Translate

Tuesday, January 14, 2020

20වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්

 ශ්‍රී ලංකාවේ 20 වන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා (RWP, RSP, VAV, USP , LOM, NDC, PSC) ඊයේ (13දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ විශේෂ උත්සවයක් පැවති අතර ඒ සඳහා පැමිණි හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාද සම්මානනීය මහාචාර්ය නිමල් සිල්වා මහතා ද සහභාගී වූහ.

 

හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රසේන බටුවන්ගල මහතා, ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා සහ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් තිදෙනාම කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ හිටපු බාලදක්ෂයෝ වෙති. අභිනවයෙන් පත් වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා කොළඹ නාලන්දාවෙන් බිහි වූ තුන්වන ප්‍රධාන බාලදක්ෂ කොමසාරිසවරයා වේ.

මිලින්ද පීරිස් මහතා මේ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කරමින් විශිෂ්ඨ සේවයක් ඉටුකළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ජනාධිපති බාලදක්ෂයෙක් වෙන ඒ මහතා මූලස්ථාන කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් මැතිතුමාට Scouting සඟරාවේ සුබ පැතුම්





More News one -
http://scouting.lk/new-chief-scout-commissioner-of-sri-lanka/

Tuesday, January 7, 2020

ජනවාරි 8 - "☉" මම ගෙදර ගියෙමි - 79වැනි BP ගුණ සැමරුම

WORLD SCOUT SALUTATION DAY - The Day of January 8th

This day celebrate the connection between Scouting and our faith-based chartered partners. Some Scouts and leaders will honor these days by wearing the full field uniform to worship services. In other units, a worship leader presents religious awards to recipients. In still others, the pack, troop, crew or ship conducts a service project that benefits the religious organization. this Scouts' Day or Guides' Day is a generic term for special days observed by members of the Scouting movementthroughout the year. Some of these days have religious significance, while others may be a simple celebration of Scouting. Typically, it is a day when all members of Scouting will re-affirm the Scout Promise.
 "☉" මම ගෙදර ගියෙමි

Honorable Scout Salutation FB Page

https://www.facebook.com/pg/Honorable-Scout-Salutation-170596276401141
වසර 06කට අධික කාලයක සිට Scouting සගරාවේ අප "බාලදක්ෂ ගෞරවාචාර" දැක්වීම සඳහා බාලදක්ෂ/ බාලදක්ෂිකා කටයුතු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කොට ජීවිතයට සමුදුන් සහෝදර බාලදක්ෂ, බාලදක්ෂිකා, නායක, නායිකා ඇතුලු සමස්ත සාමාජික ප්‍රජාව වෙනුවෙන් පවත්වන අවසන් සමරු සිහිකිරීමේ ගෞරවාචාරය උදෙමා ලොව සිටින සියලුම සාමජිකයින් වෙනුවෙන් තැනූ එකම FB එකමුතුව වෙනුවෙන් තැබෙන සටහනකි!

------------------------------------

79වැනි BP ගුණ සැමරුම

ජනවාරි 8 ට යෙදෙන ළමා මිනිසාගේ 79 වන ගුණ සැමරුම

ළමා මිනිසා යන විරුදාවලිය ලත් බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමා වර්ෂ 1857 පෙබරවාරි 22 එංගලන්තයේ ලන්ඩන් හි පැඩිංටන් හි උපත ලද අතර 1941 ජනවාරි 8 දින මෙලොවින් සමුගත්තාය.

බේඩ්න් පවෙල් හෙවත් බීපී යන ආදර කෙටි නාමයෙන් හඳුන්වන ලමා මිනිසා 1876 දී බ්‍රිතාන්‍යය හමුදාවට බැඳුණු අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව යන රටවල සේවය කලේය .ඔහුගේ යුධ හමුදා ජීවිතයේ වැදගත් ලෙස සනිටුහන්ව ඇති සිද්ධීන් ලෙස දකුණු අප්‍රිකාවේ බෝයර් සටන ,අශාන්ති සටන හැඳින්විය හැක. සතුරු ප්‍රහාර හමුවේ වූවද සීමිත පිරිසකගේ ආධාරයෙන් මැෆ්කිං නගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙතෙම ජනතාවගේ වීරයෙකු බවට පත්විය .රොඩේෂියාවේ ( වත්මන් සිම්බාබ්වේ )ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් කටයුතු කරද්දී හමුවූ සුවිශේෂී චරිතයක් වූ රසල් බර්න්හැම් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය .දකුණු අප්‍රිකා බ්‍රිතාන්‍යය හමුදාවේ ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ මේජර් බර්න්හැම් වනශිල්පය පිළිබඳව බේඩ්න් පවෙල්ට ඉගැන්වීය .ඒ අනුව මැටබෝර්න් කඳුකරයේ සිදුකළ හමුදා වන අභ්‍යාස වල ඉගැන්වෙන කරුණු අනුව බීපී විසින් ලියූ Aids to scouting පොත එංගලන්තයේ තරුණ හා ලමුන් අතර ජනප්‍රිය විය .ඒ අනුව වර්ෂ 1907 දී එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේදී සිදුකරනු ලැබූ අත්හදා බැලීමේ කඳවුර අනුව බාලදක්ෂ ව්‍යාපාරය ලොවට දායාද විය.

එලෙස ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය සිය පලමු ලෝක ජම්බෝරිය 1909දී ක්‍රිස්ටල් පැලස් හි පැවැත්වූ අතර එහිදී බීපී ලෝක බාලදක්ෂ නායක ලෙසින් පිළිගනු ලැබීය.

ලොව පුරා බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට උරදුන් බීපී ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් පිරිහෙද්දී ඒ අනුව තම ජීවිතය සැලසුම් කලේය .බ්‍රිතාන්‍යය හමුදාවේ උසස් නිලධාරීයෙකු මෙන්ම බ්‍රිතාන්‍යය රාජකීය පවුලේ ලබැඳි හිතවතෙකු වූ ඔහු වෙනුවෙන් වෙන්ව තිබූ සුඛෝපභෝගී හමුදා නිල නිවෙස වෙනුවට හෙතෙම තෝරා ගත්තේ තමන් කවදත් ආදරය දැක්වූ දකුණු අප්‍රිකාවේ කෙන්යාවේ පිහිටි තම අවසාන නිල නිවසය.

තම සෞඛ්‍යයට උචිත දේශගුණය හා යුරෝපයේ පවතින දේශපාලන තත්වය මත තමන් කවදත් ප්‍රියකල නිදහස් වටපිටාව අනුව දකුණු අප්‍රිකාවේ දී තමන් කවදත් ප්‍රියකරන චිත්‍ර ශිල්පය ඇසුරෙන් චිත්‍ර නිර්මාණ රැසක් කිරීමට බීපී සමත්විය.

ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේහි ඔහු වෙනුවෙන් වෙන්කර ඇති සොහොන් ගෙය වෙනුවට නයිරි හි පිහිටි ශාන්ත පීතර සුසාන භූමියේදී තම අවසන් කටයුතු කිරීමට තීරණය කරන ලදී. 1941 ජනවාරි 8 දින සිදුවූ ඔහුගේ මරනය ලෝක ප්‍රවෘත්තියක් විය.සම්ප්‍රදායානුකූ හමුදා ගෞරව ආචාර සහිතව අවසන් කටයුතු සිදුකරනු ලැබීය .ඉන් වසර 35 කට පසුව ඔලෙව් ආර්‍යාවගේ ඉල්ලීම පරිදි ඇයගේ භෂ්මාවශේෂ තම ස්වාමියාගේ සොහොනෙහි තැන්පත් කරන ලදී.

අද ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම සොහොන දැකබලාගන්නට වාර්ෂිකව 50,000 කට අධික සංචාරයන් පැමිනෙති. සංචාරක කර්මාන්තයේ ලෝක ප්‍රසිද්ධ සොහොන් බිමක් ලෙස හඳුන්වනු ලබන මෙය කෙන්යානු සංචාරක කර්මාන්තයට කදිම ආයෝජනයකි. 

වර්ෂ 1941 ජනවාරි 8 හෙවත් අද වැනි දිනෙක අප අතරින් සමුගත් ලෝක බාලදක්ෂ නායක වූ බේඩ්න් පවෙල් සාමිතුමාගේ 79 වන සංවත්සර මෙලෙස අන්තර් ජාලය ඔස්සේ සමරමු.

විශේෂ ස්තූතිය
KD
 

Y- 12 සැහැල්ලු ගුවන් යානයේ සිටි සැබෑ බාලදක්ෂයෝ!

දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමු. 
නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා

වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් Y- 12 නමැති සැහැල්ලු ගුවන් යානයක් ගමන් ඇරැඹූයේ ඉකුත් 3 වැනි දින පෙරවරු 8.55ට පමණය. ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා මෙම යානය පිටත්විණි.

