Translate

Wednesday, May 22, 2024

මහනුවර දෙයියන්නෙවෙල බාලදක්ෂයන් විසින් අගමැතිතුමා පැහැර ගනී!

ඊයේට මගේ වයස 78යි. එයින් වසර හැටක් ම කැප කළේ පුවත්පත් කලාව සඳහාය. අතින් අකුරු ඇමුණූ යුගයේ සිට පරිගණකයේ ඩෙස්ක් ටොප් පබ්ලිෂිං දක්වා යුග ගණනාවක අත්දැකීම් ලැබීමට තරම් මම වාසනාවන්ත වීමි. ඒ කාලය තුළ මට ලේඛකයන්, කවීන්, සාහිත්‍යධරයන්, විචාරකයන්, පඬිවරයන්, පත්‍රකලාවේදීන්, කලාකරුවන්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, රසික රසිකාවියන් සිය දහස් ගණනක් ඇසුරු කිරීමට මට අවස්ථාව සැලසුණේය. ඔවුන්ගෙන් මගේ ජීවිතයට එක්කර ගත් දේ බොහෝ ය. ඒවා විටින් විට මා පුවත්පත් මගින් හා ‘මල් කැකුළු’ ඔස්සේ ඔබට කියා ඇත. 
උත්සවයට පැමිණි බණ්ඩාරනායක අගමැතිතුමා
විදුහල්පති ඩී. ඇස්. ජයමාන්න මහතා විසින්
බුලත් හුරුල්ලක් දී පිළිගත් අවස්ථාව.

අද මගේ ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින මට ආපසු හැරී බලන විට මගේ ජීවිතය තුළ පිරවිය නොහැකි හිඩැස් කීපයක් ඇති බව කැපී පෙනෙයි. එයින් මුලින් ම එන්නේ මා සමඟ මගේ ජීවිතයේ හොඳම කාලයේ එක්ව විසූ, එක්ව හුස්ම ගත්, සහෘදයන් දෙදෙනකු මගෙන් වියෝවීම නිසා ඇති වූ හැඩැස් දෙකයි. එයින් එක් හිඩැසක් ඇති වූයේ විජය පුවත් ආයතනයේ ආරම්භක ප්‍රධාන කර්තෘ ඇස්. සුබසිංහ මහතාගේ අභාවයෙනි. අනෙක් හිඩැස ඇති වූයේ එහි ආරම්භක කර්තෘ මණ්ඩලයේ සේවය කළ අතුල මංචනායක මහතාගේ වියෝවීමෙනි. 

අගමැතිවරයකු බලහත්කාරයෙන් උත්සවයකට කැඳවාගෙන ගිය හැටි! 

මා, සුබසිංහ මහතා හඳුනා ගත්තේ ලේක්හවුසියේ ‘ජනතා’ පත්‍රයේ සේවය කරද්දීය. කලින් ද ‘මල්කැකුළු’ ඔස්සේ කියා ඇති ඒ කතාව මෙසේය: ලේක්වුසියේ සේවයට ආ මුල් කාලයේ දී උදෑසනින්ම වැඩට යන අප වැඩ අරඹන්නේ පුස්තකාලයෙනි. සිරිත් පරිදි එදාත් පුස්තකාලයට ගිය මම 'ලංකාදීප' පත්‍රයේ කාටුන් සොය සොයා ඒවා කියවමින් සිටියෙමි. අපේ පුවත්පත් මෙන් නොව ලංකාදීපය කාටූන් කීපයක් පිටු අතර පළ කළ නිසා ඒවා සොයා යාම අපේ පුරුද්ද විය. හෙන්රි තෙන්නකෝන්ගේ 'විහිළු තහළු', කරුණාදාසගේ 'කවටකම්', (මහගම) සේකරගේ 'ජරමර', කියවූ මම නැවතී සිටියේ අමිත අබේසේකරගේ 'විකට විට' ළඟය. එහි මොට්ටපාල රාළහාමි හමු වීමට ඇවිත් ආධාර ලැයිස්තුවක් දික්කරයි. 

"රාළහාමි අර අල්ලපු ගෙදර සංගීතකාරයා භාත්ඛණ්ඩේ යවන්න සල්ලි එකතු කරනවා. රාළහාමිත් රුපියල් දෙකක් දෙන්න" මොට්ටපාල කියයි. 

රාළහාමි දෙන්නේ මෙහෙම උත්තරයක්. "මං දෙන්නං රුපියල් පහක්ම බැරිද ඒ හාදයාව ඊටත් එහා තැනකට යවන්න." ඒක කියවූ ගමන් ම මට සිනා ගියත්, ඒ පුස්තකාලය නිසාත්, මා දකුණු පසින් ජ්‍යෙෂ්ඨ කතුවරයකු සිටි නිසාත් මම සිනාව ශබ්ද නොනඟා කරන්නට මහන්සි ගතිමි. ඒත් මම කිසිවකට සිනා වූ බව වම්පස පුවත්පත බලමින් සිටි තරුණ සහෝදර පත්‍රකලාවේදියාට දැනුණේය. ඔහු මගේ පුවත්පතට එබෙමින්, "ඇයි මචං හිනාවුණේ ?" කියා ඇසුවේ ය. මම කතා නොකර ඔහුට ඇඟිල්ලෙන් කාටූනය පෙන්වීමි. 

ඔහු මගේ පත්තරයට එබී එය කියවීය. කියවා බැරෑරුම් මුහුණක් මවාගෙන මගෙන් මෙසේ ඇසුවේ ය: "ඉන්දියාවෙ ඊට එහා තියෙන සංගීත විද්‍යාලය මොකක්ද මචං?" 

ඒ කතාව අසා මගේ දකුණුපස පුවත්පත කියවමින් සිටි ජ්‍යෙෂ්ඨ කතුවරයා සිහින් හඬින් සිනාවක් නඟනු මට ඇසුණි. මා නවකයකු වූ නිසා ඔහු දෙස බලන්නට බිය වීමි. ඉන්පසු නිහඬව පුවත්පත කියවමින් සිටි මට ඔහු පිටත්ව යනු ඇස් කොණින් දැක ගත හැකි විය. 

පසුව මමත් මගේ සගයාත් පුස්තකාලයෙන් නික්ම එද්දී ජ්‍යෙෂ්ඨ කතුවරයා ජනතා කර්තෘ මණ්ඩලයේ මැද තවත් අයකු සමග කතා කරමින් සිට එක්වරම මා දෙස බලා අතින් ඔහු දෙසට එන ලෙසට සන් කළේය. මිතුරාගෙන් සමුගෙන මම ඔහු වෙතට ගියෙමි. 

"ඔයාගේ යාළුවට ඒ විහිළුව තේරුණේ නෑ නේද? ඒ වුණාට මිනිහා අමිතගෙ විහිළුවට වැඩි විහිළුවක් ඒකෙන් මතු කළානෙ." ඔහු මා ළඟට එත්ම කීවේය. එහි යටි පෙළෙන් මතු වූ හාස්‍යය ඔහු තේරුම් ගැනීම මගේ සතුටට හේතු විය. 

මට පළමුවරට සුබසිංහ මහතා හඳුනා ගැනීමට ලැබුණේ ඒ අවස්ථාවේ දී ය. මීට වසර දශක හයකට පෙර ඒ හමුවීම විහිළුවක් සමඟ සිදුවීම දෛවයේ සරදමක් දෝයි මට සිතේ. ජීවිතයේ හැම දෙයක් දෙසම සිනාමුසුව බලන්නටත්, ඇතැම් තැනක යටි පෙළෙහි ඇති සියුම් හාස්‍යය දකින්නත්, ඔහු තුළ වූ හැකියාව මා තුළ ඔහු කෙරෙහි විශේෂ ළැදියාවක් ඇති වීමට හේතු විය. ඒ මිතුදම ඔහු අභාවයට පත් වන තෙක් ම පමණක් නොව, මේ දක්වාම පවතින මිහිරියාවෙන් පිරි එකක් බව කිවයුතුය. විජය පුවත්පත් ආයතනය බිහි වූයේ ද ඒ මිතුදමේ ප්‍රතිඵලයක් ලෙසය. 

දිනක් විජය පුවත්පත් ආයතනයේ සේවයට පැමිණි මොහොතේ අපට දැන ගන්නට ලැබුණේ අපේ සභාපති රංජිත් විජයවර්ධන මහතා පැමිණි වහාම ඔහු හමුවීමට එන ලෙස කියා ඇති බවය. ‘ඊයේ රෑ උපාලි මැ‍ලේසියාවෙ ඉඳල ආව එයාගේ ප්‍රයිවෙට් ජෙට් එක අතුරුදන් වෙලා!’ ඔහු අප දුටු ගමන්ම කීවේ සෝබර හඬකිනි. 'විදෙස් පුවත් ගැන සෝදිසියෙන් ඉන්න. තොරතුරක් ලැබුණොත් මට දැනුම් දෙන්න’ ඔහු අනතුරුව කීය. 

‘දිවයින’ පුවත් ආයතනයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ හදිසි අතුරුදන් වීම සිදු වූ අවස්ථාවේ රටේ ජනාධිපතිවරයාගේ පටන් සෑම පුරවැසියකුම ඔහු ගැන සොයන්නට උත්සුක වූ බව මට මතකය. ඔහු ගැන අවසාන වරට ලැබුණු ආරංචිය වූයේ ඔහු ශ්‍රී ලංකාවට එන්නට ඔහුගේ පුද්ගලික ගුවන්යානයෙන් පිටත් වූ බවයි. එදා උදේ අතුල කාර්යාලයට ආ ගමන් ම අපි ඔහුට උපාලි විජයවර්ධන මහතාගේ අබිරහස් අතුරුදන්වීම ගැන කීවෙමු. ටික වේලාවක් කල්පනාවේ ගිලෙමින් සිට අතුල එක්වරම කටහඬ අවදි කළේය. 

“සුබසිංහ මහත්තයො, මගේ යාළුවෙක් ඉන්නවා මීරිගම. එයා මියගිය අයගෙ ‘ස්පිරිට්ස්’ලා එක්ක කතා කරන. අපි වැඩ කරලා ටිකක් කලින් යමු එයා හම්බ වෙන්න. අපට මොකක් හරි දැන ගන්න ලැබෙයි” අතුල කීය. 

එදා කලින් වැඩ අවසන් කළ අපි අතුලගේ මිතුරා හමුවීමට මීරිගමට ගියෙමු. ඒ මිතුරා භූත ආත්ම සමග කථා කළේ ප්‍රවාහිකාවක් මගිනි. ඔහු යම් ආකාරයක අවේශයකට පත් කොට ප්‍රවාහිකාව ඒ කටයුත්තට සූදානම් කළේ ය. ඉන්පසු කිසියම් භූතාත්මයක් ඇය වෙත ආ බවක් පළ විය. ඔහු ඇගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ඇය පිරිමි හඬකින් උත්තර දුන්නාය. අපට දැන ගන්නට ලැබුණේ උපාලි ගමන් ගත් යානය මුහුද මැදදී නියමු මැදිරියේ ලොකු පිපිරීමකින් මුහුද කඩා වැටුණු බවය. යානයේ ගිය පස් දෙනෙක් මුහුද යට ඉන්නා බවත්, ඔවුන් ෂොක් එකකින් ඉන්නා නිසා ඒ භූතාත්ම ගෙන්වා ගත නොහැකි බවත් ඇගෙන් අපට දැන ගන්නට ලැබුණි. අතුලගේ මිතුරා කීවේ දින දෙක තුනකට පසු යළිත් විමසා බලමු කියාය. ‘එතකොට ෂොක් එක අඩුවෙලා තියේවි’ අප එතැනින් පිටත්ව එද්දී මිතුරා කීය. 

දින කීපයකින් අපි යළිත් මීරිගමට ගියෙමු. ඒ වන විට උපාලි ගැන ආරංචි කීපයක් අප අතට පත් වී තිබුණි. මලක්කා වෙරළට ගොඩ ගසා ගෙන ආ අහස්යානයක සුන්බුන් ධීවර පිරිසකට හමු වූ බව රොයිටර් වාර්තා කර තිබුණේය. ඒත් පසුව ඒ වාර්තා රොයිටර් පුවත් සේවයෙන් ම ඉවත් කර ගෙන තිබුණේය. එය තවදුරටත් අබිරහසක්ව පැවතුනේය. 

අප මිතුරාගේ නිවසට යන විට එහි කැපී පෙනෙන වෙනස්කම් කීපයක් දක්නට ලැබුණි. මිදුලේ කොටසක තැනූ තාවකාලික මඩුව මහන මැෂිං කීපයක් තබා ගෙන යුවතියන් කීපදෙනෙක් ඇඳුම් මසමින් සිටියෝය. මිදුලේ අනික් කොනේ පිරමීඩයක් ඉදිකර තිබුණි. අපව සිනහමුසු මුහුණින් පිළිගත් මිතුරා පිරමීඩය ගැන පැහැදිලි කළේය. තමාගේ කටයුත්තට පිරමීඩය ලොකු සහයක් දෙන බව කීවේය. ඒත් සුබසිංහ මහතාගේ සිත ඇදී ගියේ අනික් පැත්තටයි. 

‘ඔබතුමා ඇඳුම් මැහීමක් පටන් අරන් වගේ’ සුබසිංහ මහතා ඇසීය. 

‘මං ආදායම වැඩි කර ගන්න කියලා පටන් ගත්තෙ. අහල පහළ ළමයින්ට රස්සාව දෙන්නත් එක්ක. අනික මම මේ භූත ලෝකයෙ පර්යේෂණ කටයුතුවලට මුදල් අය කරන්නත් නෑනෙ. ගැනුම්කරුවෝ වැඩි වුණොත් හොඳයි.’ මිතුරා කීය. 

‘ඒක හොඳයි. පාඩු වෙන්නේ නෑ. ඔයාට ගැනුම්කාරයෝ ඕනැතරම් ලැබෙයි. බය වෙන්න එපා! ටික දවසක් යන කොට ඔය ළමයි ටික මදි වේවි’ සුබසිංහ මහතා කීවේ ඔහුගේ ව්‍යාපාරයට සුබ පතමිනි. 

අප ගිය කටයුත්ත ඉටු වුණේ නැත. උපාලිවත් ඔහුගේ සගයන්වත් අපට සම්බන්ධ කර ගැනිමට හැකි වූයේ නැත. ‘ආයිත් මේ වෙනුවෙන් ඔයාල එන්න එපා! මං කතා කරලා බලලා ආරංචියක් දෙන්නම් එතකොට එන්න!’ අප පිටත්වෙන විට මිතුරා කීය. 

