Translate

Thursday, April 30, 2020

Mafeking! Chronicles of an old scout.


" All right. Four hours of bombing. A dead dog."


...-There are many versions of the siege of Mafeking. Historians say that without this Battle, Baden-Powell would not be known as it is today. True or not his style of his way of acting, the famous " Mafeking Blefes Game " made him a hero who raised him to the noble title of " Lord " and after the Queen's " by the Queen. Let's face it, defending an open city with just over 800 soldiers against 6.000 Boers is a feat that can't be dismissive. Stand by for other Mafeking posts.

Everyone acknowledged that without B.P. Scouting would never have seen the light of day. To this, it can be added that without his world prestige, as a war hero, the Scout movement would never have reached its current dimensions. The renowned of B. P., as a war hero, was won from 11 October 1899 to May 17, 1900-exactly 217 days. In the almost seven months, he emerged as a savior of what will forever be known in history as the siege of Mafeking, a dark town located in South Africa that, by accident, was designed on the world stage when it became the scenario of the conflict between the " Boers " and the British. The world's reputation of B. P, it can reassemble to the role he played in the siege of Mafeking.

It's not easy to explain the collective hysteria that took over the British people - usually so calm and fleumatic - when it was announced the lifting of the siege of the city, so long forgotten. But, nothing was normal, in those frenetic days of the month of May 1990, and the British Nation gave his relief and acclaimed his hero - Baden-Powell - and he himself was haunted with the fame that they imposed on him The best of the world. The telegram announcing the good news took about ten hours to arrive from Pretoria to London. Fell into the Reuther news birot 17 minutes after 9 o'clock at night. Half an hour later, a huge crowd invaded the streets of London to break into an orgy, and was followed by the rest of the country, a few minutes later.

Applates, artists, actors, in the theatres of varieties, spontaneously, rose to sing the national anthem. Queen Victoria left the dinner table to dispatch telegrams of congratulations, on behalf of the British Empire, Baden Powell and his troops, thousands of miles away, in South Africa. The newspapers, in special editions, described the bravery of the British forces, as "a new page in the history of human heroism". B.P. was promoted to General of Division at the time - the youngest in that post, in the British Army. I was 43 years old. A model of him, in wax, took place on the front platform, of the famous Madame Tussaud Museum in London. The winner of Mafeking suddenly became the greatest hero, after Nelson and Wellington.
 

With all due respect to the innocent victims of the legendary Mafeking, it should be mentioned that the siege was not remarkable for the bravery, from either side. In all, 20.000 grenades fell on the city, some 100 per day, causing relatively small damage and interfering very little in the daily lives of its defenders. In addition to this, Mafeking was in no time entirely besieged by the Boers. Spies and messengers were in and out freely and, according to the words of a modern and irreverent historian, about the event, the worst enemies of the troops and the population, in the besieged city, were the fleas, flies, mosquitoes and ants. The food supplies were suitable and there wasn't even a shortage of fun. For example, the dinner offered on the eve of the New Year, which made up of a dozen different dishes, could not have defamed a three-star hotel. Polo and card games (bridge), billiards, and theatrical performances, and the atmosphere that was especially characterized by boredom.

There were, of course, some fatal cases and material damage, but the total number of deaths was not higher than 400. On the British side, the fighters totaled 1.213 officers and squares, and 6.000 on the Boers. The civilian population, in the city, was estimated at 1.800 white people - including women and children - and 7.500 black people. Nor was the cost of the war-GBP 123.251, which included the costs of feeding the defenders and the compensation for the damage caused by the local population.

And first of all, it wasn't a bloody siege. In fact, there were only two clashes, which could be described as violent. No wonder, therefore, that the siege of Mafeking was skilfully described by an eminent historian as "the last of the wars of gentlemen". By way of clarification, the hostilities ceased on Sundays that were observed as an unofficial truce, on both sides. That was the day for the church, or for rest and for women to wash and ironing the clothes. White Flags of the Red Cross were scrupulously respected and the messengers who were handled from the attackers were treated with deference and even cumulated with gifts.

The British empire was at the apex of its glory and it was inconceivable that "British Peace" could be disturbed by any quadrant of the world. Two absurd republics, as they were called by the British press - The Transvaal (commonly known as South African Republic) and the Free State of Orange, inhabited by frustrated and religious peasants - had dared to twist the tail of the invincible British Lion, for the rest of the rest of the rest of the world.
 

Despite its numerical and technical superiority, the British Army had suffered humiliating and unexpected defeats and the obscure siege of Mafeking suddenly became the symbol of the British Empire's survival - the largest the world had seen. After the humiliating defeat at Magersfontein - an event that traumatized the British public opinion, more than any other, during the Victorian era - the Nation's hopes were centralized on Mafeking. Rescuing the city from the Boer s' domain, became a point of honor.

As for Baden-Powell, it was his fate: a soldier by accident, a hero by accident, who thus filled a public need. No one disputed their qualities, and not in a military level. With a handful of men only, he had resisted a large army that was at least three times more numerous, and thus allowed the bulk of the disorganized British troops to regroup for a counterattack. In a humanitarian level, it was equal to the image that the public had created around his personality: calm, phleumatic, courageous and capable of performing acts of heroism where the need arises. And his sense of humor just increased his popularity. He was a master of writing self-critic war newsletters: " All right. Four hours of bombing. A dead dog.".

Note - I will be publishing more articles on Transvaal and Mafeking.

Special Thanks to
Espírito Escoteiro

Saturday, April 25, 2020

අශ්වාරෝහක බාලදක්ෂයෝ - 1 කොටස

 කුරුඳුවත්ත පොලිසියත් තුම්මුල්ල හන්දියත් අතර මාර්ගය අද තනි අතට යන හෙවත් සිංහලයෙන් ‘වන්වේ’ One Way පාරකි. සොලමන් බණ්ඩාරනායක පිළිරුව තියෙන හරියේ බස්රථයකින් බහින කට්ටියකට කොන්දොස්තර ගැටයා ‘ඕං පරණ පිස්සන් කොටුව බහින්න’ යැයි කිවහොත් කීදෙනෙක් අන්ද මන්ද වනු ඇතිද? අද නම් බොහෝ දෙනෙකු සිතනු ඇත්තේ කොන්දොස්තර කොලුවාට ‘පිස්සු’ හැදිලා කියාය. එහෙත් ‘රේස් කෝස්’ බහින්න යැයි කියූ විට නම් කවුරුත් දඩිබිඩිගා බසයෙන් බැස යනු නියතය. 
The Colombo - Kandy Mail Coach outside the Royal Hotel Colombo ...

ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ සංවිධානාත්මක ලෙස අශ්ව රේස් ආරම්භ වී ඇත්තේ 1664 දී බව ය. එහි ආරම්භකයා ලෙස පෙනෙන්නේ ඉංග්‍රීසි හමුදාවේ රිචඩ් නිකොලස් නම් සෙනෙවියෙකි. එම අශ්ව රේස් ඔහු අරඹා ඇත්තේ ‘ලෝං’ නම් දිවයිනේ සෝල්බරි තැන්නේ රේස් පිටියක් ඉදිකිරීමෙනි. ‘අශ්ව රේස්’ ලෙඩේ ටික කලක් යන විට ඇමරිකාවට ද වැලඳී ඇත. 

අශ්වයා කියූ සැණින් අපේ මතකයට එන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ කන්ථක අශ්වයා ය. එහෙත් සිද්ධාර්ථ චිත්‍රපටයේ ඉන්න අශ්වයා නම් ඉන්නේ නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ ප්‍රේමදාස රයිඩින් ස්කූල් එකේ ය. මේ සුදෝ සුදු අශ්වයාගේ නම සුදු කෙල්ල ය. 

ශ්‍රී ලංකාවේ අශ්වයින්ගේ ඉතිහාසය ප්‍රෝටෝ (Proto History) යුගය​ තෙක් විහිදී යන්නකි. අනුරාධපුරයේ කළ කැණීම්වල දී ප්‍රෝටෝ යුගයට අයත් පස් ස්ථරයන්හි තිබී අශ්ව දතක් හමුවූ බව ලේඛනවල ඇත. අනුරාධපුර ගෙඩිගේ ප්‍රදේශයේ කැණීම්වල දී අශ්වයින්ට අයත් කොටස් සොයාගත් බව දැරණියගල 1958 වාර්තාවේ සඳහන් වේ.

Sculpture of Man and Horse at Isurumuniya - The Archaeology News ... 
Ornate Carvings Of Horses And Elephants In Steps Sacred Quadrangle ...

ලංකාවේ අශ්ව රේස් ආරම්භයේ ඉතිහාසය සෙවීමේ දී පෙනී යන්නේ බ්‍රිතාන්‍ය සොල්ද‌ාදුවන් එහි ආරම්භකයන් බවය. ඇතිකිරීමට හා තරග කිරීමට අධිරාජ්‍යවාදී යුගයේ දී අශ්වයන් ගෙන්වා ඇත්තේ ‘ජෝන් බේකර්’ නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසිනි. ජෝන් බේකර් ජීවත් වී ඇත්තේ නුවරඑළියේය. තම නිවස අසල කන්දක් වටා අශ්ව රේස් සඳහා පථයක් තැනූ බේකර් ඒ මාර්ගය යොදාගෙන තරග සඳහා අශ්වයන් පුරුදු කොට ඇත.


ලංකාවේ අශ්ව රේස් සඳහා මුලින්ම ද‌ායක වී ඇත්තේ ඉංග්‍රීසි හමුදාවේ යුද භටයන් හා සීමිත වූ දේශීය වැවිලිකරුවන් පිරිසකි. නමින් දේශීය වුවත් මොවුන් සුද්දන්ටත් වඩා සුද්දන් ලෙස කටයුතු කළ කල්ලන් විය.
මීට වසර 170 කට පෙර ලංකාවේ 1848 සැප්තැම්බර් 15 වැනිදාවක මේ අශ්වයන්ට ආදරය කළ ඇත්තන් එක්වී ‘ලංකා තුරඟ සමාජය’ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇත. නමුත් මුලින් අශ්ව රේස් පවත්වා ඇත්තේ ගාලු මුවදොර රේස් පිටියේ දීය. මේ වකවානුව ලේඛනගතව ඇත්තේ 1846 - 1892 දක්වා 46 වසරක් තුළ ය. 


අද කුරුඳුවත්තේ දක්නට ලැබෙන ‘හැව්ලොක් රේස් පිටිය’ ආරම්භය සඳහන් වන්නේ 1893 ලෙස ය. එය විවෘත කොට ඇත්තේ මෙයින් වසර 125 කට පෙර 1893 ජූනි 22 දා ය. හැව්ලොක් යන නම ලැබී ඇත්තේ සර් ඒ.ඊ. හැව්ලොක් නිසා නමුත් ලංකාවේ තුරඟ තරගවලට දැවැන්ත සේවයක් කළ ආණ්ඩුකාරයා ලෙස සැලකෙන්නේ ටොරිංටන් සාමිවරයා ය. එතුමාගේ යුගයේ ‘ආණ්ඩුකාර කුසලානය’ සඳහා පැවැත්වූ අශ්ව තරගවලට බොහෝ දෙනා ලංසු තැබුවේ අශ්වයන්ගේ වලිගය අතගා හුරතල් කිරීමෙන් පසුව ය. 

එහෙත් අද අශ්ව ඔට්ටු අල්ලන්නේ රූපවාහිනියේ අන්තර්ජාලය මගින් පෙන්වන ‘බුකි’වලය. නොදන්නා රටවල අශ්වයන්ට පමණක් නොව ‘බල්ලන්ට ද’ ඔට්ටු අල්ලන තත්ත්වයට අද සූදු අන්තුවන් දියුණු වී ඇත.
ලංකාවේ අශ්ව රේස් නැවැත්වූ පසු රේස් කෝස් ගොඩනැගිලි ද සලකන ලද්​ෙද් අතහැර දමන ලද දේපළක් ලෙස කිවහොත් වඩාත් නිවැරදි ය. කලක් පැවැති රජයන් මෙම රේස්කෝස් ගොඩනැගිල්ල කඩා බිම හෙළීමට කරන ලද සැලසුමක් ද විය. මෙම ගොඩනැගිල්ල නැවත පණ ගැහී එන්නේ ගෝඨාභය රාජපක්ෂ යුගයේදීය. 

