විය. පළමු කතාවේ දී ම 'සොවියට් දේශයට ගිය ටින්ටින්' දෙවැනි වික්‍රමයේ දී 'කොංගෝ ගිය ටින්ටින්' බවට පත් වේ. මෙය නිර්මාණය වූයේ 1931 දීය. මෙම පොත් දෙක ම දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර ඒවා වැඩි වශයෙන් ප්‍රසිද්ධියටපත් වූයේ හෝ ඒ ඇසුරින් කාටූන් නිර්මාණය වූයේ නැත. ටින්ටින් චිත්‍රකතා පොත් පෙළට අනුව හඳට ගිය පළමු මාධ්‍යවේදියා ද ටින්ටින්ය. අයි.එස්. ත්‍රස්තවාදීන් මේ වනවිට විදෙස් මාධ්‍යවේදින් රැසකගේ බෙලි කපා මරා දමමින් එම දසුන් අන්තර් ජාලයට මුදා හැර ඇත. ඊට විරෝධය දැක්වීමක් ලෙස ටින්ටින් රසිකයන් පිරිසක් මෙම නිර්මාණය කරන්න ඇතැයි පැවැසෙයි. අන්තර් ජාලයේ පළ වී ඇත්තේ ජිහාදි ජෝන් අළුගෝසුවා ටින්ටින් මරා දැමීමට සූදානම් වන අයුරු දැක්වෙන සිතුවමකි. එය 'ඉරාකයට ගිය ටින්ටින්' යනුවෙන් නම් කර ඇත. 

 

 ටින් ටින්ට


ටින්ටින් ගේ වීරක්‍රියා (The Adventures of Tintin ) යනු Gerges Remi හෙවත් Herge යන ලේඛන නාමයෙන් හඳුන්වන බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. තවමත් ලොවපුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේවනවිට විවිඩ භාෂා 70 කට පමන පරිවර්තනය කර ඇත.

ටින්ටින් නම්වූ තරුණ පුවත්පත් වාර්තාකරුවකු සහ ඔහුගේ සුරතල් බලු පැටවා වූ ස්නෝවි වටා ගෙතුනු ත්‍රාසජනක කථා මෙයට පාදක වූ අතර පසුව Captain Haddock,  Professor Calculus, Thomson and Thompson  සහ  Bianca Castafiore. යන චරිත ඊට ඇතුලත් විය

ටින්ටින් කථා මාලාවේ පළමුවැන්න වූ  Tintin in the Land of the Soviets බෙල්ජියමේ ප්‍රසිද්ධ පුවත් පතක් වූ  Le Vingtième Siècle හි 1929 ජනවාරි සිට 1930 මැයි දක්වා ප්‍රංශ බසින් කොටස් වශයෙන් පලවිනි. එය ඉතාමත් ජනප්‍රිය වූ අතර එහි දෙවන සහ තෙවන කථා වූ Tintin in the Congo (1930–1931) සහ Tintin in America (1930–1931) එම පුවත්පතේම පලවිය.

1940 වන තෙක් තවත් කථාංග එම පුවත්පතේ පලවූ අතර ජර්මන් නාසි හමුදාව බෙල්ජියම යටත් කර ගැනීමත් සමග පුවත්පත් ආයතනය වසා
දමන ලදි. ඉන් ටික කලකට පසු Herge මහතා Le Soir නම් නව ආයතනයකට බැඳුන අතර එහිදී ටින්ටින් කථා මාලාව නැවත ආරම්භ විය. 1944 දී දෙවන ලෝක යුද්ධය නිමවීමත් සමගම එම ආයතනයද වසා දමන ලද අතර 1946 දී  Le Lombard  නම් ප්‍රකාශන ආයතනයක් සමග ප්‍රථම වරට ටින්ටින්ගේ වීරක්‍රියා මැගසිනයක් (Tintin Magazine) ලෙස පලවිනි.

මෙම මැගසිනයේ සාර්තකත්වයත් සමග 1950 දී Studios Hergé නමින් තමගේම ආයතනයක් ආරම්භ කරන ලද Herge මහතා  1983 දී මිය යන විට ටින්ටින් කථා මාලාවේ කථා පොත් 23ක් එලිදක්වා තිබුනි. 24 වන සහ අවසන් පොත වූ Tintin and Alph-Art, 1986 දී එලිදැක්විනි.

මෙතෙක් පලවී ඇති ටින්ටින් පොත් සහ ඒවා පලවූ වර්ෂ පහත දක්වා ඇත.

1. Tintin in the Land of the Soviets (1929 -1930)
2. Tintin in the Congo (1930 - 1931)
3. Tintin in America (1931 - 1932)
4. Cigars of the Pharaoh (1932 - 1934)
5. The Blue Lotus (1934 - 1935)
6. The Broken Ear (1935 - 1937)
7. The Black Island (1937 - 1938)
8. King Ottokar's Sceptre (1938 - 1939)
9. The Crab with the Golden Claws (1940 - 1941)
10. The Shooting Star (1941 - 1942)
11. The Secret of the Unicorn (1942 - 1943)
12. Red Rackham's Treasure (1943)
13. The Seven Crystal Balls (1943 - 1946)
14. Prisoners of the Sun (1946 - 1948)
15. Land of Black Gold (1948 - 1950)
16. Destination Moon (1950 - 1952)
17. Explorers on the Moon (1952 - 1953)
18. The Calculus Affair (1954 - 1956)
19. The Red Sea Sharks (1956 - 1958)
20. Tintin in Tibet (1958 - 1959)
21. The Castafiore Emerald (1961 - 1962)
22. Flight 714 (1966 - 1967)
23. Tintin and the Picaros (1975 - 1976)
24. Tintin and Alph-Art (1986)


Tintin (Stockel Metro Station, Brussels), William Murphy, Fotopedia.

මුලින්ම පල කළ ටින්ටින් කතා සාර්ථක වුන අතර සඟරාවේ අලෙවියත් කිහිප ගුණයකින් වැඩි වුනා. නමුත් මේ කතා, එනම් Tintin in the Land of Soviets (1929-30) සහ Tintin in the Congo (1930-31) කියන කතා දෙක, එතරම් පුළුල් පර්යේෂණයකින් තොරව නිර්මාණය කල ඒවා බව සඳහන්. ඒවා නිර්මාණය කල අවස්තාව වනවිට හර්ජිට අදාළ රටවල් දෙකම ගැන තිබුනේ ඉතා සීමා සහිත අදහසක්. බෙල්ජියානු යටත් විජිතයක් වූ බෙල්ජියානු කොන්ගෝව පිළිබඳ ඔහු දැනගත්තේ මිෂනාරිවරුන්ගෙන්. මෑත කාලයේත් කතාව අප්‍රිකානු විචාරකයන් විසින් විවේචනය කෙරුනේ එයින් ස්වදේශික අප්‍රිකානු ගෝත්‍රිකයන් හෑල්ලුවට ලක් කෙරෙන බව පවසමින්. පළමු ටින්ටින් කතා නවයම මුලින්ම පල කෙරුනේ කළු සුදු වර්ණයෙන්. ඒවා පසුව වර්ණ ගන්වනු ලැබුවා. නමුත් Tintin in the Land of Soviets කතාව හර්ජි විසින් වර්ණ ගන්වා ප්‍රකාශ කෙරුනේ නැහැ. ඇතැම්විට ඊට හේතු වන්නට ඇත්තේ එම කතාව පිළිබඳ ඔහුද එතරම් සෑහීමකට පත් නොවීම විය හැකියි.

කෙසේ වුනත් පසු කාලීනව පලවූ කතා හර්ජි විසින් නිර්මාණය කෙරුනේ සැලකියයුතු මට්ටමේ පර්යේෂණයකට පසුවයි. 1940 දක්වා පලවූ පළමු කතා නවය තුල දේශපාලන තේමා රැගත් කතා කිහිපයක්ම තිබුනා. දෙවන ලෝක යුධ සමයේ බෙල්ජියම යටත් කරගත් ජර්මානුන් ඔහු රැකියාව කල සඟරාව වසා දැමූ අතර සිය රැකියාව අහිමි වූ හර්ජිට අලුත් රැකියාවක් සොයා යන්නට සිදු වුනා. මෙහිදී ඔහුට Le soire (The Evening) කියන ප්‍රසිද්ධ පුවත්පතට බැඳීමට අවස්තාව ලැබුනා. එහිදී ඔහු දේශපාලන තේමා රහිත කතා නිර්මාණය කලේ ජර්මන් බලධාරීන්ගේ උදහසට ලක්වීමෙන් ගැලවීමටයි.

