Translate

Showing posts with label NHQ. Show all posts
Showing posts with label NHQ. Show all posts

Sunday, February 21, 2021

Chief Scout of Sri Lanka inaugurates ‘Plant A Hope’

Plant A Hope

The project by the National Scouts Movement to plant 100,000 trees was inaugurated today (22) under the patronage of President Gotabaya Rajapaksa at the President’s House premises in Colombo. The project has been designed to mark the 164th Birth Anniversary of Lord Baden Powell, the founder of the Scouts Movement.Chief Commissioner of Sri Lanka Scout Association Major Gen. Milinda Peiris welcomed President Rajapaksa by adorning him with the scarf.The official inauguration took place with the planting of a red sandalwood sapling by President Rajapaksa. Later the plant was registered via mobile phone.More than 70,000 scouts across the country are expected to participate and achieve the target of 100,000 by planting two plants by each in their home garden.




Scouts to plant 100,000 trees on Baden Powell Day

Scouts will celebrate the 164th Birth Anniversary of their Founder Lord Baden Powell today February 22 by planting trees. Scouts covering 37 Scout Districts will undertake this project by planting trees in their homes or in their family homes or in their schools. All former Scouts are also invited to join this project.

Every tree thus planted will have to be registered in the ‘Thuru’ Mobile application under Sri Lanka Scout Association. Continuous assessment will be done to ensure that plants are well looked after. Members of the Sri Lanka Scout Association participated on this occasion.

Photography By: Sagara Lakmal de Mel & Shamika Wakwella (President’s Media Division)  


Tuesday, November 6, 2018

ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට එක්වෙමින් ප්‍රධාන බාලදක්ෂක, ජනාධිපතිතුමා සිදුකළ කතාව


උපුටා ගැනීම - ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට එක්වෙමින් ප්‍රධාන බාලදක්ෂක, ජනාධිපතිතුමා සිදුකළ කතාව

2018 වර්ෂයේ ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. මා ඇමතිවරයෙක් විදියටත්, මන්ත‍්‍රීවරයෙක් විදියටත් අද ජනාධිපතිවරයෙක් විදියටත් පාසල්වලට යන බොහෝ අවස්ථාවල බාලදක්ෂයින් දකිනවා. ඒ සෑම විටම මගේ මතකයට එන්නේ ඔබ මෙන්ම මමත් බාලදක්ෂයෙක් විදියට සිටි මගේ ශිෂ්‍ය ජීවිතය පිළිබඳවයි. මගේ වයස 14,15,16 කාලේ පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයෙක් විදියට කටයුතු කළා. මගේ ශිෂ්‍ය ජීවිතයේ අමතක නොවන මතකයක් රැසක් බාලදක්ෂ ජීවිතයේ තිබෙනවා.
මම මීට පෙරත් මේ කතාව කියා තියෙනවා. මේ අද ඉන්න දරුවෝ වෙනත් බාලදක්ෂ උලෙළවල්වලදී හමුවී නැති වෙන්නත් පුළුවන්. ඒ නිසයි අදත් මම මේ කතාව කියන්නේ. මට මතකයි එක් වසරක දී බාලදක්ෂ වැඩ සතියේ දුන්න කාඞ් එකත් අරගෙන අපි ගෙයින් ගෙට යන විට පොළොන්නරුවේ රජයේ නිලධාරියෙකුගේ ගෙදරකට ගියා. ඒ වෙලාවේ මගෙන් ඇහුවා මොනවටද ළමයෝ මෙහෙ ආවේ කියලා. මම කිව්වා සර් මේ දවස්වල බාලදක්ෂ වැඩ සතිය. මොනවහරි වැඩත් තියෙනවානම් මට දෙන්න කියලා. ආ.. මාත් මේ කවුරු හරි හොය හොයා හිටියේ. වැඩක් කරගන්න තියෙනවා. මේ පැත්තේ වැඩ කරන මිනිස්සුත් නැහැ. ඒ නිසා එන්න කියලා මාව ගේ පිටිපස්සට එක්කගෙන ගියා. වසර ගණනක් පුරා තිබුණ මහා විශාල හිස් කුකුළු කොටුවක් එහි තිබුණා. මට උදැල්ලක් දීලා කිව්වා මෙන්න මේක ඔක්කොම සුද්ධ කරන්න කියලා. මගේ මතකයේ හැටියට මම පැය 4 කට වැඩිය දාඩිය පෙර පෙර කුකුළු කොටුව සුද්ධ කළා. වසර ගණනක් ගොඩගැහී තිබුණ ඔක්කොම එළියට ඇද්දා. පස්සේ මම වැඬේ ඉවරයි ගිහින් එන්නම් කියලා කියපුවහම මගේ කාඞ් එක අරන් අත්සන් කරලා මට රුපියල් දෙකක් දුන්නා. එවැනි සිදුවීම් මගේ මතකයේ තිබෙනවා.
විශේෂයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාත්‍ය බේඩන් සාමි තුමා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන යුගයේ තිබූ ආර්ථික, සමාජ, දේශපාලන තාක්ෂණික තත්ත්වයන් නොවෙයි අද තිබෙන්නේ. ඒ සියල්ල අද වෙනස්වෙලා තියෙනවා. ලෝකයේ නව දැනුමත් සමග තාක්ෂණික ලෝකයේ තරගකාරීත්වයෙන් අද සියල්ල ඉදිරියට යනවා. ඒ තුළ සියල්ල වෙනස් වෙනවා. වෙනස් වීම් අනුව සියලූ දේ වෙනස්විය යුතු වෙනවා. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරය තුළ තිබිය යුතු තිබෙන මූලික සිද්ධාන්ත, මූලික ප‍්‍රතිපත්ති, මූලික දර්ශනය මුල් කර ගත් තේමාවන් තුළ කටයුතු කරමින් කාලානුරූපව, අවශ්‍ය පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේත් අවශ්‍ය වෙනස්කම් විය යුතු යැයි මා විශ්වාස කරනවා.
බාලදක්ෂයෙක් විදියට එදා මම හිටි කාලේ තිබූ සමාජ ප‍්‍රශ්න නෙවෙයි අද තිබෙන්නේ. එදා තිබු ලෝකය නෙවෙයි අද තිබෙන්නේ. එදා තිබූ සමාජ වටපිටාවන් නොවෙයි අද තිබෙන්නේ. එදා පාසල් ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තිබූ අභියෝග නෙවෙයි අද තිබෙන්නේ. අද සියල්ලම වෙනස් වී තිබෙනවා. ඒ නිසා වාණිජ සමාජයක, තරගකාරී ලෝකයක යහපත් දේට වඩා අයහපත්, නරක, අවිනීත දේ විශාල වශයෙන් ගලා යන ලෝකයක අපි ඒවාට මුහුණ දිය යුතු වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වඩා යහපත් ලෙස සකස් කර ගත යුතු වෙනවා. විභාගවලින් ඉතා ඉහළින් සමත්වන ඔබ විභාග සමත්වීමට දිය යුතු ප‍්‍රමුඛත්වය මෙන්ම ජීවිතය සමත්වීම සඳහා අවශ්‍ය ප‍්‍රායෝගික අභියෝගවලට මුහුණ දිය යුතු වෙනවා. විභාග සමත්වන ඔබට ජීවිතය සමත් වෙන්න බාලදක්ෂ ව්‍යාපාරය ඉතාමත් විශිෂ්ට වූ කාර්යයක් ඉටු කරනවා.
බාලදක්ෂ මහ කොමසාරිස්තුමා ඇතුළු මේ සඳහා උනන්දු වූ සියලූ දෙනාට මගේ ස්තූතිය පිිරිනමමින් නව ලෝකයේ නව තරගකාරීත්වය තුළ ඉදිරියට යන්නට ඔබේ ජීවිත වඩා යහපත් කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඔබට හැකිවේවා කියා ආශිර්වාද කරමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි.

