ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ (SLSA) 22වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ සිව්වසරක ධූර කාලයෙන් පසු එම තනතුරින් නික්මයෑමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහා ප්‍රධාන බාලදක්ෂයා විසින් මෙම නව පත්කිරීම සිදුකර තිබේ. 1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් 2025.01.13 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වූ ඒ මහතා දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ.
ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති ඒ මහතා ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් දරමින් මෙරට බාලදක්ෂ ව්යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර ඇත. එමෙන්ම, ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති මනෝජ් නානායක්කාර මහතා, ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් භාරගෙන මෙරට බාලදක්ෂ ව්යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර තිබේ.
இலங்கை சாரணர் சங்கத்தின் தலைமை சாரணர் ஆணையாளராக சட்டத்தரணி மனோஜ் நாணாயக்கார நியமனம்
இலங்கை சாரணர் சங்கத்தின் புதிய தலைமை சாரணர் ஆணையாளராக சட்டத்தரணி மனோஜ் நாணாயக்கார நியமனிக்கப்பட்டுள்ளார்.
1957 ஆம் ஆண்டு 13 ஆம் இலக்க சாரணர் சட்ட விதிகளின்படி, இந்த நியமனம் ஜனாதிபதி அநுர குமார திசாநாயக்கவினால் வழங்கப்பட்டுள்ளது.
இதற்கான நியமனக் கடிதத்தை ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்க இன்று (13) பிற்பகல் அவரிடம் கையளித்தார்.
கனிஷ்ட சாரணராக பன்னிப்பிட்டிய கிறிஸ்துராஜ கல்லூரியின், முதல் ஹோமாகம சாரணர் குழுவில் 1989 ஆம் ஆண்டு இணைந்த இவர், பின்னர் பதில் மாவட்ட ஆணையாளராகவும்,
சாரணர் மாவட்ட பயிற்சி சபையின் தலைவராகவும், தலைமை சாரணர் ஆணையாளரின் சட்ட ஆலோசகராகவும் பணியாற்றியுள்ளார்.
தேசிய அளவிலான சாரணர் நிகழ்ச்சித் திட்டங்களுக்கு தலைமை வகித்துள்ள அவர் ,தேசிய மனிதநேய மாநாட்டின் ஏற்பாட்டுக் குழுவின் உறுப்பினர் மற்றும் தேசிய கபோரியவின் தேசிய ஏற்பாட்டுக் குழுவின் உறுப்பினர் உட்பட பல பதவிகளை வகித்து, இந்நாட்டின் சாரணர் இயக்கத்திற்கு பல சேவைகளை செய்துள்ளார்.
Attorney-at-Law Manoj Nanayakkara has been appointed as the new Chief Scout Commissioner of the Sri Lanka Scout Association.
The appointment was made by President Anura Kumara Dissanayake in terms of the provisions of the Scouts Ordinance No. 13 of 1957.
The letter of appointment was handed over to him this afternoon (13) at the Presidential Secretariat by the Secretary to the President, Dr Nandika Sanath Kumanayake.
Mr Nanayakkara joined the 1st Homagama Scout Troop of Christ the King College, Pannipitiya, in 1989 as a Cub Scout. He has since served as an Acting District Commissioner, President of the District Scout Training Board and as Legal Adviser to the Chief Scout Commissioner.
He has conducted many major national Scout programmes and has rendered outstanding service to the Sri Lankan Scout Movement as a member of the organising committee of the National Jamboree and as a member of the National Organising Committee of the National Cubboree.
![]() |
නව ප්රධාන බාලදක්ෂ කොමසාරිස් වැඩ බාර ගනිමින් |
සියලු බෙදුම් රේඛා මකා දමා, සැමට සතුටින් වැඩකළ හැකි පරිසරයක් බාලදක්ෂ ව්යාපාරය තුළ නිර්මාණය කරන බව නව ප්රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසීය.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ දී ඊයේ (14) වැඩ බාරගැනීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලුදෙනාටම බාලදක්ෂ ව්‍යාපාරය හා එක්වන්නැයි ආරාධනා කළ ප්‍රධාන කොමසාරිස්වරයා එලෙස එකතු වෙන සියලුදෙනාගේම අයිතිය ආරක්ෂා කරමින් හිමිවිය යුතු ගෞරවය නිශ්චිතව ලබාදෙන බව කීවේය.
