17 වන සියවසේ බල්ගේරියාවේ මිනිසුන් විසින් විශාල ලී මුදු වලින් අත්හිටවූ පුටු මත හරවන ලද මගීන් ගමන් කරන "Pleasure wheels" ආරම්භ වූ බවටද මතයක් තිබේ. පීටර් මුන්ඩිගේ සංචාර 1620 මැයි 17 වන දින ඔලිප්ටොපොලිස් හි බල්කන්ස්හිදී "ඔවුන්ගේ බිරාම් මංගල්‍යයේ දී ඔවුන්ගේ මහජන ප්‍රීතියේ දී භාවිතා කරන ලද පැද්දීමේ වර්ග කිහිපයක්" යුරෝපයේ සහ ආසියාවේ තිබූ බව විස්තර කරයි.
like a Craine wheele att Customhowse Key and turned in that Manner, whereon Children sitt on little seats hunge round about in severall parts thereof, And though it turne right upp and downe, and that the Children are sometymes on the upper part of the wheele, and sometymes on the lower, yett they alwaies sitt upright.
වැල් ඔන්චිල්ලා
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි…
අත්ත උසං උසං උසං
කතුරු ඔංචිල්ලාව යනු විශේෂ දෙයකි. කතුරු ඔන්චිල්ලාව පැදීම පිරිමින්ට හා ළමයින්ට සුවිශේෂ වූවකි. එහි දී කතිරයක් වන ලෙස ලෑලි සම්බන්ධ කොට ඒවා පොලුවලින් එකට යා කරනු ලැබේ. පසුව පුවක් පටි රවුම් යොදා ඔන්චිල්ලාව සකසයි. මෙම ඔන්චිල්ලාව පොළවට උඩින් සිටින සේ කතිර හැඩයට බඳින කණු මත රඳවා ඇත. පුවක් පටි රෝල් ඇතුලට හරහට ඇති පොලු පෑගීමෙන් මෙය කරකැවීම සිදු වේ. කතුරු ඔන්චිල්ලාව බැඳීමට ශුද්ධ භුමියක් තෝරා ගන්නා අතර පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනවා.කිලි හෙවත් අපිරිසිදු අයට මෙම ස්ථානයට ඇතුලු වීමට අවසර නැහැ. මේ ඔන්චිල්ලාව වෙනුවෙන් නියමිත දිග පළල තිබෙන අතර එය දින හතක් ඇතුලත සාදා අවසාන කරන්න ඕන. මෙහි ක්‍රියාවලිය යාන්ත්‍රික ක්‍රියාවලියකි. එම නිසාම එය යතුරු ඔංචිල්ලාව යනුවෙන් ද නම් කරයි. යම් විදිහකින් ඒ දින හත ඇතුලත සාදා අවසාන කර ගැනීමට බැරි වුනොත් පඩුරක් ගැට ගසා තව දින හතක් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.
අවුරුදු උදාවට පෙර කතුරුඔන්චිල්ලාව හා බැඳි පත්තිනි පිළිවෙත දෙවරුවට ඔන්චිලි පැදීමයි. හිස තෙල් ගෑමෙන් පසු පෙරවරුවේ කතුරුඔන්චිල්ලාව පැදීම තහංචියක්. ඒ වුණත් ඔලබොඩුවේ කතුරු ඔන්චිලි ගායනා වත්පිළිවෙත් හා චාරිත්‍ර පමණක් නොව ඔලබොඩුව කතුරුඔන්චිලි සම්ප්රදාය ගැන බොහෝ අප්‍රකට ජනශ්රැති හැඳිනගැනීමට හැකිය.
බක්මහ අලුත් අවුරුද්දේ ප්‍රාදේශීය ජන උරුමයන් පැරණි පරම්පරාව වියැකී යන තුරු එකතු කිරීම හෝ මතු පරපුරට දැකගැනීමට සංරක්ෂණ වැඩපිළිවෙළක් මේ දකින කතුරු ඔන්චිල්ලා ජන උරුම බඳු අවුරුදු වටිනාකම් මියගිය පසු, එකසියවිස්සක පරමායුෂ තබා අවුරුදු විස්සක් වත් ජන උරුමයේ පවතීවි ද?
