Translate

Friday, September 8, 2017

රවීන්ද්‍ර විජේසේකර නැමති බාලදක්ෂයා

රවීන්ද්‍ර විජේසේකර නාලන්දාවේ සිටි බාලදක්ෂයෙකි. ඔහු වර්තමානයේ ශ්‍රීලංකාවේ PCB විදුලි ආලෝකරණය පිළිබඳව සිටින අංක එක දරන ප්‍රවීණ ශිල්පියාය. Printed circuit board හෙවත් PCB යනු කුමක්ද? ඉතා සරල ව කිවහොත් තඹ පූරුවක (විදුලි සංනාහයක) මුද්‍රණය කරනු ලැබූ පරිපථ සටහනකි.

වර්ෂ 1986 අප නාලන්දා බාලදක්ෂ සමූහයේ වාර්ෂික මහ කඳවුර පැවැත්වුයේ නුවරඑළියේ පීඩෲහි දීය. වාර්ෂික මහ කඳවුර සඳහා ලාංජනයක් සහිත කඳවුරු පදක්කමක් පිළියෙළ කිරීමට අප ගත් උත්සාහයේදී එය සිල්ක් රෙද්දක් (silk screen) මත කැපූ සටහනක් මත මුද්‍රණ තීන්ත හෙලා එයට තෙරපුමකට යොදා ඉන් නිකුත් වන තීන්ත අවශ්‍ය පසුබිමේ සටහන් වන ආකාරයට හෙවත් silk screen printing ක්‍රමය කෙරෙහි අවධානය යොමු කෙලෙමු. මෙහිදී ප්‍රාථමිකව සදාගත් (ලී රාමුවකට විනිවිද පෙනෙන තුනී රෙද්දක් ඇනගසා) ස්ක්‍ර්‍රීනයක් සහ තීන්ත තෙරපුමකට අවශ්‍ය ස්කූජ්ය සඳහා රබර් සෙරප්පුවක අඩියෙන් කපා ගත් කොටසක් භාවිතා කෙලෙමු. 

රවීන්ද්‍ර මෙම විෂය කරා යොමු වූයේ කෙසේ ද?

මේ කාලයේදීම ආසියානු පදනම මගින් බෙදා දුන් ඉලෙක්ට්‍රෝන පිලිබඳව වූ පොතක් රවීන්ද්‍රට ලැබූ තිබුනි. ඉංගිරිසියෙන් වූ එම පොත ඩික්ෂනරියක ආධාරයෙන් අකුරෙන් අකුර ගලපා කියවා තේරුම් ගත් ඔහු විදුලි පරිපථ කෙරෙහි අවධානය යොමු කලේය. ඒ සඳහා වූ මූලික ක්‍රියාදාමය හෙවත් screen printing ක්‍රම රවීන්ද්‍ර මා (ධර්මලාල් ගුණවර්ධන) සමඟ අත් හදා බැලීය. මගේ එකල සේවා ස්ථානය වූ Bristol Tailors ආයතනය නිල ඇඳුම් සැපයුම්කරුවෙකුව සිටි අතර අප දෙදෙනා එක්ව Srilankan Airways, Thai catering service ආදි ආයතනයන්හි නිලඇදුම් මුද්‍රණය කෙලෙමු. වරක් singer srilanka තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී (ශ්‍රීලංකාව, ඉංදියාව, පකිස්තානය) අසංග ගුරුසිංහ හා රවීන්ද්‍ර පුෂ්පකුමාර යන ක්‍රීඩකයන්ගේ නම් එම ඇදුම් සැපයූ ආයතයේ ප්‍රමාදයකින් නොතිබුණු අතර ඉතා කඩිනමින් එම නම් මුද්‍රණය කිරීමට රවීන්ද්‍රට සහ මට පැවරිණි. එම සිදුවීම මට මෙන්ම රවීන්ද්‍රගේ ද අමතක නොවන සිදුවීමකි.

ඒ ගැන රවීන්ද්‍ර සිහිපත් කළේ මෙසේයි

මා ගැන සටහනක් මේ අයුරින් ඉදිරිපත් කිරීම ගැන මා ඔබට ස්තූතිවන්ත වෙමි. මට මතක තරමට අපි ඒ කාලයේ stencil සාදාගත්තේ කඩදාසි කොල කපා, අලවා stencil ක්‍රමයට බව ඔබට මතක ඇති.

LED බල්බ පත්තුකිරීමට කුඩා කල සිට උමතුවෙන් සිටි මා බො‍රැල්ල සෙනිත් ආයතනය හරහා පළමු LED බු
දු‍රැස්මාලා PCB පුවරුව 1996දී නිර්මාණය කලෙමි. ඒ වන විට කිසිඳු බුදු‍රැස්මාලා PCB පුවරුවක් ශ්‍රී ලංකාවේ නොතිබුනු අතර ඒ දු‍ටු සැනින් සමහර පුද්ගලයින් එය කොපි කරන ලදි.

ඒ ගැන සිතූ මා ඉලෙක්ට්‍රොනික් චිපයක් (IC) තුලට දත්ත කවා (IC Programming) පරිපථය නිර්මාණය කිරීමට සිතුනි. IC Programming පිළිබඳව ඉගෙනීමට මා වසර 3ක කාලයක් එක දිගට මහන්සි වූ අතර ඒ පිළිබඳව දන්නා කිසිඳු පුද්ගලයෙක් මට හමුවුනේ නැත. පසුව මට ආතර් සී ක්ලාක් ආයතනයේ කවීන්ද්‍ර සර් මුන ගැසුනි. ඔහුගෙන් Pic micro-controller පිළිබඳව මනා දැනුමක් ලබාගතිමි. ඒ වන විටත් Pic micro-controller පිළිබඳව දැන සිටියේ ආතර් සී ක්ලාක් ආයතනයේ කිහිප දෙනෙක් පමණි. චිපයක් මතට දත්ත ඇතුලත් කර IC Programming නිර්මාණය කරන ලද පළමු බුදු‍රැස්මාලා PCB පුවරුව මා වෙළඳපොළට ඉදිරිපත් කළෙමි. ඒ වන විට Pic micro-controller ශ්‍රී ලංකාවේ තිබුනේ නැත. ඒවා මොනවාදැයි කිසිඳු කඩ හිමියෙක් දැන සිටියේ නැත. අද පඳුරකට පයින් ගැසුවාක් මෙන් ඒ බව දන්නා බොහොමයක් සිටීම මට හාස්‍යට කරුණකි. මා ඉතා අමාරුවෙන් මුදල් ‍රැස්කර සිංගප්පූරුවට ගිය අතර, එහි සිටි Narada Liyanage මිතුරා මා හට නවාතැන් සපයාදීම තාමත් මා හට මතකයි. එයින් ‍රැගෙන ආ IC වලින් මා මේ බුදු‍රැස්මාලා නිර්මාණයට යොමු වූ අතර මා පසුපස සෙවනැල්ලක් සේ සිටියේ Suresh Udawatta මිතුරායි. මේ ව්‍යාපාරය දියුණු කිරීමට ඔහුගෙන් විශාල පි‍ටුවහලක් ලැබුණි. එතැන් පටන් මා හට බුදු‍රැස්මාලා PCB වර්ග විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණි. ඒවා කිහිපදෙනෙක් කොපි කළත් ශ්‍රී ලංකාවේ PCB බුදු‍රැස්මාලා නිර්මාතෘවරයා මා වන බව ඔබට නිහතමානීව දන්වමි.

PCB රැස්මාලාවේ නිර්මාතෘ රවීන්ද්‍ර

කෙමෙන් කෙමෙන් අඩියෙන් අඩිය එසවූ රවීන්ද්‍ර සිය මුල් පරිපථ කට්ටල විකිණීමට බොරැල්ලේ සෙනිත් ආයතනයනය සහාය කර ගත්තේය. ක්‍රමයෙන් ශිල්පීය කුසලතාවය මෙන්ම ව්‍යාපාරික කුසලතාවය වර්ධනය කරගත් රවීන්ද්‍ර සිය නිශ්පාදන ජපානය ඇමරිකාව සිංගප්පූරුව තායිලන්තය වියට්නාමය ආදි රටවල් කරා ව්‍යාප්ත කලේය.

රවීන්ද්‍රගේ නවතම නිර්මාණය වූ දේදුනු වර්ණ rainbow ආලෝක රටා පසුගිය දා එලිදැක්විය. මෙහි විශේෂත්වය වන්නේ වර්ණ 7 සඳහාම එකම විදුලි බුබුලක් දැල්වීමයි. ඔබ ගමන් ගන්නා බස් රථවල ඉදිරිපස වූ බුදුන්ගේ හා දෙව්වරු සහිත ආලෝක විහිදෙන පූරුව මෙන්ම ඇතැම් මංසන්ධිවල ඇති බුදුරැස් විහිදෙන ස්ථානවල එම ආලෝක රටා මවන පරිපථයේ නිර්මතෘ වරයා රවීන්ද්‍ර බව නොදැන ඉන්නට ඇත. නමුත සත්‍යය එයයි.

වර්‍රතමානයේ ඔහුගේ පරිපථ කොපිකර මුද්‍රණය කරන බොහෝ දෙකක් සිටියද, මුල් කාලයේ සිට ම පරිපථයේ රටා විලාශය පරිගනකයකින් තොරව සිය මනස තුල උපන් රටාවන් ප්‍රතිරෝධ resistance, තඹ පතුරැ. මත ඊයමින් පාස්සමින් ඔහු කල ප්‍රාතිහාර්ය විශ්මය ජනකය.

