Translate

Monday, April 6, 2015

අති විශිෂ්ඨ බාලදක්ෂයෝ 2014 (අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ)


2014 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ට ජය ලැබූ බාලදක්ෂයා

2014 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප‍්‍රථම ස්ථානය හිමි කර ගත් කොළඔ නාලන්දා විද්‍යාලයේ තරිදු නිර්මාල් වික‍්‍රමසිංහ බාලදක්‍ෂයාට ශ‍්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ , ඇගයීම හා තිලිණ ප‍්‍රදානය කිරීම අපේ‍්‍රල් මස 02 වන දින කොළඔ 02 චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ පිහිටි ජාතික බාලදක්‍ෂ මුලස්ථානයේ දී ප‍්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර ඒ සදහා සහය ප‍්‍රධාන කොමසාරිස්වරුන් හා මුලස්ථාන කොමාසාරිස්වරුන් ගේ සහභාගී්තවයෙන් සිදු විය.

මෙම උත්සව අවස්ථාවට ප‍්‍රධාන කොමසාරිස් තුමා අදහස් දක්වමින් අධ්‍යාපන මූලික කර ගත් සමාජයක බාලදක්‍ෂ කටයුතු වලින් අධ්‍යාපනය බාධාවක් බව ඇතැමුන් පැවැසුවද තරිදු බාලදක්‍ෂයා එම අදහස මිත්‍යාවක් මනාව පසක් කර දී ඇත.




32 කොළඔ නාලන්දා විද්‍යාලයේ තරිදු නිර්මාල් වික‍්‍රමසිංහ බාලදක්‍ෂයා

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් ප‍්‍රධාන කොමසාරිස්තුමා පැවැසුවේ මෙය මුළු මහත් බාලදක්‍ෂ ව්‍යාපාරයටම මහත් ආඩම්බරයක් ගෙන දෙන ජයග‍්‍රහනයක් වන අතර මෙම ජයග‍්‍රහණය මුළු මහත් සිසු පරපුරටම ගෙන දෙන්නේ මහත් අභිමානයක් මෙන්ම මෙමගින් වර්තමාන සිසු දරුවන්ටත් දෙමව්පියන්ටත් උගත හැකි පාඩම් බොහෝ අතර ඔවුන්ට ඔවුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු වඩාත් විශ්වාසයකින් සාර්ථකව කර ගෙන යාමට තරිදු බාලදක්‍ෂයාගේ ජයග‍්‍රහණය ප‍්‍රබලව ඉවහල් වනු ඇත.



මෙහිදි සභාව අමතමින් කරුණු මතු කරමින් තරිදු නිර්මාල් බාලදක්‍ෂයා පවසා සිටියේ බාලදක්‍ෂ කටයුතු වලින් ලැබුනු දැනුම සහා අවබෝධයන් හරහා තම අධ්‍යාපනික විශය කරුණු දෙස වඩාත් පුළුල් ලෙස බලා එම කටයුතු වල නියැලෙන්නට තමාට ප‍්‍රභල මග පෙන්වීමක් බාලදක්‍ෂ කටයුතු වලින් ලැබුනු අතර වැඩිදුරටත් ඔහු පවසා සිටියේ ඕනෑම දෙයක හොද සහ නරක තීරණය වන්නේ එය තුළ අප කටයුතු කරන ආකාරය අනුව ඔීනෑම දෙයක් මනා අවබෝධයකින් හා නිසි කළමාණාකරනයකින් යුතු ව කල හැකි නම් එය සාර්ථක කරගත හැකි බවය. එහිදී ඇසු පැනයට ඔහූ පිලිතුරු වශයෙන් පවසා සිටියේ නිසි කාල කළමණාකරනයේ වැදගත් කම හා අත්‍යවශ්‍ය දේවලෙ මුලිකත්වය දි කටයුතු කිරීමෙන් මෙම ජයග‍්‍රහණය ලබා ගත් බවය.


එමෙන්ම අනාගතයේ දී දේශිය බාලදක්‍ෂයන්ට මෙවැනි ජයග‍්‍රහණ අධ්‍යාපනික හා ජාතික මට්ටමින් ලබමින් මේ ආකාරයෙන් ඇගයීමට ලක් වීමට හැකි වේවා යයි ඔහු ප‍්‍රාර්ථනා කලේය තරුදු වික‍්‍රමසිංහ බාලදක්‍ෂයා පෝතක බාලදක්‍ෂ අංශයේ ඉහලම ප‍්‍රදානය වන රන්තරුලාභි පෝතක බාලදක්‍ෂයකු වන අතර දැනට බාලදක්‍ෂ අංශයෙන් වනවාසියාගේ රැහැන දක්වා දිනා ඇත. පසුගිය වසරේ නාලන්ද විද්‍යාලයේ හොදම කනිෂ්ඨ බාලදක්‍ෂයා ද විය මෙම වසරේ ජපානයේ පැවැත් වීමට නියමිත ලෝක බාලදක්‍ෂ ජම්බෝරිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමටත් තරිිදු නිර්මාල් බාලදක්‍ෂයා සදුසුකම් ලබා ඇත.

 
Congratulations for all of Sri Lankan Scouts and Girl Guides Fabulous Victory!


Tharindu Nirmal Wickremasinghe of Nalanda College, Colombo, has topped the island rankings at the G.C.E Ordinary Level Examination 2014. he is an active SCOUT from 32nd Colombo Scout Group.

Sanduni Nawanjana Jayawardena, a student of Holy Cross College, Gampaha, was ranked at second place. Meanwhile, Amashi Niwarthana of Visakha Vidyalaya, Nuwani Nethsarani of Gampaha Rathnawali Balika Vidyalaya and Garuni Abeysinghe of Mahamaya Girls College, Kandy obtained the 3rd best results at the G.C.E. O/L Examination. Amashi Niwarthana, Garuni Abeysinghe, Dewini Ruwanka, Divyanjali Uththara Rajapaksha also active Girl Guides on their groups.

The Ordinary Level Examination was held from the 9th to the 18th of December 2014 with 377,039 students sitting the exam. The results can be obtained via www.doenets.lk. List of the first ten ‘high flyers’ at G.C.E Ordinary Level Examination 2014 can be seen below.

1. Tharindu Nirmal Wickremasinghe – Nalanda Collage, Colombo
2. Sanduni Nawanjana Jayawardena – Holy Cross College, Gampaha
3. Amashi Niwarthana – Visaka Vidyalaya, Colombo
3. Nuwani Nethsarani – Rathnawali Balika Vidyalaya, Gampaha
3. Garuni Hansapani Abeysinghe – Mahamaya Girls’ College, Kandy
4. Dewini Ruwanka Hemasinghe – Visaka Vidyalaya, Colombo
5. Divyanjali Uththara Rajapaksha – Devi Balika Vidyalaya, Colombo
6. Ransika Lasath Gunasekara – Thurstan College, Colombo
6. Dilini Sandunika Palihakkara – Sujatha Vidyalaya, Matara
6. Anjana Ruchinga Abhayadeepa Madarasinghe – Keerthi Abeywickrama National School, Morawaka

We wish you all the best and good success for the future...!



more on https://www.facebook.com/photo.php?fbid=763311000453824&set=a.116950161756581.17668.100003247947404&type=1&theater






















Thursday, April 2, 2015

මීදුම් නගරයට - වසන්තය අැවිල්ලා!

බෝඹුරු ඇල්ල වන අරණේ තැනුණු - ගෝන ගම්මානය සොයා ගිය ගමනක්...

අපේ රට යටත් කරගත්තු ඉංගි‍්‍රසින් ඔවුන්ගේ රටේ දේශගුණයට, සමාන දේශගුණයක් පවතින නුවරඑළිය ප්‍රදේශයට ‘පුංචි එංගලන්තේ’ කියලා නමක් පටබැන්දේ නිකන්ම නොවෙයි. නුවරඑළියේ දේශගුණය, පිහිටීම වගේම අලංකාරයත් එංගලන්තේ ඇතැම් පළාත්වලට බෙහෙවින්ම සමාන නිසයි. නුවරඑළිය පැත්තේ මල්, පලතුරු, එළවළු වගේම තේ කෝපි වගාවත් ප්‍රචලිත කරන්නට සුදු ජාතීන් උනන්දු වුණේ ඒ දේශගුණය නිසයි නුවරඑළිය පැත්තේ පැරැණි නිවාස හා ගොඩනැඟිලි බොහොමයක්ම ඉදි කරලා තියෙන්නෙත් එංගලන්තෙ ගෘහ නිර්මාණ ශිල්පීය ආකෘති අනුව. හැමදාම හැමදෙනාම යන එන සුපුරුදු සංචාරක ආකර්ෂණ ස්ථාන හැරුණාම ගිහින් බලන්නට වටිනා සුන්දර මෙන්ම වටිනා තැන් ගණනාවක්ම නුවරඑළිය හා අවට තිබෙනවා. මෙවර අප ඔබ කැඳවාගෙන යන්නේ තවත් එවන් වූ මනරන්ජනීය ඉසව්වකටයි. නුවරඑළිය නගරයෙන් කිලෝ මීටර් දෙකක් එපිටින් පිහිටි සඳතැන්නේ පීඩෲ බාලදක්ෂ කඳවුරු භූමියයි ඒ. ‘සඳතැන්න’ නමටම ඔබින සුන්දර ගම්මානයක්. නුවරඑළිය නගරයේ සිට වැලිමඩ පාරේ ග්‍රෙගරි වැව කෙළවරේ මාගස්තොට හන්දියෙන් වමට හැරිලා දිගටම ගියාම හමුවෙන්නේ සුන්දර සඳතැන්න ගම්මානයයි.

