Translate

Wednesday, October 11, 2023

පවන් අංජන නැමති බාලදක්ෂයා

වයස 16දී වෘතාන්ත චිත්‍රපටයක් හැදූ බාලදක්ෂයා

“සූදානම්ව සිටිමු” එහෙමත් නැත්නම් “Be Prepared” කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටය. හරිම සරල ළමා චිත්‍රපටයක්. ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ තමයි මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ.පහුගිය දින කිහිපයේදි ලංකාවේ ෆේස්බුක් අවකාශය ඇතුළේ එක්තරා චිත්‍රපටියක් ගැන කතාබහක් ඇති වුණා. විශේෂත්වය වුණේ, මේ සිංහල වෘතාන්ත චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තිබුණේ අවුරුදු 16ක තරුණයෙක් වීමයි. ඔහු නමින්, පවන් අන්ජන. තොරතුරු අනුව ඔහු තමයි සිංහල සිනමාවේ ලාබාලතම අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්. 2017 අපොස/ සාපෙළ කාලයේදී පවන් නිර්මාණය කරපු “සූදානම් වෙමු” සිංහල සිනමාපටය ගැන, Social media ඇතුලේකතාබහ වෙන්න පටන් අරන් තිබුණා. 

“සූදානම්ව සිටිමු” ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

මේකට මුලින්ම පාදක කරගත්තෙ 2016 දි මුද්‍රණය වුණු, මගෙ අතින්ම ලියවුන ‘ගිම්හාන නිවාඩුව' යොවුන් නවකතාව. නමුත් ළමා චිත්‍රපටයක් විදියට රූගත කරන කොට කතාව තවත් වෙනස් කරල සරල කරන්න වුනා. සුරාජ් මාපා, දිමුතු චින්තක, කෞෂල්‍යා සමරසිංහ, රිචඩ් අබේවර්ධන වැනි ජනප්‍රිය නළු නිලියන් සහ පාසල් වයසේ ළමා රංගන ශිල්පීන් ගොඩක් චිත්‍රපටයට රංගනයෙන් දායක වුනා.

මේ සිනමාපටය නිර්මාණය කරන්න පෙළඹෙන්නෙ මොන කාල වකවානුවේද?

ෆිල්ම් එක නිර්මාණය කලේ මම ඕලෙවල් ඉවර කරල ඉන්න කාලෙ 2017 අවුරුද්දෙ. මේක ඇත්තටම ආසාවටත් එක්ක හරිම පොඩි වැඩක් විදියට පටන් ගත්තෙ පාසල් මට්ටමින් ප්‍රදර්ශනය කරන්න හිතාගෙන. නමුත් වැඩේ ඉවර වෙද්දි හිතුවට වඩා වැඩි කාලයක් , පිරිවැයක් වගේම මහන්සියක් වෙන්න උනා.

සිනමාපට අධ්‍යක්ෂණයකට යොමු වෙන්න තරම්ම ඔබට බලපෑමක් කළේ මොන වගේ දේවල්ද?

පොඩි කාලෙ ඉදලම චිත්‍රපටි ගැන, සාහිත්‍ය ගැන උණක් තිබ්බා. ඒත් ෆිල්ම් බලන එකෙන් එහාට ෆිල්ම් හදන්න ආසාව ආවෙ නවය දහය පන්ති වල ඉගෙන ගන්න කාලෙදි. ඉස්කෝලෙදි කෙටි චිත්‍රපට කීපයක්ම කලා. සමහර ඒව පාසල් තරග වලින් ජයග්‍රහණය කලා. අනුරාධපුර වගේ පසුබිමක උනන්දුවක් තිබ්බට ලොකුවට ඉගෙන ගන්න විදියක් නෑනෙ. ඒ නිසා විවිද Workshops වලට සම්බන්ධ වෙලා සහ Internet එකෙන් එහෙම හොයාගෙන ගිහින් තමා මූලිකම දේවල් එහෙමත් ඉගෙන ගත්තෙ. ඔය අතරෙ 2016 දි මගෙ අර පොත ප්‍රකාශනය වුනාට පස්සෙ ඒකෙන් ළමා චිත්‍රපටයක් කරන්න කැමතියි කියල අධ්‍යක්ෂවරයෙක් මට කතාකලා. ඒ වැඩේ එහෙම ටික කාලයක් ඇදි ඇදී තිබ්බ නිසා ඕලෙවල් ඉවර වුනාට පස්සෙ මම ම වැඩේ පටන් ගත්තා.

වෘතාන්ත සිනමාපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන්නෙ ලේසි පහසු අභියෝගයක් නෙමෙයි. විශේෂයෙන්ම, අවුරුදු 16ක තරුණයෙක්ට. නවකයෙක් විදිහට පවන් අංජන කියන සිනමාකරුවා කොහොමද මේ අභියෝගය භාරගත්තේ?

