Translate

Wednesday, November 26, 2025

භාරත බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමයෙන් ශ්‍රී ලංකාවට සම්මාන ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට Silver Elephant සම්මානය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් වන නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා, ඉන්දියාවේ ජාතික බාලදක්ෂ සංවිධානය වන භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය විසින් පිරිනමන ඉහළම ජාතික සම්මානය ලබා ගෙන ඇත. “රිදී හස්තියා” සම්මානය යනු භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා (BSG) සංගමයේ ඉහළම සම්මානය වන අතර, එය ඉන්දියානු බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරය විසින් විශිෂ්ට සේවාවක් හා විශේෂ චරිතයක් සලකා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස පිරිනමනු ලබයි.
 

 

මෙම සම්මානය බාලදක්ෂ ව්‍යාපාරය සඳහා විශිෂ්ට සහ කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට පිරිනමන දුර්ලභ ගෞරවයකි. සම්මානලාභීන් ඔවුන්ගේ උතුම් සේවය පිළිගැනීමක් ලෙස ඉන්දීය ජනාධිපතිවරයා විසින් රාෂ්ට්‍රපති භවනයේදී සම්මාන ය ප්‍රදානය කරනු ලැබේ.

බාලදක්ෂ පොරොන්දුව සහ නීතිය අනුව ජීවත්වන, තරුණ පරම්පරාව සඳහා වඩා හොඳ ලෝකයක් අර්ප කිරීමට ජීවිතය කැප කළ සැබෑ බාලදක්ෂ ආදර්ශයක් මූර්තිමත් කරන පුද්ගලයින් වේ. තරුණ නායකත්වය වර්ධනය කිරීම, බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සහ එය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඔවුන් දැරූ නායකත්වය, කැපවීම සහ අඛණ්ඩ අදහසට පිළිගැනීමක් සේ රිදී අලියා සම්මානය පිරිනමනු ලැබේ.

මෙය පරාර්ථකාමී කැපවීමේ, නොසෙල්වූ උත්සාහයේ සහ තරුණ සංවර්ධනය පිළිබඳ නොසැලෙන විශ්වාසයේ සංකේතයකි. මෙම ගෞරවණීය ප්‍රදානය මීට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික  කොමසාරිස්තුමා වන්නේ හිටපු ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් සිල්වා මහතා ය. 


මෙවර සම්මාන ප්‍රදානය උත්තර් ප්‍රදේශ් ආණ්ඩුකාර ආනන්දි බෙන් පටෙල් මහත්මිය විසින් ඉන්දියාවේ ලක්නව්හි රාජ් භවන් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසහිදී ප්‍රදානය කරන ලදී. 2025 නොවැම්බර් 23 සිට 29 දක්වා පැවැත්වෙන භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්ගේ 19 වන ජාතික ජම්බෝරියට සමගාමීව 2025 නොවැම්බර් 26 වන දින උත්සවය පැවැත්විණි.
 
 
ජනප්‍රිත් ප්‍රනාන්දු 1979 දී 39 වන කොළඹ, ශාන්ත තෝමස් කනිෂ්ඨ පාසලේ  බාලදක්ෂ  කණ්ඩායමේ කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස සිය බාලදක්ෂ ගමන  ආරම්භ කළ අතර, පාසලේ බාලදක්ෂ නායකයෙකු ලෙස කටයුතු අතර ඔහු දිසා  බාලදක්ෂ නායකයෙකු, සහකාර දිසා  කොමසාරිස්වරයෙකු ලෙස කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සේවය කරන ලදී. 2005 - 2010 දක්වා කොළඹ කොමසාරිස් ලෙස වසර 5 ක කාලයක් සේවයෙන්  අනතුරුව  ඔහු විශේෂ කොමසාරිස්වරයෙකු ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට (SLSA) පිවිසියේය, ජාත්‍යන්තර කොමසාරිස් (2011-2016), නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් (2016-2021) ලෙස සේවය කළ අතර දැනට ප්‍රධාන කොමසාරිස්තුමා ලෙස සේවය කරයි. එතුමා 28 වන ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ සමුළුවේදී, ආසියා පැසිෆික් කලාපයේ ස්වේච්ඡා සහාය උප කමිටුවේ සභාපති සහ ආසියා පැසිෆික් එවර්ග්‍රීන් බාලදක්ෂයින්ගෙ (Asia Pacific Evergreen Scouts) සාමාජික අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. එමෙන්ම ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානය විසින් ඔහු නැවතත් එහි උපදේශකයකු ලෙස පත් කර ඇති අතර මෙම සියලු පත්වීම් වසර තුනක කාලයක් සඳහා වේ. උපදේශකයකු ලෙස ඔහු ලොව ප්‍රමුඛතම සහතික කිරීමේ සමාගමක් වන SGS වෙතින් ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයට අදාළ ජාතික බාලදක්ෂ සංවිධාන පාලනය, මූල්‍ය, වර්ධනය, ආයතනික අවශ්‍යතා, උපායමාර්ගික රාමුව, හානියෙන් සුරක්ෂා වීම සහ ජාතික බාලදක්ෂ සංවිධානවලට අදාළ අනෙකුත් වැදගත් ක්‍ෂේත්‍රවල විගණනය සහ තක්සේරු කිරීම සඳහා පුහුණුව ලබා ඇත. ලෝක බාලදක්ෂ කමිටුවට (2017-2021) සහ ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවට (2012 -2017) තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වන අතර ලෝක බාලදක්ෂ කටයුතු සඳහා සක්‍රීය ලෙස සේවය කළේය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයෙහි දැනට සාමාජික රටවල් 176 ක මිලියන 60ක සාමාජිකත්වයක් ඇති අතර, ඉන් මිලියන 38 ක් සාමාජික රටවල් 33 ක ආසියා පැසිෆික් කලාපයට අයත් වේ.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට The Silver Star සම්මාන ද්විත්වයක්