සුබසිංහ මහතා පිටත්ව යාමට හදිසි බවක් පළ කළේය. අපි ඉක්මනටම ඔහු හා එක්වීමු. වාහනයට ටික දුරක් යනතෙක් හිනාව තද කරගෙන උන් සුබසිංහ මහතා එක්වරම සිනාව මුදා හළේය. 

‘මං එතැන හිනා නොවී හිටියෙ හරිම අමාරුවෙන්. අතුල ඔයාගේ යාළුවා අපූරු බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ. එයා ගැනුම්කාරයෝ ගැන කියන කොට මං කිව්වේ “බයවෙන්න එපා ඕනැතරම් ලැබෙයි.” එයාගෙ භූත ලෝකයෙ සම්බන්ධකම් එක්ක ඔය වැඩේ ලේසියෙන් ගොඩදාගන්න පුලුවන්. දෙවිවරුම 33 කෝටියක් ඉන්නව නෙ. භූතයෝ ඊටත් වැඩි ඇති මයෙ හිතේ’ සුබසිංහ මහතා කීයේ සිනාසෙමිනි. මිතුරාගේ ව්‍යාපාරය හා බැඳුණු හාස්‍යය මට අවබෝධ වූයේ ඉන්පසුවය. අතුල සුබසිංහ මහතා බැලූ කෝනයෙන් ඒ දෙස බැලුවේ නැත. ඒ නිසා ඔහුට ඒ හාස්‍යය හසු වුණේ නැත. ‘ඔයාල ඔහොම විහිළුවට ගන්නව නං මං ආයිත් ඔයාලව මෙහෙ එක්ක එන්නෙ නෑ’ කියා අමනාපය පළ කළේය. 

වරක් අතුල අපට බල්ලන් එලවන මන්තරයක් කියා දුන්නේය. මේ වචන ටික මතක තියා ගෙන පුංචි ගල් කැටයකට මතුරලා බල්ලාට ගහන්න. ඒක කතාව අහගෙන සිටි සුබසිංහ මහතා කීවේ, “ටිකක් ලොකු ගලක් ගත්තාම ඔය මන්තරේ නැතත් බල්ලා එලවා ගන්න බැරි නෑ නේද? අසා සිනාසුණේය. 

අද මට ඔයාකාරයේ හාස්‍ය රස විඳින්නට හැකි වෙනත් මිත්‍රයෙක් නැත. සුබසිංහ මහතාට ඕනෑම තැනක හාස්‍යය මතු කර ගත හැකිය. ජීවිතය තුළ හදිසියේ මතුවන සියුම් උපහාසයක් අත්විඳින හැම මොහොතකම මට එහි රසය බෙදා ගන්නට සුබසිංහ මහතා හිටියා නම් කියා සිතුණු වාර අනන්තය. අද මට ඒ අඩුව නිරතුරුව දැනෙයි. 

අගමැතිවරයකු බලෙන් උත්සවයකට කැඳවා ගෙන ගිය අවස්ථාවක්! 

මගේ ජීවිතයේ ඊළඟ හිඩැස ඇති වූයේ මීට වසර 47කට පෙරය. ඒ මගේ පියාගේ අභාවයත් සමඟය. එකල ලිපි ලියද්දී මට කරුණු සොයන්නට මට සහය වූ එකම ‘සෙවුම් යන්ත්‍රය’ මගේ පියා ය. ඔහුගේ මතකය විස්මයජනකය. පැරණි පොතපත ගැන හෝ ලෝක ඉතිහාසය ගැන තොරතුරු ඔහු අතැඹුලක් සේ දැන සිටියේය. පැරණි කවියක්, ගාථාවක්, ශ්ලෝකයක්, උපමාවක්, උපහැරණයක්, ජන ප්‍රවාදයක්, වදනක නිරුක්තියක්, ඉතිහාස ගත කරුණක් කියා දෙන්නට ඔහු හැම විට ම සැදී පැහැදි සිටියේය. එකල ගුරුවරු බොහෝ දෙනකු එක් විෂයකට දෙකට පමණක් සීමා නොවූහ. මගේ පියා ඒ අතින් විශිෂ්ට ගුරුවරයෙකි. හැම දෙයක් ගැනම ඉගෙන ගන්නට මා යොමු කළේ ඔහු ය. 

ඔහු පිළිබඳ මගේ මතකයේ රැඳී ඇති එක් විශේෂ සිද්ධියක් තිබේ. ඒ දිවංගත ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා සම්බන්ධ සිද්ධියකි. වන්නියේ දුෂ්කර පළාතක වසර ගණනාවක් සේවය කළ මගේ පියාට 56 දේශපාලන පෙරළියත් සමඟ මහනුවර නගරයේ ගුරු නිවාසයක් ඇති පාසලකට මාරුවක් ලැබිණ. ඒ නිසා මට ධර්මරාජ විද්‍යාලයටත්, මගේ නංගිලාට පුෂ්පදාන බාලිකාවටත් යාමට අවස්ථාව සැලසුණේය. 

ඒ ගුරු නිවාසය තිබුණු පාසල එදා දෙයියන්නේවෙල විද්‍යාලය නමින් හඳුන්වනු ලැබීය. අද එය රාජසිංහ මහා විද්‍යාලය වී තිබේ. මහනුවර නගරයේ මහ රෝහල ආසන්නයේ පිහිටි එය අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකට සමාන තත්වයේ එකකි. එහි ඉගෙන ගන්නට ආවේ ද නගරයේ දිළිඳු පවුල්වල දරුවන්ය. ඒ ළමයින්ගේ ත‍ත්වය නංවාලන්න මගේ පියා බොහෝ දේ කළේය. එයින් එකක් ලෙස පාසලේ බාල දක්ෂ කණ්ඩායමක් ආරම්භ කිරීම මගේ මතකයට නැ‍ඟ‍ෙයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව බාලදක්ෂ මූලස්ථානයේ අනුග්‍රහය ඇතිව ආරම්භ කළ ඊට ළමයින් දැක්වුවේ විශාල උනන්දුවකි. ඔවුන්ට ඇඳුම් සපයා දීමට පියා මිතුරන්ගේ සහය ලබා ගත්තේය. 

මහනුවර දෙයියන්නේවෙල විදුහලේ බාල දක්ෂ උළෙලට 
සහභාගි වූ අගමැති බණ්ඩාරනායක මහතා 
ජාතික ධජය එස වූ අයුරු.

ළමයින්ගේ පුහුණුවට යන අතරතුර අගමැති බණ්ඩරනායක මහතා මහනුවර නගරයේ අලුතින් ඉදිකළ කච්චේරිය විවෘත කිරීම ඇතුළු වැඩ සටහන් කිහිපයකට පැමිණෙන බව ආරංචි විය. පියාගේ මිතුරන් කිහිප දෙනකු ම යෝජනා කළේ ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අගමැතිතුමා ලවා පාසලේ බාලදක්ෂ ව්‍යාපාරය විවෘත කරවීමෙන් ළමයින්ට ලොකු දිරියක් ලබා දිය හැකි බවය. ඒ අනුව පළාතේ ප්‍රකට සමාජ සේවකයකු වූ සී. එම් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍යවරයාට ආරාධනය කිරීම බාර ගත්තේය. ඒ කාලේ දෙයියන්නේවෙල පදිංචිව සිටි බණ්ඩාරනායක රජයේ මන්ත්‍රීවරයකු වූ ටී. බී. තෙන්නකෝන් මහතා ද එය අනුමත කළේය. 

නියමිත දින උ‍දේ 8.30ට අගමැතිතුමා ඒ උත්සවයට සහභාගි වන බව දන්වා පිිළිතුරු ලිපියක්ද අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණේ ය. ඒ අනුව සියලු දෙනාම උත්සවයට සුදානම් වූහ. උත්සවයට කලින් දා උදේ ප්‍රනාන්දු මහතා කච්චේරියට ගොස් අගමැතිතුමාගේ වැඩ සටහන ගැන විපරම් කළේය. කච්චේරියට එවා තිබූ වැඩ සටහනෙහි ද‍ෙයියන්නේවෙල විදුහලේ උත්සවය ඇතුළත් වී තිබුණේ නැත. ඔහු වහාම අපේ පියා සොයා ගෙන විදුහලට ආවේය. සිදුවී ඇති දෙය දැන්නුවේය. 

‘කවුරු හරි වැඩ සටහන වෙනස් කරලා. මහත්තයා අධෛර්ය වෙන්න එපා! මම කොහොම හරි ලොක්කව වෙලාවට එක්ක ගෙන එනවා. බය වෙන්න එපා! මට අර පී.එම්ගේ ඔෆීස් එකෙන් එවපු ලියුම දෙන්න. මේ වෙලා තියෙන දේ ගැන කාටවත් කියන්න එපා! හිත කෙළින් තියාගෙන මහත්තයා වැඩේට ලෑස්ති වෙන්න’ ප්‍රනාන්දු මහතා ස්ථිර හඬින් කීවේය. 

බණ්ඩාරනායක අගමැතිතුමා, (දකුණේ) පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ 
 පියසේන තෙන්නකෝන්, ටී. බී. තෙන්නකෝන්, ඩී. ඇස්. ජයමාන්න 
යන මහත්වරු (වමේ) සී. ඇම් ප්‍රනාන්දු මහතා.
 
මගේ පියා ඔහු කී ආකාරයට උත්සවයට සූදානම් විය. මේ කිසිවක් නොදත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ ටී. බී. තෙන්නකෝන්, පියසේන තෙන්නකෝන් යන මහත්වරු වේලාසනින්ම විදුහලට පැමිණියහ. ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා ඇතුළු ගමේ ප්‍රභූන් පිරිසක් දෙමාපියන් ද පැමිණ සිටියහ. බාල දක්ෂ සංගමයේ මහනුවර ශාඛාවේ නියෝජිතයෙක් ද පැමිණ සිටියේය. ඔහු බාල දක්ෂ සිසුන්ගේ නිල ඇඳුම් පරීක්ෂා කර බලා අඩුපාඩු හරි ගැස්සුවේය. උත්සවයට සරසා තිබුණේ පාසල පහළින් වූ ක්‍රීඩා පිටියයි. එහි ජාතික කොඩිය එසවීම සඳහා විශේෂ‍යෙන් තැනූ පීඨිකාවක් ද විය. මගේ පියා ඒවා නිවැරදිව තිබේදැයි සොයා බැලීය. 
 
දිවංගත ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා මහනුවර දෙයියන්නෙවෙල බාලදක්ෂයන් පැහැර ගනී! 

ඒ අතර ප්‍රනාන්දු මහතා පියාගෙන් රැගෙන ගිය ලිපියත් අතින් ගෙන කටුකැලේ නුවර පාරේ දයියන්නේවෙලට හැරෙන පාරට මඳක් ඉදිරියට වෙන්නට පාර අයිනේ රැඳී සිටියේය. ඔහු අගමැති තුමාගේ නිල රථය එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. ඒ කාලේ දැන් මෙන් විශාල ආරක්ෂාවක් හා පරිවාරි රථ පෙළක් තිබුණේ නැත. අගමැති තුමා රැගත් රථයට අමතරව එක් ආරක්ෂා රථයක් පමණි. රථය එනු දුටු ප්‍රනාන්දු මහතා දෑත් විදහා ගෙන පාර හරස් කර ගෙන අගමැති තුමාගේ රථය ඉදිරියට ගියේය. වේගයෙන් ආ රථය එක්වර පාර මැද නැවැත්විණ. පසුපසින් ආ රියද තිරිංග තද කළ මුත් අගමැති රථයේ යම් වැදිණ. ප්‍රනාන්දු මහතා ලිපියත් අතින් ගෙන ඉදිරියට ගොස් අගමැති තුමා අමතා ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතා කළේය. 

‘අඩු වරප්‍රසාද සහිත පුංචි ඉස්කෝලෙක ළමයින්ට එන බවට පොරොන්දු වෙලා ඇයි ඒ පොරොන්දුව කඩ කරලා මෙහෙම යන්නේ. ඔබතුමා වගේ උගතකුට ඒක තරම් වූ දෙයක් නොවෙයි. කරුණාකරලා මිනිත්තු දහයකට නැවතිලා ඒ ළමයින්ගෙ සිත් සනසලා යන්න’ ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේ ය. ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ බණ්ඩාරනායක මහතා එසැණින් තත්වය තේරුම් ගත්තේය. ප්‍රනාන්දු මහතාත් ඔහුගේ රියට නංවාගෙන දෙයියන්නේවෙල විදුහලේ ක්‍රීඩා පිටියේ උත්සවය පැවති භූමිය වෙත පැමිණියේය. 

මා දන්නා තරමින් අගමැති වරයෙකු බලහත්කාරයෙන් උත්සවයකට කැඳවා ගෙන ලොව එකම අවස්ථාව එය විය හැකිය. අගමැතිතුමා සිනාමුසු මුහුණින් ඒ අවස්ථාවට සහභාගි විය. රැස්ව සිටි පිරිස ද ඔල්වරසන් දෙමින් එතුමා පිළිගත්හ. විදුහල්පතිවරයා වශයෙන් මගේ පියා බුලත් හුරුල්ලක් දී එතුමා පිළිගත් අතර එතුමා පැමිණි විගසම ජාතික කොඩිය ඔසවා ගෞරව දැක්වීය. වචන කීපයකින් දරුවන් ඇමතූ එතුමා තමා කෙටි වේලාවක් හෝ මේ දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් හා මන්ත්‍රීවරුන් සමග ගත කරන්නට ලැබීම සතුටක් බව කීවේය. ප්‍රනාන්දු මහතා පොරොන්දු වූ ආකාරයට උත්සවය විනාඩි කීපයකට සීමා කෙරිණ. අගමැති තුමා ප්‍රනාන්දු මහතාට අතට අත දී ස්තුති කරමින් නිල රථයට නැග්ගේය. 

අගමැති වරයා පිටත්ව ගිය පසු සැලසුම් කළ පරිදි උත්සවය පැවැත්විණ. ප්‍රනාන්දු මහතා තමා අගමැතිතුමා කැඳවා ගෙන ආ හැටි ඒ උත්සව සභාව අමතා කීවේය. රැස්ව සිටි පිරිස අත්පොළසන් දී සතුට පළ කළහ. 


