8 වැනි ජාතික 
බාලදක්ෂ ජම්බෝරියේ උපුටා ගැනීම
දරුවන් සතුටින්නම්, විනයගරුකනම්, දක්ෂනම්,
රටේ අනාගතය අනිවාර්යයෙන්ම සුබදායකයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ
ශී‍්‍ර ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා
අඟුණකොළපැලැස්සේදී 2010 දෙසැම්බර් 27 වැනිදා ඇරැඹි 08 වැනි බාලදක්ෂ ජම්බෝරියට ප්‍රධාන 
ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බාලදක්ෂයන් විසින් 
පිළිගෙන උත්සව භූමියට රැගෙන යන අයුරු.
                         
                        රටක අනාගතය කෙබඳුදැයි තීරණය කළ හැක්කේ එම රටේ දරුවන් දෙස බැලීමෙනි. දරුවන් සතුටින් 
නම්, ඔවුන් විනයගරුක නම්, දක්ෂ නම් එම රටේ අනාගතය අනිවාර්යයෙන්ම සුබදායක බව 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
08 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය රන්න, අඟුණුකොලපැලැස්ස, එරමිණියාය ක්‍රීඩාංගණයේදී ඊයේ (27 දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා මේ බව පැවසීය.
දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් බාලදක්ෂයින් 15,000 ක් පමණ මීට සහභාගි වී සිටියහ. බාලදක්ෂයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මෙම බාලදක්ෂ ජම්බෝරිය 30 වැනිදා දක්වා පැවැත්වේ.
ළමුන් වෙනුවෙන් ලොව බිහිවූ විශාලතම ස්වෙච්ඡා සංවිධානය වන බාලදක්ෂ සංගමය 2012 වසරේ දී සිය ශත සංවත්සරය සමරයි. ඒ නිමිත්තෙන් මෙය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබිණි. වයස 07-11 අතර කුඩා දරුවන් මෙවර ජාතික බාලදක්ෂ ජම්බෝරියට එක්වන අතර ප්‍රථම වරට කාන්තා බාලදක්ෂ කණ්ඩායම් ද මේ සඳහා එක්වනු ඇත.
මෙයට සමගාමීව අවුරුදු 7-11 ත් අතර බාලදක්ෂයන්ගේ 9 වැනි බාලදක්ෂ ජම්බෝරිය අම්බලන්තොට ලුනම දුටුගැමුණු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
මෙම බාලදක්ෂ ජම්බෝරියට උතුරු නැගෙනහිර ඇතුළුව බාලදක්ෂයන් 9000 ක් සහභාගි වූහ.
ජනාධිපතිවරයා මෙසේද කීවේය (- මේ රටේ ප්‍රධාන බාලදක්ෂයා විදියට අද මේ පවත්වන අටවැනි ජාතික ජම්බෝරියට මම සහභාගි වෙන්නේ බොහෝම සතුටින්. සම්මාන දෙන්න වගේම ජම්බෝරි පැවැත්වෙන අවස්ථාවලට සහභාගි වෙලා ඉන්න මේ සමහර බාලදක්ෂයන්ගේ මුහුණු මට හොඳට මතකයි. මේ දරුවන්ගේ මුහුණු දැක්කම මේ රට පිළිබඳ විශාල බලාපොරොත්තු අපට ඇති වෙනවා.
රටක අනාගතය කොයි වගේද කියලා තීරණය කරන්න නම් ඒ රටේ දරුවන්ගේ මුහුණ බලන්න ඕනෑ කියලා කියමනක් තියෙනවා. දරුවෝ සතුටින් නම්, ඔවුන් විනයගරුක නම්, දක්ෂ නම්, උගත්කම් තියෙනවා නම් ඒ රටේ අනාගතය සුබදායකයි. ඒ නිසා අපි විශාල බලාපොරොත්තු තියලා තියනවා මේ දරු පරපුර විනයගරුක දරු පරපුරක් බවට පත් කරන්න මේ බාලදක්ෂ ව්‍යාපාරය තුලින් හැකිවනු ඇතැයි කියලා. එය සිදුකරන්න ඔවුන් කැපවෙලා තියෙනවා.
මේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරලා 2012 වසරට වසර 100 ක් සම්පූර්ණ වෙනවා. නමුත් බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළේ විසි දෙනකුගෙන්. අද වෙනකොට මේ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව 48,000 ක් ඉන්නවා. මෙතනදී මම සතුටු වෙන එක කාරණයක් තියෙනවා.
බාලදක්ෂයන්ට ඔවුන්ගේ වැඩ කටයුතුවලට කාගේවත් චෝදනාවක් එල්ල වෙලා නැහැ. චෝදනා එල්ල වෙන විදියට මේ දරුවෝ තමන්ගේ සේවය සපයලා නැහැ. මට මතකයි 1978 මහා සුළි සුළඟ ආ කාලය. එදා හිටපු බාලදක්ෂයෝ විපතට පත්වුන ජනතාවට දැවැන්ත සේවයක් කළා.
ඒ වගේම අපට මතකයි මේ රට සුනාමි ව්‍යසනයට ගොදුරු වුණු අවස්ථාවේ පීඩාවට පත්වෙච්ච අසරණ ජනතාව වෙනුවෙන් මේ දරුවෝ කොතරම් සේවය කළාද කියලා. බාලදක්ෂයෝ සේවය කරන කොට කවදාත් බාල, මහලු, වැඩිහිටි, දුප්පත්, පොහොසත්, උස්, මිටිකම් බැලුවේ නැහැ. ජාතියක් හැටියට අපට ඉතා ඉක්මනින් නැගිටින්න හැකි වුණෙත් ඒ නිසයි.
අදත් උතුරු නැගෙනහිර පළාත්වල බාලදක්ෂයෝ දහස් ගණනක් විපතට පත් ජනතාවට සේවය කරනවා. ඒ නිසා මේ ව්‍යාපාරයෙන් ජාතීන් අතර සමගියටත් විශාල සහයෝගයක් ලැබෙන බව මම කියන්න ඕනෑ.
අද බාලදක්ෂ ව්‍යාපාරය නායකත්වයට ඔබව හුරුපුරුදු කරනවා. නායකයා කියන්නේ තමන්ගේ ප්‍රජාවට වැඩිපුරම ආදරය කරන කෙනා. තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් වැඩිපුරම කැපවීම් කරන තැනැත්තාට තමයි නායකත්වය ලැබෙන්නේ. ඒ කැපවීම පුරුදු පුහුණු වෙන්න ඕනැත් බාල කාලයේදීමයි.
"වතාවක් බාලදක්ෂයකු වූ කෙනෙක් මුළු ජිවිත කාලය පුරාම බාලදක්ෂයකු වේ" කියලා බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රකාශයක් තියෙනවා. එහෙම කියන්න හේතුව තමයි අපි කුඩා කාලයේ හොඳ දේවල් ප්‍රගුණ කළොත් ඒවා අපේ මුළු ජීවිත කාලය පුරාම රැඳිලා තිබීම.
ඔබ හැම දෙනාවම දකිනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළේ බේඩන් පවල් සාමිවරයා. මේ බාලදක්ෂ ව්‍යාපාරය ඉතාමත්ම හොඳ සංවිධානයක්.
අද ලෝකය පුරාම මේ බාලදක්ෂ ව්‍යාපාරය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. "සූදානමින් සිටින්න" - මේක තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ තේමා වැකිය. (ද්‍රවිඩ).