තොරතුරු සැපයීම සම්බන්ධයෙන්
විශේෂ ස්තූතිය
ධර්මලාල් ගුණවර්ධන

Thursday, September 7, 2017

යසරත් කමලසිරි නැමති බාලදක්ෂයා

මහානාම විද්‍යාලයේ මාධ්‍ය කවයේ හිටිය කොලු ගැටව් ටික තරමක් කටකාරයි. හැමෝටම තිබුණේ ප්‍රවෘත්ති කීමේ ආසාවක්. චමුදිත, තුෂාර මේ කොලු රංචුවේ කැපී පෙනෙන චරිත. ඒ අතර තවත් එක් කටකාර කොලුවෙක් හිටියා. ඔහු තමයි යසරත් කමලසිරි. ඔහු ජනාධිපති සම්මානය දිනූ බාලදක්ෂයෙක්. බාලදක්ෂ කටයුතු වලදී ඔහු නිරන්තරයෙන්ම ලබා දෙන සහයෝගය අති විශිෂ්ඨයි. ජපානයේ පැවති පසුගිය ලෝක ජම්බෝරියෙදී සිරස සමඟ එක්ව ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ පුවත් එහි සිට ගෙනාවෙත් ඔහුයි.

නිවුස් කීමට තිබුණු කැමැත්ත නිසාම යසරත් එම්.ටී.වී.නාලිකාවේ අහම්බෙන් දැකපු දැන්වීමකට ඉල්ලුම් කරනවා. 1997 පෙබරවාරි පළමුවෙනිදා උදේම යසරත්ට ලිපියක් ලැබෙනවා. ‘සහන නිවේදකයන් තෝරා ගැනීමේ තිර පරීක්ෂණය පෙබරවාරි 01 වැනිදා උදෑසන 9.30 ට එම්. ටී. වී. සිරස දෙපානම පන්නනිපිටිය කාර්යාලයේදී.’ ලියුම අතට ලැබණු ගමන් ඔහු වෙලාව බැලුවා. හරියටම වෙලාව 10.30 යි. මොනවා කරන්නද අහම්බෙන් ලැබුණු චාන්ස් එකත් මිස් වුණා කියලා හිතාගෙන ඔහු එහි තිබුණු අංකයකට දුරකතන ඇමතුමක් ගන්නවා.

දුරකතනයට පිළිතුරු දෙන්නේ සිරස ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදක අධ්‍යක්ෂ හැරල්ඩ් විජේසිංහ මහත්මයා.
සර් . . . මට පරීක්ෂණයට ලියුම ලැබුණේ දැන්. ඉන්ටවීව් එකට එන්න බැරි වෙයිද? ඔහුගේ උත්සාහය සාර්ථකයි.
‘හා . . .  කමක් නෑ . . . ඉක්මනට එන්න ඉන්ටවීව් එක තවම යනවා . . .’ ඔහු පියාපත් ලැබූ කුරුල්ලෙක් වගේ සිරස කාර්යාලයට ළඟා වුයේ තනතුර ලැබුණාට වඩා උද්දාමයෙනි. දෙයියනේ . . . හිතාගන්න බැරි දිග පෝලිිමක්. සම්මුඛ පරීක්ෂණ වට හතරයි. මේ පරීක්ෂණ හතරම සමත් වෙලා සහන නිවේදක තනතුරක් යසරත්ට ලැබෙනවා.
ඔය විදිහට අහම්බෙන් සිරසට නිවුස් කියන්න ආපු යසරත් වර්තමානයේ සිරස මාධ්‍ය ජාලයේ News 1st කළමනාකාර අධ්‍යක්ෂක බවට පත්වෙනවා. මොන තනතුර ලැබුණත් යසරත් අදත් එදා වගේම නිරහන්කාරයි. එදා ඩෙනිම් කලිසමයි, ටී ෂර්ට් එකයි ඇඳලා දෙපානමට පයින් ආපු ඔහුට ඒ අතීතයේ සුවඳ තවමත් එදා වගේම මතකයි. ඒ ගුණ සුවඳ නිසාම ඔහු සමඟ කතාබස් කරන්න ඔහුගේ නිවහනට යන්න වෙලාවක් නොමැති නිසා අපි ඔහුගේ කාර්යාලයට ගොඩ වැදුණා.

යසරත් කමලසිරි කිව්වාම රටම දන්නේ නිවේදකයකු ලෙසනේ. අපේ කතාව එතනින්ම පටන් ගමුකෝ . . .
ඇත්තටම මගේ දක්ෂතාවයට අපේ පාලන අධිකාරිය මේ තනතුර ලබා දුන්නාට මම තවමත් එදා වගේමයි. තවම නිවුස් කියනවා. මම එදා මේ ආයතනයට එද්දී හිටියේ සුළු සේවක පිරිසක්. අපිට සමහර වෙලාවට මේකප් දාගන්නෙත් අපිමයි. මම නිවුස් කියන්න එන කාලේ චේතනා විතරයි හිටියේ. අපි දෙන්නම මේකප් දාගෙන නිවුස් බීම් එකට එනවා. ඒ නිසා අපට හැම දෙයක්ම හුරුයි. නිවුස් එකක් කියන්න විතරක් නෙවෙයි, ලයිටින්, එඩිටින්, නිවුස් රිපෝට්ස්, මේ හැම දේම කරන්න පුළුවන් වුණේ මම පොඩිම තැන ඉඳන් ඉහළට ආපු නිසයි.

මේ තරම් කාලයක් ප්‍රවෘත්ති නිවේදක අංශයේ සිරස ආයතනයේ වැඩ කරපු ඔබට සෑහෙන්න අත්දැකීම් ඇතිනේ?
අපෝ ඔව්. අපට කොයි තරම් නම් දේවල් තියෙනවාද? ඒ කාලේ චේතනාට අනතුරක් වුණා. ඉතින් මට එක දිගටම දවස් 27 ක් රාත්‍රී ප්‍රවෘත්ති කියන්න සිද්ධ වුණා. මම හිතන්නේ මේක රෙකෝඩ් එකක් වෙන්න ඇති.

ප්‍රවෘත්ති නිවේදකයකු වුණු ඔබට මේ වගේ වගකිමක් පැවරුණේ කොහොමද?
මේක ඉබේ සිද්ධ වුණු දෙයක් නොවෙයි. පුංචිම තැන ඉඳන් මෙතැනට එන්න කරපු කැපවීමේ ප්‍රතිපලය තමයි මේ.
නිවුස් කීමේ කලාවේ වෙනසක් කළේ අපියි කියලා මම හිතනවා. ඒ කියන්නේ බොහෝ දේවල් මුලින්ම මාධ්‍යයට හඳුන්වා දුන්නේ අපියි. මට මුලින්ම පැවැරුණේ උදෑසන ප්‍රවෘත්ති කීමටයි. මුලින්ම උදෑසන නිවුස් කියන්න පටන් ගත්තේ අපේ ආයතනය. උදෑසනම සූදානම් වෙලා නිවුස් කීම තරමක වෙහෙසකර කටයුත්තක්. ඉන් පසුව මට නිෂ්පාදකයකු වීමේ අවස්ථාව ලැබුණා. මම මේ කටයුත්තේදී වෙනස්කම් රැසක් කළා.

ඔබ කළ ඒ කැපවීමට ලැබුණු සම්මානත් ඇතිනේ?
මට 2007 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ප්‍රවෘත්ති වාර්තාකරු ලෙසත්, හොඳම ප්‍රවෘත්ති නිවේදක බවටත් සම්මාන ලැබුණා. ඇත්තටම ඒක ලැබුණේ පුදුම විදිහට. මහවිලච්චිය කියන ගමේ ගුරුවරයකු ක5 යොදාගෙන කළ අපූර්වතම අත්දැකීමක් තමා ඒ වාර්තා වැඩසටහන. ඒ වගේම මට 2011 දී විශිෂ්ඨතම තරුණායට හිමි සම්මානය හිමි වුණේ මාධ්‍ය වෙනුවෙන් කළ මෙහෙවරට.

