Translate

Sunday, May 21, 2017

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016 (අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ)

'මම අමතර පන්තියකට ගියේ සිංහල විෂයයට විතරයි, ඉංජිනේරුවරියක්‌ වීම ඉලක්‌කයයි! මම දිවයිනේ වැඩිම ලකුණු ඇති සිසුන් අතරට එයි කියා ගුරුවරු කීවා. ඒත් මට ඉලක්කය තිබුණේ ඒ සාමාර්ථ 9 ක් ගැනීම පමණයි. මම ඒ ඉලක්කයේම හිටියා. කිසිම වෙලාවක කටපාඩම් කරන්න ගියේ නැහැ. ඒත් හැකි උපරිම පමණින් අභ්‍යාස කළා'

අපොස සා. /පෙළ පළමු වැනියා

කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල්

2016 සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජය ගන්නට වෙහෙසුණු දූ දරුවන්ගේ මාර්තු 28 වැනිදා ප්‍රතිඵල නිකුත් කෙරිණ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8,224 කි. 2015 වසරේදී එම සංඛ්‍යාව 6,102 ක් වූ අතර මෙවර ඒ 9 සාමාර්ථ ලැබූ ගණන පැහැදිලි ඉහළ යාමක් දක්නට තිබේ.

මෙවර අයදුම්කරුවන් පන්ලක්‌ෂ පනස්‌එක්‌ දහස්‌ තුන්සිය හතළිස්‌ දෙනකු අතරින් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ හපනුන් අතර බාලදක්ෂිකාවක් ද විය. ඇය 2016 අ.පො.ස. (සා.පෙළ) විභාගයට A සාමාර්ථ 9 ක් ලබාගෙන දිවයිනෙන් පළමුවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. ඇයගේ පියා මොරටුව සරසවියේ ආචාර්යවරයෙකු වන අතර මව විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කරන්නියකි. අනුකිට නැගණියක්‌ද සිටින අතර, ඇය ද විශාඛා විදුහලේ 10 වැනි වසරේ ශිෂ්‍යාවකි. අනුකි ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරුවෙකු වීමට කැමැත්ත දක්වන්නීය.  

මට හැම විභාගයකදීම ලකුණුවල සාමාන්‍ය 95%කට වඩා වැඩියෙන් තිබුණා. ඒ නිසා පළමු දස දෙනා අතරට එන්න මහන්සි වෙන්න කියලා ගුරුවරුන් නිතරම කිව්වා. මගේ අඩුපාඩු හදා ගන්න ගුරුතුමියන් සියලු දෙනා උදවු කළා. මුලින් මම උපකාරක පන්තිවලට ගියේ නෑ. ගණිතය, විද්‍යාව විෂයයන්වල නොදන්නා කරුණු අම්මාගෙනුත්, තාත්තාගෙනුත් අසා දැන ගත්තා. ඒත් ලංකාවෙන් මුල් දස දෙනා අතරට එන්න පුළුවන් වේවි කියලා හිතූ නිසා සිංහල විෂයයට විතරක් අමතර පන්තියකට ගියා.

පුංචි කාලේ සිටම පොත්පත් කියවන්න මම කැමතියි. ඒ වගේම පාසලේ වැඩ කටයුතුවලට අමතරව මම ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන ඒවාට පිළිතුරු ලිවීමටත් පුරුදු වුණා. පාසලේ පැවති පරීක්‌ෂණවලදී සිංහල විෂයයට ලකුණු අඩු වීමක්‌ තිබුණා. සාහිත්‍ය සම්බන්ධයෙන් මම ටිකක්‌ දුර්වල මට්‌ටමක හිටියෙ. ඒ නිසා මම සිංහල විෂයයට පමණක්‌ අමතර පන්තියකට ගියා. ඒ ගියෙත් එකොළහ ශේ්‍රණියේදී විතරයි. ඒ අමතර පන්තියෙන් මට උපකාරයක්‌ ලැබුණා." යෑයිද අනුකි සිසුවිය කීවාය.   

"සෑම විෂයයකට ම එක හා සමාන අවධානයක් යොමු කරමින් සැලසුමකට අනුව කැපවීමෙන් යුතුව පාඩම් වැඩ සිදු කිරීම නිසා දිවයිනෙන් ම ප්‍රථමයා වීමට හැකි වූණා. පාසලෙන් ලැබුණු මඟ පෙන්වීමත්, අම්මා සහ තාත්තාගෙන් ලැබුණු දිරිගැන්වීමත් මෙවැනි ප්‍රතිඵලයක් ලැබීමට බෙහෙවින් හේතු වූණා. විශේෂයෙන් ම විශාඛා විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ මහත්මිය ශිෂ්‍යාවන් සියලු දෙනාගේ ප්‍රතිඵල ඉහළ නැංවීමට විශේෂ කැපවීමකින් කටයුතු කරනවා. මට ඉගැන්වූ සියලු ගුරුවරුන් නියමිත කාලයටත් පෙර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම උගන්වා අවසන් කර අමතර පන්ති පවත්වමින් දැනුම දියුණු කරගැනීමට උපකාර කළා.

පොත් කියවන එක තමයි මගේ සතුට. කටපාඩම් කිරීම අතහැර අභ්‍යාස කිරීම විභාග ජයගැනීමේ අනෙක් රහස යැයි ද ඇය කියා සිටියාය.  පළමු වසරේ සිට විශාඛා බාලිකා විද්‍යාලයේ සිසුවියක් වූ අනුකි පාසලේ අධ්‍යාපනයට මෙන්ම බාහිර කි‍්‍රයාකාරකම්වලද යෙදුණාය. අපේ ඉගෙනීමේ වැඩ කටයුතුවලට අම්මා සහ තාත්තාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. විෂය බාහිර කටයුතුවලත් නිරත වුණා. ඒ ‍වගේම මම පාසල් චෙස් කණ්ඩායමේ සාමාජිකාවක්. කේවල තරගවල දී මෙන්ම කණ්ඩායම් තරගවලදීත් පාසලට සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර දී තිබෙනවා. බටහිර සංගීතයට ලැදි ඇය සාමාන්‍ය පෙළ විෂයයක් ලෙසද බටහිර සංගීතය හදාරා තිබේ. විශේෂයෙන් පාසලේ බාලදක්ෂීකා කණ්ඩායමේ වගේම චෙස් කණ්ඩායමේ ද කැපී පෙනෙන සාමාජිකාවක් වන ඇය තම ජයග‍්‍රහණය පිළිබඳව මෙසේ කීවාය.


1. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුමන පාසල්වලද? මම එක වසරේ ඉඳලා ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. ලකුණු 173ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා.
2. ඔබේ පන්තියේ සිටි දුර්වල සිසුන්ට ඔබ උදව් කළේ මොන ආකාරයෙන්ද? අපේ පන්තියේ ළමයි 50 දෙනෙක් හිටියා. ඒ අතර හොඳ යාළුවෝ කීප දෙනෙක් හිටියත් හැමෝම එක්ක මම හොඳින් හිටියා. කවුරු හරි තමන් දන්නේ නැති දෙයක් මගෙන් ඇහුවොත් මම කියලා දුන්නා. ගණිතයට විශේෂයි.

3. දවස සැලසුම් කළේ කෙසේද? මම කවදාවත් උදේ පාන්දර පාඩම් කළේ නෑ. උදේ 6.00ට නැගිටලා ඉස්කෝලෙ ගියා. පාඩම් කළේ රෑට. නිවාඩු දවස්වල පාන්දර දෙක තුන වෙනතුරුත් ඉස්කෝලෙ යන දවස්වල රෑ 12.00 වෙනතුරුත් පාඩම් කළා. සිංහලවලට විතරයි පන්ති ගියේ. මගේ අමතර කාලය යෙදෙව්වේ චෙස් ක්‍රීඩාවටයි, ‍පොත් කියවීමටයි.

4. ඉගෙනීමට අමතරව කළ කී දෑ මොනවාද? බාලදක්ෂිකාවක් විදියටත් හිටියා. සාමාන්‍යයෙන් චෙස් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා පළමුවැනි තැනට ආවේ අපේ පාසලයි. මම මෙවර ආසියානු යොවුන් චෙස් තරගාවලියටත් සහභාගි වෙනවා.

5. ඔබ ජීවිතේ සතුටක් වින්දේ කුමනාකාරයෙන්ද? අම්මා තාත්තා ගෙනත් දුන්න ඉංග්‍රීසි කතන්දර ‍පොත්, නවකතා, කබඩ් එකක්ම තියෙනවා. සා‍ලේ පුටුවට වෙලා ‍පොතක් කියවන එකෙන් තමයි මම වැඩිපුරම සතුටු වෙන්නෙ.