විශේෂ ස්තූතිය
පර්සි ජයමාන්න

උපුටා ගැනීම - මල්කැකුළු වෙබ් අඩවියෙන්


Friday, May 17, 2024

Sri Lanka National girl Guide Walk - 2024 ~ Celebrating 107 years of Sri Lanka Girl Guides Association (SLGGA)

Celebrating 107 years of empowering young women, the Sri Lanka Girl Guides Association (SLGGA) marks a historic milestone in its journey of resilience, leadership, and service. Since its inception, SLGGA has been at the forefront of shaping the lives of countless girls and women across Sri Lanka, instilling values of courage, compassion, and community spirit.

The Sri Lanka National Guide Walk 2024 is a testament to the enduring legacy of the SLGGA. This event will not only celebrate the achievements of the past but also pave the way for future generations of girl guides. Participants will engage in a range of activities designed to promote physical fitness, environmental awareness, and community service, aligning with the core values of the SLGGA.

Join us in this momentous celebration as we honor 107 years of dedication to women’s empowerment and youth leadership. The National Guide Walk 2024 promises to be an inspiring event, highlighting the ongoing commitment of the SLGGA to foster a sense of belonging and purpose among young women in Sri Lanka.

Celebrating 107 years of empowering young women, the Sri Lanka Girl Guides Association (SLGGA) marks a historic milestone in its journey of resilience, leadership, and service. Since its inception, SLGGA has been at the forefront of shaping the lives of countless girls and women across Sri Lanka, instilling values of courage, compassion, and community spirit.

The Colombo district walk was organized by the Colombo district commissioner and her team.
As we celebrate this momentous occasion, let us reflect on the remarkable achievements of the past and renew our commitment to advancing the mission of SLGGA. Together, let us envision a future where every girl has the opportunity to thrive, lead, and make a difference. Happy 107th anniversary, Sri Lanka Girl Guides Association! Here's to many more years of inspiration, empowerment, and sisterhood.

The Sri Lanka Girl Guides Association (SLGGA), the country's largest female-led volunteer organization for girls and young women, celebrated 107 years of proud service to the nation on March 21, 2024.


Guiding was introduced to Sri Lanka in 1917 by Miss Jennie Calverley, a young teacher from England who joined the staff of Girls’ High School Kandy, where the first Guide Company was formed. The Jennie Calverley Green Oration is held to honor and celebrate this visionary personality. Prof. Arosha Adikaram of the Department of Human Resource Management, Faculty of Management and Finance, University of Colombo, delivered the 3rd Jennie Calverley Green Oration at this occasion. The Chief Commissioner, Dr. Kushantha Herath, Deputy Chief Commissioner, Mrs. Nirmalee William, and the Assistant Chief Commissioner, Mrs. Nanduni Wickramatunga, along with members from all branches, which include Butterflies, Little Friends, Guides, Rangers, Guides from the Branch for Guides with Disabilities, Commissioners and Presidents past and present, and members of the National Executive Committee, were present at the event.

The Sri Lanka National Guide Walk 2024 

"Empower Girls Today – Inspired Women Tomorrow"

This event will be a testament to the enduring legacy of the SLGGA. It will not only celebrate the achievements of the past but also pave the way for future generations of girl guides. Participants will engage in a range of activities designed to promote physical fitness, environmental awareness, and community service, aligning with the core values of the SLGGA.

District Walks:

  • The Colombo district walk
  • The Rathnapura district walk
  • The Matara district walk
  • The Gampaha district walk
  • The Matale district walk
  • The Badulla district walk
  • The Anuradhapura district walk
  • The Polonnaruwa district walk
  • The Kegalle district walk

Join us in this momentous celebration as we honor 107 years of dedication to women’s empowerment and youth leadership. The National Guide Walk 2024 promises to be an inspiring event, highlighting the ongoing commitment of the SLGGA to foster a sense of belonging and purpose among young women in Sri Lanka.












 Keywords: Sri Lanka Girl Guides Association, SLGGA, Sri Lanka National Guide Walk 2024, women’s empowerment, youth leadership, community service, environmental awareness, girl guides, physical fitness, celebration, milestone, Girl Guides Association, SLGGA, Sri Lanka National Guide Walk 2024, women’s empowerment, youth leadership, community service, environmental awareness, girl guides, physical fitness, celebration, milestone, Jennie Calverley Green Oration, young women leadership.

 

Wednesday, May 15, 2024

“CEYLONA 2024” international girl guide camp in Agust 18th to 23rd 2024

CEYLONA 2024” international girl guide camp at Ibbagamuwa Central College Kurunegala

For 107 years, International Camps have been a cherished tradition within our guiding community and they have offered children enriching experiences and unforgettable memories” . With the introduction of our new camp logo, we eagerly anticipate the beginning of a fresh chapter in our illustrious history, poised to enhance the camping experience even further,”

Nadeeka Gunasekara
International Commissioner

Breaking Barriers, Building Leaders: SLGGA’s ‘Ceylona 2024’ prepares to empower young women.Get ready for a global adventure filled with learning, fun, and unforgettable experiences. Let the journey begin!

The Sri Lanka Girl Guides Association (SLGGA) is excited to announce the hosting of an International Camp at Ibbagamuwa Central College, Kurunegala, from August 18 to 23, 2024. This camp, named ‘Ceylona 2024’, promises a wide array of enriching activities and experiences, from outdoor adventures to leadership workshops. The aim is to create a holistic learning environment where participants can develop essential life skills while forging lifelong friendships.

In an effort to foster global unity and empower young girls and women with invaluable skills and experiences, the SLGGA proudly presents this upcoming International Camp. The event will bring together girl guides from around the world, providing a platform for cultural exchange, skill-building, and the nurturing of international friendships among participants from diverse backgrounds.

The launch of the camp was celebrated with great enthusiasm, highlighted by the unveiling of the camp logo. Crafted to reflect the varied backgrounds and aspirations of the girl guides, the logo serves as a symbol of inspiration for all involved.

“For 107 years, International Camps have been a cherished tradition within our guiding community, offering children enriching experiences and unforgettable memories. With the introduction of our new camp logo, we eagerly anticipate a new chapter in our illustrious history, poised to enhance the camping experience even further,” said International Commissioner Nadeeka Gunasekara.

The camp’s logo features an elephant carrying a branch with 17 leaves, representing the Sustainable Development Goals (SDGs). This design symbolizes Sri Lanka’s unique identity and commitment to global cooperation. The inclusion of a globe underscores the worldwide impact of the Girl Guide and Girl Scout movement, fostering cross-cultural exchange and leadership development among young women.


Activities at the camp, conducted in collaboration with United Nations Agencies (UN), will emphasize environmental stewardship and sustainable development. The logo embodies diversity, empowerment, and collective action, serving as a powerful reminder of our shared responsibility to work towards a brighter, more sustainable future.

The SLGGA will offer water and adventure activities designed to instill courage in Girl Guides, enabling them to make informed decisions and effectively manage their time. Gunasekara highlighted activities aimed at enhancing time management skills, where guides are given 20 minutes to complete a specific task, promoting efficient use of time to achieve their objectives.

Gunasekara also discussed two significant challenges: the YUNGA Challenge Badge and the Plastic Tide Turners Challenge. The YUNGA Challenge Badge aims to raise awareness and motivate individuals to become proactive agents of change within their communities. The Plastic Tide Turners Challenge empowers youth to address plastic pollution and enact meaningful change in the world. These challenges, certified by the World Association curriculum, foster leadership skills and address issues such as reducing single-use plastics and promoting recycling, structured into three levels: Entry, Leader, and Champion.

The camp will host distinguished guests, including Chempaka Emalin Pahamin, Chair of the Asia Pacific Regional Committee, and a representative from the World Association of Girl Guides and Girl Scouts (WAGGGS) World Board. Their presence underscores the international significance of the event and the commitment to empower young women worldwide.

Ceylona කඳවුරු ලාංඡනයේ තේරුම



The camp’s goal is to provide opportunities for the Girl Guides to gain experience through diverse activities aligned with educational objectives. It also aims to inspire them to create follow-up projects, enabling them to apply their newfound knowledge and skills within their communities, fostering positive local and global impacts.

As anticipation builds for this landmark event, the SLGGA reaffirms its commitment to empowering young women and fostering the development of future leaders. During the International Camp, participants will not only create cherished memories but also embark on a transformative journey of self-discovery and empowerment.

 

Tuesday, May 7, 2024

කැලුම් සේනානායක නැමති වෘක පෝතක බාලදක්ෂයා

කැලුම් සේනානායක සිය වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ පෞද්ගලීකරණයට පෙර ජාතික රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නියෝජිතයා වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගමට ලිපිකරුවකු ලෙස එක්වීමෙනි. අනතුරුව පියවරෙන් පියවර උසස්වීම් ලබමින් විවිධ ආයතනවල සේවය කරන ඔහු අද රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙකි. වත්මනෙහි ARPICO INSURANCE PLC හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන කැලුම් සේනානායක මෙරට රක්ෂණ සමාගමක ප්‍රධාන විධායක නිලධාරී තනතුරකට පත් ප්‍රථම MDRT සම්මානලාභියා ද වෙයි. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ කිර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ඕස්ට්‍රේලියාවේ University of Western Sydney වෙතින් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් ද (MBA) හිමිකරගෙන තිබේ. සිය ජීවන මඟ සකස් කරගත් ආකාරය ගැන හේ සිය දිවිසැරියේ නිදර්ශන ඇසුරෙන් සිළුමිණ සමඟ කළ සාකච්ඡාවයි මේ. 
 

- මගේ ගමන පටන් ගත්තේ ලිපිකරු රැකියාවෙන්

- මාත් එක්කම ලිපිකරු වෘත්තියට ආ අය, එහෙමත් නැත්නම් මට වඩා වසර කිහිපයක් ප්‍රවීණව සිටි අය එක තැන හිර වුණා; නැත්නම් නැවතුණා 

- අර්ජුන තමයි මුලින් ම ආවෙ මර්කන්ටයිල් ක්‍රෙඩිට් එකට. ඊට මාසෙකට පස්සෙ අර්ජුන මාවත් ගත්තා 

- ලංකාවේ දින 133ක් ඇතුළත MDRT කරලා සම්මානය අරන් ප්‍රධාන විධායක නිලධාරියා වූ පළමු වැන්නා මම

 

ඔබ කවදාද, කොහේද ඉපදුණේ-

ජූලි 30 දා කොළඹදී

භාවිත කරන්නේ ඔබේ සම්පූර්ණ නම ද

මගේ සම්පූර්ණ නම නන්එදිරි තේජා කැලුම් මැග්ලියන් සේනානායක. හැබැයි හැමෝම දන්නෙ කැලුම් සේනානායක කියලා.

මොකද්ද ඔබේ පියාගේ නම?

කුමාරතිලක සේනානායක; ඔහු වාරිමාර්ග තාක්ෂණික නිලධාරියෙක්.

මව රැකියාවක් කළාද; කුමක්ද ඇගේ නම?

සෙව්ජිනියා සේනානායක; අම්මා කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ඉංග්‍රීසි ගුරුවරියක්

ඔබ පාසල් ගියේ...

පළමු වසරේ සිටම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ

පාසල් කාලේ ක්‍රීඩාවට යොමු වෙලා හිටියද?

ඔව්, මම හොකී කළා, පිහිනුම් ඉසව් කළා. මලල ක්‍රීඩා කළා. ගොඩක් ක්‍රීඩාව පැත්තට නැඹුරුවක් තිබුණු කෙනෙක් මම

කොහොමද ඔබේ උසස් අධ්‍යාපන කටයුතු සිදු වෙන්නේ?

ව්‍යාපාර කළමනාකාරීත්වය පිළිබඳ ඩිප්ලෝමාවක් මම ලබා ගත්තා. අනතුරුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගත්තා

ඔබේ වෘත්තිය ජීවිතය පටන් ගන්නේ මර්කන්ටයිල් ආයතනයේ ලිපිකරුවෙක් විදියට. අපි යමුද ඒ පටන් ගත් තැනට

ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි. 1982 ඔක්තෝබර් 14 වැනිදා තමයි මම මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේ රක්ෂණ දෙපාර්තුමේන්තුවට මම සම්බන්ධ වෙන්නේ. ඔබ කිව්වා හරි ඒ ලිපිකරුවෙක් විදියට. එදා මගේ පඩිය රුපියල් හත්සිය පහළොවයි.

කුඩා කාලයේ සිහින මැව්වෙ කවුරු වෙන්නද?
මම පාසල් යන කාලේ යුද හමුදා ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය භටයෙක්. ඒ වගේම වෘක පෝතක කණ්ඩායමේ නායකයා. ඒ වගේම පාසලේ ශිෂ්‍ය නායකයෙක්. මේවත් එක්ක මගේ හිතේ තිබුණෙ එක ම අරමුණයි. ඒ තමයි යුද හමුදාවට බැඳෙන එක.

ඒ බාහිර ක්‍රියාකාරකම් පමණද ඔබට බලපෑවේ හමුදා සිහිනය ඇති වෙන්න

ඇත්තටම ඒකට පාසලේ වටපිටාවත් බලපෑවා. කොළඹ ආනන්දය කියන්නේ රටට හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් දායාද කළ පාසලක්. යුද්ධය පවතිද්දි ඒ සඳහා නායකත්වය දෙන ප්‍රමුඛ පෙළේ නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් බිහි කළේ ආනන්දය. මගේ පාසල් ජීවිතේ පළමු විදුහල්පති කර්නල් පේරුසිංහ. දෙවැනි විදුහල්පති කර්නල් රාජපක්ෂ. තුන්වැනි විදුහල්පතිවරයා වුණේ කර්නල් කුඩලිගම. මුළු පාසල් කාලෙම මම හිටියේ කර්නල්වරුන් වුණු විදුහල්පතිවරුන් යටතේ. මමත් ක්‍රීඩා කළ කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති මට තිබුණු එක ම සිහිනය වුණේ හමුදාවට බැඳෙන එක

හැබැයි අද ඔබ ඒ සිහිනය සැබෑ කරගත් කෙනෙක් විදියට නොවෙයි මට මුණ ගැසෙන්නේ. මොකද්ද සිද්ධ වුණේ පාර වෙනස් වෙන්න

මම යුද හමුදාවට බැඳෙන්න ඔක්කොම කරලා තේරිලා ඉද්දි මට ඒ ගමන යන්න බැරි වෙන දෙයක් වුණා.

ඔබේ සිහිනය අමතක කරන්න තරම් බලවත් වුණු ඒ සිද්ධිය මොකද්ද?