මේ ගොඩනැගිල්ලේ ඇති භූමිය ගැන ලේඛන පිරික්සීමේ දී පෙනී යන්නේ බ්‍රිතාන්‍යයන් මුලින්ම මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ මානසික රෝහලක් ලෙස බවය. මේ ප්‍රදේශය අතීතයේ ‘කූඹි කැලේ’ ලෙස ප්‍රකටව තිබුණි.
එදා කූඹි කැලේ ප්‍රදේශයට වත්මන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිලි භූමිය පවා අයත්ය. එද‌ා රේස් කෝස් භූමියේ අක්කර 100 ක් වපසරියට අද රාජ්‍ය ලේඛණාගාරය, කොළඹ විශ්ව විද්‍යාලයේ භූමියෙන් මෙන්ම රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය ද අයත් ය. රේස් කෝස් එක පිහිටි භූමිය දෙස බලා සිටින්නේ සර් සොලමන් බණ්ඩාරනායක පිළිරුවයි. එය බ්‍රිතාන්‍ය රජය ඔහු ජීවතුන් අතර සිටියදීම ගොඩනගන ලද්දේ ඔහුට උපහාර පිණිස ය. සර් සොලමන් කවදත් අශ්ව ලෝලියකු විය. ඔහු ගමන්කොට ඇත්තේ අශ්වයකු පිට ය. 

සොයිසා පරම්පරාව සතු දේපළක් වූ එද‌ා Morning Leader පුවත්පතේ වූ එක් ලිපියක් අනුව පෙනී යන්නේ අධිරාජ්‍යවාදී යුගයේ ආසියාවේ ජනප්‍රියතම තුරඟ තරග පිටිය වී ඇත්තේ මේ කුරුඳුවත්තේ රේස් කෝස් පිටිය බව ය. එය ආසියාවේ ඔට්ටු ඇල්ලීම් පුවරුවක් නොහොත් ‘ස්කොර් බෝඩ්’ එකක් සහිත එකම තුරඟ තරග පිටිය වී ඇත. 

1893 ජූනි 23 වැනිදා මෙම රේස්කෝස් ගොඩනැගිල්ල විවෘත වූ බවට ලේඛනගතව ඇතත් ඊට වඩා ඉතිහාසයක් මෙම ගොඩනැගිල්ලට ඇත. මෙම ගොඩනැගිල්ල දුටු සැණින් ප්‍රතාපවත් බ්‍රිතාන්‍ය යුගය සිහිපත් නොවිණි නම් එය පුදුමයකි. මෙහි මුල් සැලසුම 1875 තෙක් ඈතට දිව යන අතර මෙම ගොඩනැගිල්ල ඉදිකොට ඇත්තේ ඇඳන් 400 කින් යුතු මානසික රෝහලක් ලෙස ය. ලේඛනවල ඇත්තේ බොරැල්ලේ ඒ වන විටත් පැවැති මානසික රෝහල පිරී ඉතිරී යාම නිසා මෙම රෝහල ඉදිකළ බව ය. 

කුරුඳුවත්තේ පිස්සන් සඳහා හැදූ රෝහලත් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට අදත් දක්නට හැකි ඕලන්ද රෝහලත් පටලවා ගන්නට එපා. මේ දෙක දෙකක්. රේස් කෝස් පිටියට ඕලන්ද රෝහල තරම් ඉතිහාසයේ ස්ථානයක් හිමිවෙන්නේ නැත. ඉතිහාසය සඳහන් කරන්නේ පෘතුගීසි බලය බිඳ කොළඹ කොටුව රාජධානිය නැවත රාජසිංහ රජ්ජුරුවන්ට ලබා දෙන්නට පෙරමුණ ගත් ලන්දේසි හමුද‌ාවේ නම් දරාපු අද්මිරාල් ජෙරාඩ් හල්ෆ්ට් මේ ඕලන්ද රෝහලට ගෙන එනකොටත් පරලොව ගොස් හමාර බව ය. 

කලක් මේ පුරාවිද්‍යා ස්ථාන පැවතියේ අධි ආරක්ෂක කලාපයක ය. ඕලන්ද රෝහල ඇත්තේ ජනපති මන්දිරය පෙනෙන දුරිනි. රාජසිංහ රජ්ජුරුවන් රඳවා සිටි කුටිය ඇත්තේ ද ඊට ඉතා සමීපව ය.

Natural Heritage Conservation - Delft Island, Sri Lanka - Dilmah ...

 රේස්කෝස් ඉතිහාසය තුළ වූ ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයාගේ බෑනා කෙනෙකුට අයිති ‘ප්‍රින්ස් ඉම්පෙරියල්’ නම් අශ්වයා ලංකාවට ගෙන ඒමට වූ සූද‌ානමයි. නැපෝලියන්ගේ බෑනා වූයේ III චාල්ස් ලුවිස් නැපෝලියන් බොනපාට් ය. මෙම අශ්වයා සැලකෙන්නේ ලොව දිගම කේෂර සහිතව සිටි අශ්වයා ලෙස ය. ප්‍රින්ස් ඉම්පිරියල් අශ්වයාගේ වල්ගයේ දිග අඩි ද‌ාහතරකුත් අඟල් තුනකි. එම අශ්වයාගේ කේෂර කලාපය අඩි නවයකුත් අඟල් දහයකි. 

ප්‍රින්ස් ඉම්පෙරියල් අශ්වයාගේ උප්පත්තියත් අභාවයත් ආදී දින වකවානු පිරික්සීමේදී පෙනී යන්නේ එම අශ්වයා ලංකාවට ගෙනැවිත් ප්‍රදර්ශනයට සූදානම් වී ඇත්තේ ගෝල්ස්ෆේස් හි රේස් පිටියට විය යුතු බවය. එහෙත් මෙම අශ්වයාගේ හිමිකාරිත්වය පශු සම්පත් හිමිකරුවකු වූ ‘ජේකබ් හව්සර්’ විසින් මිලදී ගැනීමත් සමග ලංකා ගමන ගැන නම් ඉන්පසු සටහනක් නැත. එවකට ඇමරිකාව පුරා සර්කස් සංදර්ශන, සැණකෙළි ආදියෙහි මෙම ප්‍රින්ස් ඉම්පෙරියල් අශ්වයා බලන්නට ඇමරිකන් සුද්දන් පවා පොරකා ඇත. 

