Translate

Saturday, August 1, 2020

බාලදක්ෂ අගෝස්තුව

 - ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය - 

එංගලන්තයේ ඉංග්රිසි ඕඩයේ බ්රවුන්සි දූපතේ ලොව ප්රථම අත්හදා බැලීමේ බාලදක්ෂ කඳවුර ගැන ඔබත් අසා ඇති. අගෝස්තු 01 දින ඇරඹි ලෝක බාලදක්ෂ ව්යාපාරය ආරම්භයට තුඩුදුන් අද වැනි දිනෙක 2020 වර්ෂයට 113 වෙනි වසර යෙදී තිබෙනවා. 1907 අගෝස්තු 01 දින සිට 08 දක්වා පැවති කඳවුරට එංගලන්තයේ ග්රාමීය ප්රදේශයන්හි ළමුන් 20 දෙනෙක් සහභාගි වුනා. ලෝක බාලදක්ෂ ව්යාපාරයට හිරු උදාවූ දිනය වූ අගෝස්තු පළමු දිනය සිහිකරමින් ලොව පුරා බාලදක්ෂයෝ "ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය" සමරණු ලබනවා. සෑම වසරකම අගෝස්තු 01දින ලොව පුරා දසත විසිරී සිටින බාලදක්ෂයින් කරලේන්සු දිනය හා හිරු උදාවූ දිනය ලෙස විවිධ සැමරුම් අභිමානයෙන් යුක්තව පැවැත්වෙනවා. 


කොරෝනා සමයේ බාලදක්ෂ බ්ලොග් පිටු යාවත්කාලීන කර දැනුම බෙදා ගනිමු!

නිවාඩු කාලේ බාලදක්ෂයෝ හැමෝටම එකතුවෙලා කරන්න වැඩ ගොඩක් තියෙනවා. අහම්බෙන් ලැබුණු මේ කොරොනා නිවාඩු කාලේ නිකන්ම නාස්ති කර ගන්නෙ නැතිව හැමෝටම බාලදක්ෂ දැනුම බෙදාගන්න පුළුවන් විධි ගොඩක් අපි අත්හදා බැලුවා. ඉතින් අන්තර්ජාලයේ වැඩක් කරලා දක්ෂතා පෙන්නලා තියෙන හැමෝටම තමන්ගෙම කියලා බාලදක්ෂ වෙබ් පිටුවක්, බාලදක්ෂ බ්ලොග් අඩවියක්, බාලදක්ෂ යූ ටියුබ් චැනලයක් ආරම්භ කරන්න අපි ආරධනා කරනවා. තාක්ෂණික සහය ස්කවුටින් සඟරාවේ අපි ඕනෑම වෙලාවක දෙන්න සූදානම්. ඒ ගැන අපේ  Baladaksha Sri Lanka මුහුණු පොත හරහා විමසීම කලහැකියි.
  • https://web.facebook.com/groups/ScoutingBloggers/
   Scouting Bloggers
  • https://web.facebook.com/groups/scoutingyoutubers/
 


ඒ වෙනුවෙන් බාලදක්ෂ වෙබ් පිටු හා බ්ලොග් අඩවි පවත්වන්නන් සඳහා ගෘෘප් දෙකක් ආරම්භ කර තිබෙනවා. ඔබත් බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් නිර්මාණාත්මක ප්‍රවේශයක් සඳහා යොමු වූ දක්ෂයෙක් නම් අපේ කඳවුරට එකතු වෙන්න පුළුවන්.


අගෝස්තු 01 දින කර ලේන්සු විප්ලවය

ඔබ බාලදක්ෂයෙකු නම් ලෝක බාලදක්ෂ වාර්ෂික කැලැන්ඩරයේ කැපී පෙනෙන දිනය වන අගෝස්තු පළමු වෙනිදා බාලදක්ෂ කරලේන්සු දින සැමරුමට එක්වන්න. එදිනට කරලේන්සුව පැළඳ ගනිමින් එම දිනය ගත කිරීමෙන් ලෝක බාලදක්ෂ කරලේන්සු දින සැමරුමට එක්විය හැක. නිවසේ විවේකීව සිටින ආදි බාලදක්ෂයකු නම් නිවසේ හිඳිමින් කර ලේන්සුව පැළඳිය හැක. ඔබ කාර්යාල සේවකයකු නම් එදිනට ටයි පටිය වෙනුවට කරලේන්සුව පැළඳිය හැකියි. එපමණක් නොව පාසල් යන ඔබ පාසලේ නිල ඇඳුමේ කමිසයට කරලේන්සුව පැලඳිය හැක. ඔබ බාලදක්ෂ සමූහයේ සමූහ නායක ලෙස විදුහල්පතිතුමා හෝ තුමිය වෙතද කරලේන්සුවක් පළඳවා ලෝක බාලදක්ෂ කර ලේන්සු දිනය නිල වශයෙන් විදුහල තුළ චාම් උත්සවයක් සංවිධාන කළ හැක. ඔබ සිටින ස්ථානය, රුකියාව, තරාතිරම කුමක් වුවද ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී බාලදක්ෂයකු වීමේ අභිමානය සිහිපත් කිරීම මෙයින් සිදුවෙයි.

එමෙන්ම ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී තවත් අපූරැ දෙයක් ද සිදුවෙයි. ඔබ කැමතිම යහළුවා හට කරලේන්සුවක් පැළඳවීමට අවස්ථාවක් ලැබෙයි. එතැනින් නොවතින ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී ඔබ ආදරය කරන සුරතලාට ද කරලේන්සුවක් පැළඳවීමට අවස්ථාවක් ලැබෙයි.

2020 ලෝක බාලදක්ෂ කර ලේන්සු දිනය සැමරුමට එක්වූ අයුරු අපට එවන්න. අපේ මාසික බාලදක්ෂ පුවත් විකාශයට එය ඇතුලත් කරන්න අපි සූදානම්.



පෙර දා සටහන්
https://baladakshaya.blogspot.com/2019/07/blog-post.html

Thursday, July 9, 2020

මුඛාවරණ මිලියනයක්! Are You Ready? ONE Million Mask Challenge for SCOUTS!

මුඛාවරණ මිලියනයක්!

එක් බාලදක්ෂයෙක් මුඛාවරණ 20 බැගින් නිර්මාණය කර මුඛවාඩම් නොමැතිව පාසැල් එන ඔබේ මිතුරාට ද එකක් පරිත්‍යාග කිරීමට හැකි නම් දෛනිකව අප බාලදක්ෂයන් ලෙස සිදුකරන යහපත් කටයුත්ත නිරායාසයෙන් ම සම්පූර්ණ කීරීමට ද පහසුවනු ඇත. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බාලදක්ෂයන් 50,000x20 විසින්ම මුඛාවරණ තම සුරතින්ම නිර්මාණය කර බාලදක්ෂයන්, පාසලේ මිතුරන් අතර බෙදා දී මෙම මහඟු ප්‍රජා සේවාවට ඔබටත් දායක විය හැකිය.




ඔබ විසින් නිර්මාණය කරන, මුඛවාඩම් නිෂ්පාදනය කරන ආකාරය, මිතුරන් 20 අතර බෙදා දෙන ආකාරය වීඩියෝ කර අපට එවන්න. ලොව පුරා විසිරී සිටින බාලදක්ෂ සහෝදරත්වයට ලාංකේය අභිමානය එක්කරමින් දියත් කෙරෙන "මුඛවාඩම් මිලියනයක දැවැන්ත අභියෝයට" බාලදක්ෂ සමූහ ලෙස පෙළ ගැසෙන්න. අපි සූදානම් ඔබේ යහපත් කටයුත්ත ලෝකයටම ගෙනියන්න...



මුඛවාඩම් මිලියනයක දැවැන්ත අභියෝගය ඔබේ බාලදක්ෂ සමූහය සූදානම් ද? 


කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ජුනි මස මස 6 වැනිදා සිට ක්‍රමයෙන් යළිත් ආරම්භ වූ අතර COVID-19 වසංගත තත්ත්වයන් මැඩ පැවැත්වීමේ කාල සීමාව තුළ අධ්‍යාපන අංශය තුළට විවිධ උපදේශනයන් ලබා දෙන විවිධ කුසලතා සහ අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා සංවර්ධනය, ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිතව දිවයිනේ සියලු ම පාසල් නැවත විවෘත කිරීම ඉදිරියේදී සිදුවන බැවින්... බාලදක්ෂයන් බාලදක්ෂිකාවන් ලෙස අපට ද දැවැන්ත සමාජ වගකීමක් පැවරෙමින් තිබේ. 