ඔබට මේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවෙන සිදුවීම් ඇතිනේ?
අපෝ . . . අනන්තයි . . . ඒ නිසානේ අපි හැමදාම ව්ඥඹඵ 1 වෙන්නේ. මට අමතකම නොවෙන සිද්ධියක් තමයි සුනාමී දිනය. හරියටම නත්තල් දවසේ. කිසිම නිවුස් එකක් නෑ පහුවදාට හොඳ ලීඩ් එකක් ගහන්න. නිවුස් රූම් එකට වෙලා අපි රෑ දොළහ වෙනකම් හිටියා. පහුවදා උදේ නිවුස් රූම් එකේ ඉන්න කොට අපේ යාළුවෙක් කතා කරලා කිව්වා මුහුද ගොඩට ගලනවා කියලා. ඇත්තටම අපිට සිද්ධිය හිතා ගන්නත් බැහැ. එතන ඉඳන් අපි පැය දෙකක් එක දිගටම බ්‍රේකින් නිවුස් ගැහැව්වා. අන්තිමට අපට මේ ගැන දැනගන්න තිබුණු ක්‍රමය තමයි ඒ ප්‍රදේශයට යන එක. ඒ දේ කරන්න බැරි නිසා අපි චොපර් එකකින් ඉහළට ගිහින් බැලුවා. එතකොට තමයි අපි ඇස් දෙකෙන්ම දැක්කේ මොකද වුණේ කියලා. මම දවස් දෙකක් දිගටම නිවුස් කිව්වා. ඇත්තටම මේක පුදුම අත්දැකීමක්. ඒ වගේම තමයි යාපනයේ පුස්තකාලයට බෝම්බ දාපු දවස. මට මොහොතින් පණිවුඩයක් ලැබුණා පලාලිවලට යන්න කියලා. අපි පැයක් ඇතුළත යාපනයට ගියා. මම ඇස් දෙකෙන්ම දැක්කා එතන මොකද වෙලා තියෙන්නේ කියලා. තවත් අමතක නොවන සිදුවීමක් තියෙනවා. එක දවසක් නැගෙනහිර ප්‍රදේශයේ සුළි සුළඟක් හැමුවා. හදිසියේම වුණු මේ සිද්ධිය වෙන වෙලාවේ නිවුස් බීම් එකේ හිටියේ මමයි. මට කිව්වේ සිද්ධිය ගැන විතරයි. කිසිම ස්ක්‍රිප්ට් එකක් නැතුව විනාඩි 20 ක් මේ සිද්ධිය ගැන සජීවි විකාශයක් සිදු කළා.


 
මේ වගේ අත්දැකීම් තියෙන ඔබේ පෞද්ගලික ජීවිතේ කොහොමද?
මම විවාහ වුණේ අපේ ආයතනයේම සේවය කරපු ගෝතමි දිසානායක සමඟ. විවාහ වුණාට පස්සේ අපි දෙන්නා තීරණය කළා දෙන්නගෙන් එක් කෙනෙක් ජොබ් එකෙන් අයින් වෙන්න. එතනදී වඩාම හොඳ එයා අයින්වීම කියලා තීරණය වුණා. ඇත්තටම ඒ තීරණය නිවැරැදිය කියලා අපට දැන් හිතෙනවා. අපට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු හතයි, දෙවැනියාට අවුරුදු හතරයි, පොඩි දුවට අවුරුද්දයි. ඇත්තටම පවුලේ සියලු දේ බලන්නේ ගෝතමී. ඒක මට විශාල පහසුවක්. මේ වගේ රැකියාවක් කරද්දී පවුලේ වැඩ ගැන සොයන්න ඇත්තටම වෙලාවක් නැහැනේ. ඒත් ලැබෙන ඉඩකදී ඔක්කොම එකතු වෙලා සතුටු වෙනවා. මේ නිවාඩුව ඔක්කොම බදුල්ලේ ඉන්නේ. ඒ නිසයි ඔයාලට ඒ අය හමු නොවුණේ.

-

Sri Lankan scouts and leaders participating at the 23rd World Scout Jamboree which will be held in Yamaguchi, Japan met with President Maithripala Sirisena on Thursday July 23. The scouts and leaders who arrived at the President’s official residence met with the President who is also the Patron the Sri Lanka Scouts Movement. The President handed over the national flag to the scouts participating at the World Scout Jamboree. Thirty thousand (30 ,000) scouts representing 175 countries are due to take part at the World Scout Jamboree this year. The Jamboree is scheduled to take place from July 29 to August 8.

Monday, September 4, 2017

ඩයස් ගුණරත්න නැමති බාලදක්ෂයා

දියලගොඩ දයාහඬ

දියලගොඩ ඉංග්‍රීසි විද්‍යාලයෙන්  මූලික අධ්‍යාපනය ලැබූ ඩබ්. ජෝශප් ඩයස් ගුණ‍රත්න (දයාගුණේ) මහතා පැරණි කලුතර හොරණ බාලදක්ෂ දිසාවට අයත් කීර්තිමත් බාලදක්ෂ සමූහයක් වූ පළමු දියලගොඩ බාලදක්ෂ සමූහයේ ආරම්භක සාමාජිකයෙකු විය. 

Full Name - Wajjakkarakankanamage Joseph Dias Gunaratne
Wife - Aneeshia Beatrice Fernando
Eldest son - Rohitha
Eldest daughter - Prabha
2nd son - Ajith
2nd daughter - Inoka.
Both Rohitha and Ajith were old scouts of 4 th Moratuwa Scout Group of St. Sebastian's College Moratuwa.
The following attachments are the proofs for his Radio Programme of Scouts for the Sinhala listeners.

Image may contain: 1 person, eyeglasses and closeup
පසු කලෙක ඇල්පිටිය සාන්ත තෙරේසා විද්‍යාලයෙන් ගුරු වෘත්තියට පැමිණි අතර පසුව පොතුපිටිය මහා  විද්‍යාලය, දියලගොඩ රෝමානු කතෝලික විද්‍යාලය, හලාවත අඟුණවල විද්‍යාලය, බිංගිරිය මහා විද්‍යාලය, මොරටුව විල්ලෝරාවත්ත විදයාලය, මොරටුව කටුකුරුන්ද විද්‍යාලය, මග්ගොන චරිතශෝධනාගාරයෙහි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කිරීමෙහි පුරෝගාමියෙකු විය.  1960දී සිය ලී පදක්කම් උසස් පාඨමාලාව සම්පූර්ණ කලේය. අනතුරුව සහය පුහුණු නායකයෙකු හා පුහුණු නායකයෙකු ලෙස ජාතික පුහුණු සංචිතයෙහි සේවය කළ මෙතුමා හට දෙස් විදෙස් පුහුණු පාඨමාලා සඳහා සහභාගීවීමේ අවස්ථාව නිරන්තරයෙන්ම ලැබිණ. චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීම, ගී ගැයීම, කථිකත්වය හා ඉදිරිපත් කිරීමේ කලා කෞෂල්‍යය හේතුවෙන් ජාක්‍යන්තර පුහුණු කටයුතුවල දී එතුමාගේ දක්ෂතාව කැපීපෙනෙන්නට විය.

පුරා වසර 72කට නොවැඩි ඉතිහාසයක සිට රාගම තේවත්ත බැසිලිකා පුදබිමෙහි පැවැත්වෙන පූජා මංගල්‍යය  සඳහා බාලදක්ෂයන් සහභාගී කරවීමේ පුරෝගාමියා වනුයේ ද මෙතුමාය. 1945 සිට පළමුවන දියලගොඩ කණ්ඩායමේ බාලදක්ෂයන් 04කුගෙන් ආරම්භකර අඛණ්ඩව මේ දක්වාත් පවත්වාගෙන යන ප්‍රජා සේවාව රදගුරුතුමන් විසින් ද අගය කර තිබේ. 

සිංහල භාෂාව පිළිබඳ එතුමා සතු දක්ෂතාවය මානවක බාලදක්ෂ කටයුතු ව්‍යාප්ත කිරීමෙහි ලා කැපී පෙනෙන මෙහෙවරක් කරනු ලැබීය. සිංහල භාෂාවෙන් ලියූ පොත පත්වල හිඟවීමට පිළියමක් ලෙස මානවක බාලදක්ෂ සංවිධානය හා පුහුණුව පොත හා මානවක බාලදක්ෂ ක්‍රියාමාර්ය යන පොත් සිංහල භාෂාවට පරිවර්තනය කළේය. 

විදුහල්පතිවරයෙකු ලෙස උසස්වීම් ලැබූ මෙතුමා බුලන්කුලම මහවිද්‍යාලය, ශාන්ත අන්තෝනි විදයාලය, කඩොලාන හා මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයෙහි ද සේවය කලේය. 

60-80 දශක දෙක තුළදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා එක්ව ක්‍රියාත්මක වූ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ක්‍රියාත්මක වූ බව බාලදක්ෂ ඉතිහාසයෙහි සඳහන්වේ. එම වැඩසටහන 1965 වර්ෂයේ ආරම්භ වූ බව P.S.R.රාජමනි මහතා විසින් පස්වන බාලදක්ෂ ජම්බෝරියේ සමරු පොතට එක් කල ‘LOOKING BACK OVER THE YEARS’ ලිපියෙහි පිටු අංක 41හි සඳහන්වේ. කරුණාරත්න අබේසේකර මහතාගේ පූර්ණ මෙහෙයවීම හා සහයෝගය යටතේ R.S.L.සුමනසේකර මහතා විසින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම 'බාලදක්ෂ හඬ' වැඩසටහන මසකට එක් වරක් පැය භාගය බැගින් විකාශනය වූ බව පැවසේ. 1967 ඔක්තෝම්බර් 1දා සිට 1968 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පැය භාගය බැගින් වූ වැඩසටහන් 30ක් විකාශනය කළ බව 1968 බාලදක්ෂ මූලස්ථානය විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. කුලියාපිටිය මහා විදයාලයේ බාලදක්ෂ නායක ගොඩ්ෆ්‍රි වර්ණකුලසූරිය විසින් පළමුවරට ඉදිරිපත් කල ඔපෙරා ශෛලියේ වැඩසටහන එම වර්ෂයේ විකාශය වූ වැඩසටන් අතරින් අතරින් කැපී පෙණුන බව එම වාර්තාවෙහි දැක්වේ. එසේම පානදුර හොරණ දිසාවේ ශ්‍රී පාලි මහා විද්‍යාලය, තක්ෂිලා මහා විද්‍යාලය, විද්‍යාරත්න මහා විද්‍යාලය, ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ආදී විදුහල්වල බාලදක්ෂයන්ගේත් පානදුර ශා.අන්තෝනි විද්‍යාලය, 65 කොළඹ, මීගමුව ශා. පීතර මහා විද්‍යාලය, බෝලවලාන පුහුණු විද්‍යාලය, කුලියාපිටිය මහා විද්‍යාලය සහ ජාතික මූලස්ථානයේ විශේෂ වැඩසටහන් දෙකක් ද පටිගත කිරීම් සිදුකල බව ම සඳහන් වේ.

බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා වෙන්ව තිබුණු මෙම ඉඩකඩ පූර්ව පටිගත කිරීමක් ලෙස සකස් වූ බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් (ශ්‍රී. ලං. ගු. වි. සං.) සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරක විය. බාලදක්ෂයන්ගේ හඬ ගුවන් ගත කිරීමේ පුරෝගාමීයා වු මෙතුමන් 1965 වසරේ සිට " බාලදක්ෂ හඬ" නමින් මුල්වරට ගුවන් විදුලි බාලදක්ෂ වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත්කර දේශිය සිංහළ අසන්නන්ට හඳුන්වා දෙන ලදී. මෙවැනි විනෝදාත්මක සහ සාරවත් වැඩසටහනකට ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පෝතකයන්, බාලදක්ෂයන් සහ මානවකයින් සහභාගිකරවීම විශේෂ සිද්ධියකි.
සමකාලීන ජම්බෝරි හා කඳවුරු පුරා ඇසුණු ශබ්ද විකාශන හ‍ඬෙහි ඩයස් ගුණ‍රත්නගේ මිහිරි වාග් විලාශය කිසිවෙකුටත් අමතක නොවේ. 1972දී විහාරමහාදේවි උද්‍යානයේ පැවැත් වු  කොළඹ දියමන්ති ජුබිලි කැම්පෝරියේදී ගුණ‍රත්න මහතා සමග හිටපු කොමසාරිස්වරයෙකු වන නන්දා අබේනායක මහතා විසින් විශේෂ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ඉදිරිපත් කලේය. ජෝර්ජ් වීදාගම මහතා විසින් SLBCහි 6වන මැදිරියට පැමිණ උපදෙස් ලබාදෙමින් එය පටිගත කල අතර එයට නාලන්දා බාලදක්ෂයෙකු ලෙස ධර්මලාල් ගුණවර්ධන මහතා ද සහභාගී වූ බව scouting සඟරාවේ අප වෙත දන්වන ලද්දේ ය. පසුකාලීනව බී.එන් කුරේ මහතා විසින් ද මෙම බාලදක්ෂයා හඩ සඳහා දායකත්වය දැක්වූ බව වර්තමාන Scouting සඟරාවේ ප්‍රධාන කර්තෘ චමින්ද වාරියප්පෙරුම මහතා අප වෙත දන්වා සිටි අතර එතුමා ද කීප අවස්ථාවක ඒ සඳහා සහභාගී වූ බව දන්වන ලද්දේය. ශ්‍රී ලංකාවෙහි ගම්දනව් සිසාරා විසිර යන ලෙස ගුවන් විදුලිය ඔස්සේ බාලදක්ෂ ව්‍යාපාරය සමාජගත කිරීමේ ප්‍රමුඛතමයෙක් ලෙස ඩයස් ගුණ‍රත්න හා ජෝර්ජ් වීදාගම විසින් සිදුකළ මෙහෙවර මේ දක්වාත් කිසිවෙකු විසින් ඇගෙයුමට පවා ලක්කර නොතිබීම කණගාටුවට කරුණකි. ලංකාව පුරා සිටි පෝතකයින් බාලදක්ෂයන් රටට හදුන්වාදෙමින් විකාශනය කොට පවත්වාගෙන යනු ලැබූ මෙම වැඩ සටහනෙහි ආලෝකය ලැබූ බොහෝ දක්ෂ දරුවන් වර්තමානයෙහි ද බාලදක්ෂ ව්‍යාපාරයෙහි සේවය කරනු දැකිය හැකිය.
1972 පැවති මොරටු පිළියන්දල දිසා කඳවුර. D.C.O.T.අමරසේකර (D C), W.J.ඩයස් ගුණරත්න, ලයනල් ජේ. සිල්වා යන මහත්වරුන් කාකි නිලඇදුමින් ප්‍රධාන රැළියට සහභාගී වූ ආකාරය
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකු ලෙස හැඳින්විය හැකි එතුමා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කලේය.  සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාවේ ද වසර කීපයක් යන්නට පෙර ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පදකීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය.

ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි
ගිනි දළු නැගයති.....

පසු කාලයකදී මෙම තනුවට දමිළ කොටසක් ද එක් වූ අතර එහි තොරතුරු සොයා ගැනීමට නැතත් එම පද වැල මෙසේය.

ත්‍රී වුඩර් වේලලුම් සෙන්නිරම් පරවිඩුම්
කාරිරුල් මංගියේ ඔලිවරුම්
නාට්‍ට සයිය පාලතාම් වීරකොණ්ඩු වීරරායි
තානිලත්නින් තමතෛ එණ්ඩුම් පෝටුවෝම්


----------------------

ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..

අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි

ගිනි දළු නැගයති.....

--------------------
ලකිසුරු විලියම් ගොපල්ලව ශ්‍රීමතාණන් අතින් 1965දී දීර්ඝ සේවා පදක්කමින් ද පසුව විශ්ෂ්ඨ සේවා සහතිකය හා පදක්කම ද දිනා ගත් මෙතුමා 1986දී බාලදක්ෂ ව්‍යාපාරයට සිදුකළ සේවාව අගයමින් Bar To the Medal of Merit සම්මානය අතිගරු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන උතුමාණන් අතින් දිනාගනු ලැබීය. 

පාසැල් කාලයෙන් අනතුරුව බාලදක්ෂ අචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම ඇරඹු මෙතුමන් මග්ගොන චරිතශෝධනාගාරය, පොතුපිටිය මහා විද්‍යාලය සහ බින්ගිරිය මහා විද්‍යාලය ඇතුළු විදුහල් ගණනාවකම බාලදක්ෂ කණ්ඩායම් බිහි කිරිමෙහිලා පුරෝගාමි විය. 1960දී ලී පදක්කම දිනා ගන්නා මෙතුමන් පසුව ක්‍රමාණුකුලව පියවර තබමින් පුහුණු කිරීමේ නායක පාඨමාලාව සම්පුර්ණ කරමින් පුහුණු කිරීමේ නායකයෙකු බවට පත්ව ජාතික පුහුණු කිරීමේ කටයුතු වලදී තම දායකත්වය ඉහළින්ම ලබා දෙන ලදි.

ඩයස් මහතාණන්‍ ශ්‍රී ලංකීය බාලදක්ෂ අපට සුවිශේෂිවන්නෙ එතුමන් අති දක්ෂ ලේඛකයෙකු සහ බාලදක්ෂ මාධ්‍යවේදියෙකු වු නිසාය. හෙළ භාෂාව පිළිබඳව විශිෂ්ඨ දැනුමක් සහ භාෂාව හැසිරවිමේ හැකියාවක් මෙතුමන් සතුවු අතරම ඉංග්‍රීසි භාෂාව නිසි පරිදි පිරිසිදුව භාවිතා කල විද්වතෙකි. ඉංග්‍රීසි ක්‍රමයට කටයුතු කෙරණු එකල සිංහළ භාෂාවෙන් පලවු බාලදක්ෂ පොතපත ඉතාමත් විරළවු යුගයක ඉංග්‍රීසි බසින් භාවිතයට ගැනුණු පොත් බොහෝමයක් ඔහු අතින් සිංහළයට පරිවර්ථනය වු අතර බාලදක්ෂයන් අතර පත්තර සර් නමින් ජනප්‍රියත්වයට පත් වූයේය. මානවක බාලදක්ෂ සංවිධානය හා පුහුණුව ( Rover Scout Organization and Training) මානවක බාලදක්ෂ ක්‍රියා මාර්ගය ( The Rover Plan ) වැනි කෘතින් සුවිශේෂි වන අතර එමගින් මානවක බාලදක්ෂ කටයුතු කෙරෙහි මෙතුමන්ගේ තිබු උනන්දුව සහ දැණුමද මනාව විද්‍යමාන විය.

ජාතික පුහුණු අංශයට සමගාමීව බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ ඩබ්.ජේ.ඩයස් ගුණ‍රත්න මහතා බාලදක්ෂ එළිමහන් සංදර්ශන වේදිකාවෙහි ස්කවුටොරාමා (SCOUTORAMA) වැඩ සටහන සඳහා කැපීපෙනෙන වෙනස්කම් රැසක් එක්කරනු ලැබූ බව බාලදක්ෂ ඉතිහාසයෙහි සඳහන් වේ. පුවත් පත් සඳහා ලිපි ලිවීමට අමතර ව ශ්‍රී ලංකා බාලදක්ෂයා පුවත් පතෙහි සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ මෙතුමා හුදෙක් රැකියාවක් ලෙස නොසලකමින් ගුරු වෘත්තිය හා දැරූ සෙසු තනතුරු සියල්ල ඉතා ආදර්ශවත් අන්දමින් මහජනතාව වෙත සේවය සැපයීම පිණිසම කටයුතු කලේය. එතුමාගේ පරිත්‍යාගශීලී බව අන්සැම අතරෙහි කැපී පෙනෙන්ට විය. 

