Translate

Sunday, November 6, 2016

සචින්ද දුලන්ජන නැමැති බාලදක්ෂයා

එක්සත් ජාතින්ගේ 71 වැනි මහා සමුළුව නියෝජනයට බාලදක්ෂයෙක්


ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී සියලු සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 71 වැනි මහා සමුළුව සඳහා ශ්‍රී ලාංකික තරුණ නියෝජිතයා වශයෙන් ආනන්ද විද්‍යාලයීය හිටපු උප ප්‍රධාන ශිෂ්‍ය විධායකවරයෙකු වූ සචින්ද දුලංජන තේරි පත්ව තිබේ. 


පසුගිය වසරේ JCI ආයතනය විසින් නම් කළ මෙරට කැපී පෙනෙනම තරුණ පුද්ගලයන් දස දෙනා අතරට ද එම වසරේ ළාබාලතම සම්මානලාභියා (TOYP Award) ලෙසින් තේරි පත් වූ ඔහු 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සේවක සම්මානය(Commonwealth Youth Worker’s Award 2013) සඳහා ද ආසියාවෙන් නිර්දේශ වූ සිව් දෙනාගෙන් අයෙක් වන අතර මෑතකදී ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍ය සංගමයේ ආසියානු නියෝජිතයා වශයෙන් ද තේරි පත් විය. 10 වන කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂ සමූහයෙන් බිහි වූ ජනාධිපති බාලදක්ෂයෙකු වූ ඔහු විද්‍යාලයීය කරාතේ කණ්ඩායමේ නායකත්වය ද දැරූ අතර කරාතේ ක්‍රීඩාව වෙනුවෙන් 2010 වසර සඳහා ශ්‍රී ලංකා පාසල් වර්ණ හා ආනන්ද විද්‍යාලයීය වර්ණ ද දිනා ගැනීමට සමත් විය. එමෙන්ම ආනන්දියෙකු වශයෙන් ගත කළ කාලය තුළ  විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමේ ද සාමාජියෙකු වූ ඔහු නීති විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමේ ද නායකත්වය දැරීය. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ පිළිබඳ විශේෂ උපාධිදාරියෙකු ද වන ඔහු මේ වන විට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වල නියැලෙයි. 


Moments of Addressing the world behalf of 4.4 million young people in Sri Lanka at the Third Committee of UN General Assembly 2016 at United Nations Headquarters, New York

ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂයන්ටත් වසර 100 සම්පූර්ණයි

සියවසක අභිමානය

2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ ව්‍යාපාරයට සුවිශේෂ සංධිස්‌ථානයකි. ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100 වැනි සැතපුම් කණුව පසුකළ වර්ෂය වූ බැවිනි. 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා සේවය කළේය. ඉංජිනේරු නිල නිවසට යාබඳව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය තෝරා ගත්තේ ය. එවකට ප්‍රධාන පෙළේ වැවිලි කරුවෙකු ද වූ ප්‍රැන්සිස්‌ ජෝර්ඡ් ස්‌ටීවන් මහතා විසින් මාතලේ ක්‍රිස්‌තුදේව විද්‍යාලයෙහි ප්‍රථම බාලදක්‍ෂ කණ්ඩායම ආරම්භ කෙරිණි. බේඩන් පවල් සාමිතුමා විසින් 1907 එංගලන්තයේදී ආරම්භ කරන ලද ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරය වසර තුනක් යන්නටත් පෙර එනම් 1912 වැනි කෙටි කලක්‌ තුළදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණ. එතෙකින් නොනැවතුණු ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා මෙවැනි දේශණ මාලාවක් රට පුරා පැවැත් වූයේය. ඒ අනුව බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී 1වැනි මහනුවර ධර්මරාජයේ ද, 1914 දී 1වැනි ගාල්ල මහින්දයේ ද 1වැනි කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ ද ආරම්භ කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු සෙසු දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පුරා බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන ලදී.

ලෝක බාලදක්ෂ සියවස් සමරු මුද්දර කවරය
ලෝකයෙහි සහ ශ්‍රී ලංකාවෙහි සියවසරක සංවත්සරය සිහිපත් කරමින් රු.5.00 වටිනා මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කරනු ලැබූ අතර ලෝකයේ විවිධ රටවල් විසින් මෙම සැමරුම සඳහා විවිධ ආකාරයේ සමරු සිහිවටන නිකුත් කරනු ලැබිණ. රු. 2ක වටිනා කමින් යුත් නිකල් කාසි 2,000,000 නිකුත් කෙරුණු අතර එය මෙරට බාලදක්ෂයන් අතරට ලැබුණු කදිම සමරු සිහිවටනයකි.

2012 අප්‍රේල් 01 දින නිකුත් කෙරුණු සියවස් සමරු කාසිය

 කාසියේ විස්තරය
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ශත සංවත්සරය
මුහුණත වටිනාකමරුපියල් 2
නිකුත් කළ වර්ෂය2012
කාසියේ උස1.5 mm
ලෝහයනිකල් ආලේපිත
වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය
මි.මි.
28.5 mm
බර(ග්‍රෑම්)7.0 gms
කාසි වර්ගයසාමාන්‍ය සංසරණය
ටංකනය කල කාසි ගණන 2,000,000

සියවස් බාලදක්ෂ පාපැදි සවාරිය

බාලදක්ෂ ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්වා ජනාධිපති බාලදක්ෂයින් 100ක් සහභාගීවන බාලදක්ෂ පාපැදි සවාරියක් ද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබුවා.  පූර්ණ නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ සෑම ජාතියකට ම සමාන ව කටයුතු කළ හැකි බව ලොවට පෙන්වීමට සහ ඒ සඳහා ක්‍රියා කළ අතිගරු ජනාධිපතිතුමාට ප්‍රණාමය දැක්වීමේ අරමුණින් මෙම පාපැදි සවාරිය පෙබරවාරි 14 සිට 22 දක්වා ගමන් ගනු ලැබුවා. පෙබරවාරී 14 දින යාපනයෙන් ආරම්භ වූ පාපැදි සවාරිය කිළිනොච්චිය, වව්නියාව, අනුරාධපුරය, මාතලේ, මහනුවර, කෑගල්ල, කොළඹ, කළුතර හා ගාල්ල හරහා පෙබරවාරි 22 දින මාතරට ළඟාවුනා.


සියවස් ජම්බෝරිය

බාලදක්‍ෂ ව්‍යාපාරය පවතින ලෝකයේ සෙසු රටවල් 267 අතරින් ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්‌ථානයක්‌ ලැබුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ සියවස් ජම්බෝරියට සමගාමීව 29වැනිආසියා පැසිපික්‌ කලාපීය බාලදක්‍ෂ ජම්බෝරිය අප්‍රේල් 1 සිට 7 දින දක්‌වා දඹුල්ලේ කණ්ඩලම ඩී. එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරනු ලැබිණ. මේ සඳහා විදෙස්‌ නේවාසික බාලදක්‍ෂයන් 600 කට ආසන්න පිරිසක්‌ සහභාගි වූ අතර දේශීය බාලදක්‍ෂයන් 6500 ක්‌ පමණ මේ සඳහා සහභාගි විය. පළමු වරට ජම්බෝරියට සහභාගී වූ සියලුදෙනා වෙත මෙරට ප‍්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම විසින් ජම්බෝරිය අතරතුර සිදුවිය හැකි හදිසි අනතුරු රැකවරණයන් හා රෝහල්ගත කිරීම් සඳහා රැකවරණයන් සාපයින. ප්‍රධාන බාලදක්ෂයා වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා දිවයිනට පැමිණ සිටි පිලීපිනයේ උප ජනාධිපති මෙන්ම ආසියානු - පැසිපික් බාලදක්‍ෂ සංගමයේ සභාපති ජේජොමා බිනේ මහත්වරු විසින් ජම්බෝරිය උත්කර්ෂවත්ව විවෘත කරනු ලැබීය. මෙරට පැවැත් වූ අති දැවැන්තම ජාත්‍යන්තර ජම්බෝරිය ලෙස හැදින්විය හැකි මෙම ජම්බෝරියේදී ද රු.5.00ක් වටිනා සමරු මුද්දරයන් සහ මුල් දින කවරයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සියවස් සමරු මුද්දර කවරය
ශ්‍රී ලංකා බාලදක්ෂ සියවස් සමරු මුද්දරය
ගතවූ වසර 100 තුළ ශ්‍රී ලංකාව තුළ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට 40000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින සුවිශාලතම ස්‌වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව තිබේ.