මගේ අම්මා තමයි මගේ ජීවිතේ වීරයා. මම හමුදාවට යන්න හදද්දි අම්මා මට යන්න එපා කියලා ඇඩුවා. මම පවුලේ බාලයා. මට ඉන්නෙ අයියයි, අක්කයි. මාව වදපු හදපු අම්මගෙ ඉල්ලීම මට මඟ හරින්න බැහැ. ඉතින් මම තීරණයක් ගත්තා.

අම්මට කිව්වෙ නැද්ද කලින් ඔබේ සිහිනය ගැන?

මම කලින් කිව්වා. මම විශ්වවිද්‍යාලයට යන්නෙ නැහැ; කෙලින් ම හමුදාවට යනවා කියලා මම අම්මට කියලා තිබුණෙ. ඒත් ඒ තීරණාත්මක මොහොතෙදි මට අම්මගෙ ඉල්ලීම අහක දාන්න බැරි වුණා.

කඩන් වැටුණු තව සිහින තියෙනවද ඔබේ ජීවිතේ?

මම සිහින මැවූ දේවල් අතරෙන් මට ඉටු කරගන්න බැරි වුණු එක ම සිහිනය හමුදා සිහිනය පමණයි. ඒ සිහිනය වුණත් මම අතහැරියේ ඒ මාව වදපු හදපු අම්මා නිසා

එතකොට රක්ෂණ ක්ෂේත්‍රයට ඔබ කොහොමද එන්නෙ

ඇත්තට ම ඒක අහම්බයක්. මම ඒ වෙනකොට ඉන්ෂුවරන්ස් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ.

ඇයි රක්ෂණ ක්ෂේත්‍රය ම තෝරා ගන්නේ.

මමයි අර්ජුන රණතුංගයි එක ම පන්තියේ. මගේ අම්මයි අර්ජුනගෙ අම්මයි දෙන්න ම ඉගැන්වුවෙ කොළඹ ආනන්දෙ; ඒ දෙන්නත් හොඳ ම යාළුවො. අර්ජුන තමයි මුලින් ම ආවෙ මර්කන්ටයිල් ක්‍රෙඩිට් එකට. ඊට මාසෙකට පස්සෙ අර්ජුන මාවත් ගත්තා.

ඔබ නොදන්නා රක්ෂණ ක්ෂේත්‍රයට ආදරය කරන්න පටන් ගන්නෙ...

ඒ කාලේ අපේ අධ්‍යක්ෂවරයෙක් හිටියා පද්මා ගුණසේකර කියලා. එතුමා තමයි මට රක්ණයේ අයන්න ආයන්න කියලා දුන්නු ගුරුතුමා. එතුමා නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට ආදරය කරන්න හුරු වුණේ. අතීතය අමතක කරන්නවත්, කෘතගුණ සැලකීම නොතකා හරින්නවත් මට බැහැ.

මේ ක්ෂේත්‍රයට එන ඔබ දීර්ඝ ගමනක් යනවා. කොහොමද ඒ වෙනුවෙන් පාර විවර වෙන්නේ.

මර්කන්ටයිල් ආයතනයේ ලිපිකරුවෙක් විදියට පටන් ගත්ත මගේ ජීවිතේ අවුරුදු තුනකට පස්සෙ මම උසස්වීමක් ලබනවා විධායක නිලධාරියෙක් හැටියට. තව අවුරුදු තුනකට පස්සෙ සහකාර කළමනාකාරවරයෙක් හැටියටත්, ඊටත් පස්සෙ වැඩ බලන කළමනාකාරවරයෙක් හැටියටත් උසස්වීම් ලබනවා. අනතුරුව කළමනාකාරවරයෙක්, ජ්‍යේෂ්ඨ කළමනාකාරවරයෙක් හැටියටත් මම පත් වෙනවා. ඊට පස්සෙ මම අවුරුදු නවයක් කටයුතු කරන්නෙ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක් හැටියටයි. එතැනිනුත් පස්සෙ සාමාන්‍යාධිකාරීවරයකු බවට පත්වෙනවා. ඊටපස්සෙ මම අධ්‍යක්ෂවරයෙක් විදියට පත්වෙලා දැන් මම ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනවා.

මේ අතරේ ඔබ යූනියන් ඇෂුවරන්ස් සමාගමට සම්බන්ධ වෙනවා. කොහොමද මේක වෙන්නෙ

මම වැඩ කළේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගමේ රක්ෂණ දෙපාර්තමේන්තුවේ. අපි ජාතික රක්ෂණ සමාගමේ ප්‍රධාන නියෝජිත. මම මෙහෙම ඉන්නකොට මර්කන්ටයිල් සමාගමේ සභාපතිවරයා වුණු ජයවර්ධන මහත්මයා හැදුවා යූනියන් ඇෂුවරන්ස් සමාගම. එතුමා තමයි නිර්මාතෘ. එතකොට මර්කන්ටයිල් රක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සියලු ම සේවකයන් යූනියන් ඇෂුවරන්ස් සමාගමට අනුයුක්ත කළා. එතැන් ඉඳන් මම අවුරුදු 27ක් යූනියන් ඇෂුවරන්ස් සමාගෙමේ වැඩ කරනවා. එතැන මම අවසාන වශයෙන් සිටියේ සහකාර සාමාන්‍යාධිකාරිවරයෙක් විදියට.

සාමාන්‍යාධිකාරීවරයකු වශයෙන් පත්වෙද්දි ඔබේ වයස කීයද?

එතකොට වයස අවුරුදු 46 යි.

ඔබ ඉදිරියට යන්නට පටන් ගන්නේ යූනියන් ඇෂුවරන්ස් සමාගම හා සම්බන්ධ වුණාට පස්සෙ ඉඳන්...

මෙහෙමයි. මර්කන්ටයිල් ආයතනයේ මම වැඩ කළේ ලිපිකරුවකු හා විධායක නිලධාරියකු හැටියට. ඊට පස්සෙ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර කළමනාකාර තනතුරේ ඉඳන් සහකාර සාමාන්‍යාකාරීවරයකු වෙනකම් හිටියා.

මේ අතරෙ ඊගල් රක්ෂණ සමාගමට සම්බන්ධ වෙනවා?

ඇත්තට ම එතැන සිද්ධ වුණේ ඊගල් රක්ෂණ සමාගමෙන් ආරාධනාවක් ලැබෙනවා සාමාන්‍යාධිකාරීවරයකු වශයෙන් සම්බන්ධ වෙන්න කියලා. 2009 දි මම ඒ අනුව යනවා ඊගල් රක්ෂණ සමාගමට. AIA රක්ෂණ සමාගම විසින් ඊගල් රක්ෂණ සමාගම මිලදී ගත්තා. එහිදී මට උසස්වීමක් ලැබෙනවා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විදියට. අවුරුදු 11ක් AIA රක්ෂණ සමාගමේ මම වැඩ කළා.

අතරමැදදි ඔබ AIA රක්ෂණ සමාගමෙන් ඉවත් වෙනවා. ඒ තවත් සිහිනයක් හඹා යන්න...

ඔව්, මට තිබුණා සිහිනයක්. ඒ තමයි රක්ෂණ නියෝජිතයන්ට ලෝකයේ තියෙන ඉහළ ම සම්මානය තමයි MDRT එහෙමත් නැත්නම් මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් කියන සම්මානය. මගේ අතින් මේ සම්මානලාභීන් දහස් ගණනක් බිහිවෙලා තියෙනවා. එහෙම වෙන්න මම ගොඩක් අතහිත දීලා උදව් කරලා තියෙනවා. අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ මට තිබුණා ලොකු සිහිනයක්; රක්ෂණ අලෙවිකරුවකුට ලැබෙන ඉහළ ම සම්මානය මටත් ලබා ගන්න. මට ඕන කමක් තිබුණෙ නෑ නිලධාරියෙක් හැටියට ඒ සම්මානය ගන්න. 2020 අවුරුද්දෙදි මම ඒකෙන් ජයග්‍රහණය කළා.

එතකොට ඔබ AIA රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්. කොහොමද නිලධාරියකු නොවී මේ සම්මානය ගත්තෙ.

මම මගේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වුණා. AIA රක්ෂණ සමාගමට ම මම රක්ෂණ අලෙවිකරුවකු ලෙස වැඩ කළා. මම සම්මානය ගත්තෙ දවස් 133කින්. ලංකාවේ දින 133ක් ඇතුළත MDRT කරලා සම්මානය අරන් ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූ පළමු වැන්නා මම.

ඔබ එනවා පියවරෙන් පියවර ඉදිරියට. ඇයි අපි මුලින් පටන් ගන්න ඕන

මම හැම තනතුරක ම වැඩ කරලා තියෙනවා. ඒ නිසා හැම සේවකයෙක්ගෙම හද ගැහෙන රාවය මම හොඳින් හඳුනනවා. සේවකයකුට ඇවිත් මට බොරුවක් කියන්න හරි, කරන්න හරි බැහැ. එතකොට මාව රවට්ටන්න බැහැ. දන්නෙ නැති කෙනෙක් මේ තත්ත්වයට එකපාර ආවම එයා දන්නෙ නෑ මේ වැඩ කටයුතු කෙරෙන විදිය. නායකයෙක් විදියට තමන්ගෙ විෂය ගැන පුළුල් දැනුමක් තියෙන්න ඕන. සේවකයන් ගැන බලන්න, ආයතනය දියුණු කරන්න මේ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ විෂය දැනුම පුළුල් නම් පමණයි.

මොකද්ද මේ ක්‍රමවේදය

මම හරි ක්‍රමවේදයකට වැඩ කරන කෙනෙක්. මට පිළිවෙළට වැඩ ඕන. ඒ වගේම මම සිහින හඹා යන්නෙක්. ඒ සිහින සැබෑ කරගන්න මම මහන්සියෙන් වැඩ කරනවා.

දියුණු වෙන කෙනකුට ඔබ යෝජනා කරන ගමන් මාර්ගය එහෙමත් නැත්නම් වගා කරගත යුතු ගතිගුණ මොනවාද?

අවංක වීම තමයි පළමු වැනි එක. වැරදි මාර්ගවලින් සල්ලි හම්බු කරන්න හොඳ නෑ. සාමාන්‍ය සේවකයකු නොවී අත්‍යවශ්‍ය සේවකයකු වීම ඉතා වැදගත්. තමන් කරන දේ ගැන හොඳට හදාරන්න ඕන. හැදෑරීම නිසා වැරදි තීරණ ගැනෙන්නෙ නෑ. ඕනෑ ම කෙනකුට දියුණු වෙන්න පිපාසාවක් තියෙන්න ඕන. සිහින තියෙන්නත් ඕන; ඒ සිහින ඉෂ්ඨ කරගන්න ක්‍රියාපටිපාටියක් තියෙන්නත් අවශ්‍යයයි. ඒ වගේම තීරණ ගන්න බය වෙන්න හොඳ නැහැ. වෙනස් වීම් කරන්න පැකිලෙන්න හොඳ නැහැ. තාක්ෂණික දේවල් ගැන දැනුම්වත් වෙන්න ඕන. ඒවායේ යාවත්කාලීන වීම් අධ්‍යයනය කිරීම වැදගත්. මේ දේවල් දියුණු වෙන කෙනකුට අත්‍යවශ්‍යයයි.

මේ වෙනුවෙන් මොනවද ජීවිතේ කැප කළ දේවල්...

මගේ MDRT සම්මානය ගන්න මම අධ්‍යක්ෂ ධූරයකට සමු දුන්නා. මට මගේ නිවාඩු කාල අහිමි වුණා. මගේ පවුලේ සාමාජිකයන් සමඟ ගනුදෙනු කරන්න තියෙන කාලය අහිමි වුණා. මම බිරියත් එක්ක කතා කරලා ඒවා ලස්සනට කළමනාකරණය කරගත්තා. දරුවො ලොකු වෙද්දි මම එයාලා එක්ක ගත කරන්න තියෙන කාලය අඩුකරලා රැකියාව වෙනුවෙන් කාලය යෙදෙව්වා. ආයතන දියුණු කරන්න මම දිවා රෑ නොබලා වෙහෙසුණා. මගේ ජීවිතයේ මට එක වුණේ රාජකාරිය. මම මගේ රාජකාරියට රැයක් දවාලක්, සෙනසුරාදාවක්, ඉරිදාවක්, පෝයක් බාධාවක් කරගෙන නෑ. ජීවිතේ ජයගන්න නම් ලැබෙන පඩියට වඩා වැඩ කරන්න ඕන. එහෙම කළාම සොබාදහම පවා අපට ආශීර්වාද කරනවා. කිසිම දවසක මම මගේ සිහින කැප කරලා නෑ. හැබැයි ඒ සිහින ඉෂ්ඨ කරගන්න ගොඩක් දේවල් කැප කරලා තියෙනවා.

මේ ශක්තිය ලැබෙන්නෙ කොහෙන්ද

මගේ අම්මා දීර්ඝ කාලයක් ආනන්දෙ කොල්ලන්ට ඉංග්‍රීසි උගන්නපු යකඩ ගැහැනියක්. අම්මා මම පළවෙනියට රැකියාවට යන දවසෙ කියපු දෙයක් තමයි, ‘පුතේ උඹ සමාගමට වටිනාකමක් ඇතිකරන කෙනෙක් වෙයන්‘ කියන එක. මාත් එක්කම ලිපිකරු වෘත්තියට ආ අය, එහෙමත් නැත්නම් මට වඩා වසර කිහිපයක් ප්‍රවීණ ව සිටි අය එක තැනින් හිර වුණා; නැත්නම් නැවතුණා. මම ආයතනයට වටිනාකමක් එකතු කළ අයෙක් වීම නිසා තමයි මම ඉදිරියට ආවෙ. ඒ වගේම මට වැඩක් පටන් ගත්තොත් ඒක ඉවර කරනකම් නවත්තන්න බැරි පුරුද්දක් තියෙනවා. මම ඒකෙන් ආශ්වාදයක් විඳිනවා. ඒක පඩියක් ලැබුණත් නැතත් මම ආසාවෙන් කරන දෙයක්. ආත්ම තෘප්තිය හරි වැදගත්. ඒ නිසා මට සොබාදහමෙන් ආශීර්වාදය ලැබෙනවා.

සේවකයන් සමඟ ඔබ කටයුතු කරන්නේ කොහොමද?