මේ කාල වකවානුව තුළ මිතුරු මිතුරියන් ඇසුරු කරන විට ඔවුන් ව දුරස්ථව සමීප කරගන්නා ආකාරය මිතුරන්ට කියා දිය යුතු ය. පෝතකයන් බාලදක්ෂයන් ලෙස ඔබ සතුව ඇති එම ශික්ෂණය සෙසු මිතුරන්ට ද කියා දිය යුතුය. එක් බාලදක්ෂයෙක් මුඛාවරණ 20 බැගින් නිර්මාණය කර මුඛවාඩම් නොමැතිව පාසැල් එන ඔබේ මිතුරාට ද එකක් පරිත්‍යාග කිරීමට හැකි නම් දෛනිකව අප බාලදක්ෂයන් ලෙස සිදුකරන යහපත් කටයුත්ත නිරායාසයෙන් ම සම්පූර්ණ කීරීමට ද පහසුවනු ඇත. 

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බාලදක්ෂයන් 50,000x20 විසින්ම මුඛාවරණ තම සුරතින්ම නිර්මාණය කර බාලදක්ෂයන්, පාසලේ මිතුරන් අතර බෙදා දී මෙම මහඟු ප්‍රජා සේවාවට ඔබටත් දායක විය හැකිය. ඔබ විසින් නිර්මාණය කරන, මුඛවාඩම් නිෂ්පාදනය කරන ආකාරය, මිතුරන් 20 අතර බෙදා දෙන ආකාරය වීඩියෝ කර අපට එවන්න. මුඛවාඩම් මිලියනයක දැවැන්ත අභියෝයට බාලදක්ෂ සමූහ ලෙස පෙළ ගැසෙන්න. අපි සූදානම් ඔබේ යහපත් කටයුත්ත ලෝකයටම ගෙනියන්න... 

- 0774 526262ට වට්ස් ඇප් මගින් වීඩියෝ යොමුකරන්න -








Are You Ready? ONE Million Mask Challenge for SCOUTS! 


The Million Mask Challenge is a volunteer network that makes cloth face masks, surgical caps, and other items to fight COVID-19. Our priority is to support frontline health care providers. We also donate to help other frontline heroes, including hospital support staff, police, firefighters, paramedics, food pantry and shelter volunteers, critical government employees, and other frontline workers, as our supply permits. We have seen the hospital field come together in amazing ways, rising to the challenge of the COVID-19 crisis and providing care to our communities. Health care workers are our most valuable resource when it comes to treating and stopping the spread of the virus. Our nation’s hospitals and health systems are working diligently to ensure the safety and well-being of the health care workforce. They must have the personal protective equipment (PPE) and support they need to provide care to patients.

The demand for personal protective equipment (PPE) has created a severe shortage of PPE across the world. The supply simply cannot keep up with the demand. To respond to that need, the American Hospital Association is launching a call to action to increase production and distribution of PPE to health care workers across the country. 

The Challenge 


The ONE Million Mask Challenge was originally launched by Scouting Magazine, Sri Lanka. where they have seen a tremendous outpouring of support from individuals, community organizations and local manufacturers. Providence entered into an important collaboration with Scout Troops. The World Scouts is expanding the 100 Million Mask Challenge nationwide. 

We are calling on manufacturers, the business community and individuals across the country to coordinate efforts—facilitate new relationships with hospitals and health systems—in order to rapidly produce needed PPE on a large scale for our nation’s health care heroes. 

This is just the start of our efforts and this national call to action. Needs exist nationwide and shortages are vast. AHA will expand the scope of the 100 Million Mask Challenge to meet the growing challenges and needs of our health care workers, hospitals and health systems as they take on the COVID-19 pandemic.


Not for Sale!

Masks are Fully donated — Not for Sale. Please use this idea, rather than soliciting in our social media groups. Thank you! 

Send Video - 0774 526262 (Whats app)

Tuesday, July 7, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කරයි

ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කර ඇති summer Camp අකාරයට මෙහි පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව මෙම බාලදක්ෂ පුහුණු පාසලේ නිර්මාර්තෘ හලාවත දිසාවේ හිටපු දිසා කොමසාරිස් අචාර්ය චම්පික රෝෂන් ලෝ මහතා සඳහන් කරයි. පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම හා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් එකම ස්ථානයකදී කිරීමේ අරමුණින්, හලාවත - මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී  දිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කර තිබේ.
 
බාලදක්ෂ ව්‍යාපාරයට විශාල සේවාවක් කළ හලාවත දිසාවේ හිටපු කීර්තිමත් දිසා කොමසාරිස්වරයකු වූ දිවංගත ආචාර්ය එස්.රාජගුරු මහතා නමින් මෙම ස්ථානය නම් කර ඇත. බාලදක්ෂ පාසලට පැමිණි සියලු දරුවන් හලාවත දිසා බාලදක්ෂ කොමසාරිස් නලින් රවීන්ද්‍ර මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලදී. බාලදක්ෂ පාසල ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මූලස්ථාන කොමසාරිස් හා නුවරඑළිය වැඩ බලන දිසා කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා  ජ්‍යෙෂ්ඨ පුහුණු නායක සනත් රෝහණ මහතා අතුළු පිරිස යෂ්ටි ආචාරයෙන් බාලදක්ෂියන් හා බාලදක්ෂිකාවන් විසින් පිළිගන්නා ලදී.
 
සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනය මගින් මෙම ප්‍රඡා සත්කාරයක් ලෙස  බාලදක්ෂ පාසලේ කටයතු සදහා අනුග්‍රහය ලබා දෙයි.










ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල

Monday, June 29, 2020

බාලදක්ෂයන්ට අවශ්‍ය තරු රටා

අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තාරකාය. බිලියන 13.75 කට ඈත අතීතයේ විශ්වය නිර්මාණය වූ බවයි සැලකෙන්නේ. තරු විශ්වයේ පැරණිම වස්තූන්ය. තරු සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහා හීලියම් යන වායු එකතු වීමෙනි. මේවයේ න්‍යෂ්ටික සංයෝගය නිසා තරු බබළනවා. තාරකා විවිධ ප්‍රමාණයෙන් යුක්තයි. කහා පාටට හුරු පාටින් බබළන හිරුද තාරකාවක්. හිරුට වඩා විශාලත්වයෙන් කුඩා තාරකාවෝ රතු පාටට හුරු ලෙසින්ද විශාලත්වයෙන් වැඩි තාරකාවෝ නිල් පාටින්ද බබලති. 

 

ඒ අතරින් තරු රටා ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඒවා ඉතා ආකර්ශණීය ලෙස පොළොවේ සිට නරඹන අප හට දිස් වේ. ආකාශ වස්තූන් සිතියම්ගත කිරීමේ පහසුව සඳහා තාරකා රටා හඳුන්වා දීම පැරණි නාවිකයන් ගොවීන් මෙන්ම තාරකා විද්‍යාඥයින්ගේද නිරීක්ෂණයන්ට අනුව සිදු වී ඇත. මෙහි ආරම්භය මින් වසර 6000කට පමණ පෙර සිදු වූ බව මෙසපොතේමියා ශිෂටාචාරයේ සාක්ෂිවලට අනුව සපථ වේ. විවිධ ජාතීන් විසින් තරු රටා සිතියම්කොට විසිතුරු නම් ලබා දුන්නද ධ්‍රැවාසන්නයේ අහස ඔවුන්ට නිරීක්ෂණය නොවිණි. විශේෂයෙන්ම දකුණු භාගයේ වෙසෙන්නන්ට උත්තර ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. උතුරුබාගයේ වෙසෙන්නන්ට දරුණු ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. මේ හේතුවෙන් සමහර තරු කණ්ඩායම් ඔවුනොවුන්ගේ දෘෂ්ටියෙන් ගිලිහුණි. පැරැන්නන්ගේ දෘෂටියෙන් ගිලිහුණු තරු පොකුරුද නිරීක්ෂණයකොට දැනට පවතින නවතම තරු රටා ඉදිරිපත් කරන ලද්දේ 16 වන සියවසයේදීය.  දැනට පවතින තරු රටා 88ක් සහිත සිතියම නිර්මාණය වූයේ 1922දීය. එය අන්තර්ජාතික තරකා විද්‍යා සංගමය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී. 
 
