Translate

Monday, October 14, 2024

ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2024

බොහෝ දෙනාට බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසයේ මුල් පුරුක් අමතක වී යන යුගයක අන්තර්ජාලය ඔස්සේ කිසිදු ඇගයීමකින් තොරව අප විසින් සිදුකරගෙන යන මේ කර්තව්‍ය මතු දවසක කවුරුන් හෝ වටිනාකම දන්නා අයෙකුගේ නෙත ගැටෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් මැකී යන බාලදක්ෂ ඉතිහාසය මෙලෙස ලියා තබන්නෙමු.
 

ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2024

බාලදක්ෂයන්ගේ හඬ ගුවන් ගත කිරීමේ පුරෝගාමීයා වු මෙතුමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරකවරයා විය. "බාලදක්ෂ හඬ" නමින් 1965 වසරේ සිට බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ බාලදක්ෂ වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාව මෙය විය. ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ කටයුතු සිදුකෙරුණු අවදියක ඈත දුෂ්කර ගම්වල දරුවන්ට පවා බාලදක්ෂ කටයුතු හඳුන්වාදීමේ ආරම්භය ලෙස මෙම සිංහල භාෂාවෙන් සිදු කෙරුණු "බාලදක්ෂ හඬ" වැඩසටහන හඳුන්වා දිය යුතුවේ. ඩයස් ගුණරත්න මහතා 1998 ඔක්තෝබර් 24 දා අප අතරින් වියො වී 26 වසරක් ගතවී තිබේ. මේ ඒ වෙනුවෙන් Scouting සඟරාවේ සහ විජය බාලදක්ෂ කඳවුරේ අපි විසින් තබන සටහනකි. 2024 පටන් ඔක්තෝබර් මාසයට යෙදෙන සෑම ජාත්යන්තර අන්තර්ජාල හා ගුවන් ජම්බෝරිය JOTA/JOTIකදී ම පැවැත්වෙන ගිනිමැලය බාලදක්ෂයන්ගේ හඬ අවධිකල ඩයස් ගුණරත්න මහතා වෙනුවෙන් දැල්වෙනු ඇත. ඔබ සැමට ආරාධනා!


හුදෙක් රැකියාවක් ලෙස නොසලකමින් ගුරු වෘත්තිය හා දැරූ සෙසු තනතුරු සියල්ල ඉතා ආදර්ශවත් අන්දමින් මහජනතාව වෙත සේවය සැපයීම පිණිසම කටයුතු කල එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකි.

දේශීය බාලදක්ෂ ගීත කලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය තමා බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම. ඒ වෙනුවෙන් මුහුණුපොතේ Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගණනාවක්ම ගනු ලැබුවෙමු. විදෙස් බාලදක්ෂ ගීත හා හරි හරියට තරඟ කල හැකි මෙරට බාලදක්ෂ ගීත කරළියට එනු ලැබුවේ ඩයස් ගුණරත්න වැනි බාලදක්ෂ නායකයින් විසින්. ආර්.ක්රිශ්ණරාජා, අයි.කේ.ජී.චන්ද්රසේන,

එවැනි නායකයන් අතීතයේදී ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ අපටත් බාලදක්ෂ ගීත කලාවක් උරුම වෙලා තිබේ.  

ගිනි දළු නැග යති (බාලදක්ෂ ගිණිමැල ගීතය) - බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම

ඩයස් ගුණරත්න මහතා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කළ බව පැවසේ. බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ හඩ වැඩ සටහන් සඳහා ඉදිරිපත් කිරීමත් පල්ලියෙන් ලැබූ අභාෂයත් ගීතිකා ලිවීම‍ට මෙන්ම ගැයීමේ හැකියාවත්, විවිධ ස්ථානයන්හි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කර පවත්වා ගෙන යාමත් නිසාවෙන් මෙම ගිනිමැල ගීතයට ප්‍රාණය ආදේශ වන්නට පටන් ගත්තේය.
 
සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාව තුළ ද වසර කීපයක් යන්නට මත්තෙන් ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පද කීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය.
 
පැරණිතම බාලදක්ෂ ගිණිමැල ගීතය

ගිනි දළු නැගයති - රත් පැහැ වී දිලී
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//
 
සම ලෙසේ සැමදෙසේ ගිනිකඳේ රැස් වැටී
පැතිරෙති බබලතී වැඩවෙතී
මේ ලෙසේ සිත් වැඩී සමගිදම් ඔද වැඩී
වැඩ ඇතී පරහට අදරැතී// 
 
බාලදක්ෂයන්ගේ ගිනිමැල සන්දර්ශණයක් කියන්නේ හරිම සුන්දර මොහොතක්. ඒ සුන්දරත්වය හැමෝටම විඳින්න බැහැ. ඒ කදවුරු ගිනිමැලයක් ආරම්භයට ප්‍රථම ගිනිමැලය දල්වා මුලින්ම ගායනා කරන්නේ ඉහත සඳහන් කෙරුන ගිනිදළු ගීතයි. ලංකා බාලදක්ෂ ඉතිහාස සම්ප්‍රදායේ තියෙන බාලදක්ෂ ගීතයකි. ඒ වන විට සිරිලක පුරා බාලදක්ෂයන් අතර පොදු ගීතයක් ලෙස ජනප්‍රිය වෙමින් තිබූ ගිනි දළු ගීතය පළමු දියලගොඩ බාලදක්ෂ සමූහයේ කණ්ඩායම් නායකව සිටි ඩබ්ලිව්.ජේ.ඩයස් ගුණරත්න විසින් රචනා කරනු ලැබූවකි.
 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකු වූ ඩයස් ගුණරත්න මහතා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කළ බව පැවසේ. බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ හඩ වැඩ සටහන් සඳහා ඉදිරිපත් කිරීමත් පල්ලියෙන් ලැබූ අභාෂයත් ගීතිකා ලිවීම‍ට මෙන්ම ගැයීමේ හැකියාවත්, විවිධ ස්ථානයන්හි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කර පවත්වා ගෙන යාමත් නිසාවෙන් මෙම ගිනිමැල ගීතයට ප්‍රාණය ආදේශ වන්නට පටන් ගත්තේය. සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාව තුළ ද වසර කීපයක් යන්නට මත්තෙන් ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පද කීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය. 
 
කොළඹ රේස්කොස් පිටියේ 1952දී පැවති පළමු ජම්බෝරියේ සමස්ත ලංකා කඳවුරු ගිනිමැලයේදී ද ආරම්භක ගීතය ලෙස යොදා ගැණුන මෙය 1994දී කුරුණැගල වෙලෙගෙදර ක්‍රීඩාංගණයේ පැවති  සිව්වන ජාතික ජම්බෝරියේදී ගැයුනේ තරමක වෙනස් ආකාරයකිනි.

ගිනි දළු නැගයති
රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන්
වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතවු//

අපි තමයි මේ රටේ - බාලයෝ..
අපි තමයි මතුවට - කළ යුතු...

රට පුරා පියඹමින්
රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම්
නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්
 
ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..

අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි

ගිනි දළු නැගයති.....
 


පසු කාලයකදී මෙම තනුවට දමිළ කොටසක් ද එක් වූ අතර එහි තොරතුරු සොයා ගැනීමට නැතත් එම පද වැල මෙසේය.
 