ලෝක බාලදක්ෂ ජම්බෝරියේ පුරෝගාමී පරීක්ෂණය
දැවැන්ත
පුරෝගාමී ව්‍යාපෘති යටතේ
බාලදක්ෂයන් විසින් සිය නිර්මාණශීලීත්වය පෙන්වීම සඳහා මෙවැනි නිර්මාණ ඉදිකර තිබේ.
2011 ස්වීඩනයේ ක්‍රිස්ටියන්ස්ටාඩ් හි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ බාලදක්ෂයින් Tivoli ප්‍රදේශයේ ඉදිකරන ලද අතින් බලයෙන් ක්‍රියාත්මක වූ කතුරුඔන්චිල්ලාව ලෝක ජම්බෝරියට සහභාගී වූ සුවහසක් බාලදක්ෂයන්ගේ අසීමිත අවධානය දිනාගත් දැවැන්ත පුරෝගාමී ව්‍යාපෘතියක් විය. "Primitve Scouting" යටතේ කඳවුරු අත්දැකීම් විඳීමට කැමති බොහෝ දෙනා මෙහි පැද්දීමට එකතු වූ අතර ලණු හා කඹ ආධාරයෙන් රුකුල් රැඳවුම් හා බැමි මත ශක්තිමත්ව ඉදිකරනු ලැබූ දැවැන්ත පුරෝගාමී ව්‍යාපෘතිය බාලදක්ෂයන්ගේ නිර්මාණශීලීත්වය හා හැකියාව ලොවට පෙන්වූ අවස්ථාවක් කලේය.
Primitive Ferris Wheel - Ferris wheel - skyview ferris wheel
සර්කස් සංදර්ශන හා විනෝද මේලා තුළ වැඩි අවධානයක් ලබා ගන්නා යකඩින් නිම වූ කතුරු ඔන්චිල්ලා ඉදිකිරීමේ සම්ප්‍රදායක්ද ලෝකයේ දක්නට ලැබේ. Giant Ferris Wheel, සරළව Ferris wheel ලෙසද හඳුන්වනු ලබන අතර, එය ලොව පුරා පිළිගත් සුවිශේෂී විනෝද උද්‍යාන සවාරියකි. එහි නව නිපැයුම්කරු වන ජෝර්ජ් වොෂින්ටන් ගේල් ෆෙරිස් ජූනියර්ගේ නමින් නම් කරන ලද එය 1893 චිකාගෝ හි පැවති ලෝක කොලොම්බියානු ප්‍රදර්ශනයේදී ආරම්භ විය.
මුල් ෆෙරිස් රෝදය අඩි 264 (මීටර් 80) උසින් යුක්ත වූ අතර එය පොළ භූමියට ඉහළින් විය.
නවීන ෆෙරිස් රෝද ප්‍රමාණයෙන් හා සංකීර්ණත්වයෙන් වර්ධනය වී ඇති අතර සමහරක් උස අඩි 500 (මීටර් 150) ඉක්මවයි. ඒවා සාමාන්‍යයෙන් සමන්විත වන්නේ වට ප්‍රමාණය වටා සවි කර ඇති මගී කුටි හෝ ගොන්ඩෝලා සහිත විශාල සෘජු භ්‍රමණය වන රෝදයකිනි. observation wheels රෝදය සෙමින් භ්‍රමණය වන අතර, අසරුවන්ට ඔවුන් නගින විට සහ බැස යන විට අවට ප්‍රදේශයේ පරිදර්ශක දසුන් සපයයි.
අද, ෆෙරිස් රෝද ලොව පුරා විනෝද උද්‍යාන, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ නගර අහසෙහි දක්නට ලැබේ. ඔවුන් විනෝදයේ සහ ත්‍රාසජනක සංකේත බවට පත් වී ඇති අතර, අසරුවන්ට අද්විතීය ඉදිරිදර්ශනයක් සහ අමතක නොවන අත්දැකීම් ලබා දෙයි.
