Translate

Monday, July 24, 2017

බාලදක්ෂ ගැට පාඩම - වටයක් පටලැවු වළලු දෙකේ ගැටය

Related image 

දේශීය නාමය : වටයක් පටලැවු වළලු දෙකේ ගැටය

වෙනත් නම් : බෝට්ටු ගැටය

මුල් නාමය : Round Turn And Two Half Hitches, Boating Knot,

ප්‍රභේධය : (Hitch)

කාර්යක්ෂමතාවය : 48%-58%

ඉතිහාසය : වසර දහස් ගණනක් වූ සමුද්‍ර දේශාටනය හේතුවෙන් දියුණුවට පත් වූ නාවික හා ධීවර කටයුතුවලදී භාවිතයට ගන්නට ඇතැයි සැලකේ.
සමරූපී වෙනත් ගැට : Two half-hitches, Clove hitch, Buntline hitch, Capstan Hitch, Towboat Hitch, Noose Knot,

භාවිතය : ලණුවක් ඉතා තදින් ඇද රඳවා ගැට ගසා ගැනිම සඳහා යොදනු ලබයි. ලණුවේ ක්‍රියාකාරී අන්තය පුඩුවක් හෝ මුදුවක් තුළින් එක්වටයක් යවා භාරය ගන්න ලනුව මත අඩගැටය දෙවරක් යොදා තද කරන්න. මෙම ගැටයෙහි ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු අදියරෙහිදී වට රවුම යෙදීම (Round Turn) අවශතාව අනුව ද්විත්ව කර වුවද යෙදිය හැකිය. ගැටයෙහි අවසන් අදියරෙහි දී අඩ ගැට (Two or More Half Hitches) ද්විත්වයක් හෝ පෙළක් යෙදීම කළහැකිය. අඩගැට යෙදීමේදී සෑම විටම එකම අතට දිශාවට හා සමාන දුරින් යෙදීමෙන් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගතහැකිය. ක්‍රියාකාරී අන්තය ලනුවට තබා වෙලාගැනීමෙන් රැඳවුම වඩාත් ස්ථීරව පවත්වා ගතහැකි වේ.
 

ප්‍රයෝජන : මෙම ගැටය බාලදක්ෂයන් විසින් කාණ්ඩ කූඩාරම් ලණුව කූඤයට ඇද ගැට ගැසිම සඳහා බහුලව යොදනු ලැබේ. හැන්ඩි බිලි යෙදුමේදී ද ලණුව තදින් ඇද බැදීම සඳහා යොදාගත හැකිය. බොට්ටුවක් තොටපල දක්වා ඇද බැදතබා ගැනීම සඳහාත් මෙය යොදා ගත හැකිය. දැඩි සුළං පවතින හෝ ප්‍රමාණයෙන් විශාල බොට්ටුවක් රැඳවීමේදී වටරවුම් දෙකක් හා අඩගැට පෙළක් යෙදීමෙන් අතිරේක භාරයක් හා වැඩි පාලනයක් ලබා ගැනීම කළහැකි වේ.


Image result for Round Turn And Two Half Hitches 
 
වෙනත් ස්වරූප : යොදනු ලබන ලණුපටවල් ද්විත්ත්ව කිරීමෙන් වට දෙකක් පටලැවු වළලු ගැට (Double Round Turn and Two or More Half Hitches) නිර්මාණය කරනු ලැබේ. වැඩි කාර්යක්ෂමතාවයක් හා වැඩි ශක්තියක් ලබාගැනීම සඳහා  මෙය යොදාගැනීම සුදුසු වේ. එහිදී ගැටය ලිහා ගැනීමට වැඩි කාලයක් යෙදිය යුතුය.


ගැටය යොදන ආකාරය :
Related image
 
වැඩි විස්තර :
List of bend knots / List of knots /
List of knots /
Category:Knots 

Saturday, July 22, 2017

බාලදක්ෂ ගැට පාඩම - පිරිමි ගැටය


දේශීය නාමය : පිරිමි ගැටය

වෙනත් නම් : හතරැස් ගැටය, හර්කියුලිස් ගැටය, පාර්සල් ගැටය, බත්මුල් ගැටය

මුල් නාමය : (Reff Knot, Hercules knot, Square Knot, Double knot,)

ප්‍රභේධය : බැඳ තැබිම් කාණ්ඩයේ එක්කර ගැනීමේ හා වකයාකාර (Binding and Bend)

කාර්යක්ෂමතාවය : 45%-60%

ඉතිහාසය : වසර 4000ක් තරම් පැරණි ඉතිහාසයක් ඇති මෙම ගැටය පුරාණ ඊජිප්තු, ග්‍රීක සිතුවම් හා ආභරණ අතර දැකිය හැකි රාජකීය ගැටයක් ලෙස හැදින්විය හැකිය. පොළොන්නරු පරක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවෙහි ඉන වස්ත්‍රය ගැට ගසා ඇත්තේ ද මෙම ගැටය යොදමින් බව පැවසේ. 

සමරූපී වෙනත් ගැට : ගැහැණු ගැටය (Granny knot), හොර ගැටය (Thief knot), (Double Throw Knot), ගට ගැටය (Grief knot), ප්‍රථමාධාර ගැටය (Surgeon's knot), සපත්තු ලේස් ගැටය (Shoelace knot)

භාවිතය : ප්‍රමාණයෙන් හා විශ්කම්භයෙන් එකිනෙකට සමාන වූ ලණු හෝ කඹ දෙකක් එකිනෙකට යාකර ගැනිම සදහා සුදුසු පහසුම ගැටය වනුයේ මෙයයි. භාවිතා කරන ලණු සමාන නොවන විටක දී ගැටය ඇදිමට ලක් වුවහොත් ගැටය ලිහීයෑමට හෝ පටලැවීමට ඉඩප්‍රස්ථා තිබේ. ක්ෂණිකව ලිහාගැනීමේ හැකියාව ද මෙම ගැටය සතු විශේෂත්වයකි.