මෙරට නැඟෙනහිර ප්‍රදේශය නිරීක්ෂණ කිරීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන්ට අණ ලැබී තිබිණි. එම නිරීක්ෂණ කටයුතු අවසන් කර නැවත ගුවන් යානය ගොඩබැස්සීමට නියමිතව තිබුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුරෙනි.

එම ගමන අදියර දෙකකින් නිම කිරීමට නියමුවන්ට අණ ලැබී තිබිණි. රත්මලානේ සිට වීරවිලටත් නැවත වීරවිල සිට යළි රත්මලානටත් පරීක්ෂණ කටයුතුවල නිරතවීම ඔවුන්ගේ එදින රාජකාරිය විය. එදින ඔවුනට නියමව තිබුණු නිරීක්ෂණ කටයුතු අතර මහ වන මැද නීති විරෝධීව පවත්වාගෙන යන ජාවාරම් පිළිබඳව තොරතුරු සොයා බැලීමද වූ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් රත්මලානේ සිට වීරවිල බලා යද්දී එම ගුවන් ගමන් මඟ සකසා ඇත්තේ හපුතලේ හරහා යන පරිදිය. ඒ අනුව මෙම ගුවන් යානය මුලින්ම රත්මලාන කඳවුරෙන් පෙරවරු 7.00ට වීරවිල කඳවුර බලා පිටත්වී ඇත. පෙරවරු 7.55ට පමණ වීරවිල කඳවුර වෙත පැමිණි ගුවන් යානය පැයක පමණ කාලයක් කඳවුරේ සිට නිරීක්ෂණ මෙහෙයුම සඳහා වීරවිල කඳවුරෙන් නැවත පිටත්ව ගොස් ඇත.

මෙම නිරීක්ෂණ මෙහෙයුම සඳහා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලඝන නායක බුද්ධි වීබැද්දය. ඔහුගේ සහායක නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංගය. නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ නායක ගුවන් භට ඒ.සී. හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් ආර්. ඩබ්ලිව්. කුමාරය.

වීරවිල සිට රත්මලාන බලා නැවත පියාසර කළ ගුවන් සාමාජිකයන් සිවුදෙනාගේ ගුවන් ගමන විනාඩි විස්සකට පමණක් සීමා විය. හදිසියේම ගුවන් ගමන් මාර්ගය වෙනස් වෙමින් සැහැල්ලු ගුවන් යානය පොළොව දෙසට ඇදෙන්නට විය. ගුවන් යානයේ අවසන් ගමන ගුවන් යානය පොළොවට පතිත වීමට මිනිත්තු කිහිපයකට පෙර නිවෙසක සවි කර තිබූ සීසීටීවී දර්ශනවලද සටහන් විණි. ගුවන් හමුදාව පමණක් නොව මුළු රටම කම්පා කරමින් පෙරවරු 9.15ට ගුවන් යානය හපුතලේ නගරයට යාබද පාළු ස්ථානයකට පතිත විය. අනතුරක් දැක ගුවන් නියමුවා විසින් ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශ පසුකර පාළු ස්ථානයකට රැගෙන ආවාදැයි යන්න පැහැදිලි බව එම අනතුර දුටු ගම්වාසීහු පවසති.

"එකපාරටම ගුවන් යානයක් අපි ඉන්න පැත්තට ආවා. ගහක අත්තකත් වැදුණා. අපි හිතුවා ගුවන් යානය ආයේ හරවලා පිටත් වෙයි කියලා. ඒත් ගුවන් යානේ දිගටම ඇවිත් බිම වැදුණා. ඒත් එක්කම විශාල පිපිරීම් හඬක් ආවා..." ඒ සිද්ධිය දුටු ගම්වාසියෙකි.

හපුතලේ නගරය මෙම අනතුරින් බේරුණේ අනූ නවයෙනි. ගුවන් නියමුවාගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනිණි. ගුවන් යානය පතිත වූ ස්ථානයට නුදුරින් නිවාස කිහිපයක්ද පිහිටා ඇත. ඉන් එක් නිවාසයක වීදුරු බිඳී ගොස් සුළු හානි සිදුව තිබිණි. තවද අනතුර සිදුවූ ස්ථානයට යාබදව සිටි කාන්තාවක්ද මින් සුළු තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණි.

අනතුරට පත් මෙම ගුවන් යානය චීනයේ නිෂ්පාදිත ගුවන් යානයකි. එහි නිෂ්පාදිත වර්ෂය 1980 දශකය දක්වා දිව යයි. මෙම යානය ගුවන් හමුදාව විසින් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා භාවිත කරනු ලැබීය.

අනතුරෙන් පසු එම යානය ගිනිගෙන විනාශ විය. යානය තුළදීම ගුවන් හමුදා රණවිරුවන් සිවුදෙනා දිවි පිදීය. අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර, එනම් පෙරවරු 9.02ට පමණ ප්‍රධාන නියමුවා මත්තල පිහිටි පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මත්තල ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වමින් ගුවන් මෙහෙයුමේ නිරත වූහ. මෙම ගුවන් මෙහෙයුම්වලදී සම්බන්ධතා පවත්වන්නේ මත්තල ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය සමගය. රේඩාරයේ මේ මොහොතේ සිටි නිලධාරියා වූයේ හර්ෂය. ඔහු සමග බළඝන නායක බුද්ධි වී බැද්ද සම්බන්ධ වෙමින් තම යානය ඉහළට ගන්නට අවසර ඉල්ලුවේය.

 ‘‘අපි යානය අඩි 8500ට ඉහළට ගන්නවා’’ බළඝන නායක බුද්ධි වීබැද්ද අවසන් වරට මත්තල රේඩාරයේ සිටි නිලධාරියාට දුන් පණිවුඩය විය.

ඉන් මිනිත්තු අටක් යන්නටත් මත්තෙන් ගුවන් යානයක් කඩාවැටුණු බව ගුවන් හමුදා මූලස්ථානයට පණිවුඩ ගලා ආවේය. ගුවන් යානයේ කිසිදු දෝෂයක් ඇති බවක් ඔහු එහිදීද මත්තල ගුවන් ගමන් පාලන කුලුන වෙත වාර්තා කර නැත. නමුත් අවසන් මොහොතේ නියමුවා හදිසි ගොඩබෑමකට ජන ශූන්‍ය ස්ථානයක් සොයා යමින් සිටි බව අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි නිවෙසක සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිලි වෙයි. කන්ද මතින් පහළට පියාසර කරන යානය නිවෙස් මඟහරිමින් පහතට එන ආකාරය අනුව එය නිරීක්ෂණය කරගත හැකිවූ බව පරීක්ෂණ කණ්ඩායම්වල මතය වී තිබේ.

අනතුර සැලවූ සැණින් විනාඩි දහයක් යන්නටත් මත්තෙන් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගුවන් කොමදෝරු වරුණ ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ අනතුරට ලක්ව ගිනිගනිමින් තිබූ යානයේ ගින්න නිවා දමන්නට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කටයුතු කළහ.

ඒඅනුව බලන විට කිසිවකුටත් හානියක් සිදු නොවන පරිදි තමන්ගේ ජීවිත රට දැය වෙනුවෙන් කැප කරන්නට යානයේ ප්‍රධාන නියමු වීබැද්දත් සහාය නියමු කුලතුංගත් අවසන් මිනිත්තුවේදී තීරණය කරන්නට අතැයි පැහැදිලිය. එහිදී තමන්ගේ දිවි බේරා ගැනීම පසෙකලා ඔවුන් සැබෑ විරුවන් ලෙසින් සිය දිවිය කැප කරන්නට තීරණය කළා විය හැකිය. 
මෙම යානයේ ගුවන් නියමුවා වූ බලගන නායක බුද්ධි වීබැද්ද 2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී වන්නි මානුෂීය මෙහෙයුමේදී වයි ටුවෙල් ඇතුළු සැපයුම් ගුවන් යානාවලින් යුද බිමට සෙබළුන් හා අත්‍යවශය දෑ රැගෙන යන්නට දයාක වූ අත්දැකීම් පරිපූර්ණ ගුවන් නියමුවෙකි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නම ඉතිහාසයට ගෙනගිය නියමුවකු වූ ඔහු ගුවන් පැය තුන්දහසක ගුවන් කාලයක් ගුවනේ සැරිසැරූ අත්දැකීම් බහුල නියමුවෙක්ද විය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වූ සහායක නියමු පියාසර ලුතිනන් ලංකාපුරත් පාඨමාලා අංක තිහ යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද ගුවන් නියමුවෙකි.

ගුවන් ගමන් පථයේද කිසිදු වෙනසක් නැත. මේ දිනවල හපුතලේ ප්‍රදේශයේ අධික මීදුමක් පෙරවරුවේ පැවැතියද අනතුර සිදුවන මොහොත වන විට එම ප්‍රදේශයේ පැහැබර කාලගුණික තත්ත්වයක් තිබී ඇත.