ජම්බෝරිය තුළ කතුරු ඔන්චිල්ලා ඉදිකිරීමේ වැදගත්කම
බොහෝ දෙනාගේ අද්දැකීමකින් තොර ව වියැකී යමින් තිබෙන මෙවැනි ස්වදේශීය දස්කම් බාලදක්ෂ ලෝකය වෙත ගෙනයෑමට ඇති හොඳම අවස්තාව වනුයේ දහස් ගණනින් බාලදක්ෂයින් රැස්වන ජම්බෝරි වැනි අවස්තාවන් වේ. බාලදක්ෂ ශිල්පීයමය කුසලතා අගයමින් ඒ ඔස්සේ විදේශිකයන් වෙත අපගේ ස්වදේශීය අනන්‍යතාවයන් උත්කර්ශයෙන් ප්‍රදර්ශනය කිරීම මෙහි ඇති මූලික අභිලාශය වේ.
2011 අවසන් වූ ලෝක බාලදක්ෂ ජම්බෝරිය තුළ ඉදි කොට තිබූ ‘අකාර්යක්ෂණීයතම කතුරු ඔන්චිල්ලාවෙහි ඇති අනාරක්ෂිත භාවයත් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන දේශීය කතුරු ඔන්චිල්ලාවෙහි ඇති ආරක්ෂාකාරී භාවය පෙන්වීමටත් මෙය කදිම අවස්ථාවක් වේ.
ලොව සෙසු බාලදක්ෂයින් විසින් සකස් කරනු ලැබූ කතුරු ඔංචිල්ලාවන් කීපයක ම ඡායාරූප අපසතුව තිබේ’ ඒවායෙහි ඇති අනාරක්ෂිත බව හා අපගේ ශ්‍රී ලාංකේය ඔංචිල්ලාවෙහි ඇති සුවිශේෂත්වය ඔබ කාගේත් අවධානයට ලක්විය යුතුව ඇත.
වැඩි පිරිසකට එක් ව විනෝද විය හැකි උපරිම සතුටක් උපදවන ‘දැවැන්ත පුරෝගාමී ව්‍යාපෘතියකි.’ මෙවැනි ව්‍යාපෘති බාලදක්ෂ ශිල්ප ක්‍රමය තුළ හඳුන්වන්නේ බාලදක්ෂ ඉන්ජිනේරු මහා පරිමාණ පුරෝගාමී ව්‍යාපෘති වශයෙක් ද (Scouting Engineer/ Mega Pioneering) ස්වදේශීය බාලදක්ෂයින්ට ද මෙය කදිම අත්දැකීමක් වනු ඇත. තනිකරම දැව යොදා නිර්මාණය කර ඇති මෙය අපේ ගැමියන්ගේ තාක්ෂණික හැකියාවන් පෙන්නුම් කරන අපුරු කැඩපතක්. ශ්‍රී ලාංකීක තාක්ෂණික දැනුම ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට හඳුන්වා දිය හැකි හොඳම අවස්ථාවක් වශයෙන් ද මෙම සංස්කෘතිකාංගය හඳුන්වා දියයුතු ම වේ.
කතුරු ඔන්චිල්ලාවෙහි ක්‍රියාකාරීත්වය
කතුරු ඔන්චිල්ලා පදවන්නා විසින් පුවක් පටියෙන් වියන ලද කූඩුව තුළ සිට සමබර ව දීවීමෙන් එම වේගයට සාපේක්ෂ ව කතුරු ඔන්චිල්ලාව කැර කැවීම සිදු වේ. පළපුරුදු ශිල්පීන්ට එය පාලනය කිරීම පහසුය.
‘කප් සිටුවා’ සුබ නැකතකින් ආරම්භ වන කතුරු ඔන්චිල්ලාවේ ඉදිකිරීම සඳහා පුද්ගලයන් පස් දෙනෙකුගේ ශ්‍රමය කැප කිරීමට සිදු වේ. එතැන් සිට නො කඩවා දින හයක් ඇතුළත දී කතුරු ඔන්චිල්ලාවෙහි ක්‍රීඩා කිරීම සිදු කළ හැකි ය. කතුරු ඔන්චල්ලාව සකස් කිරීමට පුවක් පටි සහ හොර ලෑලි යොදා ගන්නවා. හොර ලෑලි කතිරයක් වන සේ තබා පොලු වලින් ඒවා සම්බන්ධ කර ගෙන පුවක්පටි රවුමට සිටින සේ තබා ගැට ගසා ගන්නවා. සවස් කාලයේ යෙදෙන ‘සුබ නැකතකින්’ කතුරු ඔන්චිල්ලාව විවෘත කරනු ලැබේ. එතැන් සිට ‘පිරිමි සහ කුඩා ගැහැණු ළමුන්ට කතුරු ඔන්චිල්ලාව පැදීමේ අවස්ථා ව හිමිවේ. හරහට බදින ලද පොලු පාගන විට ඔන්චිල්ලාව කැරකෙනවා. එක් වතාවකට අට දෙනෙකුට කතුරු ඔන්චිල්ලාවේ ගමන්ගත හැකියි. ඒ අතර දෙදෙනෙක් විසින් ඔන්චිල්ලාව කරකවනවා. පදින විට බුදුගුණ කවි, තුන්සරණ කවි සහ දෙවියන්ට පිං දෙන කවි ගායනා කරන අතර ඒවාට අත්වැල් අල්ලන අයද සිටිති.
