Translate

Thursday, May 23, 2019

කඳවුරු ගිනිමැලකට අදහසක් - හුලු අත්ත

Related image 
 
සඳ බැස ගියතැන ඝන අඳුර පැතිරෙමින් පවතින රාත්‍රියක තොවිල් කවි ගායනා බෙරහඬ දුම්මලකිිරි විලක්කු මධ්‍යයේ ස්වදේශීය සාම්ප්‍රදායික ස්වරූපයෙන් ගිනිමැලයක් ආරම්භ කිරීමට අදහසක් දිනක් අපේ පැරණි හෝමාගම දිසාවේ බාලදක්ෂ නායකයකු කියනු අසා ඇත්තෙමි. දිනය හරියටම මතකයේ නැතත් නාවින ආයුර්වේද පරිශ්‍රයේ ඇති සකස් කළ ඝන කැලෑව මධ්‍යයේ ඇති භූමියක සති අන්ත කඳවුරක් සූදානම් කර තිබූ අතර මහරගම බෞද්ධ විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ "වාර්ෂික ඔසු කඳවුර" නමින් එය නම් කර තිබුණි. විවිධ ක්‍රියාකාරකම් අතර කඳවුර අවසානයේ කඳවුරු ගිනිමැලයක් ද සූදානම් කර තිබිණි.

මැලය දල්වා ගැනීමට ඔවුන් සුපුරුදු බාලදක්ෂ ගිනිමැලය සකස්කර තිබූන ද එය දල්වා ගැනීමට තරමක වේලාවක් ගත්තේ වැසි සහිත කාලගුණයත් තෙත් සහිත පරිසරයත් හේතුවෙනි. ගිනිමැලය දල්වා ගැනීමට ඔවුන් එවර ගෙන්වා තිබුණේ නොංචි කෝලමය. අන්ධකාරයේ නොයිවසිල්ලෙන් බලා සිටින බාලදක්ෂ දරුවන්ගේ ඉවසිල්ල වැඩිවනතුරුම සිට බාලදක්ෂ ස්ටන්ට් (stunt) එකක් ලෙස මැලය දල්වාලීමට උපක්‍රමයක් යොදා තිබිණි. 

හුලු අත්තක් දල්වා ගෙන ඈත සිට එන නොංචි කෝලම සභයට පැමිනෙණ අතර කෙටි දැන හැදුනම් කමින් පසු ගිනිමැල නායක විසින් හුලු අත්තෙන් ගින්දර ටික්ක ඉල්ලා සිටියේය. දෙවොල්මඩු ශාන්තිකර්මයට දක්ෂ බාලදක්ෂයෙකු ලවා කවි ගායනා කීපයකින් පසු ගිනි දල්වා ඉවත්ව යන අතර සුපුරුදු පරිදි සම්ප්‍රදායිකි ගිනි මැලය ආරම්භ කරනු ලැබීය.
  • ගිනි දලු නැගයති...
  • පුංචි පුංචි පැල් තනාලා...
  • කැබැල්ලාවා කාණ්ඩයේ නාට්‍ය..
  • ඉස්සන් මගුරන්...
  • බිලිං කොහිල තක්කාලි....
  • ඉත්තෑවා කාණ්ඩයේ ඉදිරිපත් කිරීම..
  • මොකටද මේ සූදානම....
  • ඉදිරිපත් කිරීමක්...
බෙරකරුවකු හා ගුරුන්නාන්සේ කෙනෙකු සබයට පැමිණෙන අතර ගින්දර අඟුරු මතට තෙත පිදුරු දමා සුදු පාට ඝන දුමාරයක් සහිත ගිනිකබලක් පසුබිමින් දල්වා සකස් කරනු ලැබීය. යහමින් නිකුත්වන දුමාරය ඉදිරියෙන් කිසිවෙකුටත් නොයන ලෙස කී ගුරුන්නාන්සේ ඒ දෙසින් දැන් මෝහිණීය පැමිණෙන බවත් සුදු පාට දුමාරය දෙස හැමෝටම බලා සිටින ලෙසත් කීවේය. සියලූ ආලෝක පන්දම් නිවා දැමිණ. වටපිටාවේ දැඩි අඳුර පැතිර ඇත. ගෝලයා බෙර ගසමින් ඈතට ගමන් කළ අතර බෙර හඬ නතර වනවාත් සමගම මෝහිණී පැමිණෙනු ඇතැයි ගුරුන්නාන්සේ කීවේය.

බෙර හඬ නතර විය. ඈතින් ගැහැනු කෙනෙකුගේ විලාපයක් ඇසිණ. ‘‘මගේ දරුවා දීපල්ලා.. විලාපය ටික ටික ළං විය. සියලූම දෙනා බියෙන් ගැහෙන්නට විය. දුමාරය මැද්දෙන් තරුණ ස්ත‍්‍රියක් ඉතා කුඩාවට පෙනිණ. ක‍්‍රමයෙන් ඒ රුව විශාල වී අඩි දහයක් තරම් උස් විය. ‘‘මගේ දරුවා දීපං.. ඇය මහ හඬින් කෑ ගැසීය. ‘‘හරි දරුව දෙන්නං ඊට කලිං මේ ආතුරයගෙ ඇඟට වහපු මෝහිණී දිෂ්ටිය අයින් කොරපන්.. ටිං ටිං ගුරුන්නාන්සේ ඉතා රළු හඬින් කීවේය. ‘‘හරි දැං මගෙ දරුව දිය.. කියූ මෝහිණීය අතුරුදන් විය. ‘‘ආ උඹේ දරුව ඔන්න අල්ල ගනිං. මෝහිණී දෙසට බෝනික්කා විසි කළ අතර ඉන් පසු සිහින් දරු නැළවිලි ගීයක් ඒ දෙසින් ළයාන්විත ස්ත‍්‍රී කටහඬින් ඇසිණ. සියලූදෙනා නිහඬව එම ගීයට සවන් දුන්හ. අවසානයේදී නූලක ගැටගැසූ සුදු සාරි පොටක් උස ගසකට අදින ලැබිණ.

‘‘මගේ පුතා කොතැන ගියේ - මා තනිකර යන්න ගියේ
පුතා මගේ පණ සරියේ - තනි නොකරමි නුඹ ආයේ..

‘‘දැන් සනීපයි නේ ද ගුරුන්නාන්සේ.. ආතුරයා ඉතා සතුටින් කීවේය. බලාසිටන බාලදක්ෂයන්ගේ මුවඟට සිනහවක් නැගිණ. 

(*මෙය රැවටීමකින් හෝ සම්ප්‍රදායට ගැරහීමක් නොවන බව සලකන්න. ජනතාවට සහනයක් දුන් මෙවැනි කාරණා ගැරහීමකට පත් කළ යුතු නොවේ.)

