ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21දා) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.
බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්රන්ථයක් ද ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් මෙනවිය විසින් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදි.
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැගණිය වූ ඔලිව් බේඩින් පවෙල් මෙනෙවිය ගේ මූලිකත්වය ඇතිව 1910 දී බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ විය. ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය හිමිවූයේ 1917 මාර්තු 21 වෙනිදාය.
ඒ එවකට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ සැන්සන් මෙනවියගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජෙනී කැල්වර්ලි මෙනවියගේ නායකත්වයෙනි.
මේ වන විට ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය තුළ රටපුරා හැත්තෑදහසක පමණ බාලදක්ෂිකාවන් පිරිසක් සම්බන්ධව සිටින අතර විශේෂ අවශ්‍යතා සහිත බාලදක්ෂිකා කණ්ඩායමක් ද ඒ අතර වේ.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බාලදක්ෂිකා ව්‍යාපාරයේ ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර, ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්ම මහත්මීහු ඇතුළු විවිධ වයස් කණ්ඩායම් නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය 2022.03.21දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.
බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්රන්ථයක් ද ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් මෙනවිය විසින් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදි.
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් බේඩින් පවෙල්ගේ මූලිකත්වය ඇතිව 1910 දී බාලදක්ෂිකා ව්‍යාපාරය හඳුන්වා දෙනු ලැබිණ.බ්‍රිතාන්‍ය ජාතික තරුණ ගුරුවරියක් වන ජෙනී කැල්වර්ලි මෙනවිය විසින් පළමු බාලදක්ෂිකා කණ්ඩායම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආරම්භ කරන ලද බව පැවසේ. ඒ එවකට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ සැන්සන් මෙනවියගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජෙනී කැල්වර්ලි මෙනවියගේ නායකත්වයෙනි. ශ්‍රී ලංකාවට ලෝක බාලදක්ෂිකා සංගමයේ සාමාජිකත්වය හිමිවූයේ 1917 මාර්තු 21 වෙනිදාය.
මේ වන විට ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය තුළ රටපුරා 70,000 පමණ බාලදක්ෂිකාවන් පිරිසක් සම්බන්ධව සිටින අතර විශේෂ අවශ්‍යතා සහිත බාලදක්ෂිකා කණ්ඩායමක් ද වේ.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බාලදක්ෂිකා ව්‍යාපාරයේ ජාත්‍යන්තර
කොමසාරිස් නදීකා ගුණසේකර, ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන
කොමසාරිස් නිර්මලී විලියම් මහත්ම මහත්මීහු ඇතුළු විවිධ වයස් කණ්ඩායම්
නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
No comments:
Post a Comment