---------------------------

2018.10.20 පෙරවරුවේදී මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළ පැවැත්විය.

2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළ වීඩියෝව මෙතැනින්...

Monday, February 22, 2016

Chief Scout HE President opens 9th National Scout Jamboree!

President Declarer Opens 9th NSJ in Jaffna

President Maithripala Sirisena Ceremonially Declared open
President Maithripala Sirisena who ceremonially declared open the 9th National Scout Jamboree in Jaffna yesterday in seen posing for a selfie with one of the girl scouts participating in the jamboree. This  is the first time a National Jamboree is being held in the Northern  Province. The event also coincides with 100 years of scouting in Jaffna. The theme of the Jamboree is “Friendship & Understanding”. Around 8,000 scouts along with their Scout Masters from all the districts of Sri Lanka are participating. Around  200 foreign scouts and leaders from Nepal, India,  Malaysia and Bangladesh too are taking part. The Jamboree will be held until February 26. Northern Province Chief  Minister C.V. Wigneshwaran and newly appointed  Governor Reginald Cooray too were among those who attended.

News: President’s Media

President opens 9th National Scout Jamboree in Jaffna

President Maithripala Sirisena ceremonially declared open the 9th National Scout Jamboree at Jaffna Central College playground yesterday (22). This is the first time a National Jamboree is being held in the Northern Province. The event also coincides with 100 years of scouting in Jaffna. Around 200 foreign scouts and leaders from Nepal, India, Malaysia and Bangladesh are also participating in the event.

At the event President Sirisena recognized the scout leaders including the Commissioner Nimal de Silva who dedicate themselves to the scout organization in Sri Lanka.

Northern Province Chief Minister C.V. Wigneswaran, new Governor of Northern Province Reginald Cooray and Minister of education Akila Viraj Kariyawasam were also present.

News: news.lk 

 -------------

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල කි්‍රඩාංගණයේදී පැවැත්විණි.

9வது தேசிய சாரணர் ஜம்போறியை உத்தியோகபூர்வமாக ஆரம்பிக்கும் நிகழ்வு இலங்கையின் தலைமை சாரணரான ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் நேற்று (22) பிற்பகல் யாழ் மத்திய கல்லூரி விளையாட்டரங்கில் இடம்பெற்றது.