‘රිදී තරුව’ සම්මානය බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයට සුවිශේෂී සහයෝගය, නායකත්වය සහ අමිල සේවයක් ලබා දුන් පුද්ගලයින් වෙත පිරිනමණු ලැබේ. භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය විසින් කීර්තිමත් ‘රිදී තරුව’ සම්මානය බාලදක්ෂිකා සංගමයයේ ආසියා පැසිෆික් කලාපීය කමිටුවේ WAGGGS හි හිටපු උප සභාපතිනි ප්‍රාර්ථනා ලියනගේ මහත්මියට සහ SLGGA හි හිටපු ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර මහත්මියගේ විශිෂ්ට සේවය අගය කරමින් පිරිනමන ලදී. මෙම උත්සවය 2026 නොවැම්බර් 26 වන දින ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ලක්නව් හි රාජ් භවන් හිදී උත්තර් ප්‍රදේශ් ගරු ආණ්ඩුකාරතුමා ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම ගෞරවනීය ජාතික ගෞරවය දියමන්ති ජුබිලි සැමරුම සහ 19 වන ජාතික ජම්බෝරියේ මහා අවසන් මහා තරඟයේදී පිරිනමන ලදී.
 
 
 
19 වන ජාතික ජම්බෝරියට සමගාමීව පැවති මෙම ගෞරවණීය සම්මාන උළෙලේදී රිදී හස්තියා සම්මාන  4ක් තවත් විදේශීය සම්මානලාභීන් තිදෙනෙකුට ද හිමි විය. භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා  ප්‍රධාන කොමසාරිස් කේ.කේ. කන්දවාල් සහ අනෙකුත් නිලධාරීන් උත්සවයට සහභාගී විය.
 
 

 

Monday, August 18, 2025

14වැනි කබෝරිය අති සාර්ථක ලෙස නිමා විය


'සොඳුරු ලොවක්' තේමාව අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති මෙය අද (15) සිට 17 වැනිදා දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන අතර රතු මල, අත් වැඩ, චිත්‍ර හා ජන ගායනා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රාශියකගෙන් සමන්විත විය. ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ කබෝරිය 2025.08.15දා සවස 3.30ට දෙස් විදෙස් පෝතක බාලදක්ෂයින් දස දහසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී ආරම්භ විණි. මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සහභාගි විය.

පෝතකයෝ 10000ක්; බාලදක්ෂ කබෝරිය අනුරාධපුරයේ දී...


 

විශේෂ ආරාධිතයා ලෙස ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම් ඩේවිඩ් බර්ග් මහතා සහභාගි වුණේය. මෙය එතුමා ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම් ලෙස පත්වීමෙන් පසු මෙරට බාලදක්ෂ කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් පැමිණි පළමු ලංකා සංචාරය විය. ලෝක බාලදක්ෂ සංගමයේ මහ ලේකම් David Berg මහතා ඇතුළු ආසියානු ශාන්තිකර කලාපයේ සහකාර සභාපති සයිමන් ඇන්බොග්රී , එහි අධ්යක්ෂ ප්රසන්න ශ්රීවස්ථා , ශ්රී ලංකා බාල දක්ෂ සංගමයේ ප්රධාන බාල දක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු මහතා, නේපාලය , භූතානය , බංගලාදේශය , මාලදිවයින හා කසක්ස්ථානය යන රටවල් නියෝජනය කරමින් මහ කොමසාරිස්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. එමෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

 

සහාය ප්‍රධාන කොමසාරිස් (පෝතක) රේණුකා සිල්වා මහත්මිය ඇතුළු පිරිස කබෝරියේ කටයුතු සංවිධානය කටයුතු සඳහා ඉතා කැපවීමෙන් යුත්තව දැඩි වෙහෙසක් දැරූ අතර මෙවර පැවැත්වෙන 14 වන ජාතික කබෝරිය 'සොඳුරු ලොවක්' තේමාව යටතේ පෙළ ගස්වා තිබුණි. තෙදිනක් පුරා කබෝරිය පැවැත් වූ අතර වයස අවුරුදු හතත් එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයන්ට මෙම වැඩසටහනට ඇතුලත් වීමේ අවස්ථාව උදා විය. රතු මල, අත් වැඩ, චිත්‍ර, ලොව වටා චාරිකා, ජන ගායනා, රංගනය ආදී ලෙස නම් කළ වැඩසටහන් ඇතුළත්ය. විවිධ දිස්ත්රික්කවල අනන්යතාවයන් විදහා දැක්වෙන නර්තනයන් දරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර විශේෂ ආරාධිතයින් වෙනුවෙන් සමරු තිලිණ ප්රදානය කිරිමක් ද මෙහි දී සිදු කෙරිණි. 


