Translate

Monday, January 19, 2026

කොළඹ තදබදයට උත්තරය දෙන බාලදක්‍ෂ ගුවන් පාලම!

කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස ‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලම ඉදි කර ඇත. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340 කි. පළල මීටර් 11 කි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකර තිබේ. 

රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති, කොළඹ 03, බාලදක්ෂ මාවතේ පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර 0.42කින් යුක්ත ඉඩම් කොටසක් සුදුසු සංවර්ධන කටයුතු සඳහා බැහැර කිරීමට යෝජනා වී තිබේ.

බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සඳහා වූ සංවර්ධන නියාමන සැලැස්මට අනුව අදාළ ඉඩම මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා ඇති බැවින්, නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම්, වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එම ඉඩම යොදා ගැනීමට නිර්දේශ කරනු ලැබ තිබේ.

ඒ අනුව, අධි උස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99ක කාලසීමාවකට දිගුකාලීන බදු පදනම මත එකී ඉඩම සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340ක් වන අතර පළල මීටර් 11ක් වේ. කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස මෙය සැලකෙයි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකරන ලදී.

 
රුපියල් බිලියන 3.2 ක වියදමින් කොළඹට අලුත් ගුවන් පාලමක්
 
කොළඹ ‘බාලදක්ෂ මාවත’ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ප්ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස ‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලම ඉදි කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340 කි. පළල මීටර් 11 කි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,
 
" කොළඹ නගරයේ ඉතාමත්ම කාර්ය බහුල ව්‍යාපාරික ස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, හෝටල් විශාල සංඛ්‍යාවක් මේ ආශ්‍රිතව පිහිටා තිබීම නිසා මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් පැවති ස්ථානයක්. එම රථවාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් තුනක් ඉදිකරන්න මීට වසර කිහිපයකට කලින් සැළසුම් කරලා තිබෙනවා. එයින් ගුවන් පාලම් දෙකක වැඩ නිමකර තිබෙනවා. මේ ගුවන් පාලම 2022 වසරේදී වැඩ නිමකරන්න සැලසුම් කර තිබූ එකක්. නමුත් ආර්ථික අර්බුධය සහ වෙනත් කාරණා නිසා මෙම පාලමේ ඉදිකිරීම් බොහෝ කාලයක් ප්‍රමාද වුණා. පොලිස්පතිතුමා සමග අපි සිදුකරපු ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිල නිවාස සම්බන්ධයෙන් පැවති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාගෙන ඉදිකිරීම් වේගවත් කරන්න හැකිවුණා. රුපියල් මිලියන 2,700 කින් මීට අවුරුදු තුනකට කලින් ඉදිකරන්න තිබූ ගුවන් පාලමට ඉදිකිරීම් ප්‍රමාදය නිසා අමතරව තවත් රුපියල් බිලියනයක් වැය කරන්න සිදුවුණා. මේ ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් කිරීම ජනතාවට විශාල පහසුවක් වගේම ප්‍රයෝජනයක්. මෙහි ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට සහයෝගය ලබාදුන් පොලිස් දෙපාර්තමේන්තුවටත් මාර්ග සංවර්ධන අධිකාරියටත් ස්තුතිය පළ කරනවා.’
 
 
කොළඹ තදබදයට උත්තරය දෙන "බාලදක්ෂ මාවත" ගුවන් පාලම!
 
"බාලදක්ෂ මාවත ගුවන් පාලම කොළඹ නගරයේ පවතින රථවාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් ලෙස ඉදි වූ, ශ්රී ලංකාවේ ප්රථම සහ සම්පූර්ණයෙන්ම දේශීය වශයෙන් නිම කරන ලද ගුවන් පාලමයි. මීටර් 340ක් දිග සහ මීටර් 11ක් පළල මෙම පාලම, ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය දෙසට (චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත) දිවයන අතර මාර්ග තදබදය අවම කිරීම සඳහා පහසුකම් සපයයි. ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනක පමණ කාලයක් ප්රමාදයකට ලක් වුවද, ප්රවාහන අමාත්යාංශයේ තිරසර මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ශ්රී ලංකා රජයේම අරමුදල්වලින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ රුපියල් බිලියන 3.2ක වියදමින් මෙය ජනතා අයිතියට පත් කරන ලදී. කොම්පඤ්ඤවීදියේ දුම්රිය හරස් මාර්ගය නිතර වැසීම නිසා ඇතිවන රථවාහන තදබදය අවම කිරීම සඳහා උපායමාර්ගික මැදිහත්වීමක් ලෙස මෙය සැලසුම් කර ඇත." කොළඹ පුර­ප­තිනි ව්‍රායි කැලී බල්ත­සාර්,මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති ටී. පාස්ක­රන්, අධ්‍යක්‍ෂ ජන­රාල් (රා. ඉ.) එච්. එච්. එන්. ඒ. හෙට්ටි­ආ­රච්චි මහත්ම මහ­ත්මීහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.
 

No comments:

Post a Comment