සඳතැන්නට යන පාර දිගේ කිලෝ මීටර් දෙකක් ඉදිරියට පැමිණියාම අපට ලංකාවේ උසම ස්ථානයේ පිහිටි ජලාශය වන බෝඹුරුඇල්ල ජලාශය හමු වෙනවා. බෝඹුරු ඇල්ල ජලාශයට යන පාර දිගේ පහළටම ගියාම හමුවන්නේ අපේ රටේ මුලින්ම හදාපු බාලදක්ෂ කඳවුරු භූමිය වන පීඩෲ බාලදක්ෂ කඳවුරු භූ®මියයි. බාලදක්ෂ කඳවුරු භූමියක් වුණාට එය බාලදක්ෂ කටයුතු සඳහා පමණක්ම වෙන් වූවක් නොවෙයි.
බාලදක්ෂ පුහුණු කඳවුරු සම්මේලන, ජම්බෝරි පැවැත්වෙනවා හැරෙන්නට ඒ අවට සිරි නරඹන රිසින් එහි යන ඔබ අප වැන්නන්ට එහි නවාතැන් ගන්නටත් පුළුවන්. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ කොළඹ චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් හෝ වර්තමානයේ කඳවුරු භාර නිලධාරී අජිත් ජයසේකර මහතාගෙන් අවසර ලබාගෙන ඔබට කඳවුරු බිමට ඇතුළුවන්නට පුළුවන්. කොත්මලේ හරහා තවලන්තැන්න පාරේ ගමන් කළ අපේ කට්ටිය නුවරඑළියට ළඟා වෙන විට මධ්‍යාහ්නය පහුවෙලා. ජූනි මාසෙත් එළැඹුනාට ඒ වන විටත් නුවරඑළියට වැස්ස පටන් අරගෙන තිබුණේ නෑ. වෙනදාට පාර දිගේ තැනින් තැන ඉදිකළ පුංචි පුංචි කඩවල පාට පාටින් ලස්සනට අඩුක්කරලා තියෙන එළවළු ගොඩවල්වලට වඩා මෙදා පාර අපි දුටු එළවළු ගොඩවල් පුංචියි කියලයි මට නම් හිතුණේ. වෙනදාට පෝලිමට ඇරලා තියෙන එළවළු පෙට්ටි කඩ තැනින් තැන විතරක් ඇරලා. මල් කඩ පෙට්ටිත් ඒ තරම්ම දැක්කෙ නෑ. එළවළුත් කොළඹ තරමටම ගණන්. මධ්‍යාහ්නය පහුවෙලාත් කොළඹ වගේ අව්ව තද නෑ. හොඳටම අව්ව පායලාත් හමා යන සුළඟේ සිසිලස ගත කිලිපොළා යන තරම්. නුවරඑළියේ පදිංචි කාරයන්ට දාඩිය දැම්මට අපි නම් මුලින්ම කළේ නගරයේ උණුසුම් ඇඟලුම් සාප්පුවකට වැදිලා කබායක් තොප්පියක් මිලදී ගැනීමයි. නුවරඑළිය නගරයෙන් කිලෝ මීටරයක් දෙකක් දුරින් තිබුණට සඳතැන්න පැත්ත හොඳටම ශීතලයි කියලා අපි අහලා තිබුණා. ටවුම පහු කරලා සඳතැන්න පාරේ කිලෝමීටරයක් විතර ගිහින් අපි බෝඹුරු ඇල්ල වන අඩවියට පිවිසුණා. උසට උසේ වැවුණු ටර්පන්ටයින්, ඇකේශි‍්‍රයා සහ සයිප්‍රස් ගස්වලින් හෙවණ වූ පටු මාවතේ අපේ වාහනේ ඉදිරියට ඇදුණේ හෙමින්. ගස්වල කොළ හැලිලා. වෙනදාට වැඩිය කලඑළියක් මාවතට වැටිලා. තෙතමනය රැඳුණු සීත සුළං රැලි කවුළුවෙන් රිංගලා ගත දාහය නිවා සනහනවා. බෝඹුරු ඇල්ලට යන පාරේ කෙළවරේ පිහිටි කඳවුරු භූමියෙහි අප එනතුරු එහි කඳවුරු පාලක අජිත් ජයසේකර මහතා පෙරමඟ බලා සිටියා. ප්‍රවීණ බාලදක්ෂ ආචාර්යවරයකු වන අජිත් එවරස්ට් කඳු ශිඛරය තරණය කළ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා. ඒ වගේම ඔහු දාසය වතාවක් හිමාලය කන්ද තරණය කරලා තිබෙනවා. උසින් අඩි පහක් තරම් වත් නැති මේ පුංචි මිනිසා තුළ සැඟව ඇති ආත්ම ශක්තියේ බලය හිමාලය කන්දටත් වඩා උසයි.

ගුවන් ගැබ සිපගන්න තරම් උස් වූ ටර්පන්ටයින් යාය මැද පිහිටි කඳවුරු භූමියට පිවිසෙන කවරකුගේ වුවත් ගත සිත සුවපත් වෙනවා. මෙම කඳවුර නවසිය හතළිස් හයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස්වරයා වූ බෲක් විලියම් මහතාගේ පාලන කාලයේදී කර්නල් සී. පී. ජයවර්ධන මහතාගේ යුගයේදී අරඹා තිබෙනවා. බාලදක්ෂ නායකවරුන් සඳහා වන උසස් බාලදක්ෂ පුහුණු පාඨමාලාව පැවැත්වීම අරමුණු කොට ගෙන ඉදි කරන ලද මෙම කඳවුරෙහි වර්තමානයේ දී ජාතික හා පාසල් මට්ටමින් පුහුණු කඳවුරු සහ බාලදක්ෂ කණ්ඩායම්වල වාර්ෂික කඳවුරු පැවැත්වීම ද සිදු කරනුලබනවා. බෝඹුරු ඇල්ල ජලාශයට යාබද අක්කර අටක භූමි ප්‍රමාණයක පිහිටි කඳවුරු භූමිය රමණීය පරිසරයකින් යුක්තයි. උමා ඔයෙහි ප්‍රධාන ජලාශයේ සිට ගලා එන උමා ඇළ, කඳවුරු භූමිය වටා ලතාවකට ගලා බසිනවා. වර්ෂ 1950 දී බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන මූලස්ථානය වූ එංගලන්තයේ ගිල්වෙල් පාර්ක් කඳවුරේ කඳවුරු පාලක ජෝන් තෝමන් මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ නිලධාරී මණ්ඩලය පුහුණු කිරීම සඳහා මෙරට පැමිණි අවස්ථාවේ එතුමාට නවාතැන් ගැනීම සඳහා ඉදිකළ ජෝන් තෝමස් නිල නිවාසය වර්තමානයේත් කඳවුරු පාලක නිල නිවාසය ලෙස භාවිත කරනවා. කඳවුරු භූමියේ බාලදක්ෂයන් සඳහා කඳවුරු ගිනිමැල කවයක්, ප්‍රධාන රැස්වීම් භූමියක් වගේම දහදෙනා බැගින් නවාතැන් ගන්නට හැකි කඳවුරු කුටි හයකින් සමන්විතයි. උමා ඇළෙන් එගොඩ වූ විට වන මැද දැවයෙන් ඉදිකරන ලද සුව පහසු කුටිවල විසි දෙනකුට පමණ නවාතැන් ගන්නට පුළුවන්.

වරකට සිය දෙනකුට පමණ නවාතැන් ගන්නට තරම් ප්‍රමාණවත් පහසුකම් පීඩෲ කඳවුරෙහි තිබෙනවා. කුඩා කණ්ඩායම් සඳහා සුදුසු දැවමුවා කුටි වෙන්ව තනා තිබෙනවා. හෝටලයක නවාතැන් ගන්නවාට වඩා කඳවුරු බිමක නවාතැන් ගැනීම වෙනස්. බාලදක්ෂයන්ට එය එතරම් අලුත් දෙයක් නොවුණාට ඉඳහිට එහි යනෙන සංචාරකයන්ට එය නැවුම් අත්දැකීමක් වෙනු නිසැකයි. කළුගලින් බිත්ති බැඳ ඇතුළත දැවයෙන් නිමවා ඇති කුටි තුළ දැවයෙන් තැනු ඇඳන් ඇතුළු සියලු අවශ්‍යතා ද සපයා තිබෙනවා. දැව කුට්ටිවලින් තනන ලද අපූරු ආසන සහ මේස කිහිපයකින් ඒ සමන්විතයි. බාලදක්ෂ කඳවුරකදී බාලදක්ෂයන් තම කටයුතු ඔවුන් විසින් ම ඉටු කරගන්නවා. කඳවුරේ නවාතැන් ගන්නට යන අමුත්තන්ට උයා පිහා ගන්නට අවශ්‍ය පහසුකම් සහිත මුළුතැන් ගෙයක් එහි තිබෙනවා. උයාගෙන කන්නට අකමැති නම් කඳවුරු පාලක තුමාට කලින් දැන්වූවාම ඉතාම රසට පිරිසුදුවට ආහාරපාන සකස්කර දෙන දක්ෂ සූපවේදියකුගේ සේවය ඔබට ලබාගන්නටත් පුළුවන්. කඳවුරු බිමක නවාතැන් ගන්නට යන දරුවන්ට එහි බාලදක්ෂයන් සඳහා ඇති ක්‍රීඩා අත්හදා බලන්ටත් අවස්ථාව ලැබෙනවා. ගස් දෙකක් අතර ගැට ගසන ලද සවිමත් දැල්වල එල්ලී දැල් තරණය කිරීමට, උස් ගස්වල එල්ලන ලද ඉණිමංවල නගින්නට කොමාන්ඩෝ බ්‍රිජ්, මන්කි බ්‍රිජ් වැනි උසින් සවිකළ පාලම්වල නැගී ධීර ක්‍රියාකාරකම්වල යෙදෙන්නටත්, කඳවුරු බිම අවට වනන්තරයේ ඇවිදීමටත් ළමුනට ලැබෙන අවස්ථාව නැවුම් අත්දැකීමක් වනවා සිකුරුයි.

අහස්කුස සිප ගන්නට තරගයට ඉහළට ඇදෙන සයිප්‍රස් තුරු අතරින් සඳරැස් ගලා එනවා. කඳවුරු බිමේ සුදෝ සුදු වැලි තලාව සඳරැසින් නෑවිලා කඳු මුදුනේ සිටින අපට දිස්වන්නේ හාත්පස සුදෝ සුදු හිම පළසක් ඇතිරුවා වගෙයි. ඇටමිදුලු පසාරු කරගෙන හමා යන ශීත සුළං රැලි සමඟ පොරබදිමින් අපේ උණුසුම් කබා අප උණුසුම්ව තබන්නට දරුණු අරගලයක යෙදෙනවා. රාත්‍රී සිරි නරඹනු රිසින් කඳවුරු බිමේ මිදුලට බැස්සත් ඒ ශීතල දරාගෙන රෑ සිරිය විඳගන්නත් අමාරු ගානයි. කඳවුර වටා ගලා හැලෙන උමා ඇළේ ජල ධාරාවේ සුමදුර ස්වරය පරයා හෝං හෝං නාදයෙන් දෝංකාර නගමින් සිසිල් මාරුතය හමා යනවා. දසත හමා යන මාරුතය උස් ගස්වල වැදීමෙන් නැගෙන ඒ අමුතු ශබ්දය පරිසරයට එක්කරන්නේ ගූඪ බවක්. වනන්තරේ නිහඬතාව බිඳිමින් ඉඳහිට රාව නඟන නිශාචර පක්ෂියකු හිටිවනම රෑ සිරි නරඹමින් පරිසරය සමඟ දැහැන්ගත වූ අපේ සමාධිය බිඳ දමනවා.

කඳවුරු පාලක දිවා නිරීක්ෂණ කුටිය අසල ඉදිකළ දැවමුවා පීඨිකාවට එපිටින් ගිනිමැලයක් ගසා ගෙන ඒ වටා වාඩිලාගෙන සතුටු සාමීචියේ යෙදෙන්නට, ගීයක් ගයා තුටු පහටු වෙන්නට එහි එන වැඩි දෙනෙකු පි‍්‍රය කරනවා. දැඩි කටුක සීතලත් එක්ක හීන් පිනිබිඳු පතිත වෙනවා. නුපුරුදු දේශගුණයට ඔරොත්තු නොදෙන නැහැපුඬු නොකඩවා කිවිසුම් හරිනවා.“දැන් හොඳයි නිදාගෙන උදේ රැයින් නැගිටලා බෝඹුරු ඇල්ල බලන්න ගියානම්” අජිත්ගේ යෝජනාවට හැමෝම එක සිතින්ම එකඟ වුණා. හොඳහැටි පොරෝණය තුළට ගුලි වෙලා නිදාගන්නට හිතුණත් කුසීතකම ජය අරන් අපි හැමෝම හිමිදිරියෙම අවදි වුණා. මේනක හදා දීපු රසවත් උදෑසන ආහාරයෙන් පස්සේ කඳවුරට ඉහළින් පිහිටි බෝඹුරු ඇල්ල ජලාශය බලන්න අපි ගියේ පයින්.

නුවරඑළියට පායන තරම කොයිතරම් ද කියලා බලා ගන්න ජලාශයේ අඩු වෙලා තිබුණු ජල මට්ටම හොඳම සාක්කියක්. වෙනදාට වේල්ල ළඟටම ජලයෙන් පිරෙන ජලාශයේ පතුල මතු වෙලා. යාන්තම් පෙනෙන නොපෙනෙන තරම් මඩ වතුර. ජලාශය පිසගෙන හමා ආ මාරුතය චණ්ඩයි. ඇඟ හිරිගඩු වට්ටනවා මදිවට සුළඟේ සැරට විසිවී යා දෝයි බයත් හිතෙනව. ජලාශයේ බැම්ම දිගේ සුදු වැලි ඇතිරූ මාවතේ අපි රක්ෂිතයේ ඇරැඹුම දක්වාම ඇවිද ගියා.

