Translate

Thursday, December 19, 2019

54th Colombo Scout Camporee - 2019

54th Colombo Scout Camporee - 2019 (54වන කොළඹ බාලදක්ෂ කැම්පෝරිය - 2019) 54 ஆவது கொழும்பு கெம்போறி கடந்த மாதம் Theam - "Forward Together" "එක්ව ඉදිරියට" 2019 December 19 to 23 at Ratmalana Hindu College premises 

Sri Lanka Scout Association Colombo District Branch organises Colombo District Scout Camporee. The 54th Colombo Scout Camporee organised annually by the Colombo district branch of the Sri Lanka Scout Association will be held from 2019 December 19 to 23 at Ratmalana Hindu College premises and Kandawala, Maha Vidyalaya premises.


“Forward Together” is the theme of the camporee and around 2500 boy scouts and girl guides including Singithi scouts and cub scouts representing about 60 schools in Colombo are expected to set up camps at this Scout Camporee organised by a committee headed by the Assistant District Scout Commissioner, Geeth Ramesh. Various programmes aimed at aiding physical growth, intelligence and emotional, spiritual, social and cultural development of scouts and girl guides will be organised and 25 activities including camp bonfires, cultural events, concerts, obstacle walks, sport events, educational fairs and practical activities are expected to be implemented. 

Scouts will be engaged with setting up camps and camp equipment including dining table, bag counter, shoe rack and plate rack from December 19 afternoon. The opening ceremony will be held in the evening of December 20. The camporee will be monitored on a daily basis and scout teams maintaining high standards will be awarded victory flags. The concert unveiling the talents of scouts will be held on December 19 at 7 p.m. and Cub Scouts’ Day will be on December 21 throughout the day. Christmas carol concert of cub scouts is one of the special events scheduled for that day. Camp bonfire will be held with the participation of parents at night on the same day. The special programme by Singithi scouts is scheduled to be held on December 22, and on the same day the last rally of the camporee will be held in the evening.

CBL Samaposha inspires scouts to inculcate healthy breakfast habits CBL Samaposha, in working towards empowering a future led by young leaders upholding good morals and understanding the importance of advocating a healthy breakfast, offered the young scouts at the 54th Colombo District Scout Annual Camporee, the opportunity to truly understand and appreciate the importance of cultivating good values in their lives. This has been in line with the healthy breakfast movement initiated by Samaposha which has grown in momentum and reach in the past one and a half years, advocating the message on the importance of a nutritious start to the day.

The five-day camporee took place at Hindu College grounds, Ratmalana and overlooked 2,500 scouts participating from over 45 schools in Colombo along with 2,000 cub scouts ranging from ages seven to ten, and for the first time ever, over 750 singithi scouts, ranging from ages five to seven attending the 54th annual camporee. CBL Food Cluster able to support an event of this nature by imparting a positive and thought-provoking message on the importance of a balanced and healthy breakfast to a forum of both young and old. A message that holds true value which can be proudly carried on to society.” The eager teams along with their troops cheering from the side lines were true breakfast heroes as they displayed teamwork, strong morals in supporting each other. 10 teams were selected for the best dishes and the first, second and third place was awarded to Al-Hidaya National, Wesley College and St. Andrews College, in that order. Each team member was also awarded with a certificate for their participation and contribution to the challenge.


These young leaders of tomorrow then united together after the competition to pledge in carrying forth the message of the importance of healthy values to their peers along with the value of a healthy breakfast to their families and society. 

The camporee ended on a high note in which scout and parent alike took away the sincere appreciation in understanding how a healthy breakfast would support a child’s physical development whilst healthy values help form tomorrow’s leaders. 




 

කොළඹ දිසා බාලදක්ෂ සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිසා කැම්පෝරිය මෙවරත් 54 වැනි වරට දෙසැම්බර් මස 19 සිට 23 වැනිදා දක්වා රත්මලාන හින්දු විදුහල් පරිශ්‍රයේදී හා කඳවල මහා විදුහල් පරිශ්‍රයේදී පැවැත්වේ.

54 ஆவது கொழும்பு கெம்போறி கடந்த மாதம் 19ஆம் திகதி தொடக்கம் 23ஆம் திகதி வரை இரத்மலான இந்துக் கல்லூரியில் நடைபெற்றது. இதற்கு கொழும்பைச் சேர்ந்த 55 க்கும் மேற்பட்ட பாடசாலைகள் பங்கு கொண்டன. இந்த சாரண பாசறைக்கு 31ஆவது கொழும்பு சாரணர் குழு முதற் தடவையாக பங்கு பற்றியிருந்தது. 

#camporee2019 #wintercamp #cmbscouts #scout #cmbscouts #colombocamporee #54thColomboCamporee #TogetherTowardsTomorrow #54th #colombo #scout #camporee #scout #camping #guide #singithi #cubscout #rathmalana #srilanka #ColomboScoutCamporee #2019

      

Wednesday, December 18, 2019

නුවන් ප‍්‍රසාද් තලගල සුබ ගමන්!

scout

‘‘අයියගේ අත වීදුරුවට කැපිලා වේදනාවෙන් ඉන්න වෙලාවේ එතනට අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ වාහනයෙන් රෝහලට යමු කියලා. එතකොට අයියා කියලා තියෙනවා ඔයාගේ වාහනේ ලේ ගෑවිලා අපිරිසිදුවෙයි ඇම්බියුලන්ස් එකෙන්ම රෝහලට යනවා කියලා. එහෙම කියපු මගේ රත්තරං අයියා අද මට නැතිවෙලා... යැයි දිල්කි තාරකා තලගල මෙනෙවිය දැඩි කම්පනයෙන් යුතුව පැවසුවාය.

සීට් එකේ ලේ ගෑවෙයි කියා අයියා වාහනේට යන්න කියලා ඇම්බියුලන්ස් එක එන විට විනාඩි 30 ක් පරක්කු වෙලා - එකම සොහොයුරිය හඬා වැළපෙමින් කිය.

වීදුරුවකට අතකැපී සිදුවූ අනතුරින් මියගිය බාලදක්‍ෂ ආචාර්යවරයාගේ ශෝකාන්තය

සිය ව්‍යාපාරික ස්ථානයේදී සවිකිරීමට ගිය වීදුරුවක කොටසක් දෙකට කැඞී වම් උරහිස හා වැලමිට අතර ප‍්‍රදේශයට වැදී කැපී බරපතළ තුවාල ලබා අවාසනාවන්ත අන්දමින් බාලදක්‍ෂ ආචාර්යවරයකු මියයෑම සම්බන්ධයෙන් තොරතුරු සොයා අගෝස්තු 03 වැනිදා දහවල් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 වැනි කොළඹ බාලදක්‍ෂ සමූහයේ ආචාර්යවරයකු මෙන්ම නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකුද වූ නුවන් ප‍්‍රසාද් තලගල මහතාය. ඒ මහතා මියයන විට 34 වැනි වියේ පසුවිය. ඔහුගේ මෙම අවාසනාවන්ත වියෝවෙන් පියාවන සරත් තලගල මහතාත්, මවුවන රෝහිණී පෙරේරා මහත්මියත්, එකම නැගණිය වන දිල්කි තාරකා තලගලත් දැඩි කම්පාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිවිය. එසේම තලගල මහතාගේ අකල් වියෝව දැනගත් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් මෙන්ම එගොඩවත්ත ප‍්‍රදේශයේ විශාල පිරිසක් නිවසට පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.

මෙහිදී තවදුරටත් කතාකළ තලගල මහතාගේ එකම නැගණිය මෙසේද කියා සිටියාය.

‘‘මේ සිද්ධිය වුණේ 2019.07.30 වැනිදා හවස 5.30 ට විතර. සිද්ධිය වෙන්න පැය 2 කට කලින් අයියා රෝල්ස් වගයක් අරන් ගෙදර ආවා. ඒ ඇවිත් අයියයි, මායි තාත්තාට විහිළුවක් කළා. ඊට පස්සේ අයියා රෝල්ස් කාලා තේ බීලා පිළියන්දල ලී බඩු ෂොප් එකට යනවා කියලා ගියා. අනේ දෙයියනේ ඊට පස්සේ තමයි ආරංචි වුණේ අයියට ෂොප් එකේදී අනතුරක් වෙලා කියලා.

‘‘අයියගේ ලී බඩු වෙළෙඳ සලට අමතරව ? කෑම කඩයක් කෙනකුට කරන්න දෙන්නයි හිටියේ. අන්න ඒකේ ෂෝකේස් එකට වීදුරුවක් සවිකරන්න අයියා වීදුරුවක් උස්සලා තියෙනවා. එතන අයියගේ සේවකයකුත් ඉඳලා තිබෙනවා. අයියා ඒ වීදුරුව උස්සලා තියන්න හදනවාත් එක්කම වීදුරුව දෙකට කැඩිලා තියෙනවා. එහිදී ඒ වීදුරු කොටසක් අයියගේ උරහිසයි වැලමිටයි අතර ප‍්‍රදේශයේ වැදිලා කැපිලා තියෙනවා.

‘‘එහිදී අයියා රෙදි කැබැල්ලකින් ලේ ගලන තැන තදකරගෙන ඉඳලා තියෙනවා. මේ වෙලාවේ එතනට ආපු අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා යමු මං රෝහලට ගිහින් දාන්නම් කියලා. නමුත් අයියා ඒකට කැමති වෙලා නැහැ. එයා කියලා තියෙනවා වාහනයේ ලේ ගෑවෙයි ඇම්බියුලන්ස් එක ආවාම යනවා කියලා. කොහොම හරි ඇම්බියුලන්ස් එක එනකොට විනාඩි 35 ක් විතර ගිහින්. පස්සේ එතන හිටපු අය අයියව ඇම්බියුලන්ස් එකට දාලා තියෙනවා. කොහොම හරි පිළියන්දල රෝහලට අයියාව ගෙනියනකොටත් අයියා මියගිහින්. අයියට මේ අනතුර වෙච්ච වෙලාවෙම අයියව රෝහලට ගෙනිච්චනම් අයියාගේ ජීවිතය බේරාගන්න තිබුණා. දැන් මට මගේ අයියා නැහැ දෙයියනේ.... අයියා නැතුව මම දැන් ගෙදර ඉන්නේ කොහොමද දෙයියනේ...

‘‘අයියා බාලදක්‍ෂ සමූහය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළේ. අයියා මෑතක් වෙනකම් රැකියාවක් කළේ නැහැ. අයියා කළේ නවක බාලදක්‍ෂයන්ට මගපෙන්වන එකයි. අයියා පිළියන්දල ටිම්බර් වර්ක්ස් ආයතනය පටන් ගත්තේ ළඟදී. මම අවුරුදු තුනක්ම හිටියේ ජපානයේ. ඒ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. අයියා මට කෝල් කරලා කිව්වා මාව බලන්න ඕනේ ලංකාවට එන්නේ නැද්ද කියලා. අයියගේ ඒ ඉල්ලීම නිසා මම පසුගිය ජුනි 14 වැනිදා ලංකාවට ආවේ.

මෙහිදී හැඬූ කඳුළින් කතාකළ තලගල මහතාගේ මෑණියන් වන රෝහිණී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය.

අවුරුදු 25 ක්ම එයා බාලදක්‍ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපකළා. මගේ පුතාට මෙහෙම විපතක් වෙයි කියලා මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ.

බාලදක්‍ෂ දරුවන් සිය ආචාර්යවරයාගේ නිසල දේහය අසල නිසොල්මන්ව රැඳී සිටිමින් ගෞරව බුහුමන් දක්වන අයුරු දැකගත හැකිවිය. එපමණක් නොව ඔහුගේ සමකාලීන මිතුරෝ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වූහ.

1994 වර්ෂයේදී පෝතක බාලදක්‍ෂයකු ලෙසින් එක්වුණු තලගල මහතා 1996 දී පෝතක බාලදක්‍ෂයකු ලබන ඉහළම තරුව වන රන් තරුව හිමිකර ගත්තේය. පසුව ඔහු බාලදක්‍ෂයකු ලෙස දිවුරුම් දුන්නේය. එහිදී කනිෂ්ඨ බාලදක්‍ෂයකු ලෙස ඔහු කොළ රැහැනද දිනා ගත්තේය.

2000 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ අංශයට යොමුවෙන ඔහු 2003 වර්ෂයේදී බාලදක්‍ෂයකුට ලබාගත හැකි උසස්ම පදක්කම වන ජනාධිපති ප‍්‍රදානය ලබා ගත්තේය.

ඉන් අනතුරුව මානවක බාලදක්‍ෂයකු ලෙස දිවුරුම්දී බාලදක්‍ෂ නායකයකු වශයෙන් අදියර 5 ක පාඨමාලාව හිමිකර ගත්තේය. පසුව බාලදක්‍ෂ නායකයකු වශයෙන් ලබාගත හැකි ලී පදක්කම 2016 වසරේදී ඔහු හිමිකර ගත්තේය.

අනතුරුව 2017 වසරේදී ඔහු කොළඹ දිසාවේ බාලදක්‍ෂ පුහුණු කිරීමේ මණ්ඩලයට පත්වේ.

බාලදක්‍ෂ නායකයකු වශයෙන් බාලදක්‍ෂ පුහුණුව සඳහා යොමුවන නවකයින්ට දැනුම ලබාදී ඔවුන්ට ජනාධිපති පදක්කම දක්වා මෙහෙයවීමේ භාරදුර කටයුත්ත මෙහෙයවීමේලා ද ඔහු ප‍්‍රමුඛව කි‍්‍රයා කළේය.

තලගල මහතා සිය 34 වැනි උපන් දිනය පසුගිය 20 වැනිදා සිය මිතුරන් සමඟ නිවසේදී සැමරීය.