ප්‍රයෝජන : ප්‍රධාන වශයෙන් නාවිකයන් හා ගවේෂකයන් විසින් ලොවපුරා ශිෂ්ඨචාර වෙත ගෙන යන්නට ඇතැයි විස්වාස කළ හැකි මෙම ගැටය සරල හා කාර්යක්ෂම ගැටයකි. නාවිකයන් විසින් කඹයක අන්ත ද්විත්වය තදින් බැද තබා ගැනීම සදහාත් පහසුවෙන් ලෙහා ගැනීම සදහාත් යොදා ගත් අතර ඉපැරණි රෙදි විවීම් හා ගෙතීම් කලාවේදී බීරළු හා මැක්‍රම් සඳහා ද මෙම ගැටය බහුලව යොදා ගනු ලැබේ. රුවල් නැවේ රුවල් රඳවන හරස් ලීය හැදින්විමට Reef යන වදන හේතුවෙන් මෙම ගැටයට මෙම නම යෙදී ඇත. යාත්‍රා තට්ටුවේ ඇති භාණඩ ආදිය ආරක්ෂිතව බැද තැබිම හා අකුලා ඇති රුවල් හොදින් බැද තැබිමටත් කුණාටු අවස්ථාවලදී නැව් තට්ටුව මත සිටින නාවිකයන් සාගරයට ගසාගෙනයෑම වැළැක්ම සඳහා ද මෙම ගැටය භාවිත කර ඇත. ප්‍රථමාධාර කටයුතුවල දී කුඩා උරමාව හා මහ උරමාව යෙදීමේසී අවසානයට ගැට ගැසිම සදහා ප්‍රයෝජනයට ගනු ලැබේ. ලෝක බාලදක්ෂ පදක්කමෙහි ලොව සිටින සියලු බාලදක්ෂයන් අතර ඇති සහෝදරත්වයේ බැදීම පෙන්වීම සඳහා ද මෙම ගැටය යොදා ඇත.


Square Knot Capsizing
වෙනත් ස්වරූප : මෙයට අමතර ව පිරිමි ගැටයෙහි වෙනත් ස්වරූප කීපයක් පිළිබඳ SCOUTING සඟරාවෙහි පළමු කලාපයෙහි අප විසින් විස්තර කෙරුණු අතර ඔබගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට හා අවශ්‍ය ප්‍රයෝජනවත් අවස්තාවකදී එය භාවිත කළහැකිය.


ගැටය යොදන ආකාරය :



වැඩි විස්තර :





බාලදක්ෂ ගැට පාඩම - රුවල් ගැටය

Image result for Sheet Bend 
දේශීය නාමය : රුවල් ගැටය 

වෙනත් නම් :

මුල් නාමය : (Sheet Bend, Becket bend, Weaver's knot, Weaver's hitch)

ප්‍රභේධය : වකයාකාර (Bend)

කාර්යක්ෂමතාවය : 48%-58%

ඉතිහාසය : වසර දහස් ගණනක් වූ සමුද්‍ර දේශාටනය හේතුවෙන් දියුණුවට පත් වූ නාවික හා ධීවර කටයුතු හේතුවෙන් පුරාණ නාවික දැල් වියන්නන් විසින් සොයා ගන්නට ඇතැයි සැලකේ.

සමරූපී වෙනත් ගැට : ජීවිත ආරක්ෂක ගැටය (Bowline)
රුවල් ගැටයෙහි සමරූපී ගැටය වන ජීවිතආරක්ෂක ගැටයෙහි පුඬුව හරහා ලණුව ගමන් කරන ආකාරය වෙනස්වන බව ආධුනිකයන් සිහිතබා ගතයුතුව ඇත.

භාවිතය : එකිනෙකට වෙනස් වූ ප්‍රමාණයෙන් හා විශ්කම්භයන්ගෙන් යුතු ලිස්සන සුළු ලණු හෝ කඹ දෙකක් එකිනෙකට යාකර බැඳ ගැනිම සදහා. මෙහිදි ප්‍රමාණයෙන් විශාල ලණුව පුඬුව සෑදීම සඳහා යොදනු ලබයි.
Image result for Sheet Bend animated knots

ප්‍රයෝජන : මෙම ගැටය බහුලව නාවිකයන් විසින් ප්‍රයෝජනයට ගනු ලබන අතර අතීතයේදී දැල් රෙදි විවීමේදී හා ධීවර කර්මාන්තයේදී දැල් ආම්පන්න සැකසීම සදහාත් රුවල් බැදීම සදහාත් යොදා ගනු ලැබූහ. වර්තමානයේ දී බාලදක්ෂයන් කොඩිගසෙහි ධජ පුඩුව සම්බන්ධ කරන ස්තානයට යොදන ගැටය ලෙස වඩාත් ජනප්‍රිය ගැටය ලෙස රුවල් ගැටය සැලකේ.


වෙනත් ස්වරූප : යොදනු ලබන ලණුපටවල් ද්විත්ත්ව කිරීමෙන් දෙපට රුවල් ගැටය (Double Sheet Bend) නිර්මාණය කරනු ලැබේ. වැඩි කාර්යක්ෂමතාවයක් හා වැඩි ශක්තියක් ලබාගැනීම සඳහා දෙපට රුවල් ගැටය වඩාත් සුදුසු වේ.

ගැටය යොදන ආකාරය :

Related image
































ගැටය යොදන ආකාරය :

Pictures of Weaver 






වැඩි විස්තර :
List of bend knots / List of knots /
List of knots /
Category:Knots 

Thursday, June 22, 2017

ලස්සන ඔරිගමි

කඩදාසි නැමීමේ ජපන් කලාව

සිඟිති, පෝතක වගේම බාලදක්ෂ ඔබත් ඉස්සෙල්ලාම කඩදාසියෙන් නවලා හදන්න ඉගෙන ගත්තේ බෝට්ටුව ද රොකට් එකද කියල කියන්න හරියට මතක නැතිබව විස්වාසයි. හැබැයි වහලේ බෝට්ටුව හරි වැඩදාල හදපු රොකට්ටුවක් හරි හදපු නැති ළමයෙක් හොයාගන්න එකනම් කරන්න බැරි දෙයක්. 