නව ප්‍රධාන කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
මම 1989 තමයි පුංචි බාලදක්ෂයෙක් විදියට බාලදක්ෂ ව්‍යාපාරයට එක් වෙන්නේ. මාව පෝෂණය කළේ හෝමාගම දිසාව. ඒ වගේම ක්‍රිස්තුරා විද්‍යාලය කියන්නේ මගේ දෙවැනි අම්මා. මාව හදපු තැන. මාව ගොඩනගපු තැන. දෙපයින් හිටගෙන ඉන්න කශේරුකාව හදපු තැන.එතැන තමයි මගේ ජීවිතේ ගොඩනගපු තැන. 2020 මම මේ නිල ඇඳුමට සමුදෙන වෙලාවේ මගේ බලපත්‍රය නවීකරණය කරලා තිබුණා.ඉවත් වෙන විටත් හෝමගම දිසාවේ සහය දිසා කොමසාරිස් පරිපාලන හා පුහුණු ලෙසයි කටයුතු කළේ. ජාතික මූලස්ථානය මට නුපුරුදු තැනක් නෙවෙයි. ඒ වගේම ආගන්තුක තැනක් නෙවෙයි. මෙතැන ඉන්න මුහුණවල් ගොඩාක් මාව දන්නවා. මමත් ඒ අයව දන්නවා. දැන් අපි අලුත් පරිච්ජේදයක් පෙරලන්න හදන්නේ. මේ තනතුරට වඩා මට පැවැරිලා තිබෙන්නේ වගකීමක්. එම වගකීම ඉෂ්ඨ කරන්න මම ලෑස්තියි. මම මගේ ජීවිතයේ අභියෝග වලට අභියෝග කරමින් තමයි ගමනක් ගිහින් තිබෙන්නේ. මේ පුංචිම බාලදක්ෂයාගේ ඉදළා මෙතැන ඉන්න ජ්‍යෙෂ්ඨම බාලදක්ෂයා දක්වා සියලුදෙනාට මම හදවතින්ම ආරාධනා කරනවා අපි එකතු වෙමු. එකතුවෙලා වැඩ කරමු. මගේ හිතේ පැලවෙච්ච කාරණා කිහිපයක් තිබෙනවා. මේ ව්‍යාපාරයෙන් කිසිවෙකු එළියට විසිවෙලා නැහැ. යනකොට තමන් වැඩ කරපු කාලය ගැන දුක්වෙන්න බැහැ. සතුටින් යන්න ඕනි. එම නිසා කිසිවෙක්ව ප්‍රතික්ෂේප නොකර සියලුදෙනා එකතු කරගෙන වැඩ කරන්න ඕනි. අපි හැමෝම වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. එම නිසා අපේ ජීවිතයේ වටිනාම කාලය තමයි බාලදක්ෂ ව්‍යාපාරයට යොදවලා තිබෙන්නේ. වටිනාම කාලය යොදවපු අපි කරපිංච රම්පා වෙන්න ඕනි නැහැ. හැම කෙනෙක්ටම වටිනාකමක් තිබෙන, අගේ කිරීමක් තිබෙන තැනක් හදමු. මේක කණ්ඩායම් වැඩක්. ඒකට නායකත්වය දෙන්න තමයි මට පැවැරිලා තිබෙන්නේ. ඊට නායකත්වය දෙන්න මම සූදානම්. මගේ උපරිම ශක්තියෙන්. සහ තිබෙන සම්බන්ධතා පාවිච්චි කරලා අද තියෙන තැනිත් වඩා හොද තැනකට ගෙනියන්න උපරිම දායකත්වය ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. මම බොහොම විවෘතයි. ඔබ ඕනෑම කෙනෙකුට මාත් එක්ක සෘජුව කතා කරන්න පුළුවන්. අතරමැදියෝ අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මාත් එක්ක කතා කරන්න. ඔබට දැනෙන දේ කියන්න. ඔබට තිබෙන ප්‍රශ්න කියන්න. ඔබට තිබෙන ගැටලු කියන්න. මේ බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් ඔබට තිබෙන අදහස් කියන්න. යෝජනාව කියන්න. අපි සාකච්ඡා කරමු. කතා කරලා අපිට කරන්න පුළුවන් හොදම දේ අපි කරමු. අපි මේ හැමදෙයක්ම කරන්නේ දරුවෝ වෙනුවෙන්. අපේ රටේ අවුරුදු 16ත් 26ත් අතර දරුවෝ සියදිවි හානි කරගන්නවා. හුදකලා වෙලා ඉන්නවා. ලැෆ් එක, ටැබ් එක, පොන් එක්ක හුදකලා වෙලා ඉන්නේ. අපි දරුවෝ අතර කණ්ඩායම් හදන්න ඕනි. හැම කෙනෙක්ටම යාළුවෙක් හිටිය හැමදේම කියන්න පුළුවන්. දැන් එහෙම නැහැ. ළමයි හුදකලා වෙලා. මේ රටේ දරුවෝ වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරමු. ඒ එකතු වීම ඇතුලේ අපි සතුටින් බාලදක්ෂ කරන්න ඕනි. සතුටින් බාලදක්ෂ කරන්න පුළුවන් තැනක්, පරිසරයක් නිර්මාණය කරන්න