----------------------
සකස් කල විද්‍යාත්මක ක්‍රමය

මැග්නීසියම් පටියක් දැල්වීමේදී ඉතා දීප්තිමත් ආලෝකයක් ලැබේ. අඩියේ අඩියේ පමණ ලී රාමුවක එක පැත්තක සාරියක් ඇඳගත් කාන්තාවකගේ රූපය කපා ඉවත් කර කාඞ්බෝඞ් තහඩුවක් අලවා ඇත. එයට විරුද්ධ පසින් මැග්නීසියම් කැබැල්ලක් දැල්වූ විට එම ආලෝකය ගැහැනු රූපය කපා ඉවත් කළ සිදුරෙන් එළියට ගොස් තෙත පිදුරු හා පොල්කටු අඟුරුවලින් ඇති කරන්නා වූ ජල වාෂ්ප දුමාරය මත රූපයක් මවයි. දැල්වෙන මැග්නීසියම් කැබැල්ල කාඞ්බෝඞ් සිදුර වෙත ඈත් මෑත් කිරීමෙන් ගැහැනු රූපය කුඩා හෝ විශාල කළ හැක. මීට දශක තුනකට පමණ පෙර ඡායාරූප ගැනීමේදී අවශ්‍ය වන අති දීප්ත ආලෝකය (Flash Light) ලබා ගැනීම සඳහා මැග්නීසියම් කෙඳි පිරවූ බල්බයක් විදුලි බලයෙන් දහනය කරනු ලැබීය.
----------------------
  • රම්පෙ නෙලුම...
  • ගිං ගැං ගුලි...
  • සූර්යා බසිනා සැන්දෑවේ...
මහා කලබලයක් නොමැතිවම පැයක් පමණ ගෙවී යද්දී ගිනිමැලයද දුම් දමමින් නිවී යන අතර තුර කදවුරු ගිනි මැලය අවසන් වූ අතර නැරඹීමට පැමිණි සියල්ලෝම රාත්‍රී 8.30 පමණ කෙටි සංග්‍රහයකින් පසු කඳවුරේ රාත්‍රී ආහාරයට ගියහ.

-------------------------

Thursday, May 16, 2019

සූදානම් ව සිටිනු



" සූදානම්ව සිටිනු "

බාලදක්ෂ ආදර්ශ පාඨය වන අතර එයට අප්‍රේල් 23 දිනය හා බැඳුණු සම්බන්ධතාවක් ඇතිබව ඔබ දන්නවාද ?

එංගලන්තය ඇතුළු බොහෝ රටවල අශ්වාරෝහක හමුදාවල මෙන්ම බාලදක්ෂයන්ගේත් අනුශාසක ශාන්තුවරයා ලෙස සලකනු ලබන ශාන්ත ජෝර්ජ් තුමාගේ දිනය (St.George day )ලෙස සලකනු ලබන්නේ අප්‍රේල් 23 දාය.බොහෝ ක්‍රිස්තියානි රටවල බාලදක්ෂයන් ශාන්ත ජෝර්ජ් දිනයේදී පොරොන්දුව අළුත් කරති.
ක්‍රි:ව: 1000 දී පමණ යුරෝපයේ නයිට්වරුන් මිත්‍යාදෘෂ්ටික අරාබිවරුන්ට විරුද්ධව කල සටනේදී ඔවුන් විසින් ස්වකීයන් හඳුන්වාගනු ලැබුවේ කුරුසය ආරක්ෂා කරන්නවුන් ලෙසිනි .ඔවුන් කල සටන් අතරින් දරුණුම හා විශාලතම සටන ලෙස සැලකෙන්නේ 1097 දී නයිට්වරුන් 7000 ක් පමණ අරාබි අශ්වාරෝහක 25000ක් අතර ඇතිවූ සටනය.මෙහිදී නයිට්වරුන්ගේ සුවිශේෂී හා වීරෝධාර සටන් විලාසය නොතිබෙන්නට සංඛ්‍යාවේ පරතරය අනුව නයිට් වරුන්ට පරාජය අත්වීමට තිබුනි.තමන්ට එරෙහිව ආ විශාල අරාබි හමුදාව පරාජය කිරීමට ඔවූහු අවසාන මොහොතේ එල්ල කල තීරණාත්මක ප්‍රහාරය සමත්විය .

මෙහිදී නයිට්වරුන් අතරින් මතුවූ සුදු අසුන් පිට නැගි යුධ සන්නාහ සැට්ටයකින් සැරසුණු දෙදෙනකු ජයග්‍රහණය කරා තමුන් මෙහෙයවූ බවත් ඔවුන් "ශාන්ත ජෝන් " හා " ශාන්ත ඩෙමිට්‍රියස් " යැයි නයිට්වරුන් විශ්වාස කලහ.එයින් අවුරුදු 100 පසුව එනම් 1187 සිදුවූ තවත් එවැනි සටනකදී පෙර පරිදිම ඔවුන් අතරින් මතුවූ සුදු අශ්වයෙකු පිට නැගුණු අයෙක් ඔවුන් දිරිමත් කරමින් ජයග්‍රහණය කරා සටන මෙහෙය වූ බවත් අවසානයේදී හෙතෙම මැරී වැටුනු බවත් ඒ ශාන්ත ජෝර්ජ් යැයි නයිට්වරුන් විශ්වාස කලහ.

එසේ ඔවුන් දිරිමත් කරමින් සටන මෙහෙයවා දිවිපිදූ ශාන්ත ජෝර්ජ්, අශ්වාරෝහකයන්ගේ ශාන්තුවරයා ලෙසින් පිළිගැනීම එලෙස සිදුවිණි .

සුදු පාට පසුබිමේ රතු කුරුසය සහිත කොඩිය ශාන්ත ජෝර්ජ්ගේ කොඩියයි.මෙම සළකුණ එංගලන්තයේ නයිට්වරුන් පළඳිති.එමෙන්ම ඔවුන්ගේ ගේ් යකඩ යුධ සැට්ටය (සන්නාහය) වසා අඳින සුදු කමිසයේද රතු කුරුසය තිබේ.මෙම කමිසය " JACQUE " නමින් හැඳින්වූ අතර වත්මන් ජැකට් යන වචනය ඒ අනුසාරයෙන් සැදී ඇත .එමෙන්ම බ්‍රිතාන්‍යය කොඩියට පාදකවූ කොඩි අතර ශාන්ත ජෝර්ජ්ගේ කොඩියද අයත්ය.එමෙන්ම බ්‍රිතාන්‍ය කොඩිය හැඳින්වීමට භාවිතා කරන Union Jack යන්නද jacque වචනයෙන් බිඳී ආවකි.

තමන්ට අසීරු අවස්ථාවලදී තම සහායට ජෝර්ජ් තුමා පැමිණේ යැයි නයිට්වරුන් විශ්වාස කරති. සෑම වසරකම අප්‍රේල් 23 වනදා සමස්ත එංගලන්ත වාසීන් මෙන්ම බාලදක්ෂයන් ශාන්ත ජෝර්ජ්ගේ වර්ණය වන රතු හා සුදු රෝස මල් පළඳිති. සටනට ශූර නයිට්වරුන් සටන් රහිත සාමකාමී අවස්ථාවේදී උදව් අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට බැඳී සිටින අතර ඔවුන්ගේ ආදර්ශ පාඨය වනුයේ " සැමවිට ම සූදානම් ව සිටිමු "යන්නයි. බාලදක්ෂයන්ද නයිට්වරුන් මෙන්ම සැමවිටම අනුන්ට උපකාර කිරීමට බැඳී සිටින හෙයින් ඔවුන්ද නයිට්වරුන්ට සමාන යැයි යන අදහසින් බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාතෘ රොබට් බේඩ්න් පවෙල් සාමිතුමා බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාඨය ලෙසින් " සූදානම් ව සිටිනු " යන්න ඇතුළත් කරන ලදී .

