Translate

Tuesday, January 7, 2020

ජනවාරි 8 - "☉" මම ගෙදර ගියෙමි - 79වැනි BP ගුණ සැමරුම

WORLD SCOUT SALUTATION DAY - The Day of January 8th

This day celebrate the connection between Scouting and our faith-based chartered partners. Some Scouts and leaders will honor these days by wearing the full field uniform to worship services. In other units, a worship leader presents religious awards to recipients. In still others, the pack, troop, crew or ship conducts a service project that benefits the religious organization. this Scouts' Day or Guides' Day is a generic term for special days observed by members of the Scouting movementthroughout the year. Some of these days have religious significance, while others may be a simple celebration of Scouting. Typically, it is a day when all members of Scouting will re-affirm the Scout Promise.
 "☉" මම ගෙදර ගියෙමි

Honorable Scout Salutation FB Page

https://www.facebook.com/pg/Honorable-Scout-Salutation-170596276401141
වසර 06කට අධික කාලයක සිට Scouting සගරාවේ අප "බාලදක්ෂ ගෞරවාචාර" දැක්වීම සඳහා බාලදක්ෂ/ බාලදක්ෂිකා කටයුතු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කොට ජීවිතයට සමුදුන් සහෝදර බාලදක්ෂ, බාලදක්ෂිකා, නායක, නායිකා ඇතුලු සමස්ත සාමාජික ප්‍රජාව වෙනුවෙන් පවත්වන අවසන් සමරු සිහිකිරීමේ ගෞරවාචාරය උදෙමා ලොව සිටින සියලුම සාමජිකයින් වෙනුවෙන් තැනූ එකම FB එකමුතුව වෙනුවෙන් තැබෙන සටහනකි!

------------------------------------

79වැනි BP ගුණ සැමරුම

ජනවාරි 8 ට යෙදෙන ළමා මිනිසාගේ 79 වන ගුණ සැමරුම

ළමා මිනිසා යන විරුදාවලිය ලත් බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමා වර්ෂ 1857 පෙබරවාරි 22 එංගලන්තයේ ලන්ඩන් හි පැඩිංටන් හි උපත ලද අතර 1941 ජනවාරි 8 දින මෙලොවින් සමුගත්තාය.

බේඩ්න් පවෙල් හෙවත් බීපී යන ආදර කෙටි නාමයෙන් හඳුන්වන ලමා මිනිසා 1876 දී බ්‍රිතාන්‍යය හමුදාවට බැඳුණු අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව යන රටවල සේවය කලේය .ඔහුගේ යුධ හමුදා ජීවිතයේ වැදගත් ලෙස සනිටුහන්ව ඇති සිද්ධීන් ලෙස දකුණු අප්‍රිකාවේ බෝයර් සටන ,අශාන්ති සටන හැඳින්විය හැක. සතුරු ප්‍රහාර හමුවේ වූවද සීමිත පිරිසකගේ ආධාරයෙන් මැෆ්කිං නගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙතෙම ජනතාවගේ වීරයෙකු බවට පත්විය .රොඩේෂියාවේ ( වත්මන් සිම්බාබ්වේ )ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් කටයුතු කරද්දී හමුවූ සුවිශේෂී චරිතයක් වූ රසල් බර්න්හැම් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය .දකුණු අප්‍රිකා බ්‍රිතාන්‍යය හමුදාවේ ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ මේජර් බර්න්හැම් වනශිල්පය පිළිබඳව බේඩ්න් පවෙල්ට ඉගැන්වීය .ඒ අනුව මැටබෝර්න් කඳුකරයේ සිදුකළ හමුදා වන අභ්‍යාස වල ඉගැන්වෙන කරුණු අනුව බීපී විසින් ලියූ Aids to scouting පොත එංගලන්තයේ තරුණ හා ලමුන් අතර ජනප්‍රිය විය .ඒ අනුව වර්ෂ 1907 දී එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේදී සිදුකරනු ලැබූ අත්හදා බැලීමේ කඳවුර අනුව බාලදක්ෂ ව්‍යාපාරය ලොවට දායාද විය.

එලෙස ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය සිය පලමු ලෝක ජම්බෝරිය 1909දී ක්‍රිස්ටල් පැලස් හි පැවැත්වූ අතර එහිදී බීපී ලෝක බාලදක්ෂ නායක ලෙසින් පිළිගනු ලැබීය.

ලොව පුරා බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට උරදුන් බීපී ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් පිරිහෙද්දී ඒ අනුව තම ජීවිතය සැලසුම් කලේය .බ්‍රිතාන්‍යය හමුදාවේ උසස් නිලධාරීයෙකු මෙන්ම බ්‍රිතාන්‍යය රාජකීය පවුලේ ලබැඳි හිතවතෙකු වූ ඔහු වෙනුවෙන් වෙන්ව තිබූ සුඛෝපභෝගී හමුදා නිල නිවෙස වෙනුවට හෙතෙම තෝරා ගත්තේ තමන් කවදත් ආදරය දැක්වූ දකුණු අප්‍රිකාවේ කෙන්යාවේ පිහිටි තම අවසාන නිල නිවසය.

තම සෞඛ්‍යයට උචිත දේශගුණය හා යුරෝපයේ පවතින දේශපාලන තත්වය මත තමන් කවදත් ප්‍රියකල නිදහස් වටපිටාව අනුව දකුණු අප්‍රිකාවේ දී තමන් කවදත් ප්‍රියකරන චිත්‍ර ශිල්පය ඇසුරෙන් චිත්‍ර නිර්මාණ රැසක් කිරීමට බීපී සමත්විය.

ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේහි ඔහු වෙනුවෙන් වෙන්කර ඇති සොහොන් ගෙය වෙනුවට නයිරි හි පිහිටි ශාන්ත පීතර සුසාන භූමියේදී තම අවසන් කටයුතු කිරීමට තීරණය කරන ලදී. 1941 ජනවාරි 8 දින සිදුවූ ඔහුගේ මරනය ලෝක ප්‍රවෘත්තියක් විය.සම්ප්‍රදායානුකූ හමුදා ගෞරව ආචාර සහිතව අවසන් කටයුතු සිදුකරනු ලැබීය .ඉන් වසර 35 කට පසුව ඔලෙව් ආර්‍යාවගේ ඉල්ලීම පරිදි ඇයගේ භෂ්මාවශේෂ තම ස්වාමියාගේ සොහොනෙහි තැන්පත් කරන ලදී.

අද ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම සොහොන දැකබලාගන්නට වාර්ෂිකව 50,000 කට අධික සංචාරයන් පැමිනෙති. සංචාරක කර්මාන්තයේ ලෝක ප්‍රසිද්ධ සොහොන් බිමක් ලෙස හඳුන්වනු ලබන මෙය කෙන්යානු සංචාරක කර්මාන්තයට කදිම ආයෝජනයකි. 

වර්ෂ 1941 ජනවාරි 8 හෙවත් අද වැනි දිනෙක අප අතරින් සමුගත් ලෝක බාලදක්ෂ නායක වූ බේඩ්න් පවෙල් සාමිතුමාගේ 79 වන සංවත්සර මෙලෙස අන්තර් ජාලය ඔස්සේ සමරමු.

විශේෂ ස්තූතිය
KD
 

No comments:

Post a Comment