 
ක්‍රියාශීලී බව හා සමගිය ප්‍රධාන කොට විනය ගරුකව ජීවිතය හැඩගැස්වීම බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාශීලීව බාල දක්ෂ ව්‍යාපාරය ඇත්නම් මීට වඩා යහපත් තත්ත්වයක් පාසල් දරුවන් අතර පැවතීමට ඉඩ ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා බාල දක්ෂ මූලස්ථානය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කළ දාහතර වන ජාතික කබෝරියට එක්වෙමිනි. විවිධ ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීම වෙනුවට අධ්‍යාපනය මතම රඳා පවතිමින් යාන්ත්‍රික දරුවෙකු බිහි කිරීමට දෙමව්පියන් උත්සහා දැරීම මගින් එය අනාගත ශ්‍රී ලංකාවට ඉතා හානිදායක විය හැකි බව ද පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

Tuesday, August 12, 2025

14 වන ඡාතික කබෝරියට උණුසුම් සුභ පැතුම්! 14th National Cuboree 2025

පෝතකයන්ගේ සොඳුරු ක්‍රියාකාරකම් දෙස අපි පිවිතුරු සිතින් බලාසිටින්නෙමු. පෝතක බාලදක්ෂ යනු, කුඩා අවධියේ සිටම එකමුතුකම සහජීවනය මෙන්ම කණ්ඩායම් හැඟීම් ඔප මට්ටම් කරගැනීමට කදිම නවාතැන්පලක් බව සෑම දෙනා අතර ජනප්රිය වූ රහසකි. එවැනි වූ වටපිටාවක් තුළ නිර්මාණය වූ බාලදක්ශ පෝතක අංශය වයස අවුරුදු 7 සිට 11 දක්වා වූ පොඩිත්තන් සඳහාම නිර්මාණය විය. ශ්‍රී ලංකාව පුරා වෙන් වෙන්ව විසිරී සිටින පෝතකයන් එක්‌ ස්‌ථානයකට ගොනුකර කණ්‌ඩායම් හැඟීම, අන්‍යාන්‍ය සුහදත්වය, මිත්‍රශීලීත්වය, සහෝදරත්වය වැඩිදියුණු කිරීමයි කබෝරියක අරමුණ. ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂයන් අනුරාධපුරයට එක්‌රොක්‌වී ක්‍රියාකාරකම්, ක්‍රීඩා විනෝද වැඩසටහන් තුළින් තම හැකියාවන් පෙන්නුම් කිරීමට සුවිශේෂ වේ. 
 
එංගලන්තයේදී 1916 දී පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය නිර්මාතෘ බේඩ්න් පවල්සාමිතුමා විසින් ආරම්භ කරන්නේ කුඩා දරුවන් සමාජයට වුවමනා ආකාරයට විනය ගරුක හා බුද්ධිමත් පුරවැසියන් බවට පත්කිරීමේ පිවිතුරු අරමුණෙනි. ඉතින් වසර 100ක කාලයක්‌ තුළ ලෝකය පුරා රටවල් 216 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. ජාත්‍යන්තර පෝතක බාලදක්‍ෂ සියවස මෙන්ම ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂ සියවස ද පූර්ණ වී නව වසරකින් එළබෙන, මීලඟ දශකය අවසානය සනිටුහන් කරමින් මෙරටදී පැවැත්වෙන අවසාන ජාත්‍යන්තර වැඩසටහන ලෙස මෙවර මෙවර පැවැත්වෙන ජාතික කබෝරිය හදුන්වා දිය හැකියි. 
 
14 වන පෝතක බාලදක්ෂ ඡාතික කබෝරිය 
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන 14 වන ජාතික බාලදක්ෂ කබෝරිය 2025 අගෝස්තු 15 සිට 17 දක්වා අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියයේදී පැවැත්වේ. 14th National Cuboree ⚜️ "Happy World" තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන පෝතක බාලදක්ෂ ඡාතික කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ 10,000කට වඩා අධික පිරිසක් සහ විදේශීය පෝතක බාලදක්ෂයන් 1,000කට වැඩි පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවර ශ්රී ලංකා බාලදක් මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා ජාතික බාලදක්ෂ කබෝරි සංවිධායක ලෙස කටයුතු කරනු ලැබේ.
 
14 වන ජාතික බාලදක්ෂ කබෝරි පදක්කම
 
අපේ ලස්සන ශ්‍රී ලංකාවට එන්න – ඉතිහාසයෙහි කොටසක් වන්න!