කඩදාසි බෝට්ටු හදන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නොවෙයි. ඉස්කෝලෙ කාලේ සහ ටියුෂන් කාලේදි ඕනෑම පොඩි එකෙක් කුරුල්ලෝ හදන්නයි රොකට් එක්ස්පර්ට් බව කියන්ඩ ඕන නැහැනේ. රබර් පටි වලින් වැලක් එකට ගැටගහල මීටර් 10-20 උඩට රොකට් එකක් විදින එක විද්‍යාත්මක කාරණයක්. යවල තියෙන අය දන්නව ඇති ඒකෙ තියෙන තාක්ෂණය ගැන.

පාට කොල නමල නෙලුම් මල්, වවුලෝ, බස්සො, මකර, ගෙම්බෝ, ප්ලේන්, තාරාවෝ, පෙට්ටි, හංසය, මල්හදන එක ජපානේ අයට කලාවක්. ඒව එකක් දෙකක් හරි හදන්න ඉගෙන ගෙන තියෙන එක පාඩුවක් වෙන එකක් නෑ සිඟිති, පෝතක වගේම බාලදක්ෂ ඔබටත්.. ලංකාවේ ජනප්‍රිය නොවුනට මේක ලෝකෙ ජනප්‍රිය විනෝදාංශයක්..

නෙලුම් මල


ගෙම්බා


ප්ලේන් (එක එක විදියේ ප්ලේන් වර්ග තියෙනව)


කොකා ( ඔරිගාමි වචනේ ක්‍රේන්)


හංසය 


ඝණකය
  

පිරමීඩය



ඔය වීඩියෝ බලනකොට තව තව ඒව හදන ලින්ක් ඕන තරම් තියෙනවා.. 

උපුටාගැනීම බිත්තිය 

-------------------------------------------------

සෙවණැලි රූකඩ


 බී.පී.තුමා හමුවෙමු
 

Saturday, June 17, 2017

50 වසරක් සපිරෙන නාලන්දා බාලදක්ෂ සමුහය

ස්වර්ණමය වසරට එළබෙන නාලන්දා බාලදක්ෂ සමුහය


ශ්‍රී ලාංකීය බාලදක්ෂ වංශකතාව තුල තම මවුබිමට දශක පහක් මුළුල්ලේ කල සේවාව සනිටුවහන් කිරීමට කොළබ නාලන්දා විද්‍යාලිය බාලදක්ෂ සමුහයට එම ස්වර්ණමය මොහොත එලබීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි. පනස් වසරක ස්වර්ණමය වසරට එළබෙන නාලන්දා විද්‍යාලිය බාලදක්ෂ සමුහයට උණුසුම් සුබපැතුම් එක් කිරීමට පළමුව මෙය අවස්තාවක් කොට ගනිමි.

එවක විදුහල්පති වූ ගුණපාල වික්‍රමරත්න මහතාගේ සංකල්පයක් මත 1967 ජුනි 18 වන දින කොළඹ දිසාවේ නාම තීරු අංක 32 යටතේ ලියාපදිංචි කර නාලන්දා විද්‍යාලයීය බාලදක්‍ෂ කණ්ඩායම ආරම්භ කර ඇත.ආරම්භයේ මෙය ජේෂ්ඨ කාණ්ඩ දෙකකින්ද කනිෂ්ඨ කාණ්ඩ දෙකකින් හා කණ්ඩායම් නායකයෙකුගෙන් යුතු 31 දෙනෙකුගෙන් යුතු නාලන්දා විද්‍යාලයීය බාලදක්‍ෂ කණ්ඩායමහි ප්‍රථම සමුහ බාලදක්‍ෂ ආචාර්ය (GSM) ලෙස ගුණපාල වික්‍රමරත්න මහතා වූ අතර ප්‍රථම කණ්ඩායම භාර ආචාර්ය (Master-In charge) ලෙස ඩි.එම්.කේ.ජයසිංහ මහතා ද ප්‍රථම කණ්ඩායම් නායක(TL) සුනිල් වික්‍රමාරච්චි යන අයද ක්‍රියාකොට ඇත.

නාලන්දා විද්‍යාලයීය බාලදක්‍ෂ කණ්ඩායමට මා අත්පොත් තබන්නේ 1995 ජනවාරි 05වැනිදා නවක කනිෂ්ට බාලදක්‍ෂයකු ලෙසිනි. එතැන් සිට බාලදක්‍ෂ ජීවිතයේදී විදීමට ලැබෙන නොයෙකුත් අත්දැකීම් හා බාධක තුළින් දැනුම හා පන්නරය ලබමින් 2001-02 වසරේදී ජනාධිපති බාලදක්ෂ ප්‍රධානය දිනාගැනීම තෙක්ම ජිවිතයට අවශ්‍යය බොහෝ වටිනා දේ ලබා ගතිමි. ආත්ම විශ්වාසය, විදදරාගැනීමේ ශක්තිය හා නොපසුබට වීර්ය වැනිදේ ප්‍රගුණ කිරීමට අවස්තාව සැලසුන අතර එය බේඩ්න් පවල් සාමිතුමන් රචිත "Scouting for Boys " ග්‍රන්ථය තරම්ම එය රසවත් විය. එසේම 2001-02 වසරේදී එවක බාලදක්‍ෂන් සියයකට අධික ප්‍රමාණයක් සිටි නාලන්දා බාලදක්‍ෂ කණ්ඩායමට කණ්ඩායම් නායක ලෙස නායකත්වය ලබාදීමට මෙන්ම එවක නාලන්දා මානවක බාලදක්‍ෂ කණ්ඩායම ඇරබීමට හැකිවීම පිළිබදවත් සතුටුවෙමි.