ඒවායේ පැහැය වෙනස් වන්නේ ශක්ති ප්‍රමාණයෙනි. අපට ආසන්නතම තාරකාව වන්නේ ප්‍රොක්සිමා සෙන්චුරි තාරකාවය. එයට ඇති දුර ආලෝක වර්ෂ 4.3 කි. තරු පිලිබදව එදා මෙන්ම අදත් මිනිසා තුළ ඇත්තේ කුතුහලයකි. පැරැන්නෝ තරු මගින් අනාවැකි කියන්නත් දිශාවන් සොයා යෑමටත් පුරුදු වී සිටියේය. එසේම ඔවුන් තාරකා රටා සඳහා විවිධ නම් තැබුවෝය. එවැනි තාරකා රටා 88 ක් පමණ ඇති අතර ඉන් 18 ක් පමණ පැහැදිලිව දැකිය හැකියි.
කලක් ගත වෙද්දී ආකාශය තාරකා මණ්ඩල නැතහොත් රාශි වලින් පිරී ගිය අතර රාශි වලට සීමා මායිම් නොතිබු නිසා රාශි කිහිපයකම පවා එකම තරුව  ඇතුළත් ව පැවතිණි.  අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමය මේ සම්බන්ධව අවධානය යොමු කර, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 1925 දී, නිල වශයෙන් පිළිගත් තරු රාශි 88 ක් හඳුනාගෙන ඒවා සඳහා නිශ්චිත ප‍්‍රදේශ හා විශේෂිත රාශි නාම හඳුන්වා  දුන්නේය. එම හඳුන්වාදීමේ දී ඔවුන් රාශී පහසුවෙන් හඳුනා ගැනීම සඳහා රාශී සමග සම්බන්ධ කර තිබූ පුරා වෘත්ත  පිළිබඳව සැලකිල්ලක් යොමු නොකරන ලදී. ඇත්තවශයෙන් ම ඔවුන්ගේ මෙම නාමකරණයෙන් පසු මෙම රාශී පෙර මෙන් මනඃකල්පිත සතුන් සමග සහ මනඃකල්පිත චරිත සමග ගැලපුනේ නැත.

 
අහසේ තරු පිහිටා ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා තාරකා මණ්ඩල නැතහොත් තරු රාශී උපකාරී වනු ඇත. තරු රාශීයකට මනඃකල්පිත සීමාවක් ඇති අතර එම සීමාව ‘‘තිත් යා කිරීම’’ මගින් සිදු  කර ඇත. එක් රාශී සීමාවක් තුල පිහිටා ඇති සියළුම තාරකා නම් කරනු ලැබ ඇත්තේ  එම රාශීයට දී ඇති නාමයත් සමගිනි. කෙසේ වෙතත් අප සිහි තබා ගත යුත්තේ මේ රාශී ඇත්ත වශයෙන් ම නොපවතින දේවල් බව හා ඒවා අප පෘථිවියේ සිට නිරීක්ෂණය කරන ස්ථාන අනුව පෙනෙන රටාවන් ම පමණක් බවයි. රාශියක විශාල කොටසක් දක්නට ලැබීම අහඹු සිදුවීමක් පමණි. තරු රාශියක පිහිටා ඇති තනි තනි තාරුකා එකිනෙකට ඉතා සමීපව පිහිටා තිබෙන බව අපට පෙනුනත් ඇත්ත වශයෙන් ම ඒවා එකින් එකක් වෙන් වී ඇත්තේ ඉතාමත් ම විශාල දුර ප්‍රමාණවලින් වන අතර ඒවා එකිනෙකක් අතර කිසිම සම්බන්ධයක් ද නොපවතී. උදාහරණයක් ලෙස පහත දැක්වෙන රූපය බලන්න. එය ඔරායන්  (අපට වඩා හුරු අන්දමට කීවොත්) මුව සිරස රාශියයි. මෙම රාශියේ පිහිටා ඇති අපට පහසුවෙන් නැරඹිය හැකි තරු, එකිනෙකකට පෘථිවියේ සිට පවතින්නේ බොහෝසෙයින් වෙනස් වූ විවිධ දුර ප්‍රමාණයන්ය.

 
අතීතයේදී මෙම තරු රටා හැඳින්වූ කොන්ස්ටලේෂන් (constellation) යන වචනය ලතින් භාෂාවේ කොන්ස්ටලේටියෝ (constellātiō) යන වචනයෙන් බිඳි ආ වචනයකි. එහි තේරුම් තාරකා කණ්ඩායමක් යන්නයි. එම වචනය මුලින්ම පාවිච්චි කෙරුණේ ජෝතිෂ්‍යය විද්‍යාවේ එන තරු රටා හැඳින්වීමටය. ජෝතිෂ්‍යය විද්‍යාවේ එන රාශි චක්‍රය (Zodiac) යනු, ඛගෝලයේ (Celestial Sphere) සූර්යයා සහ ග්‍රහලෝක දෘශ්‍ය චලිතයක යෙදෙන මාර්ගය වන ක්‍රාන්තිවලය (ecliptic) මත පිහිටා ඇති අප කවුරුත් දන්නා තරු රටා 12 ය.
රාත්‍රී අහසේ පියවි ඇසින් අපිට බලා ගැනීමට ලැබෙන දේවල් අතර තාරකා කණ්ඩායම් මවන විවිධ රටා ප්‍රමුඛස්ථානයක් ලබා ගනී. දඩයක්කාරයා, මහ වලසා ගෝනුස්සා වැනි ප්‍රසිද්ධ තාරකා රටා රාත්‍රී අහසේ පහසුවෙන් හඳුනාගැනීමට හැකිය. අතීතයේදී විවිධ ශිෂ්ටාචාරවලට අයත් මිනිසුන් අහස දෙස බලා ඔවුන්ට පෙනෙන ආකාරයට තමන් ඇදහූ දෙවිවරු, පුරාවෘත්තයන් වල එන වීරවරයන් හා විවිධ සතුන් නිරූපණය වන පරිදි තාරකා යාකොට මෙම තරු රටා නිර්මාණය කරන ලදී. අතීතයේදී මිනිසුන් නාවික හා ගමනා ගමන කටයුතු සඳහා දිශාව සොයාගැනීමට, කෘෂිකාර්මික කටයුතු සිදුකරගැනීම සඳහා වසරේ විවිධ සෘතු වෙන්කර හඳුනාගැනීමට, දිනය හා වේලාව නිශ්චිතව සොයා ගැනීමට මෙන්ම අහසේ විවිධ තාරකා පහසුවෙන් සොයා ගැනීමට ද තාරකා රටා උපයෝගී කරගන්නා ලදී.

බාලදක්ෂයන්ට අවශ්‍ය වන තරු රටා

මහා වලසා – Urasa Major
උතුරු අහසේ පැහැදිලිව දිස්වෙන මෙය ග්‍රේඩ් ඩියර් නමින්ද හඳුන්වයි. නැවියන් ධීවරයන් කාන්තාර තරණය කරන්නන් විසින් උතුරු දිශාව තීරණය කිරීමට ධ්‍රැව තාරකාව යොදා ගනී. මෙය මහ වලසා යන නාමයෙන් හඳුන්වන්නේ  තරු රටාව හා සම්බන්ධ පුරාවෘතයකට අනුවය. චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද, මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද, ඉන්දියාවේ නගුල ලෙසින්ද, රුසියාවේදී මහවලසා ලෙසින්ද, හදුන්වනු ලබන්නේ මෙම එකම තාරකා රාශියකි. මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය. එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හඳුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය. මෙය ආදි ග්‍රීක ජාතිකයන්ගේ පුරාවෘතයකට අනුව පටබැඳි නමක් ලෙසද කියැවේ.

මෙය මහවලසා ලෙස හැදින්වෙන තරු රටාව හා සම්බන්ද පුරාවෘතයකි.චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද ඉන්දියාවේ නගුල ලෙසින්ද රුසියාවේදී මහවලසා ලෙසින්ද හදුන්වනු ලබන්නේ එකම තාරකා රාශියකි.මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය.එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හදුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය.මෙය ආදී ග්‍රීක ජාතිකයන්ගේ පුරවෘතයකි.ඔවුන්ද මෙම තරු රටාව දුටුවේ වලසෙක් ලෙසිනි.එහෙත් මෙම වලසාගේ වලිගය දිගු වීම ඔවුන්ට ප්‍රශ්නයක් විය.මේ කතා ප්‍රවෘතියේ වලසාගේ වලිගය දිගු වීම අපුරුවට විස්තර කරන්නේ මෙලෙසිනි.