ආදරණීය දරුවනි, ජීවිතයේ ඕනෑම අභියෝගයක් ආවත් අපි එයට මුහුණ දෙන්න ඕනෑ. එතකොට තමයි අපට ජීවිතයේ දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. අද ඔබ සැමටම බිය සැක නැතිව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. (ද්‍රවිඩ)
ආදරණීය බාලදක්ෂයිනි, ඔබ හැමෝම හොඳින් ඉගෙන ගන්න ඕනෑ. අනාගතයේ දී හොඳ නමක් ලබා ගන්න ඕනෑ. කීර්ති ප්‍රශංසා ලැබෙන විදියට ජීවත් වෙන්න ඕනෑ. හැමදෙනාගෙම ගෞරවයට ඔබ පාත්‍ර වෙන්න ඕනෑ. (ද්‍රවිඩ)
මේ බාලදක්ෂ ජම්බෝරියේ ඉන්නවා වගේ හැමෝම සහෝදර ප්‍රේමයෙන් ජීවත් වෙන්නට ඕනෑ. එකම මවකගේ දරුවන් හැටියට ජීවත් වෙන්න ඕනෑ. ඒකයි මගේ ආශාව. උතුරු නැගෙනහිර පළාත්වල බාලදක්ෂයෝ දහස් සංඛ්‍යාත පිරිසක් සේවය කරනවා.
මම දන්නවා උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය තිබුණ කාලෙත් ඒ පළාත්වල හිටිය දරුවෝ බාලදක්ෂ ව්‍යාපාරයට බැඳුණා. අපි එකම සහෝදරයෝ වගේ එකට ජීවත් වෙන්න ඕනෑ කියන අදහස මේ දරුවෝ තුළ තියෙනවා.
ආදරණීය දරුවනි, ඔබ හැමෝටම සුබ අනාගතයක් අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඒ පිළිබඳ මට ලොකු විශ්වාසයක් තියෙනවා. (ද්‍රවිඩ)
දරුවනේ, ඔබ බාලදක්ෂයෙක් විදියට මේ රටේ ජනතාව ඉස්සරහා දෙන පොරොන්දුවේ තිබෙනවා "මගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද බාලදක්ෂ නීතියට කීකරු වීමට ද මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සාහය යෙදීමට පොරොන්දු වෙමි" කියලා.
දරුවනේ, අපේ ජීවිතයේ කොටසක් තමයි රට සහ ආගම අද ඔබට නිදහසේ ජීවත් වීමට නිදහස් රටක්, අපි උරුම කරදී තිබෙනවා. මේ නිදහස් රටට සහ අපගේ ආගමට අවංකව ඔබ සේවය කරන්න ඕනෑ. ඒ වගේම මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය පිළිබඳ අවබෝධයක් ලබාගෙන එය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන.
08 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වුණ සියලුම බාලදක්ෂ දරුවන්ට මම කියන්නේ දරුවනේ ඔබ ලෝකයට වැඩකරන්න, නමුත් කිසිදවසක ලාභයක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න එපා. අද ඔබ කරන සේවයට කව්රු හෝ දොස් කිව්වත් අනාගතයේ ඔබ කළ සේවය අගය කරාවි. ඒ නිසා ඔබ කරන සේවය අවංකව කරන්න හිතා ගන්න.
ඔබ සැමට සුබ අනාගතයක්
බාලදක්ෂ කොමසාරිස් සී. බටුවන්වල මහතා (- 1917 දී ඇරඹූ බාලදක්ෂ ව්‍යාපාරය මේ වන විට වසර 100 කට ළඟාවී තිබෙනවා. 1912 දී ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වුණා. යහපත් ආකල්ප වර්ධනය කරමින් දරුවන්ගේ දක්ෂතා වර්ධනය කරමින් රටට යහපත් පුරවැසියන් රැසක් බාලදක්ෂ ව්‍යාපාරය තුළින් තිළිණ කර තිබෙනවා.