විශේෂ ස්තූතිය
ධර්මලාල් ගුණවර්ධන

Sunday, May 5, 2019

නව තාක්‍ෂණය කෙතරම් දියුණු වුවත් මුදල මත සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක්‌ නොවේ

නව තාක්‍ෂණය කෙතරම් දියුණු වුවත්
මුදල මත සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක්‌ නොවේ
-ජනපති මෛත්‍රීපාල සිරිසේන


මිනිස්‌ ජීවිතවලට වඩා මුදලට වැඩි වටිනාකමක්‌ දෙන තත්ත්වයට අද මුළුමහත් ලෝකයේම සමාජය පිරිහී තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ මූලස්‌ථාන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද කීය.

අපේ රටේ බාලදක්‍ෂ ව්‍යාපාරයට වසර 103 ක්‌ සම්පූර්ණ වීමත්, ඒ වගේම මෙතෙක්‌ කල් තමන්ගේ වූ මූලස්‌ථාන ගොඩනැඟිල්ලක අඩුව සපුරාලමින් අද නව ගොඩනැඟිල්ලක්‌ විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වන ලෙසට මට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රථමයෙන් සතුටට පත්වෙනවා.

ඔබ පැහැදිලි කළ ආකාරයටම පාසල් ජීවිතයේ බාලදක්‍ෂයන් විදියට කටයුතු කර ලබා ඇති අත්දැකීම් සමඟ බාලදක්‍ෂ ව්‍යාපාරයේ උත්සවයකට සහභාගි වෙන්න ලැබීම මා සලකන්නේ ඉමහත් ගෞරවයක්‌ සහ භාග්‍යයක්‌ ලෙසයි. ඒ නිසා මේ අවස්‌ථාව ඔබට වගේම මටත් වැදගත් අවස්‌ථාවක්‌ වනවා.

බාලදක්‍ෂයෙක්‌ විදියට පාසල් ජීවිතයේ කටයුතු කරපු ඒ යුගයට මේ අවස්‌ථාවේ මගේ මතකය දිව යනවා. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් මානවවාදී ව්‍යාපාරයක්‌ විදියට බේඩ්න් පවල් සාමිවරයා ආරම්භ කළ බාලදක්‍ෂ ව්‍යාපාරය, අද මුළු මහත් ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ සහ ඒකරාශී කිරීමේ කේන්ද්‍රයක්‌ බවට පත්වී තිබෙනවා.

අපේ ගමේ භාෂාවේ තිබෙනවා කියමනක්‌ "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියලා. යහපත් මිනිසෙක්‌ පිළිබඳව බලාපොරොත්තු තබන්න කුඩා කාලය තමයි වැදගත් වන්නේ. ළමා කාලය තුළ දරුවෙක්‌ හසුරුවන ආකාරය සහ ඒ දරුවාට දෙන මඟ පෙන්වීම දරුවාගේ මුළු ජීවිතයම ගොඩනගාගන්න ඉතාමත් වැදගත් වෙනවා. පරිත්‍යාගශීලී භාවය, කැපවීම, අනුන්ට පිහිටවීම, අනුන්ගේ දුක හඳුනාගැනීම, ළමා කාලය තුළ පුරුදු කරන්නට බාලදක්‍ෂ ව්‍යාපාරය ඓතිහාසික කාර්යභාරයක්‌ ඉටුකරන බව මම විශ්වාස කරනවා.
බෞද්ධ දර්ශනය තුළ, ක්‍රිස්‌තු දර්ශනය තුළ වගේම අනෙකුත් ආගමික දර්ශන තුළත් අන් අයට උදව් උපකාර කිරීම, පිහිටවීම, ඉතාමත් උතුම් දෙයක්‌ විදියටයි සලකන්නේ. බාලදක්‍ෂ ව්‍යාපාරය, අද මුළු ලෝකවාසී ජනතාවටම ආගමික දර්ශන පසුබිම් වූ මානවවාදී සමාජයක්‌ ගොඩනැඟීමේ කාර්යය සඳහා පුළුල් දායකත්වයක්‌ ලබාදී තිබෙනවා.

අපේ රටේ පාසල් සිසුන් අද ලක්‍ෂ 40 කට වැඩි සංඛ්‍යාවක්‌ සිටිනවා. ඉන් 50,000 ක්‌ පමණ බාලදක්‍ෂ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටීම ඉතාමත් සතුටට කාරණයක්‌. ඒ වගේම මම හිතන්නේ උදාවන නව වර්ෂය තුළ ඒ 50,000 ලක්‍ෂයක්‌ දක්‌වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉලක්‌ක සහගත ව්‍යාපාරයක්‌ අවශ්‍යයි කියලා මා ඔබට යෝජනා කරනවා.

දැනට ලබාදෙන සහය වගේම ඊට වඩා වැඩි සහයක්‌ මේ සඳහා ලබාදෙන්න කියල ඉල්ලීම අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් පාසල් වලිනුත් මා පෞද්ගලිකව ඉල්ලා සිටිනවා. තාක්‍ෂණික ලෝකයේ මුදල් මත සියල්ල තීන්දු කරන බහුතරයක්‌ ඉන්න සමාජයක යහපත් බව හැදියාව මෙන්ම මිනිසත්කම යටපත් වන කාලයකයි අප දැන් මේ සිටින්නේ.

ඒ නිසා නව තාක්‍ෂණය කෙතරම් දියුණු වුවත් මුදල් වටිනාකම් තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක්‌ නොවන බව අපි දැඩි සේ විශ්වාස කරනවා. මිනිස්‌ ජීවිත වලට වඩා මුදලට වැඩි වටිනාකමක්‌ දෙන තත්ත්වයට අද මුළු මහත් ලෝකයේම සමාජය පිරිහෙලා තිබෙනවා. ඒ නිසා ජීවිත වලට වැඩි වටිනාකම් ගෙනදෙන්නට, වඩාත් යහපත් මිනිසුන් බිහිකරන්නට, මිනිස්‌කම ගොඩනැගුණ මිනිස්‌කම පදනම් කරගත් සමාජයක්‌ ගොඩනගන්න බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ලෝකයේම තිබෙන උතුම් ව්‍යාපාරයක්‌ බවට හඳුන්වන්න පුළුවන්.

අපේ දරුවන් නොමගට පෙළඹවීම, තාක්‍ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැළඳගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම මේ කියන කරුණු පිළිබඳව දෙමවුපියන් සේම අප සෑම කෙනෙක්‌ම දැඩි අවධානයකින් පසුවී ඒවායින් දරුවන් බේරාගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. අනාගතය සඳහා ගුණවත් දරුවන් පිරිසක්‌ බිහිකරන්නට බාලදක්‍ෂ ව්‍යාපාරයට එම මෙහෙය කළ හැකි බව අප විශ්වාස කරනවා.

ඒ උතුම් කාර්යය ඉටුකිරීම සඳහා මෙවැනි මූලස්‌ථාන ගොඩනැඟිල්ලක්‌ ඔබට ලැබීම පිළිබඳ ඔබ සතුටු වෙනවා වගේම ඔබේ ප්‍රධාන බාලදක්‍ෂයා වගේම පාසල් ජීවිතයේ බාලදක්‍ෂයෙක්‌ විදියට කටයුතු කළ මාද ඉතාමත් සතුටු වෙනවා. අපි දන්නවා අපේ සිංහල භාෂාවේ බාල කියන වචනය අංශ කිහිපයකට යෙදෙනවා. වයසින් අඩුවුණාම බාල කියලා කියනවා. ඒ වගේම දැනුමෙන් ප්‍රඥවෙන් බුද්ධියෙන් අඩු වුණාමත් බාල කියලා හඳුන්වනවා. මෙතනදී අපි හඳුන්වන්නේ වයසින් බාල කියන එකයි.