එකමත් එක කාලෙක ආකේඩා නම් නම් රටේ ලාකුන් නම් රජෙක් පාලනය කළා.ඔවුට කැලිස්ටෝ නමින් ඉතා ලස්සන දූ කුමරියක් සිටියා.ඇය මුළු මහත් කන්යාවන්ගෙන්ම පැහැයෙන් අග තැන්පත්.ඇය කෙතරම් ලස්සනද කිවහොත් දෙවුදුවටත් වඩා ලස්සනයි.හේරා දෙවගන මේ කුමරියට වෛර කරන්නට ගත්තා.ඇයට අවශ්‍ය වුයේ කැලිස්ටෝගේ ස්ථානය අයත් කර ගැනීමටයි.හේරාට මන්ත්‍ර බලයක් තිබු බැවින් ඇයට ඕනෑම දෙයක් කල හැකියි.හේරා කැලිස්ටෝව අප්‍රසන්න වලහෙක් බවට පත් කළා.

හේරාගේ ස්වාමි පුරුෂයා වූ සර්ව බලධාරී සුස් දෙවියාට මේ කැලිසිටෝ ගැන අනුකම්පාවක් ඇති වුනා.ඔහු මේ ප්‍රශ්නයට මැදිහත් වන විට ප්‍රමාද වැඩියි.කැලිස්ටෝ අතුරුදහන් වෙලා.කැලිස්ටෝ සොයා ගන්නා විට ඇය ඉතාමත් කැත වලසෙක් බවට පත් වී හමාරයි.සුස් දෙවියා දුවගෙන යන කැලිස්ටෝ වලසාගේ වලිගයෙන් අල්ලා ගත්තා.එසේ වලිගයෙන් ඇද අහසට විසි කළා.ඔවු කෙතරම් වැර යොදා වලිගයෙන් ඇද්දා ද යත් වලසාගේ වලිගය දිගු වුනා.මේ දිගු වලිගය සහිත වලසා අදටත් උතුරු අහසේ තරු රටාවක් වී අපට දිස් වෙනවා.

මහ වලසාද පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේ මධ්යම රාත්රියේ අහසේ උතුරු දෙසට වන්නට මඳක් ඉහළින් තමයි මෙම තරු රටාව තියෙන්නේ. මේ තරු රටාව බලන්න පොඩ්ඩෝ මධ්යම රත්රිය වෙනකම් තියා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක් වෙයි. දීප්තිමත් තරු 07කින් තියෙන මේ තරු රටාව චතුරස්රයක හැඩැති තරු හතරකින් පෙන්වනවා වගේම නැගෙනහිරට වන්නට වලසාගේ වලිගය පෙන්වන තරු 03ක් දකින්න තියෙනවා ..මෙම තරු රටාවේ තිබෙන විශේෂත්වයක් වන්නේ පෝලාරිස් හෙවත් ධ්රැව තාරකාව මෙහි පිහිටා තිබීමයි. මෙම තරුවෙහි පිහිටීම වෙනස් නොවන අතර මේ මාස වල නාවිකයන්ට හා කාන්තාරයේ ගමන් ගන්නා පිරිසට උතුරු දිශාව මෙන්ම තමන් සිටින අක්ෂාංශයන් හඳුනා ගැනීමට උපකාර වෙනවා.

කුඩා වලසා – Urasa Minor
පෘථවියේ සිට ආලෝක වර්ෂ 700 ක් දුරින් පිහිටා ඇත. මෙය තරු 07 කින් සමන්විත තරු රටාවකි. 

දඩයක්කාරයා  – Orion

දඩයක්කරුගේ රුව නිරුපණය කරන තරු රටාවකි. තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක. පුරා වෘත්තවල සිටින දඩයක්කරුවෙකුගේ ස්වරූපය මෙමඟින් මැනවින් නිරූපනය කරයි. උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැකිය. දීප්තිමත් තරු හතරකින් යුත් තාරකා රටාවකි. මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් ද සමන්විත වේ. මීට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී. මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එය අප සුර්යාටත් වඩා අතිශයින් විශාල වේ. Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යා මෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි. ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තාරකා ත්‍රිත්වය මෙහි විශේෂත්වයක් උසුලයි. 

මේ තාරකාව අපිට පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේදී රාත්රී අහසේ 08 ට වගේ දැකින්න පුලුවන් ජනප්රියම තරු රටාවයි..... මේක තියෙන්නේ ටිකක් අහස මුදුනට වන්නට . ඉතා දැවැන්ත නිල් පාට තරු රටාවක්...දීප්තිමත් තරු 07 ක් සහ දීප්තියෙන් අඩු තරු 06 ක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ තරු රටාවේ උරහිස් දෙක සහ දණහිස් දෙක සලකුණු කරන තරු 04 ක්ද, බඳපටියෙහි ඇති තරු 03 විශේෂත්වයක් ගන්නවා වගේම ඒ තරු 3 දීප්තිමත් තරු 07ට ඇතුළත්ව තියෙනවා. හිස සලකුණු කරන තරු 03 හා බඳපටියෙන් එල්ලෙන කඩු කොපුව සලකුණු කරන තරු 03 දීප්තියෙන් අඩු තරු. දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට යොමුව පිහිටන නිසා දිශාව හඳුනා ගැනීමට මෙය උපකාර වේ. ඇල්පා ඔරියෝනිස් නමි රතු පැහැති යෝධ තරුවකින් හා බීටා ඔරියෝනිස් නම් නිල්පැහැ යෝධ තරුවකින් මෙය සමන්විත වෙනවා . මෙම තරු දෙක අහසෙහි ඇති යොධ තරු 20 ට ත් අයත් වෙනවා .


   
හත්දින්නත් තරු
වඩාත්ම දීප්තිමත් එමෙන්ම වඩාත්ම ප්‍රකට තරු පොකුර ප්ලෙයාඩේස්ය. (හත්දින්නතරු ලෙස ද එය වඩාත් ප‍්‍රකටය.) එය පියවි ඇසට පහසුවෙන් හඳුනාගත හැක්කේ අඩු තරමින් තාරකා 6කින් සමන්විත ළංව පිහිටි කණ්ඩායමක් හැටියටයි. ඒ අනුව හත්දින්න තරු රටාවේ තරු 7 පියවි ඇසින් ගණන්  අසීරුය . ඒ නිසම දෝ මේ තරු 7 ගණන්  අසුභ යයිද මතයක් ඇත . එය පිහිටියේ (ගොනාගේ ඇස යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන ටෝරස් (Taurus - වෘෂභ) රාශීයේ දීප්තිමත්ම තරුව වන) ඇල්ඩිබැරන් තාරකාවේ සිට පූර්ණ චන්ද්‍රයන් 20ක පමණ පළලක් ඇති දුරකින්ය. ප්ලෙයාඩේස් තරු පොකුරේ දීප්ති‍මත්ම තාරකා නම් කර ඇත්තේ ග්‍රීක ජන පුරාණයේ සොයුරියන් හත්දෙනා (the Seven Sisters) සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ නම්වලිනි. මෙකී තරුපොකුර අනාදිමත් කාලයක සිට වෙනත් බොහෝ නම්වලින් හඳුන්වනු ලැබීය. ජපානයේදී සුබාරු යන නමද ඒ අතරවේ.
 

සිංහ – Leo
උතුරු අහසේ පායන දීප්තිමත් තරු රටාවකි. රේගුලස් නම් දීප්තිමත් තාරකාව මෙහි පිහිටා තිබේ. මෙය නැගෙනහිර දිශාවට යොමුව තිබේ.
රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි  තාරකා රටාවක්  වේ. මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. දක්ෂිණ අර්ධ ගෝලයේ  මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම්  තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක්  රාශියක් ලෙස සැලකේ.