100 වසක් සම්පූර්ණ කළ බාලදක්ෂ කණ්ඩායම් විසින් ස්වකීය අභිමානවත් ඉතිහාසය පෙන්වමින් අපූරු ක්‍රියාකාරකම් රැසක් පසුගිය වකවානුවෙහි දියක් කරනු ලැබූහ.

---------------------------------

ඔබේ බාලදක්ෂ දිසාවට හෝ බාලදක්ෂ කණ්ඩායමටත් වසර 100 සම්පූර්ණ නම් පදක්කම් හා තොරතුරු ද සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට තොරතුරු අප වෙත යොමු කරන්න. scoutingmagazine@gmail.com

Wednesday, November 2, 2016

Global Centenary Celebration of World Guiding (1910-2010)

In 2010, ten million members of the Girl Guides Movement celebrated 100 years of World Guiding.
It was a group of girls who first planted the idea of Girl Guiding in the mind of the founder, Lord Robert Baden-Powell, more than 100 years ago, in 1909, when they demanded a place for girls at the Crystal Palace Boy Scout Rally. These girls were, in fact, the very first advocates for the World Association of Girl Guides and Girl Scouts – speaking out and challenging the norms and gender conventions of the time. The Guide Movement formally began in the UK in 1910. Since then Girl Guiding has been planted in the lives of millions of girls and young women. 


The Guiding 2010 Centenary consisted of celebrations around the world in which Girl Guides and Girl Scouts celebrated 100 years of the world Guide and Scout movement. It took place over three years, 2010-2012, reflecting the founding dates of many World Association of Girl Guides and Girl Scouts member organisations. April 10, 2010 marked the Global Centenary Celebration Day. There were three Centenary Celebration Days. On 10 April each year, celebrations were held around the world under a unifying theme. The theme for 2010 was plant. The theme for 2011 was grow, and the theme for 2012 was share.

This was the 100th day of the 100th year and Girl Guides around the world held centenary celebrations to commemorate this unique day. In Sri Lanka, 100 Girl Guides came together at Girl Guide Headquarters in Colombo to celebrate the centenary with a very special birthday cake, and the launching of a time capsule.

Happy Camping at the Centenary Friendship Circle …

The Centenary Friendship Circle is one of the many activities that have been organized by the Sri Lanka Girl Guides Association (SLGGA) to commemorate the centenary of World Guiding. The Centenary Friendship Circle will take place between the 22nd and 27th of April 2010 in Nainamadama. One hundred participants from Malaysia, UK, and Sri Lanka will come together to discuss, in a fun-filled atmosphere, certain key aspects of Guiding and camping, as they plan out the future of the Movement and work towards 2020. The participants will consist of both Girl Guides and Girl Guide Leaders, and will present Girl Guides with a unique opportunity to get involved in decision making that will have an impact on the Guide programmes over the next decade.

Celebrating 100 years with Sri Lanka Girl Guides

'The Journey of a hundred friends,' saw more than a hundred girl guides of the Sri Lanka Girl Guide Association (SLGGA) travel from Hambantota to Jaffna by train and then bus in celebration of 100 years of World Guiding. The Guides and Senior Guides who took part in the event were from a mix of races and religions and from all parts of the country.
While the event helped build and cement bonds of friendship between the Guides, it also provided these ‘Friends’ with the opportunity to assist the Disaster Management Committee of the SLGGA set up a fully equipped library for the J/Ampan American Mission Tamil Mixed School at Kudaththana, which was not rebuilt after the tsunami of 2004.
Last month almost 150 Guides left for Jaffna from Hambantota via Galle and Colombo by train and completed the latter part of the journey along the A9 by bus. On arriving at the Harriet Winslow Girls’ Home, Panditerruppu, which was to be the “base camp”, the girls were greeted by a typical Tamil welcome, with garlands of flowers and red tilakas on the foreheads.
The Guides divided themselves into teams, one team was assigned to paint murals on the school walls with the theme- girls worldwide say “Friendship Leads to Peace and Development”. The second team tidied classrooms, while the third team planted crotons. A fourth team set to work on the 14th Nana Piyasa Library; sorting books. The SLGGA reported that “it was very hard work, but with the support of the girls and boys of the school, the work was completed by evening.” Transport to the school was provided by the Sri Lankan Army.
The library was ceremonially opened by Addl. Provincial Director of Education and the Chief Commissioner in the presence of the principal, staff, school children and their parents, as well as the Guides and village dignitaries.
During the ceremony the Addl. Provincial Director of Education thanked the Association for its gesture and according to the SLGGA, the Chief Commissioner said that the best way to maintain the links between the school and the sponsors of the Library would be to start a Guide Company in the School; the Principal readily agreed to release a staff member to be trained as an adult leader.
The Guides spent the rest of the day visiting temples and kovils, and were invited for lunch by the Nagapooshan Amman Hindu Kovil authorities. “When they boarded Train No. 4085 from Vavuniya at 3.30 a.m. for home, it was not the end of the Journey – it was a beginning”, claimed the SLGGA. “The friendships that were formed and the memories of time spent with girls of different religions and cultures will no doubt have a lasting effect on them.”

achieves article from
http://www.sundaytimes.lk 
Sunday September 19, 2010




Sunday September 19, 2010
Sunday September 19, 2010

Tuesday, November 1, 2016

Girl Guiding in Sri Lanka

olave baden powell

The Girl Guide and Boy Scout Movements were founded by Lord Robert Baden-Powell (B-P). B-P had first worked with boys while he was in South Africa during the Boer War. He had set up his headquarters in Mafeking, but soon this garrison was under siege. B-P enlisted the help of a few boys to take and carry important messages around town. They were organized into groups or patrols and each patrol had a leader.
Agnes Baden-Powell


Miss. J. Calverley
The scheme was so successful that on his return home to England B-P decided that boys in England should be taught similar skills such as camping, team work and leadership, pioneering, stalking and orienteering to prepare them for when they were older. He then wrote "Scouting for Boys" describing how this was to be done. Boys all over England read B-P's book and started forming their own Scout companies and carrying out activities in patrols.


In 1909, the first Scout Rally was held at Crystal Palace in London. What B-P was not prepared for was the sight of a band of girls, dressed in variations of the Scout uniform, taking part in the rally.
Having met with and spoken to some of the girls at the rally, B-P realized that he had to provide a similar game for girls.
He had to think of a name, and soon he remembered that he had been particularly impressed with some 'Guides' in India.
These men had operated on the North West Frontier and their main task was to go on very dangerous expeditions. Even when they were off duty the 'Guides' were still training their minds and bodies. With this in mind, B-P decided that 'Girl Guides' would be a good name for these pioneering young women.
Lord & Lady B-P
"A Scheme for Girl Guides" was published in November and on 10th April, 1910 the Girl Guides Association was formed in the UK, with B-P's sister Agnes as the first President of the Girl Guides Association in the UK.


The first countries in which the Movement was nationally organized were Canada, South Africa, Denmark, Suomi-Finland, the Netherlands, Poland, and the United States of America (USA). When Mrs. Juliette Gordon-Low took over Guiding to the USA in 1912, she found that the name 'Girl Guides' was already in use, and so the Movement in the USA was known as the Girl Scouts of the United States of America.
While on board the SS Arcadian bound for Jamaica in 1912, B-P met and got engaged to Olave St. Clair Soames. They were married later that year and Lady B-P became involved in her husband's work with the Girl Guide and Boy Scout Movements.
Rally at Crystal Palace
Guiding was introduced to Sri Lanka in 1917 by Mrs. Jenny Greene, then Miss. Jenny Calverley, and the first Guide Company was started at Girls' High School, Kandy with the support of its Principal Miss. Sansom.
Towards the end of the year a meeting to discuss the future of Girl Guiding in Sri Lanka was held in Colombo. At this meeting a decision was taken to alter the wording of the Promise to enable non-Christians to subscribe to it. The spirit of Guiding caught on, and in the same year, the first Guide Company was formed in Colombo at Methodist College. A junior branch called "Rosebuds" (now known as Little Friends) was also formed. 