ඉම්පෙරියල් ප්‍රින්ස් අශ්වයා ලංකාවේ රේස්කෝස් එකට ගෙන ආවා නම් එය එදා කදිම ප්‍රවෘත්තියක් ලෙස ලොව පුරා ප්‍රචාරය වනු නියත ය. රේස් ඔට්ටු තැබීම සඳහා ලොව පුරා සූදු අන්තුවන් ලංකාවට අද්දවා ගැනීම මෙම ප්‍රචාරක උපක්‍රමය විය. මෙම අශ්වයාගේ අභාවය එක්දහස් අටසිය ගණන් නිමවන්නටත් පෙර සිදුවී ඇති අතර එම අශ්ව සිරුර පුරවා සංරක්ෂණය කරන්නට ඉන්පසු පියවර ගෙන ඇති අතර එය මුදල් මවන යන්ත්‍රයක් බවට පත්වී ඇත. ලංකාවට ඒමට පෙරුම් පිරූ මේ ප්‍රින්ස් ඉම්පෙරියල් අශ්වයා අද වුවද ලංකාවට​ ගෙන ඒමට හැකියාවක් ඇත. ඊට හේතුව වසර දෙසීයක් ඉක්මවාත් මෙම පුළුන් පුරවා සංරක්ෂණය කළ අශ්ව සිරුර හෙරිටේජ් හෝල් (Heritage Hall) ප්‍රදර්ශනයට ඇති බව අන්තර්ජාලයේ දැකගත හැකිය. 

දෙවන ලෝක යුද සමය වන විට කුරුඳුවත්තේ තුරඟ තරග පිටිය තුළ ගුවන් පථයක් ගොඩනගන්නට අධිරාජ්‍යවාදීන් පියවර ගෙන ඇත්තේ හොර රහසේ ය. කොළඹින් කතා කරන රේඩියෝ සිලෝන් එකේ ඩී.ඇම්. කොළඹගේ පුවත්පත් සාකච්ඡාවක දී සඳහන් කොට ඇත්තේ රේඩියෝ සිලෝන් එක මේ කියන රේස්කෝස් පිටියේ තිබූ සන්දියේ තමන් ‘කොළඹින් කතා කළ’ බව ය. 


 ජපන් බෝම්බයට රත්මලානේ ගුවන්තොටුපල නතු වූයේ එය බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ගුවන් හමුද‌ා මූලස්ථානයක් වූ බැවිනි. ජපන් ගුවන් යානා පසුපස හඹාගොස් පහරදීමට බ්‍රිතාන්‍යයන් යොදාගෙන ඇත්තේ මේ රේස් කෝස් පිටියේ නවතා තිබූ ගුවන්යානා ය. 

මෙහි මුල් කාලයේ අශ්ව රේස් තරගවලට අතරමැද කඩා වැදී ඇති ප්‍රධාන පිරිසක් වී ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කට්ටඩින් ය. ඊට හේතු වී ඇත්තේ දුවන අසුන්ගෙන් ගිලිහෙන අශ්ව ලාඩමක් දුටු සැණින් ඔවුන් එයට පොරකෑමය. අශ්ව ලාඩම සැලකෙන්නේ සෞභාග්‍යයේ සංඛේතයක් ලෙස ය. ඇස්වහ කටවහවලින් මිදීමටත් සතුරන්ගෙන් ආරක්ෂාවටත් නිවෙස ඉදිරිපිට ලාඩමක් එල්ලා තැබීම දැනුත් සුභ කටයුත්තක් ලෙස සලකනු ලැබේ. 

 මේ තුරඟ තරග පිටියේ සුදු අශ්වයන්ට තිබී ඇත්තේ විශේෂ පිළිගැන්මකි. සූනියම් දෙවියන් ගමන් බිමන් යාමට යොදාගෙන ඇත්තේ සුදු අශ්වයෙකි. සූනියම් දෙවියන් අදහන පුද්ගලයන් සුදු අශ්වයන් සලකන ලද්දේ සූනියම් දෙවියන්ගෙන් විශේෂ බැල්ම ඇති සත්වයකු ලෙස ය. ඔවුන් බොහෝ දෙනාගේ තෝරා ගැනීම වූයේ සුදු අශ්වයන්ට ඔට්ටු ඇල්ලීම ය. තමන් ඔට්ටු ඇල්ලූ අශ්වයා පරාද වුණත් තමන්ට සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව ඔට්ටු ඇල්ලූ පුද්ගලයාගේ විශ්වාසයයි. එවැනි අශ්වයකුගේ ලාඩමක් ලැබුණහොත් ඔට්ටු හිමියා සිතන්නේ එය තමන්ට සූනියම් දෙවියන් දුන් වරප්‍රසාදයක් බව ය. 

 මෙවැනි ලාඩමක් වරු තුනක් කහ වතුරෙන් සෝදනු ලබන අතර දක්ෂ කට්ටඩියකු ලවා වරු 7ක් ජීවම් කිරීම ඊළඟ කාරියයි. ඉන්පසු ගෙදර ප්‍රධානියාගේ මාපට ඇඟිල්ලේ ලේ බිඳුවක් ගෙන එම ලාඩමේ තබන අතර නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ සෞභාග්‍යය ලැබෙන ලෙස ඉදිරිපස එල්ලන්නේ ඉන්පසුව ය. 

අද ඉතිං රේස්කෝස් බහින්නැයි බස්රථයේ කොන්දොස්තර කොලුවා කෑගැසුව ද ඔය කියන හරියේ අශ්වයකු තබා පෝනියකු වත් දැකගන්නට නැත. අද එය ඉතිහාසයට එක්වූ තවත් නමක් පමණක් වී තිබේ. සියවසකට අධික කාලයක් පුරා නොනැසී ඇති කොළඹ රේස් කෝස් පිටියේ ඒ සුන්දර මතකය තවත් සියවස් ගණනාවක් රැකෙනු නියත ය. 


විශේෂ ස්තූතිය
වජිර ලියනගේ

Wednesday, April 15, 2020

ගම්පහ දිසාවේ පලමු බාලදක්ෂ දිසාකොමසාරිස් ප්‍රධාන මුදලිඳු ශ්‍රීමත් ජේම්ස් පීටර් ඔබේසේකර (1879- 1968) Kt, Jp.

ගම්පහ දිසාවේ පලමු බාලදක්ෂ දිසාකොමසාරිස්තුමා.

ශ්‍රි ලංකා බාලදක්ෂ ඉතිහාසය ගැන ඒ ඒ දිසාවල අතීත තොරතුරු සමරු කලාප හා සමාජ ජාලා ඔස්සේ අපට නිතර දැකගත හැක. එහෙත් ගම්පහ දිසාව පිලිබඳ එසේ සඳහන් වන අවස්ථා විරලය. එබැවින් මා වෙත ඇති තොරතුරු අනුව යමක් සටහන් කොට තැබීම යුතුකමක් කොට සලකමි. ගම්පහ දිසාවේ ඉතිහාසය ගැන කථා කිරීමේදී, මෙහි ප්‍රථම දිසා කොමසාරිස් වරයා වූ ශ්‍රිමත් ජේ. පී. ඔබේසේකර මහ මුදලි තුමන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.