අනතුර වාර්තා වීමත් සමඟම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කරනු ලැබීය. ගුවන් හමුදා නියමුවන්, ගුවන් හමුදා ඉන්ජිනේරුවන්, ගුවන් හමුදා වෛද්‍යවරුන් ඇතුළු සාමාජිකයන් කිහිපදෙනකු එම විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ වෙති. එම කමිටුවද විමර්ශන ආරම්භ කිරීම සඳහා හපුතලේ ප්‍රදේශයට පිටත්ව ගියහ.

ඊට අමතරව අනතුර සිදුවූ ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රජයේ රස පරීක්‍ෂකවරයාද ඉකුත් 03 වැනි දින පැමිණ තිබිණි. ඉකුත් 03 වැනි දින රාත්‍රිය වන විටත් එම අදාළ විමර්ශන කටයුතු අවසන්ව නොතිබිණි.

ගුවන් හමුදාවට අමතරව මේ සම්බන්ධයෙන් බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට, බදුල්ල දිසා භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්.ඩී.ආර්. කන්දෙවත්ත යන නිලධාරීන් වහා පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

අනතුරින් දිවි පිදූ ප්‍රධාන ගුවන් නියමු බුද්ධි වීබැද්ද ගුවන් පැය තුන්දහසකට අධික කාලයක් පියාසර කර ඇති ගුවන් හමුදාවේ දක්‍ෂ නිලධාරියකුද වෙයි.

ගුවන් නියමු සහයක ලෙස කටයුතු කළ ලංකාපුර කුලතුංග මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. 28 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ 30 වැනි කණ්ඩායමේ සාමාජිකයකුද වේ. ඔහු එළැඹෙන මාසයේ විවාහ වීමට නියමිතව තිබිණි.

නිරීක්‍ෂකයන් ලෙස කටයුතු කළ නායක ගුවන් භට හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් කුමාර ගුවන් හමුදාව වෙනුවෙන් විශාල සේවයක් කළ සෙබළුන් වේ.

කෙසේ වෙතත් මෙම ගුවන් අනතුර තවත් අබිරහසකි. ගුවන් අනතුරට හේතු ඉදිරි විමර්ශන හරහා හෙළිවනු ඇත. දිවි පිදූ රණවිරුවනි, ඔබට නිවන් සුව පතමි. නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා යැයි අප ප්‍රාර්ථනයයි.

විශේෂ ස්තූතිය
චාමර අමරසූරිය - මව්බිම පුවත්


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත වයි. ටුවෙල් හාර්බින් (Y12 - Harbin) යානාවක් රත්මලානේ සිට සිකුරාදා (03 වැනිදා) උදෑසනම වීරවිල ගුවන් පථයට ගමන් ගත්තේ තවත් ගුවන් මෙහෙයුමකටය. බළඝන නායක බුද්ධි වීබැද්ද එහි නියමුවා විය. සහායක නියමුවා වූයේ පියාසර ලුතිනන් ලංකාපුර කුලතුංගය. ගුවන් නියමුවන් දෙදෙනාගේ සහායට ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් වන ආර්. ඩබ්ලිව්. කුමාර හා ඒ. සී. හෙට්ටිආරච්චි යානයට නැග ගත්තේ වීරවිල ගුවන් පථයෙනි. දෛනිකව සිදුකරන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමේ තවත් එක් මෙහෙයුමකටයාමට මොවුන්ගේ මේ සූදානමය. ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය කොටස්වලට බෙදා ගුවනින් අවේක්ෂණ රාජකාරී කරමින් ඔත්තු බැලීම මොවුන්ට පැවරුණ රාජකාරියයි.  පිදුරුතලාගල සිට බණ්ඩාරවෙල, බදුල්ල, පානම ප්‍රදේශවල ගුවනේ සිට ඔත්තු බැලීමේ කාර්යයටය. ගුවනේ බෙදූ කලාප අතරින් අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශවල සැරිසරා තොරතුරු රැස් කිරීම මොවුන්ට පැවරෙන වගකීමය. ගුවනින් ගොස් ගංජා හේන්, පස් කපන ජාවාරම්, කැලෑ කපන ජාවාරම්වල තොරතුරු සොයා බලා ගුවන් හමුදා මූලස්ථානයට තොරතුරු වාර්තා කිරීම මෙම මෙහෙයුමේ වගකීමය. රටපුරා කැලෑ මැද ඇති ගංජා හේන්වටලන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට බුද්ධි තොරතුරු දෙන්නේත්, ගුවනින් ආවේක්ෂණ රාජකාරී කර ලබා ගන්නා තොරතුරුවලිනි. ඇතැම් දිනවල පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ද වීරවිල සිට ගුවනින් කරන මෙවැනි බුද්ධි මෙහෙයුම්වලට එක්වේ. ගුවනට නැගුන මොහොතේ පටන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සැරයන්වරුන් දෙදෙනා සමග අඩි දෙදහසේ සිට හාරදහස දක්වා උසකින් ගුවනේ සැරිසරමින් තොරතුරු සොයා යන්නට ගුවන් නියමුවෝ යානාව පැදවූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වයිටුවෙල් යානයක් ගුවන් අනතුරකට ලක් වූ පළමු අවස්ථාව මෙයද විය. මීට පෙර 1990 දී මෙහෙයුම් කලාපවලදී ගුවන් නියමුවන් සමග යානාවක් අතුරුදන් වුවද, එය මුහුදට වැටුණු බව කියවුණත් සොයාගත නොහැකි විය. මෙවැනි අනතුරක් වූ පළමු අවස්ථාව මෙයය.

ත්රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්රථම Y-12 යානයක් ශ්රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව. අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්රමාණයක් අදටත් භාවිතා කරනවා. චීනයේ Harbin Aircraft Industry Group විසින් නිශ්පාදිත ද්විත්ව එන්ජින් සහිත මෙම අනතුරට පත් Herbin Y - 12 යානයේ වයස අවුරුදු ම 33ක්. ඒ වගේම මෙම ගුවන් යානය සඳහා FAA සහතිකියත් ලැබී තියෙනවා.
Y-12 යානය ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ 1986 වර්ෂයේ සිටයි. එවකට පැවති යුධ සමයේ හෙලිකොප්ටර් වලට අමතරව ගුවන් හමුදාවේ Work Horse උනේ මෙම ගුවන් යානයයි. අදටත් ගුවන් හමුදාවේ පියාසර කටයුතු වලින් ¼ වඩා දායක වෙන්නේ හද්ද පරණ ගුවන් යානයයි. Y-12 යානය ඉතාම කෙටි දුරකින් ගුවන්ගත කරන්න පුළුවන් වගේම ගොඩ බාන්නත් පුළුවන්. Unpaved Surface එකකින් උනත් ගුවන්ගත කරන්න පුළුවන්. අනෙක් විශේෂත්වය තමයි මෙම ගුවන් යානය Basic Aircraft එකක්. ඒ නිසා නඩත්තු කටයුතු ඉතා පහසුයි. ශ්රී ලංකාවට මනාව ගැලපෙන ගුවන් යානයක්. එවකට ගුවන් හමදාවේ සිටි ඉහල නිලයන්ගේ ඉතාමත් හොද තේරීමක්.

ත්රස්තවාදී කටයුතු වලින් ඇරෙන්න මිට ප්රථම Y-12 යානයක් ශ්රී ලංකාවේදී අනතුරට ලක්වෙලා තියන්නේ 1996 වසරේ පලාලි හිදී. එයින්ම පෙනෙනවා මෙම යානයට ඉතාමත් හොඳ Safety History එකක් ඇති බව.
අපි විතරක් නෙවේ Y-12 පාවිච්චි කරන්නේ, රටවල් 25කට වැඩි ප්රමාණයක් අදටත් භාවිතා කරනවා. Air Frame එකට නිශ්චිත පියාසර පැය ප්රමාණයක් සහ භාවිතා කරන්න පුළුවන් කාල සීමාවක් තියනවා. පියාසර පැය අවසන් නොවී භාවිතා කරන්න පුළුවන් උපරිම කාලය එළැඹි ඇතිනම් ගුවන් යානයේ Airframe එක නැවතත් නිෂ්පාදකයා ලව්වා පරික්ෂා කරන්න ඕනේ. ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවන් ඉන්නේ මේ සඳහා. ඕනෑම ගුවන් ගමනකට ප්රථම ගුවන් යානය පියාසැරිය සඳහා සුදානම් බවට ලිඛිත සහතිකයක් ඔවුන් ලබාදිය යුතුයි. කාටවත් වගකීමෙන් ගැලවෙන්න බැහැ. එහිදී ඔවුන් සෑහීමකට පත් නොවේ නම් එම ගුවන් යානය භාවිතයෙන් ඉවත් කරනවා. ඒවගේම එංජින් overhaul කරන්න ඕනේ, Y-12 යානයේ එංජින් පියාසර පැය 3000 කට පසුව නැවතත් නිෂ්පාදකයා ලවා overhaul කරනවා. නැතිනම් Replace කරනවා. මිට අමතරව නිශ්චිත පියාසර පැය ප්රමාණ වලින් නිර්දේශිත සේවා හා නඩත්තු කටයුතු කලට වෙලාවට සිද්ධ වෙනවා (උදා: පැය 25 සේවා හා නඩත්තුව).