6. අම්මා තාත්තා ඔබට උදව් කළේ කොහොමද? අම්මයි තාත්තයි වගේම ආච්චිත් මට ගණිතය, විද්‍යාව වගේ විෂයයන් කියලා දුන්නා. ඒ අය කාර්ය බහුල වුණත් නිතර මගේ ඉගෙනීමට තමයි මුල්තැන දුන්නේ.

7. මීට අමතරව ඔබට සඳහන් කළ යුතු දෙයක් තියෙනවාද? විශාඛා විද්‍යාලයට, විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ට මට ඉගැන්නූ ගුරුවරුන්ට, අම්මට, තාත්තට, නංගි ඇතුළු මා දිරිමත් කළ පවු‍ලේ හැමෝටමත්, යහළුවන්ටත් ස්තුතියි.


--------------
The number of GCE O/L cadidates for the 2016 GCE Ordinary Level Examination has been recorded as 551,340. Other Best Ranked students are:

1. Anuki Chamathka Pasqual of Visakha Vidyalaya, Colombo
2. S M Munasinghe of Mahamaya College, Kandy
3. R M Sugath Ravindu of Ananda College
3. Dimuth Oshadi Mirissage of Rahula College Matara
4. Pabasara Herath of Ratnawalee Balika Vidyalaya, Gampaha
5. Ranumi Nanayakkara of Devi Balika College
5. Damsara Medavi of Sangamitta Balika Vidyalaya, Galle
5. A Abinanthan of Hindu College, Jaffna 6. K.G.G.E. Randini de Silva of Southland College, Galle
6. E.A. Yasara Umashi of Sujatha Vidyalaya, Matara –




Friday, May 12, 2017

එච්.එල්. ක්‍රිෂාන්ත නැමති බාලදක්ෂයා

 


1982 වර්ෂයේ ගා/සාරාලංකාර මහා විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් වූ දරුවන් අතර පාසලට පමණක් නොව රටටම සුවිශේෂී වටිනාකමක් ගෙනදෙන දරුවෙකු සිටින බව කිසිවෙකුත් නොදැන සිටින්නට ඇත. ඒ අනෙකෙකු නොව අද දින ඔබ, මා අප සැම සමගම දොඩමලු වන එච්.එල්. ක්‍රිෂාන්ත නම් සොදුරැ මිනිසායි. මොහු කුඩා කල සිටම පංති කාමර ඉගනුමට වඩා එළිමහන් ක්‍රියාකාරකම් සදහා ඇලුම් කරන්නෙක් විය.

1985 වර්ෂයේදී පෝතක බාලදක්ෂයෙකු ලෙස තම සුරුවිරුකම්, අත්දැකීම් බවට පත්කරගත් එච්.එල්. ක්‍රිෂාන්ත එදා මෙදා තුල සාරාලංකාර නාමය බබළවමින් විද්‍යාලයෙන් බිහිවූ පළමු ජනාධිපති බාලදක්ෂයන් දෙදෙනාගෙන් එක් අයෙකු වීමට භාග්‍ය ලබන්නේ එවකට විද්‍යාලයීය බාලදක්ෂ ආචාර්ය ලෙස කටයුතු කල රන්ජිත් තිලකරත්න මහතාගේ මගහසර ලබමින් 1993 වර්ෂයේදීය. ඒ නිසාම ඔහුට 1994 වර්ෂයේදී පාකිස්තානයේ පැවති 12 වන සාග් ජැම්බරියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන්නට භාග්‍ය උදාවිය. 1993 වර්ෂයේ පැවති පාඨශාලාන්තර පාපැදි තරගයට විද්‍යාලය නියෝජනය කරමින් එක්වන ක්‍රිෂාන්ත එහි 8 වන ස්ථානය දිනාගැනීම, ඔහුගේ අනාගත දැක්ම වෙනතකට යොමුවීමට හේතු විය.

Image may contain: 9 peopleImage may contain: 5 people, people standing and text No automatic alt text available.

අ.පො.ස. (සා/පෙල) විභාගය ඉහලින් සමත් වුවද බයිසිකල් පැදිම මුලික දින චරියාව කරගත් ක්‍රිෂාන්ත පාසල් අධ්‍යාපනයට සමුදුන්නේ ඉලක්කගත ස්ථිර අධිෂ්ඨානයකිනි. 1996 වර්ෂයේදී ගෝනාපීනුවල විජය අවුරුදු පාපැදි සවාරිය ජයගත් ක්‍රිෂාන්ත එවකට පාපැදි තරග පිටිය උඩුයටිකුරු කිරීමෙහි අභියෝගාත්මක ගමනක් ආරම්භ කර තිබුණි. එය එසේ වුවත් එම වර්ෂයේදීම සිරස රේඩියෝ නාලිකාව මගින් පවත්වනු ලැබූ "සිරස පාපැදි සවාරිය" ජයග්‍රහණය කිරීමත් සමග එච්.එල්. ක්‍රිෂාන්ත නාමය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුල ප්‍රකට මාතෘකාවක් වන්නට හේතු විය. එපමණකින් නොනැවතුනු ක්‍රිෂාන්ත, ගාලු පාපැදි සවාරිය , CIC පාපැදි චාරිකාව, සමෘද්ධි පාපැදි සවාරිය, ආදි තරග රැසක ජයග්‍රාහකයා වීම දිනෙන් දින අප කතා නායකයාගේ දක්ෂතා ප්‍රකට කරවන්නක් විය.

No automatic alt text available.
දිනෙන් දින පාපැදියෙන් තම අභියෝගාත්මක කඩයිම් එකින් එක පරයා නැගෙන එච්.එල්. ක්‍රිෂාන්ත මෙරට පාපැදි ක්‍රිඩාවට අත්‍යවශ්‍ය කෙනෙකු බවට පත්වන්නේ 2002 වර්ෂයේදී බව කිවයුතුමය. එම වර්ෂයේදි එච්.එල් ක්‍රිෂාන්ත ශ්‍රීලංකා ජාතික පාපැදි කණ්ඩායමේ නායකත්වයට පත්වුයේ ඔහු එතෙක් කරනා ලද සුවිශේෂී කැපකිරිම් හා අප්‍රතිහත ධෛර්ය නිසාමය. මෙරට පැවති පුමුඛතම පාපැදි තරග 300 කට අධික සංඛ්‍යාවක් ජය ගැනීමය ක්‍රිෂාන්ත සමත්විම සුවිශේෂිවෙයි.

No automatic alt text available.ඒවා අතරින් 2004 වර්ෂයේ මෙරට මොරටුවේදී පැවැත්වූ ප්‍රථම රාත්‍රී සයිකල් සවාරිය ජයගනිමින් මෙරට පාපැදි ක්‍රීඩා ඉතිහාසයට එක්විමට එච්.එල්. ක්‍රිෂාන්ත නම් ඒ සොදුරැතමයාට අවස්ථාව උදා විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විදෙස් තරගාවලි දෙකකට සහභාගිවීමට ක්‍රිෂාන්තට හැකිවිය. 2000 වර්ෂයේදී රටවල් 05 ක සහභාගිත්වයෙන් පැවති පාකිකිස්තාන පාපැදි සවාරියේ සමස්ත තරග ජයග්‍රහණය මෙරටට ගෙනඒමට එච්.එල්. ක්‍රිෂාන්ත ගෙන් ලැබුන දායකත්වය අති මහතය.
No automatic alt text available.

2002 වර්ෂයේදී රටවල් 16 ක සහභාගිත්වයෙන් පැවැති මැලේසියා පාපැදි සවාරියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ 4 වන ස්ථානය දිනාගැනීමේදී එයට ක්‍රිෂාන්තගෙන් ලද දායකත්වයද ඉහලින් පැවතුණි. ක්‍රීඩාව තුලින් එච්.එල්. ක්‍රිෂාන්ත ලබාගෙන ඇති අත්දැකීම් ඉදිරිපරපුරට ලබාදීමට ඔහුට අවස්ථා ලබාදෙමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් 2015 වර්ෂයේදී ශ්‍රීලංකා ජාතික පාපැදි තේරිමි කමිටුවේ සභාපති ලෙස හා ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පා පැදි සංගමයේ තරග සංවිධායක ධූරයන්ගේ එච්.එල්. ක්‍රිෂාන්ත පිදුම් ලබනා ලදි. මෙසේ පාපැදි ක්‍රීඩාව තුළින් දෙස් විදෙස් ක්‍රීඩා පිටි තුල අද්විතිය මෙන්ම පෙරලිකාර නමක් රැදවූ ක්‍රිෂාන්ත, ඔබ ශ්‍රී ලංකාවට  ඉමහත් අභිමානයකි.... ගෝනපීනුවලසයිකල් ශූරයාට Scouting සඟරාවේ සුබ පැතුම්.