එක එක අය දක්ෂ එක එක දේවල්වලට. ඒවා හඳුනාගෙන මම ඒ අයට වඩාත් හොඳින් කරන්න පුළුවන් දේ පවරනවා. එතකොට ආයතනික වශයෙන් අපට හොඳ ප්‍රතිලාභ ලැබෙනවා; ඒ වගේම සේවකයනුත් වැඩ කරන්නේ සතුටෙන්. අපි හැමෝටම උපදිනකොට ම යම් හැකියාවක් ලැබෙනවා. ගොඩක් අය මේක හංගා ගන්නවා. නායකයකු වශයෙන් අපි දැන ගන්න ඕන ඒ හැකියාව ඇදලා එළියට ගන්න. අවුරුදු 40ක සේවාකාලය ඇතුළත මගේ අතින් බිහි වුණු දක්ෂයන් අපමණයි. එක ම දේ අපි හඳුනා ගන්න ඕන ඔවුන්ගේ දක්ෂතා.

මොන බාධක ආවත් ඉදිරියට යන්න සේවකයන් දිරිමත් කරන්නේ කොහොම ද?

ඉදිරියට යන අයට බාධක වැඩියි. අපි අරමුණුවලට යද්දී බාධක ඇතිවීම ස්වභාවිකයි. පද හදනවා. නැති චෝදනා කරනවා. ඒ කිසිවක් සිතට ගත යුතු නෑ අපි හරි නම්. එවැනි දේ ජීවිතයට පන්නරයක් කරගත යුතුයි. එවිටයි සිහින සැබෑ වෙන්නේ. අපේ සිහින අපි දියුණු කරන්න නම් කැපවීම කරන්න අවශ්‍යයයි. ඒ නිසා කොනිතත්දි, කකුලෙන් අදිද්දී, වඩාත් ශක්තිමත් විය යුතුයි.

කොහොමද පෞද්ගලික ජීවිතේ.

විවාහ වෙන්නේ කොයි කාලෙද?

මම විවාහ වෙන්නේ 1989 වසරේ. ඒ වසර 8ක පෙම් සබඳතාවකින් පසුව. ඇය භද්‍රා සේනානායක. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දුව තාහරා සේනානායක, පුතා ලිලාන් සේනානායක. මගේ බිරිය මට රාජකාරී ජීවිතේදී විශාල හයියක්. ඇය මට රාජකාරියට දෙන නිදහස තමයි මගේ සාර්ථකත්වයේ රහස. දුවයි පුතයි වැඩ කරන්නෙත් මේ ක්ෂේත්‍රයේමයි. දියණිය විවාහකයි. බෑනා මියුරු. ඔහුත් රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩකරනවා. අපි ඇත්තටම රක්ෂණ පවුලක්. මගේ දුවට පොඩි පුතෙකුත් ඉන්නවා.

නිදහස් වෙලාවට මොකද කරන්නෙ?

මම ගොඩක් කැමැතියි ගෙදර කට්ටිය එක්ක කාලය ගත කරන්න. ඒවගේම පීනන්න මම හරි කැමතියි. මිත්‍රයො එක්ක ගත කරන්නත් කැමතියි.

පොත් කියවනවද?

මට පොත් කියෙවෙනවා නම් අඩුයි; ගොඩක් කාර්යබහුල නිසා. ඒත් මම රෑට අන්තර්ජාලයට ගිහින් මට අවශ්‍ය තොරතුරු සොයනවා. ඒවා ගැන යාවත්කාලීන වෙනවා. අද ලෝකය ම අපි ගාව තියෙනවා; අන්තර්ජාලය නිසා.

සාමාන්‍යයෙන් සංචාරය කරන්න කැමැති කොහේද?

කැලෑවලට යන්නයි කැමති. සොබාදහම එක්ක ළඟින් ඇසුරු කරන්න මම නිතරම උත්සාහ කරනවා. රටවල් 21 කට විතර මම ගිහින් තියෙනවා. ඒත් ලංකාව තරම් ලස්සන රටක් වෙන කොහේවත් නෑ. කොයිතරම් ලස්සන තැන් තියෙනවාද ලංකාවේ. ඒ වගේ තැන්වලට යන්න හරි කැමතියි.

පාවිච්චි කරන්න කැමැති බ්‍රෑන්ඩඩ් දේවල්ද?

මෙහෙමයි. මට හීන තිබුණානෙ. ලිපිකරුවෙක් විදියට වැඩ පටන් ගනිද්දි මට ලොකු හීනයක් තිබුණා, කවදහරි BMW කාර් එකක් ගන්න ඕන කියලා. මගේ පළවෙනි කාර් එක අම්මා අරන් දුන්නු ෆොක්ස්වැගන් එකක්. ඒක පාවිච්චි කරන ගමන් මගේ හීනෙ තිබුණෙ BMW කාර් එකකට. අද ඒ හීනය හරි. ඇඳුම්වලත් මම ආස බ්‍රෑන්ඩ් තියෙනවා. ඒවා රටවලට ගියාම මම ගන්වනවා. විශේෂයෙන් ම පෑන සහ ෂර්ට් එක බ්‍රෑන්ඩඩ් පාවිච්චි කරන්න මම ආසයි.


ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලුම් සේනානායක මහතා, විධායක අධ්‍යක්ෂ ධූරයට පත්කෙරෙයි

ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා එම සමාගමේ, ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පසුගියදා පත්කෙරුණි. ඒ,  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ද අනුමැතිය සමඟිනි.

ආචාර්ය සේනානායක, 2021 මාර්තු මාසයේදී ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වූ අතර, ඔහුට රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි අත්දැකීම් ඇත. රක්ෂණ වෘත්තීකයෙකු ලෙස MDRT (Million Dollar Round Table) සන්ධිස්ථානය ශ්‍රී ලංකාව තුල දින 133කින් ළඟාකරගත් ඒ මහතා, මෙරට රක්ෂණ කර්මාන්තය තුළ MDRT සන්ධිස්ථානය මෙලෙස ළඟාකරගත් පළමු සහ එකම ප්‍රධාන විධායක නිලධාරීවරයා වීම ද විශේෂත්වයකි. ආර්පිකෝ රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට අමතරව එම මහතා, රිචඩ් පීරිස් ඩ්‍රිස්ට්‍රිබියුටර්ස් (Richard Peiris Distributors) සහ රිචඩ් පීරිස් ෆයිනෑන්ස් (Richard Peiris Finance Company) යන සමාගම්වල ද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

ජාතික රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නියෝජිත සමාගම වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගමෙන් වර්ෂ 1982දී තම රක්ෂණ වෘත්තීය ආරම්භ කළ ආචාර්ය සේනානායක, අනතුරුව යූනියන් ඇෂුවරන්ස් සමාගමේ වසර 27කට වැඩි කාලයක් සේවය කළේය. ඔහු එහිදී සහකාර සාමාන්‍යාධිකාරී ධූරය දක්වා උසස්වීම් ලබාගැනීමට ද සමත් විය. පසුකාලීනව සාමාන්‍යාධිකාරී- මෙහෙයුම් ලෙස AIA ඉන්ෂුවරන්ස් සමාගම සමඟ එක්වුණු ඒ මහතා, දශකයකට වැඩි එම සේවා කාලය තුළ අධ්‍යක්ෂ- මෙහෙයුම් තනතුර දක්වා උසස්වීම් ලැබුවේය.

″ආචාර්ය කැලුම් සේනානායක මහතා විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීම සැබවින්ම වැදගත් අවස්ථාවක්. ඔහුගෙන් අපගේ සමාගමටත්, ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයටත් ලැබෙන සේවාව අතිශය ප්‍රශංසනීයයි. ඔහු ලබාදෙන උපායමාර්ගික මඟපෙන්වීම තුළින් දැවැන්ත ජයග්‍රහණ කරා සමාගම මෙහෙයවීමට අපට හැකිවනු ඇත″, යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමේ සභාපති රමල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

″ආර්පිකෝ රක්ෂණ සමාගම වැනි ප්‍රමුඛ ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීමට හැකිවීම මා ලද ගෞරවයක්. අභියෝගාත්මක පරිසරයක වුව ද ඉතා ශක්තිමත් අනාගත සැලසුම් අප සතුයි″, යනුවෙන් ආචාර්ය කැලුම් සේනානායක මහතා පැවසුවේය.

සිය වෘත්තීය ජීවිතය තුළ Munich Re, Hannover Re සහ Reinsurance Group of America (RGA) වැනි ගෝලීය ප්‍රතිරක්ෂණ සමාගම් සමඟ ද ශක්තිමත් සබඳතා ගොඩනඟාගැනීමට ආචාර්ය සේනානායකට හැකිවිය. දශක කිහිපයක් පුරා නව ව්‍යාපාර ප්‍රාරක්ෂණය, රක්ෂණ ඔප්පු හිමියන්ට සේවා සැලසීම, හිමිකම්, සමූහ ජීවිත රක්ෂණ ප්‍රාරක්ෂණය, ප්‍රතිරක්ෂණය, සබඳතා මධ්‍යස්ථාන, පාරිභෝගික සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රමෝපායික සහ මෙහෙයුම් දැනුමක් ද ඔහු සතු ය.

කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වන ආචාර්ය සේනානායක, Worldview Institute හි ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ University of Western Sydney හි ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරියෙකි. මීට අමතරව, London University of Peace මගින් ඔහුට ව්‍යාපාර පරිපාලනවේදී ආචාර්ය උපාධියක්ද පිරිනමා තිබේ. එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල රක්ෂණ කර්මාන්ත පුහුණුව ද ලබා ඇති ඔහු, තම වෘත්තීය දිවිය තුළ 20,000කට අධික රක්ෂණ වෘත්තිකයින් ගණනක් පුහුණු කර තිබේ.

ආර්පිකෝ රක්ෂණ සමාගම පරිත්‍යාග, සෞඛ්‍ය, කාලීන, සමූහ, ණය රක්ෂණය හා අධ්‍යාපන, ආයෝජන, විශ්‍රාම සහ සහන සැලසුම් වැනි රක්‍ෂණ විසඳුම් රැසක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ වඩාත් විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක්වන වසර 90ක ඉතිහාසයක් ඇති Richard Pieris & Company PLC හි අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන මෙරට ප්‍රධානම ජීවිත රක්‍ෂණකරුවන් අතර සිටින ගෞරවනීය ජීවිත රක්‍ෂණ සමාගමකි.

 

 

Saturday, April 20, 2024

සමන් පුෂ්ප ලියනගේ නැමති පෝතක බාලදක්ෂයා

කොළඹ බාලදක්ෂ දිසා රැළි එක් දහස් නවසිය හැට ගණන්වල අගභාගයේදී පැවැත් වූයේ විහාරමහාදේවි උද්‍යානයේ නොවේ. කොළඹ ගොල්ෆ් පිටියේය. එවකට මා 15වැනි කොළඹ බාලදක්ෂ සමූහයේ වෘක පෝතකයෙක්. වෘක පෝතකයන් වූ අපට කඳවුරේ රැය ගතකරන්නට අවසර ලැබුණේ නෑ. එහෙත් කොළඹ දිසා කඳවුර පැවැත්වෙන දිනවලින් එකක් වෘක පෝතකයන් සඳහා ද වෙන් වෙලා තිබුණා. වෘක පෝතකයන් සඳහා වෙන් වූ ඒ දිනයට සෑම පාසලකම ඉන්න පෝතකයෝ කඳවුර බලන්න ආකේලා එක්ක එනවා. අපි දෙදෙනා බැගින් අත්වැල් බැඳගෙන කඳවුරු ක්‍රියාකාරකම් කරන්නත් හැමතැනම ඇවිදල බාලදක්ෂ අයියලගෙ පුරෝගාමී වැඩබලන්නත් තිබුණේ ලොකු උනන්දුවක්. 

ප්‍රවීණ නාට්‍යයකරුවෙක් වෙන්න කලින් පෝතකයෙක්

එක්සත් රාජධානියේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල එවකට ප්‍රධාන බාලදක්ෂ ධුරය හෙබැවු චාර්ල්ස් මැක්ලීන් (පසුව මැක්ලීන් සාමිවරයා) ලංකාවට පැමිණි අවස්ථාවක පිළිගැනීමේ රැළියක් මහ ඉහළින් පැවැත් වූණා. එතුමාට දෙවැනි එළිසබෙත් රැජිනගේ සාමිවර ධුරය 1971දී ලැබුණු බව වාර්තාවල සඳහන්. විශාල කවයකට වෘක පෝතකයන් වන අප රැස්කොට එතුමා අප හා සංවාදයේ යෙදුණා. 
 

 
වෘක පෝතක කැල මෙහෙය වීමේ උදාන පාඨ කීමට ඔහු කැප් තොප්පියේ තරු දෙකක් ඇති වෘක පෝතකයකු සොයා කවය වටා බැලුවේය. රවුමේ සිටි වෘක පෝතකයන්ගෙන් කැප් තොප්පියේ තරු දෙකක් තිබුණේ මට පමණයි. මම තමයි කවය මෙහෙයවීම් කලේ. “කරාවු කරාවු කරාවු” මම කීමි. “කරාමි කරාමි කරාමි” කවයේ සිටි අනෙක් වෘක පෝතකයෝ කීවෝය. කැප් තොප්පියේ පැළඳන තරු මට ඉබේ ලැබුණු ඒවා නොවේ. පළමු සහ දෙවැනි පන්තියේ පරීක්ෂණ 20ක් පමණ සමත් වූ පසු ලැබුණු ඒවා.
 
Chief Scout Sir Charles Maclean
 
චාර්ල්ස් මැක්ලීන්ගේ ඇඳුම කුඩා අපට විහිලුවක් බඳු වූයේ ස්කොට් ජාතික ඇඳුම ඇඳි කිසිවකු පින්තූරයකින් හෝ අප දැක නොතිබුණු නිසාය. උඩු කය බාලදක්ෂ නිල ඇඳුමකින් සැරසුණු ඔහු යටි කයට ඇන්ඳේ සායක් බඳු ස්කොට් ඇඳුමයි. එය බැගී පයිප් බෑන්ඩ් (Baggy Pipe Band) වාදකයන්ගේ ඇඳුමට සමානය.