ගුවන් යානය පරණ ද අලුත් ද යන්න වැදගත් කමක් නැහැ. ඕනම අවස්ථාවක අනතුරක් වෙන්න පුලුවන්. Y-12 ගුවන් යානයේ අදාළ කාල සිමාව අවසන් වූ පසු මෙම යානා භාවිතයෙන් ඉවත් කරයි. වෙලාවට කලාවට නඩත්තු හා සේවා කටයුතු කරනවනම්, නිෂ්පාදකයාගේ උපදෙස් නිවැරදිව පිළිපදිනවනම් මෙම ගුවන් යානා භාවිත කරන්න පුළුවන්. ඒ සියලුම දේ සිදු කරන්නෙ නිශ්පාදකයා නිකුත් කරන Maintenance Manual, Service Manual, Structure Repair manual, Overhaul manual යනාදී පොත් පත් වල සදහන් ආකාරයට මිස අනතුරක් උන සැනින් අනේ අපොයි මේක පරණයි කියලා ගුවන් යානා ඉවත් කරන්නේ නැහැ. හසුරුවන්නේ මිනිසුන් විසින්, ඔවුන්ට අතපසුවීම් වෙන්න පුළුවන්.

පියාසර කරලා තියන්නේ ඉහල උන්නතාංශයක, කඳු බෑවුම් සහිත ප්රදේශයක, කාලගුණය ගැන අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේ.

 




ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් ඉකුත් 3 වැනිදා හපුතලේ ප්‍රදේශයට කඩා වැටිමෙන් මියගිය තිදෙනාගෙන් කෙනෙකු වූයේ ළගදී විවාහ අපේක්ෂාවෙන් සිටි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් කේ.එම්.ඩී ලංකාපුර කුලතුංගයි. ඔහුගේ වැඩිමහල් සොයුරු බණ්ඩාර කුලතුංග මෙසේ පැවසීය.

'මගේ එකම මල්ලි අද උදේ අපේ මහ ගෙදරටයි එයා බඳින්න ඉන්න නංගිටයි කතා කරලා කියලා තියෙනවා. "දැන් අපි ගුවනට යන්න ලෑස්තියි. මේ ගමන ගිහින් ඇවිත් හවස ගෙදර එනවා. රැට කන්න රසට මොනවා හරි හදලා තියන්න. මම ඉක්මනට එනවා" කියලා. ඒත් එයා අද රෑ එන්නේ පෙට්ටියකින් බව අපි කවුරුවත් හිතුවේ නෑ.

මියගිය කුලතුංග හොඩියාදෙණිය වේගිරිය ප්‍රදේශයේ උපන් අයකු වන අතර ඔහු මහනුවර ධර්මරාජයේ අධ්‍යපනය ලැබීමෙන් පසු කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයට බැඳී කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වී තිබේ. ගුවන් නියමුවකු වූ කුලතුංග වසර 4කට අධික කාලයක් එම කටයුතුවල නිරත වූ බව ඔහුගේ සොයුරා පවසයි.

'අපේ ගෙදර අම්මයි අප්පච්චියි මල්ලියි මායි විතරයි ඉන්නේ. එයා පොඩි කාලේම ගුවන් නියමුවකු වන ආසාවෙන් හිටියේ. ඒ ආශාව නිසාම මල්ලි කොතලාවල විද්‍යා පීඨයට බැදුණා. මල්ලිට දැන් වයස අවුරුදු 26 යි. එයා විවාහ වෙන්නයි හිටියේ. ඒ නංගි අපේ ගමේම රාජ්‍ය බැංකුවක රැකියාව කරනවා.

එයාගේ විවාහය මාර්තු 3 වැනි දින කරන්නයි සැලසුම් කරලා තිබේ. අම්මයි අප්පච්චියි විශ්‍රාමික ගුරුවරු. ඒ දෙන්නාම මල්ලි ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මේ අනතුර කොහොම වුණාද කියලා අපි තාම හරියට දන්නෑ. අපට දවල් තමයි පණිවිඩය ලැබුණේ. මට මල්ලි ගෙදර එනවා කියලා දුරකතන ඇමැතුමක් ආවාම අම්මා හරියට සතුටු වෙනවා. එයා අලුත් අවුරුද්ද ලබන්න පෙරත් ගෙදර ඇවිත් අපි බලලා ගියා.'

අනතුරින් මියගිය විරවිල ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට නුවන් ළහිරු දර්ශන හෙට්ටිආරච්චි (31) මහතාගේ බිරිය වන ඩයනි චතුරිකා (28) මහත්මිය මෙසේ පැවසුවාය.

"උදැසන 8.30ට පමණ මම වැඩට යන්න ලෑස්තිවෙලා ඉද්දී මහත්තයාගෙන් දුරකතන ඇමතුමක් ආවා. ලබන 15 වැනිදා නිවාඩු දමා එන බවත් වැඩට යන්න සුදානම් වන නිසා දවල් 12න් පස්සේ කෝල් එකක් ගන්නම් කීවා. මම බස් එකෙන් මාතර වැඩට එද්දී ෆේස්බුක් එකෙන් හපුතලේ ගුවන් යානා අනතුරක් සිදු වි ඇති බව දැන ගත්තා. ඒ සමඟම මහත්තයාගේගේ මිතුරකු කතා කර කරා මම ඉන්න තැන අසා ආපසු හැරි ගෙදරට යන්න කීවා. ඒ වේලාවේ මහත්තයගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් එය වැඩ කළේ නැහැ."

සිදුවීමට තිබූ විශාල අනතුරක් වළක්වා තම සහෝදර ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනකු සමඟ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වු හෙට්ටිආරච්චි මහතා මාතර තෙලිජ්ජවිල මුරුතමුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ නුවන් දම්පැල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා වන එච්.ඒ. ප්‍රේමදාස (61) මහතා හා මව වන පුෂ්පා අයිරංගනි (58) මහත්මිය කුලි වැඩකොට බොහෝ දුක් මහන්සි වී නුවන් ඇතුළු එම දරුවන් සිවිදෙනා හදා වඩාගෙන තිබුණි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන චම්පික දර්ශන (38) බස් රථ රියැදුරෙකි. වැඩිමහල් සහෝදරිය අචලා හෙට්ටිආරච්චි (36) විවාහ වී වෙනම පදිංචි වී සිටී. අනෙක් සහෝදරිය ගීතා ශානිකා (34) රැකියාවක් නොකරයි. එම පවුලේ රජයේ රැකියාවක් කළේ නුවන් පමණි. ඔහුගේ බිරිඳ මතර නගරයේ පෞද්ගලික රෝහලක හෙදියකි. ඇය සමඟ නුවන් යෝජිත විවාහයක් අනුව යුග දිවියට එක්ව තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදාය. ඔවුන්ගේ ඒ සතුටු කැදැල්ලට අවුරුද්දයි මාස තුනක් ගත එන්නටත් පෙර කණකොකා හඩක්නට විය. තම පුතුගේ මතකය පිළිබඳව අවදි කළ නුවගේ මව වන පුෂ්පා අයිරාංගනී මහත්මිය මෙසේ කීවාය.

"පාසල් අධ්‍යාපනයෙන් පසු පුතා අකුරැස්ස යොවුන් සේනාංකයට ඇතුළත් වී පුහුණුව ලැබුවා. පසුව ඔහු වායු සමීකරණ අලුත්වැඩියා පාඨමාලාවක් ද හැදෑරුවා. 2009 වසරේ දී පුතාගේ වුවමනාවටම තමයි ඔහු ගුවන් හමුදාවට බැඳුණේ. කොග්ගල හා එකල කඳවුරුවල පුහුණුව ලැබු පුතාගේ විසිරයාමේ උත්සවය තිබුණේ දියතලාව ගුවන් හමුදා කඳවුරෙයි. පසුව ඔහු පිදුරුතලාගල, නුවරඑළිය, මඩකළපුව ආදී ප්‍රදේශ රැසක රංජකාරි කළා. මීට මාස හයකට විතර කලින් තමයි පුතා විරවිල කඳවුරට ආවේ.

