සාර්ථක බාලදක්ෂ කඳවුරක දී බාලදක්ෂයෝ සතුටින් සිටිති. එවැනි අවස්ථාවක් සලසා
දීමට බාලදක්ෂ ආචාර්යවරයා මග පෙන්විය යුතුය. බාලදක්ෂ පුරෝගාමී දැනුම
ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදර්ශනාත්මක කාලීන උපකරණයක් නිර්මාණය කළ හැකි ය. එළඹෙන නිවාඩු කාලයේ ඉදිකරන බාලදක්ෂ කඳවුරු බිම්වල කඳවුරකට අත්‍යවශ්‍ය &කාලීන උපකරණ ස්ථාපිත කිරීම පිළිබඳව බාලදක්ෂ ඔබ දැනුම්වත් විය යුතුමය. එබැවින් පහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
පුරෝගාමී දැනුම ප්‍රදර්ශනය කරන ක්‍රියාකාරකමක් නිර්මාණය කිරීම
දර මැස්සක් ඉදිකිරීම
එළිමහන් බාලදක්ෂ කඳවුරක තිබිය යුතුම දේවල් අතර දර මැස්ස ප්‍රධාන තැනක් ගනියි. ඔබ කඳවුරැ බැඳි භූමියෙන් අහුලා ගන්නා විශාල, මධ්‍යම සහ කුඩා ප්‍රමාණවල දර, දර මැස්සෙහි සංචිත කළ යුත්තේ මෙහි දැක්වෙන ආකාරයටයි. වියළි දර පින්නෙන් සහ වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීමට පියස්සක් ඉදි කිරීමට බාලදක්ෂයින් කටයුතු කළ යුතුය.රෙදි වියළා ගැනීමට මැසි
කාණ්ඩ කඳවුරක හෝ කණ්ඩායම් කඳවුරක දිවිගෙවන බාලදක්ෂයින්ගේ ඇඳුම් පැලඳුම් අපවිත්‍ර වීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතුය. එහෙත් එය කඳවුරේ &පිරිසුදු භාවයට* හානියක් නොවිය යුතුය. එම නිසා කඳවුරැ බැඳි බාලදක්ෂයින් සෑම දිනකම සන්ධ්‍යා කාලයේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතුය. තමන්ගේ කිලිටි ඇදුම් සෝදා පිරිසුදු කර කඳවුරේ රෙදි වියළා ගැනීමට ඉදි කළ මැස්සේ දමා වියළා ගත යුතුය.සැ. යු. - එදිනෙදා නිවසේ දී ප්‍රයෝජනයට ගන්නා රෙදි වැලක් කඳවුරේ ඉදිකිරීමට උත්සාහ නොගෙන එය, කාලීන උපකරණයක් ලෙස නිර්මාණය කිරීමට බාලදක්ෂයින් උත්සාහ කළ යුතුය.
කඳවුරු දොරටු ඉදිකිරීම
එළිමහන් බාලදක්ෂ කඳවුරකට අත්‍යවශ්‍යම කාලීන උපකරණයක් ලෙස කඳවුරැ දොරටුව හැඳින්විය හැකි ය. කඳවුරැ දොරටුව බාලදක්ෂ කණ්ඩායමේ අභිමානය හා පුරෝගාමී කුසලතා විදහා පෙන්විය හැකි අවස්ථාවක් වන බැවින් එය ඉදි කිරීමට බාලදක්ෂයින් වඩා නිර්මාණශිලීව දායක විය යුතුය.
No comments:
Post a Comment