බාවිතයේ ඇති පොදු ගිනිමැල ගීතය 
 
ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතවු// 
 
ත්‍රී වුඩර් වේලලුම් සෙන්නිරම් පරවිඩුම්
කාරිරුල් මංගියේ ඔලිවරුම්
නාට්‍ට සයිය පාලතාම් වීරකොණ්ඩු වීරරායි
තානිලත්නින් තමතෛ එණ්ඩුම් පෝටුවෝම්
 
අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...
 
රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
 
ජාතික ජම්බෝරි, ජරම්බොරේට, කැම්පොරි, කැම්පොරේට්, දිසාකඳවුරු, ආදියේදී භාෂා අනුව ගායනා කලහැකි පරිදි පොදු තනුවක් යොදාගනිමින් ගිනිමැල ගීතයක් වර්තමානයේදී බාවිතාවනු දැකිය හැකිය. එය දමිල ප්‍රදේශවල බාලදක්ෂයන් දමිල භාෂාවෙන්ද සෙසු පිරිස් සිංහල බසින්ද යොදනු ලැබේ. ඇතැම් විට භාෂා දෙකින්ම ගයන අවස්ථාද දැකිය හැකිය.

වගකිවයුතු පුද්ගලයෙකු යටතේ මනා විනයක් සහ ආරක්ෂාවක් සහිතව සංදර්ශනාත්මක කඳවුරු ගිනිමැළ පැවැත්විය යුතු ය. එසේ ම කදවුරු ගිනිමැළය මෙහෙයවීම සඳහා නායකයන් කීපදෙනෙකු යොදාගතහැකි වේ. සම්පත්දායකයන් නොමැකි සමූහ ගිනිමැලයකදී හෝ එවැනි කාණ්ඩ ගිනිමැලයකදී කාණ්ඩනායකයන් යොදා ගැනීමට ද හැකිය.ඕනෑම ගිනිමැළ සංදර්ශනයක් පැයකට සීමාවීම අනිවාර්්‍ය වේ. පෙර පුහුණුවීමකින් තොරව මහජනතාව රැස්කරන කඳවුරු ගිනිමැල තැබීම නොකල යුතුය. ඉදිරිපත් කිරීම් සැලසුම් කළයුතු අතර එක් එක් අංග සඳහා උපරිම ලෙස විනාඩි පහක කාලයකට නොවැඩිවීමත් ක්‍රමානුකූලව නැගීයන ආකාරයටත් ක්‍රමානුකූල අවසානයකටත් ගෙනඒමත් කලයුතුය. සුදුසු නම් පමණක් අවසානයේ දී ජාතික ගීය ගායනා කිරීමෙන් සංදර්ශනය අවසන් කෙරේ. නොමැති නම් අපි වෙමු එක මවකගේ දරුවෝ ගීතය ගායනා කරනු ලැබේ. බාලදක්ෂිකාවන් සූර්යා බස්නා සැන්දෑවේ ගීතය ගායනා කරති.

1995/1996දි පානදුර ශ්රී සුමංගල විද්යාලයේ පැවති 2 අදියර පාඨමාලවකට පාඨමාලා නායක වර්තමාන ජාතික පුහුනු කිරීමේ කොමසාරිස් පද්මලාල් පෙරේරා මහතා. ආචාර්ය මණ්ඩලය- හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් ගාමිනී සෝමතිලක මහතා, ඩයස් ගුණරත්න මහතා,සිරිසේන සිල්වා මහතා, ලසන්ත කුරේ මහතා, ගාමිනී කරුණාරත්න මහතා, ගුණතිලක මහතා, ආනන්ද කුලසිරි මහතා, සෝමදාස මහතා. මෙහි සේවා බාලදක්ෂයන් ලෙස කටයුතු කල මා ඇතුලු සියලු දෙනා අද ජාතික පුහුණ කිරීමේ මණ්ඩලයේ සාමාජිකයන් වේ. දකුණු කෙලවරේ සිට වමට සුරත් ඇදුරාපොල LT, ගයාන් රංජුල ALT, බුද්ධික උදයංග CALT, නිවන්ත නුවන් CALT සහභාගී වූ අයුරු.

වස නිමාව

දවස ගෙවෙයි - හිරු බැසය යි
සයුරෙන් - ශිඛරෙන් - අඹරෙන්
දීර්ඝායු දෙවමින් - දෙවිඳුන් දයාවෙන්
සුරිඳුන් දකිම් //

ජයෙන් සැපෙන් තෙදින්
සැවොම සුවෙයි - නිවුනු සිතින්
ලොවේ සෙමින් - බෝ කල් නිදුකින්
දීර්ඝායු දෙවමින් //

ළමුන් පිරිසකට එක්ව ගායනා කලහැකි දේශීය ගීත ගොන්නක් බාලදක්ෂ ක්ෂේත්‍රයට දායාද කිරීමට. සතුට, ප්‍රීතිය, සාමය, මිතුරුකම, සුහදත්වය හා බාලදක්ෂ පුහුණුව ගැනත් දේශීය ළමා ගීත ආරක් සහිත සිඟිති පෝතක, බාලදක්ෂ කෙටි ගීත ලිවීමට හැකියාවක් තියෙන් හැමෝටම ආරාධනා කරනවා. මේ scouting සඟරාවේ පර්යේෂණ අංශයේ අපි ලියපු අලුත් බාලදක්ෂ ගීත කීපයක්. පුංචි උත්සාහයක් ගන්නව අලුත් මෙලඩි කීපයක් දාලා පරණ බාලදක්ෂ ගීත කවර් කීපයක් අලුත් ආරෙකින් එලිදක්වන්නත්.

---------

ළමා ගීත අතරින් වැඩි සංඛ්‍යාවක් අද අසන්නට නම් ලැබෙන්නේ නැත. සුභාවිත ගීතය වෙනුවට වෙනත් ගීත රූපවාහිනිය මෙන්ම ගුවන්විදුලිය ද ආක්‍රමණය කිරීම එයට හේතුවයි. තබා ළමා ගීත නිර්මාණ අලුතින් නිර්මාණය වීමද බොහෝ අඩුවී තිබේ. පැරණි බාලදක්ෂ ගීත කීපයක් හැරෙන්නට ඒවා ගායනයටද පෝතකයින් මෙන්ම බාලදක්ෂයන්ද දක්වන උනන්දුව ගැන ඇත්තේ ශෝචනීය තත්වයකි. බොහෝ දරුවන්ට එක පෙළට බාලදක්ෂ ගී 10 කියවීමටද නොහැකි බව දිසා කඳවුරුවල සිදුකල සංචාරවලදී අත්දැක තිබේ. 

දැනටත් බාවිතා නොකිරීම නිසා අස්ථාන ගත වූ, කොළවලට සීමා වී නැති වී ගිය අතීත බාලදක්ෂ ගීත බොහෝ තිබේ. අමතක වී යන පැරණි බාලදක්ෂ ගීත මෙන් ම බාවිතයෙන් තොරව නැති වී යන අලුත් බාලදක්ෂ ගීතත්, කදවුරු අවසානයෙන් පසු සියල්ලන්ට ම අමතක වන දිසා කදවුරුගීතත්, දැනටත් මුල් පටිගත කිරීම් නැති වී ඇති ජාතික ජම්බෝරි ගීත, කබෝරි ගීත අාදියත් අතීතයේ කාණ්ඩ කදවුරු ගිනිමැල වලදී ගැයූ රසවත් ගීතත්, බාලදක්ෂ නාට්‍යය, යාන් හෑලි, රසකතා වගේම ගිනිමැල සිදුවීම් ආදියත් ආදී ඒකී මෙකී නොකී කදවුරු ගිනිමැල සදහා යොදාගත හැකි ඕනෑම දෙයක් ඩිජිටල් මානයේ ආරක්ෂා කර තැබීම උදෙසා මෙහි ලියා තබන්න. 