The 9th National Jamboree ceremonially declared open by President Maithripala Sirisena yesterday (Feb 22) at the Jaffna Central College Grounds.

 https://www.facebook.com/media/set/?set=a.10153839685716327.1073742352.365053451326&type=3

 -------------


" බාලදක්ෂ ජම්බෝරිය යාපනයේ තියෙනවා කියලා කිව්වම දකුණේ දරුවෝ කොච්චර සන්තෝශයෙන්ද මේ ප්‍රදේශයට ආවේ. ඒ වගේම තමයි දකුණේ දරුවෝ ජම්බෝරියට එනවා කිව්වම උතුරේ දරුවෝ කොච්චර සන්තෝශ වුනාද..? එහෙමනම් මේ හැම දරුවෙකුගෙම, අපි හැමකෙනෙකුගෙම තියෙන්නේ 'එකම ලේ ' කියලා අපි හැමකෙනෙක්ම දන්නවා. ඒ නිසා මේ රට ගොඩනගන්න අපි හැම කෙනෙක්ම එකට එකතු වෙන්න ඕනේ..

එමෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයට ලෝකේ කිසිම රටක, කිසිම කෙනෙක් විවේචනය කරලා නෑ. බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩ කරන අය හොරු, දූෂිතයෝ, වංචාකාරයෝ, මිනීමරුවෝ කියලා කිසිම චෝදනාවක් එල්ල වෙලා නෑ.ඒ නිසා මම කියනවා බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ ආධ්‍යාත්මික දර්ශනයක්..ආගමක් වගේ දර්ශනයක්. එම නිසා මේ බාලදක්ෂ ව්‍යාපාරය අපේ රටට අද දවස වගේම හෙට දවසෙත් ඉතාමත් අත්‍යවශ්‍ය මානවවාදී ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයක්.


ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන

https://www.facebook.com/maithripalas/videos/10153840220796327/ 

-------------

ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේ


ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සමාරම්භක උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය. යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නැරැඹීමේ අවස්ථාව මහජනතාවට හිමිවන්නේ මෙම 23 වැනිදා සිට 25 වැනිදා තෙක් උදේ 10 සිට සවස 4 දක්වාය. යාපනය දිස්ත‍්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම ද මෙහිදී පැවැත්වේ.

මේ සදහා දෙස් විදෙස් බාලදක්ෂයන් 1000 කට වැඩි පිරිසක් සහභාගිවෙති.

 
http://www.lankadeepa.lk/index.php/articles/38799

 -------------

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේ දී

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය දෙස් විදෙස් බාලදක්ෂයින් 10,000 කගේ සහභාගීත්වයෙන් 2016 පෙබරවාරි මස 20 - 26 දක්වා යාපනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට සමගාමීව ජාතික බාලදක්ෂ ජම්බෝරියක් යාපනයේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ද මෙය වන අතර ජාති ආගම් කුලමල භේද වලින් තොරව ළමා පරපුර යහමඟට යොමු කිරීමේ අ‍ෙප්ක්ෂාවෙන් “මිත්‍රත්වය හා අවබෝධය” යන තේමාව යටතේ මෙම ජම්බෝරිය සැලසුම් කර ඇත.
මෙහි ආරම්භක උත්සවය පෙබරවාරි මස 22 වැනි දින ප්‍රධාන බාලදක්ෂ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මැතිතුමා, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. ගුරුකුලරාජා යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් යාපනය නගරයේදී පැවැත්වෙයි.
එළිමහන් සංදර්ශන, ගිනිමැල සංදර්ශන, ධීර ක්‍රියා ඇතුළු බාලදක්ෂ ක්‍රියාකාරකම් රැසකින් මෙම ජම්බරිය වර්ණවත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් හා ජම්බරි නායක මහාචාර්ය නිමල් ද සිල්වා මහතා පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 100 ක් සම්පූර්ණ වීම සිහිපත් කරමින් යාපනය දිස්ත්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම ද ජම්බෝරියට සමගාමීව පැවැත්වේ.

http://www.silumina.lk/2016/02/21/_art.asp?fn=aa16022112 


9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය

බාලදක්ෂයන් දසදහසකගේ සහභාගීත්වයෙන් 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැති අවස්ථාවේ දී ජනාධිපතිතුමා සමඟ බාලදක්ෂිකාවක් සෙල්ෆි ඡායාරූපයක් ගත් අයුරු. 

ඡායාරූපය - සුදත් මලවීර

 

 

 -------------

ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේදී


09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පැවැත්වුණා. ඒ යාපනය මධ්‍ය විද්‍යාල කි්‍රඩාංගණයේදී කි්‍රඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන, ඇතුථ කි්‍රයාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වරණවත් කෙරුණා. මෙහිදී බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා.
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
 

 -------------

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය

ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේ දී

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද : 22 පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර බාලදක්ෂ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.
එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වර්ණවත් කෙරිණි.
බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 ------------- 

09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සමාරම්බක අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමාව බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර බාලදක්ෂ උත්තමාචාරය ද පැවැත්විණි.
මෙම ජම්බෝරිය වරණවත් කිරීම වෙනුවෙන් එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන ඇතුළු බාලදක්ෂ ක්‍රියාකාරකම් රැසක් එක්කොට තිබීම විශේෂත්වයක් විය.
මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
http://sathhanda.lk/news/1629-09 

 -------------


 

Thursday, December 24, 2015

නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය - http://www.president.gov.lk