Image may contain: 1 person, bicycle Image may contain: 4 people 

Image may contain: 5 people Image may contain: one or more people 

Image may contain: 1 person Image may contain: 2 people 

Image may contain: 2 people 

විශේෂ ස්තූතිය
G/Saralankara Maha Vidyalaya fb page

Friday, April 28, 2017

කේ.සී.ජේ. රත්නායකගේ බාලදක්ෂ කෙටිකතාව

වීදුරු ජනේල

විශ්‍රාමික ගුරුවරියක වූ කාමෙල් ඩී අපොන්සු, බ්‍රවුනින් හිල් වීදීයේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයේ බ්ලොක් A 2/ 1 දරන නි‍ෙවසේ හුදෙකලාව ජීවත් වූවාය. එම නිවෙස දෙවැනි මහලේ දකුණුපස කෙළවර ම පිහිටි හෙයින් එහි තුන් පැත්තකින් විශාල වීදුරු ජනේල සවිකර තිබුණු මුත් කිසිවිටෙක ඒවා හිරු එළිය හෝ වාතාශ්‍රය සඳහා විවෘත නොවුණා පමණක් නොව නිතරම ඒවා අඳුරු පැහැති ගණ තිරවලින් ආවරණය කැර තිබිණ. සෑම දිනෙකම පෙරවරු 07.00 පමණ වනවිට තරප්පු පෙළ බැස බිම් මහලේ වූ කිරිහලට යන ඇය කල්කිරි බෝතලයක් ද පාන් ගෙඩියක් ද රැගෙන පෙරළා පැමිණෙයි. තම විශ්‍රාම වැටුපට අමතරව මියගිය සැමියාගේ විශ්‍රාම වැටුපෙන් හරි අඩකට ද නීත්‍යානුකූල හිමිකම් කී ඇය එකී විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පමණක් මසකට වරක් නිවාස සංකීර්ණයෙන් බැහැරට ගමන් කළාය. ඒ හැරෙන්නට කාමෙල් ඩී අපොන්සු බාහිර සමාජය සමඟ කිසිදු ගනු දෙනුවක් නොකළ අතර ඇය හමුවන්නට අමුත්තන් පැමිණියේද නැත. අනෙක් අතට ඇය විසින් අමුත්තන් පිළිගනු ලැබුවේද නැත. 
එදින බදාදාවකි. එළකිරිවල පොඟවා ගත් පාන් පෙති කිහිපයක් දිවා ආහාරය සඳහා ගත් කාමෙල් සවස 02.00 පමණ වන විට තම සුපුරුදු සුව නින්දේ කිමිදෙමින් සිටියා ය. මහ හඬින් දොරට තඩිබාන ශබ්දයක් ඇසී අඩ නින්දෙන් මෙන් පිබිදී දෙසවන් යොමු කළ විට කිසිවකු විසින් නොනවත්වා තම ගෙයි දොරට තට්ටු කරමින් සිටින බැව් ඇයට අවබෝධ විය. නොරිස්සුම සහ නිදි විකාරය මුසු ලීලාවකින් දොර අඩක් විවෘත කොට පිටත බැලූ විට එහි කිසිවකු දක්නට නොවූයෙන් ඇගේ කෝපය උත්සන්න විය. ඒ වේගයෙන්ම දොර මුළුමනින්ම පාහේ විවෘත කළ ඇය හිස කරකවා දිගු කොරිඩෝරය දෙසට දෙනෙත් විහිදුවාය. එවිට සිය උකුළ දක්වා වත් නො උස් වූ ලපටි බාලදක්ෂ පෝතකයන් දෙදෙනකු තමාට අඩි දෙක තුනක් නුදුරින් මඳහස පුරවා ලූ මුහුණින් යුතුව සිටිනු දුටු ඕ විමතියට පත් වූවාය.
'මොකෝ තමුන්ලා මේ දොර කඩන්න හදන්නේ ... ' යි ඈ රවා ගත් මුහුණින් සහ ඔවුන් පලවා හරින්නාක් බඳු ස්වරයෙන් ප්‍රශ්න කළාය.
වහා සීරුවෙන් සිටගත් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර කතා කරන්නට ගත්හ. තමන් දෙදෙනා කනිෂ්ඨ බාලදක්ෂයන් බවත් මෙසේ පැමිණ සිටින්නේ ප්‍රජා සේවයේ යෙදීමට බවත් පවසා කුමන හෝ වැඩක් පවරා ඊට සුළු මුදලක් දී තම සේවය පිළිබඳව කෙටි සටහනක් යොදන්නැයි ඔවුහු ඇගෙන් ඉල්ලා සිටියෝ ය. ඔවුන්ගේ කීම නෑසුණා සේ වුන් කාමෙල්, ස්වකීය නොරිස්සුම තව දුරටත් ප්‍රකට කරමින් ඔවුන් ඉක්මනින් පන්නා ගැනීමට මෙන් ප්‍රශ්න කළාය.
'තමුන්ලා මොකෝ මෙච්චර ගෙවල් තියෙද්දී මේ ගෙදෙට්ටම ඇවිත් තට්ටු කරන්නේ ඈ ...?'
මේ ප්‍රශ්නයේදීත් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා ඉතා පැහැදිලිව එකවර කතා කරමින් මෙසේ කීහ.
'අපි කණ්ඩායමක් ගෙවල් බෙදා ගෙන ආවේ .. ඉතිං අපි දෙන්නට ලැබුණේ මේ ගෙයි නොම්මරේ තමා'
මේ ළපටි හාදයන් කෙසේවත් පසු නොබසින ලීලාවකින් ඉතා පැහැදිලිව දෙදෙනාම එකවර කතා කරමින් පිළිතුරු දුන් ආකාරය කාමෙල්ගේ නොරිස්සුම තවත් තීව්‍ර කිරීමට හේතු විය.
' තමුන්ලා දෙන්නා කලින්ම උත්තර හදාගෙන ඇවිත් අහන අහන එකට දෙන්නම එකම කතාව කියනවා... තමුන්ලා බාලදක්ෂයො නෙවෙයි බාල හොරු ඔත්තු බලාගෙන යන්න නේද මේ ස්කවුට් යුනිපෝම් දාගෙන ආවේ ... ? ආයේ මේ පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි ... දැන්ම නොගියොත් මං බල්ලව ලිහනවා .. දුවපිය දෙන්නම ... ආපු දිහාවකට !'
කාමෙල්ගේ තර්ජනයෙන් අඩියක් වත් පසුපසට නොගිය බාලදක්ෂයෝ දෙදෙනා එකවර කතා කරන්නට ගත්තෝය.
'මේ ගෙදර බල්ලෙක් නැති බව අපි දන්නවා. මොකෝ එහෙම ඉන්නව නං ඌ දැනටමත් බුරන්න ඕනේ '
මේ සන්සුන් පැහැදිලි පිළිතුර ඇසීමෙන් කාමෙල් කෝපයෙන් වෙවුලන්නට ගත්තේ පුංචි එවුන් දෙදෙනකු ඉදිරියේ තමාගේම එළිපත්ත මත මෙතරම් ලැජ්ජාවකට පත්වීමට සිදුවේ යැයි නොසිතූ නිසාම නොව තම පෞද්ගලික ආරක්ෂාව සඳහා තමා විසින්ම මෙතෙක් සමාජයට පෙන්නුම් කරනු ලැබූ සැඩ පරුෂ අහංකාර ප්‍රතිරූපය කෙතරම් දුර්වල එකක්ද යන්න ඇස් පනාපිට ඔප්පුවීම නිසාය. ඒ කෙතරම් දියාරු බෙලසුන් රඟපෑමක්ද යත් පුංචිම පුංචි කොලු පැටව් දෙදෙනකුවත් තමාව ගණන් නොගන්නේ යැයි ඇයට වහා පසක් විය. එහෙත් ඒ බැව් නොපෙන්වූ ඇය පෙර මවාගත් රෞද්‍ර ඉරියව්වෙන්ම මෙසේ තර්ජනය කළාය.
'හොඳයි එහෙනම් ඉඳපියකො මං කතා කරනවා පොලීසියට ... ! '
'ඔව් මහත්මිය ඔබ පොලීසියට කතා කරන්න හැබැයි ඒකෙන් ඔබ සඟවා ගෙන සිටින රහස් මිසක් අපි ගැන අමුතු දෙයක් හෙළිදරව් වෙන්නෑ .. ' යි බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර ම කීවෝය.
'මොනවා මං .ගැන.. මං මොනවද බොල හංගගෙන ඉන්නේ .. ? ' ඉහවහා ගිය කෝපය වෙනුවට දැන් ඇගේ ස්වරයෙහි ඇත්තේ තැති ගත් විලාසයකි.
බාලදක්ෂයෝ දෙදෙනා තවමත් සීරූවෙන් සිටගත්වනම ය. පෙර ලෙස ම පැහැදිලි සන්සුන් ලීලාවෙන් ඔවුන් දෙදෙනාම ළපටි ළමා හඬින් කතා කරන්නට විය.
'මේ ගෙදරට තුන් පැත්තකින් හොඳ වීදුරූ ජනේල තුනක් තියෙනවා. ඒත් ඒවා සෑහෙන කාලයකින් විවෘත කරලා නෑ විතරක් නෙවෙයි ගෙයි ඇතුළ පිටට නොපෙනෙන්න කළු තිරවලින් වහලා. ඔබ එහෙම කරන්නේ ලොකු දෙයක් මේ ගේ ඇතුළේ හංගා ගෙන ඉන්න නිසයි...'
කාමෙල් සීරුවෙන් උළුවස්සට වාරු වී පෙණහලුවල සිර වූ හුස්ම පිට කරන්නට ආයාස දරමින් සිටියදී ඒ නොදුටුවාක් මෙන් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර කතා කරන්නට වූහ.
'මේ ගෙදර ජීවත්වෙන්නේ ඔබ පමණයි. ඒ වගේම ඔබේ නි‍ෙවසට අමුත්තන් යන්නේ එන්නේ නෑ .. මොකද එළිපත්තේ පාපිස්ස බොහොම පරණ එකක් ඒ වගේම ඒකේ යටට නෙරා ගිහින් තියෙන්නේ එකම බර සහිත එකම හැඩයේ අඩි සලකුණු විතරයි... අනිත් කාරණේ ඔබ මේ සතියෙම ආහාරයට අරගෙන තියෙන්නේ පාන් සහ කිරි විතරමයි .. ඔබේ කසළ කූඩය දිහා බැලුවම ඒක ඔප්පු වෙනවා. .. '
තමා ඉතා බියකරු ගුප්ත සිහිනයක් දකිමින් සිටින්නේ යැයි කාමෙල්ට සිතිණ. එහෙත් මෙතැන් සිට වචනයකුදු පිට නොකරමි යැයි ඇය තමාටම කොඳුරා ගත්තාය. ඉවෙන් මෙන් ඒ බව දැන ගත්තාක් මෙන් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර කතා කරමින් මෙසේ කීවෝය.
'.. ඔබ කෙතරම් අනාරක්ෂිත අඥාන නෝනා කෙනෙක්ද කියා පහදා දෙන්න අපි කැමතියි. ඔබ සිතින් සහ කයින් යන දෙකෙන්ම බොහොම දුර්වලයි. ඔබ අසල්වැසියන් එක්ක වුවමනාවෙන්ම මුසු නොවෙන්න පරිස්සම් වෙන්නේ ඔබේ දුබලකම් අනිත් අය දැන ගනිවී කියන බය නිසාමයි. අසල්වැසියන් ඔබේ සමීපයට ඒම වළක්වන්න ඔබ අහංකාර තේජසක් මවා ගන්නවා. හැබැයි ඒක සමාජයට පේන්නේ උමතු රෝග තත්ත්වයක් හැටියටයි. ඔබ මිලට ගන්නේ කිරි සහ පාන් විතරයි. ඒකෙන් ඔබ පෙන්වන්න හදන්නේ ඔබ සතුව එතරම් මුදල් හදල් නැහැයි කියන එක නේද ... නමුත් ඔබ මුදල් නෝට්ටු මිටි ගණන් ගෝනිවල පුරවලා මේ ගේ ඇතුළේ හංග ගෙන ඉන්නවා. ඒ ඔබ හංගා ගෙන එකතු කරන සල්ලි මිටි බාගයක් විතර දැනටත් තෙත් බැහැලා පුස්කාලා වැඩකට ගන්න බැරි විදිහට විනාශ වෙලා. මොකද මේ ගේ ඇතුළට හිරු එළියවත් වාතාශ්‍රයවත් නොඑන නිසා ... නොකා නොබී ඔය එකතු කරන සල්ලි මිටි පිටිපස්සේ ඔබේ මාරයා හැංගිලා ඉන්නවා. වැඩිකල් යන්න කලින් අන්න ඌ ඔයාගේ බෙල්ල මෙන්න මෙහෙම මිරිකනවා .... ' යැයි කී බාලදක්ෂ පෝතකයෝ දෙදෙන එක්වරම ඇගේ ගෙල ගලග්‍රහණයට ගත්තෝ ය. යටිගිරියෙන් විලාප නගමින් දහදියෙන් නෑවුණු සිරුරින් යුතුව නැගී සිටි කාමෙල් වහා දොර විවෘත කොට හිස කරකවා පාළු කොරිඩෝව සිසාරා ඒ අත මේ අත විපරම් කෙළේය. එහෙත් සුපුරුදු ලෙසම එහි කිසිවකුත් සිටියේ නැත.
කෙසේ නමුත් පසුදින පාන්දරින් ම අවදි වූ ඇය සියලු ජනෙල් තිර ගැලවූවා පමණක් නොව ගෙයි තුන් පැත්තේම වීදුරු ජනේල එකවර විවෘත කර දැමුවාය.
--------------------
විශේෂ ස්තූතිය
විවර / http://www.silumina.lk/ වෙත