ඒ නිසා දරුවන්ගේ මනසට වඩා යහපත් දේ දෙන්නට බාලදක්‍ෂයන් හෙවත් දක්‍ෂ දරුවන් බිහිකරමින් සමාජයට මෙහෙවරක්‌ කරන්නට අපි සියලු දෙනාම කැපවිය යුතු වෙනවා. බාලදක්‍ෂ ව්‍යාපාරයට ලැබුණු නව ගොඩනැඟිල්ලේ තිබෙන සිසිලස සමඟ ඔබ සමඟ අප මේ මොහොත ගතකරනවා. ඔබ සෑම කෙනෙකුටම මේ රටේ බාලදක්‍ෂ ව්‍යාපාරය අනාගතයේදී අදට වඩා ශක්‌තිමත්ව ගොඩනගන්නට මේ නව ගොඩනැඟිල්ල, නව සෙවන වඩාත් ශක්‌තිමත් පිටිවහලක්‌ වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ වැදගත් අවස්‌ථාවට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමාත් කොමසාරිස්‌තුමා ඇතුළු ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්‌තුතිය පළකරන අතරම බාලදක්‍ෂ ව්‍යාපාරය මේ රටෙහි ගොඩනැගීම සඳහා දිය හැකි දියයුතු සෑම සහයෝගයක්‌ම මම මගේ නිල කාලය තුළ මම නොපිරිහෙලා ඔබ වෙත ලබාදෙන බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි.

Thursday, May 2, 2019

බී.පී. ගේ වාහනේ

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 21 ක් ගතවීම නිමිත්තෙන් 1929 දී එංගලන්තයේ ලිවර්පූල් හි රෝයල් පාර්ක් උද්‍යානයේ දී ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්විණ. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමා වෙත අපූරු ත්‍යාගයක් පිරිනැමුණි. එය රොල්ස් රෝයි වර්ගයේ විශේෂ වාහනයකි. ‘Coming of Age’ ලෝක බාලදක්ෂ ජම්බෝරියට පැමිණියේ බාලදක්ෂයින්ගෙන් එකතු කළ මුදලින් මිල දී ගත් මෝටර් මෙම රථයෙනි. (ඔහුගේ පැරණි මෝටර් රථය නිතරම කඩා වැටුණු අතර දෙවරක්ම ජම්බෝරියේ සිට නිවස දක්වා එම වාහනය ඇද ගෙන යාමට සිදු විය.) ඊටම එක්කල අලංකාර කැරවෑනයක් ද එහි විය. එය Eccles Caravan ලෙස ප්‍රසිද්ධ විය. මෙම මෝටර් රථය ජෑම් රෝල්ගේ අන්වර්ථ නාමයෙන් ද ප්‍රසිද්ධ විය. ජම්බෝරියෙහි ඉදිරිපත් කරන ලද රෝල්ස් රොයිස් සහ Eccles නමින් හැඳින්වෙන කැරවෑනය කා අතරත් ජනප්‍රිය විය.  Eccles නම් කැරවෑනයේ නිෂ්පාදකයාගේ නම විය. Eccles යනු පලතුරු පිරුණු පේස්ට්රි වර්ගයකි. මෙම ජම්බෝරියේදී බේඩන් පවෙල් විසින් ජෝර්ජ් V විසින් ගිල්වෙල්හි 1 බාරොන්හි බෙඩ්න් පවල් යන නාමය ද ඇතුලු ත්‍යාග රාශියක් දිනා ගත්තේය.


Image result for scout jam roll bp

පෙනී ජෑම් රෝල්

එක් බාලදක්ෂයෙක් අවම වශයෙන් පෙනී එකක්වත් අරමුදලට පරිත්‍යාග කළේය. ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී සිදුවූ මෙම අපූරැ සිදුවීම මතකයේ රැඳවූයේ ඒ වෙනුවෙන් අපූරු නමක් ආදේශ වූ බැවින්ය. ජෑම් රෝල් යන ආදරබර නාමයෙන් එම රථය හැඳින්විය. එහි අරැත වූයේ Jamboree And Rolls Royce යන්නය. රෝල්ස් රොයිස් රථයක් වූ එය බාලදක්ෂයින් එසේ නම්කළ ද ආදී කර්තෘතුමන් එය හැඳින්වූයේ එක්ලස් යන නමින්ය. එකතු කළ යන අර්ථය එයට වඩාත් උචිත බව බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අදහස විය.


 

සෑම ප්‍රදේශයකම එක්ලස් එංගලන්තයේ සුප්‍රකට රෝල්ස් රොයිස් රථ සඳහා ලෝකයේ ඉල්ලුමක් නිර්මාණය කිරීමේ පෙරගමන්කරැවා විය. අශ්වබල 20 ක ධාරිතාවකින් යුතු එක්ලස්ගේ අංකය OU 2938 විය. බඳෙහි අංකය GVO – 40 ලෙස නම්කර ඇත. බේඩ්න් පවෙල් සාමිතුමා සහ ඔලෙව් මැතිනිය නිල රථයෙන් එංගලන්තයේ සෑම ප්‍රදේශයකම සැරිසැරෑහ. බාලදක්ෂ කණ්ඩායම් වෙත ගොස් ඒවා ශක්තිමත් කළහ. වැරදි නිවැරදි කළහ. නිල රථය නොගිය තැනක් නැති බව වරෙක දී ඔලෙව් මැතිනිය ප්‍රකාශ කළාය. 

කැරවෑනය

කඳවුරැ නිරීක්ෂණය සඳහා ගියවිට රථයට පිටුපසින් සම්බන්ධ කළ කැරවෑනය තුළ බේඩ්න් පවෙල් සාමිතුමා රුය පහන් කළේ බාලදක්ෂයින් සමග තමන් නිරතුරැව සිටිනා බව ඒත්තු ගැන්වීමටය. 1941 වසරේ දී බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අභාවයෙන් පසු ඔලෙව් මැතිනියගේ පරිහරණය කළ එක්ලස් අද වන විට ලෝක බාලදක්ෂයින්ගේ ඓතිහාසික කෞතුක වස්තුවක් බවට පත්ව ඇත.

සැඳෑ සුවය විදින එක්ලස් 

සිදුවීම් ගණනාවකට පසු බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ නිල රථය එංගන්තයේ ගිල්බල් බාලදක්ෂ උද්‍යානය වෙත රුගෙන එන ලදී. මෙහි දැක්වෙන්නේ අදටත් විරාජමානව සිටින එක්ලස් ය. එක්ලස් වෙනුවෙන්ම නිර්මාණය කළ ගරාජය තුළ එක්ලස් තනි නැති බව හැඟවීමට ආදි කර්තෘ යුවළ සිහිවනු වස් නිර්මාණය කළ ප්‍රතිමා දෙක අදටත් බාලදක්ෂයින්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වෙයි. මෙහි දැක්වෙන්නේ ගිල්බල් හි සංරක්ෂණය කළ බේඩ්න් පවෙල් යුවළගේ ප්‍රතිමාවත්, ඔවුන්ගේ නිල රථයත්ය.


Jam Roll හි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ රෝල්ස් රොයිස් රේඩියේටර් මත බාලදක්ෂ ආදර්ශ පාඨය "සූදානම් වන්න" යොදා තිබේ. වර්ෂ 1945 දී බෙන් පවල් විසින් පෙනී රෝල් වාහනය විකුණන ලද අතර එය බෙන් ග්රව් විසින් නැවතත් 1986 දී මෝටර් රථය සැතපුම් 53,000 ක් ගෙන එනු ලැබුවේය.