ඔබට ඒ අතරින් විශිෂ්ටයි හිතෙන මෙහි සඳහන් නොවන බාලදක්ෂ ගී පද රචනා මතකයේ ඇතොත් ඒවා කමෙන්ටුවක් ලෙස අමුණන්න. මේ වගේ ගීත දන්නවානම් කරුණාකර මෙහි කමෙන්ටුවක් ලෙස අමුණන්න. හැබැයි ගීතයේ නම (හෝ වෙලාව ඇති නම් සම්පූරණ ගීතයම) දාන ගමන් ඒ ගීතයේ පද මාලාවට දායක වුනු ජන කවිය මොකක්ද කියලා දාන්න නම් අමතක කරන්න එපා.

---------------------

බාලදක්ෂ ඔබේ අවධානයට!
අපගේ උත්සාහය ඇගයීම සදහා ඔබත් අත්වැල් බැද ගන්න. LikeShareCommentSubscribe ✓ කල හැකියි. කමෙන්ටුවක් එක්කර වැඩි දැනුමක් එක්කර අනෙකා සමග බෙදා ගන්නටත් නොදන්නා දේ බෙදා ගැනීමටත් පුළුවන්.

ඔබත්, අපිත් නොමැති මතු දිනෙක කවුරුන් හෝ බාලදක්ෂයෙකුට හෝ බාලදක්ෂිකාවක් විසින් සිංහලෙන් ලියැවුණු මෙම බාලදක්ෂ ගීත රස විඳිනු ඇත. කඳවුරු ගිනිමැලයකට මෙය ප්‍රයෝජනවත්වනු අැත. අප නොදන්න බාලදක්ෂ ගීත ඔබ සතුව ඇත්නම් මෙහි පහළින් කමෙන්ටුවක් ලෙස ඇතුලත් කර දැනුම අන් අය හා බෙදාගැනීමට කරුණික වන්න. 
 
------------

මින් පෙර පළකරනු ලැබූ ලිපි
දියලගොඩ දයාහඬ - http://baladakshaya.blogspot.com/2017/09/blog-post_4.html 

Sunday, October 6, 2024

Increasing Sri Lanka Scout membership upto 200,000

Sri Lanka Scout Association (SLSA) Chief Commissioner Janaprith Fernando announced that, for the first time in 110 years of Scouting in Sri Lanka, SLSA has surpassed 100,000 Scouts joining the Movement. Scouting in Sri Lanka existed since 1912 and became a member of the World Organization of the Scout Movement in 1953. The six-figure member is a milestone in the association’s history. Janaprith Fernando said that this feat will not be possible without the support and tireless efforts of SLSA leaders, adult volunteers, and parents who put their trust in the Movement. Moreover, SLSA gained the trust of the government with its Chief Scout, Sri Lanka President Ranil Wickramasinghe requesting the association to double its membership by 2024 through the support of the Ministries of Education and Youth Affairs. WOSM’s focus on its triennial plan is Recovery, Sustainability, and Impact. This growth is an exemplar of the Movement’s recovery not just in Sri Lanka but across the Region. Asia-Pacific Regional Chairman Dale Corvera and Regional Director JR Pangilinan expressed their congratulations to SLSA on their remarkable achievement.
 

Our aim is to build the capacity of our commissioners. These are the commissioners who are leading our scouts and leaders in the districts. So when we increase their capacity, they can deliver for scouting. This is why we have selected Malaysia to do this training”
 
- Attorney-at-law Janaprith Fernando
Chief Commissioner Sri Lanka Scout Association
 
Sri Lanka Scouts Association hits 100,000 members, soars to all-time high - in 13 Jun 2023
 
The Chief Commissioner of the Sri Lanka Scout Association Janaprith Fernando Attorney-at-Law stated that the Sri Lanka Scout Association for the first time in its 110 years of existence reached a membership of 100,000. He made this comment whilst addressing the 745 President’s Scouts who received their President’s Scout Award certificates at a ceremony held on June 02 at the Wayamba Provincial Council Auditorium, Kurunegala. He further stated that there were 93,639 members as of March 15, 2023 and that by the end of May, this number had risen to 100,000. Present at the occasion to distribute the certificates were the Governor of the North Western Province, Mr. Lakshman Yapa Abeywardana and Senior Advisor to the President Mr. Akila Viraj Kariyawasam. The Chief Commissioner expressed his gratitude to all Commissioners, Leaders and parents who contributed and worked tirelessly towards reaching this target of 100,000 in the four sections of the Sri Lanka Scout movement namely Singithi, Cubs, Scouts and Rovers. He further went on to state that during a meeting with the Chief Scout, President Ranil Wickramasinghe has requested the SLSA officials to have a target to increase the membership to 200,000 by 2024 and assured the fullest support of the Government, the Ministry of Education and the Ministry of Youth Affairs for scouting. 

Scouts Movement to raise membership to 150,000 - in 11 Jan 2024
 
The Chief Commissioner of Sri Lanka Scout Association Janaprith Fernando AAL said that the goal this year is to increase the membership of the Scout Movement to 150,000. Fernando made this statement on January 3 at a function held to mark the official beginning of scouting activities for the New Year under the theme ‘With Transparency, in Unity and Diversity’.  Fernando added that everyone who is connected with the Scout Movement is requested to dedicate themselves in order to succeed in those tasks. He said that it was possible to bring the scout movement to the top level it enjoys in all areas due to the dedication and interest of everyone. He said that he was requesting everyone to continue providing the same support to the movement.
 
With a vision to enhance the capacities and leadership among Scout Commissioners, 54 Commissioners from the Sri Lanka Scout Association will attend the DC Conference and Educational tour from June 19-24 in Malaysia. In addition, five Rover Scouts will attend the Asia Pacific Regional Youth Leadership Training Course from June 24-27 in Mouchak, Gazipur, Bangladesh. 

Recently, a Bon Voyage ceremony was organised to wish the attendees who will represent Sri Lanka at these two events. The event was graced by the presence of Malaysian High Commissioner to Sri Lanka Amb Badli Hisham bin Adam and Bangladeshi High Commissioner to Sri Lanka Amb Tareq M. Rafiqul Islam. 

Target to increase the membership to 200,000 by 2024

Speaking at the event Sri Lanka Scout Association’s Chief Commissioner, Attorney-at-law Janaprith Fernando said that in 2014 the World Scouts Bureau shifted to Malaysia and since then it has been home to almost all scouts who visit Malaysia. “When I took over in 2021, the membership had dropped to 56,000 post-COVID. We had a target of increasing membership to 180,000 by 2023. Now, His Excellency the President has given a target of 200,000 to be reached by 2024, but we will reach it by 2025. So our aim is to build the capacity of our commissioners. These are the commissioners who are leading our scouts and leaders in the districts. So when we increase their capacity, they can deliver for scouting. This is why we have selected Malaysia to do this training,” said Fernando. 

He further said that Mouchak is one of the best camp sites in South Asia and five River Scouts between the ages of 18-26 will have this experience. “This is the Youth Leadership Training Programme and will be very beneficial to them because these are youth who are engaged in active scouting in their districts. We are convinced that when they return that they will be able to train their fellow scouts and junior scouts. At the end of it all, our goal is to ensure that we not only have the numbers, but the quality as well. We want to ensure that Sri Lanka will have a generation of leaders who will be trained to face any situation,” he added. 
 