ඕනි. මේ ඉන්න හැම කෙනෙක්ම ඉතිහාසය පුරා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ජීවිතයේ දෙන්න පුළුවන් උපරිමය දීල තිබෙනවා. හිටපු සියලුදෙනාම ඒ කැප කිරීම කරලා තිබෙනවා. අපි එකතු වෙමු. බෙදුම් රේඛා මකලා දාමු. අපි එකතු වෙලා මේ ගමන ඉස්සරහට අරගෙන යමු. ඒ යන ගමන ඇතුළේ ඔබ හැමෝටම වගකීමක් තිබෙනවා. වැඩ කොටසක් තිබෙනවා. ඔබේ අයිතිය ආරක්ෂා කරනවා. ඔබට හිමිවිය යුතු ගෞරවය නිශ්චිතව ලබා දෙනවා. කිසි කෙනෙක්ට අගෞරවයක් වෙන විදියට කිසිවක් කරන්නේ නැහැ. කරන්න එහෙම අපේක්ෂාවක්වත් නැහැ. අපි එකතු වෙලා දරුවෝ වෙනුවෙන් මේ වැඩ ටික කරමු. මට මේ වගකීම පවරපු ජනාධිපතිවරයට, සංගමයේ සභාපතිවරයට වගේම මා ගැන විස්වාසය තියලා ශක්තියක් උන හැමෝටම ස්තූතිය පුදකර සිටිනවා.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 22 වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස පත් වූ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා සමඟ බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි සැලසුම් පිළිබඳ දිනමිණ කළ සාකච්ඡාවකි මේ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් ධුරයට පත් වූ ඔබට එම ධුරයේ පැවරී ඇති කාර්යභාරය කුමක්ද?
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ගත්තාම එහි සංයුතියට අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය පාලනය වන ක්‍රම තුනක් තිබෙනවා. එකක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, එහි සභාපතිවරයෙක් ඉන්නවා, ලේකම්වරයෙක් ඉන්නවා, භාණ්ඩාගාරික ඉන්නවා, යාවජීව සාමාජිකයන් සිටිනවා. පරිපාලන තීන්දු තීරණ ගැනීමට විධායක සභාවක් ඉන්නවා. එතකොට විධායක සභාවටත් වෙනම කමිටු සභාපතිවරයෙක් පත් කරනවා. ඊට අමතරව විධායක සභාවේ ඡන්දයෙන් පත්වෙන සාමාජිකයන් ඉන්නවා. නිලබලයෙන් පත්වෙන නිල ඇඳුම් අඳින සාමාජිකයන් කිහිපදෙනෙක් ඉන්නවා. එය දෙවැනි ව්‍යූහයයි. තුන්වැනි ව්‍යූහය ප්රධාන බාලදක්ෂ කොමසාරිස් කියන්නේ. හරියට ගත්තොත් ප්රධාන බාලදක්ෂ කොමසාරිස් කියන්නේ ආයතනයක ප්රධාන විධායක නිලධාරියා හා සමාන රාජකාරියක්. මෙය මෙහෙයවීම, පරිපාලනය කිරීම, සියලු දේවල් පැවරී ඇත්තේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට. අනිත් පැත්තෙන් නිල ඇඳුම් අඳින කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කරන්නේත් ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා. ඒ නිසා ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට පැවරෙන කාර්යභාරය අතිමහත්. ඉහළ සිටින ජ්‍යෙෂ්ඨතම බාලදක්ෂ නායකයාගේ සිට පාසලක, සමූහයක ඉන්න පුංචිම බාලදක්ෂ දුව පුතා දක්වා වගකීම, ඔවුන් සම්බන්ධ වැඩසටහන් අධීක්ෂණය, පුහුණු කිරීම් කටයුතු, පරිපාලනය, මේ සියලු දේවල් පැවරී තිබෙන්නේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට. ඊට අමතරව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තිබෙන දේවල් එක්ක බාලදක්ෂ ව්යාපාරය ඉදිරියට ගෙනයෑම සම්පූර්ණයෙන්ම පැවරී තිබෙන්නේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට.