මෙවර ජාතික කබෝරිය යූනෙස්කෝ ලෝක උරුම තැන්පතුවක් ලෙසත්, ආදිකාලීන සිවිල්කරනයක් ලෙසත් ප්‍රසිද්ධ විශිෂ්ට ඉතිහාසයකින් පිරුණු, බෞද්ධ සම්ප්‍රදායෙන් සමන්විත අනුරාධපුර නගරය ආශ්‍රිතව පැවැත්වෙන අතර තෙවන ජාතික ජම්බෝරිය පැවති වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටිය ඒ සඳහා තෝරාගෙන තිබේ. කබෝරිය ලාංඡනය සහකාර මූලස්ථාන කොමසාරිස් චාමර සඳරුවන් කල්දේරා විසින් නිර්මාණය කර තිබේ.
 
 
🎵 14th National Cuboree Song – New Released!🎵
 
පෝතක බාලදක්ෂ ව්‍යාපාරයේ ආත්මය සහ සහෝදරත්වය මූර්තිමත් කරමින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 16වන කොළඹ පෝතක බාලදක්ෂ කණ්ඩායම විසින් 14වන ජාතික කබෝරි නිල ගීතය ඉදිරිපත් කිරීමේ ගෞරවයට පාත්‍ර වේ. ​
 
​පද රචනය: වත්සලා විජේවික්‍රම මහත්මිය (හිටපු ACC -පෝතක) (16 වන කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ සමූහ බාලදක්ෂ නායිකා)
සංගීතය: හරින්ද්‍රි ප්‍රනාන්දු මහත්මිය (සංගීත ගුරුවරිය, STC) 
 
 
 
සතුටුදායක බාලදක්ෂ ක්‍රියාකාරකම් සහ අභියෝග රැසක් සහ ජාත්‍යන්තර මිතුරන් සමඟ අත්දැකීම් බෙදා හදා ගැනීමට ඇති මෙවර ජාතික කබෝරිය මෙරට පෝතක බාලදක්ෂයන්ට අමතක නොවන මතකයන්ගෙන් පිරුණු තෙදිනක අද්විතීය අත්දැකීමක් වනු ඇත.
 
මෙවර පෝතකයන්ගේ ක්‍රියාකාරකම් මොනව ද?

2025.08.15දා ආරම්භක උත්සවයෙන් පසුව 16දා උදේ 9.00 සිට දහවල් 1.00 දක්‌වා පෝතක දරුවන්ගේ අත්වැඩ, චිත්‍ර, ගීත, රඟ දැක්‌වීම්, ඉලක්‌කයට විදීම්, කඹ ඇදීම්, දැල් නැගීම් ආදි ක්‍රියාකාරකම් පැවැත් වේ. මේ අතර සාමූහිකව කටයුතු කිරීම පිළිබඳ දරුවන්ට මෙහිදී ප්‍රායෝගික අවබෝධයක්‌ ලැබෙනවා. 
 
ද ජංගල් බුක්‌

ඒ වගේම 16දා සවස එවකට පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට නිමිතිකරගත් ඉංග්‍රීසි ජාතික රඩ්යාඩ් කිප්ලිංග් 'ද ජංගල් බුක්‌' නම් වනකතාව ඇසුරෙන් දරුවන් එළිමහන් සංදර්ශනය පවත්වනවා. මෙහිදී එක්‌ බාලදක්‍ෂ දිස්‌ත්‍රික්‌කයකට සිය දෙනා බැගින් වන සේ සහභාගි වනවා. දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් තමයි ඔවුන් එම ඉදිරිපත් කිරීම් කරන්නේ. පෝතකයන් ආදීවශයෙන් සතුන්ගේ චරිත ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුලු වේවි.

රතුමල

මෙම වැඩසටහනින් පසුව 15දා සවස 6.15 ට පැවැත්වීමට නියමිත ඇත්තේ 'රතුමල' වැඩසටහන සූදානම් කරන්නේ මූලස්‌ථාන කොමසාරිස්‌ වත්සලා විඡේවික්‍රම මහත්මිය විසින්. බාලදක්‍ෂයන්ගේ ගිනිමැල සංදර්ශනය වෙනුවට තමයි පෝතකයන්ට 'රතුමල' හඳුන්වාදී තිබෙන්නේ. පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වූ රඩ්යාඩ් කිප්ලිංගේ 'වන කතාව' අනුව මවුග්ලි නම් දරුවා හැදුණේ වෘක ගුහාවක. වෘක අම්මාගේ ඉල්ලීමට අනුව ශියර්කාන් නම් කොටියා බය කරන්න තමයි මවුග්ලි ගම්මානයට ගොස්‌ ගින්දර අරන් එන්නේ. එය තමයි 'රතු මලින් ' සංකේතවත් කරන්නේ. එය ළමයින්ගේ අපූරු ඉදිරිපත් කිරීමක්‌ වන බව නම් විශ්වාසයි. 
 
පෝතක ප්‍රදර්ශනය
 
 


 පෝතක බාලදක්‍ෂ කබෝරියට SCOUTING MAGAZINE උණුසුම් සුභ පැතුම්...