In her comments, Assistant Headquarters Commissioner Shehara Kanaka Halaldeen said, “I look forward to learn from the DC Conference while building a relationship with Malaysian counterparts in scouting. I thank the Chief Commissioner and the Sri Lanka Scout Association for organising the conference”. 

Sharing his thoughts, Headquarters Commissioner Dr. Anil Perera said that he is eager and fortunate to explore the opportunities at the conference in Malaysia. He said that when a scout or a commissioner is attending an international event, they talk about various expectations at the interviews. “These include everything from gaining knowledge to improving language proficiency, becoming creative and innovative, learning life on earth, enhancing career, making friends, showing our way and gaining self-confidence and self-discovery. All these expectations are applied to us as well. But we all are not just scouts or scout leaders, but we are commissioners holding a national responsibility and we are decision-makers at different levels. We are the leaders of change. So let us make this opportunity to enhance our knowledge, enrich our roles and build our capacities aiming at learning best practices, model systems, new knowledge and success stories. As we visit the World Scouts Bureau and the Malaysian Scout Association we must consider this as an event for us to gain knowledge and experience that we can use at national as well as at district level in planning, executing, controlling and measuring outcomes of our initiatives and strategies which will be used to develop scouting in Sri Lanka. In fact we are here to create a better and inclusive world for our children,” he underscored.

Adding his thoughts on behalf of the River Scouts attending the training programme in Bangladesh, Hansith Perera said that the training course will provide them with a platform to learn and most importantly exchange ideas and discuss on how they could improve scouting methods and stay relevant to the modern context. “This training course will give us the opportunity to broaden our network among our peers in the Asia Pacific region. The opportunity to connect with fellow scouts from diverse backgrounds and cultures is invaluable. Together we can share our experiences, learn from each other and foster the spirit of unity and collaboration. By enhancing our leadership and broadening our perspectives, we can bring greater joy and purpose to the lives of those we serve. We are committed to bring back the knowledge and insights we gain from this course back to Sri Lanka by sharing and implementing these learnings locally. We hope to contribute to the growth and development of the scout movement here in Sri Lanka and inspire others to embrace the principles of scouting,” said Perera. 

The Ambassadors present at the occasion extended a warm welcome to their respective countries and wished the commissioners and rover scouts the best in their journeys while requesting them to gain maximum out of the two international events.

Wednesday, October 2, 2024

ජාල අවකාශයේ බාලදක්ෂයෝ – 2024 JOTA/JOTI ජම්බෝරියේ තානාපතිවරයෙක් වෙන්න අවස්තාවක්!

ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය JOTA/JOTI - 2024

වාර්ෂිකව ලොව පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂයන් සහභාගීවන මෙවැනි පසුවෙන් සහභාගී විය හැකි ජාත්‍යන්තර වැඩ සටහන් සඳහා සියලු බාලදක්ෂ කණ්ඩායම් සහභාගී කිරීමේ වගකීම පැවරෙනුයේ ඔබගේම කණ්ඩායමට විනා අන් අයෙකුට නොවේ. ඉතින් අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම බාලදක්ෂ කණ්ඩායමකට JOTI ජම්බෝරියට සහභාගී විය හැකියි. 2023 වසරේ, Jamboree On The Air - Jamboree On The Internet (JOTA-JOTI) වාර්තාගත ලෙස 600,000 ක් සාමාජිකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජාල වේදිකාවේ ලියාපදිංචිය 40% කින් වැඩිවීමක් අපේක්ෂා කෙරේ. මෙයට රටවල් 149 කින් 7000කට වැඩි බාලදක්ෂ කණ්ඩායම් සහ තනි පුද්ගල සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර වන්නන් සඳහා වැඩි උනන්දුවක් පවතින බව පෙනේ. JOTA-JOTI වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට අමතරව දේශීය වශයෙන් පවත්වන ක්‍රියාකාරකම් සඳහා ද සහභාගී වී තවදුරටත් ජම්බෝරි අත්දැකීම් ලබා ගැනීමට අවස්තාව සළසා තිබේ. 
  

Starts on - Friday, 18 October 2024 - 00:00
Ends on - Sunday, 20 October 2024 - 17:45
Virtual event Organizers - World Organization of the Scout Movement
SDGs - Quality Education  
 
බාලදක්ෂයින් වැඩි දෙනකු මීට සහභාගි කරවීම සඳහා Scouting සඟරාව සහ විජය බාලදක්ෂ කඳවුර වසර ගණනාවක සිට ගන්නා උත්සාහය අගය කළයුතුම වේ. ඒ සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගිය වසර 25ක් තිස්සේ පවත්වා තිබේ. කෙසේ නමුත් කෙතරම් දැනුවත් කිරීම් සිදුකලත් JOTA JOTI ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ගේ ආකර්ශනීය උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක්. 
 
පැවති ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසර ගණනාවක සීමා සහිතව පැවති අතර, සන්නිවේදනය සහ අනෙකුත් කුසලතා කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ඩිජිටල්, ගුවන්විදුලි සහ පුද්ගල ක්‍රියාකාරකම් සඳහා බාලදක්ෂයින් හෝ කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් එක් රැස් කර ගැනීමට JOTA-JOTI Station පැවැත්වීම සඳහා බාලදක්ෂ නායකයින් දිරිමත් කර තිබේ.
 
 
සුපුරුදු පරිදි මෙවරත් 2024 ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරියට සහභාගිවීමට අපේක්ෂා කරන බාලදක්ෂයන් JOTA JOTI නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීම අනිවාර්යෙන් සිදුකර ගතයුතුය. ඔබත් නොමිලයේම ලෝක ජම්බෝරි අත්දැකීමක් විදීමට කැමති නම් දැන්ම https://www.jotajoti.info වෙත පැමිණ වැඩිදුරටත් තොරතුරු ගවේෂණය කළහැකියි. 


වීසා නොමැති ජාත්‍යන්තර ජම්බෝරිය

මෙවරත් ජාත්‍යන්තර ජොටා ජොටී වැඩසටහන සඳහා රටවල් 174 කින් බාලදක්ෂයෝ මිලියන 2ක් පමණ ලියාපදිංචි වනු ඇතැයි ලෝක බාලදක්ෂ සංගමය විසින් බලාපොරොත්තුවෙන් සිටිති. වැඩිහිටි බාලදක්ෂයකුගේ උපදෙස් ලබා ගනිමින් ඔබත් තනි තනිවම හෝ සමූහයේ, කාණ්ඩයේ තොරතුරු නිවැරදිව ලබාදීමෙන් “ජොටා - ජොටී ජම්බෝරිය" නොමිලයේම ලියාපදිංචි වීම සිදුකරන්න. එසේ ලියාපදිංචි වන සෑම බාලදක්ෂයකුටම ජොටා ජොටී වැඩ සටහන සම්පූර්ණ කිරීමෙන් පසු ජාත්‍යන්තර ජම්බෝරි සහතික පත්‍රයක් ද ලබා ගැනීමට පුළුවන්.
 

 
බාලදක්ෂයින් හට කිසිදු මුදල් ගෙවීමක් නොකොට නොමිලේම ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියට අත්දැකීමක් වසරක් පාසා ලබා ගත හැකි එකම අවස්ථාව මෙයයි. JOTA ජාත්‍යන්තර ගුවන් ජම්බෝරිය සඳහා මධ්‍යස්ථානයක් ඔබ විසින් ස්ථානගත කළ යුත්තේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පියකුගේ උපදෙස් මතයි. 
 