In 1918, the Ceylon Branch of the Girl Guides Association was formed and Mrs. R. W. Byrde was appointed as Sri Lanka's first Chief Commissioner.

article from
http://www.sundaytimes.lk

ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 100යි!

ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 100යි!


රටවල් 140 ක සාමාජිකයන් මිලියන 10කට අධික ලොව විශාලතම ස්වේච්ඡා කාන්තා සංවිධානය වන ලෝක බාලදක්ෂිකා සංගමය (WAGGGS) යෙහි ශ්‍රී ලංකාව ද 1917දී සාමාජිකත්වය ලබාගනු ලැබිණ. ගෝලීය ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන් සඳහා වෙන් වූ ලෝකයේ වගකිව යුතු පුරවැසියන් ලෙස සිය පූර්ණ හැකියාවන් දියුණු කිරීමට ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන් සවිබල ගැන්වීම මෙම ව්‍යාපාරයේ මෙහෙවර වී ඇත. කුලය, ආගම, සහ ජාතිය විවිධ තරාතිරම්වල ගැහැණු ළමුන් සහ කාන්තාවන් සඳහා විවෘත වූ රාජ්‍ය නොවන, ආගමික නොවන සංවිධානයකි.



1917 වර්ෂයේදී ආරම්භ කළ ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය 2017 වසරේදී වසර 100 ක් පූර්ණවීම සුවිශේෂී සන්ධිස්ථානයකි. වසර 100 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගම් නියං ගම් පුරා පළාත් 9 පුරා විහිදී විසිරී ගිය මෙම ව්‍යාපාරයෙහි ගැහැණු ළමුන්ගේ සාමාජිකත්වය මේ වනවිට 30,000 කට අධික වේ. ඒ් වෙනුවෙන් බාලදක්ෂිකාවන් විසින් සියවස් ජම්බෝරියක් 2017 අගෝස්තු 24 සිට 29 දක්වා පොලොන්නරුවේදී සූදානම් කර තිබේ. රැළි, ප්‍රජා සේවා, කඳවුරු, ගවේෂණ, පුරෝගාමී, පා ගමන්, කඳවුරු ගිනිමැල ආදී බොහෝ දෑ තුළින් පුළුල් ව මහජන සම්බන්ධතා පුළුල් කරගෙන ඇති අතර, ප්‍රජාව ද මහත් ආදරයෙන් හා සෙනෙහසින් යුතු ව බාලදක්ෂිකා ව්‍යාපාරයට සමීප වී තිබේ.

සියවස් සමරුව වෙනුවෙන් ඔබේ බාලදක්ෂිකා කණ්ඩායමෙන් පවත්වන කඳවුර, උත්සව, වැඩසටහන් ගැන අපව දැනුවත් කරන්න. වැඩි තොරතුරු scoutingmagazine@gmail.com වෙත යොමුකරන්න.

------------------------

100 years of Guiding



Adjusting their blue ties, checking if the metallic pin is on straight before standing in formation to commence their weekly meetings, a Girl Guide company coming into session is a quietly ceremonial event. “Be prepared is our motto,” Chief Commissioner Sri Lanka Girl Guides (SLGG) Yasmin Raheem says, which was perhaps the thinking that led Jennie Claverly Green almost 100 years ago to  introduce Guiding to the Girls High School in Kandy.
Girls’ High School Kandy was where the local story began in 1917 and the school is listed as the “1st Kandy” Company. Subsequently the movement made its way to Colombo, with Methodist College the first to welcome it, being listed as “1st Colombo”.
Off to a Guiding conference in Hawaii in 1966: (L-r) Shamali Fernando, Ramona Jayawardene and Mallika Peries
With some ten million girls and young women in 146 countries across the globe, the World Association of Girl Guides and Girl Scouts (WAGGS) is the largest voluntary movement dedicated to girls and young women in the world. “We are currently in the process of gathering information in the hope of publishing a book, tracing the 100 years of Guiding in this country,” the Chief Commissioner says.  A year’s programme of commemorative events has been planned starting tomorrow at the Independence Square and winding up with a final celebration at Girls High School Kandy next year.
The ceremony at 4 p.m. on Monday, March 21 to mark the beginning of SLGG’s centenary celebrations will see a gathering of Girl Guides and Little Friends at Colombo’s Independence Square. The Chief Guest will be Professor Savitri Goonesekere who has been actively engaged in bringing social injustice against women to the fore. SLGG will formally announce the centenary events taking place throughout this year at tomorrow’s event.
Meanwhile research is being carried out at the SLGG Headquarters opposite Colombo’s Public Library while preparations for the centenary celebrations get into full swing. Except for a portrait of Jennie Claverly Green which hangs at the entrance to SLGG’s hall, little else of her role in the school has been recorded. Her aspirations in setting up the 1st Kandy Company may have been lost to time, but with “approximately 4,000 women and girls” who are a part of the local Guiding community throughout the nine provinces, the seed she planted has blossomed into a strong and vibrant community across Sri Lanka.

The first Sri Lankan chief commissioner Edna Alwis
“We work with the Ministry of Education,” Chief Commissioner Raheem says. From very early on, the state has recognised the value of what we do and schools have become the basis of each company. This is unique, she points out, since “abroad, for instance in England, the system is community-based.”
Changes to the universal way in which Girl Guides function owes partly to the organic nature of SLGG’s success so far. “We still go by the Guide Promise and 10 Laws” as the global community requires. Recognised as full members of the World Association of Girl Guides and Girl Scouts since 1951, there has however been much “localising” of the system to Sri Lanka.
An endemic flavour that came in as early as when we got independence was made stronger by former Chief Commissioner, Freny Jilla, Ms. Raheem says. “When I was in school, in the 50s, we didn’t have Little Friends, it was called Brownies.” Regimental practices were also localised and foreign elements “like the toadstool” were abandoned.  “We’ve also changed the uniforms” which now include “lama-sari, shalwar and pavadai” versions.”
A major change took place in 1972, when the highest Guilding award “Queen’s Guide” (since the Queen of England was the patron of the movement) became “the President’s Guide” with Sri Lanka becoming a Republic.
A special needs unit is yet another subsequent addition to the Guiding Family in Sri Lanka.

Jennie Claverly
Current projects that the SLGG has taken up include fighting violence against women, which has been recognised as a growing plague. The Guides launched ‘Stop the Violence in 2013’, and continue to work together with the Danish Guiding Community in a project called “Women at Work, Children at School.” This project is a means of educating women to run small businesses and receive practical and financial training to do so, on the condition that their children are sent to school. “Life Long Learning” is yet another empowerment programme providing skills to women of the lowest income brackets in urban areas.
As early as 1975, members of the local Guiding community have made their mark in international fora. The 22nd World Conference in the UK was chaired by a Sri Lankan, Chief Commissioner Sita Rajasuriya, who was incidentally the first Asian to be given this honour. The tradition still continues as Sri Lankans have been on various international Guiding bodies. “We’re a small country, but our work has been recognised and respected globally,” says Chief Commissioner Raheem.
thanks for
http://www.sundaytimes.lk


Highlights of the centenary year 1917-2017

- 1000 days to a 100 years - held on 24th June 201
- Launch of the Centenary Celebrations,  March 21, 2016 
- Launching a book on 100 years of Guiding
- An International camp to be held within the year
- Provincial-level events
- Celebration in Girls High School Kandy- 2017
- Jumbo '17 - Eco Safari Sri Lanka - 24 to 29 August 2017

Tuesday, October 25, 2016

ලී ක්වාන් යූ (Lee Kuan Yew) නැමති බාලදක්ෂයා

සිංගප්පූරුවත් ලංකාවත් අතර ඇත්තේ සිත්ගන්නා සුලු රාජ්‍යතාන්ත්‍රික බැඳීමකි. විටෙක ශ්‍රි ලංකාව සේ පරිවර්තනීය වෙනසක් පැතුවෝ සිංගප්පූරු වැසියෝය. අද වන විට අපේ ඇතැම්හු ඒ පැතුමම ආපිට මුමුණති. එමතු ද නොව ලොවම කතාබහ කරන ආර්ථික වශයෙන් සංවර්ධිත සංචාරක පුරවරයක් ලෙස සිංගප්පූරුව හැඳින්විය හැකිය. සිංගප්පූරුව එවන් තලයක රැදවීමට සමත් වූ එහි විසූ අසහාය නායකයා ලී ක්වාන් යූ ය. ඔහුගේ ස්වයං චරිතාපදානය “කුරුබිළිය” පාඨක ඔබට මේ සතියේ සිට විඳින්නට අවස්ථාව උදා කිරීමට අපි අදහස් කළෙමු. ලී ක්වාන් යූ ස්වයං චරිතාපදානය “කුරුබිළිය” ට පරිවර්තනය කරනුයේ සිංගප්පූරුවේ තානාපතිව සේවය කළ විශිෂ්ට ගණයේ රාජ්‍යතාන්ත්‍රිකයකු වන රංජිත් ගුණරත්නයන්ය.