 

 
 13වන ජාතික කබෝරි ගීතය
13වන ජාතික කබෝරියේ රතුමල
 
12th National Cubboree Song - 2019 

Over 8,000 Cubs from Sri Lanka, Maldives and India gathered for the 12th National Cubboree of the Sri Lanka Scout Association held on 6-8 April 2019 in Siyane National College of Education, Veyangoda, Gampha District. The Cubboree is Sri Lanka’s largest gathering for Cub Scouts and is organised once every three years. The theme of the event was “Mother Lanka – Our Heritage.” Sri Lankan President Maithripala Sirisena personally attended the event during its opening ceremony and highlighted the importance of expanding and introducing Scouting to more young people in the country. “The Scout Movement plays a very important role in building a generation of young people rich in discipline and virtues. That is why there is a growing need to introduce Scouting to more young Sri Lankans, and have at least 25% of our school children join Scouting,” said President Sirisena. “We are giving special attention to the changes that need to be made in our country’s educational system. We want to prepare our children and build an excellent future for them. That is why we are looking at relevant programmes such as the Scout Movement to help our education experts on this front,” he added further. For the first time, a total of 239 Cub Scouts and leaders from South Asian countries participated the event. The event was also attended by several state officials from the government. 
 

Wednesday, June 4, 2025

මෝස් කේත - බාලදක්ෂ සන්නිවේදන ක්‍රම

මෝස් කේතය කියන්නේ තිත් (·) සහ ඉරි (−) භාවිතයෙන් අකුරු සහ ඉලක්කම් නිරූපණය කරන සන්නිවේදන ක්‍රමයක්. මෙය විදුලි සංඥා, ආලෝක සංඥා, ශබ්ද සංඥා හෝ ආරයුධ පවා භාවිතයෙන් පණිවිඩ යැවීමට හැකියාව සලසනවා. සන්නිවේදනය මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක්. අපි හැමෝම එකිනෙකා සමඟ සම්බන්ධ වෙන්න, අදහස් හුවමාරු කරගන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඒ සඳහා කාලයත් සමඟ විවිධ ක්‍රමවේද බිහි වුණා. දුරකථනය, අන්තර්ජාලය, ජංගම දුරකථන වගේ දියුණු තාක්ෂණයන් අද අපේ ජීවිතේ කොටසක්. ඒත්, මේ හැමදේටම කලින්, ලෝකය පුරා වේගවත්ව තොරතුරු යවන්න පුළුවන් වුණු පුදුමාකාර ක්‍රමවේදයක් තිබුණා. ඒ තමයි "මෝස් කේතය" (Morse Code).

මෝස් කේතය, ගවේෂකයන්ට ඉගෙන ගන්නා පළමු සන්නිවේදන ක්‍රමවලින් එකක්. එය භාවිතා කරමින් පණිවිඩයක් ආලෝකයෙන්, නිරවද්‍ය ලෙස සන්නිවේදනය කිරීමත්, වාණිජ විදුලි උපකරණ මගින් පවා පණිවිඩ යැවීමත් පළමු කාලවල ඉතා වැදගත් කාර්යයක් වුණා. 

ඔබ කවදා හෝ අහලා තියෙනවද "ඩිට්, ඩිට්, ඩිට්, ඩාහ්, ඩාහ්, ඩාහ්, ඩිට්, ඩිට්, ඩිට්" කියන ශබ්දය? මේක තමයි ලෝකයේ වඩාත්ම ප්රසිද්ධ විපතේ සංඥාව වන "SOS" (Save Our Souls) මෝස් කේතයෙන් කියවෙන්නේ. තිත් සහ ඉරි (dots and dashes) කියන සංඥා දෙකක් විතරක් පාවිච්චි කරලා මුළු ලෝකෙම සන්නිවේදනය කරපු හැටි හරිම විශ්මිතයි. අද අපි මේ ෆේස්බුක් සටහනෙන් කතා කරන්නේ, මෝස් කේතයේ ආරම්භය, විකාශනය සහ එය අපේ ජීවිතයට කොයිතරම් දුරට බලපෑවාද කියන එක ගැනයි.  

මෝස් කේතයේ උපත

19 වන සියවසේ මුල් භාගය වන විටත්, දුර බැහැර තොරතුරු යැවීම ඉතා මන්දගාමී කාර්යයක් වුණා. පණිවිඩකරුවන්, පරවියන්, දුම් සංඥා වගේ දේවල් තමයි ඒ කාලේ තිබුණේ. ඒත්, විදුලිය ගැන පර්යේෂණ ආරම්භ වීමත් එක්ක, නව හැකියාවන් බිහි වෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ තමයි සැමුවෙල් මෝස් කියන ඇමරිකානු චිත්‍ර ශිල්පියා සහ නව නිපැයුම්කරුගේ අවධානය විදුලි ටෙලිග්‍රාෆ් එකක් නිර්මාණය කිරීමට යොමු වෙන්නේ.