බෝඹුරු ඇල්ල ජලාශය ඉතා විරල ගණයේ ජලාශයක්. එය ලංකාවේ වැඩිම උසකින් පිහිටා ඇති ජලාශයයි. ජලාශයේ සොරොව්ව සහ පිටවාන පිහිටා ඇත්තේ ජලාශයෙහි මැද. මෙවැනි පිටවානක් තවත් අපේ රටේ තිබෙන්නේ හම්බන්තොට පිහිටි ඇකිරිය වැවෙහි පමණයි. බෝඹුරු ඇල්ල ජලාශයේ ජල කඳ උඹා ඇළ ඔස්සේ බදුලු ඔයට වැටී අනතුරුව මහවැලි ගංගාවට එකතු වෙනවා. රක්ෂිතයේ තරමක් දුරට ගියාම බෝඹුරු ඇල්ල ජලාශයට දියවර සපයන ගල් පාලම සහ ‘බුලු ඇල්ල’ දිය ඇලි බලාගන්නට පුළුවන්. බුලු ඇල්ල පාමුල පිහිටි ගුහාව සීතා දේවිය සඟවා තැබු ස්ථානයක් බව කියැවෙන අතර එම ගුහාව හග්ගල මල්වත්තට නොදුරින් පිහිටි සීතා අම්මාන් කෝවිළ දක්වාම දිවෙන බවට සාධක හමු වී තිබෙනවා. බෝඹුරු ඇල්ල රක්ෂිතයේ එක් මායිමක් වැලිමඩ දක්වාත් තවත් මායිමක් හග්ගල මල්වත්ත පිහිටි ප්‍රදේශය දක්වාත් උතුරින් කඳවල දක්වාත් විහිදෙනවා. බෝඹුරු ඇල්ල රක්ෂිතයේ සැරිසරන්නට ලැබෙන අවස්ථාවත් ඉතා වටිනවා. වන සරණට රිසි ඔබට එය අපූරු අත්දැකීමක් වනු නිසැකයි. කඳවුරු බිම පිහිටි භූමිය නැවත වගා කරන ලද ටර්පන්ටයින්, රෙඩ්ගම්, ඇකේශියා සහ සයිප්‍රස් ගස්වලින් සෙවණ වෙලා. කඳුරු බිමට මායිම් වන ස්වභාවික වනාන්තරය කඳුකර වැසි වනාන්තර ගණයට අයත්. නුවරඑළිය ප්‍රදේශයට ආවේණික වූ මහරත්මල් (රොටර් ඩැන්ඩ්‍රම්) හා යෝධ මීවන වර්ග එහිදී ඔබට චකගන්නට පුළුවන්. ගල් වෙරළු, වැල් මී, මොනරැස්ස වගේ ඖෂධිය පැළැටිත් එහි හොඳින් වැවෙනවා.

දිවියන්, ගෝනුන්, මුවන්, මී මින්නන් දඬු ලේනුන්, වල් ඌරන්, වගේම දුර්ලභ ගණයේ සතකු වන වලස් වඳුරන් බෝඹුරු ඇල්ල රක්ෂිතයේ බහුලව වාසය කරනවා. ඒ වගේම අපේ රටේ ජාතික පක්ෂියා වන වලි කුකුළන්, ගිරවුන්, මලිත්තන්, බකමූණන් වැනි පක්ෂීන් ද එහිදී දැකගන්නට පුළුවන්. වනන්තරයේ සිරි නරඹන්නට වගේම එහි ජෛව විවිධත්වය ගැන අධ්‍යයනයක යෙදෙන්නටත් සුදුසුම ස්ථානයක් ලෙස බෝඹුරු ඇල්ල රක්ෂිතය හඳුනාගෙන තිබෙනවා. ඒ ප්‍රදේශය සංචාරක ආකර්ෂණ ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන සැබෑවටම සොබාදහමට ආදරය දක්වන සංචාරකයන්ට වගේම නිරීක්ෂකයන්ටත් ඒ සඳහා පහසුකම් සලස්වන්නට ඉදිරියේදී පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා පවසනවා.

රක්ෂිත වනයකට හිතූ හැටියට ඇතුළු වෙන්නට බෑ. ඒ සඳහා ඔබ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ව අවසර ලබා ගන්නට ඕනෑ. රක්ෂිතය හරහා සැතැපුම් හයක් පමණ ගිය විට අලංකාර බෝඹුරු ඇල්ල දිය ඇල්ල හමු වෙනවා. දිය ඇල්ලට පහළින් පිහිටි පේරවැල්ල ගම හරහා යළිත් ඔබට මහමඟට පිවිසෙන්නට පුළුවන්. මිනිසුන් වගේම සතා සීපාවොත් ඔවුන්ගේ නවාතැන් පොළ සකස් කරගන්නා බව ඔබ දන්නවා. කුරුල්ලන් කැදලි තනනවා. වලසුන් දිවියන් ගල් ගුහාවල ගාල් වෙනවා. තලගොයින් උරගයන් හුඹහක් තනා ගන්නවා. ඒත් ගෝනුන් හා ඌරන් ලගින්නට ගෙවල් හදාගන්නා බවක් අප අසා නෑ. බෝඹුරු ඇල්ල රක්ෂිතයේ වන මං ඔස්සේ පිය මං කළ අප අපේ නඩේ ගුරා අජිත් ගෝනුන් වාසස්ථාන තනාගත් ගෝන ගම්මානයකට අප කැටුව ගියා. නිතරම කැලෑ ගමන්වල යෙදෙන අජිත් ගෝන ගම්මානයට යන පාර හොයා ගත්තේ ගෝනුන්ගේ අං උලා තුවාල කළ ගස්වැල්වල හෝඩුවාව ඔස්සේ යමින්. ‘සද්ද කරන්නෙ නැතිව මා පස්සෙන් එන්න’ අජිත්ගේ ඉල්ලීමට අනුව ගස්වැල්වල පය පැටලිලා වැටුණත් නිහඬවම අපි ඔහුගේ පිටුපසින් ගියා. “මෙන්න බලන්න ගෝන ගෙදරක්.” හොඳින් අතු පතර විහිදා වැඩුණු රූස්ස ගසක පාමුල තණ පත් තලා ඇතිරූ සුව පහසු ගුහාවක් වැනි සෙවණක් අජිත් අපට පෙන්නනවා.

“මේ දැන් ගෝනා මතන ඉඳලා ගිහින් තියෙන්නෙ.”
ඒ ළඟම තිබු ගහේ ගෝනා අං ඇතිල්ලීමෙන් තුවාල වූ බඳින් තවමත් කිරි වැනි ශ්‍රාවයක් වෑහෙනවා. අපි එන සද්දෙට ගෝනා හෙමිහිට නැගිටලා වනයට වැදිලා. ඒ ආකාරයටම තැනූ ගෝන ගෙවල් රාශියක් අජිත් අපට පෙන්නුවා. උදේ රැයින්ම ආහාර හොයාගෙන කැලෑ වදින ගෝනුන් හැන්දා අඳුරත් එක්කම ගෝන ගම්මානයට ගාල් වෙනවා.

වනන්තරේ නිහැඬියාවට බාධා නොකර ඊළඟට අපි ගියේ ඌරු ගම්මානෙට. ඌරන්ට මඩ තලන්නට ඕනෑ කරන මඩ කඩිති උන් විසින්ම හාරාගෙන ඇති ආකාරය එහිදී අප දුටුවා. හොඳින් ජලය පිරුණු තටාකයක දිය කෙළින්නට දුර බැහැර යනවාට වඩා ළඟම තිබුණු දියකඩිත්තක් අසබඩ වළක් හාරාගෙන ඒ වළ මඩ කරගෙන මඩ තලන එක කොයිතරම් පහසු ද? ඌරු තටාකවල පිංතූර ගන්න ලේසි නෑ. පුංචි සද්දෙටත් සතුන් කලබල වෙලා එහාට මෙහාට වෙලා හැංගෙනවා. නැත්නම් සතුරාට එරෙහිව සටනට එනවා. ඌරු තටාකවල පිංතූර ගන්න අජිත් සුදම් එක්ක තව තවත් කැලෑවෙ ඈතටම ගියා.

බෝඹුරු ඇල්ල රක්ෂිතයේ ඇවිද්දාට කිසිම වෙහෙසක් ඇඟට පතට නොදැනීම ඇත්තෙන්ම මවිතයට කාරණාවක්. උදෙන්ම වනයට වැදුණු අපි වනන්තරයෙන් එළියට එන විට මධ්‍යාහ්නයත් ළඟා වෙලා. ඒත් දහදිය පොදක්වත් වැටී නැත්තේ වනන්තරේ පිසගෙන නිරන්තරෙන් හමා යන පිවිතුරු සිසිල් මදනල ගත සිත නිවා සනසාලන නිසයි. හැමදාම සැපම හොයන්නේ නැතිව කැලේක ඇවිදලා කුරුල්ලන් සතුන් ගහකොළ නරඹලා, කඳු නැඟලා, දිය ඇලි බලලා විඳලා එන එකෙත් අමුතුම මිහිරක් තිබෙනවා. ඉගෙන ගන්න දූ දරුවන්ට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. සුපුරුදු සම්ප්‍රදායික විනෝද චරිකාවකට වඩා එය අතිශයින්ම නැවුම් වූත් විනෝදජනක වූත් සංචාරක අත්දැකීමක් ඔබට ගෙන දෙනවා සිකුරුයි.



විශේෂ ස්තූතිය







 

Saturday, March 14, 2015

Ging Gang Goolie 



Ging Gang Goolie or Ging Gang Gooli is a gibberish scouting song, said to be written by Robert Baden-Powell during the 1st World Scout Jamboree. It is popular among the Boy Scouts and Girl Guides.

1920 පළමුවැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියෙදී බාලදක්ෂයන්ට ගායනා කිරීම පිණිස බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩ්න් පවල් සාමිවරයා විසින් තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. මේ සින්දුව තියෙන විශේෂත්වය තමයි කුමන මව්බසක් පාවිච්චි කරන කෙනෙකුට වුනත් මේ සින්දුව ඉතා පහසුවෙන් ගායනා කල හැකියි. මේ ගීතය නාදමාලාව පදනම වෙලා තියෙන්නේ මොසාර්ට්ගේ පළමුවැනි සන්ද්වනිය ඇසුරින්. ඒ සන්ද්වනිය මොසාර්ට් තමන්ට වයස 8 ක් වෙද්දී තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් කාලයක් ගොඩ දෙනෙක් මේ සින්දුව කිව්වට ඒකෙ තේරුම එලිවුනේ 1991 දී Dorothy Unterschutz නම් කැනේඩියානු බාලදක්ෂිකාව විසින් "The Leader" නම් සගරාවට ලියූ ලිපියක් මගින්. ඒ වගේම තමයි මේ සින්දුව පහුකාලීනව ගොඩක් නවීකරණ වෙලා තියෙනවා. ඒය ලංකාවේ ජනපිය වෙන්නේ 'සෙනෙහෙබර ඩොලී' නාට්‍යයට අැතුලත් කර තිබුණ රොඩ්නි වර්ණකුල රංගන ශිල්පියා විසින් ගායනා කරන සිංහල සින්දුව. ලංකාවේ මෙම ගින් ගැං ගුලි සින්දුව නෙගැයුන පැදුරැ සාජ්ජයක් හෝ විනෝද ගමනක් නැති තරම්.

ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච
ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච
ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:


Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh-ho,
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh.
Shally wally, shally wally, shally wally, shally wally
Oompah, oompah, oompah, oompah


ඉන්කයි ඩලිමුනි ඩිලිමුනි නාසේ ඉන්කයි කෝ.. ඉන්කයි කෝ.. //
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:
ඕ..වන් ජන්ටිකි ජින්ටිකි චුසා ජුම්පන් ගෝ ජම්බන් ගෝ
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //


ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:
රුම්දා චිනඩි චුනඩි ගෙම්බා ලන්ෂම් දෝ ලන්ෂම් දෝ //
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:



මේ සින්දුව මගින් කියවෙන්නේ විශාල අළු පැහැති අලි අවතාරයක් ගැන. අප්‍රිකානු ගම්වල ජනතාව අතර විශ්වාසයක් තියෙනවා වර්ෂාවකට පස්සේ මේ කියන අැලි අැතාගේ අවතාරය තමන්ගේ ගම වටා සක්මන් කලොත් එළබෙන කාලය සමෘධිමත් බවත්, අැලි අැතාගේ අවතාරය ගම හරහා ගියොත් දුර්භික්ෂ කාලයක්‌ උදාවෙන බවත්.


ඉතින් මේ අලි අවතාරය "වච්චා" කියන ගම හරහා අවුරුදු 3 ක්ම ගමන් කරලා තියෙනවා.ඉතින් මේ දිගින් දිගටම එළබෙන දුර්භික්ෂ කාලය නිසා ගමේ කස්ටිය එක්කහු වෙලා ගමේ නායකයා වුනු "ගින් - ගැන්" සමග අලි අවතාරය ගමට ඇතුලුවෙන තැන හරස්කරලා ඉදගෙන අලි අවතාරය බයකරලා එලවන්න ප්ලෑන් කරලා තියෙනවා.ඒ අතරේම මේ කස්ටියගේ සපෝට් එකට ගමේ යකදුරා වුනු "ශේය්ලා" විසින් ඔහුගේ ගෝල බාලයන් එක්ක ඔවුන්ගේ මැජික් ආම්පන්න වලින් "ශල - වල"කියන ශබ්දේ නංවලා මේ අලි අවතාරේ බයකරලා තියෙනවා.ඉතින් කොහොමහරි කස්ටියගේ ප්ලෑන වැඩකරලා අලි අවතාරේ "ඕම්ප්‍රාහ..." කියන ශබ්දේ නංවමින් ගම වැටේ ගමන් කරලා තියෙනවා.ඉතින් ගමේ ජනතාව තමන්ගේ ප්‍රීතිය පල කරලා තියෙන්නේ මේ ගීතය ගායනා කරලා.



මේ ගැන වැඩි විස්තරයක් සගරාවේ 4 වෙනි කලාපයේ තියෙනවා... 
https://www.facebook.com/baladaksha.srilanka

තව විස්තරය
http://en.wikipedia.org/wiki/Ging_Gang_Goolie 

විශේෂ ස්තූතිය http://hasarallak.blogspot.com/2013/04/blog-post.html

Thursday, March 12, 2015

බාලදක්ෂයින් ගැනයි!

කතා බහ  

- බාලදක්ෂයින් ගැන කතා වෙන වැදගත් දේවල්

සමාජයට වැඩදායී සමාජයට පිළිලයක් නොවන සමාජයට ගරු කරන ඉතා යහපත් පුද්ගලයකු බිහි කිරීම බාලදක්ෂ ව්‍යාපාරයේ හොඳ මාර්ගය බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා පැවසුවා. ඔහු මේ අදහස් පළ කළේ 2015 පෙබරවාරි මස 22 වනදාට යෙදී තිබූ 158 වන ලෝක බාලදක්ෂ දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා පැවසුවේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් පවතින පාසල තුළ විභාගවලින් පිටස්තරව දරුවන්ට ලැබිය යුතු දැනුම, ප්‍රායෝගික දැනුම සහ සතුට මේ සියල්ලම ලබාගත හැකි එකම ක්‍රමය බාලදක්ෂ ව්‍යාපාරය බවයි. 

මහාචාර්ය නිමල් ද සිල්වා 
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්
- 158 වැනි ලෝක බාලදක්ෂ දිනය

-----------------------------------------------------------------------------------

දරුවන් තුළ සැඟවී ති‍බෙන සහජ දක්ෂතාවන් හා කුසලතාවන් ඔප්නැංවීමට බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක් බව හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් එම්. ඊ.එස් ජයසිංහ මහතා පැවැසීය. මේ වන විට ලෝකයේ රටවල් රැසක දරුවන් මේ ව්‍යාපාරය හා අත්වැල් බැදගෙන සිටින බවත් මීට එක්වන මෙරට දරුවන්ගේ සංඛ්‍යාවද දවසින් දවස වැඩි වෙමින් තිබෙන බවත් හෙතෙම කීවේය.

එම්. ඊ.එස් ජයසිංහ
හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් 
පළමු අදියර පුහුණු  පාඨමාලාව
සුමේධ විද්‍යාලය, ගම්පහ දිස්ත්‍රික් දිසා බාලදක්ෂ සංගමය

-----------------------------------------------------------------------------------

ජාති, ආගම්, භාෂා කුල ආදී භේදයකින් තොරව සමස්ත ජනයා ශ්‍රේෂ්ඨ ලෙස සලකන  බාලදක්ෂ ව්‍යාපාරය අප සියල්ලෝම ආදර්ශයට ගත යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි. සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙත ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන බාලදක්ෂ ව්‍යාපාරය, ලෝකය එක පවුලක් බවට පත් කරන බලවේගයක් බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය. මිනිසා උසස් මිනිසකු වශයෙන් ද, ඔහුගේ උසස් බව මිනිසාගේ යහපතට පරිවර්තනය කරන බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ගුණගරුක යහපත් සමාජයක් බිහි කිරීමේ හැකියාව පවතින බවද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
“මිනිසා උසස් මනුෂ්‍යයකු බවට පත් කර ගත හැකි වන්නේ මානසික දියුණුව ඇතිකර ගැනීම මගිනි. සිත පාලනය කිරීම සහ සිත මගින් ශරීරය පාලනය කර ගැනීම මගින් පුද්ගලයා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු බවට පත්කර ගත හැකියි. නැත්නම් ඔහු උසස් මිනිසකු බවට පත්වන්නේ නැහැ.

නමුත් වර්තමාන සමාජයේ සිදුවන මිනී මැරුම්, සොරකම් කිරීම් ආදී විවිධ බාල ක්‍රියා සිදු වන්නේ මිනිසා තත්ත්වයෙන් පහළ අයුරින් හැසිරෙන නිසයි. එවැනි පහළ පන්තියේ ක්‍රියාවන් තුළින් පුද්ගල සමාජය විනාශය කරා යනවා. එසේ වුවද, පහළ පන්තියට ආදර්ශයක් ලබාදීමට උසස් ආදර්ශමත් ව්‍යාපාරයක් වන බාලදක්ෂ ව්‍යාපාරයට හැකියාව ලැබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න
මහනුවර බාලදක්ෂ සංගමයේ ශත සංවත්සරය
- සමාරම්භක උත්සවය, 8වන කැන්බෝරිය සහ කැඩ්සා ශත සංවත්සර (KADSA)
පල්ලේකැලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණය

-----------------------------------------------------------------------------------

ආදරණීය දරුවනි, ජීවිතයේ ඕනෑ ම අභියෝගයක් ආවත් අපි එයට මුහුණ දෙන්න ඕනෑ. එතකොට තමයි අපට ජීවිතයේ දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. අද ඔබ සැමට ම බිය සැක නැතිව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.

ආදරණීය බාලදක්ෂයිනි, ඔබ හැමෝ ම හොඳින් ඉගෙන ගන්න ඕනෑ. අනාගතයේ දී හොඳ නමක් ලබා ගන්න ඕනෑ. කීර්ති ප‍්‍රශංසා ලැබෙන විදියට ජීවත් වෙන්න ඕනෑ. හැමදෙනාගෙ ම ගෞරවයට ඔබ පාත‍්‍ර වෙන්න ඕනෑ.

මේ බාලදක්ෂ ජම්බෝරියේ ඉන්නවා වගේ හැමෝ ම සහෝදර ප්‍රරේමයෙන් ජීවත් වෙන්නට ඕනෑ. එක ම මවකගේ දරුවන් හැටියට ජීවත් වෙන්න ඕනෑ. ඒකයි මගේ ආශාව. උතුරු නැගෙනහිර පළාත් වල බාලදක්ෂයෝ දහස් සංඛ්‍යාත පිරිසක් සේවය කරනවා.

මම දන්නවා උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදය තිබුණ කාලෙත් ඒ පළාත්වල හිටිය දරුවෝ බාලදක්ෂ ව්‍යාපාරයට බැඳුණා. අපි එක ම සහෝදරයෝ වගේ එකට ජීවත් වෙන්න ඕනෑ කියන අදහස මේ දරුවෝ තුළ තියෙනවා.

ආදරණීය දරුවනි, ඔබ හැමෝටම සුබ අනාගතයක් අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඒ පිළිබඳ ව මට ලොකු විශ්වාසයක් තියෙනවා.

දරුවනේ, ඔබ බාලදක්ෂයෙක් විදියට මේ රටේ ජනතාව ඉස්සරහා දෙන පොරොන්දුවේ තිබෙනවා "මගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද බාලදක්ෂ නීතියට කීකරු වීමට ද මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සහය යෙදීමට පොරොන්දු වෙමි" කියලා.

දරුවනේ, අපේ ජීවිතයේ කොටසක් තමයි රට සහ ආගම. අද ඔබට නිදහසේ ජීවත් වීමට නිදහස් රටක්, අපි උරුම කර දී තිබෙනවා. මේ නිදහස් රටට සහ අපගේ ආගමට අවංක ව ඔබ සේවය කරන්න ඕනෑ. ඒ වගේ ම මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය පිළිබද අවබෝධයක් ලබාගෙන එය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන.

08 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වුණ සියලු ම බාලදක්ෂ දරුවන්ට මම කියන්නේ දරුවනේ ඔබ ලෝකයට වැඩකරන්න, නමුත් කිසි දවසක ලාභයක්, ප‍්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න එපා. අද ඔබ කරන සේවයට කවුරු හෝ දොස් කිවුවත් අනාගතයේ ඔබ කළ සේවය අගය කරාවි. ඒ නිසා ඔබ කරන සේවය අවංක ව කරන්න හිතා ගන්න.

ඔබ සැමට සුබ අනාගතයක් !


මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති, ප‍්‍රධාන බාලදක්ෂක 
 08 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය
රන්න, අඟුණුකොළපැලැස්ස, එරමිණියාය කි‍්‍රඩාංගණයේ දී  

-----------------------------------------------------------------------------------

"අද පවතින අධ්‍යාපන රටාව නිසා ගැහැණු ළමයෙකුට කුස්සියේ කෙරෙන වැඩ ගැන අවබෝධය අඩුයි. මෙවැනි කඳවුරකදී දරුවන්ට ඒ ගැනත් හොඳ අවබෝධයක් ලැබෙනවා. ගෙවල්වල මහත් පීඩනයකින් හිටපු ළමයි ජිවිතයෙන් වින්දනයක් ලබනවා. දරුවන්ට ළමාකම හඳුනා ගන්න මෙවැනි බාලිකා බාලදක්ෂ කඳවුරු මහත් පිටිවහලක්’’

එම් .කේ. සිරිවර්ධන
රත්නපුර දිසා බාලදක්ෂ කොමසාරිස්
බාලදක්ෂ බාලිකාවන්ගේ ප්‍රථම නේවාසික දිස්ත්‍රික් කඳවුර
කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය

-----------------------------------------------------------------------------------

 “පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරයට මීට වඩා රජයෙන් සහය ලැබිය යුතුයි.පාසල් සිසුන් වශයෙන්ද තරුණ තරුණියන් වශයෙන් සිතුම් පැතුම් හා අධ්‍යාපනයේදි පමණක් නොව ජීවිතයේ ප්‍රශ්න වලදී මුහුණ දීමට අද මේ බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන ආභාෂය ලොකු පිටුවහලක් වේවි.
  පාසල් ශිෂ්‍යාවන් හා බාලදක්ෂ මානව මානවිකාවන් හැටියට කිසිම විටෙක තමුන්ගේ දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට තමුන්ගේ වන්දනීයත්වය පිදිය යුතු නැහැ.මොන බලයක් තිබුනත් ඒ කිසිම කෙනෙක් ඉදිරියේ නැමිය යුතු නැහැ.ඔවුන්ට වැද නමා අචාර කිරීමට පුරුදු වෙන්න එපා.ඒ අපි ඉගෙන ගත්ත පාඩම.අප ඔබට දිය යුතු ආදර්ශය එයයි.”