ඉඩ ලද හැමවිටම ඔහු නිවඩු ලබා ගෙදර එනවා. බිරිය සමඟ හොඳ පවුල් ජීවිතයක් ගත කළා. පළමුවැනිදා රෑ ගෙදර ආපු පුතා 02 වැනිදා උදේ 5.00ට පමණ රැකියාවට යාමට සුදානම් වුණා. මම කිරි තේ කොප්පය හදා ගෙනැවිත් දුන්නම පුතා උගුරු දෙකක් බීලා ඉතිරි ටික මට බොන්න කීවා. පරක්කු වෙන නිසා මට වැඳ ඉක්මණින් ඔහු පිටත්ව ගියා. පසුව තමයි දැනගත්තේ මගේ රත්තරං පුතා ගුවන් යානා අනතුරකට ලක්වෙලා කියලා. අපි බොහොම දුක් මහන්සිවෙලයි ඔහු හදාගත්තේ. අන්තිමට මට මගේ දරුවාගේ මුහුණවත් බලාගන්න බැරිවෙලා.”

ගුවන් අනතුරින් මියගිය තිස්සමහරාම සේනපුර අංක 681, ලිපිනයේ පදිංචිව සිටි දික්වැල්ල විදානගේ චමින්ද කුමාර නමැති 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයාගේ දේහය සිය නිවස වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ බිරිඳ වූ කලවාන කොස්වත්තගේ ඉරේෂා මධුවන්ති 36 හැවිරිදි දෙදරු මව මෙසේ පැවසුවාය.

'මගේ මහත්තයගෙ ජීවිතය දරු දෙන්නයි මමයි. අපේ අනාගතය ගැන මහත්තයට අහස උසට බලාපොරොත්තු තිබුණා. මේ දෙවැනිදා උදේ ඔහු විරවිල ගුවන් තොටුපළේ සේවයට වාර්තා කරන්න යන්න පිටත් වෙන්න ඉස්සර දරු දෙන්නම වඩාගෙන ඉඳලයි ගියේ. මහත්තයගෙ වියොවෙන් අපේ සියලු බලාපොරොත්තු සිහින බවට පත් වුණා.

ගුවන් හමුදා සැරයන් චමින්ද කුමාර මහතාගේ දේහය ඔහුගේ නිවසට ගෙන එන අවස්ථාවේ නිවසේ හා ඒ අවට ප්‍රදේශයේ දේහය දැකබලා අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව ඒකරාශී වී සිටියහ. එම මාර්ගයේ දෙපස සුදු පැහැති ධජ හා ශෝක පුවරුද ප්‍රදර්ශනය කර තිබිණි. දේහය නිවස තුළ තැන්පත් කළ අවස්ථාවේ ඔහුගේ දරු දෙදෙනා වූ පස් හැවිරිදි නෙතුක දම්සිහ හා සිව් හැවිරිදි උදුලා තිහාරි දෙදෙනා නැඟු විලාප හඬ අවට රැස්ව සිටි අයගේ නෙත් කඳුළින් පුරවාලීමට සමත් විය.

ජිවිතය පිළිබඳ දහසක් සිතුම් පැතුම් පොදි තිබුණා. බැඳගෙන සසර ගමනේ දිගු ගමනක් යෑමට සිටි චමින්ද කුමරගේ බිරිඳ වූ මධුවන්ති යුද සමය මෙසේ කියමින් හඬා වැටුණාය. වසර කිහිපයක් ආදරය කරල තමයි අපි විවාහ වුණේ. අපේ එක්වීම සංසාරගත බැඳීමක් ලෙසටයි මට හිතෙන්නේ. ඔහු මට ඒ තරමට ආදරය, දයාව, කරුණාව දැක්වුවා. වැඩිමහල් පුතා මේ වසරේ පාසලට පළමු වසර ඇතුළත් කිරීමටයි සුදානමින් සිටියි. ඒ පිළිබඳ මගේ මහත්තයා නිතර නිතරම කතා කළා. පුතාගේ පාසල් ගමන ගැන ඔහුට තිබුණේ ලොකු බලාපොරොත්තුවක් ආසාවක්.

දෙවැනිදා උදේ වීරවිල ගුවන් හමුදා කඳවුරට රාජකාරි චාරිකාව කරන්න තිබුණා. එදා උදේ ගෙදරින් පිටවීමට ඉස්සර දරු දෙන්නා ළගට අරගෙන දුව වඩාගෙන පුතාට කිව්වා පුතේ පාසලට යන්න ඕන කරන හැම දෙයක්ම මම අරගෙන එන්නම් කියලයි ගෙදරින් පිට වුණේ. මහ්තතයට හත්වැනිදා ඉදල කොළඹට මාරුවක් ඇවිත් තිබුණා. ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක තම රාජකාරිය ඉටු කරන්න යන්න ඔහු මැලි වුණේ නැහැ. මට යුද සමයේත් මත්තයා උතුරෙත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදිල හිටියා. ඔහුට රට පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඔහු නිතරම කිව්වේ අපේ අනාගත දරු පරපුරට නිදහස් රටක් තිබිය යුතු බවයි.

දෙවැනිදා උදේ ගෙදරින් පිටවන විට මම හිතුවෙ නැහැ මේ වගේ හමුදා ආචාර මධ්‍යයේ ඔහුට අවසන් ගමන් යන්න වෙයි කියලා. නමූත් අපි කවුරුවත් නොහිතපු අවාසනාවත්ත ඛේදවාචකයක් අපට සිදු වුණා යැයි ඇය පැවසීය.

Sunday, January 5, 2020

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2019 (අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ)

විශ්වවිද්‍යාල ප්‍රවේශය හා උසස් අධ්‍යාපනය අරමුණු කරගනිමින් පැවැත්වෙන මේ තරග විභාගයෙන් තම අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේ ඉතා සීමිත පිරිසකටය. මෙවර උසස් පෙළ විභාගයෙන් 24,057 දෙනකු අසමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 9.01%කි. පසුගිය වසරේ (2017) මේ ප්‍රමාණය 8.69%කි. 2016 වසරේ අසමත් ප්‍රමාණය 8.67 %ක්ද, 2015දී 9.15%ක්ද, 2014දී 8.24%ක්ද වාර්තා වූ අතර, 2013 වසරේ අසමත් ප්‍රමාණය 11.56%ක ඉහළ අගයක් ගෙන තිබිණි.

උසස් පෙළ විභාග ඉතිහාසයේ පසුගිය වසර කිහිපය හා සංසන්දනයේදී වැඩිම අපේක්ෂක පිරිසක් උසස් ‍පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ පසුගිය වසරේය. ඒ 2,67,111 දෙනෙකි. මෙයිනුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ එයින් 1,67,907 දෙනෙක් පමණි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත හොත් 62.86 %කි. මෙසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරේ 64.38 % ක්ද, 2016 වසරේ 62.17 %ක්ද, 2015 වසරේ 60.91 %ක්ද, 2014 වසරේ 60.43 %ක්ද, 2013 වසරේ 58.35 % ක්ද වේ.

මේ අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 2017 වසරට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කළද 2013 වසරේ සිට මේ ප්‍රතිශතය අනුක්‍රමයෙන් වැඩි ව ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 'ඒ' සාමර්ථ්‍ය 3ක් හිමි කරගැනීමේ ප්‍රතිශතය 2018 වසරේ 1.99 %කි. මෙහිද පසුගිය වසරට සාපේක්ෂව කරන සංසන්දනයේදී යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර, 2017 වසරේ මේ ප්‍රමාණය 3.26 %ක්ද, 2016 වසරේ 2.76 %ක්ද, 2015 වසරේ 2.57 %ක්ද, 2014 වසරේ 2.36 %ක්ද වී ඇත. මේ අනුව 2013 වසරේ සිට 2017 වසර තෙක් විෂයයන් තුනටම ඒ සාමර්ථ්‍ය 3ක් ගැනීමේ ප්‍රතිශතය වසරින් වසර වැඩී වී ඇති අතර, අඩුම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ මේ වසරේදීය.

වැඩියෙන්ම අසමත් පළාත් පිළිවෙළින් නැ‍ඟෙනහිර, උතුරුමැද, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වන අතර, අඩුවෙන්ම අසමත් ප්‍රමාණයන් දක්වා ඇති පළාත වන්නේ උතුරු පළාතයි. පසුගිය වසරේදීද වැඩියෙන්ම අසමත් ප්‍රතිශතයක් දක්වා ඇත්තේ නැ‍ඟෙනහිර පළාතින් වන අතර, අඩුවෙන්ම වාර්තා වී ඇතතේ උතුරු පළාතින් වන අතර, පසුගිය වසරේ හා මෙවසරේ අසමත් ප්‍රතිශත අතරද කිසිදු වෙනසක් වී නැති වීම විශේෂත්වයකි.