Mr Lee Kuan Yew in 01 Scouts, fourth from left. Image credits to Raffles
ළමා විය
ඉතා කුඩාම අවදියේ අත්දුටු අත්දැකීම් අතරින් මගේ මතකයේ වඩාත් හොඳින් තැන්පත් වී ඇති සිදුවීමක් වන්නේ මගේ වයස අවුරුදු හතරේ දී පමණ මා මුහුණ දුන් එක් අවස්ථාවකි. එය සිදු වූයේ වත්මන් සිංගප්පූරුවේ ටෙම්බ්ලින් මාවතේ එවකට මගේ පවුලේ අය ජීවත් වූ නිවසේ මිදුලේ දීය. මගේ දඩබ්බර වැඩ නිසා මගේ පියාට අයිති වර්ෂ 4711 දී නිපදවන ලද ඉතා වටිනා ලා කොළ පාටට හුරු සුවද කවන ලද කේශාලේප අඩංගු බඳුනක් බිඳිණි. එදින මගේ පියාගේ තරහ අහස උසට නැඟිණි. ඔහු මගේ බෙල්ලෙන් අල්ලා ඔසවාගෙන විත් ළිඳට ඉහළින් රඳවාගෙන සිටියේය. ඉන් වසර 5කට පසු 1970 දී ‘සයන්ටිෆික් ඇමෙරිකන්’ සඟරාවේ තිබූ ලිපියක විස්තර කර තිබුණේ වේදනාව සහ ක්ෂණික තිගැස්සීම හේතු කරගෙන මොළය විසින් රසායනික ද්‍රව්‍ය මුදා හරින බවත් ඒ මඟින් එම අත්දැකීම චිරාත් කාලක් තිස්සේ මතකය තුළ ගබඩා වී තිබෙන බවත්ය.

1923 සැප්තැම්බර් මාසයේ 16වන දින සිංගප්පූරුවේ කම්පොන් ජාවා මාවතේ අංක 95 දරන ස්ථානයේ පිහිටි සුවිශාල දෙමහල් නිවසක දී මම ඉපදුණෙමි. මා ඉපදෙන විට මගේ පියා, ලී චින් කුන්ගේ වයස අවුරුදු විස්සකි. මගේ මව, චුවා ජිම් නිඕ දහසය වැනි වියේ පසු වූවාය. ඔවුන්ගේ විවාහය වසරකට පෙරාතුව ඒ දෙදෙනාගේ දෙමව්පියන් විසින් සූදානම්කර ඇත. මගේ පියා යහමින් මිල තිබූ පවුලක අයත් වූ අතර මට අවශ්‍ය ඕනෑම දෙයක් සීමාවකින් තොරව රැෆල්ස් ප්ලේස්හි පිහිටි ජෝන් ලිට්ල් සහ රොබින්සන් යන සුපිරි සාප්පු දෙකේ පවත්වාගෙන ගිය පවුලේ ගිණුම යටතේ මිල දී ගැනීමට පහසුකම් සපයා තිබුණි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශාන්ත ජෝසප් අධ්‍යාපන ආයතනයේ තම අධ්‍යාපනය කරගෙන ගිය ඔහු කනිෂ්ඨ සහතිකපත්‍ර විභාගයෙන් පසු අතරමග නැවතීම පසු කාලයේ ඔහුගේ පමණක් නොව ඔහුගේ මවගේද බලවත් කනගාටුවට හේතුවක් වී ඇත. වෘත්තීමය අධ්‍යාපනයක් නොලැබීම නිසා ඔහුට ලබාගත හැකිව තිබුණේ ෂෙල් තෙල් සමාගමේ ගබඩා භාරකාර තනතුරක් පමණි. මේ අතර 1927 සහ 1930 අතර කාලයේ ලෝක ආර්ථික අවපාතය හේතු කොටගෙන මගේ පියාගේ සහ මවගේ පවුල්වල ආර්ථික තත්ත්වය අයහපත් අතට හැරී තිබේ.

මගේ පවුල

Did you know that Mr Lee Kuan Yew was a boy scout during his Raffles Institution days?
අපේ පවුලේ සිංගප්පූරු ඉතිහාසය පටන්ගන්නේ හක්කා කුලයට අයත් මගේ පිය පාර්ශ්වයේ මී මුත්තා වන ලී බොක් බූන් ගෙනි. චීනයේ පිහිටි ඔහුගේ සොහොන්කොතේ ඇති සටහනට අනුව ඔහු ඉපදී ඇත්තේ 1846 වර්ෂයේ දකුණු චීනයේ ග්වන්ග්ඩොං ප්‍රදේශයේ ඩාබු දිස්ත්‍රික්කයේ පිහිටි ටැන්ග්සි නැමැති ග්‍රාමයේ දීය. සිංගප්පූරුවට පැමිණි ඔහු එහි හක්කා වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ දියණි කෙනෙකු වු සිඕ හුවාං නිඕ සමඟ 1870 දී විවාහ වී ඇත.

චීනයට ගොස් ගෙයක් දොරක් හදාගෙන වැදගතකු ලෙස ජීවත් වීමට තරම් මුදලක් හම්බ කරගත් ඔහු 1882 දී සිය රටට යෑමට ඉටා ගත්තේය. එහෙත් තම පවුලේ අන් අය අතහැර චීනයට යන්නට ඔහුගේ බිරිඳ කැමති වී නැත. එකල දස හැවරිදි වියේ පසු වූ මගේ මුත්තාට අනුව ඔහුගේ මව මී මුත්තාගෙන් බේරීමට තම දරුවන් දස දෙනාත් සමඟ සැඟවී ඇත. තනිවම චීනයට ගිය ලී බොක් බූන් වෙනත් විවාහයක් කරගෙන තම සිතැඟියාවට අනුව විශාල නිවසක් සාදාගෙන ජීවත් වුවේය. එසේම ඔහුට නම්බුනාමයක්ද ප්‍රදානය කර තිබේ. මගේ සීයා වන ලීහූන් ලියොංග් ඉපදී ඇත්තේ වර්ෂ 1781 දී සිංගප්පූරුවේදීය. මම ඔහුට චීන භාෂාවෙන් කුන් හෙවත් සීසා යැයි ආමන්ත්‍රණය කෙළෙමි. මගේ පියාට අනුව සීයා පස්වන පන්තිය තෙක් රැෆල්ස් අධ්‍යාපන ආයතනයේ අකුරු කරවා ඇත. ඔහු විසින් මට පවසා ඇති පරිදි පාසලන් ඉවත් වීමෙන් පසු ටික කලක් බෙහෙත් පිළියෙල කරන්නකු වශයෙන් සේවය කර ඉන්පසුව පෙරදිග ඕලන්ද ඉන්දියානු දූපත් (එකල ඉන්දුනීසියාව හැඳින්වූයේ එසේය) සහ සිංගප්පූරුව අතර යාත්‍රා කරන දුම් නැවක ගිණුම් කටයුතු කරන්නකු වශයෙන් සේවයට බැඳී ඇත. මෙම රැකියාව කරන අතරතුර ඔහු මධ්‍යම ජාවා ප්‍රදේශයේ සෙමරැන්ග් නගරයේ දී මගේ මිත්තණිය වූ කෝ ලියම් නිඕ සමඟ 1899 මාර්තු 26 වන දින විවාහ වී තිබේ. 1903 දී සෙමරැන්ග් නගරයේ දී මගේ පියා උපත ලැබූ වහාම සීයා විසින් මිත්තණියන් සහ දරුවා සිංගප්පූරුවට රැගෙන එන ලදී.