ලෝක යුද්ධය නිමා වීමෙන් පසු ටික කලක් හර්ජි දිගටම ඒ පුවත්පතේ සේවය කළා. නමුත් 1949 එයින් ඉවත් වී ඔහු 1950දී තමන්ගේම ආයතනයක් Studios Hergé නමින් පිහිටුවා ගත්තා. නිර්මාණකරුවාගේ ස්වාධීනත්වය වැඩි වීමත් සමඟ ටින්ටින් කතා තවත් ජනප්‍රිය වන්නට වුනා. හර්ජි තමන්ගේම ආයතනයක් පිහිටුවාගත් පසු මුලින්ම කලේ ටින්ටින් චන්ද්‍ර ගමනකට යොමු කිරීමයි. ඒ Destination Moon සහ Explorers on the Moon පොත් හරහායි.

හර්ජි තමන්ගේ ටින්ටින් කතාවලට බොහෝ විටම කාලීන මාතෘකා යොදා ගත්තා. එවැනි උදාහරණ ගණනාවක්ම අපට දකින්න පුළුවන්. ටින්ටින් 1930 ගණන්වල චීනයට යන්නේ ජපනුන් විසින් මැන්චූරියාව ආක්‍රමණය කලාට පසුව. The Blue Lotus කතාවට ඒ ආක්‍රමණයත් පසුබිම් වෙනවා. The Broken Ear කතාවට බොලිවියාව සහ පැරගුවේ රට අතර 1930 ගණන්වල ඇතිවූ Gran Chaco War කියන යුද්ධය පසුබිම් වෙනවා. එමෙන්ම ජනරාල් අල්කසාර් සහ ජනරාල් ටැපියෝකා වැනි චරිතවලින් සමකාලීන ලතින් ඇමරිකානු හමුදා පාලකයන් පිලිබඹු වන බවත් පෙනෙනවා. ඒ වගේම ටින්ටින් හඳට යන්නෙත් අභාවකාශ ගමන් පිළිබඳ අවධානය යොමු වන්නට පටන් ගන්නා කාලයේමයි. හර්ජි විසින් ටින්ටින් ටිබෙට් රටට යවන්නේ 1958-60 කාලයේ. මේ කාලයේ ටිබෙටය කෙරෙහිත් ජාත්‍යන්තර අවධානය යොමු වුනා. 1959 අවුරුද්දේ ටිබෙට් රටේ චීනයට විරුද්ධ කැරැල්ලක් ඇති වෙනවා. නමුත් මේ කැරැල්ල නම් කතාවට පසුබිම් වන්නේ නැහැ.

හර්ජි ඇතැම් කතා සඳහා කල්පිත රාජ්‍යයන් නිර්මාණය කළා. ලතින් ඇමරිකාවේ සැන් තියොඩොරෝස්, නුඑවෝ රිකා සහ සාඕ රීකා, බෝල්කන් ප්‍රදේශයේ සිල්ඩේවියාව සහ බොඩෝරියාව වගේම අරාබියේ ඛේමඩ් වැනි රටවල් මේ සඳහා උදාහරණ වෙනවා. මේ අතර ඇති චරිතත් ඇතැම් විට බොහොම වැදගත්. උදාහරණයක් වශයෙන් කතාවේ හමුවන බොඩෝරියාවේ පාලක ඛුර්වි ටාෂ් ඇත්තෙන්ම කතාවට කෙලින්ම සම්බන්ධ වන්නේ නැහැ. නමුත් ඔහුගේ පෝස්ටර, දැවැන්ත ප්‍රතිමා, චිත්‍ර ආදිය යන යන තැන දකින්නට ලැබෙනවා. ඒ වගේම ඒ රටේ රාජ්‍ය ලාංඡනය වන්නේ රතු පසුබිමක ඇති උඩු රැවුලක්. මේ පාලකයාගේ උඩු රැවුලයි. ඒ විතරක් නොව එරට නිලධාරීන් දිවුරන්නෙත් "ඛුර්වි ටාෂ්ගේ රවුල්ගස් පල්ලා" (By the whiskers of Khurvi Tasch) කියායි. ඇත්තෙන්ම මෙම චරිතය තුලින් හිට්ලර්, ස්ටාලින්, මුසෝලිනි යන සියල්ලන්ගේම ලක්ෂණ ටික ටික දකින්නට පුළුවන්. (දැවැන්ත ප්‍රතිමා නම් මතකයට නගන්නේ ස්ටාලින්ව).

හර්ජි විසින් සිය ජීවිත කාලය තුල ටින්ටින් කතා 23ක් සම්පූර්ණයෙන් නිර්මාණය කළා. එක කතාවක් ඔහු අතහැර දැම්මා. එමෙන්ම 1983 මාර්තු 3 වනදා ඔහු මියයනවිට Tintin and Alph-Art නම් තවත් කතාවක් අඩ වශයෙන් නිමවා තිබුණා. පසුව හර්ජි පදනමේ මැදිහත් වීමෙන් 1986 දී එය මුල් වරට ප්‍රකාශයට පත් කෙරුනා.

-------------------------------
 විශේෂ ස්තූතිය


අමරණීය චරිතයක් බවට පත් වූ සැබෑ තරුණයා

ටින්ටින්ගේ චරිතයට පාදක වූ වයස 16 දී ලොව වටා ගිය පෝල් 

ටින්ටින්ගේ චරිතයට පාදක වෙච්ච එක චරිතයක් තමයි, ඩෙන්මාර්කයේ හෙලර්රප්වල උපන් පෝල් හල්ඞ්. Palle Huld 1912 අගෝස්තු 2 වැනිදා උපන් ඔහුට අවුරුදු දහසයේ දී, ඔහුට වාසනාව පෑදුනා ලෝක සවාරියක් යන්න.



ඒක සිද්ධ වුනේ මෙහෙමයි. ඩෙන්මාර්කයේ ‘පොලිටිකින්’ කියල පුවත්පතක් 1928 පෙබරවාරියේ දී ප‍්‍රංශ ජාතික මහා ලේඛක ජූල්ස් වර්න්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් තරුණයන් අතර පමණක් තරගයක් පැවැත්තුවා. ඒ තරගයට ඉදිරිපත් වූ යෞවනයන් සිය ගණනක් අතරින් තේරුණේ පෝල් හල්ඞ්. ඒ තරගයේ හැටියට තෑග්ගට හිමි වුණේ ලෝක සවාරියක්. ජයග‍්‍රාහකයාට දින 46කින් ලෝකය වටේ යන්න අවශ්‍ය ගමන් වියදම් සියල්ල ලැබුණා. හැබැයි යන්න  ඕනෑ තනියමයි. ගුවනින් හැර වෙනත් ඕනෑම මාධ්‍යයක් මේ සඳහා තෝරා ගන්න ජයග‍්‍රාහකයාට අවසර ලැබුණා.


මේ දිනුම හිමි වන විට පෝල්ට අවුරුදු 16 පිරිලා තිබුණෙත් නැහැ. ඔහු ඒ වන විට මෝටර් රථ අළෙවි කරන සමාගමක ආධුනික ලිපිකරුවකු ලෙසයි වැඩ කළේ. මාර්තු 1 වැනිදා ඔහු සිය ලෝක සවාරිය පටන් ගත්තා. එංගලන්තය, ස්කොට්ලන්තය, කැනඩාව, ජපානය, සෝවියට් දේශය, පෝලන්තය හා ජර්මනිය හරහා ඔහු සිය ලෝකය වටේ යන ගමන සම්පූර්ණ කළා. තනිවම ගිය මේ ගමනට ඔහුට දවස් 44යි ගතවුණේ. ආපසු ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට ඔහු එන විට එහි දුම්රිය පොළට විශාල ජනකායක් රැස්ව සිටියා, මේ තරුණ වීරයා පිළිගන්න. ඔහු ජයඝෝෂා නඟා පිළිගන්න විසි දහසකට වැඩි පිරිසක් රැස්ව සිටි බවයි, වාර්තාවල සඳහන් වෙන්නෙ.


මේ පුංචි වීරයාගේ සංචාරය ගැන ඡායාරූප ‘පොලිටිකින්’ පුවත්පතේ පළ වුණා. ඒ ගමනේ දී ඔහු සෝවියට් දේශයේ රතු චතුරස‍්‍රය ඉදිරියේ සිට ගෙන ඉන්නා පින්තූරයක පෝල් හල්ඞ් සිටි ආකාරය අනුවයි, හර්ජි සිය ටින්ටින් වීරයාගේ ස්වරූපය මුල්ම ටින්ටින් චිත‍්‍රකතාවට යොදා ගත්තේ. පෝල්ගේ පින්තූරය ඒ තරමටම හර්ජිගේ සිත් ගත්තා. ඒ නිසා අමරණීය චිත‍්‍රකතා චරිතය සමගම පෝල් හල්ඞ්ගේ නමත් අමරණීය වුණා.