තලගල මහතා පෙරේදා (03 වැනිදා) මලහිරු බැසයන යාමයේ උඩහමුල්ල පොදු සුසානභූමියේ විශාල පිරිසකගේ ශෝකාලාපයන් මැද සමුගෙන ගියේය.

Monday, December 9, 2019

ශත සංවත්සර ගිල්වෙල් සුහද හමුව - 2019

ගිල්වෙල් හා කුඩු හොරණෑව


ගිල්වෙල් සුහද හමුව යනු වර්ෂ 1919 දී ආරම්භ කල පලමුවන ලී පදක්කම් පාඨමාලාව සනිටුහන් කිරීම පිණිස පිහිටුවන ලද වාර්ෂික හමුවකි.

මෙය වර්ෂ 1921 සිට සෑම වසරකම (දෙවන ලෝක යුද්ධය පැවති වසර 4 හැර ) ක්‍රියාත්මකව පවත්වනු ලබන අතර එය බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩිහිටියන්ට ක්‍රියාකාරකම් සහිත ප්‍රීතිමත් සති අන්තයක් විඳීමට මෙන්ම දැනුම බෙදාගනිමින් විනෝද වීමට හොඳ අවස්ථාවකි.
 
ශතවර්ෂයක් සපිරි ගිල්වෙල් උද්‍යානයේ මෙවර පැවැත්වූයේ 93 වන ගිල්වෙල් සුහද හමුවය. එය පසු ගිය සැප්තැම්බර් මස මුල් සතියේ එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේදී අති උත්කර්ෂවත් අයුරින් සැමරුණු අතර පලමුවන ගිල්වෙල් බාලදක්ෂ සමූහයට අයත් දහස් ගනන් වූ සාමාජිකයන් ඊට සහභාගි වූහ .

බාලදක්ෂ නායකයෙකු ලෙසින් (ශ්‍රී ලංකාවේ නම් බාලදක්ෂ ආචාර්ය වරයෙකු/වරියක )ලබා ගත හැකි උසස්ම ප්‍රදානය වන ලී පදක්කම් පුහුණු පාඨමාලාව සපුරා ලීපබළු හා ගිල්වෙල් කරලේන්සුව පළඳින පලමුවන ගිල්වෙල් බාලදක්ෂ සමූහයට අයත් ලොව පුරා වෙසෙන ලී පදක්කම් ධාරීන් වාර්ෂිකව එකට හමුවෙති .

ශ්‍රී ලංකාවේ ශත සංවත්සර සපිරි ගිල්වෙල් උද්‍යාන සුහද හමුව ලබන සතියේ එනම් දෙසැම්බර් 14 ,15 යන දෙදින පුරා මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ගිල්වෙල් උද්‍යානය හා බැඳුණු කුඩු හොරණෑව පිළිබඳව කතාව


කුඩු හොරණෑව හෙවත් කුඩු අං දිගු කලක් තිස්සේ බාලදක්ෂයන්ගේ හා ලී පදක්කම් පුහුණුවේ සංකේතයක් විය. එය ප්‍රථම වරට බාලදක්ෂයන් උදෙසා භාවිතයට ගනු ලැබුවේ වර්ෂ 1907 දී බ්‍රවුන්සි දූපතේ පැවති ලොව පලමු අත්හදා බැලීමේ කඳවුරේදීය.

ඉන් වසර 13 කට පසුව එනම් වර්ෂ 1920 දී ගිල්වෙල් බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාවේදී නැවත භාවිතා කරන ලදී .(පලමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලද්දේ එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේ දී 1919 සැප්තැම්බර් 8 සිට 19 දක්වාය)

කුඩු අං හොරණෑව මුලින්ම හඳුනා ගනු ලැබුවේ බේඩ්න් පවෙල් සාමිවරයා විසිනි .1896 දී දකුණු අප්‍රිකාවේ කර්නල් වරයෙකු ලෙසින් හමුදා සේවයේ යෙදී සිටියදී මැටබෙලේ සටනේදී ඔහු ඇතුළු පිරිස ෂැන්ගානී ගඟ තරණය කරමින් සිදුකළ වැටලීමකදී සතුරන් අතරින් ක්ෂණික පැතිරගිය අනතුරු හැඟවීමේ සංඥාවක් පිළිබඳව බීපී වික්ෂිප්ත විය.අනතුරුව සොයා බැලීමේදී ඔහුට අවබෝධ වූයේ මැටබෙලේ රණශූරයන් අතිවිශාල ශබ්දයක් සහිත යුධ අඟක් භාවිතා කරන බවයි .ඔවුන් තම සතුරා පිළිබඳව දැනුම දීම කලේ එලාම් හඬක් මෙන් ශබ්දයක් නිකුත් කරන ලද්දේ කුඩු අං හොරණෑවෙනි.කුඩු හොරණෑවෙන් නිකුත්කරන ශබ්දය විශාල වේගයකින් යුක්තය .

ඉන් වසර 11 කට පසුව එනම් 1907 දී කුඩු අඟ යලි කරලියට පැමිණීම පුදුම සහගත ය.

කුඩු යනු අප්‍රිකානු ඇන්ටිලොප් මුව විශේෂයකි.එය රත් පැහැයට හුරු අළු පැහැයට හුරු නිල් පාටින් යුක්තය.කුඩු මුවන් හෙවත් ගෝනුන්ගේ අඩි පහක් පමණ උසින් පිහිටි අං තට්ටුව වඩාත්ම අලංකාර වන්නේ විශ්මය ජනක සර්පිලාකාර පිහිටීමයි.

ගිල්වෙල්හි හා ඇමරිකානු බාලදක්ෂ සංගමයේ BSA ලී පදක්කම් පුහුණු පාඨමාලාවේ ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දැනුඳු කුඩු අං හොරණෑව පිඹිමින් පාඨමාලාව ආරම්භ කරන අතර මුල් වරට භාවිතා කල කුඩු අඟ ගිල්වෙල් උද්‍යානයේ තැන්පත් කර ඇත .

මේ වසරේ පැවති වසර 100 සපිරි ගිල්වෙල් සුහද හමුවට සහභාගි වූ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාද වරයා ගිල්වෙල් අමුත්තන්ගේ සටහන් පොතේ තැබූ සටහන මෙසේය
 
"ගිල්වෙල් උද්‍යානය කැපී පෙනෙන සන්ධිස්ථානයකට පැමිණ ඇත .වසර 100 තිස්සේ එය බාලදක්ෂයන්ගේ අධ්‍යාත්මික නිවහන වූ අතර, වැඩිහිටි ස්වේච්ඡා සේවකයන් හා තරුණයින් දහස් ගනනකගේ ජීවිතයට කුසලතා වලින් පිරි ලොවකට යාමට උද්යෝගය ලබා දී ඇත.
 
ගිල්වෙල් උද්‍යානය විශිෂ්ඨ සුන්දරත්වයෙන් යුත් ස්ථානයකි.එය චරිතය ,මිත්‍රත්වයෙන් මතකය ඇතිකරන ස්ථානයකි."

විශේෂ ස්තූතිය
#KD
බාලදක්ෂ ආචාර්ය
 
 
 
ලී පදක්කම් උසස් පාඨමාලාගැන වැඩි විස්තර සඳහා - http://baladakshaya.blogspot.com/2017/09/blog-post.html



Sunday, December 1, 2019

රත්නපුර බාලදක්ෂයෙක් හෙලිකොප්ටරයක් හදලා!

හෙලි­කො­ප්ට­ර­යක් හදා­ගෙන ගුව­න්ගත වෙන්න හීන දකින කුරු­විට කොල්ලා

අපි රත්න­පුර කුරු­විට මධ්‍ය මහා විද්‍යා­ලය වෙත යමින් සිටි­යෙමු. අප යන්නේ බාලදක්ෂ පුතෙකු මුණ­ගැ­සෙ­න්න­ටය. ඔහු ඒ.එල්.තරු­ෂික දිලංක ය. තරුෂ හොයා­ගෙන යන්නට තරම් වටිනා දරු­වෙක් විය. හොයා­ගෙන ගොස් ලියා­ත­බ­න්නට තරම් තරුෂ අරුම දරු­වෙක් වූයේය. මේ කොලු පැටියා හෙලි­කො­ප්ට­ර­යක් නිර්මා­ණය කෙළේය. ගුව­න්ගත විය හැකි එම හෙලි­කො­ප්ට­රය නිර්මා­ණය කර තිබුණේ යතු­රු­පැදි එන්ජි­මක් උප­යෝගී කර­ගෙ­නය. 



තරුෂ දිලංක අධ්‍යා­ප­නය ලබන්නේ රත්න­පුර කුරු­විට මධ්‍ය මහා විද්‍යා­ලයේ දහ­තුන් වැනි වස­රේය. ඒ තාක්ෂණ අංශ­යෙනි. තරුෂ මේ හෙලි­කො­ප්ට­රය නිර්මා­ණය කරන්නේ පාසලේ පැවති තාක්ෂණ ප්‍රද­ර්ශ­න­යක් සඳ­හාය. බයි­සි­කල් එන්ජි­ම­කින් තැනූ හෙලි­කො­ප්ට­රයේ පෙනුම නිය­මය. ඒත් යාළු­වන් කීවේ එය තැනුවේ පාරේ යන්න කියාය. සිනා වෙවී සිටි තරුෂ ප්‍රද­ර්ශ­නය අත­ර­මැද හෙලි­කො­ප්ට­රය ක්‍රියා­ත්මක කර අවශ්‍ය නම් එයට ගුව­න්ගත විය හැකි බව පෙන්නු­වේය.

විදු­හ­ල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩ­ල­යත්, යහළු යෙහෙ­ළි­ය­නුත් ඇස් උඩ තියා­ගත්තේ එය ක්‍රියා­ත්මක වන ආකා­රය දුටු විටය. එදා සිට මේ අපූරු කොලු­පැ­ටියා ගැන විවිධ කතා ඇසිණි. පුව­ත්ප­ත්වල ඔහු ගැන වාර්තා පළ වූයේය. තරුෂ සොයා­ගෙන යෑමේ නොනිත් ආශාව අප තුළ හට­ගන්නේ ඒ කතා වටින් පිටින් ඇසෙන විටය.
 

අප පාස­ලට යන විට ඔහු සිය අධ්‍ය­යන කට­යු­තු­වල නිර­තව සිටි­යේය. ලද මද විරා­ම­ය­කින් අන­තු­රුව විදු­හ­ල්ප­ති­තු­මාගේ අව­ස­රය මත ඔහු සමඟ සංවා­ද­යක් ඇති කර­ගැ­නී­මට අපට හැකි විය. ඔහු හඬ අවදි කළේය.

" මම කොහො­මත් පුංචි කාලයේ ඉඳල ම පොඩි පොඩි විදුලි උප­ක­රණ කඩලා ඒවා වෙනස් කරල වෙනත් නිර්මාණ බවට පත් කර­නවා. එසේ කිරී­මට මට ලොකු ආසා­වක් තිබුණා. මෙහෙම කරන කොට මුල දී ගොඩක් නිර්මාණ අසා­ර්ථක වුණා. ඒ වේලා­වට මම ගොඩක් ඉව­සී­මෙන් වැර­දුණු තැන නිරී­ක්ෂ­ණය කළා. ඊට පස්සෙ නැවත උත්සාහ කළා. අධ්‍යා­පන කට­යු­තු­ව­ලින් පරි­බා­හි­රව කව­දා­හරි මම අලුත් නිමැ­වු­මක් කරන්න උත්සාහ කළා. ඒ අද­හස සැබෑ කර ගන්න ගොඩක් කැප වුණා. හෙලි­කො­ප්ට­ර­යක් හදන එක කාල­යක් තිස්සෙ මගේ හිතේ තිබුණු ලොකු ආසා­වක්. ”

“ඒක ඉලක්ක කර­ගෙන මීට කලින් අවස්ථා කිහි­ප­යක දී නිර්මාණ කීප­යක් කරන්න උත්සාහ ගත්තා. වාහන කීප­යක්ම හදන්න වෙහෙ­සුණා. බොහොම දැඩි වෙහෙ­ස­කින් පස්සේ ඒ උත්සා­හ­යන් සියල්ල සාර්ථක කර­ගන්න පුළු­වන් වුණා. ඒ හින්දා මගේ හිතේ තිබුණු ලොකුම හීනය වුණ හෙලි­කො­ප්ටර් එකක් හදන්න හිතා ගත්තා. ඒ අර­මුණ ඔස්සේ වැඩ කළා. මගෙ අර­මුණ වුණේ ඉස්කෝලෙ තියන තාක්ෂ­ණික ප්‍රද­ර්ශ­න­යට මේ හෙලි­කො­ප්ට­රය හදලා ඉදි­රි­පත් කිරී­මයි. ”

“ මගේ අප්පච්චි කාර්මික ශිල්පි­යෙක්. එයා ගාමිණි පුෂ්ප කුමාර. අප්පච්චි මට මේ නිර්මා­ණය කරන්න ලබා­දුන් සහ­යෝ­ගය කියලා නිම කරන්න බෑ. එයාගේ ප්‍රායෝ­ගික දැනුම මට නම් පුදු­මයි. තාත්තගේ වැඩ­පොළේ සේවය කරන සිය­ලුම දෙනාත් මේ වැඩේට උදව් කළා. ඉතින් මම වැඩේ පටන් අරන් කර­ගෙන ගියා.”

විදු­හ­ල්පති එස්.අතුල සිරි­මෙ­වන් මහ­ත්මයා තාත්තා කෙනෙක් වගේ කෙනෙක්. එතුමා ඉස්කෝලෙ ළම­යින්ට හොඳ අව­ස්ථා­වක් ලබා දුන්නා නව නිර්මාණ ඉදි­රි­පත් කරන්න. ඒ තමයි විද්‍යා­ල­යීය වාර්ෂික තාක්ෂ­ණික ප්‍රද­ර්ශ­නය. වර්ෂ 2018 දී මේ ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වුණේ නෑ. ඒත් කවදා හරි ප්‍රද­ර්ශ­න­යට තියන්න හිතා­ගෙන මම මෝටර් රථ­යක් හදන්න පටන් ගත්තා.