ඔහු කෙරෙහි තමන් සේවය කළ නැවේ අයිතිකරු වන ඔයි ටිඔං හැම්ගේ විශ්වාසය දැඩි වනවාත් සමඟම ඔහුගේ වාසනාව ද මතු වන්නට පටන් ගත්තේය. ඔයි විසින් මගේ සීයා තමාගේ දේපළ පරිපාලනය සඳහා පත්කර ගෙන තිබුණි. ඔහු කෙරෙහි ඔයි තුළ තිබූ විශ්වාසයේ මහිමය කියාපාන සිද්ධියක් මගේ සීයා වරක් මට විස්තර කෙළේය. 1926 දී මගේ සීයා තමන්ගේ කැමැත්ත මත ඔයිගේ මුදල්වලින්, එකල සෑහෙන මුදලක් වූ, සිංගප්පූරු ඩොලර් 150,000ක මුදල් ප්‍රමාණයක් රැෆල්ස් අධ්‍යාපන ආයතනයට ප්‍රදානය කර තිබේ. මගේ පියත් සීයාත් අතරින් කවුරුන් වඩාත් මගේ සීයා මා වඩාත් සුරතල් කළ අතර මගේ පියා දැඩි විනයධරයෙක් වූයේය. මා සම්බන්ධයෙන් හෙතෙම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

මා ඉපදුණු අවස්ථාවේ දී මගේ පවුලේ උදවිය නක්ෂත්‍රය පිළිබඳ අවබෝධයක් ඇති හිතවතකුගෙන් මට ගැළපෙන නමක් ගැන විමසා ඇත. ඔහු යෝජනා කර ඇත්තේ ‘ආලෝකය සහ දීප්තිය’ යන අර්ථය ගෙන දෙන මැන්ඩරීන් චීන භාෂාවෙන් ‘ග්වාන්ග් යඕ’ යන පදයෙන් බිඳී ආ ‘ක්වාන් යූ’ යන නමයි. එහෙත් මගේ සීයා බ්‍රිතාන්‍ය දේ අගය කිරීම කරණ කොටගෙන මගේ නමට ‘හැරී’ යන ඉංග්‍රිසි නම ද එකතු විය. ඒ අනුව මම හැරී ලී ක්වාන් යූ වූවෙමි.

කුන් හා සසඳන විට චූචා සීයා බෙහෙවින්ම වෙනස්ය. හෙතෙම විධිමත් ඉංග්‍රිසි අධ්‍යාපනයක් නොලද්දකු වූ අතරම බ්‍රිතාන්‍ය ජාතික නාවික කපිතාන්වරුන් හෝ ලක්ෂපති චීන ජාතික උක් වගාකරුවන් හෝ ආශ්‍රය කළේ නැත. මලක්කා ප්‍රදේශයේ සිට සිංගප්පූරුවට සංක්‍රමණය වූ හොක්කියන් කුලයට අයත් චීන පවුලක 1865 දී ඔහු ඉපදී ඇත. ඔහු පොහොසතකු වී ඇත්තේ වෙහෙස මහන්සි වී වැඩ කළ නිසාත් අරපරෙස්සමින් වියදම් කිරීම නිසාත්ය. ඔහු විවාහයන් තුනක් කරගෙන තිබේ. පළමු බිරින්දෑවරුන් දෙදෙන මිය ගිය හෙයින් ඔහුගේ තෙවන බිරිඳ වී ඇත්තේ මගේ ආච්චි අම්මායි. ඇගේ නම නිඕ ආ සුන් වූ අතර පළල් උරහිසින් යුත් ඇය ඕලන්දයට අයත් බොනියෝ පළාතේ පොන්ටියනක් ප්‍රදේශයේ ඉපදී ඇත. ඕතොමෝ ඉන්දුනීසියානු මැලේ සහ හක්කා යන චීන භාෂා ප්‍රභේද දෙක කතා කළහ.

චුචා සීයා සහ ඔහුගේ තුන්වන බිරිඳගේ දරුවන් සියලු දෙනා ලී සහ ගඩොළුවලින් සාදා තිබූ විශාල බංගලාවක වාසය කළහ. මගේ මව, පියා සහ අපි දරුවන් පස්දෙනා නිවසේ විශාල කාමරයක ජීවත් වූයෙමු. අපේ නිවෙස්නය ප්‍රීතිමත් ගෘහයක් වූ අතර සමහර අවස්ථාවල කුඩා උන් අතර සුළු ගැටුම් පැවතිණි. මගේ සහෝදරයන් තිදෙනා, සහෝදරිය, මෙන්ම මගේ නෑනා මස්සිනාලා හත් දෙනා මට වඩා වයසින් බාල අය වූ නිසා මා අප නිවස අවට පිහිටා තිබූ ලෑලි නිවාසවල ජීවත් වු මැලේ සහ චීන මසුන් මරන්නන්ගේ දරුවන් සමඟ සෙල්ලම් කෙළෙමි. කැම්පොන්ග් නම් වූ මෙම ප්‍රදේශයේ මෙවැනි කුඩා නිවාස විස්සක් හෝ තිහක් තිබුණි. මෙම නිවාසවලට යාර 200ක් පමණ එපිටින් වූ සිග්ලප් වෙරළ තීරයේ මෙම මසුන් මරන්නෝ තම ජීවිකාව කරගෙන ගියෝය. 

-------------

ඒ වූ කලී මා තුළ තරමක කැලඹිල්ලක් ඇති කිරීමට හේතු සාධක වූ කරුණකි. සිංගප්පූරුව, පිනෑන්ග් සහ මලක්කා යන ප්‍ර දේශ වෙනුවෙන් මෙම රැජිනගේ ශිෂ්‍යත්ව වෙන් කර තිබුණේ වසරකට දෙකක් පමණි. ඒවා ද හොඳම සිසුන් දෙනාටම ලබා දිය යුතුය යන නියමයක් වූයේ ද නැත. රැෆල්ස් අධ්‍යාපන ආයතනයේ දී මෙන් රැෆල්ස් විද්‍යායතනයේ දී ද පළමු වාරය මා ප්‍රිය කළේ නැත. නවක වදය මුල් පුරා ම පැවතිණි. පංතියේ හොඳම ළමයා වීම, උසස් සිසුවා වීම නිසා මෙන් ම කැපී පෙනෙන නවකයා වීම නිසා මා නිරන්තරයෙන්ම ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අවධානයයට පාත්‍ර විය. මේ නිසා මට නිතර නිතර ගීත ගැයීමට, ජිල් බෝලයක් නාසයෙන් තල්ලු කරමින් බඩ ගෑමට සහ කොළ පාට රෙදි කෑල්ලකින් සකස් කළ ටයි පටියක් පැලඳගෙන කොළ පාට කොඩි කබලක් ඔසවාගෙන නවක සිසුන්ගේ පෙළපාළිවල පෙරටුවේ ගමන් කරන්නට සිදු විණි.