මහා බල්ලා – Canis Major
බල්ලෙකුගේ හැඩයෙන් යුත් තරු රටාවකි. දඩයක්කරයා (ඔරායන්) තාරකා මණ්ඩලයට මදක් නැගෙනහිර පිහිටා තිබේ. බල්ලාගේ හිස කොටසේ සීරියස් නම් දීප්තිමත්ම තාරකාව පිහිටා තිබේ. මේ තාරකාව ද පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්රි 08ට පමණ රාත්රි අහසේ දැකින්න පුළුවන් . ඔරායන් තරු රටාවේ බඳපටිය දක්වන තරු තුන සිතින් යා කර එම රේඛාව ඔස්සේ නැගෙනහිර දෙසට ඇස් යැවූ විට දකින්න පුළුවන් දීප්තිමත්ම තරුව. එය සීරියස් නමින් මේ තරු රටාවට ඇතුළත් වෙනවා. මහ බල්ලා තරු රටාව දීප්තිමත් තරු 08කින් යුක්ත වෙනවා
කුඩා බල්ලා -Canis Minor
මෙය පෘථවියේ සිට ආලෝක වර්ෂ 11.3 දුරින් පිහිටා තිබේ එහිද ප්‍රොසියොන් යයි නම් කෙරුණු තරමක දීප්තිමත් තාරකාවක් පිහිටා තිබේ.  
දකුණු කුරුසය – Southern Cross
දකුණු අහසේ පිහිටා තිබෙන මෙය දීප්තීමත් තාරකා මණ්ඩලයකි. එසේම තරු රටා අතර කුඩාම තරු රටාව වේ. කුරුසයක හැඩය ගන්නා මෙම තරු රටාවේ දිග බහුව සෑම විටම දකුණටම යොමු වී ඇති නිසාම එය දිශා දර්ශක තරකා මණඩලයක් ලෙස හැඳින්වේ.

 
විවිධ රටාවන්ට අනුව හැඩ ගැසුණු තරු පොකුරු රාතී‍්‍ර අහසේ දර්ශනය වෙයි. හඳුනා ගැනීමේ හා මතක තබා ගැනීමේ පහසුව තකා පැරන්නන් ඒවා සමග විවිද මනඃකල්පිත සතුන් හා චරිත ඈදා විවිධාකාර මිත්‍යා කතා ගොතා ඇත. අතීතයේ දී  මේවා තරු කාණ්ඩ හෙවත් තරු පොකුරු ලෙස හඳුන්වනු ලැබ තිබේ. පසු කාලීනව තාරකා විද්‍යාඥයෝ අහසේ තරු සිතියම් ගත කිරීම අරඹා නම් කරන ලද තරු රටා ඒවාට ඇතුළත් කර ඒවා තරු රාශි  නැතහොත් තාරකා මණ්ඩල ලෙසින් නම් කළෝය. වර්ෂයේ විවිධ කාල වලදී විවිධ රාශි අහසේ දර්ශනය වෙයි. අප පෘථිවිය මත සිටින ස්ථානය අනුව ද අපට වෙනස් රාශි දර්ශනය වෙයි. ඒ අනුව රාශි චක්‍රය ඇසුරින් නිර්මාණය වූ තරු රටාවන් ද හදුනා ගත හැකියි. 
 
මේෂ – Aries
රාශි චක්‍රයේ පලමු තරු රටාවයි. එළුවෙකුගේ හැඩයෙන් යුත් මෙම තරු රටාව උතුරු අහසේ දිස් වේ.
කටක – Canser
කකුලුවෙකුගේ හැඩය ගත් තරු රටාවකි. ප්‍රධාන තාරකා පහකින් සමන්විතය.

කන්‍යා -Virgo
මෙම තරු රටාවෙන් නිරුපණය වන්නේ මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවකි. අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින දෙවන තාරකා මණ්ඩලය වේ. දීප්තිමත් බවෙන් 15 වැනි ස්ථානය හිමි කරගන්නා තරකාවද මෙයයි.
මකර – Capricornus
මෙම තරු රටාව මුහුදු අශ්වයෙකුගේ හැඩයෙන් නිරූපිතය. දීප්තිමත් තාරකා තුනකින් සමන්විත මේම තරු රටාව ද අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී.
කුම්භ – Aqurius
වතුර කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරුපණය කරන තරු රටාවකි. විශාල තරු රටාවක් වුවද එතරම් දීප්තිමත්ව නොපෙනේ.
මීන – Pisces
ප්‍රධාන තාරකා 21 කින් සමන්විතය. මෙය දීප්තියෙන් අඩු තරු රටාවකි. මාළුන් දෙදෙනෙකුගේ හැඩයෙන් යුත් මෙම රටාව උතුරු අහසේ දිස් වේ. මේ තරුවද පෙබරවාරි මාසයෙ සහ මාර්තු මාසවලදී රාත්රී 08 ට පමණ රාත්රි අහසේ දකින්න පුළුවන් . මිථූන රාශියෙහි නිවුන් සහෝදරයන් දෙදෙනාගේ ශිර්ෂ දෙක මඳක් නැගෙනහිරට වන්නට ඇති දීප්තිමත් එකළඟ පිහිටි තරු දෙකකින් පෙන්වනවා.මේ තරු දෙක කැස්ටරි හා පොලකස් නමින් වෙනවා.මිථුන තරු රටාව තරු 13 කින් යුක්තයි.

වෘෂභ – Taurus
ගවයෙකුගේ හැඩය ගත් විශාල තරු රටාවකි. මේ තාරකා මණ්ඩලයට දඩයක්කරයා තරු රටාවට මදක් උතුරට බරව බටහිර දෙසින් දිස්වේ. මෙහි ඇල්ඩ්බාරාන් නම් රතු පැහැති දීප්තිමත් තාරකාව පිහිටා තිබේ. වෘෂභ තරු රටාව ද පෙබරවාරි සහ මාර්තු මාසවලදී රාත්රී 08ට පමණ දකින්න පුළුවන් ඔරායන් තරු රටාවට බටහිර දිශාවෙන් මෙන්ම තරමක් උතුරු දිශාවට වන්නට V අකුරේ හැඩයෙන් යුතු තරු පොකුරක් ලෙස අපිට දකින්න පුළුවන් . මේ තරු රටාවේ 'ඇල්ඩෙබරන්' නම් දීප්තිමක් රතු තරුවක් තියෙනවා . ඔරායන්ට පහරදීමට සැරසී සිටින ගවයෙකුගේ එක් ඇසක් මෙම තරුවෙන් පෙන්වනවා. දීප්තිමත් තරු 05න් ගවයාගේ ශීර්ෂය V හැඩයට තමයි පිහිටල තියෙන්නේ..V අකුරේ බාහුදෙකට තරමක් ඉහළට වන්නට ගවයාගේ අං දෙකෙහි කෙළවරයන්හි පිහිටි තරු දෙකක් දකින්න තියෙනවා .
මිථුන – Gemini
දඩයක්කරයා තාරකා මණ්ඩලයට මදක් ඊසාන දෙසින් පිහිටා තිබේ. මෙමගින් නිවුන් සහෝදරයින්ගේ රුව නිරුපණය වේ. මෙම තරු රටාවේ “කැස්ටර්” සහ ” පෝ ලූක්ස් ” යන දීප්තිමත් තාරකා පිහිටා තිබේ.
තුලා – Libra
මෙමගින් තරාදියක හැඩය නිරුපණය වේ. කන්‍යා තාරකා මණ්ඩලයට බටහිරින් හා වෘශ්චික තාරකා මණ්ඩලයට නැගෙනහිරින් පිහිටා තිබේ.
වෘශ්චික – Scropius
ගොනුස්සගේ හැඩය ගත් මෙම තාරකා මණ්ඩලයේ ඇන්ටාරොස් නමැති රතු පාටට හුරු දීප්තිමත් තාරකාව පිහිටා තිබේ. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙහි ප්‍රධාන තාරකා 15 ක් පිහිටා තිබේ.
ධනූ – Sagittarius
අශ්වයෙකුගේ පිට නැගී දුනුවායෙකු මෙයින් නිරුපණය වේ. මෙය දකුණු දිග අහසේ පිහිටා ඇත.

Monday, June 15, 2020

බස් එකේදී පැන්සලෙන් කුරුටු ගෑ බේඩ්න් පවෙල් සිතුවම

2020 සිහිකිරීමේ දිනය

පසුගිය වසර කිහිපය තුළ දී බී.පී. දින සිහි කිරීමේ සැමැරැම් උලෙළ කිහිපයකදී බොහෝ අලුත් දේ බාලදක්ෂ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. මෙහි දැක්වෙන්නේ 2020 බීපී දින සැමරුම් වෙනුවෙන් ගත් නිර්මාණාත්මක උත්සාහයයි.