 
 
මේ අතරෙ තමයි මගේ හෙලි­කො­ප්ටර් හීනය ආයෙත් එළි­යට ආවේ. ඒකට නිමි­ත්තක් තිබුණා. දව­සක් කුරු­විට ප්‍රාදේ­ශීය සභා ක්‍රීඩාං­ග­ණ­යට හෙලි­කො­ප්ටර් යාන­යක් ආවා. ඒක දැකලා මගේ ආශාව ගොඩාක් වැඩි වුණා. මම ළඟ­ටම ගිහින් හෙලි­කො­ප්ට­රය බැලුවා. එදා තමයි මට මුල්ම වතා­වට හෙලි­කො­ප්ට­ර­යක් ළඟට ගිහින් නිරී­ක්ෂ­ණය කරන්න ලැබුණේ. ඒ වේලාවෙ මම හිතුවා කොහොම හරි හෙලි­කො­ප්ට­ර­යක් හද­නවා කියලා. මෝටර් රථය හදන එක පැත්ත­කින් තියලා ඒ ගැන මම අම්මට කිව්වා. අම්මා කිව්වා " අනේ හෙලි­කො­ප්ට­ර­යක් දැක­ලත් නැති අපි කොහො­මද ඕක හදන්නේ" කියලා. මම කිව්වා " නෑ මට පුළු­වන්... මම හෙලි­කො­ප්ට­ර­යක් දැක්කා ”කියලා. පස්සෙ හිත ශක්ති­මත් කර­ගෙන පාස­ලට ගිහින් විදු­හ­ල්ප­ති­තු­මාට විස්ත­රය කිව්වාම විදු­හ­ල්ප­ති­තුමා කිව්වා "හරි පුතා ... ඔයාට පුළු­වන්... වැඩේ පටන් ගන්න කියලා මාව දිර්මත් කළා”. යහ­පත් ගුරු­ව­ර­යෙ­කුට දරු­වෙ­කුට ලබා දිය හැකි වචන මාත්‍ර­යක දිරි­මත් මඟ­පෙ­න්වීම ලෝක­යක් වෙනස් කළ හැකි තර­ම­ටම ප්‍රබ­ලය.

“මේ සඳහා මම භාවිතා කළේ යතු­රු­පැ­දි­යක ඇන්ජි­මක්. ඉතිරි උපාංග සඳහා ඉව­ත­ලන යකඩ කෑලි ආදිය යොදා ගත්තා. පෙති වල ප්‍රමා­ණ­යන් අවස්ථා කිහි­ප­යක දීම වෙනස් කළා. අන්ත­ර්ජා­ලය පාවිච්චි කරලා නොදත් දේවල් ගොඩක් දැන ගත්තා. අන්ති­මට මම මගේ ඉල­ක්කය ජය ගත්තා. දැන් තියෙන්න මම හදාපු හෙලි­කො­ප්ට­රය ඉහ­ළට ඔස­ව­න්නයි. ඒ අව­ස්ථාව නෛති­කව ලැබෙ­න­තුරු මම ඇඟිලි ගනි­නවා. ඊට අවශ්‍ය ලේඛණ මේ වන­විට මා මගේ වැඩි­හි­ටි­යන් මාර්ග­යෙන් සම්පූර්ණ කර­මින් ඉන්නවා. මොකද හෙලි­කො­ප්ට­ර­යක් වගේ මෙව­ල­මක් ලංකාවේ නිෂ්පා­ද­නය කළාම රටේ නීති­යට අනුව වැඩ කරන්න ඕන. ඒ නිසා විදු­හ­ල්ප­ති­තුමා මගින් කුරු­විට පොලිස් ස්ථානා­ධි­ප­ති­තු­මාට මේ බව දැනුම් දුන්නා. ඔහු කීවේ ගුවන් යාන­යක් හදන්න පුලු­වන් වුණාට එය ගුව­න්ගත කරන්න නම් ගුවන් හමු­දා­වෙන් අව­සර ගන්න වෙනවා කියලා. පොලි­සි­යෙන් කරන්න තියෙන දේවල් මම කරලා දෙන්නම් කිව්වා. තව දුර­ටත් කිව්වෙ කිසිම හේතු­වක් නිසා අන­ව­ස­ර­යෙන් ගුව­න්ගත කරන්න එපා කියලා.”

ඉතින් තරු­ෂගේ හෙලි­කො­ප්ට­රය තවම ගුව­න්ගත වුනේ නැත. එය අඩි­යක් දෙකක් හෝ උඩ යන්නට බලා­ගෙන බිමට වී හිඳී. එය අති­ශ­යින් ප්‍රවේ­ශ­ය­මෙන් දියත් කළ යුතු බැරෑ­රුම් කට­යු­ත්තක් බව සැබෑය. නමුත් තරුෂ මේ නිර්මා­ණය හරහා කියන්නේ අපේ රටේ අනා­ගත මානව සම්පතේ ප්‍රභා­මත් බවය. අවශ්‍ය මග­පෙ­න්වීම හා පහ­සු­කම් ඇත්නම් මේ රටේ අනා­ග­තය මේ තරු­ණ­යන් විසින් සමෘ­ද්ධි­මත් කරනු ඇති බවය.

මේ නිර්මා­ණ­යට මට උදව් කළ මගේ අම්මා­ටත් අප්ප­ච්චි­ටත් පාසලේ විදු­හ­ල්ප­ති­තුමා, තාක්ෂණ අංශ­භාර ගුරු­තුමා සහ තාක්ෂණ අංශයේ සැම­ටත් උෂාන් මල්ලී මාධව ඇතුළු සියලු දෙනා­මත් ස්තුති­ව­නත් වෙනවා. ඔවුන්ව ඉතා ආද­ර­යෙන් සිහි­පත් කර­නවා. රට­පුරා ඉන්න මගේ පාසල් යාලුවො හැමෝ­ටම මම කියන්නෙ උත්සා­හ­ව­න්තව තමන්ගේ හැකි­යා­වන් ඉදි­රි­පත් කරන්න කියලා. ඒක අපේ අද දවසේ යුතු­කම හා වග­කීම කියන එක තේරු­ම්ගත යුතුයි. නවීන තාක්ෂ­ණය භාවිතා කරලා අපේ ජීවි­තය ට වටි­නා­ක­මක් එකතු කර­ගන්න පුලු­වන් බව මම පෙන්වලා දුන්නා. අව­සාන වශ­යෙන් ඔහු කියා සිටි­යේය.
 



 
-------------------------------

අහසින් යන්න මට පුලූවන්... හෙළිකොප්ටරයක් හැදූ කුරුවිට මධ්‍ය විද්‍යාලයේ දිලංක....

අදින් මාස 06 කට පමණ පෙර එක්තරා දිනයක් ය. පළාතම දෙවනත් කරමින් ඉහළ අහසින් ශබ්දයක් ඇසෙන්නට ගන්නා අතර, තවත් මද වේලාවකින් ප‍්‍රදේශවාසීන්ට දැක ගන්නට ලැබෙන්නේ කුරුවිට මහජන ක‍්‍රීඩාංගණය වෙත හෙලිකොප්ටර් යානාවක් ගොඩබස්සවන ආකාරයක් ය. මෙම දර්ශනය නරඹන පිරිස අතර පාසල් ශිෂ්‍යයන් ප‍්‍රදේශවාසීන් ඇතුළු තවත් බොහෝ පිරිසක් වූහ. ඒ අතර වූ එක් පාසල් ශිෂ්‍යයෙක් ජීවිතයේ පළමු වරට තමන් දකිමින් හිඳින මෙම දර්ශනය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට විය. ඉහළ අහසේ සිට ගුවන් නියමුවන් විසින් හෙළිකොප්ටරය ක‍්‍රමිකව පහළට ගන්නා ආකාරයත්, ඉන් අනතුරුව එය ක‍්‍රීඩාංගණය මතට ගොඩබස්සවන අයුරු සහ යෝධ කුරුල්ලකුගේ හැඩයෙන් යුත් එම යානයේ ස්වභාවය ආදිය හොඳින් නිරීක්‍ෂණය කරන මෙම පාසල් ශිෂ්‍යයා ඉන් අනතුරුව උත්සාහ දරන්නේ හෙළිකොප්ටර් යානය අසලට ගොස් එය අතපත ගා බැලීමටය. ආරක්‍ෂක අංශ විසින් ඊට ඉඩ ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් තවත් මදවේලාවක් ඒ ස්ථානයේ රැඳී සිටින පාසල් ශිෂ්‍යයා එම ස්ථානයෙන් පිටව යන්නේ යානය නැවත ගුවන්ගත වී ඉහළ අහසට නැග තිතක් සේ නොපෙනී ගිය පසුවය.

ඒ. එල්. තරුෂික දිලංක පුෂ්පකුමාරගේ මනස තුළ ගුවන් යානාවක් නිපදවීමේ නොතිත් ආශාවක් දලූලන්නේ ඒ ආකාරයෙන් ය. එම සිහිනයත් රැගෙන නිවසට පැමිණෙන තරුෂික දිලංක පළමුව තම මවට පවසා සිටින්නේ ඊට මඳ වේලාවකට පෙර තමන් දුටු දර්ශන පෙළ පිළිබඳව විස්තරයක් ය. ඉන් අනතුරුව තම මව අමතමින් තරුෂික දිලංක විසින් පවසා සිටින්නේ තමන්ට ද ගුවන් යානයක් නිපදවීමේ ආශාවක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ය.

එකවරම තම පුතණුවන් විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම තරුෂිකගේ මව අන්දමන්ද කළ පුවතක් වී ඇත. කුඩා කල පටන් අලූත් අලූත් දේ නිපදවීමේ කැමැත්තක් සහ හැකියාවක් දිලංක සතුව ඇතත් ගුවන් යානයක් නිපදවීම යනු හීනයක් ය. තම පුතණුවන් මේ පවසා සිටින්නේ සැබෑවක් ද? එකවරම දිලංකගේ මවට දැනෙන්නට ගෙන ඇත්තේ එවැනි හැඟීමක් ය.

තරුෂික දිලංක ගේ පියා මෝටර් රථ කාර්මික ශිල්පියෙක්ය. නිවස ආසන්නයේම ගරාජයක් පවත්වා ගෙන යන ඔහු සවස නිවසට පැමිණීමත් සමඟ දිලංක විසින් පවසා සිටි සියලූ දෙය ඔහුගේ මව විසින් තම සැමියා වන ගාමිණී පුෂ්පකුමාර හමුවේ ප‍්‍රකාශ කර සිටින්නීය. ඒ පිළිබඳව අප විසින් ගාමිණී පුෂ්පකුමාරගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු විසින් ප‍්‍රකාශ කර සිටියේ පහත සඳහන් තොරතුරුය.

helicop2‘‘මගේ බිරිඳ විස්තර කිව්වට පස්සේ මම පුතාගෙන් ඒ පිළිබඳව ඇහුවා. ඒ වෙලාවේ පුතා කිව්ව තනි පුද්ගලයකුට පමණක් යන්න පුළුවන් ආකාරයට හෙළිකොප්ටරයක් හදමු කියලා. මම ඒකට එකඟ වුණේ නෑ. ඒ පිළිබඳ තාක්‍ෂණය දන්නේ නැති එකයි ඒ සඳහා විශාල මුදලක් යොදවන්න මට පුළුවන්කමක් නැතිවීමයි හින්දා මම කිව්ව ඕක අපට කරන්න පුළුවන් වැඩක් නොවෙයි පුතේ..... කියල. හැබැයි මම එයාගෙ උත්සාහය හෑල්ලූවට ලක් කළේ නැහැ. මොකද එයාට යම් යම් නිර්මාණ සිදු කිරීමේ සහජ හැකියාවක් තිබෙන නිස. මොකද මේ වෙද්දිත් ත‍්‍රීවීල් ඇන්ජිමක ආධාරයෙන් කාර් එකක් හදන්න එයාට ඕන වෙලා ඒ වැඩකටයුතු භාගයක් විතර කරලයි තිබුණේ. ඇත්තටම තවත් දෙයකට මුදලක් යට කරන්න තරම් ආර්ථික ශක්තියක් මට තිබුණේ නෑ. ඒ හින්ද පුතාගෙ හිත නොරිදෙන ආකාරයට මම ඒ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරලයි තිබුණේ......’’

මේ අතර තරුෂික දිලංක අධ්‍යාපනය ලබන කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය විසින් තාක්‍ෂණික ප‍්‍රදර්ශනයක් සංවිධානය කරන අතර එහිදී තම තමන්ගේ නව නිර්මාණ ඉදිරිපත් කරන ලෙස විදුහල විසින් තම සිසු සිසුවියන් දැනුවත් කර ඇත. තාක්‍ෂණවේදය විෂය කාණ්ඩය යටතේ උසස් පෙළ අධ්‍යාපනය ලබන දිලංක එම ආරංචියත් සමග නව පණක් ලබන්නේය. තමන්ගේ මනස තුළ තැන්පත්ව පවතින ගුවන් යානයක් තැනීමේ සිහිනය නැවත අවදි කරගන්නා ඔහු එදින පාසල නිම වී නිවසට පැමිණෙන්නේ ඒ සඳහා කෙසේ හෝ තම දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණ සහිතවය.