JOTI අන්තර්ජාල ජම්බෝරිය සඳහා එසේ කිරීම අනවශ්‍යය. ස්කයිප්, ෆේස්බුක්, ඊමේල් පණිවිඩ හුවමාරුව මේ සඳහා යොදාගත හැකියි. ලෝක බාලදක්ෂ මූලස්ථානය මේ සඳහා ඉදිකරන රූපවාහිනී මධ්‍යස්ථානය සමග ද බාලදක්ෂ ඔබට සම්බන්ධ විය හැකියි. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින බාලදක්ෂයින් සමග ද කථා කිරීමට පුළුවන්.

මෙවර JOTA JOTI ජම්බෝරියේ අලුත් තානාපතිවරු

ලොව පුරා සිටින JOTA-JOTI ආධාරකරුවන් මේ සඳහා දහස් ගණනික් එක්වෙමින් තිබේ. JOTA-JOTI තානාපති වැඩසටහන JOTA-JOTI වෙත සක්‍රීයව දායක වන සියලුම සහභාගිවන්නන්ට නව ගෝලීය ප්‍රජාවකට සම්බන්ධ වන ලෙස ආරාධනා කරනු ලැබේ. තානාපතිවරුන්ගේ භූමිකාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, උත්සවය වර්ධනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට නව ක්‍රම ඉගෙන ගැනීමට සහ උද්යෝගිමත් ජාලයක් බවට පුළුල් වෙමින් තිබේ. වයස අවුරුදු 13 වැඩි ඕනෑම අයෙකුට මෙවර ජොටා ජොටී ජම්බෝරියේ තානාපතිවරයෙක් ලෙස කටයුතු කලහැකියි. 
 
JOTA/JOTI 2024 ජම්බෝරි තානාපති සහතිකය

JOTA-JOTI තානාපතිවරයාගේ කාර්යභාරය වනුයේ ජම්බෝරියේ ප්‍රවර්ධනය කිරීම සඳහා, JOTA-JOTI යන වචනය පැතිරවීමෙන්; සිද්ධිය පිළිබඳ උනන්දුව ඇති කිරීම මගින් අන් අය සමඟ සම්බන්ධ වීමට; ප්‍රතිපෝෂණ සැපයීමට, ප්‍රජාව සමඟ අදහස් බෙදාගැනීමත් වේ. 

ලොව පුරා සිටින උද්‍යෝගිමත් JOTA-JOTI සහභාගීවන්නන්ගේ ප්‍රජාවකට සම්බන්ධ වීමට කැමතිනම් අදම ඒ හා එක්විය හැකියි. ජම්බෝරි අත්දැකීම ලබමින් කුසලතා වර්ධනය කර ගැනීමටත් ඔබ කැමති නම් මෙම වසරේ සිට JOTA-JOTI තානාපතිවරයෙකු ලෙස එක් වීමට කැමැත්තක් දක්වන්නේ නම් මෙම ඉගෙනුම් මාර්ගය භාවිතා කරන්න!
 
Safe from Harm Online - අන්තර්ජාල බාවිතයේ ආරක්ෂිතයි 
 
සෑම විටම මෙන්, සියලුම බාලදක්ෂ ඉසව්වලදී ආරක්ෂාව සහ සහභාගිවන්නන්ගේ යහපැවැත්ම ප්‍රමුඛත්වය ගනී. JOTA-JOTI අතරතුර, ඩිජිටල් අවකාශයන් නිරීක්ෂණය කිරීම සහ සහභාගිවන්නන්ට සහ නායකයින්ට සබැඳි ආරක්ෂාව ගැන ඉගෙන ගැනීමට උපකාර කිරීමේ අමතර අභියෝගයක් බාලදක්ෂයන් සඳහා ඇත. JOTA-JOTI ට ලියාපදිංචියට පෙර මාසය තුළ, තරුණයින් සඳහා අපගේ Be Safe Online පාඨමාලාව 9200 ක් ගත් අතර, වැඩිහිටි නායකයින් 930 ක් වැඩිහිටියන් සඳහා සබැඳි ආරක්ෂණ පාඨමාලාව හදාරා තිබේ. කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයන් 24 දෙනෙකුගෙන් යුත් හානිකර කණ්ඩායමක් විසින් අපගේ උපකාරක සේවාව JOTA-JOTI පුරා 24/7 අධීක්‍ෂණය කර ඇති බව සහතික කළ අතර සජීවී අන්තර්ක්‍රියා සමඟ සියලු සිදුවීම්වල ගැටළු නිරීක්ෂණය කිරීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට උපකාරී වේ.
 
 
JOTA/JOTI 2024 ජම්බෝරියේ SfH 3: Being Safe Online සහතිකය
 
සුරක්ෂිත JOTA-JOTI ප්‍රතිඥාව කතාබස් මධ්‍යස්ථභාවය සහ බාලදක්ෂ නීතිය ආධුනික ගුවන්විදුලි චර්යාධර්ම සංග්‍රහය (ඔබ JOTA ආධුනික ගුවන්විදුලි ක්‍රියාකාරකම්වලට සහභාගී වන්නේ නම්) අවසාන වශයෙන්, JOTA-JOTI තානාපති පුහුණු පාඨමාලාව අවසන් කිරීම සඳහා, කරුණාකර තානාපතිවරයාගේ ප්‍රතිඥාව හොඳින් කියවා නියමයන් සහ කොන්දේසි සමඟ එකඟ වී ජොටා ජොටී ප්‍රවර්ධනය වෙනුවෙන් නිර්මාණශීලීව කටයුතු කරන්න අප හා එක් වන්න.

As a JOTA-JOTI participant, I will...
  • inform and involve an adult in my JOTA-JOTI experience.
  • behave as a good Scout, respecting my Promise and the Law.
  • report any hurtful or suspicious activity that concerns me or that I have witnessed to safejotajoti@scout.org.
  • be respectful and friendly to those I meet online.
  • keep my passwords and personal information private.
  • never participate in or encourage speech that is hurtful, hateful, demeaning or judgmental of others.
  • have fun and make new Scout friends!
ඉහත පොරොන්දුව කැඩුනොත්...!
කිසියම් සහභාගිවන්නෙකු විසින් Safe JOTA-JOTI ප්‍රතිඥාවෙහි (ඉහත) කිසියම් රීතියක් කඩ කළහොත්, ගිණුම අත්හිටුවීම හෝ මකා දැමීම හෝ හානියෙන් ආරක්‍ෂාකාරී ලෙස සම්බන්ධ කර ගැනීම වැනි වැරදි ගිණුම්වලට එරෙහිව ක්‍රියාමාර්ග රාශියක් ගනු ලබන බව දක්වා ඇත. 

ඔබ මෙම උද්යෝගිමත් ගමනට පා තබන විට, අන් අයව දිරිගැන්වීමට සහ ඔබේ ප්‍රජාව තුළ JOTA-JOTI හි වටිනාකම් ප්‍රවර්ධනය කිරීමට ඔබට බලය ඇති බව මතක තබා ගන්න. වෙනසක් කිරීමට ඔබට ඇති හැකියාව ගැන අපි විශ්වාස කරමු! ඔබ මෙම ඇදහිය නොහැකි වික්‍රමය ආරම්භ කරන විට අපි ඔබට සුබ පතන්නෙමු.විශිෂ්ට JOTA-JOTI සඳහා සූදානම් වන්න!
 
Are you already following all official JOTA-JOTI Social Media channels?
 