නීතීඥය උපුල් ජයසූරිය
–  මීගමු දිසා බාලදක්ෂ රැලියේ ආරම්භක උත්සවය
මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාපිටියේදි

-----------------------------------------------------------------------------------   

ඉතිහාසය පුරාවටම අධ්‍යාපනයට පමණක් නොව, සමාජයීය සහ මානව සුබසාධනය වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක තාරුණ්‍යයේ ජවය පිරි බාලදක්ෂ ව්‍යාපාරය, බලශක්ති සංරක්ෂණය සම්බන්ධව එක් එක් පුද්ගලයාට සෘජුවම දැනුවත් කළ හැකි මාධ්‍යයක්. අද වනවිට වික්ටෝරියා ජලාශය ඉතා දුර්වල ජල විදුලි උත්පාදනයක් දක්වා සීමාවෙද්දී, මහජන කැපවීම මත විදුලිය සංරක්ෂණයට පෙළඹවීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් තවදුරටත් පවත්වාගත හැකිවී තිඛෙනවා. මෙය ඉදිරියටත් පවත්වාගැනීමට නම් අප මිනිසුන් මත විශ්වාසය තබා කටයුතු කළ යුතුයි. සැවොම එක්වී තම තමන්ගේ යුතුකම බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරනවා නම් මෙම අභියෝගය ජයගැනීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක
- පළමු බලශක්ති සංරක්ෂණ වැඩමුළුව
 සමාරම්භක උත්සවය 
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර 

-----------------------------------------------------------------------------------   


එක එක පුද්ගලයාගේ රස වින්දනය වෙනස්. ඒ නිසා අප‍ට ඒ ඒ අයගේ රස වින්දනයට සීමා දාන්න බැහැ. කලින් කලට පුද්ගලයාගේ වගේම සමාජයේ රස වින්දනය වෙනස් වෙනවා. එක කාලයකදී ප්‍රිය කරන දේවලට වඩා ප්‍රමුඛව වෙනත් දෙයක් තව කාලයකදී හදවත් තුළට එන්න පුළුවන්. මට ඉතිං හොඳ ඔපවත් කටහඬක් නෑනේ. ඒ නිසා ඔය ට්‍රිප් එකකදි, බාලදක්ෂ ජම්බෝරියක දි වගේ ඇරුණාම තනිවම සින්දු කියන්න ගියේ නෑ. සිංහල සංගමයේ නාට්‍යයක වතු කම්කරුවකුගේ පොඩි චරිතයක් කළා. එකේ වර්ජනයක ගීතමය ආකාරයට පිරිමි කියනවා 'අපි පොල් කඩන්නේ නෑ', එතකොට ගැහැනු කියනවා 'අපි ලෙලි තලන්නේ නෑ' ආදී වශයෙන්. ඒ තමයි රඟපෑම.

නිමල් සිරිපාල ද සිල්වා
හිටපු වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ ජ්‍යෙෂ්ඨ උප සභාපති

----------------------------------------------------------------------------------- 
අධිරාජයවාදීන් විසින් මෙරටට මොන දේ සිදුකලත් මෙහෙට ගෙන අාපු වැදගත් ම  දෙයක් තමා බාලදක්ෂ වයාපාරය. බදුල්ල ධර්මදූත විද්‍යාලයේ බාලදක්ෂයෙක් වශයෙන් කටයුතු කළ අවධියෙදි මට මතකයි නුමුණුකුල, පිදුරුතලාගල කන්ද නැග්ගා. බාලදක්ෂ වැඩසතියට සහභාගි වුනා. හොද අත්දැකීම් රාෂියක් තියෙනවා. කොළඹ බාලදක්ෂ ජම්බොරියට ගියා. අපේ ජීවිතය බොහෝ දුරට සකස්කරගැනීමට බාලදක්ෂ වයාපාරය අපට උදව් උනා. බාලදක්ෂ වයාපාරයකියන්නේ ජීවිතය ස්ව ශක්තියෙන් ගොඩනන්වා ගැනීම. අනුන්ට උපකාර කිරීම, සානුකම්පිත බාවය, හදවතේ තෙතමනය, බාලදක්ෂ වයාපාරයේ මූලික අරමුණ වෙන්නෙ. තමන් වෙනුවෙන් නොවේ අනුන් වෙනුවෙන් කටයුතු කරන්න ඉගෙන ගන්න ඔන. කවද හරි හොද බාලදක්ෂයෙක් වෙලා හිටියනම් ඔහු කවද හරි හොද දේශපාලනඥයෙන් වෙන්න ලේසියි. පචන්ඩත්වය කිසිවිටෙකත් බාලදක්ෂයො ගාව නෑ.

නිමල් සිරිපාල ද සිල්වා
හිටපු වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ ජ්‍යෙෂ්ඨ උප සභාපති
බදුල්ල ධර්මදූත විද්‍යාලයේ බාලදක්ෂ උත්සවය 
- 2013-02-17

----------------------------------------------------------------------------------- 

මානව හිතවාදී දේශයක් ගොඩනැගීමේ ජාතික වගකීම බාලදක්ෂයන්ට පැවරෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන


පාසල් අතිරේක ක්‍රියාකාරකම් අතර වඩාත් විනයගරුක, වඩාත්ම අභියෝගාත්මක හා වඩාත්ම සමාජශීලී දරුවන් හදන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ බාලදක්ෂ ව්‍යාපාරයැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

- See more at: http://vinodaya.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1/#sthash.rdnSUBvm.dpuf
මානව හිතවාදී දේශයක් ගොඩනැගීමේ ජාතික වගකීම බාලදක්ෂයන්ට පැවරෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන - See more at: http://vinodaya.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1/#sthash.rdnSUBvm.dpuf
මානව හිතවාදී දේශයක් ගොඩනැගීමේ ජාතික වගකීම බාලදක්ෂයන්ට පැවරෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන - See more at: http://vinodaya.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1/#sthash.rdnSUBvm.dpuf
මානව හිතවාදී දේශයක් ගොඩනැගීමේ ජාතික වගකීම බාලදක්ෂයන්ට පැවරෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන - See more at: http://vinodaya.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1/#sthash.rdnSUBvm.dpuf


මානව හිතවාදී දේශයක් ගොඩනැගීමේ ජාතික වගකීම බාලදක්ෂයන්ට පැවරෙනවා. පාසල් අතිරේක ක්‍රියාකාරකම් අතර වඩාත් විනයගරුක, වඩාත්ම අභියෝගාත්මක හා වඩාත්ම සමාජශීලී දරුවන් හදන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ බාලදක්ෂ ව්‍යාපාරයැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ලෝකය පුරා විවිධ දක්ෂතා, කුසලතා හා නිර්මාණාත්මක හැකියාවන් සහිත දරුවන් ජාතියක් ගොඩනැගීම සඳහා දායක වන කර්තව්‍යයේදී බාලදක්ෂ ව්‍යාපාරය ඉමහත් පිටුවහලක් වෙනවා. පරහිතකාමී, අභියෝගාත්මක කාර්යන් භාරගන්නට සිත් තුළ කැමැත්තක් ඇති දරුවන්ගෙන් ගොඩනැගී ඇති බාලදක්ෂ ව්‍යාපාරයටයි ඔබ සම්බන්ධ වී සිටින්නේ. පාසල් කාලය තුළදී තමන්ගේ දෙමාපියන්ගේ අතැඟිලිවල එල්ලීගෙන ඇවිත් ගුරුවරුන්ට භාරදෙන්නේ ඔවුන්ගේ ජීවිතයට සවියක් එකතුකිරීම සඳහායි. එහි ප්‍රාථමික, ද්විතීක අධ්‍යාපනය ලබාදෙන්නේ පාසල තුළදීයි. පාස‍ලේ පෙළ‍පොතේ විෂය නිර්දේශයේ ක්‍රියාකාරකම්වලට අතිරේකව බාලදක්ෂ ව්‍යාපාරය, ක්‍රීඩා, සෞන්දර්ය හා වෙනත් වැඩසටහන් රාශියක් සඳහා විවිධ අවස්ථාවන් දරුවන් වෙනුවෙන් පාසල් තුළ නිර්මාණය කර තිබෙනවා. ඒ නිර්මාණය කර තිබෙන අවස්ථාවලින් වඩාත්ම විනයගරුක වඩාත්ම අභියෝගාත්මක, වඩාත්ම සමාජශීලී දරුවන් හදන ව්‍යාපාරය බවට බාලදක්ෂ ව්‍යාපාරය පත්වී තිබෙනවා. ඔබ හැදූ වැඩූ දරුවන්ට ගෞරවයක් ගෙනදීම සඳහාත්, ඉගෙනගත් පාසලට අභිමානයක් ලබාදීම සඳහාත්, මව්බිමට ආඩම්බරයක් ගෙන ඒම සඳහාත් සිසු කාලය තුළ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවී ඔබට අවුරුදු 18 ට පෙර ලැබිය හැකි  උතුම්ම පදක්කම වන ජනාධිපති පදක්කම අද ලබාගැනීමට හැකිවීම ඔබ ඔබේ ජීවිතයේ ලැබූ ජයග්‍රහණයක් වෙනවා.

ලෝකය පුරා විවිධ දක්ෂතා, කුසලතා හා නිර්මාණාත්මක හැකියාවන් සහිත දරුවන් ජාතියක් ගොඩනැගීම සඳහා දායක වන කර්තව්‍යයේදී බාලදක්ෂ ව්‍යාපාරය ඉමහත් පිටුවහලක් වෙනවා. පරහිතකාමී, අභියෝගාත්මක කාර්යන් භාරගන්නට සිත් තුළ කැමැත්තක් ඇති දරුවන්ගෙන් ගොඩනැගී ඇති බාලදක්ෂ ව්‍යාපාරයටයි ඔබ සම්බන්ධ වී සිටින්නේ. පාසල් කාලය තුළදී තමන්ගේ දෙමාපියන්ගේ අතැඟිලිවල එල්ලීගෙන ඇවිත් ගුරුවරුන්ට භාරදෙන්නේ ඔවුන්ගේ ජීවිතයට සවියක් එකතුකිරීම සඳහායි.