ඒ අනුව දෙවන වරට ද තම අවශ්‍යතාවය දෙමාපියන් හමුවේ සඳහන් කර සිටින දිලංක ඒ සඳහා ඔවුන්ගේ අවසරය ලබා ගෙන ඇත. මෝටර් රථ කාර්මික ශිල්පියෙක් වන දිලංකගේ පියාගේ සහයෝගය ද ඒ සඳහා යොදා ගන්නා දිලංක තම උත්සාහය සැබෑවක් බවට පත්කර ගැනීම පිණිස ආරම්භය ගෙන ඇත්තේ ඉකුත් නොවැම්බර් මස පළමුවැනිදාය.

ඒ අනුව තම පාසලේ පවත්වනු ලබන ප‍්‍රදර්ශනය පිණිස ගුවන් යානාවක් නිපදවීමේ කටයුත්තට මුල පුරන දිලංක අන්තර්ජාලය පරිශීලනයෙන් හා පොත්පත් ආදියෙන් ලබා ගත් දැනුම ඒ සඳහා භාවිතා කොට ඇත. ඔහුගේ උත්සාහය දකින බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ ගුවන් යානාවක් තැනීම යනු අසීරු කාරියක් බැවින් දිලංකගේ උත්සාහය අසාර්ථක වන බවකි. කෙසේ වෙතත් දිලංකගේ පියාණන් ඔහුට යෝධ ශක්තියක් වෙමින් එම කාර්යයට සහාය ලබා දීමට ඉදිරිපත් වීමත් සමග දිලංක තව තවත් ධෛර්යයමත් වී ඇත.

ඒ අනුව අඩි 20 ක් දිගින් හා අඩි 3 ක් පළලින් යුත් සැකිල්ලක් නිර්මාණය කරන දිලංක තම ගුවන් යානයේ එංජිම පිණිස 250 ක්‍ක්‍ ධාරිතාවයෙන් යුත් යතුරුපැදි එංජිමක් භාවිත කොට ඇත. ගුවන් යානාව ඉහළට එසවීම පිිණිස අවශ්‍ය සුළඟ ලබාගැනීම සඳහා අඩි 09 කින් යුත් සුළං පෙති දෙකක් ද එය ක‍්‍රියාත්මක කිරීම පිණිස වෙනත් මෝටරයක් ද භාවිතා කරන දිලංක තමන් සතු තාක්‍ෂණික ඥානය භාවිතා කරමින් ද, වරින්වර තම නිර්මාණය වෙනස් කරමින් ද දින ගණනාවක් පුරා දිවා රෑ වෙහෙසෙන්නේ ය. අත්නොහල උත්සාහය හේතුවෙන් දින 15 ක් වැනි කෙටි කලක් තුළ තම උත්සාහය සාර්ථක කර ගැනීමට සමත් වන දිලංක තම විදුහලේ පැවැති ප‍්‍රදර්ශනය පිණිස සිය දැනුමින් නිපදවන ලද කුඩා ගුවන් යානය ඉදිරිපත් කිරීමට සමත්වීමත් සමඟ ඔහු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. තම නිර්මාණය ගැන ‘දිවයින’ ට අදහස් දැක්වූ තරුෂික දිලංක පුෂ්පකුමාර ශිෂ්‍යයා,

‘‘කුඩා කාලයෙ ඉඳලම අලූත් අලූත් දේ නිර්මාණය කිරීමේ ආශාවක් මට තිබුණ. මේ ගුවන් යානය හදන්න පෙර ත‍්‍රීවීල් ඇංජිමක ආධාරයෙන් ධාවනය කරන්න පුළුවන් මෝටර් රථයක් හදන්න මම කටයුතු කරමින් හිටිය. ඒ අතරතුර තමයි මට මේ වගේ දෙයක් කරන්න ඕන කියන අදහස එන්නේ. මගේ තාත්ත කාර්මික ශිල්පියෙක් නිසා මේ කටයුත්තෙදී මට ලොකු සහයක් ලැබුණා. ඉතාමත් සීමිත කාල සීමාවක් තුළ මේ තරම් සාර්ථක ලෙස මේ යානය නිපදවන්න තාත්තගේ සහාය ගොඩක් වැදගත් වුණා. මේ යානය ගුවන්ගත කරන්න අවසර ලැබෙනව නම් අඩි 10 ක් පමණ ඉහළට මෙය ගෙන යා හැකියි. මේ නිර්මාණය වැඩිදියුණු කරන්න අවශ්‍ය කරන දැනුම හා උපකාර මට ලැබෙනව නම් මේ හරහා ගොඩක් දුර යන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා. මේ සම්බන්ධ අවධානය යොමු කරන ගුවන් හමුදාව දැනටමත් දැනුම් දීමක් කරල තියෙනව ඉදිරියේදී මගේ නිර්මාණය පරීක්‍ෂා කරල බලල ඒ අයගේ මතය මොකක්ද කියල ප‍්‍රකාශ කරන්නම් කියල. මම විශ්වාස කරනව ඒ කටයුතු ඉදිරියේදී සාර්ථක වෙයි කියලා...’’

තම පාසල තුළ පවත්වන ලද ප‍්‍රදර්ශනය පිණිස නිර්මාණය කරන ලද කුඩා ගුවන් යානය පළමුව විදුහල්පතිතුමාගෙන් ද, ඉන් අනතුරුව ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් ආදිය ද ලබා ගන්නා දිලංක ඉකුත් දා පැවැති ප‍්‍රදර්ශනයේදී සියලූ දෙනා හට එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ගුවන් යානාවක් නිපදවීම පිණිස මෙරට පාසල් ශිෂ්‍යයකු විසින් මුල්වරට ගත් සාර්ථක උත්සාහයක ප‍්‍රතිඵලයක් ඒ අයුරින් සැබෑවක් බවට පත් වීම යනු අනාගතයේදී ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි කාරණයක් ය. ඒ අනුව ගත්කල කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසර තාක්‍ෂණ අංශයේ අධ්‍යාපනය ලබන තරුෂික දිලංක පුෂ්පකුමාර විසින් අහස ජය ගැනීමේ මහඟු අවස්ථාවක් ශ‍්‍රී ලාංකේය ජාතිය හමුවේ විවර කරන්නට සමත් වන අතර කළ යුත්තේ එවැනි දිරිය දරුවන් තව තවත් දිරිමත් කිරීමය.
 
විශේෂ ස්තූතිය
රුවන් ජයවර්ධන 
https://divaina.com
December 01 2019  
 
-------------------------

පාසල් ශිෂ්‍යයා හැදූ හෙලිකොප්ටරය

නැගෙනහිර දෙසින් වූ සිරිපා අඩවියේ කඳු වළල්ලේ වැදී දෝංකාර දෙන හෙලිකොප්ටර් යානයේ හඬ විදුහල් බිම පසුකර අවට පුරා පැතිර යයි.

‘කුරුවිට ඉස්කෝලේ පිට්ටනියට හෙලිකොප්ටරයක් ඇවිත් වගේ... මේ පැත්තෙන් යනවා ඇහුණේ නෑ.... එහා පැත්තෙන් පාතින් ඇවිත් පිට්ටනියට බාන්න ඇති.....’

කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය අවට පදිංචි කොල්ලෝ කුරුට්ටටෝ වගේම වැඩිහිටියෝ ද කතා වෙති. 

‘කොහෙන්වත් ආපු හෙලිකොප්ටරයක් නෙවෙයි... අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් හදපු එකක්. ඒක ඉස්කෝලේ පිට්ටනියේ ඉඳලා ස්ටාර්ට් කරලා තියන සද්දේ ඔය ඇහෙන්නේ.. ඒක හදපු අයියා ඒකේ වාඩිවෙලා ස්ටාර්ට් කරලා තියනකොට හදිසියේ ගොඩබාපු ඇත්ත හෙලිකොප්ටරයක්ම තමයි....’ ඉස්කොලේ දරුවෙක් මේ හඬ ගැන පැහැදිලි කරයි. ‘කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෙක් හෙලිකොප්ටරයක් හදලාලු. ඒක උඩ යවන්න අවසර දෙන්නේ නැතුලු’ මේ තොරතුර මුලින්ම වැඩි දෙනෙක් දැනගත්තේ මුහුණු පොත හරහාය. වැඩිදුර තොරතුරු දැනගන්නට විදුහල්පති අතුල සිරිමෙවන් මහතා ඇමතුවෙමි.

‘ඔව් කතාව ඇත්ත. අපේ ඉස්කෝලේ දරුවෙක් හෙලිකොප්ටරයක ආකෘතියක් හදලා තියනවා. මේ දිනවල අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා ප්‍රදර්ශනය වෙනුවෙන් උසස්පෙළ 13 තාක්‍ෂණ අංශයේ ඒ.එල්. තරුෂික දිලංක පුතා ඒක හදලා තියෙන්නේ.’ විදුහල්පතිවරයාගේ පිළිතුර විය. කවුරුත් කතාවෙන හෙලිකොප්ටරය සොයාගෙන කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට ගියෙමි. විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය දෙසට යද්දී ඈත තියාම දැක්කේ එහි ගොඩබා ඇති නියමුවාට පමණක් ගමන් කළ හැකි කුඩා හෙලිකොප්ටර් යානාවකි. කතරගම යද්දී වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති හෙලිකොප්ටරය මට සිහිවිය. හෙලිකොප්ටරය පණගන්වා නොතිබුණ නිසා එහි වූ අවර පෙතිද නිසොල්මනේය. අත්දිග සුදු කමිසය ඇඳ රතු ටයි පටිය පැලඳ ශිෂ්‍ය නායක ලාංඡනය පැලඳගෙන සිනහ මුහුණින් යුතු තරුෂික දිලංක පුතා ආයුබෝවන් කියා අප පිළිගත්තේ හෙළ සිරිතට ගරු කරමිනි. විදුහල්පති අතුල සිරිමෙවන් මහතා ද අප සමඟ එහි ආවේය.  දුඹුරු පැහැති කමිසයකින් සහ නිල් දිග කලිසමකින් සැරසුණු කෙසඟ සිරුරක් ඇති අවුරුදු හතළිහක් පමණ වයසැති කාර්මිකයෙක් හෙලිකොප්ටරයේ එංජිමේ යම් අලුත්වැඩියාවක් කරමින් සිට අප දෙස බලා මඳ සිහනවක් පෑවේය.

‘ඒ තරුෂික දිලංක පුතාගේ තාත්තා’ විදුහල්පතිතුමා අපිව දැනුම්වත් කළේය.

‘බැලූ බැල්මට ඇත්ත හෙලිකොප්ටරයක්’ යැයි මේ නිර්මාණය දකින ඕනෑම කෙනෙක් රැවටෙයි. ‘මේක උඩ නංවන්න පුළුවන්නද?’ මගේ හිතේ තිබූ සැකය දුරු කරගැනීමේ අටියෙන් එහි නිර්මාණ ශිල්පියා වූ තරුෂික පුතාගෙන් විමසුවෙමි.

‘උඩ නංවන්න බෑ... මේක හෙලිකොප්ටරයක ආකෘතියක්. හැබැයි පණ ගන්වන්න පුළුවන්. අවර පෙති, පිටුපස තියන පෙති කැරකෙනවා.’ තරුෂිකගේ පිළිතුර විය.

නියමුවාට පමණක් එහි ආසනයක් විය. ආසනයට ඉදිරියෙන් ගියර් ලිවරයකි. ඊට ඉදිරියෙන් වූ පුවරුවේ ස්විච් විශාල ප්‍රමාණයකි. ජීපීඑස් තාක්‍ෂණය ලබාගත හැකි ආකාරයේ උපකරණයක හැඩය ගත් යමක් ද විය. ආසනය කැරකවිය හැකි එකකි.

‘අපේ ඉස්කෝලේ තාක්‍ෂණ විද්‍යා අංශයේ උසස් පෙළ හදාරණ දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයට තමයි තරුෂික පුතා මේක හැදුවේ. එයාගේ තාත්තාත් හොඳ කාර්මික ශිල්පියෙක්. තරුෂික පුතා ශිෂ්‍ය නායකයෙක් වගේම බාලදක්‍ෂ සමූහයේ ක්‍රියාකාරී බාලදක්‍ෂයෙක්’ විදුහල්පති අතුල සිරිමෙවන් මහතා තරුෂික පුතාව හඳුන්වා දුන්නේය. 

‘මේ ප්‍රදර්ශනයට හෙලිකොප්ටර් එකක ආකෘතියක් හදන අදහස මගේ හිතට ආවේ ටවුමේ පිට්ටනියේ බාලා තිබුණ හෙලිකොප්ටරයක් දැකලා. හෙලිකොප්ටරයක ආකෘතියක් හදන අදහස කියපු හැම කෙනාම කිව්වේ ඒක අමාරු දෙයක් කියලා. කාර්මිකයෙකු වූ මගේ තාත්තාත් කිව්වේ හැබෑ හෙලිකොප්ටරක් ළඟට දැකලා සහ එහි ක්‍රියාකාරීත්වය නොදන්නා නිසා ඒක අමාරු වැඩක්. නමුත් උත්සාහ කරමු කියලා, තාත්තා මාව දිරිමත් කළා.’ තරුෂික මේ හෙලිකොප්ටර් ආකෘතියේ උපත ගැන සිහිපත් කළේය. හෙලිකොප්ටරක ක්‍රියාකාරීත්වය ගැන අන්තර්ජාලය හරහා තොරතුරු රැස්කර ගැනීම තරුෂිකගේ මූලික කාර්යය විය. ඉන්පසු පියා වූ ඒ.එල්. ගාමිණී පුෂ්ප කුමාර (40) මහතා සමඟ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුවලින් දැනුවත්ව මේ ආකෘතිය හැදීමට වැඩ ඇරඹුවේය. ‘අපිට මුලින්ම සැකිල්ලක් හදාගන්න ඕනෑ වුණා. ඒ සඳහා යඩක බට යොදාගත්තා. ඒවා වෑල්ඩිං කරලා සැකිල්ල හැදුවා. ඊට පස්සේ තාත්තාගේ වැඩපොළේ තිබුණ යතුරුපැදි එංජිමක් ඒකට සවිකළා. ඒක ජලයෙන් සිසිල්වෙන යතුරුපැදි එංජිමක්. ඒකේ රේඩියටර් එකට ටිකක් ලොකු රේඩියේටර් එකක් තිබ්බා. ඉන්ධන ටැංකියට වෙනත් ප්ලාස්ටික් ටැංකියක් තිබ්බා.’ තරුෂික දිලංක ශිෂ්‍යයා නිර්මාණයේ පටන්ගැන්ම විස්තර කළේය.