මෙහි දැක්වෙන සිතුවම ඇඳීමට චන්දිම මධුශාන් චිත්‍ර ශිල්පියා ගත කළ කාලය විනාඩි 30 කි. පැන්සල් කිහිපයක් තම බෑගයේ රඳවාගත් චන්දිමාල් විජය බාලදක්ෂ කඳවුරෙහි ඡායාරෑප ශිල්පියා සමග බාලදක්ෂ බාලිකා දෙව්මි සහ හංසිකා මහරගමින් පිටකොටුව බලා දිවෙන 138 බසයට ගොඩ වැදුනේ පෙරවරු 11ටයි.

නොනවත්වා ධාවනය වන පස් රථයේ පසුපස අසුනේ වාඩි වී බේඩින් පවෙල් සාමිතුමන්ගේ සිතුවමක් ඇඳීම... ඔහු වෙත පැවරැණු අභියෝගය විය. මේ ඔබ දකින්නේ බාලදක්ෂ ඔබ වෙනුවෙන්, බේඩින් පවෙල් සාමි තුමන්ගේ චිත්‍ර එකතුවට දෙදහස් විස්සේ වර්ෂයේ දී එක් කළ අලුත්ම නිර්මාණයයි.
 

  • Special thanks for Girl Scout Hansika and Dewumi / Chandima / Rasanga / Chaminda Wariyapperuma and the Scouting Magazine Team
බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ 'Scouting for Boys' නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළේය. 
1920දී ලන්ඩනයේදී පළමු වන ජාත්‍යන්තර සම්මේලනය ජමිබෝරිය පවත් වන්නට විය. මේ අයුරින් පියවරෙන් පියවර පැමිනි බාලදක්‍ෂ ව්‍යාපාරය අද වන විට ලෝක තරුණ සංවිධානයන් ලෙස ප්‍රචලිත වී ඇත. වර්තමානය වන විට ලොව පුරා රටවල් 216කට අධික ප්‍රමාණයක් සාමාජිකයන් මිලියන 28කට වැඩි පිරිසක් ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ ලියාපදිංචි වී සිටිති. 

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා

ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. 1857 පෙබරවාරි මස 22 දින එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබීය. මෙතුමා ගේ පියා “ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය බේඩන් පවෙල්”ය. මව “හෙන්රිආටා ග්‍රෙස් ස්මිත් බේඩන් පවෙල්” මැතිණියයි. B.P ට වයස අවුරුදු 03 දී තම පියා මිය ගියේය. පවුලේ දරුවන් 09 දෙනෙකි බී.පී 06 වෙනියා විය. 

“ට්‍රම්බිජ් වේල්ස්හි රොස්හිල්” පාසලෙන් තම මූලික අධ්‍යාපනය ලද B.P වයස අවුරුදු 13 දී ශිෂ්‍යත්වයක් ලබා “චාර්ටර් හවුස්” විද්‍යාලයට ඇතුළත්විය. ඔහු ඉගෙනීමට එතරම් දක්ෂයකු නොවීය. කුඩාකළ සිටම තම සොයුරන් සමඟ කඳවුරු බැඳීම, කඳු නැගීම, බෝට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රියාවල යෙදීම නිසා ක්‍රියාශීලි ළමයෙකු ලෙස පාසලේදී පාපන්දූ ක්‍රීඩාවට, චිත්‍ර ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතා පෙන්වීය. වයස අවුරුදු 19 දී අධ්‍යාපනය අවසන් කොට උප ලුතිනන් වරයෙකු ලෙස හමුදාවේ අශ්වාරෝහක බලකායට බැඳී ඉන්දියාවට ගියේය.පසුව අප්‍රිකාවට ගිය ඔහු අප්‍රිකාවේ සූළුවරුන්,නපුරු අෂාන්ති ගෝත්‍රිකයින්,වනචාරී මැට බෙල්ලන්ට විරුද්ධව සටන් මෙහෙය විය. 

මෙහිදී ඔහුට "ඉම්පිසා" එනම් කිසිදා නොනිදන වෘකයා යන නමක්ද, ලොකු තොප්පිකාරයා අරුත් ඇතිව "කැන්ටැන්කි" යන නමක්ද පට බැඳුනි. B.P ගේ ධෛර්යය, ගවේෂණ දක්ෂතාවය, පියවර අනුව යාම යන දක්ෂතාවයින් නිසා මෙම නම් පට බැඳීමට හේතුවිය. සූළු නායකයා "දිනිසූළු" අඩි 24ක් දිග සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලයක් දීමත්, වමතින් අතට අත දීමත් පසු කාලයේ බාලදක්ෂ කටයුතු වලට වැදගත් විය. 1889 දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකූ මැෆකින් නගරය පුරා දින 217 වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගන්නා ලදී.

1901 දී B.P බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද "බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්" යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී "බාලදක්ෂ විද්‍යාව" ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොම්ස්” මෙනවිය සමඟ විවාහ විය. 1920 දී ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය. 


බාලදක්ෂ ගිනිමැල ගීතයේ මී මැස්සෝ!

ගිනිමැල ගීතය රචනා කළ ඩයස් ගුණරත්න සූරීන් බාලදක්ෂයා උපමා කොට ඇත්තේ..... මී මැස්සන්ටය. බාලදක්ෂයින් එතරම්ම කඩිසරය. ඔවුන් වඩාත් යුහුසුලු වන්නේ නරක දේ අතහැර වඩාත් හොඳ දේ කිරීමටය. විජය බාලදක්ෂ කඳවුරේ සංකල්පය පසුගියදා ශ්‍රී ලාංකික බාලදක්ෂයින් වෙත හඳුන්වා දුන්නේ, පස් යොදුන් රට මී මැසි සංරක්ෂණ හා පුහුණු මධ්‍යස්ථානය තුළදීය. ඒ සඳහා "BEE ශ්‍රී ලංකා" ආයතනයේ ප්‍රධාන උපදේශක සජීව විජේසුන්දර මහතා බාලදක්ෂයින්ට මග පෙන්වීය.
 

මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය විවෘත කරයි

බාලදක්ෂ නායක සජීව විජේසුන්දර මහතාට අයත් සුවිසල් වතුයාය සහ වන ගොමුව බාලදක්ෂයින්ට මී මැසි පාලනය උගැන්වීම සඳහා සූදානම් කර ඇත. නියාමන එක්දින පුහුණු කඳවුර සඳහා බාලදක්ෂයින් හය දෙනෙක් සහභාගි වූහ. එළිමහන් බාලදක්ෂ කඳවුරැ තුළ දිවි ගෙවූ වසර විස්සක් අත්දැකීම් ඇති ලී පදක්කම්ධාරී බාලදක්ෂ ආචාර්යවරු තිදෙනෙක්, කනිෂ්ඨ බාලදක්ෂයෙක්, පෝතක බාලදක්ෂයෙක් සහ සිඟිති බාලදක්ෂයෙක් ද ඒ අතර වූහ. ප්‍රායෝගික අභ්‍යාස සඳහා උපකා‍ර කරමින් දැනුම ලබා ගැනීමට තවත් වැඩිහිටියන් කිහිප දෙනෙක් සජීව විජේසුන්දර මහතාගේ අනුදැනුමින් පැමිණ සිටියහ.
 

ප්‍රවීණතා පදක්කම හඳුනා ගැනීම

කනිෂ්ඨ බාලදක්ෂයින් සඳහා නිර්දේශිත කුඩා ගෙවතු හිමියා ප්‍රවීණතා පදක්කම දිනා ගැනීමට කුකුළු පාලනය, මත්ස්‍ය පාලනය හෝ මී මැසි පාලනය කළ යුතුය. මී මැසි පාලනයට අදාළ විෂය නිර්දේශය මෙහි දැක්වෙයි.
• මී වද පරිහරණය හා පරිපාලනය ආදර්ශනය කළ යුතුයි.
• පිලවා හොඳ හා නරක (මී මැසි වර්ග) වද, පැණි වද හඳුනාගත හැකි විය යුතුයි. මී මැසි පොදියක් පිටවී යාම වැළැක්විය හැකි ක්‍රමයක් දැන සිටිය යුතුයි.
• මී මැසි පොදියක් ලබාගෙන කෘත්‍රීමව ආහාර දීමේ මූලධර්ම දැන සිටිය යුතුයි.
• රුජින, වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන් හඳුනාගත හැකි විය යුතුයි. ඔවුන්ගේ ජීවන රටා පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.
• තමන්ගේ මී මැසි ජනපදයෙන් ලබාගත් පැණි සාම්පලයක් ඉදිරිපත් කළ යුතුයි. එම පැණි නිෂ්පාදනය කිරීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව පරීක්ෂකවරයා සමග සාකච්ඡා කළ යුතුය.
ප්‍රවීණතා පදක්කමේ විෂය නිර්දේශය ආවරණය කරමින් සකස් කළ එක්දින මී මැසි පාලන කඳවුරෙහි වැඩ සැලැස්ම ඒ අනුව නිර්මාණය විය.
මී මැසි පාලනය හැඳින්වීම, උපකරණ හඳුනා ගැනීම හා භාවිතය, ජනපද පරීක්ෂාව, ස්වාභාවික ස්ථානයක ඇති ගමන් මැසි පොදියක් අල්ලා පෙට්ටියක තැන්පත් කිරීම, අක්‍රමවත් ජනපදයක් සැකසීම, ජනපද ස්ථානය හා නඩත්තුව, ජනපද වලට ආහාර ලබාදීම, මී පැණි නිස්සාරණය, ගෝචර ශාක හඳුනා ගැනීම, රෝග සහ පළිබෝධක හඳුනා ගැනීම ආදියෙන් වැඩසටහන පෝෂණය විය. 