එහි ප්‍රාථමික, ද්විතීක අධ්‍යාපනය ලබාදෙන්නේ පාසල තුළදීයි. පාස‍ලේ පෙළ‍පොතේ විෂය නිර්දේශයේ ක්‍රියාකාරකම්වලට අතිරේකව බාලදක්ෂ ව්‍යාපාරය, ක්‍රීඩා, සෞන්දර්ය හා වෙනත් වැඩසටහන් රාශියක් සඳහා විවිධ අවස්ථාවන් දරුවන් වෙනුවෙන් පාසල් තුළ නිර්මාණය කර තිබෙනවා. ඒ නිර්මාණය කර තිබෙන අවස්ථාවලින් වඩාත්ම විනයගරුක වඩාත්ම අභියෝගාත්මක, වඩාත්ම සමාජශීලී දරුවන් හදන ව්‍යාපාරය බවට බාලදක්ෂ ව්‍යාපාරය පත්වී තිබෙනවා.

ඔබ හැදූ වැඩූ දරුවන්ට ගෞරවයක් ගෙනදීම සඳහාත්, ඉගෙනගත් පාසලට අභිමානයක් ලබාදීම සඳහාත්, මව්බිමට ආඩම්බරයක් ගෙන ඒම සඳහාත් සිසු කාලය තුළ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවී ඔබට අවුරුදු 18 ට පෙර ලැබිය හැකි  උතුම්ම පදක්කම වන ජනාධිපති පදක්කම අද ලබාගැනීමට හැකිවීම ඔබ ඔබේ ජීවිතයේ ලැබූ ජයග්‍රහණයක් වෙනවා.

- See more at: http://vinodaya.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1/#sthash.rdnSUBvm.dpuf
බන්දුල ගුණවර්ධන
හිටපු අධ්‍යාපන අමාත්‍ය
ජනාධිපති බාලදක්ෂ පදක්කම් ප්‍රදානෝත්සව සමාරම්භක උත්සවය 
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී

----------------------------------------------------------------------------------- 

සමාජයට රටට සහ ලෝකයට බරක් නැතිව ජීවත් වන , මිනිසුන්ට ගහකොලට සතාසිවුපාවාට පවා ආදරය කරන,  පිවෙලකට සහ නොපසුබට උත්සහයෙන් යුතුව වැඩක් කරන, ඥාණවන්ත එලෙසම ඕනෑම අභියෝගයක් ජය ගත හැකි , පරිණත, සංවේදී දරුවෙකු , පුද්ගලයෙකු බිහිකිරීම මේ බාලදක්ෂ ව්‍යාපාරය  මගින් සිදු වෙනවා . මේ බලදක්ෂ ක්‍රමයේ තියෙනවා නීති 10 ක් . ඒ අනුව කටයුතු කරන විට ඉහත මා සදහන් කල සියඵ ගුණාංග වලින් හෙබි සාර්ථක පුද්ගලයෙකු බිහි කල හැකියි. මේ බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන ඕනෑම අයෙකුට හැකි වෙනවා තමාගේ වැඩ අනුනට කරදරයක් බරක් නැතිව පිලිවෙලකට තමාටම කර ගන්න. ඒවාගේම ඕනෑම අභියෝගයක් බාධක හමුවේ වුවද ජයගැනීමට හැකි අත්ම විස්වාසයක් ඇති වෙනවා. ඒවාගේම තම හැකියාන් හදුනා ගෙන වෙනත් හැකියාන්ගෙන්ද සපිරි පුද්ගලයෙකු මෙම ව්‍යාපාරය මගින් බිහිවෙනවා. නියම බාලදක්ෂයෙකු වූ විට තමන් ජීවත් වන්නේ කටුක වු ජීවිතයක් තුල වුවද එහි නියම සුන්දරත්වය අත්විදින්න හැකි වෙනවා. එයින් ඔහු අත්විදින කායික සහ මානසිත සතුට අපමනයි. අද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල සාර්ථක මිනිසුන් මෙම බාලදක්ෂ ව්‍යාපාරය හරහා බිහිවෙලා තියෙනවා.


එල්මෝ රොයෙල්
මීගමුව දිසා බාලදක්ෂ කොමසාරිස්
අංක 86, මඩම පාර, මීගමුව.  

----------------------------------------------------------------------------------- 

"සමාජයට අහිතකර බලපෑමක් ඇති වන්නේ පුද්ගලයා අවංක වන විට නොව ඔහු වංක වන විටය. රටට අහිතකර බලපෑමක් ඇති වන්නේ පුද්ගලයා වැඩ කරන විට නොව ඔහු නිකරුණේ කල ගත කරන විට පමණි" යන්න එතුමාගේ එක් ආදර්ශ පාඨයක් විය. මේනිසා එතුමාගේ දිවිය පුරා සිය රට, ආගම හා ජාතිය වෙනුවෙන් වර්ගභේදවාදයකින් තොරව සේවය කිරීම අතීතාවලෝක‍නයේ යෙදීමේදී හමුවන කරුණකි.

"මම දැන් නිදහස්‌ය. ඔබ කොතරම් පොහොසත් ද යන්න වැදගත් දෙයක්‌ නොවේ. ඒවා සියල්ල ඔබ මුලා කරන සුළුය. කිසිදු ධනයක්‌ නොමැතිව මම ඉපදුණෙමි. කිසිදු ධනයක්‌ නොමැතිව මම මිය යන්නෙමි. මගේ සැනසුම ද සතුටද, ශක්‌තිය ද වන්නේ බුද්ධ ධර්මයයි." කළුතර පුදබිම භෞතිකව නැසීගියත් එය මනුශ්‍ය සන්තානයේ නොනැසී තිබෙනාතුරාවට ශ්‍රීමත් සිරිල් ද සොයිසා නාමයත් සදා නොනැසී පවතිනු ඇත. 

ශ්‍රීමත් සිරිල්ගේ නම මූලික වශයෙන් ම කළුතර බෝධිය හා සම්බන්ධ වුවත් බෞද්ධාගමේ තිර පැවැත්ම උදෙසා එතුමාගෙන් ඉටු වූ සේවය බොහෝ අංශවල පැතිරුණු ප්‍රබල එකක් විය. බාලදක්‍ෂ ව්‍යාපාරය, ජාතික ක්‌ෂය රෝග මර්දන ව්‍යාපාරය වැනි ජාතික සංවිධාන රාශියක්‌ සදහා ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගෙන් ලැබුණු සේවය සහ අනුග්‍රහය අතිමහත්ය. එතුමාගේ මෙම වැදගත් සමාජ මෙහෙවර අගය කිරීමක්‌ වශයෙන් එංගලන්ත රජය මගින් නයිට්‌ නාමයක්‌ ප්‍රදානය කරන ලදී. එම අභිධානයත් සමග නීතිඥ සිරිල් ද සොයිසා, ශ්‍රීමත් සිරිල් ද සොයිසා නමින් පතළ විය.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා

----------------------------------------------------------------------------------- 


රටක අනාගතය කෙබඳුදැයි තීරණය කළ හැක්කේ එම රටේ දරුවන් දෙස බැලීමෙන් බවත් දරුවන් සතුටින් නම් ඔවුන් විනයගරුක නම්, දක්ෂ නම් එම රටේ අනාගතය අනිවාර්යයෙන් ම සුබ දායක වෙනවා.  
 මේ රටේ ප‍්‍රධාන බාලදක්ෂයා විදියට අද මේ පවත්වන අට වැනි ජාතික ජම්බෝරියට මම සහභාගී වෙන්නේ බොහෝ ම සතුටින්. සම්මාන දෙන්න වගේ ම ජම්බෝරි පැවැත්වෙන අවස්ථාවලට සහභාගී වෙලා ඉන්න මේ සමහර බාලදක්ෂයින්ගේ මුහුණු මට හොඳට මතකයි. මේ දරුවන්ගේ මුහුණු දැක්කම මේ රට පිළිබඳ විශාල බලාපොරොත්තු අපට ඇති වෙනවා.

රටක අනාගතය කොයි වගේද කියලා තීරණය කරන්න නම් ඒ රටේ දරුවන්ගේ මුහුණු බලන්න ඕනෑ කියලා කියමනක් තියෙනවා. දරුවෝ සතුටින් නම් ඔවුන් විනය ගරුක නම් දක්ෂකම් උගත්කම් තියෙනවා නම් ඒ රටේ අනාගතය සුබදායකයි. ඒ නිසා අපි විශාල බලාපොරොත්තු තියලා තියනවා මේ දරු පරපුර විනයගරුක දරු පරපුරක් බවට පත් කරන්න මේ බාලදක්ෂ ව්‍යාපාරය තුළින් හැකිවනු ඇතැයි කියලා. එය සිදුකරන්න ඔවුන් කැපවෙලා තියෙනවා.

මේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරලා 2012 වසරට වසර සියයක් සම්පූර්ණ වෙනවා. නමුත් බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළේ විසි දෙනෙකුගෙන්. අද වෙනකොට මේ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව 48,000 ක් ඉන්නවා. මෙතනදි මම සතුටු වෙන එක කාරණයක් තියෙනවා.

බාලදක්ෂයින්ට ඔවුන්ගේ වැඩකටයුතුවලට කාගේවත් චෝදනාවක් එල්ල වෙලා නැහැ. චෝදනා එල්ල වෙන විදියට මේ දරුවෝ තමන්ගේ සේවය සපයලා නැහැ. මට මතකයි 1978 මහා සුළි සුළඟ ආ කාලය. එදා හිටපු බාලදක්ෂයෝ විපතට පත්වුණ ජනතාවට දැවැන්ත සේවයක් කළා.

ඒ වගේ ම අපට මතකයි මේ රට සුනාමි ව්‍යවසනයට ගොදුරු වුණු අවස්ථාවේ පීඩාවට පත්වෙච්ච අසරණ ජනතාව වෙනුවෙන් මේ දරුවෝ කොතරම් සේවය කළා ද කියලා. බාලදක්ෂයෝ සේවය කරන කොට කවදාවත් බාල, මහළු, වැඩිහිටි, දුප්පත්, පොහොසත්, උස්, මිටිකම් බැලුවේ නැහැ. ජාතියක් හැටියට අපට ඉතා ඉක්මණින් නැගිටින්න හැකි වුණෙත් ඒ නිසයි.

අදත් උතුරු නැගෙනහිර පළාත්වල බාලදක්ෂයෝ දහස් ගණනක් විපතට පත් ජනතාවට සේවය කරනවා. ඒ නිසා මේ ව්‍යාපාරයෙන් ජාතීන් අතර සමඟියටත් විශාල සහයෝගයක් ලැබෙන බව මම කියන්න ඕනෑ.

අද බාලදක්ෂ ව්‍යාපාරය නායකත්වයට ඔබව හුරුපුරුදු කරනවා. නායකයා කියන්නේ තමන්ගේ ප‍්‍රජාවට වැඩිපුරම ආදරය කරන කෙනා. තමන්ගේ ප‍්‍රජාව වෙනුවෙන් වැඩිපුරම කැපවීම් කරන තැනැත්තාට තමයි නායකත්වය ලැබෙන්නේ. ඒ කැපවීම් පුරුදු පුහුණු වෙන්න ඕනැත් බාල කාලයේදීමයි.

"වතාවක් බාලදක්ෂයෙකු වූ කෙනෙක් මුළු ජීවිත කාලය පුරාම බලාදක්ෂයෙකු වේ" කියලා බාලදක්ෂ ව්‍යාපාරයේ ප‍්‍රකාශයක් තියෙනවා. එහෙම කියන්න හේතුව තමයි අපි කුඩා කාලයේ හොඳ දේවල් ප‍්‍රගුණ කළොත් ඒවා අපේ මුළු ජීවිත කාලය පුරාම රැඳිලා තිබිම.

ඔබ හැම දෙනාව ම දකිනකොට මට ලොකු සතුටක් ඇති වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළේ බේඩන් පවල් සාමිවරයා. මේ බාලදක්ෂ ව්‍යාපාරය ඉතාමත් ම හොඳ සංවිධානයක්.