‘ආරම්භයේ දී ගැටලු ගොඩාක් ආවා. මම ඉස්කෝලේ බාලදක්‍ෂ සමූහයේ ඉන්න හින්දා ඉන් ඉගෙනගත් උත්සාහය අත්නොහැරිය යුතුය කියන කරුණ මගේ මේ නිර්මාණය අවසානයක් දකින්න හේතුවුණා. ඒවගේම තාත්තාත් මාව උනන්දු කළා. ඉවත දාන රේසර්, මෝටර් වගේ වෙනත් ප්ලාස්ටික් වගේ දේවල් යොදාගත්තේ. සැහැල්ලු තහඩු යොදලා අවර පෙති නිර්මාණය කළා. යකඩ ලීවර, යතුරුපැදිවල එංජිම්වලදී භාවිතයට ගත්තා. චේන් ආදිය භාවිත කරලා පණගැන්වූ විට අවර පෙති කැරකවෙන්න නිර්මාණය කළා. මුළු නිර්මාණයටම ගියේ දවස් එකොළහයි.’ තරුෂික දිලංක තවත් විස්තර කළේය.

‘මේ හෙලිකොප්ටර් ආකෘතියේ වැඩ අවසන් වෙනවිට වැඩ කුලී නොමැතිව දෙලක්‍ෂ පනස් දහසක පමණ මුදලක් ඊට වැය වී ඇති බව’ පැවසුවේ තරුෂිකගේ පියා වූ ගාමිණී පුෂ්පකුමාර මහතායි. 

අපේ කතාබහෙන් පසු හෙලිකොප්ටර් යානය පණගැන්වීමට තරුෂික සූදානම් විය. තරුෂික නියමු ආසනයේ වාඩිවූ අතර පියා එක්පැත්තකින් එය අල්ලා ගත්තේය. තවත් සහායකයෙක් එහි වූ යතුරුපැදි එංජිම පණගැන්වීය. ඒ සමඟම අවර පෙති ද කැරකෙන්නට විය. එහි හඬ හැබෑ හෙලිකොප්ටරයක හඬට සමාන විය. විවේක වෙලාවේ පාසලේ තැන තැන සිටි ළමයි පිට්ටනියට දිව ආවේ හෙලිකොප්ටරය ඉහළ නංවන්නට හදනවා යැයි රැවටිලාය. එංජිමේ වේගය වැඩිවෙන විට හෙලිකොප්ටර් ආකෘතිය දෙදරයි. කෙනෙකුට සිතෙන්නේ අහසට නැංවීමට සූදානම් බවකි. එහෙත් තරුෂිකගේ පියා හිස පහත් කරගෙන නියමු කුටිය අසලින් ඇති යකඩ බාර් එකක් අල්ලාගෙන ඊට ආරක්‍ෂකයෙක්ව සිටී.

‘ගොඩාක් අය හිතනවා මේක උඩයන්න පුළුවන් එකක් කියලා. මේක හෙලිකොප්ටර් ආකෘතියක් විතරයි. මේකට හයිඩ්‍රොලික් තාක්‍ෂණයක් යොදලා නෑ. මේ ආකෘතිය හැදුවට පස්සේ අඩි කිහිපයක් හෝ ඉහළට ඔසවන්න පුළුවන් හෙලිකොප්ටර් ආකෘතියක් හැදීමට මගේ ආශාවක් ඇති වුණා. ඒක මීට වඩා ඉහළ තාක්‍ෂණයක්. විද්‍යාත්මකවත් වෙනස් ක්‍රමවේදයක්. මගේ ඊළඟ උත්සාහය ඒක.’ විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ අංශ ප්‍රධානී ඊ.ඒ.ටී.සී.පී. එදිරිසිංහ, නියෝජ්‍ය අංශ ප්‍රධානී එච්.පී. දන්දෙණිය යන ගුරු භවතුන් ප්‍රධාන තාක්‍ෂණ අංශයේ සියලු ගුරුභවතුන් තරුෂිකගේ නිර්මාණය පමණක් නොව විද්‍යාලයේ තාක්‍ෂණ අංශයේ හැම දරුවෙකුගේම දැනුම වර්ධනයට උදව් කරති.  කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තරුෂික හය වැනි ශ්‍රේණියේ සිට ඉගෙනුම ලබන්නේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේය. තරුෂිකගේ මල්ලී පසඳ සත්සර පුෂ්පකුමාර (12) ද ඉගෙන ගන්නේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේම අට වැනි ශ්‍රේණියේය. මිනාලි නිවර්තනා (08) නංගී හිග්ගස්වත්ත ප්‍රාථමික විදුහලේ තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මව ඩී. ඉනෝකා දිල්හානි වීරකෝන් (39) තරුෂිකගේ නව නිර්මාණවලට උදව් කරන්නීය.

මේ හෙලිකොප්ටර් ආකෘතිය තැනීමෙන් පසු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ගුවන් හමුදාවෙන් යැයි කියූ දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ තරුෂිකගේ සහ ඔහුගේ මව්පියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ද ඇතුළු පවුලේ සියලු තොරතුරු රැගෙන යාමෙන් පසු යම් තැතිගැන්මකට පත්වූ බව තරුෂිකගේ පියා පැවසුවේය.

‘ඒ ආපු දෙන්නා ගුවන් හමුදාවෙන් කිව්වා මිසක් අපිට අනන්‍යතාව පෙන්නුවේ නෑ. හමුදාව ගැන තියන ගෞරවය නිසා අපි තොරතුරු දුන්නා. ඊට පස්සේ ඉමෝ තාක්‍ෂණය හරහා අපේ නෝනාගේ දුරකතනයට කතාකරලා හෙලිකොප්ටර් ආකෘතිය සම්බන්ධයෙන් තියන වීඩියෝ දර්ශන එවන්න කිව්වා. ඒකෙන් පස්සේ පුතාත් මමත් අපි හැමෝමත් තවත් බයවුණා. පුතා බාලදක්‍ෂයෙක් නිසා පාසලේ බාලදක්‍ෂ සමූහයේ ගුරුවරිය වූ වසන්ති හේමකුමාරි මිස්ට ඒ බව දැන්වූවා. පස්සේ කුරුවිට පොලිසියටත් පැමිණිලි කළා. බාලදක්‍ෂ ව්‍යාපාරයට සම්බන්ධ හැමදෙනාමත්, පොලිසියේ ඕඅයිසී මහත්තයා ඇතුළු නිලධාරීන් ආපු අය ගැන හොයලා අපේ බිය නැති කළා. නැත්නම් ඒ සිද්ධියෙන් පස්සේ පුතා ටිකක් මානසිකව වැටිලා හිටියේ.’ තරුෂිකගේ පියා මේ හෙලිකොප්ටර් ආකෘතිය හැදීමෙන් පසු ඇතිවූ තත්ත්වයක් පැහැදිලි කළේය.

ලංකාදීප

https://www.sithmalyaya.lk/article/gossip/findings-and-inventeries/175

 

 
 

Wednesday, November 13, 2019

සිරකරුවෝද මනුෂ්‍යයෝය

සිරකරුවන් දින තුනක් බාලදක්‍ෂයන් කළ ජම්බෝරිය

‘‘බාලදක්‍ෂ ව්‍යාපාරය විසින් ලෝක නායකයන් නිර්මාණය කරයි. තරුණ වියට පැමිණීමට පෙර නව යොවුන් වියෙහිදීම නායකත්ව ලක්‍ෂණ, නායකත්ව ගුණාංග ක‍්‍රමිකව ඉගෙන ගැනීමට උනන්දු කරවයි. ඒ සඳහා අධිෂ්ඨාන ශක්තිය, හඬ පෞරුෂය හා චරිත වර්ධනය සඳහා වුවමනා බොහෝ කි‍්‍රයාකාරකම් බාල දක්‍ෂයෝ උගනිති. සමාජය තුළ පිරිසක් සමඟ සමගියෙන් දිවි ගෙවීමට බාලදක්‍ෂයින් පුරුදු පුහුණු කරන්නේ ‘‘කාණ්ඩ කි‍්‍රයාකාරකම්’’ ඇසුරිනි. එම නිසා සමාජයේ දිවි ගෙවන සෑම පුද්ගලයෙකුම බාලදක්‍ෂයෙකු ලෙස අත්දැකීම් ලබාගත යුතු බවට මම විශ්වාස කරමි.’’ 
 
දකුණු අප‍්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ දිවංගත නෙල්සන් මැන්ඩෙලා බාලදක්‍ෂයෙකි. වරක් ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබුණි.

කලක් වර්ණභේදවාදයට එරෙහිවීම හේතුවෙන් සිරබත්කන ලද ශ්‍රේෂ්ඨ මිනිසෙකු වූ නෙල්සන් මැන්ඩෙලා විසින් ප‍්‍රකාශ කරන ලද ඉහත කියමන සහිතව මෙම සටහන පෙළ ගස්වනු ලබන්නේ ඉකුත්වූ 07, 08, 09 තෙදින තුළ මෙරට සිදුකළ බාලදක්‍ෂ ජම්බෝරියක් පිළිබඳ රට හමුවේ හෙළිදරව් කිරීමේ ප‍්‍රවේශයක් ලෙසය. 
 
ශ‍්‍රී ලංකාවට බාලදක්‍ෂ ව්‍යාපාරය හඳුන්වාදී මේ වන විට වසර 106 ක් ඉක්ම ගොස් ඇතත් මේ කියන්නට යන ආකාරයේ බාලදක්‍ෂ ජම්බෝරි දැනට පවත්වා ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් වීමත් මේ සඳහා සහභාගිවූ සියලූ බාලදක්‍ෂයන් රටේ නීතිය හමුවේ වරදකරුවන් බවට පත්ව සිරදඬුවම් විඳින්නන්වීමත් මෙහි ඇති විශේෂත්වයක්ය. වර්ෂ 2014 දී පමණ නුවරඑළිය නරියාකන්ද ප‍්‍රදේශයේදී මේ කියන්නට යන ආකාරයේ බාලදක්‍ෂ ජම්බෝරියක් මෙරට තුළ මුල්වරට පවත්වා ඇති අතර මෙවර එය පවත්වනු ලැබුවේ පල්ලෙකැලේ බන්ධනාගාරයට අයත් භූමිභාගය මුල්කර ගනිමින්ය.

එම බාලදක්‍ෂ ජම්බෝරියේ ආරම්භක දිනය බවට පත්වූවේ ඉකුත් 07 දාය. ඒ සඳහා සහභාගිවූ බාලදක්‍ෂයන් පිරිස 375 දෙනෙකුගෙන් සමන්විත විය. ඊට අමතරව බාලදක්‍ෂ ව්‍යාපාරය හා සම්බන්ධවී කටයුතු කර ඇති බන්ධනාගාර නිලධාරීන් පිරිසක්ද එදින බන්ධනාගාර නිල ඇඳුමට තාවකාලික විරාමයක් ලබාදී තිබුණ අතර ඔවුන්ද බාලදක්‍ෂ නිල ඇඳුමෙන් සැරසී මේ සඳහා සහභාගිවීම විශේෂත්වයක්ය. බාලදක්‍ෂයන් බවට පත්වූ සිරකරුවන් සහ එම නිලධාරීන් එම දින තුන පුරාවට බාලදක්‍ෂයන් මිස සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙන වෙනම කටයුතු නොකිරීම එහිදී දකින්නට ලැබුන තවත් විශේෂත්වයක්ය.

 
මෙරට තුළ පිහිටි සමස්ත බන්ධනාගාර පද්ධතියම නියෝජනය වන පරිදි බන්ධනාගාර විසි හතක් තුළ සිරදඬුවම් විදිමින් පසුවන රැඳවියන් තුන්සිය හැත්තෑපස් දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම බාලදක්‍ෂ ජම්බෝරියේ සමාරම්භක දිනය බවට පත්වූවේ ඉකුත් 07 දාය. එදින පල්ලෙකැලේ බන්ධනාගාර එළිමහන් භූමියේ දකින්නට ලැබුණ විශේෂත්වයන් අතරින් පළමුව නෙත ගැටෙන්නට වූවේ අලංකාරවත් ලෙස නිර්මාණය කර තිබුණ පිවිසුම් දොරටුවකි. සිරදඬුවම් විදින අතර බාලදක්‍ෂ ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කරන රැඳවියන්ගේ සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණශීලී අයුරින් නිමකොට තිබූ පිවිසුම් දොරටුව පසුකළ කල්හී බාලදක්‍ෂ කුටි සමූහයකි. ඒවා ඉදිකර තිබෙන්නේද මෙම බාලදක්‍ෂයන්ගේ දහදිය මහන්සියේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා මඟ පෙන්වීම සහ මැදිහත්වීම පිණිස බාලදක්‍ෂ ව්‍යාපාරය සමඟ කලක් තිස්සේ සම්බන්ධව කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටීම බන්ධනාගාරගත බාලදක්‍ෂ රැඳවියන්හට යෝධ ශක්තියක් බවට පත්ව තිබුණි.

වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තුළින් නීතිය හමුවේ වරදකරුවන් බවට පත්ව සිරදඬුවම් විඳින පුද්ගලයන්ගේ සුභසාධනය පිණිස මෙවැනි කි‍්‍රයාකාරකමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තොරතුරක් දැන ගැනීම පිණිස බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙනිය මහතාගෙන් අප විසින් යම් විමසීමක් කරන ලදී.

‘‘ඇත්තටම මේක තරමක් වෙනස් ආකාරයේ කි‍්‍රයාකාරකමක්. ලෝකයේ අනිකුත් රටවල් සමඟ ගත්විට සිරකරු පුනරුත්ථාපනය පිණිස බාලදක්‍ෂ ව්‍යාපාරය ඉතාමත් සාර්ථකව යොදාගත් රටක් ලෙස අපිට සුවිශේෂී වටිනාකමක් ලැබිල තිබෙනවා. මේ වගේ විශාල රැඳවියන් පිරිසක් යොදා ගෙන එළිමහනක බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන එක මේ වෙද්දී ලෝකයේ වෙනත් රටවල් පවා ආදර්ශයට අරන් තිබෙනවා. මේවන විට ලංකාවෙ සෑම බන්ධනාගාරයකම බාලදක්‍ෂ කණ්ඩායමක් ගොඩනගන්න අපට පුළුවන්වෙලා තිබෙනවා. ඒ හරහා බන්ධනාගාර තුළ සිද්ධවෙන සෑම සුභ සාධන කටයුත්තකදීම ඔවුන්ගේ සේවය ලබාගන්නවා. මේවටා එකතුවන සෑම රැඳවියෙක්ම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙද්දී ‘‘බාලදක්‍ෂ පොරොන්දු’’ ලබාදෙන්න ඕන. ඒ පොරොන්දු සමූහය ලබාදුන්නට පස්සෙ කුමන තත්ත්වයකදීවත් ඔවුන් එම පොරොන්දු කඩ කිරීමට උත්සාහ ගන්නෙ නැහැ. ඇත්තටම මේ කටයුත්ත හරහා සිද්ධ වෙන්නෙ සිරදඬුවම් විඳින රැඳවියන් තුළින්ම වඩාත් යහපත් පුද්ගලයන් නැවත ප‍්‍රතිනිර්මාණය වීමක්.

 
 
උදාහරණයක් විදිහට ගත්තොත් බන්ධනාගාර ජීවිතය තුළ බාලදක්‍ෂයන් ලෙස කටයුතු කළ රැඳවියන් නැවත සමාජ ගතවුණාට පස්සෙ ඒ අය ඉතා යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. අප විසින් කරනු ලබන පසු විපරම් කි‍්‍රයාවලියේදී අපි විසින් ඒ බව අත්දැකීමෙන් වටහා ගෙන තිබෙනවා. මෙතනදී සිරකරු සුභසාධක සංගමය අපට ලොකු ශක්තියක් සපයනව. ඒ වගේම බාලදක්‍ෂ ව්‍යාාරය හා සම්බන්ධව කටයුතු කළ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මේ කටයුත්තේදී මූලික වැඩ කොටසක් සිද්ධ කරනව. ඒ අයගේ නායකත්වය හා මග පෙන්වීමත් මේ කටයුත්තේදී ලොකු ශක්තියක් බවට පත්වෙලා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා සිටි කරුණු යථාර්ථයක් බවට හැඟී යන්නේ රැඳවියන්ගේ සහභාගීත්වයෙන් පැවැති බාලදක්‍ෂ ජම්බෝරිය දකිමින් හිඳින විටය. ජම්බෝරිය සඳහා අවශ්‍ය පරිසරය සහ ඒ සඳහා අවශ්‍ය බොහෝ දේ සැකසී තිබෙන්නේ රැඳවියන්ගේ දෑතේ මහන්සියෙන්ය. ඒ සඳහා අඩුවියදම් සහිත දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවාගත් බොහෝ දේ ඇත. මේ සියල්ල බිහිවන්නේ රැඳවියන් සතු නිර්මාණශිලිත්වයේ සහ හැකියාවේ ප‍්‍රතිඵලයක් ලෙසින්ය.

මෙම බාලදක්‍ෂ ජම්බෝරිය සඳහා සහභාගිවූ රැඳවියන් අතර දීර්ඝකාලීන සිරදඬුවම් විඳින්නන් සහ කෙටි කාලීන සිරදඬුවම් වලට යටත්ව බන්ධනාගාරගතවූවන්ද දැකගත හැකිවිය. ඔවුන්හට මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගීවීමට හැකිවීම තුළින් එතෙක් කලක් ඔවුන් තුළ පැවැති සිරගත මානසිකත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට වරම් ලද අතර බාලදක්‍ෂ ජම්බෝරිය පැවැති දින තුන පුරාවටම ඔවුන් විවිධ කි‍්‍රයාකාරකම්වල නියැළෙන ලදී.

රැඳවියන් තුන්සිය හැත්තෑපස් දෙනෙකුගෙන් සමන්විතව පැවැති මෙම බාලදක්‍ෂ ජම්බෝරියේ සියලූ සංවිධාන කටයුතු ඇතුළු එය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම පිණිස මහත් මෙහෙවරක් කළ පුද්ගලයෙකු බවට පත්ව සිටියේ බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතාය. මේ වන විටත් සිරකරු සුභසාධනය පිණිස දැවැන්ත වැඩකොටසක් සිදුකර ඇති ඒ මහතාගෙන් මෙවර පවත්වන්නට යෙදුන බාලදක්‍ෂ ජම්බෝරිය පිළිබඳ කරුණු විමසීමේදී ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා.

 
‘‘මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ රැඳවියන්ගේ සහභාගිත්වයෙන් මුල්වරට බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන්නේ 2014 වර්ෂයේදී. එහිදී මේ කටයුත්ත සාර්ථක කරගන්න විශාල වැඩකොටසක් කළ පුද්ගලයෙක් තමයි වර්තමානයේ බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කරන තුෂාර උපුල්දෙනිය මහතා. මේ වෙලාවෙ ඒ බව මතක් කළ යුතුයි. ඒ සිදුවීමෙන් වසර තුනකට පස්සෙ තමයි දෙවැනි වරට මේ වගේ බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන්න අපි විසින් තීරණය කරන්නෙ.’’

‘‘ඇත්තටම මෙවර පැවැත්වූ බාලදක්‍ෂ ජම්බෝරිය ගැන කථාකරන කොට මුලින්ම කියන්න ඕන දෙයක් තමයි දින තුනක් පුරා පැවැත්වූ එම වැඩසටහන ඉතාමත්ම සාර්ථක අයුරින් පවත්වන්න අපට පුළුවන් වුණා කියන කාරණය.’’

‘‘මෙහිදී මතක්කළ යුතු වැදගත්ම කාරණයක් තිබෙනව. ඒ තමයි රටේ නීතිය හමුවේ වරදකරුවෙක් බවට පත්වෙච්ච පුද්ගලයෙක් බන්ධනාගාරගත කළවිට ඒ අයට නියමිත ඇඳුමක් බන්ධනාගාරයෙන් ලබාදෙනව. රැඳවියාගේ දඬුවම් කාලය නිමාවන තෙක් ඔහු ඒක අඳින්න ඕන. එහෙම නැතුව වෙනත් ඇඳුමකින් සැරසෙනවනම් ඒ සඳහා තිබෙන්නෙ අවස්ථා දෙකයි. එකක් තමයි රැඳවියෙක් උඩරට නර්ථනය ප‍්‍රගුණ කරල වෙස් පළඳන අවස්ථාව. දෙවැන්න තමයි බන්ධනාගාර ජීවිතය තුළ බාලදක්‍ෂයෙක් වීමට අවස්ථාවක් ලැබීම. ඊට අමතරව ඉතාමත් වැදගත් අවස්ථාවකදී හැරෙන්න රැඳවියෙකුට බන්ධනාගාරයෙන් නියම කරන ඇඳුමට අමතර වෙනත් ඇඳුමක් අඳින්න අවස්ථාවක් නැහැ. මේ ජම්බෝරිය සඳහා සහභාගිවූ රැඳවියන් පිරිසට ඒ දුර්ලභ අවස්ථාව හිමිවෙනව. එතනදී ඒ අයට තමන් පිළිබඳ යම් අභිමානයක් ඇතිවෙනව. ඊට අමතරව කාණ්ඩ කි‍්‍රයාකාරකම්, කණ්ඩායම් නායකත්වය, කඳවුරුගත ජීවිතය මොන වගේද ඒ හරහා ලැබෙන අත්දැකීම් කොයි ආකාරයේද කියල රැඳවියන්ට අවබෝධයක් ලබාදෙන්න පුළුවන්කම ලැබෙනව. මේ හැම දෙයක් හරහාම අපි විසින් උත්සාහ ගන්නේ සිරකරු පුනරුත්ථාපනයෙන් පස්සෙ මේ අයව යහපත් පුරවැසියන් බවට පත්කරල නැවත සමාජ ගත කිරීමයි.’’

 
‘‘බාල දක්‍ෂ ජම්බෝරියක අනිවාර්ය අංගයක් වන ගිනිමැල සංදර්ශනය අපි පැවැත්වූවෙ ජම්බෝරියේ දෙවන දිනය වූ ඉකුත් 08 වැනිදා ඇත්තටම ඒක නරඹන්න පැමිණි සියල්ලන්වම මවිත කරන ආකාරයෙන් රැඳවියන් විසින් තම තමන්ගෙ සංදර්ශණ ඉදිරිපත් කළා.’’

‘‘ඊට අමතරව සංස්කෘතික සංදර්ශණ ගත්විටත් ඒවත් ඉතාමත් විචිත‍්‍රවත් අයුරින් පවත්වන්න මේ අයට හැකියාව ලැබෙනවා. සෑම රැඳවියෙක් තුළම කුමක් හෝ සැඟවුන දක්‍ෂතාවයක් පවතින බව මේ මගින් හොඳින්ම අවධාරණය කර ගන්න පුළුවන්කම ලැබුණා. එහි තිබෙන විශේෂත්වය තමයි මේ අය සාමාන්‍ය ජීවිතයේදී මෙවැනි අත්දැකීම් විඳ නොතිබීම. එහෙම පිරිසක් බාලදක්‍ෂයන් පිරිසක් බවට පත්කරන්න පුළුවන් වීම එක පැත්තකින් අභියෝගයක් වගේම ලොකු ජයග‍්‍රහණයක්. අපට මේ වගේ දෙයක් සාර්ථකව නිම කරන්න පුළුවන් වීම පිටුපස ඒ සඳහා දායකත්වය දුන් පිරිසක් ඉන්නව. මේ අවස්ථාව සඳහා බාලදක්‍ෂ සංගමයෙන් විසිපස් දෙනකු පමණ සහභාගි වුණා. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් දැවැන්ත කාර්යභාරයක් මේ සඳහා ලබාදුන්නා. පල්ලෙකැලේ බන්ධනාගාර අධිකාරි විජය තෙන්නකෝන්, ප‍්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න සුභසාධන නිලධාරී දසනායක ඇතුළු ලංකාවේ සෑම බන්ධනාගාරයක්ම නියෝජනය වන පරිදි බන්ධනාගාර අධිකාරීවරු ජේලර්වරු ඇතුළු බොහෝ දෙනෙක් තමන්ගේ දායකත්වය මේ සඳහා ලබාදුන්න. ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර මූලස්ථානය යන ආයතන මේ සඳහා දායකත්වය සපයන්න ඉදිරිපත් වුණා. මේ සෑම දෙනාගෙම එකමුතුවෙන් තමයි දෙවැනි වරටත් බන්ධනාගාර රැඳවියන්ගේ බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන්න අපට පුළුවන් කම ලැබුණෙ...’’

මේවන විට බාලදක්‍ෂ ව්‍යාපාරය ලොව රටවල් 196 ක් පුරා ව්‍යාප්තව පවතින දැවැන්ත සංවිධානයකි. ජිනීවාහි පිහිටි ලෝක බාලදක්‍ෂ මූලස්ථානයේ අරමුණ බවට පත්ව ඇත්තේ 2023 වර්ෂය පමණ වන විට ලෝකයේ සිටින බාලදක්‍ෂයින් ගණන මිලියන 100 ක් දක්වා වර්ධනය කිරීමය. එය සිවිල් සමාජයට පමණක් සීමා නොකොට බන්ධනාගාරගත රැඳවියන්ගේ දායකත්වයත් ඒ සඳහා යොදා ගැනීමට සමත්කම් දක්වා ඇති රටවල් අතරින් මේවන විට ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ ඉහළ ස්ථානයක්ය. එහි ගෞරවය මුළුමනින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙන්ම බන්ධනාගාර මූලස්ථානයට හිමිවිය යුතු වන්නේ ‘‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’’ යන සංකල්පය මත හිඳිමින් මෙවැනි වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට දරන වෑයම හේතුවෙන්ය.

ඉකුත් දින තුනක් පුරා පල්ලෙකැලේ බන්ධනාගාර භූමිය මුල්කර ගනිමින් පැවැති බාලදක්‍ෂ ජම්බෝරිය යනු බන්ධනාගාර රැඳවියන් පිළිබඳ යහපත් චිත‍්‍රයක් ලෝකය හමුවේ නිර්මාණය කළ සිදුවීමක් බවට පත්වූවේ බාලදක්‍ෂ ව්‍යාපාරයේ ඇති වැදගත්කම පිළිබඳ බන්ධනාගාරගත රැඳවියන් තුළද ජීවිතාවබෝධය ඇති කරවමින්ය.