2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සමත්-අසමත් වීම් දිස්ත්‍රික් පාදකව විමසුව හොත් පාසල් අපේක්ෂකයන් වැඩිම ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

(සංඛ්‍යාලේඛන: විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් සකස් කළ '2018 අපොස උසස් පෙළ විභාග විශ්ලේෂණ වාර්තාව' ඇසුරෙනි)

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 5,18,184 ක් අතරින් 71.66% ක් අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ අතර සියලුම විෂයන්වලට A සාමාර්ථ ගත් ළමෝ 9,412 ක් වූහ. ඔවුන් අතරින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ කොළඹ විශාඛා විදුහලේ නිලක්නා දිසිවරි වරුෂවිතාන ශිෂ්‍යාවයි. දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ තිදෙනෙක් වෙති. කොළඹ විශාඛා විද්‍යාලයේ සවිති හංසදි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිල්කා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබෙකා දෙවැනි ස්ථානය දිනාගත් දැරියෝ වූහ. දිවයිනේ පස්වැනි ස්ථානය දිනා ගත්තේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකබුආරච්චි ශිෂ්‍යාවයි.

Image result for අංශයෙන් තෙවැනියා තෙවිඳු

ගණිත අංශයෙන් තෙවැනියා තෙවිඳු

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සමත්විය. පාසලේ වැඩවලට අමතරව ක්‍රීඩා, සෞන්දර්ය, බාලදක්ෂ සහ අනෙකුත් සියලු බාහිර ක්‍රියාකාරකම්වල නිරතවූ බවත් ජයග්‍රහණය පිටුපස සිටියේ සෑම දිනම පාසල් පැමිණීම බව ඔහු ඉතා සතුටින් කියා සිටියේය.
මේ ඔහුගේ ජයග්‍රහණයේ ගමන් මඟයි, සාමන්‍ය පෙළ විභාගය A9 ක් ලැබුණා. 12, 13 වසරවල දී මගේ පාසල් පැමිණීම සියයට 90ක් ලබා ගත්තා. ඉගෙනුම ලබනවිට මට ඇති වූ ගැටලු මගේ ගුරුවරුන් සමඟ සාකච්ඡාකර විසඳා ගත්තා. ඒ වගේම අමතර පොත්පත් කියවා මගේ විෂය දැනුම පුළුල් කරගත්තා. උසස්පෙළ ශ්‍රේණිවල දී අවශ්‍ය ප්‍රායෝගික දැනුම පාසලේ විද්‍යාගාරවල දී මට උපරිමෙන් ලැබුණා.

අධ්‍යාපන කටයුතුවලට අමතරව මම පාසලේ පෝතක බාලදක්ෂයෙක්ව සිටියා. පාසලේ ගණිත සංගමයේ සාමාජිකයකුව සිටියා. එයට අමතරව මම සංගීතය වයලීන් වාදනය භාත්කණ්ඩ විභාගය සමත්වුණා. ඒවගේම මම ජාතික හා ජාත්‍යන්තර ගණිත හා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගවලට සහභාගි වී ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. 2018 මැයි මාසයේ දී ද මම ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වියට්නාමයට ගියා.

සැමදා මාගේ සෙවනැල්ල මෙන් සිටි මාගේ ආදරණීය දෙමාපියන්, පළවෙණි ශ්‍රේණියේ සිට මට ඉගැන් වූ මාගේ සියලුම දයාබර ගුරු මෑණිවරු, පියවරු මම ඉතාමත් භක්තියෙන් ආදරයෙන් සිහිපත් කරනවා‍‍. මේ හැම අවස්ථාවක දී ම අප පාසලේ වර්තාමාන විදුහල්පති බී.ඒ. අබේරත්න මැතිතුමා ලබාදුන් උපදෙස් හා නායකත්වය ගැන කෘතඥ පූර්වකව සිහිපත් කරනවා.

මම ගුරුවරුන් උගන්වන විට එය ඉතා හොඳ අවධානයෙන් අසා සිටියා. විෂය දැනුම ග්‍රහණයට මට එය ඉතා පහසුවක් වුණා. විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කරගැනීමට මාගේ සියලුම ගුරුවරුන් උපකාර කළ නිසා මගේ පාසලේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ඉතා ඉහළ ප්‍රමිතියකින් ගුරුවරුන් සකසා දෙන නිසා මුල සිටම එම ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී හොඳ ලකුණු ලබා ගැනීමට කළ පුහුණුව නිසා උසස් පෙළ විභාගයට අලුතින් සූදානම් වීම මට පහසු වුණා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැඩි සංඛ්‍යාවක් කරගැනීමට මට හැකි වුණා. එමෙන්ම ඉතා සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට මට හැකි වුණා. එය මගේ ජයග්‍රහනයට විශාල පිටිවහලක් වුණා. මේ සඳහා කැපවීමෙන් වැඩ කළ උසස් පෙළ අංශ ප්‍රධාන තමරා කුමාරිහාමි ගුරුතුමියත්, ශ්‍රේණි ප්‍රධාන ජගත් පටබැඳිගේ ගුරුතුමාත්, පන්තිභාර නිහාල් හැළඹගේ ගුරුතුමාත්, ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

----------------------------------------------------------------------------------------------------------------

 

ජනාධිපති බාලදක්ෂිකාවක වන හංසනී ඉන්ද්‍රචාපා මැදිවක දියණිය මෙවර අ.පො.ස. උසස්පෙළ ගණිත අංශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අංක එකට පත්ව තිබෙනවා.විෂය භාහිර විෂය සමගාමි කටයුතු අධ්‍යාපනයට බාධාවක් ලෙස සලකා ඒවායෙන් බැහැර වන සිසුන්ටත් තම දරුවන් එම කටයුතු වලින් ඈත් කරවන දෙමාපියන්ටත් ඇය හොඳ ආදර්ශයක් සපයා තිබෙනවා.මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ශිකා කණ්ඩායම හා සම්බන්ධ වෙමින් ඇගේ අරමුණ ජයගත්තා.

----------------------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------


Thursday, December 19, 2019

54th Colombo Scout Camporee - 2019

54th Colombo Scout Camporee - 2019 (54වන කොළඹ බාලදක්ෂ කැම්පෝරිය - 2019) 54 ஆவது கொழும்பு கெம்போறி கடந்த மாதம் Theam - "Forward Together" "එක්ව ඉදිරියට" 2019 December 19 to 23 at Ratmalana Hindu College premises 

Sri Lanka Scout Association Colombo District Branch organises Colombo District Scout Camporee. The 54th Colombo Scout Camporee organised annually by the Colombo district branch of the Sri Lanka Scout Association will be held from 2019 December 19 to 23 at Ratmalana Hindu College premises and Kandawala, Maha Vidyalaya premises.


“Forward Together” is the theme of the camporee and around 2500 boy scouts and girl guides including Singithi scouts and cub scouts representing about 60 schools in Colombo are expected to set up camps at this Scout Camporee organised by a committee headed by the Assistant District Scout Commissioner, Geeth Ramesh. Various programmes aimed at aiding physical growth, intelligence and emotional, spiritual, social and cultural development of scouts and girl guides will be organised and 25 activities including camp bonfires, cultural events, concerts, obstacle walks, sport events, educational fairs and practical activities are expected to be implemented. 

Scouts will be engaged with setting up camps and camp equipment including dining table, bag counter, shoe rack and plate rack from December 19 afternoon. The opening ceremony will be held in the evening of December 20. The camporee will be monitored on a daily basis and scout teams maintaining high standards will be awarded victory flags. The concert unveiling the talents of scouts will be held on December 19 at 7 p.m. and Cub Scouts’ Day will be on December 21 throughout the day. Christmas carol concert of cub scouts is one of the special events scheduled for that day. Camp bonfire will be held with the participation of parents at night on the same day. The special programme by Singithi scouts is scheduled to be held on December 22, and on the same day the last rally of the camporee will be held in the evening.

CBL Samaposha inspires scouts to inculcate healthy breakfast habits CBL Samaposha, in working towards empowering a future led by young leaders upholding good morals and understanding the importance of advocating a healthy breakfast, offered the young scouts at the 54th Colombo District Scout Annual Camporee, the opportunity to truly understand and appreciate the importance of cultivating good values in their lives. This has been in line with the healthy breakfast movement initiated by Samaposha which has grown in momentum and reach in the past one and a half years, advocating the message on the importance of a nutritious start to the day.

The five-day camporee took place at Hindu College grounds, Ratmalana and overlooked 2,500 scouts participating from over 45 schools in Colombo along with 2,000 cub scouts ranging from ages seven to ten, and for the first time ever, over 750 singithi scouts, ranging from ages five to seven attending the 54th annual camporee. CBL Food Cluster able to support an event of this nature by imparting a positive and thought-provoking message on the importance of a balanced and healthy breakfast to a forum of both young and old. A message that holds true value which can be proudly carried on to society.” The eager teams along with their troops cheering from the side lines were true breakfast heroes as they displayed teamwork, strong morals in supporting each other. 10 teams were selected for the best dishes and the first, second and third place was awarded to Al-Hidaya National, Wesley College and St. Andrews College, in that order. Each team member was also awarded with a certificate for their participation and contribution to the challenge.


These young leaders of tomorrow then united together after the competition to pledge in carrying forth the message of the importance of healthy values to their peers along with the value of a healthy breakfast to their families and society. 