Thursday, April 27, 2017

ගස් වර්ග 15 - xx. මදාරා ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

වර්තමානයේ අතිශයින් දුර්ලභ ශාඛයක් වන මදාරා ගස ඖෂධීය වශයෙන් මෙන්ම විශේෂ ප්‍රයෝජන රාශියක් ලබාදෙන ඉතා දුර්ලභ වටිනා ශාඛයක් ලෙස මදාරා හැදින්විය හැකිය. මදාරා මල් සුවඳ විඳ ගැනීමට නම් දිව්‍ය සම්පත් ලබාගත යුතු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. අත්ථදස්සී බුදුරජාණන්වහන්සේ සමයෙහි අප මහ බෝසතාණෝ මදාරා මලක් කුඩයක් කර බුදුන්ට පිදීම නිසා නියත විවරණ ලැබූ බව ශාසන ඉතිහාසයෙහි ද සදහන් වේ.
 




මදාර ගස
කුඩා ගසකි. සුදුපාට කෙදි වැටි ගිය අඟල්1/4 පමණ ඝණකමින් යුත් කළු පාට පොතුවලින් යුක්තවේ. රත්හඳුන් කොළවලට සමාන බොහෝ සෙයින් සමාන කොළවලින් යුත් තේජාන්විත ගසකි.අඟල්1-4 දක්වා දික්වූ පලාවන් පාටගොලාකාර පත්‍රයේ මාංශල ගතිය නැත.ගසේ අරටුව පතගි වැනි වර්ණයෙන් යුක්තය.මෙය ගජ මදාරා, මල් මදාරා, වල් මදාරා යනුවෙන් වර්ග 3 වේ.

ගජ මදාර ගස

ගජ මදාරා ගෙඩි නෙල්ලි ගෙඩියට සමාන වෙන අතර වේලුනු පසු අරළු ගෙඩියේ පැහැය ගනි. මෙහි ඇට කලාතුරකින් පැලවේ.එසේ පැලවෙන්නේද සීමිත ප්‍රමනයක්බව දක්නට ලැබේ.මෙහි රතුපාට කුඩා මලක් පිපෙන අතර එය ඉතා සුවඳවත්ය.