කතුරු ඔන්චිල්ලාව දින සතකින් ගලවනවා. කප් සිට වූ දින 7 - 14 කට පස්සේ අන්තිම දවසේ ගරායක් නැටුම නටා දේව දානයක් දී කෙළිය අවසන් කෙරෙනවා. ගරායකා නැටීමෙන් පසුව ඔන්චිල්ලාවට නැගීම තහන්චි ය. ඊට හේතුව ඉඳගන්නා ලෑලි එල්ලා තිබෙන කාදු ගරා යකා විසින් කපා දැමීම යි. දෙවියන් පිළිබඳව ඇති භක්තිය නිසාම හැම දේම සාර්ථක වනනබවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. ඔන්චිලි පැදීමට මෙන්ම බොහෝ දෙනෙකු අවට රැස්වී සිටින්නේ මෙබඳු ත්‍රාසජනක දේ දැක ගැනීම සඳහායි. පත්තිනි දෙවියන් මුල් කර ගෙන සිදුවෙන මෙම කතුරු ඔන්චිල්ලා පැදීමේ අවසානයේදී වස් දොස් නැසීමක් විදිහට කෝලම් රංගනයක්ද ඉදිරිපත් කරනවා. ඔන්චිල්ලාව පැදීම නිමාවන අවසන් දිනයෙහි ‘වස් දොස්’ ඉවත යන ආකාරයෙන් ගාරා යක් නැටුමක් සහ කිරි අම්මාවරු සත් දෙනෙකුට ‘දානය’ පිරිනමනු ලැබේ. පත්තිනි දේව මෑණියන්ගේ ආරක්ෂාව හා සෙත් ශාන්තිය ලබා ගැනීම මෙහි ඇති සංස්කෘතිකමය අභිචාර විධික්රමය වේ.
අතීතයේ සිංහල අවුරුදු සමයේ මෙබඳු ක්‍රීඩාවන් පැවැත්වීම සුලභ අංගයන් වී
තිබුණ ද වර්තමානයේ මෙබඳු දේ දැක ගැනීමට ලැබීම ඉතාම දුලබ සිදුවීමකි. එසේම
ඉතා නාගරික වූ කොහුවල වැනි ප්‍රදේශයක මෙබඳු සාම්ප්‍රදායික ක්‍රීඩාවක් ශේෂව
පැවතීම සුවිශේෂී කාරණයකි. ජනශ්රති විද්‍යාව, ජන බස, ජන ඇදහිලි මෙන්ම ජන
ක්‍රීඩා ආදිය පර්යේෂණ කරන්නන්ට කතුරු ඔන්චිල්ලාව හා ඒ හා බැඳි චාරිත්‍ර
විදි අධ්‍යයනය වැදගත්. පත්තිනි දේවිය උදෙසා පවත්වනු ලබන විවිධ
අභිචාර විධි අතර දේශීය ශාන්තිකර්ම අවස්ථාවක් ලෙස සැලකේ. සත් පත්තිනි
ඇදහිල්ල, සුරබා වල්ලිය, කෝල් මුර, දෙවොල් දෙවියන්ගේ පුද පූජා, ශාන්ති කර්ම
හා කිරි අම්මාවරුන්ගේ දානය හෝ ගරායක් නැටුම ආදී අවස්ථා මඟින් වස්දොස් හැරීම
ඒ අතර ඉස්මතු වී තිබේ.
- දේශීය ජන ක්‍රීඩාවකි.
- පහතරට ජන ශ්රැති පදනම් කරගත් ශාන්තිකර්මයකි.