මෝස් තනියම මේ දේ කළේ නැහැ. ඔහුගේ සහායකයා වුණු ඇල්ෆ්‍රඩ් වේල් (Alfred Vail) සමඟ එකතු වෙලා තමයි මේ අදහස තවත් ඉදිරියට ගෙන ගියේ. මුලින්ම ඔවුන් හිතුවේ කඩදාසි පටියක ලියවුණු අකුරු ටෙලිග්‍රාෆ් එකෙන් එළියට ගන්නයි. ඒත් වේල් දුන්න අදහසක් නිසා, ඔවුන් තිත් සහ ඉරි වලින් සමන්විත සරල කේත ක්‍රමයක් නිර්මාණය කරන්න තීරණය කළා. ඒ කේතය, විදුලි සංඥා මඟින් ශබ්දයක් හෝ කඩදාසි පටියක සලකුණු විදිහට සටහන් කරන්න පුළුවන් වුණා. 1844 දී වොෂින්ටන් ඩී.සී. සහ බැල්ටිමෝර් අතර මුල්ම සාර්ථක ටෙලිග්‍රාෆ් මාර්ගය ස්ථාපිත කළා. "දෙවියන් වහන්සේ කුමක් සිදු කළාද?" (What hath God wrought?) කියන පණිවිඩය තමයි ඒ මාර්ගයෙන් මුලින්ම යැව්වේ. මේක ඇත්තටම විප්ලවයක්. මෙය ඒ කාලේ පාවිච්චි කළේ "ඇමරිකානු මෝස් කේතය" නමින්!

එහෙත් ඇමරිකානු මෝස් කේතයේ එහි යම් යම් සංකීර්ණතා තිබුණා. විශේෂයෙන්ම ජාත්යන්තර සන්නිවේදනයට එය එතරම් සුදුසු වුණේ නැහැ. මේ අඩුපාඩු හඳුනාගෙන, ජර්මනියේ ෆ්රෙඩ්රික් ක්ලෙමන්ස් ගර්ක් (Friedrich Clemens Gerke) කියන දක්ෂ ඉංජිනේරුවා මේ කේතය තවත් සරල කළා. ඔහු ඉරි වල දිග සහ සංඥා අතර පරතරය සම්මත කළා. මේ "හැම්බර්ග් අක්ෂර මාලාව" (Hamburg Alphabet) කියලා මුලින් හැඳින්වූ කේතය, 1865දී වියානාහි පැවති ජාත්යන්තර ටෙලිග්රාෆ් සම්මේලනයේදී "ජාත්යන්තර මෝස් කේතය" ලෙස නිල වශයෙන් පිළිගත්තා. අද අපි දන්නා මෝස් කේතය කියන්නේ මේ ජාත්යන්තර ප්රමිතියයි. 

මෝස් කේතය සන්නිවේදනයේ රන්වන් යුගයක් ආරම්භ කළා කිව්වොත් වැරදි නැහැ. ටෙලිග්රාෆ් ක්රියාකරුවන් කියන්නේ ඒ කාලේ හිටපු හරිම දක්ෂ අය. ඔවුන්ට පුළුවන් වුණා මේ තිත් සහ ඉරි සංඥා වලින් අතිශය වේගයෙන් පණිවිඩ යවන්න සහ ලබාගන්න!
 

මෝස් කේත අකුරු (Sinhala & English Letters Representation)

අකුරමෝස් කේතය
A· −
B− · · ·
C− · − ·
D− · ·
E·
F· · − ·
G− − ·
H· · · ·
I· ·
J· − − −
K− · −
L· − · ·
M− −
N− ·
O− − −
P· − − ·
Q− − · −
R· − ·
S· · ·
T
U· · −
V· · · −
W· − −
X− · · −
Y− · − −
Z− − · ·

ඉලක්කමමෝස් කේතය
1· − − − −
2· · − − −
3· · · − −
4· · · · −
5· · · · ·
6− · · · ·
7− − · · ·
8− − − · ·
9− − − − ·
0− − − − −
 
ප්රවෘත්ති, ව්යාපාරික තොරතුරු, පුද්ගලික පණිවිඩ ලොව පුරා යවන්න මේක ප්රධානම මාධ්යය වුණා. විශේෂයෙන්ම නැව් වලට මෝස් කේතය අත්යවශ්ය දෙයක් වුණා. මුහුදේදී සිදුවන අනතුරු වලදී "SOS" සංඥාව මුළු ලෝකයම දැනගත්තා. නාවික ගමනාගමනයට, කාලගුණ වාර්තා වලට, වෙරළබඩ ස්ථාන සමඟ සහ වෙනත් නැව් සමඟ සන්නිවේදනයට මෙය අතිශයින් වැදගත් වුණා. දරුණු කාලගුණික තත්ත්වයන් යටතේ පවා මෙය විශ්වාසනීයව ක්රියාත්මක වුණා. ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරු පවා මෝස් කේතය භාවිතා කළා. විශේෂයෙන්ම ගුවන් ගමන් මාර්ග හඳුනාගැනීමට සහ මූලික සන්නිවේදනයට මෙය වැදගත් වුණා.

විශේෂ මෝස් කේත: SOS

SOS = · · · − − − · · · මෙය ලෝකයේ ප්‍රකටම ව්‍යාසන (distress) සංඥාවයි.