වෘත්තියෙන් විදුහල්පතිවරයෙකු වු ඩයස් මහතාණන් ගුරු වෘත්තිය දේව කැඳවිමක් ලෙස සිතා 38වසරක අමරණිය සේවයක් කර ඇත. ඇල්පිටිය ශාන්ත තෙරේසා විදුහලෙන් තම සේවය ඇරඹු මෙතුමා මග්ගොන චරිත ශෝධනාගාරය , දියලගොඩ රෝමානු කතෝලික විදුහල, පොතුපිටිය මහ විදුහල, හලාවත අඟුණවිල විදුහල, බින්ගිරිය සහ විදුහල, මොරටුව විල්ලෝරාවත්ත විදුහල, මොරටුව කටුකුරුන්ද විදුහල සහ විදුහල්පති තනතුරට උසස් කිරිමෙන් පසුව බුලක්කුලම මහ විදුහල, සාන්ත අන්තෝනි විදුහල කඩලාන සහ මොරටුව මෙතෝදිස්ත විදුහලේදි සේවය කරන ලදී.

යහපත් සහ ආදර්ශමත් කිතුණුවෙකු වු මෙතුමා 1945 සිට 1995 දක්වා පුරා වසර 50ක් නොකඩවා රාගම තේවත්තේ අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂිකව පවත්වන රෝගීන් ආශිර්වාද ගැන්විමේ සන්ධ්‍යා මෙහෙයේ ප්‍රජාසේවයට තම නායකත්වයෙන් දියලගොඩ බාලදක්ෂ සමුහය සහභාගී කිරීම අද්වීතිය සිද්ධියකි.

විදෙස් රටවල පැවැති බොහෝ පාඨමාලාවන්ට සහභාගි වීමට වරම් ලැබු මෙතුමා එ හරහා ලබා ගත් දැණුම තමන් විසින් නායකත්වය දුන් පාඨමාලාවන් සඳහා සහභාගිවුවන්ට නොමසුරුව ලබාදිනි. එතුමන් සතුවු ගායන හැකියාව ,කථන හැකියාව සහ කලා කෞශල්‍යයන් එකල බොහෝ පාඨමාලාවන්වල සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. මෙරට සෑම ජම්බෝරියකදීමද ශබ්දවිකාශන ඔස්සේ එතුමන්ගේ හඬ ඇසිනි. 1974 වසරේදි ජාතික මුලස්ථාන කොමසාරිස්වරයෙකු ලෙස ස්වර්ගස්ත වන මොහොත දක්වාම එම තනතුරේ කටයුතු කරන ලදී. වසර 38ක් පුරා සදා අමරණීය සේවයක් සැලසූ එතුමා 1998 ඔක්තෝබර් 24 දා අප අතරින් සදහටම වියෝ විය. එතුමාගේ වියෝව ජාතික බාලදක්ෂ මූලස්ථානයට ද දරාගත නොහැකි පාඩුවක් විය.





 

















Articles from 'Sri Lanka Baladakshaya' contd...

1) 2008 !st Issue  (2653) - Photo Mr. Dias Gunaratne                                      
2) Jan/March1999 (2641/2642) Article on Mr. Gunaratne By Mr Hilary Silva & the song Gini Dalu Naga.....                                                                            
3) July 1992 (2643) Gini Dalu Naga yathi Original lyrics                                  
4) Aug.15-21 1992 (2633) Special Jamboree edition Jamboree song of 4th Nat. Jamboree
5) Oct-Dec. 1992  (2648) The Official Theme Song not sung at 4th Nat. Jamboree                                 6) Jan/Feb 1991  (2640) Theme song of SAARC Jamboree -Sung by Mr.Clarence Wijewardane.         7) Nov 1994  (2647) Campfire song composed by Mr. Chandraratne Manawasinghe                             8) Oct. 1991  (2638) Song of PEACE  A song by the Scouts of School for the Blind, Ratmalana sung at "Baladaksha Handa' of March 1986            
9) Jan- March 1993  (2644) About the great Scouter, Composer & Singer Mr. Mike B Balapitiya and his song 'punchi punchi pal....'

ඉහත තොරතුරු අපවෙත එවීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතිය
Bede Perera,
Dharmalal Gunawardena
Shiraz Salih,

 
------------------

ඩයස් ගුණරත්න මහතාගේ බාලදක්ෂ කටයුතු සම්බන්දයෙන් අන්තර්ජාලයේ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොමැතිවීම කණගාටු දායක කරුණකි. අනෙකුත් තොරතුරු මෙන්ම මෙවැනි ඉතිහාස තොරතුරු ලියා තැබීමට කැමති නම් අපට සහයවන්න.

------------------------
පසු සටහන
බාලදක්ෂ ඔබේ අවධානයට! 

Remarkable Scouts යටතේ අපගේ බ්ලොග් පිටුවෙහි දැනට දෙස් විදෙස්හි සුපතල බාලදක්ෂයන් ගැන බෙහෝ තොරතුරු ඇතුලත් කර ඇත. මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ බෙහෝ ජනප්‍රිය බාලදක්ෂ බාලදක්ෂිකාවන් එහි ඇතුලත් වේ. ඉතා අසීරුවෙන් scouting සඟරාවේ අප විසින් සිදුකරන හා මෙතෙක් වගා කර ඇති බෙහෝ තොරතුරු අන්තර්ජාලය පිරික්සීමේන් දැකගත හැකිය. බාලදක්ෂ ආශ්‍රිත ඕනෑම සිංහල යෙදුමකට හෝ Scouting sri lanka යන්න සෙව්ම් යන්ත්‍රයක යෙදූවිට එක් රැස්වන තොරතුරු වලින් 75% තොරතුරු අපවිසින් යාවත් කාලීන කළ තොරතුරු බව ඔබත් නොදන්නා බව සිතමු. හැකිනම් අපේ උත්සාහයට දිරිදීම සදහා ඔබ දන්නා හදුනන දිරිය බාලදක්ෂයන්ගේ තොරතුරු අපට යොමු කරන්න.scoutingmagazine@gmail.com
-----------

Sunday, September 3, 2017

ලී පදක්කම් උසස් පාඨමාලා

No automatic alt text available.
පළමු ගිල්වෙල් බාලදක්ෂ නායක පාඨමාලාව
රොබට් බේඩින් පවෙල් සාමිවරයා විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමෙන් අනතුරුව අතු ඉති දමා ලියැළුණු බාලදක්ෂ ව්‍යාපාරය නැමැති දැවැන්ත ඕක් ගසෙහි අරටුව බවට පත්වූයේ ගිල්වෙල් පුහුණුව වේ. බී.පී.තුමාට එංගලන්තය පුරා විසිර තිබූ සියළු කණ්ඩායම්වලට තනිවම සහය ලබාදීම අසීරු වූ බැවින් මුල්ම බාලදක්ෂ නායකයන් පුහුණු කිරීමේ කදවුරක් 1910 දී ලංඩනයේ දී සහ 1911 දී යෝක්ශියර් හිදී පැවැත්විය. මෙම නායකයන් පුහුණු කිරීමේ කදවුර හැකිතාක් දුරට ප්‍රයෝගිකව පැවැත්වීමට බේඩින් පවෙල්ට අවශ්‍ය වූ අතර බොහෝ වැඩිහිටියන්ට ද මෙම නායකත්ව පුහුණුව ලබාගැනීමේ ආසාව ඇති වූයේ ය. වැඩිහිටි නායකත්ව පුහුණු වැඩසටහන සඳහා 'වුඩ් බැජ්' නම් පාඨමාලාව හදුන්වනු ලැබිණ. පලමු ලෝක යුද්ධ සමයේදී වුඩ් බැජ් පාඨමාලාව පැවැත්වීම අසීරු වූ අතර 1919 වන තෙක් නැවත ආරම්භ කිරීමට නොහැකි විය. 
බාලදක්ෂ කදවුරු පැවැත්වීම සදහා සුදුසු කදවුරු භූමියක් ලෙස 1919 දී ලන්ඩනය අසල ගිල්වෙල් උද්‍යානය බාලදක්ෂ සංගමය විසින් මිලදී ගන්නා ලදී. බේඩින් පවෙල් විසින් බාලදක්ෂ නායකයින් පුහුණු කිරීම සදහා Aids to Scout Master-ship නමින් සහ පෝතක බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන් සදහාද අත්පොත් නිකුත් කලේය.

ලංකා බාලදක්ෂ උසස් පාඨමාලා ආරම්භවීම

ලංකාවේ පළමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව 1924දී මෝදර උතුරු කඳවුරේදී පැවැත්වූ බව බාලදක්ෂ ඉතිහාසයේ සදහන් වේ. යුධ කාලය හේතුවෙන් වෙඩිබිමක් ලෙස භාවිත වූ පීඩෘෘ කඳවුරු භූමිය නැවත 1999 පසු බාලදක්ෂයන් හට හිමි වූ අතර බෙහෙවින් විනාශ වී තිබූ අතීත ස්මාරක නැවත පිහිටුව කඳවුරු බිම වැඩිදියුණු කිරීමට බෙහෝ බාලදක්ෂ නායකයන් හා පුහුණු අංශ වෙහෙස වී කටයුුතු කලේය. නැවතත් 93 SAC සිට මේ දක්වාත් අඛණ්ඩව බාලදක්ෂ අංශයේ ලී පදක්කම් පුහුණුව පීඩෘෘ කඳවුරේදී පවත්වාගෙන එනු ලැබේ.