එදා ක්‍රීඩාපිටියේ කොනක කුඩා ටකරන් මඩුවක බාලදක්‍ෂයන් තිහක පමණ පිරිසකගෙන් යුතුවූ නාලන්දා විද්‍යාලයීය බාලදක්‍ෂ කණ්ඩායම අද වන විට සියළුම කදවුරු උපකරණ, ගබඩාපහසුකම් මෙන්ම වායුසමනය කල අංග සම්පුර්ණ පරිගණක ඒකකයකින් පවාවූ බාලදක්ෂ කුටියකින් සමන්විතය. එදා සිට මේ දක්වා පැමිණි ගමනට තම දායකත්වය දැක්වූ බොහෝ දෙනා අතරින් එවක විදුහල්පති හේමන්ත ප්‍රේමතිලක මහතාත්, කණ්ඩායම භාර ආචාර්යවරුවන ගාමිණී පෙරේරා සහ රනිල් ගුණසේකරත්, මුලස්ථාන ලී පදක්කම් බාලදක්‍ෂ නායකයන් වූ ධර්මලාල් ගුණවර්ධන (කේ. ඩී සර්), අරුණ සමන්ත හා රුවන් ආරියරත්න මහත්වරුන්ටත්, සියලුම කණ්ඩායම් නායකවරුන්ටත්, සියලුම ආදී බලදක්ෂයින්ටත්, සියලුම පෝතක හා මානවක බාලදක්‍ෂ නායක නායිකාවන්ටත් ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් මාගේ ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගනිමි.

ශ්‍රී ලාංකීය බාලදක්ෂ ඉතිහාසය තුල නාලන්දා නාමය රන් අකුරින් සටහන් කිරීමට එදා මෙදා තුල නාලන්දා බාලදක්‍ෂයන් සමත්වී සිටිති. "වරක් බාලදක්ෂයෙක් සැමදා බාලදක්ෂයකි" යන්න සනාථ කරමින් රට තුල මෙන්ම රටෙන් පිටතද සිටින දහස්ගනනක් වූ නාලන්දා ආදී බාලදක්ෂයෝ තම රට වෙනුවෙන් සැමදා තම යුතුකම් ඉටුකරමින් සිටිති.හිටපු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මිලින්ද පිරිස් වැනි නාලන්දාවෙන් බිහිවූ ජනාධිපති බාලදක්ෂයන් බොහෝ පිරිසක් වර්තමානයේදීද ත්‍රිවිධ හමුදාවල නිරතවී සිටිති.

අවසන් වශයෙන් වසර පනහක අත්දැකීම් තුලින් ලැබූ පන්නරයෙන් තවත් වසර පන්සියයක් ' මාගේ ආගම හා රට කෙරෙහි සියලුම යුතුකම් ඉටුකිරීමට 'නාලන්දා බාලදක්ෂයන්ට දිරිය හා ශක්තිය ලැබේවායි පතමි. එසේම ආදී බාලදක්ෂයන් ලෙස අප නැවත හැරී බැලීමේදී වත්මන් බාලදක්ෂ නායකයන් හා බාලදක්ෂයන්ට දීමට ඇති පණිවිඩය නම් වසර පනහක් තුරා සුරැකිව අතින් අතට පැමිණි යෂ්ටිය අද ඔබ අතහි ඇත. එය අනාගතයට සුරක්ෂිතව බාරදීම ඔබ සතු යුතුකම හා වගකීමයි. එදා බේඩ්න් පවල් සාමිතුමන් පැවසූ ලෙස' ඔබ හැමවිටම සුදානමින් ( Be prepared) සිටින්න'.



මේ ඔබේ වාරයයි. චිරන් ජයතු !!

විශේෂ ස්තූතිය
රොෂාන් සමන්ත යාපා
ජනාධිපති බාලදක්ෂ, කණ්ඩායම් නායක 2001-2002
නාලන්දා ආදි බාලදක්ෂ සංගමය - ජාත්‍යන්තර ශාකාව
ලන්ඩන් නුවර සිට 

---------------------------------------------
2014 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ට ජය ලැබූ බාලදක්ෂයා

2014 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප‍්‍රථම ස්ථානය හිමි කර ගත් කොළඔ නාලන්දා විද්‍යාලයේ තරිදු නිර්මාල් වික‍්‍රමසිංහ බාලදක්‍ෂයා විසින් දිනාගනු ලැබීය.

--------------------------------------------- 

Nalanda College Scouts troop started in 1967 and it was registered with the Sir Lanka Scouts Association on 18th June 1967 under the name Colombo Scouts Troop.