විශේෂ ස්තුතිය
බන්ධනාගාර අධිකාරී පුනරුත්ථාපන නිලධාරි
එස්. හනිස්ඩීන් මහතාට
 
 

Tuesday, October 29, 2019

බාලදක්ෂයන්ට අභිමානයක් ගෙනදෙන දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල

කොළඹට උඩින් පිපෙන නෙළුම

සීඝයෙන් දියුණුවන කොළඹ අගනගරයේ අහස් කුස සිඹිමින් ඉහළට ඇදෙන නෙළුම් කුලුනේ මුල් සැලසුම්කරුවා බාලදක්ෂයෙකු බව බොහෝ දෙනා නොදන්නවා විය යුතුය. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස නිර්මාණය වන මෙම ගොඩනැගිල්ල පොලොන්නරු නිශ්ශංකමල්ල රජුගෙන් පසු නෙළුම් දඩුව බාවිත කරමින් විසිඒක්වන සියවසෙහි ඉතිහාසෙයහි ස්වර්ණමය සංධිස්ථානයක් සනිටුහන් කරන නවීන යුගයේ ඉදිකිරීමකි. පෝතක බාලදක්ෂයෙකු හා ලීපදක්කම්ධාරී නායකයෙකු හා ශ්‍රී ලංකාවේ 18වැනි ප්රධාන කොමසාරිස්වරයා මෙන් ම වරලත් වාස්තුවිද්‍යාඥයෙකු වන හිටපු ප්‍රධාන කොමසාරිස් මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ සහ වරලත් වාස්තුවිද්‍යාඥ සමිත මානවඩු හා වරලත් වාස්තුවිද්‍යාඥ චිත්‍රා වෙඩික්කාර යන වාස්තුවිද්‍යාඥයන්ගේ මූලික සැළසුම් මෙහි පදනම වී තිබේ.

මහාචාර්යතුමාගේ මූලික සැකිල්ලට අනුව එම කුලුනේ ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර චීනයේ “චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් ඉන්‍පෝර්ට් ඇන්ඩ් එක්ස්‍පෝර්ට් කෝපරේෂන්” සහ “ඒරෝ ස්පේස්” යන සමාගම් දෙක විසින්. ඉදිරියේදී මෙම සමාගම් දෙක ඉවත්ව ගොස් නව සමාගමක් මාර්ගයෙන් ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ඇති ඉඩකඩ බොහෝය. ඉදි කිරීම් පිරිවැය ඈ.ඩො. මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ. මෙම කුලුන ඉදිකිරීමේදී ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 1147කි. මෙහි සැලසුම්කළ උස මීටර් 150ක් වූ නමුත් ඒ මුල් සැලසුම තරමක් දුරට වෙනස් කොට මීටර් 165ක් උසකට මෙම කුලුන විහිදී යනු ඇත. ඒ් අනුව නෙළුම් කුළුණ මිටර් 350 ක් උසට ඉදිකෙරේ. දැනට ලොව උසම කුළුණු පහ වන්නේ ෂැන්හයි කුළුණ, බෙයිජිං කුළුණ, බර්ලින් කුළුණ, ටෆ්කන්ට් කුළුණ හා අයිෆල් කුළුණයි. අයිෆල් කුළුණේ උස මිටර් 324 කි. ඒ අනුව ලොව උසම කුළුණු පහ අතරට ඉදිරියේදි නෙළුම් කුළුණ අයත් වෙයි. ඉදිකිරීම් නිමවීමෙන් අනතුරුව මෙම කුළුන ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ අයිෆල් කුලුනද අභිබවා යනු ඇත.


* Lotus Tower Grand Opening Ceremony Fireworks! - https://youtu.be/smsHTIA3WL4

* Highest TV Tower in South Asia - Unseen Panoramic Views of the Drone Video Update - https://youtu.be/xXHmgEU5fMg

ශ්‍රී-ලාංකීය අනන්‍යතාව පිළිඹිඹූ වන ආකාරයට නෙළුම් ‍පොහොට්ටුවක් හැඩැති මෙම කුලුන මුලින්ම ඉදිකරන්නට සැලසුම්කර ඇත්තේ මුතුරාජවෙල ආශ්‍රිතවය. එහෙත් පසුව එහි ඉදිකිරීම් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැවට ආසන්නයේ සිදුවන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයද අරමුණු කර ගනිමිනි. මීටර් 20ක් ‍පොළොවේ ගැඹුරට හාරා කළුගල දක්වා පාදම තනිකරම කොන්ක්‍රිට්වලින් පුරවන අතර එම පාදම හාරන විට පැරණි නෞකාවක නටබුන් ද හමු වී තිබිම විශේෂත්වයකි. මෙම නැව මෙහි ඉදිකෙරෙන කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තක් සඳහා වෙන් වේ. පහත මාලයේ අවන්හලක් හා ටෙලි සන්නිවේදන කෞතුකාගාරයක් ඉදි කෙරේ. කුළුණේ පීඨිකාව මහල් 6 කින් සමන්විත වන අතර පලමු මහලේ කෞතුකාගාරයක්ද ප්‍රදර්ශන ශාලා 2 ක්ද ඉදි කෙරේ. දෙවන මහලේ 400 කට වැඩි පිරිසකට අසුන් ගත හැකි සම්මන්ත්‍රණ ශාලාද තෙවන මහලේ අවන්හල් හා සුපිරි වෙළෙඳ සැල්ද ඉදි කිරීමට නියමිතය. 4 වන මහලේ 1000 කට පමණ පහසුකම් සපයන ශ්‍රවනාගාරයක්ද 5වන මහලට සුපිරි හෝටලයක්ද ඉදි කෙරේ. 7 වන මහලේ නිරික්ෂණ වේදිකාව වේ. ඉහළ ම මහ‍ලේ ප්‍රභූවරු වෙනුවෙන් අධි සුඛෝපභෝගී කාමර හයක් ඉදි වේ. එම ප්‍රභූවරුන් බොහෝවිට මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් වනු ඇත. දකුණු ආසියාවේ වැඩිම උසකට දිවෙන සෝපානය සවිකරනුයේ ද විනාඩියකටත් අඩු කාලයකින් ගමන් කිරීමට හැකිවන ආකාරයෙනි. එසේම යම් ආපදාවකදී විනාධි 30ක් ඇතුළත මෙම ගොඩනැගිල්ලෙහි සිටින සෑම අයෙකු ම පිටතට ගැනීමේ හැකියාවක් තිබිමද විශේෂිතය. මීටර් 365ක් උසැති ගොඩනැගිල්ලෙහි එකවර පුද්ගලයන් 1500කට රැඳී සිටීමට හැකියාව පවතින අතර දරුණු ගින්නකදී වූවත් එහි රැඳී සිටින්නන් ආරක්ෂාවන ආකාරයේ ආරක්ෂක ක්‍රම මෙහි සකස් වෙනු ඇත.

නෙළුම් කුළුණ, කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදිකර ඇත. පාදම පළමු මහල සහ දෙවැනි මහල මෙන්ම විවෘත මහල් වේ. එහි පළමු මහල් දෙක සාප්පු සංකීර්ණ සඳහා වෙන්වනු ඇත. මීටර් 365 ක් උසැති නෙළුම් කුලුනේ ඇත්තේ මහල් 09කි. එම මහල් 09ම ඇත්තේ මීටර් 200ට වැඩි උසකිනි. පළමු සහ දෙවැනි මහල් වෙන්වන්නේ ගුවන් විදුලි, රූපවාහිනී සහ දුරකථන සම්ප්‍රේක්ෂණ  මධ්‍යස්ථාන වෙනුවෙනි. කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා සදහා බදු දීමෙනි. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මකවීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. මෙරට සෑම ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානයකම සම්ප්‍රේෂණ සවි විය යුතු වන්නේ මෙහිය. තෙවැනි සහ සිව් වැනි මහල් වෙන්වන්නේ අමුත්තන් හා සියයකට පහසුකම් ඇති අවන්හලක් වෙනුවෙනි. පස්වැනි මහ‍ලේ ඇත්තේ කැරකැවෙන අවන් හලකි. අති සුඛෝපභෝගී කාමර හය ඇත්තේ හයවැනි මහ‍ලේය.  හත්වැනි මහල වෙන්ව ඇත්තේ නැරඹුම් මධ්‍යස්ථානයක් වශයෙනි. සෙසු මහල් දෙක වෙන්වන්නේ ගොඩනැගිල්ලෙහි ජලය ගබඩා කිරීමේ ටැංකි මෙන්ම විදුලිය, වායුසමීකරණ යන්ත්‍ර පහසුකම් වෙනුවෙනි.

මෙහි මහල් නවයට පසුව ඇත්තේ ඇන්ටනාවකි. මීටර් 40ක් උසැතිය එය නිර්මාණය කෙරෙන්නේ ජපානයේදීය. තවමත් එම ඇන්ටනාව සවිකර නැති අතර එය සවිකරනුයේ ශක්තිමත් සැහැල්ලු විශේෂිත කොන්ක්‍රීට් බදාමයකිනි. නුදුරු දිනයකදීම එම ඇන්ටනාව සවිකෙරෙනු ඇත. මීටර 350 ක් උස වන නෙළුම් කුළුණ ඉදිකළ පසු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස විදුලි සන්දේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා 50 කට පමණ විකාශන තරංග විසුරුවාහැරීමට නියමිත ය. ඒ මගින් කොළඹ අවට තැන තැන ඉදිකර තිඛෙන සන්නිවේදන කුළුණ රැසක් ඉවත්කොට තනි තැනක සිට සම්ප්‍රේෂණ කටයුතු පවත්වා යාමට අවස්ථාව උදාවේ.

මෙහි නෙළුම් පෙති තවමත් සවිකර නැති අතර ඒවා මේවන විට කර්මාන්ත ශාලාවල සකස්කර අවසන්ය. නෙළුම්පෙති සවිකරනුයේ කොටස් වශයෙනි. කැරකෙන අවන්හල නැරඹුම් කොටස සුඛෝපභෝගී කාමර ඇත්තේ එම නෙළුම්පෙති නැතිනම් නෙළුම් ‍පොහොට්ටුව තුළය. මෙම දැවැන්ත ඉදිකිරීමේ පාදම් කොටසේ පවා නෙළුම් පෙති හැඩයට සකස් කෙරෙන අතර මේ තුළින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් මෙන්ම සශ්‍රීකත්වය, නිර්මලත්වය සංස්කෘතත්වය පෙන්නුම්කරන බව සදහන්ය. නෙළුම් කුළුණ ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශය වාහන නැවැත්වීමේ පහසුකම්ද සහිතව අවශ්‍ය යටිතල පහසුකම්ද සමඟින් විනෝද උයනයක් වශයෙන් සංවර්ධනය කිරනු ලැබේ.

මෙකී දැවැන්ත ඉදිකිරීමේ කටයුත්තට බැසිල් රාජපක්ෂ මහතාගේ අතින් 2012 වසරේ ජනවාරි 20 වෙනිදා මුල්ගල තැබෙන්න අතර 2015දී වැඩ අවසන් වීමට නියමිතය. කුළුණේ ව්‍යුහාත්මක කටයුතු 2015 ජූනි මස වනවිට නිම කිරීමට සැලසුම් කර ඇත.

Saturday, October 26, 2019

රේඩියෝ උද්‍යානයේ කඳවුරු බඳිමු - Radio Garden Lets You Tune Into A World Of Global Broadcasts


ගුවන් විදුලිය යනු දෘශ්‍ය ආලෝකයට වඩා අඩු අගයක් දරන සංඛ්‍යාත මගින් විද්‍යුත්චුම්බක තරංග මූර්ඡනය කිරීමෙන් නිදහස් අවකාශය තුලින් සංඥා සම්ප්‍රේෂණය කිරීමයි. විද්‍යුත් චුම්භක විකිරණ ගමන් කිරීම යනු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෝලනයන් වාතය සහ රික්තක හරහා දෝලනය වීමයි.මේ පිළිබඳ පුර්ව කල්පිතයක් වන්නේ මේ සඳහා ගමන් කිරීමට මාධ්‍යයන් අවශ්‍ය බවයි. ඊට ප්‍රදීපන ඊතර් යොදා ගත් අතර පසුව එය අසත්‍යක් බව වටහා ගැනිණි.මෙම තොරතුරු රැගෙන යන්නේ ක්‍රමානුකූලව වෙනස් වන විකිරණ තරංගවල ඇති සමහර ගුණාංග නිසා වන අතර ඒවා නම් තරංග ආයාමය, සංඛ්‍යාතය සහ කලාව වේ.

රේඩියෝ තරංග විද්‍යුත් සන්නායකයක් හරහා යන විට දෝලනය වන ක්ෂේත්‍රය නිසා ප්‍රත්‍යාවර්ථ විද්‍යුත් ධාරාවක් සන්නායකයට ආරෝපණය වේ. සමය අනාවරණය කර ගෙන පරිණාමනය කිරීමෙන් ශබ්දය හා අනෙක් සංඥා විලසින් තොරතුරු රැගෙන යා හැකිය. ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් ,ස්කොට් ජාතික විද්‍යාඥයා විසින් විද්‍යුත් චුම්බකත්වය විස්තර කරමින් මෙහි සිද්ධාන්තය පහදාදී වැඩිදියුණු කරන ලදී.ඔහු විද්‍යුතය සහ චුම්බක ක්ෂේත්‍ර එකටම එකතුවී විද්‍යුත් චුම්භක තරංග ඇතිකරන බවට ඔහු අනාවැකි පහල කළේය. හෙන්රිච් හට්ස් නැමති ජර්මන් විද්‍යාඥයාට මෙවැනි තරංග සහ රේඩියෝ සංඛ්‍යාත සොයාගන්නා ලද බවට ගෞරවය හිමිවේ. 1888 දී සිදු වූ එය ඉතා අධික සංඛ්‍යාත පරාසයක් ඇති සම්ප්‍රේෂකයක් භාවිතාකර සිදු කරන ලදී. 1893දී නිකොලා ටෙස්ලා ප්‍රථම වතාවට රැහැන් රහිත සංඥා හුවමාරු ක්‍රම ප්‍රායෝගික බව පෙන්වා දුනි.ගුග්ලිමෝ මාර්කෝනි නැමැති ඉතාලි ජාතික නව සොයාගැනීමට ප්‍රථම ඔහු විසින් වාණිජ ක්‍රියාකාරීත්වය ඇති ගුවන් විදුලි පණිවුඩ හුවමාරුව සොයාගන්නා ලදී. 1895 දී ඉතාලියේ ඔහු ප්‍රථම සංඥා හුවමාරු ක්‍රමය භාවිතා කළ බව පැවසේ.