පාඨමාලා 100ක විස්තර

--------------------
Cub Scout Advanced Course
In this picture front row 3rd from left looks like Mrs. Pauline De Silva, wife of Mr. Chandra de Silva. Front row 4th from right is definitely Mr. R.Sri Krishnaraja.
--------------------

25වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1968

25th Cub Scout Advanced Course at Negambo - April 17th - 23rd 1968

In this Photo : E W Kannangara (Former Chief Commissioner), Lionel De Silva ( Former Chier Commisioner) His Excellency William Gopallawa (Governer - Later Sri Lanka First President) Nihal De Mel (Former NTC) Leo G Ferrnando (Former DC) K C Fernandopulle ( Scout Leader Negombo Prisons Scout group) 

In this Photo : E W Kannangara (Former Chief Commissioner), Lionel De Silva ( Former Chier Commisioner) His Excellency William Gopallawa (Governer - Later Sri Lanka First President) Nihal De Mel (Former NTC) Leo G Ferrnando (Former DC ) K C Fernandopulle ( Scout Leader Negombo Prisons Scout group)

seated 3rd from right is not Mr. Windsor but Mr. Felix Abeykoon, who was the admin. secy of the NHQ for many years and was fully in volved with the Sea Scouts later on. this is a very old pix taken before IKG & Lionel Silva had their differences and iKG left the Scouts to join the sarvodaya. both Mr. Lionel Silva and IKG Chandrasena were Senior Field Commissioners at the time. Yes, the gentleman seated on extreme left does look like Mr. Nihal De Mel, who is very sick now.Of all the people seated in the front row , 9I cannot identify the person on extreme right, possibly a foreigner) other than Mr. De Mel all the others are dead and gone. Kannangara would have been the Chief Commissioner, Brig. Jayawardene the Camp Chief (now called the N.T.c.) Billimoria A.C.c. or dep Chief, Abeykoon the admin secy, Lionel Silva and IKG Seniuor Field Commissioners and Nihal de Mel a Field Commissioner. Mr. Nihal De Mel is the only surviving member now.  
 
--------------------

25වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1973

25th Cub Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - Apr. 17th - 23rd 1973
Course Director - Mr.R.Abraham (LT) — with Sarath Godakandarachchi, R. Sri Krishnarajah, Gerald M.Cooray and V. Nihal de Mel.

----------------------------

61වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2004

61st Cub Scout Advanced Course Staff at Lee Dasanayaka Scout Camp - Mirigama - 6th to 11th October 2004.

Course Director - Mr.Padmalal Perera (LT) — with Renuka Silva
--------------------

70වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2009

70th CUB Scout Advanced Course at J/Manipay Memorial Navodya English School - Jaffna - 03 - 09 October 2009
--------------------

71වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2010

71st Cub Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - April 2010

--------------------

72වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -2011

72nd Cub Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya- 01 - 07 April 2011
Course Director - Acc. Sarath Godakandarachchi (LT)
Course Adviser - Mr.A.A.Ariyapala (LT)
Deputy Course Director - Mrs.H.V.Thilaka Alvis (LT) & Mrs.E.Abeyrathne (LT)

--------------------

87වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1995

87th Cub Scout Advanced Course Staff at Lee Dasanayaka Scout Camp - Mirigama - April 19th - 25th 1995

Seated L ro R possibly, Mrs. Mallika Gunaratne, Newton Cooray,Daniel Edirisinghe,---------------,lionel silva,,ariyapala, MES Jayasinghe. The man standing at the extreme left looks suspiciously like our ACC Damian De silva.  

former CC M.Mohideen & next to him Late Mr.Joseph also their
--------------------

74වන පෝතක බාලදක්ෂ උසස් පාඨමාලාව -1983

74th Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - March 31st - April 9th 1983
Course Director - Mr.V.Nihal de Mel (LT)
Deputy Course Director - N.S.de Silva,
Advisor - Mr.PSR Rajamani , Mr.A.A.Ariyapala
— with Sri Skandarajah, B.N. Cooray, A.A.Ariyapala, P.S.R. Rajamani, W.P.D.Jinadasa, V.Nihal de Mel, N.S. De silva and Dudley Senanayake.


first row L to r 4th is sri Skandarajah,B.N.,Ariyapala,Mr. Rajamani and the person next to Mr. de Mel looks like N.S. De silva. It is possible that the next man is Mr. Dudley Senanayake, but I cannot say for sure. The Last row the 6th from left seems to be like Mr. W.P.D.Jinadasa who is a HQ Commissioner now. The Course Leader might have been iether Ariyapala, Nihal de Mel or N.S., or even Mr. Rajamani
  
--------------------

83වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1991

83rd Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya- Aug. 15th - 22nd 1991

Course Director - Mr. Gerold M. Cooray (LT) — with Gitan Motha, Sanath Rohana Wickramasinghe, B.N. Cooray, Gerald M.Cooray and Daniel Edirisinghe.

Fornt Raw; Left Gaitan Motha, Nalande Cooray, Apura Wicky,Rathnapura Abesiri & Course Director BN Cooray??
--------------------

86වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1994

1994 දී පැවැත්වු 86 වන බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා වූ උසස් පාඨමාලාව පැවැත්වුණේ මීරිගම ලී දසනායක බාලදක්ෂ මධ්‍යස්ථානයේදීය.පාඨමාලා අධ්‍යක්ෂ වූයේ බී.පී.පෙරේරා මහතාය. ChiranWindsor, Kapila Kumara, Ruwan Ariyarathne, Ruwan Nanayakkara, Nanda Corea යන අයද මෙම පාඨමාලාවට අනුයුක්තව සිටියේය.

පාඨමාලාවට ඇතුලත් කර තිබූ බාධක පා ගමන සඳහා කාන්ඩ 6ට පාට 6ක රටහුණු වලින් මාර්ග සළකුණු යොදා තිබුණ(රතු කොල දම් කහ නිල් හා සුදු)නියමිතය පරිදි කාන්ඩ 5ක් ගමන අවසන් කොට කඳවුර වෙත වාර්තා කල අතර එක් කාන්ඩයක් රාත්‍රි 8 වන තුරුද කඳවුර වෙත නොපැමිණීම හේතුවෙන් පාඨමාලා අධ්‍යක්ෂ වූ පෙරේරා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය බෙහෙවින් කලබලයට පත්විය .

ජංගම දුරකථන නොතිබුණු එකල ඔවුන් පිලිබඳව තොරතුරක් ලබා ගනු පිනිස ආචාර්ය මණ්ඩලයේ සිටි එක් මහතෙකු සිය යතුරු පැදියෙන් ඒ අවට මාර්ගයන්හි පිරික්සමින් සිටි අතර රාත්‍රි 10 ට පමණ පෙර කී කාණ්ඩය කඳවුර වෙත වාර්තා කලහ.

පසුව සොයාබැලීමේදී සිදුව තිබුනේ ඊට පසුදා යෙදෙන මහ පා ගමනට යොදා තිබූ මාර්ග සළකුණු ඔස්සේ ඔවුන් මීරිගම කන්ඩලම කන්ද දක්වා ගමන් කර තිබීමයි. එහි වරද ඔවුන්ගේ නොව පා ගමන් සළකුණු යෙදූ අය බාධක පා ගමනට යෙදූ මඟ හරහා මහ පා ගමනේ සළකුණුද සුදු පාට රටහුණු වලින් යොදා තිබීම හේතුවෙන් මාර්ග සළකුණු පැටලීමකට ලක්ව තිබීමයි .එම කාන්ඩයේ බාධක පා ගමනේ වර්ණය ද සුදු පාටය. කෙසේ වෙතත් පසුදා උදෑසන රැලියේදී එම කාන්ඩයට ලී පබළු දෙක පරිදි වූ ලී කොට දෙකක් දවස පුරා කරේ එල්ලා ගෙන සිටීමට සිදුවුනි. (උසස් පාඨමාලාවකදී දඬුවම් සඳහා මෙවැනි දේ කරන බව එදින දැන ගතිමි.)

සටහන: ධර්මලාල් ගුණවර්ධන

---------------------

මේ ලී පදක්කම් පුහුණු පාඨමාලාව මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධීන් අතර තියෙන එකක් නම් නොවෙයි. අපේ හිතවත්තු රැසක් ම එකට එකතු වුන අවස්ථාවක් වීම හැරුණු කොට මට අමතක නොවන සිදුවීම් කීපයයි තිබුණේ.

එකක් තමයි නිහාල් ඩි මෙල් ගේ “වනවාසියාගේ ක්‍රමයට ආහාර පිසීමේ” සැසිය. මේ සැසියේ කපිල උපුල් කුමාරKapila Kumara, ඉන්දික වල්පිට Indika Walpitage, චමින්ද කේසර ජයසූරිය CK Jayasuriya , රුවන් නානායක්කාර Ruwan Nanayakkara, රුවන් ආදී සෑහෙන නිර්මාන්ශිකයන් පිරිසක් හිටියා. එදා නිහාල් ඩි මෙල් මහත්තයා කුකුළු මස් ආදී මස් වර්ග සහිතව කරපු backwoodsman cooking දේශනය අතර කුකුළෙක් ඊයම් කොළවල ඔතා ගිනි අඟුරු යට දමා උයන අතර කියපු “කුකුළා මළා” ගීතයේ පද වෙනස් කරමින් කපිලත්, රුවනුත්, චමින්ද ආදී උදවිය ශබ්ද නගා ගැයූ විට පාඨමාලා සංවිධායකයන් අමනාප මුහුණෙන් වුනත් නිශ්ශබ්දව සිටියා. හොඳ වෙලාවට එදා අපේ රොහාන් සර් Rohan Wirasekara හිටියේ නැහැ.