අමතක නොවෙන බාලදක්ෂ කටයුතු එහෙම මොනවාද

වයස අවුරුදු 12 ලැබූ විට වෘක පෝතක බවෙන් මිදී බාලදක්ෂයකු වීමේ වරම අපට ලැබුණා. ඒ එක්දහස් නවසිය හැත්තෑව, හෑත්තෑඑක පමණ කාලයේය. ඒ කාලයේ විහාර මහා දේවි උද්‍යානයේ ඒ පැත්ත පට්ට පාළුය. ඒ වටා උසට වැඩුණු මානා පඳුරු මිස මිනිස් පුළුටක් පෙනෙන්නට නොතිබිණි. කොළඹ මහජන පුස්තකාලය අවට විහාර මහාදේවි උද්‍යානයේ මා රැය පහන් කළේ තනිවම නොවේ. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය සමඟය. අවුකූස්ටකෙ අදටක් ගොඩක් කට්ටිය මේ ස්මාරකේට මුවා වෙලා ඉන්නවා හෙවණක් විදිහට. ඉස්සර පෙම්වතුන්ගෙ තිප්පලක් වෙලා තිබ්බට දැන් එතන ලගින්න දෙන්නෙ නැහැ වැඩි වෙලාවක්. 

15වැනි කොළඹ බාලදක්ෂයෝ

කාලයක් තිස්සේ බාලදක්ෂයන්ගේ කොළඹ වාර්ෂික කැම්පෝරිය පැවැත්වූයේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීය. අවුරුදු කිහිපයකදීම අපේ කඳවුරු උදෙසා කූඩාරම් ඉදිකළේ කලා භවනට මුහුණලා පිහිටි පැත්තේය. කණ්ඩායම් අතර ඉවුම් පිහුම් තරගය පැවැත්වූයේ යුද ස්මාරකය සමීපයේ ය. මේ වෙන කොට කොළඹ බාලදක්ෂ කටයුතු වලට අවුරුදු 110ක්. කොළඹ දිසාවේ  සියලු බාලදක්ෂ කණ්ඩායම් සමග 15වැනි කොළඹ බාලදක්ෂ සමූහයත් එදා විහාර මහා දේවි උද්‍යානයේ කඳවුරු බැඳල තියෙනවා වසර 50වැඩි ගණක්ම.  

බාලදක්ෂ කටයුතු කරපු විදිහ මතක් කලොත්

බාලදක්ෂ කඳවුරු කුඩා අපට අතිශය විනෝදය ගෙන දෙන තැනක් වූයේය. දිවා කාලයේ කැම්පෝරිය පැවැත් වෙන භූමියේ තැනෙක බොක්සිං තරග පැවැත් වේ. තවත් තැනක රෙස්ලිං තරගය, තවත් තැනක සංගීත කණ්ඩායමකි. එදිනෙදා නිවෙසේ ගෙවන ජීවිතයෙන් මිදී අවුත් කුඩා කාලයේදීම අපි කඳවුරේ කෑම පිසගෙන සැවොම එක්ව අනුභව කළෙමු. කෑම පිසීමත් තේ පිළියෙළ කිරීමත් දෙවැනි පන්තියේ පරීක්ෂණවලදී සමත් විය යුතු වූයේය.

අප කුඩා කාලයේදීම සාමූහිකව ගයන්නටත් රඟපාන්නටත් පුරුදු වූයේ කඳවුරේ රාත්‍රී කාලයේ පැවැත්වෙන ගිනිමැල වටා වූ ජවනිකා නිසාය. බාල දක්ෂයින්ටම වෙන්වූ ගිනි මැල ගීත බොහෝය. ඉන් එකක් කඳවුරු ගැන කියන්නකි.

“පුංචි පුංචි පැල් සදාලා හරිම ලස්සනයි
පන්ති පන්ති බාලදක්ෂ කඳවුරේ සිටී
කඳවුරේ උයයි
කඳවුරේ නිදයි
බාලදක්ෂ ෂ: හරිම ලස්සනයි!”

දෙවැනි පන්තියේ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව තනි තනි පදක්කම් උදෙසා පැවැත්වෙන පරීක්ෂණවලට සහභාගීවීමේ වරම බාලදක්ෂයා ලබයි. (දැන් මේවා වෙනස් වී ඇතැයි සිතමි.) ප්‍රථමාධාර දෙන්නා, කඳවුරුකරු, පොත් කියවන්නා, කෑම පිසින්නා ආදී වශයෙන් එක් එක් කුසලතා සඳහා දිනාගත හැකි පදක්කම් රාශියක් තිබිණි. ඒවායින් මගේ සිත වඩාත්ම ඇදී ගියේ වන ශිල්පියා (Back Woods man) පදක්කමටයි. බොම්බයි ලූනු ගෙඩියේ දමා බිත්තර තම්බාගන්නටත්, මැටි ගසා දෙල් තම්බාගන්නටත්, කෝටුවක ඔතා රොටි සාදාගන්නටත් එකල අපි පුරුදු වූයෙමු. අපි කුඩා කාලයේදීම කූඩාරම් ඉදිකරන්නට රුසියෝ වීමු. 

අපිට හමු වූ අපූරුම පුද්ගලයා ජෝර්ජ් සමරසිංහ සර්

අපට කුඩා කාලයේම 15වැනි කොළඹ බාලදක්ෂ වෘක පෝතකයන් ලෙස බඳවා ගත් ප්‍රධාන බාලදක්ෂ ආචාර්යවරයා අපූර්ව පුද්ගලයෙකි. දෙහිවල කැම්බල් පෙදෙසේ විසූ ඔහු නමින් ජෝර්ජ් සමරසිංහය. ඔහු කුඩා දරුවන්ට කුසලතා ඉගැන්වීමේ අති දක්ෂයෙක් විය. අප බාලදක්ෂ කටයුතුවල නිරත වූ කාලයේත් මැදි වයස පසුකර සිටි ඔහු අවුරුදු 103ක් ආයු වළඳා මිය ගියේ දෙදහස් ගණන් වලදීය. එකල ගල්කිස්සේ සාන්ත තෝමසුන්ගේ විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාංගණය පිහිටි ඉඩම සෙනසුරාදා දිනවල 15වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ කටයුතුවලට වෙන්කර දී තිබිණි. එය පිහිටා තිබුණේ ද සේරම් පාරට සහ හෝටල් පාර අතර මැද බිම් කොටසකයි.

මීරිගම ලී දසනායක කඳවුරේ පුහුණුව

මීරිගම, කණ්ඩලම ගොවිපළ සමීපයේ පිහිටි අක්කර ගණනාවක වනාන්තර භූමියක් එකල බාලදක්ෂ කටයුතු සඳහා කඳවුරැ බඳින්නට වෙන්කර දී තිබිණි. මා දුටු විශාලම පුස්සැල්ලා වැල තිබුණේ එම වනාන්තරයේය. එකවර ළමුන් හත් අට දෙනකුට එහි ඉහළට නැගගෙන ඔන්චිල්ලා පදින්නට තරම් එම පුස්සැල්ලා වැලේ ඉඩ තිබිණි. එම වනාන්තරයේ ඇති රූස්ස ගස් නගින්නට ප්‍රමාණවත්, ශක්තිමත් කඹ එම කඳවුරේම එකල තිබුණු නිසා ඒවා ආධාරයෙන් ගස් නැගීම මීරිගම කැලයේ ජනප්‍රිය ක්‍රීඩාවක් විය. රූස්ස ගස් අතුවල කඹ දවටා පුටු ගැටය (එය විශේෂ ගැටයකි.) ආධාරයෙන් අප බිමින් ගස් උඩටත්, ගස් උඩ සිට බිමටත් යන්නට පුරුදු වීමු.

1970 අවුරුද්දේ දෙසැම්බරයේ දින හතරක් කුරුණෑගල බාලදක්ෂ මූලස්ථානයේ කඳවුර කරන්නට අපට හැකිවිය. එම ගොඩනැගිල්ල තිබෙන නිසා අපට කූඩාරම් ඉදිකරන්නට අවශ්‍ය වූයේ නැත. දැන් එම ගොඩනැගිල්ල පිහිටි පෙදෙස සෙනඟ ගැවසෙන ජනාකීර්ණ හරියකි. 1970 දෙසැම්බරයේ එහි ගත කළ දින හතර ඇතුළත අපි “ඉබ්බාගල” නැංගෙමු. කුරුණෑගල වටා ඇති ඇතාගල, ඉබ්බාගල, කුරුවෙනියාගල, ඇඳාගල, යක්දෙස්සගල ආදිය ගැන තොරතුරු රැස්කළෙමු. ඒ කාලයේ ඒවා පාළු පාරවල්ය. පසු කාලයේදී 2007දී කුරුණෑගල බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලේම නාට්‍ය වැඩමුළුවක කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණා.

සමන් පුෂ්පලියනගේ යනු වර්තමානයේ සිටින දක්ෂතම නාට්‍ය පරිවර්තකයෙක්.
 
මම මුලින්ම 1991 වසරේදි තමයි නාට්‍ය පරිවර්තනය කළේ. මුලින්ම ශේක්ස්පියර්ගේ "මැක්බත්" නාට්‍ය කළා. ඒක රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණා. ඒකෙදි කුසලතා සම්මාන තුනක් හිමි වුණා. ඒක තමයි  පළවෙනි නාට්‍ය පරිවර්තනය වුණේ. ඊට පස්සේ 1994 නාට්‍ය උළෙලේදි හොඳම පරිවර්තකයාට හිමි සම්මානය හිමි වුණා. ඒ "අධිපතියාගේ මරණ මංචකය" වෙනුවෙන්. ඒක බුද්ධික දමයන්ත අධ්‍යක්ෂණය කළා. එතැනින් පටන් ගත්ත ගමන, නාට්‍ය ගොඩක් පරිවර්තනය කළා. ඒ අතරින් "සාදය මාරයි  සල්ලි හමාරයි", “මම නෙමෙයි වෙන කෙනෙක්", “පුද්ගලිකයි රහසිගතයි" වැනි නාට්‍ය මා විසින් පරිවර්තනය කළා. 
 

රැකියාව කරන අතර තුර නිර්මාණ සඳහා කාලය වෙන්කර ගන්නේ කොහොමද? 

නාට්‍ය කියන්නේ මගේ ජීවිතයයි. ඒ නිසා රස්සාවක් කළාට කාලය කළමනාකරණය කරගෙන මම නාට්‍ය පරිවර්තනය කරන්න වෙලාව වෙන්කර ගන්නවා. මම රජයේ රුකියාවක් කරපු කෙනෙක්. ඒ රුකියාව කරද්දි වුණත් රුකියාවට බාධා නොවෙන විදිහට මම කලාව කරගෙන ගියා. මම කලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරියෙක් හැටියට සේවය කළා.

මුලින්ම ඔබගේ ග්‍රන්ථයක් එළිදැක්වූයේ කොයි කාලෙද? 

මීරිගම ආශිර්වාද ප්‍රකාශනයට "තෙල්මා" නවකතාව පරිවර්තනය කරන්න අවශ්‍ය වුණා. ඒ පරිවර්තනය එළි දක්වන්නටත් පෙරම ඒ  ප්‍රකාශනයටම තවත් නවකතා පොත් දෙකක් මම පරිවර්තනය කළා. මගේ නවකතාවලින් වැඩිපුරම අලෙවි වන නවකතාව තමයි "තෙල්මා" කියන්නේ. මගේ පරිවර්තන විෂය වෙන්නේ නාට්‍ය පරිවර්තනය. ආශිර්වාද ප්‍රකාශකයන් තමයි මට නවකතාවක් පරිවර්තනය කරන්න යෝජනාව කළේ.


“කුරිරු අඳුර" වේදිකා නාට්‍ය වේදිකාගත වන්නට සියල්ල සූදානම්. මේ වේදිකා නාට්‍ය ආරම්භය සිදුවුණේ කොහොමද? 

“කුරිරු අඳුර" වේදිකා නාට්‍ය රුසියානු කතාවක පරිවර්තනයක්. එය ටෝල්ස්ටෝයිගේ "power of darkness” නාට්‍යයේ පරිවර්තනයක්. මීට කලින් කවුරුත් ලංකාවේ මේ පරිවර්තනය කරලා තිබුණේ නැහැ. මම දන්න තරමින් ටෝල්ස්ටෝයිගේ  නාට්‍ය පරිවර්තනය කරලා තිබුණේ නැහැ. ඉතින් power of darkness නාට්‍ය තමයි "කුරිරු අඳුර" නමින් වේදිකාගත වෙන්නෙ. 

බාලදක්ෂ කඳවුරු ජීවිතය

වයස අවුරුදු 12-14 කාලයේදී අපි ගෙදරින් නික්ම දින තුන හතර බාලදක්ෂ කඳවුරුවල ගත කළෙමු. අප නිවසින් පිට යවද්දී අපේ මාපියන්ට හිතේ බියක් ලොකුවට දැනුණේ නැත. ඒ ගමන්වලින් අපේ කුසලතා වර්ධනය වන බවද අපේ මාපියෝ දැන සිටියහ. දැන් කාලයේ නම් කඳවුරකට යවන්නට තබා සවස් කාලයේ එළිමහනකට දරුවකු යවන්නට පවා ඩෙංගු ආදී ලෙඩ රෝග නිසා මාපියෝ බියවෙති. පාසලෙන්, උපකාරක පන්තියටත්, උපකාරක පන්තියෙන් ගෙදරටත් එන දරුවාට මොන කඳවුරු ජීවිතයක් ද!

මහජන පුස්තකාලය අසලින් අහසට එසවුණු යුද ස්මාරකය දකින මට සිහියට නැගෙන්නේ ලෝක යුද්ධවලින් මිය ගිය සොල්දාදුවන් නොවේ. අදටත් ආදරයෙන් සිහිකළ හැකි මගේ සුන්දර ළමා කාලයයි. එදා විහාර මහා දේවි උද්‍යානයේ පාළු කෙළවරක මාන පඳුරු මැද තිබු යුද ස්මාරකය අදටත් මට ජීවන සිහිවටනයක්. විහාර මහා දේවි උද්‍යානයේ කඳවුර බැඳ රැය පහන් කළ කැම්පෝරි දවස් ගැන නිහඩවම අදටත් කිසිවකුට නෑසෙන්නට තතු කියනා ආත්මයක් සේ දැනෙනවා.
 

 

Tuesday, April 16, 2024

ඒ.ටී.ආරියරත්න නැමති බාලදක්ෂයා - දිවංගත ඒ.ටී.ආරියරත්න මහතා බලදක්ෂ ව්‍යාපාරයට කළ සේවය වෙනුවෙනි !!!