පෝල් හල්ඞ් ඒ ගමනේ අත්දැකීම් පුවත්පත්වලට ලීවා. පසුව ලේඛකයකු වශයෙන් පමණක් නොව නළුවකු වශයෙන් ද ඔහු ප‍්‍රසිද්ධ වුණා. 1933 සිට 2000 දක්වා ඔහු රඟපෑ චිත‍්‍රපට ගණන 40ක්. ඔහු මිය ගියේ 2010 නොවැම්බර් 26 වැනිදායි.


අවසාන වශයෙන් තවත් කිවයුතු දෙයක් තියෙනවා. ඒ ටින්ටින්ගේ චරිතය නිර්මාණය කිරීමේ දී හර්ජි (ජෝර්ජ් රෙමී) තමා පි‍්‍රය කළ තවත් කෙනෙකුගේ චරිත ලක්ෂණවලින් කොටසකුත් ඊට එක් කළ බව. ඔහුගේ නමත් පෝල්. ඒ ඔහුගේ සොහොයුරු පෝල් රෙමී. සමාජයේ තවත් නොයෙක් අයගේ ආභාසය ඒ අසමසම චරිතයට ලැබුණත් ප‍්‍රධාන වශයෙන් ආභාසය ලැබුණේ ඒ පෝල්ලා දෙදෙනාගෙනුයි.

නීල් ආම්ස්ට්‍රෝංට කලින් හඳට ගිය පුවත් වාර්තාකරු ටින්ටින්

අපි කාගේත් ආදරයට ලක්වූ අපූරු චිත‍්‍රකතා වීරයෙක් පසුගියදා 82 වැනි උපන්දිනයට පා තැබුවේය. ඒ වෙන කවුරුවත් නොව නීල් ආම්ස්ට්‍රෝංට කලින් හඳට ගිය, අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින ලෝකය වටේ යමින් වීර වික‍්‍රමයන්ට මුහුණ දෙන ලෝක පතල පුවත් වාර්තාකරු ටින්ටින්ය.



82 වැනි වියට පා තැබුවත් ටින්ටින් තවමත් තරුණ විය නොඉක්ම වූ අමරණීය චරිතයකි. ටිංටිංගේ කිට්ටුම මිතුරා වූ සුදෝ සුදු පුංචි ටෙරියර් බලූ පැටවා ස්නෝවි මෙන් ම කපිතාන් හැඩොක්, කැල්කියුලස්, තොම්ප්සන් නිවුන් සොයුරන් නොහඳුනන කෙනකු ලොව නොමැති තරම්ය. ටින්ටින් බිහි කළේ බෙල්ජියානු ජාතික ජෝර්ජ් රෙමී විසිනි. ජෝර්ජ් රෙමී ටින්ටින් ඇතුළු ඒ අපූර්ව චරිත නිර්මාණය කළේ ‘හර්ජි’ යන අන්වර්ත නාමයෙනි. 1983 වසරේ හර්ජි මියගිය පසු ටින්ටින්ගේ වික‍්‍රම වෙන කිසිම නිර්මාණකරුවකුට ලබා නොදීමට හර්ජිගේ බිරිය ෆැනී රොඞ්වෙල් කි‍්‍රයා කළේය.


ටින්ටින් හා ඔහුගේ යාළුවන් කාටූන් චිත‍්‍රපට ති‍්‍රත්වයක් තුළින් රිදී තිරයට ගෙන ඒමට ඞී‍්‍රම්වර්ක්ස් ආයතනය, ස්ටීවන් ස්පීල්බර්ග් හා ලෝඞ් ඔෆ් ද රිංස් අධ්‍යක්ෂක පීටර් ජැක්සන් හර්ජිගේ බිරිය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ. මේ අනුව පළමු ටින්ටින් චිත‍්‍රපටය පසුගියදා ලොවපුරා ප්‍රදර්ශනය කෙරුනා. යුරෝපයේ අතිශයින් ජනප‍්‍රිය ටින්ටින් ඇමෙරිකාවේ එතරම් ජනප‍්‍රියත්වයට පත් නොවූ ටින්ටින් මෙම නව චිත‍්‍රපට ති‍්‍රත්වය හරහා ජනපි‍්‍රය වනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.


1928 වසරේදී අවුරුදු 16 ක් වයසැති ඩෙන්මාක ජාතික පෝල් හල්ඞ් සුප‍්‍රකට විද්‍යා ප‍්‍රබන්ධ කතාකරු යූල්ස් වර්න්ගේ උපන්දිනය වෙනුවෙන් ලොව පුරා දීර්ඝ සංචාරයක යෙදුණේය. ඔහු මොස්කව් නුවර රතු චතුරස‍්‍රය ඉදිරිපිටදී ගත් ඡායාරූපය අනුව පළමු හර්ජි ටින්ටින් වික‍්‍රමයේ ටින්ටින්ව සිතුවම් කර තිබේ. ලෝක සංචාරය නිමා කර යළි කෝපන්හේගන් දුම්රිය ස්ථානයට පැමිණි විට පෝල් හල්ඞ් පිළිගන්න අති විශාල ජනකායක් රැස්ව සිටියහ. පළමු වික‍්‍රමය නිමා කර පැමිණෙන ටින්ටින්ව ජනතාව පිළිගන්නේත් ඒ අනුවයි.


ටින්ටින්ගේ ප‍්‍රථම වික‍්‍රමය පළ වූයේ 1929 ජනවාරි 10 වැනිදාය. ඒ ‘රොමාන් කැතලික් බ‍්‍රසල්ස්’ නම් සතිපතා සඟරාව හා නිකුත් කළ ‘ලෙ වින්ග්ටිම් සිකේල්’ නම් අතිරේකයේය. ටින්ටින්ගේ පළමු වික‍්‍රමය වූයේ සෝවියට් දේශයට ගිය වීර චාරිකාවකි. එදා සිට හර්ජි මියයන තෙක් ටින්ටින් වික‍්‍රම 24 ක් නිර්මාණය කර තිබේ. මෙම චිත‍්‍ර කතා පොත් භාෂා 50 කට පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන 200 ක් අලෙවි වී ඇත. සදා අමරණීය ටින්ටින් වික‍්‍රම එදා මෙන්ම අදත් මතු පරපුර අතරේත් ජනප‍්‍රිය වනු ඇත.

-------------------------------
විශේෂ ස්තූතිය මල් කැකුළු කාර්ය මණ්ඩලයට!