එතුමා ගැන තොරතුරු බිඳක් මෙහි කෙටියෙන් දක්වතොත්, ක්‍රිව:1630 දී පමන ගාලු වරායෙන් මෙරටට පැමින ශ්‍රි ලංකාව පදිංචිය සදහා තෝරාගෙන ඔබේ සේකර (your leader) යනුවෙන් සිහල නාමයක්ද ලබාගෙන මෙහි පදිංචි වු පෘතුගීසි ජාතික නාවික හමුදා නිලධාරියෙකුගේ පරපුරෙන් පැවතඑන එතුමා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයන් නීති උපාධි ලබා බැරිස්ටර් වරයෙකු ලෙස පැමින අධිකරණයට සම්බන්ධ විය. පසුව යටත්විජිත පාලනය යටතේ දිසා කොමසාරිස් වරයෙකු ලෙස රාජ්‍ය සේවයට සම්බන්ධව කටයුතු කල බව සඳහන් නමුත් එය බාලදක්ෂ දිසා කොමසාරිස් ධූරයද යන්න ගැන සඳහනක් නොමැත.

නමුත් ගම්පහ දිසාවෙි පැරනි නායකයින්ට අනුව මෙහි දිසා සංගමය ආරම්භ වූ දා පටන් එතුමා බාලදක්ෂ දිසා කොමසාරිස් වරයා ලෙස කටයුතු කර ඇත.මේ ගැන සොයා බැලීමේදී දිසා සංගමයේ දැනට සුරැකිව ඇතිවාර්ථා සහ ඡායාරූප මගින්ද එය සනාථ වන බව පෙනේ.

1968 -09 -11 දින පැවති කාරක සභාවේදී එතුමාගේ අභාවය ගැන ශෝකය පල කරමින් ආර්. ඩී. ඇල්බට් පෙරේරා සහ එම්. ඒ. මෙතායස් විජයවර්ධන මුහන්දිරම් රාලහාමි යන මහතුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පවුලේ අය වෙත ශෝකය පල කිරීමට ලිපියක් සකස් කිරීමේදී "පුරා 45 වසරක් දිසා කොමසාරිස් ධූරය දැරූ" යනුවෙන් සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ එතුමා 1921-22 පමන එම ධූරයට පත්වූ බවයි. තවද 1970 දී පැවති වාර්ෂික කඳවුර 48 වැන්න ලෙස එහි වැඩසටහන් පත්‍රිකාවේ සඳහන් අතර එම කාල වකවානුවද මේ හා සසැඳේ.

1928 දී පමන සොලමන් ඩයස් බන්ඩාරනායක මහතාගෙන් පසු මහ මුදලි (head mudaliyar, native headman, adviser or personal assistant Governor general of Ceylon) තනතුරට පත්වූ අතර 1936 දී පස්වන ජෝර්ජ් රජතුමා විසින් මහජන සේවය සම්බන්ධව නයිට් නාමයක් හා සාම විනිසුරු පදවියක් පිරිනමන ලදී.

මේ සියලු කටයුතු සමග බාලදක්ෂ කටයුතු වලටද සෑමවිටම සිය දායකත්වය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කටයුතු කොට ඇති අතර 1930දී පමන ප්‍රධාන කොමසාරිස් ශ්‍රිමත් වර්නන් ග්‍රේනියර් මහතා ධූරයෙන් ඉවත් වීමත් සමග එතුමා විසින් ඒ සඳහා නම්කල ජේ. එච්. ද සේරම් මහතා ඒ වනවිට ශිෂ්‍යත්වයක් සදහා ඇමරිකාවට ගොස් සිටි බැවින් ඔහු නැවත පැමිනෙන තුරු වැඩබලන ප්‍රධාන කොමසාරිස් වරයා ලෙස එම වගකීම භාර ගෙන කටයුතු කිරීම එයට කදිම නිදසුනකි.

එතුමාගේ සේවය වෙනුවෙන් ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමය මගින් පිරිනමන ලද ප්‍රධානයන් අතර
  • මැඩල් ඔෆ් මැරීට්- 1943
  • රජතමය එකෝන්- 1954
  • රජතමය සිංහයා - 1963
යන තොරතුරු සටහන්ව ඇති අතර අනෙකුත් ප්‍රධානයන් පිලිබඳ දිනවකවානු තහවුරු කෙරෙන සටහන්⁣ මෙතෙක් හමුවී නැත. 45 වසරක් පුරා මෙතුමාගෙන් සිදුවූ සේවය හා අනුග්‍රහය සනාථ වන මා දුටු යමක් අවසන් වශයෙන් සඳහන් කරමි, මෙම කාලය තුල පැවති දිසා සංගමයේ හා කාරක සභාවේ රැස්වීම් බොහෝය.

එයින් එතුමා මුලසුන නොගත් ඒවාද කලාතුරකින් හමුවේ,එතුමා නොපැමිනියද, සභාවේ වැඩ කටයුතු කෙසේ සිදුවුවද ඒවා දිසාවේ කවර ස්ථානයක පැවැත්වුනද සියලු සියලු වාර්ථා අවසන්ව ඇත්තේ පන්සිය පනස් ජාතක පොත මෙන් එකම ලෙසිනි,

"අනතුරුව ශ්‍රීමත් ජේ. පී. ඔබේසේකර මහ මුදලිතුමන් විසින් සැපයුනු ප්‍රනීත තේ පැන් සංග්‍රහයකින් පසුව සභා තොමෝ සතුටින් විසිර ගියාය"

මුල් සටහන
W.P.Vithana
--------------------------
 


 


--------------------------------------------------

අමතර එක් කිරීමක්

සර්.ජේමිස් පිටර් ඔබෙිසේකරට පසුව බාලදක්ෂ දිසා සංගමයේ සභාපති ධුරය ඔහුගේ පුතු ජේ. පී. ඔබේසේකර (1915-2007) පත්විය. පසුව මීලඟට දිසා සංගමේ සභාපති ලෙස ද, අනතුරුව බාලදක්ෂ සංගමේ සභාපති ලෙස ද පත්විය. එතුමා කොළඹ රාජකිය විදුහලේ ද කේමිබ්‍රිඡ්හි උසස් අධ්‍යාපනය ද ලැබිය. ගුවන් නියමුවකු වු එතුමා හිටපු සෞඛය හා මුල්‍ය පිලිබද උප අමාත්‍යවරයකු ද වේ.
 