කොළඹ 02, චිත්තම්පලම් ගාඩ්නර් මාවතේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (22) පස්වරුවේ විවෘත කෙරිණි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 103 ක් ගත වුවද මේ දක්වා බාලදක්ෂ ව්‍යාපාරය වෙත ස්ථීර ගොඩනැගිල්ලක් නොතිබුණු අතර එම අඩු පාඩුව සපුරාලමින් සියලූ පහසුකම්වලින් සමන්විත පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදි කර ඇත.
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වඩා විධිමත් කිරීම මෙහි අරමුණයි.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙරට බාලදක්ෂ ව්‍යාපාරය ගොඩනැගිම සදහා රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවයි.
මනුෂ්‍යත්වය පිරි සමාජයක් ගොඩනැගීම සදහා ලෝකයේ තිබෙන උතුම්ම ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
දැනට අපේ රටේ පාසල් දරුවන් 50,000 ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධව සිටින අතර 2016 නව වසරේදී එය ලක්ෂයක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී යෝජනා කළ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නලධාරින්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඉටුකරන සේවාව උදෙසා ජනාධිපතිතුමා අතින් ඒ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විණි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී. බටුවන්ගල මහතා ඇතුළු නිලධාරිහු ද, දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


-----------------------------

බාලදක්ෂ ව්‍යාපාරය ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ කේන්ද්‍රයක් 

– නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කරමින් ජනපතිතුමා කියයි

-----------------------------
  නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - රිවිර 2015/12/25


අපේ දරු පරපුර නොමගට පෙලඹවීම, තාක්ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැලඳගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම යන මේ කරුණු ගැන මව්පියන් සේම අප සැම කෙනෙක්ම දැඩි අවධානයෙන් පසුවී ඒවායින් දරුවන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය අඟහරුවාදා (22) කොළඹ 2 චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ ඉදි කෙරුණු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය…
ඔබ පැහැදිලි කළ ආකාරයටම පාසල් ජීවිතයේ බාලදක්ෂයකු විදියට කටයුතු කර ලබා ඇති අත්දැකීම් සමග බාලදක්ෂ ව්‍යාපාරයේ උත්සවයකට සහභාගි වන්න ලැබිම මා සලකන්නේ ඉමහත් ගෞරවයක් සහ භාග්‍යයක් ලෙසයි. ඒ නිසා මේ අවස්ථාව ඔබට වගේම මටත් වැදගත් අවස්ථාවක් වනවා.
බාලදක්ෂයකු විදියට පාසල් ජීවිතයේ කටයුතු කරපු ඒ යුගයට මේ අවස්ථාවේ මගේ මතකය දිව යනවා. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් මානවවාදී ව්‍යාපාරයක් විදියට බේඩ්න් පවල් සාමිවරයා ආරම්භ කළ බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු මහත් ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ සහ ඒකරාශි කිරීමේ කේන්ද්‍රයක් බවට පත් වී තිබෙනවා.
අපේ ගමේ භාෂාවේ තිබෙනවා කියමනක් “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” කියලා. යහපත් මිනිසකු පිළිබඳව බලා‍පොරොත්තු තබන්න කුඩා කාලය තමයි වැදගත් වන්නේ. ළමා කාලය තුළ දරුවෙක් හසුරුවන ආකාරය සහ ඒ දරුවාට දෙන මග පෙන්වීම දරුවාගේ මුළු ජීවිතයම ගොඩනගාගන්න ඉතාමත් වැදගත් වෙනවා. පරිත්‍යාගශීලීභාවය, කැපවීම, අනුන්ට පිහිටවීම, අනුන්ගේ දුක හඳුනාගැනීම, ළමා කාලය තුළ පුරුදු කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන බව මම විශ්වාස කරනවා.

බෞද්ධ දර්ශනය තුළ, ක්‍රිස්තු දර්ශනය තුළ වගේම අනෙකුත් ආගමික දර්ශන තුළත් අන් අයට උදව් උපකාර කිරීම, පිහිටවීම, ඉතාමත් උතුම් දෙයක් විදියටයි සලකන්නේ. බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු ලෝකවාසී ජනතාවටම ආගමික දර්ශන පසුබිම් වූ මානවවාදී සමාජයක් ගොඩනැගීමේ කාර්යය සඳහා පුළුල් දායකත්වයක් ලබාදී තිබෙනවා.

අපේ රටේ පාසල් සිසුන් අද ලක්ෂ 40 කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. ඉන් 50000 ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටීම ඉතාමත් සතුටට කාරණයක්. ඒ වගේම මම හිතන්නේ උදාවන නව වර්ෂය තුළ ඒ 50000 ලක්ෂයක් දක්වා වැඩි කරගන්නට බලා‍පොරොත්තු වෙනවා. ඒ සඳහා ඉලක්ක සහගත ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා මා ඔබට යෝජනා කරනවා.

දැනට ලබාදෙන සහාය වගේම ඊට වඩා වැඩි සහායක් මේ සඳහා ලබාදෙන්න කියන ඉල්ලීම අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් පාසල්වලිනුත් මා පෞද්ගලිකව ඉල්ලා සිටිනවා. තාක්ෂණික ලෝකයේ මුදල් මත සියල්ල තීන්දු කරන බහුතරයක් ඉන්න සමාජයක යහපත් බව හැදියාව මෙන්ම මිනිස්කම යටපත් වන කාලයකයි අප දැන් මේ සිටින්නේ.