මල් මදාර ගස

මල් මදාරා ගසේ රතුපාට ලොකු මල් පිපේ එයද සුවදවත්ය මෙහි ගෙඩි හැදෙන්නේ නැත.වල්මදාරාවලද රතුපාට මල් පිපෙන අතර අරළු ගෙඩි වැනි ගෙඩි ඇතිවේ. එම ගෙඩිවල ඇති ඇට පැලවේ.මෙය සුලභව දක්නට ඇති ගසකි.නියම මදාරා ගසකට කිසිදු සතෙකු ගෙන් හානියක් නොවේ. එහි කොළ, දඩු අනුභව කරනවා තබා ස්පර්ශ කරන සතෙකු දක්නට නොලැබේඅලි ඇතුන් පවා මේ ගස් අසලවත් තොයති. මේ ගස් තිබෙන භූමිවලට තේජස, භාග්‍යාය හා දියුණුව ලැබෙන බව සඳහන් වේ. මේ ගස්වල මල් හට ගනු ලබන්නේ අප්‍රේල් මැයි මාසයන්හීදීය.

ඔසු ගුණ

විශේෂයෙන් හෙලවෙදකමේ විවිධ රෝග සමනය සඳහා යොදා ගැනේ.මදාරා කොළ යුෂ පානයෙන් සියළුම ස්නායු ගත රෝග සමනය කල හැකි බව සඳහන්වේ.මදාරා ගසේ ඇට, මල්, අරටුව පැලදීමෙන් සියළු රෝග සුවකර ගැනිමේ ප්‍රතිශක්තිය ඇතිකරන බව දක්වා තිබේ .ගජ මදාරා කොළ වියලා සාම්බ්‍රානි සමග කුඩු කර පිරිත් කර උදේ සවස නිවසට දුම් ඇල්ලීමෙන් අපල උපද්‍රව දුරුවී වාසනාව උදාවෙන බව දක්වා තිබේ. 

තවද මදාර ගෙඩි සිරුරට ස්පර්ශ වන පරිදි පැලදීමෙන් ඇස්වහ, කටවහ, අනවින, කොඩිවින, හූනියම් නොවදින අතර, අමනුෂ්‍ය හා භූත දෝෂ ඇති නොවේ.තවද හෙළ වෙදකමේ දක්නට ලැබෙන ප්‍රසිද්ධ තෙලක් වන නවපටල තෙල සඳහා මදාරා කොළ යොදා ගනි. මේ තෙල හිස ගැල්වීමෙන් ස්නායූ ආබාධ හිසේ ආබාධ, මොළයේ ආබාධ, ඇස් කන් නාසා ආදියෙහි ඇතිවෙන නොයෙක් රෝගයන් සුවවෙන දක්වා තිබේ. තවද මදාරා කොළ තම්බා එම ජලය නෑමෙන් ප්‍රබල ඉසරදය සුවවෙබෙව දක්වා ඇත. එමෙන්ම මාංශ පේශි දියවිමේ රෝගය වැලදුනු අයට මදාරා ලීයෙන් ඝර්ෂණය කිරිමෙන් එය සුව වෙන බව දක්වා තිබේ. 

"සුරරඳ සමන් සමගින් සුරගන එවර
 පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැදි මුනි සිරිපා තඹර 
සකිසඳ පෙනේ සමනළ ගල නැගෙනහිර"
සැළලිහිනි සංදේශයේ 25 කවිය
 ------------------
පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස             ගොතා
මන් මදා කිතුලිය ලෙසින් උරතුර සරාදිලි මුතු             ලතා
මන් නදා වන මිණි මෙවු නද වෙණ නදින් එක්කොට     ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක්       පතා
ගුත්තිල සංදේශයේ  00 කවිය
 ------------------
දේව බැල්ම සහිත ඉතා තේජාන්විත ගසක් ලෙස හෙළ වෙදකමේ හදුන්වන මෙම ශාඛය සෞභාග්‍ය උදාකරන බලවත් ගසක් ලෙස සංදේශ සාහිත්‍යයේ ද හදුන්වා තිබේ. සක්දෙව් රජ විසින් මදාරා මල් හත් මිටක් බුදු රදුන්ට පූජා කල බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ.මදරා ගස් දක්නට ඇති ප්‍රදේශයන් ලෙස ඉන්දියාවේ බිහාර, මධ්‍ය හා දක්ෂිණ ජනපදය මාදාරා ගසේ උපන් ස්ථාන ලෙස මෙන්ම දැනටත් දක්නට ඇත බව සඳහන් ය.

තවද බුද්ධදාස රජු විසින් නේපාලයෙන් මදාරා ගස් කිහිපයක් ගෙන්වා රෝපනය කල බවත් රාජකීය වස්තුවක් ලෙස ආරක්ෂා කල බවත් ඉතිහාසයේ සඳහන් වේ. රත්නපුර දිස්ත්‍රිකයේ කල්තොට වසමේ පිහිටි කෝන්ගහමංකඩ බුද්ධදාස රජු විසින් රෝපණය කල එවැනි ගජ මදාරා ගසක් තිබු බවත් එයට පුර්ණ රාජ්‍ය ආරක්ෂාව සපයා තිබුබවත් ඉන්පසු ඉංග්‍රිසි පාලන සමයේද මෙයට විශ‍ේෂ ආරක්ෂාවක් සපයා තිබු බවට වර්ථාවේ. තවද මෙයට සමකාලිනව තවත් මදාරා ගසක් හම්බේගමුව පුරාණ රජ මහා විහාර භූමියේ ද තිබි ඇති බව සඳහන්වේ.

නීතියෙන් ආරක්‍ෂිතව පැවති කල්තොට මල් මදාරා වෘක්‍ෂය 1960 දශකයේ දී පමණ විනාශ වී ගොස්‌ තිබේ. මෙම ගස විනාශ වීමට හේතුව පොතු ගැලවීම බවද මතයක්‌ පවතී. නීතිමය ආරක්‍ෂාව තිබුණද විවිධ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා ආරක්‍ෂිත වෘක්‍ෂ විනාශ වී යැම කෙරෙහිද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. එනම් නීතිමය ආරක්‍ෂාව තිබුණ ද ඒ පිළිබඳව නිරන්තර සුපරීක්‍ෂණයකට භාවිත නොවීම තුළ මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව පෙනේ. අවසානයේ වනජීවී පනතට 1970 වසරේ ගෙන එන සංශෝධනය මගින් කල්තොට මල් මදාරා වෘක්‍ෂය ආරක්‍ෂිත වෘක්‍ෂ ලේඛනයෙන් ඉවත් කර තිබේ.

ඉන්දියාවේ අැති මදාරා ගස්වලට බෙහෙවින් සමාන මදාරා ගස් ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෙද විදුහල් බිමේ ඇති අතර, රත්නපුර, මාරපන පිරිවෙනේ, රත්නපුර ජාතිකකෞතුකාගාර බිමේ ද සෝමවතී වෙහෙර භූමියේ මෙන්ම පේරාදෙනිය ජාතික උද්භිද උද්‍යානයහි දක්නට ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදියුණු තායිලන්තය දියුණු ආර්ථිකයක් බවට පත්කල දැනට වසර 64කට පෙර නයිකුමරු හෙවත් භුමිබෝල් අදුල්යාදෙයි රජතුමා ශ්‍රි ලංකාවට පැමිණි අවස්ථාවේ කොටහේන දීපදුත්ථාරාම තායි රජමහ විහාරයේ රෝපනය කළ මදාරා ශාකයක් ද වේ.



ගජ මදාරා ලීයෙන් කල බස්තම් එකල ප්‍රභූන් භාවිතා කර ඇති අතර පණාමුරේ ඇත්ගාල හිමි ඇලපාත මුදලි මෙවැනි බස්තමක් පාවිච්චි කර ඇති අතර එයින් අලි ඇතුන් මෙල්ල කල බවද සඳහන් වේ. එම බස්තම අදටත් ඔහුගේ ඥාතියෙකු ලග ඇති බව අසන්නට ලැබේ. වියළි කලාපයේ මේ පැලය වඩාත් හොඳට වැවෙන ගජ මදාරා වැවීම අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස ද බොහෝ දෙනා පවසනවා.

ඈත අතිතයේ රට පාලනය කල සිංහල රජවරුන් කඩු කිනිසි ආදිය සකස්කරවා ගැනිමේදී ගජ මදාර ලී යොදා ගත්බවත් එහි ඇති විශ්මිත බලය නිසා යුද ජයගත් බවත් සදහන්වේ. මේ අතර අපේ පැරණි සිංහල වෛද්‍යවරුන් ගජ මදාරා ලීනෙන් සැකසු හෙප්පු තුල ඔසු සකසා තබා ගෙන ඇති අතර එමගින් එම ඔසුවල ගුණය ඉතා ඉහල මට්ටමකට පත්වීමට මදාරා ලීය උපකාරි වූ බව අසන්නට ලැබේ.