Please also familiarize with these other important JOTA-JOTI resources for your reference:
 
අභියෝග ගවේෂණය කරන්න 
 
Challenge Valley හි, ඔබේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ක්‍රියාකාරකම් එකතුවක් සඳහා සහභාගී වීමට ඔබට අවස්තාව උදා වේ. 
 
Redeem activity codes
 ක්‍රියාකාරකම් කේත මුදා ගැනීම
ඔබගේ ක්‍රියාකාරකම් කේත මුදා ගැනීම සඳහා My Challenge Valley වෙත ගොස්, කේතය ඇතුළු කරන්න.  ඔබේ ඩිජිටල් ලාංඡනය ලබා ගන්න
 ඔබ අභියෝගයක් සම්පූර්ණ කළ පසු, ඔබට එය ඔබේ සංවර්ධනය පිළිබඳ වාර්තාවක් තබා ගැනීමට ScoutPass හි ඔබේ ඩිජිටල් මුදල් පසුම්බියට එක් කර ගැනීම කරන්න. 
 

අන්තර්ජාල බාලදක්ෂ කඳවුර
 
ආදි බාලදක්ෂ මහාචාර්ය ගිහාන් ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරිය ක්‍රමිකව බාලදක්ෂයින් අතර ප්‍රචලිත විය. ඉදිරි “ජොටා ජොටී" වැඩසටහන් සමග ඔබගේ බාලදක්ෂ කණ්ඩායම සහභාගීවීමට කැමති නම් JOTA JOTI SRI LANKA මුහුණු පොත හා එක්විය හැකියි.
 
දේශීය බාලදක්ෂ ගීත කලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා. එසේ ආරම්භ කළ අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත ඩිජිටල් කඳවුරු ගිනිමැලය දක්වා අප විසින් වර්ධනය කරනු ලැබුවා.

ඩිජිටල් කඳවුරු ගිනිමැලය

ගුවන්විදුලි නාට්‍ය ආකෘතිය භාවිත කරමින් බාලදක්ෂ ගීත සහ බාලදක්ෂ රස කථා අන්තර්ජාලයට එකතු කිරීම විජය බාලදක්ෂ කඳවුරේ අදහසක් මත සිදු විය. එය නම් කර තිබුණේ ඩිජිටල් කඳවුරැ ගිනිමැලය යනුවෙනි. දිනෙන් දින අලුත්වන බාලදක්ෂ රසකථා ස්කවුටින් යූ ටියුබ් නාලිකාවෙන් දැන් ඔබට රසවිඳීමට පුළුවන්. 
 

එයට සමගාමීව ආරම්භ කළ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකාව ඔස්සේ බාලදක්ෂ ඔබගේ නව පර්යේෂණ සහ අත්හදා බැලීම් රූපරාමු සහිතව අන්තර්ජාලයට එකතු කෙරේ. පර්යේෂණ විකාශයක් ලෙස ජාත්යන්තරය වෙත මෙවර දෙස් විදෙස් බාලදක්ෂ, බාලදක්ෂිකා ගීත අන්තර්ජාලව සිසාරා ගීතවත් කරමින් ඩිජිටල් කඳවුරු ගිනිමැලය අප මේවන විට දල්වා තබන්නෙමු.  
 
ඔබේ අදහස් අප හා බෙදා ගනු ඇතැයි බලා පෙරොත්තු වෙමු.ඔබේ විවේක කාලය අපේ බාලදක්ෂ වෙබ් අඩවියට බ්ලොග් අඩවිය කරා පැමිණ දිරි ගැන්වීමට කැමති නම්... එක්වන්න... මේ ඊට සුදුසුම හෝරාවයි... 
 

Jota Joti sri lanka 2024

The largest annual Scout event has just wrapped up a record year for participation!

This year, the Jamboree On The Air - Jamboree On The Internet (JOTA-JOTI) saw a record 600,000 registered participants - which means a 40% increase in registration on our platform compared to last year! This includes 7000+ Scout Groups and tens of thousands of individual participants from 149 countries.

Keeping in mind that there are thousands upon thousands more who participate in local JOTA-JOTI activities without registering on our website, this was a big year for global participation!

Over 60+ years, this event has evolved from an opportunity to explore and connect regionally and globally via amateur radio to include modern communication technology, like online chats and video calls, an app and a metaverse. 

Following years of restrictions due to the global pandemic, this year we encouraged Scout Leaders to bring Scouts together in person to take part in digital, radio and in-person activities focused on communication and other skills.

As one Scout Leader from Bosnia and Herzegovina put it: “Such a fun time again this year, this time just the way I always wanted to experience it - in a big room with a lot of Scouts and a bunch of fun activities I got to organise with my friends.”

Young people need these opportunities to connect more than ever, and it was heartwarming to see the connections happen over the 3-day event. Among many activities to choose from, our digital campsite included 100+ JOTA-JOTI activities in popular areas like the Innovation Lab, International Campfire, Celebration Arena, Fun Zone and Faiths and Beliefs Space.

Safe from Harm Online

As always, safety and the well-being of participants is the top priority at all Scouting events. During JOTA-JOTI, we have the added challenge of monitoring digital spaces and helping participants and Leaders learn about online safety. In the month leading up to JOTA-JOTI, 9200 people took our Be Safe Online course for young people, while 930 adult leaders took the online safety course for adults

A Safe from Harm team of 24 staff and volunteers ensured that our helpline remained monitored 24/7 throughout JOTA-JOTI and helped monitor and respond to issues in all events with live interactions.

Amateur Radio

Amateur radio is the heart of JOTA-JOTI, which originally started as the “Jamboree On The Air” only! Still today, Scout Groups around the world gather during JOTA-JOTI to learn about telecommunications and set up their very own radio station!

While we can’t know the exact number of JOTA-JOTI radio stations around the world, we can share that 1200 Scout Groups registered their radio call sign with us this year. Based on the photos and video clips we saw on social media, Scouts had a lot of fun learning how to create and use radio.

Badges and More Go Digital with ScoutPass

ScoutPass, the first-ever digital wallet for Scouts, had a successful hard launch during this JOTA-JOTI and we couldn't be happier with the results!

Nearly 15,000 ScoutPass wallets were created and Scouts claimed 50,000 boosts or badges throughout the weekend. We are thrilled to see Scouts taking the opportunity to keep track of their Challenge Valley achievements in a new way, and we hope Scouts had fun engaging and boosting each other, too!

It’s not too late - ScoutPass is now available for all Scouts to use and enjoy!

JOTA-JOTI Team

This event wouldn’t be possible without a dedicated JOTA-JOTI team of more than 70 volunteers, plus staff, who help create engaging programmes and activities, keep JOTA-JOTI events safe, deliver webinars, live shows and other activities, and more.

Further, we have to recognise the role of adult volunteers worldwide in facilitating local scouting events. While nearly 80% of this year’s participants were under 19 years old, about 20% were Scout Leaders and other adults in Scouting who make in-person events and activities possible during JOTA-JOTI (and all the time!).

Looking Ahead to JOTA-JOTI 2024

This was a year for experimentation, with lots of new activities trialled, such as the ScoutPass app for Scout badges, boosts and other credentials, a dedicated JOTA-JOTI Minecraft server, more activities for Leaders to do offline with their groups, the integration of the new Scouts for SDGs Hub, and a Metaforest experience in Decentraland.

The JOTA-JOTI team plans to take these experiments and feedback from Scout participants and Leaders into account as we re-envision this event for the years to come. In 2024, we also hope to build on our collaboration with National Scout Organizations and partners to create a diverse programme by and for Scouts. 

While the sun has barely set on JOTA-JOTI 2023, we are already excitedly looking ahead to next year’s fun. Mark your calendars for 18-20 October 2024 and until then, stay connected, stay safe and keep creating a better world!