නිමේෂයකින් ඇසී නෑසී යන ගුවන් විදුලි තරංග

ගුවන් විදුලිය හැදින්වීම සදහා වර්තමානයේ රේඩියෝ(Radio) යන්න භාවිතා කලද මුල් යුගයේ එය හැඳින්වූයේ වයර්ලස්(Wireles) යන නමිනි. වයර්ලස් නැතිනම් රේඩියෝව බිහිවීම ලොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති වීමට හේතුවූවා යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ. 1920 පමණ වනවිට ගුවන් විදුලිය එවකට පැවති අනෙකුත් සියලුම බහුජන මාධ්‍ය සියල්ලම අභිබවා ප්‍රබල ලෙස දියුණු විය. 1970 දශකයේ අග භාගයේදී ජනප්‍රියත්වයට පත් වූ සෘජුකෝණාස්‍රාකාර ගුවන් විදුලි යන්ත්‍රය අප කවදාවත් නොසිතූ ලෝකයක් බවට පත් කලේය.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියේ ඉතිහාසය 1925 දක්වා දිවයන්නේ කොළඹ රේඩියෝව පිහිටුවීම දක්වායි. දෙවන ලෝක යුධ සමයේදී එම සේවාව බ්‍රිතාන්‍ය හමුදාවන් යටතට ගැනුණු ගැනුණු අතර, පසුව එය ලංකා රජය (වත්මන් ශ්‍රී ලංකාව) අතට නැවත පත්විණි. 1980 වන තෙක්ම ගුවන් විදුලි ක්ෂේත්‍රය,1966 අංක 37 දරණ ලංකා ගුවන්විදුලි සංස්ථා පනත යටතේ රාජ්‍ය ඒකාධිකාරයක්ව පැවතිණි.
වර්තමානය වන විට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ 50 අධික ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. ගුවන් විදුලි වෙළෙඳපොළේ ශ්‍රාවක සංකේන්ද්‍රණය ඉහළ මට්ටමක පවත්නා අතරතුරදී, ක්ෂේත්‍රයේ තරගකාරිත්වය මගින් පවර් හවුස් වැනි වඩාත් නවමු හිමිකරුවන් හට ක්ෂේත්‍රයට පිවිසීමට ඉඩ හසර ලබාදී ඇත. සැලකිය යුතු පරිද්දෙන්, පවර් හවුස් සහ ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින් යන ආයතන දෙකම ශ්‍රාවක කොටස් ප්‍රතිශතයන් අත්පත් කොට ගෙන ඇත්තේ තනි ගුවන් විදුලි නාලිකාවක් පමණක් පවත්වා ගනිමිනි. මෙය, නාලිකා තුනකට වැඩි සංඛ්‍යාවක් සමගින් ශ්‍රාවක කොටස් ප්‍රතිශතයන් අත්කොටගෙන ඇති ඇති ඒබිසි සහ කැපිටල් මහරාජා වැනි සමාගම් වලින් වෙනස් වේ.

අන්තර්ජාලයේ ගුවන් විදුලි උද්‍යානය





ඔබට කැමති ජනප්‍රිය අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාට පහසුවෙන් ඇහුම්කන් දීමට ඔබට අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්... ජාත්‍යන්තර Radio Garden - රේඩියෝ ගාර්ඩන් වෙත පිවිසෙන්න. එහි කිසිදු සැඟවුණු ගාස්තු, විශේෂ සාමාජිකත්වයක් සහ වාර්ෂික දායක ගාස්තුවක් නොමැත.
2019 අන්තර්ජාල ජම්බෝරියට සමගාමීව ස්කවුටින් බාලදක්ෂ සඟරාවේ අපි, ජාත්‍යන්තර රේඩියෝ ගාර්ඩන් හා අත්වැල් බැඳ ගත්තෙමු. අන්තර්ජාලයේ නව වෙබ් සීමාවන් අත්‍රික්‍රමණය කරමින් ලෝක ව්‍යාප්ත වූ බාලදක්ෂ ව්‍යාපාරය තුළ දේශීය සන්නාමයක් හඬවමින් 'ශ්‍රී ලංකා බාලදක්ෂ හඬ' මේවනවිට ලොවට ම ඇසෙන්නට විකාශනය කරමින් තිබේ.

මෙහි ඇති සුවිශේෂයත්ය වනුයේ SCOUTING නමින් ඇත්තේ අප පමණක් වීමය. කොළඹ ඇතුලු සමස්ත ශ්‍රී ලංකාව තුල විකාශය වන නාලිකා 48 අතරින් අප ලාබාලතම සාමාජිකයා වන්නෙමු. නමුත් අන්තර්ජාල ගුවන් විදුලි උද්‍යානයෙහි බාලදක්ෂයන් වෙනුවෙන් ක්‍රියාත්මන වන එකම ළමා වෙබ් ගුවන් විදුලිය ලෙස අප බාලදක්ෂ ඉතිහාසය ස්වර්ණමය සංලක්ෂයක් පිහිටුවාලූයෙමු.

Radio Garden යනු

ජාත්‍යන්තර ගුවන්විදුලි උද්‍යානයට අරමුදල් සපයනු ලබන්නේ නෙදර්ලන්තයෙනි. මහජන මුදලින් නඩත්තුවන Institute of Sound and Vision ශබ්ද සහ දැක්ම ආයතනයට ව්‍යාපෘතියට වාණිජමය අරමුණක් නොමැත. සරලව ම කීවොත් මෙය ගූගල් අර්ත් හා සමානය. ඔබත් කිසි දිනෙක ජාත්‍යන්තර ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රවණය කර නොමැති සබකෝලයෙන් පිරුණු බාලදක්ෂයෙක් නම් තවදුරටත් කුතුහලයෙන් පසෙකට වී නොසිට දැන්ම ම ගුවන් විදුලි උද්‍යානයට පිවිසෙන්න. ඔබේ ඇස් ඉදිරිපිට කැරකෙන ලෝක ගෝලය තුළ ලොව පුරා විසිරී යන සුවහස් සංඛ්‍යාවක ගුවන් විදුලි නාලිකා බීජ විසිරී තිබේ. ගුවන් විදුලි බීජයක් මත ක්ලික් කර මද වේලාවක් බලා සිටීමෙන් ඒ ඒ රටට අවේනික වූ භාෂා මාධ්‍යෙයන් අදාල ගුවන් විදුලි නාලිකාවක් පැහැදිලි ව සුසරවන අතර සාමාන්‍ය ගුවන්විදුලි මෙන් කිසිදු ශ්‍රවන භාධාවකින් තොරව ඇසීමේ පහසු කම එතුලින් පහසුවෙන් ලැබේ. 

 

පැරණි ක්‍රමයට ඇනලොග් රේඩියෝව සුසර කළා හා සමාන නොවූවත් ලැප්ටොප් පරිගණකයේ ට්‍රැක් පෑඩ් භාවිතා කර අපහසුවකින් තොරව ගුවන්විදුලි උද්‍යානයේ නාලිකා සුසර කිරීමට ඔබත් වැඩි කලක් යෑමට පෙර පුරුදු වනු ඇත. එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශයට විශාලනය කරන්න. ජපානයේ හොකයිදො, ඉන්දියාව, පන්ජාබය, අයර්ලන්තය, එංගලන්තය ආදී ඕනෑම තැනකින් ග්‍රවන් විදුලියක් ශ්‍රවනයට මෙතරම් පහසු කිසිදු ක්‍රමයක් මින් පෙර දැක නැත්තෙමු.

බාලදක්ෂ ජම්බෝරියකදී සිදුකරන්නාක් මෙන් ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයන් එක් ස්ථානයක කැදවා එක් අහසක් යට කදවුරු බදින්නාක් මෙන් ශ්‍රාවකයින් දුර සංස්කෘතීන් හා සම්බන්ධ කිරීම සඳහා අනතර්ජාල රේඩියෝ උද්‍යානයේ අත්දැකීම අඛණ්ඩව විදීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.


අතීතයේදී දුර බැහැර ස්ථාන සමඟ සම්බන්ධවීමට ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සරල තාක්ෂණ ක්‍රම භාවිත කරන ආකාරය අසා ඇත්තෙමු. දකුණු ඉන්දියාවේ මිනිසුන් අතීතයේදී ලංකාවේ ගුවන් විදුලි නාලිකා ඇසීමට පොල්ගස්වල නැග ගුවන් විදුලි සුසුර කල බව කොච්චි මිනිසුන් කියනු අසා ඇත්තෙමු. විවිධ සංස්කෘතීන් හා ඔවුන්ගේ මූලයන් සමඟ මිනිසුන් නැවත සම්බන්ධ කිරීම උදෙසා රේඩියෝ උද්‍යානයේ ජොනතන් දක්වන අදහස ගැන නැවතත් කල්පනා කළෙමි. ඒ තුළ ඇති විහිලු සහ සත්‍ය දුටුවෙමි. දැන් එක්සත් ජනපදයේ ජීවත්වන මිෂෙලුත් මාලේ වල සිටන මාලනුත් ඕසට්‍රේලියාවේ ඇනඩෘෘත් ඉන්දියාවේ අභිෂේකුත් ජපානයේ හෂිකොත් ඊජීප්තුවේ හසනුත් සමග එක්ව කඳවුරු කරන්නෙමි. මම නැවත ගෙදර යාමට පෙර 'රේඩියෝ උද්‍යානයේ කඳවුරට' ගොඩවන්නෙමි.

බාලදක්ෂ රේඩියෝව!

අන්තර්ජාලයේ මෙතෙක් දේශීය බාලදක්ෂයන් අත නොගැසූ නවමු මානයන් කරා SCOUTING සඟරාවේ අපි, නිඹඳව ඔබ රැගෙන ගිය බවට අපත් සමඟ එක්ව යන බාලදක්ෂ සහෘදයන් හොඳින් දන්නා බව දනිමු. මෙවර 2019 ජොටා ජොටී ජම්බෝරිය වෙනුවෙන් තවත් පියවර කීපයක් ඉදිරියට පිය නැගීමට අප මෙවර අදිටන් කර ගත්තෙමු. පර්යේෂණ විකාශයක් ලෙස ජාත්‍යන්තරය වෙත මෙවර දෙස් විදෙස් බාලදක්ෂ, බාලදක්ෂිකා ගීත අන්තර්ජාලය සිසාරා ගීතවත් කරමින් 'ඩිජිටල් කඳවුරු ගිනිමැලයක්' ඔබ සැම වෙනුවෙන් අප මේවන විට දල්වා තබන්නෙමු.

ඔබේ විවේක කාලය අපේ 👉 http://scouting.lk👈 වෙත හො 👉https://baladakshaya.blogspot.com👈 අඩවි කරා පැමිණ දිරි ගැන්වීමට කැමති නම්... මේ ඊට සුදුසුම හෝරාවයි... ඔබේ අදහස් අප හා බෙදා ගනු ඇතැයි බලා පෙරොත්තු වෙමු.


ශ්‍රී ලංකාවේ අන්තර්ජාලගත සෙසු ගුවන් විදුලි නාලිකා

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ බොහෝ ගුවන්විදුලි නාලිකා දැනට ක්‍රියාකාරීව පවතිනු ලැබේ. විවිධ වූ ක්ෂේත්‍රයන්ට සුවිශේෂී වැඩසටහන් සේවා පවත්වා ගැනීම අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවන්ගෙන් ම මෙම නාලිකා විකාශනය වේ. 
  • ABC Hiru FM 96.7 FM
  • ABC Shaa FM 91.1 FM
  • Sooriyan FM 103.6 FM
  • Shakthi FM 104.1 FM
  • FM Derana 92.2 FM
  • Sun FM
  • Y FM 92.6 FM
  • Sirasa FM 106.5 FM
  • Neth FM 95.0 FM
  • ABC Gold FM 93.0 FM
  • Varnam FM 90.6 FM
  • Rhythm FM 100.7 FM
  • Siyatha FM 98.2 FM
  • Yes FM 101 ශ්‍රී ලංකාව
  • Kiss FM 96.9 FM
  • Tamil FM - Sri Lanka
  • SLBC Thendral FM 104.7
  • Lite FM 87.6 FM
  • V FM Radio 107.0 FM
  • SLBC Sinhala Commercial Service 93.3 FM
  • Fox 91.4
  • SLBC Tamil National Service 102.3 FM
  • Shraddha Radio
  • Tamilaruvi Radio
  • SLBC City FM 89.6
  • Tharu Sinhala Radio
  • Real Radio 97.1 FM
  • Red FM 107.8 FM
  • SLBC Radio Sri Lanka 97.4 FM
  • Sha Lanka Radio
  • TNL Radio - 99.2/101.8
  • Bathusha Radio
  • Lakhanda FM 87.9 FM
  • Vasantham 97.6 FM
  • Isira Radio
  • Tamil 2 World FM
  • TamilMirror Radio
  • LiveFM
  • Everlasting Radio
  • Freefm.lk
  • SLBC Asia English
  • iRadioLk
  • SLBC Tamil National Service 103.1 FM