History of the Nalanda College(32nd Colombo) Scout Group

Nalanda College Scouts troop started in 1967 and it was registered with the Sri Lanka Scouts Association on 18th June 1967 under the name Colombo Scouts Troop . The honour of being the first Group Scout Leader goes to Mr. Gunapala Wickramaratne,the then Principal.
Honour is also due to Messer’s D.Jayasinghe, B.D.Fernan o and Widanagamaarachchi, the leaders who pioneered the setting up of the Nalanda Colege Scout Troop. The first Group Leader was Mr. Sunil Wickramaarachchi.
The first camp was held at Homagama. Participation in religious activities and also in Sramadanas conducted by the Sarvodaya movement formed the main community services of the then scouts. The concentration was on service to the public.
The annual scouts camp in 1968 was held at Ovitigala,Matugama and the Colombo Camporee was held at Bullers road with the participation of Sir Charles Mackeen, Chief Scout Commissioner of the Commenwealth as the chief guest.
With Mr. Gunapala Wickramaratne leaving the college in 1969, Mr. Sugunadasa Athukorala, the new principal became the Group Scout Leader. The Scout Leaders also left the college at that time, and during the period 1970-1971, the activities of the Scout Troop were paralysed. Again in 1971 the Troop was reorganised and Mr.M.D.R.T. Kuweju functioned as the master in charge .In 1973 Mr.C.W Senaviratne joined Mr. Kuweju to assist him and was appointed as Assistant Group Scout Leader. The leadership given by Mr. Kuweju, Mr. Upali Rajapakshe and Mr. Ajith Kamal Wijegunawardena during this period deserves much appreciation.
With the setting up of the Nalanda Cub Scout section in 1974, the Scout Troop became the Scout Group. For this purpose Mr. Malcom Goonaratne of Colombo Rotary Scout Group 44 played a leading role. Mrs Mallika Goonaratne, Mrs Genet Karunaratne, Mrs. V.I, Wijesinghe, Mrs S. Warnasooriya, Mrs S.M. Wanigatunga and Mrs Susima Jayawardane functioned as the first …………… of the cubs.
Mahinda Wilathgamuwa , Meril Gunathilake, Vignana Ariyarathne and Janaka Walgama joined the Scout Group in 1974 and they attended the Colombo district Camporee held at Viharamaha Devi Park Colombo in 1974. Later all this Scout became excellent personalities in their chosen fields. The leadership and guidance shown by Mr. Malkam Gunaratne immensely assisted in achieving our aims and objectives. The annual camp of 1975 was held in Udawalawe, and co-operation extended by Ashoka Samarabandu should be commendable. A special event occurred during this year was his walk around the Island. Raja Weerasinghe along with Ajntha Padmasiri participated in this camp as Scout Leaders .
The main events occurred during the year 1976 were the annual camp at Matugama and the participation in Colombo Camporee. The leadership of Mr. A.B. Pathmasiri, then Group Scout Leader contributed to the success of this year’s programmes.
The annual Camporee of 1977 was attended under the leadership of Mr. Malcom Gooneratne. Mahinda Wilathgamuwa was the group leader, who succeeded in wearing the first scout green code.
During 1978, our scouts participated in several camps, which included the annual camp at Ambepusa, the annual Colombo Camporee and the weekend camps held in the college. A farewell party was held in honour of Mr. Malcom Gooneratne who left the country for overseas employment . We recall with gratitude and honour, the services rendered by him to the scout group and to the college.
The contribution made by Mr. K.A.D.A. Gunawardane , the scout leader towards the success of the programmes also deserves appreciation. Thereafter, Mr C.Chandrasekaran took over the group for a short period and he also contributed immensely to the development of the group.
In 1979 Mr. Ajith Saman Cooray, the group leader went abroad after completing his education and Mr. Malinda Peris succeeded him as the group leader.
The twelveth anniversary of the scouts group at which the chief guest was Mr. Hemapala Ratnasuriya, the Chief Scout Commissioner was held on 30th March, 1980 .At this ceremony the scouts won medals and awards while cubs were awarded gold stars. Milinda Peiris, who was the group leader during 1979 was appointed as the chief scout.
The period of his leadership showed a significant development in the senior scout section. This was a landmark in the history of the scout movement of the college. The open air cubs day held at the Sir John Kothalawala’s estate, the camp fire display at the college grounds with the participation of small children in rural small schools in the Matara district, the guard of honour accorded to His Excellency J.R Jayawardena, the then President who declared opened the new three storied building and the 150 miles walk – conducted under the leadership of Milinda Peiris were among the programmes of the year. The senior scouts Milinda Peiris, Lasitha Fernando,Udaya Indunil, Deepal Sudharshan, Kevin Cooray and Wajira Jayasinghe participated in the walk .
Eight scouts participated in the friendship camp held at Payagala Vidyalaya in Matara district . Our scouts also participated in the annual Colombo Camporee and won flag awards. The patrol camp held at Athurugiriya and the patient attendance service conducted at Colombo National Hospital were the main community services performed during the year.
Mrs. Malika Gunaratne, Mrs.S.M. Wanigathunga, Mrs.S. Warnasuriya , Mrs. S. Jayawardena Mrs.S.Dassanayake, Mrs.Sheela Liyanage, Mrs.Ramani Gunatilleke, and Mrs. Ranjanie Dissanayake acted as cub leaders.
Malinda Peiris who was the chief scout joined the Sri Lanka Army as an officer cadet and left for India for military training. This event brought back the memory of BP leaving for India for military service in 1876.
Mr. Saman Cooray who went abroad during the later half of 1980 returned and the scouts participated in the annual Camporee under his leadership.
In August, 1980, under the leadership of Udaya Indunil senior scouts namely Deepal Sudarshana, Anintha Samarasena, Anil De Silva , Kavantissa De Silva and Lalith Edirisinghe took part in a 1000 km bicycle tour.
The main events during 1981 were the annual camp held at Uswatakeiyawa, Watala during the first half part of the year, the observation tour of the birds sanctuary at Kumana – Lahugala, the participation in the opening ceremony of the new National Headquarters and in the annual Camporee.
The winning of the award of the President’s scout by senior scout Udaya Indunil was a significant event at this Camporee. He is the first President’s scout in the college. Also three senior scouts namely, Surendra Seaream, S.E.K. jayakody and Jeevananda took part in the 215 miles bicycle tour. During 1981, Saman Cooray was assisted by Dantha Ariyaratne, Lalith Edirisinghe, Kavantissa De Silva and Kevin Cooray. Under these scout leaders, our scouts participated in the Colombo Camporee and demonstrated their skills.
During 1982, two camps were held , one at Kanampella and the other at Biligala, Kegalle. The cricket match of the Scouts between Ananda and Nalanda was held during the year and Nalanada won. At the annual Jamboree 1982, two senior scouts S . Seram and Jagath Leelarathne received the Presidential awards.
The third Sri Lankan National Jamboree was held at Harischandra Park, Anuradhapura in February, 1983 at which Kevin Corray, Scout leader acted as assistant store keeper of the Colombo contingent and Saman Cooray functioned as the leader of unit 6 of the Colombo contingent. Our scouts participated in the district rally conducted at Wellawatte and held a training camp at the college in October.
Our Scout S Seram represented Sri Lanka at the Camporee held in Thailand and acted as the leader of the Sri Lankan party. Anil De Silva received the Presidential award at the Presidential Award Ceremony held at the Royal College. Hon. R.Premadasa, who was the then Prime Minister was the Chief Guest.
The annual camp of 1984 held at Pidrew, Nuwera Eliya was a great success. This was due to the commitment and courage of the scouts and leaders who participated. A contingent camp was held in Hingurala and our scouts succeeded in wining three Presidential awards.
The Nalanda Old Scouts Association was established on 29th April, 1984, under the pioneering efforts of Saman Cooray. The first President was Saman Cooray while K.A.D Gunawardena was the Secretary and Udaya Indunil was the Treasurer. The 17th anniversary of the group was held on July 21st and 22nd in the form of a friendship camp and NOSA played a leading role in organizing it . Richmond college Galle, Sea Scout troop St Mary’s College Chilaw, and Harischandra College Negombo participated in the friendship camp.
The 25th Jubilee Camporee was held from 29th August , to 2nd September………. The Old Scout Association published a newspaper under the title “The Citizen of tomorrow” to mark the occasion. Our scouts were able to secure the third place at the Mayor’s flag competition of the junior section of the inter group tournament held in August. The third place was secured at the Brigadier C.P. Jayawardena challenged shield competition by the senior section as well .
The first training course in the annual programme prepared by us for Troops leaders was held during March 01 – 03 rd at the SOS Children village, Piliyandala in 1985. Mr. Saman Cooray functioned as the course leader. Our college was selected as the best camping site at the Colombo Camporee.
The scout leader Saman Cooray and the junior scout Ravindra Siriwardena represented Sri Lanka at the Indian National Jamboree. In the same year S.Seram represented Sri Lanka at Pakistan National Camporee.