ඔබ මේ ධුරයට පත් කරන්නේ රටේ ජනාධිපතිවරයා. බාලදක්ෂ ව්‍යාපාරයේ ජනාධිපතිවරයාට ඇති බලතල සහ ජනාධිපතිවරයා එයට සම්බන්ධ වෙන්නේ කොහොම ද?
ජනාධිපතිවරයාට මූලිකවම තියෙන්නේ 1957 අංක 13 දරන පාර්ලිමේන්තු පනතින් තමයි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ස්ථාපිත වෙන්නේ. ඒ පනතේ ප්‍රතිපාදන ප්රකාරව ජනාධිපතිවරයා තමයි සංගමයේ ප්රධාන අනුශාසක සහ ප්රධාන බාලදක්ෂ කියන තනතුරට පත්වෙන්නේ. එය නිල වශයෙන් පත්වෙන තනතුරක්. මේ තනතුර ජනාධිපතිවරයාට පැවරෙන වගකීමක්. මෙය මුළු රටම ආවරණය වන ලෙස ක්‍රියාත්මක ව්‍යාපාරයක්. මෙයට අවශ්‍ය කරන රාජ්‍ය අනුග්‍රහය, අවශ්‍ය කරන පහසුකම් සහයෝගය, විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ එක්ක සහ බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ ගොඩක්ම එළිමහන් ක්‍රියාකාරකම් කරන පාසල් දරුවෝ විශාල වශයෙන් සම්බන්ධ වෙන වැඩක්. ඒ නිසා අනිවාර්යයෙන්ම රජයේ වගකිව යුතු ආයතන විශාල ප්‍රමාණයක් මේ සමඟ තැනින් තැන බද්ධ වෙනවා. ඒ නිසා සියලු දෙනා සමඟ සහයෝගයෙන් මේ කටයුත්ත ගෙනයෑම නිසයි මේ රාජ්‍ය යන්ත්‍රණය අවශ්‍ය වෙන නිසයි අතීත නිලධාරීන් මේ පනත් නිර්මාණය කර තිබෙන්නේ.
නව ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ධුරයට පත්වීමේ දී ජ්‍යෙෂ්ඨත්වය සලකනවාද ?
ප්රධාන කොමසාරිස්වරයා පත් කිරීමේ දී ජ්‍යෙෂ්ඨත්වය සලකා බලන්නේ නැහැ. මම 22 වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා. මගේ දැනීමේ හැටියට මීට පෙර අවස්ථා 3කදී විතරයි නියෝජ්‍ය ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයෙක් ප්රධාන කොමසාරිස් ධුරයට පත්වෙලා තිබෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම යම් යම් අය පත්වීම කර තිබෙනවා. ඊට අමතරව ඉතිහාසයේ තව අවස්ථා දෙකකදි බාලදක්ෂ ව්යාපාරය සමඟ කිසිම සම්බන්ධයක් නැති විශේෂයෙන්ම පරිපාලන සේවයේ හිටපු දෙදෙනෙක්ව ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරු ලෙස පත් කර තිබෙනවා. උදාහරණයක් ලෙස ටී. සෙනෙවිරත්න, රෙක්ස් ජයසිංහ මහත්වරුන්. හැබැයි එතුමන්ලා විශාල කාර්යභාරයක් මේ ව්යාපාරය වෙනුවෙන් සිදු කළා. මොකද ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ධුරය කියන්නේ බාලදක්ෂ කටයුතු පුහුණු කරන කෙනෙක් නෙමෙයි. ඔහුට තිබෙන්නේ පරිපාලනමය කාරණා. මේ සමස්ත ව්‍යාපාරයම පරිපාලනය කරනවා. හැබැයි ඔහුට බාලදක්ෂ දැනුමක් තිබීම වැදගත්. බාලදක්ෂ නායකයකුට ලෝක බාලදක්ෂ ව්යාපාරය ඇතුළේ දිනා ගත හැකි ඉහළම ප්‍රදානයයි ලී පදක්කම කියන්නේ. මෙය අපි හඳුන්වන්නේ බාලදක්ෂ උපාධිය කියලා. මෙය ගන්න සෑහෙන කාලයක් වගේම සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා.