ආරක්ෂාව තහවුරැ කිරීම

මී මැස්සෝ අනියි... යන කියමන අප කාගේත් මුවග රුව් දුන්නේය. ඒ වචනය ඇසෙන හැම විටකම විජේසුන්දර මහතා පැවසුවේ මී මැස්සාට අං පිහිටා නැති බවය. ඇත්තේ කුඩා විතකි. ලබා දුන් නිශ්චිත උපදෙස් පරිදි මී මැසි පාලක නවකයන් කටයුතු කළ යුතු විය. 

හිස, ඇස, කන් ආවරණ සහිත කබාය පැලඳීම අනිවාර්ය විය. වැඩසටහන ආරම්භයේ දී මී මැසි කබා පැලඳි බාලදක්ෂයෝ හවස් කාලයේ දී ඒවා උනා පසෙකින් තබා මී මැස්සන්ගේ සැබෑම මිතුරෝ වූහ. 

මී මැස්සාට හිරිහැර නොකරන තාක් ඔවුන්ගෙන් අපට හානියක් නැත යන්න ප්‍රත්‍යක්ෂ ලෙස බාලදක්ෂයෝ අත් වින්දෝය. මී මැස්සන් අහුරැ පිටින් අල්ලා මී මැසි ජනපද තුළ පදිංචි කෙරිණ. මී මැසි පාලනය ලොකු කුඩා බාලදක්ෂයින් සියලු දෙනා හට මී මැසි පාලනය ආකර්ශණීය විෂයක් බවට පත්විය.
 

ඉගෙනීමට අතහිත දෙන මී මැස්සෝ

මී මැස්සාට ඇති අනිසි බිය නිසා බාලදක්ෂයෝ මී මැසි පාලනය නොකරති. එහෙත් නියාමන වැඩසටහනට අවුරැදු දහයක සිඟිති බාලදක්ෂයෙකු සහ අවුරැදු දොළහක පෝතක බාලදක්ෂයෙකු ද සහභාගි වූහ.
ඔවුන්ගේ මී මැසි ජනපද තුළින් ලබා ගන්නා වූ මී පැණි අලෙවි කර ඉගෙන ගැනීමට අවැසි පාසල් පතපොත මිලදී ගත හැකි ක්‍රමයක් බී ශ්‍රී ලංකා ආයතනය විසින් බාලදක්ෂයින්ට හඳුන්වා දී ඇත. එය සකසුරැවම් බාලදක්ෂයින් හට සුබවාදී ආරංචියකි. 

 

මීළඟ පැණි වාරේ කඳවුරැ බඳින්න දැන්ම සූදානම් වෙන්න

එළැඹෙන අප්‍රේල් මාසයේ පාසල් නිවාඩු කාලයේ දී බාලදක්ෂයින් සඳහා මී මැසි පාලන වැඩමුළු කිහිපයක්ම පැවැත්වීමට කටයුතු යොදා ඇත. වනගත ගවේෂණාත්මක කඳවුරක් ලෙස ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහන සඳහා බාලදක්ෂ ඔබ සහභාගී වීමට කැමැති නම් 0774526262 දුරකථනයට කතා කර ලියාපදිංචි විය යුතුය.


 

Sunday, June 14, 2020

වර්ගවාදීන්ට එරෙහිව නැගෙන ලෝක සහෝදරත්වයේ එකමුතුව!

Robert Baden-Powell statue: Scouts founder monument given 24-hour ... 
එංගලන්තයේ විශිෂ්ට යුධ පදක්කම් ගණනාවකින් හා උසස් හමුදා නිල කීපයකින් පුදනු ලැබූ 20වැනි සියවසේ අසහාය ළමා වීරයා ලෙස සැලකෙන බීපීතුමා අදවන විට තර්ජනයකට මුහුණ දී සිටි. BP තුමාගේ යුධ හමුදා ජීවිතයේ ක්රියාකලාපය සහ ඇතැම් අදහස් ප්රකාශන නාසි නායක සහ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර්ට (1889-1945) සහය දැක්වූ බවත් ඒතුළින් වර්ගවාදය සඳහා අනුබල දුන් බවත් පවසමින් ලොව පුරා විරෝදතා රැල්ලක් ගොඩනැගෙමින් තිබේ. මෙවැන්නක් සම්බන්ධයෙන් මතයක් නිර්මාණයවීමට පාදක වී ඇති කරනු අතර අවධානයට යොමුවී වී ඇති කරුණ වනුයේ දකුණු අප්රිකාවේ සුලු ගෝත්රිකයන්ට එරෙහිව කරන ලද කුරිරු යුද්ධයේදී සිදුකරන ලද යුධකටයුතු හා ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලනය සමග සංසන්දනය කරමින් බීපීතුමන්ව වර්ගවදීයෙකු ලෙස ගොවට හදුන්වා දීමට ගනු ලැබූ උත්සාහයත් සමගිනි.
The monument to Lord Baden-Powell us completely hidden from view after workmen boarded up and fenced off the statue today 
 

ජාතිවාදයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් පසුගිය මැයි 25 දින ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කෘර ලෙස ඝාතනය කල කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග සමාජගත වූ බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවයෙන් පසුව ප්රහාර එල්ල කිරීමට සැකසු ප්රහාරක ඉලක්ක ලැයිස්තුවක සුප්රකට බීපී ප්රතිමාවක්ද ඇතුලත්ව තිබීම හේතුවෙන් එය සුරැකීමට අවශ්ය පියවර ගෙන තිබිණ.
 
The next in line? BLM supporters have pinpointed a list of their next targets, but the most widely shared are  (top left to bottom right) 1) Lord Nelson – tried to stop abolition (Nelson's column) 2) Sir Thomas Picton 3) Thomas Guy - London, Guy's Hospital 4) Sir Robert Peel 5) Sir Francis Drake 6) William Beckford 7) Henry Dundas 8) Clive of India 9) John Cass 10) General Sir Redvers Buller 11) Lord Kitchener 12) Ronald Fisher 13) Lord Grey - Grey's Monument - Newcastle Upon Tyne, Grainger Street 14) Oliver Cromwell – Statue - London, Houses of Parliament 15) Colin Campbell, Lord Clyde – Statue - Glasgow, George Square 16) William Ewart Gladstone 17) William Leverhulme – Statue - Wirral, outside Lady Lever Art Gallery 18) William Armstrong - Memorial - Newcastle Upon Tyne, Eldon Place 19) King James II – Statue - London, Trafalgar Square 20) General James George Smith Neill, Wellington Square, Ayr
1907 දී ලොව ප්රථම බාලදක්ෂ කඳවුර (Experimental Camp) පැවති සහ බාලදක්ෂ ව්යාපාරය උපන් ස්ථානය වන දකුණු එංගලන්ත මුහුදු තීරයට නුදුරින් පිහිටි බ්රවුන්සි දූපතට මුහුණ ලා ඩෝර්සෙට්හි පූල් නගරයේ පිහිටා ඇති  බීපීතුමන්ගේ ශරීර ප්රමාණයට සමාන, බංකුවක අසුන්ගෙන සිටින ලෝහ පැහැති ප්රතිමාව එලෙස ජාතිවාදයට එරෙහි විරෝධතාකරුවන් විසින් ප්රහාරයක් එල්ල කරනු ඇතැයි බුද්ධිතොරතුරු වාර්තා වී ඇති බව BBC දක්වා තිබේ. මෙය ඩේවිඩ් ඇනන්ඩ් (David Annand) මුර්ති නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කර 2008 අගෝස්තු මස 13 වන දින විවෘත කරනු ලැබූ අනර්ඝ බාලදක්ෂ නිර්මාණයක් ලෙස සැලකේ.