නිර්මාංශික ආහාර ගැන මතක දෙවන සිද්ධිය තමයි, නිහාල් මහත්තයා නිර්මාංශික ආහාර ගන්නා අයට ගරු කිරීමක් ලෙස මුලින් ම ඇහුවා කවුද vegetarian කට්ටිය ඉන්නේ කියලා. මට නම මතක නැති මාතර දිස්ත්‍රික්කයෙන් ආපු පදක්කම් ලේකම් තුමාත් අත ඉස්සුවා ම අපි කවුරුත් පුදුම වුනා. ඉතින් නිහාල් ඩිමෙල් මහත්තයා නිර්මාන්ශිකයන්ට අල රොටි ආදී ආහාර දීලා, කුකුළා බිත්තර ආදී මාංශ ආහාර බෙදන්න පටන් ගත්තම අපේ යාළුවා ඒකත් කනවා. ඉතින් නිහාල් සර් ඇහුවා ඔයා වෙජිටේරියන් කිව්වා නේද කියලා? මිනිහා කියනවා ඔව් මම එළවළුත් කනවා කියලා.

මාතර දිස්ත්‍රික්කයෙන් ආපු පදක්කම් ලේකම් තුමා ඒ කාලෙත් තරමක් වයසක පුද්ගලයෙක්. නිහාල් ඩි මෙල් දේශනය අතර කිව්වා “වනවාසියාගේ ක්‍රමයට බත් උයන කොට හොඳම දේ තමයි, Giant Bamboo (යෝධ උණ ගස්) යොදා ගන්න එක කියලා. අපේ යාළුවාට මේක හරියට ඇහුණේ නැහැ. මිනිහා අහනවා “මොකක්ද සර් ඒ ජම්බු ජාතිය? පිනිජම්බුද? කියලා”.
ඒ වගේම අපේ ගෞතමදාස PS Gauthamadasa යම් ක්‍රියාකාරකමක් අතරතුර ජපන් බසින් කතා කරපු එකත් අමතක නොවන සිදු වීමක්. නීල්ටත් Neel Nandasiri මොකක්ද පරිප්පුවක් දුන්න බව මතක මුත් මොකක්ද කියලා මතක නැහැ.

තව අමතක නොවන සිද්ධියක් තමයි මට නම මතක නැති තවත් අපේ යාළුවෙක් දිනපතා උදෑසන රැළියේ දී කරපු වැඩක්. ඒ ඒ දවසට ඩියුටි ඉන්න කාණ්ඩය උදේ රැළියේ දී, යම් ආදර්ශාත්මක රුවන් වැකියක් කියන්න ඕනේ. අපේ යාළුවා කිව්වේ කොයි වෙලාවකවත්, නැහැ කියන්න එපා බැහැ කියන්න එපා කියන අරුතින් (Don’t say no, don’t say can’t) “නෑ නොකියන් බෑ නොකියන්” කියලා. අපි බැලුවා මොකද මුට නෑනායි බෑණායි මතක් වුනේ “නෑනෝ කියන් බෑනෝ කියන්” කියන්න කියලා. පස්සේ තමයි රොහාන් සර් Rohan Wirasekara කිව්වේ ඒක මිනිහ ගේ ප්‍රකට කියමනක් කියලා.


හැබැයි හොඳම අමතක නොවන සිදුවීම තමයි අපේ කාණ්ඩය (ඒකෙත් නම මතක නැහැ) රැයක් නවතින මීරිගම කණ්ඩලම කන්දේ පාගමනේ දී සිදු වූ සිදුවීමක්. අපට කල් තියා ආරංචි ලැබුණා කාර්ය මණ්ඩලයේ උදවිය රාත්‍රියේ අපේ කුඩාරම් හෝ කඳවුරු බිමට හොරෙන් ඇවිත් එහි තිබෙන කුණු කසළ හෝ යම් යම් දේ හොරෙන් රැගෙන ගොස් පසු දින උදෑසන රැළියේ දී ඉදිරිපත් කරන බවට ලැබුණු දූෂමාන ආරංචිය. අපේ කණ්ඩායම කන්ද නගින අතරමග ගැමි තරුණයන් දෙදෙනෙකු අපිත් එක්ක කතාවට වැටුණා. මේ දෙන්නත් අපේ කාර්ය මණ්ඩලයේ ඔත්තුකාරයෝ දෙන්නෙක් කියන සැකය මත අපේ උදවිය කතා කළේ බොහොම බයෙන්. මේ අතරින් වැඩිමල් තරුණයා කීවා තමන් හමුදාවේ සිට ඉන් ඉවත් වූ බවත් කන්ද මුදුනේ ඇති ටෙලිකොම් කුළුණ ආරක්ෂා කිරීමට මග ඇති ටකරන් මඩුවේ නැවතී ඉන්න බවත්. ඒ වගේම ඔහු කීවා අපට හවසට අපි කූඩාරම ගහන පැත්තේ එන්නම් කියලත්. අපිට ලොකු ම සැකය ආවේ මේ තරුණයා අවුරුදු 18ක තරම් වත් පෙනුමක් නැති වීම සහ අනික් තරුණයා ඊටත් බාල අයකු වීම. කෙසේ වෙතත් අපි කඳවුරු බැඳලා ගිනිමැලයක් එහෙම ගහගත්තට පස්සේ අපි කතා වුනේ මේ දෙන්නා ආවොත් මොකද කරන්නේ කියලා. පුරුදු පරිදි මම මෝඩම සහ අවදානම් අධිකතම යෝජනාව ගෙනාවා. ඒ තමයි තරුණයෝ දෙන්නම ගැට ගහලා තර්ජනය කරලා ඔවුන් අපේ සර්ලාගේ ඔත්තුකාරයෝ ද කියලා දැන ගන්න එක. හොඳ වෙලාවට අපේ වල්පිටට සහ කණ්ඩායමේ අනික් අයට මට වඩා මොළේ සහ බය (ලැජ්ජා බය?) තිබුණ නිසා වල්පිට Indika Walpitage සහ චමින්ද CK Jayasuriya යෝජනා කළා වෙනත් උපක්‍රමයක්. රෑ වෙන්න කීවා වගේම මේ තරුණයෝ දෙන්නා අපේ කඳවුර පැත්තේ ඇවිල්ලා කතාවට වැටුණා. ඔන්න ඔය අතරේ තමයි අපේ සැලසුම ක්‍රියාත්මක වුනේ. මට හරියට නම මතක නැති ඌරපොල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ නායකයා අමුතු විදියේ සින්දු කියන්නත් විකාර දොඩවන්නත් පටන් ගත්තා. මේ අතරේ අපේ ලසන්ත කුරේ සහ ඉන්දික වල්පිට අපේ සැක කටයුතු තරුණයෝ දෙන්නට කණට කිට්ටු කරලා කිව්වා මෙයාට පොඩි මානසික රෝගයක් තියෙනවා ඒකට ගන්න පෙති මීරිගම දසනායක කඳවුරේ තියලා ඇවිල්ලා කියලා. ටික වෙලාවකින් අපේ ඌරපොල ළමයා පිස්සු වැඩි වුනා වගේ පෙන්නලා ළඟ තිබ්බ ටයරයක් කරේ දා ගෙන නටන්න පටන් ගත්තා. ඒ වගේ දක්ෂ රඟපෑමක් නාට්‍යයකවත් දැකලා නැතිව ඇති. තව ටිකකින් එයා හූවක් තියා ගෙනම කන්ද පහළට දුවන් ගියේ යක්ෂාවේශයකින් වගේ. අපිත් මේක සිරාවටම අර ගෙන අර දෙන්නාගෙන් ඌරපොල ළමයා ව ඉස්පිරිතාලේ ගෙනියන්න වාහන තියන තැන් වගේ දේවල් සහ ඒකට උදව් කරන්න පුළුවන් ද වගේ ප්‍රශ්න ඇහුවා. කෙසේ වෙතත් මේ තරුණයෝ දෙන්නා අය එල්ටීටීඊ. එක දැක්කම බය වුනා වගේ අපේ හාදයාගේ පිස්සුවට නම් හොඳට ම බය වුන බව පෙනුණා. ඒ දෙන්නා අයියේ අපි යන්නන් කියලා හිමින් සීරුවේ ලිස්සලා ගියා ගියා මයි ආයේ නම් පළාතක ආවේ නැහැ.
සටහන: චිරන් වින්ඩ්සර් 

----------------------------

87වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1995

87th Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - 19th - 25th April 1995

--------------------

90වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1997

90th Scout Advanced Course at Lee Dasanayaka Scout Camp - Mirigama - 18th - 26th April 1997

--------------------

93වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 1998

93rd Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya - Aug. 7th - 13rd 1998

Course Director - B.N.Cooray (LT) — with with Gerald M.Cooray, B. N. Cooray and Lasantha Cooray, J.P.R.asoka, J.P.R.Asoka, M.F.S.Muheed, Anil Perera, T.K.W.Liyanage, Lasantha Cooray, Sarath Mataraarachi, Lal Premaratne, C.R.Jayasekara, A.A.Ariyapala and Shamith Mudalige.