විශේෂ ස්තූතිය
හෙළ වේද බ්ලොග් අඩවියට

---------------- 
“පාරිච්ඡත්තක” සූත්‍රයේ මදාරා පිළිබද සදහන්ව ඇත. පාරිච්ඡත්තක ලෙස පරසතු මදාරා මල් ගස පිළිබඳව පූර්ණ විස්තරතිබේ.

දිව්‍ය ලෝකයේ තිබෙනවා “නන්දන” කියා ලස්සන උයනක්. මේ උයන තිබෙන්නේ දෙවියන්ට සතුටු වෙන්න. දෙවියන් සතුටින් සතුටට පත් වෙන්න මේ නන්දන උයන වෙත ගමන් කරන්නේ. මේ නන්දන උයනේ පාරිච්ඡත්තක කියා වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ් ආවාට ගියා මල්, ගෙඩි, හට ගන්නේ නැහැ. දළුලන්නේ නැහැ. කොළ හැලෙන්නේ නැහැ. දළු මේරීමක් වන්නේත් නැහැ. ඒ නිසා දෙවියන් නිරන්තයෙන් ගොස් මේ නන්දන උයනේ ඇති පාරිච්ඡත්තක ගස වටා ගමන් කරමින් පරීක්ෂා කරනවා. දිනක් දෙවියන් දකිනවා පාරිච්ඡත්තක වෘක්ෂයේ කොළ පඬු පාට, ගුරුපාට වෙලා. ඔවුන් බොහෝ සතුටට පත්වෙනවා. දැන් මේ ගස අලුත් වෙන්නයි හදන්නේ කියා. පැරැණි කොළ හැලෙන්නයි හදන්නේ කියා දැනගත්තාම ගස වටේ ගිහින් ප්‍රදක්ෂිණා කරමින් ඔවුන් විශාල සතුටට පත්වෙනවා.  

දෙවැනි අවස්ථාව නම් පඬුවන් පාට වූ කොළවලට මොකද වෙලා තිබෙන්නේ? කොළ ටික හැළෙන්න පටන් අරගෙන. කලින් සැරේ පඬුවන් පාට වුණා පමණයි. දෙවැනි අවස්ථාවේදී කොළ හැලෙන්න පටන් අරගෙන. දැන් දෙවියන්ට හරි සතුටුයි. මේ පාරිච්ඡත්තක වෘක්ෂය අලුත්වෙනවා කියා.

තුන්වැනි අවස්ථාව ගසේ කොළ බිමට හැලිලා. අලුතින් දළු දාන්නට පටන් අරගෙන. හරිම සතුටුයි. ටික ටික ගස අලුත් වෙලා නැවුම් භාවයට පත්වෙනවා දෙවියන් සතුටු කරමින්.

හතරවැනි අවස්ථාව පුංචියට දාපු දළු දැන් ලපලු වෙලා. පොකුරු පොකුරු ලෙස දලු දාන්නට පටන් අරගෙන. දෙවියන් ඇවිත් ෙමි නන්දන උයනේ පරසතු මදාරා ගස අසල විශාල ලෙස සතුටු වෙනවා.
දැන් මාස ගණනාවක් ගතවෙලා. පස්වෙනි අවස්ථාව නම් දැන් මල් පිපෙන්න පුංචි පුංචි පොහොට්ටු පීදීලා. දෙවියන්ට විශාල සතුටක්. සතුටු ගීත ගායනා කරමින් දෙවියන් පිරිවරාගෙන සතුටු වෙනවා.
හය වෙනි අවස්ථාව නම් මේ ගසේ පොහොට්ටු ටිකක් මෝරලා. ඒත් තවම මල් පිපිලා නැහැ. දැන් දෙවියන් බලාගෙන ඉන්නේ මල් පිපෙන තෙක්. නැවත මාසයකට පසු බලන විට මුළු ගසේම මල් පොහොට්ටු පිපිලා දසත සුවඳ කරමින් තිබුණා. දැන් සියලුම දෙවි දේවතාවියන් ඇවිත් ගසයට පී‍්‍රති ප්‍රමෝදයෙන් ගීතිකා ගායනා කරමින් සිතුටු වුණා.

අප ඉහත ඉගෙන ගත්තා පාරිච්ඡත්තක සූත්‍රයේදී විවිධ අවස්ථා හතක් පිළිබඳව. මුල් අවස්ථාවේදී කොළ පඬුවන් පාට වුණා. දෙවැනි අවස්ථාව කොළ හැලෙන්න පටන් ගත්තා. තුන් වැනි අවස්ථාවේදී පුංචි දළු දාන්න පටන් ගත්තා. හතරවැනි අවස්ථාවේදී දළු ලපලු බවට පත්වුණා, පස්වැනි අවස්ථාව පුංචි පොහොට්ටු වුණා. හයවැනි අවස්ථාව පොහොට්ටු මේරුවා. හත්වැනි අවස්ථාවේදී ඒ පොහොට්ටු පිපිලා මුළු දිව්‍ය ලෝකයම සුවඳවත් වුණා.

මේ පාරිච්චත්ත වෘක්ෂය උපයෝගි කොටගෙන තථාගතයන් වහන්සේ අපට ගැඹුරු දේශනාවක් වදාළා. මේ ආධ්‍යාත්මික මාවතේ යන අපත් හරියට පාරිච්ඡත්තක වෘක්ෂය වගේලු. අපේ ජීවිතය නමැති පරසතු මල් ගස ගැනයි මේ කථා කරන්නේ. අපේ ජීවිතයේ ගසේ කොළ වගේ කාලයකදී පඬුවන් පාට දුඹුරුපාට වෙනවා. මේ දුඹුරුපාට වෙනවා කියන්නේ මොකක් ද? අපට ඇතිවෙනවා සිතිවිල්ලක් මේ ගිහි ගෙයින් ඈත් වුණානම් හොඳයි. මේ පැටලි පැටලි සිටින ජීවිතය ටිකක් හුදකලා කරගත්තා නම් හොඳයි කියා මනසින් සිතනවා. ඒ සිතිවිල්ලට තමා ගසේ කොළ පඬුවන් පාට වුණා කියන්නේ. ගුරුපාට වූ කොළ ටික ටික හැලෙනවා. 

කොහොමද හැලෙන්නේ? ඒ වෙනුවෙන් කැපවෙලා වෙන්වෙලා සිත දියුණු කිරීමයි. තුන්වැනි අවස්ථාව දළු දෑම. අපේ ජීවිතයේ දළු දෑම කුමක්ද? සිත බලවත් ලෙස අධිෂ්ඨාන කර භාවනාට යොමු වෙද්දී ප්‍රථම ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හතරවැනි අවස්ථාව ප්‍රථම ධාන්‍ය සිත දෙවැනි ධ්‍යානය ස්පර්ෂ කරනවා. පස්වැනි අවස්ථාවේදී තුන්වැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හයවෙනි අවස්ථාව නම් ගසේ පුංචි පොහොට්ටුව මහා පොහොට්ටුවක් බවට පත්වෙනවා වගේ හතරවැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. අන්තිමට අර පාරිච්ඡත්තක වෘක්ෂයේ මල් සියල්ල පිපිලා පළාතම සුවඳ කරනවා වගේ සමථ භාවනාව තුළින් විපස්සනා භාවනාවට සිත යොමු කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව හොඳින් දකිනවා. මම, මගේ, මගේ ආත්මය නොවේ කියා හොඳින් දකිනවා. එය දියුණුවෙනවාත් සමඟ ඔහුට අරහත් භාවයට සිත දියුණු කරනවා. අපේ සිත නමැති ජීවිතය හරියට පාරිච්ඡත්තක ගස වගේ වෙනවා.