මෙය මහා  මෝඩකමක් ලෙස සැලකුව ද එම ක්‍රියාවලියට අනිවාර්යයෙන් ම දායක වන්නට සිදු විය. අමනකම සහ පරිණත බවෙන් හීන අය විසින් සකස් කරන ගන්නා ලද වැරදි සාම්ප්‍රදායක් වූ මෙය අධ්‍යාපන විද්‍යාතනයට බැඳීම වෙනුවෙන් කළ යුතු වූ වියදමක් මෙනි. අපි ටයි කෝට් පැලඳගෙන දේශනවලට සහභාගි වූ වෙමු. දේශන ශාලා වායුසමනය කර නොතිබූ අතර සැදෑ හිරුට මුහුණලා තිබූ නිසා එක් විද්‍යාගාරයක් පෝරණුවක් මෙන් විය. එසේම ආගන්තුක වට පිටාව සහ නීරස ආහාර නිසා මම අන්දමන්ද  වී සිටියෙමි. 1941 වසරේ මාර්තු මාසයේ දී පැවැති විභාගයෙන් මා ශුද්ධ ගණිතයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර ක්වා ගිඔක් චූ මෙනවිය ඉංග්‍රීසි සහ ආර්ථික විද්‍යාවෙන් මෙන් ම ඇගේ තෙවන විෂය වූ ඉතිහාසයෙන් ද ප්‍රථමයා වුවා ය. මට රැජිනගේ ශිෂ්‍යත්වය සඳහා දැඩි තරගයක් ඇති බව වටහා ගත්තෙමි.

ජාති ආගම් සම්බන්ධ දේශපාලනයට ප්‍රවිෂ්ටවීම තවත් ගැටලු රාශියක් විය. රැෆල්ස් විද්‍යායතනය තුළින් ජාති හා ආගම් සම්බන්ධ දේශපාලනයට මගේ  ප්‍රවිෂ්ටවීම සනිටුහන් කෙළෙමි. බ්‍රිතාන්‍ය යටත් විජිතයේ ආගම සහ ජාතිය මුල් කරගෙන මිනිසුන් වෙන් කිරීමක් සිදු නොවීය. සිංගප්පූරු සහ මැලේ ජාතීන්ට එක සමාන ලෙස සැලකුවේ ය. එහෙත් 1940 ජූනි මාසයේ දී මට ප්‍රථම වරට වෙනස් ක්‍රමයක් යටතේ හැදුණු වැඩුණු මැලේ කණ්ඩායමක් මුණ ගැසිණි. ඒකාබද්ධ මැලේ පාගමන ඒකකයන් වන පෙරක, සෙලන්ගෝර්, පහාන්ග් සහ නෙගරි සෙම්බිලාන් සහ ඒකාබද්ධ නොවූ මැලේ පාලන ඒකකයන් වන ජොහෝර්, කෙඩා, පෙර්ලිස්, කෙලන්තන් හා තෙරන්ග්ගානු තුළ මැලේ නොවන ජාතීන් සඳහා රැෆල්ස් විද්‍යාතනයේ ඉගෙන ගැනීමට ලබා දී තිබුණේ ශිෂ්‍යත්ව පහකි.

PRIME MINISTER LEE KUAN YEW MEETING BOYS SCOUTS DURING HIS TOUR OF BUKIT TIMAH CONSTITUENC

කෙසේ වෙතත් ඒකාබද්ධ නොවූ මැලේ පාලන ඒකකයන් තුළ දී මෙන් මේවායේ ද මැලේ ජාතිකයන් හට වැඩි අවස්ථාවන් ලබා දුනි. ආයතනයට වසරක දී ඇතුළත් කරගන්නා සිසුන් 100 දෙනාගෙන් 20 දෙනෙකු ම උඩරට ප්‍ර දේශවල සිට පැමිණි අර ප්‍රාන්ත රජයන් විසින් ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබිණි. ඔවුන් අතර දැඩි සාමූහිකත්වයක් දක්නට ලැබිණි. මෙම තත්වය මා තේරුම් ගත්තේ වෙහෙස මහන්සි වී කැපවීමකින් ඩැඩකර චින සහ ඉන්දියානු සංක්‍රමණිකයන්ගෙන් තර්ජනයන් එල්ල විය හැකිය යන හැඟීමෙන් එයට මුහුණ දීම සඳහා සන්ධානගත වීමක් වශයෙනි. මගේ පංතියේ ඉගෙනගත් එක් මැලේ සිසුවකු පසු කාලයක දී මැලේසියාවේ අගමැති වූයේය.

පහාන්ග් ප්‍රදේශයේ සිට පැමිණි මැලේ ප්‍රභූ පවුලක සිසුවකු වූ අබ්දුල් රසාක් බින් හුසෙන් මා සමඟ ඉංග්‍රීසි සහ ආර්ථික විද්‍යාව ඉගෙන ගත් අතර ඔහු මාගේ ළඟ ම හිතවතෙක් නොවීය. එසේ වතුදු සාමාන්‍ය පවුල් වලට අයත් මැලේ සිසුහු මා සමඟ කුළුපග වූහ. ඒ සඳහා මගේ ළමා කාලයේ දී අත්දැකීම් මෙන් ම චතුර ලෙස මැලේ භාෂාව හැසිරවීමට මට ඇති හැකියාව ද පිටිවහලක් විය. මෙම ප්‍රභූ මැලේ පංතිය නියෝජනය කරන්නවුන් තුළ මැලේ නොවන ජාතීන්, විශේෂයෙන් ම චීන ජාතිය,කෙරෙහි තිබූ ආකල්ප සිංගප්පූරු මැලේ ජාතීන්ට වඩා වෙනස් බව මෙම මුල් අවස්ථාවල දී ම වටහා ගත්තෙමි.

------------------

1936 දී මම එවකට රටේ තිබූ හොඳම ඉංග්‍රීසි පාසලක් වූ රැෆල්ස් අධ්‍යාපන ආයතනයට ද්විතීයික අධ්‍යාපන සඳහා ආණ්ඩුවේ පාසල් පසළොසක ඉහළ ලකුණු ගත් සිසුන් 150ක් සමඟ ඇතුළු වූයෙමි. මෙම කණ්ඩායමේ විවිධ ජාතීන්, ආගම් මෙන් ම සමාජ මට්ටම්වලට අයත් සිසුහු වූහ. වැඩි සිසුන් සංඛ්‍යාවක් පැමිණ සිටියේ මැලේ දේශයේ සිටය. මෙම පාසලේ මුල් කාලයේ සිට බ්‍රිතාන්‍ය ජාතික මුල් ගුරුවරුන් එය බ්‍රිතාන්‍ය පාසලක මට්ටමින් පවත්වාගෙන ගිය අතර කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් විභාගය සඳහා සිසුන් සූදානම් කෙරිණි.

විශේෂයෙන් ම මෙහි භාවිතා වූ ඉංග්‍රීසි භාෂාව, ගණිතය, ඉංග්‍රීසි සාහිත්‍යය, බ්‍රිතාන්‍ය ඉතිහාසය, භූගෝලය වැනි විෂයයන්ට අදාළ අච්චු පොත් මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ම පොදු ඒවා විය. මේවා එකල බ්‍රිතාන්‍යයේ රජයේ පාසල් වලද භාවිතා කරන්නට ඇති බව මගේ හැඟීමයි. මෙම පාසලේ ඉගැන්වීම් කටයුතු කළේ  ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. පසු කාලයේ දී  පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල නායකයන් සමඟ කථාබහ කරන විට මට වැටහුණේ ඔවුන් ද පාවිච්චි කළ පත පොතම භාවිතා කර තිබෙන බවයි.

ද්විතීයික පාසල් ශ්‍රේණි හතරක් විය. ඒවා නම් හයවැන්න, හත්වැන්න, කනිෂ්ඨ කේම්බ්‍රිජ්, සහ ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් පංතීන්ය. මා දැඩි ආයාසයකින් යුතුව ඉගෙනීම් කටයුතුවල නියැළුණේ නැති වුවද ගණිතය සහ විද්‍යා විෂයයන් වෙනුවෙන් දස්කම් පෙන්වූ අතර ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් හොඳ අත්තිවාරමක් දමා ගත්තෙමි. හය වන පංතියේදී මම හැම විටම හොඳම සිසුන් අතරින් එකකු වූ නිසා මා හත්වැනි ශ්‍රේණියේ හොඳම පන්තිය වන හත ඒ පංතියට උසස් කෙරිණි. එහිදී මම කිසිදු අමතර වෙහෙසකින් තොරව පංතියේ හොඳම සිසුන් තිදෙනාගෙන් එකෙක් වූයෙමි. අපේ පංතිභාර ගුරුවරයා වූයේ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ උපාධිය ලත් තරුණ ඒ.ටී .ග්‍රීව් මහතාය. හෙතෙම මිත්‍රශීලී ගුරුවරයකු වූ අතර මගේ ඉංග්‍රීසි භාෂා වර්ධනයට විශාල රුකුලක් ලැබුණේ ඔහු ගෙනි. මම කේම්බ්‍රිජ් විභාගයෙන් අපේ පාසලේ පළමු ස්ථානය ලබා ගත්තෙමි. මෙය මා පෙනී සිටි විදේශයක දී ප්‍රශ්න පත්‍ර සකස් කරන සහ ලකුණු කරන ප්‍රථම විභාගය විය.