J.P.Obesekara මහතා විසින් රන්පොකුණුගම මහ විද්‍යාලයීය රන්දිය කැම්පෝරියේදී රොමේෂ් රොද්‍රිගො බාලදක්ෂයා වෙත ජනාධිපති සම්මානය පළඳවමින්

Tuesday, April 7, 2020

ඉතිහාසයෙහි පළමු වරට අවලංගු කෙරුණු ජාතික බාලදක්ෂ ජම්බෝරිය - 2020

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 107 ක කාලයක් තුළ ජාතික බාලදක්ෂ ජම්බෝරි නවයක් පවත්වා ඇත. මීළඟට පැවැත්වෙන්නේ දස වැනි ජාතික ජම්බෝරියයි. එය පැවැත්වෙන දිනය, වකවානුව සහ එහි මෙහෙයුම් කටයුතු පිළිබඳවද නිගමන කිහිපයක්ම එළඹුණු බව බාලදක්ෂ මූලස්ථානය නිවේදනය කර ඇත. ජම්බෝරි නායක, ප්‍රධාන කොමසාරිස්, මෙරිල් ගුණතිලක සහ සම ජම්බෝරි කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරැන් ඇතුළු ජාතික ජම්බෝරි සංවිධායක කමිටුව එළඹුණු තීරණ මෙහි දැක්වෙයි.
 

2020 ජාතික ජම්බෝරිය ත්‍රිකුණාමලයේ

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ගම්පහ දිසාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද 09 ප්‍රධාන කොමසාරිස් මිලින්ද පීරිස් මහතාගේ පත්වීමත් සමග එම තීරණය වෙනස් විය. ඒ අනුව 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලය බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පැවැත්විය යුතු බවට තීරණය විය. මේ පිළිබඳ කරැණු විමසා බැලීමට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා ත්‍රිකුණාමලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදූණෝය. එම චාරිකාවේද ජම්බෝරිය පැවැත්වෙන භූමිය හා එහි යටිතල පහසුකම් ආදී තවත් තොරතුරැ පිළිබඳව සොයා බලා ඇත. ත්‍රිකුණාමලය ශාන්ත මේරි විදුහල හා හින්දු විද්‍යාලය ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන ජම්බෝරි භූමිය ලෙස තෝරා ගැනීමට නියමිතය. 

දැවැන්තම බාලදක්ෂ ජම්බෝරිය
මෙතෙක් ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කඳවුරක කඳවුරැ බැඳි බාලදක්ෂයින් වැඩිම ප්‍රමාණය හත් දහසකි. එහෙත් මෙවර පැවැත්වෙන ජාතික ජම්බෝරියේ කඳවුරැ බඳින බාලදක්ෂයින් ගණන ජම්බෝරි සේවා කණ්ඩායම් ද ඇතුළුව දොළොස් දහසකට ආසන්න වන බව තක්සේරැ කොට ඇත. එබැවින් ගෙවුණු සියවසේ අති දැවැන්තම කඳවුර ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ දසවැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ඉතිහාසයට එක්වනු ඇත. 


Here's Everything to Know About the 2020 is the Next Jamboree Year of sri lanka. 10th National Jamboree, meeting with the GA (act.)and other organization representatives on their assistance to materialize the requirements. Around 8,000 scouts along with their Scout Masters from all the 32 Scout districts of Sri Lanka will participate at the Next National Jamboree in Trincomalee 2020. This is the first time a National Jamboree is being held in Eastern Province and also coincides with 100 years of scouting in Trincomalee Scout District, Sri Lanka. 
 

ජම්බෝරි කඳවුරැ බිම

ත්‍රිකුණාමලය මුහුදු තීර, නිලාවේලි මුහුදු තීරය, කෝනේශ්වරම් ආශ්‍රිත කඳු මුදුන්  ආදී ස්ථානවල බාලදක්ෂ එළිමහන් පුරෝගාමී අභ්‍යාස කිරීමට ජම්බෝරි ක්‍රියාකාරකම් කමිටුව කටයුතු සංවිධානය කරයි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත මුහුදු බාලදක්ෂ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපදේශකත්වයෙන් සිදුවනු ඇත. ආකර්ෂණීය වෙරළ තීරය හා අවට ප්‍රදේශයේ දී එළිමහන් ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂිතය. 

2020 අප්‍රේල් මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන ජාතික ජම්බෝරිය සඳහා බාලදක්ෂයින් දසදහසක් කඳවුරැ බැඳීමට අපේක්ෂිතය. විදේශීය බාලදක්ෂයින් දහසකට සහභාගි වී කඳවුරැ බැඳීමට අවකාශය ලබා දීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. ඒ අනුව ජූලි මාසයේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී දසවැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව ලෝක බාලදක්ෂයින් දැනුම්වත් කරනු ඇත. 

ජම්බෝරි සුරතලා

10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියෙහි ජම්බෝරි සුරතලා සේ තෝරාගෙන ඇත්තේ මුව පැංචායි. තිත් මුව පැංචකු ජම්බෝරි සුරතලා වශයෙන් තෝරා ගැනීමට ආසන්නම හේතුව වී ඇත්තේ ජම්බෝරි භූමියෙහි නිරතුරැව හැසිරෙන මුව රූනයි.

ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 20 ක්
දසවැනි ජාතික ජම්බෝරිය සාර්ථක කරගැනීමට ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 20 ක් ඔස්සේ උප කමිටු පත්කර ඇත. එම විෂය ක්ෂේත්‍ර ප්‍රධානීන් ලෙස අත්දැකීම් බහුල ලී පදක්කම් ධාරී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නායකයින් පත්කර ඇත.  

ජාතික ජම්බෝරියට සමගාමීව පැවැත්වෙන සන්සෝ ජම්බෝරිය
ශ්‍රී ලංකාවේ පවත්වන 10 වැනි ජාතික ජම්බෝරියට සමගාමීව බාලදක්ෂයින්ට ජාත්‍යන්තර ජම්බෝරි අත්දැකීමක් ලබා දීමේ අරමුණින් සිව්වැනි සන්සෝ ජම්බෝරිය පැවැත්වෙයි. දකුණු ආසියාතික සහයෝගිතා ජාතික බාලදක්ෂ සංගම් ජම්බෝරියට (SAANSO) විදේශීය බාලදක්ෂයෝ දහසක් කඳවුරැ බඳිති.