මෙම බාලදක්ෂ ජම්බෝරිය සඳහා අවුරුදු 12-18 අතර බාලදක්ෂයන් 9000 බාලදක්ෂ දිස්ත්‍රික් 37 න්ම සහභාගි වෙනවා. වසර සියය සමරන 2012 දී විදේශීය බාලදක්ෂයන් 3000 ක් හා ශ්‍රී ලංකාවේ බාලදක්ෂ 12000 ක් සහභාගි වන බාලදක්ෂ ජම්බෝරිය මාතලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය නැංවීමට රජයේ උපකාරය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ලෙස්ලි රූපසිංහ මහතා (- සියලු පාසල්වලින් තවත් බාලදක්ෂයන් ලක්ෂයක් බඳවා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. එදා සිට මේ දක්වා බාලදක්ෂයන් ලක්ෂ 5 ක් මේ රටින් බිහිකර තිබෙනවා. රජයෙන් මෙම ව්‍යාපාරයට ලැබෙන මූල්‍ය දායකත්වය ප්‍රමාණවත් නෑ. මේ නිසා රජයේ දායකත්වය බලාපොරොත්තු වෙනවා.
මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, මර්වින් සිල්වා හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල යන මහත්වරු හා බාලදක්ෂ නිලධාරීන් සහභාගි වූහ.
විශේෂ ස්තූතිය
නෝනාගම - රංජිත් මතඟවීර
ඡායාරූපය -සුදත් සිල්වා
දිවයින අතිරේකය 2010/12/28

8th National Scout Jamboree declares open by President Rajapaksa in Hambantota
|  | 
| 
8th National Scout Jamboree declares open by President Rajapaksa | 
The Eighth National Scout Jamboree organized by the Sri Lanka Scouts 
Association commenced today on 27 December at the International Stadium 
in Eraminiyaya, Angunakolapelessa in Hambantota under the patronage of 
President Mahinda Rajapaksa as the Chief Guest. The President was received by the Chief Commissioner of the Sri Lanka
 Scouts Association Mr C.Batuwandala. Later he was escorted by a Scout 
and a guild guide in to the Jamboree and received the Guard of Honour by
 senior Scouts and Cadets. As the chief guest President Rajapaksa 
hoisted the Jamboree flag and made the announcement of the commencement 
of the 8th National Scout Jamboree in Hambantota.
Addressing the participants President Rajapaksa said that the aim of 
scouting is to train young children from the beginning in character 
building to become self-dependent and useful citizens and dedicate 
themselves for the society and country. The President further said that 
Sri Lanka’s future depends on the young generation and if they are 
happy, skillful, educated and properly disciplined the country would 
have a bright future.
Mr Shiras Sali, The Jamboree Organizer and Assistant Chief 
Commissioner (International) said that the closing ceremony will take 
place on 30th December. Around 15,000 Scouts from all districts have 
participated the event without ethnic, gender and religious differences 
and first time in the history 500 girl guides also joined this year 
Jamboree, he further added.
This year more than 650 Scouts representing Northern districts have 
participated in the Jamboree. It coincides with a special cycle parade 
“Yaalpanamen Magampurayata” by the Scouts from the North to the South 
organised by the Association from 19 December and ended today (27) with 
the opening ceremony of the National Jamboree, with the participation of
 the Chief Scout of Sri Lanka, President Mahinda Rajapaksa. It started 
from Point Pedro in Jaffna and proceeded towards Angunakolapelessa via 
Vavuniya Kandy, Colombo, Matara and reached the eighth National Jamboree
 today to hand-over National Flag to Chief Scout, the President of Sri 
Lanka.
The Sri Lanka Scout Association will celebrate its centenary of 
scouting in 2012. Scouts Commissioner C. Batuwangala said this Jamboree 
would strengthen the Asia – Pacific Scouts Jamboree that is to be staged
 in Dambulla, Sri Lanka in next year. Ministers Mahinda Amaraweera and Mervin Silva also participated the Jamboree opening ceremony.
By Janaka Alahapperuma (Pix by: Chandana Perera) 
 
No comments:
Post a Comment