ප්රහරක ඉලක්ක කීපයක් දක්වා ඇති ලැයිස්තුවක එම ප්රතිමාවද ඇති බවට මෙම ජුනි මස ලැබුණු විශ්වසනීය ආරංචියත් සමග එම ප්රතිමාව ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත්කර සුරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑමටද උත්සාහ ගනු ලැබීය. එම ප්රතිමාව පවතින ප්රදේශයේ පාලන කටයුතු භාර බෝර්මන්මූත්, ක්රයිස්ට්චර්ච් සහ පූල් කවුන්සිලය (නගර සභාව) සාකච්ඡා කරමින් තීරණයක් ගත් නමුත් පෙරෙදා 11 ජුනි දින ප්රතිමාව ඉවත් කිරීමට ගත් උත්සහය අසාර්ථක වු අතර අපේක්ෂා කලාට වඩා එහි අත්තිවාරම ගැඹුරින් පිහිට තිබීම හේතුවෙන් එයවෙනත් ස්ථානයකට ගෙනයාමද අපහසු විය.
අනතුරුව නගරසභාව නිවේදනයක් කරමින් පවසා ඇත්තේ ප්රතිමාව සුරක්ෂිතව ඉවත්කර ගන්නා තෙක් හෝ විරෝධතාකරුවන්ගේ තර්ජන පහව යන තෙක් එම ප්රතිමාවට පැය 24 සඳහා පුර්ණ ආරක්ෂාව සපයන බවය. නමුත් ඊයේ ජුනි 12 දින එම ප්රතිමාව සුරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට BCP කවුන්සිල බලධාරීන් කටයුතු කරන ලද අතර බාලදක්ෂ මිනිස් සිත් දිනා ගනිමින් පවසා සිටියේ තමන් බීපීතුමන් පිළිබඳව සහ එතුමන් විසින් බිහිකළ බාලදක්ෂ ව්යාපාරය ගැන පැහැදිලී අවබෝධයකින් සිටින බවත් අනාගත පරපුර උදෙසා මෙම ප්රතිමාව සහ විශිෂ්ටාර්ථයන් සුරැකීමේ අරමුණින් එම ප්රතිමාව එතැනින් ඉවත් කර විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කල බවයි.
" 1857 දී උපත ලැබූ BP තුමන් විවිධ යථාර්ථයන් සහිත වෙනස් යුගයන් ජීවත් වූ " පුද්ගලයෙක් බවයි. මීට වසර 113 කට පෙර ඔහු ආරම්භ කළ බාලදක්ෂ ව්යාපාරය මේවන විට රටවල් සහ පාලන බල ප්රදේශ 224ක පැතිර ඇති බාලදක්ෂයින් මිලියන 54 කගෙන් සමන්විත සංවිධානයක් බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බාලදක්ෂ සංගමය ස්වකීය මතය කියා සිටියේ ය.
"බාලදක්ෂ ව්යාපාරය සියලු ජාතීන්, සංස්කෘතීන් සහ ආගම්වල තරුණ තරුණියන්ට එකට එකතුව කටයුතු කිරීමට අවස්ථාවන් සහ අවශ්ය පරිසරය නිර්මාණය කරන අතර සාමය, යුක්තිය සහ සමානාත්මතාවය ප්රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදයන් සඳහා අවස්ථා නිර්මාණය කරන බව "WOSM පවසනු ලැබීය.
"1907 දී බ්රවුන්සි දූපතේදී ආරම්භ කරන ලද බාලදක්ෂ ව්යාපාරය එහි මුලිකාංග සහ වටිනාකම් වෙනුවෙන් ශක්තිමත්ව පෙනීසිටින බවත් වර්ගවාදය, වෙනස් කොට සැලකීම, අසමානතාවය සහ අයුක්තිය ප්රතික්ෂේප කරන බවත් මෙම ප්රතිමාව සුරැකීමට අවශ්ය පියවර ගත් බලධාරීන් ඇතුළු කැපවු සැමට සමස්ත බාලදක්ෂ සහෝදරත්වයේ ගෞරවනීය උත්තමාචාරය පුදකරන බවත් වැඩි දුරටත් ලෝක බාලදක්ෂ සංගමය පවසනු ලැබීය.
 
කෙසේ හෝ මෙම ප්රතිමාව ඉවත් කිරීම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තුල කැමැත්තක් තිබී නොමැති අතර එය එලෙස ඉවත් කිරීම හරහා යලි එම ස්ථානයේම පිහිටුවීම කෙරෙහි සැකයෙන් සිටින පිරිසක්ද සිටිති.  බොහෝ දෙනනේ තම අකමැත්ත ප්රකාශ කර ඇති අතර පසුව ප්රදේශවාසීන්, බාලදක්ෂයින් සහ බාලදක්ෂ කටයුතු වලට හිතැති සහ ආදරය කරන මිනිසුන් ඉදිරිපත්ව එම ප්රතිමාව විරෝධතාකරුවන්ගෙන් සහ එය ඉවත්කර සුරක්ෂිත ස්ථානයකට ගෙන යෑමට උත්සහ කරන නගරසභා බලධාරීන්ගෙන් සහ සේවකයාගෙන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ප්රතිමාවට ආරක්ෂාව සපයා ඇත. ප්රතිමාව ඉවත් කිරීමට විරෝධය මතුකරමින් පෙත්සම් ව්යාපාරයක්ද ක්රියාත්මක විය. ආරක්ෂාව පතා මෙවැනි තර්ජිත පිළිම ගණනාවක්ම ඉවත් කිරීමද සිදුකරනු ලැබීය.
 

මීට පෙර 2012 වසරේදී ශ්‍රී ලංකාවේ ද මෙවැනිම නොහික්මුණු වර්ගවාදීන් සුළු පිරිසක් විසින් BPතුමාගේ යැයි වරදවා වටහා ගෙන බාලදක්ෂයාගේ පිළිරුවක් සහ ගාන්ධි පිළිමයක් විනාශ කරනු ලැබීය.


 
කලින් කල රැල්ලට නැගෙන පුහු විරෝධතා ව්‍යාපාර පුස්සක් කරමින් තම සතුරාටත් මෛත්‍රී කරන්නට අප පුරුදුව සිටිමු. පෙරද ළමාසොල්දාදුවන් පුහුණු කිරීම, මානව හිමිකම් උල්ලංඝනය ආදී බීපීතුමාගේ සොල්දාදු දිවියට අදාලව විටින් විට චෝදනා නැගිණ. කෙසේ හෝ සතුරා සතු යහපත් දෑට ගරු කරමින් සතුරා සතු හොඳ දේ තම ජීවිතේට ආදර්ශයක් කරගැනීමට තරම් නිහතමානි වූ බීපී තුමාගේ ඇති සුවිශේෂී ගුණය සමස්ත ලෝකවාසී බාලදක්ෂයන්ට සහෝදරත්වයේ පාඩම කියා දී වසර 100ද ඉක්මවා ගොසින් ය.

 ----------------------------------------

The Baden-Powell statue at a roundabout in Santa Clara was vandalized during the night, as DIARY AS BEIRAS managed to find out this morning.



The bust of the founder of Scouting is Headless.


This statue was placed on July 4, 2004, in honor of the personality, with the support of the Coimbra City Council, the Santa Clara Parish Council and the Santa Clara Scout Group 162.

According to the platform of the Regional Directorate for Culture of the Center, this piece of contemporary art is by Armando Martinez. Here, the sculptor moves away from the line followed in most of his works, an example of which is the sculpture in honor of Florbela Espanca, which is found in the City Park of Coimbra. In the bust, the author presents a mimicry of the real and is based on one of the most popular images of Baden-Powell, in which he is portrayed with the Scouting outfit and with arms crossed, similar to the image of the painting by Jamboree da Maturity (1929) .

Recently, other Baden-Powell statues in the world have been criticized for the more controversial aspects associated with the founder of Scouting. At stake are alleged affinities with Nazism and support for the Hitler regime, as well as racism.