සන්සෝ ජම්බෝරි ඉතිහාසය
ප්‍රථම වතාවට දකුණු ආසියාතික සහයෝගිතා ජාතික බාලදක්ෂ සංගම් ජම්බෝරියක් පැවැත්වූයේ 2014 වර්ෂයේදී ය. බංගලාදේශයේ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ එම ජම්බෝරියට බාලදක්ෂයෝ අටදහස් පන්සියයක් සහභාගි වූහ. සන්සෝ ජම්බෝරියක් දෙවැනි වරට පැවැත්වූයේ පාකිස්තානයේදී ය. තෙවැනි සන්සෝ ජම්බෝරිය නැවතත් බංගලාදේශයේ පැවැත්වීම විශේෂ සිද්ධියකි.

10th sri lanka National Scout Jamboree fever 

Sri Lanka is ready to host one of the biggest 10th National Jamboree & 4th SAANSO Jamboree, to be held 8th to 14th August at the Trincomalee. Over 400 overseas participants from 20 countries will present in addition to a large contingent of local delegates. The Chief Guests and Guests of Honour at these ceremonies will be the His Excellency President, Gotabaya Rajapaksa who is also the Chief Scout and the President of the DSR of Sri Lanka. 

The jamboree has been organised with the support of the Chief Scout and the local bodies of the Eastern Province and Trincomalee Scout District, said Deputy Chief Commissioner of Sri Lanka Scout Association, of Jamboree Executive team, Attorney at Law Mr.Janaprith Fernando. “We have been able to prepare all necessary infrastructure facilities at the beautiful Jamboree Campsite in Trincomalee District. This will also coincide with 100 years of Scouting in Trincomalee District. It will be the first time that a National Jamboree is being held in the Eastern Province. 8000-10000, Scouts are expected to participate with about 1000 overseas Scouts Expected. 

The activities and the program include outdoor obstacle courses, challenges, water activities, archery, visits to places of interest, Messenger of Peace, Global Development village, , lateral thinking, wide game and the usual Jamboree Camp Fires, traditional Sri Lankan games, cultural shows and beat and talent shows every evening in the main arena, International Day and Night. All in all the organisers have done their best and will do the best to ensure that all jamborites will be in a safe environment and enjoy all activities and make new friends at this 4th SANSO Jamboree and 10th National Jamboree, Sri Lanka. 

Trincomalee District is located in the east of Sri Lanka in the Eastern Province. It has an area of 2,727 square kilometres (1,053 sq mi). The capital of the district is the city of Trincomalee. Set on a peninsula, Fort Frederick was built by the Portuguese in the 17th century. Within its grounds, the grand Koneswaram Temple stands on Swami Rock cliff, a popular vantage point for blue-whale watching. The holy complex contains ornate shrines and a massive statue of Shiva. Nearby Gokanna Temple has panoramic views over the city and the coastline.

Cultural and Historical Experiences Trincomalee has a rich and wide-ranging Buddhist and Hindu cultural heritage. The Koneswaram Temple is one of the central parts of this heritage. This temple was built atop a Dutch fort. The Koneswaram Temple has a colourful ocean view that encompasses the whole bay. Local couples leave cradles outside the template to enhance their own fertility. Kanniya or Seven Hot Wells is a cultural site so old that it was mentioned in the Ramayana. It is a site of pilgrimage with visitors bathing in the warm water. You'll get picked up 
 
1 Nilaveli Beach 
2 Marble Beach 
3 Pigeon Island National Park
 
Unique Sights As a place where there are a lot of artefacts of both Sri Lankan and Western culture, Trincomalee has a lot to offer to any tourist. For WW2 buffs the perfect historic site is the British war cemetery which is the final resting place of 364 soldiers of the allied armies. St’s Mary’s cathedral is one of Trincomalee’s most unique churches. It is a vividly designed church with a sky-blue colour and a neo-baroque façade.
 
Outdoor Activities in Trincomalee 
Trincomalee might be one of the few places in Sri Lanka where there are more adventure activities than cultural sites to visit. Some oceanographers consider Trincomalee as one of the best places in the world for whale watching. Small boats situated 30-50km from the cost carry tourists into the ocean where blue whales or sperm whales play and swim. While you can only see several whales if you go on whale watching, you can see tens and sometimes even several hundred dolphins closer to the shore. If you are excited by the possibility of watching animals like whales and dolphins, Pigeon Island is perfect for you. Pigeon Island isn’t just a place to watch. On this island you can observe water animals as you swim alongside them! Just beneath the surface you’ll find breathtakingly rare corals and marine life. Swimming up close to the coral with octopuses and rare species of fish is a unique experience. Manayaweli Bay is home to a beach experience that is equally unique as Pigeon Island. The bay enables you to see both the idyllic nature of Trincomalee and the bustling local life of this coastal town. Manayaweli Bay is busy with local fishermen each morning and evening and local women who wash their laundry at the beach. Uppuveli and Nilaveli are Trincomalee’s most pristine beaches. Although Uppuveli is more developed, both of these beaches have glittering, clear water which is perfect for swimming. Nilaveli beach is longer and more private but its waters aren’t as enchanting as the water at the Uppuveli beaches.
 
---------------------
වෙනත් පෝස්ට් 
 
 
The 10th National Scout Jamboree logo was launched at a special ceremony held at the Presidential Secretariat today 28 July 2023. The Jamboree logo was launched by His Excellency the Chief Scout. Chief Commissioner presented the Jamboree badge to the Chief Scout and to Mr. Sagala Ratnayake. Chief Commissioner requested His Excellency’s support to have a successful Jamboree.
 
 

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ගම්පහ දිසාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද ප්‍රධාන කොමසාරිස් මිලින්ද පීරිස් මහතාගේ පත්වීමත් සමග එම තීරණය වෙනස් විය. ඒ අනුව 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලය බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පැවැත්විය යුතු බවට තීරණය විය. 
 
The Sri Lanka Scout Association has invited Scouts (aged 14 to 17) and adult contingent leaders (+18 years old) from South Africa to participate in their 10th National Scout Jamboree which will take place from 20 to 26 February 2024 in the beautiful coastal city of Trincomalee, located in the Eastern Province of Sri Lanka. This event is expected to bring together over 12,000 local Scouts and more than 1000 Scouts from around the world. 
 
 

Get ready for an unforgettable adventure at the National Scout Jamboree happening in our district from Feb 20-26, 2024. Embrace the spirit of scouting and explore the scenic beauty of Trincomalee, a place where history meets adventure.
 