The camporee ended on a high note in which scout and parent alike took away the sincere appreciation in understanding how a healthy breakfast would support a child’s physical development whilst healthy values help form tomorrow’s leaders. 




 

කොළඹ දිසා බාලදක්ෂ සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිසා කැම්පෝරිය මෙවරත් 54 වැනි වරට දෙසැම්බර් මස 19 සිට 23 වැනිදා දක්වා රත්මලාන හින්දු විදුහල් පරිශ්‍රයේදී හා කඳවල මහා විදුහල් පරිශ්‍රයේදී පැවැත්වේ.

54 ஆவது கொழும்பு கெம்போறி கடந்த மாதம் 19ஆம் திகதி தொடக்கம் 23ஆம் திகதி வரை இரத்மலான இந்துக் கல்லூரியில் நடைபெற்றது. இதற்கு கொழும்பைச் சேர்ந்த 55 க்கும் மேற்பட்ட பாடசாலைகள் பங்கு கொண்டன. இந்த சாரண பாசறைக்கு 31ஆவது கொழும்பு சாரணர் குழு முதற் தடவையாக பங்கு பற்றியிருந்தது. 

#camporee2019 #wintercamp #cmbscouts #scout #cmbscouts #colombocamporee #54thColomboCamporee #TogetherTowardsTomorrow #54th #colombo #scout #camporee #scout #camping #guide #singithi #cubscout #rathmalana #srilanka #ColomboScoutCamporee #2019

      

Wednesday, December 18, 2019

නුවන් ප‍්‍රසාද් තලගල සුබ ගමන්!

scout

‘‘අයියගේ අත වීදුරුවට කැපිලා වේදනාවෙන් ඉන්න වෙලාවේ එතනට අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ වාහනයෙන් රෝහලට යමු කියලා. එතකොට අයියා කියලා තියෙනවා ඔයාගේ වාහනේ ලේ ගෑවිලා අපිරිසිදුවෙයි ඇම්බියුලන්ස් එකෙන්ම රෝහලට යනවා කියලා. එහෙම කියපු මගේ රත්තරං අයියා අද මට නැතිවෙලා... යැයි දිල්කි තාරකා තලගල මෙනෙවිය දැඩි කම්පනයෙන් යුතුව පැවසුවාය.

සීට් එකේ ලේ ගෑවෙයි කියා අයියා වාහනේට යන්න කියලා ඇම්බියුලන්ස් එක එන විට විනාඩි 30 ක් පරක්කු වෙලා - එකම සොහොයුරිය හඬා වැළපෙමින් කිය.

වීදුරුවකට අතකැපී සිදුවූ අනතුරින් මියගිය බාලදක්‍ෂ ආචාර්යවරයාගේ ශෝකාන්තය

සිය ව්‍යාපාරික ස්ථානයේදී සවිකිරීමට ගිය වීදුරුවක කොටසක් දෙකට කැඞී වම් උරහිස හා වැලමිට අතර ප‍්‍රදේශයට වැදී කැපී බරපතළ තුවාල ලබා අවාසනාවන්ත අන්දමින් බාලදක්‍ෂ ආචාර්යවරයකු මියයෑම සම්බන්ධයෙන් තොරතුරු සොයා අගෝස්තු 03 වැනිදා දහවල් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 වැනි කොළඹ බාලදක්‍ෂ සමූහයේ ආචාර්යවරයකු මෙන්ම නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකුද වූ නුවන් ප‍්‍රසාද් තලගල මහතාය. ඒ මහතා මියයන විට 34 වැනි වියේ පසුවිය. ඔහුගේ මෙම අවාසනාවන්ත වියෝවෙන් පියාවන සරත් තලගල මහතාත්, මවුවන රෝහිණී පෙරේරා මහත්මියත්, එකම නැගණිය වන දිල්කි තාරකා තලගලත් දැඩි කම්පාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිවිය. එසේම තලගල මහතාගේ අකල් වියෝව දැනගත් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් මෙන්ම එගොඩවත්ත ප‍්‍රදේශයේ විශාල පිරිසක් නිවසට පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.

මෙහිදී තවදුරටත් කතාකළ තලගල මහතාගේ එකම නැගණිය මෙසේද කියා සිටියාය.

‘‘මේ සිද්ධිය වුණේ 2019.07.30 වැනිදා හවස 5.30 ට විතර. සිද්ධිය වෙන්න පැය 2 කට කලින් අයියා රෝල්ස් වගයක් අරන් ගෙදර ආවා. ඒ ඇවිත් අයියයි, මායි තාත්තාට විහිළුවක් කළා. ඊට පස්සේ අයියා රෝල්ස් කාලා තේ බීලා පිළියන්දල ලී බඩු ෂොප් එකට යනවා කියලා ගියා. අනේ දෙයියනේ ඊට පස්සේ තමයි ආරංචි වුණේ අයියට ෂොප් එකේදී අනතුරක් වෙලා කියලා.

‘‘අයියගේ ලී බඩු වෙළෙඳ සලට අමතරව ? කෑම කඩයක් කෙනකුට කරන්න දෙන්නයි හිටියේ. අන්න ඒකේ ෂෝකේස් එකට වීදුරුවක් සවිකරන්න අයියා වීදුරුවක් උස්සලා තියෙනවා. එතන අයියගේ සේවකයකුත් ඉඳලා තිබෙනවා. අයියා ඒ වීදුරුව උස්සලා තියන්න හදනවාත් එක්කම වීදුරුව දෙකට කැඩිලා තියෙනවා. එහිදී ඒ වීදුරු කොටසක් අයියගේ උරහිසයි වැලමිටයි අතර ප‍්‍රදේශයේ වැදිලා කැපිලා තියෙනවා.

‘‘එහිදී අයියා රෙදි කැබැල්ලකින් ලේ ගලන තැන තදකරගෙන ඉඳලා තියෙනවා. මේ වෙලාවේ එතනට ආපු අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා යමු මං රෝහලට ගිහින් දාන්නම් කියලා. නමුත් අයියා ඒකට කැමති වෙලා නැහැ. එයා කියලා තියෙනවා වාහනයේ ලේ ගෑවෙයි ඇම්බියුලන්ස් එක ආවාම යනවා කියලා. කොහොම හරි ඇම්බියුලන්ස් එක එනකොට විනාඩි 35 ක් විතර ගිහින්. පස්සේ එතන හිටපු අය අයියව ඇම්බියුලන්ස් එකට දාලා තියෙනවා. කොහොම හරි පිළියන්දල රෝහලට අයියාව ගෙනියනකොටත් අයියා මියගිහින්. අයියට මේ අනතුර වෙච්ච වෙලාවෙම අයියව රෝහලට ගෙනිච්චනම් අයියාගේ ජීවිතය බේරාගන්න තිබුණා. දැන් මට මගේ අයියා නැහැ දෙයියනේ.... අයියා නැතුව මම දැන් ගෙදර ඉන්නේ කොහොමද දෙයියනේ...

‘‘අයියා බාලදක්‍ෂ සමූහය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළේ. අයියා මෑතක් වෙනකම් රැකියාවක් කළේ නැහැ. අයියා කළේ නවක බාලදක්‍ෂයන්ට මගපෙන්වන එකයි. අයියා පිළියන්දල ටිම්බර් වර්ක්ස් ආයතනය පටන් ගත්තේ ළඟදී. මම අවුරුදු තුනක්ම හිටියේ ජපානයේ. ඒ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. අයියා මට කෝල් කරලා කිව්වා මාව බලන්න ඕනේ ලංකාවට එන්නේ නැද්ද කියලා. අයියගේ ඒ ඉල්ලීම නිසා මම පසුගිය ජුනි 14 වැනිදා ලංකාවට ආවේ.

මෙහිදී හැඬූ කඳුළින් කතාකළ තලගල මහතාගේ මෑණියන් වන රෝහිණී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය.

අවුරුදු 25 ක්ම එයා බාලදක්‍ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපකළා. මගේ පුතාට මෙහෙම විපතක් වෙයි කියලා මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ.

බාලදක්‍ෂ දරුවන් සිය ආචාර්යවරයාගේ නිසල දේහය අසල නිසොල්මන්ව රැඳී සිටිමින් ගෞරව බුහුමන් දක්වන අයුරු දැකගත හැකිවිය. එපමණක් නොව ඔහුගේ සමකාලීන මිතුරෝ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වූහ.

1994 වර්ෂයේදී පෝතක බාලදක්‍ෂයකු ලෙසින් එක්වුණු තලගල මහතා 1996 දී පෝතක බාලදක්‍ෂයකු ලබන ඉහළම තරුව වන රන් තරුව හිමිකර ගත්තේය. පසුව ඔහු බාලදක්‍ෂයකු ලෙස දිවුරුම් දුන්නේය. එහිදී කනිෂ්ඨ බාලදක්‍ෂයකු ලෙස ඔහු කොළ රැහැනද දිනා ගත්තේය.