ඒ නිසා නව තාක්ෂණය කෙතරම් දියුණු වුවත් මුද‍ලේ වටිනාකම් තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක් නොවන බව අපි දැඩිසේ විශ්වාස කරනවා. මිනිස් ජීවිතවලට වඩා මුදලට වැඩි වටිනාකමක් දෙන තත්ත්වයට අද මුළු මහත් ලෝකයේම සමාජය පිරිහෙලා. ඒ නිසා ජීවිතවලට වැඩි වටිනාකම් ගෙනදෙන්නට, වඩාත් යහපත් මිනිසුන් බිහිකරන්නට, මිනිස්කම ගොඩනැගුණ මිනිස්කම පදනම් කරගත් සමාජයක් ගොඩනගන්න බාලදක්ෂ ව්‍යාපාරය මුළු ලෝකයේම තිබෙන උතුම් ව්‍යාපාරයක් බවට හඳුන්වන්න පුළුවන්.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු
අපේ දරුවන් නොමඟට පෙලඹවීම, තාක්ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැලඳගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම මේ කියන කරුණු පිළිබඳව මව්පියන් සේම අප සෑම කෙනෙක්ම දැඩි අවධානයකින් පසුවී ඒවායින් දරුවන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. අනාගතය සඳහා ගුණවත් දරුවන් පිරිසක් බිහිකරන්නට බාලදක්ෂ ව්‍යාපාරයට එම මෙහෙය කළ හැකි බව අප විශ්වාස කරනවා.

ඒ උතුම් කාර්යය ඉටුකිරීම සඳහා මෙවැනි මූලස්ථාන ගොඩනැගිල්ලක් ඔබට ලැබිම පිළිබඳ ඔබ සතුටු වෙනවා වගේම ඔබේ ප්‍රධාන බාලදක්ෂයා වගේම පාසල් ජීවිතයේ බාලදක්ෂයකු විදියට කටයුතු කළ මාද ඉතාමත් සතුටු වෙනවා. අපි දන්නවා අපේ සිංහල භාෂාවේ බාල කියන වචනය අංශ කිහිපයකට යෙදෙනවා. වයසින් අඩු වුණාම බාල කියලා කියනවා. ඒ වගේම දැනුමෙන්, ප්‍රඥාවෙන්, බුද්ධියෙන් අඩු වුණාමත් බාල කියලා හඳුන්වනවා. මෙතනදී අපි හඳුන්වන්නේ වයසින් බාල කියන එකයි.

ඒ නිසා දරුවන්ගේ මනසට වඩා යහපත් දේ දෙන්නට බාලදක්ෂයන් හෙවත් දක්ෂ දරුවන් බිහිකරමින් සමාජයට මෙහෙවරක් කරන්නට අපි සියලු දෙනාම කැපවිය යුතු වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයට ලැබුණු නව ගොඩනැගිල්‍ලේ තිබෙන සිසිලස සමග ඔබ සමග අප මේ මොහොත ගතකරනවා. ඔබ සෑම කෙනෙකුටම මේ රටේ බාලදක්ෂ ව්‍යාපාරය අනාගතයේදී අදට වඩා ශක්තිමත්ව ගොඩනගන්නට මේ නව ගොඩනැගිල්ල නව සෙවන වඩාත් ශක්තිමත් පිටිවහලක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමාටත් කොමසාරිස්තුමා ඇතුළු ඔබ සියලු දෙනාටමත් මගේ ගෞරවනීය ස්තූතිය පළ කරන අතරම බාලදක්ෂ ව්‍යාපාරය මේ රටේ ගොඩනැගීම සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම මම මගේ නිල කාලය තුළ මම නොපිරිහෙළා ඔබ වෙත ලබාදෙන බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නට කැමතියි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

විශේෂ ස්තූතිය
රිවිර පුවත්පතේ සුජිත් කෝනාරට
http://www.rivira.lk

-----------------------------
නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - මවුබිම 2015-12-24

මෛත්‍රි බාලදක්ෂයන් මුණගැහෙයි


'හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ' යනුවෙන් ගමේ භාෂාවේ කියමනක් තිබෙනවා. අනුන්ට පිහිට වෙන්න අනුන්ගේ දුක හඳුනාගන්න ළමා කාලය තුළ පුරුදු කිරීමේ ඓතිහාසික කාර්යභාරය බාලදක්ෂ ව්‍යාපාරය විසින් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බාලදක්ෂ ව්‍යාපාරයේ නව මූලස්ථානය විවෘත කරමින් පැවැසීය. 
අපේ රටේ ලක්ෂ 40ක පාසල් සිසුන්ගෙන් 50,000ක් බාලදක්ෂ ව්‍යාපාරය තුළ සිටිනවා. එය ඉතාමත් සතුටට කරුණක්. එම ප්‍රමාණය ලක්ෂයක් දක්වා වැඩි කරන්නට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇති කරන්නැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් දැනට ලබා දෙන සහායට වඩා වැඩි අනුග්‍රහයක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජනාධිපති සිරිසේන මහතා ඉල්ලීමක් කළේය. ආගම, ධර්මය හා මුසුව මිනිස්කම ගොඩනඟන බාලදක්ෂ ව්‍යාපාරය ලොව ඇති උතුම්ම ව්‍යාපාරයක් යැයිද ජනාධිපතිවරයා පැවැසීය. කොළඹ 2, චිත්තම්පලම් ගාඩිනර් මාවතේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පෙරේදා (22දා) පස්වරුවේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කර වසර 103ක් වන අතර මෙතෙක් පැවැති අඩුව සපුරමින් සියලු පහසුකම් සහිත නව පස්මහල් ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාද උත්සව සභාව අමතනු ලැබූ අතර ඒ මහතා විසින් ජනාධිපතිවරයාට විශේෂ තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.