Monday, April 29, 2019

‘වරක් බාලදක්ෂයකු සැමදා බාලදක්ෂයෙකි'

ජනාධිපති බාලදක්ෂයෝ යනු බාලදක්ෂ ව්‍යාපාරයේ සෑම සාමාජිකයකුම බැඳී සිටින බාලදක්ෂ පොරොන්දු සහ බාලදක්ෂ නීතිවලට අනුකූලව තම ජීවිතය සකස් කර ගැනීමට අවංක පරිශ‍්‍රමයක් දරමින්, බාලදක්ෂ ක‍්‍රම හා ශිල්ප අනුව මනා ශිල්පීය පුහුණුවක් ලබා ගත්, තමාටත් අන්‍යයන්ටත් ප‍්‍රයෝජනවත්ව සැම විටම අන්‍යයන්ට උපකාර කිරීමට සූදානම්ව සිටින යෞවන යෞවනියන්ය.

එසේම ඔවුන්ගේ බාලදක්ෂ පොරොන්දුවේ පළමුවන අංගය ලෙස තම ආගමට හා රටට යුතුකම් ඉටු කිරීමට බැඳී සිටී. ඒ අනුව බාලදක්ෂ ව්‍යාපාරය තම ආගමට හා රටට යුතුකම් ඉටු කිරීම ප‍්‍රමුඛස්ථානයේලා සලකන ව්‍යාපාරයකි.

ලෝකයේ දැවැන්තම ළමා හා තරුණ ව්‍යාපාරය වන බාලදක්ෂ ව්‍යාපාරය 1907 වසරේ මහා බි‍්‍රතාන්‍යයේදී ‘‘ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල්.. යන ගෞරව නාමයෙන් පසු කලෙක හඳුන්වන ලද ‘‘බේඩන් පවල්.. නම් යුද්ධ සේනාධිපතිවරයා විසින් ළමුන් 20 දෙනකුගෙන් ආරම්භ කරන ලදී.

මේ වනවිට රාජ්‍යයන් 169 ක ඉතා ආකර්ශනීයව මෙම ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන අතර සාමාජික සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ඇත.

තම රටවල බාල පරපුර අනාගත ප‍්‍රයෝජනවත් දක්ෂතා සපිරූ යහපත් පුරවැසියන් ලෙස පුහුණු කරවා ගැනීමට බාලදක්ෂ පුහුණුව උපයෝගී කර ගනී.

ශී‍්‍ර ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය 1912 වර්ෂයේදී මාතලේ කි‍්‍රස්තුදේව විද්‍යාලය කේන්ද්‍රස්ථානය කරගෙන එෆ්. ජී. ස්ටීවන්ස් නම් බි‍්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා විසින් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපාරය 1957 අංක 13 දරන පනතින් නීතිගත කර ඇති නිසා බාලදක්ෂ ව්‍යාපාරයට බැඳෙන බාලක බාලිකාවන්ට සහ පුහුණුකරුවන් වන වැඩිහිටි ස්වෙච්ඡා සේවයේ යෙදෙන පුද්ගලයන්ට රාජ්‍ය ආරක්ෂාව හිමි වී ඇති අතර ව්‍යාපාරයේ ප‍්‍රධානත්වය දරන ‘‘ ප‍්‍රධාන බාලදක්ෂ Chief Scout . තනතුර රාජ්‍ය නායක වෙත පැවරී ඇත.

ශී‍්‍ර ලංකාව බාලදක්ෂ දිස්ති‍්‍රක්ක 37 කට ව්‍යුහගත කර දිසා කොමසාරිස්වරුන් 37 දෙනකු වෙත ව්‍යාපාරයේ පරිපාලනය විමධ්‍යගත කර ඇත. සියලූම කොමසාරිස්වරුන්ගේ ප‍්‍රධානත්වය දරන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ‘‘ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්.. තුමාය.

ඕනෑම දරුවකුට වයස අවුරුදු 5 දී මෙම ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගත හැකිය. ඔහු හෝ ඇය තම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර සාමාජිකත්ව පදක්කමේ සිට ඉදිරියට පුහුණුව සම්පූර්ණ කරමින් නියමිත විෂය නිර්දේශ සමත් කරමින් ‘ජනාධිපති ප‍්‍රදානය. 'Presidents Scout Award' ලෙස හැඳින්වෙන උසස්ම ප‍්‍රදානය දක්වා පුහුණුවීම්වල නිරත විය හැකිය.

මේ පුහුණු කි‍්‍රයාවලියේදී දරුවකු උපරිම ලෙස වසර 13 ක පමණ කාලසීමාවක් අධ්‍යාපනයේ විෂය බාහිර කටයුත්තක් ලෙස විවිධ ‘ප‍්‍රගති පදක්කම්. හා තම රුචිකත්වයට අනුව තෝරාගත හැකි ප‍්‍රවීණතා පදක්කම් රාශියකට අදාළ විෂය නිිර්දේශ පිළිබඳ ප‍්‍රවීණත්වයක් අත්පත් කර ගනී.

වයස අ. 5 දී බාලදක්ෂ ව්‍යාපාරයේ ‘සිඟිති අංශයට. ඇතුළත් වන දරුවකු එතැන් සිට ක‍්‍රමයෙන් උසස් ‘ප‍්‍රගති පදක්කම්. Progressive Badges සහ ප‍්‍රදානයන් Awards කරා යොමු වීමට තමා අයත් වන අංශය හා වයස් සීමාවන් මෙසේය.
  • සිඟිති බාලදක්ෂ අංශය අවුරුදු 5 -7
  • පෝතක බාලදක්ෂ අංශය අවුරුදු 7 - 11
  • කනිෂ්ඨ බාලදක්ෂ අංශය අවුරුදු 10 1/2 - 15
  • ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය අවුරුදු 14 1/2 - 18
  • මානවක බාලදක්ෂ අංශය අවුරුදු 17 1/2 - 24

ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයේ විෂය නිර්දේශයට පිවිසුණු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක බාලිකාවන් නියමිත දක්ෂතා පුහුණුවීම අවසානයේ සමාජයේ ප‍්‍රජාව වෙත යොමු වී ‘ප‍්‍රජා සේවාවක්. හඳුනාගෙන එම ප‍්‍රජා සේවාව ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කර කි‍්‍රයාත්මක කර ඇගයීමකට යටත් කර ඉදිරිපත් කරන ව්‍යාපෘති වාර්තාව සමග තම බාලදක්ෂ පුහුණුවේ විවිධ කඩඉම්වලදී ප‍්‍රගති පදක්කම් දිනාගත් සහතික කළ වාර්තාව ඇතුළත් ජනාධිපති බාලදක්ෂ අයැදුම්පත‍්‍රය අදාළ දිසා නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා වෙත තම 18 වන උපන් දිනයට මාසයකට පෙර භාරදිය යුතුය. ජාතික බාලදක්ෂ මූලස්ථානයේ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ව්‍යාපෘති වාර්තාව පරීක්ෂා කර සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සාර්ථකව කටයුතු කර ඇති බාලදක්ෂ බාලක බාලිකාවන් ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානය. සඳහා සුදුසුකම් ලබා ඇති බවට ප‍්‍රධාන කොමසාරිස්තුමාට නිර්දේශ කරයි.