Nalanda Scout.lk web 

Tuesday, June 6, 2017

ලලිත් විලියම් ඇතුලත්මුදලි නැමති බාලදක්ෂයා

ලලිත් විලියම් ඇතුලත්මුදලි (1936 නොවැම්බර් 26 – 1993 අප්‍රේල් 23) ශ්‍රී ලංකාවේ හිටපු ඇමතිවරයෙකි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි, නීතීඥවරයෙකි. කළක් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම නීතිය ඉගැන්වීමෙහි යෙදී 1970 දශකයේ දේශපාලනයට පිවිසියේ ය. මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු 1992 සිට මිය යනතුරු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළේය. සාහසිකයකුගේ වෙඩි පහරින් 1993 අප්‍රේල් 23 රාත්‍රියේ මිය ගියේය. ඇතුලත්මුදලි වඩාත් ප්‍රකටව සිටින්නේ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමයෙහි නිර්මාතෘ ලෙස ය.

ඇතුලත්මුදලිගේ පියා හිටපු රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ඩී. ඩී. ඇතුලත්මුදලි ය. ඔහු 1931 – 36 සමයෙහි රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ අතර 1947 සහ 1952 වසරවලදී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් ව පරාජය වූයේ ය. 1946 සැප්තැම්බර් 6 වනදා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම සනිටුහන් කළ රැස්වීමට ද ඔහු සහභාගී විය. ලලිත් ඇතුලත්මුදලි තවත් බාල සහෝදරියකගේ සහ සහෝදරයකුගේ වැඩිමහල් සොහොයුරා විය.

පාසැල් සමය
ලලිත් ඇතුලත්මුදලි සිය පළමු පාසැල් වසර ගත කළේ කොළඹ කාන්තා විද්‍යාලයේ ය. එකළ කොළඹ ප්‍රධාන කාන්තා පාසැල්වල පළමු පන්තිවල පිරිමි ළමුන් කිහිප දෙනෙකුට අවස්ථාව දෙනු ලැබීය. ලලිත් කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ එලෙසිනි.
කෙසේ නමුත් ඉන්පසු, 1942 ජනවාරියේ, ඔහු රාජකීය ප්‍රාථමිකයට ඇතුලත් කෙරුණි. නමුත් ඔහුට එහි වැඩිකල් සිටීමට වූයේ නැත. මාර්තු මාසයේ ඇතුලත්මුදලි පවුල කොළඹින් පිට පදිංචියට ගියේ දෙවන ලෝක යුද්ධයේ උණුසුම ඒ වනවිට ලංකාවට ද දැනෙමින් තිබූ බැවිනි. කෙටි කළකට පසු ඔහු පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුලත් කෙරුණ අතර නැවතත් 1943 ජනවාරියේ සිට කොළඹ රාජකීය ප්‍රාථමික විද්‍යාලයට ඇතුලත් කෙරුණි.

1948 දී ඔහු රාජකීය ප්‍රාථමිය විද්‍යාලයෙන් රාජකීය විද්‍යාලයට ඇතුලත් විය. එකළ රාජකීය විද්‍යාලය සහ රාජකීය ප්‍රාථමික විද්‍යාලය වෙනමම පාසැල් දෙකක් ලෙස පැවතිණ. පාසැල් සමයෙහි ඔහු මළල ක්‍රීඩාවට යොමු වූ අතර බාලදක්ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට කණ්ඩායමට ද සම්බන්ධ විය. 1954 දී දෙවන එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණි අවස්ථාවේ ආචාර පෙළපාලියකට ද ඔහු සහභාගී වූයේය. මේ අතර 1952 දී අන්තර් පාඨශාලීය කඩුලු මතින් දිවීමේ වයස 16 න් පහල වාර්තාව හිමි කරගැනීමට ද ඔහු සමත් වී ය.