යුධ කාලය හේතුවෙන් වෙඩිබිමක් ලෙස භාවිත වූ පීඩෘෘ කඳවුරු භූමිය නැවත 1999 පසු බාලදක්ෂයන් හට හිමි වූ අතර බෙහෙවින් විනාශ වී තිබූ අතීත ස්මාරක නැවත පිහිටුව කඳවුරු බිම වැඩිදියුණු කිරීමට බෙහෝ බාලදක්ෂ නායකයන් හා පුහුණු අංශ වෙහෙස වී කටයුුතු කලේය. නැවතත් 93 SAC සිට මේ දක්වාත් අඛණ්ඩව බාලදක්ෂ අංශයේ ලී පදක්කම් පුහුණුව පීඩෘෘ කඳවුරේදී පවත්වාගෙන එනු ලැබේ. ඉතා අසීරු ලෙස හමුදා කදවුර හා වෙඩි භූමියේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී තිබූ සියලු පැරණි බාලදක්ෂ ගොඩනැගිලි හා කඳවුරු භූමිය නැවත බාලදක්ෂ සංගමයට ලබා ගැනීමට හා භූමිය යථාතත්ත්වයට ගැනීමට බී.එන්.කුරේ මහතා සහ හෝමාගම දිසාවේ බාලදක්ෂයන් බොහෝ වෙහෙසුණු බවත් පාඨමාලාවට සහභාගී වූ වැඩි බාලදක්ෂ නායකයින් පිරිසක් මේ සදහා කැපවී බිම වැටී තිබුණු පීඩෘෘ තොරණ ද පිළිසකර කළ බව පැවසේ. එතැන් සිට බාලදක්ෂ පුහුණු ඡායාරූපය ගැනීමට එහි අලංකාර පිවිසුම් දොරටුව භාවිත කර තිබේ. නුවරඑළියේ පීඩෲහි පැහැති අංක 93 SAC පාඨමාලාව "ගිනිදළු නැග යතී" බාලදක්ෂ ගීතයේ නිර්මාතෘ පුහුණු නායක ඩයස් ගුණරත්න මහතා අවසන් වරට සහභාගී වූ උසස් පාඨමාලාව බව පැවසේ.

--------------------

100වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2002

100th Scout Advanced Course at Pedro Scout Camp - Nuwara Eliya- 26th April - May 5th 2002

 
--------------------

102වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2002

102th (SP) Scout Advanced Course @ Lee Dasanayaka Scout Camp - Mirigama - Nov.15th - 2002

--------------------

103වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2003



103rd Scout Advanced Course @ Pedro Scout Camp - Nuwara Eliya - 6th April to 3rd May 2003


--------------------

111වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2008

111th Scout Advanced Course @ Pedro Scout Camp - Nuwara Eliya - 22nd -29th April 2008

--------------------

114වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2009

114th Scout Advanced Course @ J/Vadu Central College - Jaffna - Oct. 26th - Nov. 2nd 2009
Course Director -??
--------------------

115වන බාලදක්ෂ උසස් පාඨමාලාව - 2010

115th Scout Advanced Course @ Pedro Scout Camp - Nuwara Eliya - 23rd -30th April 2010
--------------------

තොරතුරු ලැබුණු පසු ඉතිරිය යාවත් කාලීන කරන්නෙමු.

--------------------

ගිල්වෙල් සුහදහමුව

ගිල්වෙල් පදක්කම්ලාභීන්ට පමණක් සහභාගිවිය හැකි ගිල්වෙල් සුහද හමු ලොව පුරා වාර්ෂිකව පවත්වනු ලැබේ. එංගලන්ත ගිල්වෙල් උද්‍යානයේ හමුවට සහභාගීවීම ලොවපුරා විසිරී සිටින ලී පදක්කම් ලාභීන්ට නොහැකි බැවින් ස්වකීය රටෙහි පැවැත්වෙන අදාල සුහද හමුව සඳහා බොහෝ දෙනා පැමිණීම සිරිතක් ලෙස දක්නට ලැබේ.

වත්මන් ලී පදක්කම් උසස් පුහුණු පාඨමාලා

සිඟිති, පෝතක, බාලදක්ෂ හා මානවක යන අංශ 04 සදහා අධිකාරී පත්‍ර හිමි,  I සිට V අදියර දක්වා බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස පුහුණුව ලබන්නන් විසින් II අදියර නිමාවී මාස 06 ඉක්ම වූ අය සදහා මෙම පුහුණුව සඳහා සහභාගී වියහැකි අතර වර්තමානයේදී රු.3500ක් හා දිසාව විසින් රු.500ක් අයකරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමේදී මෙම නේවාසික ප්‍රායෝගික පුහුණුව ලබන නායක නායිකවන් සඳහා සුදුසු සෞඛ්‍ය මට්ටමින් සිටින්නේද යන වගට වෛද්‍ය සහතිකයක් ද ලබාදිය යුතුව ඇත. ස්වකීය අභිමතය පරිදි අංශ දෙකකින් හෝ කීපයකින්ම ලී පදක්කම් පුහුණුව ලැබිය හැකි වුවත් ගිල්වෙල් කරලේන්සුවට අමතරව වරෙක පැළඳිය හැක්කේ දාරපබළු දෙකක් පමණකි.

ජාතික පුහුණු කිරීමේ කොමසාරිසවරයා යටතේ සිටින ජාතික පුහුණු මණ්ඩලය විසින් මෙම ලී පදක්කම් උසස් පාඨමාලා මෙහෙයවනු ලබන අතර සිඟිති හා පෝතක අංශයේ පාඨමාලා චිරාත් කාලයක සිට මීරිගම පුහුණු මධ්‍යස්ථානයේදී ද බාලදක්ෂ අංශයේ පුහුණු පාඨමාලා නුවර එළිය පීඩෘෘ පුහුණු මධ්‍යස්ථානයේදී ද මානවක පුහුණු පාඨමාලා ඒ ඒ අවස්ථාවන්ට සුදුසු ස්ථානයන්හිදී පවත්වනු ලැබේ.

ඒ ඒ දිසාවන් විසින් වාර්ෂිකව පවත්වන පළමු අදියර බාලදක්ෂ ආචාර්යවරුන් පුහුණු කිරීමේ පාඨමාලා අතර සිඟිති, පෝතක හා බාලදක්ෂ කටයුතු සඳහා උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට එක්විය හැකි අතර අනතුරුව නව බාලදක්ෂ කණ්ඩායමක් ඇති කිරීම හෝ දැනට පවත්වාගෙන යන කණ්ඩායමකට සම්බන්ධ වී සිය පුහුණු කටයුතු සම්පූර්ණ කරගැනීමේ අවස්ථාව ඔවුනට හිමි වේ. 

බාලදක්ෂයෙකු තැනීමේ මූලික අඩිතාලම ලෙස ලබාදෙන මූලික පුහුණුවේදී එක්දින පළමු අදියර සම්පූර්ණ කරන ආචාර්යවරුන් වෙත ඉතා ඉහළ කාර්ය භාරයක් භාර වේ. තම බාලදක්ෂ කණ්ඩායමට පැමිණෙන ආධුනිකයෙකු එතැන් පටන් නියම බාලදක්ෂයකු බවට පත්වන තුරු බාලදක්ෂ නායකයා විසින් ඉටු කළයුතු කාර්යයන් රැසක් තිබේ. මෙම කාර්යයන් අතර බාලදක්ෂයාට ජනාධිපති බාලදක්ෂයෙකු බවට පත්වන තුරු නිසි පුහුණුවක් හා මාර්ගෝපදේශයක් ලබාදීම ප්‍රමුඛතම ස්ථානය වේ. බාලදක්ෂයාට නිසි පුහුණුවක් ලබාදීමට හැකි අයුරින් බාලදක්ෂ ආචාර්යවරයා තම පුහුණුව නිසි ආකරයෙන් සම්පුර්ණ කරගතයුතුම වේ. මේ නිසා බාලදක්ෂ ව්‍යාපාරය තුල "බාලදක්ෂ නායක පුහුණුවට" ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ.


පසු සටහන

කිසිවෙකුගේ අගය කිරීමක් හෝ පැසසුමකින් තොරව මතු දිනෙක අන්තර්ජාලය පිරික්සන අනාගත බාලදක්ෂ බාලදක්ෂිකාවන් වෙනුවෙන් ලී පදක්කම්ධාරීන්ගේ උසස් පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් සියලු තොරතුරු අන්තර්ජාලයෙහි ලියාතැබීම අපට පමණක් තනිව කළහැකි කර්තව්‍යයක් නොවේ. හැකි පමණින් මුහුණු පොතේ යාවත්කාලීන කර ඇති අතර බෙහෝ පිරිසකගේ අවධානය යොමුකරවීම උදෙසා බ්ලොග් පිටුවට එක්කිරීමට සිත් විය. මෙහි නොමැති තොරතුරු ඔබ සතුව නොමැතිනම් කමෙන්ට් එකක් ලෙස ඔවුන්ගේ නම් පහතින් එකතු කරන්න.