එසේ සුදුසුකම් ලැබූ ශී‍්‍ර ලංකාවේ විවිධ බාලදක්ෂ දිසාවන්ට අයත් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලක බාලිකාවන් 1195 ට වත්මන් ‘ප‍්‍රධාන බාලදක්ෂ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් 2018 ඔක්තෝබර් 20 දින මහනුවර පොල්ගොල්ල පිහිටි මහින්ද රාජපක්ෂ ශ‍්‍රවණාගාරයේදී ‘ජනාධිපති බාලදක්ෂ ප‍්‍රදානයන්. ප‍්‍රදානය කරන ලදී.

බාලදක්ෂ දිවියේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන යෞවන යෞවනියන්ට ‘මානවක බාලදක්ෂ. Rover Scout අංශයට ඇතුළත්ව තවදුරටත් බාලදක්ෂ සේවයේ නිරත වීමට දොරටු විවෘතව ඇත.

‘වරක් බාලදක්ෂයකු සැමදා බාලදක්ෂයෙකි. 


විශේෂ ස්තූතිය
එස්. ඒ. අමරසිංහ
සහාය ප‍්‍රධාන කොමසාරිස් (සංවර්ධන)
කුරුණෑගල දිසාව

12 වන බාලදක්ෂ කබෝරියේ ජනාධිපතිතුමා කළ කථාව

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනපති පවසයි.
දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019.04.06 වන දින වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී)
12 වන බාලදක්ෂ කබෝරියට ඔබ සියලුදෙනා සමඟ එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

බාලදක්ෂ ව්‍යාපාරය ජාත්‍යන්තර ස්වෙච්ඡා ව්‍යාපාරයක්. ලෝකයේ ස්වෙච්ඡා සංවිධාන අතර ඉතාමත්ම ප්‍රබල වූත් ප්‍රමුඛ වූත් විශිෂ්ට වූත් ගෞරවනීය වූත් අන්තර්ජාතික ස්වෙච්ඡා ව්‍යාපාරයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ. ජාත්‍යන්තර බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව කතා කරන විට එහි නිර්මාතෘ බේඞ්න් පාවුල් සාමිතුමා පිළිබඳව අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. මේ වන විට ලෝකයේ රටවල් 172 ක පමණ බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල් 172 ක බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ දරුවන් සහ තරුණයින් දස ලක්ෂ පනස් දෙකක් පමණ සංඛ්‍යාවක් වනවා. ස්වෙච්ඡා ව්‍යාපාරයක් විදියට බාලදක්ෂ ව්‍යාපාරයට ඒ තරුණයින් අතර තිබෙන්නේ අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක්.

ඒවගේම ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ දරුවන් සහ තරුණයින් 72,000 ක් සිටිනවා. අපේ රටේ පාසල් දරුවන් ලක්ෂ 40 ක් පමණ සිටිනවා. නමුත් ඒ පාසල් දරුවන්ගෙන් හතළිහෙන් එකක් වත් බාලදක්ෂ ව්‍යාපාරය තුළ නියෝජනය වන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපතිතුමනි, ප්‍රධාන කොමසාරිස්තුමනි, එහි සහාකාර සහායක නියෝජ්‍ය කොමසාරිස්තුමාලා ඇතුළු මෙහි නායකත්වය ගන්නා ඔබ සියලුදෙනාට විශේෂයෙන්ම මා කරන යෝජනාව තමයි බාලදක්ෂ ව්‍යාපාරයත් කාලානුරූපව යුගයෙන් යුගය යම් යම් වෙනස්කම්වලට භාජනය කළ යුතු වෙනවා. එහි තිබෙන මූලික ප්‍රතිපත්ති මූලධර්මවලට හානියක් නොවන විදියට මේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා අඩු වශයෙන් පාසල් දරුවන්ගෙන් 25% ක් වත් බඳවා ගැනීම සඳහා ක්‍රියාකිරීම ඉතාමත් අවශ්‍යය යි.

මේ පෝතක බාලදක්ෂයින් නියෝජනය කරන්නේ වයස අවුරුදු හතත් එකොළහත් අතර වයස් කාණ්ඩවලට දරුවන්. මේ දරුවන් තමයි සමාජය තුළ සිටින ඉතාම සුන්දර දරු පිරිස වෙන්නේ. ලෝකයේ ජීවත්වන මිලියන ගණනක් සතුන් අතරේ සුන්දරම මිහිරිම හඬ තිබෙන්නේ මිනිස් දරුවන්ගේ බව අපි අසා තිබෙනවා. ඒ මිහිරි සුන්දර හඬට තමයි අපි මේ සවන් දෙන්නේ.

සාමාන්‍යයෙන් අපේ ගමේ කතාවක් තිබෙනවා කුඩා දරුවයි අලි පැටියයි දෙන්නම එක වගේ කියලා. අලි පැටියා කිසිම වෙලාවක එකම විදියකට ඉන්නේ නැහැ. ඒ පුංචි සුන්දර අලි පැටියෙකුගේ තිබෙන ලක්ෂණ තමයි මේ අවුරුදු හතේ එකොළහේ පෝතක බාලදක්ෂයින්ගෙන් අපි දකින්නේ. අපි ඒ සුන්දරත්වය අගය කරන්න ඕනෑ. ඊට ඉඩ දෙන්නට ඕනෑ. මේ වගේ ඉතාමත්ම වටිනා ජාතික සම්පතක් තමයි අද මේ 12 වන කබෝරියට සම්බන්ධ වී සිටින්නේ. ඒ නිසා අපි සැමවිටම කල්පනා කරන්නට ඕනෑ මේ සුන්දර දරුවන්ගේ ජීවිත තව තවත් සුන්දර කර ගන්නේ කොහොමද කියලා. අපට එය අභියෝගයක්.

මම පසුගිය දිනවල ප්‍රකාශ කළ කාරණයක් තමයි මේ රටේ පවත්වන පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව. පහේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන්නේ මේ සිටින පෝතක බාලදක්ෂයෝ තමයි. මේ අවුරුදු 7 ත් 11 ත් දරුවෝ තමයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉතාමත් විශිෂ්ටයි. මේ නිදහස් අධ්‍යාපනය නිසා ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත් මහා විද්වතුන් අපේ රටෙන් බිහි වෙලා තිබෙනවා. ලෝකයේ සිටින උගතුන්ට විද්වතුන්ට නොදෙවෙනි උගතුන් විද්වතුන් බිහි කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. එහි තිබෙන්නා වූ ගුණාත්මකභාවය සහ උසස් ප්‍රමිතිය රැක ගනිමින් කාලානුරූපීව දරුවන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, හැසිරීම් තේරුම් ගනිමින් තාක්ෂණික ලෝකය ජය ගැනීම සඳහා අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා.

මම ඊයේ හවස පුංචි දරුවකුගේ උපන්දින සාදයකට සහභාගි වුණා. මේ වගේම පුංචි දරුවෝ තමයි එතන සිටියේ. ඒ උපන්දිනය සැමරූ දරුවාගේ වයස අවුරුදු 07 යි. එතන පුංචි දරුවෝ 50 ක් විතර සිටියා. මම ඒ දරුවන්ගෙන් ඇහුවා පහේ ශිෂ්‍යත්වය ගැන දන්නව ද කියලා. ඒ දරුවෝ එක හඬින් කිව්වා අපි දන්නවා කියලා.