පරසතු මදාරා මල් ගස දිව්‍ය ලෝකය සුවඳවත් කළා. ඒ වගේ අපේ ජීවිතය නමැති ලෝකය සිත නමැති ආධ්‍යාත්මික පාරිච්චතක වෘක්ෂයේ සුවඳ විහිදෙනවා. මල් පිපුණා කියන්නේ මනසේ ඇති සියලු රාග, ද්වේෂ, මෝහ ගිනි සියල්ල නැතිකරගෙන මනසේ විරාගි ශෛල අවදිකරගෙන මනස උපරිම පාරිශුද්ධභාවයට පත්කර ගැනීමයි. උපාධාන බැම්ම කඩා ගත්තා වෙනවා. පංච උපාධානස්කන්ධය ඇති උතුමන් පංචස්කන්ධය පමණක් ඇති අය බවට පත්වුණා. මේ සසරට අප අලවන්නේ, බැඳ තබන්නේ, ගට්ටනය කරන්නේ මේ පංචස්කන්ධය තුළ තිබෙන උපාදාන ශක්තියයි. ඒ උපාධානය කඩා බිඳ සුණු විසුණු කරගෙන පරසතු මදාරා ගසේ දිව්‍යමය මල් පිපුණා වගේ අපට සැනසෙන්න, සුවපවත් වෙන්න, සිහිල් වෙන්න අවස්ථාව ලැබුණේ උතුම් අරහත් භාවයෙන්.
-------------

Tuesday, April 18, 2017

මී මැසි පාලනයේ සිට ඩිජිටල් නිර්මාණකරු දක්වා බාලදක්ෂ ප්‍රවීනතා පදක්කම් ඉතිහාසය

ප්‍රවීනතා පදක්කම් ඉතිහාසය

බේඩන් පවල් සාමිවරයා විසින් 1910 දී ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය එවක් පටන් කෙතරම් වෙනස් වී සහ ජනප්‍රිය වී තිබෙන්නේද යත් බ්‍රිතාන්‍යයේ පමණක් තරුණ, තරුණියන් 51,000 ක් එයට සම්බන්ධවීම පිණිස පොරොත්තු ලේඛණයේ රැඳී සිටි බවට තොරතුරු තිබේ. එකල නිසි පරිදි ගැටයක් ගැසීමේ සිට කඳවුරකදී ගිනිමැලයක් දැල්වීම සහ ඡායාරූප ශිල්පය වැනි විවධ අංශවල දක්වන දස්කම් වෙනුවෙන් පදක්කම් දිනාගැනීම බොහෝ බාලදක්ෂයන්ගේ බලාපොරොත්තුව වූයේය. එය ලොව පුරා සිටි දරුවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය සඳහා ලැබුණු කදිම අවස්තාවක් විය.

අතීතයේදී බොහෝ පදක්කම් එංගලන්තයෙන් ගෙන්වනු ලැබූ අතර අධික මිලක් හා ආනයනයෙහි පැවති දුෂ්කරතා හේතුවෙන් ඒවා අතින් මසා නිර්මාණය කරනු ලැබීයත පසු කාලයේදී එම්බ්‍රොයිඩර් ක්‍රමය යටතේ ද අනතුරුව ඒවා පරිගණක ගත කල මහන මැෂින් ඔස්සේ ද වඩා නිමාවකින් හා ප්‍රමිතියකින් යුක්තව නිර්මාණය කරනු ලැබිණ. දේශීය වශයෙන් ද බොහෝ ප්‍රවීණතා පදක්කම් හදුන්වා දී ඇති අතර එසේ රැස්කල පැරණි ප්‍රවීණතා පදක්කම් මෙම ලින්ක් එක තුලින් දැකිය හැක.

එදා සිට අද දක්වා ඒ පදක්කම් විකාශනය වූ ආකාරය ඔබ දැන සිටියාද? 


1911 දී පිරිනැමුණු පදක්කම්
මී මැසි පාලනය පුහුණුවීම වෙනුවෙන් හිමිවන පදක්කම
1911 දී මී මැසි පාලනය පුහුණුවීම වෙනුවෙන් හිමි වූ පදක්කම
මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය පුහුණුවීම් පදක්කම දිනාගත හැකිය.
භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම
1911 දී භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම
භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම දිනාගැනීම පිණිස අදාළ භාෂාවෙන් සරල සංවාදයක යෙදී, සරල ලිපියක් ලියා, සිය මවු භාෂාව නොවන වෙනත් භාෂාවකින් ප්‍රකාශයට පත්කෙරුණ පොතකින් ඡේදයක් කියවා එය පරිවර්තනය කළයුතුය.
1911 දී විදුලි කාර්මිකයන්ට හිමි වූ පදක්කම
1911 දී විදුලි කාර්මිකයන්ට හිමි වූ පදක්කම
සරල විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කිරීම, බිඳවැටුණු විදුලි පරිපථ ඛණ්ඩනයක් සහ විදුලි පරිපථයක් (fuse) අලුත්වැඩියා කිරීම, විදුලි කම්පනයකට මුහුණදුන් පුද්ගලයකුට ප්‍රතිකාර කරන අන්දම ඇතුළු කරුණු පිළිබඳව අවබෝධයක් තිබීම 'විදුලි කාර්මිකයා' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම් වේ.
 
ලිපිකරු පදක්කම 
'ලිපිකරු' පදක්කම
පැහැදිලි අත් අකුරු, යතුරු ලියනය භාවිත කිරීමේ හැකියාව, කියවන විට ලිවීමේ හැකියාව, විනාඩි පහකට පෙර කියවණු ලැබූ ඡේදයක් මතකයෙන් යළි ලිවීමේ හැකියාව ඇතුළු කරුණු 'ලිපිකරු' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම්ය.

2017 පදක්කම්

ඩිජිටල් නිර්මාණකරු පදක්කම 
'ඩිජිටල් නිර්මාණකරු' පදක්කම
අන්තර්ජාල ක්‍රියාකාරකමක නිරතවීම සහ සමාජයේ යහපත පිණිස සමාජ ජාල සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සොයාබැලීම 'ඩිජිටල් නිර්මාණකරු' පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණු වේ. අන්තර්ජාලය මගින් එල්ලවන තර්ජන පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය.
'වීදි ක්‍රීඩා' පදක්කම 
'වීදි ක්‍රීඩා' පදක්කම
මේ පදක්ක දිනාගැනීම පිණිස බාලදක්ෂයා නිරන්තරයෙන් පුවරුවක් මත ලිස්සා යන skateboarding වැනි ක්‍රීඩාවක නිරතවිය යුතු අතර, සිය ක්‍රීඩා කුශලතාව වැඩි දියුණු වී ඇති බව පෙන්වීම පිණිස ක්‍රීඩා තරගාවලියකටද සහභගි විය යුතුය.
ලෝක ආගම් පදක්කම 
'ලෝක ආගම්' පදක්කම
සිය ආගම නොවන ආගමකට අයත් සිද්ධස්ථානයකට ගොස් එම ආගමේ නිර්මාතෘවරයාගේ ජීවිතය පිළිබඳව හැදෑරීම මෙම පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණකි. 

පුවීණතා පදක්කම් පිළිබද වැඩි තොරතුරු දැනගැනීම සඳහා මුහුණු පොතෙහි https://www.facebook.com/BADGE.INFOSriLanka/ වෙත එකතු වන්න

විශේෂ ස්තූතිය
බීබීසී නිව්ස් බීට් වැඩසටහන ඇසුරෙන් http://www.bbc.com/sinhala හි අන්තර්ගත ලිපියකි

Wednesday, March 29, 2017

ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානෝත්සවය (2012-2015)

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වසර හතරකට වරක් පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
 
බාලදක්ෂ සේවයට කැපවූ විසි දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් රජත සිංහ සම්මාන පිරිනැමුණු අතර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්තේය. 
 
ඉන්දියාව, කොරියාව, මැලේසියාව, නේපාලය යන රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් ද ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා දීම මෙවර සිදු වූ සුවිශේෂත්වයකි.



 
බාලදක්ෂ ව්‍යාපාරය තුළ වැඩිහිටියන් ලෙස ස්වේච්ඡාවෙන් හා කැපවීමෙන් කටයුතු කළ ආචාර්ය මහත්ම මහත්මීන් ජාතික මට්ටමින් ඇගයීම හා ඔවුන් දිරිගැන්වීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වන අතර පෙබරවාරි මස 22 දිනට යෙදෙන ලෝක බාලදක්ෂ දිනයට සමගාමීව මෙය සංවිධානය කරනු ලැබූ අතර ප්‍රධාන කොමසාරිස්වරයාගේ සිව්වසරක රාජකාරී කාලය තුළ ස්වකීය කාර්යයන් සඳහා වඩාත් සමීපව සහයෝග ලබා දෙන පිරිස් වෙත සම්මාන පිරිණැමීම සාම්ප්‍රදායිකව සිදුවන කටයුත්තක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව පුරා විසිර සිටින බාලදක්ෂ ආචාර්යවරුන් 565 දෙනෙකු සදහා ද සම්මාන පිරිනැමිණි.
 
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සදහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සම්මානයක් පිරිනැමිණි.
 
උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවැසීය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම මාත් කුඩා කාලයේ බාලදක්ෂයන් ලෙස කටයුතු කලා. විවිධ අංශ පිළිබද දැනුම ලබා ගත්තා. මට හොදට මතක විවිධ ගැට ගහන්න වගේම, ලිහන්නත් ඉගැන්නුවා. සමහරු කලබලේ ලිහන්න ගිහින් තව තවත් ගැට තද කරගත්තා. හැබැයි එදා ඉගෙන ගත්ත ගැට දේශපාලඥයෝ ලෙස අද අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකඳ දේශපාලය කරද්දි එන ගැට ඒ මගින් ලිහා ගන්න පහසු නිසා. වසර සියයකට වඩා‍ ඉතිහාසයක් තිබෙන මෙම ව්‍යාපාරය රැකගෙන ඉදිරියට යන්න කටයුතු කරන ඔබ සැමට මගේ ප්‍රණාමය පුදකර තිබෙනවා. මෙය තව තවත් ඉදිරියට ගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. 

මෙරට පමණක් නොව ලෝකයේ ම දරුවන් වැඩි පිරිසක් අත්වැල් බැඳගෙන ඇති එකම ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය ලෙස පෙන්වා දිය හැකියි. වසර සියයකට එහා ගිය ඉතිහාසයක් ඇති මෙම ව්‍යාපාරය තුළින් ගුණවත් හා නැණවත් දුරුවන් විශාල සංඛ්‍යාවක් දැයට දායාද කරන්න සමත්ව තිබෙනවා.මා මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස වසර හතලිහකට ආසන්න කාලයක් සේවය කර තිබෙනවා. එහි අද්දැකීම් මෙන්ම අධ්‍යාපන ක්‍රමවේදයන් දෙස සලකා බලද්දි බාලදක්ෂ ලී පදක්කම උපාධියක් ලෙස පිළිගැනීමට හැකි ඉහළ ම තත්ත්වයේ තිබෙනවා. එම නිසා ඊට අවශ්‍ය එම පිළිගැනීම ලබා දීමට කටයුතු කරන දෙන මෙන් ඉල්ලා සිටින බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා මහතා දන්වා සිටියේය. 


අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් ද ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුථ බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධානින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප සදහා විශේෂ ස්තූතිය
සුදත් මලවීර, ජනාධිපති මාධ්‍ය අංශය

Sunday, March 19, 2017

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සියවස් සංවත්සරය

ශ්‍රී ලංකා බාලදක්ෂිකා Girl Guiding ලංකාවට හඳුන්වා දුන්නේ (එවකට ශ්‍රී ලංකාව හැඳින්වූයේ) ජෙනී කැල්වර්ලි මෙනවිය විසිනි. පළමු බාලිකා මාර්ගෝපදේශ සමාගම 1917 මාර්තු මාසයේදී මහනුවර උසස් බාලිකා විද්‍යාලයේදී ආරම්භ කරන ලදී. මෙය ඉක්බිතිව මඩකලපුව, කොළඹ, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශවල බාලිකා පාසල්වල තවත් බාලිකා මාර්ගෝපදේශ සමාගම් ආරම්භ විය. එහි ජනප්‍රියත්වය වර්ධනය වීමත් සමඟම ශ්‍රී ලංකාවේ පළාත් නවයේම තවත් බොහෝ පාසල්වලට Girl Guiding හඳුන්වා දෙන ලදී. එහි ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ බාලිකා මාර්ගෝපදේශනය පාසල පදනම් කරගත් ක්‍රියාකාරකමක් වූ අතර එය පාසල් දැරියන් සඳහා සුදුසු විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇත. අද වන විට ශ්‍රී ලංකා බාලිකා මාර්ගෝපදේශක සංගමයේ සාමාජිකයින් 50,000 කට වැඩි පිරිසක් දිවයින පුරා සිටිති. ශ්‍රී ලංකා බාලිකා මාර්ගෝපදේශක සංගමය 2017 මාර්තු 21 වැනි දින මහනුවරදී පැවැත්වෙන සමස්ත ලංකා රැලියේදී බාලිකා සහ කාන්තා නායකත්වයේ 100 වසරක විශිෂ්ටත්වය සමරනු ලබයි. ශ්‍රී ලංකා බාලදක්ෂ මාර්ගෝපදේශක සංගමය ලොව පුරා සාමාජික සංවිධාන 146කින් සමන්විත ලෝක බාලදක්‍ෂ බාලදක්ෂ සංගමයේ (WAGGGS) පූර්ණ සාමාජිකත්වය දරන අතර ගැහැණු ළමයින් සහ තරුණියන් සඳහා වන පැරණිතම සහ විශාලතම සංවිධානය වේ.

යස්මින් රහීම්,
ප්‍රධාන කොමසාරිස්
 

 
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සියවස් සැමරුම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් රු. 15.00 2017 මාර්තු 21 දින  නිකුත් කෙරුණා.
 

නිකුත් කළ දිනය: 2017 මාර්තු 21 
වටිනාකම: රුපියල් 15.00 
මුද්දර නිර්මාණකරු: පී ඉසුරු චතුරංග මහතා 
පළමු දින කවර නිර්මාණකරු: වත්මි ද සොයිසා මෙනවිය 
නාමාවලිය අංක CSL 2216 පත්ර සංයුතිය: පත්රයකට මුද්දර 20 ක්

බාලදක්ෂිකා සියවස් ජම්බෝ '17

1917 දී ජෙනී කැල්වර්ලි මෙනෙවිය විසින් විසින් රෝපණය කරන ලද බාලදක්ෂිකා බීජය 2017දී ශත සංවත්සරය ලෙස සමරනු ලැබීය. ශ්‍රී ලාංකීය බාලදක්‍ෂිකා ව්‍යාපාරයේ සියවස් සැමරීම සඳහා  බාලදක්‍ෂිකාවන් 6000ක් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයට රැස් වූහ.  මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක බාලදක්ෂ හා බාලදක්ෂ සංගමයේ ලෝක අධ්‍යක්ෂවරිය වන Nicola Grinstead මහත්මිය සහභාගී විය. බාලදක්ෂිකා සියවස වෙනුවෙන් ජම්බෝ '17 ජාතික පරිසර කඳවුර සියවස් සැමරුමේ අවසන් උත්සවය විය. එය 2017 අගෝස්තු 23 සිට 27 දක්වා මින්නේරිය යුද හමුදා කඳවුරේදී කඳවුර පැවැත්විණි. සීගිරි පර්වතය තරණය කිරීම, දියකපිල්ල පරිසර ගම්මානය නැරඹීම, පොළොන්නරුව නටබුන්, පරිසර සෆාරි සහ නේචර් ට්‍රේල් වැනි විවිධ ක්‍රියාකාරකම් වලින් කඳවුර පිරී තිබුණි. එළිමහන් ක්‍රියාකාරකම් පමණක් නොව ගෘහස්ථ ක්‍රියාකාරකම් වන ටයි ඇන්ඩ් ඩයි, පිඟන් මැටි පින්තාරු කිරීම, ප්‍රචාරණ වැඩසටහන් රැසක් පැවැත් විය. 


Sri Lanka Jumbo '17 - Eco Safari Sri Lanka
An exciting camp to celebrate 100 years of excellence

in the leadership of girls and young women in Sri Lanka. We are sure that you will experience a camp like no other in the world.

Programme - Nature watch at the national parks - observation of biodiversity and wild life - particularly birds, the leopard (if you are lucky) and the elephant.
- Engaging in adventure sports at a Wild Life and Nature
- Conservation Centre by the side of the Girithale Tank.
- Climbing the Sigiriya Rock and visiting heritage monuments.
- Eco Hike and engaging in rice paddy cultivation
- “Trumpet Time” where you will perform together with the dancers and drummers of Sri Lanka. Trumpet time will culminate;
- “In the Gathering” - Global Exchange, from the Sri Lankan village to the world, where you will mix, mingle, eat and dance away to the night.
-----------------------------------------------
Community development experience in the ancient villages.

WHEN - 24 to 29 August 2017
WHERE- Polonnaruwa, Sri Lanka
WHO - PARTICIPANTS: 10 youth members aged 14-16 and two leaders 18+. All participants must have some camping experience

------------------------------------------
උක්ත තොරතුරු scouting Magazine සඟරාවේ පර්යේෂණ අංශය විසින් රැස්කරන ලද අතර උපුටා ගැනීමකදී කර්තෘ අයිතිය සුරකින්න.