ඔක්ස්ෆර්ඩ් සරසවිය
පාසැලෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුලත් වූ ඇතුලත්මුදලි එහිදී නීතිය හැදෑරීය. මේ අතර ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ (Oxford Union) කනිෂ්ඨ කාරක සභාවට 1956 මැද දී තරඟ කළ ඔහු ඉන් ජය ලැබීය.
1956 නොවැම්බර් 26 වනදා ඔහු එහි ලේකම් ලෙස ද තේරී පත් විය. මේ අතර 1957 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමයේ ආරම්භක සභාපති වූ ඔහු 1957 ජූනියේදී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික ලෙස තෝරාගනු ලැබීය.
1957 නොවැම්බර් 26 වනදා ඔහුගේ උපන් දිනයදා ම, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට තරඟ කළ ලලිත් එම ධූරයට තෝරාගන්නා ලදී.
ලලිත් ඇතුලත්මුදලිගේ ඔක්ස්ෆර්ඩ් දිවිය නිම වීමට පෙර ඔහුගේ පියා මිය ගියේය. ඒ 1958 නොවැම්බර් 10 වනදා ය. ඒ සමඟම ඔහුගේ පවුලට ආර්ථික අපහසුතා එල්ලවන්නට විය. මේ අවස්ථාවේ එවක අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඔහුගේ අධ්‍යාපනය සඳහා රජයෙන් ශිෂ්‍යත්වයක් ලබාදීමේ යෝජනාවක් ගෙන ආවේය. එවක අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක විසින් පාර්ලිමේන්තුවට ඉරිදිපත් කළ යෝජනාව සම්මත වූයෙන් ලලිත් ඇතුලත්මුදලිට විශේෂ ශිෂ්‍යත්වයක් හිමි විය.
එම විවාදය පැවතියේ 1959 පෙබරවාරි 24 දා ය. ඇතුලත්මුදලිට දෙවසරක අධ්‍යාපනය සඳහා රුපියල් 5000 කට නොවැඩි මුදලක් වෙන් කරන ලදී.




වෘත්තීය දිවිය
ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය අවසන් කළ පසු ඇතුලත්මුදලිට මලයා විශ්ව විද්‍යාලයේ සිංගප්පූරු සරසවියේ (University of Malaya, Singapore Campus) සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබුණි. මෙම විශ්ව විද්‍යාලය පසුව සිංගප්පූරු විශ්ව විද්‍යාලය බවට පත්ව අද වනවිට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය නමින් සුපතල ආයතනය වේ.
කෙටි කලකින්ම කථිකාචාර්ය තනතුරට උසස්වීමක් ලද ඇතුලත්මුදලි 1962 දී සරසවි නිවාඩු සමයේ ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ආගන්තුක කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. පසුව හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති (L.L.M) උපාධිය සම්පූර්ණ කළේය.
නැවත සිංගප්පූරු සරසවියේ වසරක් ගෙවූ ඔහු 1964 ජූනි මාසයේදී ලංකාවේ අධිනීතීඥයකු ලෙස දිවුරුම් දුන්නේය.