මම කිව්වා පහේ ශිෂ්‍යත්වයට කැමති අය අත උස්සන්න බලන්න කියලා. එක් කෙනෙක් වත් අත ඉස්සුවේ නැහැ. මම කිව්වා පහේ ශිෂ්‍යත්වය අවලංගු කරනවට කැමති අය අත උස්සන්න කියලා. සියලුදෙනාම එක සැරේ අත ඉස්සුවා. මම මේ අහන්නේ කලින් කියලා දීලා ද පුරුදු කරල ද එහෙම නැත්නම් පෙර පුහුණුවක් දීල ද එහෙම නැහැ. එතන හිටපු දෙමව්පියන්ට මම කිව්වා පේනවා නේද දරුවන්ගේ ඉල්ලීම. අන්න දරුවන්ගේ මානසිකත්වය. අන්න දරුවන් ඉල්ලන දේ. තාක්ෂණික ලෝකය ජය ගන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය තව තවත් ශක්තිමත් කළ යුතුයි. එසේම දරුවා විශිෂ්ටයෙක් කරන්න මේ අධ්‍යාපන ක්‍රමය ජාතික අවශ්‍යතාව වගේම අන්තර්ජාතික වෙනස්කම් අප විසින් තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අධ්‍යාපන විශේෂඥයින්ට පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි කියලා යෝජනා කළේ ඒ නිසයි. මම මේක කිව්වට පස්සේ ඇතැම් අම්මලා මට දොස් කියනවා කියලා ආරංචි වුණා. එතකොට කොහොමද දරුවාට හොඳ පාසලක් හොයා ගන්නේ. අපිට හොඳ පාසලකට දරුවෙක් දා ගන්න තිබුණු අවස්ථාව මේ නිසා නැතිව යනවා නේද කියලා සමහර අම්මලාගේ දුක් ගැනවිල්ලක් මට ආරංචි වුණා.

නමුත් මම දෙමව්පියන්ට කියන්න ඕනෑ අපි මේ අලුත් වැඩපිළිවෙළක් හදන්නේ පහේ ශිෂ්‍යත්වය අවලංගු කරලා 08 පන්තියට අලුත් විභාගයක් තියලා මේ දරුවෝ ලෝකයම ජයගන්න විශිෂ්ටයින් බවට පත් කරන්නයි.

විශ්වවිද්‍යාලයට ගිහින් කලා උපාධිය අරගෙන රැකියා ඉල්ලලා පාරවල්වල උද්ඝෝෂණ කරන තත්ත්වයට පත් කරන්නේ නැතිව මේ අධ්‍යාපන ක්‍රමයේ කළ යුතු වෙනස්කම් කිරීම සඳහා තමයි අප මේ ප්‍රවේශ වී සිටින්නේ.

ලෝකයේ දියුණු රටවල වගේ විභාගයක් පවත්වලා ඉන්පසුව සම්මුඛ පරික්ෂණයකට ලක් කරලා ඒ සම්මුඛ පරීක්ෂණයෙත් විභාග ප්‍රතිඵලත් අනුව දරුවන් වර්ග කිරීමක් අවශ්‍ය වෙනවා. එක් එක් විෂයන් තේරීමේදී කලා විෂයන් සඳහා අපේ රටේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙන් වාර්ෂිකව 5% දක්වා අඩු කරන්න ඕනෑ. අපි බලන්න ඕනෑ සංවර්ධනයට අවශ්‍ය මොන විදියේ දැනුමක් ද? සංවර්ධනය සඳහා දරුවන්ට ලබාදෙන්න සුදුසු දැනුම කුමක්ද? ඒ සඳහා සුදුසු විභාග කුමක්ද? දරුවාගේ බුද්ධිය වර්ධනය වන්නේ කොයි ආකරයට ද? මේ තරගකාරි ලෝකය ජයග්‍රහණය කරන්න අප විසින් කළ යුතු සමාජමය වෙනස්කම් මොනවද? නව ආර්ථික ක්‍රම රටාවන් තේරුම් අරගෙන තාක්ෂණික විෂයන්ට මෙන්ම එක් එක් විෂය ක්ෂේත්‍රවලට දරුවන් යොමු කළ යුතුයි. මේ විදියට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරලා ඔබට ඵලදායි මාර්ගයක් පෙන්වා දෙන්නයි අප බලාපොරොත්තු වන්නේ.

අද පහේ ශිෂ්‍යත්ව විභාගයත් එක්ක දරුවෝ පන්තියට කොටු වෙලා. අම්මාගේ හිර කාරයෙක් වෙලා. අම්මාත් දුක් විඳිනවා. දරුවත් දුක් විඳිනවා. හොඳ පාසල් කියලා හොයනවා නම් පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවාව දා ගන්න එහෙම නම් මේ රටේ නරක පාසල් කියලත් දෙයක් තියෙන්නට ඕනෑ. හොඳ පාසල් සහ නරක පාසල් කියලා දෙකක් රටක තියෙන්න පුළුවන්කමක් නැහැ. මෙයින් අපි දන්නවා පැහැදිලිවම දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ සිය දරුවන්ට ඉගෙන ගන්න අංගසම්පූර්ණ සියලු සම්පත් තිබෙන පාසලක්. එහෙම නම් අපි මේ සඳහා සුදුසු විභාග ක්‍රමයක් හදන්නට ඕනෑ. පාසල්වලට සියලු සම්පත් ලබා දෙන්නට ඕනෑ. එයින් තමයි දරුවා නිවැරදි තැනකට ගෙනියන්න පුළුවන්කම තිබෙන්නේ.

ඇතැම් අවස්ථාවල කවුරුවත් කාටත් නොදැනෙන්න පොඩි ළමයි කියන දේවල් මම හොරෙන් අහගෙන ඉඳලා තිබෙනවා. ඊයේ දරුවකුගේ උපන්දින සාදයකට ගිය වෙලෙත් ඒ අය කතා කරන ඒවා මම වෙන පැත්තක් බලාගෙන අහගෙන සිටියා. ඒ දරුවන් කතා කරන දේවල් මොනතරම් සුන්දර ද බලන්න. ඒ ගැන පොත් කීයක් ලියන්න පුළුවන් ද? ඒ අයගේ පුංචි පුංචි අපේක්ෂාවන් අසීමිතයි. මේ දරුවෝ ළඟ ඊර්ෂ්‍යාව නැහැ. කුහකකම නැහැ. ක්‍රෝධය වෛරය නැහැ.

මමත් වසර ගණනක් බාලදක්ෂයෙක් විදියට ඉඳලා අත්දැකීම් රාශියක් ලබා තිබෙනවා. මම පාසල් යන කාලේ ශිෂ්‍ය භටයෙක් විදියට කටයුතු කර තිබෙනවා. පාසලක බාලදක්ෂයෙක් ශිෂ්‍ය භටයෙක් ලෙස සිටීම මෙන් ම ක්‍රීඩා කටයුතුවලට යොමු වීම ඉතාමත් වැදගත්. පොත අතට අරගෙන පන්ති කාමරයට හිර වෙලා එකම තැනක සිටිනවාට වඩා දැනුම ලබා ගන්න ඕනෑ. දැනුමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොමු වෙන්න ඕනෑ. සමාජය සමග ගැටෙන්න ඕනෑ. පරිසරයට දරුවා විවෘත කළ යුතු යි. පරිසරය හඳුනාගැනීම පරිසරයේ අභියෝග තේරුම් ගැනීම දරුවාට ඉතාමත් අවශ්‍යය යි.