එහි දී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අපගේ බාලදක්ෂ ව්‍යාපාරය රටට ඉටුකරන සමාජ මෙහෙවර ඉතා අගනා බවයි. අද සියලුදෙනාට ජීවත්වීමට නිදහස් රටක් තිබෙනවා. එම නිදහස් රටට සහ ආගමට අවංක ව සේවය කිරීමට බාලදක්ෂයින් කැප වෙනු ඇති බවට ද ජනාධිපතිතුමා මෙහිදි විශ්වාසය පළ කළේය. රට ජාතිය වෙනුවෙන් කැපවීම් කිරීමට කුඩා කළ සිට දරුවන් පුරුදු පුහුණු කළ යුතු බවද මෙහිදි පැවසු ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් බාලදක්ෂ ව්‍යාපාරයෙන් වැදගත් මෙහෙවරක් ඉටුවන බවද පෙන්වා දුන්නේ ය.

මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති, ප‍්‍රධාන බාලදක්ෂක 
 08 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය
රන්න, අඟුණුකොළපැලැස්ස, එරමිණියාය කි‍්‍රඩාංගණයේ දී  

-----------------------------------------------------------------------------------

සමහර මානව හිමිකම් සාමාජිකයෝ ජාති ද්‍රෝහීහු වුණු අවස්ථා ඕනෑතරම් තියෙනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවර බෝගම්බරදී පැවැසීය.
ජනාධිපතිතුමා එසේ පැවැසුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය 'රිස්ගෝ' ජාත්‍යන්තර බාලදක්‍ෂ එකමුතුවේ සමාප්ති උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාල දක්‍ෂයා ලෙස සහභාගි වෙමිනි.ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මානව හිමිකම් සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු වුණු පළියට ඔහු මානව හිතවාදියකු වන්නේ නැහැ. රටට හිතවත් පුරවැසියකු බිහිවන්නේ මානව දයාව තුළින්. බාලදක්‍ෂ ව්‍යාපාරයේ ගුණාංග අකුරට රකින බාලදක්‍ෂයකුට ඔය කියන මානව හිතවාදියකුට වඩා හොඳ රටට හිතවත් මානව හිතවාදියෙක් වෙන්න ලේසියි.
විවිධ ජාතීන් විවිධ රටවල් නියෝජනය කරමින් පන්දහසකට අධික බාලදක්‍ෂ දක්‍ෂිකාවන් සහභාගි වන මේ එකමුතුවට මා සහභාගි වන්නේ මේ රටේ ප්‍රධාන බාලදක්‍ෂයා හැටියට අපරිමිත සතුටකින්.

මිනිස්සුන්ට බොහෝ වෙලාවට බැරිම දේ තමයි එකතු වෙලා වැඩකිරීම. නමුත් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන සංවිධානාත්මක එකමුතුව තමා බාලදක්‍ෂ ව්‍යාපාරය.ඒ තුළින් - යම් පුද්ගලයකුට පුළුවන් වෙනවා තමන් උපන් - රටට - ආගමට සේවයක් කරන්න. බාලදක්‍ෂයා කියන්නේ පරාර්ථකාමී අයෙක්. ඔහු අභිමානයකින් - මනා පෞරුෂයකින් ලෝකයාට උදව් කරන්නෙක්. මෙහෙම අය රටකට අවශ්‍යයි.

ලෝකය - විචිත්‍රයි. ඒ විචිත්‍ර බව හඳුනාගනිමින් ලෝකයේ කොහේ හිටියත් මොන කඳවුරේ හිටියත් අපේ රටට ගෞරවයක් ලෙස අපි ජීවත්විය යුතුයි. අපේ රටේ උතුම් සදාචාරයට අපි ගරු කළ යුතුයි. ඒ වගේම අපේ උපන් රට අමතක කරන්නත් නරකයි. රටින් අපට ලැබෙන්නෙ මොනවද කියනවාට වඩා - අපි රටට ලබාදෙන්නේ කුමක්ද යන්න පිළිබඳ අපි සිතිය යුතු වෙනවා.

බාලදක්‍ෂ ව්‍යාපාරයේදී කියනවා වගේ - එහි පොරොන්දුවේදී සඳහන් කෙරෙනවා වගේ සූදානමින් - තමන්ගේ උපන් රටට යමකු සේවයක් කළ යුතුයි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් තම අදහස් ගායනා තුළින් මේ රටේ මිනිස්සුන්ට කියා දෙන්න උත්සාහ කළෙත් සාරධර්ම රැක ගන්නා ඒ පණිවුඩයයි.


මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති, ප‍්‍රධාන බාලදක්ෂක 
රිස්ගෝ බාලදක්ෂ ජම්බෝරිෙය් විසිරයෑමේ උත්සවය
මහනුවර ධර්මරාජයේ බාලදක්‍ෂයන් ගේ සියවස් සමරුව

-----------------------------------------------------------------------------------

මට වයස හතක් විතර වෙනකොට බාලදක්ෂ ව්‍යාපාරය ලෝකෙ හුඟක් රටවල ව්‍යාප්ත වෙලා තිබුණා. ඒක 1908දී පටන් අරගෙන තිබුණේ රොබට් බේඩ්න් පවෙල් කියන බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයායි. 1916දී මගේ වයසේ හිටපු පිරිමි ළමයින්ටත් බැඳෙන්න පුළුවන් බාලදක්ෂ ව්‍යාපාරයටම අයිති තවත් කාණ්ඩයක් පටන්ගත්තා. මම බැඳුණේ පෝතක බාලදක්ෂ කියන ඒ කාණ්ඩයටයි.
සති අන්තවල ගම්බද පළාත්වලට ගිහින් කූඩාරම් ගහගෙන රෑ ගත කරලා, නිල ඇඳුම් ඇඳලා, ආචාර පෙළපාළිවල ගමන් කරලා මං ලොකු සතුටක් ලැබුවා. ඉර බැහැගෙන යද්දී ගිනිමැලයක් වටේ ඉඳගෙන යාළුවෝ එක්ක සිංදු කියලා, කැලෑවල සෙල්ලම් කරලා මං හුඟක් සතුටු වුණා. ඒ අතරේ පරිසරය ගැනත් මං ඉගෙනගත්තා. අපේ දෙවි නිර්මාණය කරපු දේවල් ගැන මගේ හිතේ ලොකු අගයක් ඇති වෙන්න පටන්ගත්තෙත් ඔය කාලෙදීම තමයි.
බාලදක්ෂයන්ට උනන්දු කරන්නේ හැම දවසකම අනිත් අයට උදව්වක් වෙන දෙයක් කරන්න කියලයි. ඒක තමයි අපේ ආදර්ශ පාඨය වුණෙත්. අපි එකිනෙකාට ආචාර කළේ “හැම වෙලාවෙම සූදානමින් ඉන්න” කියන වචනවලින්. ඒකට මං හුඟක් කැමතියි. පිරිමි ළමයි සීයකටත් වඩා හිටපු අපේ කණ්ඩායමේ භාගයක්ම කතෝලික. ඉතුරු භාගේ රෙපරමාදු. එක් කෙනෙක් බෞද්ධ.
1920 ඉඳන් බාලදක්ෂ ව්‍යාපාරය අවුරුදු කීපයකට සැරයක් ජාත්‍යන්තර සම්මේලනයක් පවත්වනවා. 1951 අගෝස්තු මාසේ ඔස්ට්‍රියාවේ පවත්වපු 7වෙනි සම්මේලනයටත් 1957 අගෝස්තු මාසේ එංගලන්තයේ පවත්වපු 9වෙනි සම්මේලනයටත් මං සහභාගි වුණා. එංගලන්තයේ පවත්වපු ඒ සම්මේලනයට රටවල් සහ ප්‍රදේශ 85කින් බාලදක්ෂයන් 33,000ක් විතර ඇවිත් හිටියා. ඒක බලන්න ආපු 7,50,000ක විතර සෙනඟ අතරේ එලිසබෙත් රැජිනත් හිටියා. ඒ දවස්වල මට දැනුණේ ලෝකෙ පුරාම ඉන්න එකම සහෝදර කැලක් එක්ක ඉන්නවා වගේ හැඟීමක්. ඒත් ඊට වඩා දහස් ගුණයකින් එකට බැඳුණු පවුලක සාමාජිකයෙක් වෙන්න මට අවස්ථාව ලැබෙනවා කියලා මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ.

ගෙරිට් ලෝෂ්
2014 මුරටැඹ

-----------------------------------------------------------------------------------

කුඩා කල සිට කලාවට ලැදියාවක් දක්වූවත් සයුර මැද, යකඩ ගොඩක දිවි ‍ගෙවිම ඉතාමත් අසීරු කරැණක් විය. ඔහු සය මසක පුහුනු කාල සිමාව අවසන් වන විට නාවුක රැකියා‍වට සමු දි නැවතත් නිවස බලා ගි‍යේ හිත් ‍දෙගිඩියා‍වෙන්. පාස‍ලේ ‍බාලදක්ෂ කණ්ඩාය‍මේ හිටපු නිසා තමයි ඒ අන තිබු‍ණෙ. ‍මේ සියලු කාරණා ඔය විදියට සිද්ධ ‍වෙද්දි මට ඕෂන් කිං ‍නෞකාවේ හතර වන ඉංජි‍නේරැවා විදියට කටයුතු කරන්න ලැබුණා.

මම ‍ගෙදර අවිල් අම්මටයි තාත්තටයි ඇත්ත විස්ත‍රේ කියල මට ම‍ගේ කලා කටයුතුවලට ඉඩ ‍දෙන්න කියල ඉල්ලිමක් කළා. ඇත්තට ම කුඩා කා‍ලොඉඳන් ඒ අය කළ ඉල්ලිම මට ඉෂ්ට කරන්න බැරි වුනාට ම‍ගේ ඉල්ලිමට ඒ අය ඉඩ දුන්න. පසුව ‍කොළඹ ආපු මම ධම්ම ජාගොඩ මහත්මයා යටතේ 1971 කලා කේන්ද්‍ර රංග ශිල්ප  ශාලිකාවේ  සිසුවෙක් ලෙස අතුළත් වුණා. 
පාස‍ලේ ‍බාලදක්ෂ කණ්ඩාය‍මේ හිටපු කාලෙදි අපිට සිද්ධ වුණා නාට්‍යයක් කරන්න.  මම මේ නාට්‍යය කරද්දි මට සිදු වුණා ඒ හැම නාට්‍යයක් ම අධ්‍යනය කරල අංග රචනය කරන්න. අංග රචනය පිළිබඳ පළමු අත්දැකීම එය යි. මනමේ, හුණුටයේ කතාව, මුදු පුත්තු, නරි බෑනා, කෝලම් නාට්‍යය, කු‍වේණි වගේ පැරණි නාට්‍යය එකතුවකින් සුසැදි නාට්‍යයක්විදියට. නම දැම්මෙ ‘‘නාට්‍යය ඉතිහාසය’’ කියල. පාසල් බාලදක්ෂ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කළ ‍මේ නාට්‍යය ලංකා‍වේ පළමු ස්ථානයට තේරුණා.’’ පස්සෙ කාලෙක මම 1983 චිත්‍රපටයක් කරන්න සැලසුම් කළා. ඒ සඳහා මට ත්‍රී ඩි මේකප් වුවමනා වුණා. ඒ වෙනකොට කිසිම කෙනෙක් මේ වැඩේට හිටියෙ නෑ. ඩොලර් 20,000 ක් පමණ වියදම් කරලා ත්‍රී ඩී මේකප් ඉගෙනගත්තා. අංග රචනය විතරක් නෙමේ විශේෂ ප්‍රයෝග අංග රචනය ඉගෙනගත්තා. 