ජනාධිපතිවරයා නිමල් ද සිල්වා මහතා බාලදක්ෂ ව්‍යාපාරයට කළ මෙහෙය අගයමින් සමරු තිළිණයක් ඒ මහතා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී බටුවන්ගල මහතා ඇතුළු නිලධාරීන්ද දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
අපේ රටේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර 103ක් සම්පූර්ණ වීමත්, ඒ වගේම මෙතෙක් කල් තමන්ගේ වූ මූලස්ථාන ගොඩනැඟිල්ලක අඩුව සපුරාලමින් අද නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වන ලෙසට මට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රථමයෙන් සතුටට පත් වෙනවා. ඔබ පැහැදිලි කළ ආකාරයටම පාසල් ජීවිතයේ බාලදක්ෂයෙක් විදියට කටයුතු කර ලබා ඇති අත්දැකීම් සමඟ බාලදක්ෂ ව්‍යාපාරයේ උත්සවයකට සහභාගි වෙන්න ලැබීම මා සලකන්නේ ඉමහත් ගෞරවයක් සහ භාග්‍යයක් ලෙසයි. ඒ නිසා මේ අවස්ථාව ඔබට වගේම මටත් වැදගත් අවස්ථාවක් වනවා.
බාලදක්ෂයෙක් විදියට පාසල් ජීවිතයේ කටයුතු කරපු ඒ යුගයට මේ අවස්ථාවේ මගේ මතකය දිව යනවා. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් මානවවාදී ව්‍යාපාරයක් විදියට බේඩ්න් පවල් සාමිවරයා ආරම්භ කළ බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු මහත් ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ සහ ඒකරාශී කිරීමේ කේන්ද්‍රයක් බවට පත්වී තිබෙනවා.

අපේ ගමේ භාෂාවේ තිබෙනවා කියමනක් 'හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ' කියලා. යහපත් මිනිසෙක් පිළිබඳව බලාපොරොත්තු තබන්න කුඩා කාලය තමයි වැදගත් වන්නේ. ළමා කාලය තුළ දරුවෙක් හසුරුවන ආකාරය සහ ඒ දරුවාට දෙන මඟ පෙන්වීම දරුවාගේ මුළු ජීවිතයම ගොඩනඟාගන්න ඉතාමත් වැදගත් වෙනවා. පරිත්‍යාගශීලී භාවය, කැපවීම, අනුන්ට පිහිටවීම, අනුන්ගේ දුක හඳුනා ගැනීම, ළමා කාලය තුළ පුරුදු කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන බව මම විශ්වාස කරනවා.

බෞද්ධ දර්ශනය තුළ ක්‍රිස්තු දර්ශනය තුළ වගේම අනෙකුත් ආගමික දර්ශන තුළත් අන් අයට උදවු උපකාර කිරීම, පිහිටවීම, ඉතාමත් උතුම් දෙයක් විදියටයි සලකන්නේ. බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු ලෝකවාසී ජනතාවටම ආගමික දර්ශන පසුබිම් වූ මානවවාදී සමාජයක් ගොඩනැඟීමේ කාර්යය සඳහා පුළුල් දායකත්වයක් ලබා දී තිබෙනවා.

අපේ රටේ පාසල් සිසුන් අද ලක්ෂ 40කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. ඉන් 50,000ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටීම ඉතාමත් සතුටට කාරණයක්. ඒ වගේම මම හිතන්නේ උදාවන නව වර්ෂය තුළ ඒ 50,000 ලක්ෂයක් දක්වා වැඩි කර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉලක්කසහගත ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා මා ඔබට යෝජනා කරනවා.

දැනට ලබාදෙන සහාය වගේම ඊට වඩා වැඩි සහායක් මේ සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් පාසල්වලිනුත් මා පෞද්ගලිකව ඉල්ලා සිටිනවා. තාක්ෂණික ලෝකයේ මුදල් මත සියල්ල තීන්දු කරන බහුතරයක් ඉන්න සමාජයක යහපත් බව හැදියාව මෙන්ම මිනිස්කම යටපත් වන කාලයකයි අප දැන් මේ සිටින්නේ.

ඒ නිසා නව තාක්ෂණය කෙතරම් දියුණු වුවත් මුදල් වටිනාකම් තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක් නොවන බව අපි දැඩි සේ විශ්වාස කරනවා. මිනිස් ජීවිතවලට වඩා මුදලට වැඩි වටිනාකමක් දෙන තත්ත්වයට අද මුළු මහත් ලෝකයේම සමාජය පිරිහිලා තිබෙනවා. ඒ නිසා ජීවිතවලට වැඩි වටිනාකම් ගෙනදෙන්නට, වඩාත් යහපත් මිනිසුන් බිහි කරන්නට, මිනිස්කම ගොඩනැඟුණ මිනිස්කම් පදනම් කර ගත් සමාජයක් ගොඩනඟන්නට බාලදක්ෂ ව්‍යාපාරය මුළු ලෝකයේම තිබෙන උතුම් ව්‍යාපාරයක් බවට හඳුන්වන්න පුළුවන්. අපේ දරුවන් නොමඟට පෙලඹවීම, තාක්ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැලැඳ ගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම මේ කියන කරුණු පිළිබඳ මවුපියන් සේම අප සෑම කෙනෙක්ම දැඩි අවධානයකින් පසුවී ඒවායින් දරුවන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. අනාගතය සඳහා ගුණවත් දරුවන් පිරිසක් බිහි කරන්නට බාලදක්ෂ ව්‍යාපාරයට එම මෙහෙය කළ හැකි බව අප විශ්වාස කරනවා.