ස්පීල්බර්ග්ගේ ටිං ටිං 

ද ඇඞ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්

බෙල්ජියානු ජාතික හර්ජීගේ ටින්ටින් චිත‍්‍රකතා පොත් පමණක් නොව, ඒ ඇසුරින් පසුකාලීනව නිර්මාණය වූ ටින්ටින් කාටූන් පවා ලෝ පුරා අතිශයින් ජනපි‍්‍රයය. ටින්ටින්ගේ වික‍්‍රම වයස් භේදයකින් තොරව රස විඳීමට හැකිය. ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනක් පාදක කර ගනිමින් හොලිවුඞ් අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ පීටර් ජැක්සන් එක්වී නිර්මාණය කළ ‘ද ඇඞ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’ නමැති අපූරු පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ඊයේ (15) සිට කොල්ලූපිටිය ලිබර්ටි සිනමාහලේදී තිරගතවීම් ආරම්භ කෙරුණි. මෙය ඊ.ඒ.පී. මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
හර්ජීගේ තෙලිතුඩින් නිර්මාණය වූ ටින්ටින්, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත රිදී තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි. එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් ‘පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප’ යනුවෙනි. එහෙයින් ටින්ටින් චිත‍්‍රපටය, සාමාන්‍ය සජීවීකරණ චිත‍්‍රපටයක් මෙන් නොව සැබෑ නළුවන් රඟපාන චිත‍්‍රපටයක් ලෙස එය නරඹන්නන්ට සිතෙනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.
පීටර් ජැක්සන් මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් ටින්ටින්ට පණ දීමට අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙනි. ‘සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’, ‘රෙඞ් රැකම්ස් ටෙ‍්‍රෂර්’ සහ ‘ක‍්‍රෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස්’ නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.
ප්‍රංශ භාෂාවෙන් ප්ර‍කාශිත ටින් ටින් කොමික් පොත් මිලදී ගත් දා පටන් ස්පිල්බර් වෙත ටින් ටින් උන්මාදයක් පැවතුනි. ඔහු පළමුව රූප කියවීමට පටන් ගති. නොදත් ප්රංිශ භාෂාව අමතක කර ඔහු ටින් ටින් ගැන තවත් ගැඹුරින් සිතන්නට පටන් ගනී.
1983 දී ස්පිල්බර්ග් “ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් එෆ් ඩුම්” සිනමා පටය රූපගත කරමින් ලන්ඩනයේ සිටින අතරතුර ටින් ටින් නිර්මාතෘ හර්ජ් හට දුරකථන ඇමතුමක් ලබා දුනි. ස්පිල්බර්ග් කථා කළේ ටින් ටින් සිනමාපටයක් සෑදීම ගැන ය. දෙවරක් නොසිතමින් හර්ජ්, ස්පිල්බර්ග් හට තම අවසරය ලිඛිතව ම ලබා දුනි. ටින් ටින් සිනමාපටය ගැන තවත් බොහෝ කතාන්දර ඉතිරිව තිබියදී ම හර්ජ් මිය ගියේ ය. එවක් පටන් ස්පිල්බර්ග් ටින් ටින් තරුණයාවත් ස්නෝවිවත් කැටුව ලොව වටා ම ගමන් කළේ ය. ඔහුට කිසිම විටෙක තම ගමන් මල්ලෙන් ස්නෝවි සුනඛයාටවත් ටින් ටින් තරුණයාවත් අතහැර දැමිය නොහැකි විය.
වසර විස්සකට පසුව ස්පිල්බර්ග් ටින් ටින් තරුණයාවත් ස්නෝවි සුනඛයාවත් එළියට ගෙන ස්වල්ප කතාබහක යෙදෙන්නට තීරණය කර ගනි. ඊට ආසන්නත ම හේතුව ටින් ටින් සිනමාපටය කෙසේ නිපදවිය යුතු ද යන්න ඔහුට මතක් වීම ය. එවකට තිරගත වූ ත්‍රිමාණ සජීවීකරණයක් වූ “ද පෝලර් එක්ස්ප්‍රස්, බීවුල්ෆ් සහ ඇවටර් සිනමාපට ත්රි ත්වය ඔහු ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වූයේ ත්‍රිමාණ සජීවීකරණයේ මායාමය ගුණයයි.

වෙටා ඩිජිටල් ත්‍රිමාණ සජීවීකරණ ස්ටුඩියෝව තම අතීත ආඩම්බරයත් රැගෙන ආවේ පළමුව ස්නෝවිට සජීවීකරණය කර පෙන්වීමට ය. වෙටා ඩිජිටල් යනු මෙතෙක් නිර්මිත අති සාර්ථක ත්‍රිමාණ සජීවීකරණ සියල්ලට ම පාහේ වගකිව යුතු පාර්ශ්වයකි. ලෝඩ් ඔෆ් ද රිංග්ස් හි “ගොලම්” ගේ චරිතය නිර්මාණය කරමින් තම දක්ෂතා ඔප්පු කළ වෙටා ඩිජිටල් එක්ස් මෑන් ෆස්ට් ක්ලාස්, එක්ස් මෑන් – ලාස්ට් ස්ටෑන්ඩ්, වෑන් හෙල්සින්ග්, කින්ග් කොන්ග්, ඇවටර්, රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් සහ ජම්පර් යන සිනමා පටයන්හි ත්‍රිමාණ සජීවීකරණ මගින් එය තවදුරටත් තහවුරු කෙළේ ය.
අවසන් තීරණය “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්” ත්‍රිමාණ සජීවීකරණ මාදිලියෙන් නිර්මාණය කිරීමයි. නිෂ්පාදනයෙන් පීටර් ජැක්සන්, කැත්ලීන් කෙනඩි සහ ස්පිල්බර්ග් දායක වූ අතරඅධ්‍යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ගේ ය. මේ ඔහු ගේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණය වීම වඩාත් ඓතිහාසික ය. ස්ටීවන් මොගට්, එඩ්ගාර් රයිට් සහ ජෝ කෝනිෂ් තිර නාටකයෙන් දායක වූ සිනමාපටයට පාදක වූයේ ප්‍රකට කොමික් කතා රචකයකු වූ හර්ජ්ගේ ටින් ටින් කතා මාලාවේ “සීක්රට් ඔෆ් ද යුනිකෝන්” කෘතියයි. එහෙත් යම් යම් දර්ශන සඳහා සෙසු ටින් ටින් කතාමාලාවලින් චරිත කිහිපයක් සහ අවස්ථා කිහිපයක් ද අතමාරුවට ලබා ගැනීමට ස්පිල්බර්ග් ඇතුළු සිනමා කණ්ඩායම අමතක කර නැත.

ජෝජස් ප්‍රොස්පර් රෙමි හෙවත් හර්ජ් ගේ ටින් ටින් කතා මාලාව හුදෙක් ද්විමාන කාටුන් බවට පෙරළීමත්, පැතැලි කඩදාසියක අඳින ලද වර්ණවත් චිත්‍ර චරිත බවට පත්වීමටත් එහාට ගිය සිනමා පටයක කතාන්දරය තරමක් බැරෑරුම් එකක් විය. විශේෂයෙන් ම හර්ජ් ගේ කොමික් කෘතිවල අතිශය පැහැදිලි, තොරතුරු සහිත පසුබිමක් සහිත චිත්‍රවල අඩංගු ආවේණික ස්වභාවය නොසලකා හැරීමට චිත්‍රපට කණ්ඩායමට හැකියාවක් නොතිබුණි. නමුත් සැබවින් ම ලොකුම අභියෝගය වූයේ ටින් ටින් ගේ චරිතය ගොඩනැගීමයි.

ජිමී බෙල් පෙනී සිටියේ ඒ භාරදූර කාර්යය ඉටු කිරීමටය. කින්ග් කොන්ග්, ජම්පර් සිනමා පටයන්හි රඟපෑමෙන් ඔහු උපයා ගත් කීර්තිය ඊට මූලිකව ම හේතු විය. මුළුමනින් ම ස්ටුඩියෝ තුළ රූගත කළ සිනමා පටය ත්‍රිමාණ සජීවීකරණ බවට පත් කළේ නවත ම තාක්ෂණය භාවිත කරමිනි. විශේෂ ප්‍රයෝග උපකරණ මේ සඳහා උපකාරී විය. නළුවන් ගේ මුහුණ මත තබන ලද අධි සංවේදී ආලෝක පැල්ලම් සහ සජීවී කැමරා මගින් නළුවන් ගේ හැඟීම් හා හැඩතල උකහා ගනු ලැබී ය. අති විශේෂ ඇඳුම් කට්ටලවලින් සැරසුණු නළුවෝ ස්ටූඩියෝව තුළ මවාගත් දර්ශන තලයක රඟපාති. ඔවුන් ඉදිරියේ ඇති සුවිශාල තිරය පෙන්වන ත්‍රිමාණ සජීවීකරණය මගින් නිර්මිත නළුවා ගේ රංගනය සජීවීව ඔහුට ම දැක ගත හැකි ය. පෙර පැවති ත්‍රීඩී මැක්ස්, මායා ආදී මෘදුකාංගවලින් කරනු ලැබූ අති සංකීර්ණ චරිත ගොඩනැංවීමට වඩා මේ සජීවීකරණ උපාය මාර්ග වඩාත් සාර්ථක ය. වඩාත් තථ්‍යය.

කැප්ටන් හැඩොක් ගේ මුතුන් මිත්තන්ට අයිති යැයි සැලකුණු වටිනා නිධානයක් ගැන කියැවෙන කතාන්දරය රුවල් නැවක ආකෘතියක සඟවා තිබූ පාච්මන් කඩදාසියක් මූලික කරගෙන දිග හැරෙයි. කුතුහලය,ත්‍රාසය සමඟ මනාව කලවම් කළ හාස්යක සමඟ සිනමා පටය ගලා යයි. විශේෂයෙන් ම ටින් ටින්, ස්නෝවි, කැප්ටන් හැඩොක් සහ තොම්සන් යුගල සිනමා පටය පුරා හැසිරෙන ආකාරය වඩාත් මනබඳින සුළු ය. ටින් ටින් ගේ මුහුණේ හැඟීම් දැක්වීම සැබෑවටම ඉහළ ය. මොහොතකින් සජීවීකරණ චරිත සමඟ තිරය මත සිටින බව ප්‍රේක්ෂකයාට අමතකව යයි. විටෙක ටින් ටින් වීදි දිගේ වේගයෙන් දිව යයි. තවත් විටෙක කැප්ටන් හැඩොක් සමඟ කුඩා බෝට්ටුවක මුහුද මැද අතරමං වෙයි. තවත් විටෙක තොම්සන් සහ තොම්සන් යුවළ සමඟ ප්‍රහසනකාරී සිද්ධීන්වලට මැදි වෙයි. ඉඳහිට සතුරන් සමඟ සටනක පැටලෙන්නට ද සිදු වෙයි.