 මම ගෙදර ගියෙමි

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතා 2024.04.16 දින පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසු වූයේ ය. සිය ජීවිත කාලයෙන් දශක හතකට වැඩි කාලයක් ලොව යහපත වෙනුවෙන් කැපවූ ඒ මානව හිතවාදී සත්පුරුෂයා පිළිබඳව ආවර්ජනය, ලොව වැඩ පිණිස කැමති කවරෙකුට වුව අගනා හැදෑරීමක් වනු ඇත. වත්මන් පරපුරට පුරාවෘත්තයක් බඳු රසවත් කථාවකි. අධ්‍යයනය කරන්නෙකුට විශ්වවිද්‍යාලයක් මෙන් වනු ඇත. එතුමා ශ්‍රී ලංකා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සම්මානිත සභාපතිවරයා ද විය. සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 සිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත්තේය.
 
1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය. ආරියරත්න මහතා බාලදක්ෂ උගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙනි. 1950දී ලංකා ජනතාවට නිස්සරණාධ්‍යාක්ෂයින් සේවයක් කිරීම උදෙසා අප්‍රතිහත කැපවීමෙන් කටයුතු කල අතර විධිමත් සමාජ සේවා කටයුත්තක් ලෙස පාසල් යන අතරේදී උණවටුන ගමේ සංවිධායක ලේකම් වශයෙන් ආරම්භ කළ කොහු කාර්මිකයන්ගේ සමුපකාර සමිතිය සමාජ සේවාවේ ආරම්භය විය. 1956 ජනවාරියේ සිට ඔහු මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත් වන්නේ විද්‍යා ගුරුවරයකු ලෙස පුහුණුවීමටය. රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ සමාජ සේවා සංගමයක් පිහිටුවා එහි ප්‍රථම සභාපති වශයෙන් සමාජ සේවය තවදුරටත් ප්‍රගුණ කළ අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධියක් ලබා ගත් ඔහුට, එම විශ්වවිද්‍යාලයෙන් ම පසුකාලීනව සම්මාන අචාර්ය උපාධියක් පිරිනැමිණි. කාලයාගේ ඇවෑමෙන් කොළඹට පැමිණි ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් විද්‍යා ගුරුවරයකු ලෙස ගුරු වෘත්තිය ආරම්භ කළේය. නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය තුළින් ශ්‍රමදාන ව්‍යාපාරය කෙරෙහි කැපවෙමින් කටයුතු සිදු කල අතර බාලදක්ෂ කටයුතු සඳහාද එක්විය. නාලන්දාවේදී බාලදක්ෂ නායක පුහුණුවේ පළමු සහ දෙවැනි අදියර සම්පූර්ණ කරන ලදී.
 
කුලියාපිටියේ ජීවත් වූ කොළඹ මියුසියස් විදුහලේ ආදි ශිෂ්‍යාවක් හා බාලදක්ෂිකාවක් වූ නීතා ධම්මචාරී ඇල්පිටිය ආරච්චි මෙනවිය සමග සරල චාම් විවාහයකින් අතිනත ගත් ආරියරත්නයන්ට දරුවන් සය දෙනෙකු සහ අද වන විට මුනුබුරු මිනිබිරියන් දොළොස් දෙනෙක් විය. තරුණ ගුරුවරයෙකු හා බාලදක්ෂ ආචාරයවරයෙකු ලෙස මරදාන දෙල්ගහයට ගෙදර සිය ජයභූමිය කරගනිමින් ගුරු සේවය හා කඳවුරු සේවාව කරන ලද අතර එල්.එච්.මෙත්තානන්ද, කළුකොඳයායේ හාමුදුරුවෝ, මඩිහේ හාමුදුරුවෝ, බද්දෙගම හාමුදුරුවෝ වැනි ගිහි පැවිදි පඩිවරුන් සමග සමීපව ඇසුරු කරමින් ජාතික, ආගමික හා සංස්කෘතික බලවේගයන් හි ප‍්‍රමුඛයකු ලෙස අත්දැකීම් ලබන අතර ඔවුන් ආරම්භ කළ ජාතික පුනර්ජීවනයේ කොටස්කරුවෙකු ද විය. ඒ ඇසුරෙන් සිය අනාගත ගමන් මගට පන්නරය ලබා ගත්තේය. ඉන්දියාවේ මහත්මා ගාන්ධි දර්ශනයේ ආභාෂය ලබන අතර එතුමන්ගේ ප‍්‍රධාන අනුගාමිකයන් වූ ආචාර්ය විනෝභා භාවේ, ජයප‍්‍රකාශ් නාරායන්, ශ‍්‍රී ජවහර් ලාල් නේරු වැනි ඉන්දීය නායකයින් හමුවේ ඔවුන්ගේ ක‍්‍රියාවන් හා අත්දැකීම් තම ජීවින දර්ශනයට ඒකාත්මික කර ගත්තේ ය. ඒ වනවිට බාලදක්ෂ ආධුනිකයෙකු ලෙස සිටි ඒ ටී ආරියරත්න මහතා විවිධ හැල හැප්පීම් මත බාලදක්ෂ ව්‍යාපාරය හැරගියේය. තරුණ ජවයත් අනුන්ට සේවය කිරීමේ අසීමිත ආශාවත් ඔස්සේ අලුත් ආරක බාලදක්ෂ කටයුතු සඳහා යෝජනාවලියක් ජාතික බාලදක්ෂ මූලස්ථානයට ඉදිරිපත් කලට ඒවා තුට්ටුවකට හෝ මායිම් නොකොට පසෙක දැමීම හේතුවෙන් බාලදක්ෂ කටයුතු සම්බන්දයෙන් බලවත් කලකිරීමට පත්වෙමින් සිටි අවධියක දිසා බාලදක්ෂ සංගමයේ විවිධ තාඩන පීඩන හමුවේ බාලදක්ෂ කටයුතු වලින් ඇත්වීම බාලදක්ෂ ව්‍යාපාරයට එල්ල කලේ වචනයේ පරිසමාප්ත අන්දමින්ම බලවත් පාඩුවකි. එම සංතල්ප ඔස්සේ පසු කාලීනව සර්වෝදය ව්‍යාපාරය තුළ බාලදක්ෂ කටයුතු බිහි කිරීමේලා එතුමා කටයුතු කලේය.
 
 
සර්වෝදය වචනය මුල්වරට භාවිතා කොට ඇත්තේ මහත්මා ගාන්ධිතුමා විසිනි. ගාන්ධීගේ අභාවයෙන් පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට ශ්‍රී නේරු උරුම කරුවූ අතර අධ්‍යාත්මික හා දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ගියේ සර්වෝදයේ මාර්ගෝපදේශකයා වශයෙන් සැලකෙන විනෝබා භාවේ තුමන් විසිනි. ඉන්දීය නිදහස් සටනට ජීවය දුන් ප්‍රබල නායකයෙකු වූ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් 1948 සේවා ග්‍රාමයේදී පැවැති රැස්වීමේදී සර්වෝදය සමාජ ක්‍රමයක් ඇති කිරීමේ මූලික පියවර ගෙන තිබේ. දුප්පත් කමින් තොර සුඛෝපභෝගී බවෙන් තොර සියල්ලන්ගේ උදාව ලෙස සර්වෝදය අර්ථ දක්වා තිබේ. 1959 මාර්තු මාසයේ අවසන් සතියේ නවදිල්ලියේදී පැවැති New education fellow ship සමුළුවේදී මහාචාර්ය ඒ. රාමචන්ද්‍රන් පැවැත්වූ දේශනයේදී සර්වෝදයේ දාර්ශනික පදනම විග්‍රහ කොට තිබේ. සමුළුවට සහභාගි වී සිටි ඒ. ටී. ආරියරත්න ගුරුවරයා මෙම අදහස මැනවින් අවබෝධ කරගත්තේය. එදවස සර්වෝදය දර්ශනය ඉන්දීය සංවර්ධනය මෙහෙයවූ මතවාදයක් විය. 
 
කොළඹ ආනන්ද, නාලන්ද මහ විදුහල් දෙකෙහිම වරින්වර විදුහල්පතිකම් දැරූ දිවංගත එස්. ඩබ්. කරුණානන්ද මහතා එදවස නාලන්ද විදුහල්පතිවරයා විය. ඒ.ටී. ආරියරත්න මහතා එදවස නාලන්දා විද්‍යාලයේ වයස 26ක තරුණ විද්‍යා ගුරුවරයෙක් වූයේය. නාලන්දා සමාජ සේවා සංගමයේ උප සභාපති වූ ඒ. ටී. ආරියරත්න මහතා 1958 දෙසැම්බර් 8 වැනිදා කොළඹ නාලන්දා විද්‍යාලයයේ උසස් පෙළ පාසල් ශිෂ්‍යයින් හතලිහක් සහ ගුරුවරුන් දොලසක් සමග ගාල්ල කලපුලුව ගම්මානයේ කල අධ්‍යාපන චාරිකාවක් සූදානම් කලේය. එදා පැවති කුලහීන යැයි සැලකෙන ගම්වල පැවති පීඩනය අතිශයින් අත්දැකීමට හැකි වූ බව එතුමා කම්පනයට පත් කලේය. මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේය. 
 
පැවති දේශපාලන ප්‍රවාහයේ උපරිම සහයෝගය ලබා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කල අතර කලපුලුව ශ්‍රමදාන කඳවුරට එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් පණිවිඩයක් එවා තිබුණි. පණිවිඩය රැගෙන පැමිණියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විය. ‘සෙසු ජනතාව විසින් නොසලකා හරින ලද අවාසනාවන්ත ජනයා වෙසෙන ඒ ගමේ වැසියන්ගේ උන්නතිය සැලසීමට නාලන්දා සමාජ සේවා සංගමය ගත් පියවර ඉතා විශිෂ්ට ජන සේවා ක්‍රියාමාර්ගයක් ලෙස සලකමි.’ අගමැතිවරයාගේ මෙම පණිවිඩය සැබවින්ම ශක්තියක් විය. පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කළේය. කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් ශ්‍රමය කැප කිරීම ශ්‍රමදානය ලෙස අර්ථ දක්වා තිබේ. දිවයිනේ දීප්තිමත් පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය සර්වෝදය බවට රූපාන්තරනය වන්නේ 1962 දීය. එවකට පැවැති නොයෙක් ස්වේච්ඡා ආයතන වූ සිංහ සමාජ, බාලදක්ෂ, බාලදක්ෂිකා, රතුකුරුස, සෞඛ්‍යදාන, රොටරි ආදි ව්‍යාපාර අතර දේශීය ව්‍යාපාරයක් ලෙස සර්වෝදය පෙරමුණේ ලා ගැනෙන්ට විය. දේශපාලන බලාධිකාරයේ සහයෝගය සමගින් 60 දශකයේදී සර්වෝදය ගම් 100 සංවර්ධන ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර 1969 පිලිපීන රජයෙන් රැමෝන් මැග්සයිසේ සම්මානය පෞද්ගලිකව ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාට පිරිනමනු ලැබීය. සම්මානය සමග ලද ඇමෙරිකානු ඩොලර් දසදහසක මුදල සර්වෝදයට පරිත්‍යාග කිරීමට ආරියරත්න මහතා කටයුතු කළේය.
 

 
සිරිලක බාලදක්ෂ එරීනා කලාවේ නම් දැරූ පතාක යෝධයන් අතර ඩයස් ගුණරත්න නම රන් අකුරින් ලියැවී ඇත. ඩයස් ගුණරත්නයන් බාලදක්ෂනය උගත්තේ I.K.G.චන්ද්‍රසේන මහතාගෙනි. චන්ද්‍රසේන මහතා, J.ලයනල් සිල්වා, සාලිය රාජ කරුණා සහ නිහාල් ද මෙල් මහත්වරු සිරිලක ප්‍රථම පූර්ණ කාලීනව ක්ෂේත්‍ර කොමසාරිස්වරු සමකාලීනයේ වූහ. එකල මොරටු පිළියන්දල බාලදක්ෂ දිසාවේ බොහෝ පිරිස් සර්වෝදය ව්‍යාපාරය හා එක් වූහ. ඒ අතරින් අයි.කේ.ජී.චන්ද්‍රසේන මහතා ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. බාලදක්ෂ කටයුතු ද යෝදා ගනිමින් විවිධ අත්හදා බැලීම් ඇසුරින් බිහි කළ "සර්වෝදය ව්‍යාපාරය" කරළියට රැගෙන ඒමට අයි.කේ.ජී.චන්ද්‍රසේන මහතාගේ බාලදක්ෂ ශිල්පීය ඥානය බොහෝ ප්‍රයෝජනවත් විය. චන්ද්‍රසේන මහතා සතු නිර්මාණශීලී බාලදක්ෂ ශීල්පීය ප්‍රගුණත්වය සර්වෝදය ව්‍යාපාරය මැනවින් සමාජගත වීමට සෘජු බලපෑම් කළේය. ශ්‍රමදාන ව්‍යාපාර, ප්‍රජා සේවා කටයුතු රට පුරාම ක්‍රියාත්මක කලේය. පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය පිරිසුදු කිරීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රමුඛ වේ. සතර දිගින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් තරුණයන් විසින් සිදු කළ සේවා කටයුතු සියලු දෙනාගේම ඇගයීමට ලක් වූයේය. රාවතාවත්ත, මොරටුව සර්වෝදය මධ්යස්ථානය ප්‍රදේශයට පමණක් සීමා නොවී මන්නාරම, අනුරාධපුරය, රත්නපුරය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලද සර්වෝදය ව්‍යාපාරය සාර්ථක ලෙස ව්‍යාප්ත කෙරිණ.

ආරියරත්න මහතා තුළ ඇති චතුර කථිකත්වය සහ දාර්ශනික දැනුම සර්වෝදයේ කීර්තියට තදින්ම බලපෑවේය. එතුමා විසින් රචනා කර ඇති ග්‍රන්ථ සහ ලිපි ලේඛන දෙස බලන විට එය මැනවින් පැහැදිලි වේ. බුදු දහම පමණක් නොව වෙනත් කුමන විෂයයක් පිළිබඳව වුව ද ඔහුට ඇත්තේ අසීමිත දැනුමකි. පොතපත කියවීමෙන් ඔහු තම දැනුම ප්‍රගුණ කරගනු ලැබුවේ පාසල් අවදියේ සිටය. මෙම කරුණු විමර්ශනය කර බලන විට ඔහු නියත වශයෙන්ම බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කාරණා හතර මගින් මනස සකස් කිරීම දාන, ප්‍රිය වචන, සාමානාත්මකව සහ අර්ථ චරියා හැම විටම ආරියරත්නයන් පිළිගත් සිද්ධාන්තයක් වී තිබේ. ඇතැම් විට ආරියරත්නට සිදු වූ විවිධ අඩත්තේට්ටම් සහ කුරිරු හිරිහැර ඇති වූ අවස්ථාවලදී ඉවසීමෙන් ඒ සියල්ල විඳ දරා ගැනීමට ක්‍රියා කළ ආකාරය එතුමා තුළ පැවැති යහගුණය විදහා දැක්වෙන කැඩපතක් බඳුය.