Thursday, April 2, 2020

JOTI Special Edition 2020

විශේෂ අන්තර්ජාල ජම්බෝරිය 2020


Scouting Magazine FB

ජාත්‍යන්තර ජොටා ජොටී වැඩසටහනට රටවල් 170 කින් බාලදක්ෂයෝ මිලියන 2.5 ක් ලියාපදිංචිය තහවුරැ කරති. එසේ ලියාපදිංචි වන සෑම බාලදක්ෂයකුටම ජොටා ජොටී සහතික පත්‍රය ලබා ගැනීමට පුළුවන. මෙයට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ගේ ඇති උනන්දුව වැඩි කරවමින් බාලදක්ෂයින් වැඩි දෙනකු මීට සහභාගි කරවීම විජය බාලදක්ෂ කඳවුරේ අපේක්ෂාවයි. ඒ සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගිය වසර 15 ක් තිස්සේ පැවැත්විණ.
Jota Joti Sri Lanka
2020 වසර මැද දිගහැරෙන සුවිශේෂ අන්තර්ජාල ජම්බෝරිය!

ඔබත් නොමිලයේම වීසා නොමැතිව ලෝක ජම්බෝරි අත්දැකීමක් විදීමට කැමති නම් අප්රේල් මස අඳුරු කොරෝනා සෙවණැලි අතර දිගහැ‍‍රෙන විශේෂ අන්තර්ජාල ජම්බෝරියට සහභාගී විය හැකියි. අප්රේල් මස 03-05 දක්වා පැවැත්වෙන මෙම පූර්ව JOTI මොඩල් කඳවුර සඳහා අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම බාලදක්ෂයෙකු හට නිවසේ සිටම JOTI ජම්බෝරියට එක්විය හැකියි. පාසැල් නිවාඩු සමයේ නිවසට වී සිටින ඕනෑම අයෙකුට ජාත්යන්තර බාලදක්ෂ සහෝදරත්වය යටතේ මෙම අන්තර්ජාල ජම්බෝරිය සඳහා එක්විය හැකියි.


#StaySafe
01.කොරෝනා වෛරසය පරදවමු (යහපත් ක්රියා, අන්යන්ට උපකාර කිරීම, සෞඛ්ය පුරුදු, ආදිය.)

#OnlineCamp
02. අන්තර්ජාල කඳවුරු භූමිය (කඳවුරු ක්රියාකාරකම්, ගැට, භාජන රහිත ආහාර පිසීම, ගැජට් සැකසීම, යනාදිය)

#HappyScouting
03. මගේ ගෙවත්ත සහ විනෝදාංශ (එලවළු වැවීම, ගෙවත්ත සැකසීම, ගස් සිටුවීම, විවිධ විනෝදංශ, ආදිය.)

#OnlineAwurudu
04. අන්තර්ජාල අවුරුදු උත්සවය (ජන ක්රීඩා, රසකැවිලි, අවුරුදු කුමාරයා, අවුරුදු කුමරිය, චිත්ර යනාදිය)

#DigitalCampfire
05. ඩිජිටල් ගිනිමැලය (බාලදක්ෂ ගීත, නාට්ය, යාන්, ජයඝෝෂා, ආදිය.)

-----------------------
• වීඩියෝව අවසානයේදී ඔබේ නම, බාලදක්ෂ දිසාව, කණ්ඩායම දක්වන්න
• සෑම වීඩියෝවක්ම උක්ත #TAG මාතෘකා යටතේ "Jota Joti Sri Lanka" මුහුණු පොතේ පිටුවට ඔබ විසින් ම එක්කරන්න
• WhatsApp ( 0774526262 - Chaminda Wariyapperuma) All videos to National Hub for Prepare to Final Station Report2020 වසරේ පවත්වන “ජොටා ජොටී" වෙනුවෙන් බාලදක්ෂ ඔබත් එක්වීමට කැමති නම් ඔබේ වීඩියෝ පණිවිඩය 0774526262 වට්ස් ඇප් ගෘෘපයට එක්කරන්න.
-----------------------
අවධානයට - සෑම විටකම බාලදක්ෂ, බාලදක්ෂ බාලිකා, මානවක, ගුවන් බාලදක්ෂ ඔබ බාලදක්ෂ පෙරොන්දුවටත් නීතියටත් අනුව ස්වකීය බාලදක්ෂ හික්මීම යටතේ ස්කයිප්, ෆේස්බුක්, ඊමේල් පණිවිඩ හුවමාරු කිරීමට කාරුණික වන්න. 
-----------------------


Welcome to Jamboree On The Internet (Special Edition) 2020 
Connecting Scouting - Scouting Brotherhood cannot Be stopped! 

  

 National Station – JOTI (Sp.Ed.) 3rd to 5th April 2020
#JOTISriLanka National Station 
Today, All Scouts in many countries are facing challenges in their local communities because of the spread of coronavirus disease (COVID-19). All our regular activities have been cancelled. We miss our school. We miss our friends. Our family, friends and community need our help. We can still join forces! This special edition of our largest digital jamboree will allow you to connect to others, learn new skills, take good care of ourselves and others and build new friendships during this challenging time. We’ll foster teamwork and intercultural interaction while enhancing safe social engagement and wellbeing. 

However, our special JOTI on 3-5 April, will allow you to connect with others, learn new skills, bring Scouting online, and build new friendships from the comfort of our homes during this challenging time, when we need each other the most. As Scouts, we are resilient and we are always prepared, so together let’s turn this challenging time into an opportunity and connect millions of Scouts around the world in a safe space for all.

All Members of Scout Brotherhood are requested to send us video updates on following topics with the help of Scouts and Leaders in your Scout District. 
#StaySafe
01.Corona / COVID-19 Virus related awareness Video (good turn, Caring Family works, etc.)
#OnlineCamp
02. Online Scouting Activities during Curfew Time (Camping, Knot games, Backwoods Cooking, Mini Gadget, etc.)
#HappyScouting
03. Home Gardening and Hobbies during Curfew Time (Planting, Gardening, Landscaping, Collecting, etc.)
#OnlineAwurudu
04. Online Awurudu Uthsawaya (Cultural Games, Cooking, Awurudu Kumara, Awurudu Kumari, Fancy Dress Parade, Face Painting)
#DigitalCampfire
05. Digital Campfire (Songs, Drama, Stunt, Yells, etc.)
-----------------------
• We request you to introduce your selves (Name, District and Rank in Scouting)
• Do Videos on above #TAG topics and upload it by yourself to "Jota Joti Sri Lanka" Facebook Page
• WhatsApp ( 0774526262 - Chaminda Wariyapperuma) All videos to National Hub for Prepare to Final Station Report
-----------------------
Jamboree ON THE INTERNET (SPECIAL EDITION) 2020
Sri Lanka Scout’s Public Awareness Campaign for the Prevention of COVID-19