මුලින්ම අම්මිගෙන් අප්පච්චිගෙන් ලොකු සහයෝගයක් ලැබුන. එතනින් එහාට බාලදක්ෂ සම්බන්ද කතාවක් නිසා ඒ පැත්ත වෙනුවෙන් සහ මුල් නිෂ්පාදන කටයුතු වලට ඉස්කෝලෙ බාලදක්ෂ ආචාර්යවරය වුන චතුරංග ලක්මාල් සර්ගෙන් ලොකු සහයෝගයක් හම්බුනා. ඊටපස්සෙ ෆිල්ම් එක රූගතකිරීම් සහ එතනින් එහා වැඩ වලදි වගේම විෂය සම්බන්දව නොදන්න දේවල් ගොඩක් කියල දෙමින් වැඩේට උපරිම දායකත්වයක් ලබා දුන්නේ කැමරා අධ්‍යක්ෂණය කරපු නිශාන්ත ප්‍රදීප් මාමා සහ රංගන ශිල්පී දිමුතු චින්තක සර්. ඊට අමතරව අනෙක් රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් වගේම රංගනයෙන් දායක වුන අනුරාධපුර දිස්ත්‍රිකයේ විවිධ පාසල් වල ළමයි, එයාලගෙ දෙමව්පියන්, ගුරුවරුන් ඇතුලු හැමෝගෙම සහයෝගය හොදින් ම ලැබුණා.


සූදානම්ව සිටිමු ගැන විස්තර මෙතරම් කාලයක් තිස්සෙ හැංඟිලා තිබුණේ කොහේද? ඇයි මේ විස්තර වසර තුනක් තිස්සෙ එළියට ආවෙ නැත්තෙ?

මුලින්ම ෆිල්ම් එක පාසල් මට්ටමින් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් හිටියත් විවිධ හේතු නිසා ඒක කරගන්න බැරිවුනා. ඒ වගේම පොඩි වැඩක් විදියට පටන් ගත්තත් , දැනට ලංකාවෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන ළමා චිත්‍රපට තරමටම මේ ෆිල්ම් එකේ ප්‍රමිතිය යම් මට්ටමක තියෙන බව ක්ෂේත්‍රයේ කිහිපදෙනෙක්ම කියපු නිසා සිනමාශාලා ප්‍රදර්ශනයට දෙන්නත් උත්සහ කලා. නමුත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කාරණාවලට මුදල් අපහසුතාවය තියෙනවා. තොරතුරු එලියට ආපු නැති හේතුව නම් මූලිකවම ඉතින් මගෙ වයස සහ ගම්පළාත නිසා. වැඩේ කරන්න කලින් වගේම වැඩේ කරාට පස්සෙත් කොලඹ ඇවිත් සමහර දේවල් සදහා මේක අරන් යන්න හදද්දි බොහෝ අයගෙන් බාධා එල්ල වුනා. මොකද අනුරාධපුර වගේ දුෂ්කර පලාතකින් ඇවිත් වැඩක් කරන්න ලංකාවෙ හැටියට හරිම අමාරුයි. මන් කොළඹ කෙනෙක් වුනානම් සමහර විට ඒකාලෙම මේක ප්‍රදර්ශනය කරන්නත් පුළුවන් වගේ තත්වයක් තමා ලංකාවෙ තියෙන්නෙ.

නමුත් ඔබේ සිනමාපටය, පාසල් ප්‍රදර්ශනයට සුදුසු බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පවා සහතික කළා?

අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ කමිටුවක් මගින් චිත්‍රපටය නරඹලා මෙය පාසල් සිසුන් සදහා සුදුසු චිත්‍රපටයක් වශයෙන් ප්‍රදර්ශනයට අවසර දුන්නා. ඒත් පහුගිය කාලෙ එක දිගටම රටේ ඇතිවුන තත්වයන් සහ දැන් පවතින කොරෝනා තත්වයත් එක්ක පාසල් මට්ටමින් ප්‍රදර්ශනයට යන්නවත් බැරි තත්වයක් තමා තියෙන්නෙ.

චිත්‍රපටයට සම්බන්ධව වුණු නලු නිළියන් පිරිස ගැනත් සඳහනක් කළොත්?

චිත්‍රපටියේ ප්‍රධානම නලුවො ළමයි. දින්සර නදිල්, රවීෂ මදුසර, සංජනා ප්‍රභාෂ්වර ඇතුලු ළමා නලු නිලියන් බොහෝ පිරිසක් මේකට සම්බන්ද වුනා. ඊට අමතරව ජනප්‍රිය නළු නිලියන් වන සුරාජ් මාපා, දිමුතු චින්තක, රිචඩ් අබේවර්ධන, කෞෂල්‍යා සමරසිංහ, අතුල ජයතිස්ස වැනි අය සම්බන්ධ වුනා.