ටින් ටින්... ඔය නැව අතෑරලා දානවා.
ඒකෙන් හොඳක් වෙන්නෑ. ඒ මිනිස්සු හරි දරුණුයි.
ඔහේව මරලා දාවි.

එහෙත්, ටින් ටින් මේ සොඳුරු අවවාදවලට අනුමත වන කාණ්ඩයේ අයෙකු නොවේ. පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳපොළකින් මිල දී ගත් හුරුබුහුටි නැව් ආකෘතිය තවත් කිහිප දෙනෙකුට මිලදී ගැනීමට උවමනා වීමත්, ඉතාමත් අස්වාභාවික ලෙස රුවල් නැවෙහි නිවුන් ආකෘතියක් හමුවීමත් ටින් ටින් කුතුහලයට පත් කළේ ය.
... මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා ස්නෝවි...
ස්නෝවි තම හුරුබුහුටි නාසය මදක් සොලවන අතර සුදුවන් නැට්ට ද වනමින් තම එකඟතාවය පළකරයි. කැප්ටන් හැඩොක් ද නිතර ම කතාන්දරය හරහා ඇවිද යයි. තොම්සන් යුවළ ද විප්‍රකාර කරමින්, නිතර වීදිවල ලාම්පු කණුවල හිස වද්දා ගනිමින්, තරප්පු පේළි මතින් බිමට වැටෙමින් සිනමා පටයට අවශ්‍ය හාස්‍යය එකතු කරයි.
කැප්ටන් හැඩොක් ලෙස රඟන සහ හඬ කවන මිනිස් ආකෘති චරිතය ඇන්ඩි සර්කිස් ය. අයිවනෝවිඩ් නොහොත් ප්රඩධාන දුෂ්ට චරිතය රඟන්නේ ඩැනියල් ක්රේග් ය. 2009 ජනවාරි 26 වැනිදා ඇරැඹි රූගත කිරීම් දින 32 කින් අවසන් කිරීමට ස්පිල්බර්ග්ට හැකි විය. යුරෝපය වෙත ඔක්තෝබර් අවසාන සතියේ නිකුත් කළ ටින් ටින් සිනමාපටය අමෙරිකාව වෙත නිකුත් කිරීමට නියමිත දෙසැම්බර් මස 23 වැනිදා ය. ඉනික්බිතිව ආසියාවේ සෙසු රටවලට එය නිකුත් කිරීමට නියමිත ය. එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ බෙල්ජියමේ දැනටමත් තිරගත වන ටින් ටින් සිනමාපටය පළමු දිනය ඇතුළත පමණක් උපයා ගත් ආදායම ඩොලර් මිලියන 8.5 කි.
“ද ඇන්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්” සිනමාපටයේ සාර්ථකත්වය මත තවත් ටින් ටින් සිනමාපට ද්විත්වයක් ද නිකුත් කිරීමට නියමිත ය. 'ද සෙවන් ක්‍රිස්ටල් බෝල්ස්' කොමික් කතාන්දරය අනුව ඊළඟ සිනමාපටය නිර්මාණය කෙරෙනු ඇත. තෙවැන්නට පාදක වීමට නියමිත 'ප්‍රිසිනර්ස් ඔෆ් ද සන්' නම් කොමික් කතාන්දරය පාදක කර ගත් සිනමා පටයකි. පීටර් ජැක්සන් තම නවතම සිනමාපටය වූ “ද හොබිට්ස්” රූගත කිරීමෙන් ඉක්බිතිව ඉහත සිනමාපට ද්විත්වය අධ්ය්ක්ෂ ණය කිරීමට කැමැත්ත පළ කර තිබේ. එක් සිනමා පටයක් ස්පිල්බර්ග් සහ පීටර් ජැක්සන් දෙදෙනා විසින් සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කිරීමට නියමිත බව ද පැවසෙයි. එහෙත් ස්පිල්බර්ග් පවසන්නේ තවමත් ඒ ගැන නිශ්චිත තීරණයකට තමා පැමිණ නැති බවයි.
ටින් ටින් සිනමාපටයේ ආරම්භය ගැන ද යමක් කිව යුතු ම ය. ටින් ටින් කලබලකාරී වීදියක ආලේඛ්‍ය චිත්‍ර අඳින සිත්තරකු ඉදිරිපිට වාඩි වී සිටියි. සැනෙකින් ඒ සිත්තරා කවුරුන්දැයි ටින් ටින් රසිකයන්ට හඳුනාගත හැකි ය. ඒ අන් කිසිවෙකු නොව ප්‍රකට කොමික් චිත්‍ර ශිල්පී හර්ජ් ය. මේ නම් ටින් ටින් නිර්මාතෘවරයාට කළ සැබෑම ගෞරවයකි. ටින් ටින් කතා පොත් 23 ක් ලියා, චිත්‍රණය කර පළ කළ ජෝජස් ප්රොස්පර් රෙමී කොමික් කතා කලාවට අමුතු ම දොරටුවක් විවර කළ අයෙකි.
ටින් ටින් තිරය මතුපිට වේගයෙන් දුවනු පෙනෙයි. හේ කවුරුන් හෝ ලුහුබඳින සැටියකි. හිතාදර ස්නෝවි ද බුරමින් ටින් ටින් පසුපස දිව යයි. තුවක්කු රැගත්, නපුරු මුහුණු ඇති කිහිප දෙනෙකු ද දිව යනු පෙනී යයි. දැන් නම් තත්ත්වය බොහෝ බරපතළ ය. නිධානයක් වෙනුවෙන් බොහෝ පිරිසක් යුද වැදී ඇත්තේ නිකමට නම් නොවේ.
කැප්ටන් හැඩොක් ගේ මුතුන් මිත්තන්ට අයත් රහසිගත නෞකා භාණ්ඩාගාරයක තිබුණා යැයි සැලකෙන නිධානයක් සොයන සොර මුලක් පැරදවීම ආයුධයක්වත් නැති ටින් ටින් මහත්මයාට තනිව කළ හැකි නොවේ.
සතුරන් පසු පස මෝටර් සයිකලයක නැඟී හඹා යන ටින් ටින් මහත්මයා හදිසියේ ම තම වේගය පාලනය කර ගත නොහැකිව විදුලි වයරයක් දිගේ ගමන් කරයි. මෝටර් සයිකලයේ ඉදිරි රෝදය වයරයේ එල්ලී යාමට ආධාරකයක් ලෙස භාවිත කිරීමට සිදුවන ටින් ටින් තවත් මොහොතකින් බිමට ඇදවැටීමට නියමිත ය.
තවත් රූප රාමුවක කැප්ටන් හැඩොක් විසින් කුඩා බෝට්ටුවක් මැද ගිනි ගොඩක් දල්වයි. මොහොතකින් බෝට්ටුව මත කදිම හිලක් සෑදෙන අතර බෝට්ටුවේ හරස් අතට පාවෙමින් ටින් ටින් සහ හැඩොක් බේරාගැනීමට කවුරුන් හෝ පැමිණෙන තෙක් බලා සිටියි. සැනෙකින් වෙඩි වර්ෂාවක් සමඟ ගුවන් යානයක් ඔවුන්ට ඉහළින් පියාසර කරනු පෙනෙයි.
මේ නම් සැබෑවට ම වීර ක්රිනයා සමුදායක් අන්තර්ගත ටින් ටින් සිනමාපටයකි.
"... මේ මගේ ළමා කාලෙ සිහිනයක්...”
ස්පිල්බර්ග් ටින් ටින් සිනමාපටය ගැන පවසන්නේ එවැන්නකි. සැබවි. “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්” යනු ටින් ටින් රසිකයන් ගේ කුඩා කළ සිහින සැබෑ වීමකි.
.... ටින් ටින් මහත්තයා... ඔහේ සෙල්ලම් කරන්න ගත්තෙ නරක මිනිස්සු එක්කයි...
එවරත් ටින් ටින් සෝපහාසයෙන් සිනාසෙනු පෙනෙයි. ස්නෝවි ද සිනාමුසු මුහුණින් වලිගය සොලවයි.
මං ඔහෙලට බය නෑ.
ඒ නම් තර්ජනයකි. කුඩා ශරීරයකින් නැඟුණු තර්ජනාත්මක අවවාදයකි. ඉතිං ඔහුට නිධානයක් සොයා ගැනීමට අපහසු බව කාට නම් සිතිය හැකි ද? හර්ජ් කල්පනාකාරීව රැවුල කසමින් මතු වෙයි. ඔහුට කැමැත්තක් කරගන්නට හැරිය යුතුය. මන්දයත් ටින් ටින් අයිති ඔහුට බැවිනි.