 



-----------------------------------

බාලදක්ෂ මාධය සහකරු වශයෙන් SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර හා එක් ව මෙවර කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා ඔබ සැමට ආරාධනා කරමු.

ශී‍්‍ර ලංකා ආධුනික ගුවන් විදුලි සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇතුලූ ව රට පුරා ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානක් පවත්වා ගැනීමට කැමති ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවස්ථාවක් ලබා දීමට ජාතික බාලදක්ෂ මූලස්ථානයේ අවධානය යොමු වී ඇත.  අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්ධතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් මසතෙවන සතියේ සති අන්තයේ යෙදන දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගෙනයෑමට හැකියාවක් ඇති සම්පත්දායකයින් හා සමූහයන් හැකි ඉක්මනින් මෙම මහගු අවස්තාවෙන් ප‍්‍රයෝජන ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු.  


Monday, September 23, 2024

පවන් අංජන නැමති බාලදක්ෂයා

 – 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලළේ හොඳම පිටකවර නිර්මාණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ පවන් අංජන

ලංකාවේ මම ඇතුළුව සීයට අනූවක්ම කවර නිර්මාණකරණයේ නියැළෙන බොහෝ දෙනා කරන්නේ කවර සැලසුම්කරණයයි. ‘සැලසුම්කරණය’ කියන්නෙ පොතේ අන්තර්ගතයට සුදුසු විදියට යම් ඡායාරූපයක්, චිත්‍රයක් හෝ හැඩතල කීපයක් එක්කාසු කරල හැඩය, අවකාශය, වර්ණ සහ අක්ෂර ගැළපීම වගේ දේවල් එක්ක මුද්‍රණයට සූදානම් කිරීම. මීට අමතරව සමස්ත රූපසටහන් අතින් හෝ පරිගණකයෙන් ඇඳල ගන්න අයත් ඉන්නවා. නමුත් අතින් ඇඳීම හැම පොතකටම ගැළපෙන්නෙ නෑ.

මෙහිදී කවරයට අදාළ රූපසටහන් බොහෝ වෙලාවට අරගන්නෙ අන්තර්ජාලයෙන්. ඇතැම් අවස්ථාවල ඒ සඳහා පෞද්ගලිකව ගෙවීමක් කරන අවස්ථා වගේම ගෙවීමකින් තොරව අරගන්න අවස්ථා තිබෙනවා. නමුත් අදාළ නිර්මාණයේ මුල් හිමිකරුගෙ නම සඳහන් කරන්න මං වග බලා ගන්නවා. එහෙම මඟ ඇරුණ නම් ඒ මුල් හිමිකරුගෙ නම හොයාගන්න නොහැකි අවස්ථාවල පමණයි. එවැනි අවස්ථාවල ‘අයිතිය නොදනී’ කියා සටහන් තබන අවස්ථා තියෙනවා.

‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ පොතට හදපු කවරය මම කරපු වැඩවලින් වඩාත් ආසාවෙන් කරපු වැඩක්. මේක අර පිරිස උපුටා දක්වන ඉතාලි කවරයෙන් මම සම්පූර්ණයෙන් කොපි කළායි කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම ප්‍රතික්ෂේප කරන්නෙ සම්මානය නිසා නෙවෙයි. ඒ කවරයට මම මහන්සි වුණ නිසා සහ මම ඒක ඇතුළෙ අර්ථයක් ගොඩනඟන්න උත්සහ කරපු නිසා. මේ කවරය ගැන කතා කරන බොහෝ අය පොත කියවා නැහැ. මම කවරයෙන් ගොඩනඟන්න හදපු සංකල්ප ලෝකය පැහැදිලිව කෙනෙක්ට තේරුම් යන්න නම් මේ පොත කියවන්නම ඕන. එහෙම වුණා නම් ඔහොම ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. ඒ වගේම මේකට කිසිම සම්බන්ධයක් නැති විදේශීය කතාවක කවරයක් මේ පොතට ගැළපෙන්නෙ කොහොමද කියන එක මට ගැටලුවක්. මේ පොතේ තියෙන්නෙ සිංහලයට පරිවර්තනය වුණ දමිළ කෙටිකතා එකතුවක්. පොතේ කතා සේරම මට දැනුණු කතා.

ගොඩක් පොත්වල කවරය සැලසුම් කරන්න කලින් සම්පූර්ණයෙන් පොත කියවන්නෙ නැතිම තරම්. ඒත් මේ පොත මම කියෙව්වා. මොකද මේකෙ පිටු සැලසුම කළෙත් මම. ඉතින් මට මුලින් ඕන කළේ පොතේ සමස්ත හැඟීම දැනෙන රූපයක් කවරෙට ගේන්න. පළමුවැනි රූපය ඒකට ගැළපෙයි කියල හිතුවා. ඊළඟට ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ කියන කෙටිකතාව මුල් කරගෙන මිනිස් රූපයක් සහිත කටුසටහන ඇන්දා. කෙටිකතාවෙ තියෙන්නෙ අවුරුදු ගාණක් ළිඳක් ඇතුළේ ජීවත් වුණ මනුස්සයෙක් මුල් කරගත් අධියථාර්ථවාදී කතාවක්. ඉතින් ළිඳ ඇතුළෙ මනුස්සයෙක් වැතිරිල ඉන්න රූපයක් සංකේතාත්මකව වෙනස් විදියකට පෙන්නනයි මට ඕන කළේ. ඒකට මුලින් ඇඳපු රූපය ඒක. ඒත් ඒකටත් වඩා වෙනස් විදියකින් ඒක පෙන්නන පුළුවන් අදහසක් මම හෙව්වා. මම අදහස් සහ රූපසටහන් හොයන්න පාවිච්චි කරන පින්ටරෙස්ට් වෙබ් අඩවියට පිවිසුණා. එතන ඔය ඉතාලි කවරය කියන රූපයත් තියෙනව. ඒක කවරයකට වඩා පෝස්ටර් එකකට කිට්ටුයි. අනිත් කවර සහ පෝස්ටර් සියල්ලත් එකකට එකක් බොහෝදුරට සමානයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නෙ. ඔබ හොඳින් බැලුවොත් පේනව අර පිරිස උපුටා දක්වපු කවරයට සහ මම සැලසුම් කළ කවරයට හැඩයෙන් ඉතාම සමාන තව ‍රූප දෙකක් මෙහි ඇති බව. මම මේ හැඩය කවරයට ගන්න හිතුවෙ ඒකෙ ඇතුළෙන් මට අර ළිඳක නැත්නම් වළක ගැඹුර පේන හැඩයක් සහ යම් කම්පනයක ස්වරූපයක් දැනන හැඩයක් නිසා. ඇතුළට රතුපාට දැම්මෙ කතාව පාදක වෙන යුද්ධය සහ ලේ සංකේතවත් කරන්න. ඊළඟට ඒ රතු රවුම ඇතුළට මිනිස් රූපයක් ඇන්දෙ කතාවෙ චරිතය එතනට ගේන්න. ඒ රූපයත් මුලින් ආකාර දෙකකට ඇන්ඳා. කවරයෙ අකුරුවලට පාවිච්චි කළේ පුෂ්පානන්ද ඒකනායක, දමිත් වැලිකල සහ පසන් තිලකවර්ධන නිර්මාණය කරපු ෆොන්ට්ස්. මම ඒ ෆොන්ට් නිර්මාණකරුවන්ගෙ නම් පවා මේ පොත ඇතුළෙ සඳහන් කරල තියෙනවා. ඒක ලංකාවෙ පොත්වලදි කෙරෙන්නෙම නැති දෙයක්. මේ හොරකම් කරා කියන පොත ඇතුළෙ මම ඒ ගරු කිරීමත් කරල තියෙනවා.