දේශපාලන කටයුතු
ලලිත් ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ලෙස පත්වීම ලැබූයේ 1973 මැයි 23 වනදා ය. 1976 ජූනි 1 වනදා ඔහු රත්මලාන සංවිධායක ලෙස පත් කෙරුණි. 1977 මහ මැතිවරණයට ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ කළේය. ඇතුලත්මුදලි මෙහිදී ඡන් ද 19,972 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සී.වී. ගුණරත්න ඡන් ද 12,141 ක් ද, ලංකා සම සමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන ඡන් ද 3,305 ක් ලබාගත් අතර යූ. ජී. ගුණදාස පෙරේරා ඡන් ද 108 ක් ලබාගත්තේය.
1977 දී වෙළෙඳ ඇමති පදවියට පත් කරන ලද ඇතුලත්මුදලි විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ මූලික කාර් යභාරයක් සිදු කළ බව සඳහන් ය. ඔහු විවෘත ආර්ථිකය යනු නිදහස් ආර්ථිකයක් නොවන බවත් එහි දොරටුවක් ඇති බවත් ඔහු පවසා ඇත. මෙම දොරටුව කෙතරම් විවිර කරන්නේද යන්න විවෘත ආර්ථිකයේදී තීරණය කළ යුතු ය.
ආර්ථිකයේ පදනම තරඟය නම් මිනිසා කැපවීමෙන් වැඩ කරනු ඇතැයි යන්න ද එවිට ඔහුගේ කුසලතා මතුවනු ඇතැයි යන්න ද මෙහි තවත් උපකල්පනයක් විය.
1978 සැප්තැම් බර් 7 වනදා සිට ඇතුලත්මුදලි වෙළෙඳ සහ නාවික ඇමති වූ අතර කොළඹ වරාය කන්ටේනර් වරායක් බවට පත්කිරීම ඔහුගේ නායකත්වය යටතේ සිදු විය.
කෙසේ නමුත් ලලිත් ඇතුලත්මුදලි නාමය ශ්‍රී ලංකාවේ පැළපදියම් වූ හේතුව නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොල ශිෂ්‍යාධාර ක්‍රමය ඇති කිරීම ය. එම ක්‍රමය 1980 දී මූලාරම්භය දුටුවේ ය.
1984 මාර්තු 23 වනදා ඇතුලත්මුදලි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය. 1987 දී සුප්‍රසිද්ධ වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුම (Operation Liberation) දියත් වන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේ ය. එම මෙහෙයුමේ දෙවන අදියරේදී ඉන් දියානු බලපෑම මත එය නවතා දමන ලද අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඇතුලත්මුදලි අතර මතභේදයකට ද එය හේතු විය. ඉන් දියාවේ අවශ්‍යතාවට අත්සන් කෙරුණ ඉන් දු ලංකා ගිවිසුමට ඇතුලත්මුදලි තදින්ම විරුද්ධ විය.
කෙසේ නමුත් මෙම විරසකය දරුණු අර්බුදයක් වීමට පෙර 1987 අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය සිදු විය. රජයේ මන්ත්‍රීවරුන් එදින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් පසු ඔවුන් එසේ රැස් වූ පළමු අවස්ථාව එය විය. එම කාමරය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මින් කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා සහ තවත් නිලධාරියෙක් මිය ගියහ. 1987 ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම ප්‍රහාරය දියත් කළ බව සැළකේ. මින් එම ගිවිසුමට එරෙහි වූ ඇතුලත්මුදලි බරපතල තුවාල ලැබීම දෛවෝපගත සිද්ධියකි.
සමානුපාත ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවති පළමු පාර්ලිමේන්තු මතිවරණය පවත්වන ලද්දේ 1989 පෙබරවාරි 15 දා ය. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ඇතුලත්මුදලි මනාප 235,447 ක් ලබා එම මැතිවරණයේ වැඩිම මනාප ලාභියා බවට පත් විය.
මෙම මැතිවරණයෙන් පසු කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර ඇමතිවරයා වූ ඔහු 1990 මාර්තුවේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ලෙස පත් කරන ලදී.
මෙකළ ජනාධිපති ප්‍රේමදාස හා ගැටුම් වර්ධනය වන සමය විය. මෙහි උච්ච ස්ථානය වූයේ ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ගෙන ඒම ය. ඒ 1991 අගෝස්තුවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස විරෝධීන් පිරිසක් මෙම ක්‍රියාවලියෙහි නිරත වූහ. කෙසේ වෙතත්, දෝෂාභියෝහය ඉදිරිපත් කර දින දෙකකට පසු ඇතුලත්මුදලි ඇමතිධූරයෙන් ඉල්ලා අස් විය. ඒ 1991 අගෝස්තු 30 දා ය.
සැප්තැම්බර් 3 වනදා ඔහු ඇතුලු කැරලිකාර එජාප මන්ත්‍රීන් ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරිණ. මන්ත්‍රීන් අට දෙනෙක් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ හ.
මේ අතර නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට ද මෙම පිරිස පියවර ගත්තේ නඩු තීන් දුව කිනම් ආකාර වේදැයි නොදත් බැවිනි. කෙසේ නමුත් නඩු කටයුත්ත හේතුවෙන් ලලිත් ඇතුලු පිරිස නිල වශයෙන් ඊට සම්බන්ධ නොවූහ. මැතිවරණ කොමසාරිස් වෙත අදාල අයදුම්පත යොමු කළේ 1991 නොවැම්බර් 28 වනදා ය. පක්ෂ නායකයා වූයේ රාජනීතීඥ ඒ. සී. ගුණරත්න ය.

අවසන් සමය
දෙසැම්බර් 3 වනදා ඇතුලත්මුදලි ඇතුලු පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන් දුව ප්‍රකාශ විය. ඉන්පසු ඔහු නව පක්ෂයේ වැඩකටයුතුවලට සම් බන් ධ වූයේය. 1992 ජනවාරි 20 වනදා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා ලකුණින් ලියාපදිංචි පක්ෂයක් වෙද්දී ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක එහි උප සභාපතිවරු වූහ.
ප්‍රේමදාස පාර්ශවයෙන් ඇතුලත්මුදලිට 1991 – 1992 වසරවල සිව් වරක් මැර ප්‍රහාර එල්ල විය. 1992 අගෝස්තු 29 වනදා දෙහිවලදී එල්ල වූ ප්‍රහාරයෙන් ඔහුගේ දිවි ගැලවුනේ වාසනාවට ය.
ලලිත් ඇතුලත්මුදලි 1993 අප්‍රේල් 23 වනදා රාත්‍රී 8.30 ට පමණ කිරුලපන පැවති ජන රැළියක් ඇමතීය. ඒ පළාත් සභා මැතිවරණ සමය වූ අතර ඔහු තම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු විය. ඔහුගේ කතාව අවසන් වූ පසු ඔහුට සාහසිකයකු විසින් වෙඩි තබන ලදී. රෝහල්ගත කරන ලද ඇතුලත්මුදලි පසුව මිය ගියේය.
එම ඝාතනයේ වගකීම එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පැවරීමට රජය උත්සාහ කළ ද ජනාධිපති ප්‍රේමදාස වෙත එහි ඇඟිල්ල දිගු වූයේය. අප්‍රේල් 28 වනදා ඇතුලත්මුදලිගේ අවමඟුල දා අවමඟුල් පෙරහැර අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාවයන් සහ කඳුලු ගෑස් ප්‍රහාර ද එම සැකය වැඩි කිරීමට හේතු විය.
ඔහුගේ මරණින් දින කිහිපයකට පසු 1993 මැයි 1 වනදා ජනපති රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ගොදුරක් බවට පත් විය.
ඇතුලත්මුදලිගේ මරණින් පසුවද ඔහු අතිශය ජනප්‍රිය පුද්ගලයකු විය. ඔහුගේ මරණින් පසුව පවත්වන ලද පළාත් සභා මැතිවරණයේදී ඔහුට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණ අතර ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමණී ඇතුලත්මුදලි 1994 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය. කෙසේ නමුත් ප්‍රේමදාසගේ මරණින් පසු ගාමිණී දිසානායක ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් පිරිසක් යළි එජාපයට එක් වූ අතර පක්ෂය දියාරු වී ගියේය.

විශේෂ ස්තූතිය - චාමර
http://worldfu.com/author/chamara/ 
"නොනිමි මෙහෙවර"- ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය - රංජිත් අමරකීර්ති පළිහපිටිය