මම ඒ වසරේ රැෆල්ස් ආයතනය විසින් පිරිනමන ලද ශිෂ්‍යත්වය සහ ටෑන්ජියන් කිමි ශිෂ්‍යත්වය දිනා ගත්තෙමි. මේ දෙකින් මට ඩොලර් තුන්සිය පනහක් ලැබුණු අතර එය විශාල මුදලක් විය. මම ඉන් ඩොඩාලර් 70ක් වියදම් කර වේග තුනක ගියර් සහිත හුරුබුහුටි රැලේ බයිසිකලයක් මිලදී ගත්තෙමි. මම කුරුල්ලෙකු මෙන් එහි නැගී පාසලට පැමිණි අතර අතේ වියදමට ද මුදලක් මා සතු විය. තවදුරටත් වාසනාව මා වෙත ළඟ වෙමින් පැවතිණි. 1940 දී පැවති කේම්බ්‍රිජ්  ජ්‍යෙෂ්ඨ විභාගයෙන් මම මගේ පාසලින් පමණක් නොව සිංගපූරුවෙන් සහ මුළු මැලේ දේශයෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගත්තෙමි.

රැෆල්ස් අධ්‍යාපන ආයතනයේ ගත කළ කාලය ඉතා ප්‍රියජනක එකක් වූයේය. මම පංතියේ වැඩ අපහසුතාවයකින් තොරව කළ අතර බාලදක්ෂ කටයුතු, ක්‍රිකට්, ටෙනිස්, සහ පිහිනීම වැනි බාහිර ක්‍රියාකාරකම් මෙන්ම වාද විවාදවලටද සහභාගි වූවෙමි. එහෙත් මට කිසිවිටකත් ශිෂ්‍ය නායකයකු හෝ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන්නටනොහැකි විය. පංතියේ පාඩමට ඇහුම්කන් නොදීම, පංතියේ යහළුවන්ට කොළවල පණුවුඩ ලියා යැවීම සහ සමහර ගුරුවරුන්ගේ ආගන්තුක හැසිරීම් රටාවන් අනුකරණය කිරීමට යාම නිසා බොහෝ අවස්ථාවලදී ගුරුවරුන්ගේ උදහසට ලක් වුණෙමි.

1938 දී දිනක් මට විදුහල්පතිවරයා හමුවට යන ලෙස අණක් ලැබිණි. විදුහල්පති ඩී.ඩබ්ලිව්. මැක්ලොයිඩ් මහතා දැඩි ලෙස පාසලේ විනය පවත්වාගෙන යන්නට වෙහෙස විය. පාසලේ නීතියට අනුව එකම වාරයකදී තෙවරක් පාසලට පරක්කු වී පැමිණීම හේතු කරගෙන ඔහු මට වේවැල් පහර තුනක් දුන්නේය. උදෑසන නැගිටීමට පරක්කු වන නිසා බොහෝ විට මට පාසල් යාමට ප්‍රමාද වේ. මා පාසලේ තෑගි උත්සවයන්හිදී ත්‍යාග ගණනාවක් ලබන බව විදුහල්පතිතුමා දැනගෙන සිටියත් මා කෙරෙහි වුවද විශේෂත්වයක් දැක්වූයේ නැත. බටහිර අධ්‍යපනඥයන් පාසල්වලදී සිසුන්ට දඬුවම් කිරීමට විරුද්ධ මන්දැයි මට වැටහෙන්නේ නැත. මෙවන් දඬුවමකින් මට හෝ මගේ සමකාලීන සිසුන් හට කිසිදු ශාරීරික හානියක් සිදු වූයේ නැත.

කෙසේ වෙතත් මම ජීවිතය දෙස බැරෑරුම් ලෙස බලන්නට පුරුදු වූයෙමි. මගේ මව්පියන් නිතර පැවසුවේ ඔවුන්ගේ යහළුවන් බොහෝ දෙනෙකු හොඳ ජීවිතගත කරන්නේ වෛද්‍යවරුන් සහ නීතිඥයන් වීම නිසා බවයි. එසේම ඔවුන් ස්වයං රැකියාවල නිරත වූ හෙයින් ආර්ථික අවපාතය නිසා හිරිහැරයට පත් නොවූ බවත්ය. මගේ පියා තම තරුණ කාලයෙන් නිසි ප්‍රයෝජන නොගත් බව සඳහන් කළේ හදවතට නැති කණගාටුවක්ද පෙරදැරි කරගෙනයි. ඔවුන්ට අවශ්‍ය වූයේ මාද වෘත්තිකයකු කරන්නටයි. මේ නිසා  මා කුඩා අවධියේ සිටම අදිටන් කරගත්තේ  නීතිඥයකු වන්නටය. කිසියම් කෙනෙකු යටතේ නිකම්ම නිකන් සේවකයකු වන්නට මගේ කැමැත්තක් තිබුණේ නැත. මගේ ඒකායන අරමුණ වූයේ එංගලන්තයට ගොස් නීතිය හැදෑරීමයි.

1940 වන විට යුද්ධය නිසා යුරෝපයට අපල කාලයක් උදා විය. එහෙයින් එංගලන්තයට ගොස් නීතිය හැදෑරීම පිළිබඳ වූ අදහස කල් දමන්නට මම තීරණය  කෙළෙමි. කේම්බ්‍රිජ් විභාගයෙන් සිංගප්පූරුවෙන් සහ මැලේ දේශයෙන් ප්‍රථම ස්ථානය ලැබීම නිසා එවකට තිබූ ශිෂ්‍යත්ව අතරින් වටිනා එකක් වූ ඇන්ඩර්සන් ශිෂ්‍යත්වය ලබාගෙන රැෆල්ස් විද්‍යායතනයේදී ශාස්ත්‍රෝද් ග්‍රහණය කරන්නට අවස්ථාවක් මට ලැබිණි. එම ශිෂ්‍යත්වයෙන් මට ඩොලර් දෙසීයක් ලැබුණු අතර එය බොහෝ රජයේ  ශිෂ්‍යත්වවලට වඩා යහපත් එකක් වූ අතර අධ්‍යාපනයට වියදම් කර වැඩිපුර කීයක් හෝ අතේ ඉතිරි කරගන්නටත් මට පිළිවන් විය.
 

රැෆල්ස් විද්‍යායතනයේදී

රැෆල්ස් විද්‍යායතනය 1928 දී යටත් විජිත ආණ්ඩුව විසින් ආරම්භ කර ඇත. මෙහි කලා විෂය ධාරාව යටතේ ඉංග්‍රීසි, ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ආර්ථික විද්‍යාවද, විද්‍යා විෂය ධාරාව යටතේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ශුද්ධ සහ ව්‍යවහාරික ගණිතයද ඉගැන්විණි. රජය විසින් මෙම ආයතනය සඳහා දැකුම්කළු ගොඩනැගිලි කීපයක් සැලසුම් කර තිබූ අතර මේවා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් ගෘහ නිර්මාණ රටාවට නෑකම් කීවද උෂ්ණ දේශගුණයට සුදුසු අයුරින් නිර්මාණය කර තිබුණි.

ශිෂ්‍යත්වලාභියකු නිසා මා හට නේවාසිකාගාරයේ නැවතී සිටීමට සිදුවිය. මට එය අසීරු දෙයක් වූයේය. මෙම නේවාසිකාගාර සිංගප්පූරුවේ උෂ්ණ දේශගුණයට ගැලපෙන ලෙසින් උස් සීලිං වලින් යුතුව විශාලව සාදා තිබුණි. හැම නේවාසිකාගාරයක්ම කාමර 20කට බෙදා තිබූ අතර විවෘත ආලින්දයට මුහුණ ලා ‘ප්‍රංශ ජනේල’ විය. කාමර වෙන්කර ඇති බිත්ති අඩි අටකට වඩා උස් නොවුයෙන් වාතය හොඳින් සංසරණය වීමට එය පිටිවහලක් විය. මෙම කාමරවල තරුණ උපාධි අපේක්ෂකයෝ ලැගුම් ගෙන සිටියහ.