කලපුලුව මෑනෑව කඳවුරුවලින් පසුව පාසල් දරුවන් සහභාගිකර ගනිමින් දිවයින පුරා ශ්‍රමදාන කඳවුරු පවත්වා තිබේ. දෙනියාය, වතුරව, ඕපනායක අකරැල්ල, මඩකලපුව, පනිච්චංකර්නි, යාපනේ නිර්වේල් කයිතඩි උදාහරණ කිහිපයකි. 1958 බණ්ඩාරනායක රජයේ අමාත්‍යවරු සංඛ්‍යාව 14කි. 1959 ජුනි 09 දින සංශෝධනයෙන් සමාජ සේවා හා සංස්කෘතික වශයෙන් ඇමැතිවරුන් දෙදෙනෙක් පත්විය. සමාජ සේවා අමාත්‍යාංශය බිහිවීම සඳහා මෙම ශ්‍රමදාන සමාජ මෙහෙවර බලපා ඇති බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි. වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, එදවස ශ්‍රමදාන කඳවුරට එක්වූ රාජකීය විද්‍යාල ශිෂ්‍යයෙකි. හිටපු ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා දිවංගත ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා ආරියරත්න මහතාගේ සර්වෝදය ශ්‍රමදාන කඳවුරු එතුමාට සමීපව සිට සංවිධානය කළ සිසුන් දෙදෙනෙකි. මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් රැසක් මෙම අත්දැකීමෙන් ජීවිත මුවහත් කරගෙන තිබේ. ප්‍රවීණ සිනමා නළු ගාමිණී ෆොන්සේකා එදා ශ්‍රමදාන කඳවුරුවලට නිතර සහභාගි වූ තරුණයෙකි.ෙ

ආරම්භයේ සිටම සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ඔහු විසින් හඳුන්වන ලද්දේ තිරසාර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීමක් ලෙසය. ප්‍රජාවගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ උන්නතිය සඳහා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් යොදාගත හැකි ආකාරය ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය. සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්ම දස පාරමිතා, සප්ත අපරිහානීය ධර්ම, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නොයෙක් සූත්‍ර ධර්මයන් ආදී ඉගැන්වීම් ඔහු ඉතා ප්‍රායෝගික ලෙස හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැනි බෙ!ද්ධ නොවන ප්‍රජාවන් ද ඇතුලත් ග්‍රාමීය ප්‍රජාවන් 15,000 කගේ එදිනෙදා ජීවිතයට හඳුන්වා දුන්නේය. පෞරුෂෝදය (මානව පෞරුෂයේ උදාව), කුටුම්බෝදය (පවුලේ උදාව), ග්‍රමෝදය (ගමේ උදාව), නගරෝදය (නාගරයේ උදාව) දේශෝදය (ජාතියේ උදාව) සහ විශ්වෝදය (ලෝකයේ විශ්වයේ උදාව) ඔහු සිය සගයන් හා එක්ව, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම්වූ, සියළු දෙනාම මට්ටම් හයකින් අවදි කිරීමේ න්‍යායාත්මක හා ප්‍රයෝගික පුහුණුවක් සර්වෝදය නමින් වර්ධනය කළේය.

රටට සමාජයට විශේෂ සේවාවක් සිදු කළ පුද්ගලයන් සඳහා ආරියරත්න මහතා අවධානය යොමු කළේය. වසරක් පාසා එවැනි පුද්ගලයන් පස් දෙනකු තෝරා උපහාර පිදුම් සිදු කරනු ලබන්නේ ද ධන පරිත්‍යාග ඇතුළත් කරමිනි. භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් ද දැඩි අවධානයක් යොමු කරමින් ප්‍රජා නායකත්ව පුහුණු කිරීමේ කාර්යය සඳහා පාතකඩ අරඹන ලද භික්ෂු පුහුණු මධ්‍යස්ථානය හඳුන්වා දුන්නේය. එහි සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ අපවත් වී වදාළ හේන්පිටගෙදර ඥානසිහ හිමියන් විසිනි. සර්වෝදය මගින් ආරියරත්නයන් ඇරැඹූ තවත් සමාජ සත්කාරයක් වූයේ දරුවන් රැක බලා ගැනීමේ ව්‍යාපෘති වේ. නීතා ආරියරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ඇරැඹි එම සේවාව මගින් දරුවන් විශාල පිරිසකට සෙත සැලසුණි. කාන්තාවන් ඒ සඳහා මෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ද සර්වෝදය ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසකි. එමගින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන තැනක් ගනී. ඉන් ඔවුන්ට ස්වයං රැකියා උත්පාදනයක් ද සිදු විය. 

ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එවක අගමැති ආර්. ප්‍රේමදාස මහතාත් ඉන්දීය සර්වෝදය නායකයකුවූ ආචාර්ය ආර්.ආර්. දිවාකර් මහතා සර්වෝදය මධ්‍යස්ථානයක් නැරඹීමට එක්වූ අවස්ථාව.
 
අග්‍රාමාත්‍යවරුන් වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විජයානන්ද දහනායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ඩඩ්ලි සේනානායක මහතා, ජනාධිපති විලියම් ගොපල්ලව මහතා, අගමැති සහ විධායක ජනාධිපති ධුර හෙබවූ ජේ.ආර්. ජයවර්ධන මහතා, ආර්. ප්‍රේමදාස මහතා යන රාජ්‍ය නායකයෝ ඔවුන්ගේ නිල කාල වලදී ද, ශ්‍රීමත් ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, ඒ. අමිර්තලිංගම්, එස්. තොණ්ඩමාන්, අබ්දුල් අසීස්, සෙනෙට් සභාපතිව සිටි ඒ. රත්නායක යන ගෞරවනීය මැතිතුමන්ලා ද, පක්ෂ නායකයෝ ද පක්ෂ හා බලකාමී භේදයකින් තොරව සර්වෝදය කරගෙන ගිය සේවාවන්ට අතහිත දුන් අතර ඒවාට බාධා නොකළහ. ඔවුන් යටතේ සිටි යම් දේශපාලකයකු හෝ නිලධාරියකුගෙන් අසාධාරණයක් වූ විට අපේ අභියාචනාවලට කන්දී ඔවුන් සාධාරණය ඉටු කළහ.
1986 කතරගම කිරිවෙහෙරේ සිට යාපනය නාගදීපය දක්වා සාම පාගමනක් ආරම්භ කළේ උතුරේ හිංසාවාදී ක්‍රියා ප්‍රබලව පැවති අවධියකය. මෙය පුළුල් ජන සහභාගීත්වයක් ලද ආධ්‍යාත්මික ප්‍රයත්නයකි. වව්නියාවේ සිට පාගමනින් ගමන් කිරීමට ඉන්දීය ආගමික නායකයන් විසින් එකඟතාව පළකර තිබුණි. යාපනයට ඇතුළුවීමට අපේක්‍ෂා කළේ සත්‍ය ශ්‍රී සායි බබා තුමන් ඇතුළු ඉන්දීය ආගමික නායකයන්ගේද සහභාගීත්වය ඇතිවය. බලයේ පැවති රජය මෙම උත්සාහය වළක්වාලීය. ඒ සඳහා බලපෑ හේතු විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මහත්මා ගාන්ධි විනෝබබා විසින් සර්වෝදය විග්‍රහකර තිබුණේ වේදය පදනම් කරගෙනය. සර්වෝදය අධ්‍යයන කවය මෙයට බෞද්ධ මුහුණුවරක් ලබාදුන්නේය. සර්වෝදය යනු ක්‍රියාත්මක බුදුදහම බව බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියෝ ප්‍රකාශ කළෝය. විවිධ ආගම් හා ජන කණ්ඩායම් සමග කටයුතු කරන ජාතික ව්‍යාපාරයක් බවට පසුගිය වසර 65 ක කාලය තුළ සර්වෝදය පත්වී තිබේ. සර්වෝදය සමාජ සේවා ව්‍යාපාරයක් පමණක් නොවේ. එය සමාජ වෙනසක් අපේක්‍ෂා කරන ජාතික ආයතනයකි. ආධ්‍යාත්මික පදනම උපයෝගී කරගත් සංවර්ධන මොඩලයක් ලෙස සර්වෝදය අන්තර් ජාතික සම්භාවනාවට පාත්‍ර වී තිබේ. 1960 සිට එක් එක් දශක ඒ ඒ අවධීන්හි සමාජ දේශපාලන ගැටලුවලට මුහුණදෙන ආකාරයට කටයුතු කර ඇති බව වසර 65 ක පරිණාමය විමසීමේදී පැහැදිලිය. 
 
ඒ.ටී. ආරියරත්න මහතාගේ 85 වැනි ජන්ම දින සැමරුම

සර්වෝදය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ සාහිත්‍ය ශූරී ගෞරව ආචාර්ය උපාධියෙන් ද,  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් 2007 දී ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියකුට පිදෙන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන්පිදුම් ලැබීය. 1969 දී ප්‍රජා නායකත්වය සඳහා ප්‍රථම වරට (Ramon Magsaysay Award for Community Leadership Philippines) සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානයද (බෙල්ජියම), 1992 නිවානෝ සාම ත්‍යාගය (ජපානය) සහ 1996 දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) වැනි බොහෝ වූ ජාත්‍යන්තරයෙන් සම්මාන ඔහු වෙත පිරිනැමුනි. ආචාර්ය ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඩී.ලිට් උපාධියෙන් (D.Litt.) හා පිලිපීනයේ ්පැකසද ්ටමසබ්කාද ක්‍දකකැටැ දf ඵැාසජසබැ වෙතින් මානව ශාස්ත්‍ර (D.H.) උපාධියෙන් ද පිදුම් ලැබීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ‍්‍රී ලංකාභිමානී සම්මානය ඇතුළු දේශීය සම්මාන බොහොමයකින් ද ආරියරත්නයන් සහ සර්වෝදය සේවාව සම්භාවනාවට ලක්ව ඇත.

“මගේ සමාජ සේවා ජීවිතයේ ආරම්භයේ සිට ම විවිධ බාධකවලට මුහුණ දීමි. මෙයින් සමහරක් පෞද්ගලික හා අන්තර් පුද්ගල සබඳතාවල අඩුපාඩු නිසා ඇතුළතින්ම ඇති වූ ඒවාය. සමහර බාධක බාහිර පුද්ගලයන් ගෙන්, කණ්ඩායම්වලින් හෝ තාවකාලික රාජ්‍ය බලතල ලබා සිටිය වූන්ගෙන් එල්ල වූ බාධකය. මේවායින් අප අධෛර්යයට පත් නොවූ අතර අප සමග එකට වැඩකළ වැඩිහිටි, සම වයස් හා ළාබාල සහෝදර සේවක සේවිකාවන් ද තව තවත් ධෛර්යට පත්කොට ඉදිරියට සේවාවන් ගොඩනඟාගෙන ආවෙමු. මේ දීර්ඝ ගමන සඳහා අප යෙදූ ශ්‍රමය, සම්පත්, චිත්ත ශක්තිය අප්‍රමාණය. අප බලාපොරොත්තු වූ එකම ප්‍රතිඵලය වූ නිස්සරණ ප්‍රීතිය අපි නොඅඩුව ලැබීමු. පරාර්ථ සේවය සඳහා මා ගත කළේ පෙර ආත්මයක තිබූ ආභාසයක් නිසාදෝ නොඑසේ නම් බුදු හිමියන්ගේ ඉගැන්වීම අනුව පරාර්ථ සේවය තුළින් ආත්මාවබෝධය ඇතිකර ගැනීමට බලවත් චිත්ත වේගයක් මා තුළ ක්‍රියාත්මක වූ නිසාදෝ විය හැකිය.”

2024 අප්‍රේල් 16 වැනිදා පස්වරුවේ ඒ මහතා රෝගී තත්ත්යෙන් කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වනවිට 93 වන වියේ පසුවිය. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 20 වැනිදා (සෙනසුරාදා) රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකලේය.
 
පැවති විවිධ ආණ්ඩු සහ රාජ්‍ය පාලකයන් සමග කටයුතු කළ ආකාරයෙන් කිසිදු දිනෙක රජයේ වරදාන වරප්‍රසාද ලබා නොගෙන සැබෑ සමාජ සේවකයකු ලෙස කටයුතු කල එතුමා වැනි විශ්ව දර්ශනයක් තුළින් ලෝකයටම ආමන්ත‍්‍රණය කරන විශ්වීය නායකයෙක් අහිමි කරගැනීමේ දුක ඇත්තේ සුලු පිරිසකට පමණකි. සියලූ ආගම් හා විශ්ව දර්ශනයන්හි පොදු සාධක තම ජීවිතයට අභ්‍යන්තරීකරණය කරගත් සාමාන්‍ය ජනතාව සමග සතුටින් සිටින ජනතා නායකයෙක් වූ එතුමා වැනි බොහෝ නායකයන් බාලදක්ෂ ව්‍යාපාරයට අහිමි කරගනිමින් සිටිති. 
 
බාලදක්ෂ ඉතිහාසයේ නොලියවුණු මෙම ඓතිහාසික තොරතුරු ඔබ වෙත සමීප කරනු ලබනනේ තත්කාලීනවද බාලදක්ෂ ව්‍යාපාරයේ සිදුවූ නීරස සිදුවීම් කිහිපය නැවතත් සිදුවෙමින් පවතින නිසාවෙනි. එබැවින්, වර්තමානයේ සිටින බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන බාලදක්ෂයින්, පෞරුෂත්ව ගුණාංගයන් සහිත වැඩිහිටි නායකයින්, විකල්ප මත දරන්නන්, නායකයින්, බාලදක්ෂ ව්‍යාපාරයේ සිටින නිර්මාණශීලී වැඩක් කල හැකි පිරිස් බාලදක්ෂ ව්‍යාපාරය තුළ ආරක්ෂා කරගැනීමට ප්‍රමාණවත් ස්ථීර සාර වැඩපිළිවෙලක් බිහි කළ යුතු කාලය උදා වී තිබේ. සැබැවින්ම, එය කාලීන අවශ්‍යතාවයකි !!!