ඒ උතුම් කාර්යය ඉටු කිරීම සඳහා මෙවැනි මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඔබට ලැබීම පිළිබඳ ඔබ සතුටු වෙනවා වගේම ඔබේ ප්‍රධාන බාලදක්ෂයා වගේම පාසල් ජීවිතයේ බාලදක්ෂයෙක් විදියට කටයුතු කළ මාද ඉතාමත් සතුටු වෙනවා. අපි දන්නවා අපේ සිංහල භාෂාවේ බාල කියන වචනය අංශ කිහිපයකට යෙදෙනවා. වයසින් අඩු වුණාම බාල කියලා කියනවා. ඒ වගේම දැනුමෙන්, ප්‍රඥාවෙන්, බුද්ධියෙන් අඩු වුණාමත් බාල කියලා හඳුන්වනවා. මෙතැනදී අපි හඳුන්වන්නේ වයසින් බාල කියන එකයි.

ඒ නිසා දරුවන්ගේ මනසට වඩා යහපත් දේ දෙන්නට බාලදක්ෂයන් හෙවත් දක්ෂ දරුවන් බිහි කරමින් සමාජයට මෙහෙවරක් කරන්නට අපි සියලු දෙනාම කැපවිය යුතු වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයට ලැබුණු නව ගොඩනැඟිල්ලේ තිබෙන සිසිලස සමඟ ඔබ සමඟ අප මේ මොහොත ගත කරනවා. ඔබ සෑම කෙනකුටම මේ රටේ බාලදක්ෂ ව්‍යාපාරය අනාගතයේදී අදට වඩා ශක්තිමත්ව ගොඩනඟන්නට මේ නව ගොඩනැඟිල්ල, නව සෙවණ වඩාත් ශක්තිමත් පිටිවහලක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමාත් කොමසාරිස්තුමා ඇතුළු ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පළ කරන අතරම බාලදක්ෂ ව්‍යාපාරය මේ රටෙහි ගොඩනැඟීම සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම මම මගේ නිල කාලය තුළ නොපිරිහෙළා ඔබ වෙත ලබා දෙන බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි.
 

විශේෂ ස්තූතිය
මවුබිම පුවත්පතේ උදේනි සමන් කුමාර 
http://mawbima.lk/86-101827-news-detail.html

-----------------------------

නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - දිණමිණ 2015-12-25

බාලදක්ෂ යන්නෙහි අරුත කුඩාකළ සිටම දක්ෂයකුවීමයි

පනස්දහසක් තරම් වන බාලදක්ෂයින් සංඛ්‍යාව ලබන වසර නිමාවන විට ලක්ෂයක් දෙනා දක්වා වැඩි කරගැනීමේ ඉලක්කයක් තබාගෙන කටයුතු කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් ඉල්ලීමක් කළේය. කොළඹ 2, සර් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථානය ඊයේ (22) සවස විවෘත කිරීමෙන් අනතුරුව පැවැති විශේෂ උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

බ්‍රිතාන්‍ය ජාතික බේඩ්න් පවල් සාමිවරයා වසර 1907 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කෙළේය. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ මඟපෙන්වීම් මත ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා විසින් මෙම ව්‍යාපාරය වසර 1912 දී මෙරටේ දී ද ආරම්භ විය. ඒ මාතලේ ක්‍රිස්තුදේව විදුහලේ බාලදක්ෂ කටයුතු ආරම්භ කරමිනි.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර 103ක් තරම් දිගු ඉතිහාසය තුළ යහපත් මානව සමාජයක් බිහි කිරීමට ලබාදුන් දායකත්වය අතිමහත්ය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීම මෙරට ප්‍රධාන බාලදක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවීම සතුටට කරුණකි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා- අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත් රජයේ ආයතනවල නිලධාරීන් සියලුදෙනාම බාලදක්ෂ ව්‍යාපාරය සාර්ථකව පාසල් පද්ධතියේ ක්‍රියාත්මක කිරීමට උදව් කරනවා. මම ඒ අයට පෞද්ගලිකවම කතාකර මේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථකව ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්න උදව් ඉල්ලා සිටිනවා.

මමත් හිටපු බාලදක්ෂ පෝතකයෙක්. බාලදක්ෂ ව්‍යාපාරය නමින්ම කියැවෙන්නේ බාල කාලයේ පටන්ම දක්ෂයින් වීමට ඉඩකඩ නිර්මාණය කරදීමයි. මානව දයාව, අනුන්ට උපකාර කිරීම, අන් අය දුකින්මුදා ගැනීම, කැපවීම අපේ දරුවන්ට කුඩා කාලයේ පටන් ඉගැන්විය යුතුයි. එයට හොඳම තෝතැන්න බාලදක්ෂ ව්‍යාපාරයයි. ජනාධිපතිවරයා කීය.

ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී බටුවන්ගල, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා හා නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ශිරාස් සාලි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි යන මහත්වරු ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවන්, බාලදක්ෂ දරු දැරියන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 103ක් ගත වුවද මේ වන තෙක් ස්ථිර ගොඩනැගිල්ලක් නොතිබුණු අතර, මෙම ගොඩනැගිල්ල මහල් 5කින් සමන්විත වේ. වාස්තු විද්‍යාඥ මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ නිර්මාණ දායකත්වයෙන් ට්‍රියෝ හා ෆෙයාර්වේ හොල්ඩින්ස් යන ආයතන ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

ලෝකයේ ළමයි වෙනුවෙන් බිහි වූ විශාලතම ස්වෙච්ඡා සංවිධානය වන බාලදක්ෂ ව්‍යාපාරය 1907 දී එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ දී බේඩ්න් පවල් සාමිවරයා විසින් ආරම්භ කරන ලද අතර 1912 දී ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර ඇත.
අද වන විට 50000 කට අධික දරුවන් පිරිසක් සාමාජිකත්වය දරන අතර ශ්‍රී ලංකාව පුරා බාලදක්ෂ දිස්ත්‍රික් 37ක දරුවන් ලෝක බාලදක්ෂ සාමාජිකත්වය දරයි. මේ වන විට ලෝක බාලදක්ෂ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත.

විශේෂ ස්තූතිය
දිණමිණ පවත්පතේ ජයසිරි මුණසිංහ

----------------------------
නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - සත්හඩ 2015-12-25

ශී‍්‍ර ලංකා බාලදක්ෂ නව මූලස්ථානය විවෘත කෙරේ 


ශී‍්‍ර ලංකාවේ ප්‍රධාන බාලදක්‍ෂ අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ සංගමයේ නව මුලස්ථානය විවෘත කිරීමේ උත්සවය පැවැත්විය. මේ අවස්ථාවට ප්‍රධාන කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා, ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති සි. බටුවන්ගල ඇතුළු බාලදක්‍ෂ කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් බාලදක්‍ෂ නායක නායිකාවන් බාලදක්‍ෂ දරු දැරියන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

----------------------------

ලෝකයේ ඇති උතුම්ම ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරයයි

http://www.puvath.lk/news.
http://www.adaderana.lk - December 23, 2015  09:31 am
බාලදක්ෂ ව්‍යාපාරයට දරුවන් එක් කිරීම සඳහා විදුහල්පතිවරුන් සහයෝගය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ දැනට පාසල් දරුවන් 50,000ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට එක්ව සිටින බවයි.
එය ලබන වසරේදී ලක්ෂය දක්වා වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මනුෂ්‍යත්වය පිරි සමාජයක් ගොඩනැගීම සඳහා ලෝකයේ ඇති උතුම්ම ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය බව  හෙතෙම පවසයි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

----------------------------

වානිජ සමාජයේ මූල්‍ය වටිනාකම තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක් නොවේ – ජනපති   

Dec 22, 2015 Pavithra Sandamali



ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද විවෘත කෙරිණ.
මෙම නව ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, කොළඹ 2 ගාඩ්නර් මාවතේදී ය.
මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ප්‍රධාන බාලදක්ෂකොමසාරිස් මහාචාර්ය නිමල්ද සිල්වා මහතාටද සමරු තිලිණයක් ප්‍රධානය කළේ ය.


 http://newsfirst.lk/sinhala

----------------------------

බාලදක්ෂ නව මූලස්ථානය ජනපති අතින් විවෘතවේ.. 

http://www.gossiplankanewstoday.com
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 22 දින විවෘත කරනලදි. මහල් පහකින් යුත් මේ ගොඩනැගිල්ල අංග සම්පූර්ණ  මූලස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
ප්‍රධාන කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී බටුවන්ගල,දිස්ත්‍රිික් බාලදක්ෂ කොමසාරිස්වරුන් ඇතුලු බාලදක්ෂ නායක නායිකාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධවිය.

----------------------------

බාලදක්ෂයින් 100,000ක ඉලක්කයක්

sinhala.digathanews.com - Monday , 28 December 2015
මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව 100,000 දක්වා ඉහළ නංවා ගැනීමට නව වසරේදී ඉලක්කගත වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී. දැනට පාසල් දරු දැරියන් 50,000ක් පමණ දෙනා බාලදක්ෂ ව්‍යාපාරයට එක්ව සිටින බවත්, තවත් දරුවන් ඊට එක් කර ගැනීම සඳහා විදුහල්පතිවරුන් සහයෝගය ලබා දිය යුතු බවත් හෙතෙම පවසයි. කොළඹ චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ඉදි කළ නව බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඊයේ විවෘත කිරීමේ අවස්ථාව අමතමින් ඔහු ඒ බව පැවසීය. හික්මීමකින් යුත් දරුවන් බිහි කරලීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය විශාල වැඩකොටසක් ඉටු කරන බව ඔහු කියා සිටියේය.

----------------------------

බාලදක්ෂයින් වැඩි කරමු










- See more at: http://www.lakdana.lk/si/news/%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94#sthash.PChQJaxu.dpuf
අමිල වනිගසේකර විසින්