ඔබ බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම කනිෂ්ඨ බාලදක්ෂයකු ලෙස පන්නිපිටිය ක්රිස්තුරාජ විද්‍යාලයෙන් හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 දී එක්වෙනවා. 1991 වෙනතුරු කටයුතු කරනවා. 91 සිට 97 වනතුරු ජ්යෙෂ්ඨ බාලදක්ෂයෙක් ලෙස කටයුතු කරනවා. මා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාද වුණා. ඒ සමඟ 1998 සිට 2000 දක්වා පන්නිපිටිය ක්රිස්තුරාජ විද්‍යාලයේ සහාය බාලදක්ෂයෙක්, නායකයෙක් ලෙස කටයුතු කරනවා. 2000 සිට 2013 දක්වා බාලදක්ෂ නායකයෙක් ලෙසත් කටයුතු කරනවා. මං 2013 දී බාලදක්ෂයකුට ගත හැකි ඉහළම පදක්කම හෙවත් බාලදක්ෂ උපාධිය යනුවෙන් හඳුන්වන ලී පදක්කම හිමි කර ගත් බාලදක්ෂ නායකයෙක් වෙනවා. 2012 සිට 2015 දක්වා දිස්ත්රික් බාලදක්ෂයෙක් ලෙසත් 2015 සිට 2020 දක්වා කාලයේ හෝමාගම දිසාවේ සහාය දිසා කොමසාරිස්වරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ කාලයේ මහජන සම්බන්ධතා සහාය දිසා කොමසාරිස්, මූලස්ථාන සහාය දිසා කොමසාරිස්, පුහුණු කිරීමේ සහාය දිසා කොමසාරිස්, පරිපාලන සහාය දිසා කොමසාරිස්, දිසා සම්බන්ධීකරණ ලේකම් සහාය දිසා කොමසාරිස් ලෙස කටයුතු කර තිබෙනවා. මේ කාලය ඇතුළත හෝමාගම දිසාවේ වැඩ බලන දිසා කොමසාරිස් ලෙස අවස්ථා ගණනාවක් කටයුතු කර තිබෙනවා.
2017 – 2020 දී ප්රධාන බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. 2017 – 2019 ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කළා. 2017 – 2019 දී ජාතික මට්ටමේ බාලදක්ෂ වැඩසටහන් බොහෝමයක් මෙහෙයවා තිබෙනවා. බාලදක්ෂ ජාතික වැඩසටහන් බොහොමයක සංවිධායක කමිටුවලත් ‘බාලදක්ෂයා’ පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේත් මම කටයුතු කළා.
මේක ටිකක් අභියෝගාත්මක කර්තව්‍යයක්. ඔබ ඒ අභියෝග ජය ගන්නේ කොහොමද?
මේ දෙසැම්බර් 31 වැනිදා වෙනකම් මේ ධුරයේ මට වැඩ කරන්න කාලේ තිබෙනවා. ජනාධිපතිවරයා මට කිවුවේ 1957ට පස්සේ බාලදක්ෂ පනත සංශෝධනය වෙලා නැහැ. පනතෙ තියෙන්නේ පිටු දෙකයි. බාලදක්ෂ සංගමේ පනතේ ප්‍රශ්න කිහිපයක් ඇති බැවින් ඉක්මනින් පනත හදන්න කියලා ජනාධිපතිවරයා මට උපදෙස් දුන්නා. එය මහා සංයමයෙන් කරන්න වෙන්නේ. අදට ගැළපෙන විදිහට මේ පනත සංශෝධනය කළයුතු වෙනවා.
ඔබේ අනාගත සැලසුම් මොනවද මේ ව්‍යාපාරයේ ?