2000 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ අංශයට යොමුවෙන ඔහු 2003 වර්ෂයේදී බාලදක්‍ෂයකුට ලබාගත හැකි උසස්ම පදක්කම වන ජනාධිපති ප‍්‍රදානය ලබා ගත්තේය.

ඉන් අනතුරුව මානවක බාලදක්‍ෂයකු ලෙස දිවුරුම්දී බාලදක්‍ෂ නායකයකු වශයෙන් අදියර 5 ක පාඨමාලාව හිමිකර ගත්තේය. පසුව බාලදක්‍ෂ නායකයකු වශයෙන් ලබාගත හැකි ලී පදක්කම 2016 වසරේදී ඔහු හිමිකර ගත්තේය.

අනතුරුව 2017 වසරේදී ඔහු කොළඹ දිසාවේ බාලදක්‍ෂ පුහුණු කිරීමේ මණ්ඩලයට පත්වේ.

බාලදක්‍ෂ නායකයකු වශයෙන් බාලදක්‍ෂ පුහුණුව සඳහා යොමුවන නවකයින්ට දැනුම ලබාදී ඔවුන්ට ජනාධිපති පදක්කම දක්වා මෙහෙයවීමේ භාරදුර කටයුත්ත මෙහෙයවීමේලා ද ඔහු ප‍්‍රමුඛව කි‍්‍රයා කළේය.

තලගල මහතා සිය 34 වැනි උපන් දිනය පසුගිය 20 වැනිදා සිය මිතුරන් සමඟ නිවසේදී සැමරීය.

තලගල මහතා පෙරේදා (03 වැනිදා) මලහිරු බැසයන යාමයේ උඩහමුල්ල පොදු සුසානභූමියේ විශාල පිරිසකගේ ශෝකාලාපයන් මැද සමුගෙන ගියේය.

Monday, December 9, 2019

ශත සංවත්සර ගිල්වෙල් සුහද හමුව - 2019

ගිල්වෙල් හා කුඩු හොරණෑව


ගිල්වෙල් සුහද හමුව යනු වර්ෂ 1919 දී ආරම්භ කල පලමුවන ලී පදක්කම් පාඨමාලාව සනිටුහන් කිරීම පිණිස පිහිටුවන ලද වාර්ෂික හමුවකි.

මෙය වර්ෂ 1921 සිට සෑම වසරකම (දෙවන ලෝක යුද්ධය පැවති වසර 4 හැර ) ක්‍රියාත්මකව පවත්වනු ලබන අතර එය බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩිහිටියන්ට ක්‍රියාකාරකම් සහිත ප්‍රීතිමත් සති අන්තයක් විඳීමට මෙන්ම දැනුම බෙදාගනිමින් විනෝද වීමට හොඳ අවස්ථාවකි.
 
ශතවර්ෂයක් සපිරි ගිල්වෙල් උද්‍යානයේ මෙවර පැවැත්වූයේ 93 වන ගිල්වෙල් සුහද හමුවය. එය පසු ගිය සැප්තැම්බර් මස මුල් සතියේ එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේදී අති උත්කර්ෂවත් අයුරින් සැමරුණු අතර පලමුවන ගිල්වෙල් බාලදක්ෂ සමූහයට අයත් දහස් ගනන් වූ සාමාජිකයන් ඊට සහභාගි වූහ .

බාලදක්ෂ නායකයෙකු ලෙසින් (ශ්‍රී ලංකාවේ නම් බාලදක්ෂ ආචාර්ය වරයෙකු/වරියක )ලබා ගත හැකි උසස්ම ප්‍රදානය වන ලී පදක්කම් පුහුණු පාඨමාලාව සපුරා ලීපබළු හා ගිල්වෙල් කරලේන්සුව පළඳින පලමුවන ගිල්වෙල් බාලදක්ෂ සමූහයට අයත් ලොව පුරා වෙසෙන ලී පදක්කම් ධාරීන් වාර්ෂිකව එකට හමුවෙති .

ශ්‍රී ලංකාවේ ශත සංවත්සර සපිරි ගිල්වෙල් උද්‍යාන සුහද හමුව ලබන සතියේ එනම් දෙසැම්බර් 14 ,15 යන දෙදින පුරා මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ගිල්වෙල් උද්‍යානය හා බැඳුණු කුඩු හොරණෑව පිළිබඳව කතාව


කුඩු හොරණෑව හෙවත් කුඩු අං දිගු කලක් තිස්සේ බාලදක්ෂයන්ගේ හා ලී පදක්කම් පුහුණුවේ සංකේතයක් විය. එය ප්‍රථම වරට බාලදක්ෂයන් උදෙසා භාවිතයට ගනු ලැබුවේ වර්ෂ 1907 දී බ්‍රවුන්සි දූපතේ පැවති ලොව පලමු අත්හදා බැලීමේ කඳවුරේදීය.

ඉන් වසර 13 කට පසුව එනම් වර්ෂ 1920 දී ගිල්වෙල් බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාවේදී නැවත භාවිතා කරන ලදී .(පලමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලද්දේ එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේ දී 1919 සැප්තැම්බර් 8 සිට 19 දක්වාය)

කුඩු අං හොරණෑව මුලින්ම හඳුනා ගනු ලැබුවේ බේඩ්න් පවෙල් සාමිවරයා විසිනි .1896 දී දකුණු අප්‍රිකාවේ කර්නල් වරයෙකු ලෙසින් හමුදා සේවයේ යෙදී සිටියදී මැටබෙලේ සටනේදී ඔහු ඇතුළු පිරිස ෂැන්ගානී ගඟ තරණය කරමින් සිදුකළ වැටලීමකදී සතුරන් අතරින් ක්ෂණික පැතිරගිය අනතුරු හැඟවීමේ සංඥාවක් පිළිබඳව බීපී වික්ෂිප්ත විය.අනතුරුව සොයා බැලීමේදී ඔහුට අවබෝධ වූයේ මැටබෙලේ රණශූරයන් අතිවිශාල ශබ්දයක් සහිත යුධ අඟක් භාවිතා කරන බවයි .ඔවුන් තම සතුරා පිළිබඳව දැනුම දීම කලේ එලාම් හඬක් මෙන් ශබ්දයක් නිකුත් කරන ලද්දේ කුඩු අං හොරණෑවෙනි.කුඩු හොරණෑවෙන් නිකුත්කරන ශබ්දය විශාල වේගයකින් යුක්තය .

ඉන් වසර 11 කට පසුව එනම් 1907 දී කුඩු අඟ යලි කරලියට පැමිණීම පුදුම සහගත ය.

කුඩු යනු අප්‍රිකානු ඇන්ටිලොප් මුව විශේෂයකි.එය රත් පැහැයට හුරු අළු පැහැයට හුරු නිල් පාටින් යුක්තය.කුඩු මුවන් හෙවත් ගෝනුන්ගේ අඩි පහක් පමණ උසින් පිහිටි අං තට්ටුව වඩාත්ම අලංකාර වන්නේ විශ්මය ජනක සර්පිලාකාර පිහිටීමයි.

ගිල්වෙල්හි හා ඇමරිකානු බාලදක්ෂ සංගමයේ BSA ලී පදක්කම් පුහුණු පාඨමාලාවේ ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දැනුඳු කුඩු අං හොරණෑව පිඹිමින් පාඨමාලාව ආරම්භ කරන අතර මුල් වරට භාවිතා කල කුඩු අඟ ගිල්වෙල් උද්‍යානයේ තැන්පත් කර ඇත .

මේ වසරේ පැවති වසර 100 සපිරි ගිල්වෙල් සුහද හමුවට සහභාගි වූ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාද වරයා ගිල්වෙල් අමුත්තන්ගේ සටහන් පොතේ තැබූ සටහන මෙසේය
 
"ගිල්වෙල් උද්‍යානය කැපී පෙනෙන සන්ධිස්ථානයකට පැමිණ ඇත .වසර 100 තිස්සේ එය බාලදක්ෂයන්ගේ අධ්‍යාත්මික නිවහන වූ අතර, වැඩිහිටි ස්වේච්ඡා සේවකයන් හා තරුණයින් දහස් ගනනකගේ ජීවිතයට කුසලතා වලින් පිරි ලොවකට යාමට උද්යෝගය ලබා දී ඇත.
 
ගිල්වෙල් උද්‍යානය විශිෂ්ඨ සුන්දරත්වයෙන් යුත් ස්ථානයකි.එය චරිතය ,මිත්‍රත්වයෙන් මතකය ඇතිකරන ස්ථානයකි."

විශේෂ ස්තූතිය
#KD
බාලදක්ෂ ආචාර්ය
 
 
 
ලී පදක්කම් උසස් පාඨමාලාගැන වැඩි විස්තර සඳහා - http://baladakshaya.blogspot.com/2017/09/blog-post.html