අවුරුදු දාසයක් කියන්නෙ එතරම් ලොකු වයසකුත් නෙමෙයි. හැබැයි ඔබ ඒ වෙද්දි දිගු වෘතාන්ත චිත්‍රපටයක් පවා අධ්‍යක්ෂණය කරලා. එදා ඒ පළමු පියවර ගැන අද හිතෙන්නෙ මොනවද?

ඒ ගැන තියෙන ලොකුම සතුට තමා සිනමාව ගැන ලොකු අද්දැකීමක් සහ පුහුණුවක් ලබා ගන්න පුළුවන් වුන එක. මේක ඇත්තටම පොඩි වැඩක්. නමුත් ඒකෙන් ප්‍රායෝගිකව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා. දැනුමෙන්, සමාජ අද්දැකීම් වලින් සහ හැමදේකින්ම අද වෙද්දි මන් එදාට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නව. ඉස්සරහටත් තව බොහෝ දේවල් එකතු කරගන්න තියෙනවා. මම දැන් සිනමාව හදාරමින් ඉන්නව. ඉතින් අර ප්‍රායෝගික අද්දැකීම මාරම වටිනවා. ඒ හැමදෙයක් එක්කම ඉස්සරහට කවදහරි හොද සිනමාකරුවෙක්  වෙන එක තමයි මගෙ හීනය වෙන්නෙත්.



 

 

මෑතකාලීන සිංහල සිනමාවේ නිර්මාණ හිඟයක් ගැන බොහෝ දෙනා චෝදනා එල්ල කරනවා. තරුණයෙක් විදිහට ඒ ප්‍රශ්නයට ඔබේ පිළිතුර මොකක්ද?

ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. ඒත් ඒක අපිට ජයගන්න පුළුවන් දෙයක්. මොකද මම කොහොමහරි අවු 16 දී ෆිල්ම් එකක් කළා වගේම එහෙම කරගන්න බැරි, නමුත් ආසාව සහ හැකියාව තියෙන ලොකු තරුණ පිරිසක් රටේ ඉන්නව. ඒ වගේම කර්මාන්තයක් වශයෙන් මේක අල්ලගෙන ඉන්න ප්‍රබල නිෂ්පාදකයනුත් ඉන්නව. නමුත් ඒ නිෂ්පාදකයින් වටේ දැන් ඉන්න අඩු තරමින් දූපතෙන් එහා සිනමාවක් ගැන කියවීමක්වත් නැති  චරිත වෙනුවට, අර මම කලින් කිව්ව තරුණ පිරිස් එකතු වුනානම් මේ තත්වය වෙනස් කරන්න පුළුවන්.

පවන් අංජන කියන තරුණ සිනමාකරුවාගෙ ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කළොත්?

සිනමාවට වඩා මේ වෙද්දි නම් සාහිත්‍යයයි මගේ මූලිකම ප්‍රකාශන මාධ්‍ය වෙලා තියෙන්නෙ. මොකද සූදානම්ව සිටිමු කරපු අවුරුදු 16 කොල්ල නෙවේ දැන් ඉන්නෙ. එතනින් එහාට සිනමාව ප්‍රබල ප්‍රකාශන මාධ්‍යක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියන එක මට මේ වෙද්දි දැනුම් තේරුම් තියෙනවා. ඉතින් එහෙම තැනක සිනමා නිර්මාණයකින් එලියට එන්න ලොකු උනන්දුවක්, ආසාවක් තිබුනත් මම තව ගොඩක් හැදෑරීම් කරන්න ඕන. මම සිනමාව ඉගෙන ගනිමින් ඉන්නව.

 

ගිය අවුරුද්දෙ මගෙ පලවෙනි කවි පොත එලියට දැම්ම. ඒකට සම්මානයක් සහ හොද පාඨක ප්‍රතිචාර හිමිවෙමින් තියෙනවා. ඉතින් සිනමාවට වගේ සාහිත්‍යට මුදල් යන්නෙ නැති නිසා මේ ටිකේ ඒ පැත්තෙන් වැඩ කරගෙන යනව. කවදහරි තවත් හොඳ Film එකක් කරන්න හීනයක් තියෙනවා.

එයා දැං ලොකු ගමනක් යන්න පටන් අරන්. ඉතින් Scouting සඟරාවේ අපි සුබපතනවා.


blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, #nationaljamboree2024 #SriLankaScouts #slsa #scouting #jamboree #nationaljamboree #Trincomalee #camping #litrogas #litrogaslanka #litrosafety #safetytips #litrocookingpartner #litroblue #blueflame #empoweringthenation #srilanka #safety #lpgsafety #dome sticlpg #ScoutJamboree2024 #ScoutingLegacy #ScoutSkills #OutdoorAdventures

No comments:

Post a Comment