දැන් දරුවන් හුදෙකලා වෙලා ඉන්නේ. පරිගණක යන්ත්‍ර, ජංගම දුරකතන එක්ක ළමයි ඉන්නේ. දරුවෝ බොහෝමයකට ආතතිය. හොඳ යාළුවෙක් නැහැ. මේකට හොඳම සමාජ විසඳුම දුන්නේ බාලදක්ෂ ව්යාපාරය ලොවට බිහි කළ බේඩන් පවල් සාමිතුමා. කාණ්ඩ ක්‍රමය – කල්ලි ක්‍රමය තමයි ඔහු හඳුන්වා දුන්නේ. ඒ අනුව මම මූලිකව බාලදක්ෂ ව්‍යාපාරයේ උපදේශන පැත්ත වැඩි කරන්න අවධානය යොමු කරනවා. අපේ තිබෙන පුහුණු වැඩසටහන් අඩුම තරමින් සියයට 60ක් 70ක් නැවත කාණ්ඩ ක්‍රමය යටතේ වැඩසටහන් සකස් කරන්න සූදානම්. දරුවන් වෙනුවෙන් යමක් කරන්න මට ලැබුණු මේ අවස්ථාවෙන් උත්සාහ කරනවා.
ඒ වගේම පහුගිය දිනවල දිසා 28ක විතර දිසා කොමසාරිස්වරුන් ගෙනත් සාකච්ඡා පැවැත්වුවා. ලැබුණු සංඛ්‍යා ලේඛන අනුව මම තීරණය කළා ජනවාරි 31 වැනිදා වන විට සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි බාලදක්ෂ සංගණනයක් කරන්න. දැනට තිබෙන ඇතැම් සංඛ්‍යා ලේඛන නිවැරදි මදි කියා මා හිතනවා. ඉදිරියේ දී වැඩසටහන් රැසක් පළාත් මට්ටමින් මෙන්ම ගම් මට්ටම දක්වා අති දුෂ්කර පාසලේත් පාසල් නිල ඇඳුම නැතත් බාලදක්ෂ පදක්කමක් ඒ දරුවට පලඳින්න අවස්ථාවක් දෙන්නයි මගේ අපේක්ෂාව. බාලදක්ෂ ජීවය එවිට යළි එක්වේවි.
අලුත් බාලදක්ෂ අංශයක් රටේ ස්ථාපිත කරන්නත් අපි සූදානමින් ඉන්නවා. පාසල් ශිෂ්‍ය සමුපකාර ව්යාපාරය ලංකාවේ නැතිවෙලා ගියා. මේ අනුව නැවත පාසල් ශිෂ්‍ය සමුපකාර සමිති නැවත ස්ථාපිත කරන්න සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරු සමඟ කතා කළා. ඒ අනුව පාසල් ශිෂ්‍ය සමුපකාර ව්‍යාපාරයේ පරිපාලනය අදාළ පාසලේ බාලදක්ෂයන්ට භාර දෙන්න සූදානම්. ඒ ආදායම අදාළ බාලදක්ෂ කණ්ඩායමට, දිසාවට, ජාතික මූලස්ථානයට එන විදිහට වැඩපිළිවෙළක් මූලිකව හදලා තියෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමඟ ඍජුව සම්බන්ධ වූ වැඩපිළිවෙළකට බාලදක්ෂ ව්යාපාරය ගෙන යන්නත් සූදානම්. එය ජනාධිපතිවරයා සහ ක්ලීන් ශ්‍රී ලංකා බළකාය සමඟ කතා කර තිබෙනවා.
බාලදක්ෂ ව්‍යාපාරයට එකතු වෙන්න බලාපොරොත්තු වන නවකයන්ට ඔබ දෙන උපදේශනය හෝ පණිවිඩය කුමක්ද?
මෙය සියයට සියයක් ස්වේච්ඡා ව්‍යාපාරයක්. මේකෙන් කවුරුවත් එක සතයක්වත් දීමනාවක් හෝ වැටුපක්, වේතනයක් ලබන්නේ නැහැ. දරුවන්ට සතුටින් බාලදක්ෂ කරන්න පුළුවන් තැනක් හදන්න කටයුතු කරනවා. නායකයන්ටත් සතුටින් බාලදක්ෂ කරන්න පුළුවන් තැනක් හදන්න ඕනෑ. දරුවන්ට කියන්නේ ඔබ ඉගෙන ගන්න පාසල, ඔබේ භාෂාව, වත්පොහොසත්කම වැඩක් නැහැ. මේ රටේ සිවුකොනේ ඉන්න හැම දරුවකුටම මම ආරාධනා කරනවා, එන්න බාලදක්ෂ ජීවය පිරුණු දරුවෙක් වෙන්න අත්වැල් බැඳගන්න කියලා.