Thursday, September 5, 2024

සිඟිති ලොව එකලු කරනා 2වැනි ජාතික කිඩෝරිය!

බාලදක්ෂ ශබ්ධකෝෂයට අලුත් වචනයක්

මෙරට බාලදක්ෂ පාරිභාෂිත වදන් මාලාව අලුත් කරමින් බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘ජම්බෝරිය‘‘ ද, පෝතක බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘කබෝරිය‘‘ ද පවත්වනු ලැබූ අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කුඩාම සාමාජිකයන් වන මෙම සිඟිති බාලදක්ෂ දරු දැරියන් වෙනුවෙන්ගේ ජාතික මට්ටමින් ඒකරාශී වීම ‘‘කිඩෝරිය‘‘ නමින් නම්කර තිබේ. ඒ අනුව මෙලෙසින් නව බාලදක්ෂ වදනක් නිර්මාණය වී ඇති අතර මේ එලෙස පැවැත්වෙන මහා සිඟිති රැළිය වසර දෙකකට වරක් පැවැත්වීමට නියමිතය. 2024.09.07- 08 දෙදින තුළදී පැවැත්වෙන ජාතික කිඩෝරිය ඒ අනුව මෙම මහා සැමරුමේ දෙවැනි පියවර වේ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිඟිති අංශය තවදුරටත් ව්‍යාප්ත කරමින් සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය විසින් දැඩි කැපවීමෙන් යුක්තව සිදුකරනු ලබන අතර වසර දෙකකින් පසු නැවත වරක් 02වැනි ජාතික කිඩෝරියක් පැවැත්වීමේ යෝජනාව පසුගිය දා මල් පල ගන්වනු ලැබිණ. ඒ අනුව දෙවැනි ජාතික කිඩෝරිය සැප්තැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා සිඟිති බාලදක්ෂයන් එක් දිනයකට 5000 බැගින් දෙදින තුළ 10,000ක් පමණ සහභාගි වීමට නියමිත ය. 

සහය ප්‍රධාන කොමසාරිස් කිඩෝරි කඳවුරු නායිකා චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය විසින් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වෙතින් 02වැනි ජාතික කිඩෝරිය පැවැත්වීම සඳහා නිල අවසරය ලබා ගනු ලැබූ අතර එහි දී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් කිඩෝරි නායක නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත ජාතික කිඩෝරි නිල ලාංඡනය පිරිනැමීම සිදුකරනු ලැබීය. හිටපු පෝතක අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මියගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයන් විසින් දෙවැනි ජාතික කිඩෝරි ගීතය ගායනා කරන ලද්දේය. දිවයින පුරා විසිරී සිටින සුවහසක් සිඟිති බාලදක්ෂයින්ට මෙම දැවැන්ත රැළිය අසිරිමත් සිහිවටනයක් වනු නොඅනුමානය. ඒ අනුව Scouting සඟරාවේ අපි, 02වැනි ජාතික කිඩෝරිය උණුසුම් සුබපැතුම් මෙලෙසින් එක්කරන්නෙමු.



 

ශ්‍රී ලංකා බාදක්ෂ මූලස්ථානය සංවිධානය කරනු ලබන “02 වැනි ජාතික කිඩෝරිය -2024” විහාරමහාදේවි උද්‍යානයේ දී පසුගිය (07) සහ (08) වැනිදා පැවැත්විණි. “සිඟිති අතින් සොඳුරු ලොවක්” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මෙම ජාතික කිඩෝරියේ පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias, දෙවැනි දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් Badli Hisham Bin Adam මහත්වරුන් සහභාගි වූහ. දිවයින පුරා සිටින සිඟිති බාලදක්ෂයන් 10000කට අධික සංඛ්‍යාවක් කිඩෝරියට එක් වූ අතර, ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම් හා විනෝදාත්මක වැඩසටහන් තුළින් සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දී තිබිණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ මඟ පෙන්වීම මත සහය ප්‍රධාන කොමසාරිස් (සිඟිති) චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ඇතුලු කමිටුව විසින් මෙය සංවිධාන කර තිබිණි.

2024 වසරේ නොවැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට අලුතින් සිඟිති බාලදක්ෂ අංශය එක්කරනු ලැබූ අතර වයස අවුරුදු 05ත් 07 ත් අතර පසුවන දරු දැරියෝ මීට ඇතුළත් වෙති.

බාලදක්ෂ ව්‍යාපාරය තුළ බාලදක්ෂයන් සදහා ‘ජම්බෝරිය’ද පෝතක බාලදක්ෂයන් සඳහා ‘කබෝරිය’ ද පවත්වන අතර සිඟිති බාලදක්ෂ දරු දැරියන් ජාතික මට්ටමින් ඒකරාශී වීම ‘කිඩෝරිය ‘ නමින් හැඳන්වේ.

මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස්, ජාතික වැඩසටහන් කොමසාරිස්, වෛද්‍ය අසංක ඒරියාව මහත්වරුන්, සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

පළමු ජාතික බාලදක්‍ෂ කිඩෝරි මතකය

ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ඵෙතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ වකවානුවේදී එනම් 2022 වසරේ නොවැම්බර් මස 13 වැනිදා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරමින් ස්වකීය සාමාජිකත්වය ලක්ෂයේ සීමාව ඉක්මවීම උදෙසා නව දොරටුවක් විවෘත කරනු ලැබීය. අලුතින්  හඳුන්වා දෙනු ලැබූ මෙම නව බාලදක්ෂ අංශයට නම යෝජනා කරනු ලැබුවේද හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා විසිනි. මෙලෙස ආරම්භ වූ සිඟිති බාලදක්ෂ අංශය සඳහා වයස අවුරුදු 5-7 අතර පසුවන දරු දැරියන් සිඟිති බාලදක්ෂ අංශයට ඇතුළත් කරගනු ලැබිණ. මෙම නව අංශයෙහි දැවැන්ත කාර්ය භාරය සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය වෙත පැවරිණ. 


ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් සිරිලක පුරා පැතිර ගිය සිඟිති බාලදක්ෂ අංශයෙහි ස්වර්ණමය සංධිස්ථානයක් සිහිපත් කරමින් ‘‘සිඟිති ලොවට හෙට දවසක්‘‘ යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා සිඟිති බාලදක්ෂ දරු දැරියන් 6000කට අධික පිරිසක් සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතාගේ ප්‍රදානත්වයෙන් 2022 නොවැම්බර් 26 වැනිදා කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවති අතර ක්‍රියාකාරකම් විහාර මහාදේවි උද්‍යානයේ පුරා අසිරිමත් ආකාරයෙන් පවත්වනු ලැබිණ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු සංවිධායක මණ්ඩලය විසින් මෙය මෙහෙය විය.

කිඩෝරි නායිකා සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය පළමු කිඩෝරිය විවෘත කරමින්

සිඟිති ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම් හා විනෝදාත්මක වැඩසටහන් රැසක් මෙහිදි ක්‍රියාත්මක කෙරිණ. සිඟිති දරුවන්ගේ හැකියාවන් පෙන්නුම් කරලීමට මෙය මහඟු අවස්ථාවක් උදා කෙරිණ.