ජයන්තා රණවක
රංග ශිල්පි, අංගරචනා ශිල්පි‍, පසුතල නිර්මාපක‍ හා නාට්‍යය අධ්‍යක්ෂක


----------------------------------------------------------------------------------- 


කුමන ජාතියකට අයත් වූවද කිසිදු බාලදක්ෂයකුගේ සිත් තුළ ජාතිභේදයක් නොමැති බවත් බාලදක්ෂ ව්‍යාපාරය තුළින් සියලු ජාතීන් අතර සාමූහිකත්වය ඇති කළ හැකි බවත් එවැනි තත්ත්වයක් යටතේ සමස්ත ලංකා බාල දක්ෂ ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට සංවිධාන කිරීම තුළින් සාමය සඳහා හොඳ පණිවිඩයක් සියලු ජාතීන්ට ලබාදිය හැකියි. බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලද අත්දැකීම් අනූව තමයි එවන් අය මෙතනට පත්වෙලා ඉන්නේ. බාලදක්ෂයන් කියන්නේ අනාගතයේදී මේ රටෙි නායකත්වය ලබා ගැනීමට ඉන්න පිරිසක්. මේ බාලදක්ෂ ජීවිතය තුළින් සියලු කුසලතා උගන්වනවා. ඒ තුළින් ඔවූන්ගේ කුසලතා දිනෙන් දිනම ඉහළ නැංවෙනවා. අද පැවැත්වෙන මෙම බාලදක්ෂ ක්‍රීඩා තරගාවලිය මේ රටෙි පළමූවතාවට පත්වන එකක්. එය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. උතුර නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 16 බාලදක්ෂ ක්‍රීඩකයන් අද එකම ක්‍රීඩාපිටියක් තරග වදිනවා. මෙවන් පසූබිමක් අද ශ්‍රී ලංකාවේ ඇතිවිය යූතුයි. රටට සාමය ළඟා කරවීමට නම් සියලු ජාතීන් සාමූහික ව වැඩකළ යූතුයි.

ජීවන් කුමාරතුංග
හිටපු යෞවන හා ක්‍රීඩා කටයූතු අමාත්‍ය
සමස්ත ලංකා බාලදක්ෂ ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල
2005/08/30/ දිවයින  


-----------------------------------------------------------------------------------

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ම ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය අද මහත් වෘක්ෂයක් ලෙසට වර්ධනයවීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට මහත්අභිමානයක් ගෙන දෙන්නක්. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් විශාල පිරිසක් කිසිදු භේදයකින් තොරව බාලදක්ෂ ව්‍යාපාරය සම්බන්ධව එකා මෙන් කටයුතු කිරීම සැමගේ ගෞරවයට ලක්විය යුතුය. බාලදක්ෂ ව්‍යාපාරය තුළින් තරුණ පිරිස ආගමික, ජාතික, සංස්කෘතික සංහිඳියාව පිළිබඳව විශිෂ්ට අවබෝධයක් බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ලැබීම ප්‍රශංසනීය කටයුත්තකි. විශේෂයෙන් අප තුළ ගොඩ නැගෙන විවිධ ගැටලු හා ප්‍රශ්න වලට ඉතා යහපත් විසඳුම් මේ තුළින් ලැබීම ද බාලදක්ෂ ව්‍යාපාරයේ සුවිශේෂී ගුණාංගයක් ලෙස දැක්විය හැකිය. එසේම දරුවන්ගේ කුසලතා ප්‍රවර්ධනයටත්, දක්ෂතා ගොඩනගා ගැනීමටත් තෝතැන්නක් බවට බාලදක්ෂ ව්‍යාපාරය අද පත්ව තිබෙනවා.

අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය
9වැනි ජාතික ජම්බෝරිය
2016/02/29/ දිනමිණ 

----------------------------------------------------------------------------------- 

අපි ගැට ලිහන්නයි ගහන්නයි පුරුදු වුණේ බාලදක්ෂ ව්‍යාපාරයෙන්
- අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්

බාලදක්ෂ පුහුණුව හොඳට ලබපු කෙනකුට ඉවුම් පිහුම් කටයුතුවල සිට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ ගැනම පුහුණුව ලබා දෙනවා. ඒ නිසා මීට කාලයකට ඉහත ආරම්භ කරපු බාලදක්ෂ ව්‍යාපාරය මගින් එදා ඒ අරමුණු කර ගත්ත පරමාර්ථ අද ලෝකය පුරාම ඉෂ්ට වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් මීට වසර පනහකට පෙර බාලදක්ෂයෙක් වශයෙන් පාසල් යන යුගයේ හිටපු කෙනෙක්. එය අපට ආඩම්බරයක්. අගමැතිතුමාත් බාලදක්ෂ ව්‍යාපාරයේ හිටපු කෙනෙක්.  මටත් වාසනාව ලැබුණා බාලදක්ෂ ව්‍යපාරයේ ඒ පුහුණුවීම් කරන්න.මට හොඳට මතකයි බාලදක්ෂ ව්‍යාපාරයේ නොයෙක් අභියෝග අපි පුරුදු වුණා.

සමහර ගැට වර්ග ගහන්නත්, ලිහන්නත් අපි ඉගෙන ගත්තා. සමහර අපේ මිත්‍රයෝ ඒ ගැට වර්ග හදිසියේ ලිහන්න ගිහින් තිබුණාටත් වඩා හිර කරගත්තා. ඒ වගේම කලබල නොවී හොඳට හිතලා බලපුවාම ඒවා ලිහා ගන්න පුළුවන්. මේක අද දේශපාලනයටත් වලංගුයි. සාමාන්‍ය ජීවිතයට වගේම දේශපාලනයටත් බාලදක්ෂ ව්‍යාපාරයෙන් අත්දැකීම් ලැබෙනවා. 

හුඟක් ක්‍ෂේත්‍රවලට පුළුල් වූ දැනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම මම සතුටු වෙනවා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ප්‍රධාන කොමසාරිස්තුමා ඇතුළු කණ්ඩායම කැපවීමෙන් බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව පාසල් විෂය දැනුමට පමණක් විභාග තියන අධ්‍යාපන ක්‍රමයක් නොවේ අපි බලා‍පොරොත්තු වෙන්නේ. අපි බලා‍පොරොත්තු වෙන්නේ ජීවිතයේ විනයගරුකව ජීවත් වෙන්න පුළුවන් තරුණයෙක් නිර්මාණය කිරීම. හොඳ පුරවැසියන් නිර්මාණය කිරීම.

අද සමහර තරුණයන්ට ඔවුන්ව පාලනය කර ගන්න පුළුවන්කමක් නෑ. සමහර පාසල් මට්ටමේ පාසල් සිසුන්ම  පාලනය කරගන්න බැරිවෙලා. මෙවැනි බොහෝ දේවල් සමහර විෂය බාහිර කටයුතුවලට යොමු නොවීම නිසා ඇති වුණ ප්‍රශ්න. බාලදක්ෂ ව්‍යාපාරයේ අනාගතය හදනවා වගේම අපේ තරුණ පරපුරට අඛණ්ඩ අධ්‍යාපනය තුළින් සාමාන්‍ය පෙළින් හැලෙන අපේ තරුණ තරුණියන්ට ප්‍රයෝගික වැඩ විෂයයන් 26 ක් ඔස්සේ ඉතිරි අවුරුදු දෙකක් අධ්‍යාපනය ලබලා ඔවුන්ට අනාගතයක් ලබා දෙන්න අපි සූදානම්.

අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානය
නෙළුම්‍පොකුණ රඟහ‍ල
2017/03/22

----------------------------------------------------------------------------------- 


සෑම පාසල් දරුවෙක්ම එක් ක්‍රීඩාවක් හෝ කළ යුතු බවට ප්‍රතිපත්තියක් ගෙන තිබෙන අතර සෑම පාසල් දරුවෙක්ම ක්‍රීඩාව මෙන්ම බාලදක්ෂ හෝ ශිෂ්‍යබට ව්‍යාපාරය හා එක්විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බාලදක්ෂ සංගමය මඟින් වැදගත් ජාතික මෙහෙවරක් පාසල් මට්ටම දක්වා ස්වේච්ඡාවෙන් සිදු කරන අතර මෙම සේවාව මඟින් ඉතා ඉහළ මට්ටමේ සේවාවක් සිදු වන බවත් මිනිසාගේ පෞද්ගලික ජීවිතේ අභියෝග හා වගකීම් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ලැබෙන අත්දැකීම් වර්තමානයට ඉතා ඵලදායී වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.  

ලසන්ත අලගියවන්න
මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
රන් දහරයි සොඳුරු ලොවයි
පෝතක බාලදක්ෂ රන් දහර - 2017
කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී
2017/07/01


-----------------------------------------------------------------------------------

බාලදක්ෂ ව්‍යාපාරය ස්වශක්තියක් ලැබෙන ව්‍යාපාරයක් - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

බාලදක්ෂ ව්‍යාපාරය යනු ස්වශක්තියක් ලැබෙන ව්‍යාපාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී 2018 බාලදක්ෂ සේවා සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේය. මේ අතර පාසලෙන් නොලැබෙන අද්දැකීම් බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන බව අග්‍රාමාතවරයා වැඩිදුරත් සඳහන් කළේය. 

පසුගිය වසරේ ජයග්‍රාහී බාලදක්ෂ කණ්ඩායමෙන් පිරිසක්ද අරලියගහ මැදුරු පරීශ්‍රයේදී සිය සේවා කටයුතුවල යෙදුණු අතර ගරු අග්‍රාමාත්‍යතුමන්ද බාලදක්ෂ පෝතකයෙකු ලෙස කටයුතු කළ ආකාරයත් එම කාලයේ තම කණඩායමට ලැබුනේ රුපියලක් බවත්, එදා රුපියල් දහයක් එකතු කරණවා කියන එක ඉතා අසීරු දෙයක්  වූ බවත් අද ද එදා මෙන්ම බොහෝ දේ පවතින බවත් බාල දක්ෂයෙකුවීම ඉතාමත් ම අමාරු මෙන්ම ජීවිතයට හොඳ අත්දැකීමක් බවද එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් දිරි ගන්වමින් කියා සිටියේ ය.

මේ අතර එම අවස්ථාවට සහභාගි වූ බාලදක්‍ෂ කණ්ඩායම්, ජාතික බාලදක්‍ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය සංකේතවත් කරමින් කාර්යයේ යෙදුණ අතර ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා අතින් ඔවුනට තිළිණ පිරිනැමීමට කටයුතු කරන ලදී. මෙහිදී අගමැතිතුමන් ඉතා සුහද ශීලීව සහභාගී වූ බාලදක්ෂ බාලදක්යිෂ බාලිකාවන් සමග කතා බස් කළ අතර එහිදී අගමැතිතුමන් ඔවුන්ට කියා සිටියේ තමන්ද බාලදක්ෂයෙකු බවත් ‍එදා තමන්ට වැස්ස බාධාවක් නොවුනු බවත් කී විට ළමුන් සිනාසෙමින් අත්පොළසන්ද නැගුවේය.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය 
බාලදක්ෂ සේවා සතියේ සමාරම්භක අවස්ථාව - 2018
අරලියගහ මන්දිරයේදී
2018/06/22


-----------------------------------------------------------------------------------

මානව හිතවාදී දේශයක් ගොඩනැගීමේ ජාතික වගකීම බාලදක්ෂයන්ට පැවරෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන


පාසල් අතිරේක ක්‍රියාකාරකම් අතර වඩාත් විනයගරුක, වඩාත්ම අභියෝගාත්මක හා වඩාත්ම සමාජශීලී දරුවන් හදන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ බාලදක්ෂ ව්‍යාපාරයැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

- See more at: http://vinodaya.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1/#sthash.rdnSUBvm.dpuf