- ජන ගී සම්ප්රදායක් ගොඩනැගුණු සංස්කෘතිගාංගයකි.
- කොහුලණූ, පුවක් ගස්, පදම් කල පුවක් පටි සහ කිතුල් ලෑලි ආශ්රිත ව තැනූ දැවැන්ත පුරෝගාමී ඉදිකිරීමකි.
- එකවර බාලදක්ෂයින් අට දෙනෙකු වෘත්තාකාර ගමන්මාර්ගයක කැරකැවීම මඟින් විනෝදය මෙන් ම ත්රාසයමුසු අද්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව උදා වේ.
- ලෝකයේ දක්නට ලැබෙන අවදානම් සහිත ‘කතුරු ඔන්චිල්ලා’ ඉක්ම වූ ‘දියුණු දේශීය
ශිල්පීය ක්‍රම’ ඇසුරින් නිර්මාණය වන ස්වදේශීය පුරෝගාමී ව්‍යාපෘතියකි. එය
බාලදක්ෂ කටයුතු අනුව සැළකීමේ දී දැවැන්ත ඉන්ජිනේරුමය ඉදිකිරීමකි. (Scouting Engineer Mega Pioneering)
සහභාගීත්වය
■ ජම්බෝරි භූමියෙහි අත්විඳිය හැකි උපරිම විනෝදයක් නොමිලයේ ම ලබා දෙන ක්‍රියාකාරකමක් වශයෙන් කතුරු ඔන්චිල්ලාව හඳුන්වා දිය හැකිය.
■ මෙම දැවැන්ත ජම්බෝරිය සඳහා ලෝකයේ නන් දෙසින් පැමිණෙන බාලදක්ෂයින් ඇතුළු කතුරු ඔන්චිල්ලාවේ අත්දැකීම් නොලැබූ දේශීය බාලදක්ෂයින්ට
■ විවිධ රට රටවලින් පැමිණෙන ජනශුති පර්යේෂකයින්ට, තාක්ෂණය හා නිර්මාණ සංකල්පය ප්‍රායෝගික ව අධ්‍යනයට ලැබෙන කඳිම අත්දැකීමක්වනු ඇත.
■ ජම්බෝරි භූමිය නැරඹීම සඳහා දෙමාපියන් ඇතුලු සාමාන්‍ය මහජනතාව අති විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආරාධිත පාසල් වල දරු දැරියන් දෙමාපියන්, විදූහල්පතිවරුන්, ගුරු දෙගුරුන් හා වෙළඳ ආයතන සෙසු නරඹන්නන් සහ ත්‍රිවිධ හමුදාවේ හා ආරක්ෂක නිළධාරීන් ඇතුළු බාහිර පිරිස් ඇතුලු කඳවුරු භූමියෙහි රැදී සිටින උපරිම වශයෙන් 10,000 ක ධාරිතාවයක් සදහා පහසුකම් අවස්තතාව ලබා ගතහැකිවනු ඇත.
■ පෝතකයින්, බාලදක්ෂිකාවන් හා කඳවුරු ගිනිමැලය පවත්වන දිනයේ දී මෙම ප්‍රමාණය ඉකමවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
see the example hear-
01. https://www.facebook.com/
02. https://www.facebook.com/
hope lots of asians had this kind of parishioner traditions...
so this is the time we have to show our scouting power to world...
වෙනත් ඔන්චිල්ලා
ලෝකයේ කතුරු ඔන්චිල්ලාවට සමාන තවත් නිර්මාණ කීපයක්ම දක්නට ලැබේ.ලංකාවේ භාවිත නොවන තවත් ඔන්චිලි වර්ග කීපයක්ම ලෝකයේ දක්නට ලැබේ.
සටහන - scouting Magazine
ඡායාරූප - Aruna Weerasinghe
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති, නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, #nationaljamboree2024 #SriLankaScouts #slsa #scouting #jamboree #nationaljamboree #Trincomalee #camping #litrogas #litrogaslanka #litrosafety #safetytips #litrocookingpartner #litroblue #blueflame #empoweringthenation #srilanka #safety #lpgsafety #dome sticlpg #ScoutJamboree2024 #ScoutingLegacy #ScoutSkills #OutdoorAdventures
No comments:
Post a Comment