කාංචනා අමිලානි උපුටා ගැනුම-ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශිත දිනමිණ පුවත්පතේ ‘සිතිජය’ අතිරේකයෙනි. [වර්‍ෂ 2011 ක්වූ නොවැම්බර් මස 04 වැනිදා බ්‍රහස්පතින්දා]
ටින්ටින් චිත්‍රපටය

https://www.youtube.com/watch?feature=player_embedded&v=YbQYOZ3VlYs

Tuesday, December 16, 2014

නාවික සංඥා කොඩි 26


අප බාවිතා කරන මාර්ග සංඥ වගේ ම මුහුදු ගමනටත් විශෙෂ සංඥා ඇත. ඒ ජාත්‍යයන්තරව පිලිගත් නාවික ගමන් වලට පොදුවෙ (ජාත්‍යයන්තරව) යොදා ගන්න කොඩි සංඥා (Navy Flag) විදිහට. මේවගෙ ප්‍රධානතම කොඩි 26 ක් ඉංගී‍්‍රසි හෝඩියට අනුව නම්කර ඇත්තේ නාවික කොඩි හෝඩිය කියල. ඒ ඒ කොඩිවලින් දෙන අදහස් විවිධ වෙනවා.

Navy Flag Alphabet

මේ නැවක කොඩි අකුරු පිළිවෙලට - අරන් තියන තැනක් අවශ්‍යය වූවිට අවශ්‍යය කොඩිය ගෙන නැවේ කුබගහේ රදවයි.
A-Alfa
ඇල්ෆා - මෙම මොහොතේ මෙම නව්කාවේ කපිතාන් බැහැරව ඇති නමුත් අඩු වේගයක් පවත්වාගෙන ඉදිරියට යමි .

B - Bravo
බ්‍රාවො - මෙම නව්කාවේ මේ අවස්ථාවේ අණතුරු දායක දෑ ප්‍රවාහණය කරමින් - බාමින් - පටවමින් හෝ හමුදාමය පුපුරණ ද්‍රව්‍යය ප්‍රවහනයේ යෙදෙමින් සිටී .

C - Charlie
චා(ර්)ලි - මෙය අවස්ථාණු කූලව යෙදෙන්නකි . උදා - නැවක තොරතුරු සංනිවේදන පද්දතියේ දෝශයක් ඇතිවිට යම් හේතුවකට නැව්ට අවශ්‍යය නම් (ඔව්)  කියා හෝ (සහතික ලෙස කියන) අදාළ කාරනේ සත්‍යය බාවය කියන්න බාවිතාකරන කොඩිය මෙයයි තව තේරුම් නම් අස්ත්‍යර්ථ - තරයේ කියන - සත්තක - සහතික ලෙස කියන
D - Delta
ඩෙල්ටා - මෙම කොඩියෙන් කියවෙන්නේ මේ අවස්ථාවේ මෙම නැවෙන් දුරස්ව ඉන්න මෙය අකරතැබ්බියකට - දුෂ්කරතාව මුහුණපා ඇත . අනතුරක් ඇගවීමේ කොඩියකි .
E - Echo
එකෝ - මෙයත් අවස්ථා කිපයකදිම යොදාගනී . උදා - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් .      (වරාය ආශ්‍රිතව)
F - Foxtrot
ෆෝක්ස්-රොට් - මෙම නව්කාව අබලන්ව ඇත . හෝ  මෙම නව්කාව අබලන් බැවින් මෙය සමග සංනිවේදනය කරන්න - සබධතාවය දිගටම තියාගන්න .
G - Golf
ගෝල්ෆ් - නැවක මෙම කොඩිය දා ඇත්නම් නැවේ ඒ මොහොතේ කපිතාන් නැත . නැවෙන් බැහැරව ඇත යන්නයි .

H - Hotel
හොටෙල් - මේ මොහොතේ මේ නැවතුල කපිතාන් ඇත . නැවට කපිතාන් ආවා - වාර්ථාකලා .

I - India

ඉන්ඩිආ - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් . (නැවත) වරාය දෙසට පදවනවා
J - Juliet
මෙම අවස්ථාවේ මෙහි අනතුරු දායක ගින්නක් - කාන්දු වීමක් . මෙයින් ඉවත්වී සිටින්න - යන්න .
K - Kilo
කිලො - මෙය තවත් නව්කාවකට දෙන පනිවුඩයකී එනම් . (මා කැමතී ඔබත් සමග පණිවුඩ හුවමාරුවේ යෙදෙන්න) යන අරුතයි . මෙය බොහෝ දුරට මුහුදු මංකොල්ල කාරය්න්ගේ ග්‍රහණයට හසුවූ නැවක් සමග පණිවුඩ හුවමාරු කිරීමට කැමැත්තෙමි යන්න හමුදාව විසින් යොදාගනී.
L - Lima
ලීමා - මෙය තව යාත්‍රාවකට තමාවිසින් දෙන පනිවුඩයකි  එනම් ඔය නව්කාව වහාම නවත්වන්න . යන විධානයයි . බොහෝ දුරට බාවිතාකරන්නේ හමුදාව පමණි .
M - Mike
මෙම නැව ක්‍රියා විරහිතයි . 
N - November
නොවැම්බ(ර්) - නැත යන අර්ථය දේ (C - Charlie) හීම විරුද්ධ පදය .
O - Oscar
ඔස්කා(ර්) - මනුස්සයෙකු හෝ කිහිප දෙනෙකු නැවෙන් වැටී ඇත - ඒ නිසා නවත් වා ඇත . යන අර්ථය දේ
P - Papa 
පපා - මෙය තව එකකින් තව එකකට හෝ කීපයකට දෙන පණිවුඩයකි ඒ මුහුදේ ඇති බාධාවක්  වැන්නක් ගැනයි .
Q - Quebec
මේ යාත්‍රාව සාමාන්න්‍යයි (හොදින්) . වරායකනම් ඇතුල් වීමේ බලපත්‍රය හා රදවා තබා ගැනීමේ බලපත්‍රය සහිතව නවත්වාගෙන සිටී .
R - Romio
රොමි(ඔ) - ගමන් මග අවසානයි . ගමනාන්තයට පෙමිණීම පැමිණ ඇති බව කියා පෑමට යොදා ගනී .
S - Sierra
සි(ඒ)රා - මෙම නව්කාව පසුපසට පදවනවා . අනතුරට පත්වූ කොඩියක් සමග වෙදුවොත් තල්ලුවී යනවා . යන අරුත දේ .
T - Tango
ටැංගො - මෙම යාත්‍රාව නිදහස්කර යවන්න මුලින් යවන්න . (යාත්‍රා දෙකක් එකට ක්‍රියාකාරකමක යෙදෙන අවස්ථාවන් හී යොදන්නකි)
U - Uniform
යුනිෆෝ(ර්)ම් - මෙය තව යාත්‍රාවකට දෙන පණිවුඩයකි - ගමන් ගන්නේ අවදානමක - ගමන් කරන්නේ අවදානමක් තුල යන්න අනතුරු ඇගවීමකි .
V - Victor
වික්ට(ර්) -  උදව් - පිහිටක් - සහනයක් - උපකාරයක් අවශ්‍යයි උවමනායී 
W - Whiskey
විස්කි -  මේ කොඩිය දා ඇත්නම් එම නැවට දොස්තර කෙනෙකු හෝ බෙහෙත් අවශ්‍යයි .
X - Xray
එක්ස්-රේ - තව යාත්‍රාවකට දෙන විදානයකි එනම් පදවාගෙන යාම නවත්වන්න මාගේ අණ හෝ විධාණය ලැබෙනතුරු ඉන්න . යන අරුතයි .
Y - Yankee
යැන්කී - මෙම කොඩිය බාවිතා කරන යාත්‍රාවක් වේනම් එය නැන්ගුරම අකුලමින් සිටිමි යන්න දෙන පණිවුඩයයි .
Z - Zulu
ෂූළු - මෙම නැවට නැව් ඇදගෙන යන (ටග්) බෝට්‍ටුවක් උවමනායි . යන අරුත මේ කොඩියෙන් දේ.