ටයිටැනික් නෞකාවේ කතාව

මෝස් කේතයේ වැදගත්කම වඩාත් හොඳින් අවධාරණය කරන ඛේදනීය කතාවක් තමයි 1912 දී සිදුවුණු ටයිටැනික් නෞකාවේ අනතුර. අදටත් මිනිසුන්ගේ සිත් කම්පා කරන මේ සිදුවීමේදී, මෝස් කේතය ජීවිත බේරාගැනීමට කෙතරම් බලපෑවාද යන්න හොඳින් පැහැදිලි වෙනවා. අප්‍රේල් 14 වනදා රාත්‍රියේදී, ටයිටැනික් නෞකාව අයිස් කන්දක හැපී මුහුදුබත් වීමට පටන් ගත්තා. නෞකාවේ සිටි ගුවන් විදුලි ක්‍රියාකරුවන් වන ජැක් ෆිලිප්ස් සහ හැරල්ඩ් බ්‍රයිඩ්, වහාම "CQD" (Call, Query, Distress - විපතක් වාර්තා කරමි) සහ පසුව "SOS" යන සංඥා මෝස් කේතයෙන් මුළු පරිසරයටම විසුරුවා හැරියා. ඔවුන් නොනැවතී පණිවිඩ යැව්වේ, අවට සිටින නැව්වලින් උපකාර ඉල්ලා සිටින්නයි. මේ පණිවිඩ ලැබුණේ ඉතාම අසීරු තත්ත්වයන් යටතේයි. ටයිටැනික් නෞකාවට ආසන්නව සිටි "කාර්පේතියා" (Carpathia) නමැති නෞකාවේ ගුවන් විදුලි ක්‍රියාකරු වන හැරල්ඩ් කොට්හැම්, මෝස් කේත සංඥාවන් අසා සිටියා. ඔහු වහාම කපිතාන්වරයාට මේ බව දැනුම් දුන් අතර, කාර්පේතියා නෞකාව වහාම ටයිටැනික් නෞකාව තිබූ ස්ථානයට ළඟා වීමට පිටත් වුණා. අවාසනාවකට, ටයිටැනික් නෞකාව ගිලී යාමට ගතවූ කාලයත්, කාර්පේතියා නෞකාවට එහි ළඟා වීමට ගතවූ කාලයත් අතර වෙනසක් තිබුණා. එහෙත්, මෝස් කේතය මගින් යැවූ මේ විපතේ සංඥාවන් නිසා, බොහෝ ජීවිත බේරා ගැනීමට කාර්පේතියා නෞකාවට හැකි වුණා. ටයිටැනික් නෞකාවේ අනතුර සිදුවන අවස්ථාවේදී, මෝස් කේත සන්නිවේදනයේ තිබූ දුර්වලතා පවා අනාවරණය වුණා.

මෝස් කේත

අදටත් මෝස් කේතය ආධුනික ගුවන් විදුලි (Amateur Radio / Ham Radio) ලෝලීන් අතර ඉතාම ජනප්රියයි. එය "CW" (Continuous Wave) ලෙසත් හැඳින්වෙනවා. අඩු බලයකින් වුවද ඵලදායීව සන්නිවේදනය කිරීමටත්, ශබ්දය සහ බාධා කිරීම් අතරින් පවා පණිවිඩ පැහැදිලිව ලබාගැනීමටත් මෝස් කේතය අතිශයින්ම කාර්යක්ෂමයි. හදිසි අවස්ථාවන්හිදී හෝ වෙනත් සන්නිවේදන ක්රම අක්රිය වූ විට උපස්ථ ක්රමයක් ලෙස අදටත් යම් යම් අවස්ථාවල මෙය භාවිතා කරනවා. ආලෝක සංඥා, ශබ්ද, හෝ ස්පර්ශ සංවේදනයන් මගින් පවා මෝස් කේතය භාවිතා කරන්න පුළුවන්. මෙය ඇතැම් ආබාධ සහිත පුද්ගලයන්ට සන්නිවේදනය කිරීමටත් ප්රයෝජනවත්.
ටෙලිග්රාෆ් යන්ත්රය, දුරකථනය, ෆැක්ස් යන්ත්රය, අන්තර්ජාලය වගේ දියුණු තාක්ෂණයන් බිහිවීමත් එක්ක, වාණිජමය සහ නිල කටයුතු සඳහා මෝස් කේතයේ භාවිතය ක්රමයෙන් අඩුවුණා. 1997 දී නැවකින් අවසන් වරට වාණිජ මෝස් කේත පණිවිඩයක් යැව්වා.
 
බොහෝ රටවල් 2000 දශකයේ මුල් භාගය වන විට නාවික බලපත්ර සඳහා මෝස් කේත දැනුම අනිවාර්ය කිරීම නවතා දැමුවා. ඒත්, මේ සියල්ලටම වඩා මෝස් කේතය කියන්නේ මිනිස් දක්ෂතාවයේ සහ නොපසුබට උත්සාහයේ විශිෂ්ටතම සාක්ෂියක්. සරල වුවත්, එය ශක්තිමත්, විශ්වාසනීය සහ ඵලදායී සන්නිවේදන ක්රමයක්. එහි ඓතිහාසික වැදගත්කම සහ විශේෂිත සන්දර්භයන්හිදී එහි ඇති වටිනාකම නිසා, මෝස් කේතය තවදුරටත් අප අතර පවතිනවා. එය අපට උගන්වන්නේ, සීමිත සම්පත් වලින් වුවද, විශාල වෙනසක් ඇති කළ හැකි බවයි. අද අපිට ඇඟිලි තුඩු වලින් ලෝකය සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත්, මේ පහසුව පිටුපස, මෝස් කේතය වගේ අතීතයේ සිට සන්නිවේදනය දියුණු කරන්න ගත් විවිධ උත්සාහයන් හා ඉතිහාසයේ සිදුවීම් සැගවී තියෙනවා. 
 