හැම සිසුවකුම විෂයයන් තුනක් හැදෑරිය යුතුය. මම ඉංග්‍රීසි හැදෑරුවේ සියුම් කලා සිසුන් සඳහා එය අනිවාර්ය විෂයක් වීම නිසායි. මම භාෂාව හොඳින් හැසිරවීමට පුහුණු වූ අතර එයින් මට නීතිය හැදෑරීමට මෙන්ම මගේ ප්‍රියතම විෂයන් වන ගණිතය  සහ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට පිටු බලයක් ලැබුණි. මම ගණිතයට ප්‍රිය කළේ මා එයට දක්ෂ වූ නිසායි. ආර්ථික විද්‍යාවෙන් මට වෙළඳ ව්‍යාපාරයන් ගෙන් මෙන්ම මුදල් ඉපැයීමට සහ කොටස් වෙළඳපොළේ ගණුදෙනු කරන්නට පිටිවහලක් ලැබේ යැයි විශ්වස කළෙමි. පළමු වසර අවසානයේ සිසුන් තම ප්‍රධාන විෂය වශයෙන් එක් විෂය ධාරාවක් තෝරා ගත යුතු විය. මා තෝරා ගත්තේ ගණිතයයි.

හැම අධ්‍යාපන වසරක්ම වාර තුනකින් යුක්ත වූ අතර ඒ හැම වාරයක් අවසානයේ දී විභාග පැවැත්විණි. මා ගණිතයෙන් ලකුණු 90 ට වඩා වැඩියෙන් ගෙන ප්‍රථමයා වූ අතර ඉංග්‍රීසි සහ ආර්ථික විද්‍යාවෙන් ක්වා ශිඔක් චූ මෙනෙවියට දෙවැනි විය. මීට පෙර මට ඇය හමුවූයේ 1939 දී රැෆල්ස් අධ්‍යාපන ආයතනයේදීය. පිරිමි ළමයින් පමණක් සිටින පාසලේ සිටි එකම ශිෂ්‍යාව වූ නිසා විදුහල්පතිතුමා ඇයට පාසලේ ත්‍යාග ප්‍රධාන උත්සවයන්හිදී ත්‍යාග පිරිනමන්නටද අණ කළේය. මම ඇගෙන් මෙවන් උත්සවයන්හිදී පොත් තුනක් තෑගි වශයෙන් ලබා ඇත්තෙමි. ඕ රැජිනගේ ශිෂ්‍යත්වය ලබා ගනු වස් විශේෂ පන්තියක අධ්‍යාපනය හදාරමින් සිටියාය.

මතු සම්බන්දයි

විශේෂ ස්තූතිය
පරිවර්තනය රංජිත් ගුණරත්න
http://iridapaper.lk 



 Scouting Salute and respect..!

Tribute to Mr Lee Kuan Yew. Your leadership and policies have affected lives. For better, for worse, for good, for bad, I guess life is a package. But at the end of the road, we will all go into a box marked "Return to Maker"...Rest in Peace, Mr Lee and our Deepest condolences to the Lee family.

Scouting Magazine - Sri lanka
 

නන්ද ප‍්‍රනාන්දු නැමති බාලදක්ෂයා

බැංකු ක්ෂේත‍්‍රයේ වසර 35 කට අධික අත්දැකීම් ඇති  නන්ද ප‍්‍රනාන්දු මහතා පසුගියදා සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගත්තේය. බැංකුවේ ආරම්භයේ සිටම එහි උන්නතිය සඳහා විශාල දායකත්වයක් දැක්වූ ඒ මහතා මෙම පත්වීමට පෙර කටයුතු කළේ එහි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වශයෙනි. ඒ මහතා මේ වන විට සම්පත් බැංකු සමූහයට අනුබද්ධ SC සිකියුරිටීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.
සම්පත් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම නව පත්වීම සිදු වී තිබේ. බැංකු කරුවකු ලෙස වසර 35 ක අත්දැකීම් ඇති ඔහු වසර 6 ක් හැටන් නැෂනල් බැංකුවේ සේවය කර ඇත. සම්පත් බැංකුව වෙනුවෙන් වසර 29 කට ආසන්න කාලයක් ලබාදුන් අනුපමෙය සේවය අගයමින් නන්ද ප‍්‍රනාන්දු මහතා ඉදිරියේදී එම බැංකුවේ වර්ධනය තව තවත් වේගවත් කිරීම සඳහා නව වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. 

ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපාධිධාරියෙකු වන නන්ද ප‍්‍රනාන්දු මහතා අලෙවිකරණය ප‍්‍රමුඛව ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් හිමි කරගෙන ඇත. එමෙන්ම ඒ මහතා ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු දිස්ත‍්‍රික් කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ පුහුණු කිරීමේ නායකයෙකු ලෙස සුදුසුකම් සපුරා තිබේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා මේ වන විට එහි සමූහ කමිටුවේ උපදේශක ලෙසද කටයුතු කරයි.

මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගමක් ලෙස සම්පත් බැංකුව ලබා ඇති කීර්තිය තවදුරටත් වර්ධනය කිරීම සඳහා මින් ඉදිරියට ඒ මහතාගේ දායකත්වය වඩාත් පුළුල් ලෙස හිමි වනු නිසැකය. සිය ආදර්ශමත් වෘත්තීය ජීවිතය තුළ නන්ද ප‍්‍රනාන්දු මහතා පාරිභෝගික බැංකුකරණය හා ආයතනික බැංකුකරණය යනාදී අංශ ඇතුළුව බැංකුවේ මෙහෙයුම්වල විවිධ අංශ රාශියක් සඳහා නායකත්වය ලබා දී තිබේ.

1986 වසරේදී සංස්ථාගත කරන ලද සම්පත් බැංකුව ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික හරයන් නවීන තාක්ෂණය සමග මුසු කරමින් මෙරට ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම බැංකුකරණ සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරන බැංකුවකි. නන්ද ප‍්‍රනාන්දු මහතාගේ පත්වීම බැංකුවේ මෙම සුවිශේෂී මෙහෙවර තව තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු නොඅනුමානය.

 ------------------

Sampath Bank, ranked among the top-tier private banks in the country, has announced the appointment of Nanda Fernando as its new Managing Director with effect from today.

Having played a pivotal role at Sampath Bank since the year of its inception, Fernando served in the capacity of Chief Operating Officer, prior to this appointment.

With a banking career that spans 35 years, he also function as a Director of SC Securities Ltd., which is a subsidiary of the Sampath Group of Companies.

Havingdynamically contributed to the strengthening of Sampath Bank for almost 29 years, his appointment as the new Managing Director will see the application of multidisciplinary competencies to further establish the bank as a benchmark financial institution in Sri Lanka.

Fernando aims to strengthenSampath Bank’s values, stakeholder presence and business objectives as the financial conglomerate looks towards further expansion and growth in the country.

During his illustrious career, Fernando has been responsible for driving multipleaspects of the bank and has supported transactional banking covering retail and corporate banking, among many other key growth areas.

An Associate member of the Institute of Bankers in Sri Lanka, he possesses a Master’s Degree in Business Administration specialising in Marketing. He is also a qualified Four Bead Leader Trainer and a past District Commissioner of the Sri Lanka Scouts’ Association. He is a product of S. Thomas’ College, Mount Lavinia and currently functions as the Group Advisor to the Group Committee of his alma mater.

Incorporated in 1986, Sampath Bank PLC has successfully combined traditional Sri Lankan values with state-of-the-art innovations to offer a local, yet progressive banking propositions to its stakeholders. The new appointment of Fernando will see the continuation and the strengthening of the Bank’s ambitions and its contribution to Sri Lanka.