විශේෂ ස්තූතිය
තිලංග සජාන්

Friday, December 12, 2014

18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්තුමා

18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්  
මහාචාර්ය ටී.කේ. නිමල් ද සිල්වා
වෙඩි තියන්න ගත වූයේ නිමේෂයකි. හාත්පස කළඹා ගියේය. කුරුලු සමූහයා මහ හඬ නඟමින් පියඹා ගියහ. හේෂාරාවය නංවමින් ඌ බිම ඇඳ වැටිණි. දැන් ඒ, ආඩම්බරකාර පා සතරටම වාරු නැත. එහෙත්, යන්තම් සෙලවීමක් පෙන්නුම් කළේය.
තවත් මොහොතකින් එය ද නිසල විය
පුංචි කඳුළු බිඳුවක් දෑසේ රුවා ගනිමින් ඌ සඳහටම දෙනෙත් පියා ගත්තේය.
අපරාදේ. අපරාදේ ඌට වෙඩි තිබ්බේ.
ඌට එච්චර අමාරුවකුත් පේන්න නම් නෑ.
ලස්සනම එකා.
එතැන හිටපු උන්ගෙන් ලස්සනම එකා.
අනේ ! ඇයි ඉතින් එහෙම උන්ට වෙඩි තියන්නේ?
මට මහත් ප්‍රහේළිකාවකි.
අනේ මාමේ, උන්ට එහෙම වෙඩි තියන්න එපා. අපි ඌව හදා ගන්නම්, ඌ අපට දෙන්න බැරිද?
මට එහෙම කියන්න දහස්වර හිතුණා.

මවුපියන් සමඟ කුඩා අවදියේ දී...
මොකක්දෝ මහා දුකක් වගේ දෙයක් මගේ හිතේ ලැඟුම් ගත්තා.
මගේ හිත ඇදී ගියේ උන් ටික ඉස් ඉස්සර වෙලාම ගාල්ලට ගොඩ බැස්ස හැටියි.
කොළඹ කොටුව සිට ගාල්ල බලා පැමිණි මන්දගාමී දුම්රිය තව මොහොතකින් දෙවැනි වේදිකාවේ නතර වනු ඇත.
මා සිටියේ හතරවැනි වේදිකාවේයි.
යුහුසුළු වූ මඟීහු තම බඩු භාහිරාදිය ද රැගෙන බසිනා හැටි එළඹෙන තුරු මා එදෙස බලා සිටියෙමි.
පුදුමයකි.
මඟීන් එහි නැත.
එහෙත්,
නැත්තේම නොවේ.
කිසියම් අමුත්තක් එහි ඇත.
වෙනස්ම කෝච්චියකි. වෙනස්ම දොරටුවකි.

බිරිය අයිරංගනී සමඟින්...
ඉන් පිට වූයේ අශ්වයෙකි.
ජව සම්පන්න, ආඩම්බරකාර, ලස්සන එකෙකි.
මේ නම් සිහිනයකැයි මට සිතුණි.
එහෙත් සත්‍යයකි.
අශ්වයන් එකෙක් නොවේ.
ගණනාවකි.
මම දෑස් දල්වා මුව අයා එදෙස බලා උන්නෙමි.
එකිනෙකාට නොදෙවැනි ජවසම්පන්න, තේජසැති, පුෂ්ටිමත් අශ්වයන්ය.
එකිනෙකා ආඩම්බරකාර ගමනකින් අපූරු කෝච්චි දොරටුවෙන් වේදිකාවට බැස ගත්හ.
කුදිරකරුවෝද ඔවුන් සමඟ වෙති.
පෝළිම් ගැසුණු මේ අශ්වයෝ ප්‍රධාන දොරටුවෙන් එළියට ආහ.
කවුරුත් උන් දෙස බලා සිටිති.
අපූරු ලීලාවකට පෝළිමට ඇදී යන මේ අශ්ව සමූහයා එක්තරා තැනකින් මුහුදට බැස්සාහ.
ඔවුන් මේ සැකසෙන්නේ ස්නානයට ය.
අපූරු රස ගුලාවකි.
ළමා, ළපටි අපි කවුරුත් මේ දර්ශනයෙන් මුසපත්ව සිටියෙමු.
ඔවුන් මේ රැගෙන ආවේ බූස්සේ පිහිටි තුරඟ තරඟ වෙනුවෙනි.
මේ 1950 දශකයේ මුල් වකවානුවේ එක්තරා සිදුවීමකි. තුරඟ රේස් දැක බලා ගැනීමටත් තරඟ සඳහා පැමිණෙන තුරඟයන්ව ගවේෂණය කළා වූ ඔහු නමින් ටී. කේ. නිමල් පී. ද සිල්වා ය. වර්ෂ 1945 සැප්තැම්බර් මස පළමු වැනිදා උපන් ඔහු පවුලේ දෙවැන්නාය.
ඔහුට සහෝදර සහෝදරියන් සතර දෙනෙකි. අක්කා හිල්ඩා ය. නංගී දමිතා ය. මල්ලිලා දෙදෙනා ලක්ෂ්මන් සහ කීර්තිය. මව ඩේලින් ද සොයිසා ය. පියා ටී.පී. ද සිල්වා ය. ඔහු වෘත්තියෙන් තෝල්ක මුදලි කෙනෙකි. ඔවුහු ගාලු දිස්ත්‍රික්කයේ බූස්සෙහි ජීවත් වූහ.

ඉන්දියාවේ සංස්කෘතික ඇමැතිනිය සමඟ...
එකල බූස්සෙහි පිහිටි තුරඟ තරඟ මේ දරුවන්ගේ දර්ශනයට නිතරම ලක් වෙයි.
“රේස් දවස්වලට පුදුම සෙනඟක්. නොයෙක් වෙළෙන්දෝ නොයෙක් වෙළෙඳාම් බඩු අරන් ඇවිත් සෙනඟට විකුණනවා.”
තුරඟ තරඟ පැවැත්වෙන දෙසැම්බර් කාලයට බූස්ස ප්‍රදේශය සැනකෙළි වෙස් ගන්නේය. කාත් කවුරුත් විනෝදය උපරිමයෙන්ම විඳිති. තරඟ බැලීම පමණක්ම නොවේ. ඒ වටා බොහෝ දෑ ගොඩ නැඟී ඇත.
වර්ෂ 1949 දී කුඩා නිමල් දරුවා පාසල් අධ්‍යාපනයට යොමු වන්නේ ය. නිවස ඉදිරිපිට ඇති ධීරානන්ද විද්‍යාලයෙන් ඔහු මූලික අධ්‍යාපනය ඇරැඹීය.
“අපේ තාත්තා මුල් වෙලා තමයි ධීරානන්ද ඉස්කෝලේ හැදුවේ. මැටි බිත්තිවලින් හදලා පොල් අතු සෙවිලි කරලයි තිබුණේ. අල්විස් ඉස්කෝලේ හාමිනේ අපට අමතක කරන්න බෑ. ඉස්කෝලේ පටන් ගත් දා ඉඳලා විශ්‍රාම යනකම්ම එයා ඒ ඉස්කෝලේ ළමයින්ට ඉගැන්නුවා. ඒ පළාතේ එයාගෙන් ඉගෙන නොගත් කෙනෙක් නෑ”
මුහුද සහ ගාලු පාර මායිම් කොට 20km රට ඇතුළට වෙන්නත් ගම් 17කින් යුක්තවත් එකල බූස්ස පැවතිණි. ජන ජීවිතයට අවශ්‍ය සියලු” දෑ ඒ ගමේම නිෂ්පාදනය විය.
“කොණ්ඩෙ කපන්න බාබර්ලා විතරයි නොහිටියේ. බාබර්ලා ගාල්ලෙන් එනවා”