මේ කබෝරිය මගින් ජිවිත කාලය පුරාවටම අමතක නොවන සුන්දර අත්දැකීම් මේ දරුවෝ ලබනවා. මේ දරුවන්ට අවුරුදු හැටක් පිරුණු විටත් කතා කරයි අපි පුංචි කාලේ මේ බාලදක්ෂ කබෝරියකට ගියා. ඒ කබෝරියේදි අපි මේ මේ වගේ අත්දැකීම් ලැබුවා කියලා.

මෙම උත්සවයේ කටයුතු ඉතාමත් හොඳින් සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපතිතුමා, ප්‍රධාන කොමසරිස්තුමා ඇතුළු සහකාර කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු, මැති ඇමතිවරු අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු මේ 12 වන ජාතික කබෝරිය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක් වූ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

ඒවගේම ජාත්‍යන්තර බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු ඉතාමත් අගය කරමින් ඔබ සියලුදෙනාට වාසනාවන්ත අනාගතයක් සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබේ අනාගතය සුන්දර කරන්නට රජයක් විදියට පෞද්ගලිකවත් සැමවිටම කැපවෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.

සියලු දෙනාටම ස්තූතියි.

-------------


ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ දී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25%ක් වත් නියෝජනය වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විනයෙන්, හික්මීමෙන් මෙන්ම ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරය ඉතා වැදගත් බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විශිෂ්ට අනාගත පරපුරක් රට තුළ ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය “අපේ උරුමය මව්බිමයි” තේමාව යටතේ අද සිට අප්‍රේල් 08 වනදා දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පැවැත් වේ.
මෙම කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි වයස අවුරුදු හතත්, එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින් 7500 ක් ද ආචාර්යවරුන් හා වරියන් 750 ක් පමණ එක්ව සිටින අතර ප්‍රථම වරට දකුණු ආසියාතික රටවල්වල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ඊට එක්ව සිටී.

තෙදිනක් පුරා පැවැත්වෙන කබෝරිය විශේෂාංග රැසකින් සමන්විත අතර එම දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

කබෝරි පදක්කම් කට්ටලය කබෝරි සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

කබෝරි සමරු ඵලකය කබෝරි ලේකම් රේණුකා සිල්වා මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















විශේෂ ස්තූතිය - ජනාධිපති මාධ්‍ය අංශයට

Sunday, April 28, 2019

මියුරු ඔබට සුබගමන්!

දශකයකට ඉහත දී මෙරටින් තුරන් කළ සිවිල් යුද්ධයේ භීතියයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙය විය. මරණයට පත් පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයෝ වෙති. එමෙන්ම විදේශිකයන් තිස් අට දෙනෙකුවත් ප්‍රහාරවලට හසුව මරණයට පත්ව තිබේ.


ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම අහිංසක විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් 500 කට වැඩි පිරිසක් තුවාලකරමින් පාස්කු ඉරිදා දිනය වූ 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් වැල මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් මෙහෙවා තිබේ. 

බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑම’ හේතුවෙන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්වූ අතර බලධාරීන් විසින් එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීමට කරුණු සොයද්දී මෙම ප‍්‍රහාරය පසුව අයිසිස්’ හෙවත් අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානය විසින් භාරගනු ලැබිණ. ප්‍රහාරයට සහභාගි වූ බව පැවසෙන පුද්ගලයන්ගේ සමූහ ඡායාරූපයක් 'අමාක්' නමැති මාධ්‍ය ඒකකය විසින් පසුව ප්‍රකාශයට පත් කර තිබිණි. 

සිතියම

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි සංචාරක හෝටල් ඒ අතර වේ. ඉල්හාම් ෂැන්ග‍්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරවා ගත් අතර ඉස්සාෆ් සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී සිය බෝම්බය පුපුරුවා ගත්තේය. මොවුන්ගේ ප‍්‍රහාරවලින් විදේශිකයන් 41 දෙනකු මරණයට පත්විණ. ඒහිදී එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, පෘතුගාලය, ඉන්දියාව, තුර්කිය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ජපානය, ස්විට්සර්ලන්තය , ස්පාඤ්ඤය, බංග්ලාදේශය, ඇමරිකාව සහ චීනය යන රටවලට අයත් විදේශිකයන් ද මරණයට පත් පිරිස අතර වූහ.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළ සංචාරක හෝටල් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව 350 කට අධිකය. නිරායුධ අහිංසක සිවිල් පුරවැසියන් ඉලක්ක කරමින් 500කට වැඩි ප්‍රමාණයකට තුවාල සිදුකරමින් සිදුකරනු ලැබූ අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙලාදැකිය යුතුය.


Image result for ෂැන්ග්‍රිලා බෝම්බයෙන් මියුරු
http://mawbima.lk/entertainment/1/news-more/9930

ෂැංග්‍රිලා බෝම්බය
 
කොළඹ ෂැංග්‍රිලා හෝටලේ පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණිය ද මිය ගියා. පසුව කොළඹ ෂැංග්‍රිලා හෝටලය, නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ෂැංග්‍රීලා හෝටලය තුළ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එහි සිටි විදේශිකයින් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකුට වැඩි පිරිසක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වු බවයි හෝටල් ආරංචි මාර්ග කියා සිටියේ.

බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන 46 හැවිරිදි  ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්  වැඩිම ආදායම් ලබන ASOS නමින් හැඳින්වෙන අන්තර්ජාල රෙදිපිලි ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමියා හැටියට සැලකේ. ඔහු Zalando නමැති ඒවැනි ජර්මානු සමාගමේද හිමිකරුය. ඊට අමතරව ඩෙන්මාර්කයේ ඉඩම් ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඔහු අක්කර 220000 ක හිමිකරුවෙකි. ලංකාවේ සංචාරය පිණිස ඇන්ඩර්ස් පොව්ල්සන් නමැති මෙම වයාපාරිකයා බිරය හා දරුවන් 4 දෙනා සමග පැමිණ තිබේ. ඔවුන් මුලින් සංචාරය ගොස් ඇත්තේ තංගල්ලේ හෝටලයකටය. පසුව කොළඹ නතරවී එක් රැයක් ගතකර පසුදාම ‌ඩෙන්මාර්කය බලා පිටත්ව යාම සැලසුම වී ඇත. මේ නිසා තංගල්ලෙ සිට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටි ඔවුන් එදින පිටවී යාමට සියලු කටයුතු සුදානම් කර  ඇති අතර උදෑසන ආහාරය ලබාගැනීමෙන් පසු දහවල් පිටත්ව යාමට නියමිතව තිබූ අතර උදේ ආහාරයට ෂැංග්‍රිලා හෝටලයේ 3 වන මහලේ පිහිටි 'ටේබල් වන්' නමැති අවන්හල වෙත පොව්ල්සන් මහතා ගැහැණු දරුවන් දෙදෙනකු හා පිරිමි දරුවා  සමග ගොස් ඇති අවස්ථාවේ මෙම ඉරණමට ගොදුරු වී ඇත. මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මගින් ඊයේ(26) ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.


කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ භෝජනාගාරය තුළදී මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු විසින් පුපුරුවා ගත් බෝම්බයකට හසුවී මරුමුවට පත්වූ එම හෝටලයේ භෝජනාගාර සේවකයකු වන රාගම වල්පොල සෝමවීර මාවතේ පදිංචි වයස 29ති මියුරු යසකැළුම් (පැතුම්) සහ තවත් අයෙකු මියගියේ ය. ඔවුන්ගේ අවසන් කටයුතු බෞද්ධාගමික වත් පිළිවෙත් අනුව වල්පොල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.