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති, නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ, Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Colombo Scouts, JOTA JOTI, ජොටා ජොටී වැඩසටහන, Jota Joti Sri Lanka | Colombo, ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය, බාලදක්ෂයා, ⚜️, The Scouter, ලෝක බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාර, බේඩන් පවල් සාමිතුමා, බාලදක්ෂ නීතිය, Scouting Life Sri Lanka, බාලදක්ෂ, බාලදක්ෂිකා, ලංකා බාලදක්ෂ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ, ආදිකතෘ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ලෝකයේ ජාතික බාලදක්ෂ සංගම්, Red Flower Show, Scout Camp Fire, කඩිසර බාලදක්ෂයා, රතුමල, කඳවුරු ගිනිමැල, ස්වාධීන බාලදක්ෂ, ළමා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, විජය බාලදක්ෂ කඳවුර, දිසාකොසාරිස්, ශිෂ්‍ය භට බළකාය, බාලදක්ෂ කොඩිය, සිගිති දරුවන්, විවෘත බාලදක්ෂ සමුහ, බාලදක්ෂ සංගණනය, #ColomboScouts #ScoutAward ආදි කර්තෘවරැන්, experimental camp, ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ, බාලදක්ෂ ඉතිහාසය, දිස්ත්රික් බාලදක්ෂ ලාංඡනය, පෝතක බාලදක්ෂ නිල ඇදුම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බලධක්ශ, දේශීය දරුවන්, පුරෝගාමී, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, කොමසාරිස්, නීතිඥ, History of Scouting, බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය, මානවක බාලදක්‍ෂ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ජාතික බාලදක්ෂ, සේවා සහ සම්බන්ධතා මාසය, ඡාතික බාලදක්ෂ මූලස්ථානය, ශ්‍රීලංකා බාලදක්ෂ, ජම්බෝ සමළුව, ලෝක බාලදක්ෂ ජම්බෝරිය, බාලදක්ෂ මාවත, බාලදක්‍ෂ කණ්ඩායම, ජනාධිපති පදක්කම, බාලදක්ෂ ව් යාපාරය, බාලදක්ෂ කොඩිය, බාලදක්ෂ ලාංජනය, බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාරය, ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්ස් සී දූපත, BP තුමා, இலங்கைச் சாரணர் சங்கம், Sri Lanka Baladaksha Sangamaya, බේඩන් පවල් සාමිතුමා, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංවිධානය, එෆ්. ජී. ස්ටීවන්ස් මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ස්වර්ණමය ඉතිහාසය, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම්, Scouting in Sri Lanka, Scout Sri Lanka, ආදි කර්තෘ, ළමා හා ව්‍යාපාරය, අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත, බාලදක්ෂ ගීත පොත, ලෝ පතල බාලදක්ෂ ගීත, මුද්‍රිත බාලදක්ෂ ගීත පොත, මේක බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, Scouting සඟරාවේ බාලදක්ෂ ගීත, Scout Vespers Song, Senior Scout Song Book, Girl Scout Song, Scouting Facts, Listen to Scout Song, Camp fire song, කදවුරු ගිනිමැල ගීතය #scout #song #kulasiriyapa මාශ බිලි බිලි & ගිං ගැන් ගුලි, Masha Bili Bili & Ging Gang Golie,#campfiresong බාලදක්ෂ චිත්‍ර, නිර්භීත බාලදක්ෂ, බාලදක්ෂ ගීතය, සිඟිති මිණිමුතු, Rampe Neluma, scout song, Scout Group, බාලදක්ෂ ටේලර්, බාලදක්ෂ සටන, කොළඹ දිස්ත්‍රික්කය, බාලදක්ෂ කැම්බෝරිය, බාලදක්ෂ ජම්බෝරිය, එළකිරි බාලදක්ෂ History of Scouting, බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය





No comments:
Post a Comment