ජේතවනාරාම දාගැබේ සංරක්ෂණ කටයුතු පිරික්සමින්...
වර්ෂ 1952 දී ඔහු මේධංකර විද්‍යාලයට ඇතුළත් වූයේය.
ගම වෙනසකට බඳුන් වීමේ ලක්ෂණ පහළ විය.
“එක දවසක් අපි ඉස්කෝලේ ගිහින් එනකොට පාරේ එක පැත්තක තිබුණු ගස් කපලා. බැලින්නම් ටෙලිෆෝන් යන්න. තව කාලෙකින් පාරේ අනිත් පැත්තේ ගස් ටිකක් කපලා. බැලින්නම් විදුලිය යන්න”
වර්ෂ 1953 දී නිමල් සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වන්නේය. ඔහු මළල ක්‍රීඩාවලටත්, බාලදක්ෂ ව්‍යාපාරයටත් බැදුණේය. බාල දක්ෂ පෝතකයෙක් වශයෙන් බැඳී රැජින බාලදක්ෂයෙක්, මානවක බාලදක්ෂයෙක්, බාලදක්ෂ ආචාර්යවරයෙක් වශයෙන් පියවර ඉදිරියටම ගියේ ය. එය ඔහුගේ ජීවිතය ගොඩ නැඟෙන්නට මහත් රුකුලක් සැපයීය.
වර්ෂ 1961 වර්ෂයේදී ඔහු අපොස සා.පෙළ විභාගය සමත් වූයේය. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වර්ෂ 1964 දී උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේය. ඔහුට සරසවි වරම් හිමි විය. වර්ෂ 1965 දී කොළඹ සරසවියට ඇතුළත් වූයේය. බොරැල්ලෙහි ඥාති නිවසක නතරව සරසවියට ගියේය.
සරසවිය ඔහුගේ නැණැස පුබුදුවාලීමේ තෝතැන්නක් විය. මිතුරු සමාගම සතුට ගෙනාවේය. වාස්තු විද්‍යාව ඔහුගේ විෂයය විය.
“එක දවසක් උස නැති සුදු මහත්තයෙක් ඩී.ඊඊ. ඩබ්.ඩබ්, ඩී.ඊඊ. ඩබ්ඩබ් කියලා ඇවිත් මේසෙ උඩ වාඩි වුණා. එයා පැයක් කතා කළා. අනේ මට නම් මොකුත්ම තේරුණේ නෑ. දෙපැත්තේ හිටපු දෙන්නාගෙනුත් ඇහුවා තේරුණාද කියලා. කාටවත්ම තේරිලා නැ. ඒ තමයි ග්‍රීක්.”
ඔහුට අපූරු යෙහෙළියක් හමු විය. ඈ නමින් අයිරාංගනී ගුණවර්ධනය. මේ යෙහෙළිය ඔහුගේ පෙම්බරිය වූවාය. වසර 3 කින් පසුව උපාධිය ලැබීය. වර්ෂ 1971 දී ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහකාර වාස්තු විද්‍යාඥයෙක් ලෙසින් සේවයට එක් වූයේය. අනතුරුව 1973 දී කොළඹ පිහිටි ඉංජිනේරු සංස්ථාවට බැඳී වාස්තු විද්‍යාඥයෙක් ලෙසින් රැකියාවේ නියැලුණේය.
1974 දී කටුබැද්ද මණ්ඩපය - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පා තැබුවේ වාස්තු විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය වෙනුවෙනි. එම උපාධිය හදාරා නැවතත් ඉංජිනේරු සංස්ථාවට යළි පැමිණ සිය වෘත්තීය කටයුතු ඇරැඹීය.
1975 මැයි මස 08 වැනිදා සිය පෙම්බරිය වූ අයිරාංගනී ගුණවර්ධන මෙනවිය හා අතිනත ගත්තේය. වර්ෂ 1976 දී බ්‍රිතාන්‍ය රජයේ වාස්තු විද්‍යා ආයතනයෙන් වාස්තු විද්‍යාව සම්බන්ධ වෘත්තීමය සුදුසුකම ලබා වරලත් වාස්තු විද්‍යාඥයෙක් වූයේය.
නිමල් - අයිරංගනී යුවළට උපන් කුළුදුල් දරුවාට අයිෂානි හේමංගි යන නාමය තැබීය. ඈ 1978 - පෙබරවාරි මස 10 දා උපන්නාය. තුසිත චම්පික පත්මපානි පුතු උපන්නේ 1980 ජුනි මස 03 දාය. තුන්වැන්නා ලෙසිත් තුෂ්ණි ප්‍රියංගි වර්ෂ 1986 මාර්තු මස 29 දා උපන්නාය.

චීන සංචාරයේ දී...
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ කොළඹ නගර සැලසුම් ව්‍යාපෘතියේ වාස්තු විද්‍යා උපදේශකවරයා ලෙසත් කටයුතු කිරීමට මොහුට අවස්ථාව සැලසිණි. තවද වාස්තු විද්‍යා උපදේශන සේවයක් පෞද්ගලිකව ඇරැඹීය.
වර්ෂ 1977 දී කටුබැද්ද විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ වාස්තු විද්‍යා ආචාර්ය වරයෙක් ලෙසිනි. පසුව සහාය මහාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ සම්මානිත මහාචාර්ය දක්වා දිගු පියවරක් ගමන් කළේය. ඔහුගේ විශ්වවිද්‍යාල ඇදුරු දිවිය වසර 36කි.
ලංකාවේ වාස්තු විද්‍යාඥයින්ගෙන් 90%ක්ම මගේ ගෝලයෝ. ඉන් 18 දෙනෙක් මහාචාර්යවරු”
ඔහු අප්‍රමාණ ආඩම්බරයකින් නිහතමානීව එලෙස පැවැසීය. විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරන අතර රජයේ වෙනත් ආයතනවල ප්‍රධානියා ලෙසින් සේවයට එක්වීමට ද ඉඩ කඩ ලැබිණි.
වර්ෂ 1985 සිට වසර 6 ක් ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිධූරය හෙබවීය. වර්ෂ 1997 – 2002 කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වූයේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂකව සිටියේය. වෙදකම, ලේඛන කලාව, චිත්‍ර කර්මය, සාරධර්ම, චාරිත්‍ර වාරිත්‍ර මේ හැම දේම උරුම අධ්‍යයනය යටතේ උගන්වනවා.
මිනිසුන්ට හැඟීමක් නැත්තේ දැනීමක් නැති නිසානේ. ඒ නිසා ඒ දැනීම ලබා දෙන්න කියලයි ඒ පාඨමාලා පටන් ගත්තේ”
යුනෙස්කෝ ශ්‍රී ලංකා ත්‍රිකෝණ ව්‍යාපෘතියේ (මධ්‍යම සංස්කෘතික අරමුදල) මෙරට ස්ථාපිත කළේ 1980 වර්ෂයේදීය. එදා සිට ඔහු එහි අධ්‍යක්ෂවරයෙකුව සිට අද වන විට ඔහු එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.
“ශ්‍රී ලංකාවේ පුරාවස්තු මොනවද තියෙන්නේ ඒවා රැක බලාගෙන සංරක්ෂණය කරලා අනාගතයට දෙන්න තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල හදලා තියෙන්නේ” අභයගිරිය, ජේතවනය, මහා විහාර ව්‍යාපෘතිය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, ගාල්ල, තිස්සමහාරාමය, රම්බා විහාරය, කතරගම, වයඹ චතුරශ්‍රය, යාපහුව, පඬුවස්නුවර, කුරුණෑගල සහ දඹදෙණිය විශේෂ ව්‍යාපෘති යටතේ සංරක්ෂණය කෙරෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සේවක සේවිකාවන් 2200 ක් පමණ සේවය කරන අතර බැලූ බැල්මට නොපෙනෙන කාර්ය භාරයන් රැසක් අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් සපයනු ඇත. තවද බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ සභාපති හැටියට කමිටු 11කට තම දායකත්වය ලබා දෙයි. චීනය, ඉන්දියාව සහ කොරියාව වැනි රටවල ලෝක උරුම මොහු විසින් නිර්දේශ කොට ඇත. රටේ අනාගත පරපුර වෙනුවෙන්, අපේ උරුමයන් රැක ගැනීම වෙනුවෙන් උර දී කටයුතු කරන ඔහු බොහෝ දෑ ඇසූ පිරුවෙකි. දැයේ දුවා දරුවන්ට අපේ උරුමයන් පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්නෙකි. පුරා විද්‍යාව, වාස්තු විද්‍යාව, චිත්‍ර කර්මය, සංරක්ෂණය සහ භූ දර්ශනය පිළිබඳ ග්‍රන්ථ 14ක් රචනා කොට ඇති ඔහු වාස්තු විද්‍යාව පිළිබඳ හසල දැනුම ඇත්තෙකි.

“යම් කිසි කෙනෙකුට කිසියම් දැනුමක් තියෙනවා නම් එය මතු පරම්පරාවටත් දායාද කරන්න ඕනෑ. මෙරටේ එදා මිනිස්සු ජීවත් වූයේ තමන්ගේ ආත්ම ගෞරවයටයි. එහෙත් අද මිනිස්සු ජීවත් වෙන්නේ මුදලටයි. එහෙම නොවෙයි. තමන්ගේ ආත්ම ගෞරවයට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. පන්සිල් පද පහ ආරක්ෂා කළාම පින් සිද්ධ වෙනවාද කියන්න මම දන්නේ නෑ. ඒ වුණාට පව් සිද්ධ වෙන්නේ නැති බව නම් දන්නවා. බියක් සැකක් නැතුව ජීවත් වෙන්න නම් පන්සිල් පද පහවත් ආරක්ෂා කර ගත යුතුයි.”