🚩 ගවේෂක සන්නිවේදන ක්‍රම

මෝස් කේතයට අමතරව ගවේෂකයන් අතර භාවිතා වන සන්නිවේදන ක්‍රම කිහිපයක් මෙසේය:

🔦 1. ආලෝක සංඥා (Light Signaling)

ආලෝකය (Torchlight/Heliograph) භාවිතයෙන් මෝස් කේතය ක්‍රියාත්මක කිරීම බොහෝ විට සිදු කළා. රැයේදී ටෝච් එකක් හෝ දවස් කාලයේදී හෙලියෝග්‍රාෆ් (heliograph – දිනකාන්තය ආලෝකයෙන්) භාවිත කරමින් තිත් සහ ඉරි පෙන්වා පණිවිඩ යැවූවා.

🧵 2. සෙමාෆෝරය (Semaphore Signaling)

දෙදෙස් පාවහන් (flags) භාවිත කරමින් සන්නිවේදනය කිරීම. සෙමාෆෝරයෙහි අකුරු සඳහා අනුවර්තී විශේෂිත හැඩයන් යටතේ පාවහන් දෙකක් පිහිටුවේ. මෙය දිනයේදී දුරස්ථවේ සිටින පුද්ගලයෙකුට පණිවිඩ යැවීමට භාවිතා වුණා.

➡️ සෙමාෆෝරය මෝස් කේතයට සාපේක්ෂව ක්‍රියාත්මක නොවුවත්, ඒවා දෙකම විශ්‍රාමික සන්නිවේදන ක්‍රම ලෙස Scouts අතර ඉගෙනීමේ වටිනාකමක් ලබාදී තිබුණා.

🪧 3. සලකුණු සන්නිවේදනය (Trail Signs / Tracking Symbols)

ගවේෂකයන් ගමන් කරද්දී භාවිතා කරන සලකුණු ක්‍රමය. දැලියෙන් හෝ පාරෙහි ඇති විශේෂ සලකුණු (e.g., ➡️, ❌, 🛑) මඟින් පසුපස එන අය වෙනුවෙන් තොරතුරු දක්වයි. මෙය නොවචනික සන්නිවේදන ක්‍රමයක් වන අතර, කිසිඳු තාක්ෂණයක් නොමැතිව පණිවිඩ ලබාදිය හැකියි.

🛠 භාවිතා කළ හැකි ක්‍රම:

🔦 Torchlight (ආලෝකයෙන්):

  • · = කෙටි ආලෝකය

  • − = දිගු ආලෝකය

🔊 Shouting/Beeping:

  • · = කෙටි ශබ්දය

  • − = දිගු ශබ්දය

👋 Flag (සෙමාෆෝරය නොව, පාවහන්):

  • උඩට ඔසවා = ·

  • පැත්තකට හරින්න = −

Hand Tap (තට්ටු කිරීම):

  • · = කෙටි තට්ටුව

  • − = දිගු තට්ටුව

මෝස් මතක තබා ගැනීමේ උපදෙස්:

  1. සරල වචන වලට මෝස් කේතයක් හඳුන්වා දෙන්න. උදාහරණය:

    • HI = · · · · / · ·

    • SCOUT = · · · − / − · − − / − − − / · · −

  2. Flashcards හදාගෙන පුහුණු වන්න.

  3. Scout group එකක් ලෙස Game එකක් ලෙස තරඟ වශයෙන් ක්‍රමවත් ව්‍යායාම කරන්න. 

බාලදක්ෂයන්ට මෝස් කේතය කියන්නේ තාක්ෂණයෙන් වෙන්වී තවමත් භාවිතා කළ හැකි සන්නිවේදන ක්‍රමයක්. මෝස් කේතය තරඟ සඳහා පමණක් නොව, ජීවිත බේරීම, කණ්ඩායම් සන්නිවේදනය, සහ විශේෂ අවස්ථා වලදී පණිවිඩ හුවමාරු කිරීම සඳහාත් බෙහෙවින් වැදගත් වේ. ඇත්තටම බොහෝ පිරිවෙළියන් සහ විශේෂයෙන්ම Scouts අතර, සන්නිවේදනය සඳහා මෝස් කේතය (Morse Code) එක්තරා වැදගත් භාෂාවක් වුණා. එයට අමතරව ගවේෂක චලන ක්‍රමයේදී භාවිතා වන තවත් සන්නිවේදන ක්‍රම කිහිපයක් පවා අපි මෙතැනට එක් කළ හැකියි. ඔබේ බ්ලොග් ලිපියට ඒවා එක් කිරීමෙන්, එය තවත් උචිත, විනෝදජනක සහ අධ්‍යාපනමය අගයක් ඇති කරයි. ඒවා ගැන හිතන විට, අද අපේ ජීවිතයට තාක්ෂණයෙන් ලැබෙන පහසුව ගැන අපට අලුතින් හිතන්න පුළුවන් නේද?